දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ගම්පොලෙන් වෙනස් වුණු මම
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- ලිපි සරණිය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර

වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නායක හාමුදුරුවන් උපත ලබන්නේ 1679 අවුරුද්දේ මැයි මාසයේ 29 වෙනිදා, මාතර වැල්ලබඩ පත්තුවේ තියෙන වේහැල්ල කියන ගම්මානයට අයත්, බෙත්මේ වලව්වේ. ඒ විජයසිරිගුණතිලක වික‍්‍රමරත්න දිසානායක අප්පුහාමි කියන නමින්. වයස අවුරුදු 14දී පැවිදි දිවියට එළඹෙන ධම්මදින්න හාමුදුරුවන්ව, සසුන්ගත කරනු ලබන්නේ තිස්සමහාරාම විහාරයේදී. ඒ කදුරුපොකුණේ බුද්ධරක්ඛිත හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන්. මුල් කාලයේ ඉදලම වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගෙන් අධ්‍යාපනය ලබන්න තරම් උන්වහන්සේ වාසනාවන්ත වෙනවා.

වේහැල්ලේ ධම්මදින්න හාමුදුරුවන්ට ඒ වාසනාව උපතින්ම හිමි වුණා කිව්වොත් නිවැරදියි. මොකද වේහැල්ලේ ධම්මදින්න හාමුදුරුවන් කියන්නේ වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගේ ඥාති සහෝදරයෙක්. 

මේ කාලයේදී අපේ රටේ රාජ්‍ය පාලකයා වුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ධර්ම දේශනා පවත්වන්නත් ධම්මදින්න හාමුදුරුවන්ට අවස්ථාව ලැබෙනවා. මේ නිසා රජතුමාගේ ප්‍රශංසාව සහ අනුග්‍රහය ධම්මදින්න හාමුදුරුවන්ට නිරතුරුවම ලැබෙනවා. ධම්මදින්න හාමුදුරුවන්ගේ උපසම්පදාව සිදු වෙන්නේ 1753 අවුරුද්දේ. ඒ මල්වතු මහා විහාරයේදි. ඊට පස්සේ ධම්මදින්න හාමුදුරුවන් ආයිත් තමන්ගේ ගම් පළාතට වැඩම කරන්න තීරණය කරනවා.


Picture
වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හිමි
Picture
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

(Photo Credits - Unknown)
Picture
වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි

(Photo Credits - Unknown)

මේ කාලයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, වැලිවිට සංඝරාජ හාමුදුරුවන්ට ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය පිරිනමනවා. ඒ විතරක් නෙවේ සබරගමු පලාත් සංඝනායක ධූරයත්, පහතරට මහානායක ධූරයත් පිරිනමලා කුට්ටාපිටියේ නින්ද ගමකුත් පූජා කරනවා. මේත් එක්කම සරණංකර සංඝරාජ හාමුදුරුවෝ, ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇතුළු ඒ සියලුම තනතුරුත්, ඒ නින්ද ගමත් තමන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යරත්නය වුණු වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හාමුදුරුවන්ට පවරනවා. ඊට පස්සේ 
ධම්මදින්න හාමුදුරුවෝ සබරගමුවේ පැල්මඩුලු පුරාණ දාගැබ් රාජමහා විහාරයේ (ගල්පොත්තාවල රජමහා විහාරය) වාසය සදහා වැඩම කරනවා.

ඊට පස්සේ ආගමික සහ ශාස්ත්‍රීය කටයුතුවල නිරත වෙන ගමන් තමන්ගේ ශිෂ්‍යරත්නය වුණු කඹුරුපිටියේ හාමුදුරුවෝ ලවා කරන්ගොඩ පොත්ගුල් විහාරය ඉදි කරවනවා. ශ්‍රී පාදස්ථානයේ පළවෙනි විහාරාධිපතිධූරය හොඹවපු වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හාමුදුරුවන්ගේ අපවත් වීම සිද්ධ වෙන්නේ 1775 අවුරුද්දේ මැයි 28 වෙනිදා. ඒ අවුරුදු 96ක් ආයු වළදලා.   


Picture
Photo Credits - Deshal Pandithage

වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න මහා නායක හාමුදුරුවෝ ශ්‍රී පාදස්ථානයේ අධිපති ධූරය දරණු ලබන්නේ 1753ත් 1775ත් අතර කාලයේදියී. කසාගල විහාරස්ථානයේ මුල්ම විහාරාධිපති ස්වාමීන් වහන්සේ විදිහටත් පරණ පොත්පත්වල සදහන් වෙන්නේ වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න මහා නායක හාමුදුරුවන්ගේ නාමයයි. පහතරට සංඝ මූලස්ථානය විදිහට සැළකුණු වේළුවනාරාම විහාරස්ථානයේ නිර්මාතෘ විදිහට සැළකෙන්නෙත් ධම්මදින්න හාමුදුරුවන්ම තමයි.

වේහැල්ලේ ධම්මදින්න හාමුදුරුවන්ගේ ප්‍රධානම ගෝලයන් දෙනමක් විදිහට කිරිනැලියේ රතනසාර සහ කදුරුපොකුණේ සුවණ්ණජෝති ස්වාමීන්ද්‍රයානන් වහන්සේලාව හදුන්වන්න පුලුවන්. කිරිනැලියේ රතනජෝති හාමුදුරුවන් කියන්නේ වේහැල්ලේ ධම්මදින්න හාමුදුරුවන්ගේ ඥාති පුත්‍රයෙක්. උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම තමයි ගාල්ලේ මේධංකර හාමුදුරුවෝ. 

ගාල්ලේ මේධාංකර නාහිමියන්ගේ ශිෂ්‍යයන් විදිහට රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණ සහ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණ ආරම්භ කරපු වලානේ ශ‍්‍රී සිද්ධාර්ථ සහ හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නායක හිමිවරුන් පෙරමුණේ ඉන්නවා. මාතර වේරගම්පිට විහාරය නිර්මාණය කරපු කදුරුපොකුණේ සුවණ්ණජෝති හාමුදුරුවෝ තමයි කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන්. 
ඒ අනුව කරතොට ධර්මාරාම හිමියන් අයත් වෙන්නෙත් වේහැල්ලේ සඝ පරපුරටම තමයි. ධම්මදින්න හිමියන්ගේ උපන් ගම මාතර වුණත්, උන්වහන්සේගේ ගිහි පරපුරේ උදවිය ගාල්ලෙත් ඉන්නවා.

Picture
කරතොට ශ්‍රී ධර්මාරාම හිමි

(Photo Credits - www.sundayobserver.lk)
Picture
පොත්ගුල් රාජමහා විහාරය

(Photo Credits - Darshana Prabath)
Picture
හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි

(Photo Credits - www.wikipedia.org)

වැලිවිට සරණංකර සහ වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර අතරේ ඥාතීත්වයක් තියෙනවා වගේම, වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න සහ කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර අතරෙත් ඥාතීත්වයක් තියෙනවා. ඒ අනුව මේ සංඝ පරම්පරා තුනම එකිනෙකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හාමුදුරුවන් අයත් වෙන්නේ දිසානායක පරපුරටයි. වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන් අයත් වෙන්නේ කුලතුංග පරපුරටයි. වේහැල්ලේ ධම්මදින්න හාමුදුරුවන් කියන්නේ වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගේ ඥාති සහෝදරයෙක් කියලා අපි මුලින්ම සදහන් කළා.

1957 අවුරුද්දේ රසවාහිනී සගරාවට ජස්ටින් විජයවර්ධන ලියපු, "කරතොට නාහිමියන්ගේ ගිහි පරපුර" කියන ලිපියේ දිසානායක සහ විජේසිංහ පරම්පරා ද්විත්වය අතර තියෙන ඥාතීත්වය ගැන තොරතුරු සදහන් වෙනවා. ඒ ලිපියේ පිටපතක් කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර කියන ලිපියට ඇතුළත් කරලා තියෙන නිසා, ඒ ගැන වැඩි විස්තරයක් කියන්න අදහසක් නෑ.

මේත් එක්කම මම කලින් ලියලා තියෙන කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර සහ වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර කියන ලිපි ද්විත්වයත් කියවන්න කියලා ආරාධනාවක් කරන්න කැමතියි. අවසාන වශයෙන් 
ඉතින් අපේ රට සහ ආගම වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවරක් කරපු, රටම දන්න අදුරන, රටට ණය නැති සුප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමකගේ ඥාතීත්වයට හිමිකම් කියන්න ලැබීම ගැන නිහතමානී ආඩම්බරයක් හිතේ රැදිලා තියෙනවා..!!!!!



මූලාශ්‍ර
01. ලංකාදීප - රසවිත (2015.06.14)
             {වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ දකුණේ ඥාති පරපුර - පුෂ්ප එපිටකඩුව}


02. රසවාහිනිය (1957)

            {කරතොට නාහිමියන්ගේ ගිහි පරපුර - ජස්ටින් විජයවර්ධන}


03. හස්තිනාපුර
        {
ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 1 ) - දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන}


03. හස්තිනාපුර
       {
ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 2 ) - දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන}


03. හස්තිනාපුර
            {ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 3 ) - දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන}



04. දිවයින විශේෂාංග (2011.09.11)
             {දෙව් බඹුන් වන්දනා කරන ශ්‍රී පාදස්‌ථානයේ අධිපති පදවිය - උදය ඇමිටියගොඩ}


05. මව්බිම (2012.12.07)
              {මෙවර ශ්‍රී පාද වන්දනා කරන සැදැහැවතුන්ට පහසුකම් රැසක් - විමල් රූබසිංහ}



06. මිරිස්ස නාලන්දා නැණසල  
         {වෙ‍හෙරක වරුණ  - කවීෂා මිහිරංගි}


07. සිළුමිණ විශේෂාංග (2011.10.02) 
              {ශ්‍රී පාදස්ථානයට අධිපති හිමි නමක් පත්කරන්නේ මෙහෙමයි  - රමණී සුබසිංහ}


08. ඉන්ද්‍රඛීලය
               {අපේ මෑත පිරිවෙන් සම්ප්‍රදායේ නැගීම සහ බැසීම}


09. wikipedia.org
          {කසාගල පූරාණ රජමහ විහාරය}


10. සස්රුත
            {වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නාහිමි}


Get your own Flash MP3 Player

Powered by Create your own unique website with customizable templates.