වට්ඨගාමිණී අභයගෙ කතාව
NSBM ආයතනයේ පළවෙනි වර්ෂාර්ධයේ Web Designing පාඨමාලාවේ, Interactive Web Studies විෂයේ අවසාන පැවරුම විදිහට තිබ්බෙ, Flash වලින් පුංචි ළමයින්ට කතන්දර පොතක් නිර්මාණයක් කරන්න. මේ නිර්මාණය කරන්න ඕනි අපිට පළවෙනි වාරයේ උගන්නපු දේවල් ගැනත් අවධානය යොමු කරගෙනයි. කතන්දර පොතට අපිට මාතෘකා කිහිපයක්ම ලැබුණා.
* ජන කතාවක්
* ඉතිහාස කතාවක්
* ජනප්‍රවාදයක් / ජනශ්රැතියක්
ආදී වශයෙන්. හැබැයි තමන් තෝර ගත්තු මාතෘකාවෙන් කරන නිර්මාණය, ලංකාවට ගැළපෙන, ලංකාවට සම්බන්ධ දෙයක් වෙන්නත් ඕන. ඉතින් දහ අතේ කල්පනා කරලා කරලා, අන්තිමට ඉතිහාසයට ඇති ආසාව නිසාම වළගම්බා රජතුමාගේ චරිත කතාව නිර්මාණය කරන්න අදහස් කළා. අපේ රටට දැනෙන්න වැඩක් කරපු රජවරු අතරින් "වට්ටගාමිණී අභය" හෙවත් වළගම්බා රජතුමාට හිමි වෙන්නෙ විශේෂ ස්ථානයක්. වළගම්බා කියලා කියන්නෙ දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා වුණු සද්ධාතිස්සගේ බාලම පුත්‍රයා. ඒ වගේම අපේ රටේ වැඩිම අභියෝග ගණනකට මුහුණ දීපු රජවරුන්ගේ නාමාවලියට එකතු වෙන රජ කෙනෙක්. අනිත් එක තමයි ගොඩක් අය වළගම්බා රජතුමාගෙ කතාව ගැන දන්නෙත් නෑ. වළගම්බා රජතුමා අපි අතින් ඇගයීමට පාත්‍ර වෙලා තියෙනවා ඇත්තටම මදි. දේශපාලනික අංශය අතින් ගත්තොත් වළගම්බා රජතුමා, හැමෝගේම ගෞරවාදරයට පාත්‍ර වෙලා ඉන්න දුටුගැමුණු රජතුමාට වඩා සිය දහස්

ගුණයක් ඉස්සරහින් ඉන්නවා. මහානාම හාමුදුරුවන් මහා වංශය ලියන කොට පක්ෂග්රාහී බවක් පෙන්නුම් කරලා තියෙනවා. ඒක නිසා මහා විහාරයට අනුග්‍රහය දක්වපු රජවරුන්ව මහා වංශයේ ඉහළින්ම වර්ණනා වෙනවා. මහා විහාරයත් එක්ක ප්‍රශ්න ඇති කර ගත්තු රජවරුන්ව විවේචනය වෙනවා වගේම, මහා වංශයෙන් ඉවතට විසික් වෙනවා. පරිච්ඡේද 32න් 11කම පෙනී ඉදලා දුටුගැමුණු රජ්ජුරුවෝ "මහා වංශයේ" වීරයා වෙන්නෙ අන්න ඒ නිසයි. ඒත් මේ පක්ෂග්රාහී බව නිසා රජවරුන්ගේ සැබෑ ඓතිහාසික තොරතුරු යටපත් වෙලා යන එකයි වෙන්නෙ. දේශපාලනික අංශය අතින් ගත්තොත් වළගම්බා රජ්ජුරුවෝ දුටුගැමුණු රජ්ජුරුවන්ට වඩා යුද්ධ ජයග්‍රහණයට ලොකු වෙහෙසක් ගත්තා. අපේ වචන වලින් කියනව නම් "ලොකු කට්ටක්" කෑවා. කාවන්තිස්ස රජ්ජුරුවෝ යුද්ධ කරන්න අවශ්‍ය
|
දේවල් ඔක්කොම ලෑස්ති කරලා තිබුනු නිසා, දුටුගැමුණු රජ්ජුරුවන්ට තිබ්බෙ රජ වුනු ගමන් එළාරට ගහන එක විතරයි. ඒත් වළගම්බා රජ්ජුරුවන්ට මේ ඔක්කොම අවුරුදු 14ක් තිස්සේ එකින් එක එකින් එක ප්ලෑන් කරන්න වුණා.
දුටුගැමුණු රජ්ජුරුවන්ට තිබ්බෙ එළාරගේ පාලනයෙන් අපේ රට මුදවා ගන්න විතරයි. ඒත් වළගම්බා රජතුමාට එකවර අභියෝග 4කට මුහුණ දෙන්න වෙනවා (තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල, සත් ද්‍රවිඩ ආක්‍රමණය, ගිරි නිගන්ඨයා, බැමිණිතියාසාය) . දුටුගැමුණු රජ්ජුරුවො යුද්ධ කරන කොට අපේ රට ආහාර අතින් ස්වයංපෝෂිත වෙලා තිබුණා. ඒත් වළගම්බා රජ්ජුරුවන්ගේ කාලයේ ලොකු ආහාර හිගයක් තිබුණා. මේ සාගතය අවුරුදු 14කටත් වඩා තිබුණා. මෙහෙම බලනකොට මහා වංශයේ වීරයා වෙන්න ඕන වළගම්බා රජතුමා.

වළගම්බා රජතුමාගේ චරිත කතාව ගොඩක් දිගයි. ඒ අතරිනුත් වැඩියෙන්ම දිග, රජතුමාගේ දේශපාලන ඉතිහාසය. ඒ වගේම වැදගත්ම කොටසත් දේශපාලනික ඉතිහාසයමයි. ඉතින් දේශපාලන ඉතිහාසය කොටස මග අරින්න කොහෙත්ම බෑ. ඊළගට ආපු අභියෝගය තමයි අපි උසස් පෙළ මට්ටමින් තර්ක විතර්ක දාලා, ඉගෙන ගත්ත වළගම්බා රජතුමාගෙ චරිතය අවුරුදු 10ක විතර පුංචි ළමයෙක්ට තේරෙන විදිහට කියන්නෙ කොහොමද කියන එක. ඉතින් රජතුමාගේ සමස්ථ දේශපාලනික ඉතිහාස කතාවම කොටස් 10කට (පිටු 10කට) සීමා කළා. පිටු 10ටම තෝර ගත්තෙ රජතුමාගේ චරිත කතාවෙ "ප්‍රධාන වශයෙන් වැදගත් වෙන සංධිස්ථාන" විතරයි. භාෂාව ඩිෂාන්, ශෙහාන්, සුපුන්, යසිදු, සුරේශ් සහෝදරවරුන්ගේ උදව්වෙන් සරලම සරල විදිහට සකස් කළා. |
ඊට පස්සෙ ඉතින් Story Board එකක් එහෙම ඇදලා, කතන්දර පොතේ පිටු එන්න ඕන කොහොමද කියලා බැලුවා. ඒ ඒ පිටු වලට අදින්න ඕන රූප මොනවද, මුල් පිටුව කොහොම වෙන්න ඕනද, ලියන්න ඕන මොනවද කියලත් බැලුවා.
ඊට පස්සෙ කතන්දරේ චරිත වලට, වස්තු වලට ගැලපෙන පින්තූර හොයාගෙන ඒවා උඩින් Trace කළා. එහෙම කරලා Adobe Flash හරහා ඒවට පුලුවන් පුලුවන් විදිහට Animations දැම්මා. පහළින් තියෙන්නෙ සති ගණනක මහන්සියේ ප්‍රතිඵලය වුණු, ඒ කතන්දර පොත. ගොඩක් සරල සහ ප්‍රාථමික මට්ටමේ නිර්මාණයක් වුණත්, මේක පල කරන්න හිතුනෙ, ඒ හරහා කාට හරි දැනුමක් ලබා දෙන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුව නිසයි. මුලින්ම තියෙන්නෙ Home Page එක. Enter Button එක හරහා ඔයාලට කතන්දර පොතට ඇතුල් වෙන්න පුලුවන්. ඊට පස්සෙ Forward Button එක Click කර කර, කතන්දර පොතේ අනිත් පිටු ටිකත් පෙරලන්න පුලුවන්. පිටුවක් මග හැරුනොත්, ඒ වෙනුවෙන්ම Backward Button එකකුත් දාලා ඇති. කතන්දරය කියවලා, ආයිත් කියවන්න ඕන නම් Browser එක Refresh කරන්න ඕන. මොකද අග පිටුව සහ මුල් පිටුව එකිනෙකට සම්බන්ධ කරලා නෑ. පහළින් නිකංම නිකං හිස් කොටුවක් විතරක් පෙන්නනවා නම්, ඒ කියන්නෙ ඔයාලට ටිකක් ඉවසගෙන ඉන්න වෙයි. මොකද File Size එක ටිකක් ලොකු නිසා Load වෙන්න ටිකක් වෙලා යයි. ඒ වගේම ජංගම දුරකතන, ටැබ් හරහා එන අයට නම් කොහොමත් බලන්න බැරි වෙයි.