ආදර්ශමත් කතාවක්
බොහොම ඉස්සර කාලෙ ඉදන්ම බොරලැස්ගමුවේ තිබුණු ප්‍රසිද්ධ තැනක් තමයි "අල්විස් ආයුර්වේද මධ්‍යස්ථානය" කියන්නෙ. මේක ඉස්සර තිබ්බෙ රත්තණපිටියෙ, ජී.එච්.පෙරේරා මාවත පටන් ගන්න හරියෙ (120 පාරේ). අද නම්, රත්තණපිටිය Pizza Hut එක තියෙන ඉඩමෙ.
"අල්විස් ආයුර්වේද මධ්‍යස්ථානය" ආරම්භ කළේ ජී.බී.අල්විස් කියලා වෙද මහත්තයෙක්. අල්විස් වෙද මහත්තයා කියලා කිව්වම ඉස්සර බොරලැස්ගමුවෙ ඕනම කෙනෙක් දන්නවා. අදටත් අල්විස් වෙද මහත්තයව, අපේ වැඩිහිටි පරම්පරාවට එහෙම මතකයි.
බද්ධ කිරීම් වලට සම්බන්ධ ක්ෂණික සැත්කම් (උදා : අතෙන් වෙන් වුණු සුළැගිලි නැවත බද්ධ කිරීම) වලට එහෙම ප්‍රසිද්ධ වුණු, ආයුර්වේද වෙදකමේ ප්‍රවීණයෙක් වුණු අල්විස් වෙද මහත්තයා ආගම දහමට සහ දනට පිනට ගොඩාක් ලැදිව කටයුතු කරපු බහුශ්‍රැත කෙනෙක්. සෘජු චරිතයක්. ඒ නිසාම ගමේ කාගෙත් සිත් දිනා ගත්තා වගේම ගෞරවාදරයටත් පාත්‍ර වුණා.

මේ ජී.එච්.පෙරේරා මාවත පටන් ගන්න තැන ඉදලා මීටර 500ක් විතර ගියාම පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය හමුවෙනවා. පරමධර්මවර්ධනාරාමය කියන්නෙ බොරලැස්ගමුවෙ රත්තණපිටිය ප්‍රදේශයට අයිති වෙන විහාරස්ථානයයි. එගොඩවත්ත, දෙල්කද වගේ යාබද ප්‍රදේශ වල පස්සෙ කාලයක අලුත් අලුත් විහාරස්ථාන නිර්මාණය වුණාට, එහෙම වෙන්න කලින් ඒ පැති වල ගොඩක් අය වන්දනා කටයුතු කරන්න ආවෙ සහ අදටත් එන්නෙ පරමධර්මවර්ධනාරාමයටම තමයි.
බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ දෙවන විහාරාධිපති ධූරය දැරුවෙ අති පූජ්‍ය වෙරළුගස්තැන්නේ පේමානන්ද හිමියන්. පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය 1929 අවුරුද්දේ ආරම්භ කළත්, උන්වහන්සේ මේ ප්‍රදේශයට වැඩම කරන්නෙ 1927 අවුරුද්දෙයි. බොරලැස්ගමුවෙ රත්තණපිටියෙ ජී.එච්.පෙරේරා මාවතේ තාවකාලිකව නිර්මාණය කරපු වස්ගෙයක වැඩ වසන උන්වහන්සේ, පරමධර්මවර්ධනාරාම විහාරය නිර්මාණය වීමත් එක්ක, වස්ගෙය හැරදාලා, එවකට හිටපු දන්කන්දේ උපතිස්ස ලොකු හාමුදුරුවන් එක්ක පන්සලට වඩිනවා.
1941 අවුරුද්දෙ අගෝස්තු මාසයේ 08 වෙනිදා සිද්ධ වෙන දන්කන්දේ උපතිස්ස නා හිමියන්ගේ අපවත් වීමෙන් පස්සෙ, පරමධර්මවර්ධනාරාම විහාරයේ සියලුම වගකීම් පැවරෙන්නෙ වෙරළුගස්තැන්නේ පේමානන්ද හාමුදුරුවන්ටයි.
උන්වහන්සේ පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය සර්ව සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළා විතරක් නෙවේ, විහාරස්ථානය සහ ගම්වැසියන් අතරේ ශක්තිමත් යාන්ත්‍රණයක් හැදුවා.

පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ දහම් පාසල (එවකට සිරි සුජාතා දහම් පාසල. වර්තමානයේ සිරි පඤ්ඤානන්ද දහම් පාසල) ආරම්භ කිරීම, පුෂ්පදාන ළමා සමිතිය ආරම්භ කිරීම, දායක සභාව ආරම්භ කිරීම, කුලගන සමිතිය ආරම්භ කිරීම උන්වහන්සේගේ කාලය තුළ සිදු වුණු සුවිශේෂ සිදුවීම්. ඒ විතරක් නෙවේ උන්වහන්සේගේ මැදිහත් වීමෙන් ගමේ ගොඩක් සුභසාධන ව්‍යාපෘති එහෙමත් මේ කාලයේ මහා පරිමාණයෙන් දියත් වෙන්න ගන්නවා.
විශාල කාලයක් ජාතික වූත්, ශාසනික වූත් කටයුතු රාශියක නිරත වෙලා හිටපු වෙරළුගස්තැන්නේ පේමානන්ද හාමුදුරුවන් 1978 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 11 වෙනිදා අපවත් වෙනවා. ඒත් එක්කම පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ නායක පදවියට උන්වහන්සේගේ ශිෂ්‍යරත්නය වුණු පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හිමියන් පත් වෙනවා.
ටික කාලයක් යනකොට පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ අභිනව විහාරාධිපති වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හාමුදුරුවන්ට, වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක හාමුදුරුවන් පන්සලට, ගමට සහ ශාසනයට කරපු සේවය වෙනුවෙන් උන්වහන්සේගේ ප්‍රතිමාවක් හදන්න හිතෙනවා. ඉතින් මේ අලුත්ම අදහස උන්වහන්සේ මුලින්ම කියන්නෙ අපි මේ ලිපියේ මුලින්ම හඳුන්වා දීපු අල්විස් වෙද මහත්තයාටයි.

ඒ මතයට අල්විස් වෙද මහත්තයා එක පයින්ම විරුද්ධ වෙනවා. අල්විස් වෙද මහත්තයාගෙ අදහස වුණේ මේ විදිහෙ අදහසක්.
" අපේ හාමුදුරුවනේ, දායකයන් මහන්සියෙන් හරි හම්බ කරන මුදල් වලින් ලොකු මුදලක් විය පැහැදම් කරලා ඒ වගේ පිළිමයක් හදන එක තේරුමක් නැති දෙයක්. උන්වහන්සේ ඔබවහන්සේගේ ගුරු හාමුදුරුවන්. ඒ නිසා ඔබවහන්සේට උන්වහන්සේ ගැන විශාල ගෞරවයක් තියෙනවා. ඔබවහන්සේ ජීවත් වෙලා ඉන්නකන් ඔය පිළිමය හොඳට බලාගනීවි, ඒ අවට සුද්ධ පවිත්‍ර කරලා. ඒත් ඔබවහන්සේ අපවත් වුණාට පස්සෙ ඔය පිළිමයට ඒ ගෞරවය ලැබෙයි කියලා හිතන්න පුලුවන්ද?
ඔය පිළිමය උඩ කුරුල්ලො වහයි. කුරුල්ලො ජරා කරයි. හයක් හතරක් තේරෙන්නෙ නැති ළමයි ඔය පිළිමය උඩ නගින්න හදාවි. සමහර විට කැළේ වැවෙයි. එහෙම වුණොත් ඒක පේමානන්ද හාමුදුරුවන්ටත් වෙන විශාල අගෞරවයක්. අනිත් එක අනාගතයේදී ඒ පිළිමය තියෙන තැන වෙන මොකක් හරි ඉදි කිරීමක් කරන්න ඕන වුණාම ඔය පිළිමය ඒ වැඩේට බාධකයක් වෙනවා. පිළිමය එතනින් අහක් කරන්න වෙනවා. සමහරවිට අනාගතයෙදි මිනිස්සු ඕක අහක් කරන්න බය වෙලා, ඕක අහක් නොකර ඉන්නත් පුලුවන්. හැබැයි ඒ ඉදිකිරීම, ඔය පිළිමයට වඩා ගොඩාක් වටිනා සහ වැදගත් අරමුණින් කරන්න සැලසුම් කෙරෙන දෙයක් වෙන්නත් පුලුවන්.
වඩාත්ම වැදගත් වෙන්නෙ උන්වහන්සේගේ ප්‍රතිමාවක් හදන එක නෙවේ. උන්වහන්සේගේ ඉගැන්වීම්, ශාසනික කර්තව්‍යන්, සුභ සාධන ව්‍යාපෘති, කළ කී දේවල්, ආදර්ශ සහ ගුණාංග ඒ විදිහටම රැකගෙන සහ පවත්වාගෙන යෑමයි. "
ඒ වෙනකොට වයස අවුරුදු 32ක් තරම් තරුණ වයසේ හිටපු පඤ්ඤානන්ද හාමුදුරුවන්, අල්විස් වෙද මහත්තයාගෙ කරුණු ගැන තව දුරටත් කල්පනා කරලා, වෙද මහත්තයාගේ කීමට එකඟ වෙනවා. ඊට පස්සෙ තමන් වහන්සේගේ ගුරු හාමුදුරුවන්ගේ ප්‍රතිමාවක් හදන අදහස උන්වහන්සේ හිතින් අත් හරිනවා.

කාලය ටික ටික ගෙවිලා යනවා. කාලයාගේ ඇවෑමෙන් අල්විස් වෙද මහත්තයා වයස අවුරුදු 71දි අභාවප්‍රාප්ත වෙනවා. ඒ, 1998 අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ 31 වෙනිදා. ටික කාලයකට පස්සෙ අල්විස් වෙද මහත්තයාට උපහාරයක් පිණිස අල්විස් වෙද මහත්තයාගේ ආයුර්වේද මධ්‍යස්ථානය තියෙන තැන, ඒ කියන්නෙ ජී.එච්.පෙරේරා මාවතට හැරෙන ස්ථානයේ, එතුමාගේ සොහොන් කොතක් හදන්න අල්විස් පවුලේ අය තීරණය කරනවා.
අද කාලයේ නැති වුණාට ඒ කාලයේ ඕනෑම කටයුත්තක් කරන්න යනකොට, ඒ සම්බන්ධව ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අදහස් විමසන එක, ඉස්සර බෞද්ධ පවුල් වල සිරිතක්. ඉතින් මේ සොහොන් කොත ඉදි කිරීමේ අදහස ගැන අල්විස් වෙද මහත්තයාගේ පුතා වුණු චන්ද්රනාථ අල්විස් මහත්තයා, පරමධර්මවර්ධනාරාමාධිපති වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන්ට දැනුම් දෙනවා.
පඤ්ඤානන්ද නායක හාමුදුරුවන් මේ කතාව අහගෙන ඉදලා ටිකක් වෙලා යනකන් උඩ බලාගෙන කල්පනා කරන්න ගන්නවා.
" ඇයි හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඒ අදහසට කැමති නැද්ද? "
බලාගෙන ඉදලා බැරිම තැන අල්විස් වෙද මහත්තයාගේ පුත්‍රයා, ඒ කියන්නෙ චන්ද්රනාථ අල්විස් මහත්තයා කටහඬ අවධි කළා.
" වෙද මහත්තයා ජීවත් වෙලා හිටියා නම් ඔය වැඩේට මුලින්ම විරුද්ධ වෙන්නෙත් වෙද මහත්තයාම තමයි. "
නායක හාමුදුරුවන්ගෙන් ලැබුණු අනපේක්ෂිත උත්තරයත් එක්කම චන්ද්රනාථ මහත්මයා "ඇයි ඔබවහන්සේ එහෙම කියන්නෙ?" කියලා නායක හාමුදුරුවන්ගෙන් අහනවා.
ඒ වෙලාවේ උන්වහන්සේ, උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන් අපවත් වුණු කාලයේ ඇති වුණු සිද්ධිය ගැන ආවර්ජනය කිරීමක් කරනවා.
" අපේ පේමානන්ද ලොකු හාමුදුරුවො අපවත් වුණු කාලයේ මටත් ඔය අදහසම ආවා. මට හිතුනා පේමානන්ද ලොකු හාමුදුරුවන්ගේ පිළිමයක් හදන්න. අද මේ සිද්ධ වුණා වගේම, එදා මම වෙද මහත්තයාට ඒ බව කිව්වා. එතකොට වෙද මහත්තයා ඒ අදහසට එකඟ වුණේ නෑ. "
ඊට පස්සෙ අල්විස් වෙද මහත්තයා පඤ්ඤානන්ද නායක හාමුදුරුවන්ට කියපු විස්තරය, උන්වහන්සේ ඒ විදිහටම චන්ද්රනාථ මහත්මයටත් කියනවා. ඒ විතරක් නෙවේ, අවසානයේදී උන්වහන්සේගේ අදහසුත් එකතු කරනවා.
මමත් කල්පනා කළා. වෙද මහත්තයා මතු කරපු කාරණාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒ නිසා තමයි මම අපේ ලොකු හාමුදුරුවන්ගේ පිළිමයක් හැදුවෙ නැත්තෙ. ඉතින් අල්විස් වෙද මහත්තයාගේ ස්මාරකයක් හදනවා කියන අදහසට මට කියන්න තියෙන්නෙත්, අල්විස් වෙද මහත්තයා මට කීව ටිකම තමයි.
ඒක නිෂ්පල දෙයක්. ඔතන ගමේ පාර ආරම්භ කරන තැන. රෑකට වුණත් මිනිස්සු ඔතනින් ඇතුළට යන්න එන්න වුණත් බය වෙන්න පුලුවන්. ඕක හැදුවත් බොහොම සුළු කාලයයි තියෙන්නෙ. ඊට පස්සෙ ඔතන වෙන මොකක් හරි ඉදිකිරීමක් කරන්න ඕන වුණු කාලයක, පස්සෙ පරම්පරාවෙ අය ඕක ගලවලා පැත්තකට විසික් කරයි. "
මේක අහන අල්විස් වෙද මහත්තයාගේ පුතා ඒ වෙලාවෙම මේ අදහස ගැන තවත් හොඳට විචාරපූර්වකව කල්පනා කරන්න ගන්නවා. ඊට පස්සෙ ලොකු හාමුදුරුවන් ඉස්සරහම අල්විස් වෙද මහත්තයාගෙ ස්මාරකයක් හදන අදහස අතාරින චන්ද්රනාථ මහත්තයා, ඒ වෙලාවෙම ගෙදර ගිහින් අල්විස් පවුලේ අනිත් අයටත් නායක හාමුදුරුවන්ගේ අදහස් - අත්දැකීම් සහ විශේෂයෙන්ම ලෝක ස්වභාවයේ යථාර්තය ගැන පැහැදිලි කරලා දීලා වෙද මහත්තයාගේ සොහොන් කොතක් නිර්මාණය කිරීමේ අදහස අත් හරිනවා.

මේ සිදුවීමත් වෙලා විශාල කාලයකට පස්සෙ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන් 2007 අවුරුද්දෙ නොවැම්බර් මාසයේ 24 වෙනිදා ක්ෂණිකව ඇති වුණු අධි රුධිර පීඩන තත්වයක් නිසා අපවත් වෙනවා. ඊට පස්සෙ පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් වන්නෙ උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වුණු රත්තොට සීලවංස හිමියන්.
කාලයත් සමඟ උන්වහන්සේට අදහසක් එනවා වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හිමියන් අපේ ගමට සහ බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා සිදු කළ මෙහෙවර වෙනුවෙන්, උන්වහන්සේට ගෞරව පිණිස, විහාර භූමියේ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හිමියන්ගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න.
දවසක් සීලවංස හිමියන් මේ අදහස ගැන, අල්විස් වෙද මහත්මයාගේ පුත් චන්ද්රනාථ මහතාට පවසනවා. ඒ පැවසීමත් එක්කම චන්ද්රනාථ මහතා අල්විස් වෙද මහතා සහ පඤ්ඤානන්ද හිමියන් අතරේ වුණු සංවාදයත්, පඤ්ඤානන්ද හිමියන් සහ චන්ද්රනාථ මහතා අතරේ වුණු සංවාදයත් මතක් කරනවා. මේ ආදර්ශමත් කතාව අහන රත්තොට සීලවංස හිමියනුත් ඉන්පසුව මේ අදහස පිළිබඳව අමතක කරනවා.

මේ කතාව පල කරන්න හිතුනේ මේක අද කාලෙ හැටියට නම් මිළ කරන්න බැරි හරිම ආදර්ශමත් කතාවක් නිසයි. මේ කතාවෙන් ඉස්මතු වෙනවා භික්ෂු චරිතයක තිබිය යුතු ගුණාංග ගැන.
අද කාලෙ මේ වගේ සිද්ධි අපිට අහන්න ලැබෙනවා ගොඩක් අඩුයි. සමහරක් හාමුදුරුවරු හිතන් ඉන්නවා උන්වහන්සේලා තමයි සියල්ල දත් කියලා. ඒ විතරක් නෙවේ තමන් හරි සහ අනිත් අය වැරදියි කියලත්. ඒ වගේම සමහරක් හිමිවරු ගිහි අයගේ අදහස් සහ යෝජනා පිළිගන්න සූදානම් නෑ. තර්කානුකූලව, විචාරපූර්වකව කල්පනා කිරීමෙ සහ තුන් කල් බලලා තීරණයක් ගන්න පුරුදු වෙලාම නෑ.
ඒත් මේ කතාවෙදි වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන් ගිහියෙකුට වඩා උසස් වන පැවිදි චරිතයක් වුණත්, දැනුමෙන් සහ උගත්කමෙන් පරිපූර්ණ උතුමෙක් වුණත්.................... ගිහියෙක් වුණු අල්විස් වෙද මහත්තයාගේ අදහස් අහන්නත්, ඒවාට ගරු කරන්නත්, ඒ අදහස ගැන විවෘත මනසින් කල්පනා කරලා බලන්නත් උන්වහන්සේ සමත් වුණා. ඒ වගේම ගොඩාක් නිහතමානී වුණා. ඒ විතරක් නෙවේ වැඩිහිටියෙකුගේ අත්දැකීම් සහ අදහස් වලට ගරු කළා.
උන්වහන්සේ එතනින් නතර වුණෙත් නැහැ. ඒ ආදර්ශය උන්වහන්සේ දිගටම තමන් වහන්සේගේ ජීවිතයට එකතු කරගෙන ජීවත් වුණා. වඩාත්ම වැදගත් දේ තමයි ඒ ආදර්ශය තමන් වහන්සේගේ පස්සෙ පරම්පරාවට දායාද කරපු එක.
මේ සිද්ධිය නිසා අල්විස් වෙද මහත්තයාගේ පුත් චන්ද්රනාථ අල්විස් මහත්මයා තුළ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හිමියන් ගැන තිබුණු පැහැදීම තවත් වැඩි වුණා විතරක් නෙවේ, එතුමත් එදා සිට අද දක්වාම ඒ ආදර්ශය තමන්ගෙ ජීවිතයට එකතු කරගෙන පිළිපදිනවා.
ඒ විතරක් නෙවේ මේ සිද්ධිය සහ ඒ පාඩම මටත් දැන ඉගෙන ගන්න ලැබුණා. ඒ, චන්ද්රනාථ අල්විස් මහත්මයා හරහා. අපි අයිති වෙන්නෙ චන්ද්රනාථ අල්විස් මහත්මයාටත් පස්සෙ පරම්පරාවටයි. මම දැන් මේ කතාව ලිපියකින් ලියලා මෙතන පල කරනවා. මම හිතනවා විවෘත මනසක් තියෙන කෙනෙක් නම් මේක කියවලා, මේ ආදර්ශය තම තමන්ගේ ජීවිත වලටත් එකතු කර ගනීවි කියලා.
වඩාත්ම සිත් ගන්නා සුළු දේ තමයි අල්විස් වෙද මහත්තයා වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන්ටත්, වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන් අල්විස් වෙද මහත්තයාගේ පුත් චන්ද්රනාථ අල්විස් මහත්තයාටත් දුන්නු අවවාදයේ එක කරුණක් ඇස් පනාපිටම ඇත්තක් බවට පත්වීම.

උඩ පින්තූරයේ තියෙන්නෙ 2015 අවුරුද්දේ ඒ ඉඩම තිබුණු විදිහයි. ඒත් අද වෙනකොට එතන තියෙන්නෙ අති විශාල ගොඩනැගිල්ලක්. එදා බැරිවෙලාවත් ඒ අතීත කතාව අහන්නෙ නැතුව අල්විස් පවුලේ අය එතන අල්විස් වෙද මහත්තයාගේ සොහොනක් / ස්මාරකයක් හැදුවා නම්......... අද වෙන කොට මේ අති විශාල ගොඩනැගිල්ල ඉදි කරන්න අවශ්‍ය වෙන නිසා විශාල මුදලක් වැය කරලා, කැප කිරීමක් කරලා, සෙනෙහෙබරව හදපු ඒ ස්මාරකය අකමැත්තෙන් වුණත් ඔතනින් අයින් කරලා දාලා.
එදා ජී.එච්.පෙරේරා මාවතේ ආරම්භක ස්ථානයේ තිබුණු අල්විස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය අද වෙනකොට එතන ඉදලා මීටර් 170ක් විතර ඉස්සරහට ගෙනිහින් තියෙනවා. ඒ කියන්නෙ රත්තණපිටිය ආනන්ද විද්‍යාලය ඉස්සරහට. වෛද්‍ය මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ටික අල්විස් වෙද මහත්තයාගේ දියණිය වන වෛද්‍ය තේජා අල්විස් මහත්මියගෙ අතින් සිදු කෙරෙනවා.

මේ ලිපියට අවශ්‍ය කරන තොරතුරු අපට ලබා දීලා, ඒවා අනුසාරයෙන් මේ විදිහේ ලිපියක් ලියන්න අවසරය දුන්න අල්විස් වෙද මහත්තයාගේ පුත් චන්ද්රනාථ අල්විස් මහත්මයාට ස්තූතිවන්ත වෙන අතරෙම අල්විස් වෙද මහත්තයාගේ ඡායාරූපයක් අපට ලබා දීපු අල්විස් වෙද මහත්තයාගේ මුණුබුරු නිපුන ප්‍රමුදිත රූපසිංහ සොහොයුරාවත් මේ වෙලාවෙ බොහොම ආදරයෙන් මතක් කරන්න කැමතියි.
අවසාන වශයෙන් 1996 අවුරුද්දෙ ඉදලා 2000 අවුරුද්ද වෙනකන් පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරපු, වර්තමානයේ පූගල්ල පුෂ්පාරාමය විහාරස්ථානයේ වැඩ වසන පූජ්‍ය දුටුවැවේ ලංකානන්ද හිමියන්, වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හිමියන් සම්බන්ධව ලියපු සටහනක් පල කරගෙනම ලිපිය අවසන් කරන්න හිතුවා.
" අතිගරු වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් ගොඩනඟන ලද මෙම පුණ්‍ය භූමියේ, ගරු වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යටතේ අපද වසර ගණනාවක් සෙවණ ලබමින්, වසර ගණනාවක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ මෙහි වාසය කළෙමු. උතුම් වූ මහා සංඝරත්නයේ ආශිර්වාදය අපට ලැබුණි. බොරලැස්ගමුව රත්තනපිටිය ශ්‍රී පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය අපේ ජීවිතයේ අපට අමතක කළ නොහැකි පුණ්‍ය භූමියකි.
කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වකව වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිහිපත් කරමි. වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්වූහ. 2007 දක්වා උන් වහන්සේ විහාරාධිපති ධූරය දැරූ අතර වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් යුතුව කටයුතු කරන ලදී. සිය ගුරු දේවයන් වහන්සේ වන වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් සිදුකරගෙන ආ කටයුතු ඊටත් වඩා හොඳ මට්ටමෙන් සිදු කරමින් විහාරස්ථ දායක සමිතිය, කුලඟන සමිතිය, දහම් පාසල, ස්වෙච්ඡා සමිති සමාගම්, ගම, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය, නාගරුක්ඛාරාමය ඇතුළුව ඉතාම මිත්රශීලීව අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ කටයුතු කරමින් හිත් දිනාගෙන කටයුතු කළ සේක.
ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේගෙන් මම උගත් ධර්ම පාඨයක් මෙසේ ලියා තැබීමට අදහස් කරමි.
අලමේව දානානි දාතුං අලං පුඤ්ඤානි කාතුං
නිතර නිතර දන් දිය යුතුය. නිතර නිතර පින් කළ යුතු ය. නිතර නිතර දන් දීම, නිතර නිතර පින්කම් කිරීම සසර සැපවත් වීමට හේතුවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක....
මේ ධර්ම පාඨය අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ධර්ම දේශනාවල නිරතුරුව සටහන් කළ දෙයකි. අපේ ලොකු හාමුදුරුවෝ තමන්ට ලැබෙන සියල්ලම දන්දීමට නොපැකිළව කටයුතු කළහ. පුවත්පත බලා එහි යම් කෙනෙකුන්හට යම් කරදරයක්, දුකක් ඇති වෙලා තිබේ කියා සටහන්වෙලා තිබේ නම්, අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවෝ විහාරස්ථානයේ තමන් සතුව තිබෙන සියල්ලම රැගෙන එම ස්ථානයට ගොස් පරිත්‍යාග සිදු කළ බව අප අත්දැකීමෙන් දන්නා කාරණයකි.
ඒ කාලයේ මගේ මතකයට නැගෙන මතකයක් මෙහිලා සටහන් කිරීම යුතුකමකි. "පන්සල පොඩ්ඩක් බලාගන්න. අවශ්‍ය දෙයක් තියෙනව නම් ඉටුකර දෙන්න. මම අසරණ කෙනකුට පිහිට වන්නට යනවා. ඔබ වහන්සේට පුළුවන් ආකාරයෙන් මේ කටයුතු ටික ඉටු කරන්න" යැයි අපට අවවාද අනුශාසනා කරන වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රටේ කොයි දිසාවකද යම් අසරණ කෙනෙක් පිළිබඳව පුවතක් තමන් දුටුවේ.... ඒ කෙනාට පිහිටවීමට තමන්ට දානයට, පිරිතට, ධර්ම දේශනාවට ලැබුණ, තව දායකයන් ලබා දුන්න, ඕනෑම දෙයක් තිබේ නම්, ඒ වටිනාකම පිළිබඳව නොසලකා, ඒ දානය දීම සඳහා එය පරිත්‍යාග කිරීමට තමන් සතු සියල්ලම රැගෙන වැඩම කළ ආකාරය අප සිහිපත් කරන්නේ ඉතාම කෘතවේදීවය. වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ තුළ තිබුණ එම ගුණය අපටද යම් කලක් යනවිට ඇතිවීම නොවැළැක්විය හැකි විය.
ඉතාම සරල ජීවිතයක් ගත කළ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේ සැතපී වදාරන්නේ කොහොඹ ලෑලි සහිත ඇඳකය. මෙට්ටයක් නොමැත. කොහොඹ ලෑල්ලක් සහිත ඇඳේ සිවුරු රෙද්දක් අතුරා එහි සැතපීම පුරුද්දක් ලෙස සිදු කරන ලදී. වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේ වැනි උත්තම වූ මහා සංඝ රත්නයක් ඇසුරු කිරීමට ලැබීම අප ජීවිතයේ ලද භාග්‍යයකි.
වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සිරිතක් වූයේ රාත්‍රී 8.30, ඉන්පසුව රාත්‍රී 10.00 දක්වා පමණ බෝධීන් වහන්සේ වටේට, චෛත්‍යරාජාණන් වහන්සේ වටේට සක්මන් කරමින් පිරිත් සජ්ඣායනා කිරීමයි. අති ගෞරවනීය වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සහ අති ගෞරව වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි "