යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
මීට දවස් කිහිපයකට කලින් සබරගමු පළාතේ, කෑගලු දිස්ත්‍රික්කයේ, කිතුල්ගල යටිබේරිය කියන ගමේ සංචාරය කරන්න අපට අවස්ථාවක් ලැබුණා. එහෙම කරපු සංචාරයේදී හරිම අහම්බෙන් යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානයට යන්නත්, විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරෙයියාගල සිද්ධත්ථ නායක හිමියන්ව මුණ ගැහෙන්නත් අපට අවස්ථාවක් ලැබුණා.
අද ලිපියෙන් අපි ඔබ හමුවට ගෙන එන්නෙ අන්න ඒ යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානයේ කරපු සංචාරය සහ පරෙයියාගල සිද්ධත්ථ නායක හිමියන් එක්ක පැය කිහිපයක් පුරාවට කරපු කතාබහක සුළු කොටසක්.
මුලින්ම ගමන ගැන කියලා ඉමුකො. කිතුල්ගලට යන ගමන සැලසුම් වුණේ මම රාජකාරි කරන eLearning.lk එකේ සහෝදර ආයතන දෙකෙන් එකක් වන Cybergate ආයතනයේ Redhat Training සහ Software Development අංශයෙන්. චාරිකාව පිටත් වුණේ 2020 අගෝස්තු 22 වෙනිදා. උදේ ගිහින් රෑ එන, එක දවසේ චාරිකාවක් වුණු මේ චාරිකාවට සහභාගී වුණු අයගේ එකම අරමුණ වුණේ කිතුල්ගල මියෝරා හෝටලයේ නවාතැන් ගන්න සහ විශේෂයෙන්ම කිතුල්ගල තියෙන Water Rafting ත්‍රාසජනක ක්‍රීඩා සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් වලට සහභාගී වීම.
"සහභාගී වුණු අයගේ" කියලා කිව්වත්, මේ ලිපිය කියවන මාව හොඳට දන්න අදුරන උදවිය නම් දැන්ටමත් දන්නවා ඒක දනුලගේ අරමුණක් නෙවේ කියලා.
මොකද දනුලට ඔය දුවලා, පැනලා, කාලා, බීලා, සිංදු කියලා, ජොලි කරන විනෝද ගමන් එච්චරම වැදෙන්නෙ නෑ. දනුල කැමති ක්ෂේත්‍ර චාරිකා, එහෙමත් නැත්නම් අධ්‍යාපන චාරිකා වලට. ඒ කියන්නෙ මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගන්න සහ දැනුමක් ලබා ගන්න පුලුවන් ගමන් වලටයි.
ඒත් ඉතින් චාරිකාවේ නඩයේ ඉල්ලීම් මත සහ මාවත් ඒ ගමනට ඇතුළත් කරගන්න ඒ අයගේ හිත්වල තිබ්බ නිර්ව්‍යාජ අවංක සිතුවිල්ල නිසා මාත් ඒ ගමනට එකතු වුණා. හැබැයි ගමනට එනවා කියලා තහවුරු කිරීම කරද්දිම, මාත් ඉතින් මගේ කොන්දේසිය දැම්මා. "ඕන දිහාවකට බෝට්ටු පැදගෙන යන්න. මම නම් එන්නෙ නෑ.".....
ඔන්න ඉතින් 2020 අගෝස්තු 22 වෙනිදා උදා වුණා. පාන්දරම නඩය පිටත් වුණා කිතුල්ගල යන්න. නඩයෙ හිටියා 15 දෙනෙක් විතර පිරිවරක්. නවාතැන් ගන්න තැනට යනකොට පාන්දර 8කුත් ගාණක්. ඊට පස්සෙ අපේ අය එයාලගෙ ත්‍රාසජනක ක්‍රියාකාරකම් වලට සුදුසු විදිහෙ ඇදුම් ඇදගෙන, ලක ලැහැස්ති වෙලා, ඒ ළගින් ගලාගෙන යන කැළණි ගගේ බෝට්ටු පැදීමේ අරමුණින් වෙනම පොඩි ලොරියකින් පිටත් වුණා.
ඉතුරු වුණු මම, ආයිත් නවාතැන්පලට ගියා. නවාතැන්පල තියෙන්නෙ ලොකු කන්දක් උඩ. නවාතැන්පලට පිටිපස්සෙන් තමයි කැළණි ගඟ වැටිලා තියෙන්නෙ. නවාතැන්පලේ සමහරක් ඉසව් වලට ගඟ හොඳට පේනවා. ඒ වගේම අවට පරිසරය..... ඒ කියන්නෙ ගහ කොළ, කදු පන්ති එහෙම.

ටික වෙලාවක් හෝටලය අවට ඇවිද ඇවිද හිටපු මම, ඊට පස්සෙ ජංගම දුරකතනය අතට ගත්තා. ඊට පස්සෙ කෙලින්ම ගැහුවෙ Yatiberiya Temples කියලයි. ඇයි වෙන මොකුත් Type නොකර, ඒකම Type කළේ කියන එක නම් මම ගැන දන්න අය දන්නවා. නොදන්න අයට පුලුවන් පහළ තියෙන Links ඔස්සේ ඒ ගැන දැනගන්න.
Buddhist Places In Sri Lanka - Blog
Buddhist Places In Sri Lanka - Facebook
Around Thambapanni
එහෙම කළා විතරයි යටිබේරිය මියෝරා හෝටලයට ළගම තියෙන පන්සල් වල ලැයිස්තුවක් ආවා. ඒ අතරින් ළගම තියෙන පන්සල විදිහට පෙන්නුම් කළේ යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානයයි. ඒ, මීටර 600ක විතර දුරකින්. ඊට පස්සෙ Google Photos වලින් බැලුවා ඒ මොන වගේ පන්සලක්ද කියලා. කොහේ තියෙන පන්සලක්ද අප්පා? තියෙන එකම එක පින්තූරයෙ තියෙන්නෙත් මිනිස් පුළුටක් නැති, මිනිහෙක්ගෙ උසටත් වඩා තණකොළ වැවුනු කැළෑවක්.
ඊළගට බැලුවා දෙවනියට ළගම පන්සල තියෙන්නෙ කොහෙද කියලා. දෙවනියට ළගම පන්සලට කිලෝ මීටර එක හමාරක, දෙකක විතර දුරක් තියෙනවා. ඒ වගේම යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය කෙලින්ම යන මහා පාරෙ තිබ්බට, අනිත් පන්සල් ඔක්කොම තියෙන්නෙ ඇතුළවල් වල.
ඊට පස්සෙ ඉතින් ඕන මංගල්‍යයක් වුණු දෙන් කියලා හිතලා යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය දිහාවට පිටත් වුණා. ඒ කියන්නෙ මියෝරා හෝටලය පහු කරලා, ගිනිගත්හේන පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා.
Google Photos වල තිබ්බ කැළෑවෙ පින්තූරය නිසා මේ ගමන ගැන මගේ කිසිම සුබවාදී බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ. ඒත් ඉතින් අපේ කට්ටිය එන්නත් පැය ගාණක් යන නිසා මට කරන්න දේකුත් තියෙන්න එපැයි. එතන පන්සලක් නොතිබුණොත්, ඒ ළගින් යන කැළණි ගඟ දිහාවට යන්න තමයි මගේ Plan B එක තිබුණෙ.
මේ මීටර් 600ට ආසාවට එකම එක ගෙදරක්වත් හම්බුණේ නෑ. අතරින් පතර කලාතුරකින් පොඩියට අටවගත්ත කඩයක් දෙකක් තිබුණා. එච්චරයි. හැබැයි ඒ පැත්තෙ තිබ්බ ස්වභාව සෞන්දර්ය ගැන නම් අගයන්න වචන නෑ. සීතල හුළග. කන්දෙ දකුණු අතට පහළින් කැළණි ගඟ. කැළණි ගඟට එහායින් කදු පන්ති, ලදු කැළෑ, එක එක වෙළඳ භෝග වර්ග තියෙන වතු යායවල්.

කන්දෙ වම් අත පැත්තෙන් අතරින් පතර පුංචි පුංචි දිය උල්පත් සහ වතුර පාරවල්. ඒ වගේම පන්සල හොයාගෙන යන ගමන පටන් ගත්ත වෙලාවෙ ඉදලම වම් අත පැත්තෙ තිබ්බෙ එක දිගටම විහිදිලා යන තනිකර ලදු කැළෑවක් විතරයි.
මීටර 600 හරියාගෙන එනකොටම Google අයියා කිව්වා You Have Reached Your Destination කියලා. ඒ, අදාළ තැනට ආවාය කියන සංඥාවයි. මාත් ඉතින් දහ අතේ කල්පනා කරනවා දැන් කොහෙද මේ පන්සල තියෙන්නෙ කියලා. සිතියම අනුව පන්සල තියෙන්නෙ වම් අත පැත්තෙ. ඒත් වම් අත පැත්තෙ එහෙම සළකුණක් පේන්නත් නෑ. විශාල ලදු කැළෑවක්. මේ පහළින් තියෙන්නෙ පන්සලට ඇතුළ් වෙන තැන, පාරට පේන විදිහයි.

ටික වෙලාවකට පස්සෙ තමයි දෙපැත්තෙ තියෙන ලදු කැළෑව මැද්දෙන් තියෙන පොඩි පඩිපෙල දැක්කෙ. ඒකත් බොහොම ගරා වැටුණු පඩිපෙලක්. ඒ වගේම ගස් වැල් වලින් වැහිලා තිබ්බ පන්සලේ නාම පුවරුවත් යාන්තමට දැක ගත්තා. දැන් ඉතින් ලොකු ප්‍රශ්නයක්. මේ පඩිපෙල තව කොච්චරක් උසට තියෙනවද? මේ පඩිපෙල නැගලා කකුල් දෙකේ අමාරුවක් හදා ගන්නවද? නැද්ද?..... ඔහොම කල්පනා කරලා කරලා හිතුවා, අහිමි වෙන්න දේකුත් නැති එකේ, ළගටම ආපු එකේ ඔන්න ඔහේ යනවා කියලා. එහෙම හිතාගෙන පඩිපෙළ නගින්න ගත්තා. නගිනවා නගිනවා ඉවරයකුත් නෑ. ඒ තරමටම පඩිපෙළ ටිකක් උසයි. අතරමග නතර වෙලා විවේක ගන්න තරම් සුදුසු පරිසරයක්වත් නෑ. ඉතින් ඔහොම නැගගෙන නැගගෙන උඩටම ගියා.
භාගයක් පඩිපෙළ නගිනකොට ඔන්න ඉතින් ටික ටික ගරා වැටුණු අට්ටාලයක්, එහෙමත් නැත්නම් මඩුවක් පේන්න ගත්තා. ඒ මඩුව ළග තියෙන ජරාජීර්ණ වුණු ප්ලාස්ටික් පුටුවක අසුන් අරගෙන හාමුදුරු නමක් හිටියා බොහොම විවේක සුවයෙන්. මාත් ඉතින් පඩි නැගගෙන නැගගෙන උන්වහන්සේ ළගටම ගියා. ගිහින් පසඟ පිහිටවලා වැන්දා. වැදලා නැගිටලා, ආපු කාරණාව කිව්වා. මටත් හොදටම හති. විස්තරේ කියන්නවත් පණක් නෑ. ඒත් පුලු පුලුවන් විදිහට විස්තරේ කිව්වා.
විස්තරේ කියනකන් උන්වහන්සේ හරිම ප්‍රසන්න සහ සිනහමුසු මුහුණෙන් අහගෙන හිටියා. ඊට පස්සෙ මාත් එක්ක පැය භාගයක් විතර ආගිය තොරතුරු කතා කළා. ඒ කියන්නෙ ඉතින් " කොහෙද ගම් පළාත, ගෙදර විස්තර මොනවද, මොකක්ද කරන රස්සාව, මේ දවස්වල කොහොමද? " ආදී වශයෙන් අලුතෙන් කෙනෙක්ව දැන අදුරගන්නකොට අහන සාමාන්‍ය ප්‍රශ්නාවලිය.
මේ තමයි අපි කලින් සඳහන් කරපු පරෙයියාගල සිද්ධත්ථ හාමුදුරුවන්. ඊට පස්සෙ ඉතින් මට උවමනා වුණේ මේ පන්සල සහ ප්‍රදේශය ගැන උන්වහන්සේගෙන් විස්තර අරගන්න. මම අහන්න කලින් උන්වහන්සේම විස්තරකථනය ආරම්භ කළා.

" මේ පන්සල අයිති වෙන්නෙ කිතුල්ගල යටිබේරිය කියන ප්‍රදේශයට. දැන් අර ඔයාලා නැවතුනා කියපු මියෝරා හෝටලේට පොඩ්ඩක් මෙහායින් තමයි සබරගමුව පළාත සහ මධ්‍යම පළාත වෙන් වෙන්නෙ. මායිම් කණුව දැක්කා නම් තේරුම් යන්න ඇති. එතකොට මේ පැත්ත අයිති වෙන්නෙ මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රික්කයට.
මේ පැත්ත බොහොම අගහිගකම් වලින් පිරුණු, ටිකක් විතර දුෂ්කර ප්‍රදේශයක්. මේ මුළු ගමටම ඉන්නෙ පවුල් 70යි. ඒ පවුල් බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නෙ.
මේ පන්සලේ ඉඩම ගොඩක් පරණයි. හැබැයි පන්සල අලුත්. බලන්න කියලා එහෙමට දේකුත් නෑ. මම කලින් හිටියෙ වෙන පන්සලක. පස්සෙ අපේ ලොකු හාමුදුරුවන්ගෙ අදහසකට අනුව තමයි මම මෙතනට ආවෙ. ඇවිල්ලා ඉතින් සෑහෙන කාලයක්, පුලුවන් පුලුවන් විදිහට, කුඹලෙක් මැටි අරගෙන යනවා වගේ, චුට්ට චුට්ට, චුට්ට චුට්ට තමයි ඉදි කිරීම් කටයුතු කළේ.
මම ඉතින් කැමතියි මේ සරලකමට. එකම අඩුවකට තියෙන්නෙ හරිහමන් ආවාසයක් නැති එක තමයි. අතන තියෙන්නෙ අලුතින් හදන්න ගත්ත ආවාසය. පුලුවන් තරමක් හැදුවා. දැන් ඉතින් සල්ලි ඉවරයි. කවුරු හරි කෙනෙක් පරිත්‍යාගයක් කළොත් තමයි ආයිත් වැඩ පටන් ගන්න වෙන්නෙ. එතකන් ඔහේ ඉන්නවා. චෛත්‍යයක් නැති එකත් විශාල අඩුවක්. "
[භාගයට හදලා වැඩ නතර කරලා තියෙන ආවාස ගෘහය]

" මේ පැත්තෙ පවුල් 70ක් තිබුණට, ඒ පවුල් වලිනුත් බොහොම සුළු පවුල් සංඛ්‍යාවක් තමයි පන්සලත් එක්ක ආශ්‍රය තියෙන්නෙ. ඒ හැම පවුලක්ම වගේ බොහොම දුප්පත්. ඒ නිසා මම තියෙන ප්‍රශ්න කාටවත් කියන්න යන්නෙ නෑ. ඒ අයත් පව් නෙහ්. කවුරු හරි උදව් කළොත් හෝ ඇහුවොත් විතරක් කියනවා.
ගොඩක් වෙලාවට මිනිස්සු පන්සලෙන් ඈත්වෙන්න බලපාලා තියෙන්නෙත් මේ දුප්පත්කමම තමයි. ඒ අයට පන්සල ගැන, අපි ගැන හිතනවට වඩා ජීවිතය සහ පවුල ශක්තිමත් කර ගන්න එක ගැන හිතන්න ඕන. සමහර අය කැමති වුණත්, ඒ අයට අපට පූජා කරන්න දෙයක්වත් නෑ.
මේ පන්සල තියෙන්නෙ ජනාවාස වලින් ඈත් වෙලා. මේ පැත්තෙ ගෙවල් වුණත් හෙන පරතර තියලා තමයි හදාගෙන තියෙන්නෙ. පන්සල දෙපැත්තෙන්ම ලදු කැලෑව. පිටිපස්සෙන් හෙන විශාල කනත්තක්. ඒ නිසා මිනිස් පුළුටක් දකින්න නෑ. නගරෙ පන්සල් වල නම් කොයිවෙලෙත් මිනිස්සු එනවා නෙහ්. මෙහාට ඉතින් මිනිස්සුන්ට කියලා එන්නෙ උදේටයි, දවල්ටයි, හවසටයි දානෙ අරන් එන අය විතරයි. එයාලත් ඉතින් වැඩි වෙලාවක් රැදෙන්නෙ නෑ. පූජාව කළාට පස්සෙ යනවා. මම ඉතින් තනියම මෙහේ ඉන්නවා.
ගමේ ග්‍රාමසේවක කාර්යාලයට ඉඩමක් නැති නිසා, මම කිව්වා පන්සලට ඇතුළ් වෙන පහළ ඉඩම ඒකට අරගන්න කියලා. මොකෝ මේවා අපි යනකොට අරගෙන යන්න බලාගෙන ඉන්න ඒවා නෙවේ නෙහ්. මේක මගේ ඉඩමකුත් නෙවේ. ඉඩමෙ ඔප්පුවේ තියෙන්නෙ 'මහා සංඝරත්නය සතු ඉඩමක්' කියලා. "
" ඉතින් පෝය දවසට සිල් වැඩසටහන් කෙරෙන්නෙ නැද්ද හාමුදුරුවනේ? එතකොට ඉරිදට දහම් පාසලක් එහෙම? " මාත් ඉතින් අතුරු ප්‍රශ්නයක් ඇහුවා. ඒකට හාමුදුරුවො දුන්නෙ මේ වගේ පිළිතුරක්.
" දහම් පාසලක් කරනවා ඉරිදට. මමම තමයි ඉතින් උගන්වන්නෙ. ළමයි පස් හය දෙනෙක් වගේ තමයි ඉන්නෙ. මම කැමති නෑ මුළු ගමටම කෑ ගහලා දහම් පාසලක් කරනවා කියන්න. මම මේක චාමෙට කරගෙන යනවා. බලෙන් එන්න කියන්න බෑ නෙහ්. කැමති අය ළමයින්ව එවනවා. අකමැති අය එවන්නෙ නැතුව ඉන්නවා. එක ළමයෙක් හරි හොද මාර්ගයකට යොමු වෙනවා නම් මට ඒ ඇති.
පෝයට සිල් වැඩසටහනක් කරනවා. බොහොම සුළු පිරිසක් තමයි එන්නෙ. සාමාන්‍යයෙන් පන්සල් වල පෝය වැඩසටහන් වලට එන්නෙ ඉතින් ගොඩක් වයසට ගියපු ආච්චිලා නෙහ්. පන්සල තියෙන්නෙ කන්දක් උඩ නිසා ඒ එන ආච්චිලගෙනුත් ගොඩක් අය හැලෙනවා. අනිත් පන්සල් වගේ පැය 12ක් විතර දවස පුරාම වැඩසටහන කරන්නෙ නෑ. මම ඉතින් උදේට සිල් සමාදන් කරවලා පූජාවල් ටික කරනවා. කෙටි ධර්ම දේශනයක් කරනවා.
ඊට පස්සෙ මම බෞද්ධයා TV Channel එක දාලා තියනවා. එයාලත් ඉතින් ඒක බලාගෙන ඉන්නවා. එයාලගෙ ගෙවල් වලත් TV නැතුවාම නෙවේ. හැබැයි ඉතින් ගෙවල් වල ඉන්නවට වඩා මෙතනදි බණක් හරියට ඇහෙනවා නෙහ්. අවබෝධ වෙනවා නෙහ්. නැත්නම් ඉතින් නෝනලගෙ ප්‍රශ්න, මහත්තුරුන්ගෙ ප්‍රශ්න, ළමයින්ගෙ ප්‍රශ්න, මුණුබුරු මිණිබිරියන්ගෙ ප්‍රශ්න....... කීයක් නම් ප්‍රශ්නද? ඒ කරලා දවල් වෙනකොට සිල් පවාරණය කරලා යවනවා. තියෙන තත්වය අනුව ඒවාට අවශ්‍ය කරන සත්කාරක කටයුතු මෙහෙන් කරන්න අමාරුයි.
ඊට අමතරව මම ඉතින් ගමේ පොඩි ළමයි එහෙම එකතු කරගෙන අලුත් අවුරුද්දට අවුරුදු උත්සවයක් කරනවා පුලුවන් විදිහට බොහොම පොඩියට. හැම වෙසක් පෝයකටම වෙසක් කූඩු තරගයක් තියනවා. මේවා ඉතින් බලන් ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා. මේවා මම මෙහාට ආවට පස්සෙ පටන් ගත්ත ඒවා නෙහ්. ඉතින් මම මෙහාට එන්න කලින් මෙහේ හිටපු ගොඩක් ගම්කාරයොන්ට ඒක දරා ගන්න බැරි වුණා. ඉතින් තියෙන ලැජ්ජාවට පන්සලට ගොඩක් වෛරක්කාරකම් කරන්න ගත්තා කිසිම හේතුවක් නැතුව. "

" හොඳ දෙයක් කරනකොට ඒකට පාර කපන අය කොහෙත් ඉන්නවා නෙහ් ඉතින්. " ඒ ඉතින් මම කියන්න දෙයක් නැතුවට කියපු දෙයක්. හාමුදුරුවොත් ආයිත් කතාව පටන් ගත්තා.
" ඒක ඉතින් ගොඩක් සිංහල බෞද්ධ අපේම මිනිස්සුන්ගෙ ගතියක් නෙහ්. මේ ඉඩමට වුණත් නඩු දෙකක් දාලා තියෙන්නෙ. දෙපැත්තෙ ඉඩම් දෙකේ මායිම්ය, අපි මේවා බලෙන් ඇවිල්ලා අත්පත් කරගෙන ඉන්නවාය කියලා. එක ඉඩමක ගෙදර නෝනා කෙනෙක් මාත් එක්ක හෙන වලියක් ගියා. එයාලගෙ ඉඩමෙ කෑල්ලකුත් පන්සලට අරගෙනය කියලා. මාව පොලීසි ගෙන්නෙව්වා. උසාවි යැව්වා. මට ඉන්න දුන්නෙම නෑ. මහා කැත විදිහට තමයි කතා කළේ. මම අඩුගාණෙ සිවුරක් දරාගෙන ඉන්නවා කියලවත් එයාට ගාණක් නෑ. පුලුවන් තරම් මට නින්දා කළා. අපහාස කළා. ගම පුරාම බොරු කට කතා පැතිරෙව්වා. මම ඉතින් කාගෙන හිටියා.
හැමදාම මොකක් හරි වලියක්. ඔහොම ගිහින් ගිහින් එයාගෙ මහත්තයා මළා. දැන් පාංශුකූලෙ දෙන්න එපැයි. සාමාන්‍යයෙන් ගමක මරණයක් වුණාම පාංශුකූලෙට එන්නෙ ගමේ පන්සලෙන් නෙහ්. මෙයාගෙ පුතා ආවා මාව හොයාගෙන. ඇවිත් විස්තරේ කියලා මට කිව්වා පාංශුකූලෙට එන්න කියලා. මම ඉතින් අම්මණ්ඩිගෙ ඉතිහාස කතාව දිගෑරියා. ඔක්කොම පුතාට කියලා මම කිව්වා අම්මට කියන්නය අර මට නිකං බොරුවට දාපු නඩුව අයින් කරගන්න, එතකොට මම එන්නම් කියලා. අම්මා ඒකට කැමති නෑ. පස්සෙ පුතා කිව්වා වෙන පන්සලකින් හාමුදුරුවො වඩම්වනෝ කියලා. පුතා ඉතින් අහළ ගම් ඔක්කොටම ගිහින්. ඒත් ඒක හාමුදුරුවො කෙනෙක්වත් හොයා ගන්න බැරි වෙලා. අන්තිමේදි එයාලගෙ පැත්තෙන් එයාලා දාලා තියෙන නඩුව අයින් කරගත්තා. ඊට පස්සෙ තමයි මම ගියේ පාංශුකූලෙට. කොයිතරම් කෙරුමෙක් වුණත් කවදා හෝ දවසක ගමේ පන්සල උවමනා වෙනවා. "
මෙහෙම කතාව යනකොට පන්සලේ ඉන්න බල්ලො දෙන්නත් දුවගෙන ආවා ළගට.
" මේ දෙන්නා තමයි ඉතින් මගේ පාළුවට ඉන්නෙ. දෙන්නම ගෑණු. එක්කෙනෙක්ට වයස අවුරුදු 7යි. අනිත් කෙනාට 6යි. මෙහෙම හිටියට, මේ අම්මයි දුවයි ඉන්නෙ. අම්මා ඉපදිලා මාස 6න් බඩ වුණා. අපටත් හිතාගන්න බැරි වුණා එහෙම අඩු වයසෙන් වුණේ කොහොමද කියලා. හරී විමසිල්ලෙන් ඉන්නෙ. හපන්නෙ නම් නෑ. ඒත් ගහකින් කොළයක් වැටුණත් බුරනවා. ඒ නිසා මටත් හොදයි අවධානයෙන් ඉන්න. "
ඔන්න ඉතින් මගේ ඊළග ප්රශ්නය.... " රෑට ඉතින් මොකක් හරි කරදරයක් වුණොත් එහෙම උදව් ඉල්ල ගන්න කවුරුත් නෑ නෙහ්? "
" මට මේ චූටි Phone එක තියෙනවා (Non-Android ජංගම දුරකතනයක් පෙන්වමින්). සමහර අයගෙ ටෙලිෆෝන් නොම්බර මම ඉල්ලගෙන තියෙනවා හදිස්සියක් වුණොත් කියලා. ඒවගේම එයාලත් මගේ ටෙලිෆෝන් නොම්බරේ ඉල්ලගෙන තියෙන්නෙ. රෑට කොහොමත් අනාරක්ෂිත බවක් තියෙනෝ. දැන් මේ පැත්තම හිස් නෙහ්. මේ එළිය තියෙන වෙලාවෙත් මෙහෙම නම්, රෑටත් ඉතින් මේ විදිහටම තමයි පරිසරය තියෙන්නෙ. "
" කරදරයක් වෙලාම නෑ? "..... ඒ මට ආපු ඊළග ප්‍රශ්නෙ.
" වෙලා තියෙනවා. ඇයි ඉතින් ඉරිසියාකාර මිනිස්සු ඉන්නෝ නෙහ්. දවසක් හෙන රෑ. 11.00ට විතර ඇති මයි හිතේ. මම කාමර කෑල්ලෙ ඉන්නකොට දෙන්නෙක් ආවා පිහි දෙකකුත් අරගෙන. එනවා සද්ධයක් ආවෙත් නෑ. මම දන්නෙත් නෑ. ඇතුළටම ඇවිත්. මම වාඩිවෙලා හිටියෙ. ඒ පාර කිව්වා "හාමුදුරුවො වාඩිවෙලාම ඉන්න. වාඩිවෙලා ඉන්නකන් අනතුරක් කරන්නෙ නෑ" කියලා. දෙන්නම දෙපැත්තෙන් ඉන්නො අතේ පිහි තියාගෙන. මම ඉතින් තනි කෙනා නෙහ්. මට බැදීම් මොකුත් නෑ. නැති වෙන්න දේකුත් නෑ. මම කරපු වැඩේ එක පාරටම නැගිටලා, දෙන්නගෙම පිහිය දික් කරන් හිටපු අත් දෙකම ඇදලා, පිහියත් එක්ක කිහිල්ලෙ ගහගෙන හිර කරන් හිටියා.
එක්කෙනෙක්ගෙ පිහිය තද වෙලාම වැටුණා. පස්සෙ මම එයාව තල්ලු කළා. එයා "අම්බෝ" කියාගෙන ගිහින් බිත්තියෙ වැදුනා. ඊට පස්සෙ "එනපොට හරි නෑ බන්. පනිමු" කියාගෙන එයා පැනලා දිව්වා. අනිත් එක්කෙනා එයාගෙ අත පිහියත් එක්ක ඇදලා ගත්තා. ඒ ගනිද්දි මගේ අතයි, ඇගිලි, මූණයි ඔක්කොම කපාගෙන තමයි ඇදලා ගත්තෙ. එයත් දිව්වා. පස්සෙ මම ලේ පෙරාගෙන, ටිකක් විතර කිට්ටුව තියෙන ගෙදරකට ගියා. ඊට පස්සෙ එහේ ඉන්න අයියා කෙනෙක් තමයි මට උදව් කළේ.
පන්සලේ ඉතින් වටිනා කියන දේකට තිබ්බෙ ඒ කාලෙ ආවාසෙ හද හද තිබ්බ දවස්වල ගෙනාපු සිමෙන්ති කොට්ට ටික විතරයි. ඔය ඒවා හොරකං කරන්න එන්න ඇත්තෙ. "
" ඉතින් ඊට පස්සෙ මොකද වුණේ? ඒ අයව අල්ල ගත්තද? " ඒ කතාව අහනකන් මටත් ඉස්පාසුවක් නෑ.
" අල්ල ගත්තා. එක්කෙනෙක් ඒ වෙනකොටත් මරණ දණ්ඩනය ලබලා තිබ්බෙ. ඒ කියන්නෙ ඒ මනුස්සයට මිනී මැරුම් නඩුවකට මරණ දණ්ඩනය දුන්නා. උසාවියෙන් නඩු තීන්දුව දෙනකොට මිනිහව අල්ලගෙන තිබුණෙ නෑ. මිනිහව අල්ල ගනිද්දි මිනිහට මරණ දණ්ඩනෙත් එහෙම්මම ලැබුණා. මේ පැත්තෙ හිටියෙ ඉස්සර. අවුරුදු 10ක පොඩි ළමයෙක් හිටියා. ළමයාගෙ රක්ෂණේ සල්ලි ඕන කියලා ඒකට ගෑණි එක්ක රණ්ඩු වෙලා. රණ්ඩුව මැද්දට ළමයා පැන්නා කියලා කේන්ති ගිහින් ඒ වෙලාවෙම ළමයව මන්නයක් අරන් කෑලි වෙන්නම කපලා. ඒ පාර ගෑණිටත් මන්නෙන් ගහලා එයාවත් කපලා කොටලා සෑහෙන කාලයක් පැනලා ගිහින් හිටියා.
හොයා ගන්නකොට ළමයාගෙ ඔළුව ඇගෙන් වෙන් වෙලා ගිහින් තිබුණා. බෙල්ලක් හොයා ගන්න නෑලු. ඒ තරමටම හීනි තීරු තීරු ගිහින් තිබිලා තියෙන්නෙ. මළේ නැත්නම් ඊළග මාසෙ ශිෂ්‍යත්ව විභාගෙ කරන්න ලෑස්ති වෙලා හිටියෙ. ඒ පාර ඉතින් අර මනුස්සයා පැනලා ගිහින්, හැංගිලා ඉදලා, වෙන කසාදයක් කරගෙන. ඒ කසාදෙ කරන් ඉන්නකොට මොකක් හරි රණ්ඩුවක් වෙලා ඒ ගෑණු කෙනාට බනිනකොට වැරදිලා කියවිලා 'මම මිනී දෙකක් මරලා පැන්නෙ. තොපි මට ලොකු නෑ' කියලා. පස්සෙ ඕක ඒ ගෑණු කෙනා එයාගෙ ගෙදර අයට කියලා, ගෙදර අය පොලීසියට ටෙලිෆෝන් කරලා ඔත්තුව දීලා තමයි අල්ලගෙන තියෙන්නෙ. කුදලගෙන ගිහින් කූඩුවට දාලා, එක අතක් කූඩුවෙත් යකඩ කූරකට මාංචු දැම්මලු. හරිම තිරිසන් සමාජයක් ඉතින්. "

මේ අතරෙ හොඳ සීතල හුළගක් අපි අතරෙන් හමාගෙන ගියා. ආයිත් හාමුදුරුවො කටහඩ අවදි කළා.
" බලන්නකො හීතල හුළග. මහණ දම් පුරනවා නම් මේ වගේ පැත්තක්ම තමයි හොඳ. මම නම් හරි කැමතියි මෙහාට. බලන බලන තැන තියෙන්න ගහ, කොළ, ගංගා, ඇළ දොළ, කදු පන්ති. බොහොම නිස්කලංකයි. හිත නිමෙනවා. හරිම නිදහස්. ඔයාලගෙ පැති වල නම් හාමුදුරුවරුන්ට අහස උසට වැඩ ඇති නෙහ්. ඒ අයට ඒ අයගේ ආධ්‍යාත්මික පැත්ත ගැන අවධානය යොමු කරන්න විදිහක් නෑ නෙහ් තියෙන වැඩ රාජකාරි අනුව. ගොඩක් හාමුදුරුවරුන්ට අද කාලෙ ගිහියොන්ටත් වඩා ප්‍රශ්න. ගිහියොන්ටත් වඩා වැඩ. මට එහෙම නෑ. මම බොහොම නිදහසේ ඉන්නවා, නිදහස් මනසක් ඇතුව. මම හරි ආසයි ඒකට. ආසාව කියන්නෙත් නරක ආසාවක් නෙවේ. බොහොම නිරාමිස ආසාවක් ඉතින්.
අර පේනවා නේද ඈත කන්ද? ඒකට කියන්නෙ ඇතාගල කියලා. එහෙම කියන්නෙ ඇතෙක්ගෙ හැඩේට තියෙන නිසා. වම් අත පැත්තෙ උස පැත්ත තමයි ඇතාගෙ ඔළුව. පේනවද? අපිට මෙතනට පේන්නෙ ඕක මහා ඝන කැළැවක් විදිහට නෙහ්. ඒ වුණාට ඔය කන්දෙත් හරියට ගෙවල් තියෙනවා. දැන් කවුරු හරි ඒ කන්දට ගිහින්, අපි ඉන්න කන්ද දිහා බැලුවොත්, එයාලටත් පේන්නෙ අපිට එයාලව පේන විදිහටම තමයි. එහේ ගිහින් මෙහේ බැලුවට, මෙහේ තියෙන ගෙවල්, මේ පන්සල පේන්නෙ නෑ. එයාලට මෙහේ පේන්නෙ ගස් වලින් වැවුණු කැළෑවක් විදිහට.
අර බලන්න ඒ කන්දෙ තියෙන වැවිලි භෝග. අතන තියෙනවා රබර් යායක්. අර මැද්දෙ තියෙන්නෙ තේ වගාවක්. ආන්න අතන යාන්තමට පොල් වත්තක් තියෙනවා. සුද්දා අරගෙන ආපු දේවල් නෙහ් ඉතින්. හැබැයි ඉතින් අපිට ආදරේට නෙවේ. එයාලගෙ වාසියට. ඔය පහළින් යන ප්‍රධාන පාර සුද්දාගෙ කාලෙ හදපු එකක්. ඒ ඈයො මේ වගේ පැතිවල සුන්දරත්වයට වශී වුණා නෙහ්. ඒ නිසා එයාලා ගොඩක් පාරවල් කැපුවේ මේ වගේ ලොකු ගංගා ළගින් යන්න. "

" මෙහේ වුණත් තව කොච්චර කිලෝ මීටර ගාණක් ගියත්, ගඟ ළගින්ම තමයි පාර යන්නෙ. ඒ ලස්සන නිසා තමයි සුද්දො එයාලගෙ බංගලා එහෙම ඉස්සර මේ වගේ තැන් වල හැදුවේ. මේ පැත්තෙ නම් පන්සල් අඩුයි. රජමහා විහාර නම් කොහොමත්ම නෑ. ඒකෙන් කියවෙන්නෙ ඉතින් සිංහල රජවරුන්ගෙ අනුග්‍රහය මේ පැත්තට එච්චරම ලැබිලා නෑ කියන එක නෙහ්. මහා විජයබාහු, නිශ්ශංකමල්ල, කීර්ති ශ්‍රී රාජසිංහ වගේ ගොඩාක් රජවරුන්ගෙ නම් අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා, ශ්‍රී පාදය වඳින්න ගියපු ප්‍රසිද්ධ රජවරු විදිහට. දැන් මේ පැත්තෙනුත් ශ්‍රී පාදෙට යන්න පුලුවන්. හැබැයි අර හැම රජ කෙනෙක්ම ගිහින් තියෙන්නෙ අනිත් පැත්තෙ පාරෙන්. ඒ කියන්නෙ මහනුවර දිහාවෙ ඉදන් එන පාරෙන්.
රජ කාලෙ මේ පැති හෙන දුෂ්කරයි. තාමත් තියෙන්නෙ ගිරි, වන, ජල දුර්ග නෙහ්. පෘතුගීසි, ලන්දේසි ලංකාව යටත් කර ගත්තත් එයාලට බැරි වුණා නෙහ් උඩරට යටත් කරගන්න. ඉංග්‍රීසීන්ට වුණත් යුධමය අතින් උඩරට යටත් කරගන්න බැරි වුණා. පස්සෙ ඉතින් එයාලා මොළෙන් නෙහ් සටන් කළේ, සිංහලයො ටික අසමගි කරලා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට අපේම සිංහලයෝ ටික, අපේම රජතුමාව අල්ලලා ඉංග්‍රීසීන්ට භාර දුන්නා. ඊට පස්සෙ අපේ රටට වුණු වින්නැහිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙහ්. "
මේ විදිහට අපේ කතාව සෑහෙන වෙලාවක් ගියා. ඊට පස්සෙ අපි පිටත් වුණා එතන ඉදලා තවත් පඩි කිහිපයක් උඩ තියෙන පූජා භූමි ප්‍රදේශයට යන්න.

එහෙම උඩට නගින ගමන් වම් අත පැත්තෙන් බොහොම පුංචි ඉදි කිරීමක් තිබ්බා. " මේ තියෙන්නෙ ධර්ම ශාලාවක්. පෝය වැඩසටහන මෙතන තමයි කරන්නෙ. මහා ලොකුවට හැදුවෙ නෑ මේවා. සරලව හැදෙව්වා ඉතින් ". හාමුදුරුවොත් උඩට යන ගමන් විස්තර කිරීමක් කළා.
ඔහොම ඔහොම ගිහින්, අපි පඩිපෙළ නැගලා, ඉහළම ස්ථානයට ළගා වුණා. එතන තියෙන්නෙ ඝන්ටාර කුළුණක්, බෝධීන් වහන්සේ නමක් සහ පුංචි පිළිම ගෙයක්.
" මෙතන තමයි උඩම තැන. මෙතනත් මේ තියෙන උඩ කොටසෙ තමයි චෛත්‍යය හදන්න හිතන් ඉන්නෙ. ඒත් ඉතින් ඕවා හදන්න කලින් මෙතන පරිසරය ගැනත් හිතන්න එපැයි. ඔය ගස් කපන්න වෙනවා. පස් කපන්න වෙනවා. ඒවත් මිනිස්සුන්ගේ විරෝධය එල්ල වෙන වැඩ. තව ටිකක් හිතලා බලලා, හොඳ විදිහකට මේවා සැලසුම් කෙරෙන්න ඕන. "
[චෛත්‍යය නිර්මාණය කිරීම සඳහා යෝජිත ප්‍රදේශය]

" බලන්නකො වටපිටාව. ලස්සනයි නේද? මෙතනට කැළණි ගඟ හොදට පේනවා. කිසිම කෘතිම දෙයක් නෑ. ඔක්කොම පේන්නෙ ස්වභාවික දේවල්. ඔය බෝට්ටු පදින ඒවා එහෙම මෙතනට හොඳට පේනවා. බණක් භාවනාවක් කරන්න නම් මේ වගේ පරිසරයක්ම තෝරගන්න ඕන. මේ තියෙන්නෙ බෝධීන් වහන්සේ. වැටවල් ගහලා නෑ. බෝධිඝරය සරලව තියාගෙන ඉන්නවා. ඉන්නකො මම පිළිම ගෙයත් පෙන්නන්න ".
එහෙම කියපු හාමුදුරුවො බෝධිය ඉස්සරහා හදලා තියෙන පුංචි පිළිම ගෙයක තිර රෙද්ද ඇරියා. පුංචි පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා තියෙනවා, හරිම ලස්සන පසුබිමක් එක්ක. බලාගෙන ඉන්න හරි ආසාවක් ආවා. ඒ තරමටම ලස්සනයි. මම ඉතින් ඒවායෙත් පින්තූරු ගන්න අමතක කළේ නෑ.
" ලස්සනයි නේද? හිත නිවෙනවා නේද බලාගෙන හිටියම? ඒ කරුණාවන්ත ගුණය ඒ විදිහටම තියෙනවා. මේ පිළිමය තමයි ඉතින් මෙහේ තියෙන්නෙ. ඕක ඔහොම පොඩියට තිබ්බට, ටොන් එකක් විතර බරයි. සෑහෙන මහන්සි වෙලා තමයි ඕක පහළ ඉදලා උඩට අරගෙන ආවෙ. "
ඊට පස්සෙ හාමුදුරුවො ආයිත් පඩිපෙළ දිගේ ආයිත් පහළට වැඩියා. මම තවත් ටික වෙලාවක් කන්ද උඩ නතර වුණා, වටේ පිටේ සුන්දරත්වය තවත් රසවිදින්න.

ඊට පස්සෙ ආයිත් පඩිපෙළ බැහැගෙන මම පහළට ගියා. යනකොට හාමුදුරුවො අර කලින් හිටපු තැනම, ඒ පුටුවෙම අසුන් අරගෙන ඉන්නවා.
ඊට පස්සෙ අපි තවත් යම් යම් දේවල් ගැන කතා බහ කළා. විශේෂයෙන්ම කෝට්ටේ යුගය ගැන, ගම්පොල යුගය ගැන, මහ නුවර යුගය ගැන, බුදු පිළිම සහ චිත්‍ර කලාව, අපේ රටේ පැරණි බෞද්ධයන් සහ වර්තමාන බෞද්ධයන් අතරේ තියෙන වෙනස්කම්, ප්රාග් ඓතිහාසික යුගය සහ ලංකාවේ ඉපැරණි ජනාවාස ගැන වගේ දේවල්. ඒවා ගැන විස්තර හැමෝම දන්න නිසාත්, ලිපිය තවත් දිග වෙන නිසාත් ඒවා ගැන සඳහන් කරන්න අදහසක් නෑ.
ඊටත් සෑහෙන වෙලාවකට පස්සෙ ආයිත් ආපු දිහාවටම යන්න තීරණය කළා. ඒ වෙනකොට මම පන්සලට ඇවිල්ලා පැය දෙකකටත් වැඩියි. 11.30 කියන්නෙ සාමාන්‍යයෙන් හාමුදුරුවරු දානය අරගන්න වෙලාව. හාමුදුරුවො එක්ක තවත් කතා කර කර ඉන්න ආස හිතුනත්, දානය අරගන්න බාධා වෙයි කියලා හිතලා, මම උන්වහන්සේගෙන් සමුගන්න තීරණය කළා.
මාත් ඉතින් ඇති හැකි විදිහට පන්සලට මූල්‍යමය ආධාරයක් කළා. හාමුදුරුවන්ගෙ තිබ්බ නිහතමානීකම කොච්චරද කියනවා නම් කිහිප විටක්ම ඒක අරගන්නත් අදිමදි කළා. පස්සෙ මගේම බලකිරීම මත අරගත්තා. " ආධාර සහ පරිත්‍යාග කරන්න කැමති අය කොළඹ පැත්තෙ ඉන්නවා නම් මේ පන්සල ගැනත් කියන්න " කියලා ඒ වෙලාවෙ උන්වහන්සේ ඉල්ලීමක් කළා.

" එහෙනං හාමුදුරුවනේ අවසරයි "..... ඒ මම උන්වහන්සේට කියපු අන්තිම වාක්‍යය පෙළයි. " ආයිත් මේ පැත්තෙ ආවොත්, අනිවාර්යෙන්ම මෙහාටත් එන්න ".... ඒ උන්වහන්සේ මට කියපු අන්තිම වාක්‍යය පෙළයි. ඊට පස්සෙ ඉතින් ආයිත් අර පඩි පේළිය බැහැගෙන බැහැගෙන ආපු මම, නවාතැන්පලට යන්න පිටත් වුණා.
ඉතින් මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා කිතුල්ගල ගියපු චාරිකාවට මාව එකතු කරගත්ත නඩයට. විශේෂයෙන්ම ගමන සංවිධානය කරපු අපේ නඩේගුරාට. එහෙමත් නැත්නම් අපේ අමිල කොතලාවල අයියාට.
2020 අගෝස්තු 22 වෙනිදා ගොඩ වැදුනු මේ විහාරස්ථානය තමයි මම ජීවිතේ පා තබපු 211 වෙනි බෞද්ධ පූජනීය ස්ථානය.
ඔයාලටත් පුලුවන් මේ විහාරස්ථානයට මූල්‍යමය වශයෙන් හෝ ද්‍රව්‍යමය වශයෙන් පරිත්‍යාග ලබා දෙන්න. විශේෂයෙන්ම ආවාස ගෘහයේ වැඩ කටයුතු වෙනුවෙන්. පහළ තියෙන විස්තර වලින් ඔයාලට පුලුවන් සිද්ධත්ථ හාමුදුරුවන්ව සම්බන්ධ කරගන්න.

* ලිපිනය : බෞද්ධ මධ්‍යස්ථානය, යටිබේරිය, පිටවල, නාවලපිටිය.
* දිස්ත්‍රික්කය : නුවරඑළිය
* ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : අඹගමුව/ගිනිගත්හේන
* ග්‍රාම නිළධාරී වසම : කලුගල
* පොලිස් වසම : ගිනිගත්හේන
* දුරකතන අංකය : 071 289 88 39