ටෙලි රූ මතක 02
මේ ලිපිය කියවන්න කලින් මේකෙ පළවෙනි කොටස, ඒ කියන්නෙ ටෙලි රූ මතක 01 ලිපිය අනිවාර්යෙන් කියවලා ඉන්න. ඒ ලිපියෙන් අපි සිහිපත් කළා ඒ කාලයේ විකාශය වුණු භවත්‍රා, මායාරත්න, චක්‍රායුධය, නෝනාවරුනි මහත්වරුනි, එතුමා, තක්සලාව, සෙල්ලම් ගෙදර, හිරුට මුවාවෙන්, නාන කාමරේ, ඉන්ගම්මාරු කතා, අසල්වැසියෝ, දෙයියෝ සාක්කි, හිට් විකට්, ගල් පිළිමය සහ බොල් පිළිමය, රම්‍ය සුරම්‍ය කියන ටෙලිනාට්‍යය ගැන. දැන් අපි ඉතුරු ටික බලමු.
16. ඉසුරු යෝගය
කවදාවත් අමතක නොවෙන තේමා ගීතයක් සහිත, කාටවත් මෙතුවක් කාලෙකට හිතුනෙ නැති නිර්මාණ සංකල්පයක් යටතේ, 2005 / 2006 කාලයේ, ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු මේ ටෙලිනාට්‍යය එදාටත් වඩා අදට කාලෝචිතයි කියලා හිතෙනවා. "හැමතිස්සෙම ජෝතිශ්‍යය මත්තෙම නැහෙන්න එපා" කියන පණිවිඩය මේ නාට්‍යයෙන් සමාජයට ඉදිරිපත් කළා.
මුතුමිණ කියන්නෙ ජෝතිර්වේදියෙක්. දවසක් මෙයාට පරීක්ෂා කරන්න ලැබෙනවා රේවතී කියලා ගැහැණු ළමයෙක්ගෙ කේන්දරයක්. මහා පුණ්‍ය ශක්තියක් තියෙන මේ ගෑණු ළමයා තමයි තමන්ගේ අනාගත සහකාරිය වෙන්නෙ කියලා මෙයා විශ්වාස කරනවා. මෙයා ඉතින් ඒ ගෑණු ළමයාගෙ ගෙදරට ගිහින් කාමර කෑල්ලක නැවතිලා, එයාගෙ ජෝතිශ්‍ය වැඩ කරගෙන යනවා. මුතුමිණ විශ්වාස කළා, මුතුමිණට අනාගතයේ මතු යම් දවසක මහා ධන යෝගයක් උදා වෙනවා කියලත්. ඒ වගේම කේන්දරේ තියෙන දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙනවා කියලත්, ඒවා සක්‍රයටවත් නවත්තන්න බෑ කියලා විශ්වාස කළා. ටික කාලයක් යනකොට ඒ ගෙදර ගෑණු ළමයවත් මේ වැඩවලට සම්බන්ධ කර ගත්තා. ගෑණු ළමයා යෞවන කාලයේ පසු වෙන කෙනෙක්. මුතුමිණ මැදි වයසේ කෙනෙක්. ඒත් මුතුමිණගෙ ඉලක්කය වුණේ මේ ගෑණු ළමයවම කසාද බදින්න. ඒත් මේ හැම සැලසුමක්ම උඩුයටිකුරු වෙනවා, මේ ගෙදර මුතුමිණගෙ කාමරේම නවතින්න එන තවත් පිරිමි ළමයෙක් නිසා. එයයි, ඒ ගෑණු ළමයයි අතරේ ප්‍රේම සම්බන්ධයක් හට ගන්නවා. මුතුමිණ මේක නවත්තන්න නොකරන දෙයක් නෑ. අන්තිමේදී මුතුමිණ පරදිනවා. ඒ අයගේ ආදර කතාව ජය ගන්නවා. අවුරුදු ගණනාවකට පස්සෙ ඒ අයට මුතුමිණව හම්බ වෙනවා, පාර අයිනේ ඉදගෙන ඉන්නකොට. එයා මානසික රෝගයක් වැළදිලා පිස්සෙක් වෙලා තමයි හිටියේ.
මුතුමිණගේ චරිතයට පණ දීපු ජයලාල් රෝහණයන්, අපේ රටේ තරුණ පරපුර අතරේ ප්‍රසිද්ධ වුණේ මේ කතාවෙන් කියලා කියන්න පුලුවන්. මුතුමිණගෙ නිතරම තිබුණු නහය උඩට අදින සිරිත වගේම "යථා කාලයේ තතා අයුරින් සිද්ධ වේවි" කියන ප්‍රකාශයත් ඒ කාලයේ ගොඩක් ජනප්‍රිය වුණා.

රේවතී, රේවතීගේ තාත්තා, රේවතීගෙ අම්මා, රේවතීගේ පෙම්වතා කියන චරිතවලට කාංචනා මෙන්ඩිස්, එඩ්වඩ් ගුණවර්ධන, නිලන්ති විජේසිංහ, රොෂාන් පිලපිටිය කියන පිරිවර රංගනයෙන් දායක වුණා. ඊට අමතරව ගෙදර වැඩකාරයාගෙ චරිතයට, එහා ගෙදර අම්මගෙ සහ දුවගෙ චරිතයට, මුතුමිණගේ හිතවතෙක්ගේ චරිතයට, රේවතීගේ පෙම්වතාගේ මාමාගෙ චරිතයට, රේවතීගෙ තාත්තාගේ හිතවතාගේ චරිතයට පිළිවෙලින් ඇන්ටන් ජූඩ්, ඇලන් සිල්වෙස්ටර්, මල්කුමාරි ගීතරාණි, බන්දුල විතානගේ, සුමින්ද සිරිසේන, වසන්ත කුමාරසිරි කියන පිරිවර හිටියා. තවත් ගොඩාක් ප්‍රසිද්ධ ශිල්පීන් සහ ශිල්පිනියන් මේකට දායක වුණා.
මල්කුමාරි ගීතරාණිව නම් මේ නාට්‍යයෙන් පස්සෙ ආයිත් ටෙලිනාට්‍යවල දැක්කෙ නෑ. බන්දුල විතානගේ මහත්තයා අද අපි අතර නෑ. ඇන්ටන් ජූඩ් මහත්තයා අද අපි අතර නෑ. මේක විකාශනය වෙලා ටික කාලයකින් ඇලන් සිල්වෙස්ටර් මහත්මිය අපි අතරින් සමුගත්තා. 2008 අවුරුද්දෙ එඩ්වඩ් ගුණවර්ධන මහත්තයත් අපි අතරින් වෙන් වුණා.

කලින් ලිපියේ ඇලන් සිල්වෙස්ටර් මහත්මිය ගැන සදහන් කරපු ටිකම තමයි එඩ්වඩ් ගුණවර්ධන මහත්මයා ගැනත් කියන්න තියෙන්නෙ.
එතුමා එතුමාගේ ජීවිත කාලය තුළ ටෙලිනාට්‍යය 250කටත් වැඩි ප්‍රමාණයකට දායකත්වය දුන්නා. ඒත් කාගෙවත් නිසියාකාර ගෞරවයකටවත්, උපහාරයකටවත්, ඇගයීමකටවත් පාත්‍ර වුණේ නෑ. ජන මාධ්‍යයෙන්වත් මේක ගැන ප්‍රසිද්ධ කළේ නෑ. අදටත් මෙතුමාගේ අභාවය ගැන දන්නෙ නැති අය ඉන්නවා. |
17. කන්දේ ගෙදර
කන්දේ ගෙදර කියන්නෙ පරම්පරා තුනක ජීවන රටාවේ වෙනස්කම්, සිතුවිලි සහ ආකල්පවල වෙනස්කම් ගැන ඉලක්ක කරපු ටෙලිනාට්‍යයක්. ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණු මේ ටෙලි නිර්මාණයත් මට බලන්න හම්බුනේ දෙවෙනි වර විකාශනයෙදී. කන්දේ ගෙදර කියන්නෙ ඈත ගමක කන්දක් උඩ පිහිටලා තියෙන ගෙදරක්. මේකෙ ඉන්නෙ වලව් පැලැන්තියෙ අය. ඉඩකඩම් හිසේ කෙස් ගාණට තියෙනවා. මේ ගෙදර අයිති බාල මහත්තයාටයි. බාල මහත්තයා කියන්නෙ හැමෝගෙම ගෞරවාදරයට පාත්‍ර වුණු ජ්‍යේෂ්ඨ සහ බහුශ්‍රැත චරිතයක්. අත්දැකීම් රාශියක් අත්පත් කරගෙන ඉන්න, දැනුමෙන් සහ බුද්ධියෙන් පොහොසත්, ඇවිදින පුස්තකාලයක්. බොහොම කරුණාවන්ත, සරල, අල්පේච්ඡ, සාධාරණ, යුක්තිසහගත මනුස්සයෙක්. බාල මහත්තයා විශ්‍රාම ගියපු විදුහල්පති කෙනෙක්. මෙයාගෙ බිරිද තමයි ලොකු හාමිනේ. වලව්ව ගැන, ඉඩකඩම් ගැන එක්තරා ආකාරයක තණ්හාවක් සහ ලොකු ආසාවක් තිබුණා. හැමතිස්සෙම වලව්කාරයින් කියලා සමාජයට පෙන්නන්නත්, තමන් නොදන්න දෙයක් නෑ කියලා හගවන්නත් උත්සාහ කළා. සාම්ප්‍රදායික සහ අන්ධ විශ්වාසවලමයි හිටියෙ. අරපිරිමැස්මෙන් තමයි වැඩ කටයුතු කළේ.
මේ අයට හිටියා ළමයි තුන් දෙනෙක්. වැඩිමහල් පුතා සෙනරත්. එයා පරිපාලන නිළධාරියෙක් වෙලා කොළඹ පදිංචිවෙලා ඉන්නවා. එයාගෙ නෝනා මයුරා. එයා නවීන පන්නයේ සැපවත් ජීවිතයකට හුරු වුණු කෙනෙක්. මෙයාලට හිටියා දුවෙකුයි, පුතෙකුයි. බාල මහත්තයාගේ දෙවෙනි දරුවා තමයි කුමාරි. එයා ගෙදරින් විරුද්ධ වෙලා තියෙද්දිත් සුභාශ් කියලා නැව් සේවකයෙක් එක්ක විවාහ වෙලා කොළඹ ජීවිතය ගත කරනවා. සුභාශ්ගෙ අම්මා නෑ. තාත්තා විතරයි හිටියෙ. තාත්තා බොහොම සටකපට මිනිහෙක්. තැරැව්කාර රස්සාවක් කරන ගමන්, අසාධාරණ විදිහට සල්ලි හම්බ කරන්නත්, ඒ හම්බවෙන සල්ලි මත්පැන්වලට වියදම් කරන්නත් පුරුදුවෙලා හිටියා. බාලයා තමයි සදුන්. එයා හිටියෙ කන්දේ ගෙදරම තමයි. එයාට තමයි කොහු මෝල බලාගන්න දීලා තිබුණෙ. මෙයත් බැන්දා ලස්සන ගෑණු ළමයෙක්.

ඉතින් කාලෙන් කාලෙට බාල මහත්තයයි, හාමිනෙයි කොළඹ ඉන්න දූ දරුවො බලන්න යනවා. ගිහින් එහේ නතර වෙලා ඉදලා එනවා. දූ දරුවොත් බාල මහත්තයව බලන්න විටින්විට කන්දෙ ගෙදරට ඇවිත් නතර වෙනවා. ඉතින් පරම්පරාවන් අතරේ කෑම බීම, ඇදුම් පැළදුම්, රසස්වාදයන්, ආගම දහම, භාෂාව, අධ්‍යාපනික මට්ටම් වගේ එකී මෙකී දේවල්වලට තියෙන වෙනස්කම් සහ පරතරය හොදට ඉස්මතු වෙනවා. මේ හැම හමුවීමක්ම කෙලවර වෙන්නෙ මොකක් හරි ගාලගෝට්ටියකින්.
පවුලේ හැමෝම එක්ක එකට රසවිදින්න පුලුවන්, උසස් මට්ටමේ ටෙලිනාට්‍යක් වුණු කන්දේ ගෙදර ටෙලි නාට්‍යයේ දෙවෙනි කොටසකුත් ආවා. ඒකෙත් කන්දේ ගෙදර පළවෙනි කොටසෙ දේවල්ම තමයි වුණේ. වෙනස් දේකට කියලා වුණේ සදුන් තාත්තා කෙනෙක් වුණු එකත්, කුමාරිගෙ මාමණ්ඩි නරක වැඩ ඔක්කොම අතෑරලා දාපු එකත් විතරයි. මේ කොටසෙදි නම් ජනප්‍රිය ගායන ශිල්පී, ජගත් වික්‍රමසිංහ මහත්මයත් ප්‍රධාන චරිතයකට හිටියා.
රෝහණ බැද්දගේ, රම්‍යා වනිගසේකර, ජැක්සන් ඇන්තනී, සුසන්තා චන්ද්‍රමාලි, ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, සිරිල් වික්‍රමගේ, වීනා ජයකොඩි වගේ ප්රතාපවත් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගොඩක් අතින් තමයි මේ නාට්‍ය රසවත් වුණේ. කතාවේ "කාලගෝල" චරිතය නිරූපණය කරන රංගන ශිල්පියාගේ නම මතකයට එන්නෙ නැති වුණත්, එතුමා නම් තරුණ කාලයේම ජීවන ගමනින් සමු ගත්තා කියලයි ආරංචිය. මේ ටෙලිනාට්‍යයේ සංගීතයත් හරිම රසවත්.

18. Night Learners
70 / 80 දශකයේ නිර්මාණය වුණු Mind Your Language ඉංග්‍රීසි නාට්‍යය අනුසාරයෙන්, විල්සන් ගුණරත්න මහත්මයාගේ මැදිහත්වීමෙන් 2006 / 2007 අවුරුදුවල නිර්මාණය වුණු මේ නාට්‍යය, දේශීයත්වයට ගැලපෙන විදිහට නිර්මාණය කරලා තිබුණා. මේක බලනකොට අපිට කවදාවත් ඉංග්‍රීසි නාට්‍යය මතක් වුණේ නෑ. අපේ රටේ, අපේම සංකල්පයක් විදිහට තමයි හිතුනෙ. රාත්‍රී කාලයේ පවත්වන, සිද්ධාන්ත ගැන විතරක් උගන්නන, අපේ රටේ එක එක සමාජ ස්ථරවල ජීවත්වෙන, එක එක විදිහේ අය ඉගෙන ගන්න එන, හැමදාම මොකක් හරි ජල්තර වැඩක් නිසා අවුල් යන, රියදුරු පුහුණු පන්තියක් ගැන තමයි කතාව යන්නෙ. ඒ අය අතරෙ පොෂ්, හෙළ, කෙලිලොල්, ටියුබ් ලයිට්, රස්තියාදුකාර, විනයගරුක වගේ කැටගරිවලට අයිතිවෙන චරිත ගොඩක් තිබුණා. අපේ රටේ දක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් 15කට ආසන්න සංඛ්‍යාවක් මේ නාට්‍යයේ රගපෑවා. වැඩිහිටියන්ට වගේම ළමයින්ටත් බලන්න පුලුවන්, ඉහළ ගණයේ හාස්‍යෝත්පාදක නාට්‍යයක් තමයි මේක. මේ නාට්‍යයේ රංගනයට දායකත්වය දීපු අය අතරෙන් මතක් කළ යුතුම කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි මර්සි එදිරිසිංහ, ඇන්ටන් ජූඩ්, සුනිල් හෙට්ටිආරච්චි, ගැමුණු විජේසූරිය සහ ස්වර්ණවාහිනියේම විකාශය වුණු "තට්ටු ගෙවල්" ටෙලිනාට්‍යයෙන් අපි අතරට ආපු "බංකු බංකු" කියන මහත්ම මහත්මීන්. මේ අය අද අපි අතරේ නැතත්, ඒ අය අපි වෙනුවෙන් කරපු දේවල් සදා අනුස්මරණීයයි.
මේ නාට්‍යය විකාශයවෙලා කෙටි කාලයක් ඇතුළත තමයි "බංකු බංකු" නැතිවුණේ. විකට රංගන ශිල්පියෙක් විදිහට හොද අනාගතයක් තිබුණත්, ජීවිතයේ තරුණ කාලයේදිම අපි අතරින් වෙන්විලා ගියා. සුනිල් හෙට්ටිආරච්චි මහත්මයාට අත්විදින්න වුණේ බොහොම අවාසනාවන්ත විදිහේ මරණයක්. අන්තිම කාලයේදී කාගෙවත් උදව් නැතුව, අන්තයටම වැටුණා. මර්සි එදිරිසිංහ මහත්මියටත් ඒ ඉරණමමයි. ඇන්ටන් ජූඩ් මහත්මයා නම් ක්ෂණිකව ඇතිවුණු හෘදයාබාධයක් නිසා සමුගත්තා. ගැමුණු විජේසූරිය මහත්මයා අපේ රටේ වැඩිහිටි පරපුර අතරේ ජනප්‍රිය වුණත්, එතුමා තාමත් අපේ රටේ ළමා පරපුර සහ ළමා කාලයේ හිටපු තරුණ පරපුර අතරෙවත් ජනප්‍රිය නෑ. ඒ ගැන නම් දැනෙන්නෙ ලොකූ දුකක්. ඒත් එතුමා, එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි හරියක්ම කැප කළේ ළමයින් වෙනුවෙන්. ජාතික රූපවාහිනියේ ටයිටස් තොටවත්ත සහ අතුල රංසිරිලාල් දෙපල යටතේ අධ්‍යක්ෂණය වුණු හඩකැවුණු නාට්‍ය සහ කාටූන්වල, ගැමුණු විජේසූරිය මහත්මයාගේ කටහඩ නැති නාට්‍යය/කාටූන් එකක්වත් දකින්න නැති තරම්!

19. සිරි සිරිමල්
මේ නාට්‍ය ජාතික රූපවාහිනියෙන් විකාශය වුණේ 2006/2007 කාලයේ. අපේ රටේ හිටපු අති දක්ෂතම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් විශාල ප්රමාණයකගේ දායකත්වයෙන් නිර්මාණය වුණු, ළමා නාට්‍යයක්. ඒත් වැඩිහිටි අයත් මේක බැලුවා. මේ නාට්‍ය ලෝක ප්‍රකට නව කතාවක් වුණු "ටොම් සොයර්ගේ වික්‍රම" කියන කතාව ආශ්රයෙන්, දේශීයත්වයට ගැලපෙන විදිහට නිර්මාණය වුණු එකක්. එක්දහස් නවසිය හතලිස් ගණන්වල අපේ රටේ තිබුණු පරිසරය තමයි මේ නාට්‍යයේ තිබුණෙ. බයිබලය, කතෝලික ආගම, පල්ලිය කේන්ද්‍ර කර ගත්ත පාසල්, බ්‍රිතාන්‍ය කාර්යාල, බ්‍රිතාන්‍ය නීතිරීති, බ්‍රිතාන්‍ය කොඩිය සහ තනතුරු, ඉංග්‍රීසි නම් ගම් එහෙම මේ නාට්‍යයේ ගොඩක් තිබුණා. ඒ වගේ කාලයක අපේ රටේ තිබුණු දේශපාලනික, ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ ආගමික පරිසරයන් හොදටම මේකෙන් ඉස්මතු කරලා තිබුණා.
කතාවේ ප්‍රධාන කතානායකයා තමයි සිරිමල්. සිරිමල් කියන්නෙ ඇට්ටර වයසෙ හිටපු, අහිංසක, ඒත් හරිම කට්ට කෛරාටික දගකාර ඉලන්දාරියෙක්. මෙයාගෙ අම්මයි තාත්තයි නෑ. ඒ නිසා එයා හැදුනෙ වැඩුනෙ එයාගෙ නැන්දාගෙ ගෙදර. ටිකක් පිටිසර ගමක නිර්ධන පන්තියේ ගෙදරක්. නැන්දගෙත් සැමියා නැහැ. ඒත් ළමයි හිටියා. සිරිමල්ගෙ ගමේ තිබුණෙත් පල්ලිය කේන්ද්‍ර කර ගත්තු පාසලක්. ඉතින් මේ ඉස්කෝලෙට
|
|
තමයි සිරිමල් ගියේ. මෙයාට ගමේ හිටියා මෙයාටම නොදෙවෙනි, මෙයාගෙ ගතිපැවතුම් තියෙන ගජ යාලුවෙකුත්. මේ දෙන්නම එකතු වුණාම, එතන නිර්මාණය වෙන්නෙ මොකක් හරි කුපාඩි, අළුගුත්තේරු වැඩක්. ගමටම කරදරයක් වෙලා තිබ්බත්, පස්සෙ පස්සෙ හොද වැඩ කරන්න පටන් ගත්ත නිසා මේ දෙන්නම ගමේම හිත දිනා ගත්තා. මෙයාලා කරපු ලොකුම වීරක්‍රියාව තමයි ගමේ වෙන්න ගිය ලොකූ මංකොල්ලයක් මර්ධනය කරපු එක. සිරිමල්ගේ දගකාර වැඩ නිසා මේ නාට්‍ය තවත් රසවත් වුණා වගේම, හාස්‍යයටත් බර වුණා.
හරිම ලස්සන කතාවක්. කැත නැතුව ඕන කෙනෙකුට නිර්දේශ කරන්න පුලුවන්, හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් කතාවක්. සිරිමල් චරිතයට පණ දුන්නෙ ඉෂාම් සම්සුදීන්. කිසිම වෙලාවකවත් එයා මුස්ලිම් ළමයෙක් කියලා අපිට දැනුනෙ නෑ. ඒ තරමටම එයාගෙ රංගනය තාත්විකයි. එයා ප්‍රසිද්ධ වුණෙත් මේ නාට්‍යයෙන්ම තමයි. ගමේ ඉස්කෝලයේ විදුහල්පති චරිතය සහ ආරච්චි උන්නැහේගේ චරිත රග දැක්වුවේ අපි කලින් සටහන්වල ආදරයෙන් සිහිපත් කරපු එඩ්වඩ් ගුණවර්ධන සහ දයා අල්විස් මහත්තුරු. පල්ලියේ පියතුමාට හිටියේ අපේ ආදරණීය ටෝනි රණසිංහ මහත්මයා.
නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂකවරයා වුණේ දිනේශ් සුබසිංහයන්. අපේ රටේ අතිදක්ෂ තරුණ සංගීතවේදියෙක්. තේමා ගීතය විතරක් නෙවේ, පසුබිම් සංගීතයත් අති විශිෂ්ඨයි. තේමා ගීතය ඒ කාලෙ ගොඩක් ජනප්‍රිය වුණා. ඒ තරමටම සිත් ගන්නා සුළුයි. මේ නාට්‍යයට නිර්මාණය කරපු සංගීත ඛාන්ඩ ගණනාවක්ම, පස්සෙ කාලෙක දිනේෂ් නිර්මාණය කරපු එයාගෙම "බුද්ධ" කියන සංගීත ඇල්බමයට ඇතුළත් කළා.

20. සකිසද එළියස්
2001/2002 කාලෙදි ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු මේ කතාවේ ඉලක්ක කරලා තියෙන්නෙ, බොහොම ඉස්සර කාලෙක ඈත ගමක ජීවත් වුණු කට්ට කෛරාටික, වෙත්ත පිත්තල, එළියස් අප්පුහාමි කියලා මිනිහෙක්වයි. "බඩේ ගින්දරේ බෑ අනෙ බඩේ ගින්දරෙ" කියලා කියා ගත්තු ගමන්, කොයි වෙලාවෙ බැලුවත් බඩගින්නෙ ඉන්න එළියස් අප්පුහාමි හැමතිස්සෙම බැලුවෙ කාව හරි රවට්ටලා වාසියක් අරගන්නයි. කොටින්ම කිව්වොත් බල්ලො මරලා හරි සල්ලි හම්බ කරන්න දගලන මනුස්සයෙක්. එළියස් අප්පුහාමි මැදි වයසෙ හිටියත්, මෙයාට හිටියා ගොඩක් තරුණ කාලයෙ පසුවෙන, හරිම ලස්සන බිරිදක්. ගොඩක් වෙලාවට එළියස් අප්පුහාමිගෙ වැඩ නිසා අමාරුවෙ වැටෙන්නෙ එයාගෙ බිරිදවයි. මේ කාලයේ ගමට එනවා තව හාදයෙකුත්. හරිම තරුණ සහ කඩවසම්, ටිකක් දෙමළ සම්භවයක් තියෙන කෙනෙක්. මෙයා ටිකක් එළියස් අප්පුහාමිගෙ නෝනා ගැන උනන්දු වුණා. එළියස් අප්පුහාමිටත් මේක තේරුණා. එයා බැලුවෙ මේ මිනිහා ගැන කට කතා පතුරවලා, ගමෙන් පන්නන්න. කතාවෙ අන්තිම හරියෙදි එළියස් අප්පුහාමි, ගමේ ඉන්න තව චණ්ඩියෙක් එක්ක යනවා ගමේ ආරච්චිගෙ ගෙදර හොරකමක් කරන්න. ආරච්චි නැතිවෙලාවක, ආරච්චිගෙ ගෙදර වැඩට ඉන්න කෙනාව රවට්ටගෙන, ගෙදරට ඇතුල්වෙලා අරන් යන්න පුලුවන් හැම දේම අරන් යනවා. ඊට පස්සෙ හොරකං කරපුවා බෙදා ගන්න බැරුව ඇති වුණු රණ්ඩුවකදි, එළියස් අප්පුහාමිගෙ අතින් චණ්ඩියා මැරෙනවා. එළියස් අප්පුහාමි ජීවිතාන්තය දක්වා හිරේ යනවා. අප්පුහාමිව බලන්න එන එයාගෙ නෝනාට, අප්පුහාමි කියනවා අර මනුස්සයාව කසාද බැදගෙන සතුටින් ඉන්න කියලා.
මේ කතාවෙ අන්තිම හරිය දුක්බර වුණාට, අනිත් හැම කොටසක්ම හාස්‍යයට බර දේවල්වලින් පරිපූර්ණ වුණු කොටස්. ඒකට හේතුව වුණේ එළියස් අප්පුහාමිගේ චරිතයයි. ඒ වගේම කතාවෙ රගපාපු ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ දක්ෂතාවයයි. මේකෙ රගපාපු අය අතරින් ආරච්චි සහ ආරච්චිගේ ගෙදර උදව්වට ඉන්න කෙනාගේ චරිත නිරූපණය කරපු ආදරණීය ජෝ අබේවික්‍රම සහ ඇන්ටන් ජූඩ් මහත්තුරු ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. පිට ගමකින් ගමට එන හාදයාගේ චරිතයට රොජර් සෙනවිරත්න පණ පොවන කොට, අප්පුහාමිගෙ නෝනාගෙ චරිතයට හිටපු ඩිලානි අබේවර්ධන නම් දැන් ටෙලි නිර්මාණවල දකින්නත් නෑ. එළියස් අප්පුහාමිට රගපෑවෙ අපේ ජයලත් මනෝරත්න මහත්මයා. එළියස් අප්පුහාමිගේ චරිතයට පණ පොවන්න විතරක් නෙවේ, මේ ටෙලි නාට්‍යයේ තේමා ගීතය රචනා කරන්නත් එතුමා සහයෝගය දුන්නා. තේමා ගීතය ඇන්ටන් ජූඩ් මහත්මයා ගායනා කරද්දි, මේකට සංගීතය සපයලා තියෙන්නෙ ජනනාත් වරකාගොඩයන්. තේමා ගීතයට කලගෙඩියකිනුත් ශබ්ද මාලාවක් අරගෙන තියෙන නිසා, අනින් ටෙලිනාට්‍යය එක්ක සංසන්දනය කරනකොට, මේ තේමා ගීතයේ ඒකටම ආවේණික වුණු අනන්‍යතාවයක් දකින්න පුලුවන්.

21. සබද පබිලිස්
"සකිසද එළියස්" ඉවර වෙනවත් එක්කම වගේ තමයි මේ ටෙලිනාට්‍ය ජාතික රූපවාහිනියෙන් විකාශය කළේ. මට මතක විදිහට මේක විකාශය වුණේ 2002 අවුරුද්දෙ. සන්තෝසයක් දැනුනම "ආශම ගුණ්ඩු" කියන්නත්, අමතක වුණු දෙයක් මතක් වුණාම "දැනුයි මට කම්පනාවට ආවෙ" කියන්නත්, පනහට පනහේ අවස්ථාවක් ආවම "කැමතියි අකමැතියි" කියන්නත් අපි අපේ ශබ්දකෝෂවලට වචන සහ වාක්‍ය අහුලගත්තෙ මේ ටෙලිනාට්‍යයෙන්. ඒවා පබිලිස්ගෙ කටින් පිටවුණු වචන. පබිලිස් කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නෙ සූපවේදී පබිලිස් සිල්වා මහත්තයවයි. ඊට පස්සෙ මතක් වෙන්නෙ මෙන්න මේ පබිලිස්වයි. මේකත් හරිම ලස්සන කතාවක්. පබිලිස් කියන්නෙ හරිම විනෝදකාමී චරිතයක්. අනිත් අතට හරිම මෝඩයි. මේ ටෙලිනාට්‍ය පුරාවටම තියෙන්නෙ එයාගෙ එක එක මෝඩ වැඩ ගැනයි. ඒ නිසා හාත්ස්යෝත්පාදනය පැත්තටත් මේක බරයි. පබිලිස්ට හිටියා හරිම නපුරු යක්ෂණියක් වගේ බිරිදක්. දවසක් ගෙදරින් එළවලා දාන පබිලිස්, යන එනමං නැතුව ඉන්නකොට, ගමේ ආරච්චිල උන්නැහේගෙ ගෙදරින් භාර ගන්නවා. එදා ඉදන් එයා ආරච්චි නිවසෙ නැවතිලා, ඒ ගෙදර අයටත් උදව් කරගෙන ඉන්නවා. ආරච්චි මහත්තයත් හරිම මනමාලයා. ගමේ ලස්සන ගෑණු ළමයෙක් එහෙම දැක්කොත් හරිම පැණි කුරුල්ලා. සමහරක් වෙලාවට තමන්ගෙ නෝනටත් හොරෙන්, ගමේ තනි පංගලමේ ඉන්න ගෑණු ළමයින්ට බඩු මුට්ටු එහෙම උස්සගෙන රෑට රෑට රූටනවා. එහෙම යනකොට පබිලිස්වත් අරගෙන තමයි යන්නෙ. ආරච්චි මහත්තයාගෙ ඔක්කොම හොර වැඩ දන්නෙ පබිලිස් විතරයි. කොච්චර මෝඩයා වුණත්, පබිලිස් මේවා ගැන එක කෙළ බිදක් හැලුවෙ නෑ. ඒ නිසා ආරච්චිටත් මෙයාව විශ්වාසයි.
මේ ටෙලි නාට්‍යයෙත් ප්‍රතිභා පූර්ණ, අති ජනප්‍රිය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනාවක්ම රගපෑවා. ආරච්චි චරිතය රගපාපු ඩබ්ලිව් ජයසිරි මහත්තයා අතිවිශිෂ්ඨ රංගනයක නියැලුනා. අනිත් අයත් එහෙමයි. ප්‍රධාන චරිතය වුණු පබිලිස් චරිතය රගපාපු ඇන්ටන් ජූඩ් මහත්තයවයි, කෝරලේ මහත්තයාගෙ චරිතය රගපාපු ජෝ අබේවික්‍රම මහත්තයවයි මතක් කරන්න ඕන මේ වෙලාවෙ. විනී වෙත්තසිංහ මහත්තයත් මේකෙ චරිතයකට හිටියා. එක දර්ශනයක තියෙනවා පබිලිස්ගෙ ඔළුවට හට්ටියක් වැටෙන එකක්. තව දර්ශනයක තියෙනවා පබිලිස්ගෙ මූණට කොස් බෑයක් වැටෙන එකක්. තවත් දර්ශනයක තියෙනවා වෙන සිහි කල්පනාවක ඉන්න ගමන්, පබිලිස් දිය හබරල කොළයක් හපන එකක්. මේ හැම දර්ශනයකම තිබුණෙ ඇත්තටම කරපු දේවල්. ඇන්ටන් ජූඩ් මහත්තයා මේ චරිතය වෙනුවෙන් කොයිතරම් කැපවීමක් කරලා තියෙනවද කියලා හිතාගන්න පුලුවන් නේද? අදටත් ඇන්ටන් ජූඩ් මහත්තයව, එතුමාගේ නමින් නැතුව, පබිලිස් කියලා ආමන්ත්‍රණය කරන්නෙ අන්න ඒ නිසයි.
මම දැකපු ඉහළම ගණයේ තේමා ගීතයක් තමයි මේ නාට්‍යයේ ඇතුළත් වෙන්නෙ. කවදාවත්ම අමතක වෙන්නෙ නැති නාද මාලාවක්. බට නලා වාදනයත් පංකාදුයි. ගායනය, පද රචනය, සංගීතය කියන තුනම එකකට එකක් ගැලපෙනවා. සංගීත නිර්මාණය වෙනුවෙන් ජනනාත් වරකාගොඩයන් කටයුතු කරද්දි, ගායනය පැත්තෙන් ඇන්ටන් ජූඩ් මහත්මයා වගේම විමලජිත් දොඹගහවත්ත මහත්මයත් කටයුතු කරනවා. විමලජිත් මහත්මයත් මේකෙ චරිතයක් රග දැක්වුවා. තේමා ගීතය වගේම මේ නාට්‍යයේ පිටපත ලියවිලා තියෙන්නෙත් අපේ ජෝ අබේවික්‍රම මහත්තයාගෙ අතින්.

22. අකාලසන්ධ්‍යා
මගේ ජීවිත කාලය තුළ මම බලපු හොදම ටෙලිනාට්‍යය තමයි අකාලසන්ධ්‍යා කියන්නෙ. අදටත් මට හිතා ගන්න බෑ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට කොහොමද මේක හදන්න සිතුවිලි පහළ වුණේ කියලා. මේ ටෙලිනාට්‍යයේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මුළු ගැන්සියම වගේ රගපානවා. යශෝධා විමලධර්ම, මහේන්ද්‍ර පෙරේරා සහ කමල් අද්දරආරච්චි කියන තුන් කට්ටුව විතරයි අඩු. "හටගැන්ම ස්වභාවය කොට ඇති යමක් වේද, එය නැතිවීම ස්වභාවය කොට ඇත්තේය" කියන බුදු වදන තේමා පාඨය කර ගත්ත මේ නාට්‍යයේ තියෙන්නෙ පුදුමාකාර නිර්මාණ සංකල්පනාවක්. කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ මහ නුවර යුගයේ සෙනරත් රජ දවස අල්ලලා.
මේ කතාවට අනුව ගොඩක් ඉස්සර ඉදලම පරම්පරා දෙකක් පැවතීගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මරුවල්ලිය සහ සුදලිය කියන පරම්පරා දෙක. මේ පරම්පරා දෙකට විතරක්ම උරුම වුණු, පාරම්පරිකව පැවතීගෙන එන බොහොම රහසිගත ශාස්ත්‍රයක් තමයි කුණ්ඩලීනි යෝගය කියන්නෙ. කුණ්ඩලීනී යෝගය ප්‍රගුණ කරන්න එසේ මෙසේ අයට බෑ. ඒකට පින වගේම ලොකු ශක්තියකුත් තියෙන්න ඕන. ඒ ශක්තිය පාලනය කරන්න සමත් වුණොත් එයාට පුලුවන් වෙනවා ඕනිම කෙනෙක් එක්ක හිතෙන් කතා කරන්න, ඕනෑම දෙයක් විනාශ කරන්න, ශරීරයෙන් ගින්දර මවන්න, තමන්ගේ ශක්තිය වෙනත් කෙනෙක්ගෙ ශරීරයකට ඇතුළු කරන්න වගේම අතීත සහ වර්තමාන කාලයටත් ගමන් කරන්න. සුදලියේ පරම්පරාව පැවතීගෙන එන්නෙ රිටිගල ජයසේනගෙන්. මරුවල්ලිය පැවතීගෙන එන්නෙ ගෝඨයිම්බරගෙන්. සුදලියේ කෙනෙක් මේ ශාස්ත්‍රය ඉගෙන ගත්තොත්, රිටිගල ජයසේන එහෙමත් නැත්නම් මහාසෝනා එයාව හොයාගෙන එනවා. මහාසෝනා එයාව ආරක්ෂා කරන්න බැදිලා ඉන්නවා. මහාසෝනාව දෘෂ්‍යාමාන වෙන්නෙ කුණ්ඩලීනී යෝගය ඉගෙන ගත්ත, සුදලියේ අයට විතරයි.

සෑහෙන කාලයක් තිස්සෙ මේ ශාස්ත්‍රය දන්න අයගෙන් සුදලිය පරම්පරාවේ ඉතිරිවෙලා හිටියෙ බලවත්තල කියන නිළමෙතුමා විතරයි. මෙයාට හම්බවෙනවා අපූරු ගෝලයෙක්. ගොඩක් එඩිතර, ගොඩක් ජව සම්පන්න, ලොකු පුණ්‍ය ශක්තියක් තියෙන, බලවත් නැකතකට ඉපදුනු කොලුවෙක්. බලවත්තල නිළමේ සුදලියේ පරම්පරාවේ මේ රහසේ ඊළග උරුමක්කාරයාවීමේ වාසනාව ඒ කොලු ගැටයට දෙනවා.
|
අන්තිමේදී මේ කොලුගැටයා, ඒ කියන්නේ නාගසිංහ කියන තරුණයා තමන්ගෙ ගුරුවරයා වුණු බලවත්තල නිළමෙතුමාත් අභිබවලා ගිහින් මේ ශාස්ත්රයේ යන්න පුලුවන් ඉහළටම යනවා. පස්සෙ කාලයක කුණ්ඩලීනි යෝගය ප්‍රගුණ කරපු මරුවල්ලිය පරපුරේ නිළමෙ කෙනෙක් එක්ක සටනක් කරනකොට, තමන්ගෙ ගුරුවරයාගෙ ශක්තියත් තමන්ගේ ඇගට අරගෙන, ශක්තිය දෙගුණ කර ගන්න නාගසිංහ, මේ නිළමෙව මරනවා. ඊට පස්සෙ සුදලියේ පනික්කි තනතුර (සටන් පුහුණු උපදේශකවරයා) ලබා ගන්න නාගසිංහ, තරුණ ළමයින්ට සටන් පුහුණු කරනවා. මේ අතරෙ නාගසිංහ අතින් ඝාතනය වුණු මරුවල්ලියේ නිළමෙගෙ මස්සිනා (අඩු කුලයක කෙනෙක් විවාහ කර ගත්තා කියලා ඉන්දියාවට පිටුවහල් කරපු කෙනෙක්) ඉන්දියාවෙ ඉදලා එනවා, නාගසිංහගෙන් පලි ගන්න. මෙයත් කුණ්ඩලීනී යෝගයේ ඉහළටම ගිය කෙනෙක්.
මේ කාලයේ නාගසිංහ ධ්‍යාන වඩලා කාලය හරහා ගමන් කිරීමේ හැකියාව ලබාගෙනයි හිටියෙ. මේ හැකියාවෙන් පෘතුගීසි ආක්‍රමණය සිද්ධ වුණු කාලයේ, සෙනරත් රාජ අවධියේ ජීවත්වෙන නාගසිංහ, ධ්‍යානයෙන් ගමන් කරනවා ඉංග්‍රීසී ආක්‍රමණය එල්ල වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ අවධියට. ඒ කියන්නෙ අනාගතයට. ඊට පස්සෙ ගමන් කරනවා පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු අවධියට. අන්න එතනදි නාගසිංහට මහරහතන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. තමන්ගෙ හැකියාව නිසා ආඩම්බරකමෙන් සහ අභිමානයෙන් මත්වෙලා හිටපු නාගසිංහට, මහරහතන් වහන්සේ දේශනා කරනවා ජීවිතයේ තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම භාවයන් ගැන... භාවනාවෙන් සසර දික් කරනවා වෙනුවට, භාවනාවෙන් සසර කෙටි කරගන්න කියලත්. ඒත් නාගසිංහ එයාගෙ හැකියාවෙන් අන්ධවෙලා, මත් වෙලා හිටපු කෙනෙක්. පස්සෙ උන්වහන්සේ නාගසිංහට කියනවා මේ හැකියාව පාවිච්චි කරලා අනාගතයට ගිහින්, නාගසිංහගේ මරණය වෙන හැටි බලන්න කියලා. ඉතින් නාගසිංහ අනාගතයට ගිහින් තමන්ගෙ මරණය වෙන හැටි බලනවා.
නාගසිංහ අනාගතයට යනකොටත් නාගසිංහ තවත් කෙනෙක් එක්ක ලොකූ සටනක් කරනවා. නාගසිංහ අනාගතයේ ඉන්න නාගසිංහට තමන්ගේ ශක්තියත් අරගන්න කියලා අණ කළත්, අනාගතයේ නාගසිංහ ඒක භාර ගත්තෙ නෑ. අන්තිමේදි නාගසිංහ වැටෙනවා. මේ වෙලාවෙ අතීතයේ ඉදලා ආපු නාගසිංහ පිස්සෙක් වගේ ඔළුව හැරුනු අතේ දුවනවා. දුවලා දුවලා දුවලා ගිහිල්ලා භාවනා කරලා ආයිත් පොළොන්නරු යුගයේ මහරහතන් වහන්සේව මුණ ගැහෙනවා. මහරහතන් වහන්සේ කියනවා, නාගසිංහ තාම මැරුණෙ නෑ. ඒ දැක්කෙ වැටෙනවා විතරයි, සැබෑ මරණය දැක්කෙ නෑ කියලා. ඊට පස්සෙ උන්වහන්සේ නාගසිංහට කියනවා අන්තිම හරිය වෙනකන්ම බලලා ඉන්න කියලා. ඊට පස්සෙ නාගසිංහ ආයිත් අනාගතයට ගිහින්, තමන්ගේ මරණය වෙන හැටි බලාගෙන ඉන්නවා. නාගසිංහ මැරෙන්නෙ ඒ කාලයේ තමන් අතින් ඝාතනය වුණු මරුවල්ලියෙ නිළමෙතුමාගෙ දුවගෙ අතින්. කිසිම ජගතෙකුට බය නැතුව හිටපු නාගසිංහ, මරණය කියන දේට බය වෙනවා. ආයිත් පොළොන්නරු යුගයට ගිහින් මහරහතන් වහන්සේව හම්බ වෙන්නෙ වෙව්ල වෙව්ල. ඊට පස්සෙ උන්වහන්සේ නාගසිංහට මේ වටිනා සද්ධර්මය දේශනා කරලා, නිවන් මගට පිවිසෙන්න සිතක් පහළ කරනවා.

ධර්මාවබෝධය ලබාගෙන නිවන් පුරයට යන්න ලෑස්තිවෙලා ආයිත් සෙනරත් රජ දවසට, ඒ කියන්නෙ වර්තමානයට එන නාගසිංහ, තමන්ගේ පණික්කි තනතුරෙනුත් විශ්‍රාම ගිහින්, ඔක්කොම සැප සම්පත් අතෑරලා, විදර්ශනාව වඩන්න හිතා ගන්නවා. ඒත් එක්කම නාගසිංහ අතින් ඝාතනය වුණු මරුවල්ලියෙ නිළමෙගෙ මස්සිනා, නාගසිංහට අභියෝග කරනවා එයත් එක්ක හැමෝම ඉස්සරහා සටන් කරන්න කියලා. නාගසිංහ එදා සටනෙදි ගුරුතුමාගේ ශක්තියත් අරගෙන, හොර කරලා දිනපු එක ගැන ගොඩක් දුක්වෙවී හිටියෙ. ආයිත් කවදාවත් තමන්ගෙ අතින් කවුරුවත්ම මරන්නෙ නෑ කියලා අධිෂ්ඨානයෙන් හිටපු නාගසිංහ, මේ අභියෝගය කිහිප පාරක්ම ප්‍රතික්ෂේප කළත්, ඒකෙන් ගැලවෙන්න බැරි වුණා. අන්තිමේදී සෙනරත් රජ්ජුරුවන් ඉස්සරහා මේ දෙන්නට සටන් කරන්න වුණා. සටන පටන් ගන්න කලින්ම නාගසිංහ, රජ්ජුරුවන්ට කියනවා, අංගක්කාරයො කුලයෙන් පහත් අයත් එක්ක සටන් කරන්නෙ නෑ කියලා. මේත් එක්කම කට්ටිය අදුර ගන්නවා මරුවල්ලිය පරපුරේ කෙනා රටින් පිටුවහල් කරපු කෙනෙක් කියලා. ඉතින් මෙයාව සිරභාරයට ගන්නවා. ඒත් එදා රෑ මේ රටින් පිටුවහල් කරපු ගනේතැන්න කියන කෙනා එක්ක මිත්‍ර වෙන සෙනරත් රජ්ජුරුවො, මෙයාට හිරෙන් පැනලා යන්න උදව් කරනවා. මෙයා එයාගෙ අක්කගෙ දුව (නාගසිංහ අතින් මැරුණු නිළමෙගෙ දුව) එක්ක ඉන්දියාවට යනවා.
විදර්ශනාව වඩලා ධර්ම මාර්ගයට පිවිසෙන්න යන නාගසිංහට මහසෝනගෙන් ලොකු බලපෑමක් එල්ල වෙනවා. මහසෝනා මාර්ගඵල ලබනවාට විරුද්ධයි. ඉතින් හැමතිස්සෙම මහසෝනා, මේක නතර කරන්න කියලා නාගසිංහට කරදර කරනවා. මේ වෙනකොට නාගසිංහගේ හිත ධර්ම මාවතට කොච්චර යොමුවෙලා තිබ්බද කියනවා නම්, මහාසෝනටවත් අනතුරක් කරන්න ගියේ නෑ. අන්තිමේදි බලවත්තල නිළමෙ දැනගන්නවා මේ සිද්ධිය. විස්තර අහනකොට, නාගසිංහ කියනවා කාලය හරහා ගමන් කරපු කතාව. ඊට පස්සෙ බලවත්තල නිළමෙතුමාට අප්‍රමාණ සතුටක් පහළ වෙනවා වගේම ලොකු ශ්රද්ධාවකුත් ඇති වෙනවා.

බලවත්තල නිළමෙතුමා, නාගසිංහගෙන් ඉල්ලීමක් කරනවා සහශ්‍ර ගණනාවක් ඈතින් තියෙන අනාගතයට යන්න කියලා. එහෙම ගිහින් මෛත්‍රී බුදු හාමුදුරුවන් පහළ වෙන කාලයට ගිහින්, උන්වහන්සේගෙන් ධර්මය අහලා, ආයිත් වර්තමානයට ඇවිත් ඒ බණ පද ටිකක් බලවත්තල නිළමෙතුමාටත් කියලා දෙන්න කියලා. ඉතින් මෛත්‍රී බුදු හාමුදුරුවන් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන නාගසිංහ ආයිත් භාවනා කරනවා. ඒත් එක්කම මහාසෝනත්
|
එතනට ඇවිල්ලා නාගසිංහට කිහිප පාරක්ම තර්ජනය කරනවා, ඒක නවත්තන්න කියලා. බැරිම තැන මහාසෝනා, නාගසිංහට ගහන්න නාගසිංහගේ ඇගට පනිනවා. ඒ පනිනවත් එක්කම නාගසිංහ වර්තමාන ලෝකයෙන් අතුරුදහන් වෙලා, අනාගත ලෝකයෙන් මතු වෙනවා. නාගසිංහගේ ඇගේ වැදුනු මහාසෝනත්, දන්නෙම නැතුව නාගසිංහ එක්ක අනාගතයට ඇවිත්...
මෙයාල මතුවෙන්නෙ 1992 අවුරුද්දෙ ලොකු ගෙදරක කාමරයක් ඇතුළෙ. ඒ වෙලාවෙ මේ ගෙදර ලොකු මංකොල්ලයක්. මේ මංකොල්ලයෙන් නාගසිංහ, ඒ ගෙදර හිටපු වැන්දඹු කාන්තාවයි, එයාගෙ උසස්පෙළ කරන වයසෙ ඉන්න ගැහැණු දරුවවයි බේරගන්නවා. මේ වැන්දඹු කාන්තාව වෛද්‍යවරියක්. මෙයා හිතන්නෙ ඒ ඉන්නෙ එයාගෙ මැරුණු මහත්තයා කියලයි. මොකද ඒ මහත්තයාට තිබිලා තියෙන්නෙත්, නාගසිංහගේ මූණමයි. පස්සෙ නාගසිංහ මේ දෙන්නට එයාගෙ සම්පූර්ණ කතාව කියනවා. නාගසිංහ ඇවිල්ලා ඉන්නෙ මෛත්‍රී බුදු හාමුදුරුවන් පහළ වෙන යුගයට නොවුණත්, ටික කාලයක් 1992 නතර වෙන්න හිතාගන්නවා. ඒත් දන්නෙම නැතුව නාගසිංහ මේ කාලයේ තියෙන එක එක විච්චූරණ දේවල්වලට ඇබ්බැහි වෙනවා. මේ කාලයට අනුව හැඩ ගැහෙනවා. රාගයෙන් සහ මෝහයෙන් මත් වෙනවා. වෛද්‍යවරිය එක්ක ආලයෙන් වෙලෙන්න ගන්නවා. මේ නිසා නාගසිංහ අනාගතයට ආපු අරමුණ අමතක වෙලා යනවා. ඒ විතරක් නෙවේ එයාගෙ තිබුණු කාලය හරහා ගමන් කිරීමේ ධ්‍යාන ශක්තියත් ටික ටික නැතිවෙලා යන්න ගන්නවා. දන්නෙම නැතුව අවුරුදු තුනක් විතර ගතවෙනවා. ඊට පස්සෙ වෛද්‍යවරියගෙ පස්සෙන් මහාසෝනා එන්න පටන් ගන්නවා. මහාසෝනට ඕන කළේ වෛද්‍යවරිය ලවා නාගසිංහට ආයිත් අතීතයට යන්න කියලා කියවගන්නයි. නාගසිංහට ඕන වුණේ අතීතයට ගියොත් මරුවල්ලියෙ නිළමෙගෙ දුවගෙ අතින් මැරුම් කන්න වෙන නිසා අනාගතයේම රැදිලා ඉන්න. එතකොට නාගසිංහට පුලුවන් වෙනවා ඒ වෙන්න තියෙන මරණයෙන් බේරෙන්න වගේම, අතීතය වෙනස් කරන්නත්.
ඊට පස්සෙ සෑහෙන කාලයක් ගියාට පස්සෙ එයාට මතක් වෙනවා එයාගේ හිතේ තිබුණු උතුම් චේතනාව. ඊට පස්සෙ ආයිත් භාවනා කරලා එයාගේ ධ්‍යාන ශක්තිය ආයිත් ලබාගෙන, නාගසිංහ යනවා එයා අයිති ලෝකයට. තරුණයෙක් විදිහට අතීතයෙන් අනාගතයට ගියපු නාගසිංහ, ආයිත් අනාගතයේ ඉදලා අතීතයට එන්නෙ මැදිවයසේ කෙනෙක් විදිහටයි. ඊට පස්සෙ බලවත්තල නිළමෙතුමාට වුණු සේරම දේවල් කියනවා. තමන්ගෙ ඔක්කොම බලාපොරොත්තු සුන් වුණා කියලා තේරුම් අරගන්න නිළමෙතුමා, නාගසිංහට කම්මුල් පාරක් ගහලා යනවා.

ඊට පස්සෙ නාගසිංහ ආයිත් භාවනා කරලා මෑතකාලීන අනාගතයට යනවා. ඒ කියන්නේ තමන්ගෙ අතින් මැරුම් කාපු මරුවල්ලිය නිළමෙගෙ දුව, ඒ කියන්නෙ අනාගතයේ මතු යම් දවසක තමන්ව මරා දාන ඒ කාන්තාව බලන්න. අනාගතයේ ඒ කාලෙ වෙනකොට මේ කාන්තාව විවාහ වෙලා, දරුපල අපේක්ෂාවෙන් ඉන්නෙ. නාගසිංහ එයාගෙ ජීවිත කතාව සහ කාලය හරහා ගමන් කරපු කතාව මෙයාට කියලා දෙනවා විතරක් නෙවේ, මේ දෙන්නා අතරේ හොද මිතුරුකමකුත් ගොඩ නගා ගන්නවා. එතනදි කාන්තාව ප්‍රාර්ථනාවක් කරනවා, නාගසිංහ මරණයෙන් පස්සෙ එයාට දාව උපදින්න කියලත්. ආයිත් භාවනා කරලා වර්තමාන ලෝකයට එන නාගසිංහට පණිවිඩයක් හම්බවෙනවා, මරුවල්ලිය නිළමෙගෙ දුව වැඩිවියට පත්වෙලා, කුණ්ඩලීනි යෝගය හොදට ඉගෙනගෙන, එයාගෙ මාමාත් එක්ක, නාගසිංහ එක්ක සටන් කරන්න ආයිත් ලංකාවට ඇවිත් කියලා. තමන්ගෙ මරණය වෙන්නෙ කවදද? කොතනද? කීයටද? කා අතින්ද? මේ හැම දෙයක්ම නාගසිංහ දන්නවා. තමන් අනාගතයට ගිහින් තමන්ගෙ ඇස් දෙකෙන් දැකපු විදිහටම නාගසිංහගේ මරණය සිද්ධ වෙනවා. පිරිමියෙක් විදිහට වෙස් අරගෙන ආපු මරුවල්ලිය නිළමෙගෙ දුව එක්ක කරපු සටනින් නාගසිංහ මරණයට පත් වෙනවා...
ඔන්න ඔහොම තමයි කතාවේ සාරාංශය යන්නෙ. මේකට රංගනයෙන් දායක වුණා අති දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් පිරිසක්. ඒ අය අතරින් මේ සටහනේ නම් කියපු අය ගැනවත් සදහන් කරන එක වටිනවා. නාගසිංහ විදිහට හිටියෙ ජැක්සන් ඇන්තනී මහත්මයා. එඩ්වඩ් ගුණවර්ධන මහත්මයා බලවත්තල නිළමෙ වෙද්දි, නාගසිංහගේ බිරිද විදිහට හිටියේ රෙබේකා නිර්මාලි මහත්මිය. කලින් සටහන්වල මතක් කළා වගේම මේ දෙන්නම අද අපි අතර නෑ. ගනේතැන්න විදිහට ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයත්, මරුවල්ලිය නිළමෙගෙ දුව විදිහට සභීතා පෙරේරා මහත්මියත් හිටියා. සෙනරත් රජතුමාගේ චරිතයට, ඩබ්ලිව් ජයසිරි මහත්මයා අතිදක්ෂ විදිහට පණ පෙව්වා. අනාගත කාලයේ වෛද්‍යවරිය විදිහට චාන්දනී සෙනවිරත්න මහත්මියත්, වෛද්‍යවරියගේ දුව විදිහට දමිතා අබේරත්නත් රගපෑවා. ඒ කාලයේ දමිතා හරි පුංචි කෙල්ලක්. මහාසෝනාගේ චරිතයට පණ පෙව්වෙ බුද්ධදාස විතානාරච්චි මහත්මයා. ඒ විතරක් නෙවේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයත් මේකෙ තත්පර 20ක විතර සුළු චරිතයකට හිටියා.
මේ නාට්‍යයේ තවත් කතා කළ යුතුම දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි තාත්විකත්වය. සමහරක් නාට්‍යවල ඇදුම් පැළදුම්, ගෘහ උපකරණ දකිනකොට අපිට දැනෙනවා ඒවා නාට්‍ය වෙනුවෙන්ම නිර්මාණය කරපුවා කියලා. ඒත් මේකෙදි ඒ වගේ දෙයක් අපිට හිතුනෙ නෑ. උදාහරණයක් විදිහට සෙනරත් රජතුමා දකිනකොට, අපිට හිතුනෙ ඒ ඉන්නෙ ඇත්තම සෙනරත් රජතුමා කියලා මිසක්, ඩබ්ලිව් ජයසිරි මහත්තයා කියලා නෙවේ. වේශ නිරූපනයත් හොදින්ම කරලා තිබ්බා. මහාසෝනාව දැක්කම ඒ ඉන්නෙ ඇත්තම මහාසෝනා කියලා දැනුනා. බුද්ධදාස විතානාරච්චි මහත්මයව මතක් වුණේම නෑ.

අනිත් කාරණාව තමයි සංගීත නිර්මාණ. මේ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂකවරයා තමයි ප්‍රේමසිරි කේමදාස ශූරීන්. මේ නාට්‍යයේ පසුබිම් සංගීත 10ක් විතර අහන්න පුලුවන්. ඒ හැම නිර්මාණයක්ම අතිවිශිෂ්ඨයි. ඒවා මහ නුවර යුගයට ගැලපෙන විදිහට, එකිනෙකට එකක් වෙනස් නිර්මාණ. ඒ නිර්මාණ අතරෙත් පෙරළියක් ඇති කරලා තියෙනවා කියලා කියන්න පුලුවන්.
|
උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන දේවල් අනුව ගත්තොත් යක් බෙරය යන්නෙ තනියම. ගැට බෙරය යන්නෙත් තනියම. දවුල යන්නෙ තම්මැට්ටම එක්ක. තම්මැට්ටම යන්නෙ දවුල එක්ක. ඒත් මේ නිර්මාණවල තම්මැට්ටම එක්ක ගැටබෙරය යන අවස්ථා වගේම තම්මැට්ටම එක්ක යක් බෙරය යන අවස්ථාත් තියෙනවා. මේවායෙත් ගොඩක් එව්වා ජවසම්පන්න, වේග රිද්මයට බර නිර්මාණ. ඒවා අතරින් මගේ සිත් ගත්ත සංගීත ඛාණ්ඩ හතරක් මම උඩ වීඩියොවෙ කපලා කොටලා දාලා ඇති. මේ කතාවේ හැම දෙයක්ම හිතට වදින සුළුයි. ඒ දේවල් අතරින් සිද්ධීන් දෙකක් තදින්ම හිතට වැදුනා. එකක් තමයි හැම දෙයක්ම අතෑරලා දාලා විදර්ශනාව වඩලා බුදුන් වදාළ මාර්ගය ඔස්සේ යන්න හිත හදාගෙන ඉන්න වෙලාවෙ, නාගසිංහත් එක්ක සටන් කරන්න ගනේතැන්න ආපු වෙලාව. ඒ වෙලාවේ නාගසිංහ, ගනේතැන්නව උපමා කළේ මාරයාටයි. මොකද මාරයාත් මාර්ගඵල ලබනවාට, බුදු මග ඔස්සෙ යනවට විරුද්ධ කෙනෙක්. ඒ වෙනකොටත් තමන්ගේ මරණය වෙන හැටි අනාගතයට ගිහින් බලලා තිබ්බ නාගසිංහ මරණ බයෙන් හිටියෙ. ඒ වෙලාවෙ නාගසිංහගේ ගෝල පිරිස ගනේතැන්නට මහා සද්ධෙට දෝෂාරෝපණය කරනකොට, නාගසිංහ ඒ ඝෝෂාවටත් වඩා වැඩි සද්ධෙන් නොකඩවා "ඉධ නන්දති පෙච්ච නන්දති-කතපුඤ්ඤෝ උභයත්ථ නන්දතී" කියන ගාථාව සජ්ජායනා කරනවා, සිංහල තේරුමත් ඇතුව. ("පින් කළ ඇත්තේ මෙලොවත් සතුටු වෙයි. පර ලොවත් සතුටු වෙයි.")...
ඊට අමතරව මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි නාගසිංහ කාලය හරහා ගමන් කිරීමේ අත්දැකීම බෙදාගන්නවා සෙනරත් රජ්ජුරුවො එක්ක. නාගසිංහගෙ කතාව ඉවර වෙනකොට රජ්ජුරුවො බොහොම දුකෙන් මූණෙ අත ගහගන්නවා. නාගසිංහ ඒකට හේතුව ඇහුවම රජ්ජුරුවෝ ලොකූ සුසුමක් හෙළනවා. ඊට පස්සෙ කියනවා, නාගසිංහගේ මරණය වෙන හැටි නාගසිංහ දැන ගත්තා. ඒත් අපේ මරණය කොහොම වෙයිද? මරණයෙන් පස්සෙ අපි කොහේ උපදීවිද කියලා කවුද දන්නෙ? කියලා කියනවා.... මේ සිදුවීම් දෙක ගොඩක්ම හිතට දැනුනා. ඉතින් රසස්වාදයක් වගේම අපිට දහම් පණිවිඩයක් දෙන්නත් මේ ටෙලිනාට්‍ය සමත්වෙලා තියෙනවා. මොන ජගතෙක් වුණත් මරණයට පැරදෙන්න වෙනවා. මරණය අපිට කිය කියා එන්නෙ නෑ. මරණය එන්නෙ එක පාරටමයි. ඒ නිසා මරණය වෙනුවෙන් සූදානම් වෙලා ඉන්න ඕන. සංසාරෙ භයානකයි. මරණයෙන් පස්සෙ කොහේ කොහොම උපදීවිද කියලා දන්නෙ නෑ. ඒ නිසා සුගතිගාමී වෙන්න පිං කුසල් කරන අතරෙම, විදර්ශනාව වඩලා සසර කෙටි කරලා, කොහොමින් කොහොම හරි නිවන්පුරයට යන්න අධිෂ්ඨාන කර ගන්න ඕන!

23. තට්ටු ගෙවල්
2001/2002/2003 කාලයේ ස්වර්ණවාහිනියෙන් විකාශය වුණු මේ නාට්‍යයට තිබ්බා හරි ලස්සන තේමා ගීතයක්. ඒක නම් අන්තර්ජාලයේ හොයා ගන්න නෑ. නිවාස සංකීර්ණයක ජීවත්වෙන පවුල් කිහිපයක් සහ ඒ ළග තියෙන කඩයක් කේන්ද්‍ර කරගෙන ගෙතෙන මේ කතාව, හරිම සුන්දර සහ විනෝදකාමී කතාවක්. මේ නිවාස සංකීර්ණයේ ඉන්න අයට වෙන එක එක විදිහේ වැඩ ගැන තමයි කතාව යන්නෙ. නිවාස සංකීර්ණයෙත් එක එක විදිහේ අය ජීවත් වෙනවා. පවුල් පවුල් අතරේ සිද්ධවෙන සීතල යුද්ධ, පවුල් පවුල් එකතු වෙලා එහාට මෙහාට යවන ගිනි ගෙඩි, පවුල් පවුල් අතරෙ තියෙන සමගිය, විහිළු තහළු වගේ දේවල් තමයි ඉස්මතු වෙන්නෙ. මොකක් හරි හොද ආරංචියක් අහන්න හම්බුණාම "ෂහ් Scheme එකටනෙ ආඩම්බර" කියලා කියන්න ඒ කාලයේ ගොඩක් අය පුරුදු වුණේ මේ නාට්‍යයෙන්. ඒ වගේම මොකක් හරි කරදරයක් වුණාම "ෆුල් හින්දුස්තානි" කියලා කියන්නත් සමහරක් දෙනා පුරුදු වුණේ මේ නාට්‍ය බලලා.
මේ නාට්‍යයේ ප්‍රධාන, සහාය චරිතවලට වගේම සුළු චරිතවලට හිටියෙත් ලොකු පලපුරුද්දක් තියෙන, බොහොම ජනප්‍රිය අය. ඒ අතරින් චන්ද්‍රසෝම බිංදුහේවා, එඩ්වඩ් ගුණවර්ධන, රජිත හිරාන්, මැණිකේ අත්තනායක, හේමසිරි ලියනගේ, ඥාණංග ගුණවර්ධන, දයා තෙන්නකෝන්, ග්‍රේස් ආරියවිමල් වගේ ගොඩක් ප්රමුඛ පෙළේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් හිටියා. කලින් සටහන්වල සදහන් කරපු විදිහට "බංකු බංකු" චරිතය රගපාපු ශිල්පියත්, කඩේ මුදලාලි විදිහට රගපාපු එඩ්වඩ් ගුණවර්ධන මහත්මයත් අපි අතරෙ නෑ. එතකොට ඇලන් සිල්වෙස්ටර් මහත්මියත් අපෙන් වෙන් වෙලා. තවත් දක්ෂ ප්‍රතිභා පූර්ණ වයසක නළුවෙක් හිටියා. මේ වෙලාවෙ නම් නම මතක් වෙන්නෙ නෑ. එයත් අද අපි අතරේ නෑ. එක වෙලාවකට කඩේ ළමයා විදිහට හිටපු, තවත් වෙලාවක පාරක් අයිනෙ ත්‍රීවිල් එකක් ගහගෙන හිටපු අපි කවුරුත් ආස කරපු "පිං පොං"ට පණ දුන්නෙ රජිත හිරාන්. දැන් නම් පිට්ටු බම්බුව වගේ හිටියට, ඒ කාලයේ නම් එහෙම් පිටින්ම ඇට සැකිල්ලක්. මේක තමයි එයාගෙ පළවෙනි ටෙලිනාට්‍ය වුණෙත්. මේකෙ රගපාපු රුක්මල් නිරෝෂන් වගේ අය අද වෙනකොට මේ ක්ෂේත්රයෙන් ඈත් වෙලා ගිහින්.

24. යශෝරාවය
ආරංචියේ හැටියට මේකලු අපේ රටේ පළවෙනි වතාවට නවකතාවක් ආශ්රයෙන් නිර්මාණය වුණු ටෙලිනාට්‍යය. ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු මේ නාට්‍ය විකාශය වෙනකොට මම ජීවතුන් අතර නෑ. මේක බැලුවෙ දෙවෙනි වර විකාශයේදි. පවුලක ඇත්ත ස්වභාවය නියමෙටම ඉස්මතු කරපු ටෙලිනාට්‍යක් තමයි "යශෝරාවය" කියන්නෙ. මධ්‍යම පැලැන්තියේ පවුලක්, ඉහළ පැලැන්තියකට නැගලා වැජඹෙන්න හදන හැටිත්, සමාජය ඉස්සරහා තමන්ගේ වැදගත්කම පෙන්නන හැටිත්, පරම්පරාවේ තෝම්බුවෙන් උන්මත්තක වුණු ඒත් අගහිගකම් හංගන්න උත්සාහ කරන හැටිත්, මේ දේවල් නිසා විනාශයට පත්වෙන හැටිත්, දෙමාපියන් සහ දරුවන් අතරේ වෙන්න ඕන යුතුකම් සහ වගකීම් හරියාකාරව ඉටු නොවුණම අයිතිවාසිකම්වලට අසමගි වෙන හැටිත් මේකෙන් දැක ගන්න පුලුවන්.
මේ ගෙදර ගෘහමූලිකයා තමයි වීරසේකර. එයාගෙ නෝනා තමයි සුදු හාමිනේ. මෙයාලට ළමයි පස් දෙනෙක් හිටියා. ලොක්කා තමයි බලදේව. දෙවනියා ලෙස්ලි. තුන්වෙනියා සුනිමල්. හතරවෙනියා තමයි රංජනී. බාලයා සූරතිස්ස. සූරතිස්ස උසස්පෙළ විභාගයට ලෑස්ති වුණු කෙනෙක්. රංජනීට රස්සාවක් නෑ. එයා කළේ පුලුවන් තරම් දෙමාපියන්ගෙන් සල්ලි අරන්, අනවශ්‍ය විච්චූරණවලට වියදම් කරපු එක. ලෙස්ලි එංගලන්තයේ සුද්දියක්ව බැදලා එහේම පදිංචිවෙලා හිටියා. සුනිමල් මොනවා කරනවද කියලා ඒ ගෙදර කවුරුත් දැනගෙන හිටියෙ නෑ. ඒ වුණාට කොහොම හරි මාසෙ අන්තිමට සොච්චම් පඩියක් සුදු හාමිනීගෙ අතට දෙනවා. වීරසේකර මහත්තයත් විශ්‍රාම ගිහින් වයෝවෘද්ධව හිටපු නිසා, පවුලේ බර කරට ගත්තෙ වැඩිමලා වුණු බලදේවයි. ගුරුවරයෙක් විදිහට සේවය කරපු බලදේව බොහොම සැහැල්ලු ගතිපැවතුම් තියෙන, විච්චූරණ වැඩවලට කැමති නැති, සරලම සරල මනුස්සයෙක්. මෙයා තමයි පවුලේ හැමෝම ගැන හොයලා බලලා, ඒ අයගේ අවශ්‍යතා ඉෂ්ඨ කරන්න මුල් වුණේ. බාලයා වුණු සූරතිස්ස හිටියෙත් බලදේව එක්ක නිසා, සූරතිස්සටත් බලදේවගේ ගතිපැවතුම්ම පිහිටලා තිබුණා.
මේ අය කොච්චර අන්තයකට වැටිලා හිටියද කිව්වොත්, එක දර්ශනයක තියෙනවා සුදු හාමිනේ ශීතකරණය අරින අවස්ථාවක්. හෙන විශාල ශීතකරණයක් වුණාට, ඒක ඇතුළෙ තිබ්බෙ එකම එක කැරට් අලයක් විතරයි. තව දර්ශනයක් තියෙනවා සුදු හාමිනේ අනිත් අයට කෑම බීම මේසයට ඇරලා, කුස්සියෙ මුල්ලක වාඩිවෙලා හොරෙන් බත් මුට්ටියෙ අඩිය හූර හූර කනවා. කොහොම හරි බලදේවයි, එයාගෙ ඉස්කෝලෙ උගන්නන තවත් ගුරුතුමියක් අතරෙයි ආදර සම්බන්ධයක් ඇති වුණා. ගුරුතුමිය හරිම දුප්පත්, මුඩුක්කුවක ජීවත් වෙන කෙනෙක්. මේකට බලදේවගේ ගෙදරින් විරුද්ධ වෙනවා. වීරසේකර මහත්තයලා කොච්චර අන්තෙට වැටිලා හිටියත්, හැමවෙලේම එයාලගෙ පරම්පරාවේ ඉතිහාසය, නම්බුව සහ අභිමානය ගැනයි හිතුවේ. එක පාරටම ලියුමක් එනවා ලෙස්ලි එයාගෙ නෝනයි, ළමයයි එක්ක නිවාඩුවකට එනවා කියලා. බලදේවගේ විරුද්ධත්වය මැද වීරසේකර මහත්තයා වටේටම ණයවෙලා ගෙදර තීන්ත ගාලා නඩත්තු කටයුතු කළා. ඒ වගේම අන්තෙටම වැටිලා තියෙද්දිත් තව තව සල්ලි වියදම් කරලා ගෙදරට අලුත් ගෘහ උපකරණ අරගත්තා. ලෙස්ලි ආවට පස්සෙත් දිගට හරහට විනෝද සාද දැම්මා. සුපිරි විදිහට් කෑම බීම හැදුවා. ලෙස්ලි යනවත් එක්කම මෙයාලා බිංදුවටම වැටුණා (ලෙස්ලිත් එංගලන්තයෙ සුරසැප විදින කෙනෙක් නෙවේ. ණය බරින් මිරිකුණ කෙනෙක්). ඒත් එක්කම බලදේව එයාගෙ පෙම්වතියව විවාහ කර ගත්ත නිසා, වීරසේකර මහත්තයා එයාව ගෙදරින් පන්නනවා. මේ නිසා බලදේව එයාගේ බිරිදගෙ ගෙදර පදිංචි වෙනවා.
සූරතිස්සත් උසස්පෙළ සමත්වෙලා, විශ්වවිද්‍යාලයට තේරුණු නිසා එයා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ නවතින අතරෙ රංජනී, මහේෂ් කියලා දෙමළ තරුණයෙක් එක්ක විවාහවෙලා ජපානෙ යනවා. ඉතුරුවෙන සුරනිමල් දෙමාපියන්ගේ විරෝධය මැද්දෙ ටිකක් වෛශ්‍යා ගතිපැවතුම් තියෙන කෙනෙක්ව බදිනවා. ඊට පස්සෙ මෙයාගෙ හොරවැඩ අල්ල ගන්න සුරනිමල, මෙයාව ගෙදරින් පන්නනවා. ඒ කේන්තිය තමන්ගෙ දෙමාපියන්ගෙ පිටිනුත් දාලා, දෙමාපියන්වත් ගෙදරින් පන්නනවා. අන්තිමේදි පාරට වැටෙන කුලයෙන් උසස් මේ දෙන්නා, යන එනමං නැතුව, කුලයෙන් පහත් යැයි සම්මත කර ගත්ත බලදේවගේ නෝනාගෙ ගෙදර පදිංචියට යනවා.

ජී. ඩබ්. සුරේන්ද්‍ර, අයිරාංගනී සේරසිංහ, ලකී ඩයස්, ගාමිණී හෙට්ටිආරච්චි, රිචඩ් ද සොයිසා, රත්නා ලාලනී ජයකොඩි, අමිත්ත වීරසිංහ, ගීතා කාන්ති ජයකොඩි, එච්. ඒ. පෙරේරා, සුනිල් හෙට්ටිආරච්චි, සරණපාල ජයසූරිය, කුමුදුමලී ගමගේ, නඩරාජා ශිවම්, රාජා සුමනපාල, සුනීතා විමලවීර, එලන් සිල්වෙස්ටර්, සුමින්ද සිරිසේන වගේ ප්රමුඛ පෙළේ මහා පතාකයින් පිරිසක්ම මේකට රංගනයෙන් සහයෝගය දුන්නා. ඒ අය අතරින් අපි කලින් සටහන්වලත් කතා කරපු සුනිල් හෙට්ටිආරච්චි, රාජා සුමනපාල වගේ මහත්තුරු අද අපි අතරෙ නෑ. ජී. ඩබ්. සුරේන්ද්‍ර මහත්තයත් ඒ කාලයේම සමු ගත්තා කියලයි ආරංචි වුණේ. රංගන ශිල්පියෙක් විදිහට සහ ජනමාධ්‍යවේදියෙක් විදිහට හොද අනාගතයක් තිබ්බ රිචඩ් ද සොයිස් මහත්තයා, බොහොම අමානුෂික විදිහට ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අතරතුරදි ඝාතනය වුණා. බලදේවගේ බිරිදගේ අයියාගේ චරිතය රගපාපු (ගමේ චණ්ඩියෙක්) එච්.ඒ.පෙරේරා මහත්තයත් අද අපි අතර නෑ. එලන් සිල්වෙස්ටර් මහත්මියත් නෑ. මහේෂ්ගෙ චරිතයට පණ පොවපු නඩරාජා ශිවම් මහත්තයත් සෑහෙන කාලෙකින් ටෙලියක හිටියෙ නෑ. මට මතක විදිහට මේක තමයි ලකී ඩයස් මහත්තයාගෙ පළවෙනි ටෙලිය. එයාගෙ රැවුල් කට් එක, ඒ කාලයේ මේ නාට්‍ය හරහා ගොඩක් ප්‍රසිද්ධ වුණා කියලයි ආරංචිය. සුරනිමල විදිහට හිටපු අමිත්ත වීරසිංහ මහත්තයත් ඒ කාලයෙ බොහොම පොඩි කොල්ලෙක්.
මේකෙත් පිටපත ලිව්වේ සෝමවීර සේනානායකයන්. මෙයා අපේ ගමේ හිටපු නිසා අපේ ගමේ සහ ගම අවට තියෙන පළාත්වල නම් නිතරම කියවෙනවා. ඒ වෙලාවට ඉතින් අපිටත් පොඩි අභිමානයක් දැනෙනවා. සෝමවීර මහත්තයා මේ කතාවට පාදක කර ගත්තෙ ඇත්තම ඇත්ත පවුලක්ලු. මේ නාට්‍ය විකාශය වෙනකොට ඒ පවුලත් මේ කතාව බැලුවලු. පවුලෙ හිටපු ගෘහමූලිකයාට ඇරෙන්න, අනිත් හැමෝටම මේ කතාව හොදටම වැදුනලු. සෝමවීර මහත්තයටත් මේක ගැන ප්‍රශංසා කළාලු. හැබැයි ඒ පවුලෙ හිටපු ගෘහමූලිකයාට තේරුණේම නෑලු, වීරසේකර මහත්තයාගේ චරිතයෙන් නිරූපණය වෙන්නෙ එයාව කියලා. එයා වීරසේකරගේ චරිතයට පණ පොවන ජී. ඩබ්. සුරේන්ද්‍ර මහත්තයා දිහා බලන් කියනවලු "මම කැමති මේ නළුවට. හොදට රගපාන්න පුලුවන් කෙනෙක්. මම කැමති මෙයාට Drink එකක් අරන් දෙන්න" කියලා. ඒ වගේම හැමතිස්සෙම ජාතික ඇදුමෙන් සැරසිලා ඉන්න බලදේවගේ චරිතය ගොඩනගලා තියෙන්නෙ මහගමසේකර මහත්මයාගෙන්.

25. අඹ යාලුවෝ
ටී.බී.ඉලංගරත්න ශූරීන්ගේ නව කතාව ආශ්රයෙන් නිර්මාණය වුණු, ජාතික රූපවාහිනිය හරහා විකාශය වුණු මේ ටෙලිනාට්‍ය ගැන නම් අමුතුවෙන්ම කියන්න ඕන නෑ කියලා හිතනවා. "අඹ යාලුවෝ" කියන වචනය ඇහෙනකොටත්, හරි පුදුමාකාර සහනයක්, සිතුවිල්ලක්, සනීයපයක් හිතට දැනෙනවා. පොහොසත් පවුලක සැප සම්පත් විදින පිරිමි ළමයෙක් සහ ඒ පවුලට බැලමෙහෙවරකම් කරන දුප්පත් පවුලක දුක් විදින තවත් ඒ වයසෙම පිරිමි ළමයෙක් අතරේ ගොඩනැගෙන අයෝමය මිතු දමක් ගැන තමයි කතාවෙ තිබුණෙ. පුංචි ළමයින්ගේ සිතුවිලි හරිම පිරිසිදුයි. වැඩිහිටි අය අතරේ තිබුණු දුප්පත් පොහොසත් භේදය, කුල භේදය, වෛරය, ක්‍රෝධය, ද්වේෂය, ආත්මාර්ථකාමීත්වය වගේ නරක ගතිපැවතුම් මේ දෙන්නා අතරේ තිබුණෙ නෑ.
නාට්‍යයේ ප්‍රවීණ රංගධරයින් සේනාවක්ම රගපෑවා. ඒ අතරින් අද ජීවතුන් අතර නැති අපේ ආදරණීය අශෝක පිරීස් මහත්මයා, රුබීද මැල් මහත්මිය, රාජා සුමනපාල මහත්මයව මතක් කරන්න ඕන. අඹ යාලුවො විදිහට රංගනයෙන් දායක වුණු රසික පෙරේරා ගැන නම් හා හූවක් නැතත්, අශේන් මංජුල නම් තාමත් රංගන කටයුතුවල නියැලෙනවා.

මේ නාට්‍යයේ ගායනා කෙරුණු "මල් පිපෙයි දෙනෙත් ඇරෙයි ගීතය" අදටත් අපේ රටේ ළමා ගී අතරින් ඉහළින්ම වැජඹෙන ගීතයක්. එඩ්වඩ් ජයකොඩි ශූරීන් ගායනා කරපු "තුඩින් තුඩින්" කියන තේමා ගීතයත්, අදටත් අපි අතරේ ජනප්‍රියයි. ජපානයෙන් නිෂ්පාදනය කරපු "ඔෂින්" නාට්‍ය, භාෂා ගණනාවකටම හඩ කවලා, රටවල් විශාල ප්‍රමාණයක් අතරේ ප්‍රචාරය කෙරුණා. අන්න ඒ වැඩපිළිවෙලම "අඹ යාලුවෝ" ටෙලිනාට්‍යයටත් ගන්න පුලුවන් නම්, මම හිතන්නෙ ඒක හොද වටිනා දෙයක් වෙයි.
ඒ තමයි මම තෝරපු හොදම 25. ඒ වුණාට තවත් හොද උසස් මට්ටමේ ටෙලිනාට්‍ය ගණනාවක්ම මගේ මතකයේ තියෙනවා. ඒවා අතරිනුත් කිහිපයක් හරි, ලිපිය අවසන් කරන්න කලින්, කෙටියෙන් මතක් කරගෙන කරගෙන ගියොත් හොදයි කියලා හිතෙනවා.
බැද්දේගෙදර, අඹු දරුවෝ, ගජමන් නෝනා...... මේ කතා විකාශය වුණේ 2000/2001/2002 කාල වකවානුවලදි ජාතික රූපවාහිනියෙන්. මේ කතා ප්‍රසිද්ධ වෙන්න බලපාපු ප්‍රධානතම සාධකය වුණේ නන්දා මාලනී මහත්මියගේ හඩින් වර්ණවත් වුණු ඒවායේ තේමා ගීතයි. බැද්දේගෙදර නාට්‍යයේ තිබුණේ "එක ගේ කෑම" කියන සංකල්පයයි. සහෝදරයන් දෙදෙනෙක් එකම කාන්තාවක් විවාහ කර ගන්නවා. අඹු දරුවෝ නාට්‍ය ටිකක් යශෝරාවයට සමානයි. පවුලක සිද්ධවෙන විපර්යාස ගැන තමයි මේකෙ තියෙන්නෙ. ළමයි තරුණ වෙනවා. වැඩිහිටියො වයසට යනවා. ඒ අය අතරේ තියෙන අන්යේන්යය සම්බන්ධතා ගැන, වගකීම්, යුතුකම් ගැන හොදටම ඉස්මතු වුණා. ගජමන් නෝනා ටෙලිනාට්‍යයේ නම් තිබුණේ ගජමන් නෝනාගේ ජීවිත කතාවයි. ජයන්ත චන්ද්‍රසිරි ශූරීන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ කේමදාස ශූරීන්ගේ සංගීතයෙන් හැඩවුණු, අපේ රටේ එදා මෙදා තුර නිර්මාණය වුණු ඉහළම ටෙලිනාට්‍යයක් විදිහට දඩුබස්නාමානය තාමත් අපි අතරේ ප්‍රසිද්ධයි. ඒක අංගම්පොර සටන් කලාව ගැන කියාපාන නාට්‍යක්.

ළමා නාට්‍ය පැත්තෙන් ගත්තොත් චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළා "පුංචි වීරයෝ 01" සහ "පුංචි වීරයෝ 02" කියලා. මේවත් ඒ කාලයේ අපි අතරෙ ජනප්‍රිය වුණා. දෙවෙනි කොටස නම්, පළවෙනි කොටස තරම් ජනප්‍රිය වුණේ නෑ. පුංචි ළමයි කිහිප දෙනෙක් එකතුවෙලා කරන ත්‍රාසජනක චාරිකාවක් ගැන තමයි තියෙන්නෙ. "නෝනාවරුනි මහත්තුරුනි" නාට්‍යයේ මංජුට රගපාපු කෙනා වගේම, අපේ ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන්ගේ පුත්‍ර රත්නය; පූර්ණ ද අල්විස් එහෙමත් මේකෙ හිටියා. එතකොට ප්‍රසිද්ධ නව කතාව ආශ්රයෙන් නිර්මාණය වුණා "සෝමපුර වීරයෝ" ටෙලිනාට්‍ය. එතකොට "හපනා" කියල එකකුත් නිර්මාණය වුණා. ඒ විතරක් නෙවේ "පුංචි හපන්නු" නාට්‍යත් හොදයි. මේ හැම එකක්ම ජාතික සහ ස්වාධීන රූපවාහිනිය කේන්ද්‍ර කරගෙන 2001/2002/2003 අවුරුදුවල නිෂ්පාදනය වුණු ඒවා.
2005 ස්වර්ණවාහිනියෙන් විකාශය වුණා "අත්භූත ලාම්පුව" කියලා එකක්. බලගතු ලාම්පුවක් ඇතුල්ලුවම, ඒකෙන් එළියට එන පුංචි භූතයෙක් සහ පුංචි ළමයෙක් අතරේ ගොඩනැගෙන යාලුකමක් ගැන තමයි තිබුණෙ. භූතයා මේ ළමයට හොද පුරුදු, සිරිත්විරිත් කියලා දීලා හොද යහපත් ළමයෙක් කරනවා. නාට්‍යයේ සිංදු එහෙමත් තිබුණා. ඇන්ටන් ජූඩ් මහත්තයා තමයි භූතයට රගපෑවේ. "දගමල්ල"ත් ස්වර්ණවාහිනියෙන්ම විකාශය වුණු නාට්‍යයක්. 2005 අවුරුද්දේ, විදේශීය ළමා නව කතාවක ඇසුරෙන් නිෂ්පාදනය කරපු මේ නාට්‍යයේ නටාශා පෙරේරා, සංඛේත් වික්‍රමගේ වගේ අය රගපෑවා. ඒ කාලෙ මෙයාලත් හරිම පුංචි ළමයි. කුමාරතුංග මුනිදාසයන්ගේ කතාව ආශ්රයෙන් ටෙලි නිර්මාණයක් විදිහට නිර්මාණය වුණු "හත්පණ" මට මතක විදිහට ජාතික රූපවාහිනියෙන් විකාශය කළේ 90 දශකයේදි වගේ.
"සද අමාවකයි" නාට්‍යත් මේ වෙලාවෙදි මතක් වෙනවා. දෑස් නොපෙනෙන පාසල් ගුරුවරියක් ගැන තමයි ඒකෙ සංකල්පය වුණේ. මේ ගුරුවරියට රගපෑවේ දුලීකා මාරපන මහත්මිය. මේක තමයි එයාගේ පළවෙනි ටෙලි රංගනය. ඒ කාලෙ හරිම කෙසග තරුණියක්. මේකෙ හොද නළු නිළි කැලක් රගපෑවා.

එතකොට 2002දි විතර විකාශය වුණු "බෝගල සවුන්දිරිස්"? කොහොම අමතක කරන්නද? "දූ දරුවෝ" ටෙලිනාට්‍ය හීනෙන් වගේ මතකයි. ඒකෙ තිබ්බෙත් පවුල් සංස්ථාව ගැන. ඊට පස්සෙ විකාශය වුණු ඒ ආකෘතියේම නාට්‍යක් තමයි "සත්පුර වැසියො" කියන්නෙත්. එතකොට "බෝඩිම"? ඒක නම් සිනා සාගරයක්. බෝඩිමක නැවතිලා ඉන්න බෝඩිංකාරයො වගයක් ගැන තමයි කතාව ගලාගෙන ගියේ. බන්දුල විජේවීර, සුනිල් හෙට්ටිආරච්චි, හේමසිරි ලියනගේ, රොඩ්නි වර්නකුල, දයා අල්විස්, ජයලත් මනෝරත්න වගේ මහත්වරු ඒකෙ රගපෑවා.
එතකොට හොද සංකල්පයක් යටතේ නිර්මාණය වුණා "මනෝකාය" කියලා නාට්‍යයක් එහෙම. මිනිහෙක්ව දාගෙන කරපු පරීක්ෂණයක් වැරදිලා, අමුතු මනුස්සයෙක්ව නිර්මාණය වෙන එකක්. ග්‍රැන්විල් රොද්‍රිගෝ මහත්මයා එහෙම ඒකෙ හිටියා. තව ගියා "තුන්පත් රටාවක ලස්සන" කියලා ටෙලියකුත්. පිටිසර ගමක ජීවත්වෙන අම්මා කෙනෙක්ට හිටපු පුතාලා තුන්දෙනෙක් ගැන තමයි ඒකෙ තිබුණෙ. ලොකු පුතා තරමක් දුරට ඉගෙනගෙන ගමේ ගෙදර සාම්ප්‍රදායික විදිහට ඉන්න ගමන් අම්මවත් බලාගෙන ජීවත් වුණා. දෙවෙනියා ඉගෙන ගත්තු නැති කෙනෙක්. හැබැයි කොළඹ හොද ධනවත් ව්‍යාපාරිකයෙක් වෙලා. ඒ වුණාට ගුණධර්ම පිහිටලා නෑ. බාලයා හොදට ඉගෙනගෙන, විශ්වවිද්‍යාලයේ ගිහින්, ඉංජිනේරුවෙක් වෙලා කොළඹ ජීවත් වෙනවා. මේකෙ තිබ්බ විශේෂත්වය තමයි සහෝදරවරු තුන්දෙනාටම පණ දුන්නෙ ජයලත් මනෝරත්න මහත්මයා වීම. තව ගොඩක් ඉස්සර ගියා "පරස්පරය" කියලා නාට්‍යකුත්. ඒකත් හොද ඉහළ ගණයේ එකක්. මේ ඔක්කොම විකාශය වුණේ ජාතික රූපවාහිනියෙන්.

1848 නිදහස් අරගලය කේන්ද්‍ර කරගෙන ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වුණු මහතලා හටනත් ඒ කාලයේ හැමෝම බැලුවා. මට මතක විදිහට 2007 තමයි විකාශය වුණේ. මේ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයත්, චක්රායුධයේ අධ්‍යක්ෂකවරයම තමයි. මේකෙ තියෙන කුඩාපොල හාමුදුරුවන්ට වෙඩි තියන දර්ශනයෙන් ඒ කාලෙ ගොඩක් අයගෙ හිත කම්පා වුණා. මේ කාලයේ රූපවාහිනියෙන් විකාශය වුණා "සතර දෙනෙක් සෙන්පතියො" කියලා ටෙලිනාට්‍යක්. ඒකත් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. මට මතක විදිහට කේමදාස මාස්ටර් අවසාන වතාවට සංගීත අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍යය තමයි මේ. අපේ රටේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ගැන වගේම, චිත්ත ශක්තිය දියුණු කිරීමේ ශාස්ත්රයත්, බුදු දහමේ එන කර්මය සහ පුනර්භවය කියන ඉගැන්වීමත් තමයි මේ කතාවේ සාරය වෙන්නෙ. රජ කාලයේ එකට හමුවෙන සෙන්පතිවරු හතර දෙනෙක්, ආත්ම ගණනාවකට පස්සෙ වර්තමාන ලෝකයේදි එකට හමුවෙන අවස්ථාවක් සහ ඊට පස්සෙ එයාලා එයාලගෙ ශක්තීන්වලින් කරන දේවල් තමයි තිබුණෙ. යශෝධා විමලධර්ම, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, බුද්ධික ජයරත්න තමයි ප්‍රධාන චරිතවලට හිටියෙ.
ස්වර්ණවාහිනියෙන් විකාශය වුණා "රාජ සභාව". මහින්ද පතිරගේ සහ ගුණදාස මධුරසිංහ දෙපල විතරක් හිටපු ද්වීපාර්ශවීය නාට්‍යක්. කපටිකමින් රජකම් කරන ඔලමොට්ටල රජ කෙනෙක් සහ රජතුමාගේ දෙලොවටම නැති පාලනයට අවවාද අනුශාසනා ලබා දෙන පුරෝහිත කෙනෙක් ගැන තමයි මේ කතාවෙ ගියේ. "බඩුම තමා" කියන වාක්‍ය, ඒ කාලයේ මේ නාට්‍ය හරහා ගොඩක් ප්‍රසිද්ධ වුණා. එතකොට ඈත අතීතයේ ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු "විනෝද සමය" ගැන අමුතුවෙන්ම කියන්න අවශ්‍ය නෑ කියලා හිතනවා. මේ නාට්‍යට ගහන්න පුලුවන්, අභියෝග කරන්න පුලුවන් හාස්‍යෝත්පාදක නාට්‍යයක් තාමත් අපේ රටෙන් නිර්මාණය වුණේ නෑ. මේ නාට්‍ය තමයි අපේ රටේ හාස්‍යෝත්පාදක නාට්‍යය අතරේ මහා රජ්ජුරුවො. මේකෙ රංගන දායකත්වය ලබා දුන්නු අයගෙන් මේ ලිපිය රචනා වෙනකොටත් ඉතුරුවෙලා ඉන්නෙ බර්ටි ගුණතිලක මහත්මයා විතරයි.
ස්වර්ණවාහිනියෙන් 2002දි විතර විකාශය වුණා "දෙපත් නයි". ඒ කාලයේ මැද පෙළේ හිටපු සෑම සියලු රංගන ශිල්පියෙක් / ශිල්පිනියක්ම මේකෙ රගපෑවා. අමිල අබේසේකරගෙ පළවෙනි නාට්‍යද කොහෙද. මේකට තිබුණා හරි ලස්සන තේමා ගීතයක්. "බොරුව තරම් මිහිරි දෙයක් තුන් ලෝකෙම නෑ...... ඇත්ත තරම් තිත්ත දෙයක් අපි අහලත් නෑ......." එතකොට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වුණු තවත් නාට්‍ය දෙකක් මේ වෙලාවෙදි මතක් වෙනවා. එකක් තමයි පින්නවල ඇත් ගාල කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුණු නිර්මාණයක්. සිරිල් වික්‍රමගේ මහත්මයා අලි බාසුන්නැහේ කෙනෙක්ට රගපෑවා. ඩග්ලස් රණසිංහ මහත්මයා ඉහළ නිළධාරියෙක්ගේ චරිතයක් රගපෑවා. "ඇතානෝ" වගේ නමක් තමයි මතක. ඊළගට "අන්දර වැට".... මේකට සම්බන්ධ එක වීඩියෝවක්වත් අන්තර්ජාලයේ හොයා ගන්න නෑ.... ලස්සනම ලස්සන තේමා ගීතයක් තිබුණා. පවුල් අතරේ තියෙන සාමාන්‍ය එදිනෙදා පොදු සිද්ධි අල්ලලා නිර්මාණය වුණු, බොහොම ආදර්ශ සම්පන්න ටෙලිනාට්‍යයක්. 2000දි තමයි විකාශනය වෙන්න පටන් ගත්තෙ. මට මතක විදිහට 2003දිත් මේක විකාශය වුණා. ආනන්ද රාජගුරු, ආනන්ද වික්‍රමගේ, සද්ධා උත්පලකන්දගේ වගේ අය නම් මේ නාට්‍යයේ සුලභව දකින්න හිටියා.

ඔන්න ඔහොම තමයි මේ ලිපි මාලාව නිමාවට පත් වෙන්නෙත්. කලින් ලිපිය වගේම මේ ලිපිය කියවන්නත් පැයකට වඩා කාලා දැම්මට ගොඩක් ස්තූතියි. ඒ වගේම බොහොම පිං. මම දන්නවා මේ ලිපිවල ගොඩක් ප්‍රසිද්ධ, ඒ වගේම උසස් ගණයේ ටෙලිනාට්‍යය ගණනාවක්ම අඩුයි. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මට ලියන්න අමතක වෙන්න පුලුවන්. එහෙම මතක් වෙන මතක් වෙන ඒවත්, මේ ලිපිවලටම ඇතුළත් කරලා, මේ ලිපි යාවත්කාලීන කරන්නයි අදහස. දෙවෙනි කාරණාව තමයි මගේ සිත්ගත් ටෙලිනාට්‍යයක් නොවෙන්න පුලුවන්. මම ඇතුළත් කරලා තියෙන ටෙලිනාට්‍යය, මේ ලිපිය කියවන ඔයාලට හොද ටෙලිනාට්‍යය නොවෙන්න පුලුවන් වගේම, ඔයාලා කැමති ටෙලිනාට්‍යයත් මට හොද ටෙලිනාට්‍යය නොවෙන්න පුලුවන්. ඒ අපේ රසස්වාදයන්වල තියෙන විවිධත්වය නිසයි. ඉතින් මම ඇතුළත් කරලා තියෙන ටෙලිනාට්‍යය ගැන ඔයාලට තියෙන මතකයන් වගේම, ඇතුළත් කරලා නැති ටෙලිනාට්‍යය ගැන ඔයාලට තියෙන මතකයනුත් පහළින් සටහන් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.
ඊළගට තවත් අමතර කරුණක් කියන්න කැමතියි. "අකාලසන්ධ්‍යා" ටෙලිනාට්‍යය ගැන ලියනකොට මම ටිකක් සෙනරත් රජතුමා ගැනත් හොයලා බැලුවා. අපිට ඉස්කෝලෙ ඉගැන්නුවේ සෙනරත් රජතුමා කියන්නෙ විමලධර්මසූරිය රජතුමාගේ සහෝදරයෙක් කියලයි. ඒ නිසා මම මෙච්චර කාලෙකට හිතන් හිටියෙ සෙනරත් රජ්ජුරුවො කියන්නෙ, විමලධර්මසූරිය රජතුමාගෙ එක කුස උපන් සහෝදරයෙක් කියලා. ඒත් ඒක වැරදියි. සෙනරත් රජතුමා කියන්නෙ විමලධර්මසූරිය රජතුමාගේ අම්මාගෙ බාල සහෝදරියගේ පුත්‍රයා. ඒ කියන්නෙ විමලධර්මසූරිය රජතුමාගේ එක කුස උපන් සහෝදරයෙක් නෙවේ. ඥාති සහෝදරයෙක්. රජකම ලබා ගන්න කලින් සෑහෙන කාලයක් පැවිදිවෙලා හිටපු සෙනරත් රජතුමා, විමලධර්මසූරිය රජතුමාගේ අන්තිම කාලයේදී උපැවිදිවෙලා, පාලන කටයුතුවලට සම්බන්ධ වෙනවා. මේ ගැන අපිට කිව්වෙ කැළණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ හිටපු සහාය කථිකාචාරය, කැළණිය විශ්වවිද්‍යාලයේ පුස්කොලපොත් සංරක්ෂණ සහ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශක, ආගිය කතා සහ ඊ-අටුවාව හරහා අපි හමුවට එන හසිත චාමිකර ගුණසිංහ අයියයි. ඒ වගේම මායාරත්න, අකාලසන්ධ්‍යා ගැන සටහන් ලියනකොට යක්ෂයො සහ බහිරවයො අතර වෙනස අදුරගන්න, මන්තර අදුරගන්න උදව් කළේ හස්ථිනාපුර සහ මියැසියේ රසකතා ඔස්සෙ අපි හමුවට එන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන අයියයි. ඒ විතරක් නෙවේ බැද්දේගෙදර නාට්‍යයේ තේමාව වුණු "එකගේ කෑම" සංකල්පය ගැන විස්තර ගොඩකුත් හොයලා දුන්නා. ඊටත් අමතරව මේ ලිපිය ලියන ගමන් මම පොඩි සමීක්ෂණයකුත් කළා. ඒ සමීක්ෂණයට උත්තර දුන්න අයටත් ගොඩක් ස්තූතියි.
හිමිකාරීත්වයන් ගැන කියනවා නම්, මේ ලිපියට දාලා තියෙන හැම වීඩියෝවකම පූර්ණ හිමිකාරීත්වය ඒවායේ අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් සතුයි. ඒ වගේම ඒවා Youtubeවලට උඩුගත කරපු තුන්වන පාර්ශවයටත් වක්රාකාර හිමිකමක් තියෙනවා. කේමදාස මාස්ටර්ගෙ පින්තූරය තියෙන වීඩියෝව, Youtubeවල තියෙන අකාලසන්ධ්‍යා ටෙලිනාට්‍යයේ කොටස්වලින් මම සංස්කරණය කරලා හදා ගත්ත එකක්.