යකඩ කුරුල්ලෝ
ගෙදරින් පිට ගියාම ගුවන් යානයක්, එහෙමත් නැත්නම් හෙලිකොප්ටරයක් යනකොට ගොඩක් අය හරිම ආසාවෙන් සහ උනන්දුවකින් ඒ දිහා බලාගෙන ඉන්නවා දකිනවා. ඒත් ඉතින් ඒ තියෙන උනන්දුව, ආසාව සහ උද්‍යෝගය මට නම් මළාටවත් එන්නෙ නෑ. ඒ ඉතින් හැමදාම දකින කුකුළගේ කරමලේ වගේ, අනන්තවත් අපේ ගෙදර උඩින් ගුවන් යානා එහාට මෙහාට යන නිසයි. අපේ ගෙදරට ළගම ගුවන් තොටුපල තමයි රත්මලාන ගුවන් තොටුපල. මේ ගුවන් තොටුපලයි, අපේ ගෙදරයි අතර තියෙන්නෙ කිලෝ මීටර 6කට ආසන්න දුරක්. ඒ ඉතින් මහ පාරෙන් ගියොත්. අහසින් යනවා නම් මේ දුර කිලෝ මීටර 3ක් දක්වා අඩු වෙනවා. රත්මලාන ගුවන් තොටුපලේ, ගුවන්යානා ගමන් කරන රේඛාව වැටිලා තියෙන්නෙ අපේ ගෙදර හරහා. ඒ නිසා දවසකට අනන්තවත් ගුවන්යානා අපේ ගෙදර හරහා එහාට මෙහාට යනවා. මෙහෙම යන ගුවන් යානාත් විවිධාකාරයි. ප්‍රභූ යානා, මගී යානා, හමුදා යානා, පෞද්ගලික යානා, පුහුණුවීම් කරන යානා, භාණ්ඩ ප්‍රවාහනය කරන යානා.... ආදී වශයෙන්. ඒවත් ඉතින් එක එක ප්‍රමාණවලින්, එක එක පාටවලින්, එක එක හැඩවලින් සමන්විතයි.
රත්මලානෙ ගුවන් තොටුපල ගැන තියෙන වඩාත්ම අමතක නොවන සිදුවීම තමයි 2007 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වුණු දවස. 1996න් පස්සෙ පළවෙනි වතාවට තමයි අපි අවසන් ලෝක කුසලාන තරග වටයකට තේරුණේ. ඒ ඕස්ට්‍රේලියාවත් එක්ක. එදා ඉතින් මුළු රටම ක්‍රිකට් තරගය බැලුවා. මුළු රටම කියලා කිව්වම හමුදා කදවුරුවල ඉන්න සෙබළුන්වත් අයිති වෙනවා කියලා මතක තියා ගන්න ඕන. ඉතින් ඒ කාලෙ යුද්ධය දරුණු වෙමින් තිබ්බ කාලෙ. ප්‍රභාකරන් හරි ලස්සන සැලසුමක් හැදුවා, කොළඹට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්න. ප්‍රභාකරන් කියලා කිව්වට ඉතින්, මේ ප්‍රහාරයේ මහා මොළකාරයා වුණේ චාල්ස් ඇන්තනී. ප්‍රහාරය එල්ල කරන්න තීරණය කළේ, ලෝක කුසලාන තරගය දවසෙ මහ රෑ. මොකද ඒ වෙනකොට මුළු රටේම අවධානය යොමු වෙලා තියෙන්නෙ ක්‍රිකට් තරගය දිහාවට මිසක්, ආරක්ෂක තත්වය දිහාවට නෙවේ. මට මතක විදිහට එදා එල්.ටී.ටී.ඊ ගුවන් යානා දෙකක් කොළඹ දිස්ත්‍රික්කයට ඇතුල් වුණා. එකක් ආවේ මුතුරාජවෙල ගෑස් ගබඩා සංකිර්ණය ඉලක්ක කරගෙන. අනිත් එක ගියේ කොලොන්නාවේ තෙල් ගබඩාව පැත්තට. මුලින්ම බෝම්බ දැම්මේ කොලොන්නාව තෙල් ගබඩාවට. ඊට පස්සෙ මුතුරාජවෙල ගෑස් ගබඩා සංකීර්ණයට බෝම්බ දැම්මා. ඊට පස්සෙ මුළු කොළඹ නගරය පුරාවටම ඇහි පිය ගහන වේගයෙන් බෝම්බ බිය පැතිරෙන්න ගත්තා. ඒ ඉතින් රාජ්‍ය මට්ටමින්. ඒත් ඒ වෙනකොටත් රටේ සාමාන්‍ය ජනතාව දැනගෙන හිටියේ නෑ, මෙහෙම දෙයක් වෙලා කියලාවත්. එයාලා හිටියේ ක්‍රිකට් තරගය බලන ගමන්.
ඊට පස්සෙ ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ තවත් බෝම්බ දායි කියලා සැක කෙරෙන, අවදානම් කලාපවල හයි කරලා තියෙන ගුවන්යානා නාශක අවි (Anti Aircraft Guns) ක්‍රියාත්මක කළා. මෙහෙම ක්‍රියාත්මක කරපු ස්ථානවලින් එකක් තමයි රත්මලාන ගුවන් තොටුපල. අනිත් ස්ථාන විදිහට යුද්ධ හමුදා කදවුරු, කටුනායක ගුවන් තොටුපල, ගුවන් හමුදා මූලස්ථානය, කොළඹ වරාය, කොලොන්නාව තෙල් ගබඩාව, සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය නම් කරන්න පුලුවන්.

රත්මලානෙ ගුවන් තොටුපලෙන් සහ ගුවන් හමුදා කදවුරෙන්, ගුවන් යානා නාශක අවි ක්‍රියාත්මක කරන්න පටන් ගත්තු මොහොත නම් අද වගේ මතකයි. මුළු අහස පුරාවටම පතොරම් පොකුරු පොකුරු විසික් වුණා. ඒවායේ රතු පාට එළියෙන් මුළු අහසම මහා දවල් වගේ ආලෝකමත් වුණා. ඒ වගේම අහස අතරින් පතර දුමාරයෙන් පිරුණා. අපේ ගෙදර අය වගේම, ගමේ ගොඩක් අය හිතුවෙ ක්‍රිකට් තරගය නිසා, කොහෙන් හරි මල්වෙඩි පත්තු කරනවා කියලා. ඒ වුණාට ඉතින් අපි කරපු පරිගණක ක්‍රීඩාවලින් ලබපු දැනුම් සම්භාරය අනුව, මම කිව්වා ඕක මල්වෙඩි පත්තු කෙරිල්ලක් නෙවේ. අහසට වෙඩි තැබිල්ලක් කියලා. ඒ වෙලාවෙ නම් ගෙදර අයත් මට හිනා වුණා. ඊට පස්සෙ ඉතින් රූපවාහිනියේ විශේෂ ප්‍රවෘත්ති යන්න ගත්තා. ගෙදරටත් දුරකතන ඇමතුම් ගලාගෙන ආවා. ඊට පස්සෙ තමයි ගෙදර අයට වැඩේ තේරුම් ගියේ.
ගුවන්යානා නාශක අවිවලින් නිකුත් වෙන ශබ්දය ඇහුනේ, හරියට අපේ ගෙදර එහා පැත්තෙ ඉදන් වෙඩි තියනවා වගේ. ඒ තරමටම ළගින්. ඒ වෙලාවෙ නම් හිතුනෙ ප්‍රභාකරන් උතුරේ ඉදගෙන, අපේ ගෙදරටම යුද්ධය අරගෙන ඇවිල්ලා කියලයි. ඉතින් එදා අපේ පැත්තෙ යුද්ධයක වාතාවරණයක් තමයි නිර්මාණය වුණේ. එක අතකින් භයානක සිද්ධියක් වුණත්, ඒක හොද අත්දැකීමක් වුණා. කොළඹ ගුවන්යානා නාශක අවි ක්‍රියාත්මක කරපු අනිත් ස්ථානවලත්, මේ විදිහෙම පරිසරයක් ගොඩනැගිලා තිබ්බා. ජනමාධ්‍යවේදීන් වාර්තා කරලා තිබ්බ විදිහට නම් එදා කොළඹ අහස රතු පාට එළිවලිනුයි, පිපුරුම් ශබ්දවලිනුයි වැහිලා තිබුණලු. මේ විදිහට පිපුරුම් ශබ්දයි, රතු පාට එළියී හුග වෙලාවක් තිබුණා. ඊට පස්සෙ ඉතින් විදුලිය විසන්දි වුණා මුළු කොළඹම. සෑහෙන වෙලාවකට විදුලිය ආවෙ නෑ. විදුලිය ආවේ, එල්.ටී.ටී.ඊ ගුවන් යානා දෙක, ආයිත් උතුර පැත්තට පිටත් වුණා කියලා ආරංචි වුණාමයි.
ඔය උඩ තියෙන්නෙ එදා ජනමාධ්‍යවේදීන් අරගත්ත පින්තූර වගයක්. පහළින් තියෙන වීඩියෝවලින් දෙකක්, එදා පටිගත කරපු ඒවා. අනිත් දෙක එල්.ටී.ටී.ඊ එකෙන් 2009 අවුරුද්දෙ කොළඹට එල්ල කරපු ගුවන් ප්‍රහාරය දවසෙ පටිගත වෙච්ච ඒවා. මේ වීඩියෝ බැලුවම තේරේවි මේකෙ තියෙන භයානකකම.

|
|
අපේ ගෙදර උඩින් රත්මලානෙ ගුවන් තොටුපල පැත්තට යන ගුවන් යානා ඔක්කොම යන්නෙ ගොඩක් හෙමින්. ඒ වගේම ගොඩක් පහළින්. හරියට අවට තියෙන ගස්වල ගෑවෙන නොගෑවෙන ගාණට වගේ. ඒ ඉතින් යානය බස්සන්න ලෑස්ති වෙන නිසා. ඒ නිසාම අපේ ගෙදර ඉදන් ගුවන් යානා හොදට නිරීක්ෂණය කිරීමේ, අධ්‍යනය කිරීමේ අවස්ථාව තියෙනවා. ඉස්සර නම් රත්මලාන ගුවන්තොටුපලේ යානා බස්සන සහ නග්ගන ශබ්දයත් අපිට හොදට ඇහුණා. අපේ ගෙදර හරහා රත්මලාන පැත්තට ගුවන් යානයක් ගියොත්, ඒක ටික වෙලාවකින් බස්සන ශබ්දය ඇහුණා. අනිත් අතට, අපේ ගෙදර හරහා ගුවන් යානාවක් ගියේ නැතත්, ගුවන් තොටුපලෙන් ගුවන් යානා ශබ්දයක් ඇහෙනවා නම්, ඒ ශබ්දය ඇහිලා ටික වෙලාවකින්, රත්මලානෙ ඉදන් අපේ ගෙදර හරහා ගුවන් යානයක් යනවා. සමහරක් වෙලාවට අපේ ගෙදර උඩ අහසේ, එක තැන හෙලිකොප්ටර් නවත්තලා තියෙන වෙලාවලුත් තියෙනවා. ඒක ගොඩාක් කලාතුරකින් දකින්න ලැබෙන සිදුවීමක්. හරියට කෝටියකට සැරයක් වගේ. එහෙම වෙන්නෙ ඉතින් ගුවන් පථය නිසි වෙලාවට ලෑස්ති කරලා තිබ්බෙ නැත්නම්.
සමහරක් වෙලාවට ඈත අහසේ හුගාක්ම උඩිනුත් ගුවන්යානා යනවා පේනවා. ඒවා පේන්නෙ ගොඩක් පුංචියට. ජෙට් එහෙම යන්නෙත් හුගාක් උසින්. ජෙට් එකක් ගමන් කරන දර්ශනය හරිම ප්‍රිය උපදවන සුළුයි. මොකද ජෙට් එකේ වේගය නිසා පසාරු වෙලා යන වළකුළු සහ දුමාරය, සරල රේඛාවක් විදිහට අහසෙ හුග වෙලාවක් තැන්පත් වෙලා තියෙන නිසා. අනිත් එක හුගාක් උසින් යන නිසා, ඒ රේඛාව ඇදෙන්නෙත් හරිම හෙමිහිට. ඒක බලාගෙන ඉන්න එකත් හරියට භාවනාවක් වගේ. සමහරක් වෙලාවට ප්‍රභූ පැලැන්තියෙ අයත් හෙලිකොප්ටර්වලින් අපේ ගෙදර උඩින් යනවා. එයාලා යන හෙලිකොප්ටර් අදුර ගන්න ලේසියි. මොකද ඒ ජාතියේ හෙලිකොප්ටර් තනි කළු පාටයි. ඒ වගේම එයාලගෙ හෙලිකොප්ටර් එකට කලින්, මිනිත්තු කිහිපයක දුරක් තියාගෙන, මුලින්ම තවත් හෙලිකොප්ටරයක් ගමන් කරනවා.
ඒ කාලෙ නම් පෙබරවාරි, මැයි මාසවලදි මෙහේ ඉන්නත් අමාරුයි. මොකද පෙබරවාරි මාසයේ ජාතික නිදහස් දිනය යෙදෙනකොට, මැයි මාසෙදි ජාතික රණවිරු දිනය යෙදෙනවා. ඉතින් ඒ ඒ විශේෂ දිනවලට ජාතික උත්සවය පවත්වන ස්ථානයට යන එන ගුවන්යානා ප්‍රමාණය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නෙහ්? එක එක වර්ගයේ, එක එක ප්‍රමාණයේ ගුවන් යානා, අති විශාල ප්‍රමාණයක් ගුවන් සංදර්ශන පවත්වනවා. ඉතින් එහෙම සංදර්ශන පවත්වන ගුවන්යානා ඔක්කොම යන්නෙ, අපේ ගෙදරත් පහු කරගෙන රත්මලාන පැත්තට. ඉතින් රූපවාහිනියේ සජීවී උත්සවයේ කැමරාවෙන් පෙන්නන ගුවන්යානා ටික, ටික වෙලාවක් යනකොට අපේ ගෙවල් පැත්තෙ දකින්න ලැබෙනවා. සමහරක් යානා යන්නෙත් කොළ පාට, කහ පාට, රෝස පාට දුමක් ගහගෙනමයි.
ගුවන්යානා, හෙලිකොප්ටර් වගේම ජෙට් එහෙමත් අවට ගස්වල ගෑවී නොගෑවී යනවා. ඒ වගේ දවසක අඩුම තරමේ යානා 50ක්වත් යන එක යනවාම තමයි. සමහරවිට එකම යානා ටික තමයි, සමනලයාගේ ජීවන චක්‍රය වගේ යන්නෙත්. කොහොම හරි ඉතින්, ඒ වගේ කාලෙකට ගෙදර ඉන්න හරිම අමාරුයි. මොකද ඉතින් කණක් ඇහිලා ඉන්න නෑ. හෙලිකොප්ටරයක්, ගුවන්යානයක් ළගින් යන එක ඉවසන්න පුලුවන්. ඒත් ජෙට් එකක් හෙන පාතින් යනකොට, ඒකෙන් ඇතිවෙන වේදනාව? ජෙට් එකක් යනවා නම් ඒත් කමක් නෑ. ජෙට් 5ක් 6ක් එකට, එක වේගෙන්, යන්න පුලුවන් උපරිම පහළින් යනකොට කන් අඩි පුපුරන්න වගේ එනවා. ඒ තරමටම අමාරුයි. ඒවායෙ ශබ්දය කොච්චරද කියනවා නම්, වහලා තියෙන දොර ජනේල හිටන් ඇරෙනවා. මුළු ගෙදරම දෙදරනවා.
ඒ ඉතින් අදාල උත්සවය දවසට. ඒත් ඉතින් මෙයාලා පුහුණුවීම් පටන් ගන්නෙ උත්සවයට සතියක් විතර තියලා. ඉතින් සතියක් යනකං මුළු දවසෙම උදේ, දවල්, හවස් වරුවේ ඇහෙන්නෙ අහස් යාත්‍රාවල සද්ධ විතරමයි. වෙන කිසිම දෙයක් අපිට ඇහෙන්නෙ නෑ.

2009 යුද්ධය දිනන්න ඔන්න මෙන්න තියෙනකොට රජයෙන් ඉල්ලීමක් කළා, හැම ගෙදරකින්ම ජාතික කොඩියක් දාන්න කියලා. අපේ ගෙදරිනුත් කොඩි දෙකක් දැම්මා. එක කොඩියක් හෙන විශාලයි. මේක හිටෙව්වෙ අපේ ගෙදර වහල උඩ. කොඩි කණුව අඩි 10ක් විතර උසයි. අපේ පැත්තෙ උඩින්ම වගේ තිබ්බෙ අපේ කොඩිය. මේක හිටවනකොටයි, මේක දිහා බලාගෙන ඉන්නකොටයි හරිම සතුටක් සහ අභිමානයක් දැනුනා. ඒ ගුවන් හමුදාවෙ හෙලිකොප්ටර්වල ගමන් කරන අයට, අපේ කොඩියත් පෙනේවි සහ එයාලත් ඒක දැකලා සතුටුවෙයි කියන සිතුවිල්ල නිසා.
2011 අවුරුද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිහිටුවලා අවුරුදු 60ක් පිරුණා. ඒ නිමිත්තෙන් රත්මලාන කදවුරේ ප්‍රදර්ශනයක් සහ සංදර්ශනයක් පැවැත්වුණා. මේ සංදර්ශනයේ, යුධමය වාතාවරණයකදී ගුවන් හමුදාවේ කාර්යභාරය විදහා දැක්වෙන ඉදිරිපත් කිරීම් ගොඩක් තිබුණා. ඒ දවස්වල ඒ සංදර්ශනය යන වෙලාවල් වලදි, පත්තු වෙන තුවක්කු සද්ධ, බොම්බ සද්ධ එහෙම අපිට හොදට ඇහුණා. ඒ වගේම සෙබළුන්ව ප්‍රවාහනය කරන හෙලිකොප්ටර් යානා ඈත අහසේ එක තැන නතර කරලා තියෙනවා දැක ගන්න ලැබුණා.

පුංචි කාලෙ නම් ගුවන් යානා, හෙලිකොප්ටර් යනකොට මොන වැඩේ තිබ්බත් මිදුලට දුවන් ගිහින් බලනවා. සමහරක් වෙලාවට එහෙම දුවන්නෙත් අහල පහළ ඉන්න නංගිලා, මල්ලිලා, අක්කලවත් ඇදගෙන. ගොඩක්ම පුංචි කාලෙ මට මතකයි මම, ක්‍රිකට් පිත්තක් සම්පූර්ණයෙන්ම වැහිලා යනකන් කළු පාට ගෑවා. එක දවසක් හෙලිකොප්ටරයක් යන වෙලාවක, මම ඕක බරට බරේ උස්සන් ඇවිල්ලා, හෙලිකොප්ටරේ දිහාවට තියලා, "ඩෝං ඩෝං" කියලා මහ සද්ධෙට කෑ ගැහුවා. ඒ වෙලාවෙ නම් තාත්තා හොදටම බැන්නා.
"අයාලේ ගිය සිතක සටහන්" ලිපියෙ මම සටහන් කළා වගේ, ඒ කාලෙ අපිට ඕනෑ තරම් නිදහස තිබ්බා එළියෙ වෙන දේවල් බලන්න. හරිම සරල සහ නිදහස් ජීවිත ගත කළෙත්. Computer, Internet තිබ්බෙත් නැති නිසා දවසේ වැඩි හරියක්ම එළියට වෙලා හිටියෙ. ඉතින් අහසෙ යන යකඩ කුරුල්ලො දිහා බලන්න වෙලාව තිබ්බා. දැන් නම් ඒකෙ අනිත් පැත්ත. හොදටම වැඩ රාජකාරි වැඩි වෙලා. ගෙදර හිටියත් ඉන්නෙ කාමරෙ අස්සෙමයි. ඉතින් ගිනි ගන්න ගුවන් යානයක් අපේ ගෙදර හරහා ගියත්, ඒක දැන ගන්න වෙන්නෙත් Internet, Facebook එකෙන්ම තමයි !