අපේ සයන්ස් සෑර්
මේ 2006 අවුරුද්දෙ ජනවාරි මාසයේ මුල් සතිය. එතකොට අපි 7 වසරෙ ඉදලා 8 වසරට ආවා විතරයි. දෙවෙනි දවසෙ මුලටම වගේ තිබ්බෙ Science Period එක. අපිත් ඉතින් අපේ අලුත් Science ගුරුතුමා දකිනකන් ඉවසිල්ලක් නැතුව හිටියා. දැන් Period එක පටන් අරගෙන ගොඩාක් වෙලා. ඒත් තාම කවුරුත් පන්තියට ආවෙ නෑ. ඉතින් අපි අපේ අලුත් යාලුවො එක්ක කතා කර කර, නිදහසේ හිටියා. ටිකක් වෙලා යන කොට කළු මිටි හාදයෙක් පන්තියට කඩාගෙන ආවා. කොණ්ඩෙ පීරලාවත් නෑ. ෂර්ට් එක හරියට කලිසමට යට කරලත් නෑ. ෂර්ට් එක හොදටම පොඩි වෙලා. ඒ මදිවට ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක තුනක්ම ගලවලා. නිකං රස්තියාදුකාරයෙක් වගේ. "නැගිටිනවලා සේරමල්ලා. ඔක්කොම සීරුවෙන් හිට ගන්නවා. එකෙක් හෙල්ලෙන්නෙ නෑ" කියාගෙන පන්තියට ආපු ඒ හාදයා තමයි අපේ අලුත් සයන්ස් සර් කියලා අදුරගන්න අපිට තත්පරයක්වත් ගියේ නෑ. අපි ඔක්කොම හිටියෙ බය වෙලා. කොටින්ම කිව්වොත් ඇගේ ලේ වතුර වෙලා. දහඩියෙන් තෙත් වෙලා. මොකද ඒ සර්ට තිබ්බෙ හරිම රෞද්‍ර පෙනුමක්.
සාමාන්‍ය හමුදා සෙබළුන්ව පරික්ෂා කරන ඉහළ පෙළේ නිළධාරියෙක් වගේ සර් අපි එක එක්කෙනාගෙ මූණු බල බල, වට දෙක තුනක් වේගෙන් පන්තිය වටේ ඇවිද්දා. ඇවිදලා ගුරු මේසෙ ළගට ගිහින්, ගුරු මේසයෙන් පුටුව අක්කරයක් විතර ඈතට ඇදලා ගත්තා. "මේ මොකක්ද අපිට වුණේ? අපි මෙයත් එක්කද අවුරුද්දෙම සයන්ස් ඉගෙන ගන්නෙ?" මම මටම කියා ගත්තා. අක්කරයක් විතර ඈතට ඇදලා ගත්ත පුටුව ළගට ගිහින්, එක පාරටම දත් 32ම පේන්න අපිත් එක්ක කටපුරා හිනාවෙලා, දෙකට නැමිලා "ආයුබෝවන්. සුභ අලුත් අවුරුද්දක් වේවා" කියලා ප්‍රියමනාප විදිහට වාඩි වුණා. ඇත්තටම මොකක්ද වුණේ කියලා අපිට හිතා ගන්නවත් බැරුව ගියා. ඒත් සර් දීපු ලණුවට අහුවුණු අපි හැමෝටම මාර හිනා. මේ වෙන කවුරුත් නෙවේ. අපේ සුනිල් සර්......

සුනිල් සර් කියන්නෙත් අපේ නිමල් සර් වගේම කෝටියකින්වත් හොයා ගන්න බැරි සුන්දර මනුස්සයෙක්. සුනිල් සර්ව දකින දකින වෙලාවට අපි හැමෝටම මතක් වුණේ ප්‍රියා සූරියසේනව. මොකද දෙන්නගෙම හැඩරුව එක සමානයි. සුනිල් සර් හරිම හොදයි. ළමයින්ට හරිම ආදරෙයි. නිතරම හිනා වෙලා, ගුරුවරයෙකුටත් වඩා අපේ යාලුවෙක් වගේ, විහිළුවෙන්මයි කාලය ගත කළේ. අනිත් ගුරුවරු අපිට දිගට හරහට ගැහුවත්, සුනිල් සර් අපිට කවදාවත් දඩුවම් කළේ නෑ. කවදාවත් ගැහුවෙවත්, බැන්නෙවත් නෑ. අපේ හිත් රිදෙන එක වචනයක්වත් කිව්වෙ නෑ. ඒ නිසා විද්‍යාව පීරියඩ් එක අපේ ආසම පීරියඩ් එක වෙද්දි, විද්‍යාව විෂය අපේ ආසම විෂය වුණා. සර් අපිට ඉගැන්නුවේ සර්ටම ආවේණික රටාවකට. ඒ නිසා සර් කියලා දෙන දේවල් අපි හැමෝම ආසාවෙන් අහගෙන හිටියා. විද්‍යාවට අමතරව සර් අපිට ජීවිතේ ගැනත් කියලා දුන්නා. මිනිසත්කම, හොද නරක, යහගුණ, පරාර්ථකාමීත්වය, නිහතමානීකම, මානව දයාව වගේ දේවල් ගැන එහෙම.
සර් ජීවත් වුණේ හරිම සරල විදිහට. සර්ගෙත් හරිම අත්භූත චර්යාවක් තිබුණා. සර් කවදාවත් බදාදාට ඉස්කෝලෙ ආවෙ නෑ. පස්සෙ කාලෙක අපිට දැන ගන්න ලැබුණා බදාදා දවස සර් සමාජ සුභ සාධන කටයුතු වලට වෙන් කරලා තියෙනවා කියලා. සර්ගේ බිරිද ඒ වෙන කොටත් නැති වෙලා. ඒ පිළිකා ආසාදනයක් නිසා. ඒ නිසා සර්ත් ඒ වගේම පිළිකා රෝගීන් කිහිප දෙනෙක්ට උදව් උපකාර කරන්න, බදාදා දවස වෙන් කරගෙන හිටියා. මේක ඇහුවම සර් ගැන තිබ්බ පැහැදීම තවත් වැඩි වුණා.

සර්ට තිබ්බෙ සර්ටම ආවේණික වුණු වචන සෙට් එකක්. පෑනට කිව්වෙ "පෑනිය" කියලා. හැමදාම පොත් අත්සන් කරන කොට, ඉස්සරහ පේළියෙ වාඩි වෙලා ඉන්න එක්කෙනෙකුගෙන් පෑනක් ඉල්ලනවා, "මට පෑනියක් දෙන්න මෑණියනි" කියලා.... මිනිහාට කිව්වෙ "මිනියා" කියලා. "දණ ගහන්න" කියනවා වෙනුවට කිව්වෙ "දණ බිම" කියලා. එහෙම බිම දණ ගහන්න කිව්වට, සර්ගෙ උපරිම දඩුවම් කාලය වුණේ තත්පර 30යි.
|
මෙහෙ එන්න කියලා කිව්වේ "මීන්න" කියලා. ඔයා කියන වචනය කිව්වේ "උයා" කියලා. එහෙම කියන වචනය ශබ්ද කළේ "හේම" කියලා. සර් අපෙන් ප්‍රශ්නයක් ඇහුවෙත්, ප්‍රශ්නෙට අදාළ උත්තරෙන්මයි. හැබැයි "මොකක්ද" කියන වචනය අර්ථ ගැන්වෙන විදිහට, උත්තරේ ඉස්සරහට "මො" අකුර දාලා. ඉතින් මොක්සිජන්, මෝබන්, මොක්සිකරණය වගේ අලුත් අලුත් වචන අපේ ශබ්දකෝෂ වලටත් එකතු වුණා. ඒ විදිහට ඉගැන්නුවම ලේසියෙන් මතක හිටිනවා කියලා සර් දැනගෙන හිටියා. සමහරක් පාඩම් උගන්නන කොට සර් කුණුහරුප වලිනුත් උගන්නපු අවස්ථා තිබ්බා. ඒත් පාඩම් මතක තියා ගැනීමේ උපක්‍රමයක් විදිහට. මොකද පිරිමි ළමයින්ට ඔය කුණුහරුප කියන එව්වා හොදට මතක හිටිනවා. ලේසියෙන් අමතක වෙන්නෙ නෑ.
සර් අපිට සමහරක් වෙලාවට "බබා" කියලත් කිව්වා. "මේ ද්‍රව්‍යන් දෙක ප්‍රතික්‍රියා කළාට, මේ ද්‍රව්‍යන් දෙක ප්‍රතික්‍රියා කරන්නෙ නෑ බබා. ඒ නිසා බබා, ඔයාලට බෑ මේ දෙක එකට එකතු කරන්න". ඔන්න ඔය වගේ. දවසක් සර් මුත්‍ර පද්ධතිය ගැන කියලා දෙනකොට, පන්තියේ හිටපු එක ළමයෙක් නවත්තන්නේ නැතුව, හිනාවෙන්න ගත්තා. ඒ පාර සර් කර කර හිටපු පාඩමත් නතර කරලා අහපි "කවුද ඒ චුක්කා?" කියලා. අද කාලේ නම් ප්‍රවෘත්තියක් ඇහුවම, පත්තරයක් බැලුවම "දැඩි දඩුවම්" කියන වචනය අපිට නිතරම අහන්න දකින්න ලැබෙනවා. ඒත් ඒ කාලයේ මේ වචනය අපි අතර ජනප්‍රිය වුණේ, සුනිල් සර් නිසා. සර් ගෙදර වැඩ දෙනකොට කිව්වෙ "මේ වැඩ කරන් එන්නෙ නැති අයට මම දැඩි දඩුවම් දෙනවා" කියලා. ඒත් ඒවා සීමා වුණේ වචනවලට විතරයි.
සර් හැම තිස්සෙම අපිට මොකක් හරි කියලා දුන්නායින් පස්සෙ "මම කියපු දේ තේරුණ අය අත් උස්සන්න" කියලා කියනවා. එතකොට මුළු පංතියම අත් උස්සනවා. දකුණු අත උස්සලා, අතෑගිලි ගුලි කරලා, දඹර ඇගිල්ලයි මැද ඇගිල්ලයි පෙන්නන්න ඕන. ඒ කියන්නෙ Victory Sign එක. සර්ම තමයි අපිට එහෙම කරන්න පුරුදු කළෙත්. "Victory Sign එකෙන් සංඛේතවත් වෙන්නෙ ජයග්‍රහණයයි. ඔයාලට මං කියලා දෙන පාඩම් තේරෙනවා කියන්නෙ, ඒකත් විශාල ජයග්‍රහණයක්" සර් කිව්වෙ එහෙමයි.
සුනිල් සර් අපිට උගන්නපු විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ අදටත් ඒ විදිහටම මතකයේ රැදිලා තියෙනවා. සර් එක දවසක් වතුර බොන වීදුරුවක් අරගෙන, වීදුරුව පිරෙන්න වතුර දැම්මා. ඊට පස්සෙ ටිකක් ඝනකම් කොල කෑල්ලක් වීදුරුව උඩ තියලා, කොලේ ටිකක් තද වෙනකන් අල්ලගෙන හිටියා. ඊට පස්සෙ වීදුරුව හෙමිහිට අනිත් පැත්ත හැරෙව්වා. එහෙම කරලා සර් විනාඩි 10ක් විතර වීදුරුව අල්ලගෙන හිටියා හිනා වෙවී. වතුරවල බරට කොලේ ගැලවුණෙත් නෑ. අපි හැමෝටම ඇස් අදහා ගන්න බැරුව ගියා. හැමෝටම පුදුමයි, කොහොමද එහෙම වුණේ කියලා....

ඊට පස්සෙ සර් කිව්වා "වායු ගෝලයේ තියෙන පීඩනය කඩදාසිය මත ඇති කරන තෙරපුම, ජලයේ බරට වඩා වැඩි නිසා කඩදාසිය වැටෙන්නෙ නෑ" කියලා.
මේක පෙන්න පෙන්න ඉන්නකොට මැඩම් කෙනෙක් ආවා සර්ව හම්බවෙන්න. සර් කිසිම ගාණක් නැතුව මේක මැඩම්ටත් පෙන්නුවා. සෑහෙන වෙලාවක් යනකං මැඩමුත් මේක ගැන පුදුමයෙන් බලන් හිටියා. සර් එක්ක කතා කරලා, මැඩම් පන්තියෙන් එළියට ගියා විතරයි, කොළේ ගැලවිලා වතුර ඔක්කොම "ජබොහ්" ගාලා බිම හැලුනා. ඒකට මුළු පන්තියටම හිනා. සර්ත් හිනා වුණා. මැඩම් ගියායින් පස්සෙ, කොළේ ගැලවුනු නිසා හොදට ගියා. නැත්නම් ඉතින් විළි ලැජ්ජයි.
ඒ වගේම තවත් පරීක්ෂණයක් කළා. හිස් වීදුරුවක් අරගෙන ඒකෙ ඇතුළට ලේන්සුවක් දාලා හිර කළා. ඊට පස්සෙ සම්පූර්ණයෙන් පුරවපු වතුර බේසමකට, අර වීදුරුව කනපිට ගහලා ඇතුල් කළා. සර් හුග වෙලාවක් වීදුරුව, බේසමේ අඩියෙ ගෑවෙන්නෙ නැතුව තියාගෙන ඉදලා, ආයිත් වීදුරුව උඩට ගත්තා. "ඔයාලා හිතන්නෙ මම බේසමේ අඩියෙ වීදුරුව ගෑව්වෙ නැති නිසා, දැන් වීදුරුව ඇතුළ තෙමිලා ඇති කියලා නේද? මෙන්න බලන්න මැජික් එක" කියලා වීදුරුව ඇතුළෙ තියෙන ලේන්සුව එළියට ඇදලා අරගෙන පෙන්නුවා. ලේන්සුව අපිට අල්ලන්නත් දුන්නා. හරිම පුදුමයි. ලේන්සුවේ වතුර බිංදුවක්වත් නෑ.

ඊට පස්සෙ සර් කිව්වා " වතුර වීදුරුව අපි බේසමට දැම්මෙ පොඩ්ඩක්වත් ඇද කරන්නෙ නැතුව. ඒ නිසා වතුර වීදුරුව ඇතුළෙ වාතය ගබඩා වෙලා තිබ්බා. බේසමේ වතුර, වීදුරුව ඇතුළට ආවෙ නැත්තෙ ඒ නිසයි. මොකද වීදුරුවේ හිස් ඉඩේ වාතය පිරිලා තිබ්බ නිසා, වතුරට එන්න විදිහක් තිබුණෙ නෑ. හැබැයි වීදුරුව පොඩ්ඩක් හරි ඇල කරලා දැම්මා නම්, වීදුරුවෙ ඇතුළට වතුර එනවා. ඔය මැජික් කරන ගොඩක් අය, මේ වගේ වැඩ තමයි කරන්නෙ. ගෙදර ගිහිල්ලා ඔව්වා පොඩි එවුන්ටත් කරලා පෙන්නන්න. ඔය පුංචි නංගිලා මල්ලිලාට. උන්ට හරි ආස හිතෙයි. ඔයාලට උන් ඉස්සරහා සුපිරි වැඩකාරයෙක් වෙන්න පුලුවන් " කියලා.
ඉතින් මාත් ඉස්කෝලෙ ඉදන් ගෙදර ඇවිල්ලා හවස් වරුවේ, සුනිල් සර් කියලා දෙන පරීක්ෂණ කර කර බැලුවා. එව්වා වීරයා වගේ පොඩි අයටත් කරලා පෙන්නුවා.
දවසක් සර් පන්තියට ඇවිල්ලා, කළු ලෑල්ලෙ ලියාගෙන ලියාගෙන යන්න ගත්තා. සර් ජීවිතේට කළු ලෑල්ලෙ ලියපු කෙනෙක් නෙවේ. ඉතින් අපිටත් හිතා ගන්න බැරුව ගියා. පස්සෙ බැලින්නම් සර් කළු ලෑල්ලෙ ලියලා තියෙන්නෙ මෙන්න මේ වාක්‍ය ටික. "අද මගේ උගුර රිදෙනවා. මට කතා කරන්න බෑ. හොදටම අමාරුයි. කවුරු හරි කෙනෙක්, එහා පන්තියෙන් පොතක් හොයාගෙන ඇවිල්ලා, ඊළගට කරන්න තියෙන පාඩම කියවන්න. අනිත් කට්ටිය ඒ කියන ටික ලියා ගන්න". ඉතින් සර්ගේ විධානය අනුව ඒ කටයුතු ඒ ආකාරයටම සිද්ධ වුණා. සර්ත් බෙල් එක ගහනකන්ම පුටුවෙ වාඩිවෙලා, පන්තියේ වෙන්නෙ මොනවද කියලා බලාගෙන හිටියා. හැබැයි කතා කළේ නෑ. බෙල් එක ගැහුවම සර් පුටුවෙන් නැගිටලා, අපිටත් නැගිටින්න කියලා අත් දෙකෙන් සංඥාවක් කළා. ඊට පස්සෙ මූණ පුරා හිනාවෙලා ආයුබෝවන් කියලා ආචාර කරලා, කළු ලෑල්ලේ මොකක්දෝ ලියාගෙන එළියට ගියා. කළු ලෑල්ලෙ තිබ්බෙ "ස්තූතියි" කියලා.
සර්ගෙ නෝනත් නැති නිසා සර් හිටියේ තනියම. ඉතින් සර්ගෙ එකම සතුට වුණේ ළමයින්ට උගන්නන එක. සර් ඒකෙන් ලොකු තෘප්තියක් ලැබුවා. ලොකු සැහැල්ලුවක් ලැබුවා. සර් මුලින්ම ආනන්දෙට ඇවිල්ලා ඉගැන්නුවේ ගණිතය. ඒ ලොකු පංතිවල හිටපු අයියලාට. ඊට පස්සෙ තමයි සර් විද්‍යාව උගන්නන්න පටන් අරන් තියෙන්නෙ. ඉතින් අපිට සුනිල් සර්ව පෙනුනේ "විද්‍යාවට අධිපති දෙවියන්" විදිහටයි.

සර් නිදහසේ ඉන්න වෙලාවට කළේ සිංදු අහන එක. ඒ දවස්වල සර් අහන සිංදු ගැනත් අපිත් එක්ක කතා කළා. සර් වැඩියෙන්ම ඇහුවෙ ක්ලැරන්ස්ගෙ සිංදු. ඒ වගේම නිවාඩුවක් ලැබුණහම පිටරටවල්වල සංචාරය කළා. සර් ලෝකයේ සංචාරය කරපු නැති රටවල් තිබ්බෙ බොහොම පොඩි ගානක්. සර් හිටපු ගමන් එහෙම සංචාරය කරන කොට අර ගත්ත පින්තූර එහෙමත් අපිට ගෙනල්ලා පෙන්නුවා. අපි එක අතකින් ගොඩක් වාසනාවන්තයි. මොකද ආනන්ද විද්‍යාලය තුළ අන්තිම වතාවට සුනිල් සර්ගෙන් විද්‍යාව ඉගෙන ගත්තෙ අපි. 2006 අවුරුද්දෙ අන්තිම හරියෙදි සර් විශ්‍රාම ගත්තා.
2006 අවුරුද්දෙ දෙසැම්බර් නිවාඩුව දෙන දවසෙදි සර් පාට ෂර්ට් එකකුත් ඇදගෙන අපිව බලන්න ආවා. සර් අපිට ගොඩක් සුභ පතලා, අපේ ඉදිරි ගමනට හදවතින්ම |
ආශිර්වාද කළා. පංතියෙ හැමෝම සර්ට පොර කකා වැන්දා. සර් ඒ හැමෝගෙම ඔළුව අතගෑවා. ආනන්දෙන් සමුගන්න නිසා සර් ගොඩක් දුකින් ඉන්න ඇත්තෙ. ඒත් සර් ඒ දුක අපිට පෙන්නුවෙ නෑ. ඒ වෙන කොටත් සර් පොඩි පොඩි පෞද්ගලික පන්ති කිහිපයක් කළා. සර් කිව්වෙ ඕන වෙලාවක සර්ට කතා කරන්න. සර්ව හම්බවෙන්න එන්න කියලා. ඒත් එදායින් පස්සෙ අපි කවුරුවත් සර්ව දැක්කෙ නෑ. සර් ගැන ආරංචියක් ආවෙත් නෑ. ගොඩක් අය කිව්වෙ සර් රට යන්න ඇති කියලා.
සුනිල් සර් ගැන ආයිත් අපිට ආරංචියක් හම්බුනේ අවුරුදු 8කට පස්සෙ. හැබැයි ඒ හොද ආරංචියක් නම් නෙවේ. සර් ජූලි 23 වෙනිදා (2014) නැති වුණා කියලා. අපි හැමෝටම අදටත් මේක හීනයක්. අපි හැමෝටම ගොඩක් දුක හිතුනා. සර් නැති වෙන කොටත්, සර්ට වයස අවුරුදු 67යි. මෙච්චර හොද රත්තරං මිනිහෙක්, ඇයි මේ තරම් ඉක්මනට අපිව දාලා ගියේ කියලා ප්‍රශ්නයක් ආවා.

ඒත් සුනිල් සර් අදටත් අපේ හදවත් ඇතුළෙ ජීවමානයි. සර් ජීවිතය ගැන කියලා දීපු පාඩම් තාමත් අපිට මතකයි. සර් අපිට උගන්නපු හොද දේවල්, තාමත් අපි ඒ විදිහටම පිළිපදිනවා. සර්ගෙ ජීවිත කාලයෙන් වැඩි හරියක් සර් කැප කළේ අපිට උගන්නන්න. අපිව යහ මගට ගන්න. අපිව සමාජයේ උසස් තැනකින් තියන්න. ඉතින් සර් සර්ගෙ ජීවිත කාලය තුළ සමස්ථ පාසල් දරු කැළ වෙනුවෙන් උපරිම සේවාවක් ඉෂ්ඨ කළා.
සුනිල් සර් කියන්නෙ මොන වගේ උතුම් ගතිගුණ තිබ්බ සර් කෙනෙක්ද කියලා මෙහෙම ලිපියකින් ලියලා දැම්මට, පැහැදිලි කරන්න අමාරුයි. සුනිල් සර් කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා ටිකක් දුරට හරි අවබෝධ කර ගන්න පුලුවන් හොදම උදාහරණය තමයි පහළින් තියෙන්නෙ. පහළ තියෙන Video එක බැලුවොත් තේරෙයි, සුනිල් සර් කියන්නෙ ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා.

ආදරණීය ගුරු පියාණනි, ඔබට නිවන් සුව ! _/\_
ප.ලි :-
ලිපියට ඇතුළත් කරලා තියෙන පින්තූර එකක්වත් මගේ පින්තූර නෙවේ. Facebook එකේ සංසරණය වෙවී තිබ්බ පින්තූර. ඒ නිසා මේවායේ මුල් අයිතිකාරයො හොයා ගන්න නෑ. ඒ නිසා අවසර ගන්න වුණේ නෑ. හැබැයි ඒ අයට පුලුවන් නම් මට පෞද්ගලිකව පණිවිඩයක් එවන්න, මම කැමතියි ඒ අයට නිසි ගෞරවය ලබා දෙන්න. මේ පින්තූරවල හිමිකාරීත්වය එයාලා සතුයි. වීඩියෝව ඇමිණුවේ, ශ්‍යාමල් තිලකරත්නගේ Youtube ගැලරියෙන්....