දළ රළ පෙළ පැරදූ පිළිරු
2004 අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා කියන්නෙ ලංකාවාසීන්ට ලේසියෙන් හිත් වලින් අමතක කරන්න බැරි දවසක්. විනාඩි 10ක් /20ක් වගේ සුළු කාලයක් ඇතුළත අපේ රටේ පරිසරය අදහා ගන්න බැරි තරමටම වෙනස් වුණා. එදා තමයි නත්තලේ සීනු හඩත්, පොහෝදා ඝාන්ටාර හඩත් පරද්දලා දළ රළ පෙළ ඉහළට නැගුනෙ. එදා දළ රළ පෙළට අහු වුනු හැම කෙනෙක්ම මුහුද බිලි ගත්තා. හැම දෙයක්ම විනාශ වුණා. ඒත් ලංකාවේ මුහුදුබඩ පළාත් ආශ්‍රිතව නිර්මාණය කරලා තිබුණු බුද්ධ ප්‍රතිමා වලට නම් ඒ ප්‍රකාශය වලංගු වෙන්නෙ නෑ. සුනාමි ව්‍යසනය නිසා හානි වුණු, කැඩිලා බිදිලා ගිය කිසිම බුද්ධ ප්‍රතිමාවක් ගැන වාර්තා වුණේ නෑ. රැල්ලට අහු වුණු හැම බුද්ධ ප්‍රතිමාවක්ම බේරුණා. පුංචි වීදුරු පෙට්ටිවල තැන්පත් කරලා තියෙන කුඩා ප්‍රමාණයේ ප්‍රතිමා හිටන්. එදා මුහුදෙ ඉදලා වේගයෙන් ගොඩබිම දිහාවට ගලා ගෙන ආපු දළ රළ පෙළ සාර්ථකව පරාජය කරන්න බුද්ධ ප්‍රතිමා වහන්සේලාට හැකි වුණා.
මුහුද ගොඩ ගැලීම කියන්නෙ අපේ රටට අලුත් දෙයක් නෙවේ. ඈත ඉතිහාසයෙත් අපේ රටට එක එක කාල පරිච්ඡේද වලදි මුහුද ගොඩ ගැලුවා කියලා ජනප්‍රවාදවල, පොත්පත්වල සදහන් වෙනවා. ඒත් අපි ඒවා විශ්වාස කළේ නෑ. ඒවා විශ්වාස කරන්න ගත්තෙ 2004 සුනාමි ව්‍යසනයෙන් පස්සෙ. අවුරුදු 6000කට කලින් රාජ්‍ය පාලනය කරපු මහා රාවණ අධිරාජ්‍යයාගේ සමයේ මුහුද ගොඩ ගැලීමක් වුණා කියලා අප්‍රසිද්ධ මතයක් තියෙනවා. මුහුදු රැල්ල නිසා මාළිගා 25ක් සහ නගර හාරලක්ෂයක් යට වුණාලු. ඒ වගේම "සමුද්දවාහිනී ජාතක කතාවෙත්" බුද්ධ කාලයට පෙර අපේ රටට ආපු දළ රළ පෙළක් ගැන කියවෙනවා. කැළණිතිස්ස රාජ්‍ය සමයේ සිද්ධ වුණු සුනාමි ව්‍යසනයට කලිනුත් සුනාමි ව්‍යසන දෙකක් සිද්ධ වෙලා තියෙනවා කියලා කොළඹ විශ්වවිද්‍යාලයේ පරමාණු විද්‍යා අංශයෙන් කිරින්දේ කරපු ගවේෂණයකදි හොයා ගෙන තියෙනවා. ඒවා අවුරුදු 1600කට සහ 2200කට කලින් සිද්ධ වුණු ඒවා.
2004ට කලින් අපේ රටේ සිද්ධ වුණු මුහුද ගොඩ ගැලීම් ගැන කතා කරන කොට, හැමෝටම මතක් වෙන්නෙ කැළණිතිස්ස රාජ්‍ය සමයේ සිද්ධ වුණු ව්‍යසනය. කැළණිතිස්ස මහ රහතන් වහන්සේ ගැන රජතුමාගේ හිතේ තිබුණු වැරදි අවබෝධයක් නිසා, රජතුමා මහ රහතන් වහන්සේව තෙල් කටාරමකට බස්සවලා පිරිනිවන් පාන්න සළස්වනවා. ඒ නිසා දේව කෝපයක් ඇති වෙලා, ලංකාව ඇතුළට මුහුද ගොඩ ගලන්න පටන් ගත්තා කියලා තමයි ජනප්රවාදයේ තියෙන්නෙ. ඒ ව්‍යසනයෙන් කුඩා ගම්මාන 970කුත්, ධීවර ගම්මාන 470කුත්, මුතු කිමිදෙන්නන්ගේ ගම්මාන 11කුත් විනාශ වුණා කියලා රාජාවලියේ දැක්වෙනවා. ලංකාවේ දූපත් 11ම යට වෙද්දි තොටුපලවල් ලක්ෂයකට වඩා විනාශ වෙලා තියෙනවා.

මේ සිද්ධිය නිසා කැළණි පුරවරය යට වෙන්න ගනිද්දි, බුදුන් වහන්සේගේ තුන්වෙනි ලංකාගමනය සිද්ධ වුණු කැළණිය රජමහා විහාරයත් මුහුදු වතුරට යට වීමේ අවධානමක් මතු වුණාලු. ජනප්රවාදයේ තියෙන විදිහට මේක දැකපු සක්‍ර දේවේන්ද්‍රයා බුද්ධ ප්‍රතිමාවක් ගෙනල්ලා කැළණි විහාර භූමිය මායිමේ තැන්පත් කළාලු. ඒ බුද්ධ ප්‍රතිමාවේ අනුහස නිසා කැළණි පුරවරයේ අනිත් හැම තැනක්ම යට වුණත්, කැළණි විහාරය යට වුණේ නෑලු. මේ සිද්ධිය කැළණිය රජමහා විහාරය නව බුදු මැදුරෙ සෝලියස් මෙන්ඩිස් මහත්තයා ලස්සනට සිතුවම් කරලා තියෙනවා. රජමහා විහාරයේ පරණ බුදු මැදුරට ගියාම සැතපෙන ප්‍රතිමාවේ ශීර්ෂය ළග ඉදි බුද්ධ ප්‍රතිමා දෙකක් තැන්පත් කරලා තියෙනවා. සත්‍ය අසත්‍යතාවය මොකක් වුණත් මිනිස්සු විශ්වාස කරන විදිහට සහ ජනප්රවාදයේ තියෙන විදිහට බිත්තිය කොනේම තියෙන බුද්ධ ප්රතිමාවලු, කැළණිතිස්ස රාජ්‍ය සමයේ මුහුද ගොඩ ගලන කොට සක්‍ර දේවේන්ද්‍රයා විහාර මායිමේ තැන්පත් කළේ. 2004 අවුරුද්දෙ බුද්ධ ප්‍රතිමා ටික බේරුණු නිසා අපිට ඒ සිද්ධියත් මතක් වුණා.
හැම සිංහල අලුත් අවුරුද්දකම ආත්තම්මා සීයා බලන්න ගාල්ලෙ යන කොට, ගාල්ලෙ තියෙන මොකක් හරි ස්ථානයකුත් මතක සටහනක් විදිහට බලන්න යන එක හුග කාලයක ඉදන් මගේ පුරුද්දක්. මෙහෙම සැරෙන් සැරේ ගාල්ලෙ යන කොට, ගාල්ල බස් නැවතුම්පල සහ නගරය ආශ්‍රිතව නිර්මාණය කරලා තියෙන, 2004 සුනාමි රළ පහර සාර්ථකව පරාජය කරපු බුද්ධ ප්‍රතිමා කිහිපයක් දැක බලා ගන්න අවස්ථාව උදා වුණා. අවුකන බුද්ධ ප්‍රතිමාවේ ආකෘතියක් විදිහට නිර්මණය කරලා තියෙන මේ හිටි පිළිමය පිහිටලා තියෙන්නෙ ගාල්ල හංදියේ බස්නාහිර පැත්තට වෙන්න. ගාල්ල මහා වීදියෙ ටික දුරක් ගියාම දකුණු අත පැත්තෙන් බලා ගන්න පුලුවන්.
ගාල්ල වරාය දිහාවට යන පාරෙ සම්බෝධිය ඉස්සරහා තියෙන බුද්ධ ප්රතිමාවටත් එදා කිසිම හානියක් වෙලා තිබුනෙ නෑ.
ඒ විතරක් නෙවේ. සුනාමි ව්‍යසනයෙන් මාගල්ල බෝධිය ළග තියෙන පිළිම වලටත් කිසිම හානියක් වුණේ නෑ. රූමස්සල ඉදලා ගාල්ල ටවුම දිහාවට යන කොට මාගල්ල පහු කරලා ටිකක් දුර යන කොට, වම් අත පැත්තෙන් මේ ස්ථානය දැක ගන්න පුලුවන්. බෝධිය රෝපණය කරලා තියෙන්නෙත් මුහුදු වෙරළ තීරයෙමයි.
සුනාමි රළ පහර නිසා ගාල්ල බස් නැවතුම්පල ඉස්සරහා තියෙන බුද්ධ ප්රතිමාවටත් කිසිම හානියක් වුණේ නෑ. ඒ විතරක් නෙවේ ගාල්ල බස් නැවතුම්පලේ බටහිර දිශාවෙ නිර්මාණය කරලා තියෙන බුද්ධ ප්‍රතිමා දෙකටත් කිසිම හානියක් වුණෙ නෑ. පහළින් තියෙන්නෙ දළ රළ පෙළ පරාජයට පත් කරපු, බස් නැවතුම්පලේ බටහිර කොටසේ කුඩා ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාව. එදා මේ ප්‍රතිමාව සම්පූර්ණයෙන්ම මුහුදු වතුරට යට වුණා කියලත් මතක තියා ගන්න ඕනි.
කුඩා බුද්ධ ප්‍රතිමාවට එහායින් තියෙන විශාල සමාධි බුද්ධ ප්‍රතිමාවෙන් 3/4ක් විතර එදා මුහුදු වතුරට යට වුණා. ඒත් ප්‍රතිමාවට අංශු මාත්‍රයක තරම්වත් හානියක් වුණේ නෑ. වේගෙන් ගලා ගෙන යන වතුර පාර මැද්දෙ බුදුන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ හිටියා. සුනාමි ව්‍යසනයෙන් බේරුණු බුද්ධ ප්‍රතිමා අතරින් මේ ප්‍රතිමාව හැමෝගෙම කතා බහට ලක් වුණා. ඒ ගාල්ල බස් නැවතුම්පලට සුනාමිය ආපු වෙලාවෙ, රූපගත කරලා මාධ්‍යයට මුදා හැරපු සුප්‍රසිද්ධ වීඩියෝ දර්ශනයෙත් කිහිප තැනක මේ බුද්ධ ප්‍රතිමාව සටහන් වෙලා තියෙන නිසා. ඒ නිසා මේ ප්‍රතිමාව තවත් අවුරුදු ගණනාවක් ගියායින් පස්සෙ ගොඩක් ඓතිහාසික ප්‍රතිමාවක් බවට පත් වෙයි.
මේ තියෙන්නෙ ඒ වීඩියෝ දර්ශනවල බුද්ධ ප්‍රතිමාව සටහන් වුණු කොටස් කිහිපයක්. බලන්න සැර වතුර පාර මැද්දෙත් බුදුන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ ඉන්න අපූරුව.
පහළින් තියෙන්නෙ සුනාමි ව්‍යසනයට පස්සෙ දවසෙ, ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 27 වෙනිදා මාධ්‍යයට නිකුත් වුණු රූප වගයක්. ප්‍රතිමාව අවට තිබුණු හැම ගොඩනැගිල්ලක්ම විනාශ වෙලා තිබුණත්, ප්‍රතිමාවට කිසිම හානියක් වෙලා නෑ.
මේ තියෙන්නෙ ඒ සුප්‍රසිද්ධ වීඩියෝව....
|
|
|
මේ තියෙන්නෙ සුනාමි රළ පහර පරාජය කළ, ගාල්ල බස්නැවතුම්පල ඉදිරිපිට වැඩ ඉන්න ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ පිළිමයටත් එදා අංශු මාත්‍රයක තරම්වත් හානියක් වුණේ නෑ.
මේ ගාල්ල නගරයේ සංචාරය කරන කොට මගේ නෙත ගැටුනු ප්‍රතිමා. ඊට අමතරව ගාල්ල නගරය වටේ තියෙන බුද්ධ ප්‍රතිමා ගොඩක් දළ රළ පහරින් බේරිලා තියෙනවා. මේ තියෙන්නෙ අන්තර්ජාලයෙන් අර ගත්ත ඒ වගේ ප්රතිමාවල ඡායාරූප කිහිපයක්.
මහින්දාගමනයෙ ඉදලා මේ වෙනකන් ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ ඉතිහාසය ගත්තම ගොඩක් ආශ්චර්‍ය්මත් සිදුවීම් වෙලා තියෙනවා. ශ්‍රී මහා බෝධි අංකුරය අහසට පැන නැගීම, වම් දළදා වහන්සේගෙන් බුදු රැස් විහිදීම, දකුණු අකු ධාතුන් වහන්සේ යමා මහ පෙළහර පෑම, රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානෝත්සවයේදී සිද්ධ වුණු අද්භූතජනක සිදුවීම්, සෝමාවතී ස්තූපයෙන් බුදුරැස් විහිදීම, දළදා වැස්ස, ශ්‍රී මහා බෝධියට පවත්වන පූජාව සහ දළදා පෙරහැර අවසන් වෙනවත් එක්කම රටට වර්ෂාව ලැබීම වගේ සිදුවීම් ඒ සදහා උදාහරණ විදිහට දෙන්න පුලුවන්. ඒ සිදුවීම් එක්ක බැලුවොත් සුනාමි ව්‍යසනයෙන් බුද්ධ ප්‍රතිමා ආරක්ෂා වුණු එක ගැන ඒ හැටි පුදුම වෙන්න අවශ්‍යත් නෑ. බුදුන් වහන්සේ පිරිණිවන්පාලා අවුරුදු 2555කට වඩා ගත වුණත්, උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්න කොට කරපු අධිෂ්ඨාන සහ ප්‍රාර්ථනා මේ විශ්වය පුරාවටම විසිරිලා පැතිරිලා තියෙනවා.
සුනාමි ව්‍යසනයට අහු වුණු බුද්ධ ප්‍රතිමා විනාශ වුණේ නැත්තේ ඒ ප්රතිමාවන් නිර්මාණය කරලා තියෙන සිමෙන්ති සහ ගඩොල්වල ප්‍රමිතිය හෝ ශක්තිමත් සැලැස්ම මත කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. ඒත් මිනිසුන් විශාල ප්‍රමාණයකට පවා හොලවන්න බැරි පැරෑලිය රේල් පීල්ල හිටන් අඩි ගාණක් උස් අතට ඇඹරිලා යද්දි, ඕනෑම කෙනෙක්ට පහසුවෙන් එහා මෙහා කරන්න පුලුවන්, පුංචි වීදුරු පෙට්ටිවල තැන්පත් කරලා තියෙන කුඩා ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා කිසිම උපද්‍රවයකින් තොරව ආරක්ෂා වුණේ කොහොමද කියන එක ගැන එතනදි ප්‍රශ්නයක් මතු වෙනවා...!!!!!!!