චක්‍රායුධ කැළ 02
අද අපි හමුවෙන්නෙ අපේ පරණ සගයෙක්වයි. ඒ තමයි අශාන් රවිදු යුගන්ත. අශාන් කියන්නෙ පහුගිය දවස්වල Facebook එක හරහා අතිජනප්‍රිය වුණු "මරණානුස්සති" ගීතය නිර්මාණය කරපු "චක්‍රායුධ" සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියයි.
අපි හරියටම මීට අවුරුදු දෙකකට කලිනුත් අශාන් එක්ක මේ විදිහේම කතාබහක නිරත වුණා. ඒ, "චක්‍රායුධ" සංගීත කණ්ඩායමේ ආරම්භක අවදියේ. දැන් අවුරුදු දෙකක්ම ගෙවිලා ගිහින්. අද අපේ කතාබහේ මූලිකම අරමුණ වෙන්නෙ චක්‍රායුධ කණ්ඩායම, මේ අවුරුදු දෙක ඇතුළත ලබාගෙන තියෙන ප්‍රගතිය ගැන සහ එයාලගෙ අනාගත සැලසුම් ගැන සාකච්ඡා කරන එකයි.
චක්‍රායුධ සංගීත කණ්ඩායම ගැන අපේ පළවෙනි ලිපියේ ලොකූ හැදින්වීමක් කරපු නිසා ආයිත් මේ නව පරපුරේ අතිදක්ෂ කණ්ඩායම ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නෑ කියලා හිතනවා. ඒත් චක්‍රායුධ සංගීත කණ්ඩායම ගැන තවමත් නොදන්න අය ඉන්නවා නම්, ඒ අයට අපි ආරාධනා කරනවා මුලින්ම අපේ පළවෙනි ලිපිය කියවලා ඉන්න කියලා. අපි එහෙනං දැන් කතාබහ ආරම්භ කරමු.

01. ඉතින් අශාන් මොකද මේ දවස්වල වෙන්නෙ?
** මේ දවස්වල නම් ඉතින් සුපුරුදු විදිහටම කාර්යබහුලයි ඇත්තම කිව්වොත්. රැකියාවෙ වැඩකටයුතු වගේම චක්‍රායුධ පැත්තෙනුත් සෑහෙන්න ලොකු වැඩ කීපෙකට ලෑස්ති වෙමිනුයි ඉන්නෙ.
02. චක්‍රායුධ සංගීත කණ්ඩායම පැත්තෙන් ගත්තොත්, මොනවද මේ දවස්වල අලුත්ම විස්තර?
** මේ දවස්වල කාලෙ වැඩි හරියක් ගෙවිල යන්නෙ චක්‍රායුධ එක්ක. අපි බොහොම විශේෂ ව්‍යාපෘති කීපයකටම ලෑස්ති වෙමින් සතියකට දවස් හතරපහක් පාන්දර තුන විතර වෙනකන් පුහුණුවීම් වල නිරත වෙමින් ඉන්නවා. ළඟදීම ලංකාවෙ මීට කලින් සිදු වෙලා නැති විදිහේ බොහොම විශේෂ, අපූර්ව සංගීත අත්දැකීමක් විඳගන්න ලැබේවි.
03. චක්‍රායුධ කණ්ඩායම ගැන පොඩි හැදින්වීමක් කරමුද, අපේ කලින් ලිපිය කියවපු නැති අයට සහ චක්‍රායුධ කණ්ඩායම ගැන තවමත් නොදන්න අයට අදහසක් ගන්නත් එක්කලා?
** චක්‍රායුධ කියන්නෙ 2016 වසරේ අග භාගයෙදි සංගීතයේ වෙනස්, නිතර අහන්න නොලැබෙන පැතිකඩවල් අත්හදා බලන්න ඕන කියන ආසාව තිබුණු කිහිපදෙනෙක් එකතු වෙලා ආරම්භ කරපු සංගීත කණ්ඩායමක්. අපේ මූලික සංගීත ශෛලිය වෙන්නෙ ලංකාවට ඉතාමත්ම ආධුනික Fusion Rock කියන ශෛලිය. මේ ශෛලිය තුළ සිටිමින් අපි වසර දහස් ගණනක් ඈතට දිවෙන ලංකාවෙ පාරම්පරික සංගීතය නූතන රොක් සංගීතය සමග එකතු කරමින් අත්හදා බැලීම් කරනවා. ඇත්තටම කිව්වොත් අපේ සංගීත ශෛලිය පර්යේෂණාත්මක සංගීත ශෛලියක්, එහෙම නැත්තන් Experimental Genre එකක් කියල හඳුන්වන්න පුළුවන්. චක්‍රායුධ සංගීත නිර්මාණයක් කියන්නෙ ඇත්තටම ලෝක දෙකක් අතර ගැටුමක්. නූතන ලෝකයේ ඉලෙක්ට්‍රික් ගිටාර්ස්, ඩ්‍රම්ස්, කීබෝඩ්ස්, පියානෝ, වයලින් සමග පුරාතන ලෝකයේ ගැටබෙර, යක්බෙර, හක්ගෙඩි, බටනළා, සිතාර් උරිනුර ගැටී කරන සටනක්. වඩාත් සංක්ෂිප්තව කිව්වොත් චක්‍රායුධ කියන්නෙ අමුතු විදිහේ සංගීතමය අත්හදා බැලීම් කරන, වෙනස් විදිහට හිතන මොළ දොළහක්.

04. අපි මේ විදිහට හමුවෙන්නෙ, අපේ පළවෙනි සම්මුඛ සාකච්ඡාව කරලා අවුරුදු දෙකකට විතර පස්සෙ? මේ අවුරුදු දෙකක කාලය ගැන පොඩි මතක් කිරීමක් කළොත්, ඒ ගෙවී ගියපු කාලය ගැන අශාන් තෘප්තිමත්ද?
** පැහැදිලිවම ඔව්, තෘප්තිමත්. මං හිතන්නේ අපේ පළවෙනි සම්මුඛ සාකච්ඡාව සිදු වෙන්නෙ චක්‍රායුධ ආරම්භ කරල මාස දෙකක් හෝ තුනක් වැනි ඉතාම අඩු කාලයක් ඇතුළත. අපිට ඒ වෙනකොට මහා ලොකු බලාපොරොත්තුවත් ඉදිරි සැලසුම්වත් තිබුණේ නෑ. නමුත් මේ වෙනකොට අපි කවුරුවත් හිතුවෙ නැති තරම් දුරක් ඇවිත්. විවිධ ආකාරයේ සංගීත ප්‍රසංගවල, සංදර්ශනවල අපේ නිර්මාණ ඉදිරිපත් කරල, අපේම කුළුදුල් ගීතය, මරණානුස්සති එළිදක්වල, ඊට ලැබුණු සෑහෙන්න හොඳ ප්‍රතිචාරත් සමග ඊළඟ දැවැන්ත සන්ධිස්ථානය වෙනුවෙන් සූදානම් වෙන අවස්ථාව දක්වා අපි දීර්ඝ ගමනක් ඇවිත්.

05. දන්න යකා නොදන්න යකාට වඩා හොදයි කියලා කියද්දිත්, මොකද මේ අලුත් යකෙක්ව දාගෙන?
** මෙහෙමයි, අපි 2016දි අපේ Logo එක විදිහට ගිනිදැල් රාක්ෂ වෙස්මුහුණ යොදාගනිද්දි ඒක අලුත් දෙයක්. අපේ භාෂාවෙන් කිව්වොත් Trend එකක් වෙලා තිබ්බෙ නෑ. නමුත් පසුකාලීනව මේ ගිනිදැල් රාක්ෂ මුහුණ හැමදේටම භාවිත වෙන්න පටන් ගත්තා. වර්තමානයේ බැලුවොත් රූපවාහිනී වැඩසටහන්, වෙළඳ දැන්වීම්, සංගීත නිර්මාණ විතරක් නෙමෙයි ඇඳුම් පැළඳුම්වල පවා මේ ගිනිදැල් රාක්ෂ මුහුණ භාවිතා වෙනව. ඉතින් මරණානුස්සති එළි දක්වන්න සූදානම් වෙද්දි අපි තීරණය කළා වෙනස්, අපේම Logo එකකට යා යුතුයි කියල. දැන් අපි භාවිතා කරන 'Phase Three' ලෝගෝව නිර්මාණය වෙන්නෙ ඒ ආකාරයට.
මේ ලෝගෝව නිර්මාණය වුණෙත් අපේ ගිනිදැල් රාක්ෂ මුහුණ ලෝගෝව, මරණානුස්සති Artwork එක, ලිරික් වීඩියෝව ආදී සියළුම නිර්මාණ කටයුතු කරපු කවිෂ්ණා විජේසිංහ සොයුරිය අතින්. මේ වෙස්මුහුණ අපේම නිර්මාණයක්. ලෝගෝවට චාම් සහ විධිමත් පෙනුමක් තිබිය යුතුයි කියල හිතපු නිසා අපි වෙස්මුහුණට සුදු වර්ණයත්, පසුබිමට කළු වර්ණයත් යොදාගන්න තීරණය කළා. ඒ වගේම වෙස්මුහුණ නිර්මාණය කිරීමේදි අපි පෙරදිග හා අපරදිග දෙවිදිහෙම සංගීත ශෛලීන් නිර්මාණ කටයුතු වලට යොදාගන්න බව පෙන්වීම සඳහා වක්‍ර සහ සෘජු රේඛා දෙවර්ගයම යොදාගත්තා.

06. මරණානුස්සති ගැනත් මතක් කරමු.
** මරණානුස්සති කියන්නෙ චක්‍රායුධ කණ්ඩායමේ පළමු ස්වතන්ත්‍ර නිර්මාණය. 2019 මාර්තු 15 වෙනිදා රාත්‍රියේ ලිරික් වීඩියෝවක් විදිහට එළිදක්වපු මරණානුස්සති ඉදිරියේදී මියුසික් වීඩියෝවක් ආකාරයෙනුත් එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ගීතයේ සියළුම සංගීත නිර්මාණ කටයුතු සිදු කෙරුණේ චක්‍රායුධ මගින්. ගීතය ලිව්වේ මම. තනු සහ සංගීත නිර්මාණය සිදු කෙරුණේ සංගීත කණ්ඩායමේ සියළුමදෙනා අතින්.
මරණානුස්සති කියන්නෙ ටිකක් අඳුරු තේමාවක් මත ලියවුනු ගීතයක්, මේ ගීතයට පසුබිම් වෙන්නෙ දරුණු ලෙස සමූහ දූෂණයකට ලක් කෙරිලා මරා දැමුණු තරුණියකගේ සිතේ ඇති වෙන මරණාසන්න සිතුවිලි. මරණය පෙනි පෙනී ඇගේ සිත හරහා ගමන් කරන වික්ෂිප්ත බව, බිය, දුක සහ ඇගේ ඝාතකයන් ඇතුළු සමස්ත සමාජය කෙරේ ඇති වෙන වෛරය මේ ගීතයෙ මිනිත්තු හය හමාර තුළ ගලා යනවා.
මරණානුස්සති කියන්නෙ කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණ, ගීතයකටත් වඩා කෙටි චිත්‍රපටයකට උචිත කතා සංකල්පයක් මත ගෙතුණු පද වැලක්. අපි ජීවත් වෙන්නෙ කාන්තා හිංසනය, ලිංගික අතවර, ස්ත්‍රී දූෂණය වගේ අපරාධ සාමාන්‍යකරණය වෙන තරමටම බහුල වුණ, සරල භාෂාවෙන් කිව්වොත් මේ දේවල්වලින් Cup ගහපු රටක. ඔබ මානුෂීය හැඟීම් තියෙන කෙනෙක් නම්, සංවේදී හදවතක් ඇත්තෙක් නම් අනිවාර්යයෙන්ම දිනපතා අහන්න දකින්න ලැබෙන මේ අපරාධ ගැන යම්කිසි කණගාටුවක් ඔබේ හිත තුළ ඇති. සියුම් මට්ටමේ හරි කම්පනයක් හිත තුළ ඇති. මගේ හිත තුළ හොල්මන් කරන මේ කණගාටුව සහ කම්පනය තමයි "වියරු කඳුළැලි පතිත මිහිකතෙන්" ආරම්භ වෙලා "රමණ රති රඟ මරණ මරසෙන් ඈ නමින් බරු ගසමින්" අවසන් වෙන්නෙ. චක්‍රායුධ කණ්ඩායමේ අනෙකුත් සියළුම සාමාජිකයන්ගෙ හිත තුළ කැකෑරෙන කම්පනය තමයි මේ පදවැලට ජීවය දෙන්නෙ.
මේ ගීතය අහම්බෙන් වගේ මගේ අතින් ලියවෙන්නෙ බස් රථයක ගමන් කරන අවස්ථාවකදි මගේ ජංගම දුරකතනයේ Notepad එකක. අවංකවම කිව්වොත් මේ මගේ පළමු ගීත රචනය. මම මීට පෙර කිසිම දවසක ගීතයක් ලියල නෑ. ලිවීමක් වශයෙන් මං කරල තියෙන එකම දේ "මන්දාකිණියෙන් ඔබ්බට" තාරකා විද්‍යා බ්ලොග් අඩවිය ලිවීම පමණයි. අපි අපේම ගීතයක් නිර්මාණය කළ යුතුයි කියන තීරණයට සංගීත කණ්ඩායමක් වශයෙන් එළඹුණාට පස්සෙ මගේ හිතේ තිබුණු මේ කතා සංකල්පය මත මමත්, බේස් ගිටාර් වාදක නිමන්තත් අතින් ගීත දෙකක් ලියවෙනවා. අවසානයේ චක්‍රායුධ විසින් ගීතයක් වශයෙන් ඉදිරියට ගෙන යාමට තීරණය කරන්නෙ මා විසින් ලියූ ගීතය. නිමන්තගේ ගීතය සමහරවිට ඉදිරි කාලයකදි අපි අතින් එළිදැක්වේවි. ඒ වගේම අපිට ඕන වුණා මරණානුස්සති කියන්නෙ අපේ පළමු ස්වතන්ත්‍ර නිර්මාණය නිසා සංගීත කණ්ඩායමේ තිබුණු සියළුම සංගීත භාණ්ඩ මේ නිර්මාණයට යොදාගන්න. ඒ අනුවයි බටනළා, වයලින් සහ ලීඩ් ගිටාර් සෝලෝස් තුනක් මේ ගීතයට එකතු වෙන්නෙ.
අපිට ඕන වුණේ මේ සංගීත නිර්මාණයෙන් වෙනසක් ඇති කරන්න, සරලව කිව්වොත් ගීතය අසන කෙනෙකුට ඒ ගීතයෙ අර්ථය පදවැලේ වචනාර්ථ හරහා කෙළින්ම නොදී ගීතයට සවන් දුන්නට පස්සෙ පොඩ්ඩක් නතර වෙලා හිතන්න සලස්වන්න, "මොකක්ද ඒ වුණේ?" කියල කම්පනයක් ඇති කරවන්න අපිට ඕන වුණා. ඒ අනුව මේ ගීතයෙ ගලා යාම නිර්මාණය වෙලා තියෙන්නෙ එකිනෙකට වෙනස් සිතිවිලි/ හැඟීම් හතරක් මුල් කරගනිමින්. මේ තමයි මරණාසන්නව සිටින ඇගේ සිත හරහා ගමන් කරන අවසන් හැඟීම් හතර.
ගීතයේ ඉන්ට්‍රෝව, පළමු වර්ස් එක සහ පළමු කෝරස් එක තමයි මුලින්ම ඇගේ සිත හරහා ගමන් කරන්න ව්‍යාකූලත්වය හා වික්ෂිප්ත බව නිරූපණය කරන්නෙ. ශෝකී ස්වරයෙන් ගැයෙන බටනළාවෙන් සංකේතවත් වෙන්නෙ දෙවනුව ඇගේ සිත හරහා ගමන් කරන දුක. තුන් වෙනුවට ඇගේ සිතට දැනෙන්න ගන්නේ වේදනාවක්. තමන් සතුව තිබුණු, තමන් ආදරය කරපු සියළු දේ අත හැරලා යන්න තමන්ට කාලය ඇවිත් බව ඇය තේරුම් ගන්නේ මෙතැනදී. දෙවැනි වර්ස් එකෙන් සංකේතවත් වෙන්නෙ මේ වේදනාව. අවසන් වශයෙන් ඇගේ සිත හරහා ගලා යන්නෙ ඇයව මේ තත්වයට පත් කරපු මුළුමහත් සමාජයම කෙරේ ඇති වෙන කැකෑරෙන වෛරයක්. උද්වේගකරව සිදු වෙන වයලින් හා ලීඩ් ගිටාර් වාදනයෙන් කියවෙන්නෙ ඇගේ සිතේ ඇති වෙන ඒ වෛරය. මරණානුස්සති ගීතයෙ සම්පුර්ණ විවරණයක් ඔබට අපේ YouTube වීඩියෝවේ පළමු කමෙන්ටුවෙන් කියවන්න පුළුවන්.
අපි හිතනවා ඉතාම සුළු පිරිසකට හරි මේ ගීතයෙ පණිවිඩය අරන් යන්න, ඉතාම සුළු පිරිසකගෙ හරි හදවත් කම්පනය කරන්න අපිට හැකි වුණා කියල. දිනපතා සිදු වෙන, ඒ වගේම බොහෝවිට කාලයේ වැලිතලාවෙන් වැහිල යන, සමාජයීය ඛේදවාචකයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් මේ මහපොළොව නුහුලන අපරාධ වලට එරෙහිව සුළු වශයෙන් හෝ හඬක් නගන්න අපිට හැකි වුණා කියල අපි විශ්වාස කරනවා. නමුත්... මේ ආරම්භය පමණයි.

07. අනිත් ගීත එක්ක බලනකොට, මරණානුස්සති ගීතයේ මොකක්ද තියෙන විශේෂත්වය?
** මේක ඇත්තටම හරි නම් අපෙන් නෙමෙයි ප්‍රේක්ෂකයන්ගෙන් සහ ශ්‍රාවකයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. ගීතයක් අනෙකුත් ගීත වලට වඩා විශේෂ වෙනවද, එහෙම නම් ඒ ඇයි කියන දේ තීරණය කළ යුත්තේ ඔවුන්. ගීතය නිර්මාණය කළ අපේ දැක්මෙන් කියනව නම් ඉතින්, කලින් කිව්වා වගේම මේ අපේ රටට ඉතාම ආගන්තුක, ඒ වගේම ඉතාම සංකීර්ණ සංගීත ශෛලියකින් නිර්මාණය වුණු ගීතයක්. ඒ වගේම මං දැනුවත් ආකාරයට මරණානුස්සති කියන්නෙ ලංකාවේ එතෙක් මෙතෙක් කිසිම දිනයක ගීතයක් තුළින් කතාබහ වෙලා නැති, කොටින්ම කිව්වොත් Taboo Subject එකක් ගැන කතා කෙරෙන ගීතයක්.
08. මේ ගීතයට මොන වගේ ප්‍රතිචාරද ලැබුණෙ? අපේ රටේ ප්‍රසිද්ධ ගායන සහ සංගීත ශිල්පීන් එහෙමත් ප්‍රතිචාර ලබා දුන්නද?
** ප්‍රතිචාර අපි බලාපොරොත්තුවත් වුණේ නැති තරමට ලැබුණා. මේ ප්‍රතිචාරවලින් 99%ක් විතරම ඉතාම යහපත් ප්‍රතිචාර, ඒ ගැන අවංකවම සතුටු වෙනවා අපි සංගීත කණ්ඩායමක් වශයෙන්. රොක් සංගීතය කියන්නෙ ලංකාවෙ ඉතාම අඩු රසිකයන් පිරිසක් සිටින සංගීත ශෛලියක්. රොක් සංගීතයේ අතුරු ශෛලියක් වන ෆියුෂන් රොක් අහන්නේ ඊටත් වඩා ඉතා අඩු පිරිසක්. ඉතින් අපි මරණානුස්සති මේ තරමටවත් මිනිස්සු අතරට යයි, කතාබහට ලක්වෙයි කියල බලාපොරොත්තු වුණේ නෑ කොහෙත්ම. ප්‍රසිද්ධ වගේම අපි පුංචි කාලෙ ඉඳල ආදරේ කරන, අනුගමනය කරන සංගීත ශිල්පීන් බොහෝ දෙනෙක්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණා. චිත්‍රාල් සෝමපාල, Stigmata, ත්‍රෛලෝක, චරිත අතලගේ උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.
09. මේ ගීතය රචනා කරන්න අදහසක් ආපු දවසෙ ඉදලා, ගීතය අන්තර්ජාලයට මුදා හරින දවස වෙනකන් තිබුණු කාල පරාසය ගත්තොත්, මොන වගේ අභියෝගවලටද මුහුණ දෙන්න වුණේ? කොහොමද ඒවා සාර්ථකව ජය ගත්තෙ? අපි කැමති තිරය පිටුපස ගැනත් දැනගන්න.
** ගීතය රචනා කරපු දවසේ ඉඳලා, එළිදක්වපු දවස වෙනකන් ගත වුණු කාලය මං හිතන්නෙ මාස පහකට වැඩියි. අභියෝග විශාල ප්‍රමාණයකට මුහුණ දුන්නා. ප්‍රධානම අභියෝගය තමයි කාලය. චක්‍රායුධ කණ්ඩායමේ කිසිවෙක් වෘත්තීය සංගීතවේදීන් නෙමෙයි. අපි සියළු දෙනාම සංගීතයට කොහෙත්ම සම්බන්ධයක් නැති විවිධ ක්ෂේත්‍රවල රැකියාවල නියුතු, එහෙමත් නැත්නම් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අය. ඉතින් මරණානුස්සති නිර්මාණය කිරීම සහ පුහුණු වීම් කටයුතු වලට අවශ්‍ය කාලය සොයාගත්තේ ඉතාම අපහසුවෙන්. ඒ වගේම තිබුණු අනිත් බාධකය තමයි මුදල්. කණ්ඩායමේ අපි දෙතුන් දෙනෙක් හැරුණුකොට ඉතිරි සියළුදෙනාම තවම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අය. ඉතින් සංගීත නිර්මාණයක් එළිදක්වනව වගේ මිල අධික කාර්යයකට එක පාර යොමු වෙන්න ටිකක් අමාරුයි. අපේ මියුසික් වීඩියෝවේ කටයුතු පවා තවමත් ආරම්භ වෙලා නැත්තේ මේ මුදල් කියන අභියෝගය නිසා. කොහොම වුනත් මම හිතනවා අපි මේ අභියෝග සියල්ලටම කණ්ඩායමක් වශයෙන් සාර්ථකව මුහුණ දුන්නා කියල. අපි සාර්ථකව ගීතය එළිදැක්වූවා බලාපොරොත්තු වුණා ආකාරයටම. ඉදිරි වැඩ කටයුතුත් ඒ ආකාරයෙන්ම සිදු වේවි.

10. මොකද අර මාස ගාණක් තිස්සෙ Coming Soon, Coming Soon ගගා හිටියෙ? රසිකයො පව් නැද්ද?
** ඒක නම් ඇත්තටම ප්‍රවර්ධන උපක්‍රමයක්. මම කලිනුත් කිව්වා වගේ ලංකාවෙ රසිකයන් අතරට මේ වගේ ගීත යන්නෙ නෑ පහසුවෙන්. මේවට සවන් දෙන්නන් ඉන්නෙ ඉතාම සීමිත ප්‍රමාණයක්. ඉතින් අපිට මිනිස්සු අතරට මේ සංගීතය අරන් යන්න අවශ්‍ය නම් අපේ භාෂාවෙන් කිව්වොත් සින්දුව සෑහෙන්න Market කරන්න වෙනවා. මරණානුස්සති Artwork එක ගීතයට වඩා මාසයක් කලින් නිකුත් වෙන්නෙ, සමාජ මාධ්‍ය ජාල පුරා සංසරණය වෙන්නෙ ඒ නිසා. මං විශ්වාස කරනවා මාසයක් පුරාවට අපි කරපු ඒ ප්‍රවර්ධන කටයුතුවල හොඳ ප්‍රතිඵල ලැබුණ කියල. ඉතාම සීමිත රසික පිරිසක් සිටි චක්‍රායුධ සංගීත කණ්ඩායම Subscribersලා සියයකටත් වඩා අඩුවෙන් සිටි අලුත්ම YouTube චැනලයක් හරහා එළි දක්වපු පළමු ගීතයම එක සති අන්තයක් තුළ නැරඹුම් වාර 5000ක් පසු කර ගියා.
11. මම නම් කියන්නෙ ඕකම තමයි, ගීතය YouTube එකට දානකොට පල දුන්නෙ?
** මං හිතන්නෙ මේ දනුල කියන්නෙ අපිට ප්‍රචාරය කරපු වෙලාවෙදිම ගීතය එළි දක්වන්න බැරි වුණ එක ගැන වෙන්න ඕනෙ. මේකයි වුණේ, ගීතය නිකුත් වීමට නියමිත වුණ දවසෙත් හවස් වෙනකන්ම වගේ ලිරික් වීඩියෝවේ සංස්කරණ කටයුතු සිදු වෙමින් තිබුණේ කවිෂ්ණා සොයුරිය අතින්. හදිසියේම හවස 5.30ට විතර ඇගේ පරිගණකය ක්‍රියාවිරහිත වුණා දෝෂයක් නිසා. අපිට සිදු වුණා වෙනත් පරිගණකයකින් නැවතත් මුල සිට වීඩියෝව Export කරන්න. අන්තිමේදී හවස 7ට එළිදක්වන්න නියමිත වෙලා තිබුණ ගීතය එළිදක්වන්න පුළුවන් වුණේ රාත්‍රී 9.30ට විතර. එදා අපි හැමෝම කලබල වෙලා මොනව කරන්නද කියල හිතාගන්න බැරුව හිටපු විදිහ, හිතමිතුරන් Facebook Comments වලින් විතරක් නෙමෙයි Call කරල පවා "කෝ තාම නැද්ද?" කියල අහපු විදිහ (දනුලත් ඇතුළුව) අදටත් අපි සිනහවෙන් යුතුව මතක් කරනවා.
12. මේ චක්‍රායුධයේ පළවෙනි කුළුදුල් සංගීත නිර්මාණය...... කවුරු හරි කෙනෙක් මේ සංගීත නිර්මාණය, ප්‍රති නිර්මාණය කරලා, වෙනස්ම විදිහකට ගායනා කළොත්, ඒකට චක්‍රායුධ කණ්ඩායම මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද?
** කිසිම ගැටළුවක් නෑ. අපි අවංකවම සතුටු වෙනවා කවුරුහරි කෙනෙක් මුල් නිර්මාණයට Credits දීල තමන්ගේ විදිහට මරණානුස්සති Cover කළොත්. ඒක අපිට එක්තරා විදිහක ආඩම්බරයක්. මං හිතන්නෙ අපිට ඒ පළමු අත්දැකීම විඳින්න ලැබුණා මීට මාස කීපෙකට කලින් අපි පුහුණු වීම් කටයුතු කරන කල්ට් ස්ටුඩියෝවේම සිටි වෙනත් සංගීත කණ්ඩායමක් මරණානුස්සති වාදනය කරනවා ඇහුණ දවසක.
13. අද වෙනකොට දවසකට විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා ගීත එළිදැක්වෙනවා. ඉතින් තව මාස කිහිපයක් ගියායින් පස්සෙ අපේ අයටත් "මරණානුස්සති" අමතක වෙලා යයි කියලා හිතෙන්නෙ නැද්ද?
** සමහරවිට ඔව්, සමහරවිට නෑ. කොහොමත් අතීතයට සාපේක්ෂව වර්තමානයේ ගීත එළිදැක්වීම් සෑහෙන්න වැඩියි. ඉතින් රසිකයන්ට ගීත නිර්මාණ අමතක වෙලා යන්න තියෙන සම්භාවිතාවත් වැඩියි. නමුත් ගීතය නිර්මාණාත්මක නම්, හිතට වදින වෙනස් දෙයක් නම්, අපි හිතනවා ඒ ගීතය දිගු කාලයක් රසික හදවත් තුළ තියේවි. මරණානුස්සති ගීතයටත් ඒක අදාළයි.

14. මේ ගීතය අපිට අහන්න ලැබෙන්නෙ අන්තර්ජාලයෙන්. ඒත් අන්තර්ජාලය භාවිතා කරන්නෙ නැති පිරිසකුත් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මේ ගීතය රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා හරහා ප්‍රචාරය කරන්න අදහසක් නැද්ද? චක්‍රායුධයේ එකම ඉලක්කය තරුණ පරපුර විතරද?
** එකම ඉලක්කය තරුණ පරපුර විතරක් නම් නෙමෙයි. ෆියුෂන් රොක් සංගීතයට කැමති, වෙනස් ගීත නිර්මාණ රස විඳින්න කැමති ඕනෑම අයෙකුට අපේ සංගීතය විවෘතයි. නමුත් ගුවන්විදුලි සහ රූපවාහිනී නාළිකා ඉලක්ක කර මෙවැනි නිර්මාණ කිරීම අසාර්ථක වැඩක් මම හිතන විදිහට. කොහොමත් ගුවන්විදුලි, රූපවාහිනී නාළිකාවල වැඩි හරියක් ප්‍රචාරය වෙන්නෙ ප්‍රධාන ධාරාවේ සංගීතය. විශේෂයෙන්ම රොක් ගීතයක් ගුවන්විදුලියේ හෝ රූපවාහිනියේ ප්‍රචාරය වෙන්නෙ අතිශය කලාතුරකින්. ඒ නැති වුනත් මරණානුස්සති කියන්නෙ වෙනස් ගීතයක්. මේ ගීතය මිනිත්තු හයහමාරක් තිස්සේ දිවෙනවා වගේම මේ ගීතයට අඛණ්ඩ ගලා යාමකුත් නෑ. සරලවම කිව්වොත් මරණානුස්සති කියන්නෙ සිතෙන් විඳිය යුතු පර්යේෂණාත්මක සංගීත නිර්මාණයක්. ඉතින් ජනමාධ්‍ය හරහා සාමාන්‍යයෙන් මෙවැනි දේවල් විකාශය වෙන්නෙ නැති නිසා අපි ඒ ගැන උනන්දුවක් දැක්වුවේ නෑ.
15. ඉස්සරහටත් මේ වගේම හොද නිර්මාණයක් කරන්න යනවා කියලා ආරංචියි. බැරිද ඒ ගැන අපිට පුංචි ඉගියක් දෙන්න?
** දැන්ම වැඩි විස්තර කියන්න නම් අමාරුයි. නමුත් කලිනුත් කිව්වා වගේ ලංකාවෙ එතෙක් මෙතෙක් වෙලා නැති අමුතුම විදිහේ සංගීතමය අත්දැකීමක් ලබා දෙන්න වගේම තවත් වෙනස් දේවල් කිහිපයකටම චක්‍රායුධ සූදානම් වෙමින් ඉන්න බව විතරක් දැනට කියල තියන්නම්.
16. මේ වෙනකොට චක්‍රායුධ කණ්ඩායමේ අලුත් මූණු ටිකක් ඉන්නවා. ඒ අයවත් අපිට අඳුන්වලා දෙන්න.
** දැනට චක්‍රායුධ තුළ අතිදක්ෂ සංගීතවේදීන් දසදෙනෙක් සිටිනවා. මේ අතරට අපි මරණානුස්සති එළිදක්වද්දි නොහිටපු සිතාර් වාදකයෙකුත් ඇතුළත්. ඒ වගේම සංගීත කණ්ඩායමට ස්ථිර වශයෙන් තව සාමාජිකයන් දෙදෙනෙක් එකතු කරගැනීමට සූදානම් වෙමින් සිටිනවා.
01. ශනිකා චෞද්‍රි - ප්‍රධාන ගායිකාව, IFS ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරියක්
02. නිමන්ත උත්පල - බේස් ගිටාර් වාදකයා, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ගුරුවරයෙක්
03. ගයාෂාන් බණ්ඩාර - රිදම් ගිටාර් වාදකයා, රොක්ලන්ඩ් සමාගමේ ප්‍රසම්පාදන නිළධාරියෙක්
04. ටෂ්නි තේනුවර - බටනළා වාදකයා, උපාධිය ආරම්භ කිරීමට සූදානමින් සිටින සිසුවියක්
05. බනුරි ගම්මන්පිළ - ඩ්‍රම්ස් වාදකයා, iChem ආයතනයේ උපාධිය හදාරන සිසුවියක්
06. විශ්මික චතුරංග - බෙර වාදකයා, NSBM ආයතනයේ උපාධිය හදාරන සිසුවෙක්
07. ඔසඳ චතුරංග - කීබෝඩ් වාදකයා, ජපුර වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙක්
08. ලක්ෂිත රුක්ෂාන් - සිතාර් වාදකයා, KE Engineering Consultants ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්
09. මහේල හේරත් - වයලින් වාදකයා, උපාධිය ආරම්භ කිරීමට සූදානමින් සිටින සිසුවෙක් සහ
10. මම, අශාන් ද කොස්තා - ප්‍රධාන ගායකයා, IFS ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක්.

17. හැබැයි කලින් පාර හිටපු සමහරක් මූණු දකින්න නෑ?
** ඔව්. චක්‍රායුධ සාමාජිකයන් විවිධ කාලවලදී විවිධ අයුරින් වෙනස් වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි අපි සංගීතයට කිසිසේත් සම්බන්ධයක් නැති වෙනත් ක්ෂේත්‍රවල රැකියාවෙ හෝ අධ්‍යාපන කටයුතුවල නිරත වෙන අය වීම. අපි සංගීතයේ නියැළෙන්නේ විනෝදාංශයක් වශයෙන් සහ කාර්යබහුල මනස සැහැල්ලු කරගැනීමේ අරමුණින්. ඉතින් රැකියා කටයුතු හෝ අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය දෙන්න සිදුවෙන අවස්ථාවල අපිට වුණත් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදුවෙන්න පුළුවන්.
18. අපි කලින් මුණ ගැහුණු කාලයත් එක්ක බලනකොට, අද වෙනකොට චක්‍රායුධ කණ්ඩායමේ සංගීත නිර්මාණවලට මොන වගේ තාක්ෂණයන්ද එකතුවෙලා තියෙන්නෙ? අලුත් සංගීත උපකරණ එහෙම භාවිතා වෙනවද?
** ඔව් අනිවාර්යයෙන්ම. අපි කලින් වතාවේ මුණ ගැහෙනකොට චක්‍රායුධ තුළ ඒකල සංගීත භාණ්ඩ (Solo Instruments) වශයෙන් තිබුණේ වයලීනය සහ සැක්සෆෝනය පමණයි. නමුත් මේ වෙද්දි ඊට අමතරව බටනළා, මැන්ඩලිනය, සිතාරය, වීණාව ආදී වශයෙන් නොයෙකුත් සංගීත භාණ්ඩ සහ වාදකයින් අපිට එකතු වී තිබෙනවා. ඒ වගේම අපි කීබෝර්ඩ් වාදනයේදීත් දැන් MIDI තාක්ෂණය හරහා Plugins යොදාගන්නවා අවශ්‍ය අවස්ථාවලදි.
19. මරණානුස්සතියත් එක්ක Audio අංශය විජයග්‍රහණය කරපු නිසා, Visual අංශය ගැන අශාන්ලට තියෙන සැලසුම කියමු බලන්න.
** ඇත්තටම මම කලිනුත් කිව්ව වගේ මරණානුස්සති ගීතය ලියවෙන්නෙම කෙටි චිත්‍රපටයක් ආකාරයේ කතා සංකල්පයක් මත. ඉතින් අපිට මුල ඉඳලම තිබුණ ආශාව තමයි මේ ගීතයට Music වීඩියෝවක් නිර්මාණය කරන එක. වීඩියෝව නිෂ්පාදනය කිරීම තවදුරටත් කල් යමින් තිබෙන්නේ අපිට තියෙන මූල්‍යමය ප්‍රතිපාදනවල හිඟකම නිසා. ඉදිරියේදී අනිවාර්යයෙන්ම මරණානුස්සති වීඩියෝවක් ආකාරයෙනුත් එළි දකීවි. ඒ වගේම කියන්න ඕනේ, ගීතයක් ජනප්‍රිය වෙන්න මියුසික් වීඩියෝවක් අත්‍යවශ්‍ය නෑ. ගීතය ගුණාත්මක නම්, අසන්නාට විඳින්න පුළුවන් නම් එයම ප්‍රමාණවත් ගීතයක් ජනප්‍රිය වෙන්න. නමුත් ගීතයකින් අපි රසිකයාට දෙන්න හදන පණිවිඩයේ ප්‍රබලත්වය තවත් තීව්‍ර කරන්න හොඳ මියුසික් වීඩියෝවකට පුළුවන් කියන එකත් අමතක කරන්න බෑ .
20. පටිගත කිරීම් කටයුතු කරන සහ පුරුදු පුහුණුවෙන ස්ථානය (Studio) ගැනත් විස්තර කියනවා නම්?
** මරණානුස්සති පටිගත කිරීම සහ සංගීත සංයෝජනය කිරීම සිදු වුණේ ලහිරු ද කොස්තා අතින් Lahiru Audio Vision Studios තුළදී. ඒ වගේම 2016දි චක්‍රායුධ කණ්ඩායම ආරම්භ කෙරුණු දවසේ ඉඳල මේ වෙනකන්ම අපි පුහුණුවීම් කටයුතුවල යෙදෙන්නේ කොහුවල Cult Studio තුළ.
21. දැනටමත් සංගීත කණ්ඩායම විශේෂ උත්සව අවස්ථාවලට එහෙම සහභාගි වෙනවද?
** ඔව්, අපි ආරම්භයේ පටන්ම සංගීත සංදර්ශන, විශේෂ උත්සව අවස්ථා ආදියට සහභාගී වෙනවා ගෘහස්ථ හෝ එළිමහන් කියල භේදයක් නැතුව. විවාහ මංගල උත්සව වගේ වගේ දේවල්වලට නම් සංගීතය සපයන්නෙ නෑ හේතු කිහිපයක් මත. එකක් අපි ගුප්ත, අඳුරු සහ ආවේගශීලී ආකාරයේ ගීත ගායනා කරන රොක් සංගීත කණ්ඩායමක්. ඒ වගේම දොළොස්දෙනෙක් ඉන්න සංගීත කණ්ඩායමක් මංගල උත්සවයකට සංගීතය සපයනවා කියන්නෙ දෙපාර්ශවයටම මූල්‍යමය වශයෙන් විශාල අවාසියක්ස හ අවසාන වශයෙන් එවැනි සංගීත කටයුතුවලට පුහුණුවීමට තරම් කාලයක් අපිට නෑ. විවාහ උත්සවවලට සංගීතය සපයන වෙනත් සංගීත කණ්ඩායම් සතියකට දින 4-5 බැගින් නිතිපතා පුහුණුවීම් වල යෙදෙනවා. චක්‍රායුධ කණ්ඩායම යෙදෙන සංගීතය ගැලපෙනවා යයි හිතන වෙනත් ඕනෑම සංගීත සංදර්ශනයකට, ගිග් එකකට, විශේෂ උත්සවයකට අපි සහභාගී වෙනවා ඉල්ලීමක් ලැබුණොත්.
22. කොහොමද මිළ ගණන් තීරණය වෙන්නෙ? මොනවද විශේෂ කොන්දේසි? සාමාන්‍යයෙන් ඕනෑම ශෛලියක, ඕනෑම භාෂාවක, ඕනෑම ආකාරයක ගීතයක් වාදනය කරන්න පුලුවන්ද?
** මිල ගණන් සංගීත සංදර්ශනය හෝ උත්සව අවස්ථාව මත තීරණය වෙන්නෙ නෑ ඇත්තම කිව්වොත්. ඕනෑම සංදර්ශනයකින් / උත්සවයකින් අපි අය කරන්න බලාපොරොත්තු වෙන්නෙ නියමිත සාධාරණ මුදලක්. කිසිම මුදල් අය කිරීමකින් තොරව අපි ඕනෑතරම් සංගීත සංදර්ශනවලට සහභාගී වෙලත් තියෙනවා. කොන්දේසි කියල දෙයක් නෑ නමුත් අපි සතුව තිබෙන වාද්‍ය භාණ්ඩවලට ප්‍රමාණවත් මට්ටමේ ශබ්ද පරිපාලනයක් තිබිය යුතුයි. අපි විවිධ සංගීත භාණ්ඩ රැසක් යොදාගනිමින් සංකීර්ණ සංගීත නිර්මාණ වාදනය කරන්නේ. ඉතින් ඒවාට සරිලන හොඳ ශබ්ද පරිපාලනයක් තිබිය යුතුයි. බයිලා ගීත සහ වර්තමානයේ අතිශය ජනප්‍රිය වෙලා තියෙන හරසුන් විරහ ගීත ආකාරයේ ගීත ඇරෙන්න ඕනෑම ගුණාත්මක ගීතයක් අපි ගයනා කරනවා.
23. දැන් දැන් සමහරක් රූපවාහිනී නාලිකාවල දක්ෂ සංගීත කණ්ඩායම් තෝරන සහ හදුන්වාදෙන තරග පෙන්වනවා. මේ වගේ තරගයකට ඉදිරිපත් වුණොත්, ඒක චක්‍රායුධය ගැන නොදන්න අය අතරට චක්‍රායුධ නම අරගෙන යන්න හොද අවස්ථාවක් නෙවේද?
** මං හිතන්නෙ තමන්ගේම ගමනක් යන එක වටිනවා අපේ පැත්තෙන් බැලුවොත්. අපි අපේ ස්වතන්ත්‍ර නිර්මාණයක් එළි දක්වල ඉවරයි සහ චක්‍රායුධ වටා එකතු වුණු ඉතාම සීමිත එහෙත් ඉතාම ආදරණීය රසිකයන් පිරිසක් අපිට සිටිනවා. ඉතින් ඔවුන් සමග අපේ ගමනක් අපේ විදිහට ඉදිරියට යන්නයි අපේ ආසාව තියෙන්නෙ. ඒ වගේම මෙවැනි තරඟවලට ඉදිරිපත් වීමේදී අපිට සෑහෙන්න කොන්දේසිවලට යටත් වෙන්න සිදු වෙනවා. යම්කිසි කාලයක් යනතෙක් ඔවුන් සමග වැඩ කළ යුතුයි වගේ දේවල් උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. අපිට ඒ වගේ සම්පුර්ණයෙන්ම සංගීත කටයුතුවලම නිරත වෙන්න වෙලාවක් නැහැ. අපි කැමතියි අපේම නිවහල් ගමනක් හෙමින් යන්න.
24. වෙන සංගීත කණ්ඩායමකින් ආරාධනාවක් ආවොත්, සමහරවිට ලොකු මිළකට........ අශාන්ගෙ තීරණය මොකක් වෙයිද?
** කොහෙත්ම නෑ. මම චක්‍රායුධ අතහැර යනවා කියන්නෙ ඒ මට සංගීත කටයුතුවලින් සම්පුර්ණයෙන්ම ඈත් වෙන්න වෙන අවස්ථාවක් විය යුතුයි. ඒ ඇරෙන්න වෙනත් සංගීත කණ්ඩායමකට එකතු වෙන්න අදහසකුත් නෑ. මෙයින් මුදල් ඉපයීමේ පරමාර්ථයකුත් නෑ.
25. අද වෙනකොට ගොඩක් දක්ෂ තරුණයින් සහ තරුණියන්, සංගීත කණ්ඩායම් හදනවා සහ නව නිර්මාණ කරනවා. චක්‍රායුධ කණ්ඩායම දැන් ටිකක් පරිණතයි. ඉතින් කවුරු හරි කෙනෙක්, තමන්ගේ අලුත් සංගීත නිර්මාණයකට හරි අලුත් කණ්ඩායමට හරි උදව් ඉල්ලුවොත්, චක්‍රායුධ කණ්ඩායම ලෑස්තිද ඒ අයට උදව් කරන්න?
** පැහැදිලිවම ඔව්. ඉතාම සතුටින් උදව් කරනවා. ඒ උදව්ව කළ යුත්තේ අන්තර්ජාලය හරහා උපදෙස් වශයෙන්ද, නැත්තන් ගායනය හෝ වාදනය පුහුණු කිරීමක් වශයෙන්ද කියන එක අදාළ නෑ. පුළුවන්කමක් තියෙනව නම් චක්‍රායුධ අපි සියළුදෙනාම හැකි අයුරින් උදව් උපකාර කරනවා.
26. සංගීතයට දක්ෂ තරුණ තරුණියන්ට, චක්‍රායුධ කණ්ඩායමට එකතුවෙන්න දැනට පුලුවන්කමක් තියෙනවද?
** ඔව්. කලින් කිව්වා වගේ අපි මේ වනවිට අළුත්, දක්ෂ පියානෝ වාදකයෙක් සහ ලීඩ් ගිටාර් වාදකයෙක් සොයමින් සිටිනවා. මේ වනවිටත් Auditions කිහිපයක් පවත්වල අවසන්. මේ ලිපිය කියවන ඔබ හිතනවා නම් ඔබ මේ වාදනයන්ට දක්ෂයි කියලා, අපිට කතා කරන්න.
27. චක්‍රායුධ කණ්ඩායම වෙනුවෙන් මේ ලිපිය කියවන අයගෙන් මොනවා හරි උදව්වක් බලාපොරොත්තු වෙනවද? ඒ අයට කියන්න මොකුත් තියෙනවද?
** අපේ ගීත නරඹන්න. මරණානුස්සති වගේම අපි ඉඳහිට සමාජ මාධ්‍ය ජාලවල පළ කරන අනෙකුත් Covers වගේ දේවලුත්. ඔබට අවංකවම හිතෙන, දැනෙන දේ අපිට කියන්න. ඔබේ අදහස්, යෝජනා, චෝදනා සියල්ල අපට ඉදිරියට යන්න ලොකු රුකුළක් වේවි.
28. මොනවද චක්‍රායුධයේ ඉදිරි බලාපොරොත්තු?
** ළඟදීම එළි දැක්වීමට නියමිත සංගීත වැඩකටයුතු කීපයක්ම තියෙනවා. බොහෝවිට මේ අවුරුද්දේ අග භාගයෙදි සහ ලබන අවුරුද්දේ මුල භාගයෙදි ඔබට චක්‍රායුධ හරහා වෙනස් දෙයක් අහන්න, දකින්න ලැබේවි. මරණානුස්සති Music වීඩියෝව වගේම තවත් ස්වතන්ත්‍ර නිර්මාණත් මේ සැලසුමට ඇතුළත්.
29. මේ අවුරුදු දෙක ඇතුළත කාලය තුළත් ස්තූති කරන්න ඕන පිරිසක් අනිවාර්යෙන්ම ඇති නේද?
** අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනේ අපේ දෙමව්පියන්ට. ඔවුන්ගේ සහයෝගය සහ දිරිමත් කිරීම් නැත්නම් අපිට කොහෙත්ම මේ තරම් දුරක් එන්න වෙන්නෙ නෑ. ඒ වගේම අපිට සංගීතය උගන්වපු ගුරු භවතුන් සහ අපේ පාසල්වලටත් විශේෂ ස්තූතියක් හිමි විය යුතුයි. අපිව "එළියට ගත්තේ" ඔවුන්. අපේ ගීත රස විඳින, මරණානුස්සති ගීතය අසා අදහස් දක්වපු, Share කරපු, ඊළඟ නිර්මාණ එනතෙක් බලා සිටින අපේ ආදරණීය රසික පිරිසටත් අපේ හදපිරි ස්තූතිය පිරිනැමිය යුතුමයි. ඔබේ ආදරණීය දිරිමත් කිරීම් අපිට ඉතාම වැදගත්. ඒ වගේම අවසාන වශයෙන් අහේතුකව විවේචනය කරන්නන්, සරලවම කිව්වොත් Hatersලාටත් විශේෂ ස්තූතියක් හිමි විය යුතුයි මම හිතන්නෙ. මේ Haters කියන්නෙ සද්භාවයෙන් නිර්මාණ විවේචනය කරන, අවංකවම තමන්ට දැනෙන දේ කියන විවේචකයන් ගැන නෙමෙයි. වෙනත් පෞද්ගලික හේතූන් දඩමීමා කරගනිමින් විවේචනයේ යෙදෙන අය. හැමෝටම වගේම අපිටත් එහෙම අය ඉන්නවා. ආදරණීය අදහස් දැක්වීම් වගේම මේ අයගේ කර්කශ විවේචනත් අපිව දිරිමත් කරනවා. ඉතින් මේ සියළු දෙනාටම බොහොමත්ම ස්තූතියි.
30. ඔයාලව සම්බන්ධ කර ගන්න පුලුවන් ක්‍රමය ආයිත් මතක් කළොත්?
** අපිව ඕනෑම අවස්ථාවක 071 8 536 777 දුරකථන අංකය හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. මේ මගේ දුරකථන අංකය. ඒ හැරෙන්න අපේ Facebook, YouTube සහ Instagram ගිණුම්වලට හෝ [email protected] ලිපිනයට පණිවිඩයක් එවීමෙන් අපිව පහසුවෙන්ම සම්බන්ධ කරගන්න පුළුවන්.
ඉතින් අශාන් ඇතුළු සමස්ථ කණ්ඩායමටම මුළු හදවතින්ම සුභ පතනවා අනාගත වැඩ කටයුතු සහ සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඒ වගේම සංගීත නිර්මාණ හරහා අලුත් නව්‍යතා හදුන්වාදෙන්න පුලුවන් වෙන්න කියලත්.
අශාන් වගේම, අපිත් ආරාධනා කරනවා ඔයාලට සමාජ ජාලාවල තියෙන "චක්‍රායුධ" කණ්ඩායමේ ගිණුම් එක්ක එකතු වෙන්න කියලා. ඒ හරහා මේ අය ඉස්සරහට කරන්න යන අලුත් දේවල් ගැන දැන ගන්නත්, ඒවාට උදව් කරන්නත් ඔයාලට පුලුවන් වේවි...!!!!!!!!!!!
ප.ලි -
මෙම ලිපියේ ඇතුළත් කර ඇති සියලුම ඡායාරූප, සම්මුඛ සාකච්ඡාවට භාජනය වූ තැනැත්තා විසින් ලබා දුන් ඒවා බව කරුණාවෙන් සළකන්න.