ගුරුකුලයට අරුණල්ලක් 01
නුගේගොඩ NSBM එකට සම්බන්ධ වෙලා 2014 මාර්තු 18 වෙනිදට අවුරුද්දකුත් වුණ නිසා ඒක සමරන්න අපේ පංතියේ අය හරි අපූරු වැඩක් කළා. ඒ තමයි දහසක් වූ අගහිගකම් වලින් පෙලෙන දුෂ්කර පාසලකට පුලුවන් ශක්ති ප්‍රමාණය අනුව ආධාර සහ පරිත්‍යාග ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. අනිත් අය කරනවා වගේ DJ party, අර Dance මේ Dance වලට වඩා හැමෝගෙම කැමැත්තෙන් මේ වගේ ව්‍යාපෘතියක් නිර්මාණය වුණේ ඒකෙන් කාට කාටත් ප්‍රයෝජනයක් තියෙන නිසා. ඒ වගේම අර්ථයක් තියෙන නිසා. ඒකෙන් හැමෝටම ආදර්ශයක් ගන්න පුලුවන් නිසා. ඒ වගේම අපූරු සිහිවටනයක් වෙන නිසා. මේ වගේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පළවෙනි වතාවට සංකල්පය ගෙනාවෙ අපේ කැලුම් සොහොයුරා.
ඊට පස්සෙ කාගෙත් කැමැත්ත මත 2014 පෙබරවාරි 12 වෙනිදා, මේ ව්‍යාපෘතියට "ගුරුකුල අරුණලු" කියලා නම තිබ්බා. ගුරුකුල කියන්නෙ පාසලට. අරුණල්ල කියන්නෙ පිබිදීමට කියන තවත් සමාන පදයක්. එහෙම නම තියලා පෙබරවාරි 14 වෙනිදා (හරියටම නවම් පෝය දවසේ) ව්‍යාපෘතියේ ආදර්ශ පාඨය විදිහට, "එක්කෙනෙකුගෙන් එක දෙයක්" කියන සංකල්පය ඉස්මතු වෙන විදිහට "සෝ සිතින් එක් අයෙක් - තිළිණ කරමු එක් දෙයක් " කියන පාඨය තෝර ගත්තා.
ඊට පස්සෙ තිබුණු ප්‍රධානතම අභියෝගය වුණේ මේ ව්‍යාපෘතිය සදහා පාසලක් තෝර ගන්න එක. ඒ අභියෝගයටත් සාර්ථකව මුහුණ දෙන්න මෙලාන්ගෙ කැපවීම නිසා අපිට හැකියාව ලැබුණා. ඒ හරහා නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ ඉදලා කිලෝ මීටර් 30කට එහායින් තියෙන උඩමාදුර ගල්කඩවල ප්‍රාථමික විද්‍යාලය තෝරා ගැනුණා.

1 වසරෙ ඉදලා 5 වසර වෙනකං විතරක් පංති තියෙන මේ ඉස්කෝලෙ අධ්‍යාපනය ලබන මුළු සිසුන් ගණන 24ක්. විදුහල්පතිතුමා හැරුණු කොට තවත් ගුරුවරු 2 දෙනෙක් බොහොම කැපවීමෙන් ළමයින්ට සිප් සතර කියා දෙනවා.
මාසයකටත් වඩා අඩු කාලයක් තුළදී මේ ව්‍යාපෘතියට දේශ දේශාන්තර වලිනුත් ගොඩක් පරිත්‍යාග සහ ආධාර එකතු වුණා. කොච්චර දේවල් එකතු වුණාද කියනවා නම් ගමන පිටත් වෙන්න පැය තුනක් හතරක් තියෙද්දිත් අපිට ආධාර එකතු වුණා. මේ බඩු ඔක්කොම ගෙනියන්න පුලුවන් වෙයි කියලා අපි කීයටවත් හිතුවේ නෑ. මෙහෙම එකතු වුණු පරිත්‍යාග ඔක්කොම හරිහමන් නින්දක්වත්, විවේකයක්වත් නැතුව පිළිවෙලට සකස් කරලා, මාර්තු 26 වෙනි බදාදා රෑ 11.45ට ඔක්කොමලම NSBM එකට රැස් වුණා. පාන්දර 12.15ට විතර සුභ මොහොතින් නුගේගොඩ සිරි ධම්මාරාම විහාරයට පඩුරකුත් දාලා උඩමාදුර වෙත ගමන ආරම්භ කරපු අපි, පැය 9ක වෙහෙසකාරී ගමනකින් පසුව උඩමාදුර ප්‍රාථමික විද්‍යාලයට ළගා වුණා. ඒ කියන්නෙ 27 වෙනි බ්‍රහස්පතින්දා උදේ 9.15ට විතර.

කඩුල්ල පැනලා පාසලට ඇතුල් වෙන කොට අපි කාගේත් නෙත ගැටුනෙ සුන්දර දසුනක්. ඒ තමයි මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්න නංගිලාට, පංතිභාර ගුරුතුමා දිශාවන් ගැන පාඩමක් කියලා දෙන දර්ශනයක්. ඒත් එක්කම එතනට ආපු විදුහල්පතිතුමා අපිව ඉස්කෝලෙ පංති කාමර බලන්න එක්කං ගියා. උඩමාදුර ගල්කඩවල විද්‍යාලයට තියෙන්නෙ ගොඩනැගිලි දෙකයි. ඉන් එකක් කාර්යාලය විදිහට පාවිච්චි වෙනවා. අනිත් ගොඩනැගිල්ලෙ තමයි ළමයින්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙන්නෙ. කුඩා ප්‍රමාණයේ ශාලාවක් විදිහට තියෙන ඒ ගොඩනැගිල්ලෙ තමයි පංති ඔක්කොම පැවැත්වෙන්නෙ. කළු ලෑලි වලින්, කබඩ් වලින් තමයි පංති වෙන් කරලා තියෙන්නෙ. ඔක්කොම පංති 3යි. 1 වසර සහ 2 වසර එක පංතියක් විදිහටත්, 3 වසර සහ 4 වසර තව පංතියක් විදිහටත්, 5 වසර වෙනම පංතියක් විදිහටත් පවත්වාගෙන යනවා.
" ඉස්සර වගේ නෙවේ දැන් මේ ඉස්කෝලෙ ළමයින්ගේ පැමිණීමේ ලොකු ප්‍රගතියක් තියෙනවා. අනිත් අවුරුදු වලට සාපේක්ෂව 1 වසරට ඇතුළත් වෙන ළමයින්ගෙ වැඩි වීමක් තියෙනවා. ඒත් ඉතින් මෙයාලට හරියට ඉගෙන ගන්න තියෙන සම්පත්වල නම් ලොකු අඩුවක් තියෙනවා. මුලු ගමෙන්ම "කරන්ට්" එක තියෙන්නෙ මේ ඉස්කෝලෙට විතරයි. ඉතින් මෙයාලට ගෙවල්වල ගිහින් රෑට පාඩම් කරන්න අමාරුයි. ඒ නිසා මායි මේ සර්ලා දෙන්නයි 1,2 වසරෙ ළමයින්ව උදේ 11.30 වෙන කොට ගෙවල් වලට පිටත් කරලා, ඉතිරි අයට හවස 4.00 විතර වෙනකං උගන්නනවා. මෙයාලට ඉගෙන ගන්න උත්සාහය තියෙනවා. අත දෙන්න කවුරුත් නැති එක තමයි ප්‍රශ්නෙ. මෙතන ඉන්න සමහරක් අයගේ අම්මලා තාත්තලා නෑ. සමහරු මැරිලා. එක්කො දාලා ගිහිල්ලා. අම්මලා තාත්තලා දෙන්නම නැති අයත් මෙතන ඉන්නවා. සමහරක් අය ඉන්නෙ සීයලා ආත්තම්මලා එක්ක...."
මේ විදිහට විදුහල්පතිතුමා මේ ළමයි ගැන ලොකූ විස්තරයක් කියාගෙන කියාගෙන ගියා. ඊට පස්සෙ උදේ ආහාරය ගන්න කාර්යාලය තියෙන ගොඩනැගිල්ලට එන්න කියලා විදුහල්පතිතුමා අපිට ආරාධනා කළා.

කැවුම්, හැලප, අලුවා වලින් වගේම ඉරිගු බත්, කිරිබත්, ලූනු සම්බෝල, ලුණු මිරිස් වලින් මේසයක්ම පුරවලා තිබ්බා. සංග්‍රහය නම් අඩුවක් නැතුව හොදට තිබුණා කියලා තත්ව සහතිකයක් වුණත් දෙන්න පුලුවන්. ඔක්කොම තිබ්බෙ ගමේ කෑම. අලුවා කෑල්ලෙ, කැවුම් ගෙඩියෙ රස මතක් වෙන කොට තාමත් බඩ දගලනවා. ඒ තරමට රසයි.
ජීවිතේ පළවෙනි වතාවට ඉරිගු බත්වල රස බලන්නත් අපිට අවස්ථාවක් උදා වුණා. නගරයේ ජනප්‍රිය නැති වුණත් මේ වගේ ගම්බද පළාත්වල ඉරිගු බත් ගොඩක් ජනප්‍රියයි. බඩඉරිගු ඇට, කව්පි ඇට, මුං ඇට එකට කලවම් කරලා, පොල් එකතු කරලා, ඒ ඔක්කොම තම්බලා තමයි ඉරිගු බත් හදන්නෙ. මේ විදිහට උදෑසන ආහාරවේල අරගත්තු අපි, ඊට පස්සෙ පාසල වෙනුවෙන් අරගෙන ආපු පරිත්‍යාග ටික පන්ති කාමරවලට ගෙනිහින් දැම්මා. පරිත්‍යාග සහ ආධාර උපකරණ පන්තිවලට ගෙනිහිං දාලා ඒවා පිළිවෙලට වෙන වෙනම අඩුක් කළා. කට්ටියක් එහෙම වැඩ කරන අස්සෙ, තව කට්ටියක් පාසල් වත්තෙ තවත් කර්තව්‍යකට ලක ලෑස්ති වුණා. පුංචි නංගිලා මල්ලිලාට අපේ චනූදි මිස් පුංචි පහේ චිත්‍ර පාඩමක් කියලා දෙන්න පටන් ගත්තා. දිය සායම් වලින් තම තමන්ට කැමති චිත්‍රයක් අදින්න කියලා, චනූදි මිස් ඒ හැමෝගෙම චිත්‍ර එකින් එක හොදින් අධ්‍යනය කළා. පුංචි එවුන් චිත්‍ර අදිනවා බලන්න මුළු |
ගමේම අය එතන වට වෙලා හිටියා. මේ අය දිය සායම් මාධ්‍යයෙන් චිත්‍ර අදින්නෙ ජීවිතයේ පළවෙනි වතාවටයි. චිත්‍ර අදින නංගිලා මල්ලිලාට NSBM එකෙන් ගියපු අපේ කට්ටියත් ගොඩාක් උදව් කළා. සිනහමුසු මුහුණු වලින් යුතුව මේ අහිංසක පොඩි එවුන් ටික සන්තෝසයෙන් චිත්‍ර අදින හැටි මම කොනකට වෙලා බලාගෙන හිටියා.
"අදත් වහින්න වගේ. මේ ටිකේම හොදටම වැස්සා. දවල් වෙන කොට අහස කළු කරලා ඉර පේන්නෙ නැතුව යනවා." එහෙම කියාගෙන මගේ ළගට ආවෙ ගල්කඩවල ප්‍රාථමික විද්‍යාලයේ නංගිලා මල්ලිලාට සිප් සතර කියා දෙන බොහොම තරුණ ගුරුවරයෙක්. "කොළඹට නම් මාස ගාණකින් වැස්සෙ නෑ. හොදටම පායනවා. ඉන්නත් අමාරුයි. දවල් වරුවට එහෙම නිකං ඇග ඇතුළෙන් ගිනි ගන්නවා වගේ".... එහෙම කිව්වෙ මම. "කොහොමත් මෙහේ අයිති වෙන්නෙ නුවර එළිය දිස්ත්රික්කයටනෙ. ඉතින් මෙහේ ගොඩක් වෙලාවට සීතල දේශගුණයක් තමයි තියෙන්නෙ." සර් එහෙම කියද්දි, සර්ගේ විස්තරත් අහලා දැන ගන්න හිතුනා. "සර්ත් මේ ගමේමද..????" කියලා මම අහපු ප්‍රශ්නෙට සර් දුන්නෙ මේ වගේ උත්තරයක්. "මම නුවර. මේ ඉස්කෝලෙම තමයි මං නැවතිලා ඉන්නෙ. මට පත් වීම හම්බ වෙලා
තාම අවුරුදු දෙකයි. තව අවුරුදු දෙකක් මං මෙහේ කොහොමත් ඉන්නවා. මෙහේ ඉදලා අපේ ගෙදරට යනවා නම් බස් හතක යන්න ඕන. ඉතින් යන්න එන්න ගියාම එපා වෙනවා. ඒ නිසා කලාතුරකින් තමයි ගෙදර යැවෙන්නෙ. මෙහේ නැවතිලා ඉන්න එකත් හරි භයානක වැඩක්. මොකද මං විතරයිනෙ ඉන්නෙ. හවස් වෙන කොට මෙතනට අලි එනවා. උන් ආවම ආයිත් හුග වෙලාවකට මෙහෙන් යන්නෙ නෑ. රන්දෙනිගල රන්ටැඹේ අභය භූමිය තියෙන්නෙ මේ ඉස්කෝලෙට එහා පැත්තෙනෙ. හුගක් දවස් වලට මම පුදුම බේරිල්ලක් බේරිලා තියෙනවා. දැන් බලන්න
|
මේ බෝ ගහ. මේ බෝ ගහේ අතු ඔක්කොම කඩලා තියෙන්නෙ මෙහාට ආපු අලි. ඉතින් හරි භයානකයි." එහෙම කියන කොට මගේ අවධානය යොමු වුණේ එතන තියෙන බෝ ගස දිහාවට. හැම දිශාවකටම අතු විහිදිලා, සරුවට වැඩිලා තිබුණු ඒ ගස අද ඊයේ රෝපණය කරපු ගහක් කියලා නම් හිතන්න අමාරුයි. "මේක ගොඩක් පරණ ගහක්ද සර්..????" කියලා මං අහපු ප්‍රශ්නෙට සර් හැරෙන තැපෑලෙන් උත්තරයක් දුන්නා. "ඔව් ඔව්. මේක හුගාක් පරණයි. අවුරුදු 100කටත් වඩා පරණයි. එහෙම නේද සර්..????" කියලා අපේ සාකච්ඡාවට විදුහල්පතිතුමාවත් එකතු කර ගත්තා.
" මේ ඉස්කෝලෙ හදපු එක්කෙනා මේ ඉඩමට එන කොටත් මේ බෝ ගස මේ විදිහටම තිබිලා තියෙනවා. අද මේ ඉස්කෝලෙ හදපු එක්කෙනාට අවුරුදු 90ක් වෙනවා. එහෙනං මේ බෝ ගහේ ඉතිහාසය අනිවාර්යෙන් අවුරුදු 100කට වඩා එහාට යනවා. කොහොම වුණත් මම විශ්වාස කරන්නෙ නම් මේ බෝ ගස, සිංහල රජ කාලයේ රෝපණය කරපු බෝධියක් කියලා.
මොකද ඉස්සර ඉදලම මේ ගමේ රජවරු නවාතැන් අරගෙන තියෙනවා. දැන් බලන්න අපේ රටට සතුරු ආක්‍රමණයක් ආවම දුටුගැමුණු, වළගම්බා, මහා විජයබාහු වගේ රජවරු මෙහේ ඉදගෙන තමයි සේනාව සංවිධානය කරලා තියෙන්නෙ. ඒ නිසා මේ හරියෙ ගොඩක් රජවරු ගැවසිලා තියෙනවා. මොකද උස භූමියක පිහිටලා තියෙන නිසා ලේසියෙන් මේ හරියට පිටස්තර අයට ළං වෙන්න බෑනෙ. අද මේ හරියට වලපනේ කිව්වට ඉස්සර කියලා තියෙන්නෙ 'බල පෙනේ' කියලා. ඒකෙන්ම පේනවනෙ මේ හරියට කොච්චර ලොකු තැනක් හිමි වෙලා තියෙනවද කියලා. මේ හරියට කියන්නෙ 'උඩමාදුර' කියලා. ඒ ලොකු කන්දක් උඩ තියෙන නිසා. තව ටිකක් එහාට ගියාම කන්දෙන් පහළ. එහාට කියනවා 'යටිමාදුර' කියලා. ඒ නිසා මේ භූමියේ ලොකු ඓතිහාසික වටිනාකමක්, අනුරාධපුර යුගයේ ඉදලම තිබිලා තියෙනවා. දුටුගැමුණු රජතුමාගෙ හමුදාවෙ හිටපු ථේරපුත්තාභය කියන යෝධයා ඉදලා තියෙන්නෙ මේ ගමේ. එයා ගැන ගොඩක් ජනප්‍රවාද මේ පැතිවල තියෙනවා. ඒ විතරක් නෙවේ ඵුස්සදේව කියන යෝධයා ගැනත් ගොඩාක් ජනප්‍රවාද, ජන කතා මේ පැතිවල තියෙනවා.
ඵුස්සදේව යෝධයා යුද්ධයෙන් පස්සෙ අන්තිමට මහණ වෙනවනෙ. මහණ වෙලා රහත් වෙන්න හිටං වාසනාව ලබනවා. අහලා තියෙනවා නේද ඒ කතාව? මාරයා කියන්නෙ නිර්වාණයට විරුද්ධ කෙනෙක්නෙ. නිර්වාණයට විරුද්ධ වුණු මාරයා හරහා තමයි ඵුස්සදේව හාමුදුරුවො නිර්වාණාවබෝධය ලබා ගත්තෙ. දවසක් ඵුස්සදේව හාමුදුරුවො භාවනා කර කර ඉන්න කොට මාරයා ඇවිල්ලා කිව්වලු, 'ඕවා කරලා පලක් නෑ. ඕක වහාම නවත්තන්න' කියලා. ඵුස්සදේව හාමුදුරුවො කිව්වලු මම භාවනා කරන එක නවත්තන්නම්. හැබැයි මම කියන දේ කළොත් විතරක්' කියලා. මාරයත් අභියෝගය භාර ගත්තා. ඵුස්සදේව හාමුදුරුවො ඊට පස්සෙ කිව්වා 'හා හොදයි. එහෙනං දැන් මට බුදු හාමුදුරුවන්ගේ සැබෑ රූපයක් මවලා පෙන්නන්න' කියලා. ඉතින් මාරයා රැවටිලා සැබෑ බුදු හාමුදුරුවන්ගෙ රූපයක් මැව්වලු. ඒ රූපය දකිනවත් එක්කම ඵුස්සදේවට ඇති වුණු අපරිමිත ශ්‍රද්ධාව, සන්තෝසය නිසා ඒවෙලේම රහත් වුණාලු. ඵුස්සදේව හාමුදුරුවො එහෙම නිර්වාණාවබෝධය ලැබුවෙත්, මහණ වෙලා හිටියෙත් මේ පළාතෙ." මේ විදිහට පළාතේ ඓතිහාසිකත්වය ගැන විදුහල්පතිතුමා හරවත් කතාවක් කරගෙන කරගෙන ගියා.

ඒ අතර අපිටත් අලුතෙන් යමක් සිතන්න සැලැස්සුවා. අපි අධ්‍යනය කරලා තියෙන විදිහට ඵුස්සදේව හාමුදුරුවො මහණ වුණෙත්, රහත් බව ලබා ගත්තෙත් මධ්‍යම කදුකරයට අයිති වලපනේ ප්‍රදේශයේ නෙවේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලෙබැද්ද ප්‍රදේශයේ. හමුදාවේ දුනුවායෙක් විදිහටත් සේවය කරපු ඵුස්සදේවගේ ප්‍රධාන රාජකාරිය වුණේ ජය සංඛයක් එහෙමත් නැත්නම් හක් ගෙඩියක් පිඹින එක. එළාර සමග පැවති සටන් වලදී, අත්පත් කර ගන්නා සෑම ද්‍රවිඩ හමුදා පාලන ප්‍රදේශයක් පාසාම, ඵුස්සදේවට සංඛය පිඹීමේ රාජකාරිය නියම වුණා. සංඛයෙන් නිකුත් වන හඩෙන්, ඈත ගම් බිම් වලට සංනිවේදනය වුණේ යුද්ධය ජයග්‍රහණය කිරීම අත ළග බවයි. ඒ වගේම ඒ ඔස්සේ හමුදාවේ සෙබලුන්ගේ චිත්ත ධෛර්යත් ඔප් නැංවුණා. යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පස්සෙ ඵුස්සදේව කරපු සේවය වෙනුවෙන් රජතුමා පල්ලෙබැද්ද ප්‍රදේශයේ අක්කර 12 000ක භූමි භාගයක්, ගම්වරයක් විදිහට ඵුස්සදේවට දෙනවා. මේ භූමි භාගය මත ඵුස්සදේව යෝධයා "සංඛපාල රජමහා විහාරය" නිර්මාණය කරන්නෙ. විහාරයේ කදු මුදුනේ ජය සංඛය නිධන් කරපු නිසා, මේ විහාරය සංඛපාල විහාරය කියලා ප්‍රසිද්ධ වෙනවා. කාලයක් ගියායින් පස්සෙ ඵුස්සදේවත් භික්ෂු ශාසනයට ඇතුළත් වෙලා, මේ විහාරයේම වැඩ වාසය කරන ගමන්, භාවනා කරලා අර්හත් භාවයට පත් වුණා කියලා තමයි අපි අහලා තියෙන්නෙ. ඒ විතරක් නෙවේ සංඛපාල විහාරයට එහායින් තියෙන සොහොන, ඵුස්සදේව මහ රහතන් වහන්සේගේ සොහොන් ස්මාරකය විදිහටත් පුරාවිද්‍යාත්මක වශයෙන් හදුනාගෙන තියෙනවා. රජමහා විහාරයේ සෙල්ලිපිවලත් මේ ගැන ලියවිලා තියෙනවා.
"ඵුස්සදේව මහණ වුණේ ඇඹිලිපිටියෙ පල්ලෙබැද්දෙ නේද..????" කියලා මම ගෙනාපු තර්කය විදුහල්පතිතුමා එකහෙලාම ප්‍රතික්ෂේප කළා. "නෑ නෑ. ඵුස්සදේව හිටියෙ මෙහේ. මෙහෙදි තමයි මහණ වෙලා රහත් බව ලැබුවෙ. ඒකනෙ ඵුස්සදේව ගැන ජනප්‍රවාද කතා මේ පළාතෙ තියෙන්නෙ. මෙහාට ටිකක් එහා පැත්තෙන් තියෙන ඉස්කෝලෙට නම දාලා තියෙන්නෙත් 'ඵුස්සදේව මහා විද්‍යාලය' කියලා.." කොහොම වුණත් විදුහල්පතිතුමා කියපු කරුණු අනුව ඵුස්සදේව යෝධයා මේ පළාතෙ මහණ වුණා හෝ නැතා, මේ පළාතේ නිතරම ගැවසිලා තියෙන බව නම් තහවුරු වුණා.

පොඩි එවුන්ගෙ චිත්‍ර ඇදිල්ලත් පැත්තකින් යන අතරෙ විදුහල්පතිතුමා ආයිත් කටහඩ අවධි කළා. " රන්දෙනිගල සටන එහෙම තිබ්බෙ මේ ඉස්කෝලෙට එහා පැත්තට වෙන්න. ඒ නිසා යුග ගණනාවක ඉතිහාසයට මෙහේ උරුමකම් කියනවා. මේ ඉස්කෝලෙ වත්තෙ වැඩ වලට පොළොව හාරන කොට අපිට හම්බ වෙලා තියෙනවා පරණ ගඩොල් කෑලි, ගල් කෑලි, මැටි වළං එහෙම. ඒවා ගොඩාක් පරණයි." එතකොට "සර්ලා ඉහළ අයට දැන්නුවේ නැද්ද?" කියලා ඇහුවම "නෑ" කියලා උත්තරයක් තමයි ලැබුණෙ. ඒකෙන් මේකෙන් වෙන්නෙ අපේ රටේ ඉතිහාසයේ විශාල අදුරු පැතිකඩක්, අනාවරණය කිරීමේ අවස්ථාව නැති වෙලා යන එක විතරයි. හැබැයි මේ අය ඉන්නෙ ඊට වඩා ලොකු ප්‍රශ්න ගොඩක් මැද්දෙ. අනිත් එක මේ ඉඩම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වෙන භූමියක් කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන ගත්තොත් එයාලා මුලින්ම කරන්නෙ ඉඩම එයාලගෙ නමට පවර ගන්න එක. එහෙම වුණොත් මේ ඉස්කෝලෙත් මෙතනින් අහක් කරන්න වෙනවා. තව ටිකක් වෙලා ඉන්න කොට හමපු සීතල සුළග නිසා බෝ ගස අතරිනුත් ලොකු සිසිලසක් ආවා. ඒත් එක්කම අපේ කතාව ආයිත් බෝගස දිහාවට හැරුණා.
"මාර සීතලක්නෙ බෝධියෙන් එන්නෙ. ඇසතු ගස්වල අපිට හිතා ගන්න බැරි මොකක් හරි බලයක් තියෙනවා ඇති." පංතිභාර ගුරුතුමා එහෙම කියන කොට විදුහල්පතිතුමත් ඒක අනුමත කළා. "ඔව්. ඒ නිසානෙ බුදු හාමුදුරුවො භාවනා කරන්න මේ වගේ ගසක් තෝර ගන්න ඇත්තෙ. ගෞතම බුදු හාමුදුරුවන්ට කලින් හිටපු අනිත් බුදුවරුත් බෝධීන් වහන්සේලා විදිහට එක එක ගස් තෝර ගත්තා. ඒ හැම ගසක්ම තෝර ගත්තෙ මොකක් හරි වැදගත් කාරණයක් නිසා වෙන්න ඕන. ඇසතු, දිඹුල්, නුග වගේ හැම බුදුවරයෙක්ම බුද්ධත්වයට පත් වෙලා තියෙන ගස්වල ලොකු ශක්තියක්, බලයක් තියෙනවා. ඒක විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා. ඇගේ තියෙන අපිට පේන්නෙ නැති අහිතකර ද්‍රව්‍යන්, කිරණ ඒ ගස්වලට උරා ගන්නවා. ඒවායේ ආකර්ශන ශක්තිය වැඩියි. ඒ නිසානෙ බෝගස් යටට වෙලා අපි හුග වෙලාවක් බෝධි පූජා කරන්නෙ. අනිත් එක ඒ හැම බෝධියකම අරටුව ශක්තිමත්. නියගයක් ආවත් ගසට හානියක් වෙන්නෙ නෑ. ඔරොත්තු දෙනවා. අනිත් එක මිනිස්සු එහෙම ගස් ලේසියෙන් කපන්න යන්නෙත් නෑනෙ. දැන් ඉස්කෝලෙ ඉඩමෙ තියෙන බෝධිය ළග වුණත් හුග වෙලාවක් ඉන්න කොට කියා ගන්න බැරි තරමේ සුවයක් අපිට දැනෙනවා. මේ බෝධිය නම් අනිවාර්යෙන්ම ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් කියලා පේනවා. බලන්න මේ බෝධිය දිහා. බෝධියේ අතු අට දිශාවටම විහිදිලා ගිහින්. ගස හරිම ප්රතාපවත්. බෝධියේ අතු හැම දිශාවකටම මේ විදිහට විහිදිලා ගිහිල්ලා තියෙනවා නම් ඒක ශ්‍රී මහා බෝධියෙන් හට ගත්ත ශාඛාවක්. ඉබේ පැළ වෙන බෝ ගස්වල මෙහෙම දකින්න නෑ. අතු අට දිශාවට විහිදෙන්නෙ නැතුව, ඔක්කොම අතු ටික උඩට තමයි ගිහින් තියෙන්නෙ. අනිත් එක ඒ වගේ ගස් හරිම කෙට්ටුයි..." මේ විදිහට විදුහල්පතිතුමා හුගාක් කරුණු කියලා දීලා නංගිලා මල්ලිලා චිත්‍ර අදින දිහාවට ගියා.

ඊට පස්සෙ පංතිභාර ගුරුතුමත් කට හඩ අවධි කළා. "දැන් ඔයාලා උදේ මෙහාට ආපු පාර තාර දාන නිසා වහලා තියෙන්නෙ. ආයිත් අරින්නෙ රෑ 8.00ට විතර. ඒ නිසා ඔයාලට යන්න වෙන්නෙ වටේ පාරෙන්. එහෙම යන කොට කන්ද පහළින් ලොකු ගගක් ගලාගෙන යනවා. එහාට වතුර එන්නෙ බදුල්ලෙ තියෙන දුන්හිද දිය ඇල්ලෙන්. ඒ වතුර ටික තමයි ඔහොම ඔහොම පහළට ගිහින් රන්ටැඹේ රන්දෙනිගල ජලාශ වලට, උමා ඔයට එහෙම එකතු වෙන්නෙ. ඒ ගගේ නාන්න අපි ගොඩක් වෙලාවට යනවා. ගගේ උඩහා තියෙනවා 'ගොළු ඔළුව' කියලා තැනක්. ඒක පුලුවන් නම් බලන්න යන්න. බලන එක වටිනවා. හැබැයි එතන ටිකක් භයානකයි. සමහරක් තැන් ගොඩක් ගැඹුරුයි. වතුර උඩ ඉදන් ගලා ගෙන ඇවිල්ලා පල්ලෙහට වැටිලා සුළියක් විදිහට කැරකි කැරකි තියෙනවා. ගල්පර නිසා එතනින් එහාට වතුර පොඩ්ඩයි යන්නෙ. ඉතිරි වතුර ඔක්කොම අතුරුදහන් වෙනවා. ඒ වතුර වලට වෙච්ච දෙයක් නෑ. ඒ වතුර ටික පොළොව යට තියෙන උමගක් දිගේ ගිහින් වෙන තැනකින් මතු වෙනවා ඇති. එතන ගලක් යට කොටලා තියෙනවා නිධානයක සිතියමක්. හැබැයි ඒ නිධානය ගන්න ගියපු කාටවත් හරි ගියේ නෑ. ඒ අයට එක එක කරදරවලට මුහුණ දෙන්න වුණා."
මෙහෙම කියපු පංතිභාර ගුරුතුමා මාත් එක්ක නංගිලා මල්ලිලාගෙ වැඩ කිඩ ටික බලන්න ඒ අය අතරට ගියා. දැන් හුග දෙනෙක් චිත්‍ර ඇදලා ඉවරයි. සමහර අය චිත්‍ර දෙක තුන ඇදලා. "ඇදුම්වල හලා ගත්තට තෑගි දෙන්නෙ නෑ" කියලා විදුහල්පතිතුමත් ඒ අයට විහිළු තහළු කරමින් ඒ අය අතරටම වෙලා හිටියා. ටික වෙලාවක් යන කොට චනූදි මිස්ගෙ වැඩමුළුව අවසන් වුණා. ඊට පස්සෙ ආයිත් ඉස්කෝලෙ පංතිවලට ගියපු අපි, පංතිවල තැන්පත් කරපු පාසල් උපකරණ සහ ආධාර ටික පාසල් වත්තට ගෙනාවෙ නංගිලා මල්ලිලාට බෙදලා දෙන්න. කෙටි උත්සව සභාවක් වගේ පුටු මේස හදලා නංගිලා, මල්ලිලා අතරට එතන හිටපු ගමේ වැඩිහිටි උදවියත් එකතු වුණා. නාම ලේඛන අතට ගත්තු අපේ අය එක එක්කෙනාගෙ නම් කියන්න ගත්තා. එහෙම නම් කියන කොට නංගිලා මල්ලිලා ඇවිත් තම තමන් වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන තෑගි භාර ගත්තා. මේවා ඒ අයට භාර දුන්නෙත් අපේ අයම තමයි.

හැමෝම ඇවිල්ලා තෑගි පාර්සල් අර ගත්තෙ සිනහමුසු මුහුණින්. අවුරුදු 11ක් 12ක් වැඩිමහල් වුණු අයියලා අක්කලා වෙච්ච අපිට දණගහලා වදින්න වගේම, දෙන දේ අත් දෙකෙන්ම අර ගන්නත් ඒ අය සමත් වුණා. මටත් 5 වසරෙ නංගිලා දෙන්නෙක්ට පාර්සල් දෙකක් දෙන්න අවස්ථාව ලැබුණා. ඒ අය ඇවිත් දණ ගහලා වැදලා අත් දෙකෙන්ම පාර්සලය අරගන්න කොට සහෝදර සහෝදරියන් නැති මේ අයියට දැනුනු සතුට නම් කියලා නිම කරන්න බෑ. බොහොම ආදරයෙන් ඒ අයගේ ඉදිරි අධ්‍යාපනයට, වැඩ කටයුතු වලට මුළු හදවතින්ම ආශිර්වාද කරන ගමන්, ඒ අයගෙ ඔළුව අත ගාලා කිව්වෙ "හොදට ඉගෙන ගන්න" කියලා. ඒ විතරක් නෙවේ "ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?" කියලත් ඇහුවා. හැමෝටම අධ්‍යාපන උපකරණ බෙදලා දුන්නායින් පස්සෙ, විද්‍යාලයේ සර්ලටත් ක්‍රීඩා සහ අධ්‍යාපනික උපකරණ, මෙවලම් නාමික වශයෙන් දුන්නා. ඊට පස්සෙ නංගිලා මල්ලිලා හැමෝටම අපේ අය බිස්කට්, ටිපිටිප්, ටොපි, චොකලට් බෙදලා දුන්නා.
2014 මාර්තු මාසෙ මුල වෙන කොටත් මේ නංගිලා මල්ලිලාගෙන් චොකොලට් කාලා තිබුණෙ හතර දෙනෙක් විතරයි කියලා, අපිට මෙලාන් කිව්වා. ඒ තරමටම ගමත් නගරයත් අතර තියෙන සම්බන්ධතාවය අඩුයි. ඒකට ප්‍රධානතම හේතුව තමයි ලොකු දුර ප්‍රමාණයක් තිබීම සහ හරිහමන් පාරක් නොතිබුණු එක. මේ කර්තව්‍යයෙන් පස්සෙ විදුහල්පතිතුමා උත්සව සභාව ආමන්ත්‍රණය කළා. ගොඩාක් කරුණු කිව්වට කියපු හැම කරුණක්ම නම් මතක නෑ. ඒ නිසා අඩුම ගානෙ මතක තියෙන ටිකවත් මේ විදිහට දාන්න හිතුවා.
"අද නුගේගොඩ NSBM ආයතනයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙන මේ දරුවන් පිරිස ඇවිල්ලා තියෙන්නෙ වලපනේ ඉදලත් කිලෝ මීටර් ගණනාවක් එහා පැත්තෙන් තියෙන, මේ උඩමාදුර ගල්කඩවල ප්‍රාථමික විද්‍යාලයට ආධාර සහ උපකරණ ලබා දෙන්න. මේ දරුවන්ට ඉගෙන ගන්න අත්වැලක් වෙන්න. මේ ඉස්කෝලෙ ළමයි මේ ගමේම ජීවත් වෙන අය. ඉතින් නගරයත් එක්ක තියෙන සම්බන්ධය අඩුයි. පැය තුන හතරක දුරක් ගෙවාගෙන පයින් ටවුමට යන්න ඕන. ඉතින් මෙයාලට කැස්සක් හෙම්බිරිසාවක් උණක් වගේ ලෙඩක් හැදෙන්න ඕන ටවුම බලන්න යන්නත්. උඩමාදුර ගම කියන්නෙ ඒ තරම්ම අග හිගකම් මධ්‍යයේ දුෂ්කරතා වලින් පෙලෙන ගම්මානයක්. ගමට එන පාරට තාර දාලා ඒක හදන්න ගත්තෙත් මේ ළගදි. මෙතන ඇවිල්ලා ඉන්න වැඩිහිටි අය තමයි මේ ළමයින්ගේ භාරකාරයෝ. ඔයාලට පේනවා ඇති මෙතන එකම එක තාත්තා කෙනෙක් විතරයි ඇවිත් ඉන්නෙ. ඒ මොකද? අනිත් පිරිමි උදවිය මේ මොහොතේ ජීවන යුද්ධය කරගෙන යන්න උත්සාහ කරනවා. දැනුත් කුඹුරුවල වැඩ කරනවා. මේ අම්මලා ටික තමයි අද ඔයාලා වෙනුවෙන් උදේ ආහාරවේල හැදුවෙ.
මෙතන ඉන්න සමහරක් අයගෙ අම්මා නෑ. සමහරක් අයගෙ තාත්තා නෑ. අම්මයි තාත්තයි දෙන්නම නැති අයත් ඉන්නවා. සමහරු ඉන්නෙ ආච්චිලා සීයලා එක්ක. ගමෙන්ම 'කරන්ට්' එක දාලා තියෙන්නෙ ඉස්කෝලෙට විතරයි. ඒ නිසා ගෙවල්වල ගිහින් මේ අයට පාඩම් කරන්න බෑ. හවස් වෙන කොට ගමට අලි එනවා. එකම ශාලාවෙ තමයි පංති ඔක්කොම පවත්වාගෙන යන්නෙ. එව්වායෙත් වහළවල්, තහඩු ඔක්කොම අබලං වෙලා. හැබැයි ඉස්සරට වඩා ළමයින්ගෙ පැමිණීමේ නම් ප්‍රගතියක් තියෙනවා. ඒ අයට දැන් උනන්දුව තියෙනවා. මගේ ගුරු ජීවිතේටත් දැන් අවුරුදු 16ක් විතර වෙනවා. මම මේ ඉස්කෝලෙට අවුරුදු 6කට කලින් එන කොට ළමයි 5 දෙනයි හිටියෙ. අද වෙන කොට ළමයි ගාණ හුගක් දුරට වැඩි කර ගන්න පුලුවන් වුණා. 5 වසරට වෙනකං විතරයි මෙහේ පංති තියෙන්නෙ. ශිෂ්‍යත්වෙන් සමත් වෙන අයව අපි යවන්නෙ මෙහේ ඉදලා හුග දුරක් එහායින් තියෙන 'කරදගහමඩ කනිෂ්ඨ විද්‍යාලය'ට. ඉස්සර මෙහෙන් එහාට ළමයෙක් ගියොත්, ඒ ළමයට කිසිම පිළිගැනීමක් තිබුණෙ නෑ. ඒත් අද ඒක වෙනස් වෙලා, ළමයින්ගෙ අධ්‍යාපන මට්ටම්වල තියෙන ප්‍රගතිය නිසා. මේ ඉස්කෝලෙට මේ අගෝස්තු වෙන කොට අවුරුදු 38ක් වෙනවා. අවුරුදු 38ක් ගිහිල්ලත් තාමත් අපේ ඉස්කෝලෙට ගොඩක් සම්පත් අඩුයි. ඉස්කෝලෙට හම්බ වෙලා තියෙන්නෙ එකම එක 'කම්පියුටර්' එකයි. ඒකත් හුගක් සැරයක් කියලා කියලා හරිම අමාරුවෙන් තමයි අර ගත්තෙත්.
අවුරුදු දෙකකට විතර උඩදි සිරසෙන් ආවා ඉස්කෝලෙ අඩුපාඩු ටික වීඩියෝ කරලා වාර්තාවක් හදන්න. ප්රවෘත්තිවල ඒක ගිහින් විනාඩි 15කට පස්සෙ මට කෝල් එකක් ආවා 'කලාප අධ්‍යාපන කාර්යාලයෙන්'. ඊට පස්සෙ අපිට හොදටම බැන්නා 'ඇයි මේ වගේ තොරතුරු එළියට දුන්නෙ?' කියලා. සති කිහිපයක් මගේ වැඩ තහනම් කරලා තිබුණත් එක්ක. ඒත් අපි සැලුනෙ නෑ. මේ අහිංසක දරුවො වෙනුවෙන් අපේ කාර්යභාරය නොනවත්වාම ඉදිරියට කරගෙන ආවා. ගොඩක් ළමයි අග හිගකම් නිසා අතරමැද ඉගෙනීම් කටයුතු නවත්තනවා. සමහරු එහෙම කරලා තාත්තලාට කුඹුරු වැඩ කරන්න උදව් කරනවා. ඉතින් මේ වගේ දුෂ්කරතාවලින් පෙලෙන, දුෂ්කර පළාතකට ඇවිල්ලා අපේ ඉස්කෝලෙට ආධාර කිරීම ගැන ස්තූතිවන්ත වෙන්න ඕන. මීට මාසෙකට කලින් මෙතන ඉන්න මහත්තුරු තුන් දෙනෙක් අපිව හොයා ගෙන ඇවිල්ලා, අපෙන් විස්තර එකතු කළා. මාසයකටත් වඩා අඩු කාලයකදි තමයි ආයිත් මේ අය අද දවසෙ ආවෙ. මේ අයගෙ මාර්ගයෙන් තවත් සමාගමක් අපිට කතා කළා පරිත්‍යාග කිරීම් කරන්න. මේ අයට ස්තූතිවන්ත වෙනවා. කොළඹ ඉදලා ලොකු දුරක් ගෙවාගෙන වෙහෙස මහන්සිය බලන්නෙ නැතුව ආපු එකට. කොළඹින් පිටත් වෙලා තියෙන්නෙත් 12.15ට විතර කියලා එක්කෙනෙක් කිව්වා. ඉතින් මේ අය රෑ නිදා ගන්නෙවත් නැතුව ඇති. ඒ තරම් කැප වීමෙන් ඇවිල්ලා තියෙන්නෙ මේ දුවා දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සාර්ථක කරවන්න. ඒ නිසා අපි ඒ අයට පිං දෙන්න ඕන....." ආදී වශයෙන් බුදු දහමේ තියෙන ගොඩාක් කරුණු සහ සූත්‍ර දේශනා කිහිපයක්ම උපුටාගෙන හුග වේලාවක් කතා කළා.

ඊට පස්සෙ නංගිලා මල්ලිලා පුංචි සභාව ඉස්සරහා අපිට නර්තනයෙන් සහ ගායනයෙන් එයාලගෙ දක්ෂතා පෙන්නුවා. කොළඹ ඉස්කෝල වගේ නෙවේ. මේ අය කියපු ගමන්ම කාගෙවත් බල කිරීමකින් තොරව 'ටක්' ගාලා ඉදිරිපත් වෙලා ඉස්සරහට ඇවිල්ලා ගීත ගායනා කළා. කවි ගායනා කළා. නැටුම් ඉදිරිපත් කළා. සබකෝලය කියන දේ ගෑවිලාවත් නෑ. ඒත් වෙලාව යන නිසා මේ අයගෙන් බොහොම සුළු පිරිසකට විතරයි අවස්ථාව ලැබුණෙ. ඊට පස්සෙ අපේ ව්‍යාපෘතියේ සභාපතිතුමා, ඒ කියන්නෙ මෙලානුත් සභාව ආමන්ත්‍රණය කළා. මෙලාන්ගෙ කතාව වුනේ මෙන්න මෙහෙම කතාවක්.....
උත්සව සභාව් ඉවර වුණායින් පස්සෙ මේ වටිනා අවස්ථාව සිහි වෙන්න හොද මතක සටහනක් විදිහට නංගිලා මල්ලිලා ටිකයි, ගුරුවරු ටිකයි, අපි ටිකයි එකතු වෙලා සමූහ ඡායාරූප කිහිපයකුත් අර ගත්තා.
ඊට පස්සෙ දවල් කෑමට එකතු වෙන්න කියලා විදුහල්පතිතුමා අපිට ආරාධනා කළා. ඉතින් අපි දවල් කෑම ගන්න විදුහල්පතිතුමත් එක්ක කාර්යාලයට ගියා. කාර්යාලයේ කොටස් 3ක් තියෙනවා. ඇතුල් වෙන කොට තියෙන පුංචි ආලින්දය වගේ කොටස, විදුහල්පතිතුමාගේ කාමරය සහ මුළුතැන්ගෙය. හැමදාම ගමේ අය කිහිප දෙනෙක් මුළුතැන්ගෙට ඇවිත් ගුරු මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් උදේ සහ දීවා ආහාරය පිළියෙල කරනවා. අපි කාර්යාලයට යන කොටත් කෑම මේසයක්ම පුරවලා. රතු බත්, සුදු බත්, කරවල, තිබ්බටු, බෝංචි, වම්බටු වගේ ගමේ කෑම ගොඩාක් තිබුණා. අතුරුපසට කෙසෙල් ගෙඩි. "මේ එළවලු ඔක්කොම ටවුමෙන් ගෙනාපුවා නෙවේ. මේ ගමේම වගා කරපුවා. ඒ නිසා ගොඩක් නැවුම්. මේ එකකටවත් කෘමිනාශක, වස විස ගහලා නෑ. මේ තියෙන්නෙ තිබ්බටු. ලේසියෙන් කවුරුත් කන්නෙ නෑ. සමහරක් විට දැකලත් නැතුව ඇති. ඇස් පෙනීමට, දියවැඩියාවට එහෙම ගොඩක් ගුණදායකයි." ඒ විදිහට ආහාර වර්ග කිහිපයක ගුණ අගුණ කියපු විදුහල්පතිතුමා අපිත් එක්ක එකට වාඩී වෙලා දීවා ආහාරය අර ගත්තා.
දවල් කෑමෙන් පස්සෙ ටික වෙලාවක් ආගිය කතා කිය කියා හිටපු අපි, කොළඹ යන්න පිටත් වුණේ දවල් 2.30ට විතර. ඒ අස්සෙ අහසත් කළු කරලා, විදුලිත් කොටනවා. ලොකු වැස්සකුත් වහින්න ඔන්න මෙන්න. අපි යන කොට ඉස්කෝලෙ වත්තෙ සෙල්ලම් කර කර හිටපු නංගිලා මල්ලිලා ඔක්කෝම දුවගෙන ඇවිල්ලා අපිට වැදගෙන වැදගෙන ගියා. ඒ හැමෝගෙම ඔළුව ආදරයෙන් අත ගාලා, අපි යහපත් සිතින් "බුදු සරණයි", "තෙරුවණ් සරණයි" "හොදට ඉගෙන ගන්න" කියලා ඒ අයට ආශිර්වාද කළා. එහෙම කියලා අපි හැමෝම පාසලෙන් සමු ගත්තෙ අපි දීපු පරිත්‍යාග වලින් ඒ අයගේ අනාගත හෙට දවසට ලොකු ප්‍රයෝජනයක් අත් වෙයි කියන බලාපොරොත්තුව ඇතුවයි. අපි වාහනේට නැගලා පිටත් වෙනවාත් එක්කම ලොකු වැස්සක් කඩා පාත් වුණා.
අපි ආපු පාර තාවකාලිකව වහලා නිසා අපිට යන්න වුණේ ලදු කැළෑවක් සහිත පුංචිම පුංචි පාරකින්. වැස්ස නිසා පොළොව ඔක්කොම මඩ වෙලා. වාහනේ හරවන්නත් හරිම අමාරු වුණා. ආයිත් ආපස්සට යන්නත් බැරි තරමට පාර පටුයි. විදුහල්පතිතුමයි ගමේ මාමා කෙනෙකුයි අපේ පස්සෙන් ආවා, අපේ තනියට. වැස්ස නිසා වාහනේ 10 වතාවක් විතර තැන් කිහිපයකම එරුණා. කදු ගැට්ටෙන් එහාට වාහනේ පෙරලෙන්න ගිය අවස්ථාත් එමටයි. මේ නිසා පැය දෙකක්ම ගත වුණේ එක වෙලාවකට එරිලා තියෙන සහ එක වෙලාවකට නවත්තන්නෙ නැතුව ඉබේම පල්ලෙහට එන වාහනේ ලදු කැළෑවෙන් එළියට ගැනීමේ ක්‍රියාන්විතයට. දහයියා ගෙනල්ලා, ලී කෑලි හිර කරලා, ගල් දාලා, වාහනේ තල්ලු කරලා, හරවලා, උස්සලා තමයි අපේ අය ගමේ අයත් එක්ක එකතු වෙලා ඒ අභියෝගය ජය ගත්තෙ. ඒක හොද අත්දැකීමක් වුණත් ජීවිතයේ අත් විදපු භයානකම සිදුවීම් අතරට මේ සිදුවීමත් එකතු වෙනවා.
ඊට පස්සෙ අපි විදුහල්පතිතුමයි, අපේ උදව්වට ආපු ගමේ අය ටිකයි එක්ක කන්ද පල්ලෙහට ගෑටුවා මඩ ටික හෝද ගන්න. අපි මඩ හෝද ගත්තු ගගේ උඩහට වෙන්න තමයි අර කලින් සදහන් කරපු "ගොළු ඔළුව" තියෙන්නෙ. ඉතින් ඒකත් බලන්න යන තැනට විදුහල්පතිතුමා අපිව උනන්දු කළා. විනාඩි 15ක විතර දුරක් ගෙවා ගෙන ගල් වැටි, කටු පදුරු, කූඩැල්ලො, වලවල්, දිය ඇලි, දිය පාරවල් අස්සෙන් කන්ද බැහැලා, විශාල ගංගාව තරණය කරලා, ගගේ උඩහට අපි ගියා. කන්ද බැස්සායින් පස්සෙ හිතුනා ආයිත් කන්ද නගින්නම ඕනද කියලත්. මොකද ඒ තරම් දුරක් අපි පහළට පහළට බැහැගෙන බැහැගෙන ඇවිල්ලා. ගංගාව තරණය කරන්න, ගල් වැටි උඩින් සමබරව යන්න අපේ කට්ටිය වගේම, විදුහල්පතිතුමා ඇතුළුව අපිත් එක්ක ආපු ගමේ මාමලා දෙන්නත් ගොඩක් උදව් කළා. අවස්ථා දෙකකදී ලිස්සලා වැටුණා විතරක් නෙවේ මගේ කැමරාවත් හොදටම තෙමුණා. වැස්ස නිසා ගල් උඩ වගේම කන්දත් ලිස්සනවා.
"ගොළු ඔළුව"ට යන ගමන හරිම දුෂ්කරයි. ඒ වගේම භයානකයි. ඒ නිසා කවුරුත් ලේසියෙන් සතා සර්පයා ගැවසෙන මේ මහා ඝන වනාන්තරය ඇතුළට යන්නෙ නෑ. අධික සීතලකින් සහ ගුප්ත බවකින් යුතු මේ කලාපය පිහිටලා තියෙන්නෙ ජනාවාසයෙන් ගොඩක් ඇතුළට වෙන්න. ඒ නිසා කාටවත් මේ ප්‍රදේශය පේන්නෙ නෑ. ගග තරණය කරගෙන උඩහට යන කොට කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ දිය ඇල්ල ආරම්භ වෙන ලොකු ගල් තලාව නගින්න ඕන. මෙහෙම නගින කොට අඩි දහස් ගාණක් ගැඹුරු වලවල් සමූහයක් හමු වෙනවා. ඒවා ස්වභාවිකව ඇති වුණු ඒවාද, නැත්නම් හෙළයා විසින් නිර්මාණය කරපු ඒවාද කියලා කියන්න නම් හරියටම පුලුවන්කමක් නෑ. සමහරක් වලවල් ඇතුළේ ගංගාවේ වතුර පිරිලා තියෙනවා. ඒ වගේම ඈත ගල් තලාවලත් සමහරක් කොටස් කෘතිම විදිහට ඔපමට්ටම් කරපු ගතියක් දකින්නත් පුලුවන්. මෙහෙම හුග දුරක් ගෙවාගෙන යන කොට තමයි දකුණු අත පැත්තෙන් "ගොළු ඔළුව" හමු වෙන්නෙ. මොකක්ද හැබෑටම මේ ගොළු ඔළුව කියන්නෙ..???? මේ තියෙන්නෙ "ගොළු ඔළුව"...!!!!!! දැකලා නැත්නම් දැන් බලා ගන්නකො එහෙනං.
ගල උඩ ඉදලා වේගෙන් එන වතුර පාර, ගලා ගෙන එන්නෙ ස්වභාවිකව ඔපමට්ටම් වුණු ගලේ විශාල කාණුවක් දිගේ. එහෙම ඇවිත් පහළට වැටෙන වතුර මේ විදිහට දිය සුළියක් ආකාරයට කැරකි කැරකි තියෙනවා. කවුරු හරි කෙනෙක් බැරි වෙලාවත් එතනට වැටුණොත්, ආයිත් ගොඩ ඒමක් නෑ. ඒ තරමටම මෙතන භයානකයි. ඒ වගේම ගැඹුරුයි. විශාල ගල් වලින් වට වෙලා තියෙන නිසා මෙතනින් එහාට වතුර යනවා අඩුයි. වතුර වලින් 5%ක් වගේ සුළු ප්‍රතිශතයක් පහළට යන කොට, ඉතිරි 95% මෙතනින් එහාට යන්නෙ නැතුව අතුරුදහන් වෙනවා. ඒ නිසා ඒ වතුර ප්‍රමාණය භූගත ජල මාර්ගයක් හරහා ගිහින්, ගගේ කොතනකින් හරි මතු වෙනවා ඇති කියලා තමයි ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නෙ.
උඩ ඉදලා "ඔළුවක" / "මොළයක" හැඩේට ස්වභාවික කාණුව දිගේ පහළට එන වතුර වැටිලා හැදෙන සුළිය ළගත් අමුතුම හැඩයේ කුහරයක් තියෙනවා. මේ කුහරය ගල් තලාවට හොදින් විවෘත වෙලා තියෙන නිසා කුහරය යටට රිංගන්නත් පුලුවන්. ප්‍රදේශවාසීන් කියන විදිහට මේ ගල යට විශාල නිධානයක සිතියමක් කොටලා තියෙනවලු. ඒත් ඒ සිතියම හරහා නිධානය පස්සෙ ගියපු කාටවත් හරි ගියේ නෑලු. හැමෝටම වස් වැදිලා එක එක කරදර සතුරු උපද්‍රව වලට මුහුණ දෙන්න වුණාලු.

අවුරුදු 6000කට කලින් අපේ රටේ රාජ්‍ය පාලනය කරපු මහා රාවණ අධිරාජ්‍යයාට සම්බන්ධ තොරතුරුත් නුවර එළියෙන් හමු වෙලා තියෙනවා. සමහරක් විට මේ ඉසව්වත් රාවණ රජ්ජුරුවන්ගේ කතා පුවතට සම්බන්ධ වෙන්න බැරි කමක් නෑ. පැයක් විතර ගල් තලාව වටේ ගත කරපු අපි ආයිත් වෑන් එක දිහාවට පිටත් වුණා. හැබැයි ඒ වෙන පාරකින්. පුංචි ලදු කැළෑ, ගල් වැටි, දිය පාරවල්, ඒ දඩු, ලස්සන කුඹුරු යායවල්, නියරවල් පහු කරගෙන ගිහින් ආයිත් කන්ද නැගලා වෑන් එකට ගොඩ වුණේ ආයිත් කොළඹ බලා පිටත් වෙන්න. එහෙන් පිටත් වෙන කොටත් හවස 6.30ට විතර ඇති. එතකොට ආයිත් මොර සූරන වැස්සක් වහින්න ගත්තා. වැස්ස විතරක් නම් කමක් නෑ කියමුකො. ඒ අස්සෙ මගේ කකුලෙ කූඩැල්ලෙකුත් එල්ලිලා. අවුරුදු 21ක ජීවිත කාලය තුළ පළවෙනි වතාවට තමයි මාව කූඩැල්ලෙක් කෑවෙ. යහපත් සිතින් යුක්තව අසරණ වෙලා ඉන්න දනුල මල්ලිගේ කකුලෙ ඇලිලා ඉන්න කූඩැල්ලව අරන් දැම්මෙ අපේ ශංඛ අයියා.
ඉතින් ඔන්න ඔහොම තමයි සිධාදියෙ ඉදලා උඩමාදුර ප්‍රාථමික විද්‍යාලයට ගිය ගමන නිමා වෙන්නෙ. අත්දැකීම් රාශියක් අපිට මේ ගමනෙදි ලබා ගන්න පුලුවන් වුණා. විශේෂයෙන්ම ගංගාව තරණය කරන කොට සහ වාහනය මඩේ එරුණු අවස්ථාවෙදි එහෙම. ඒ වගේම අපේ රටේ ඉතිහාසය ගැන මෙතෙක් නොදැන හිටපු කරුණු ගොඩක් දැන ගන්නත්, ඓතිහාසික ස්ථානවලට යන්නත් අවස්ථාව ලැබුණා. උඩමාදුර "ගොළු ඔළුව" මේකට හොද උදාහරණයක්. ඒ වගේ තැනකට කාටවත් ලේසියෙන් යන්න ලැබෙන්නෙත් නෑ. හෙලිකොප්ටර් එකකින් ගිහින් දැම්මොත් මිසක් මගේ නම් ආයිත් යන්න අදහසකුත් නෑ. ඒ තරමට ඒ ගමන දුෂ්කරයි. ඒත් ජීවිතේ එක වතාවක් හරි ගිහින් දැක බලා ගත්තු එක ගොඩක්

වටිනවා. ගොඩක් බාධා, දුෂ්කරතා මධ්‍යයේ ඉගෙන ගන්න වෙර දරන කැළේ පිපුණු මල් 24ක අධ්‍යාපන කටයුතු යම්තාක් දුරට හරි ඔප්නංවන්න අපිට පුලුවන් වුණා. ඒ ගැන මතක් වෙන කොට ඇති වෙන සතුට කියලා නිම කරන්න බෑ.
"ගුරුකුල අරුණලු" ව්‍යාපෘතියේ "පළවෙනි අධියරය" වෙනුවෙන් සෑහෙන්න උදව් කරපු ලොකු පිරිසක් ඉන්නවා. සදමාලි මිස්ට තමයි විශේෂම ස්තූතිය හිමි වෙන්න ඕන. ඊළගට ශංඛ අයියට අමතරව තිරය පිටුපස ඉදන් වැඩේට සහයෝගය දීපු 12.1 Web, Multimedia Batch දෙකේ මනුර, ධනුෂ්ක අයියලා ඇතුළු පිරිසට, අපිට උගන්නපු සහ උගන්නන |
කථිකාචාර්යවරුන්ට, NSBM කාර්යය මණ්ඩලයට, ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් ආධාර සහ පරිත්‍යාග ලබා දීපු හැම කෙනෙක්ටමත්, ඒ වගේම ව්‍යාපෘතිය සාර්ථකව කර ගන්න නන් අයුරින් සහයෝගය දීපු හැමෝටමත් පොදුවේ ස්තූතියි කරන්න කැමතියි.
ගමනට එකතු වුණු අය ගැන සදහන් කළොත් චනූදි මිස් වගේම අපේ සදමාලි මිසුත් එකතු වුණා. ඒ වගේම 13.1 Web Designing, Multimedia Batch දෙකේ මමත් ඇතුළුව දමිත්, පියුමාල්, කැළුම්, දිවානි, මෙලාන්, සුචින්ත සහ 12.1 Multimedia Batch එකේ ශංඛ අයියත් එකතු වුණා. ඒ විතරක් නෙවේ දිවානිගෙ නංගි සමාධිත් අපිත් එක්ක මේ ගමනට එකතු වුණා. ලිපියට දාලා තියෙන ඡායාරූප සහ වීඩියෝවල හිමිකාරීත්වය මම ඇතුළුව ශංඛ, මෙලාන්, දිවානි, සමාධි, කැළුම්, සුචින්ත යන අය අතරේ බෙදිලා යනවා.

"ගුරුකුල අරුණලු ව්‍යාපෘතිය" මෙතනින් අවසන් වෙන්නෙ නෑ. ව්‍යාපෘතිය අවුරුද්දකට සැරයක් නොනවත්වාම අඛන්ඩව ඉස්සරහටම කරගෙන යෑම තමයි අපි කාගෙත් බලාපොරොත්තුව. ඉතින් ව්‍යාපෘතියේ වැඩ කටයුතුවලට අපිට ඔබෙත් දායකත්වය අවශ්‍යයි. ලංකාවේ දුෂ්කර පාසල් ඔප් නැංවීමේ ව්‍යාපෘතියට සහාය දෙන්න කැමති නම් පහළ තියෙන "ගුරුකුල අරුණලු" ව්‍යාපෘතියේ ප්‍රධාන වෙබ් අඩවිය සහ සමාජ වෙබ් අඩවිවල ශාඛාවන් එක්ක එකතු වෙන්න. ඒ හරහා අපි ඉස්සරහට කරන්න යන අලුත් දේවල් ගැන දැන ගන්නත්, ඒවාට උදව් කරන්නත් ඔයාලට පුලුවන් වේවි...!!!!!!!!!!!