සොදුරු මතක සටහන්
01. දනාව බලන්න ආපු වයලීනෝ
ෂඩ් ශාස්තෘවරුන් අතර හිටපු මක්ඛලී ගෝසාලගේ ප්‍රධාන ඉගැන්වීමක තියෙනවා, ලෝකයේ ඕනෑම දෙයක් සිද්ධ වෙන්නෙ පෙර සිදු කරන ලද සැලැස්මකට අනුව කියලා. ඒ වගේ මේකත් පෙර සිදු කරන ලද සැලැස්මකට අනුව යොදා ගත්ත හමුවීමක්. වයලීනෝ කියන්නේ ලංකාවේ සිංහල Blogs ලියන්නන් අතරේ ඉන්න මහා රජ කෙනෙක්. වයලීනෝ එක්ක බලන කොට අපි නිකං පගරනැට්ටෝ.
වයලීනෝ ගොඩක්ම කරලියට ආවේ "මියැසියේ රස කතා" වලින්. ඒ වුණාට "හස්ථිනාපුර" කරන්නෙත් මේ කියන වයලීනෝම තමයි. වයලීනෝ කියලා කිව්වට මෙයාගේ ඇත්ත නම දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන. මට වඩා අවුරුදු 2ක් වැඩිමල්. ගම් පළාත රත්නපුරේ. මෙයා මෙහෙම හිටියට ජ'පුරේ කොල්ලෙක්. අපේ ගෙවල් ළග බෝඩ් වෙලා ඉන්න නිසා, හිතවත්කම් වර්ධනය කරගන්නත් එක්කලා, නිතරම අපිව බලලා යනවා..!!!!!!!

02. දක්ෂික සර්
"කරුමක්කාරයා" කියන අනුවර්ථ නාමයෙන් සෑහෙන කාලයක් තිස්සේ ලිපි ලිව්වේ දක්ෂික සර් තමයි. සර් සමාජයත් එක්කම ඇලී ගැලී ඉන්න කෙනෙක්. ඒ නිසා සර්ට සමාජය ගැන ගොඩාක් අත්දැකීම් තියෙනවා. සර් ලියපු හැම ලිපියකම තියෙන්නේ සමාජයත් එක්ක ඉන්න කොට සර්ට දකින්න ලැබුණු, අහන්න ලැබුණු සහ ලබාගත්ත අත්දැකීම් සමුදායක එකතුවක්. ඒ වගේම සර්ට හොදට නිසදැස් ලියන්නත් පුලුවන්. පලා මල්ලේ පල කරපු CSS ලිපි මාලාව ලියන්නත් අදහස දැම්මේ දක්ෂික සර්ම තමයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් විතරක් ලිපි පල කෙරෙන, මගේ තාක්ෂණික බ්ලොග් අඩවියටත්, දක්ෂික සර් ගොඩක් උදව් කළා. ඔයාලටත් පුලුවන් අපේ දක්ෂික සර්ගේ ලිපි කියවන්න. යන්න සටහන සහ Worst Verses පැත්තට..!!!!!!
03. ඩිෂාන් සවිත්‍ර රාජපක්ෂ
ඩිෂාන් කියන්නේ ආනන්දේ අපිත් එක්ක උසස් පෙළ කරපු සගයෙක්. මිනිහට හොදට ඉංග්‍රීසි පුලුවන්. ඒ වගේම හොදට ලියන්නත් පුලුවන්. ඉතින් මේ හැකියාවන් දෙක ඒකාබද්ධ කරලා, එකට එකතු කරලා, Combine කරලා ඩිෂාන් Blog එකක් ලියනවා Tranquil Mind කියලා. ගොඩක් වෙලාවට ඒකෙ ලියවෙන්නේ නිදහස් සිතුවිලි සහ නිසදැස්. ඒ වගේම මෙයා හිමව් අරණ Blog එකෙත් හිටපු ගමන් ලියනවා.
04. අරුප්පල ආත්තම්මා
අරුප්පල [මහනුවර] හිටපු නිසා තමයි අපි අරුප්පල ආත්තම්මා කියලා කියන්නේ. මේ ආත්තම්මා තමයි අපේ තාත්තාගෙ, අම්මාගෙ වැඩිමහල් සහෝදරිය. අපි කොයි කවුරුත් අතරේ අත්දැකීම් බහුල සහ කාගේත් ගෞරවාදරයට පාත්‍ර වුණු චරිතයක්. මේ ආත්තම්මා තමයි "දනාගෙ පලා මල්ලෙ" හොදම රසිකාවිය වුණේ. 2013 අවුරුද්දෙ ඉදලා 2016.09.02 දක්වා ලියපු හැම ලිපියක්ම [තාක්ෂණික ලිපි හැර], ආත්තම්මා කියවලා තියෙනවා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද? අපේ තාත්තාගේ අම්මාගේ පරම්පරාව ගැන විස්තර තිබ්බෙ මේ ආත්තම්මා ළග විතරමයි. ඒ නිසා ආත්තම්මා ගොඩක් වෙලාවට ටෙලිෆෝන් එකෙන් හරි, එහෙමත් නැත්නම් මුණ ගැහුනු වෙලාවට හරි පරම්පරාවට සම්බන්ධ තොරතුරු සහ ලිපිවලට අවශ්‍ය කරන තොරතුරු ගොඩක් සැපයුවා.
මැදවෙල ගුණානන්ද හාමුදුරුවන්ගෙ ලිපිය ලියන්න ආත්තම්මා ගොඩක් උදව් කළා. ඒ ලිපියෙන් පස්සෙ අපේ අරමුණ වුණේ ගුණානන්ද හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක් වුණු බදුල්ලේ ගුණාලංකාර හාමුදුරුවන් ගැන ලිපියක් ලියන්න. ඒ හාමුදුරුවන් ගැනත් විස්තර හොයන්න, ඒ දවස්වල ආත්තම්මා ගොඩක් මහන්සි වුණා. පන්සල් ගාණෙ ඇවිද්දා. පොත්පත් කියෙව්වා. ඒත් ඔක්කොම තොරතුරු හොයාගෙන, ඒවා එකට ගලපගන්න කලින් තමයි ආත්තම්මා නැතිවුණේ. එක අතකින් "දනාගෙ පලා මල්ලෙ" හොදම පාඨකයා නැති වුණා. ලිපි ලියන්න ආත්තම්මා මාව ගොඩක් ධෛර්යමත් කළා. ඒ වගේම "කවුරු කියෙව්වෙ නැතත්, අඩුම තරමෙ ආත්තම්මා හරි කියවනවනෙ" කියලා තමයි ලිපි ලිව්වෙත්. දැන් ඉතින් මගේ ලිපි කවුරු කියවන්නද?
"දනාගෙ පලා මල්ලෙ" හොදම පාඨකයා නැති වෙන අතරෙම, අනිත් පැත්තෙන් අපිට අපේ මුළු පරම්පරාවම නැති වුණා කියලා දැනුණා. අපේ පරම්පරාවේ ඉතිහාස කතා ගැන අහගන්න හිටියෙ අරුප්පල ආත්තම්මා විතරයි. ඒ විස්තර ඔක්කොමත්, ආත්තම්මා එක්කම නැති වුණා. ඒක එදා මෙදා තුර අපි හැමෝටම වුණු ලොකුම ලොකු පාඩුවක්. අරුප්පල ආත්තම්මාට හිමි වුණේ වාසනාවන්ත මරණයක්. මරණය කාටත් පොදුයි. ඒත් වාසනාවන්ත මරණය හැමෝටම ලැබෙන්නෙ නෑ. අපි දන්න විදිහට අවුරුදු ගාණක ඉදලම ආත්තම්මා මේ වෙනුවෙන් ලෑස්ති වුණා. ඔක්කොම බැදීම් අතෑරියා. අපි දන්න කියන කාලෙ ඉදන්ම ගොඩක් පිං දහම් කරපු කෙනෙක්. මගේ ප්‍රාර්ථනාව නම් ආත්තම්මා මේ ආත්මයේ ජීවත්වෙලා ඉන්නකොට ලබාගෙන හිටපු දැනුම් සම්භාරය, ඒ විදිහටම ලබන ආත්මවල්වලටත් අරගෙන යන්න කියලයි. මොකද අරුප්පල ආත්තම්මා කියන්නේ ඒ තරමටම ප්රඥඥාවන්ත සහ ඥාණවන්ත චරිතයක්.

05. පිල්ලි
Card එකේ පිල්ලි කියලා තිබ්බට මොකෝ මෙයාගේ උප්පැන්නේ ලියවිලා තියෙන්නේ නිලංග අර්ෂ සංකල්ප කියලා. තාමත් එයාගේ වාසගම දන්නේ නෑ. A/L කරන කාලේ අපි ඔක්කොම හිටියේ හරියට එක නැට්ටේ දෙහි වගේ. අපි දෙන්නා ඉතිහාසය ඉගෙන ගත්තෙත් එකට. නිලංග ඒ කාලේ ඉදන්ම ඉගෙන ගත්තේ ජපන්. කැම්පස් එකෙත් ඉගෙන ගන්නේ ජපන්. ඔන්න දැන් එයා ජපන් භාෂාවෙන් අපේ රටේ සුන්දරත්වය ගැන් බ්ලොග් එකක් හදනවා 美しいスリランカ කියලා. ජපන් භාෂාව ගැන දැනුමක් තියෙනවා නම් පොඩ්ඩක් ඒ පැත්තටත් ගිහින් බලන්න. ජපන් භාෂාව ගැන දැනුමක් නැති අයත්, ඒ පැත්තට ගිහින් බැලුවට කමක් නෑ. මොකද අපේ උදව්වට Google භාෂා පරිවර්තකය සැදී පැහැදී ඉන්නවා.
06. සෑම් මාමා
අනිත් අය කියන නිසා සෑම් මාමා කියලා කිව්වට, හරි නෑකම අනුව නම් මෙයා මට ලොකු තාත්තා වෙනවා. සෑම් කියලා කියන්නේ කවුරුත් ආදරේට දාලා තියෙන නම. ඒ නම හැදිලා තියෙන්නේ සමරකෝන් කියන වාසගමෙන්. සෑම් මාමා කියන්නේ අපේ නෑදෑයින් අතරින් කාගේත් ආදරයට සහ ගෞරවයට පාත්‍ර වෙච්ච අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ චරිතයක්. සෑම් මාමාත් මගේ ලිපි කියවන නිත්‍ය පාඨකයෙක්. ඒ වගේම ගොඩක් ලිපි ලියන්න අවශ්‍ය කරන විස්තර සහ ඡායාරූප හොයලා දෙන්නත්, මම ලියන ලිපි අනිත් අය අතරේ ප්‍රසිද්ධ කරන්නත් සෑම් මාමා ගොඩාක් උදව් කරනවා.
07. ලංඩන් හෑගොඩ
සෑම් මාමා විවාහාවෙලා ඉන්නෙ ප්‍රවීණ ඡායාරූප ශිල්පී සහ කාව්‍යශූරී විල්සන් හෑගොඩයන්ගේ වැඩිමහල් දියණියත් එක්ක. මේ නිසා ලාල් හෑගොඩ, අනුර හෑගොඩ වගේ උදවියගේ මස්සිනා වෙන්නත්, පලංසූරිය වගේ තවත් සාහිත්‍යයට හිතැති ප්‍රවීණ පරපුරවල් කිහිපයක් සමග නෑකමක් ගොඩ නගා ගන්නත්, සෑම් මාමා වාසනාව ලබනවා. අනුර හෑගොඩයන් නිවාඩුවට ලංකාවට ආවම, සෑම් මාමාගෙ ගෙදර තමයි නැවතිලා ඉන්නෙ. ඉතින් ඒ වගේ කාලෙක සෑම් මාමාගෙ ගෙදර ගියහම, එහෙමත් නැත්නම් විනෝද සාදයකදි එහෙම එතුමාව හමුවෙනවා. සෑම් මාමා නිසා අනුර හෑගොඩයන් සහ අපි අතරෙ වක්‍ර නෑකමක් ගොඩ නැගිලා. අනුර හෑගොඩ කියන්නෙ කවුද කියලා අමුතුවෙන් හැදින්වීමක් කළ යුතු නෑ. අනුර මාමා විවේක වෙලාවට Blog එකක් ලියනවා Hegoda's Blog කියලා. ආසාවක් තියෙනවා නම්, පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බැලුවට පාඩු නෑ!
08. අපේ සීයා
අපේ සීයාගේ ගම් පළාත ගාල්ලේ බද්දේගම වුණත්, අවුරුදු 35ක් රාජ්‍ය සේවයේ නිරතවෙලා ඉන්න කොට සීයා රට වටේම වැඩ කළා. ඒ නිසා සීයා රජයේ සහ සමාජයේ උසස් සහ සුප්‍රසිද්ධ පුද්ගලයන්ව ගොඩක් ළගින් ආශ්‍රය කළා. සීයාට ගොඩක් දේවල් අහන්න වගේම දකින්නත් ලැබුණා. ගොඩක් අත්දැකීම් ලැබුණා. ඉතින් සීයාගේ අත්දැකීම්, සීයා අපි එක්කත් බෙදා ගත්තා. අපිව හම්බුණාම ගොඩක් රසවත් දේවල් කියනවා. ඒ ඔක්කොම මතක තියාගන්නත් අමාරුයි. සීයා ලබාගෙන තියෙන අත්දැකීම් සමුදාය මහා සාගරයකට උපමා කරමු. ඒ අත්දැකීම්වලින් සීයා අපිට කියලා තියෙන්නේ පිහිණුම් තටාකයක් තරම් දේවල් විතරයි. ඒත් ඉතින් ඒවායෙන් අපේ මතකයේ නම් තියෙන්නේ බෝතල් මූඩියකට අල්ලන ප්‍රමාණය විතරයි. ඉතින් මගේ කර්තව්‍යය වුණේ සීයාගේ දැනුම සහ අත්දැකීම්, පලා මල්ල හරහා ජන සතු කරන එකයි.
සීයා දනාගේ පලා මල්ල ගැන දැනගෙන හිටියත්, පලා මල්ලේ පාඨකයෙක් නෙවේ. ඒ අන්තර්ජාලය සහ තාක්ෂණය ගැන සීයාට තිබුණු අල්ප දැනුම නිසයි. ඒත් සීයා ගොඩක් වෙලාවට සීයාගේ අත්දැකීම් සහ ඉතිහාස කතා ගැන කිව්වා. විස්තර එව්වා. මිළ කරන්න බැරි, ගොඩාක් පරණ පොත් පරිත්‍යාග කළා. මොකද සීයා දැනගෙන හිටියා, මම ඒවා ගැන උනන්දුයි කියලා. ඒ වගේම ලිපි ලියනවා කියලත්. ඉතින් සීයාගේ අත්දැකීම් සහ දැනුම ආශ්රයෙන් අපි සීයාගේ රස කතා, කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර, වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර, වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර කියන ලිපි ලිව්වා. ඒවාට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුණා. සීයාගෙත් වයස යන නිසා, මට අවශ්‍ය වුණා සීයා ජීවත්වෙලා ඉන්න කාලයේදී, සීයගෙන් ගොඩක් පරණ දේවල් ගැන අහලා දැන ගන්න. ඒ දැනුම සමාජයටත් දෙන්න. ඒත් ඉතින් මට ඒ සිතුවිල්ල එනකොට, මම හොදටම පරක්කු වැඩියි. මේ අරමුණ ක්‍රියාත්මක කරලා, අවුරුදු තුනක් ගෙවෙනකොට, සීයාගේ අභාවය සිද්ධ වුණා. ඒක දනාගේ පලා මල්ලට ලොකුම ලොකු අවාසියක්. අපේ සීයා මොන වගේ කෙනෙක්ද කියලා, මම ලියපු පරපුරක අවසානය කියන ලිපියෙන් අවබෝධ කර ගන්න පුලුවන්.