දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- ආදර්ශමත් කතාවක්
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ආනන්දයේ පෙරළිය
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- නත්තලේ විරාමය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ----- පාට මාරු කරන නැව්
  • ----- මහාමාරි වෛද්‍යවරු
  • ----- පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි?
  • ----- Titanic - Dunkirk සම්බන්ධය
  • ----- නත්තලේ ගීතය
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- ලොකු අයියා
  • ----- නවීගේ දහම් පාසල 01
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

ඒ කාලේ Games 01

​මේ ලිපි මාලාව මම ගොඩක් ඉස්සර කාලෙක ලියපු "අයාලේ ගිය සිතක සටහන්" කියන ලිපියට වක්‍රාකාරව සම්බන්ධ ලිපියක්. මේ ලිපි මාලාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ පරිගණක ක්‍රීඩා ගැනයි. හැබැයි දැන් තියෙන ඒවා ගැන නම් නෙවේ. 90 දශකයේ නිර්මාණය වුණු පරිගණක ක්‍රීඩා ගැනයි. ඒ කාලෙ අපි මාළු ටැංකි වගේ Monitor තියාගෙන, ගඩොල් භාග වගේ ලොකු Speakers තියාගෙන, බැට් එකක් නැති බෝලයක් තියෙන Mouse එකක් තියාගෙන, ඉස්කෝලෙ ගිහින් ගෙදර ආපු ගමන් දවල්ට රෑට කන්නෙත් නැතුව, දවල් ඉදන් රෑ වෙනකන්ම සෙල්ලම් කරපු, ඉස්කෝල නිවාඩු කාලේ දවසේ පැය 24ම සෙල්ලම් කරපු පරිගණක ක්‍රීඩාවලින් තෝරලා බේරලා අරගත්ත ඒවා 25ක් මේ වගේ ලිපියකින් දිගාරින්න තමයි සූදානම. එහෙනං වැඩිය වැල් බයිලා නැතුව, අපි අපේ ආවර්ජනයට බහිමු.

01. Bow & Arrow (1992)

Picture
Photo Credits - www.nochkawtf.wordpress.com
Bow & Arrow කියන්නෙ Microsoft සමාගමෙන් හදපු, ඈත අතීතයේ බොහොම ජනප්‍රිය වුණු පරිගණක ක්‍රීඩාවක්. දැන් නැති වුණාට, ඒ කාලයේ Microsoft සමාගමෙන් නිර්මාණය කරපු පරිගණක ක්‍රීඩා, Microsoft මෙහෙයුම් පද්ධතිවලට නොමිළයේ ඇතුළත් කරලා තිබුණා. ඉතින් ඒවා අපිට හරිම මැජික්. මේ කියන පරිගණක ක්‍රීඩාව නිර්මාණයවෙලා තියෙන්නෙ 1992 අවුරුද්දෙදියි. මේකෙදි අපි ඉන්නෙ දුනුවායෙක් විදිහටයි. ක්‍රීඩාව සරල ආකෘතියකට නිර්මාණය වුණත් මේකෙදි අපේ උපායශීලී බව, කාල කළමණාකරණය සහ වේගය පරික්ෂා කෙරෙනවා. දුනුවායව ක්‍රියා කරවන්න තියෙන්නෙ පරිගණක තිරයේ උඩට සහ පහළට විතරයි. දුනුවායාගෙ ඉස්සරහට එනවා එක එක ජීවී සහ අජීවී දේවල්. එහෙම එකක හරි දුනුවායව ගෑවුනොත් ක්‍රීඩාව ඉවර වෙනවා. දුනුවායට තියෙන්නෙ තමන්ගෙ තියෙන ඊතලවලින්, ඒවට විදලා, ඒවා විනාශ කරන්න. ඒවා මග හරින්න නම්, දුනුවායව පරිගණක තිරයේ උඩට පහළට යවන්න වෙනවා. 

එක එක අදියරවලට යන්න යන්න ක්‍රීඩාව අමාරු වෙනවා. ඊතල ප්‍රමාණය සීමා සහිත වෙනවා. ඒ වගේම දුනුවායා ඉන්න දිහාවට ඇදෙන වස්තූන්වල වේගය ගොඩක් වැඩි වෙනවා. දුනුවායා ඉන්න දිහාවට එහෙම ආපු වස්තූන් විදිහට බැලුන්, හොල්මන්, වතුර බුබුළු සහ සමනල්ලු, ගිනිදැල්, උකුස්සො එහෙම නම් කරන්න පුලුවන්. දුනුවායා ඉන්නෙ යුරෝපයේ මධ්‍යකාලීන යුගයේ ඇදුම්වලින් සැරසිලයි. තොප්පියේ පිහාටුවක් එහෙම තිබුණා. ඒ නිසා එයාව දකිනකොට අපිට මතක් වුණේ රොබින්හුඩ්වයි. 90 දශකයේ තිබුණු පරිගණක ක්‍රීඩාවල තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි Save කිරීමේ පහසුකම් නැතිවීම. ඉතින් අදියර ගණනාවක් ඉස්සරහට ගිහින් අන්තිම මොහොතෙදි Game Over වුණාම, ආයිත් මුල ඉදන් ඒක පටන් ගන්න වෙනවා.

මීට අමතරව Solitaire, Hearts, Pinball, Minesweeper වගේ එව්වත් ඒ කාලෙ අපි සෙල්ලම් කළා. Hearts වගේ කණ්ඩායම් විදිහට සෙල්ලම් කරන Card ක්‍රීඩාවලදි, සජීවී කෙනෙක් අපි ළග සෙල්ලම් කරන්න නැති වුණත්, අජීවී පරිගණකය හරි අපිත් එක්ක සෙල්ලම් කරන්න හිටපු එකත් එක්තරා විදිහකට ලොකු වාසියක් වුණා. හැබැයි ඉතින් හොර කරන්න බැරි නිසා, පරිගණකයත් එක්ක රණ්ඩු සරුවල්වෙන්න තමයි බැරි.

02. Lion King (1994)

Picture
Photo Credits - www.playclassic.games
Lion King කියන්නෙ 1993 එළිදක්වපු Lion King Cartoon එකට සමගාමීව 1994දි එළිදක්වපු පරිගණක ක්‍රීඩාවක්. මේක 90 දශකයේ ළමයි අතරේ ගොඩාක් ජනප්‍රිය වුණා. මේකෙ, සම්පූර්ණ Lion King Cartoon එකම කොටස් කිහිපයකට කඩලා තියෙනවා දකින්න පුලුවන්. ප්‍රධාන චරිතය වන "සිම්බා"ව තමයි අපිට මෙහෙයවන්න තියෙන්නෙ. එක එක අදියරවලට යන්න යන්න, සිම්බාත් පුංචි සිංහ පැටියෙක්ගෙ ඉදලා, යෞවන කාලය, තරුණ කාලය පහුකරගෙන, වැඩිහිටි සිංහයෙක් දක්වා වෙනස් වෙනවා. අන්තිමට තියෙන්නෙ "ස්කාර්" හෙවත් සිම්බාගෙ බාප්පත් එක්ක සටන් කරන්න.

ඒ කාලෙ Disney කතා පදනම් කරගෙන නිර්මාණය වුණු පරිගණක ක්‍රීඩාවල ගොඩක්ම පහසු වුණේ පළවෙනි අදියරය විතරයි. දෙවෙනි අදියරයේ ඉදලම ක්‍රීඩාව අමාරු වෙන්න ගත්තා. පළවෙනි අදියරයෙ තිබ්බෙ දගකාරකම්වලින් සහ කෙළිදෙලෙන් කාලය ගත කරන පුංචි සිම්බාට අනතුරක් වෙන්න ඉඩ නොදී, එයාව මෙහෙයවන එකයි. දෙවෙනි අදියරයෙ තිබ්බෙ I just can't wait to be King කියන සුප්‍රසිද්ධ ගීතයට අනුව සිම්බාව ක්‍රියාකරවන්නයි. මට මතක විදිහට තුන්වෙනි අදියරයෙ තිබ්බෙ ඇත් සොහොනේ සිද්ධියයි. මේ ක්‍රීඩාවෙ තිබ්බ වර්ණවත් බව වගේම, පසුබිම් සංගීතත් අපේ හිත්වල තවමත් තැන්පත්වෙලා තියෙනවා.

03. Virtua Cop 02 (1995)

Picture
Photo Credits - www.replayers.org
​1994 අවුරුද්දෙ එළිදැක්වුණු Virtua Cop පරිගණක ක්‍රීඩාවේ දෙවෙනි අනුවාදය විදිහට තමයි, 1995 අවුරුද්දෙදි Virtua Cop 2 පරිගණක ක්‍රීඩාව එළිදැක්වෙන්නෙ. මේකෙ සම්පූර්ණ නම Virtua Cop වුණත්, ලෝකය පුරා ජනප්‍රිය වුණේ V Cop කියලයි. V Cop 1ට වඩා, ලංකාවෙ නම් ජනප්‍රිය වුණේ V Cop 2 ක්‍රීඩාවයි. 90 දශකයේ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරන්න ඇවිත්, අද වෙනකොට Call of Duty, Battle Fields වගේ බරපතල පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරන හැම කෙනෙක්ම වගේ පළවෙනි වතාවට අවියක් හසුරුවන්න අත්පොත් තිබ්බෙ මේ පරිගණක ක්‍රීඩාවෙන්.

​මේ පරිගණක ක්‍රීඩාවේ පළවෙනි අදියරයෙ තිබ්බෙ බැංකු මංකොල්ලයක් සම්බන්ධවයි. දෙවෙනි අදියරයෙ තිබ්බෙ කාර්යාලයක සිද්ධියක්. තුන්වන අදියරයෙ තිබ්බෙ කෝච්චියක සිද්ධියක්. මේකෙදි අපි හිටියෙ පොලිස් නිළධාරීවරයෙක් විදිහටයි. අපට ක්‍රියාකරවන්න තිබ්බෙ මේ නිළධාරියාගේ පිස්තෝලයයි. මේකෙදි ඒ ඒ ත්‍රස්තවාදියාගෙ වටේ වලල්ලක් හැදෙනවා. ඒක කොළ වෙනවා කියන්නෙ එයා තාම අපිට වෙඩි තියන්න ලෑස්ති වෙනවා. තැඹිලි වෙනවා කියන්නෙ එයා අපිට වෙඩි තියන්න ඔන්න මෙන්න. රතු වෙනවා කියන්නෙ එයා අපිට වෙඩි තියනවා කියන එකයි. අපේ අරමුණ තමයි එයා අපිට වෙඩි තියන්න කලින්, එයාව මරණ එක. පොලිස් නිළධාරියාගේ අනිත් චලනයන් ස්වයංක්‍රීයව තමයි සිද්ධ වුණේ.

​මේ පරිගණක ක්‍රීඩාවේ තිබුණු ප්‍රධානතම ලක්ෂණය තමයි, විශේෂ සන්ධිස්ථානවලදි අපි ඊළගට ගමන් කරන්න ඕන මාර්ගය, අපිටම තෝරගන්න දෙන එක. ඒ ඒ මාර්ගවලදි මුහුණ දෙන්න වෙන්නෙ වෙනස් වෙනස් අභියෝගවලටයි. ඒ වගේම ඉන්ධන බැරල්වලට වෙඩි තිබ්බම, ඒවායෙන් විශාල පිපිරීමක් එනවා කියලත්, සමහරක් සමහරක් අජීවී වස්තූන් ඇතුළෙ විශේෂ තුවක්කු වගේ දේවල් හංගලා තියෙනවා කියලත්, පිස්තෝලයක එක වරකට පාවිච්චි කරන්න පුලුවන් පතොරම් ගණන 6ක් කියලත් අපට වැටහුණා. ඒ දේවල්, පස්සෙ කාලෙක ආපු පරිගණක ක්‍රීඩාවල සෙල්ලම් කරනකොට ගොඩක් පහසු වුණා. ඒ වගේම සමහරක් අවස්ථාවලදි පිස්සුවෙන් වගේ මැද්දට පනින සහ එහාට මෙහාට දුවන සිවිල් මිනිස්සුන්ට වෙඩි තිබ්බම, Lifelines අඩු වුණා. ඒකෙන් අපි තේරුම් ගත්තා, ඒක බොහොම වැරදි වැඩක් කියලා. මේ ක්‍රීඩාවේ ඉන්න ත්‍රස්තවාදීන් සහ පාතාලයේ සාමාජිකයන් සමන්විත වෙලා හිටියෙ එක එක ඇදුම් පැලදුම්වලින් සහ එක එක අවිවලින්. ඒ නිසා මේ ක්‍රීඩාව පුරාවටම තිබ්බෙ ලොකු විවිධත්වයක්. ඒ ඒ අදියරය අවසානයේදී, ඒ ඒ අදියරයයේ කතාවට අදාළ ලොක්කාව (Boss) පරද්දන්න ඕන.

මේ ක්‍රීඩාවේ තිබ්බ තවත් කම්මැලි නොවෙන දේවල් ගත්තොත්, වාහනවලින් යෑමේ අවස්ථාව තිබ්බා. ඒ වගේම භාහිර පරිසරයට බලපෑමක් එල්ල කරන්න පුලුවන්කම තිබ්බා. උදාහරණයක් විදිහට වාහනයකට වෙඩි තිබ්බොත්, ඒ වාහනයේ වීදුරු, ටයර්, බොනට්, වහල, දොරවල්.... මේ හැම දෙයකටම බලපෑමක් එල්ල කරන්න පුලුවන්. මේසයක් උඩ තියෙන පරිගණක තිරයකට වෙඩි තිබ්බොත් ඒකෙ වීදුරුව කුඩු වෙනවා. ඊට පස්සෙ වෙඩි තිබ්බොත් ඒක අනිත් පැත්තට පෙරලෙනවා. ආයිත් වෙඩි තිබ්බම තමයි ඒක බිමට වැටෙන්නෙ. මේ ක්‍රීඩාවේ 2 Player පහසුකමත් තිබුණා. නමුත් ඒක එච්චර සාර්ථක නෑ කියන එකයි මගේ නම් අදහස.

04. Bermuda Syndrome (1995)

Picture
Photo Credits - Unknown
90 දශකයේ පරිගණක ක්‍රීඩා අතරින් මම සෙල්ලම් කරපු ගොඩාක්ම නිර්මාණශීලීම පරිගණක ක්‍රීඩාව විදිහට Bermuda Syndrome ​පරිගණක ක්‍රීඩාව හදුන්වන්න පුලුවන්. මේක 1995 අවුරුද්දෙදි එළිදක්වපු එකක්. මේ කතාව පටන් ගන්නෙ දෙවන ලෝක යුද්ධය කාලයේ ඇමරිකානු සහ ජර්මානු ගුවන් හමුදාව අතරේ සිද්ධ වුණු ගුවන් සටනකින්. මේ සටනේදී ජර්මානු ගුවන් යානාවක ප්‍රහාරයක් නිසා ඇමරිකානු ගුවන් හමුදාවේ "ජැක්" කියන නිළධාරියාගේ ගුවන් යානය ගොඩාක් වේගයෙන් පහළට කඩාගෙන වැටෙනවා. පහළට කඩාගෙන වැටෙන වේගය වැඩිකම නිසාම ජැක්, මේ යානයත් එක්කම කාල ත්වරණයකට ලක්වෙලා, සමාන්තර ලෝකයක, ප්‍රාග් ඓතිහාසික යුගයකින් මතු වෙනවා. 

​ගුවන් යානය මේ කියන ලෝකයට කඩාගෙන වැටුණු ඉසව්වෙ බිලී පූජාවක් සිද්ධ වෙනවා. කුමාරිකාවක්ව ඩයිනෝසෝර් කෙනෙක්ට බිලිදෙනවා. ඉතින් ජැක් මේ කුමාරිකාව බේරගෙන, කුමාරිකාවගේ උදව්වෙන්, ප්‍රාග් ඓතිහාසික සත්තුන්ගෙන් පිරුණු, මේ අමුතු සහ භයානක ලෝකයෙන් බේරිලා පැනලා යන්න දරන උත්සාහය තමයි, මේ පරිගණක ක්‍රීඩාව පුරාවටම තියෙන්නෙ. ඉතින් ජැක්ට එයාගෙම කියලා එක එක උපකරණ තියෙනවා. අතරමගදිත් එක එක උපකරණ සහ වස්තූන් එකතු වෙනවා. ඒවා උපකාරී කරගෙන, ස්ථානෝචිත ප්‍රඥ්ඥාවෙන්, ඒ ඒ අදියරයන්වලට සුදුසු විදිහට ඒවා පාවිච්චි කරන්න ඕන. මේ පරිගණක ක්‍රීඩාවේ තිබ්බ පසුබිම් සංගීතයන් නම් ගොඩාක් ඉහළ මට්ටමක තිබුණා කියලා කියන්න පුලුවන්. ඒ වගේම මේ පරිගණක ක්‍රීඩාව ආරම්භයේදී පෙන්නන පුංචි දර්ශනයේ තමයි මම අහපු පළවෙනි මැෂින් තුවක්කු හඬ තියෙන්නෙත්.
 

05. Beach Head 2000 (2000)

Picture
Photo Credits - www.sockscap64.com
Beach Head 2000 ​පරිගණක ක්‍රීඩාව එළිදැක්වෙන්නෙ 2000 අවුරුද්දෙදියි. මේකෙ අපි ක්‍රියා කරන්නෙ එක්තරා මුහුදුබඩ වෙරළ තීරයක ආරක්ෂක සෙබලෙක් විදිහටයි. මේ පරිගණක ක්‍රීඩාවේ තියෙන්නෙ වෙරළ තීරයට එල්ලවෙන විශාල සතුරු ආක්‍රමණයක් වළක්වන්නයි. මේ ක්‍රීඩාවෙදි අපිට එහාට මෙහාට යන්න බෑ. එක තැන ඉදගෙන තමයි ප්‍රහාර එල්ල කරන්න පුලුවන්කම තියෙන්නෙ. හැබැයි අංශක 360ක වපසරියකට ප්‍රහාර එල්ල කරන්න පුලුවන්.

මේ පරිගණක ක්‍රීඩාවේ එක එක අදියර පහු කරන්න, පහු කරන්න ඒ ඒ ආක්‍රමණ සිද්ධ වෙන සැලසුම්වලත් වෙනස්කම් ඇති වෙනවා. පළවෙනි අදියරයෙදි ආක්‍රමණය සිද්ධ වෙන්නෙ බෝට්ටුවලින්. ඊට පස්සෙ සෙබළු ප්‍රවාහනය කරන වාහනවලින්. ඊට පස්සෙ ඒ හැම ප්‍රවාහන මාධ්‍යයකින්ම සහ යුද්ධ ටැංකිවලින්. ඊළග අදියරයෙදි හෙලිකොප්ටර්, ඊටත් පස්සෙ ජෙට් යානා ආදී වශයෙන්, පරිගණක ක්‍රීඩාව ටික ටික සංකීර්ණ වෙනවා.

අපට දීලා තියෙන්නෙ සීමිත පතොරම් සංඛ්‍යාවක් නිසා අපි ප්‍රතිප්‍රහාර එල්ල කරනකොට ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන. අපි ළග තියෙන අවි විදිහට මැෂින් තුවක්කු, කාල තුවක්කු, ගුවන් යානා නාශක අවි සහ කුඩා පිස්තෝලය නම් කරන්න පුලුවන්. ඒ වගේම සමහරක් අදියරයන්වලදි අපේ කණ්ඩායමේ ගුවන් යානාවලින් අපිට ප්‍රථමාධාර පෙට්ටි සහ පතොරම් බිමට දානවා. ඒවා අපි අරගෙන පාවිච්චි කරන්න ඕන.


06. Primal Rage (1994)

Picture
Photo Credits - Unknown
මේ පරිගණක ක්‍රීඩාව නිර්මාණය වෙන්නෙ 1994 අවුරුද්දෙදියි. මේක සුළු සුළු විවේක කාලවලදී කෙටියෙන් සෙල්ලම් කරන්න පුලුවන් පරිගණක ක්‍රීඩාවක්. අපේ වචනවලින් කියනවා නම් "ගහගන්න Game එකක්". හැබැයි මේකෙ ගහගන්නෙ මිනිස්සු මිනිස්සු නෙවේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සත්තුයි. මේකෙදි එක එක වර්ගයේ ඩයිනෝසෝර්ලා සහ එක එක වර්ගයේ විශාල වානරයො ඉන්නවා. මුලින්ම අපිට කැමති සතෙක්ව තෝරගන්න පුලුවන්. ඊට පස්සෙ ඒ සතා සහ පරිගණක ක්‍රීඩාවෙන් ස්වයංක්‍රීයව තෝරලා දෙන ඕනෑම සතෙක් එක්ක කරන සටනක් තමයි තියෙන්නෙ.

එක තරගයක්, වට 3කින් සමන්විත වෙනවා. වැඩිම වට ගණන දිනන සතා තමයි මුළු තරගයේම ජයග්‍රාහකයා වෙන්නෙ. එක එක සතාට, විශේෂ වුණු එක එක දක්ෂතා සහ බලයන් තියෙනවා. ඒ වගේම ඒ ඒ සතාගේ ශරීර ප්‍රමාණය සහ අවයවත් මේ තරගයේදී ගොඩක් වැදගත්.

මේ තරගවලදි ඒ ඒ සතාට පක්ෂව, එක එක ගෝත්‍රවල මිනිස්සු ඉන්නවා. මේ සත්තු ගහගන්නකොට එයාලත් එහාට මෙහාට දුවනවා. තමන් සහයෝගය දෙන සතා දිනාගෙන දිනාගෙන එනකොට, මෙයාලත් උඩ පනිනවා. ජය සතුට සමරනවා. අනිත් අතට තමන් සහයෝගය දෙන සතාට පහර පිට පහර වැදෙනකොට, මෙයාලත් අඩනවා. බිම පෙරලෙනවා. බඩ ගානවා. ඒක ටිකක් හිනා යන දර්ශනයක් !


07. Aladdin (1993)

Picture
Photo Credits - www.lutris.net
1993 අවුරුද්දෙදි නිර්මාණය වෙන Aladdin පරිගණක ක්‍රීඩාව, Aladdin Cartoon එකට සමගාමීව නිර්මාණය වුණු ක්‍රීඩාවක්. Cartoon එකේ තිබෙන ස්ථාන සහ දර්ශන අනුසාරයෙන් නිර්මාණයවෙලා තියෙන මේ ක්‍රීඩාවේ, අපිට තියෙන්නෙ ඇලඩින්ව, සුල්තාන්ගේ හේවායන්ගෙන් බේරගෙන, අග්‍රබාර් නගරයේ ඉදලා, එක එක නගර, කාන්තාර, ගල්ගුහා පහුකරගෙන සුල්තාන්ගේ රජ මාලිගාව දක්වාම අරගෙන යන්නයි. 

08. Hercules (1997)
Picture
Photo Credits - Unknown
1997 අවුරුද්දේ මේ පරිගණක ක්‍රීඩාව නිර්මාණය වෙන්නෙ සුප්‍රසිද්ධ Hercules Cartoon එකට සමගාමීවයි. 90 දශකයේ මුල් භාගයේ එළිදක්වපු Disney Cartoons ආශ්‍රිත පරිගණක ක්‍රීඩා එක්ක බලනකොට, රූප අතින් මේකෙ ලොකු දියුණුවක් තිබුණා. මේ ක්‍රීඩාවෙදි අපි තමයි Hercules  හසුරුවන්නෙ. 

සියුස් දෙවියන් පවරපු වැඩ ටික ජයග්‍රහණය කිරීම තමයි මේ පරිගණක ක්‍රීඩාවේ අපිට කරන්න තියෙන්නෙ. ඉතින් ආරම්භයේ ඉදලා අවසානයට යනකන්ම ගොඩාක් දුෂ්ඨයන්ව පරද්දන්න තියෙනවා. මේකෙදි අත් සහ කඩුවට අමතරව, එයාටම විශේෂිත වුණු දේව බලයන් එහෙම තිබ්බා මතකයි. අනිත් Disney පරිගණක ක්‍රීඩාවලට සාපේක්ෂව මේ පරිගණක ක්‍රීඩාවේ Sound Effects ගොඩක් හොද මට්ටමක තිබුණා.

09. Prince of Persia (1989)

Picture
Photo Credits - www.forbes.com
1989 අවුරුද්දෙ එළිදක්වලා තියෙන Prince of Persia පරිගණක ක්‍රීඩාව, ඒ කාලයේ ගොඩක්ම ජනප්‍රිය වුණු ක්‍රීඩාවක්. 90 දශකයේ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරපු හැම කෙනෙක්ම වගේ මේ පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කරලා තියෙනවා. ​පරිසියාවේ රජතුමා විදේශීය රටක ඉදගෙන යුද්ධයක් මෙහෙයවන අතරේ රජතුමාගේ උපදේශකයා (ජෆාර්), පර්සියාවේ බලය අරගැනීමේ චේතනාවෙන්, රජතුමාගේ දියණියව විවාහ කරගන්න කරන කූට උපක්‍රමයකින්, රජතුමාගේ දියණියව බේරාගන්න එක තමයි, මේ පරිගණක ක්‍රීඩාවේ එකම අරමුණ. මේ කැරැල්ල නිසා කුමාරියගේ ආදරවන්තයව හිරගේක දානවා. අපි මේකෙ ක්‍රියාකරවන්නේ කුමාරියගේ ආදරවන්තයවයි. අපිට තියෙන්නෙ මේ හිරගේ තියෙන භයානක උගුල්වලින් සහ සෙබළුන්ගෙන් බේරිලා මාළිගාවට ගිහින්, කුමරියව බේරගන්නයි.

​​මේ මොන දේ කරන්නත් අපට කාලය ලැබෙන්නෙ මිනිත්තු 60යි. ඒ කියන්නෙ හරියටම පැයයි. මේකෙදි අපිට ගොඩක්ම බුද්ධිමත් විදිහට හිතලා තමයි සෙල්ලම් කරන්න වුණේ. මොකද හැම තැනම එක එක විදිහේ මර උගුල් තිබුණා. මේ පරිගණක ක්‍රීඩාවේ පසුබිම් සංගීත මොකුත් නෑ. හැබැයි Sound Effects ටික නම් බොහොම අගේට ඇතුළත් කරලා තිබුණා.

10. Pitfall (1994)

Picture
Photo Credits - www.gamefabrique.com
Pitfall: The Mayan Adventure කියලා නම් කරපු මේ පරිගණක ක්‍රීඩාව එළිදක්වන්නෙ 1994 අවුරුද්දෙදියි. හැබැයි මේකට පාදක කරගෙන තියෙන්නෙ 1982 එළිදක්වපු Pitfall පරිගණක ක්‍රීඩාවයි. ඒ නිසා මේක, ඒකෙ දෙවෙනි අනුවාදය විදිහට හැදින්නුවත් වරදක් නෑ. 1982 පරිගණක ක්‍රීඩාවේ ඉන්නෙ මායා ශිෂ්ටාචාරය හොයාගෙන යන කෙනෙක්. 1994 පරිගණක ක්‍රීඩාවෙ ඉන්නෙ Pitfall Harry කියලා හදුන්වන, මේ කෙනාගෙ පුතායි. Harryගේ එකම අරමුණ වෙන්නෙ, මායා ශිෂ්ටාචාරය හොයන්න ගිහින් අතුරුදහන් වුණු තමන්ගේ තාත්තාව හොයාගන්න එකයි. මේක හරිම ත්‍රාසජනක පරිගණක ක්‍රීඩාවක්.

මේකෙදි අපිට තියෙන්නෙ Harryව ක්‍රියාකරවන්නයි. ඉතින් ගොඩක් ගිරි දුර්ග, ජල දුර්ග, වන දුර්ග පහුකරගෙන, භයානක වන සතුන්ගෙන්, භයානක ස්වභාවික සහ කෘතිම මර උගුල්වලින් බේරිලා තමයි මේ ගමන අපි යන්නෙ. මේ ගමනේදී එකතු කරගන්න එක එක ස්වභාවික සහ කෘතිම ද්‍රව්‍යයන්, ඉස්සරහදි මුණ ගැහෙන අභියෝග වළක්වන්න පාවිච්චි කරන්න පුලුවන්. ​මේ පරිගණක ක්‍රීඩාවෙත් Sound Effects, බොහොම සිත්ගන්නා සුළු විදිහට ඇතුළත් කරලා තිබුණා.

11. Jungle Book (1993)

Picture
අතිශය ජනප්‍රිය Disney Cartoon එකක් වුණු Jungle Book Cartoon (1967) එකට සමගාමීව 1993 අවුරුද්දේ එළිදක්වපු මේ පරිගණක ක්‍රීඩාව, Lion King පරිගණක ක්‍රීඩාව හා සම තත්වයේ තියන්න පුලුවන්. සමස්ථ Cartoon එකම කොටස්වලට (අදියරවලට) කඩලා තියෙන මේ පරිගණක ක්‍රීඩාවේ, අපිට මෙහෙයවන්න තියෙන්නෙ අපේ කතානායකයා වන Maugliවයි. මේ පරිගණක ක්‍රීඩාවෙ හැම අදියරයකටම අපට දීලා තිබුණෙ මිනිත්තු 6ක් වගේ සුළු කාලයක්.  

Maugliගේ ගමනේදී අපට මුණ ගැහෙනවා බගීරා, බාලූ, ලුවී, කා වගේ සත්ව චරිත. අන්තිමටම අපට තියෙන්නෙ ශියකාන්ව පරද්දන්නයි. ඉතින් කදු නැගගෙන, ගස් උඩින් පැනගෙන, වැල්වලින් ගමන් කරන මේ ගමනේදී Maugliට වින කරන එක එක සත්තු ඉන්නවා. Maugliට තියෙන්නෙ එයාලව මගහැර යන්න හෝ එයාලව විනාශ කරන්නයි. ගොඩක් වෙලාවට Maugli ළග තියෙන කෙසෙල් ගෙඩි වගේ පළතුරුවලින් ගහන්න තමයි තියෙන්නෙ. ඒක හරිම හාස්‍යජනක වැඩක්.

මේකෙ ආකෘතියම තමයි, Lion King පරිගණක ක්‍රීඩාවටත් පාවිච්චි කරලා තියෙන්නෙ. ඔක්කොම පසුබිම් සංගීතවලට දාලා තියෙන්නෙ, Jungle Book Cartoon එකේ ප්‍රසිද්ධ ගීතයි. Maugliව චලනය නොකර ඉන්න වෙලාවට, එයාම ස්වයංක්‍රීයව එක එක චලනයන්වල යෙදෙනවා. ඒවා බලන් ඉන්න හරි ආසයි. එක වෙලාවකට කෙහෙල් ගෙඩි උඩ දානවා. තව වෙලාවකට නටනවා. තව වෙලාවකට ඔළුව කසනවා..... ඔය වගේ. ඒකම, Lion King පරිගණක ක්‍රීඩාවෙත් "සිම්බා"ට යොදලා තිබුණා.


12. Legoland (2000)

Picture
Photo Credits - Unknown
මේ පරිගණක ක්‍රීඩාව නිර්මාණය වෙන්නෙ 2000 අවුරුද්දෙදියි. මේක අපේ රටේ නම් ප්‍රසිද්ධ වුණේ නෑ. මේකෙ අපිට කරන්න තියෙන්නෙ උද්‍යානයක් හදන එකයි. හැබැයි මේ උද්‍යානයේ තියෙන හැම දෙයක්ම සහ උද්‍යානයේ වැඩ කරන, උද්‍යානයට යන එන හැම කෙනෙක්ම හැදිලා තියෙන්නෙ Legoවලින්. අපිට මේ උද්‍යානය කැමති විදිහට හදන්න පුලුවන්. ගස් හිටවන්න පුලුවන්. පාරවල් හදන්න පුලුවන්. එක එක යන්ත්‍රසූත්‍රවලින් වැඩ කරන්න පුලුවන්. කඩවල්, ගොඩනැගිලි හදන්න පුලුවන්. හිටපු ගමන් මෙව්වායෙ තාක්ෂණික දෝෂ හටගන්නවා. එතකොට ඒවා අපිට අළුත්වැඩියා කරන්න පුලුවන්. වැඩ ගොඩයි ! 

මේ හැම දෙයකටම සල්ලිත් වැය වෙනවා. උද්‍යානය බලන්න එන මිනිස්සුන්ගෙන් තමයි අපිට ආදායමක් ලැබෙන්නෙ. ඒ නිසා වියදමට වඩා ආදායම වැඩියෙන් තියාගන්න තමයි අපි හැමවෙලාවෙම උත්සාහ කරන්න ඕන. මේ පරිගණක ක්‍රීඩාවට හැම පාටක්ම වගේ ඇතුළත් කරලා තිබ්බා. විශේෂයෙන්ම ඇස් කඩාගෙන යන පාටවල්. හැම හැඩතලයක්ම පාවිච්චි කරලා තිබ්බා. ඒ නිසා පුංචි ළමයින්ගේ අවධානය, මේ පරිගණක ක්‍රීඩාවට නිකන්ම ඇදිලා යනවා. ඉතින් අපේ උද්‍යානය බලන්න මිනිස්සු එනකොට අපිටත් හරිම ජොලි. හැබැයි ඉතින් උද්‍යානය බලන්න සෙනග ගෙන්නගන්න නම් වැඩි වැඩියෙන් වියදම් කරන්න වෙනවා. ඒ කියන්නෙ ගොඩක් ඉදිකිරීම් කරන්න වෙනවා.

13. Mortal Kombat 01 (1992)

Picture
Photo Credits - www.retrorgb.com
1992 ​අවුරුද්දෙ ඉදලා එළිදැක්වෙන්න ගත්ත Mortal Combat පරිගණක ක්‍රීඩා මාලාව කියන්නෙ, ඒ කාලයේ හිටපු ගොඩක් අය දේවත්වයෙන් අදහපු පරිගණක ක්‍රීඩා මාලාවක්. අපේ රටෙත් මේක සෑහෙන්න ප්‍රසිද්ධ වුණා. ඒ කාලයේ නිර්මාණය වුණු හොදම සටන් පරිගණක ක්‍රීඩාව (Fighting Game) නොහොත් "හොදම ගහගැනීමේ Game එක" කියලා කට පුරා කියන්න පුලුවන්.

​පරිකල්පිත දිවයිනක, ප්‍රදේශ කිහිපයක් පුරාවට පවත්වන සටන් තරගයක් තමයි මේ ක්‍රීඩාවෙන් ඉලක්ක කරන්නෙ. මේකෙ සටන්කරුවන්, එහෙම නැත්නම් චරිත ගණනාවක් ඉන්නවා. ඒ ඒ චරිතයට අනන්‍යවෙන භාහිර ලක්ෂණ (උස, මහත, ඇදුම් පැළදුම්, චලනයන්) ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි අභ්‍යාන්තරික ලක්ෂණ (ආධ්‍යාත්මිය ශක්තිය, බලයන්, සටන් කිරීමේ උපක්‍රම සහ හැකියාවන්) එහෙමත් ගොඩක් තියෙනවා. අපි මුලින්ම තෝරගන්න සටන්කරුවා තමයි, පරිගණක ක්‍රීඩාවේ අන්තිම අදියරයට යනකන්ම අපට මෙහෙයවන්න තියෙන්නෙ. ඒ දවස්වල අපි මේක සෙල්ලම් කරපු විදිහට තාමත් පුදුමයි, ඒ කාලේ යතුරු පුවරු (Key Boards) යහතින් ඉතුරුවෙලා තිබ්බෙ කොහොමද කියලා. ඒ කාලෙ නගරබද ප්‍රදේශවල ඉන්න ළමයි ඉස්කෝලවල ගිහිල්ලත්, මේ පරිගණක ක්‍රීඩාව ගැන කතා කරන්න වැඩි වැඩියෙන් පෙළඹුනා මතකයි.

14. Sims 01 (2000)

Picture
Photo Credits - www.simsvip.com
Sims ​පරිගණක ක්‍රීඩාවේ, පළවෙනි ක්‍රීඩාව එළිදැක්වෙන්නෙ 2000 අවුරුද්දෙදියි. ​ඒ කාලයේ ඉදලා තාමත්, අද වෙනකනුත් මේක ගොඩක් ජනප්‍රියයි. ​මම හිතන විදිහට ලෝකයේ ඉන්න හැම පුංචි ළමයෙක්ටම මේ පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කරන්න දෙන්න ඕන. මොකද පරිගණක ක්‍රීඩාවක් වුණත් මේකෙන් නියෝජනය වෙන්නෙත් අපිම තමයි.

​මේක හරිම සිත් ඇදගන්නා සුළු ක්‍රීඩාවක් වුණා. හැබැයි මේක එපාවීම සහ එපානොවීම කියන එක තීරණය වුණේ, මේ ක්‍රීඩාව සෙල්ලම් කරන අයගේ දැනුම සහ බුද්ධිය මතයි. මේකෙ තනිකරම තියෙන්නෙ ගෙයක් හදලා, පවුලක් නඩත්තු කරන්නයි. ඉතින් ගෙදර ඉදිකිරීම් වැඩ සහ ලස්සන කිරීම් වැඩ කරන්න ඕන, ගෙදරට අලුත් අලුත් බඩු ගන්න ඕන, රස්සාවක් කරලා සල්ලි හම්බකරන්න ඕන, මාසයේ අන්තිමට ජල විදුලි දුරකතන බිල් ගෙවන්න ඕන, ගෙදර හොරුන්ගෙන් ආරක්ෂා කරන්න ඕන, අසල්වාසීන් එක්ක සාමයෙන් ඉන්න ඕන, රැකියාව වගේම සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වෙන්න ඕන, ගෙවත්තෙ වැඩ කරන්න ඕන, අනවශ්‍ය වියදම් කපා හරින්න ඕන....... ඔය වගේ අපේ සැබෑම සැබෑ පවුල් ජීවිතය තමයි මේකෙන් නියෝජනය වෙන්නෙ. ඉතින් මේ වගේ ගොඩාක් වැඩ කරන්න තියෙනවා.

භයානකම දේ තමයි, ආදායමට වඩා වියදම ඉහළ යන එක. එහෙම වුණාම අපට ණය වෙන්න වෙනවා. ඒකෙන් බේරෙන්න නම් තව රස්සාවක් කරන්න ඕන. එහෙම නැත්නම් ගෙදර බඩු මුට්ටු විකුණන්න ඕන. පරිගණක ක්‍රීඩාව ආරම්භයේදී කොච්චර ලස්සන ගෙදරක් හදාගෙන, බඩුමුට්ටු පුරවගෙන, සුඛෝපභෝගී විදිහට හිටියත්, පරිගණක ක්‍රීඩාව අතරමගදි මුදල් පාලනය වැරදුණොත්, ගෙදර බඩුමුට්ටු ඔක්කොම විකුණලා, දවසට එක වේලක්වත් නොකා නොබී ඉදලා, මහා පාරට වැටෙන්න වෙන තත්වයක් උදා වෙනවා. ඉතින් මේ පරිගණක ක්‍රීඩාවෙන්, ජීවිතය ජය ගන්න සහ අපේ ආර්ථිකය, සාමාජීය ජීවිතය සමබර කරගෙන යන්න දරන උත්සාහය ගොඩක් ප්‍රායෝගිකව අපිට කියලා දෙනවා. ඒ නිසා පුංචිම ළමයින්ට නම් ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුලුවන්.

15. Need for Speed 03 (1998)

Picture
Photo Credits - www.gamingpastime.com
Need for Speed පරිගණක ක්‍රීඩා මාලාව එළිදක්වන්න පටන් ගත්තෙ 1994 අවුරුද්දෙ ඉදලයි. අපි කලින් කතා කරපු Mortal Kombat ​වගේම, මේ ක්‍රීඩාවත් අපේ රටේ සෑහෙන ප්‍රසිද්ධ වුණා. අදටත් මේ ක්‍රීඩා මාලාව තමයි, ලෝකයේ හොදම Car Race ක්‍රීඩා මාලාව විදිහට, ගොඩක් අය විශ්වාස කරන්නෙ. මේකෙ තියෙන්නෙ Car Race එකක්. හැබැයි මේ Race එක යන්නෙ නීතිවිරෝධී විදිහටයි. ඒ කියන්නෙ ඇත්තම ඇත්ත පාරක. ක්‍රීඩා පිටියක නෙවේ. ඒ නිසා පාරේ යන එන අනිත් සාමාන්‍ය මිනිස්සුන්ගේ වාහනවලින් ආරක්ෂා වෙන්න ඕන. මාර්ග සංඥ්ඥා ගැන බලන්න ඕන. වංගු තියෙනවා. පල්ලම් තියෙනවා. උමං තියෙනවා. මේවා ගැනත් බලන්න ඕන. ඒ වගේම වේග සීමාව ඉක්මවලා යන වාහනවලට දඩ ගහන්න ඉන්න පොලිස් නිළ රථවලිනුත් ආරක්ෂා වෙන්න ඕන.

​මේ ක්‍රීඩාවෙන් අපි සෑහෙන විදිහට විනෝද වුණා. අපිට මේක වාහනය ඇතුළෙ ඉදගෙන එළවනවා වගේ හසුරවන්නත් පුලුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ වාහනය පේන විදිහට හසුරවන්නත් පුලුවන්. Break පෑගුවම, පිටි පස්සෙ රතු Light පත්තු වුණා. H අකුර එබුවම, Horn එක වැදුනා. අපිට ඉතින් මේවා ලොකු මැජික්. පොලිස් වාහනයක් පිටිපස්සෙන් එනකොට, තවත් විනෝදයි. එව්වට වෙට්ටු දාලා, ඒ වාහනය අනිත් පැත්තට පෙරලලා දාන්න වුණත් පුලුවන්. ​අපි අමාරුකාරයෙක් කියලා එයාලට තේරුණොත් එයාලාගේ සහයට තව තව පොලිස් Car එවනවා. පාරේ මාර්ගබාදක වැඩි කරනවා. හෙලිකොප්ටර් එවනවා. එතකොට තවත් අභියෝගාත්මකයි. ඒත් විනෝදයි.

​මේ ඇවිල්ලා "Fast & Furious" කියලා නමක් අහලවත් නැති කාලයක්. මේ පරිගණක ක්‍රීඩා මාලාවේ 90 දශකයේ එළිදැක්වුණු ක්‍රීඩා අතරිනුත්, ගොඩාක්ම ජනප්‍රිය වුණේ 1998 නිර්මාණය වුණු Need for Speed III : Hot Pursuit ක්‍රීඩාවයි. ඒ ඒ තරග දිනනකොට හම්බවෙන සල්ලිවලින් අපට අලුත් වාහන මිළදී ගැනීමේ හැකියාව සහ අපේ වාහනවල වේගය වැඩි කරන අලුත් දේවල් මිළදී ගැනීමේ හැකියාව තියෙනවා.

16. Resident Evil 02 (1998)

Picture
Photo Credits - Unknown
Resident Evil 2 ​නිර්මාණය වෙන්නෙ 1998 අවුරුද්දෙදියි. මේක ඇවිල්ලා 1996 අවුරුද්දෙ නිර්මාණය වුණු Resident Evil 1 පරිගණක ක්‍රීඩාවේ දෙවෙනි කොටසයි. ​මේ කොටසේ කතාව ගෙතෙන්නෙ Leon කියලා පොලිස් නිළධාරීවරයෙක්, එයාගෙ පළවෙනි රාජකාරි දවසේ මුහුණ දෙන සිද්ධි මාලාවක් වටායි. Leon දකිනවා ගොඩාක් පොලිස් නිළධාරීන් තැන තැන මැරිලා ඉන්නවා. ඒ වගේම එයාට මුණ ගැහෙනවා තමන්ගෙ සහෝදරයාව හොයාගෙන යන Clair කියලා ගැණු ළමයෙක්. ඉතින් මෙයාලා පොලිස් ස්ථානය සහ නගරයේ ඇවිදිනකොට දකිනවා තවත් මළ සිරුරු ගොඩක්. ඒත් එක්කම එයාලට තේරෙනවා වයිරසයක් මාර්ගයෙන් සාමාන්‍ය මිනිස්සු, සොම්බීකරණය වෙමින් යන වග. ඉතින් මේ පරිගණක ක්‍රීඩාව පුරාවටම එයාලා උත්සාහ කරන්නෙ තැනින් තැනට යන ගමන්, එක එක විදිහේ ප්‍රහේලිකා විසදන ගමන්, මේ අමනුශ්‍යයන්ගෙන් සහ එතෙක් මෙතෙක් නොදැකපු බිහිසුණු සත්තුන්ගෙන් බේරෙන්නයි. ඒකට අවශ්‍ය කරන එක එක දේවල්, අතරමගදි එකතු කරගෙන, සුදුසු වෙලාවල්වලදි පාවිච්චි කරන්නත් ඕන.

​මේක Horror Games කැටගරියට වැටෙන ක්‍රීඩාවක්. මේකෙ තියෙනවා ක්ෂණයෙන් හට ගන්න බිහිසුණු සද්ධ සහ ක්ෂණයෙන් පරිගණක තිරයෙන් මතුවෙන භයානක විරූපී අමනුස්සයො. ඒ නිසා ඒ කාලෙ අපි මේක සෙල්ලම් කළේ මහා දවල්. මේ ක්‍රීඩාවේ අපිට කැමති පොලිස් නිළධාරීයෙක්ව තෝරගන්න පුලුවන්. තමන් තෝරගන්න නිළධාරියා අනුව, මේ පරිගණක ක්‍රීඩාවේ සම්පූර්ණ කතාවම වෙනස් මුහුණුවරක් ගන්නවා.

ඉතින් ලිපිය හොදද? මේ ලිපිය දැනටමත් සෑහෙන දිගවෙලා තියෙන නිසා මේ ටික මෙතනින් නතර කරන්න හිතුවා. ඉතුරු කොටස, වෙනම ලිපියකින් ලියන්න හිතුවා. මේ ලිපියේ ඇතුළත් කරලා තියෙන පරිගණක ක්‍රීඩා ගැන තියෙන මතකයන් අපිත් එක්ක පහළින් බෙදාගන්නත් අමතක කරන්න එපා. මේ ලිපියේ දෙවෙනි කොටසට යන්න පුලුවන්, පහළ තියෙන බොත්තම ඔබලා...
​

ඒ කාලේ Games 02

Powered by Create your own unique website with customizable templates.