ජුරාසික් පාර්ක් වැරදි
මයිකල් ක්‍රයිටන්ගේ කෘතියකට අනුව, 1993 අවුරුද්දේ ස්ටීවන් ස්පිල්බර්ග් එළිදක්වපු "ජුරාසික් පාර්ක්" චිත්‍රපටය කියන්නෙ, ලෝක චිත්‍රපට ඉතිහාසයේ නිර්මාණය වුණු අති දැවැන්තම සහ විශිෂ්ටතම චිත්‍රපටවලින් එකක්. අදටත් ජුරාසික් පාර්ක් කතා මාලාවේ අනිත් චිත්‍රපටවලට සාපේක්ෂව, ජුරාසික් පාර්ක් පළවෙනි චිත්‍රපටය ඉදිරියෙන්ම ඉන්නවා සහ ලෝකයේ වැඩි පිරිසක් ආදරය කරනවා. ඒ, තාක්ෂණය දියුණු යැයි සම්මත කර නොගත්ත කාලයක වුණත්, ඒ චිත්‍රපටයේ ඉන්න ඩයිනෝසරයන් 200%ක් සජීවී වීම. ඒ වගේම ශබ්ද පරිපාලනය, සංගීත නිර්මාණ, රූප රචනා සහ කැමරාකරණය, දෘෂ්‍ය නිර්මාණ, පසුබිම් නිර්මාණ, ප්‍රසිද්ධ නළු නිළි පිරිස වගේ දේවලුත් ඒ විශිෂ්ටත්වයට දායක වුණා.
ඩයිනෝසෝරයන් ගැන කතා කරනකොට, ජුරාසික් පාර්ක් නිෂ්පාදන කණ්ඩායමට තිබුණු ලොකුම අභියෝගය තමයි, ලෝකයේ එක එක ස්ථානවලින් හොයාගෙන තියෙන, ඩයිනෝසෝර ඇටසැකිලි පදනම් කරගෙන, චිත්‍රපටයට සුදුසු යැයි හැගෙන මන:කල්පිත රූප ගොඩනැගීම. මොකද ඇටසැකිල්ලකින් වුණත්, එයාලගේ ශරීරයන් ගැන 100%ක දළ අදහසක් ගන්න බෑ වගේම, එයාලාගෙ ශරීර වර්ණය, හඬ, භාහිර ශරීර අංග, විශේෂ හැකියාවන් ගැන වුණත් අදහසක් ගන්න බෑ. ඒ නිසා ජුරාසික් පාර්ක් නිෂ්පාදන කණ්ඩායමට සිද්ධ වුණා "මෙහෙම වෙන්න ඇති" කියලා උපකල්පනය කරගෙන, ඇටසැකිලි ආධාරයෙන්, ඩයිනෝසෝරයන්ව ප්‍රති නිර්මාණය කරන්න.

මේ ප්‍රති නිර්මාණය කිරීම් කොච්චර හොඳට වුණාද කියනවා නම්, 1993 අවුරුද්දෙ ඉදලා අදටත් ටී රෙක්ස්, බ්‍රැකියොසෝරස්, රැප්ටර් වගේ නම් ඇහෙනකොට, ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ඉන්න ඩයිනෝසෝරයන්වයි. ඒ වගේම 1993 අවුරුද්දෙ ඉදලා අද වෙනකන් ඩයිනෝසෝරයන් ගැන නිර්මාණයවෙලා තියෙන චිත්‍රපට, වාර්තාමය වැඩසටහන්, වීඩියෝ, පරිගණක ක්‍රීඩා, පුවත්පත්, පොත්පත්, සගරා, ඇඳුම් පැලදුම්, සෙල්ලම් බඩු, පිගන් කෝප්ප 99%කටම වගේ පාවිච්චි කරලා තියෙන්නෙ ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ඉන්න ඩයිනෝසෝරයන්ගේ ශරීර ස්වභාවය, වර්ණ සහ හඬවල්.
මේ ලිපියේ ප්‍රධාන සහ එකම අරමුණ තමයි "ජුරාසික් පාර්ක්" පළමු චිත්‍රපටයේ ඉන්න ඩයිනෝසෝරයන් ගැන තියෙන වැරදි සහ අඩුපාඩු සාකච්ඡා කරන එක. මොකද චිත්‍රපටයකින් වැරදි දෙයක් සමාජගත වුණාම, ඒක බලන රසිකයො, "ඒ කරුණු ඇත්ත" කියලා ගොඩක්වෙලාවට පිළිගන්නවා. මොකද ඒ අය විශ්වාස කරනවා, හැම නිර්මාණකරුවෙක්ම ඒ ඒ නිර්මාණ කරන්නෙ, ඒ ඒ සත්තු ගැන අධ්‍යනය කරලා, ඇත්ත සාධක විතරක් අරගෙන කියලා. ඉතින් කලින් කිව්වා වගේම මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නෙ ජුරාසික් පාර්ක් පළමු කොටසේ සතුන්ගේ ඇත්ත ශරීර ස්වභාවය ගැන විද්‍යාඥයො සොයාගත්ත සහ ඔප්පු කරපු කරුණු කිහිපයක් ගැනයි.
මේ සාකච්ඡාවෙන් පස්සෙ ඒ ඒ ඩයිනෝසෝරයන් ගැන ඔයාලට තියෙන වැරදි අවබෝධය නැතිවෙයි. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් මේ චිත්‍රපටයේ ඉන්න වෙන වෙන සත්තුන්ගේ ජාන එකතු කරලා ක්ලෝනීකරණය කරපු ඩයිනෝසෝරයො කියලා. එහෙම වුණාම ඒ අයගේ ශරීර ලක්ෂණ වෙනස් වෙන්න පුලුවන්. හැබැයි මේ චිත්‍රපටයේ මහාචාර්යවරු මේ උද්‍යානයට එන්න කලින් ඉදලම, ඩයිනෝසෝරයො ගැන වැරදි තොරතුරු කිහිපයක් ප්‍රකාශ කරනවා. හැබැයි ඩයිනෝසෝරයන්ගේ අඩුපාඩු තිබුණත්, කලින් කිව්වා වගේම ජුරාසික් පාර්ක් පළමු චිත්‍රපටයේ විශිෂ්ටත්වය ගැන කොහෙත්ම අවතක්සේරු කරන්න බෑ. මේ චිත්‍රපටය, මම කැමති හොදම චිත්‍රපටවලත් ඉහළින්ම ඉන්න චිත්‍රපටයක්.

01. ජුරාසික් යුගය
අධ්‍යනයේ පහසුවට ලෝකය යුගවලට බෙදනකොට අපිට "මෙසොසොයික්" කියලා යුගයක් හම්බවෙනවා. මේ යුගයෙදි තමයි ඩයිනෝසෝරයො ඉදලා තියෙන්නෙ. මේ යුගයත් කොටස් තුනකට බෙදෙනවා ට්‍රයෑසික් යුගය, ජුරාසික් යුගය, ක්‍රිටේසියස් යුගය කියලා.
ට්‍රයෑසික් යුගය කියන්නෙ මීට අවුරුදු මිලියන 252ත් 200ත් අතර තිබුණු කාල වකවානුවටයි. මේ කාලයේ තමයි උරග ව්‍යාප්තියේ වර්ධනය සහ මුල් ඩයිනෝසෝරයන්ගේ ආගමනය සිද්ධ වෙලා තියෙන්නෙ. මීට අවුරුදු මිලියන 200ත් 145ත් අතර කාල වකවානුවට අයිති ජුරාසික් යුගයෙදි පක්ෂීන් සහ ක්ෂීරපායී සතූන්ගේ පිබිදීම සිද්ධවෙලා තියෙනවා. අන්තිම කාලය, ඒ කියන්නෙ ක්‍රිටේසියස් අවධිය වෙනකොට ලෝකයේ හිටපු අන්තිම ඩයිනෝසෝරයො වර්ග කිහිපය ජීවත්වෙලා ඉදලා තියෙනවා. ඒ කියන්නෙ මීට අවුරුදු මිලියන 145ත් 66ත් අතර කාලයේදියි.
මේ චිත්‍රපටයේ නමට සහ උද්‍යානයේ නමට "ජුරාසික් පාර්ක්" කියලා දැම්මත්, ජුරාසික් පාර්ක් පළමු චිත්‍රපටයේ පෙන්නපු සමස්ථ ඩයිනෝසෝරයන්ගෙන්, ජුරාසික් යුගයට අයිති වෙන්නෙ, මෙන්න මේ අය විතරයි.

එතකොට අනිත් අය? ඒ හැම කෙනෙක්ම අයිති වෙන්නෙ ක්‍රිටේසියස් යුගයටයි.
02. Tyrannosaurus Rex
ජුරාසික් පාර්ක් පළවෙනි චිත්‍රපටයේ විතරක් නෙවේ, සමස්ථ චිත්‍රපට මාලාවේම හැමෝගේම අවධානයට ලක් වුණු වඩාත්ම ජනප්‍රිය ඩයිනෝසෝරයා විදිහට ටයිරනසෝරස්ව හඳුන්වන්න පුලුවන්. ඒ, ටයිරනසෝරස් හෙවත් ටී රෙක්ස්ගේ විශාලත්වය, රෞද්‍ර ඇස් සහ උල් දත්, කෑ ගහන සහ ඇවිදින ශබ්දය වගේ දේවල් නිසයි.
ජුරාසික් පාර්ක් නිෂ්පාදක කණ්ඩායම, ටී රෙක්ස්ගේ ශබ්දය නිර්මාණය කරන්න ප්‍රධාන වශයෙන් යොදාගෙන තියෙන්නෙ පුංචි අලි පැටියෙක් කෑ ගහන ශබ්දයක්, කොටියෙක් කෑ ගහන ශබ්දයක්, කිඹුලෙක් ගොරවන ශබ්දයක් සහ බලු පැටියෙක් ගොරවන ශබ්දයක්.
වර්ණ දෙකක වගේ මිශ්‍රණයක් සහිත දෘෂ්‍යමාන හමක් තියෙන ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ ටී රෙක්ස්ගේ පෙනීම, සාමාන්‍ය පෙනීමකට වඩා වෙනස්. තාප සහ උෂ්ණත්ව වර්ණ විතරක් පේන එයාගේ ඇසට චලනය වෙන්නෙ නැති දේවල් පේන්නෙ නෑ. ඔයාලට මතක ඇති ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ආචාර්ය ඇලන් ග්‍රාන්ට් සහ ලෙක්ස්, ටී රෙක්ස්ගෙන් බේරෙන්න, චලනය වෙන්නෙ නැතුව ගල් ගැහිලා ඉන්න දර්ශනයක්.

ඒත් ටී රෙක්ස් හිස් කබල්වල හැඩය, ඇස් කුහරවල පිහිටීම, නාස් කුහරය සහ ඇස් කුහරය අතර දුර ප්‍රමාණය, නාල ආශ්‍රිතව අවුරුදු ගණනාවක් පරීක්ෂණ කරපු විද්‍යාඥයන්ට පුලුවන්වෙලා තියෙනවා ටී රෙක්ස්ගේ පෙනීම ගොඩක් තියුණු මට්ටමක තියෙනවා කියලා නිළ වශයෙන් ප්‍රකාශ කරන්න. විද්‍යාඥයන්ගේ පරීක්ෂණවලට අනුව සැබෑ ටී රෙක්ස්ගේ ඇස් බෝල, ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ටී රෙක්ස්ගේ ඇස් බෝලවලට වඩා ගොඩක් විශාලයි.
ඒ වගේම ටී රෙක්ස්ගේ පෙනීමේ ශක්තිය උකුස්සෙකුගේ පෙනීමේ ශක්තියට වඩා වැඩියි කියලත්, රාජාලියෙකුගේ පෙනීමේ ශක්තියට වඩා වැඩියි කියලත්, මිනිසෙකුගේ පෙනීමේ ශක්තියට වඩා 13 ගුණයකින් වැඩියි කියලත්, තැනිතලාවකදී කිලෝ මීටර 6ක දුරක් පැහැදිලිව පේනවා කියලත් හොයාගෙන තියෙනවා.

උඩින් පල කරලා තියෙන පින්තූරයේ තියෙන්නෙ සැබෑ ටී රෙක්ස්ගේ පෙනුමට බොහෝ දුරට ගැළපෙනවා කියලා පිළිගෙන තියෙන පින්තූරයක්. ටී රෙක්ස් ඩයිනෝසෝරයන්ගේ ඇටකටු ටිකක් ගැඹුරට හාරලා, තියුණු අන්වීක්ෂවලින් අධ්‍යනය කරපු විද්‍යාඥයන්ට පුලුවන්කම ලැබුණා ටී රෙක්ස්ලාගේ වර්ණක හොයාගන්න.
ඒ වර්ණක අධ්‍යනය කරපු විද්‍යාඥයන්ට පුලුවන්කම ලැබිලා තියෙනවා ඒ හරහා ටී රෙක්ස් කෙනෙක්ට කළු හෝ දුඹුරු හෝ ලා පැහැති තීරු (Patches) තිබිලා තියෙනවා කියලා හොයාගන්න. ඒ විතරක් නෙවේ ටී රෙක්ස්ගේ ඇහි බැම ආශ්‍රිත ප්‍රදේශය තැඹිලි පාටයි කියලත්, ඔළුව සහ පිට පුරාවට උෂ්ණත්වය පාලනය කරගන්න අවශ්‍ය විදිහේ කුරුළු පිහාටුවලට ටිකක් සමාන විශාල රෝම කූප තිබිලා තියෙනවා කියලත් මේ වෙනකොට හොයාගෙන ඉවරයි.

ටී රෙක්ස් හිස්කබල්, ශබ්ද නාල, කට පෙදෙසවල් ආශ්‍රයෙන් ටී රෙක්ස්ගේ කට හඬ සහ ශබ්දය ගැන අවුරුදු ගණනාවක් පරීක්ෂණ කරපු විද්‍යාඥයන්ට පුලුවන්කම ලැබිලා තියෙනවා අවුරුදු මිලියන 66කට විතර පස්සෙ ඇත්ත ටී රෙක්ස් කෙනෙක්ගේ ශබ්දය ආයිත් ප්‍රති නිර්මාණය කරන්න. ඇත්ත ටී රෙක්ස්ගේ ශබ්දය, ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ටී රෙක්ස්ගේ ශබ්දයට වඩා සෑහෙන්න අඩුයි. ඇත්ත ටී රෙක්ස්ගේ කට, ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ටී රෙක්ස්ගේ කට තරම විවර වෙන්නෙත් නෑ.
උඩ තියෙන වීඩියෝවේ කාල රාමුවේ 2.30 ඉදලා 3:25 වෙනකන් ඇහුවොත්, ඔයාලට පුලුවන් වෙයි ඇත්ත ටී රෙක්ස් කෙනෙක් පිට කරන ශබ්දය අහන්න. හැබැයි ඒකට හොඳ Ear Phone එකකුත් තියෙන්න ඕන.
ඊටත් අමතරව තවත් එක කරුණක් ගැන කියන්න ඕන. මේ චිත්‍රපටයේ අවස්ථා තුනකදී ටී රෙක්ස් ලුහුබැදීම් කරනවා. පළවෙනි පාර ආචාර්ය ග්‍රාන්ට්ගෙ පස්සෙන් පන්නනවා. දෙවෙනි පාර ආචාර්ය මැල්කම්ගෙ පස්සෙන් පන්නනවා. තුන්වෙනි පාර ආචාර්ය මැල්කම්, ආචාර්ය සැට්ලර් සහ රොබර්ට් මෝල්ඩන්ගේ ජීප් එක පස්සෙන් පන්නනවා. ටී රෙක්ස්ට කිලෝ 15 000ක විතර බර ඇගක් තියෙන නිසා මිනිහෙක්ගේ වේගයට ළගා වෙන්න බෑ කියලා ඉස්සර මතයක් තිබුණා. හැබැයි අලුත් ගණනය කිරීම් අනුව අලුත් මතයක් එළිදක්වලා තියෙනවා, ටී රෙක්ස් කෙනෙක්ට මිනිහෙක් පස්සෙන් පන්නලා, ඒ මිනිහට ළං වෙන්න පුලුවන් කියලා.

03. Velociraptor
වෙලෝසිරැප්ටර් කියන්නෙත් ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාව පුරාවටම දකින්න ඉන්න, ටී රෙක්ස් තරමටම ජනප්‍රිය වුණු ඩයිනෝසෝර විශේෂයක්. ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ වෙලෝසිරැප්ටර් සහ සැබෑ වෙලෝසිරැප්ටර් ගැන සාකච්ඡා කරනවා නම් අපිට පැති කිහිපයකින් සාකච්ඡා කරන්න පුලුවන්. ඒ තමයි ශරීර ප්‍රමාණය, ශබ්දය සහ ශරීර අංග කියන උප මාතෘකා.
ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ වෙලෝසිරැප්ටර් නොහොත් රැප්ටර් ඩයිනෝසෝරයන්ගේ ශබ්දය නිර්මාණය කරලා තියෙන්නෙ අශ්වයෙක් හුස්ම ගන්න ශබ්දයක්, පාත්තයෙක් කෑ ගහන ශබ්දයක්, පිරිමි සහ ගැහුණු ඉබ්බන් දෙන්නෙක් ලිංගික සංසර්ගයේ යෙදෙනකොට පිට කරන ශබ්දයක් මිශ්‍ර කරලයි. ඒ වගේම ඩොල්ෆින් මාලුන්ගේ ශබ්ද, දළ තල්මහෙක්ගෙ ශබ්ද එහෙමත් සුළුවෙන් යොදාගෙන තියෙනවා. චිත්‍රපටයේ මුල් හරියෙ පෙන්වන අලුතෙන් ඉපදුනු රැප්ටර් පැටියාගෙ ශබ්දය නිර්මාණය කරලා තියෙන්නෙ බකමූණු පැටියෙකුගේ ශබ්දයකින්.

ජුරාසික් පාර්ක් පළවෙනි චිත්‍රපටයේ රැප්ටර්ගේ හමේ පාට, ටී රෙක්ස්ගේ වගේම තනි පාටකට සමානයි. උස මීටර් 2කට ආසන්නයි. ඔළුවෙ ඉදලා වලිගයට තියෙන සම්පූර්ණ දිග මීටර 5ක් විතර වෙනවා.
ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ රැප්ටර් කෙනෙක්ගේ උස සහ දිග පිළිවෙලින් මීටර 2ක් සහ 5ක් වුණත්, පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම්වලට අනුව ඇත්ත රැප්ටර් කෙනෙක්ගේ උසේ සහ දිගේ අගයන් වෙන්නෙ පිළිවෙලින් මීටර 0.5ක් සහ මීටර 2ක් විතරයි. ඒ කියන්නෙ මනුස්සයෙක්ට වඩා බොහොම පුංචියි. විද්‍යාඥයො මෙයාව සමාන කරලා තියෙන්නෙ කළුකුමොන්ටයි.

|
|
එහෙම කළුකුමොන්ට සමාන කරන්න රැප්ටරයන්ගේ ප්‍රමාණය වගේම ශරීරයේ හැඩය සහ අවයවත් බලපාලා තියෙනවා. විද්‍යාඥයන් තහවුරු කරලා තියෙන විදිහට රැප්ටරයන් උරගයින්ට වඩා නෑකම් කියන්නේ පක්ෂීන්ටයි.
විද්‍යාඥයන්ගේ නිගමනවලට අනුව අනාවරණය කරගෙන තියෙනවා රැප්ටරයන්ගේ සම්පූර්ණ ශරීරය පුරාම පිහාටු තිබිලා තියෙනවා කියලත්, රැප්ටරයන්ට අත් තටු තිබිලා තියෙනවා කියලත්. හැබැයි එහෙම අත් තටු තිබ්බට, මෙයාලට පියාඹන්න හැකියාවක් තිබිලා නෑ. මේ කරුණ හෙළිකරන්න ගොඩක්ම උදව්වෙලා තියෙන්නෙ රැප්ටර් ඇටසැකිලිවල තිබිලා තියෙන පුංචි පුංචි ගැටිතිවලින් (Quill Knobs).

මේ රැප්ටරයන්ට පියාඹන්න බැරි වුණත් රැප්ටරයන්ගේ මුතුන් මිත්තන්ට පියාඹන්න පුලුවන්කම තිබුණා කියලත්, පසු කාලීන රැප්ටරයන් තමන්ගේ අත් තටු ප්‍රදර්ශනය, කැදලි ආවරණය, කදු නගින්න වගේ අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කරන්න ඇති කියලත් විද්‍යාඥයො මතයක් ගොඩ නගලා තියෙනවා.
ජුරාසික් පාර්ක් රැප්ටරයන් සැබෑ රැප්ටරයන් එක්ක ගත්තම අහසට පොළොව වගෙයි. හැබැයි ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ සැබෑ රැප්ටරයන්ගේ පෙනුම ගැන, චිත්‍රපටය බලන අයට ඉගියකින් ලබා දෙනවා. චිත්‍රපටයේ මුලදි මහාචාර්ය ඇලන් ග්‍රාන්ට්, රැප්ටර් ඇටසැකිල්ලක අංග ලක්ෂණ, කුරුල්ලෙකුගේ අංග ලක්ෂණවලට සමාන කරනවා. ඒ වගේම පුංචි ළමයෙක් ඒ රැප්ටර් ඇටසැකිල්ල, අඩි හයක කළුකුමෙකුට සමාන කරනවා.
කට හඩ ගැන කියනවා නම් ශරීර ලක්ෂණ අනුව රැප්ටර්ලා කුරුල්ලන්ට නෑකම් කියන නිසා, එයාලාගේ ශබ්දයත් කුරුල්ලෙක්ගේ ශබ්දයට සමානයි කියන එක තමයි මේ වෙනකොට තියෙන මතය.

04. Triceratops
ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ට්‍රයිසෙරාටොප්ස් ඩයිනෝසෝරයා සම්බන්ධව තියෙන එකම වැරැද්ද මළපහ සම්බන්ධ ප්‍රශ්නයක්. මේ චිත්‍රපටයේ ලෙඩ වෙලා ඉන්න ට්‍රයිසෙරාටොප්ස්ගේ ලෙඩේ හොයන්න, ආචාර්ය එලී සැට්ලර්, ට්‍රයිසෙරාටොප්ස්ගේ මළපහවලට අතදාලා අවුස්සන දර්ශනයක් තියෙනවා. මෙතනදි ට්‍රයිසෙරාටොප්ස්ගේ මළපහ කියලා පෙන්නන්නෙ, ට්‍රයිසෙරාටොප්ස්ටත් වඩා ලොකු මළපහ ගොඩවල් හතරක් පහක්.
ජීව විද්‍යාත්මකව ඒ දර්ශනය සාර්ථක නෑ. මේ වගේ ඕනිම සතෙක් මළපහ කරනවා නම්, ඒ පිටවෙන මළපහ, ඒ සතාගේ ගුද මාර්ගයේ ප්‍රමාණයට සමාන හෝ කුඩා වෙන්න ඕන.

ඊට අමතරව ඔයාලගෙ දැනුමට කාරණා දෙක තුනක් කියනවා නම් චිත්‍රපටයේ මේ ඩයිනෝසෝරයාගේ ශබ්දය නිර්මාණය කරලා තියෙන්නෙ හරක් කෑ ගහන ශබ්දවලින්, රෝල් කරපු ඝනකම් Cardboard කෑල්ලකට කට ළං කරලා පිඹිනකොට ඇතිවෙන ශබ්දයකින්, චිත්‍රපටයේ ශබ්ද පරිපාලකවරයා හුස්ම ගන්න ශබ්දයෙන් සහ චිත්‍රපටයේ ශබ්ද පරිපාලකවරයාගේ යාලුවෙක් ගොරවන ශබ්දයෙන්.
ඊට අමතරව ට්‍රයිසෙරාටොප්ස් කියලා ඩයිනෝසෝරයෙක් නැහැ කියලත්, ට්‍රයිසෙරාටොප්ස් කියන්නේ ටෝරොසෝරස් කියන ඩයිනෝසෝරයාගේ මුල් අවධියක් කියලත් පිළිගැනීමක් තියෙනවා. මේකට හේතු වෙන්නෙ ට්‍රයිසෙරාටොප්ස් හිස් කබල ටෝරොසෝරස් හිස් කබලට වඩා කුඩා ප්‍රමාණයෙන් යුක්තවීම සහ එකම අංග ලක්ෂණවලින් පරිපූර්ණවීමයි. ඒත් මේ මතය ප්‍රතික්ෂේප වුණු මතයක් විදිහටයි ගොඩක් විද්‍යාඥයො විශ්වාස කරන්නෙ.

05. Brachiosaurus
ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේම උසම ඩයිනෝසෝරයා විදිහට නම් දරලා ඉන්නෙ බ්‍රැකිඔසෝරස් ඩයිනෝසෝර විශේෂයයි. ඒ වගේම ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ චිත්‍රපට රසිකයන් දැකපු පළවෙනි ඩයිනෝසෝරයා වෙන්නෙත් (සම්පූර්ණ ශරීරයෙන්), බ්‍රැකිඔසෝරස්ම තමයි.
මේ චිත්‍රපටයේ පළවෙනියටම බ්‍රැකිඔසෝරස් පෙන්වන අවස්ථාවේදී, බ්‍රැකිඔසෝරස් පිටිපස්සෙ කකුල් දෙකෙන් ඉස්සිලා ලොකු ගහක කොළ අත්තක් කඩා ගන්න දර්ශනයක් තියෙනවා. විද්‍යාඥයන්ගේ ගණනය කිරීම්වලට අනුව මේ වර්ගයේ වැඩුණු ඩයිනෝසෝරයෙක්ගේ බර ටොන් 35-80ක් විතර වෙනවා. මේ වගේ ඩයිනෝසෝරයෙක්ට, පිටිපස්සෙ කකුල්වලින් ඉස්සෙන්න හැකියාවක් නෑ. ඒ අධික බර නිසා.
ඒ විතරක් නෙවේ, මේ ඩයිනෝසෝරයා මේ විදිහට කඩාගන්නෙ යියුකලිප්ටස් ගහක අත්තක්. යියුකලිප්ටස් ගස්වල කොළ ගොඩක් සත්තුන්ට විෂයි කියලත් මතක තියාගන්න ඕන. හැබැයි මේ චිත්‍රපට දර්ශනය නිසා චිත්‍රපටයට ලොකු අනන්‍යතාවයක් සහ වටිනාකමක් එකතු වුණා කියලා නම් කියන්න පුලුවන්.

චිත්‍රපටයේ මැද දර්ශනයක් තියෙනවා ආචාර්ය ග්‍රාන්ට්, ටිම් සහ ලෙක්ස් බ්‍රැකිඔසෝරස් කෙනෙක්ට කොළ කවන දර්ශනයක්. මේ දර්ශනයේදී බ්‍රැකිඔසෝරස් කොළ හපන්නෙ හක්කෙ වමට සහ දකුණටයි. ඒත් බ්‍රැකිඔසෝරස් ඇටසැකිළි පරික්ෂා කරපු විද්‍යාඥයන්ගේ මතය අනුව බ්‍රැකිඔසෝරස්ලට කෑම හක්කෙ වමට සහ දකුණට යැවීමේ හැකියාවක් නෑ.
බ්‍රැකිඔසෝරස්ලා ගැන ඉස්සර කියවපු ලිපියක තිබුණා එයාලට කිහිඹුම් යන්නෙ නෑ කියලා. ඒත් මේ දර්ශනයේදී නම් කිහිඹුමක් යනවා. කිහිඹුම් යන්නෙ නෑ කියන තොරතුර ගැන 100%ක් සාධක නැති නිසා, ඒ සිද්ධිය මේ ලිපියෙදි සාකච්ඡා කරන්නෙ නෑ.
මේ චිත්‍රපටයේ බ්‍රැකිඔසෝරස්ගේ ශබ්දය නිර්මාණය කරලා තියෙන්නෙ බූරුවෙක් කෑ ගහන ශබ්දයකින්.

06. Gallimimus
ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ මැද දර්ශනයකදී අපිට දකින්න පුලුවන් කලබල වෙලා කෑ ගහන වෙළඹකගේ ශබ්දයකින් නිර්මාණය කරපු හඩවල් සහිත ගැලිමයිමස් වර්ගයේ ඩයිනෝසෝරයන් රංචුවක්. ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ගැලිමයිමස් ඩයිනෝසෝරයො සමන්විත වෙන්නෙ වර්ණ දෙකක් විතර මිශ්‍රවෙලා ආපු වර්ණයකින්.
ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ මේ ඩයිනෝසෝරයන්ගේ උස මීටර 3ක්. ඒත් සැබෑ ඩයිනෝසෝරයන්ගේ උස මීටර 4ක් විතර වෙනවා. සැබෑ ගැලිමයිමස් ඇටසැකිල්ලේ අත්, ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ගැලිමයිමස්ලගෙ අත්වලට වඩා පොඩ්ඩක් පොඩියි.

ගැලිමයිමස්ලව සමාන කරලා තියෙන්නෙ අද කාලෙ ඔස්ට්‍රිච් කුරුල්ලොන්ටයි. වෙලෝසිරැප්ටර්ලා අයිති කුලකයටම ගැනෙන ගැලිමයිමස්ලටත්, වෙලෝසිරැප්ටර්ලට වගේම පිහාටු සහ අත්තටු තිබුණා කියලත්, වෙලෝසිරැප්ටර්ලට වගේම ඉගිලෙන්න හැකියාවක් තිබිලා නෑ කියලත් විද්‍යාඥයො මේ වෙනකොට හොයාගෙන තියෙනවා.
ඒ වගේම සැබෑ ගැලිමයිමස්ගෙ ඇස් බෝල, චිත්‍රපටයේ ගැලිමයිමස්ගේ ඇස් බෝලවලට වඩා විශාලයි කියලත්, සැබෑ ගැලිමයිමස්ගේ කට, චිත්‍රපටයේ ගැලිමයිමස්ගේ කටට වඩා කුරුල්ලෙක්ගේ හොටක පෙනුමක් අරගන්නවා කියලත් මතක තියාගන්න ඕන.
චිත්‍රපටයේ ගැලිමයිමස්ල වේගයෙන් දුවන් ඇවිත් එක පාරටම වංගුවක් අරගන්න වෙලාවෙ, ගැලිමයිමස්ල කුරුල්ලෙක්ට සමාන කරන පොඩි ඉගියක්, ආචාර්ය ග්‍රාන්ට් ප්‍රකාශ කරනවා. ඒ, "උන් හරියට කුරුල්ලො රංචුවක් වගේ" කියලයි.

07. Dilophosaurus
ඩයිලොෆොසෝරස් කියන්නෙ ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ සුවිශේෂ අනන්‍යතාවයක් ගොඩ නගාගත්ත, සිත් ගන්නා සුළු, ඒත් ගොඩක් භයානක ඩයිනෝසෝරයෙක්. ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ඩයිලොෆොසෝරස්ගේ උස මීටර් 1.5ක් සහ දිග මීටර් 2.5ක් වෙනවා. ඒ කියන්නෙ මිනිහෙක්ට වඩා බොහොම පුංචියි. ඒත් සැබෑ ඩයිලොෆොසෝරයන්ගේ ශරීර ප්‍රමාණය මීට වඩා වෙනස්. සැබෑ ඩයිලොෆොසෝරයන්ගේ උස මීටර 5ක් සහ දිග මීටර 6ක් වෙනවා කියලයි පුරාවිද්‍යාඥයන් හොයාගෙන තියෙන්නෙ.
චිත්‍රපටයේ ඩයිනෝසෝරයාගේ ශබ්දයට රැට්ල් සර්පයෙක්ගේ (Rattle Snake) ශබ්දයක්, උකුස්සෙක්ගේ ශබ්දයක් සහ හංසයෙක්ගේ ශබ්දයක් යොදාගෙන තියෙනවා.
චිත්‍රපටයේ ඩයිලොෆොසෝරයා තමන්ටම ආවේනික චරිතයක් ගොඩ නගාගෙන තියෙන්නෙ විෂ විදීමේ හැකියාව නිසා සහ බෙල්ලෙ තියෙන රැලි සහිත හම කුඩයක් වගේ දිගාරින්න සහ අකුලන්න පුලුවන් නිසයි. මේවා මේ සතාට තියෙන වටිනාකම වැඩිවෙන්න චිත්‍රපට නිර්මාණකරුවන් භාවිතා කරපු අංග ලක්ෂණ මිසක්, සැබෑ ඩයිලොෆොසෝරයන්ට මෙහෙම හැකියාවන් තිබුණා කියලා තවමත් විද්‍යාත්මකව ඔප්පු කරලා නෑ. මේ වගේ මාතෘකා සඳහා ඉහළම ඝනයේ Facebook Page එකක් වෙන පරිණාමික දිනපොත Facebook Page එකේ ඩයිලොෆොසෝරයන් ගැන පල කරපු සටහනක මෙහෙම තිබුණා.
" චිත්‍රපටයේ පෙන්වන සත්වයාට විෂ විදීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ කාරණය විද්‍යාත්මකව සනාථ කල කාරණයක් නොවෙයි. එසේනම් චිත්‍රපටයේ සත්වයාව එලෙස නිරූපණය වන්නෙ ඇයි ? අස්ථි විද්‍යාත්මකව නිරීක්ෂණය කල විට සත්‍ය ඩිලාෆසෝරස් සත්වයාගෙ ශරීරයට සාපේක්ෂව හනු තෙරපුම ඉතාමත් සුළු බලයක් ලබාදෙන හනු තෙරපුමක්. එ් හේතුවෙන් ඩිලාෆසෝරස් වැනි මාංශභක්ෂක සත්වයෙක් ගොදුරු සෙවීමේදි වෙනත් උපක්‍රමයක් භාවිතා කරන්නට ඇතැයි යන්න ෆොසිල විද්‍යාඤයන්ගෙ මතයක්.
දෙවන කාරණය තමයි ඩිලාෆසෝරයන් සතුව සත්‍යවශයෙන්ම ගෙල වටා රැලි පිහිටීමක් තිබුනාද ? ගෙල වටා රැලි පිහිටන, තමන් අභියෝගයට ලක් වු විට රැලි විහිදිය හැකි උරගයන් වර්තමානයේදිත් ජීවත් වෙනවා. උදාහරණයක් Frilled neck lizards වර්ගයන් දක්වන්න පුළුවන්. නමුත් ඩිලාෆසෝරයන්ට එලෙස පිහිටා තිබුනානම් අදාල ගෙල රැලි සම්බන්ධ වී තිබෙන, සංකෝචන හා ඉහිල් වීම් වලට සබැඳි මාංශ පේශීන් සවි වී තිබු ස්ථාන ගෙල සහ කපාලය අවට අස්ථි තුල සටහන්ව තිබිය යුතුයි. නමුත් එලෙස සටහනක් නෑ. එබැවින් ඩිලාෆසෝරස් සතු ගෙල රැලි හුදෙක් චිත්‍රපටය තුලට ඇතුලත් කල මනඃකල්පිතයක් ලෙස දැක්විය හැකියි. "

අමතර නිර්දේශයක් !
ලිපිය ඉවර කරන්න කලින් නොදන්න අයගේ දැන ගැනීම වෙනුවෙන් පොඩි නිර්දේශ කිරීමකුත් කරගෙන යන්න තමයි අදහස. ඒ තමයි 1997 අවුරුද්දෙ එළිදක්වපු ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ දෙවෙනි කොටස වන, එහෙමත් නැත්නම් ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටය වන The Lost World: Jurassic Park චිත්‍රපටය නරඹන්න කියන ඉල්ලීම. මොකද මේ චිත්‍රපටය ගැන හුගක් දෙනෙක් දන්නෙ නෑ.
මොකද පළවෙනි චිත්‍රපටය වගේ මේ චිත්‍රපටය ප්‍රසිද්ධ කරගන්න, චිත්‍රපට නිර්මාණකරුවන්ට බැරි වුණා. ඒකට ප්‍රධානම හේතුව වුණේ ජුරාසික් පාර්ක් 2 චිත්‍රපටය එළිදක්වලා මාස 6කින් වගේ, 1993 අවුරුද්දෙ ලෝකයේ වැඩිම මුදලක් වියදම් කරලා කරපු නිර්මාණය විදිහට ජුරාසික් පාර්ක් පළවෙනි චිත්‍රපටය තිබ්බ වාර්තාව කුඩු පට්ටම් කරගෙන, ජේම්ස් කැමරන්ගේ "ටයිටැනික්" චිත්‍රපටය එළිදැක්වීමයි.
ඉතින් ඔයාලා ඇත්තටම ඩයිනෝසෝරයන් ගැන උනන්දුයි නම්, ඇත්තටම ජුරාසික් පාර්ක් කතා මාලාව ගැන උනන්දුයි නම්, මේ චිත්‍රපටයත් හොයාගෙන බලන්න කියන ඉල්ලීම කරනවා.

මේ චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නෙ වෙනත් දූපතක. ඒ 1993 ජුරාසික් පාර්ක් සිද්ධිය වුණු "ඉස්ලා නුබ්ලාර්" දූපතට ටිකක් දුරින් තියෙන "ඉස්ලා සෝනාර්" දූපතේ. "ඉස්ලා නුබ්ලාර්" දූපත සත්තුන්ගේ ප්‍රදර්ශනාගාරයක් විදිහට පවත්වාගෙන යද්දි, සත්තුන්ව නිර්මාණය කරලා තියෙන්නෙ "ඉස්ලා සෝනාර්" දූපතේ. ඒත් මේ දූපතට ආපු විශාල කුණාටුවක් නිසා, මේ දූපත අතාරින්න සිද්ධ වෙනවා. ඩයිනෝසෝරයො ඔක්කොම පැන ගන්නවා. කාලයත් එක්ක මේ දූපත ඩයිනෝසෝරයන්ගේ රජ දහනක් වෙනවා.
ඩයිනෝසෝරයෝ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන මේ දූපතේ නිවාඩුවක් ගත කරන්න ආපු පවුලක දරුවෙක්, ඩයිනෝසෝරයො නිසා තුවාල ලබනවා. මේ නිසා මේ ව්‍යාපෘතිය කරන Ingen සමාගමෙන්, සභාපති ජෝන් හැමන්ඩ්ව නිළයෙන් අයින් කරලා, ඒ වෙනුවට එයාගෙ බෑනා කෙනෙක් වුණු පීටර් ලඩ්ලෝව්ව සභාපතිවරයා කරනවා. පීටර් ලඩ්ලෝව් තීරණය කරනවා ඒ දූපතේ ඉන්න සත්තු ටික අල්ලගෙන ඇමරිකාවට ගෙනල්ලා සත්තු වත්තක් හදන්න.
ඉතින් පීටර් ඇතුළු විශාල කණ්ඩායමක් මේ දූපතට පිටත්වෙනවා. මේ අතරෙ මේකට විරුද්ධ වෙන ජෝන් හැමන්ඩ්, මේක මැඩපවත්වන්න වෙනමම පුංචි කණ්ඩායමක් දූපතට යවනවා. ඒ කණ්ඩායමේ, ජුරාසික් පාර්ක් පළවෙනි චිත්‍රපටයේ "ඉස්ලා නුබ්ලාර්" දූපතට ආපු ආචාර්ය ඉයන් මැල්කමුත් ඉන්නවා. මේ කතාව පුරාවටම ගෙතෙන්නෙ ගිරි, වන, ජල දුර්ගවලින් පිරුණු, බිහිසුණු ඩයිනෝසෝරයො ඉන්න දූපතක මේ කණ්ඩායම් දෙක අතරේ තියෙන සීතල යුද්ධය සහ ඩයිනෝසෝරයන්ගෙන් එයාලට එන අභියෝග ගැනයි.

මේ චිත්‍රපටයේ විශේෂතා ගොඩාක් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මේ විදිහට සටහන් කළොත් හොදයි කියලා හිතුණා.
01. ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ, ජුරාසික් පාර්ක් 01 චිත්‍රපටයට "සෘජුව" සහ "නිළ වශයෙන්" සම්බන්ධ වෙන එකම චිත්‍රපටය
02. ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ, ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කරපු අවසාන චිත්‍රපටය
03. ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ, ජෝන් විලියම්ස් සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණු අවසාන චිත්‍රපටය
04. ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ, ජෝන් හැමන්ඩ්ගේ චරිතය දකින්න ලැබෙන අවසාන චිත්‍රපටය
05. චිත්‍රපටයේ සැබෑ පිටපතට අනුව ජෝන් හැමන්ඩ්, මේ චිත්‍රපටයේ කාල රාමුවට සම්බන්ධ අවුරුද්දෙම මිය යනවා
06. ජුරාසික් පාර්ක් පළමු චිත්‍රපටයේ ආචාර්ය ඉයන් මැල්කම් නැවතත් පෙනි සිටීම
07. ජුරාසික් පාර්ක් පළමු චිත්‍රපටයේ ජෝන් හැමන්ඩ්ගේ මුණුබුරා සහ මිණිබිරිය වුණු ලෙක්ස් සහ ටිම් දෙදෙනාම, මේ චිත්‍රපටයෙත් අවසාන වතාවට පෙනී සිටීම
08. ටී රෙක්ස් වර්ගයේ ඩයිනෝසෝරයන් 3 දෙනෙක් සිටීම
09. රැප්ටර් වර්ගයේ ඩයිනෝසෝරයන් 15කට ආසන්න ප්‍රමාණයක් සිටීම
10. පළමු චිත්‍රපටයේ ඇතැම් ඩයිනෝසෝරයන් මිනිසුන්ට ඇදුම් අන්දවා නිරූපණය කළත්, මෙම චිත්‍රපටයේ එවැන්නක් නොතිබීම
11. Jurassic World: Fallen Kingdom (2018) චිත්‍රපට සංකල්පයට අතිශයින්ම සමානවීම
12. ජුරාසික් පාර්ක් පළමු චිත්‍රපටයට වඩා රැප්ටර්ලාගේ ශරීර ලක්ෂණ වෙනස්වීම
13. ජුරාසික් පාර්ක් පළමු චිත්‍රපටයට වඩා ට්‍රයිසෙරාටොප්ස්ලාගේ ශරීර ලක්ෂණ වෙනස්වීම
14. ජුරාසික් පාර්ක් පළමු චිත්‍රපටයට වඩා ටී රෙක්ස්ලාගේ ශරීර ලක්ෂණ වෙනස්වීම
15. ජුරාසික් පාර්ක් පළමු චිත්‍රපටයේ විසේකාර චරිතයක් වූ ආචාර්ය ඉයන් මැල්කම්, ජුරාසික් පාර්ක් දෙවන චිත්‍රපටයේ තැන්පත් පුද්ගලයෙක් බවට පරිවර්තනය වී තිබීම
16. ජුරාසික් පාර්ක් පළමු චිත්‍රපටයේ තත්පර 3ක සුළු චරිතයකට පෙනී සිටි Richard Schiff, ජුරාසික් පාර්ක් දෙවන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට (Eddie Carr) පෙනී සිටීම
17. ජුරාසික් පාර්ක් පළමු චිත්‍රපටයේ සියලුම ඩයිනෝසෝරයන් ගැහැණු සතුන් වූවද, මෙම චිත්‍රපටයේ පිරිමි සතුන්ද දැක ගත හැකිවීම (ශරීර ලක්ෂණවලද විවිධත්වයක් දක්නට ඇත)
18. ජුරාසික් පාර්ක් දෙවන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ආචාර්ය සේරා හාඩින්ගේ පියා, ජුරාසික් පාර්ක් පළමු චිත්‍රපටයේ රෝගී ට්‍රයිසෙරාටොප්ස් අසළ සිටි පශු වෛද්‍යවරයා වීම (තිරපිටපත අනුව).
19. නව ඩයිනෝසෝරයන් රැසක් හදුන්වාදීම (නම් ලැයිස්තුව පහළ ඇත)