ඒ කාලේ Games 02
මේ ලිපිය කියවන්න කලින් මේකෙ පළවෙනි කොටස, ඒ කියන්නෙ ඒ කාලේ Games 01 ලිපිය අනිවාර්යෙන් කියවලා ඉන්න. ඒ ලිපියෙන් අපි සිහිපත් කළා 90 දශකයේදී අපි සෙල්ලම් කරපු Bow & Arrow, Lion King, Virtua Cop2, Bermuda Syndrome, Beach Head 2000, Primal Rage, Aladdin, Hercules, Prince of Persia, Pitfall, Jungle Book, Legoland, Mortal Kombat, Sims, Need for Speed 03, Resident Evil 02 වගේ පරිගණක ක්‍රීඩා. දැන් අපි ඉතුරු ටික බලමු.
17. Commandos 01 (1998)
Commandos පරිගණක ක්‍රීඩා මාලාවේ පළවෙනි කොටස නිකුත් කළේ 1998 අවුරුද්දෙදියි. 90 දශකයේ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරපු අයගේ අවධානය, 2 වෙනි ලෝක යුද්ධය දිහාවට යොමු කරන්න Commandos 01 නොහොත් Commandos: Behind Enemy Lines කියන පරිගණක ක්‍රීඩාව සමත් වුණා. ජර්මානු හමුදාවලට විරුද්ධව මේකෙ තියෙන හැම මෙහෙයුමක්ම දියත් වෙන්නෙ බොහොම රහසිගතවයි. මේ මෙහෙයුම්වලට මිත්‍ර පාක්ෂික රටවලින්, සොල්දාදුවන් පස් හය දෙනෙක් ඉන්න පුංචි කණ්ඩායමක් තමයි සහභාගි වෙන්නෙ. මේක Strategy Games කැටගරියට අයිති එකක්. ඒ කියන්නෙ අපිට මෙයාලව පේන්නෙ, පරිගණක තිරයේ උඩ ඉදලයි. කණ්ඩායමේ ඉන්න එක එක සොල්දාදුවට තියෙන්නෙ එක එක උපකරණ, ආයුධ සහ හැකියාවන්. ඒ නිසා ඒ ඒ මෙහෙයුම් සාර්ථක කරගන්න නම් අපිට මේ හැම කෙනෙක්වම අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ පරිගණක ක්‍රීඩාවේ අපි මෙහෙයවන එක මිත්‍ර පාක්ෂික සොල්දාදුවෙක් හරි මැරුණොත්, ක්‍රීඩාව ආයිත් මුල ඉදන් කරන්න වෙනවා.
ඒ ඒ මෙහෙයුම පටන් ගන්න කලින්, ඒ මෙහෙයුම සම්බන්ධව ඓතිහාසික පින්තූර පෙළක් පෙන්වනවා. ඒ කාලෙ අපිට අන්තර්ජාලය තිබුණෙ නෑ. ඉතින් අපි ඒ පින්තූර බලන්න ආස කළා. අද අන්තර්ජාලය නිසා ඒ වගේ පින්තූර සුලභ වුණත්, ඒ කාලෙ හරිම දුලභයි. මේ ක්‍රීඩාවේ ජර්මානු හමුදාව නිළයන්වලට බෙදලා තිබුණා මතකයි. ඒ ඒ නිළයන් අනුව ඒ අයගේ කතා විලාශයන්, ඇදුම් පැළදුම් සහ ආයුධ වෙනස් වෙනවා. අපිට ඒ ඒ ජර්මානු සෙබලාට පේන දුර මට්ටම බලාගන්න පුලුවන්කම තිබුණා. ඒ ඒ සෙබලාගේ පෙනීම කොළ, තැඹිලි, රතු පාටවල්වලින් සමන්විත වුණා. ඒ කියන්නෙ පිළිවෙලින් කලබලයක් නෑ, කලබලයි සහ අපිව එයාට පෙනිලා. පරිසරය ගත්තොත් කාන්තාර, තැනිතලා, කදු, හිම, ගංගා, වනාන්තර, මුහුදු....... මේ හැම පරිසරයකම මෙහෙයුම් තිබුණා. මේ පරිගණක ක්‍රීඩාව හරහා අපට පුලුවන් වුණා උපක්‍රමශීලී වෙන්න. ඒ කියන්නෙ හතුරන්ව එක එක උගුල්වලට අහු කරගන්න.
ඒ කාලෙ හැටියට මේ ක්‍රීඩාවෙ රූප ගොඩක් හොද මට්ටමක තිබුණා. පිපුරුම් දර්ශන එහෙම බලාගෙන ඉන්න හරි ආසයි. අවිවල ශබ්ද එහෙමත් ඇත්ත විදිහටම තියෙනවා. මට මතකයි එක අලුත් අවුරුදු දවසක, අලුත් අවුරුද්ද ලබන වෙලාවට, මේ පරිගණක ක්‍රීඩාවේ ඔක්කොම ජර්මානු සෙබලුන්ව අවුස්සලා, හැම මිත්‍ර පාක්ෂික හමුදා සෙබලෙක්ටම වෙඩි නොවදින්න Cheat Code එකක් ගහලා තිබුණා. ඉතින් හැම ජර්මානු සෙබලෙක්ම දිගට හරහට පැය ගාණක් වෙඩි තියනවා. ඉතින් මම Speaker එකේ ශබ්දය වැඩි කරලා තිබ්බා, ඒ ශබ්දය රතිඤ්ඤා පුපුරනවා වගේ ඇහෙන්න.
මේ ක්‍රීඩාව ගොඩක් ජනප්‍රිය වුණු නිසා ඊට පස්සෙ Commandos 2, Commandos 3 වගේ දිගටම එන්න ගත්තා. අපේ රටේ නම් ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ 2001 ආපු Commandos 2 : Men of Courage පරිගණක ක්‍රීඩාවයි.

18. Bonkheads (1996)
1996 අවුරුද්දෙදි එළිදක්වපු Bonkheads කියන්නෙ ගොඩාක් විනෝද වෙන්න පුලුවන් ක්‍රීඩාවක්. මේක 2 Player ගහන්නත් පුලුවන්. මට තාමත් මතකයි මම, මගේ ඥාති සහෝදර සහෝදරියො එක්ක, එක යතුරු පුවරුව (Key Board) දෙකට බෙදාගෙන, මේක සෙල්ලම් කරපු හැටි.
මේ කතාවෙ වෙන්නෙ, ට්‍රොල් සහෝදරවරු දෙන්නෙක්ට පැවරෙනවා එයාලගෙ ලෝකයේ තියෙන පැල්මක් ආරක්ෂා කරන්න. ඒ පැල්ම කෙලින්ම සම්බන්ධවෙලා තියෙන්නෙ අපායටයි. ඉතින් මේ පැල්ම හරහා එක එක සත්තු එනවා. ඒ අතරේ නයි, ඩයිනෝසෝර් පැටව්, බල්ලො, යමපල්ලො, මී මැස්සො, මකුළුවො, උරුලෑවො වගේ අය ඉන්නවා. මේ අයට තියෙන්නෙ ඒ ඒ සත්තු එනකොට, ඒ සතා ගමන් කරන පාර යටින් ගිහින්, ඒ සතා හරියටම ගමන් කරන තැනට යටින් අනින්න. එතකොට ඒ සතා සිහිනැති වෙනවා. ඊට පස්සෙ ඒ සතාට සිහිය එන්න කලින්, එයා ඉන්න පාරට ගිහින් එයාව තල්ලු කරලා දාන්න ඕන. හැබැයි ඒ සතාට සිහිය තියෙන වෙලාවට උගේ ඇගේ ගෑවුණොත් Game Over වෙනවා.
ඉතින් සමහරක් පාරවල් උඩට ඔළුවෙන් අනිනකොට එක එක අමුතු අමුතු ගල් කෑලි හම්බවෙනවා. ඒවා උපකාරී වෙනවා තරගය දිනන්න සහ තරගය පරදින්න. වේගය වැඩි කිරීම, වේගය අඩු කිරීම, Lifeline වැඩි කිරීම, බර අඩුවීම, බර වැඩිවීම වගේ දේවල් උදාහරණ විදිහට දෙන්න පුලුවන්.
ඉතින් මෙයාලා මේ සත්තු අහක් කරගෙන කරගෙන දන්නෙ නැතුව අපාය පැත්තටම යනවා. අන්තිමටම තියෙන්නෙ යම රජ්ජුරුවන්ව පරද්දන්නයි. ඒ අතර මැද්දෙදි එයාලට සිද්ධ වෙනවා තඩි මීයෙක්ව සහ ටී රෙක්ස් කෙනෙක්වත් පරද්දන්න. මේ ක්‍රීඩාවේ හැම අදියරයකම TNT පෙට්ටියක් තියෙනවා. මේකට ඇන්නම, ඒ වෙලාවෙ ඉන්න ඔක්කොම සත්තු සිහි නැති වෙනවා. ඒ වගේම එක එක අදියරවල තියෙන්නෙ එක එක දේශගුණයන් සහ ඒ ඒ පොළොව මට්ටමට අදාළ රූප, අංග උපාංග සහ පසුබිම්.

19. Counter Strike 01 (1999)
Counter Strike කියන මේ ලෝකප්‍රකට පරිගණක ක්‍රීඩාව පළවෙනි වතාවට එළිදක්වන්නේ 1999 අවුරුද්දෙදියි. ඒ කාලයේ පරිගණක ක්‍රීඩාවලට අවතීර්ණ වුණු ගොඩක් අය, මේ ක්‍රීඩාව හරහා අවිවල නම් සහ ඒවායේ ස්වභාවයන් ගැන දැන ඉගෙන ගත්තා. මේකෙ තියෙන්නෙ පොලීසිය සහ ත්රස්තවාදීන් අතර තියෙන ගැටුමක්. පොලීසියට පැවරෙන්නෙ සෑම ත්රස්තවාදියෙක්වම විනාශ කිරීම හෝ බෝම්බ නිශ්ක්‍රිය කිරීම හෝ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමයි. ත්රස්තවාදීන්ට තියෙන්නෙ සෑම පොලිස් නිළධාරීවරයෙක්වම විනාශ කිරීම හෝ බෝම්බ තැබීම හෝ ප්රාණඇපකරුවන්ව තමන් සන්තකයේ තබා ගැනීමයි.
අපිට මේකෙ පොලිස් නිළධාරීවරයෙක් වෙන්නත් පුලුවන්. නැත්නම් ත්‍රස්තවාදියෙක් වෙන්නත් පුලුවන්. මේ ක්‍රීඩාවේ මෙහෙයුම් වර්ග ගණනාවක් තියෙනවා. එක මෙහෙයුමක් වට කිහිපයකින් සමන්විතයි. ඒ ඒ වටවලදී වැඩියෙන්ම දිනන කණ්ඩායම තමයි, සම්පූර්ණ මෙහෙයුමම දිනන්නෙ. ඒ ඒ මෙහෙයුමේදී තමන්ගේ ලකුණු ප්‍රමාණය අනුව, ඊළග වටයේදී තමන්ට ඒ ඒ ලකුණුවලට ගැලපෙන අවියක් සහ උපාංග තෝරගන්න පුලුවන්.
මේක කිසිම විදිහකින් නීරස නොවෙන්නෙ, කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරන්න පුලුවන් නිසයි (මනුස්ස හෝ AI). AI නම්, අපිට එක එක නියෝග දෙන්න පුලුවන්. ඒ වගේම ඒ අය ඒ ඒ නියෝග පිලිපදිනවා. මේ පරිගණක ක්‍රීඩාව ගොඩක් සාර්ථක වුණ නිසා තමයි, ඊට පස්සෙ දිගට හරහට Counter Strike ක්‍රීඩාවේ එක එක කොටස් නිකුත් වෙන්න ගත්තෙ.

20. Doom 02 (1994)
Horror Games කැටගරියට අයිති වෙන 1993 අවුරුද්දෙ එළිදක්වපු Doom 1 පරිගණක ක්‍රීඩාවේ දෙවෙනි කොටස විදිහට, 1994දි Doom 2 පරිගණක ක්‍රීඩාව එළිදැක්වෙනවා. Doom පළවෙනි කොටසෙදි අගහරු ලෝකයට ගිහින්, අගහරු ලෝකය යක්ෂයින්ගෙන් බේරගන්න හමුදා සෙබලා, Doom දෙවෙනි කොටසෙදි ආයිත් පෘතුවියට එනවා. එයා පෘතුවියට එනකොට, පෘතුවියටත් යක්ෂයින්ගේ ආක්‍රමණයක් එල්ලවෙලා.
ඉතින් මුළු අදියර 30 පුරාවටම තියෙන්නෙ එක එක විදිහේ ආයුධ පාවිච්චි කරමින්, එක එක ජාතියේ, එක එක ප්‍රමාණයේ, එක එක හැඩයේ, එක එක විදිහේ යක්ෂයන්ව පරද්දමින්, පෘතුවිය සහ මනුස්ස ජාතිය බේරගන්න උත්සාහ කරන මේ අභීත හමුදා සෙබලාව මෙහෙයවන්නයි. මේ පරිගණක ක්‍රීඩාවේ රූප, අද බලනකොට නම් අමු විහිළු. ඒත් ඒ කාලයේ නම් බය හිතෙන විදිහටම තිබුණා කියලා කියන්න පුලුවන්.

21. Hitman 01 (2000)
Hitman : Codename 47 කියන්නෙ ලෝක ප්‍රකට Hitman පරිගණක ක්‍රීඩා මාලාවේ, පළවෙනි කොටසටයි. මේක 2000 අවුරුද්දෙ තමයි එළිදක්වලා තියෙන්නෙ. එක්තරා සංවිධානයකින් Agent 47 නමින් හදුන්වන ජානමය වශයෙන් වැඩි දියුණු කරපු මනුෂ්‍ය ක්ලෝනයක්, මිනිස් ඝාතන වෙනුවෙන් පුරුදු පුහුණු කරලා, ලෝකය වටේ ඉන්න සල්ලිකාර සහ අපරාධකාරයින්ව රහසිගත විදිහට මරන්න පාවිච්චි කරන, තට්ටයක් තියෙන, ටයි කෝට් අදින කෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. අපි තමයි මේ කෙනාව පාලනය කරන්නෙ.
හැම මෙහෙයුමකම මූලික ඉලක්කය විදිහට මෙහෙයුමේ අරමුණ වගේම, කාටවත් සැක නොහිතෙන සහ කවුරුත් කලබල නොවන විදිහට, රහසිගතව මෙහෙයුම අවසන් කිරීමත් නම් කරන්න පුලුවන්. මේ ක්‍රීඩාවෙත් අපට එක එක උපකරණ, ද්‍රව්‍යයන් එකතු කරලා තියාගන්න පුලුවන්. ඒවා ඉදිරි මෙහෙයුම්වලට ප්‍රයෝජනයට අරගන්නත් පුලුවන්. මේ පරිගණක ක්‍රීඩාවෙදි අනිත් අයගේ අවි ආයුධ අරගන්න පුලුවන්. තව අනිත් අයගේ ඇදුම් පැලදුම් පාවිච්චි කරලා තමන්ගේ අනන්‍යතාවය හන්ගගෙන ඉන්නත් පුලුවන්.
ප්‍රධාන ඉලක්කයක් විනාශ කරන්න ඕන නම්, ඒක කරන්න පුලුවන් විකල්ප ගණනාවක්ම මේකෙ තිබුණා. ඒ නිසා මේ ක්‍රීඩාව හරිම ත්‍රාසජනකයි. හැබැයි මනුස්ස ඝාතන සිද්ධ කරන්න පාවිච්චි කරන පිහි, පොරව, කඩු කිණිසි වගේ දේවල් නිසා සහ ලේ වැගිරෙන දර්ශන නිසා මේ පරිගණක ක්‍රීඩාව නම් ළමයින්ට කොහෙත්ම සුදුසු නෑ කියන එකයි මගේ අදහස. අනිත් පරිගණක ක්‍රීඩාවල සිවිල් මිනිස්සුන්ව ඝාතනය කළාම, ලකුණු කැපීමක් සිද්ධ වුණත්, මේ පරිගණක ක්‍රීඩාවේ අපිට ඕන තරම් අහිංසක සිවිල් මිනිස්සුන්ව මරන්න පුලුවන්. ඒක ළමා මනසට හොඳ නෑ ! මේ ක්‍රීඩාවේ සංගීතයන් ගත්තොත් අතිවිශිෂ්ඨ මට්ටමක තිබුණා. ඒ ඒ සංස්කෘතියට ගැලපෙන විදිහට තමයි, ඒ ඒ අදියරවලදි පසුබිම් සංගීතය වාදනය වුණේ.

22. Half Life 01 (1998)
Half Life පරිගණක ක්‍රීඩා මාලාව, සාමාන්‍යයෙන් එළිදක්වන්නෙ Counter Strike පරිගණක ක්‍රීඩා මාලාවට සමගාමීව වගේ. Horror Games කැටගරියට අයිති වෙන 1998 අවුරුද්දේ එළිදක්වපු Half Life පරිගණක ක්‍රීඩාව තමයි, මේ ක්‍රීඩා මාලාවේ පළවෙනි කොටස විදිහට හඳුන්වන්නෙ.
අපි මේකෙ පාලනය කරන්නෙ Gordon Freeman කියලා භෞතික විද්යාඥයෙක්වයි. මෙයා වැඩ කරන්නෙ අධිම අධි ආරක්ෂිත කලාපයක තියෙන, ගොඩක් රහසිගත පරීක්ෂණාගාරයකයි. මේ පරීක්ෂණාගාරයේ කරපු ලොකු පරීක්ෂණයක් වැරදිලා වෙන ග්‍රහලෝකයකට තාරකා දොරටුවකින් සම්බන්ධ වෙනවා. ඊට පස්සෙ මේක හරහා ඒ ග්‍රහලෝකයේ ඉන්න එක එක ප්රමාණවල, එක එක ජාතියේ, අති භයානක පිටසක්වල ජීවීන්, පරීක්ෂණාගාරයට එන්න ගන්නවා. ඒ නිසා මේ පරීක්ෂණාගාරය එක එක පිපිරීම් සහ කාන්දුවීම්වලට ලක් වෙලා විනාශ වෙන්න ගන්නවා. ආරක්ෂක නිළධාරීන් සහ විද්‍යාඥයන් ගොඩක් මැරෙනවා. සමහරු තැන් තැන්වල කොටු වෙනවා.
මේ අතරේ මේ සිද්ධිය යටගහන්න සහ මේ තොරතුරු එළියට යන එක නතර කරන්න, පරීක්ෂණාගාරයේ ඉන්න ඔක්කොම නිළධාරීන්ව මරන්න, රජයෙන් මැරීන් සෙබළු එවනවා. මේ ඔක්කොම අස්සෙ අපිට තියෙන්නෙ පිටසක්වල ජීවීන්ව විනාශ කරමින්, ඔවුන්ගෙන් බේරිලා, තැන් තැන්වල කොටුවෙලා ඉන්න ආරක්ෂක නිළධාරීන් සහ විද්‍යාඥයන්ගේ උපදෙස් / සහය ඇතුව, එක එක විදිහේ ප්‍රහේලිකා විසඳගෙන, මැරීන් සෙබළුන්ගෙන් බේරිලා, තාරකා දොරටුව වහලා දාලා, මේ ප්‍රදේශයෙන් පැන ගන්නයි.
ඒ කාලයේ හැටියට නම් අනිත් පරිගණක ක්‍රීඩාවලට සාපේක්ෂව මේ පරිගණක ක්‍රීඩාවේ Graphics අතිවිශිෂ්ඨ මට්ටමක තිබුණා. Sound Effects එහෙමත් ගොඩක් හොදයි. විරූපී පිටසක්වල ජීවීන් නිසා මුලදි ගොඩක් බය හිතුණත්, ඇස් ඒ රූපවලට හුරු වුණාම, ඒ බය නිකන්ම ඇරිලා යනවා.

23. Quake 02 (1997)
1996 අවුරුද්දේ නිර්මාණය වුණු Quake පරිගණක ක්‍රීඩාවේ දෙවෙනි කොටස විදිහට තමයි, 1997 අවුරුද්දෙදි Quake 2 පරිගණක ක්‍රීඩාව නිර්මාණය වෙන්නෙ. හැබැයි මේ දෙක අතරෙ කිසිම සම්බන්ධයක් නෑ. මේ කතාවට අනුව එක්තරා ග්‍රහලෝකයක ඉන්න පිටසක්වල ජීවීන් පිරිසක් සැලසුම් කරනවා අපේ පෘතුවිය ආක්‍රමණය කරන්න. මේ විනාශය වෙන්න කලින්, පෘතුවියෙන් ඒ ග්‍රහලෝකයට කරන ආක්‍රමණයක් ගැන තමයි මේ කතාවෙ තියෙන්නෙ. අපි ක්‍රියා කරවන්නෙ මේ ආක්‍රමණයට සහභාගී වෙන මැරීන් සොල්දාදුවෙක්වයි. ඉතින් එක එක විදිහේ පිටසක්වල ජීවීන්ව සහ ඒ අයගේ ලොක්කො ටික විනාශ කරගෙන තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නෙ. සමහරක් තැන්වල ප්‍රහේලිකා විසදන්න තිබුණා. ඒ වගේම එක එක සන්ධිස්ථානවලදි අපිට එක එක විදිහේ පිටසක්වල ජීවීන්ගේ ආයුධ හම්බවෙනවා. ඒවා පාවිච්චි කරන්න පුලුවන්කම තිබුණා.
Graphic පැත්ත හොදටම තිබුණා. රූප ගැන කිසිම අඩුපාඩුවක් තිබුණෙ නෑ. මට නම් ඇත්තටම ආක්‍රමණයක ඉන්නවා කියන හැගීම දැනුණා. මේක ලොකු පරිගණක ක්‍රීඩාවක් වගේ පෙනුනත්, හරිම පුංචි කාලයක් ඇතුළත ඉවර කරගන්න පුලුවන්. අපි මුලින් සඳහන් කළා Doom ගැන. ඒ වගේම Half Life ගැන. Half Life පරිගණක ක්‍රීඩාව නිර්මාණය වෙන්නෙ Doom සහ මේ කියන Quake පරිගණක ක්‍රීඩාවලින් එකතු කරගත්ත සංකල්ප කිහිපයක ප්‍රතිපලයක් විදිහටයි.

24. The House of The Dead (1996)
The House of The Dead පරිගණක ක්‍රීඩා මාලාවේ පළවෙනි ක්‍රීඩාව තමයි මේ. නිර්මාණය වුණේ 1996 අවුරුද්දෙ. Horror Games කැටගරියට අයිති වෙන, භයානක ක්‍රීඩාවක් විදිහට නම් කරලා තිබුණත්, ආරම්භයේ ඉදලා අවසානය වෙනකන්ම සෙල්ලම් කරලත්, මම නම් බය හිතෙන දෙයක් දැක්කෙ නෑ.
කතාව ගැන කෙටියෙන් කියනවා නම්, මේ කතාව දිග ඇරෙන්නෙ අති විශාල බංගලාවක් ඇතුළෙයි. එක විද්‍යාඥයෙක් මේ බංගලාවෙ ඉදගෙන පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණවල ප්‍රතිපල නිසා උමතු වෙන විද්‍යාඥයා, මේ පරීක්ෂණ ගොඩක් භයානක විදිහට කරන්න ගන්නවා. මේ අතරේ Thomas Rogan කියලා කෙනෙක්ට, එයාගෙ පෙම්වතියගෙන් දුරකතන පණිවිඩයක් හම්බවෙනවා. ඉතින් Thomas, එයාගෙ යාලුවත් එක්ක මේ බංගලාවට එනවා. එතනදි එයාලා දකිනවා ලොකු සතෙක්, පෙම්වතියව අරගෙන පියාඹලා, බංගලාවෙ උඩ තට්ටුවට යනවා. ඊට පස්සෙ එයාව බේරගන්න Thomas සහ එයාගෙ යාලුවා, බංගලාව ඇතුළට යනවා. එතන ඉදලා තමයි ක්‍රීඩාව පටන් ගන්නෙ.
මේ ක්‍රීඩාව 2 Player සෙල්ලම් කරන්න පුලුවන්. ක්‍රීඩාවේ එක එක විදිහේ අමුතු සහ භයානක සත්තු ඉන්නවා. මේ හැම කෙනෙක්ගෙම දුර්වල ස්ථානයක් තියෙනවා. ඒක සළකුණු කරලා තියෙන්නෙ රතු පාට පැල්ලමකින්. අපි වෙඩි තියන්න ඕන අන්න එතනටයි. අවි විදිහට තිබ්බෙ වට 6ක් තියෙන පිස්තෝලයක් විතරයි. එක එක කඩඉම් පහු කරනකොට, විශාල ප්‍රමාණයේ අමනුස්සයො (Boss) එක්ක සටන් කරන්න වෙනවා. ඒ අතරෙ විශාල ඇගපත තියෙන රොබෝලා වගේ අය, විශාල මකුළුවො, විශාල වවුලො එහෙම හිටියා මතකයි.

25. Delta Force 01 (1998)
Delta Force පරිගණක ක්‍රීඩා මාලාවේ පළවෙනි පරිගණක ක්‍රීඩාව එළිදැක්වෙන්නෙ 1998 අවුරුද්දෙදියි. මේ තමයි මම සෙල්ලම් කරපු පළවෙනි මහා පරිමාණ පරිගණක ක්‍රීඩාව. මේකෙ මෙහෙයුම් 40ක් විතර තිබුණා. සුපිරිම සුපිරි War Game එකක්. මේකෙ කාන්තාරවල මෙහෙයුම් තිබුණා. වනාන්තරවල මෙහෙයුම් තිබුණා. තැනිතලාවල මෙහෙයුම් තිබුණා. කඳු ආශ්රිත පරිසරවල මෙහෙයුම් තිබුණා. දැඩි අව් රශ්මියේ වගේම හිම වැටෙන පරිසරයන්වලත් මෙහෙයුම් තිබුණා. රාත්‍රී කාලයේ කරන මෙහෙයුම් ගොඩක් තිබුණා.
මෙහෙයුමේ අරමුණ අනුවත් මෙහෙයුම් ස්වභාවය වෙනස් වුණා. මොකක් හරි විශේෂිත උපකරණයක් වගේ දෙයක් හොයාගෙන යන මෙහෙයුම් තිබුණා. ත්රස්තවාදීන්ගේ කදවුරු විනාශ කරලා යටත් කරගැනීමේ මෙහෙයුම් තිබුණා. ත්‍රස්තවාදී නායකයන්ව ප්‍රාණඇපයට අරගැනීමේ මෙහෙයුම් තිබුණා. විශේෂ පුද්ගලයන්ව ආරක්ෂා කරගැනීමේ මෙහෙයුම් තිබුණා. රථ පෙළපාලි හෝ ත්‍රස්තවාදී නායකයන් හෝ ත්රස්තවාදීන්ගේ විශේෂිත උපකරණ වගේ දේවල් විනාශ කිරීමේ මෙහෙයුම් තිබුණා. ඒ ඒ මෙහෙයුම අනුව පාවිච්චි කරන ඇදුම් පැළදුම් වගේම ආයුධත් වෙනස් වුණා. මේ ක්‍රීඩාව නිසා ආයුධ සම්බන්ධ ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. Granade විදින තුවක්කු ගැන, තුවක්කුවේ Semi සහ Auto Switches ගැන, හඬ රහිත තුවක්කු සහ පිස්තෝල ගැන, Sniper තුවක්කු ගැන, Claymore ගැන, දුරස්තපාලක බෝම්බ ගැන, Machine තුවක්කු ගැන, Rocket Launchers ගැන.......
මේ පරිගණක ක්‍රීඩාව පොඩ්ඩක්වත් අපට කම්මැලි වුණේ නෑ. ඒකට හේතු ගණනාවක් තිබුණා. අපිට මේකෙ අපේ සහායට කණ්ඩායම් දෙකක් දීලා තිබුණා. ඒ තමයි Alpha කණ්ඩායම සහ Charlie කණ්ඩායම. එක කණ්ඩායමක දෙන්නා ගාණෙ, හතර දෙනෙක් හිටියා. ඒ වගේම අපේ සහායට ගුවන් ප්‍රහාර හම්බුණා. අනිත් Delta Force පරිගණක ක්‍රීඩාවල ත්රස්තවාදීන් ගොඩක්ම ක්‍රියාකාරී වුණේ නෑ. හැබැයි මේකෙ තමයි ක්‍රියාකාරීම ත්රස්තවාදීන් හිටියෙ. අනිත් පරිගණක ක්‍රීඩාවල මළ සිරුරු, ටික වේලාවකින් අතුරුදහන් වුණත්, මේ ක්‍රීඩාවේ එහෙම අතුරුදහන්වීමක් වුණේ නෑ. ගස්වලට වෙඩි තිබ්බම ගස් කඩන් වැටුණා. වතුරවලට වෙඩි තිබ්බම වතුර හෙලවුණා. ගෘහ භාණ්ඩවලට වෙඩි තිබ්බම ඒවා කුඩු වුණා. වන සතුන්ගේ ශබ්ද ඇහුණා. ඒ නිසා ක්‍රීඩාවේ සජීවී බව ආරක්ෂා වුණා. පිපුරුම් එහෙම වෙනකොට බලන් ඉන්න ගොඩක් ආස හිතුනා. ඒවා ඒ තරමටම සජීවීයි. ඒ වගේම හමුදාවේ පාවිච්චි වෙන වචන සහ ඒවායේ අදහස් එහෙමත් ගොඩක් ඉගෙන ගත්තා.
මේ පරිගණක ක්‍රීඩාව නිසා ඒ කාලයේ War Gamesවල ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වුණා. ඊට පස්සෙ එක දිගටම Delta Force පරිගණක ක්‍රීඩා එන්න ගත්තා. ඒ අතරින් ඇග්ෆන් යුද්ධය ගැන තියෙන, Task Force Dagger (2002) සහ සෝමාලියාවේ මොගඩිෂූ යුද්ධය ගැන තියෙන Black Hawk Down (2003) විශේෂ තැනක් ගත්තා. අන්තිමටම ආපු Delta Force Xtreme ක්‍රීඩා මාලාවේ, පළවෙනි කොටසෙ මෙහෙයුම් ටික නිර්මාණය වුණේ Delta Force 01 පරිගණක ක්‍රීඩාවේ තියෙන මෙහෙයුම් ටිකම වැඩිදියුණු කරලයි. තවත් දිගටම Delta Force පරිගණක ක්‍රීඩා නිර්මාණය වුණා නම් අද වෙනකොට ගොඩක් දුරට Call of Duty, Battlefieldවලට වඩා උසස් මට්ටමක තියෙන්න පුලුවන්කම තිබුණා කියන එකයි මගේ අදහස.

ඉතින් ඔන්න ඔහොම තමයි 90 දශකයේ පරිගණක ක්‍රීඩා ගැන මගේ මතකය. 90 දශකය කියලා මම අදහස් කළේ 1990 ඉදලා 2000 වෙනකන් නිර්මාණය වුණු පරිගණක ක්‍රීඩායි. ඒවායෙන් හිතේ තදින්ම රැදුනු ක්‍රීඩා 25ක් හරිම අමාරුවෙන් තෝරලා බේරලා අරගෙන තමයි මේ ලිපිය ලියලා තියෙන්නෙ. 2000 - 2004 කාලය ගත්තොත්, ඒක වෙනමම කාලයක්. ඒ කාල පරාසයේදී පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ ලොකු පෙරලියක් වුණා. ඒ කාලයේ නිර්මාණය වුණු පරිගණක ක්‍රීඩා ගැන කියනවා නම් තවත් ලිපි ගණනාවක්ම ලියන්න වෙනවා.
ඔයාලට හිතෙනවා ඇති මේ ලිපිය අංග සම්පූර්ණ නෑ කියලා. ඒක මමත් පිළිගන්නවා. ඒකට හේතුව තමයි මේ ලිපියේ Age of Empires 01 (1997) පරිගණක ක්‍රීඩාව ගැන කිසිම සඳහනක් නොමැතිවීම. ඒ, මේ වෙනකනුත් ඒ පරිගණක ක්‍රීඩාව මම සෙල්ලම් කරලා නැති නිසයි.
ඒ කාලෙ හරිම සුන්දරයි. මේ ලිපිය හරහා ඔයාලත් ඒ සුන්දර අතීතයට පිය මනින්න ඇති කියලා හිතනවා. මේ පරිගණක ක්‍රීඩා ගොඩක් පරණයි. ඒත් අද නිර්මාණය වෙන සුපිරි පරිගණක ක්‍රීඩා හැම එකකටම අඩිතාලම වැටුණේ, මේ පරිගණක ක්‍රීඩා හරහායි. විශේෂයෙන්ම Counter Strike, Half Life, Hitman, Resident Evil, Sims, Need for Speed වගේ පරිගණක ක්‍රීඩා තවමත් අඛන්ඩව ඉදිරියට ඇදෙමින් යනවා. ඉතින් ඔයාලගෙ මතකයන් එහෙමත් පහළින් අපිත් එක්ක බෙදා හදා ගන්න කියලා ඉල්ලීමක් කරන අතරෙම, ලිපිය අවසානයේදී ඒ කාලයේ සෙල්ලම් කරපු තවත් පරිගණක ක්‍රීඩා කිහිපයක් මේ විදිහට ප්‍රදර්ශනය කරගෙනම යන්න හිතුවා.

|
|