අවාසනාවන්ත ලුසිටානියා
අපි පහුගිය ලිපියකින් කතා කළා, ලෝක නාවික ඉතිහාසයේ ගොඩක්ම අපකීර්තියට පත් වුණු නෞකාව ගැන. ඒ තමයි කැලිෆෝර්නියන් නැව. ඒ හරහා අපි ටයිටැනික් සහ කාර්පේතියා නෞකා දෙක ගැනත් සුළුවෙන් හරි සාකච්ඡා කරන්න අමතක කළේ නෑ. ඒ ලිපියට ගොඩාක් හොද ප්‍රතිචාර තිබුණා. හුග දෙනෙක් කියලා එවලා තිබුණා, කැලිෆෝර්නියන් සහ ටයිටැනික් ඛේදවාචකය අතර තිබුණු සම්බන්ධය ගැන, ඒ අය දැනුවත් වෙලා හිටියෙ නෑ කියලා. ඒ ලිපිය කියවපු නැති අයට, මුලින්ම ඒ ලිපිය කියවන්න කියලා ආරාධනාවක් කරන්න කැමතියි. අද ලිපියෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ තවත් ඒ වගේම ඛේදවාචකයක් ගැනයි. මේ ලිපිය හරහාත්, පහුගිය ලිපියෙන් වගේම දැනුමක් ලබා ගන්න පුලුවන්වෙයි කියලා විශ්වාස කරනවා. පහුගිය ලිපියේ මැද කොටසදි අපි මෙහෙම සටහනක් ලිව්වා.
" Titanic රසිකයින්ගේ වීරයා වුණු Carpathia නැවටත්, Titanic රසිකයින්ගේ දුෂ්ඨයා වුණු SS Californian නැවටත් අත්වුණේ අවාසනාවන්ත ඉරණමක්. මේ නෞකා දෙකම 1 වන ලෝක යුද්ධයේදී, ජර්මානු U-boat වර්ගයේ සබ්මැරීන් දෙකක ගොදුරු බවට පත් වුණා. "
අද ලිපියෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙත් අන්න ඒ වගේ සිද්ධියක් ගැනයි. ඒ තමයි ලුසිටානියා ඛේදවාචකය. මේ සිද්ධියත් පළවන ලෝක යුද්ධය තරම් ඈත අතීතයකට යනවා. දෙවන ලෝක යුද්ධයට සාපේක්ෂව, පළවන ලෝක යුද්ධය වැඩි පිරිසකගේ අවධානයට ලක්වෙලා නැති නිසා, ලුසිටානියා ඛේදවාචකය ගැන හුග දෙනෙක් දැනුවත් වෙලා නැහැ කියන එකයි මගේ අදහස...

ලුසිටානියා නෞකාව නිර්මාණය කරන්නෙ, ඒ කාලයේ බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ නැව් සමාගමක් වුණු Cunard Line සමාගමෙන් (අපි කලින් සදහන් කරපු ටයිටැනික් රසිකයින්ගේ වීරයා වුණු කාර්පේතියා නැව නිර්මාණය කළෙත් මේ සමාගමෙන්ම තමයි). 1906 අවුරුද්දෙ වැඩ නිම කරපු මේ නෞකාව, 1907 අවුරුද්දෙදි මංගල ගමනත් ගියා. ලුසිටානියා නෞකාවේ මිනුම් ගත්තොත් ආසන්න වශයෙන් බරින් ටොන් 32 000ක්, දිගින් මිටර 240ක්, උසින් මීටර 50ක් වෙනවා. තට්ටු 9යි. මගීන් ආසන්න වශයෙන් 2200ක් ප්‍රවාහනය කරන්න පුලුවන්. පහසුකම් අතින් ටයිටැනික් නෞකාවට නොදෙවෙනි නෞකාවක් වුණු ලුසිටානියා, ඒ කාලයේ ලෝකයේ තිබුණු "විශාලතම නෞකා" වර්ගීකරණය යටතට අයත් වුණු නෞකාවක්.
1914 අවුරුද්ද වෙනකොට පළවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා. මේ යුද්ධය ගොඩබිමට වගේම මහා මුහුදටත් එක විදිහටම බලපාන්න ගන්නවා. මේ කාලයේ මිත්‍ර පාක්ෂික හමුදාවලට ලොකුම හිසරදයක් වෙලා තිබුණු දෙයක් තමයි ජර්මානුවන්ගේ U-Boat. U-Boat කියන්නෙ Underseeboot / Under Sea Boat කියන අර්ථයෙන් සබ්මැරීන හදුන්වන්න පාවිච්චි වුණු වචනයක්.
මේ කාලයේදී මිත්‍ර පාක්ෂික රටවල්වල මුහුදු මාර්ග වැටිලා තියෙන රේඛාවල, ජර්මානු සබ්මැරීන රදවලා තිබුණා. එයාලා යුධ නැව්වලට වගේම, අහිංසක මිනිස්සු ගියපු වෙළද සහ මගී නැව්වලට ප්‍රහාර එල්ල කරන්නත් දෙපාරක් හිතුවෙ නෑ. බ්‍රිතාන්‍යය වටේ තියෙන මුහුදු මාර්ග හිටං අල්ලගෙන හිටපු ජර්මානු සබ්මැරීන, කිසිම පූර්ව දැනුම්දීමක් නැතුව තමයි සතුරු නෞකාවලට ප්‍රහාර එල්ල කළේ. මේ නිසාම ගොඩක් රටවල්වල මුහුදු මාර්ග සති, මාස ගණන් අවහිරවෙලා තිබුණා. ඒක ලෝක ආර්ථිකයටත් බලපෑවා. ජර්මානුවන් ක්‍රියාත්මක කරපු යුධ නොවන නෞකාවලට පහරදීමේ ප්‍රතිපත්තිය නිසා ලුසිටානියා වගේ විශාල මගී ප්‍රවාහන නෞකාවලට ලොකු රතු එළියක් දැල්වුණා. 1915 අවුරුද්ද වෙනකොට මේ තත්වය තවත් වැඩි වුණා.
මේ කාලය වෙනකොට සමහරක් මහා පරිමාණයේ මගී ප්‍රවාහන නෞකාවල සේවය තාවකාලිකව නතර වුණා. සමහරක් මගී නෞකා, යුධ නෞකා විදිහට අරගත්තා. සමහරක් මගී නෞකා, රෝහල් නෞකා විදිහට අරගත්තා. ලුසිටානියා නෞකාව ජර්මානුවන්ගේ ඉලක්කයක් වෙලා කියලා මේ කාලයේ කතාවක් පැතිරෙන්න ගත්තා. මේ නිසාම හදුනා ගැනීමේ අපහසුවට, ලුසිටානියා නෞකාවේ ආලේප කරලා තිබ්බ වර්ණයන් පවා වෙනස් කරන්න සිද්ධ වෙනවා.

1915 අවුරුද්දෙ අප්‍රේල් 24 වෙනිදා බ්‍රිතාන්‍යයේ ඉදලා ඇමරිකාවට ආපු ලුසිටානියා නෞකාවේ ගමන යෙදිලා තිබුණේ 1915 අවුරුද්දෙ මැයි 01 ඇමරිකාවෙ ඉදලා බ්රිතාන්යයටයි. තවත් විස්තර කරලා කිව්වොත් ඇමරිකාවේ නිව්යෝක් වරායෙ ඉදලා, බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් වරායටයි. මේ කාලයේදී ජර්මානු තානාපති කාර්යාලයෙන් රතු නිවේදනයක් නිකුත් කළා. ඒ නිවේදනයේ තිබ්බෙ ලුසිටානියා නෞකාව ජර්මානු ප්‍රහාරයකට ලක්වීමේ දැඩි අවධානමක් තියෙනවා කියලයි. මේ නිවේදනය ඇමරිකාව පුරා ව්‍යාප්ත කරන්න අවශ්‍ය නිසා, පුවත්පත්වල ලුසිටානියා නෞකාවේ ගමන ගැන මුද්‍රණය කරලා තියෙන දැන්වීම, යටින්ම මේ රතු නිවේදනයත් මුද්‍රණය කළා. ගොඩක් අය මේ අවධානම නිසා නෞකාවේ ගමන් කරන එකෙන් වැළකුනා. ඒත් ආරක්ෂාව ගැන විශ්වාසය තියෙන ගොඩක් අය, මේ ගමනට එකතු වුණා. ඒ අතරේ අවුරුදු 3කට කලින් වුණු ටයිටැනික් ඛේදවාචකයෙන් බේරුණු කිහිප දෙනෙකුත් හිටියා.
මේ කාලයේ ලුසිටානියා නෞකාවේ කැප්ටන්වරයා වුණෙ බොහොම පල පුරුදු සහ අත්දැකීම් සහිත කැප්ටන්වරයෙක්. ඒ තමයි විලියම් තෝමස් ටර්නර්. මේ ගමනේදී නෞකාවේ කැප්ටන්වරයා විදිහට නම් කරලා තිබුණේ ඩැනියල් ඩෝව් කියන කැප්ටන්වරයා වුණත්, හිටිහැටියෙම ඩැනියල් අසනීප වෙනවා. ඒ ජර්මානු සබ්මැරීන ගැන ඇතිවුණු මානසික ආතතියක් නිසා කියලා තමයි කියවෙන්නෙ. ඒ නිසා තමයි විලියම් තෝමස් ටර්නර්ට මේ කර්තව්‍ය භාර කරන්නෙ. ඩැනියල් ඩෝව් කැප්ටන්වරයාට කලින්, ලුසිටානියාවේ කැප්ටන්වරයා වුණෙත් විලියම් තෝමස් ටර්නර්ම තමයි.
මේ අවදානම නිසා, බ්‍රිතාන්‍යයේ නාවික බල මූලස්ථානයෙන් කැප්ටන්වරයාට උපදෙස් ලැබිලා තිබුණා, ආරක්ෂාකාරී විදිහට ගමන් කරන්න කියලා. සමහරක් මුහුදු රේඛාවලදී Zig Zag ක්‍රමයට (ඉංග්‍රීසි හෝඩියේ Z අකුරේ හැඩයට) ගමන් කරන්න කියලත් උපදෙස් දීලා තිබුණා. එතකොට සබ්මැරීනවලට ඉලක්කය ගන්න අමාරුයි. ඒ වගේම බ්‍රිතාන්‍ය කොඩිය නෞකාවෙන් ගලවන්න කියලත් නියෝග ලැබිලා තිබුණා. කොහොමින් කොහොම හරි ලුසියානියා නෞකාව ඇමරිකාවෙ ඉදලා බ්‍රිතාන්‍ය නොහොත් තමන්ගේ මව් රට බලා යන්න පටන් ගත්තා. මේ තමයි ලුසිටානියා නෞකාවේ 202 වෙනි ගමන් වාරය. ඒත් මේ කවුරුත් හිතුවෙ නෑ, ඒ තමයි ලුසිටානියාගේ අවසන් ගමන කියලා.
මේ ගමනේදී බ්‍රිතාන්‍ය නාවික හමුදාවෙන් ලුසිටානියා නෞකාවට ආරක්ෂාව සපයන්න තීරණය කළා. ඒ වෙනුවෙන් ප්‍රහාරක නෞකා දෙකක් ඉදිරිපත් වුණා. ඒත් ලුසිටානියා නෞකාවේ ගමන්මග ගැන ප්‍රසිද්ධ වුණොත්, ඒක නෞකාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන නිසා, ලුසිටානියා නෞකාවේ කලින් කැප්ටන්වරයා වුණු ඩැනියෙල් ඩෝව් ඒ සේවාව ප්‍රතික්ෂේප කරලා තිබුණා.

දවස් හතකට පස්සෙ ටිකෙන් ටික ලුසිටානියා නෞකාව බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් වරාය ළගට ළං වෙමින් හිටියා. මේ දවස් ගණන අතරතුරේම නෞකාවේ ගමන් කරපු මගීන්ගේ හිත්වල බයක් තිබුණේ නැතුවා නෙවේ. නෞකාවේ කැප්ටන්වරයත්, ඔහුගේ නිළධාරී සහ කාර්යය මණ්ඩලයත් ගමන පුරාවටම හොද අවධානයකින් තමයි හිටියේ. මුහුද පුරාවටම හොද නිරීක්ෂණයක් කරන ගමන්, බ්‍රිතාන්‍යයේ නාවික බල මූලස්ථානයෙන් විටින් විට එවන දැනුවත් කිරීම් ගැන අවධානය යොමු කරන්නත්, උපදෙස් පිළිපදින්නත් ඒ අය කටයුතු කළා.
නෞකාවේ වතුර කාන්දුවීමේ දොරවල් සීල් තියන්නත්, නිරීක්ෂක නිළධාරීන්ගේ ගණන වැඩි කරන්නත්, රාත්‍රී කාලයේදී නෞකාවේ විදුලි බුබුළු විශාල ප්‍රමාණයක් ක්‍රියා විරහිත කරන්නත්, ජීවිතාරක්ෂක බෝට්ටුවල අසුරන ඉවත් කරලා ඒවා ලෑස්ති පිට තබන්නත් කැප්ටන්වරයා නියෝග කරනවා.
මැයි 7 වෙනිදා දවල් 2.10 විතර වෙනකොට ලුසිටානියා නෞකාව තිබුණෙ අයර්ලන්තයේ කින්සෙල් ප්‍රදේශය පහු කරමින්. මේ වෙලාවේ ඝන මීදුමක් ප්‍රදේශය පුරාවටම තිබුණා. ඒ නිසා Zig Zag ක්‍රමයට යෑම අපහසු බව තේරුම් ගත්ත කැප්ටන්වරයා, නෞකාවේ වේගය අඩු කරලා, සරල රේඛාවක් විදිහට යන්න තීරණය කරනවා.

මේ වෙලාව වෙනකොට බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් වරාය සහ ලුසිටානියා නෞකාවේ ගමන් මාර්ගය අතරට ජර්මානු සබ්මැරීනයක් ඇවිල්ලයි තිබුණෙ. මේ සබ්මැරීනයේ අණ දෙන්නා වුණේ කපිතාන් "වෝල්දර් ස්ක්වීගර්". මුළු ලෝකය පුරාම සබ්මැරීන් භීතිකාව පතුරවන්න, මේ කැප්ටන්වරයාගෙන් ලැබුනු දායකත්වය සුළු පටු නෑ. මේ අයත් මුල ඉදලම ලුසිටානියා නෞකාව ගැන අධ්‍යනය කරමින් තමයි හිටියෙ. ඉතින් සබ්මැරීනය නවත්තගෙන ලුසිටානියා නෞකාව ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා.
සෑහෙන වෙලාවක් බලාගෙන හිටියත්, ලුසිටානියා ගැන කිසිම දර්ශනයක් මෙයාලට ලැබුණෙ නෑ. ඒකට හේතුව වුණේ ඒ වෙලාවෙ තිබුණු ඝන මීදුම් තත්වය නිසයි. මේ වෙනකොට සබ්මැරීනයේ ටෝර්පීඩෝ ප්‍රමාණය තුනකට සීමාවෙලා තිබුණා. ඉන්ධනත් අඩුවෙමින් තිබුණා. ලුසිටානියා නෞකාව ගැන තිබ්බ බලාපොරොත්තු අතාරින්න ඔන්න මෙන්න තියෙද්දි, මෙයාලට ලුසිටානියා නෞකාව දර්ශනය වුණා.

හදුනා ගැනීමේ අපහසුවට ලුසිටානියාවේ වර්ණය වෙනස් කරලා තිබුණත්, සබ්මැරීනයේ හිටපු අය නම් ඇහි පිය ගහන වේගයට නෞකාව අදුර ගත්තා. මොකද පාට වෙනස් කළාට, නෞකාවේ ආකෘතිය වෙනස් වෙන්නෙ නැති නිසා. අනිත් අතට නෞකාවේ නම, නෞකාවේ හොදට ප්‍රදර්ශනය කරලා තිබුණා. මීදුම නිසා ලුසිටානියා නෞකාවේ කැප්ටන්වරයාගේ අණ මත නෞකාවේ වේගය අඩු කරලා තිබීමත්, සරල රේඛාවක් ඔස්සෙ යමින් තිබීමත් නිසා, ජර්මානුවන්ට ලුසිටානියාව පහසු ඉලක්කයක් වෙනවා. Zig Zag ක්‍රමය ඔස්සේ වැඩි වේගයකින් ගියා නම්, ලුසිටානියා ප්‍රහාරය අසාර්ථක වෙනවා කියලා තමයි මේ අය ගණන් බලලා තිබ්බෙ.
ඒ වෙලාවෙම ක්‍රියාත්මක වුණු "වෝල්දර් ස්ක්වීගර්", ටෝර්පීඩෝ ඇතුළු කරලා ලෑස්ති වෙන්න කියලා සබ්මැරීනයේ අනිත් අයට නියෝග කරනවා. සබ්මැරීනයේ ටෝර්පීඩෝ ලෑස්ති කළායින් පස්සෙ, හැමෝම බලාගෙන හිටියා කපිතාන්වරයාගේ ඊළග නියෝගය එනකන්. කපිතාන්වරයත් අණ නිකුත් කරන්න සුදුසු වෙලාව එනකන් බලාගෙන හිටියා. ඊට පස්සෙ "දියත් කරන්න" කියලා අණ දුන්නා. මේ වෙලාවේ සබ්මැරීනයේ ටෝර්පිඩෝ කාමරයේ පණිවිඩකරු විදිහට හිටියේ "චාර්ල්ස් වෝගල්" කියලා නිළධාරියෙක්. මෙයා ටෝර්පිඩෝ කාමරයට පණිවිඩය දුන්නෙ නෑ. කපිතාන්වරයා නැවතත් "දියත් කරන්න" කියලා අණ කළත්, මේ නිළධාරියා පණිවිඩය යවන්නෙ නැතුව ඉන්න තීරණය කළා. ඒ වෙලාවෙදි කපිතාන්වරයා සහ "චාර්ල්ස් වෝගල්" අතරේ විවාදයක් හට ගන්නවා. "චාර්ල්ස් වෝගල්"ගේ මතය වුණේ ලුසිටානියා නෞකාවට ප්‍රහාරයක් එල්ල කරන එක සුදුසු නෑ කියලා. ඒකට හේතු විදිහට "චාර්ල්ස් වෝගල්" කිව්වෙ, ලුසිටානියා කියන්නෙ යුධ නෞකාවක් නොවන නිසාත්, ඒකේ ගමන් කරන්නේ සාමාන්‍ය අහිංසක මිනිස්සු නිසාත් තමන් මේ තීරණය ගත්තා කියලයි.

මේක අහන කපිතාන්වරයාට ගොඩක් කේන්ති යනවා. චාර්ල්ස්ගෙන් පණිවිඩ යන්ත්‍රය උදුර ගන්න කපිතාන්, ටෝර්පීඩෝ කාමරයට පණිවිඩය නිකුත් කරනවා. ඒත් එක්කම එක ටෝර්පීඩෝවක් නිකුත් කරනවා. මේ ටෝර්පීඩෝව වේගයෙන් ගිහින් ලුසිටානියා නෞකාවේ මැද්දට වැදිලා පුපුරනවා. ඒත් එක්කම වගේ එතනින්ම තවත් විශාල පිපුරුමක් වෙනවා. ඒත් එක්කම නෞකාව මුහුදු බත්වීම ආරම්භ වෙනවා.
මේ පිපිරීමෙන් නෞකාවේ හිටපු මගීන් කලබල වෙලා එහාට මෙහාට දුවන්න ගත්තා. විලියම් ටර්නර් කැප්ටන්වරයා මුලදී කොහොම හරි නෞකාව බ්‍රිතාන්‍යයටම ඇදගෙන යන්න හිතුවත්, ප්‍රහාරයේ හානිය නිසා ඒක ක්‍රියාත්මක කරන්න වුණේ නෑ. කැප්ටන්වරයා තමන්ගේ කාර්යය සහ නිළධාරී මණ්ඩලයට දැනුම් දුන්නා, නැව ඉක්මනටම හිස් කරන්න කියලා. ඒත් නෞකාව හිතුවටත් වඩා වේගයෙන් මුහුද යටට යන්න ගත්තා. මේ වෙනකොට නෞකාවේ ජීවිතාරක්ෂක බෝට්ටු 50ක් විතර තිබිලා තියෙනවා. ඒත් ඒ බෝට්ටුවලින් හරියටම යවාගන්න පුලුවන් වුණේ 6ක් වගේ සංඛ්‍යාවක්.
ටෝර්පිඩෝව වැදිලා විනාඩි 15ත් - 20ත් අතරේ සුළු කාලයකදී, නෞකාව සම්පූර්ණයෙන්ම මුහුද යටට ගියා. නෞකාවේ හිටපු අයට හැරෙන්නවත් වෙලාවක් තිබුණෙ නෑ. පළවෙනි ජීවිතාරක්ෂක බෝට්ටුව දියත් කරනකොට, ලුසිටානියා නෞකාව සම්පූර්ණයෙන්ම මුහුදු වතුරෙන් වැහෙන්න ඉතුරුවෙලා තිබිලා තියෙන්නෙ විනාඩි 8ක් වගේ සුළුම සුළු කාලයක්. නෞකාව ගිලෙන වෙලාවෙ, නෞකාවේ තිබ්බ ඔක්කොම ජනේල විවෘත කරලා තමයි තිබිලා තියෙන්නෙ. මේකත් ඒ වේගයට හේතුවක් වුණාලු. ප්‍රහාරය එල්ල වුණු හැටියෙම නෞකාවේ එන්ජින් කාමර වතුරෙන් යට වුණා කියලත්, විදුලිය සහ පණිවිඩ හුවමාරු යන්ත්‍ර විසන්දි වුණා කියලත් ලොග් පොත්වල සටහන් කරලා තියෙනවා. අයර්ලන්තයෙන් ආපු නෞකාවකින් තමයි ජීවිතාරක්ෂක බෝට්ටුවල හිටපු අය සහ මුහුදේ පාවෙමින් හිටපු අයව බේරගෙන තියෙන්නෙ.
එකම එක ටෝර්පීඩෝ ප්‍රහාරයක් දියත් කළත්, නෞකාවෙන් පිපිරීම් ශබ්ද දෙකක් ඇහුනා. ඒ වගේම මේ වගේ විශාල නෞකාවක්, එකම එක ටෝර්පීඩෝවකින් විනාශ කරන්න පුලුවන් වුණා. මේ ගැන සබ්මැරීනයේ හිටපු අය ගොඩක් පුදුම වුණා. ඊට පස්සෙ තමන්ගේ ජයග්‍රහණය සමරන ගමන්, මේ සබ්මැරීනය ආපහු ජර්මනියට පිටත් වෙනවා.

මේ ප්‍රහාරය නිසා ලුසිටානියා නෞකාවේ ගමන් කරපු 2000කට ආසන්න මගී සහ කාර්යය මණ්ඩලයේ අයගෙන් 1195ක් ජීවිතක්ෂයට පත්වුණා. 764ක් වගේ සුළු පිරිසකට බේරෙන්න වාසනාව තිබුණා.
ජීවිතක්ෂයට පත් වුණු අයගෙන් ලෝකය වෙනස් කළ හැකි මට්ටමේ හිටපු අයගේ සංඛ්‍යාව 50කට ආසන්නයි. ඒ අතරේ අතිදක්ෂ සංගීතඥයන්, රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්, ක්‍රීඩකයො, ව්‍යවසායකයො, ව්‍යාපාරිකයො, ලේඛකයො, හමුදා නිළධාරීන්, වෛද්‍යවරු, දාර්ශනිකයො, විලාසිතා නිර්මාණ ශිල්පීන්, පූජකයො, ඉංජිනේරුවො, මහාචාර්යවරු, විද්‍යාඥයො, මිලියනපතියො, නාට්‍යකරුවො එහෙමත් ගොඩක් ඉන්නවා.

සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙනවා නැවක් මුහුදු බත් වෙනකොට, නැවේ කැප්ටන්වරයත් නැවත් එක්කම ගිලෙන්න ඕන කියලා. මේ පිළිගැනීම ගොඩක්ම කරලියට ආවේ 1912දි වුණු ටයිටැනික් ඛේදවාචකයේදී ජෝන් ස්මිත් කැප්ටන්වරයා, නිර්භයව ගිලෙමින් තිබුණු ටයිටැනික් නෞකාවේම අවසන් ගමන්යෑම නිසයි. ඒකෙන් අදහස් වෙන්නෙ නැව ගිලෙනකන්ම, මගීන්ව නැවෙන් ඉවත් කරන වගකීම, කැප්ටන්වරයා ඉෂ්ඨ කරන්න ඕන කියන එකයි.
ඉතින් ලුසිටානියා නෞකාවේ කැප්ටන්වරයා වුණු විලියම් තෝමස් ටර්නත් ලුසිටානියා නෞකාව ගිලෙනකන්ම, නතරවෙලා මගීන්ව නෞකාවෙන් පිට කිරීමේ වැඩවලම හිටියා. ලුසිටානියා නෞකාවේ අවසාන වතාවට රැදිලා හිටපු පණ තියෙන කෙනා වුණේ විලියම් තෝමස් ටර්නයි. නෞකාව ගිලෙනකොට, නෞකාවේ කොඩි කණුව අල්ලගෙන හිටපු නිසා කැප්ටන්වරයාට ජීවත් වෙන්න වාසනාව තිබුණා. ඊට පස්සෙ කොඩි කණුවත් බදාගෙන පැය ගාණක් මුහුදෙ පාවෙවී හිටපු කැප්ටන්වරයව බේර ගන්න පුලුවන් වෙනවා. හැබැයි කැප්ටන්වරයාව බේරගන්න වෙලාවෙදි, එයාට සිහිය තිබිලා නෑ.

ලුසිටානියා නෞකාවේ මිය ගියපු මගීන් සහ තමන්ගේ කාර්යය මණ්ඩලයේ අය නිසා කැප්ටන්වරයා ගොඩක් කම්පා වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ සහායකයා වුණු කැප්ටන් ඇන්ඩර්සන්ගේ මරණය නිසා. ලුසිටානියා නෞකාව සම්පූර්ණයෙන්ම මුහුදු බත් වෙනකන් නෞකාවේ රැදී හිටියත්, තාමත් ජීවත්වෙලා ඉන්න නිසා හුග දෙනෙක් හිතුවේ කැප්ටන්වරයා බේරිලා පැනලා ඇවිල්ලා කියලයි. කොහොමින් කොහොම හරි දවස් කිහිපයකට පස්සෙ බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයෙන් කැප්ටන්වරයාට විරුද්ධව නඩු පැවරුවා. පසු කාලයක බ්‍රිතාන්‍යයේ අගමැති වුණු වින්ස්ටන්ට් චර්චිල් හිටන් මේ නඩුව අධීක්ෂණය කරලා තියෙනවා. බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයෙන් නඩුවට ඉදිරිපත් කරන්නෙ අතිදක්ෂම නීතිඥවරු දෙන්නෙක්. මේ දෙන්නා නිසා කැප්ටන්වරයා ගොඩක් අසරණ වෙනවා. ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේදී මූලස්ථානයෙන් දන්වලා තිබුණු වේගයට වඩා අඩු වේගයකින් යෑම නිසා මේ අනතුර වුණා කියන එක තමයි, කැප්ටන්වරයාට විරුද්ධව තිබ්බ චෝදනාව. මූලස්ථානයේ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් කැප්ටන්වරයා හේතු දැක්වුවේ, ඒ වෙලාවෙ තිබුණු අධික මීදුම් සහිත තත්වය නිසා වේගය අඩු කළා කියලයි.
නාවික බල මූලස්ථානයෙන් එල්ල වෙන වචන ප්‍රහාර නිසා නැව් සමාගම හිටන් අසරණ වුණා. මේ නිසාම ලුසිටානියා නෞකාවේ ඉතුරු වුණ කාර්යය මණ්ඩලයේ අයට, නැව් සමාගමෙන් දුන්න උපදෙස් නිසා එක එක වෙලාවට, එක එක විදිහේ උත්තර දෙන්න වුණා. ඒ නිසා කාර්යය මණ්ඩලයේ ප්‍රකාශ එකක්වත්, එකට එක ගැලපෙන්නෙ නැතුව ගියා. නාවික බල මූලස්ථානයට ලොකූ ඕනෑකමක් තිබුණා මේ සිද්ධියේ වරද සම්පූර්ණයෙන්ම කැප්ටන්වරයාටම පටවන්න. නඩු විභාගය අතරතුර විනිශ්චකාරවරුන් හිටිහැටියෙම වෙනස් කෙරෙනවා. මේ නිසාම කවුරුත් නොදන්න බලවත් අදෘෂ්‍යමාන බලවේගයක්, මේ නඩුවට මැදිහත්වෙලා ඉන්න බවක් නැව් සමාගමට දැනෙනවා. මේ නඩුව සම්පූර්ණයෙන්ම බලය මත මෙහෙයවෙනවා කියලා සැක හිතෙනවා. ලුසිටානියා නෞකාවේ දෙවෙනි සහ තුන්වන නිළධාරීවරු දෙන්නම මේ ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්වුණු එක, කැප්ටන් ටර්නර්ට ලොකුම ලොකු අවාසියක් වෙනවා.
මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ මාධ්‍යවලිනුත් මේ සිද්ධිය ගැන ලොකූ ඉඩකඩක් වෙන් කළා. ඒත් නඩු විභාගයේදී ප්‍රකාශවෙන කරුණු, මාධ්‍යයටවත් දෙන්න සුදුසු මට්ටමක තිබුණෙ නෑ. පස්සෙ බැරිම තැන මේ නඩු විභාගය අවසන් කරන්න විනිශ්චකාරවරයා වුණු ලෝර්ඩ් මර්සේ තීරණය කරනවා. ඔහුගේ අවසාන විනිශ්චය වුණේ "ලුසිටානියා ඛේදවාචකයේ සියලු වගකීම, ලුසිටානියා නෞකාව විනාශ කිරීමට කුමන්ත්‍රණය කළ සියලු දෙනාම භාර ගත යුතුයි" කියන එකයි. මේ නඩුවෙන් හරිහමං වැරදිකරුවෙක් ගැන ප්‍රකාශ වුණේ නෑ. නඩුව ඉවර වෙනවත් එක්කම, විනිශ්චකාර ධූරයෙන් විශ්‍රාම යන්න ඔහු පියවර ගන්නවා. "ලුසිටානියා නඩුව කියන්නෙ ජරාම ජරා නඩුවක්. මේකෙ සම්පූර්ණ වාර්තාව එළියට නිකුත් කරන්නවත් මම කැමති නෑ". ඒ තමයි මේ නඩුව ගැන ඔහු කියපු අවසාන වචන ටික. ලෝර්ඩ් මර්සේ ගැන අමතර යමක් කියනවා නම්, අවුරුදු 3කට කලින් සිදු කරපු ටයිටැනික් නඩු විභාගයේ විනිශ්චකාරවරයා වුණෙත් එයාම තමයි.

ලුසිටානියා කැප්ටන්වරයට විරුද්ධව සිද්ධ වුණු නඩු විභාගය එහෙම වෙද්දි, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය අතරෙත් මත භේද හට ගත්තා. ජර්මනිය යුධ නීති උල්ලංඝණය කළා කියලා තමයි, බිතාන්යයෙන් ජර්මනියට එල්ල කෙරුණු චෝදනාව. මොකද සිවිල් ජනතාවට හානි කරන එක, යුධ නීතියට අනුව තහනම්. ලුසිටානියා කියන්නෙ අහිංසක සිවිල් වැසියන්ව ප්‍රවාහනය කරපු නෞකාවක් මිස යුධ නෞකාවක් නෙවේ. ඒත් ජර්මනිය ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍යයෙන් යුධ නීති උල්ලංඝණය කළා කියලයි.
ජර්මානු රජයේ මතය වුණේ ලුසිටානියා නැවේ මගීන් ප්‍රවාහනය කරන මුවාවෙන් හොර රහසේ අවි ආයුධ, රසායනික ද්‍රව්‍ය, පතොරම් සහ වෙඩි බෙහෙත් ටොන් 1000ක් විතර ප්‍රවාහනය කළා කියන මතයයි. ඒත් මේ ප්‍රකාශය බ්‍රිතාන්‍යය රජයෙන් වගේම නෞකාව අයිති Cunard Line සමාගමෙනුත් තරයේ ප්‍රතික්ෂේප කළා. ඒත් ජර්මානු රජය පිට පිටම ප්‍රකාශ කළේ, අනිවාර්යෙන්ම ටොන් ගණනාවක් ආයුධ සහ වෙඩි බෙහෙත් ලුසිටානියා නැවෙන් ප්‍රවාහනය කළා කියලයි. ඒ නිසා ලුසිටානියා නෞකාව සාමාන්‍ය මගී නෞකාවක් විදිහට අරගන්න බැහැ කියලත්, ආයුධ සහ වෙඩි බෙහෙත් මහා පරිමාණයෙන් ප්‍රවාහනය කිරීම හරහා යුද්ධයට ආධාර කිරීමක් සිද්ධ වෙනවා කියලත්, ඒ නිසාම ලුසිටානියා යුධ නෞකාවක් කියලත්, ලුසිටානියා ගිල්ලවීම යුධ අපරාධයක් වෙන්නෙ නැහැ කියලයි.
අපි කලින් සදහන් කළා ලුසිටානියා කියන්නෙ මහා පරිමාණයේ නෞකාවක් වුණත්, ලුසිටානියා නෞකාව සම්පූර්ණයෙන්ම මුහුදු බත් වෙන්න ගත වුණේ විනාඩි 20යි කියලා. ඒ එකම එක ටෝර්පීඩෝ ප්‍රහාරයකින්. බැරි වෙලාවත් බ්‍රිතාන්‍යය ආසන්නයේදී ප්‍රහාරයක් එල්ල වුණොත්, ලුසිටානියා නෞකාව බ්‍රිතාන්‍යය වෙනකන්ම නොනවත්වාම අරගෙන එන්න තමයි ලුසිටානියා කාර්යය මණ්ඩලය ලෑස්තිවෙලා ඉදලා තියෙන්නෙ. ඒත් ඒ හැමෝගෙම බලාපොරොත්තු කඩ කරමින්, විනාඩි 20ක් ඇතුළත මේ නෞකාව ගිලුණා. ලුසිටානියා කාර්යය මණ්ඩලයේ ගණන් බැලීම මෙතනදී නිවැරදි වුණේ නෑ. අනිත් අතට ජර්මානු සබ්මැරීනයේ හිටපු කාර්යය මණ්ඩලයේ ගණන් බැලීමට අනුව, එක ටෝර්පීඩෝවකින් සම්පූර්ණ නෞකාවම ගිල්ලවන්න බැරි වෙයි කියලා නිගමනය කරලා තිබුණා. ඒත් එයාලගෙ ගණන් බැලීමත් වැරදිලා තියෙනවා. එකම එක ටෝර්පීඩෝවකින්, සද්ධන්ත නෞකාවක් ගිල්ලවන්න පුලුවන් වුණා.
ඒ නිසා ජර්මානු රජය කිව්වෙ ලුසිටානියාව මහා පරිමාණයේ නෞකාවක් වුණත්, එක ටෝර්පීඩෝ ප්‍රහාරයක් නිසා විනාඩි 20ක් වගේ සුළු කාලයකින් මුහුදු බත් වුණේ, ඒ නෞකාවේ ආයුධ සහ වෙඩි බෙහෙත් ගබඩා කරලා තිබුණු නිසා කියලයි. ටෝර්පීඩෝ ප්රහාරයටත් වඩා, ටෝර්පීඩෝ ප්‍රහාරයෙන් පිපුරුණු වෙඩි බෙහෙත් සහ ආයුධවල බලපෑමෙන් නෞකාව ගිලෙන වේගය ඉක්මන් වුණා කියලයි. ඒත් කලින් කිව්වා වගේම බ්‍රිතාන්‍ය මේ ප්‍රකාශ අනුමත කළේ නෑ. බ්‍රිතාන්‍ය රජය ජර්මනියට ප්‍රකාශ කළේ සබ්මැරීනයෙන් ටෝර්පිඩෝ දෙකක් නෞකාවට එල්ල කරලා තිබුණා, ඒ නිසා නෞකාව ඉක්මනටම ගිලුණා කියලයි.
ලුසිටානියා ඛේදවාචකයෙන් බේරුණු හුග දෙනෙක් ප්‍රකාශ කරලා තිබිලා තියෙනවා පිපිරීම් දෙකක් වුණා කියලා. බ්‍රිතාන්‍ය රජයෙන් ප්‍රකාශ කළේ ඒ සබ්මැරීනයෙන් එවපු ටෝර්පීඩෝ දෙකක් නිසා හට ගත්ත පිපිරීම් දෙකක් කියලයි. ඒත් ජර්මානු රජයෙන් කිව්වෙ පළවෙනි පිපිරීම ටෝර්පීඩෝව නිසා වුණා කියලත්, දෙවෙනි පිපිරීම නෞකාවේ හොර රහසේ ප්‍රවාහනය කරපු වෙඩි බෙහෙත් නිසා වුණා කියලයි.
හැබැයි 2006, 2007, 2008 අවුරුදුවල ලුසිටානියා නෞකාවේ සුන්බුන් ආශ්‍රිතව කරපු ගවේෂණවලදී කිමිදුම්කරුවන්ට පුලුවන් වෙනවා, නෞකාවේ තිබිලා කැලිබර් වර්ගයේ පතොරම් 20 000කටත් වඩා වැඩි ප්‍රමාණයක් හොයාගන්න. මේ අය ඇස්තමේන්තු කරපු විදිහට ඒ ජාතියේ පතොරම්, මිලියන හතරක්වත් නෞකාවේ ප්‍රවාහනය කරලා තියෙනවා. ගොඩක්ම සිත් ගන්නා සුළු දේ ඒක නෙවේ. මේ කිමිදුම්කරුවො මේ පතොරම් හොයාගෙන තියෙන්නෙ, ලුසිටානියා නෞකාවේ ගබඩා කාමරවල තිබිලා නෙවේ. ගබඩා කාමර විදිහට භාවිතා නොවන, වෙනමම ආකාරයක රහසිගත කොටසක තිබිලයි.

හැබැයි අදටත් ලුසිටානියා ඛේදවාචකය නොවිසදුනු අභිරහසක්. ඒකට ප්‍රධානතම හේතුව විදිහට සැළකෙන්නෙ බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයේ සැක කටයුතු ක්‍රියා කලාපයයි. මේ කාලය වෙනකොට පළමු ලෝක යුද්ධය පටන්ගෙන අවුරුද්දයි. හැබැයි තවමත් ඇමරිකාව, ලෝක යුද්ධයට අවතීර්ණවෙලා තිබුණෙ නෑ. හැබැයි ඇමරිකාව යුද්ධයට අවතීර්ණ වුණොත්, මිත්‍ර හමුදාවට යුද්ධය පහසුවෙන්ම දිනන්න පුලුවන් තත්වයක් උදා වෙයි කියලා බ්‍රිතාන්‍ය විශ්වාස කළා. දැනට පවතින මතය අනුව බ්‍රිතාන්‍ය මේකට හොදම තුරුම්පුව විදිහට දැක්කෙ ලුසිටානියා නැවයි. මොකද ලුසිටානියා කියන්නෙ යුධ නැවක් නෙවේ. සාමාන්‍ය මිනිස්සු ප්‍රවාහනය කරන නැවක්. ලුසිටානියා, අවසාන ගමනේදී මිනිස් ජීවිත 2000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබුණා. ලුසිටානියා නැව අනතුරකට ලක් වුණොත්, ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා කියන එක කාටත් වැටහෙන දෙයක්. ජර්මානු තානාපති කාර්යාලයෙන්, ලුසිටානියා නෞකාවට ප්‍රහාරයක් එල්ලවෙයි කියලා රතු නිවේදනයක් නිකුත් කරලා තිබුණා. අනිත් අතට බ්‍රිතාන්‍ය බුද්ධි අංශයෙනුත්, ලුසිටානියාවට ප්‍රහාරයක් එල්ල වෙන්න යනවා කියලා කලින්ම අනාවරණය කරගෙන තිබුණා.
ඉතින් ලුසිටානියාවට ප්‍රහාරයක් එල්ලවෙලා විනාශ වුණොත්, ඒ හරහා ලෝක යුද්ධයේදි මිත්‍ර හමුදාවට වාසිසහගත කරුණු දෙකක් ලැබෙනවා. එකක් තමයි ලෝකය පුරාම ඉන්න සාමාන්‍ය මිනිස්සු හරහාම, ජර්මනියට විරුද්ධව විශාල ජනතා බලවේගයක් ගොඩ නගන්නත්, ජර්මනිය අපකීර්තියට පත් කරන්නත් පුලුවන් වෙනවා. අනිත් කරුණ තමයි ඇමරිකාව උසිගන්වලා, ඇමරිකාවේ දායකත්වය වැඩි වශයෙන් යුද්ධයට ලබා ගන්න පුලුවන් වෙනවා. ඒ කාලයේ ඇමරිකානු හමුදාව, ප්රබලතම හමුදාවක්. ඒත් ඇමරිකාව පළවන ලෝක යුද්ධයට අවතීරණවෙලා නොතිබීම, ලෝක යුද්ධයේදී මිත්‍ර පාක්ෂික හමුදාවලට ලොකු අවාසියක්. මොකද ඇමරිකානු හමුදාවට ඒ වෙනකොටත් ලොකු මානව සහ භෞතික සම්පත් ප්‍රමාණයක් තිබුණා. ලුසිටානියා නෞකාවේ අවසන් ගමනේදී ඇමරිකානුවන් 200කටත් වැඩි ප්‍රමාණයක්, නෞකාවේ හිටියා. අනිත් අතට බ්‍රිතාන්‍ය කියන්නෙ ඒ කාලයේ ඇමරිකාවේ ප්රබලතම වෙළද හවුල්කරුවා. බ්‍රිතාන්‍යයට කරදරයක් වෙනකොට, ඒක ඇමරිකාවටත්, ඇමරිකාවේ ආර්ථිකයටත් සෘජුවම බලපානවා. ලුසිටානියා නැව ජර්මානුවන් ගිල්ලෙව්වොත්, ඒ සිද්ධිය බ්‍රිතාන්‍යයට එල්ල වුණු ප්‍රහාරයක් විදිහට නැතුව, ඇමරිකාවට එල්ල වුණු ප්‍රහාරයක් විදිහට ඇමරිකාව හිතන්න පුලුවන් කියලා බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානය හිතුවා. මේක බළලුන් ලවා කොස් ඇට බෑවීමක්.
ඒ වගේම ලුසිටානියාවේ අවසන් ගමනේ ගමන්මග යෙදිලා තිබුණෙ බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව අතර. ඒ නිසා ලුසිටානියාව ගැන සංවේදී බවක් ඇමරිකාවටත් අනිවාර්යෙන්ම තියෙනවා. මේ නිසා ආරම්භයේ ඉදලම බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයට ලුසිටානියා නෞකාව, ජර්මානු සබ්මැරීනයක් ලවා ගිල්ලවන්න ලොකු උවමනාවක් තිබුණා කියන එක තමයි අදට පවතින මතය. ඒ අයට අවශ්‍ය වෙලා තිබුණේ ජර්මානු තානාපති කාර්යාලයෙන් නිකුත් කරපු රතු නිවේදනය ඇත්තක් කරන්නයි. ලුසිටානියා නැවට ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් තිබෙද්දිත්, බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයෙන් ලුසිටානියා නැවේ සහායට ප්‍රහාරක යාත්‍රා නොයැවීම, මේ මතය තවත් බලවත් කරන්න පුලුවන්වෙලා තියෙනවා.
ඒ වගේම බ්‍රිතාන්‍යය නාවික බල මූලස්ථානය මුල ඉදලම ලුසිටානියා නෞකාවේ ගමන් මාර්ගය සහ ඒ අතර තියෙන ජර්මානු සබ්මැරීන්වල ගමන් මාර්ගයන්වල වෙනස්වීම් ගැන හොද නිරීක්ෂණයකින් හිටියත්, ඒ හැම තොරතුරක්ම ලුසිටානියා නැවේ කැප්ටන්වරයාට දන්වලා නෑ. කැප්ටන්වරයාට නාවික මූලස්ථානයෙන් ලැබිලා තියෙන නිවේදනවල අන්තර්ගතවෙලා තිබිලා තියෙන්නෙ බොහොම පුංචි දත්ත ටිකක්. උදාහරණයක් විදිහට ඒ නිවේදනවල ලුසිටානියා නැවේ ගමන් මාර්ගයේ මේ මේ ස්ථානවල ජර්මානු සබ්මැරීන දැකලා තියෙනවා කියලා සදහන් කරලා තිබුණත්, එහෙම දැක්කෙ කවද්ද සහ කීයටද කියලා සදහන් කරලා තිබිලා නෑ. නෞකාවේ වේගය අඩු කරන්න අවශ්‍ය අවස්ථාවලදි වේගය වැඩි කරන්න කියලත්, නෞකාවේ වේගය වැඩි කරන්න අවශ්‍ය අවස්ථාවලදි වේගය අඩු කරන්න කියලත්, නාවික බල මූලස්ථානයෙන් උපදෙස් දීලා තියෙනවා.
ලුසිටානියාවේ කැප්ටන්වරයාට විරුද්ධව කරපු නඩු විභාගයේදිත්, බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානය සමහරක් ලියකිවිලි සහ වාර්තා හිතාමතාම ඉදිරිපත් කරලා නෑ. ලුසිටානියා නෞකාවට අවසාන දවස් කිහිපයේදී යවපු නිවේදන වගේ වැදගත් වාර්තා උදාහරණ විදිහට නම් කරන්න පුලුවන්. ඒ වගේම අපි කලින් සදහන් කළා වගේම කැප්ටන්වරයාට විරුද්ධව ගොඩක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. අනිත් අතට ගොඩක් සැක කටයුතු විදිහටත් ක්‍රියා කරලා තියෙනවා. අන්තර්ජාලයේ සමහරක් තැනක තියෙනවා, බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයෙන් ලුසිටානියා නෞකාවට යවන රහස් පණිවිඩවල කේත, ජර්මානුවන් විසින් කැඩුවාය (හැක් කළා), ඒත් ඒ බව හොදටම දැන දැනත් ඒ කේතවලින්ම ලුසිටානියා නෞකාවට පණිවිඩ යැව්වාය කියලත්.

කොහොමින් කොහොම හරි මේ සිද්ධිය, බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයෙන් කරපු කුමන්ත්‍රණයක් වුණත් නොවුණත්, ලුසිටානියා ඛේදවාචකය පළවන ලෝක යුද්ධයේ ප්‍රධානතම සංධිස්ථානයක් විදිහටත්, ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය විදිහටත් පත් වුණා. අනිත් අතට මුල ඉදලම බලාපොරොත්තු වුණා වගේම, ඇමරිකානු රජයත් මේ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක්කා. මේ කාලය වෙනකොට ඇමරිකානු රජය, ජර්මනියට සුළු වශයෙන් විරුද්ධවෙලා තිබුණත්, ලුසිටානියා ප්‍රහාරයෙන් පස්සෙ ජර්මනියට විරුද්ධව දැඩි මතයක ඉන්න ගත්තා. මොකද ලුසිටානියා නෞකාවට ප්‍රහාරයක් එල්ල වුණේ යුරෝපීයන්ගේ යුද්ධයකදි වෙලත්, ඇමරිකානුවන් රැසකගේ ජීවිත අහිමි වුණා.
අපි කලින් මතක් කළා වගේම ඇමරිකාවේ හොදම වෙළද සහායකයා වුණේ බ්‍රිතාන්‍යයි. ඉතින් බ්‍රිතාන්‍යට බලපෑමක් වුණොත්, ඒක ඇමරිකානු ආර්ථිකයටත් බලපානවා. අනිත් අතට ලුසිටානියා ප්‍රහාරයත් එක්ක ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අතරේ සිද්ධවෙන ප්‍රවාහන කටයුතුවලදී විශාල අවධානමක් හට ගත්තා. ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යටත්, බ්‍රිතාන්‍යයෙන් ඇමරිකාවටත් කෙරෙන ප්‍රවාහන කටයුතුවලට, ඒ ගමන් මාර්ගයේ රදවලා තියෙන ජර්මානු සබ්මැරීන නිසා ලොකු බාධාවක් එල්ල වෙන්න ගත්තා. ලුසිටානියා නෞකාවට අමතරව ඇමරිකාවේ ඉදලා බ්‍රිතාන්‍යට යන වෙළද නැව් කිහිපයක්ම මේ සබ්මැරීනවලින් ගිල්ලෙව්වා. ලුසිටානියා ප්‍රහාරයෙන් පස්සෙ ඇමරිකානු රජයටත් ලොකු බලපෑමක් එන්න ගත්තා, ජර්මනියට විරුද්ධව යුද්ධමය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන්.
කොහොමින් කොහොම හරි ලුසිටානියා ප්‍රහාරයෙන් පස්සෙ එල්ල වුණු අවධානම සහ බලපෑම අස්සෙ ඇමරිකාවට බ්‍රිතාන්‍යයෙන් රහස් පණිවිඩයක් එනවා. ඒ පණිවිඩයේ තියෙන්නෙ තවමත් යුද්ධයට අවතීර්ණ වෙලා නැති ඇමරිකාවට, ජර්මනියෙන් කරන්න හදන රහස් කුමන්ත්‍රණයක් ගැනයි. මේ වෙනකොටත් ඇමරිකාවට, එයාලගෙම කියලා යුද්ධයක් තිබුණා. ඒ තමයි ඇමරිකාව සහ මෙක්සිකෝව අතරේ තිබුණු ගැටුම්. බ්‍රිතාන්‍යයෙන් එවපු පණිවිඩයට අනුව, ජර්මානුවන් මෙක්සිකෝවට හොර රහසේ අවි ආයුධ, පතොරම් සහ වෙඩි බෙහෙත්, මුදල් ආධාර ලබා දීලා තියෙනවා. ඒ වෙන මොකටවත් නෙවේ, ඇමරිකාවේ දේශසීමා අඩු කරලා දාන්න. මේකෙ ප්‍රතිඵලයක් විදිහට මිලියන දෙකකින් සමන්විත ඇමරිකානු යුධ, ගුවන් සහ නාවික හමුදාවන්, 1918 අවුරුද්දෙදි පළවන ලෝක යුද්ධයට අවතීර්ණ වෙනවා. ලුසිටානියා ඛේදවාචකයත්, ඇමරිකානු හමුදාව පළවන ලෝක යුද්ධයට අවතීර්ණ වෙන්න තදින්ම බලපාලා තියෙනවා.
ලුසිටානියා නෞකාවට ප්‍රහාරය එල්ල කරපු සබ්මැරීනයේ අණ දෙන්නා වුණු "වෝල්දර් ස්ක්වීගර්" ගැන අන්තර්ජාලයේ දෙවිදිහකට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. සමහරක් ලිපිවල තියෙනවා ජර්මානු රජයෙන් ඔහුට විරුද්ධව දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළා කියලා. සමහරක් ලිපිවල තියෙනවා ජර්මානු රජයෙන් ඔහුට ප්‍රශංසා කරලා ඔහුව යුධ වීරයෙක් විදිහට හදුන්වලා, උසස්වීමක් දුන්නා කියලත්. කොහොම හරි මුළු ලෝකයෙන්ම යුධ අපරාධකරුවෙක් විදිහට නම් කරපු "වෝල්දර් ස්ක්වීගර්" පළමු ලෝක යුද්ධය අතරතුරදී ජීවිතක්ෂයට පත්වෙනවා. ඒ සතුරු සබ්මැරිනයකින් බේරෙන්න අධික වේගයෙන් යනකොට, බ්‍රිතාන්‍යන් මුහුදෙ අටවපු බෝම්බයකට අහුවෙලා. ඒ වෙනකොටත් ඔහු මෙහෙයුම් 34කට සම්බන්ධවෙලා, විශාල ප්‍රමාණයේ නැව් 49ක් ගිල්වලා තිබුණා කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නෙ.
ලුසිටානියා නෞකාවට ටෝර්පීඩෝව යවන්න කියලා "වෝල්දර් ස්ක්වීගර්" අණ දුන්න වෙලාවෙ, ඒ අණට විරුද්ධ වුණු "චාර්ල්ස් වෝගල්"ව යුධ අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා. එතනදී චාර්ල්ස් දේශද්‍රෝහියෙක් විදිහට නම් කරලා, පළමු ලෝක යුද්ධය ඉවරවෙනකන්ම සිරගත කරලා තිබ්බා කියලා තමයි කියවෙන්නෙ.

ඉතින් ඕක තමයි ලුසිටානියා නැවේ කතාව. මේ ලිපියට අවශ්‍ය කරන කරුණු හොයා ගත්තෙ Wikipedia එකෙන් සහ Terror at Sea කෙටි චිත්‍රපටයෙන්. මේ කෙටි චිත්‍රපටයේ ලුසිටානියා නැව සම්බන්ධයෙන් අපි මේ ලිපියේ සදහන් කරපු හැම තොරතුරක්ම ලස්සනට රූපගත කරලා තියෙනවා. ජර්මානු සබ්මැරීන් ප්‍රහාරය, කැප්ටන් විලියම්ගේ නිර්දෝෂීකම, රාජකීය නෞකා බල මූලස්ථානයේ ක්‍රියාකලාපය, ඇමරිකාව උසි ගැන්වීමේ කුමණ්ත්‍රණය, නඩු විභාගය..... ඔය වගේ දේවල්. මේ චිත්‍රපටය එන්ගලන්තය සහ ජර්මනිය රටවල් දෙකම එකතුවෙලා නිර්මාණය කරපු චිත්‍රපටයක්. ධාවන කාලය ආසන්න වශයෙන් පැයයි විනාඩි 30ක් වෙනවා. ක්‍රිස්ටෝපර් පෙන්සර් කියන අධ්‍යක්ෂකවරයාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටය, 2007 අවුරුද්දෙ Discovery Channel සහ BBC හරහා එළිදැක්වුණා. ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වන ජෝන් හැනා තමයි, මේකෙ ප්‍රධාන නළුවා. ජෝන් හැනා රගපාන්නෙ, ලුසිටානියා නෞකාවේ ගමන් කරන මහාචාර්යවරයෙක්ගේ චරිතයකට. මේ මහාචාර්යවරයා වටා තමයි, මේ කතාව යන්නෙ. පහළින් තියෙන්නෙ ඒ චිත්‍රපටයයි. ඒකත් බලන්න කියලා ආරාධනාවක් කරන්න කැමතියි.
ඒ වගේම ඔයාලගෙ දැනුම වෙනුවෙන් තවත් අමතර දෙයක් ගැනත් සටහනක් ලියලම, ලිපිය අවසන් කරන්න හිතුනා. ඈත අතීතයේ ඉදලා, ලෝකයේ මේ දක්වා නිර්මාණයවෙලා තියෙන නෞකා වර්ග අතරින් අතිජනප්රියම නෞකා වර්ගය විදිහට, Four Funnel Liners වර්ගය හදුන්වන්න පුලුවන්. මේ වර්ගය නිර්මාණය වුණේ 1897 අවුරුද්දෙන් පස්සෙ. Four Funnel Liners කියලා හදුන්වන්නෙ, දුම් පයිප්ප හතරක් තියෙන නෞකාවලටයි. 1900 පහුවෙනවත් එක්කම, විශාල නෞකා නිර්මාණයේ ස්වර්ණමය යුගය උදා වෙනවා. මේ නිසා 1900න් පස්සෙ නිර්මාණය වුණු විශාල නෞකා අතරින් බහුතරයක් අයිති වුණේ, දුම් පයිප්ප හතරේ ඛාණ්ඩයටයි. ඊට අමතරව පයිප්ප හතරේ නැව් අතරින් මුල් පෙළේ ඉන්න නැව්වල භාහිර ආකෘතිය බැලූ බැල්මට එක හා සමානයි. ඒ නිසා ගොඩක් නැව්, බැලූ බැල්මට එක පාරින්ම අදුරගන්න අමාරුයි. මේ වර්ගයේ නෞකා අතරින් ජනප්‍රියම නෞකාව තමයි ටයිටැනික් නැව. ජනප්‍රියත්වය අතින් දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන හිමිකරගෙන ඉන්නෙ ඔලිම්පික් සහ බ්රිටෑනික් කියන නෞකා දෙකයි. හතරවන ස්ථානයේ ඉන්නෙ, අද අපේ ලිපියේ කථා නායිකාව, ලුසිටානියා නැවයි.
ටයිටැනික් නෞකාවේ පළවෙනි සැලසුමට අනුව ගත්තොත්, ටයිටැනික් කියන්නෙ Four Funnel Liners වර්ගයට අයිති නෞකාවක් නෙවේ. Three Funnel Liners නොහොත් දුම් පයිප්ප තුනේ වර්ගයට අයිති නෞකාවක්. ඒත් දුම් පයිප්ප තුනේ නෞකාවලට වඩා, දුම් පයිප්ප හතරේ නෞකා ලස්සන නිසා, ටයිටැනික් නැවටත් අමතර දුම් පයිප්පයක් එකතු කරනවා. ඒ තමයි හතරවෙනි දුම් පයිප්පය. මේ දුම් පයිප්පය, වැඩ කරන පයිප්පයක් නෙවේ. ලස්සනට එකතු කරපු පයිප්පයක් විතරයි.
ටයිටැනික් කියලා කියන්නෙ කවදාවත් තනි නොවුණු නැවක්. ටයිටැනික් නැවට, ටයිටැනික් නැව වගේම, තවත් නිවුන් සහෝදරියො දෙන්නෙක් හිටියා කියලා හුග දෙනෙක් දන්නෙ නෑ. White Star Line සමාගමෙන් නිර්මාණය කරපු මේ නෞකා තුන ප්රසිද්ධවෙලා තියෙන්නෙ "Three Sisters" කියලයි. මේ තුන් නිවුන් සහෝදරියො අතරින් ලොකු අක්කා තමයි, 1911 අවුරුද්දෙ නිර්මාණය වුණු ඔලිම්පික් නෞකාව. පොඩි අක්කා තමයි 1912 අවුරුද්දෙ නිර්මාණය වුණු ටයිටැනික් නෞකාව. බාලම නංගි තමයි 1914 අවුරුද්දෙ නිර්මාණය වුණු බ්රිටෑනික් නෞකාව. මේ නෞකා තුනේම අභ්‍යන්තර සහ භාහිර සැලසුම එකයි. හැබැයි මිනුම් අතින් වෙනස්.

මේ සහෝදරවරියො තුන්දෙනා අතරින් පරිමාණය අතින් විශාලම නෞකාව විදිහට ටයිටැනික් නෞකාව පෙරමුණේ ඉන්නවා (1912 වන විට ලෝකයේ විශාලතම නෞකාව). ඊට පස්සෙ ඔලිම්පික් නෞකාවත්, ඊටත් පස්සෙ බ්රිටෑනික් නෞකාවත් ඉන්නවා. උඩින් පල කරලා තියෙන පින්තූරය තමයි, ඔලිම්පික් අක්කයි ටයිටැනික් නංගි එක ළගින් ඉන්න, අන්තර්ජාලයේ හොයා ගන්න තියෙන එකම එක පින්තූරය. පින්තූරයේ වම් පැත්තෙන් නැංගුරම් දාලා තියෙන්නෙ ඔලිම්පික් නැව. දකුණු පැත්තෙන් නැංගුරම් දාලා තියෙන්නෙ ටයිටැනික් නැව. දෙකම එක වගේ. බැලූ බැල්මට, වෙන් කරලා අදුරගන්න අමාරුයි.
පහළ තියෙන පින්තූරයේ තියෙන්නෙ බ්රිටෑනික් නැව. බ්රිටෑනික් නංගි ඉපදෙනකොට, ටයිටැනික් අක්කා ජීවතුන් අතර හිටියෙ නෑ. බ්රිටෑනික් නැවත්, ඔලිම්පික් සහ ටයිටැනික් නෞකාවල පාටින්ම මුල් කාලයේදි වර්ණාලේප කරලා තිබුණත්, පළවන ලෝක යුද්ධය ආරම්භයත් එක්කම, එංගලන්ත හමුදාව යටතේ රෝහල් නෞකාවක් විදිහට භාවිතා කරන්න ගත්තා. ඒ නිසා පළවන ලෝක යුද්ධයේදී රෝහල් නෞකාවලට ආලේප කරන සම්මත වර්ණයෙන් (සුදු), වර්ණාලේප කළා. මේ නැවෙත් ආකෘතිය එමමයි. මේ නිවුන් සහෝදරියො තුන් දෙනාගෙන් ටයිටැනික් වගේම, බ්රිටෑනික් නැවත් මුහුදු බත් වුණා. ඒ පළවන ලෝක යුද්ධය අතරතුර, මුහුදෙ අටවලා තිබ්බ බෝම්බයකට අහුවෙලා. අන්තිමේදි ඉතුරු වුණේ ඔලිම්පික් නැව විතරයි. ඔලිම්පික් නැවට හැකියාව ලැබුණා අවුරුදු 25කට ආසන්න කාලයක් සේවය කරන්න. මේ නැව 1935දි බොහොම ගෞරවාන්විත විදිහට විශ්‍රාම යනවා.

ලුසිටානියා නැවටත් නිවුන් සහෝදරියක් සහ ඥාති සහෝදරියක් හිටියා. ලුසිටානියා නැව වගේම, අනිත් නෞකා දෙක නිර්මාණය වුණෙත් Cunard Line සමාගම යටතෙයි. 1906දි නිර්මාණය වුණු මාර්ටේනියා නෞකාව තමයි, ලුසිටානියා නැවේ නිවුන් සහෝදරිය. ඒ වගේම විශාලම සහෝදරිය. 1913දි නිර්මාණය වුණු ඇකුයිටේනියා නෞකාව හදුන්වන්නෙ, ලුසිටානියා නෞකාවේ ඥාති සහෝදරියක් විදිහටයි. පහළින් පල කරලා තියෙන්නෙ ඇකුයිටේනියා නෞකාවේ පින්තූරයක්.
ඒ වගේම මාර්ටේනියා නෞකාවේ පින්තූරයක්, පහළින් පල කරලා තියෙනවා. ටයිටැනික්, ඔලිම්පික්, බ්රිටෑනික් සහෝදරියො වගේම ලුසිටානියා, මාර්ටේනියා සහ ඇකුයිටේනියා සහෝදරියන්ගෙත් අභ්‍යන්තරික සහ භාහිර සැලසුම එක හා සමානයි. මිනුම් විතරයි වෙනස්. මේ නිසා වෙන් වෙන් වශයෙන් අදුරගන්න ටිකක් අමාරුයි. අනිත් අතට ටයිටැනික්, ඔලිම්පික්, බ්රිටෑනික්, ලුසිටානියා, මාර්ටේනියා සහ ඇකුයිටේනියා කියන නෞකා හයම, භාහිර සැලසුම අතින් 90%කටත් වඩා සමාන බවක් පෙන්නුම් කරනවා. ලුසිටානියා නෞකාවේ කැප්ටන්වරයා වුණු විලියම් තෝමස් ටර්නර්, ලුසිටානියා නෞකාව හැරුණුකොට මාර්ටේනියා සහ ඇකුයිටේනියා නෞකාවලත් කැප්ටන්වරයා විදිහට කටයුතු කරලා තියෙනවා. ටයිටැනික් නෞකාවේ කැප්ටන්වරයා වුණු එඩ්වඩ් ජෝන් ස්මිත්, ඔලිම්පික් නෞකාවේ කැප්ටන්වරයා විදිහටත් කටයුතු කරලා තියෙනවා.
මේ කාලය වෙනකොට White Star Line සහ Cunard Line සමාගම් දෙක, කරට කර හැප්පෙමින් මහා පරිමාණ නෞකා නිර්මාණයේ සහ සේවා සැපයීමේ යෙදිලා තියෙනවා. ඒ නිසාම මේ සමාගම් දෙක අතරේ සීතල යුද්ධයක් තිබුණා. එක සමාගමක් විශාල නැවක් නිර්මාණය කරනකොට, ඒ විශාල නැවටත් වඩා විශාල නැවක් නිර්මාණය කරන්න, අනිත් සමාගම උත්සාහ කළා. මේ වගේ සීතල යුද්ධ නිසා, මේ කාලයේ මහා පරිමාණයේ නෞකා නිර්මාණය ගොඩක් ඉහළ ගියා. විශේෂයෙන්ම පයිප්ප හතරෙ නෞකා. උදාහරණයක් විදිහට White Star Line සමාගමෙන් නිර්මාණය කරපු ඔලිම්පික් නෞකාව නිසා තමයි Cunard Line සමාගමෙන් ඔලිම්පික් නෞකාවට වඩා විශාල විදිහට ඇකුයිටේනියා නෞකාව නිර්මාණය කරන්නෙ. පහළින් තියෙන්නෙ White Star Line සමාගමෙන් නිර්මාණය කරපු, අපි කලින් සදහන් කරපු ටයිටැනික් නෞකාවේ නිවුන් සහෝදරියක් වුණු, ඔලිම්පික් නෞකාවයි. ඔලිම්පික් නෞකාවට පිටිපස්සෙන්, ටිකක් ඈතට වෙන්න නවත්තගෙන ඉන්නෙ Cunard Line සමාගමෙන් නිර්මාණය කෙරුණු අපේ කතා නායිකාව, ලුසිටානියායි !
ප.ලි | 2017.06.21-
ටයිටැනික් සහ ඔලිම්පික් නෞකා එක ළග නැංගුරම් දාලා තියෙන තවත් පින්තූරයක් හම්බුනා. මේ පින්තූරය, ලෝකයේ පළවෙනි වතාවට 2017 අවුරුද්දෙ මැයි මාසයේ ප්‍රසිද්ධ කරපු පින්තූරයක්.