ප්‍රාණික් හීලිං
2008 අවුරුද්දෙ නොවැම්බර් 04 වෙනිදා කියන්නෙ මගේ ජීවිතයේ ගොඩක් දේවල් මට අහිමි වෙන්න හේතු වුණු දවසක්. ඒ වෙනකොට මම හිටියෙ කොළඹ ආනන්ද විද්‍යාලයේ 10 වසරෙ. අපොස සාමාන්‍ය පෙළ විභාගයටත් තිබ්බෙ හරියටම අවුරුද්දයි. ඉතින් එදා මට දරුණු විදිහට අසනීප තත්වයක් හැදුනා. 2008 අවුරුද්දෙම ඔක්තෝබර් මාසයේ ඇති වුණු වකුගඩුවක ආබාධ තත්වයක වක්‍ර ප්‍රතිඵලයක් හරහා එහෙම අසනීප තත්වයක් ඇති වෙලා කියලා, කලින් ගත්තු වෛද්‍යය වාර්තා බලපු දොස්තරලා කිව්වා.
වකුගඩුවක් ළග ගලක් තිබිලා, පොඩි සීරීමක් වෙලා මුත්‍ර හරියට පෙරෙන්නෙ නැතුව, කොටසක් ලේ වලට කලවම් වෙලා, ඇගේ තියෙන "යූරික් අම්ලයේ සංයුතිය" වෙනස් වෙලා, ඒ හරහා කකුල් දෙකේම පිටි පතුල් දෙක ඉදි වෙන්න ගත්තා. ඒ නිසා බටහිර වෛද්‍යවරු කිව්වෙ "මේ ඇවිල්ලා ආතරයිටිස්" තත්වයක් කියලා. ඉතින් මේ කකුල්වල අමාරුව නිසා හරියට ඇවිද ගන්නවත් බැරි වුණා. කොටින්ම කියනවා නම්, උදේ පාන්දර නැගිට්ටම ඇදෙන් බැහැ ගන්නවත් බෑ. ඇවිදින අඩියක් අඩියක් ගාණෙම දරා ගන්න බැරි වේදනාවක් එන්න ගත්තා. "ජීවත් වෙනවට වඩා මැරිලා ගියා නම් හොදයි" කියලා හිතුණු වාර ගණන අනන්තයි. අප්‍රමාණයි.
මේ නිසා නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙකේම ඉස්කෝලෙ යන්නත් බැරි වුණා. රජයේ සහ පෞද්ගලික ඉස්පිරිතාල දෙකක නැවතිලා සති 2ක් විතර ප්‍රතිකාර ගන්නත් වුණා. ඉස්කෝලෙ පාඩම් වැඩත් එහෙම්මම නැවතුණා. කොහොමින් කොහොම හරි සාමාන්‍ය පෙළ විභාගයත් සාමාන්‍ය මට්ටමෙන් සමත් වෙලා 2012 අවුරුද්දෙ උසස් පෙළ විභාගය කරන්න, 2010දි කලා අංශයට සම්බන්ධ වුණා.
මේ වෙනකොට මේ අසනීප තත්වය හොද කර ගන්න අපි ගොඩක් තැන් වලට ගියා. ඒකට ගොඩක්ම මහන්සි වුණේ අපේ අම්මා. මට මතකයි 2009 අවුරුද්දෙ මහ නුවර පල්ලෙකැලේ පැත්තෙ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කර ගත්ත මෙහෙණින් වහන්සේ නමක් ළගට ගියා. ගමේ පන්සලට වගේම බෙල්ලන්විල රජමහා විහාරය, කැළණිය රජමහා විහාරය, පිල්ලෑවෙ පන්සල වගේ ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ පන්සල් ගොඩකට ගිහින් බෝධි පූජා තිබ්බා. දේවාලවලට භාරහාර වුණා. යන්තර ගැට ගැහුව්වා. නූල් ගැට ගැහුවා. කේන්දරේ බලව ගත්තා. ඒත් ඒ එකකින්වත් සුවයක් ලැබුණෙ නෑ.

ඉතින් 2012 අවුරුද්දෙ පෙබරවාරි මාසයේ විතර, මේ අසනීප තත්වය නිසා තරු විසි වෙලා ඉන්න වෙලාවක අපේ තාත්තගෙ මිත්‍රයෙක් "ප්‍රාණික් හීලිං" කියලා ප්‍රතිකාර ක්‍රමයක් කරන තැනක් ගැන අපිට කිව්වා. මොකක් හරි කරදරේක වැටුනම, ඒ කරදරෙන් බේරෙන්න පිදුරු ගහෙත් එල්ලෙන එක මනුෂ්‍ය ස්වභාවයක්නෙ. ඒ නිසා අපිත් ගියා මොකක්ද එතනින් අපිට ගන්න පුලුවන් ප්‍රයෝජනේ කියලා බලන්න. "ප්‍රාණික් හීලිං" කියලා කියන්නෙ ආධ්‍යාත්මීය ශක්තිය (චිත්ත ශක්තිය) වර්ධනය කරලා කරන ප්‍රතිකාර ක්‍රමයකට. මේ ප්‍රතිකාර ක්‍රමයේ මුල් නිජ භූමිය තමයි ඉන්දියාව කියන්නෙ. අපේ සිද්ධාර්ථ ගෞතම බුදු හාමුදුරුවො පහළ වෙන කොටත් මේ ක්‍රමය ඉන්දියාවේ ව්‍යාප්ත වෙලා තිබුණා කියලා සමහර පොත්පත් වල තියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි, ශරීරයේ තියෙන ඕනෑම රෝගයක්
|
(අභ්‍යන්තර සහ භාහිර), කිසිදු ස්පර්ශයකින් තොරව සුව කර ගන්න පුලුවන් වීම. ඒත් ඒ ප්‍රතිකාර ක්‍රම ප්‍රගුණ කරන අයගෙ අදහස්වලට අනුව නම් කර්මය නිසා ඇතිවෙන රෝග නම් ටිකක් හොද කර ගන්න අමාරුයි. අපි හුග දෙනෙක් නොදන්නවා වුණාට අපේ ශරීරය වටේට රැස් වළල්ලක් ක්‍රියාත්මක වෙනවා. ඉංග්‍රීසියෙන් නම් ඒකට කියන්නෙ Aura Rays කියලා. මේක 200%ක්ම බටහිර විද්‍යාඥයො පරීක්ෂණ කරලා ඔප්පු කරලා තියෙනවා. විශේෂයෙන්ම "කිර්ලියං ඡායාරූප ක්‍රමය" හරහා. මේ රැස් වළල්ලේ ප්‍රධාන වශයෙන් පාට දෙකක් තියෙනවා. ඒ පාට තීරණය වෙන්නෙ අපේ මනසේ තියෙන ක්‍රියාකාරීත්වය අනුව.
අපේ සිතුම් පැතුම්, අදහස්, ප්‍රාර්ථනා යහපත් නම්, අපි වාසය කරන පරිසරය හොදයි නම්, අපි නීරෝගී නම්, ඒ අදෘෂ්‍යමාන රැස් වළල්ල "සුදු පාටින්" දිස් වෙනවා. ඒ වගේම අපේ සිතුම් පැතුම්, අදහස්, ප්‍රාර්ථනා අයහපත් නම්, අපි වාසය කරන පරිසරය හොද නැත්නම්, අපි නීරෝගී නැත්නම්, ඒ අදෘෂ්‍යමාන රැස් වළල්ල "කළු පාටින්" දිස් වෙන්න ගන්නවා. පෘතග්ජන අපේ ශරීරය වටේ ක්‍රියාත්මක වෙන ඒ රැස් වළල්ල ගොඩක් වෙලාවට දිස් වෙන්නෙ කළු පාටින්. ඒකට රාග, ද්වේෂ, මෝහ ආදීයත් බලපානවා. ඒ නිසා අපේ රැස් වළල්ලෙ ආලෝකය අඩුයි. බොහොම දුර්වලයි.
ඒත් බැදීම් වලින් අහක් වෙලා, භාවනා කරලා ආධ්‍යාත්මීය ශක්තිය වර්ධනය කර ගත්ත සමහරක් පුද්ගලයන්ගෙ ඒ රැස් වළල්ල තදින් බබළන්න ගන්නවා. අදෘෂ්‍යමාන රැස් වළල්ල, දෘෂ්‍යමාන |
වෙනවා. සුදු පාට ආලෝකයක් විහිදෙනවා. උදාහරණයක් විදිහට බුදු හාමුදුරුවන්ව, සර්වඥ ධාතුන් වහන්සේලාව (බුදු හාමුදුරුවන්ගේ අධිෂ්ඨාන ශක්තිය නිසා), සමහරක් පසේ බුදුවරුන් සහ මහ රහතන් වහන්සේලාව, රූපාවචර බ්‍රහ්ම ලෝකවල වාසය කරන බ්‍රහ්මයන්ව, දෙව්වරුන්ව ගන්න පුලුවන්. ඒ වගේම ජේසුස් වහන්සේගේ පින්තූරවලත්, ජේසුස් වහන්සේගේ ශරීරය වටේට ආලෝක ධාරාවක් සිතුවම් කරලා තියෙනවා.
බළංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක හාමුදුරුවනුත් වැඩක් නොකර විවේකී සුවයෙන් ඉන්න අවස්ථා වලදී අත් දෙකේ ඇගිලිවලින් මිට මොලව ගෙන හිටියාය කියලා උන්වහන්සේගේ ජීවිත කතාව ගැන ලියවුණු පොත්පත්වල තියෙනවා. උන්වහන්සේගේ මතය අනුව අපේ අත්වලින් විහිදෙන කිරණ පිටතට ගලා ගෙන යන්න හැරීම නාස්තියක්. ඒ නිසා අත්දෙකේම මිට මොලවගෙන හිටියම ඒ කිරණ පිටතට යන්නෙ නැතුව ආයිත් තමන්ගේ ශරීරයටම නිකුත් වෙනවා. උන්වහන්සේ ඒකෙන් අදහස් කළේ යහපත් පිරිසිදු කිරණ ගැන බවත් මතක තියා ගන්න ඕන. ඒ දවස්වල TNL නාලිකාවත් හාමුදුරු නමක් කිරණ අල්ලන වැඩ සටහනක් හැමදාම විකාශය කළා මතකයි.

ඉතින් මේ ප්‍රාණික් හීලිං ප්‍රතිකාර ක්‍රමයෙන් කරන්නෙ, සුව කරන්නා මනසින් රෝගියාගේ මනස සමග සම්බන්ධ වෙලා, මනසින්ම රෝගියාගේ සෞඛ්‍යය තත්වය පරීක්ෂා කරලා, රෝගියාගේ වටේ තිබෙන රැස් වළල්ලේ කළු පැහැය ඉවත් කරන එකයි. ඒකට චිත්ත ශක්තිය වගේම ඵලපුරුද්ද සහ අත්දැකීම් ආදීයත් බලපානවා. ඉතින් නූතන තාක්ෂණය සහ විද්‍යාව හමුවේ ඉන්දියාවට පමණක් සිමා වෙලා තිබ්බ මේ ප්‍රතිකාර ක්‍රමය ඉන්දියාවෙන් තුරන් වෙලා යෑමේ අවදානමක් ඇති වෙන්න ගන්නවා. මේක දැකපු කොරියාවේ "චෝ කොක් සුයි" කියලා මහත්තයෙක් ඉන්දියාවට ගිහින්, මේ ප්‍රතිකාර ක්‍රමය අවුරුදු ගාණක් ප්‍රගුණ කරලා, ආයිත් කොරියාවට ගිහින් "ප්‍රාණික් හීලිං" ක්‍රමය ලෝකයට ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවලක් සකස් කරනවා.
ඉතින් මේ මහත්තයා කොරියාවේ "ප්‍රාණික් හීලිං" ආයතනයක් පිහිටුවලා, හැම රටකින්ම වගේ නියෝජිතයන්ව ඒ ආයතනයට ගෙන්වලා, හොද පුහුණුවක් ලබා දීලා, ඒ අයව තම තමන්ගෙ මව් රටවල්වලට යවලා, ඒ රටවල්වලත් "ප්‍රාණික් හීලිං ප්‍රධාන ආයතනයේ" ශාඛා පිහිටුවනවා. මුලදි මේ ශාඛා ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා තිබ්බත්, අද නම් ස්වාධීනව තමයි කටයුතු සිද්ධ වෙන්නෙ. අපේ රටේ පිහිටුවපු ආයතනය තියෙන්නෙ වැල්ලවත්තෙ "ඩෙල්මන්" ඉස්පිරිතාලය ළග තියෙන මූවර් පාරෙ අංක 20 දරන ස්ථානයේ. හරියටම කියනවා නම් මේක සාමාන්‍ය ගෙදරක්. ඒ අය මේ ප්‍රතිකාර ක්‍රමය කරන්නෙ ස්වේච්ඡාවෙන්. කිසිම මුදලක් අය කරන්නෙ නෑ. සමහරක් අය රස්සාවල් වලට යන්නෙත් නැතුව, හුදී ජනයාගේ සුභ සිද්ධිය උදෙසාම කැපවුණු අය. සමහරක් අය රස්සාවකට ගිහිල්ලා හවසට ඇවිත් මේ ප්‍රතිකාර ක්‍රමය කරලා, ගෙවල්වලට යනවා. ලංකාවේ නැවතිලා ඉන්න විදේශීය සංචාරකයනුත් ගොඩක් මෙතැනට ඇවිත් හැමදාම ප්‍රතිකාර ලබා ගන්නවා.
ඉතින් අපි පළවෙනි වතාවට එතනට ගියපු දවසෙ එතන ප්‍රධානියා හිටියෙ නෑ. ඒ නිසා මාව පරික්ෂා කළේ එතන තුන්වෙනියට වැඩ බලපු "රාජා" කියලා දෙමළ ජාතික මහත්තයෙක්. මගේ වාරය ආවම මම පරික්ෂා කරන කාමරය ඇතුළට ගියා. එතන ප්ලාස්ටික් පුටුවක් තිබුණා. පුටුව දෙපැත්තෙ වතුර බේසම් දෙකකුත් තිබුණා. මමත් ඉතින් "මොනවෑයින් මොනවා වෙයිදෝ" කියලා හිත හිතා ඒ පුටුවෙ වාඩි වුණා. "හරි. දැන් අත් දෙක දණහිස උඩ තියලා මිට මොලවගන්න. කෙලින් බලාගෙන හොදට හුස්ම ගන්න. දිව කටේ උඩු ඇන්දට තියලා තද කර ගන්න". ඒ රාජා අයියගෙන් ලැබුණු අණයි. ඉතින් මමත් ඒ විදිහටම හිටියා. එතකොටම රාජා අයියා කාන්දම් කෑලි දෙකකුත් අරන්, මොන මොනවදෝ මුමුණ මුමුණ, මගේ ශරීරයේ එක එක තැන්වලට අත දික් කර කර, හස්ථ මුද්‍රාවෙන් මොන මොනවදෝ නොතේරෙන දෙයක් කියන්න ගත්තා. එහෙම හස්ථ මුද්‍රාවෙන් කාන්දම් කෑලි දෙක මගේ ඇග වටේට අල්ලන ගමන්, කකුල්වල ඉදන් ඔලුවට වෙනකන් ඒ කාන්දම් කෑලි දෙපාරක් තුන් පාරක් අරන් ගිහින්, වතුර එකට අල්ලනවා.

මේක ඇත්තටම හරිම විද්‍යාත්මකයි. මොකද කාන්දම්වලටත් මේ වගේ අංශු ඇද ගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් මේ ප්‍රතිකාරයෙන් කාන්දම්වලට ඒ නොපෙනෙන අපිරිසිදු අංශු ආකර්ශනය වෙනවා. කාන්දම වතුර බේසමට ළං කරන කොට, ඒ අංශු වතුර බේසමට ගිහින්, වාතය හරහා ව්‍යාප්ත වෙන්නෙ නැතුව වතුරවලම ගබඩා වෙලා තියෙනවා. ඒකෙන් අපේ රැස් වළල්ල පිරිසිදු වෙලා, නීරෝගි වෙනවා.
"ප්‍රාණික්" කියලා කියන්නෙ ප්‍රාණයට. එහෙමත් නැත්නම් ජීවයට. "හීලිං" කියන්නෙ සුව කරනවට. මේ වචන දෙක එකතු වුණාම තමයි "ප්‍රාණික් හීලිං" කියන වචනය හැදෙන්නෙ. |
මෙහෙම කරන ගමන් එක පාරටම රාජා අයියා ඇහුවා "මල්ලි ඔයාට තියෙන්නෙ ඔලුවෙ කැක්කුමක් නේද?" කියලා. මමත් ඉතින් හැරෙන තැපෑලෙන් උත්තරයක් දුන්නා. "ඔලුවෙ කැක්කුමක් නම් මට නෑ". ආයිත් රාජා අයියා හස්ථ මුද්‍රාවෙන් ඇස් දෙකත් පියාගෙන මගේ ඇග වටේට කාන්දම් කෑලි දෙක අල්ලන්න ගත්තා. "ඔයාට බඩේ කැක්කුමක් තියෙනවා නේද?" , රාජා අයියා ආයිත් හඩ අවදි කළා. "නැහැ". ඒ මගේ උත්තරයයි. විනාඩි 15ක් තිස්සෙ රාජා අයියා එක එක ලෙඩ කිය කියා මාව නිරීක්ෂණය කරනවා. රටේ ලෝකෙ නැති හැම ලෙඩක් ගැනම මේ විදිහට මගෙන් විස්තර ඇහුවත්, මගේ කකුලෙ අමාරුව ගැන නම් අංශු මාත්‍රයක දෙයක්වත් ඇහුවෙ නෑ. අහස උසට තිබුණු මගේ බලාපොරොත්තුත් ඔක්කොම ටික සුන් වෙලා ගියා.
මම සාමාන්‍යයෙන් ප්ලාස්ටික් පුටුවල වාඩි වෙන්නෙ නෑ. මොකද මම පුටුවල ඉද ගන්න පුරුදු වෙලා තියෙන්නෙ වකුටු වෙලා. වකුටු වෙලා ප්ලාස්ටික් පුටුවක ඉද ගත්තහම මට තද කොන්දෙ අමාරුවක් හැදෙනවා. ඔන්න ඉතින් එතන ප්ලාස්ටික් පුටුවෙත් හුග වෙලාවක් වාඩි වෙලා ඉදලා මට කොන්දෙ අමාරුවක් හැදුනා. රාජා අයියත් හස්ථ මුද්‍රාවෙන් වැඩ දානවා. කොන්දෙ අමාරුව නිසා මට හෙල්ලෙන්නත් බෑ. ඔහොම ඉදලා ඉදලා එක පාරටම රාජා අයියා ඇහුවා "ඔයාට කොන්දෙ අමාරුවක් තියෙනවා නේද?" කියලා. "දැන් පුටුවෙ වකුටු වෙලා ඉදලා කොන්දෙ අමාරුවක් හැදුනට, මම ආවෙ කකුලෙ අමාරුව හොද කර ගන්නනෙ" මම මටම කියා ගත්තා. රාජා අයියා අහපු ප්‍රශ්නෙටත් මගේ උත්තරය වුණෙ "නැහැ" කියලා. ආයිත් රාජා අයියා කාන්දම් අල්ලන්න ගත්තා. ආයිත් අහපී "මල්ලි ඔයාට තියෙන්නෙ කොන්දෙ අමාරුවක් නේද..???? Back Bone එක හොදටම රිදෙනවා නේද?". මමත් ඉතින් ආයිත් පාරක් "නෑ" කියපි. ආයිත් කාන්දම් ඇග වටේට යවලා රාජා අයියා අහනවා "කොන්දෙ අමාරුවක් නෑ කියලා ෂුවර්ද?". මමත් ඉතින් ආයිත් වතාවක් "නෑ" කිව්වා.
"මේ ප්‍රතිකාර ක්‍රමයෙ මොකක් හරි සත්‍යක් තියෙනවා. මගේ නිධන්ගත රෝගය හොයා ගන්න බැරි වුණාට, ඒ වෙලාවෙ හැදුනු කොන්දෙ අමාරුව රාජා අයියට අහු වුණා. ඒ වගේම රාජා අයියා දිගටම ඒ මතේම හිටියා", මගේ ලෙඩේ හොයා ගන්න බැරුව රාජා අයියා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ පාලා ඉන්න අතරෙ මට එහෙම හිතුණා.

ඒත් එක්කම කාමරේ ඇතුළට ආවෙ "ප්‍රදීප්" කියලා සිංහල මහත්තයෙක්. එයා තමයි එතන දෙවනියා විදිහට වැඩ බලන්නෙ. ඔන්න ඉතින් එයත් මාව ප්‍රතිකාර ක්‍රමයට භාජනය කරන්න ගත්තා. එයත් කිව්වෙ මට කොන්දෙ අමාරුවක් තියෙනවා කියලා. රාජා අයියත් ඒක අනුමත කළා. මේ දෙන්නම මාරුවෙන් මාරුවට ප්‍රතිකාර ක්‍රමය කර කර, මාරුවෙන් මාරුවට මගෙන් කොන්දෙ අමාරුවක් ගැන අහන්න ගත්තා.
පස්සෙ එතන තිබ්බ "ප්‍රාණික් හීලිං" විෂයට සම්බන්ධ පොත් හිටන් පෙරලලා බැලුවා. ඒ පොත් අධ්‍යනය කරලත් එයාලා කිව්වෙ මට කොන්දෙ අමාරුවක්ම තියෙනවා කියලා. කොහොමින් කොහොම හරි ඒ දවස ඉවර වුණා. ආයිත් ප්‍රතිකාර ගන්න දවස් දෙකකට පස්සෙ එන්න කියලා ඒ අය කිව්වා. ඔන්න ඉතින් දවස් දෙකකට පස්සෙ දෙවෙනි වතාවටත් ප්‍රතිකාර ගන්න කියලා මම එතනට ගියා. එදා මාව පරික්ෂා කළේ එතන ප්‍රධානියා. එයා තමයි ඒ නිවසේ හිමිකරු. "සෝමසුන්දරම්" කියලා දෙමළ ජාතික මහත්තයෙක්. මමත් ඉතින් ගිහිල්ලා සුපුරුදු පරිදි අර ප්ලාස්ටික් පුටුවෙම ඉද ගත්තා. හැබැයි එදා නම් වකුටු වෙන්නෙ නැතුව කෙලින් තමයි ඉද ගත්තෙ. සෝමසුන්දරම් මහත්තයත් මං ඉස්සරහට ඇවිල්ලා, හිත එකලස් කරගෙන, ඇස් දෙක පියාගෙන හස්ථ මුද්‍රාවෙන් මගේ ඇග වටේට කාන්දම් කෑලි දෙකක් අල්ලන්න පටන් ගත්තා. හුග වෙලාවක් එහෙම කරගෙන යනකොට මට අමුතුම ප්‍රබෝධයක් දැනෙන්න ගත්තා. ලොකු ශක්තියක් ඇගට ආවා වගේ දැනුණා. ප්‍රතිකාරය පටන් අරන් විනාඩි 10කටත් වැඩී. ඒත් තාම වැඩේ යනවා. ඔහොම ප්‍රතිකාර ක්‍රමය කර ගෙන යන ගමන් හරි පුදුම සහගත දෙයක් වුණා. සෝමසුන්දරම් මහත්තයා මගෙන් ප්‍රශ්න වගයක් අහන්න ගත්තා. එතනින් පස්සෙ අපි දෙන්නා අතර මෙන්න මෙහෙම සංවාදයක් ඇති වුණා. |
සෝමසුන්දරම් මහත්තයා ;- ඔයාට ඇවිද ගන්න බැරි මොකක් හරි අමාරුවක් තියෙනවා නේද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- ඔයාගෙ ඇගේ ලේ අඩු වුණා නේද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- පොඩ්ඩක් වැඩ කළත් ලොකු මහන්සි ගතියක් දැනෙනවා නේද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- පොඩ්ඩක් දිව්ව්ම ලොකු හතියක් වගේ එනවා නේද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- ඔයාට හුග වෙලාවක් හිටන් ඉන්න බෑ නේද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- එතකොට පපුව වේගෙන් ගැහෙන්න ගන්නවා නේද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- ඔයාට නිතරම කැස්සක් එනවා නේද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- ඇගපත දුර්වල වේගෙන යනවා වගේ දැනෙනවා නේද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- ළගකදි ඉදලා ලොකු නිදිමතක් දැනෙනවා නේද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- පොඩ්ඩක් වැඩ කරාම ලොකු කම්මැලිකමක් එනවා නේද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- තද ඔලුවෙ කැක්කුමක් එනවා නේද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- ඔලුව නිතරම බර වෙලා නේද තියෙන්නෙ?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- නිතරම කරකැවිල්ලක් ඇවිල්ලා වමනෙට එන්න වගේ යනවද?
මම - ඔව්
සෝමසුන්දරම් මහත්තයා ;- හැම දෙයක් ගැනම ඕනෑවට වඩා හිතනවා නේද?
මම - ඔව්. සමහරක් වෙලාවල් වලට....
අදටත් මට මේක හිතා ගන්න බැරි ප්‍රහේලිකාවක්. කකුලෙ අමාරුවට අමතරව මම මෙච්චර කාලයක් රහසක් කරගෙන හිටපු මගේ අනිත් රෝගී තත්ව ඔක්කොම ටික පේන කියන්නා වගේ සෝමසුන්දරම් මහත්තයා කියාගෙන කියාගෙන ගියා. ඒ වගේම මගේ තිබුණු අසනීප තත්ව වලට අමතර මගේ හිතේ තිබුණු දේවල් හිටන් සෝමසුන්දරම් මහත්තයා එකක් නෑර කියාගෙන කියාගෙන ගියා. සෝමසුන්දරම් මහත්තයා කියපු හැම කාරණාවක්ම ඇත්ත....
මගේ කකුල්වල රෝගී තත්වය අවුරුදු 4ක් තිස්සෙම මම පෙන්නුවේ බටහිර වෛද්‍යවරයෙකුට. මේ වෛද්‍යවරයා මට දුන්නෙ උග්‍ර වේදනා නාශක. මගේ වයසට සහ බරට ඒ බෙහෙත් පෙති ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ වගේ වේදනා නාශක පෙති වරුවකට 3 ගාණෙ, 9ක් දවසකට බොන්න නියම වුණා. සතියකට බෙහෙත් පෙති 63යි. මාසෙකට පෙති 252යි. අවුරුද්දකට 3024යි. අවුරුදු 4කට 12 096යි. මේ විදිහට ලෙඩේ විගහට සනීප කර ගන්න කියලා, අවුරුදු 4ක් තිස්සෙ බීපු වේදනා නාශක පෙති නිසා, 2012 පෙබරවාරි මුල සතියෙ මගේ ආමාශය හොදටම තුවාල වුණා.
අන්තිමේදී බහිශ්‍රාවියත් එක්ක ශරීරයෙන් ලේ ගිහිල්ලා ගිහිල්ලා, එක පාරටම දෙවතාවක් ලේ වමනෙ ගියා. ඇගේ ලේ අඩු වුණා. ඒ නිසා ඇග හොදටම දුර්වල වුණා. පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. හිට ගත්තොත්, තත්පර 5ක් ඇතුළත කරකැවිල්ලක් හැදෙන්න ගත්තා. තත්පර 5කට වඩා හිටගෙන හිටපු හැම අවස්ථාවකදිම කලන්තෙ දාගෙන වැටුණා. අන්තිමේදි උගුර හරහා ආමාශයට බටයකුත් යැව්වා. හුස්ම ගන්න අමාරු වෙලා ඔක්සිජන් දුන්නා. ඕන කරන ලේ ටික හම්බුණෙත් අන්තිම වෙලාවෙදි. ලේ පයින්ට් 2කුයි, සේලයින් පැකට 8කුයි දුන්නා. X-Ray, Scan, ECG වගේම හැමදාම ලේ පරික්ෂා කරන්නත් වුණා.

ඒ තමයි මම මගේ ජීවිතයේ දැනට අත් විදපු බිහිසුණුම සිදු වීම. ඒ වෙලාවෙ මට කොච්චර අසාධ්‍ය වුණාද කිව්වොත්, සතියකට පස්සෙ ඉස්පිරිතාලෙන් ගෙදර ආපු ගමන් මම මගේ "අන්තිම කැමති පත්‍රයත්" ලිව්වා. ඊට පස්සෙ ඔලුවෙ කැක්කුම්, හතිය, කැස්ස, මහන්සිය වගේ අතුරු රෝගාබාධ තත්ව ඇති වුණා. මට අසාධ්‍ය වුණු වෙලාවෙ මට තිබුණු රෝගී තත්ව වගේම, ඉස්පිරිතාලෙන් ගෙදර ආවට පස්සෙ ඇතිවුණු ඒ අතුරු රෝගාබාධ ගැන සෝමසුන්දරම් මහත්තයා බලාගෙන හිටියා වගේ කිව්වා... අදටත් මම ඒ ගැන පුදුම වෙනවා. හරිම ආශ්චර්යක් වගේ.
හැමදාම බොරලැස්ගමුවෙ ඉදලා වැල්ලවත්තට යන්න අමාරු නිසා "ප්‍රාණික් හීලිං ප්‍රතිකාර ක්‍රමය" නතර කරන්න වුණත්, සෝමසුන්දරම් මහත්තයා එදා ඒ කියපු කරුණුත් එක්ක බලන කොට, මේ ප්‍රතිකාර ක්‍රමයේ "ප්‍රබල සත්‍යක්" තියෙනවා කියන එක නම් සක්සුදක් සේ පැහැදිලි වෙනවා.