අනද විදු භූමිය
1562දි සීතාවක රාජධානියේ මායාදුන්නෙ මහ රජතුමාගෙ අධීක්ෂණය යටතේ, එතුමානන්ගේ පුත්‍රයා වන ටිකිරි බණ්ඩාර කුමාරයාගේ නායකත්වයෙන් යුක්ත දහස් ගණනකින් සැදුම්ලත් සිංහල හමුදාවක් සීතාවක රාජ්‍යයේ සිට කෝට්ටේ රාජ්‍ය බලා ගමන් කරනවා. ඒ කෝට්ටෙ රාජ්‍යට දැවැන්ත ආක්‍රමණයක් එල්ල කිරීමේ අරමුණින්.
තවත් සුළු මොහොතකින් සීතාවක රාජධානියෙන්, කෝට්ටේ රාජධානියට එල්ල වෙන්න යන මේ ප්‍රබල ආක්‍රමණය ගැන, කෝට්ටේ පාලකයා වුණු 7 වෙනි බුවනෙකබාහු රජතුමා බුද්ධි අංශ තොරතුරු හරහා දැන ගන්නවා. කෝට්ටෙට එල්ල වෙන්න යන මේ දැවැන්ත ආක්‍රමණය අතරමගදීම නතර කරලා දාන්න, බුවනෙකබාහු රජතුමත් සීතාවකින් එන හමුදාවට නොදෙවෙනි පෘතුගීසී හමුදාවක් කෝට්ටෙන් පිටත් කරනවා. නොසිතූ මොහොතක මේ හමුදාවල් දෙකම එකම ප්‍රදේශයකදි එකිනෙකාට මුණ ගැහෙනවා.......... ඔව් මේ ආරම්භ වෙන්න යන්නෙ ඔබ කවුරුත් හොදින් දන්න මුල්ලේරියා සටනයි.
මුල්ලේරියා සටන කියලා කියන්නෙ ලංකා ඉතිහාසයේ සිද්ධ වුණු සටන් අතරින් බිහිසුණුම සටනටයි. මේ සටනේ විශේෂත්වයන් ගොඩක් තියෙනවා. මේ සටනේදී පාවිච්චි කළේ අපේම තුවක්කු. තුවක්කු නිෂ්පාදනය කියන්නෙ අපේ රටේ ආයුධ නිෂ්පාදනයේ උච්ඡතම අවස්ථාවක් (ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ හමුදාවට හිටන් ආයුධ නිෂ්පාදනය කළේ අපේ රටෙන්). අපේ රටේ නිෂ්පාදනය කරපු අත් තුවක්කු, කාල තුවක්කු, කොඩි තුවක්කු, පිස්තෝල පෘතුගීසී හමුදාවේ අවි වලටත් වඩා ඉස්තරම් මට්ටමක පැවතුනා කියලා සමකාලීන පෘතුගීසී නායකයන් හිටන් පිළි ගත්තා. මේ සටනට ටිකිරි බණ්ඩාර කුමාරයාගෙ හමුදාවෙන් තුවක්කුකාරයෝ 10 000කටත් වඩා සහභාගි වෙලා තියෙනවා.
ටිකිරි බණ්ඩාර කුමාරයා මේ සටන මෙහෙය වන්නෙ අවුරුදු 11ක් තරම් කුඩා වයසකදි. ඒ කටේ කිරි සුවද යන්නත් කලින්. ඒ වගේම පෘතුගීසී හමුදාවට ප්රබලතම අභියෝගයක් වුණේ අපේ අංගම්පොර රෙජිමේන්තුවෙන්. අපේ අංගම්පොරකරුවන්ගෙන් එල්ල වෙච්ච ප්‍රහාර වලින් ගොඩක් පෘතුගීසි සෙබළු ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ සටනට සහභාගී වුණු කොරතොට ආරච්චිගේ අංගං පරපුරෙන් පැවතීගෙන එන අය අදටත් අපේ රටේ ඉන්නවා.
ඒ වගේම පෘතුගීසී හමුදාවෙම රෙජිමේන්තුවක් වුණු "ලස්කිරිඤ්ඤ හමුදාව" නොසිතූ මොහොතක යුද්ධය යන අතරතුරේදි සිංහල හමුදාවට එකතු වෙලා තියෙනවා. මේ සටනෙදි අපි යොදා ගත්තෙ ඉස්තරම් වර්ගයේ සැලැස්මක්. ඒ තමයි වට කරලා පහර දීමේ සැලැස්ම. වට කරලා පහර දෙනකොට කිසිම පෘතුගීසී සෙබලෙකුට බේරිලා පැනලා යන්න විදිහක් නෑ. අන්තිමේදී අවි බලයෙන් මුලු ලෝකයක්ම හොල්ලපු පෘතුගීසීන්, අපේ වීරෝධාර සිංහල |
හමුදාව ඉදිරියේ එකෙක් නෑර සමූල ඝාතනය වෙනවා. මේ තමයි රටක් එක්ක යුද්ධ කරලා පෘතුගීසී හමුදාවක් ලබපු "දරුණුතම" සහ "අන්තම" පරාජය. අදටත් ඒ සිදුවීම ගැන පෘතුගීසි වාර්තා පොත්වල කළු අකුරින් ලියවිලා තියෙනවා. මේ සිදුවීම ආරංචි වෙනවත් එක්කම මුළු පෘතුගාලයම දෙදරලා යනවා. ඒ කාලයේ ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව නිසා මුල්ලේරියාවෙ වෙල් යායේ ලියැදි ඔක්කොම වතුරින් පිරී ඉතිරිලා ගිහින් තිබුණා. අපේ රටේ ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර වාර්තා කරන විදිහට මේ සටනින් පස්සෙ මුලු මුල්ලේරියා වෙලම පෘතුගීසීන්ගෙ ලේවලින් පිරිලා තිබුණලු. කොටින්ම කිව්වොත් "ලේ විලක්" බවට පරිවර්තනය වෙලා තිබුණලු. ඒ නිසා මුල්ලේරියා සටන කියන්නෙ අපේ සිංහල ජාතියටම වැදගත් වෙන ඓතිහාසික සටනක්.
ටිකිරි බණ්ඩාර කුමාරයා ඇතුළු සිංහල හමුදාව කෝට්ටෙ රාජධානියට ගහන්න යන කොට අතරමග නවතිනවා. නැවතිලා ඒ ස්ථානයේ තාවකාලික කදවුරක් නිර්මාණය කරනවා. හමුදා සෙබළුන් විවේක ගන්න අතරේ හමුදා ප්‍රධානියෝ මේ ස්ථානයේ රැස් වෙලා ආක්‍රමණයට අදාළ සැලසුම් සහ පිඹුරුපත් නිර්මාණය කරලා තියෙනවා. ඒවා ගැන සාකච්ඡාවල නිරත වෙලා ඉදලා තියෙනවා. ඒ නිසාම හමුදාව ගිමන් හැර ගත්ත ප්‍රදේශය හැදින්නුවෙ "පරණ වාඩිය" කියලා. පරණ වාඩියෙ ඉදලා තමයි මුල්ලේරියා සටනට හමුදාව ආයිත් පිටත් වෙන්නෙ. අපි එදා මුල්ලේරියා සටන ඉහළින්ම ජයග්‍රහණය කරනවා.
කාලයක් ගියායින් පස්සෙ වැඩි වියට පත් වෙන ටිකිරි බණ්ඩාර කුමාරයාගේ ක්‍රියා කලාපය ගැන පැහැදෙන මායාදුන්නෙ මහ රජතුමා, ටිකිරි බණ්ඩාර කුමාරයට සීතාවක රාජධානියේ ඔටුන්න ප්‍රධානය කරනවා. ඒත් එක්කම ටිකිරි බණ්ඩාර කුමාරයා සීතාවක රාජධානියේ, "1 වෙනි රාජසිංහ" නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. ආයිත් 1 වෙනි රාජසිංහ රජතුමා (ටිකිරි බණ්ඩාර කුමාරයා), කෝට්ටෙ රාජධානිය දිහාවට හැරෙන්නෙ 1587දි. රාජසිංහ රජතුමාගේ මීළග සැලැස්ම වෙන්නෙ පෘතුගීසීන් යටතේ තියෙන කොළඹ කොටුවේ බලය සියතට ගන්න එක.
ඉතින් 1587දි ආයිත් කෝට්ටේ රාජධානිය ආක්‍රමණය කරන්න සිය දහස් ගණනක සිංහල හමුදාවක් සීතවක රාජධානියෙන් පිටත් වෙනවා. පොත්පත්වල ඒ සිංහල හමුදාවෙ සාමාජිකයන්ගේ ඓක්යන් සටහන් වෙලා තියෙන්නෙ මෙහෙමයි.

කොළඹ කොටුව වැටලීමේ මෙහෙයුමට මාස 22ක් ගත වෙනවා. මාස 22කට පස්සෙ අපේ සිංහල හමුදාව පෘතුගීසීන්ගේ පාලනය යටතේ තිබුණ කොළඹ කොටුව අල්ල ගන්නවා. මේ මෙහෙයුම යන අතරතුරේදිත් සිංහල හමුදාව කදවුරු ගැහුවෙ, මුල්ලේරියා සටනට යනකොට කදවුරු ගහපු භූමියේමයි. ඒ කියන්නෙ පරණ වාඩියේ. මෙතන ඉදන් තමයි කොළඹ කොටුව වැටලීමේ මෙහෙයුම් කටයුතු සිද්ධ වුණේ. ඉතින් කොළඹ කොටුව වැටලීමේ මෙහෙයුමත් අන්තිමේදි අති සාර්ථක වෙනවා.
1886 අවුරුද්දෙ මෙ භූමිය මත තමයි කොළඹ ආනන්ද විද්‍යාලය නිර්මාණය වෙන්නෙ. මුල්ලේරියා සටනට, කොළඹ කොටුව වැටලීමට සහභාගී වුණු සිංහල හමුදාව සැලසුම් නිර්මාණය කළේ, විවේක ගත්තෙ මෙතන ඉදන්. ඒ නිසා ආනන්ද විද්‍යාලයේ පොළොව එසේ මෙසේ පොළොවක් නෙවේ. අපි එදා මුල්ලේරියා සටනෙදි පරංගීන්ව පෙති ගැහුවා. කොළඹ කොටුව අල්ල ගත්තා. ඒ මෙහෙයුම් අතිසාර්ථක වුණා. ඒ නිසා ආනන්ද විද්‍යාලය නිර්මාණය කරලා තියෙන්නෙ ජය භූමියක් මතයි. ඒ වගේම මේක ශුද්ධ භූමියක්.
කොළඹ ආනන්ද විද්‍යාලය නිර්මාණය වෙන්නෙ 19 වෙනි සියවසේ අපේ රටේ ඇති වෙච්ච බෞද්ධ පුනරුදයේ ප්‍රතිඵලයක් විදිහටයි. ඒ වෙන කොටත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ පානදුරාවාදය ගැන අහලා, ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, බ්ලැවැට්ස්කි මැතිණිය, මාරි මියුසියස් හිගින්ස් මැතිණිය ලංකාවට ඇවිත් තිබුණෙ. මේ කාලෙ වෙන කොට බ්‍රිතාන්‍යන් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය හරහා ඉංග්‍රීසි ගති පැවතුම් සහ බෞද්ධ විරෝදී අදහස් සමාජගත කිරීමේ වැඩපිළිවෙලක යෙදිලා හිටියා. අපේ රටේ හැම තැනම "මිෂනාරි පාසල්" ආරම්භ කරලා ඒ හරහා අපේ රටේ ආගම්වලට සහ ජාතීන්වලට පහර ගැහුවා.
ඒ නිසා මේ වැඩපිළිවෙලට විරුද්ධව ජාති හිතෛෂී, දේශමාමක බලවේග අත්වැල් බැදගෙන පෙළ ගැහෙනවා. බ්‍රිතාන්‍යන්ගේ මේ දූෂිත ක්‍රියාවට විරෝධය පාන්න සහ පහර ගැසීමට, අපේ රටේ සිංහල බෞද්ධ ළමයි වෙනුවෙන් බෞද්ධ පාසල් නිර්මාණය කරන්න සැලසුම් කරනවා. කොළඹ ආනන්ද විද්‍යාලය කියන්නෙ වැඩපිළිවලේ පළවෙනි වෙඩි මුරයයි. හෙළ ජාතික බොදු සිරිත් අගයන, යහපත් ආකල්පවලින් පරිපූර්ණ ඵලදායි පුද්ගලයන් පිරිසක් සමාජයට දායාද කිරීම ආනන්ද විද්‍යාලය නිර්මාණය කිරීමේ ප්‍රධානතම අරමුණ වෙනවා.

අද කොළඹ ආනන්ද විද්‍යාලය පිහිටලා තියෙන පරණ වාඩිය ඉඩම, ආනන්ද විද්‍යාලය ඉදි කරන්න පරිත්‍යාග කරලා තියෙන්නෙ ටියුටර් රාජපක්ෂ මුදලිතුමා. ආනන්ද විද්‍යාලය නිර්මාණය කරන්න පළවෙනි වතාවට සංකල්පය ගේන්නෙ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො. මේ වැඩපිළිවෙලට හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ, අනගාරික ධර්මපාලතුමා වගේම එතුමානන්ගේ අනුගාමිකයෙක් වුණු වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමත් විශාල සහයෝගයක් දෙනවා. ඒ වගේම ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලබා දීපු සහයෝගයත් සුළුපටු නෑ. ඊට අමතරව ඕල්කට්තුමා එක්ක ලංකාවට ආපු ලෙඩ්බීටර් මැතිතුමත්, බ්ලැවැට්ස්කි මැතිණියත්, මාරි මියුසියස් මැතිණියත් ආනන්දය නිර්මාණය කිරීමේ කටයුත්තට වක්‍රව සහයෝගය දෙනවා.
කාගෙත් කැමැත්ත මත මේ විද්‍යාලය "ගුණානන්ද විද්‍යාලය" කියලා නම් කරනවා. මොකද මේ විද්‍යාලය නිර්මාණය කිරීමේ සංකල්පය ගෙනාවෙ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො නිසා. ඒත් ගුණානන්ද හාමුදුරුවො ඒ යෝජනාවට කැමති වෙන්නෙ නෑ. පස්සෙ ගුණානන්ද හාමුදුරුවන්ම හොදට හිතලා බලලා "ආනන්ද විද්‍යාලය" කියලා නම තියෙනවා. ඒකට ගුණානන්ද හාමුදුරුවො හරි අපූරු තර්කයකුත් ඉදිරිපත් කරනවා.

"බුදු හාමුදුරුවන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේගේ නම ආනන්දයි. උන්වහන්සේ තමයි ධර්ම භාණ්ඩාගාරික වුණේ. අන්න ඒ වගේ මේ විද්‍යාලයත් කවාදා හරි දවසක ධර්ම භාණ්ඩාගාරයක් බවට පත් වෙයි"
|
|
1886 අවුරුද්දේ නොවැම්බර් මාසයේ 01 වෙනිදා ආනන්ද විද්‍යාලය හෙවත්, "බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ" නිර්මාණය වීමත් එක්ක, මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට සහ බ්‍රිතාන්‍යන්ගේ දූෂිත ප්‍රතිපත්ති වලට පත්තු කරපු වෙඩි මුරය තවත් දීර්ඝ ගමනක් යන්න ගන්නවා. අපේ රටේ තැනින් තැන මේ ජාතික වීරයන්ගේ මූලිකත්වයෙන්ම මහ නුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, කොළඹ සංඝමිත්තා, කොළඹ මියුසියස්, කොළඹ නාලන්ද වගේ බෞද්ධ පාසල් නිර්මාණය වෙනවා. ආනන්ද විද්‍යාලයේ පළවෙනි විදුහල්පති ධූරය හොබවන්නෙ චාර්ල්ස් ලෙඩ්බීටර් මැතිතුමයි.
ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණු පළවෙනි ශිෂ්‍යයා වුණේ "කුරුප්පුමුල්ලගේ ජිනරාජදාස"යි. මේ ජිනරාජදාස කියලා කියන්නෙ බොහෝම සුවිශේෂී චරිතයක්. ඒ ගැන බළංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක හාමුදුරුවන් ගැන ලියවුණු , මතුගම මහින්ද විජේතිලකයන් විසින් රචිත, "බළංගොඩ නා හිමි සබැදි කතා" පොතේ සදහන් කරලා තියෙන්නෙ මෙහෙමයි.

ඒ දවස්වල අනගාරික ධර්මපාලතුමා ඇතුළු පිරිස එකතු වෙලා, ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකයන් අපේ රටේ මිනිස්සුන්ට කරන තාඩන පීඩන ගැන, එංගලන්තයේ මහ රැජිණට ලියමනකින් දන්වලා යවන්න තීරණය කරනවා. අපේ රටට නිදහස ඉල්ලල්ලා මහ රැජිණට යවපු ලියමන ගැන සාකච්ඡා කිරීම් සහ තීන්දු තීරණ ගැනීම් සිද්ධ කරලා තියෙන්නෙත් ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිල්ලකයි.
ඒ විතරක් නෙවේ සාරධර්ම වලින් හෙබි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් බිහි වුණු අමද්‍යප ව්‍යාපාරයේ රැස්වීම් වලින් බොහෝමයක් පවත්වලා තියෙන්නෙත් ආනන්ද විද්‍යාලය ඇතුළතයි.
ඒ විතරක් නෙවේ සාරධර්ම වලින් හෙබි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් බිහි වුණු අමද්‍යප ව්‍යාපාරයේ රැස්වීම් වලින් බොහෝමයක් පවත්වලා තියෙන්නෙත් ආනන්ද විද්‍යාලය ඇතුළතයි.
ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අතරින් "මුවර් ගොඩනැගිල්ලට" හිමි වෙන්නෙ සුවිශේෂී ස්ථානයක්. මුවර් ගොඩනැගිල්ල කියන්නෙ අපේ රටේ පරණම ගොඩනැගිලි වලින් (විශේෂයෙන්ම කොළඹ යුගයේ) එක ගොඩනැගිල්ලක්. ඒ කාලයේ මේ වගේ ගොඩනැගිලි නිර්මාණය කළේ මධ්‍යම කදුකරයේ තේ කර්මාන්ත ශාලාවල විතරයි. කොළඹ පළාතේ මේ ආකෘතියෙන් නිර්මාණය වෙලා තියෙන පළවෙනි සහ එකම ගොඩනැගිල්ල තමයි, මුවර් ගොඩනැගිල්ල කියන්නෙ.
ආනන්ද විද්‍යාලයේ අභිවෘද්ධියට වැඩ කරපු අය අතර "ආතර් වී දියෙස්" හෙවත් අපේ "කොස් මාමා"ත් එකතු වෙනවා. ඒ වගේම ආනන්ද විද්‍යාලයට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම, ආනන්ද විද්‍යාලයත් එක්ක "කුප්පියාවත්ත පුරාණ විහාරය" ඉස්සර ඉදන්ම අත් වැල් බැදගන්නවා. ඒ සදහා මූලිකත්වය ගත්තෙ මාවරලේ භද්දිය හිමියන්. ආනන්ද විද්‍යාලයේ සහෝදර පාසල වන කොළඹ නාලන්ද විද්‍යාලය නිර්මාණය වෙන්නෙත්, ආනන්ද විද්‍යාලය නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් විදිහටයි. ආනන්ද විද්‍යාලය කියලා කියන්නෙ අද ලංකාවේ තියෙන විශාලම බෞද්ධ පාසලයි. ඒ වගේම
ලංකාවේ පාසල් අතරින් විශාලතම බුදු මැදුර පිහිටලා තියෙන්නෙත් ආනන්ද විද්‍යාලයේ. මේ බුදු මැදුර ඇතුළේ වැඩ ඉන්න බුදු පිළිම වහන්සේ තමයි, ලංකාවේ පාසල් අතරින් විශාලතම පිළිම වහන්සේ. අද වෙන කොට කරලා තියෙන සමීක්ෂණ වලින් හොයා ගෙන තියෙන විදිහට, මේ බුදු පිළිම වහන්සේව දවසකට වන්දනාමාන කරන ප්‍රමාණය දෙවෙනි වෙන්නෙ අපේ රටේ දළදා වහන්සේව සහ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේව වන්දනාමාන කරන ප්‍රමාණයට විතරයි. අපේ රටේ දවසකට වැඩිම පිරිසක් වන්දනාමාන කරන ස්ථාන අතරින් මේ ස්ථානය තුන්වෙනි ස්ථානයට පත් වෙනවා.
ඒ වගේම අද අපේ රටේ එකම පුද්ගලයෙක් දවසකට වැඩිම වාර |
ගණනක් වන්දනාමාන කරන බුදු පිළිමයක් අපේ රටේ තියෙනවා නම් ඒ ආනන්ද විද්‍යාලයේ බුදු පිළිමය විතරයි. පාසල් ශිෂ්‍යයන්, ගුරුවරු, කාර්යය මණ්ඩලයේ අය.... මේ සෑම සියලු අයෙක්ම අවම වශයෙන් දවසකට පස් වතාවක්වත් මේ පිළිමයට නමස්කාර කරනවා. මේ බුද්ධ මන්දිරය හරහා යන වාරයක් වාරයක් පාසා ඒ දේ සිද්ධ වෙනවා. දවසකට බුද්ධ මන්දිරය හරහා එකම පුද්ගලයා වාර 100ක් ගියොත්, ඒ පුද්ගලයා වාර 100ක් බුදු පිළිම වහන්සේට නමස්කාර කරනවා. මේක කාගෙවත් බල කිරීමකින් තොරව, දඩුවම් කිරීමකින් තොරව හැමෝම සිද්ධ කරන දෙයක්. තද අව්වෙ වගේම ගිගුරුම් සහිත වර්ෂාව මධ්‍යයෙත් මෙතනින් එහා මෙහා යන අය මේ බුද්ධ ප්‍රතිමාව වන්දනා කරනවා.
ඒ හරහා මෑතකදී Asia Times කරපු සමීක්ෂණයකට අනුව ආසියාවේ එකම වේලාවකදී වැඩිම පිරිසක් වන්දනාමාන කරන බුදු පිළිමය විදිහටත් ආනන්ද විද්‍යාලයේ බුදු පිළිම වහන්සේ, වාර්තා පොතට එකතු වෙනවා. සමාධි ඉරියව්වෙන් වැඩ සිටින මේ බුදු පිළිම වහන්සේ, ලංකාවේ වැඩ සිටි ප්‍රතිමා ඇඹීමට අති දක්ෂයෙක් වුණු මාපලගම විපුලසාර මහා නායක හිමියන් අතින් නිර්මාණය වුණු පිළිමයක්. බුද්ධ මන්දිරය, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු ස්ථානයේ නිර්මාණය කරලා තියෙන දඹදිව බුද්ධගයා විහාරයේ ආකෘතියක්.

ඉස්සර ආනන්ද විද්‍යාලයේ උදේ රැස්වීමෙදි පන්සිල් ගන්න කොට, ආනන්දය අවට ඉන්න මිනිස්සුත් උදේට පන්සිල් අරන් තියෙනවා. ඒ වගේම 1886 ඉදලා සිද්ධ වුණු බෞද්ධ වැඩකටයුතු සහ චාරිත්‍ර අදටත් නොනවත්වාම කරගෙන එනවා. උදෑසන තේවාව, පංච ශීලය සමාදන් වීම, ඡත්තමානවක ගාථාව කීම, පෝහෝ දිනයන්ට පෙර දිනවල සිල් සමාදන් වීමේ වැඩසටහන්, උදෑසන සහ දහවල බුද්ධ පූජා, මල් පෝලිම, වෙසක් දිනවල වත්පිළිවෙත් (තොරණ්, පහන් කූඩු, දන්සැල්, පිරිත් සජ්ජායනා), පෙර වෙසක් පොහෝ දිනවල වත්පිළිවෙත් (සෑම ශ්‍රේණියකම සිසුන් සදහා ධර්ම දේශනා මාලා 13ක් සහ සිල් සමාදන් වීමේ වැඩසටහන් පැවැත්වීම), ආදි කතෘ දිනයන්වල විශේෂ උත්සව (සෑම ශ්‍රේණියකම සිසුන්ට දේශනා 13ක් පැවැත්වීම, බුද්ධ පූජා පිංකම්, සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනා, දානමය සහ අභය දානමය පිංකම්, දුෂ්කර පාසල් නඩත්තු කිරීමේ ව්‍යාපෘති) ..... මේ හැම දෙයක්ම.
ඊට අමතරව පී ද එස් කුලරත්න, ජී.පී. මලලසේකර, එල්.එච් මෙත්තානන්ද, ජී.ඩබ්ලිව් රාජපක්ෂ, වී.එස් කුඩලිගම වගේ විදුහල්පතිවරුන් විදුහල්පති ධූරය දරපු කාල වකවානුත්, කොළඹ ආනන්ද විද්‍යාලයේ වැදගත් සංධිස්ථාන වෙනවා.
ලංකාවේ පළවෙනි නාවික ශිෂ්‍ය භට කණ්ඩායම නිර්මාණය වෙන්නෙ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. ලංකාවේ පළවෙනි වතාවට යුද්ධ, ගුවන්, නාවික, පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායම් හතරක් එකවර, ලංකාවේ ජනාධිපතිවරයෙක්ට (මහින්ද රාජපක්ෂ) උත්තමාචාර දැක්වූවා නම් ඒත් මේ ආනන්ද විද්‍යාලයෙන්ම තමයි.
ඒ වගේම ආනන්ද විද්‍යාලය නොහොත් මේ අසිරිමත් පුණ්‍ය භූමියේ සිසුන්ට සිප්සතර කියා දීපු අපේ රටේ නම ගිය, මුළු රටම දන්න අදුරන ප්‍රසිද්ධ ගුරුවරු අතර මේ අයත් ඉන්නවා.
ඒ වගේම ආනන්ද විද්‍යාලය නොහොත් මේ අසිරිමත් පුණ්‍ය භූමියේ සිසුන්ට සිප්සතර කියා දීපු අපේ රටේ නම ගිය, මුළු රටම දන්න අදුරන ප්‍රසිද්ධ ගුරුවරු අතර මේ අයත් ඉන්නවා.
ලිපිය අවසන් කරන්න කලින් ආනන්දයෙන් බිහි වුණු සුප්‍රසිද්ධ ආනන්දීයන් කිහිප දෙනෙකුගේ නාමාවලියකුත් අන්තර්ගත කරන්න හිතුවා (සමහරක් පුද්ගලයන් තමන් නිසා ආනන්දයේ නම බැබලුවා. තවත් සමහරක් පුද්ගලයන් ආනන්දයේ නමින් තමන්ව බබළවා ගත්ත බව නොරහසක්). ලිපියට ඇතුළත් කරලා තියෙන හිටපු විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ සහ ආදි ශිෂ්‍යන්ගේ පින්තූරවල හිමිකාරීත්වය මා සතු නොවන අතර ඒවායේ හිමිකාරීත්වය සහ එහි ගෞරවය මුල් අයිතිකරුවන් සදහා හිමි වනු ඇත.
|
|
~ මේ භුමියේ පස් පාගපු මිනිහෙක්ට ලේසියෙන් වැරදිලා නැහැ ~