ගවේෂණ අංක 05
33. විජයාරාම රජමහා විහාරය
නුගේගොඩත් මහරගමත් අතර තියෙන විජේරාම හංදියේ වම් පැත්තේ තියෙන විජේරාම මාවතෙන් (බෝගස ඉස්සරහා) හැරෙනවත් එක්කම අපිට විජයාරාම රජමහා විහාරය දැක ගන්න පුලුවන්. විජයාරාම රජමහා විහාරය කියන්නෙ කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු තවත් අප්‍රසිද්ධ විහාරස්ථානයක්. විහාරයේ අදටත් ඉපැරණි අංග කිහිපයක්ම සුරක්ෂිත වෙලා තියෙනවා. ඒවා මුල් යුගයේ ඉදි කිරීම්. කෝට්ටේ රාජ්‍ය සමයේ නිර්මාණය වුණු ඉපැරණි බුද්ධ මන්දිරය ගොඩක් කුඩා ප්‍රමාණයේ එකක්. බුද්ධ මන්දිරයේ ඉපැරණි සමාධි බුද්ධ ප්‍රතිමාවක් සහ ඒ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා ද්විත්වයක් දැක ගන්න පුලුවන්. ඒවායේ නම් මහ නුවර යුගයේ ලක්ෂණත් ගැබ් වෙලා තියෙනවා. මහ නුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ රජතුමා පහතරට වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ ව්‍යාපෘතියට විජයාරාම විහාරය අවට තියෙන කෝට්ටේ රාජ්‍යට අයිති වෙලා තිබුණු බොහෝමයක් රජමහා විහාර ඇතුළත් වුණා. ඒ නිසා විජයාරාමයත් කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස බොහෝ විට ප්‍රතිසංස්කරණය කෙරෙන්න ඇති.
ඒ විතරක් නෙවේ කතරගම දෙවියන්ගේ සහ උපුල්වන් දෙවියන්ගේ ප්‍රතිමා ද්විත්වයකුත්, සුමන සමන් සහ ගණ දෙවියන්ගේ විශාල ප්‍රමාණයේ සිතුවම් ද්විත්වයකුත් දකින්න පුලුවන්. වියන් තලය නෙළුම් මල් මෝස්තර වලින් සරසලා තියෙනවා. පිටිපස්සෙ බිත්තියේ ඉහළ කොටසේ මහ රහතන් වහන්සේලාගේ රූප කිහිපයක් සිතුවම් කරලා තියෙනවා දකින්න පුලුවන්. කතරගම දේව ප්‍රතිමාවේ තියෙන විශේෂත්වය තමයි දේව ප්‍රතිමාව හින්දු සංකල්පයෙන් බැහැර කරලා, බෞද්ධ සංකල්පය ඉස්මතු වෙන විදිහට නිර්මාණය කරලා තිබීම. හින්දු සංකල්පය අනුව මයුර වාහනයක් පිට වාඩිගත් අත් දොළහකින් සහ මුහුණු හයකින් සමන්විත කතරගම දෙවියන්ව, අත් හතරකට සහ එක් මුහුණකට සීමා කරලා තියෙනවා. අත්වල තියෙන සැවුල් ලාංඡනය සහ කෙටේරිය ආදී සළකුණු මේ කතරගම දේව ප්‍රතිමාවක් කියලා ඔප්පු කරන්න යොදා ගන්න පුලුවන්. මේ නිසා හින්දු සංකල්පයෙන් බැහැරව බෞද්ධ සහ දේශීය ආරකට නිර්මාණය කරලා තියෙන නිසා කෝට්ටේ යුගය වෙන කොට ඉපැරණි කතරගම මහසෙන් දේව වන්දනාව ප්‍රචලිත වෙලා තිබුණා කියලා මතයක් ගොඩ නගන්නත් පුලුවන්.
6 වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ රෝපණය කෙරුණු බෝධි වෘක්ෂය වටේ දැවී ගිය ගල් කණුවල කොටස් සිය ගාණක් විතර දකින්න තියෙනවා. 1505න් පස්සෙ කෝට්ටෙට එල්ල වෙන පෘතුගීසි ආක්රමණයත් එක්ක කෝට්ටේ ජනතාව උඩරටට සංක්‍රමණය වෙනවා. ඒත් එක්කම වටේ තියෙන අනිත් රජමහා විහාර වගේම, විජයාරාම රජමහා විහාරයත් ජන ශූන්‍ය කලාපයක් බවට පත් වෙලා, මහා ඝන කැලෑවකින් වැහිලා ගියා කියලා හිතන්න පුලුවන්.
පන්සල් වත්ත පුරාවටම අලුතෙන් නිර්මාණය කරපු බුද්ධ ප්‍රතිමා සහ දේවාල සංකීර්ණ දැක ගන්න පුලුවන්. දේවාල අතරින් සුමන සමන් දේවාලයේ තියෙන දේව ප්‍රතිමාව ගොඩක් ලස්සනයි. උපුල්වන් දේවාලය කෝට්ටේ යුගයේම නිර්මාණය කරපු දේවාලයක් කියන එක තමයි කාගෙත් අදහස.
34. සත්බෝධි රජමහා විහාරය
කොහුවල හංදියේ ඉදලා කළුබෝවිලට යනකොට, බුද්ධඝෝෂ විද්‍යාලය පහුවෙනවාත් එක්කම, දකුණට තියෙන පාරෙන් හැරිලා ටික දුරක් ගියාම අපිට සත්බෝධි රජමහා විහාරයට පිවිසෙන්න පුලුවන්. විහාර භූමියේ බෝධින් වහන්සේලා හත් නමක් රෝපණය කරලා තියෙන නිසා තමයි විහාරයට මේ නම ලැබිලා තියෙන්නෙ. කෝට්ටේ රාජධානියට අයිති සීමාවේ පිහිටලා තියෙන නිසා, මේ විහාරස්ථානයත් අවුරුදු 600කට විතර කලින් කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ අනුග්‍රහය යටතේ නිර්මාණය වුණු විහාරස්ථානයක් කියලා අනුමාන කරන්න පුලුවන්. අද වෙන කොට නම් විහාරස්ථානයේ මුල් කාලීන ඉදි කිරීම් දකින්න ලැබෙන්නෙ නෑ. ඔක්කොම තියෙන්නෙ වර්තමාන ඉදි කිරීම්. හැබැයි මේ ඉදි කිරීම් කරලා තියෙන්නෙ රජතුමා විසින් පරිත්‍යාග කරපු මුල් කාලයේ භූමි භාගයේ කියලත් මතක තියා ගන්න ඕන. බොහෝ විට සත්බෝධි රජමහා විහාරයත් පෘතුගීසි ආක්‍රමණයට අහු වෙලා විනාශ වෙලා යන්න ඇති. ඒ නිසාම විහාරස්ථානයේ වර්තමානයේ වැඩ ඉන්න බෝධීන් වහන්සේලා කෝට්ටේ රාජ්‍ය සමයේ රෝපණය කරපුවද, නැත්නම් මෑත කාලයේ රෝපණය කරපුවද කියලත් පොඩි ප්‍රශ්නයක් මතු වෙනවා.
35. කිතුලම්පිටිය ආනන්ද පිරිවෙන
කිතුලම්පිටියේ ආනන්ද පිරිවෙන කියන්නෙ ගාල්ල නගරයට යාබදව තියෙන, ඉපැරණි ඓතිහාසික වටිනාකමකින් යුත්, අප්‍රසිද්ධ පුණ්‍ය භූමියක්. මේ විහාරයට පිවිසෙන්න නම් ගාල්ල නගරය පහු කරගෙන ගිහින්, කලේගාන හංදියෙන් හැරිලා, කිතුලම්පිටිය පාර දිගේ ගිහින්, ආනන්ද පිරිවෙන් මාවතෙන් හැරෙන්න ඕන. ගමේ අය කියන විදිහට නම් මේ විහාරයේ ඉතිහාස කතාව ආරම්භ වෙන්නෙ කෝට්ටේ රාජධානි සමයේදියි. කෝට්ටේ යුගයේ රජවරුන් අතරින් බුදු දහම වෙනුවෙන් දැනෙන්න වැඩක් කරපු එකම රජතුමා 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා නිසා, මේ විහාරයත් පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ නිර්මාණය වුණු විහාරයක් කියලා දළ වශයෙන් අපිට අනුමාන කරන්න පුලුවන්. ඒත් මේ වගේ විශාල විහාරස්ථානයක් රාජධානියෙන් පිටත නිර්මාණය වුණු එක ගැන නම් හොයලා බලන්න වටිනවා.
කෝට්ටේ යුගයේ නිර්මාණය වුණා කියලා කිව්වට, විහාරස්ථානයේ ගෘහ නිර්මාණ, චිත්‍ර, ප්‍රතිමා දිහා බලන කොට, ඒවායේ මහ නුවර යුගයේ ලක්ෂණත් ගොඩක් දකින්න පුලුවන්. විහාරස්ථානයේ පැරණි බුද්ධ මන්දිරය කොටස් දෙකකින් යුක්තයි. ප්‍රධාන කොටසේ වෙනස්ම ආකාරයේ ඉපැරණි සමාධි පිළිමයක් දකින්න පුලුවන්. මේ ප්‍රතිමාවට දෙපැත්තෙ හිටි බුද්ධ ප්‍රතිමා ද්විත්වයකුත්, කතරගම සහ උපුල්වන් දේව රූප ද්විත්වයකුත් දකින්න පුලුවන්.

ඊට අමතරව අගසව් දෙනම, මල් අතින් ගත් මහ රහතන් වහන්සේලා, සතර වරම් දෙව්වරු, ශ්‍රී මහා බෝධියට වන්දනාමාන කරන දේව මණ්ඩලයක් එහෙමත් සිතුවම් කරලා තියෙනවා. ඒ වගේම සිංහල සැරසිලි මෝස්තර, සත්‍ය සහ මන:කල්පිත සත්ව රූප එහෙමත් සිතුවම් කරලා තියෙනවා. මේවායෙන් බහුතරය මහ නුවර යුගයේ ලක්ෂණ සහිත සිතුවම්.
මන්දිරයට ඇතුල් වෙන කොට දකින්න තියෙන මකර තොරණ සහ මන්දිරයේ දෙවන කොටසේ අඛන්ඩකථන ක්‍රමයට ඇදලා තියෙන ජාතක කතා ටික, මුල් කාලයේ ඇදපු සහ කැටයම් කරපුවා කියලා හොදටම පේන්න තියෙනවා. ඒත් ඒවායෙන් බහුතරය දැන් විනාශ වෙලා. ඉතිරි ටිකත් විනාශ වෙමින් යනවා. ඒවායේ තීන්ත මැකිලා ගිහින්. ඔක්කොම මුර්ති සහ චිත්‍ර ටික සුදුමැලි වෙලා. වතුර කාන්දු වීම් නිසා සිතුවම් ඔක්කොම වගේ මැකිලා. බිත්ති පුපුරලා සිතුවම් උඩ දූවිලි මකුළු දැල්, සෙවල එහෙමත් බැදිලා.
විහාරයේ චෛත්‍යය පිහිටලා තියෙන්නෙ විශාල කන්දක් උඩ. චෛත්‍යය පිහිටලා තියෙන භූමියට පිවිසෙන්න විනාඩි 10කට ආසන්න කාලයක් ගත වෙනවා. පන්සල් භූමියේ එහා කෙලවරින් බෝධීන් වහන්සෙත්, ඒ ළගින්ම විහාරයේ නව බුද්ධ මන්දිරයත් පිහිටලා තියෙනවා.
නව බුද්ධ මන්දිරයේ පස්වග මහණුන්, දිව්‍ය සහ බ්‍රහ්ම මණ්ඩල පිරිවරා ගත්තු, බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ආකාරය අඹලා තියෙනවා. ධම්සක් පැවතුම් මුද්‍රාවෙන් යුක්ත ප්‍රතිමාවේ, දෙඋර චීවරයෙන් වැහිලා. මන්දිරය හරිම පුංචි. ඒත් තියෙන ඉඩකඩෙන් හොදට ප්‍රයෝජන අරගෙන තියෙනවා. ප්‍රතිමා වගේම නව විහාර මන්දිරයේ සිතුවම් එහෙමත් හරිම තාත්විකයි. ලස්සනයි. සජීවියි.
සිතුවම් අතර අනිත් කිසිම විහාරස්ථානයක දකින්න නොලැබෙන සිතුවම් දෙකක් දකින්න තියෙනවා. එකක් තමයි තුන්වන ලංකා ගමනේදී, බුදුරජාණන් වහන්සේ රුවන්වැලි මහා සෑය පිහිටලා තියෙන ස්ථානයට වැඩම කරන අවස්ථාව දැක්වෙන සිතුවම. අනිත් එක තමයි දුටුගැමුණු රජතුමා මරණ මඤ්චකයේ ඉන්න කොට, පිං පොතට සවන් දෙන ආකාරය පෙන්නුම් කරන සිතුවම. ඊට අමතරව බුදුන් වහන්සේගේ උතුම් වූ තෙමගුල, සංකස්ස ඉනිමන් දර්ශනය, බුදුරදුන්ගේ පළවන ලංකා ගමන, සමනල කදු මුදුනේ සිරිපතුල පිහිටුවීම, අළුවිහාර සංඝායනාව, මහින්දාගමනය, දුමින්දාගමනය, බුදුරදුන් නාගදීපයට සහ කැළණියට වැඩම කිරීම, දොරටුපාල රූප, චතුරාර්ය සත්‍ය සිත්තම් කරලා තියෙනවා.

විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල හදලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පය අනුව. ඒ 1896 අවුරුද්දෙ.
36. දළදා මාළිගාව ඇතුළත පිහිටි ස්තූපය
බුදුරජාණන් වහන්සේ දානය වළදන්න අර ගත්ත බදුන, තමයි "පාත්‍ර ධාතුව" කියලා කියන්නෙ. බුදුරජාණන් වහන්සේ දන් වළදපු පාත්‍ර කිහිපයක් ගැන ඉතිහාසයේ සදහන් වෙනවා. ඉන් ප්‍රධානතම පාත්‍ර ධාතුව විදිහට සැළකෙන බුද්ධත්වයෙන් පසුව, මුල් කාලයේ බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු පාත්‍ර ධාතුවයි. තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් බුදුරජාණන් වහන්සේට දානය පූජා කරන කොට, උන්වහන්සේට ඒවා වළදන්න පාත්‍රයක් තිබුණෙ නැති නිසා, සතර වරම් දෙව්වරු උන්වහන්සේ වෙනුවෙන් රත්තරං පාත්‍ර හතරක් පූජා කළාලු. බුදුරජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළ නිසා, සතර වරම් දෙව්වරු ගල් පාත්‍ර හතරක් පූජා කළාලු. දෙව්වරුන් කෙරෙහි අනුකම්පාව දක්වපු බුදුරජාණන් වහන්සේ, පාත්‍ර පූජාව පිළිගෙන, ඒවා එක පිට එක තබා, පාත්‍ර හතර එකක් වීමට අධිෂ්ඨාන කළාලු.
බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව අපේ රටට ගෙන එන්නෙ සුමන සාමණේර හාමුදුරුවෝ. ඒ ධර්මාශෝක අධිරාජ්‍යයා අපේ රටට දුන්න තිළිණයක් හැටියට. ඊට පස්සෙ දේවානම්පියතිස්ස රජතුමා, පාත්‍ර ධාතුව රජ මාළිගාවේ තැන්පත් කරලා, ඒ වෙනුවෙන් පූජා කටයුතු සිද්ධ කළාලු. මහ නුවර වම් දළදා වහන්සේ වගේම, අතීතයේ පාත්‍ර ධාතුවත් අපේ රටේ රජකමේ සංඛේතයක් වුණා. පාත්‍ර ධාතුවේ අයිතිය හිමි තැනැත්තාට රටේ බලය හිමි වුණා. මේ නිසා වළගම්බා, ගජබා, උපතිස්ස වගේ රජවරුන්ගේ කාලයේ, පාත්‍ර ධාතුව ගැන එක එක අර්බුදත් හටගත්තා.

අද වෙන කොට නම් මේ පාත්‍ර ධාතුන් වහන්සේට වෙච්ච දෙයක් නෑ. පාත්‍ර ධාතුව තැන්පත් කරලා තියෙන ස්ථානය ගැන නිශ්චිත සදහනක් හෝ අදහසක් නෑ. මේ නිසාම පාත්‍ර ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන ස්ථානය ගැන ගොඩක් මත තියෙනවා. මේ මත අතරින් දැනට ජනතාව අතර තියෙන ප්‍රබලම මතය තමයි, දළදා මාළිගාවේ පහත සහ උඩ මාලය අතර, රන් ආයුධ මණ්ඩපයට එහා පැත්තෙන් තියෙන, කුඩා ස්තූපයේ පාත්‍ර ධාතුව නිධන් කරලා තිබෙනවාය කියන මතය.
මේ ස්තූපය ප්‍රමාණයෙන් බොහොම කුඩා ස්තූපයක්. ඒ නිසා වැඩි ජනතා අවධානයක් දිනා ගන්න සමත් වෙලා නෑ. මේ ස්තූපය 18 වන සියවසේ අග භාගයේ හෝ 19 වන සියවසේ මුල් භාගයේ නිර්මාණය කරපු ස්තූපයක්. ස්තූපය ඇතුළත පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවද, නැද්ද කියන එක කාටවත් කියන්න පුලුවන් කමක් නෑ. මේ අතරෙම පාත්‍ර ධාතුන් වහන්සේ මහ නුවර නාථ දේවාල පරිශ්‍රයේ නිර්මාණය කරලා තියෙන ස්තූප දෙකෙන් එකක හෝ, මල්වතු මහා විහාරයේ ස්තූපයේ හෝ, බෙලිගල රජමහා විහාරයේ ස්තූපයේ නිධන් කරලා තියෙන බවටත් මත පල වෙලා තියෙනවා.

37. සීතා අම්මාන් කෝවිල
සීතා අම්මාන් කෝවිල තියෙන්නෙ නුවර එළිය දිස්ත්‍රික්කයේ, සීතා එළිය කියන ප්‍රදේශයේ. හක්ගල උද්භිද උද්‍යානයේ ඉදලා කිලෝ මීටර් 1ක විතර දුරක් තියෙන්නෙ. රාමායනයට අනුව රාවණ රජතුමා සීතා දේවියව රදවා තබාගෙන ඉදලා තියෙන්නෙ මේ ඉසව්වෙ. ඒ නිසාම කෝවිල අවට තියෙන කථාවල සහ පරිසරයේ ඉතිහාසය අවුරුදු 6000කටත් එහාට දිව යනවා. ඒ විතරක් නෙවේ, සීතා දේවිය වෙනුවෙන් ලෝකයේ නිර්මාණය කරලා තියෙන එකම කෝවිල තමයි, සීතා අම්මාන් කෝවිල කියන්නෙ.
ඉතිහාසයට අනුව වර්තමානයේ හග්ගල උද්භිත උද්‍යානය පිහිටලා තියෙන ස්ථානය, රාවණ රාජ්‍ය සමයේදී හදුන්වලා තියෙන්නෙ "අශෝක වටිකා" කියලා. ඒ කියන්නෙ රාවණ රජතුමාගේ මල් වත්ත. රාවණ රජතුමා සීතා දේවියව අරගෙන ගිහින්, රදවා ගෙන ඉදලා තියෙන්නෙ අශෝක වටිකාවේ. එහෙම හිටපු සීතා දේවිය ස්නානය කරන්න ඇවිත් තියෙන්නෙ, සීතා අම්මාන් කෝවිල පල්ලෙහා තියෙන දිය ඇල්ල ළගට. රාමාගේ නියෝගය අනුව සීතා දේවියව හොයාගෙන ලංකාවට ආව හනුමාන්ට, සීතා දේවියව හම්බ වෙලා තියෙන්නෙ, සීතා අම්මාන් කෝවිල පිහිටලා තියෙන ස්ථානයේදිලු. ඊට පස්සෙ සීතා දේවියත් එක්ක පහළින් ගලා බසින ගංගාව හරහා පලා ගියාලු.
ගංගාව ළග පිහිටලා තියෙන ගල් තලාවේ විශාල සහ කුඩා ප්‍රමාණයේ හිල් දෙකක් දැක ගන්න පුලුවන්. ඉතින් හින්දූන් විශ්වාස කරනවා, ඒ තමයි හනුමාන්ගේ අඩි සළකුණ කියලා. ඒ වගේම හනුමාන්ගේ පා සටහන් සලකුණු වෙලා තියෙන ලොව එකම ස්ථානය විදිහට තමයි, ලෝකවාසී හින්දු ජනතාව විශ්වාස කරන්නෙ. සීතා අම්මාන් කොවිල මෑත ඉතිහාසයේ නිර්මාණය වුණත්, ඈත අතීතයේ ඉදලම මේ ස්ථානයේ පොල් ගැසීම්, පුද පුජා කටයුතු, පඩුරු බැදීම් වගේ චාරිත්‍ර තිබිලා තියෙනවා.
38. කඩුගන්නාව අම්බලම
කඩුගන්නාවේ අම්බලම, ශ්‍රී ලංකාවේ දකින්න පුලුවන් පැරණිතම අම්බලම් වලින් එකක් විදිහට සැළකෙනවා. ඒත් ගොඩක් දෙනෙක් මේ අම්බලම පහු කරගෙන ආවා ගියාට, අම්බලම ගැන තොරතුරු හොයන්න උනන්දු වෙන්නෙ නෑ. ඒ නිසා කඩුගන්නාවේ අම්බලම ගැනත් තොරතුරු ටිකක් කියන්න ඕන කියලා හිතුනා. අන්තර්ජාලයේ තියෙන ලිපි වලට අනුව නම් කඩුගන්නාව අම්බලම නිර්මාණය වෙන්නෙ, බ්‍රිතාන්‍ය පාලන සමයේදී. ඒ කියන්නෙ 18 වන සියවසේ මුල් භාගයේදී. ඒ කියන්නෙ මීට අවුරුදු 200කටත් වඩා කලින්. මේ අම්බලම නිර්මාණය කරලා තියෙන්නෙ මහ නුවර යුගයේ ගෘහ නිර්මාණ කලාව අනුවයි.
ඒ කාලයේ අම්බලමේ වැඩිපුරම ගිමන් හරින්න නැවතිලා තියෙන්නෙ වන්දනාවේ යන එන අය. එහෙම වුණේ අළුත්නුවර විෂ්ණු දේවාලය, මහ නුවරට අරගෙන ගියායින් පස්සෙ. ඊට අමතරව උඩරට ඉදලා පහත රටටත්, පහත රට ඉදලා උඩරටටත් වෙළදාමේ යන එන වෙළෙන්දන් සහ සංචාරකයන්, මේ අම්බලමේ නැවතිලා තියෙනවා.

39. කතරගම මහසෙන් ප්‍රතිමාව
මේ ශෛලමය ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නෙ කතරගම කිරි වෙහෙරේ සලපතල මළුවේ, කොනකට වෙන්න. දැනට පවතින මතය අනුව මේ තියෙන්නෙ මහසෙන් රජතුමාගේ ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව යුගයේ. මහසෙන් රජතුමාව හදුන්වන්නෙ කතරගම කිරි වෙහෙරේ නිර්මාතෘවරයා විදිහටයි. මෙතන මහසෙන් රජතුමා කියලා කියන්නෙ, අනුරාධපුරයේ ජේතවනාරාමය නිර්මාණය කරපු මහසෙන් රජතුමා (ගෝඨාභය රජතුමාගේ පුත්‍රයා) නෙවේ. වෙන රජ
කෙනෙක්. රාජාවලියේ මේ රජතුමා ගැන සදහනක් නැති නිසා, ප්‍රාදේශීය පාලකයෙක් විදිහට / උප රජ කෙනෙක් විදිහට හිටපු රජ කෙනෙක් විදිහට තමයි විශ්වාස කරන්නෙ. ඊට අමතරව අතීතයේ මහසෙන් රජතුමා කියලා හැදින්නුවේ, කතරගම දෙවියන්ව කියලත් ප්‍රබල මතයක් පවතිනවා.
බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලබපු පුණ්‍ය භූමියක් තුළ නිර්මාණය කරලා තියෙන මේ ප්‍රතිමාවේ බෝධිසත්ව රූපවල ලක්ෂණත් පෙන්නුම් කරනවා. ඒ නිසා සමහරක් ඉතිහාසඥයන් මත පල කරනවා මේ තියෙන්නෙ බෝධිසත්ව ප්‍රතිමාවක් කියලා. ඒත් ඒ මතය ප්‍රතික්ෂේප කරන ඉතිහාසඥයන් ප්‍රකාශ කරන්නෙ, "පැරණි රජ දවස රටේ පාලකයාව බෝධිසත්ව චරිතයට සමාන කළ නිසා, රජතුමාගේ රූපයට බෝධිසත්ව ලක්ෂණත් ඇතුළත් කරන්න ඇති" කියලයි. |
40. ඇම්බැක්කේ දේවාලයේ බුද්ධ මන්දිරය, පල්ලෙ දේවාලය සහ මොණර ගෙය
ගම්පල 3 වන වික්‍රමබාහු රාජ්‍ය පාලන සමයේදී නිර්මාණය වුණු ඇම්බැක්කේ දේවාලය කියලා කියන්නෙ, අපේ රටට දායාද වෙලා තියෙන, අමිල ජාතික උරුමයක්. ලී කැටයම් වලට සුප්‍රසිද්ධ වෙලා තියෙන ඇම්බැක්කෙ දේවාලය පරිශ්‍රය තුළ, ජනතාවගේ අවදානයට පාත්‍ර නොවෙන තවත් ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් බුද්ධ මන්දිරය, මොණර ගෙය, පල්ලෙ දේවාලය වගේ අංගයන් කිහිපයක් ගැන සාකච්ඡා කරන එක වටිනවා. ඇම්බැක්කේ දේවාලයේ ගෘහ නිර්මාණ කටයුතු කරලා තියෙන්නේ "දෙල්මඩ මූලාචාරීන්"ගේ අධීක්ෂණය යටතෙයි. ඇම්බැක්කෙ දේවාලය කියලා කියන්නෙ කතරගම දෙවියන් වෙනුවෙන් කැප කරපු දේවාලයක්.
දේවාලයේ උත්පත්ති කතාව ගැන නම් ජනප්‍රවාද දෙකක් තියෙනවා. මේ ප්‍රදේශයේ බෙර වාදකයෙක් ඉදලා තියෙනවා. මේ බෙර වාදකයා හැම අවුරුද්දකම කතරගම දේවාලයේ පෙරහැරේ බෙර ගහන්න යනවා. කාලයත් එක්ක මේ බෙර වාදකයත් වයසට ගිහින්, ගොඩක් දුර්වල වෙලා, අසනීප වෙනවා. බෙර වාදකයට කතරගම පෙරහැරට යන්නත් බැරි වෙනවා. අවුරුදු ගාණක් කතරගම පෙරහැරට සහභාගි වෙලා, කතරගම දෙවියන් වෙනුවෙන් සේවාවක් කළත්, අසනීප සහ දුර්වල තත්වය නිසා බෙර වාදකයා එක්තැන් වෙනවා. කතරගම පෙරහැරට යන්න බැරි වෙන එක ගැන හැම තිස්සෙම දුක් වෙවී ඉන්නකොට, දවසක් රෑ නින්දෙදි බෙර වාදකයට කතරගම දෙවියො කතා කරලා මෙහෙම කියනවා. "ඔබ අවුරුදු ගණනක් මා වෙනුවෙන් බෙර ගැහුවා. දැන් ඔබ වයෝවෘද්ධයි. ඒ නිසා අද ඉදන් ඔබ මා වෙනුවෙන් කැප වෙන්න අවශ්‍යය නෑ. ඒ වෙනුවට මා වෙනුවෙන් දේවාලයක් හදන්න. ඇම්බැක්කෙ මල් උයනේ කදුරු ගස් තියෙනවා. පොරෝ පාරක් ගැහුවම එක ගහකින් ලේ ගලන්න පටන් ගනියි. අන්න එතන තමයි දේවාලය හදන්න ඕන". පහුවෙනිදා මේ බෙරකාරයා මේ අද්භූත සිහිනය ගැන රජ මාළිගාවට දන්වනවා. රජතුමා, අමාත්‍ය මණ්ඩලයත් එක්ක ඇම්බැක්කෙ උයනට ගිහින් කදුරු ගස් පරික්ෂා කරනවා. එක කදුරු ගහකට පොරොවෙන් පාරක් ගහනවත් එක්කම, කතරගම දෙවියො හීනෙන් කිව්වා වගේම රතු පාටින් ලේ ගලන්න ගත්තා.
අනිත් ජනප්‍රවාදයත් ඒකම තමයි. හැබැයි ඒ ජනප්‍රවාදේ තියෙන විදිහට කතරගම දෙවියන්ව හීනෙන් පේන්නෙ ඇම්බැක්කෙ මල් උයනෙ උයන්පල්ලට. මේ අද්භූත සිදුවීම නිසා, මේ භූමිය ජය භූමියක් විදිහට නම් කරලා, ඒ කදුරු ගහ තිබ්බ තැන දේවාලය නිර්මාණය කරනවා.

ඇම්බැක්කෙ දේවාලය ප්‍රධාන වශයෙන් කොටස් 4යි.
01. දේවාලය
02. බුදු මැදුර
03. දිග්ගේ (තේවාව මණ්ඩපය/හේවිසි මණ්ඩපය )
04. මොණර ගෙය
දේවාලය නිර්මාණය වෙලා හුග කාලෙකට පස්සෙ තමයි බුදු මැදුරයි, දිග්ගෙයයි දේවාලයට සම්බන්ධ කරලා තියෙන්නෙ. සුප්‍රසිද්ධ ඇම්බැක්කේ ලී කැටයම් තියෙන්නෙ දිග්ගේ. දිග්ගේ භාවිතා කරලා තියෙන්නේ තේවාව කටයුතු සිද්ධ කරන්න.
බුදු මැදුරේ මහ නුවර යුගයේ ලක්ෂණ සහිත ඔත් පිළිමයක් (මකර තොරණ සහිත) තියෙනවා. ඒ පිළිමයට දෙපැත්තෙන් තවත් හිටි පිළිම දෙකක් දකින්න පුලුවන්. බිත්තිවල රතු පාට ආලේප කරලා, ඒ උඩ සත් සතිය, සූවිසි විවරණය, බුද්ධ චරිතය චිත්‍රයට නගලා තියෙනවා. කඩුපුල්, නෙළුම්, මානෙල් මල් වලින් හිඩැස් පුරවලා තියෙනවා. බුද්ධ මන්දිරයේ ප්‍රධාන ප්‍රතිමාව උඩින් නිර්මාණය කරලා තියෙන මකර තොරණේ දේව සහ බ්‍රහ්ම මණ්ඩලය ලස්සනට සහ පැහැදිලිව නිර්මාණය කරලා තියෙනවා. මේ මන්දිරයේ තියෙන සිතුවම් සහ ප්‍රතිමා මහ නුවර යුගයේ මැද හෝ අග භාගයේ නිර්මාණය වුණු ඒවා මිස, ගම්පල යුගයේ නිර්මාණය වුණු ඒවා නෙවේ.

බුද්ධ මන්දිරයට මෙහා පැත්තෙන් තියෙන කුටිය හදුන්වන්නෙ "මොණර ගෙය" කියලා. මොණර ගෙය භාවිතා කරලා තියෙන්නෙ රන් ආයුධ තැන්පත් කරන්න. ඒ කතරගම දෙවියන්ගේ රණ මොණරාට කරන පූජාවක් විදිහටයි. ඒ වගේම ලීයෙන් කැටයම් කරපු මොණරෙකුගේ රූපයකුත් තැන්පත් කරලා තිබිලා තියෙනවා. මේ මන්දිරයේ ද්වාරය ලීයෙන් නිර්මාණය කරපු එකක්. ද්වාරයත් අලංකාර ලී කැටයම් වලින් අලංකාර කරලා තියෙනවා දකින්න පුලුවන්. දිග් ගෙයට එහායින් පල්ලේ දේවාලය දකින්න පුලුවන්. ඒ කාලයේ පල්ලෙ දේවාලය භාවිතා වෙලා තියෙන්නෙ දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් කරන පුද පූජා කටයුතු වෙනුවෙන්.