දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- ආදර්ශමත් කතාවක්
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ආනන්දයේ පෙරළිය
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- නත්තලේ විරාමය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ----- පාට මාරු කරන නැව්
  • ----- මහාමාරි වෛද්‍යවරු
  • ----- පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි?
  • ----- Titanic - Dunkirk සම්බන්ධය
  • ----- නත්තලේ ගීතය
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- ලොකු අයියා
  • ----- නවීගේ දහම් පාසල 01
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

ධර්ම සංගායනා

​බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අන්තර්ගත කොට නිම කළ ජාතික උරුමයක් වන ත්‍රිපිටකය, ලෝක උරුමයක් ලෙස නම් කිරීම සඳහා වූ යෝජනාවලියක්, 2019 මාර්තු මස 23 වන දින, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, යුනෙස්කෝ සංගමයේ නියෝජිතයන් වෙත ඉදිරිපත් කිරීමේ උත්සවයක්, මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වුණා. මේ නිමිත්තෙන් රට පුරාම පාසල්, පන්සල්, දහම් පාසල්, රාජ්‍ය ආයතන සහ බොහෝමයක් ස්ථානවල "ත්‍රිපිටකාභිවන්දනා" වැඩසටහන් පැවැත්වුණා. 

කොළඹ ආනන්ද විද්‍යාලයේ ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන, 2019 මාර්තු මස 22 වන දින, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය සහ බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍යපාද රත්තොට සීලවංස හිමියන්ගේ මූලිකත්වයෙන් කුලරත්න ශාලාවේදී පවත්වනු ලැබුවා. මේ වැඩසටහන සඳහා අවශ්‍ය කරන දත්ත සහ තොරතුරු එක් රැස් කිරීම, එම තොරතුරු පිළිවෙලකට පෙළගැස්වීමේ ක්‍රියාවලිය, නිර්වද්‍යභාවයන් පරීක්ෂා කිරීම සඳහා මටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. 

ඉතින් මේ ව්‍යාපෘතියේදී අපි "මුල් කාලීන ධර්ම සංගායනා" සම්බන්ධව එක්රැස් කරපු දත්ත සහ තොරතුරු, ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන්ට පමණක්ම සීමා නොකර, අන්තර්ජාලය පරිශීලනය කරන සෑම සියලු ශිෂ්‍යයෙක් වෙනුවෙන්ම, මේ විදිහට ප්‍රසිද්ධ කරන්න හිතුවා..... 
Picture

ධර්ම සංගායනාවක් යනු?

ධර්ම විනය දත් මහා තෙරුන්, එකට ඒකරාශීව ධර්මය සහ විනය සසදාලමින් කරනු ලබන සජ්ඣායනය...
Picture

සංගායනාවක අවශ්‍යතාව බුද්ධ කාලයේම ඉස්මතු වූ වග....

 01.  ඝෝෂිතාරාමයේ ඇති වූ ධර්මධර සහ විනයධර භික්ෂු ගැටුම 

 02. දේවදත්ත හිමියන්ගේ පංචවරය 
​

 03. ඇතැම් භික්ෂූන්, බුදුන් ප්‍රමුඛ මහා ශ්‍රාවකයන් වහන්සේලාට විරුද්ධව ක්‍රියා කිරීම 

​ 04. ඇතැම් භික්ෂූන්ගේ විනය විරෝධී ක්‍රියාකලාප

සම්බුද්ධ පරිණිර්වානය

ශාසන ඉතිහාසය ආරම්භ වූයේ බුද්ධ පරිණිර්වානයත් සමඟයි
Picture

ප්‍රථම ධර්ම සංගායනාව (පංච සතිකා සංගීති)

බුද්ධ පරිණිර්වානයෙන් මාස තුනකට පසු
Picture
මගධයේ රජගහනුවර වේහාර පර්වතය පාමුල සප්තපර්ණී ගුහාව අභියස
​​(500ක් මහ රහතුන්) - කාලය : මාස 07
Picture
Picture
  • ප්‍රධානත්වය : මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
  • සහාය : ආනන්ද මහරහතන් වහන්සේ
  • සහාය : උපාලි මහරහතන් වහන්සේ 
  • දායකත්වය : අජාසත්ත රජතුමා 

ආසන්නතම හේතුව

Picture
"ඇවැත්නි, ශෝක නොකරව් නොවැලපෙව්! ඒ මහා ශ්‍රමණයාගෙන් අප මිදුනෙමු. මෙය තොපට කැපය අකැපය කියා අපට උපද්‍රව කිරීමට අයෙක් දැන් නැත" - සුභද්‍ර හිමියන්ගේ අභද්‍ර ප්‍රකාශය

​වෙනත් හේතුන්
 01. අනාගතයේදී ධර්මය හා විනය පිරිහී අධර්මය අවිනය රජ වෙතැයි ඇති වූ භීතිය 

 02. අනාගතයේදී බුද්ධ භාෂිත ලෙස බොරු සූත්‍ර සකස් කෙරෙනු ඇතැයි ඇතිවූ භීතිය 

 03. බුද්ධ ධර්මයට වැරදි අර්ථ විවරණ ඉදිරිපත් කරතී ඇති වූ භීතිය
​

 04. විසිරි පැවති ධර්මය ඒකරාශී කිරීමේ අරමුණ

දුරස්ථ හේතුන්
01. නිගණ්ඨනාතපුත්තගේ මරණයත් සමඟ ජෛන සසුන දෙදරා යෑම

02. ධර්මය සහ විනය රැක ගැනීමට අවශ්‍යවීම

03. බුදුරදුන්ගේ ඇවෑමෙන් කුඩා කුඩා ශික්ෂා පද ඉවත්කර ගන්නැයි ප්‍රකාශ කර තිබීම

04. විවිධ මතධාරීන්ගෙන් සසුන රැකගැනීම 

05. සැරියුත් මුගලන් හිමිවරු පිරිනිවන් පා තිබීම 
​

06. බුදුරදුන්ගේ ඇවෑමෙන් ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පනවන්නැයි ප්‍රකාශ කර තිබීම

ප්‍රතිපල
Picture

 01. විසිරී තිබූ ධර්මය / විනය එක්රැස් වීම 

 02. බුද්ධ වචනය සූත්‍ර සහ විනය ලෙස බෙදීම 

 03. භාණක පරපුරේ ආරම්භය 

 04. විනය නීති ලිහිල් නොකිරීම 

 05. ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම 

 06. විනය මූලික කොට සැලකීම 

 07. ආනන්ද මහ රහතන් වහන්සේ සියලු චෝදනාවලින් නිදහස්වීම


සූත්‍ර පිටකය
Picture
  • දීඝ නිකාය : ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිස
  • මජ්ඣිම නිකාය : සැරියුත් මහ තෙරුන්ගේ සිසු පිරිස
  • සංයුක්ත නිකාය : මහාකාශ්‍යප මහරහතන් වහන්සේ
  • අංගුත්තර නිකාය : අනුරුද්ධ මහරහතන් වහන්සේ​
  • ඛුද්දක නිකාය : සියලු දෙනා වහන්සේ (මෙය කොටස් 15කින් සමන්විත වේ)

විනය පිටකය
Picture
  • උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිස

- පාරාජිකා පාලි
- පරිවාර පාලි
- පාචිත්තිය පාලි
- චුල්ලවග්ග පාලි
​- මහාවග්ග පාලි

ශාසන ඉතිහාසයට බලපෑ ආකාරය
Picture
01. ශාසනයේ ඉදිරි පැවැත්ම චිරස්ථායීවීම 

02. අනාගත පරපුර විනයානුකූලවීම 

03. ශාසන විරෝධී බලවේග මර්ධනයවීම 

04. නායකත්වය උදෙසා ගැටුම් ඇති නොවීම 

05. නිර්මල බුද්ධ වචනය අනාගත පරම්පරාවට හඳුන්වාදීම

දෙවන ධර්ම සංගායනාව (සත්තසතිකා සංගීති)
බුද්ධ පරිණිර්වානයෙන් වසර 100කට පසු
Picture
විශාලා මහනුවර වාලුකාරාමයේදී
(700ක් මහ රහතුන්) - කාලය : මාස 08
Picture
Picture
  • ​ප්‍රධානත්වය : කාකණ්ඩ පුත්‍ර යස මහරහතන් වහන්සේ 
  • සහාය : සබ්බකාමි, රේවත, සාළ්හ, බුජ්ජසෝභිත, වාසභගාමි, සුමන, සාණවාසී, සම්භූත, යස හිමිවරු 
  • දායකත්වය : කාලාශෝක රජතුමා  

ආසන්නතම හේතුව
Picture
වජ්ජි පුත්තක භික්ෂූහු අකැප වස්තූන් දහයක්, කැප යැයි සම්මත කොට, ඊට ජනතා අනුමැතිය ලබාගෙන වාසය කිරීම

වෙනත් හේතුන්
 01. බුදුවරු කවර ජනපදවල උපදීද? යන පැනය 

 02. අධර්මවාදී භික්ෂූන් කවුරුන්ද? යන පැනය

 03. මහාදේව හිමියන්ගේ වස්තු වාදය

 04. භික්ෂුව වෙනස් විය යුතුයි යන මතය

 05. භික්ෂූන්ගේ වැරදි මතවාද

ප්‍රතිපල
Picture
 01. වජ්ජි පුත්තක භික්ෂූන්ගේ දසවස්තුව අකැප යැයි තීරණයවීම 

 02. විනය නීති ආරක්ෂාවීම  

 03. මහායානය බිහිවීමේ අඩිතාලම නිර්මාණයවීම

 04. විනය විරෝධී භික්ෂූන් ථේරවාදී සම්ප්‍රදායෙන් ඉවතලීම

ශාසන ඉතිහාසයට බලපෑ ආකාරය
Picture
 01. සංඝ භේදය නිර්මාණයවීම 
​

 02. නිකාය භේදයේ පදනම සකස්වීම 

 03. සීඝ්‍රයෙන් වෙනස් වූ සංඝ සමාජය, මුල් විනය නීති යටතේ පාලනයවීම

තෙවන ධර්ම සංගායනාව (සහස්සසතිකා සංගීති)

බුද්ධ පරිණිර්වානයෙන් වසර 236කට පසු
Picture
පැළලුප් නුවර අශෝකාරාමයේදී
​(1000ක් මහ රහතුන්) - කාලය : මාස 09
Picture
ප්‍රධානත්වය :
​මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ
Picture
දායකත්වය :
​ධර්මාශෝක රජතුමා 

ආසන්නතම හේතුව
Picture
ලාභ සත්කාරයට ගිජු වූ අන්‍ය තීර්ථක පිරිස්, ජීවිකාව සඳහා
​සසුන්ගතවීම සහ ශාසනය විනාශ කිරීම

වෙනත් හේතුන්
01. බුදු සසුනට විරුද්ධව දියත් වූ කුමන්ත්‍රණ 

02. දෙවන ධර්ම සංගායනාවේ ශක්තිය හීනවී තිබීම

03. බුද්ධ වචනය සම්බන්ධව ඇති වූ මතවාද
​

04. සර්වාස්තිවාදී භික්ෂූන්ගේ නැගීම

ප්‍රතිපල
Picture
01. දුසිල් භික්ෂූන් 60 000ක් සසුනෙන් නෙරපීම 

02. පරවාද මත 500ක් ඛණ්ඩනයවීම 

03. ධර්මය සහ විනය සුරක්ෂිතවීම 

04. කථාවත්ථුප්‍රකරණය සම්පාදනයවීම 

05. ශාසනික වත් පිළිවෙත් නැවත ඇරඹීම 

06. ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවය ඇරඹීම 
​

07. ථේරවාදී දහම නිර්මලත්වයට පත් කර ගැනීම

ශාසන ඉතිහාසයට බලපෑ ආකාරය
Picture
 01. ථේරවාදයේ කොටස් කැඩීයෑම නතරවීම 

 02. ථේරවාදය අද දක්වාම ආරක්ෂාවීම 

 03. කථාවත්ථුප්‍රකරණය හරහා අභිධර්ම පිටකය සම්පූර්ණවීම සහ පෝෂණයවීම 

 04. ධර්ම දූත සේවාවන් හරහා බුදු දහම වෙනත් රටවල ව්‍යාප්තවීම

නව රට ධර්ම ව්‍යාප්තිය
Picture
Photo Credits - Wikepedia / Javierfv1212
01. කාශ්මීර-ගන්ධාර - මජ්ඣන්තික තෙරණුවෝ ඇතුළු පිරිස 
* ආසිවිසෝපම සූත්‍රය

02. මහිස මණ්ඩලය - මහාදේව තෙරණුවෝ ඇතුළු පිරිස 
* දේවදූත සූත්‍රය

03. වනවාස දේශය - රක්ඛිත තෙරණුවෝ ඇතුළු පිරිස 
* අනමතග්ග සූත්‍රය

04. අපරන්ත දේශය - යෝනක ධම්මරක්ඛිත තෙරණුවෝ ඇතුළු පිරිස 
* අග්ගික්ඛන්ධෝපම සූත්‍රය

05. මහාරට්ඨය - මහාධම්ම රක්ඛිත තෙරණුවෝ ඇතුළු පිරිස
* මහානාරද ජාතකය

06. යෝනක දේශය - මහාරක්ඛිත තෙරණුවෝ ඇතුළු පිරිස 
* කාලාම සූත්‍රය

07. සුවණ්ණ භූමිය - සෝණ හා උත්තර තෙරණුවෝ 
* බ්‍රහ්මජාල සූත්‍රය

08. හිමවන්ත ප්‍රදේශය - මජ්ඣිම තෙරණුවෝ ඇතුළු පිරිස 
* දම්සක්පැවතුම් සූත්‍රය

09. තම්බපණ්ණි දීප - මහා මහින්ද තෙරණුවෝ ඇතුළු පිරිස 
* චුල්ලහත්ථිපදෝපම සූත්‍රය

කණිෂ්ක සංගීතිය

ක්‍රි.ව පළමු සියවස
Picture
කාශ්මීරයේ කුණ්ඩල වන විහාරයේදී
(500ක් හිමිවරු )
Picture
Picture
  • ප්‍රධානත්වය : පාර්ශව හිමි
  • සහාය : මහාකවි භූදන්ත හිමි, අශ්වඝෝෂ හිමි, වසුමිත්‍ර හිමි, නාගාර්ජුන හිමි
  • දායකත්වය : කණිෂ්ක රජතුමා

හේතූන්
01. විවිධ නිකායික භික්ෂූන් තම අභිමතය පරිදි බුද්ධ වචනය විස්තර කිරීම
​
02. ධර්මය ශ්‍රවණය කළ කණිෂ්ක රජතුමාට ධර්මය පිළිබඳ පරස්පර විරෝධී අදහස් මතුවීම

​ප්‍රතිපල
01. වෛභාෂික සම්ප්‍රදාය බිහිවීම

02. විභාෂා ග්‍රන්ථ තඹ පත් ඉරුවල ලියවා, සෙල්මුවා මංජුසාවල බහා ස්තූපයක තැන්පත් කිරීම

03. සංස්කෘත භාෂා සාතිත්‍යය වර්ධනයවීම

04. මධ්‍ය ආසියාවේ බුදුසමය ව්‍යාප්ත කරවීමට උපකාරවීම

ථූපාරාම විනය සංගායනාව 

ක්‍රි.පූ 307
Picture
ථූපාරාමයේ මේඝවර්ණ පිරිවෙනේදී
Picture
Picture
  • අධීක්ෂණය : මිහිඳු මහරහතන් වහන්සේ
  • ප්‍රධානත්වය : අරිට්ඨ හිමි
  • සහාය : ඉට්ඨිය හිමි, උත්තිය හිමි, සම්බල හිමි, භද්දසාල හිමි සහ ලංකාවෙන් 60 නමක්
  • දායකත්වය : දේවානම්පියතිස්ස රජතුමා

හේතුව
01. ලංකාවේ බුදු දහම සැබෑ ලෙසම ස්ථාපිතවීමට නම් විනය සංගායනාවක් පැවැත්විය යුතු බව මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාට ප්‍රකාශ කර තිබීම

ප්‍රතිපල
Picture
01. දඹදිවින් මෙරටට ලැබුණා වූ බුදුසමය, දේශීයකරණයට ලක් කිරීමට හැකිවීම

02. දඹදිවින් මෙරටට ලැබුණා වූ බුදුසමය, තහවුරු කිරීමට හැකිවීම

03. බුද්ධ ධර්මය ආරක්ෂා කිරීමේ වගකීම ලාංකිකයන් වෙත පැවරීම

04. පාලි අට්ඨකතාවන් හෙළ බසට නැගීම
​
05. විනය කට පාඩමින් රැගෙනයෑම සඳහා අරිට්ඨ තෙරණුවන් ප්‍රමුඛ විනය භණක පරපුරකට පැවරීම

පුස්තකාරූඪ සංගීතිය

බුද්ධ පරිණිර්වානයෙන් වසර 518කට පසු (ක්‍රි.පූ 88 - 76)
Picture
මාතලේ අලුවිහාරයේ ආලෝක ලෙනෙහිදී
(500ක් හිමිවරු)
Photo Credits - Hasitha Chamikara Gunasinghe

දායකත්වය
Picture
ඉතිහාසඥ මතය 01
වළගම්බා රජු මහා විහාර විරෝධියෙකු වූ බැවින් සංගායනාව සඳහා අනුග්‍රහය ලබා නොදුන් අතර ඒ සඳහා ප්‍රාදේශීය අධිපතියෙකු දායකත්වය ලබා දී ඇත.


ඉතිහාසඥ මතය 02
මහා විහාර විරෝධියෙකු වූවත්, මෙය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කළ කටයුත්තක් බැවින්, මේ සඳහා වළගම්බා රජතුමා අනුග්‍රහය ලබා දී ඇත.

​නමුත් මහා වංශය රචනා කළ මහානාම හිමියන්ද මහා විහාරවාසී හිමි නමක් වූ බැවින් ග්‍රන්ථය රචනයේදී මහා විහාර විරෝධියෙකු වූ වළගම්බා රජතුමාව සිතාමතාම අමතක කර ඇත.

​හේතුන් - ලංකාවේ බුදු දහම අතුරුදහන්ව යෑමේ ආවදානම
Picture
තීය බමුණාගේ කැරැල්ල
Photo Credits - ආලෝකෝ උදපාදි ​
Picture
සත් ද්‍රවිඩ ආක්‍රමණය
Photo Credits - ආලෝකෝ උදපාදි ​​
Picture
දොළොස් අවුරුදු නියඟය (බැමිණිතියාසාය)
Photo Credits - ආලෝකෝ උදපාදි ​​

ප්‍රතිපල
Picture
01. අටුවා සහිත ත්‍රිපිටක ධර්මය ආරක්ෂාවීම 

02. ලක්දිව පාලි සාහිත්‍යයේ දියුණුව 

03. බෞද්ධ උගතුන් සුලභවීම

04. ලක්දිව තුළ ථේරවාදය සුරක්ෂිතවීම

Powered by Create your own unique website with customizable templates.