දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- ආදර්ශමත් කතාවක්
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ආනන්දයේ පෙරළිය
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- නත්තලේ විරාමය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ----- පාට මාරු කරන නැව්
  • ----- මහාමාරි වෛද්‍යවරු
  • ----- පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි?
  • ----- Titanic - Dunkirk සම්බන්ධය
  • ----- නත්තලේ ගීතය
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- ලොකු අයියා
  • ----- නවීගේ දහම් පාසල 01
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

අඹ බෞද්ධයෝ

​නිවාඩු දවසක කාමරේ සුද්ධ කර කර ඉන්නකොට හතරට පහට නැමුණු, දූවිලි ගැහිලා, පොඩිවුණු කොළයක් හම්බුණා. කොළය දිගෑරලා බැලුවම තමයි, මේක මට දුන්නෙ කවුද? කවදද? කොහෙදිද? කීයටද? එකී මෙකී නොකී අකී, අකී නොකී මෙකී එකී ඔක්කොම විස්තර මතක් වුණේ.... මේ කොළේ හම්බුනේ 2013 අවුරුද්දෙ මැද භාගයේ. ඒ කියන්නෙ NSBM එකේ ඉගෙන ගන්න කාලේ. මේක දුන්නෙත් NSBM එකේම යාලුවෙක් තමයි. A4 ​කොළයක, කළු සුදු පාටින්, සිංහල අකුරෙන් දෙපැත්තම මුද්‍රණය කරලයි තිබ්බෙ. එක පැත්තක පානදුරේ ප්‍රසිද්ධ බුදු පිළිමෙ පුංචි පින්තූරෙකුත්, ධර්ම චක්‍ර දෙකක පින්තූර දෙකකුත් තිබුණා.​​ කොළය මුද්‍රණය කරලා තිබ්බෙ මෙන්න මෙහෙමයි. 
Picture
මෙය බුද්ධියෙන් කියවන්න !
බුදු දහමට අපහාස නොකරන්න.
ශ්‍රී පාදයට හිතැති ප්‍රිය සොයුරු සොහොයුරියනි,
​මෙය ඔබ අතට පත් වී දින 30ක් ඇතුළත කොළ 20ක් පිටපත්කර යවන්න. දින 100න් පසු ඔබට ප්‍රතිඵල ලැබේවි. දෙවියන් වහන්සේලා වන මොවුන් අප සමග සිටිය යුතුය. ලෝකයේ සිටින මනුස්ස වර්ගයේ පිහිට උන්වහන්සේලා ප්‍රිය කරයි.

* මෙම ලිපිය ඔබ අතට ලැබුණු විගස වාසනාවන්ත කාලය උදාවනු ඇත.

* මෙම ලිපිය සිංගප්පූරුවේ සේවිකාවකට ලැබී ප්‍රචාරය නොකළ නිසා කරදරවලට ලක්වී පොලීසි යාමට සිදුවිය.

* ශ්‍රී ලංකාවේ විජය කුමාරතුංග මැතිතුමන් මෙය ප්‍රචාරය නොකළ නිසා මරණයට ලක්විය.

* කොළඹ ඩී.එස්.සේනානායක මහතාට මෙය ලැබී පිටපත් 20ක් ප්‍රචාරය කරවීම නිසා ලොතරැයියක් හිමිවිය.

* ගාල්ලේ ඥාණතිලකට ලැබී ප්‍රචාරය නොකළ නිසා පවුලේ අය පිස්සන් බවට පත්විය.

සමහර අය මෙය ලැබී ප්‍රචාරය නොකළ නිසා සිය දිවි නසාගත්තා. මේ නිසා මෙය පිටපත් කරවන්න. නැතිනම් දඩුවම් ලැබීම නියතය. ඔබ වහන්සේ සහෝදරයන් සැමියන් රැකදෙන්න. මට පිහිට වෙන්න. ඔබ අසරණ අප සැම රැක දෙන්න.
සම්මා සම්බුදු සරණයි!
බුදු සරණයි! දෙවි පිහිටයි!

​අනුරාධපුර නාග විහාරයේ ගල්ලෙන් තුලින් විශාල නාගයෙකු මතුවිය. භාවනානුයෝගීව වැඩ සිටි ස්වාමීන් වහන්සේ අමතා මෙසේ කීය. "කියන දේ හොදින් අසන්න. මම මුචලින්ද නාග රාජයාගේ පුත්‍ර රත්නය වෙමි. මේ ලෝකයේ කල්ප විනාශය වන තුරුම විමසිල්ලෙන් බලා සිටිමි. බුද්ධ ධර්මය කෙරෙහි භක්තිය ඇති කර ගන්න. පාපයෙන් ජීවත්වන අයට නිසි දඩුවම් දෙමි. මෙම පණිවුඩය බුදුන් වහන්සේ කෙරෙහි භක්තියෙන් යුතුව සිංහලෙන් හෝ දෙමළෙන් මුද්‍රණය කර ප්‍රචාරය කිරීමට ඉදිරිපත්වන්නේ නම්, ඔහුට මහත් වූ භෞතික සම්පත් ලබාදෙමි. නිසියාකාර දියුණුවක් ඇති කරයි. බුද්ධාගමට විහිළු කරන අයටත් නිසි දඩුවම් ලබාදෙමි. මෙය අද ප්‍රචාරය වී ඇති සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨ බවත්, බුදුන් කෙරෙහි භක්තියෙන් සිටිනා සියළුදෙනා ආරක්ෂා කරන බවත් දන්වමි." ස්වාමීන් වහන්සේලා පැන් ස්වල්පයක් ඉස්සවිට නාගයාගේ ශරීරයෙන් රැස් විහිදුවා අතුරුදහන් විය.

සිසුවියක් මෙම පත්‍රිකාව ඉරා දමා පැය දෙකකදී මිය ගියේය. මෙම පත්‍රිකාවෙන් මාතලේ ස්ත්‍රීයක් දරුවන්ට බිස්කට් ඔතාගෙන කන්නට දී නාසයෙන් ලේ දමා මිය ගියේය. ආයතනයක සේවක පිරිසක් මෙම පත්‍රිකාව මුද්‍රණය කර බෙදා හැරීමට සැලසූ විට ඔවුනට එය අවහිර කළ හෝමාගම සේවක මගියෙකු සේවයට යද්දී අනතුරකට ලක්විය. ​පත්‍රිකාව මුද්‍රණය කිරීමට සැලසුම්කර අතපසු වූ
කුවේට්හි සිටි පුද්ගලයෙකු නොසිතූ ලෙස කරදරවලට ලක්විය. 

​මෙය දැනගත් බොම්බායේ පාසල් සිසුවෙකු මෙම පත්‍රිකාව ඉරා විසිකර දමා පැය 24ක් තුළදී කළු නාගයෙකු දෂ්ඨකර මිය ගියේය. මහියංගනයේ එල්.කේ.පොඩි අප්පුහාමි මහතා විසින් පත්‍රිකා 2000ක් මුද්‍රණය කර බෙදා හැර, සති දෙකකින් ලක්ෂ දෙක හමාරක් වටිනා නිල් මැණිකක් ලැබී ධනවතෙකු විය.

මෙය විශ්වාස කරගෙන කොළ 500ක් මුද්‍රණය කර බෙදා දුන් ගාල්ලේ දෙවැටේ පදිංචි සුසිල් මහතාට නොසිතූ අන්දමින් ඉතා ලස්සන නිවසක් තනා ගැනීමටත්, ඔහුගේ වෙළද ව්‍යාපාරය දින දින දියුණුවීමෙන් ධනවතෙකුවීමේ වාසනාව උදාවිය. ජම්බුගහපිටියේ ඒ.කේ.අත්තනායකට මෙම කොළය ලැබී දින 7ක් ගෙවී යන තෙක්ම ප්‍රචාරය නොකළ නිසා ඇය පිස්සියක් බවට පත්විය. මෙතෙක් කල් කරගෙන ආ රැකියාවද අහිමි විය.

මෙම පත්‍රිකාව විශ්වාස කරගෙන මුද්‍රණය කරන අයට තමන් සිතන දේ ඉෂ්ඨවේ. දින 10ක් තුළ ප්‍රතිඵල ලැබේ. තමන්ට මෙම පත්‍රිකාව ලැබී දින 10ක් තුළ මුද්‍රණය කර පත්‍රිකා 20ක් බෙදිය යුතුය. මෙය නතර කරන්න එපා. මේ විස්තර පත්‍රයෙන් යහපත සලසා ඔබගේ වාසනාව ගෙන දෙයි.
භාග්‍යවත් ශ්‍රී සම්මා සම්බුදු සරණයි.
මෙය විශ්වාසකර භාග්‍යවතුන් අතර බෙදා දෙන්න.
ස්තූතියි.
තෙරුවන් සරණයි.
​කරුණාකර මෙය කියවා තේරුම්ගෙන අතින් අත යවන්න.
Picture
Picture

​මේක කියවලා ඉවරවෙනකොට මට ආවෙ මෙන්න මේ වගේ හිනාවක්...​ 

​මොකද මේ කොළේ තියෙන විස්තර අනුව ගත්තොත්, මේ කොළේ Expire Date එක(කල් ඉකුත්වීමේ දිනය), එහෙමත් නැත්නම් මට ලැබෙන්න තිබ්බ දඩුවමේ Expire Date ​එක ​පැනලා අවුරුදු ගාණක් වෙනවා. ​අනිත් අතට ලොකු කලකිරීමක් දැනුනා. මොකද මේක මට දුන්නෙ බුදු දහමට විශාල ලැදියාවක් දක්වන, බෞද්ධ වැඩකටයුතුවලට සහයෝගය දක්වන, බුදු දහමට අප්‍රමාණ ආදරයක් දක්වන කෙනෙක්. ඒත් ඉතින් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියන්නා වගේ, ඕනෑම දෙයක අන්තයටම ගියාම මෙහෙම දේවල් වෙනවා තමයි. පස්සෙ තමයි මතක් වුණේ, ඊටත් අවුරුදු 7කට කලිනුත් මට මේ කොළේම හම්බුණා නේද කියලා. ඒකට නම් වෙච්ච දෙයක් මතක නෑ.

මේ ගැන සාකච්ඡා කරනවා නම්, මේකෙ සාකච්ඡා කළ යුතු අංශ දෙකක් තියෙනවා. එක අංශයක් තමයි මේ කොළය පළවෙනි වතාවට මුද්‍රණය කරපු පිරිස. අනිත් අංශය තමයි මේ කොළය පිටපත් කර කර බෙදා හරින පිරිස. හරියට මගේ යාලුවා වගේ. 


මේ කොළය මුල ඉදලා අගට හොදට කියෙව්වොත් තේරෙනවා, මේ කොළයේ එකම කරුණ කිහිප තැනකම තියෙනවා කියලා. ඒ වගේම ඒවායෙත් ද්වීකරණ දෝෂ තියෙනවා. එක තැනක තියෙනවා කොළය ලැබිලා පිටපත් 20ක් දින 30ක් ඇතුළත බෙදුවොත් දින 100න් ප්‍රතිඵල එනවා කියලා. තවත් තැනක තියෙනවා කොළය ලැබිලා පිටපත් 20ක් දින 10ක් ඇතුළත බෙදුවොත් දින 10න් ප්‍රතිඵල එනවා කියලා. 


ඒ වගේම මේ කොළයේ බුදු දහමට සම්බන්ධ කරුණු තිබ්බත්, මේකෙ සාරය ක්‍රිස්තියානි කතෝලික අභාශයක් අරගෙන තියෙනවා. ඒ නිසා බොහෝ දුරට මේකෙ මුල්පිටපත ක්‍රිස්තියානි කතෝලික අන්තවාදීන් පිරිසක් විසින් නිර්මාණය කරන්න ඇති. එහෙමත් නැත්නම් ඒ ආගමට සම්බන්ධව මුද්‍රණය කරපු පත්‍රිකාවක සාරය සිංහල බෞද්ධයන්ට ගැලපෙන විදිහට පරිවර්තනය කරන්න උත්සාහයක් දරන්න ඇති.
​
Picture
Picture
ලිපියේ මුලින්ම ආමන්ත්‍රණය කරලා තියෙනවා "ශ්‍රී පාදයට හිතැති ප්‍රිය සොයුරු සොහොයුරියනි" කියලා. මේ වගේ ආමන්ත්‍රණයක් වෙන කිසිම තැනක අපිට දකින්න ලැබිලා නෑ. ශ්‍රී පාදය කියන්නෙ ලෝකයේ තියෙන අරුම පුදුම තැනක්. බෞද්ධ අපිට අනුව ශ්‍රී පාදස්ථානය කියන්නේ තුන් ලෝකයටම අග්‍ර වුණු ඒ අසිරිමත් මිනිසාගේ පාද ස්පර්ශය ලබපු ස්ථානය. හැබැයි කතෝලික බැතිමතුන් විශ්වාස කරන්නෙ ඒ ඔවුන්ගේ දෙවියන් වහන්සේ විසින් මිහිපිට නිර්මාණය කරන ලද පළමු මිනිසාගේ පා සටහන සළකුණු වුනු ස්ථානය කියලයි. ඒ නිසා තමයි සමහරක් දෙනා ඉංග්‍රීසියෙන් මෙතනට Adams Peak ​කියලා කියන්න පුරුදු වෙලා ඉන්නෙ. මේ නිසා අපේ රටේ කතෝලික බැතිමතුනුත් ශ්‍රී පාදය වන්දනා කරනවා.

ඒ වගේම බෞද්ධයින් අතර භාවිතාවෙන "පිංවතුනි" කියන වචනය වෙනුවට මෙතන භාවිතා කරලා තියෙන්නෙ "ප්‍රිය සොයුරු සොයුරියනි" කියලා. මේකත් කතෝලික බැතිමතුන් අතරේ නිතර නිතර භාවිතාවෙන වචනයක්.

"දෙවියන් වහන්සේලා වන මොවුන් අප සමග සිටිය යුතුය. ලෝකයේ සිටින මනුස්ස වර්ගයේ පිහිට උන්වහන්සේලා ප්‍රිය කරයි."

කතෝලික දහමේ සහ බුදු දහමේ දෙව්වරුන් ගැන විශ්වාස කළත්, ඒ විශ්වාසයන් අහසට පොළව වගේ වෙනස්. කතෝලික දහමේ එක් දෙවි කෙනෙක් ගැන සදහන් වුණත් බුදු දහමේ අප්‍රමාණ දෙව්වරුන් සංඛ්‍යාවක් ගැන සදහන් වෙනවා. බෞද්ධ අපි ඒ උදවියව හදුන්වන්න දෙවියන්, දෙවිදුන්, දෙව්වරු, දේව මණ්ඩල, දේවෝත්තම, දේවරාජෝත්තම, දිව්‍යෝත්තම වගේ වචන භාවිතා කරනවා. ඒත් අපි කවදාවත්ම දෙවියන්, දෙව්වරු කියනවා මිසක් "දෙවියන් වහන්සේලා" කියලා කියන්නෙ නෑ. ඒත් කතෝලික දහමේ නම් "දෙවියන් වහන්සේ" කියන වචනය නිතරම කියවෙනවා. 

ඒ වගේම ඔහු කියන අදහසින් ඒ අය දෙවියන් වහන්සේට, උන්වහන්සේ කියලත් කියනවා. හැබැයි බෞද්ධයින් දෙව්වරුන්ට එහෙම කියනවා බොහොම අඩුයි. බෞද්ධයින් ඒ වචනය පාවිච්චි කරන්නෙ බොහෝ වෙලාවට බුදු, පසේබුදු සහ
මහා සංඝරත්නය වෙනුවෙන්.
​
Picture
Picture
Picture
Picture

"මේ නිසා මෙය පිටපත් කරවන්න. නැතිනම් දඩුවම් ලැබීම නියතය. ඔබ වහන්සේ සහෝදරයන් සැමියන් රැකදෙන්න. මට පිහිට වෙන්න. ඔබ අසරණ අප සැම රැක දෙන්න."

මේ වාක්‍ය කිහිපය කියවනකොට පල්ලියේ යාතිකාවකට සමාන බවක් දැනෙන්නෙ නැද්ද? දඩුවම් ලැබීම නියතය, ඔබ වහන්සේ, සහෝදරයන් සැමියන්, පිහිට වෙන්න, අසරණ අප සැම, රැක දෙන්න.... මේ හැම වචනයක්ම කතෝලික ආගමික වතාවත්වලදී කියවෙන වචන.​

​දැන් අපි මේකෙ කරලා තියෙන දෙවෙනි ආමන්ත්‍රණය අරගත්තොත්, ඒකෙ තියෙනවා "සම්මා සම්බුදු සරණයි! බුදු සරණයි! දෙවි පිහිටයි!" කියලා. මේක නම් කිසිම පිළිවෙලක් නැති ආමන්ත්‍රණයක්. සම්මා සම්බුදු සරණයි කියලා තියෙද්දි, තවත් පාරක් බුදු සරණයි කියලා කියන්න අවශ්‍ය වෙන්නෙ ඇයි? ඒ වගේම මෙතන දම් සරණ සහ සඝ සරණ ගැන කිසිම සදහනක් නෑ. 
මෙතනින් එහාට තියෙන්නෙ වෙනමම කතාවක්. දැන් කොහොමද මේ දේව කතාව එක පාරටම නාග කතාවක් වුණේ?

අනුරාධපුරයේ නාග විහාරය කියලා පන්සලක් ගැන සදහන් වෙනවා. මේ විහාරය ගැන විස්තර හෙව්වත්, කොහේවත් මේ වගේ විහාරයක් ගැන සදහනක් නෑ. ඊට පස්සෙ මුචලින්ද නා රජතුමාගේ ඔය කියන පුත්‍රයාගේ ප්‍රකාශය...​ 

"බුද්ධ ධර්මය කෙරෙහි භක්තිය ඇති කර ගන්න. පාපයෙන් ජීවත්වන අයට නිසි දඩුවම් දෙමි. මෙම පණිවුඩය බුදුන් වහන්සේ කෙරෙහි භක්තියෙන් යුතුව සිංහලෙන් හෝ දෙමළෙන් මුද්‍රණය කර ප්‍රචාරය කිරීමට ඉදිරිපත්වන්නේ නම්, ඔහුට මහත් වූ භෞතික සම්පත් ලබාදෙමි. නිසියාකාර දියුණුවක් ඇති කරයි. බුද්ධාගමට විහිළු කරන අයටත් නිසි දඩුවම් ලබාදෙමි. මෙය අද ප්‍රචාරය වී ඇති සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨ බවත්, බුදුන් කෙරෙහි භක්තියෙන් සිටිනා සියළුදෙනා ආරක්ෂා කරන බවත් දන්වමි."

බුදුන් වහන්සේ කෙරෙහි අපි කිසිම කෙනෙක්ට කොයිම වෙලාවකවත් භක්තියක් ඇති වෙන්නෙ නෑ. අපිට බුදුන් වහන්සේ කෙරෙහි ඇති වෙන්නෙ ශ්‍රද්ධාවක්. භක්තියක් ඇති වෙන්නෙ බුදුන් කෙරෙහි නෙවේ. දෙවියන් කෙරෙහි. ශ්‍රද්ධාව සහ භක්තිය අතර ලොකු වෙනසක් තියෙනවා කියලත් මතක් කරන්න කැමතියි.​
Picture
​ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන් පිළිබදව "අවබෝධයෙන්" ඇතිවෙන පැහැදීමටයි. නිර්වාණය ලබා ගැනීම පිණිස ප්‍රඤ්ඤාව කරා මේ යන ගමන ආරම්භ කරන්න ශ්‍රද්ධාව ඉවහල් වෙනවා. ​භක්තිය කියන්නෙ තමන්ටවත් හරියාකාරව විස්තර කර ගන්න බැරි, අදෘෂ්‍යමාන දේවල් කෙරෙහි ඇතිවෙන බයටයි. ​දෙවි කෙනෙකුට භාරයක් වෙන කෙනෙක්, ඒ භාරය අනිවාර්යෙන්ම ඔප්පු කරන්න පෙළඹෙනවා. දේව පූජාව තියන කෙනා අනිවාර්යෙන්ම දේව පූජාව තියනවා. දේවාලයකට, කෝවිලකට යන කෙනා යන්නෙ, හොදට නාලා පිරිසිදු වෙලා. ඒ වගේම ඒ පූජා භූමිවලදි හිත, කය, වචන සංවරයෙන් තියාගෙන ඉන්නවා. හේතුව ඒ අය තුළ විශ්වාසයක් තියෙනවා මේ දේවල් කළේ නැත්නම්, දෙව්වරුන්ගේ උදහසට ලක් වෙන්න පුලුවන් කියලා. දේව ශාපයකට ලක් වෙන්න පුලුවන් කියලා. ඒ නිසා ඒ අය ඒ දේවල් කරන්නෙ සහ පිළිපදින්නෙ දෙව්වරුන්ට තියෙන බයට මිසක් ඒ දේවල් ගැන අවබෝධයෙන් නෙවේ. 

ඒ භක්තිවන්තයින්. හැබැයි ශ්‍රද්ධාවන්තයින්ට එහෙම බය වෙන්න කිසිම හේතුවක් නෑ. බුද්ධ පූජාව තියන්න අමතක වුණා කියලා, බෞද්ධ පූජා භූමියකට යනකොට පිරිසිදු වෙලා යන්න බැරි වුණා කියලා, බෞද්ධ පූජා භූමියකදී නරක වචනයක් කියවුණා කියලා අපි බය වෙන්නෙ නෑ. මොකද බුදු හාමුදුරුවො
කවදාවත් කාටවත් කරදරයක්, හිරිහැරයක්, නපුරක් කරපු කෙනෙක් නෙවේ. ​බුදු හාමුදුරුවො තමන්ගේ ගිහි කාලයේ පුත්‍රයා වුණු රාහුල හාමුදුරුවන්ට සමාන වූ මහා කරුණාවක්, තමන් වහන්සේව ඝාතනය කරන්න හදපු දේවදත්ත හාමුදුරුවන්ටත් දැක්වුවා. ​ඒ නිසා සැබෑ බෞද්ධයා තෙරුවන් සරණ යන්නෙ, තෙරුවන් කෙරෙහි ඇති ගෞරවය සහ "අවබෝධය" නිසා මිසක්, තෙරුවන් කෙරෙහි ඇතිවෙන බයක් නිසා නෙවේ.

මේ කොළයේ තියෙන විස්තර අනුව මේ නාගයා නම් ජාතිවාදී නාගයෙක් කියන එකයි මගේ අදහස. මොකද සිංහල සහ දෙමළ භාෂාවලින් මේ පණිවිඩය මුද්‍රණය කරන්න කිව්වට, ඉංග්‍රීසි භාෂාව ගැන එක වචනයක්වත් කියලා නෑ. ඒ වගේම මේ කතාවෙත් පරස්පර විරෝධී තැන් දෙකක් තියෙනවා. කතාව ආරම්භයේ සදහන් වෙන්නෙ "භාවනානුයෝගීව වැඩ සිටි ස්වාමීන් වහන්සේ අමතා මෙසේ කීය" කියලා. ඒත් මේ කතාව අවසන් වෙන්නෙ "ස්වාමීන් වහන්සේලා පැන් ස්වල්පයක් ඉස්සවිට නාගයාගේ ශරීරයෙන් රැස් විහිදුවා අතුරුදහන් විය" කියලා. මෙතනදී ප්‍රශ්නයක් එනවා මුලදි ස්වාමීන් වහන්සේ කියලා සටහන් කරලා තිබ්බ ඒක වචනය, අවසානයේදී ස්වාමීන් වහන්සේලා කියලා බහු වචනයකින් සටහන් වුණේ කොහොමද කියලා.
Picture
Picture
Picture
Picture
​අන්තිම හරියේ සදහන් කරලා තියෙනවා "​කරුණාකර මෙය කියවා තේරුම්ගෙන අතින් අත යවන්න" කියලා. බලන්න කොයිතරම් උපක්‍රමශීලීද කියලා? ​ප්‍රථම රහත් හැට නමව ධර්ම ප්‍රචාරයේ යවලා බුදු හාමුදුරුවන් නිකං හිටියෙ නෑ. උන්වහන්සේත් ධර්ම ප්‍රචාරයේ නිරත වුණා. මේ නිසා එකම විටක සද්ධර්මය ප්‍රදේශ 61ක ව්‍යාප්ත වුණා. ඒත් උන්වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුනෙ නැත්නම්, සද්ධර්මය ව්‍යාප්ත වෙන්නෙ ප්‍රදේශ 60ක විතරයි. ඉතින් මේ කියමනත් ඒ වගේම තමයි. ​මුද්‍රණය කරලා බෙදන කොළ ගණනට අමතරව තමන්ට ලැබුණු කොළෙත් බෙදනවා. එතකොට මේ පණිවිඩය තවත් එකක් වැඩියෙන් ප්‍රචාරය වෙනවා.

ඊළගට මේ කොළය මුද්‍රණය කරලා බෙදා හැරීම සහ නොහැරීම නිසා ඒ ඒ අයට වුණු සිදුවීම් ගැන විස්තර මාලාවක් තියෙනවා. මෙතනදි අපිට ප්‍රශ්න කිහිපයක් ඇති වෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි මේ සිද්ධීන් ගැන විස්තර හොයා ගත්තෙ කොහොමද කියන එක ගැන. මොකද අපේ රටේ විස්තරවලට අමතරව මේකෙ සිංගප්පූරුව, කුවේට් වගේ රටවල් ගැනත් සදහන් වෙනවා. ඒ වගේම බොම්බායේ (ඉන්දියාවේ) පාසල් ශිෂ්‍යයෙක්ට වුණු විපතක් ගැනත් සදහන් වෙනවා. මෙතනදි අපිට තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා, ලංකාව පදනම් කරගෙන ඇති වුණු මේ සිදුවීම ඉන්දියාවේ ඉන්න ඉන්දියානුවන් අතරට ගියේ කොහොමද කියලා. 
දැන් නම් බොම්බේ කියලා පාවිච්චි වෙන්නෙත් නෑ. දැන් කියන්නෙ මුම්බායි කියලා. අනිත් කාරණය තමයි මුම්බායිවල අනිත් ජාතීන්ට සාපේක්ෂව දෙමළ මිනිස්සු ඉන්නෙ බොහොම සුළු ප්‍රතිශතයක්.

ලොකුම ප්‍රශ්නෙ තමයි මේ කොළයේ තියෙන කරුණු කාරණා අනුව, කොළය බෙදුවොත් යහපත් ප්‍රතිඵල සහ කොළය බෙදුවෙ නැත්නම් අයහපත් ප්‍රතිඵල ඇති වෙනවා නම්.... කොහොමද මේ කියන සිදුවීම් මේ කොළයේ අන්තර්ගත වෙලා තියෙන්නෙ කියන එක. මොකද පළවෙනි මුද්‍රණයේදී මේ කියන සිදුවීම් එකක්වත් වෙන්න බෑ. මොකද පළවෙනි මුද්‍රණයේදී මේ කොළය කා අතටවත් පත්වෙලා නෑ. එහෙනං තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා කල්ප කාලාන්තරයක් තිස්සේ මේ වුණු සිදුවීම් ඔක්කොම එකතු කරලා, විටින් විට මේ පිටපත් යාවත්කාලීන කළේ කවුද කියලා. ඊටත් පස්සෙ අපිට තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා, එහෙම දෙයක් කළා නම් ඒ මිනිහට පිස්සුද කියලා.


ඒ නිසා පැහැදිලිවම මේක සමච්චලයක්. තේරෙන භාෂාවෙන් කිව්වොත් මට හිතෙන විදිහට Prank එකක්. හැබැයි මේකෙ අන්තර්ගතය, අපි කලින් සාකච්ඡා කරපු කරුණු කාරණා අනුව වෙන ආගමක කොළයක් අනුසාරයෙන්, බුදු දහමට ගැලපෙන විදිහට පරිවර්තනය කළා කියලා නම් පැහැදිලිවම දකින්න තියෙනවා. මේ කොළයත් හරියට හර්කියුලිස් මරපු හයිඩ්‍රා මකරා වගේ. එක ඔළුවක් කපනකොට, ඔළු දෙකක් මතු වෙනවා. ඔළු දෙකක් කපනකොට, ඔළු තුනක් මතු වෙනවා... එහෙමත් නැත්නම් මේකත් එක්තර ආකාරයක පිරමීඩ ක්‍රමයක් වගේ කියලා හැදින්නුවත් වැරැද්දක් නෑ.
Picture
Picture
Photo Credits -
www.trending.co.ke
Picture
Photo Credits - www.disney.wikia.com
2003 අවුරුද්දෙ 5 වසරෙ ඉන්නකොට අපිත් මේ වගේම දෙයක් කළා. හැබැයි ඒකෙ නම් කොළය යවන කෙනාට ප්‍රතිලාභ විදිහට හම්බුනේ පොත්වල අලවන Sticker Cards. ඒ කාලවල්වල අන්තර්ජාලය හැම කෙනාම අතරේ අද වගේ ජනප්‍රිය නෑ. ඉතින් ඒ නිසා තමයි අතින් අත යවන විදිහට මේවා සැලසුම් කරලා තියෙන්නෙ. ඒත් අද නම් ඒක ගොඩක් වෙනස්. ඉතින් මේක ඒ කාලෙ ඉදන්ම අඛන්ඩව අතින් අත යැවෙන පණිවිඩයක් වෙන්න ඕන.
​
මේ වගේ දේවල් අන්තර්ජාලයෙත් නිතරම දකින්න පුලුවන්. හැම අවුරුද්දකටම සැරයක් Facebook එකේ ප්‍රචාරයක් යනවා Sponge Bob Cartoon එකට හඩ කවපු ටොම් කෙනී සහ Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මැරුණා කියලා. ඒවට කියන්නෙ Chain Mails කියලා. තව එක එක Challangesවලට Nominate කළාමත් මේ වගේ වටේ යන වෙලාවල් තියෙනවා. ඔය Book Challange, Film Challage, Photo Challange වගේ Challanges වලදි එහෙම. 

​දේශීය වශයෙන් ගත්තොත් අවුරුද්දට සෑහෙන Facebook Messages ගොඩක් එනවා මෙහෙම කියලා.


" Gana deviyantta nam 7 ki.
1-Ganapathi
2-Gajapathi
3-Lambodara
4-Gouri puthra
5-Ganesha
6-Ekadantha
7-Vakratunda
me msg eka 20 denekta yawanna. Matat ewanna.
ielanga agaharuwada veddi suba aaranchiyak ahanna labei...!
Amathaka kaloth karadarak wey...
​meka 100% eththa..
"

ඒවා එවන්නෙත් දෙමළ ජාතිකයින්වත්, හින්දු භක්තිකයින්වත් නෙවේ. අපේම සිංහල බෞද්ධ කියලා කියා ගන්න, මහා ඉහළින් බෞද්ධාගමික වැඩ කටයුතුවලට සහ සම්බන්ධ වෙලා ඉන්න මිනිස්සු.​ 
ඒ අස්සෙ මෙහෙම එව්වත් මට හම්බවෙලා තියෙනවා.
​
" බුදු හාමුදුරැවන්ගේ නව අරහාදි බුදු ගුන සත්‍යයි. මේ උතුම් සත්‍යයේ බලයෙන් ඔබේ හැම දුක වේදනාව කරදර නැති වේවා. බුදු ගුන සත්‍යයි. හිතේ විශ්වාසෙන් මේ පනිවිඩය 9 දෙනෙකුට යවන්න. මටත් එවන්න. පැය 24ක් තුල සුබ දෙයක් අහන්න ලැබෙයි. විහිලුවක් නොවේ. "
මේ කොළයේ තියෙන්නෙම මේක බෙදුවෙ නැත්නම් දඩුවම් ලැබෙනවා, අහවල් අයට මේ වගේ දේවල් වුණාය කියලයි. ​එතකොට මේක කියවන කෙනා, මේක කියවපු දවසෙ ඉදලම ඉන්නෙ හරිම බයෙන්. මේ කොළය මුද්‍රණය කරලා බෙදලා, මේ බරෙන් නිදහස් වෙන්නම තමයි බලන්නෙ. බැරි වෙලාවත් මෙයා පාරේ යන කොට බස් එකකට හැප්පුනොත්, මෙයා නිගමනය කරනවා ඒක වුණේ කොළේ බෙදපු නැති නිසා කියලා. ඒත් එයා මීට කලින් දවසක හැප්පුනොත් නිගමනය කරනවා එහෙම වුණේ රියදුරාගේ තියෙන නොසැළකිලිමත්කම නිසා කියලා.
Picture
Picture
​එතකොට මෙතනදි අමතක වෙනවා වෙනුවට නැවත නැවත අවිඥාණිකවම මතකයට නැගීමක් සිදුවෙනවා. මේ හේතුවෙන් එදිනෙදා සිදුවන අහඹු සිදුවීම් පවා වෙන්නේ මේ කඩදාසි කෑල්ල නිසයි කියන සිතුවිල්ල අදාළ පුද්ගලයා තුළ පහළ වෙන්න පුලුවන්. ඉතින් කෙනෙක්ට ඇතිවන අධික බය නිසා ඔහුට හෝ ඇයට යම් හානියක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. අධික කම්පනයට ලක්වෙන කෙනාට හදවත් රෝග, අධික උණ ගතිය, ආහාර අරුචිය, නින්ද නොයාම, මායාවන් පෙනීව, හැඟීම් දැනීම් අවුල්වීම වගේ ගොඩක් ලෙඩ රෝගවලට ගොදුරු වෙන්න පුලුවන්. ​ඉතින් මේ කඩදාසි කෑල්ලෙන් වෙන්නෙත් පුද්ගලයෙක් අධිකව විශ්වාස කරන මතයක් උපයෝගී කරගෙන, ඒ කෙනාගෙ බය අවුස්සලා, මානසිකත්වය අවුල් කරලා, ඒ අයව පීඩාවට පත් කිරීමක් කියලා අපිට තර්ක කරන්න පුලුවන්.

​ඉතින් මේක තල් අත්තට බෙලි ගෙඩිය වැටුණා වගේ හැම තැනම බෙද බෙද යන අපේ සිංහල බෞද්ධයින්ට කියන්න තියෙන්නෙ, සැබෑ සිංහල බෞද්ධයෙක් වෙන්න කියලයි. බුදු හාමුදුරුවො දේශනා කළේ "අත්ථාහි අත්ථනෝනාථෝ - කෝහිනාථෝපරෝසියා" කියලා. ඒ කියන්නේ "තමන්ගෙ පිහිට තමාමයි. තමන්ට අන් කවරෙකුගේ පිහිටක්ද?" කියලයි.

ඉතින් අපි ඇවිල්ලා මොකක් හරි පුංචි කරදරයක් වෙලා ඒක ලේසියෙන්ම විසදගන්න පුලුවන් නම්, කිසිම මහන්සියක් වෙන්නෙ නැතුව ලොකූ වාසියක් ලේසියෙන්ම ලබා ගන්න පුලුවන් නම්, තුත්තිරි ගහක හරි එල්ලෙන්න දගලන, අහිංසක දූපත් වාසීන් ටිකක්.​

ඒ කාලයේ ජැක්සන් ඇන්තනී මහත්මයා කළා "ගග දිගේ" කියලා වාර්තාමය වැඩසටහනක්. මේකෙදි එතුමා, ඌරුවරිගේ වන්නිලැත්තන්ගෙන් ප්‍රශ්නයක් අහනවා වැදි පරපුරේ ඉතිහාසය ගැන. එතුමා ඇහුවේ "දැන් ඔය කුවේනියගේ දරුවන් දෙදෙනා වන ජීවහත්තයි, දිසාලයි පැනලා යන්නේ පුලින්දයන් ගාවටනේ. ඒ දෙදෙනාගෙන් නේද, මේ වර්තමාන වැදි පරපුර නිර්මාණය වෙන්නේ...????" කියලයි. ඒ ප්‍රශ්නෙට වන්නිලැත්තො උත්තර දුන්නෙ මෙහෙමයි.

"මේ කාලේ වෙනකොට බොහෝ දෙනෙක් කතා කරන්නේ එහෙම තමයි. විජය රජ්ජුරුවෝ කුවේනිය එක්ක ජීවහත්ත දිසාලා පිටුවහල් කරපුවහම, ඒ දරු දෙදෙනාගෙන් අපි පැවතුනා කියලා. කවුරු මොනවා කීවත් අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. යක්ෂ, නාග, දේව, රාක්ෂ මිනිස්සු මේ ප්‍රදේශවලත් හිටියා. ඒ කාලෙ තමයි බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ. උන්වහන්සේ මහියංගණයට වැඩියේ යක්ෂ ගෝත්‍රයේ මිනිසුන්ව මුණ ගැහෙන්නයි. ඒ අයට තමයි මුලින්ම කතා කළේ. බුදු හාමුදුරුවෝ තුන් වතාවක් වැඩියට පස්සේ තමයි විජය කුමාරයා ලංකාවට ආවේ. ඒ නිසා විජයගෙන් මේ රටේ මිනිස්සු පැවතෙනවා කියන කතාව බොරු. යක්ෂ ගෝත්‍රිකයෝ කියලා කිව්වට, බුදු හාමුදුරුවෝ එළ හරක් වගේ මෝඩයෝ ගොඩක් මැද්දට බණ කියන්න වඩින්නේ නැහැ. හොද බුද්ධිමත් මිනිස්සු හිටපු තැනකටයි උන්වහන්සේ වැඩියේ. ඒ කියන්නේ මහියංගන ප්‍රදේශයේ, උන්වහන්සේට වඩින්න සුදුසු මිනිස්සු එදා ඉදලා තියෙනවා. අද විශ්ව විද්‍යාලවල උගතුන් මේවා ඔප්පු කරලා තියෙනවා. මේ මහ පොළව හාරලා ගල් ගුහා හාරලා ලක්ෂ ගණනින් මිනිස් ඇටකටු ගොඩ දානවා. ඒ කියන්නේ මේ ප්‍රදේශවල මිනිස් වාසයක් තිබිලා තියෙනවා. ඉතින් ඔබ කතා කරන දේවල් සත්‍යයෙන් තොරයි."


වන්නිලැත්තන්ගේ ප්‍රකාශය අනුව සිද්ධාර්ථ බෝසතාණෝ, අද වගේ කාලෙක දඹදිව බුද්ධත්වය ලැබුවා නම්, ලංකාවට වඩින එකකුත් නෑ!​ බුදු හාමුදුරුවන් බැරිවෙලාවත් පිරිණිවන් පෑවෙ නැත්නම්, මේ වගේ අන්ධ විශ්වාසවලට බුදු දහමත් සම්බන්ධ කරගෙන අපේ අඥාණ මිනිස්සු නටන මේ නාඩගම දැක්කොත්, ආයිත් අපේ රටට වැඩම කරලා බුදු දහම අරගෙන යන එක නම් අරගෙන යනවම තමයි. මොකද දීපංකර බුදු හාමුදුරුවන්ගේ කාලයේදී නිවන් අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබිලත්, ඒ අවස්ථාව කැප කරලා, අවුරුදු සාරාසංඛේය කල්ප ලක්ෂයක් මැරි මැරී ඉපදිලා, පෙරුම් පුරලා, අන්තිම ආත්මයේ සක්විති රාජ සැප සම්පත් අතෑරලා දාලා, අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරලා, පන්සාලිස් වසරක්, දවසට පැය දෙකක් විතරක් සැතපිලා, නින්දා අපහාස ලබමින්, වෙහෙස මහන්සි වුණේ මේ වගේ දේවල් දකින්න නෙවේ. එහෙම ගත්තොත් බුදු හාමුදුරුවන් ඒ වුණු මහන්සියෙන් වැඩකුත් නෑ. ඒ වගේම බුදු දහම සහ ෆෙන්ශූ අතර කිසිම වෙනසකුත් නෑ!


මේ වගේ පුහු දේවල්වලින් බුදු දහම රැක ගන්න බෑ. බුදු දහම රැක ගන්න නම් කරන්න තියෙන්නෙ බෞද්ධ ප්‍රතිපත්ති අනුව ජීවත්වෙන එක තමයි. මහායාන හාමුදුරුවරු සටන් ක්‍රම පුහුණු වෙන්නෙ බුදු දහම ආරක්ෂා කරන්න. ඒත් ථේරවාදී හාමුදුරුවරු සටන් ක්‍රම පුහුණු වෙන්නෙ නැතුවත්, අවුරුදු දෙදහස් පන්සීය ගාණක් තිස්සෙ අද වෙන තුරුත් අපේ රටේ බුදු දහම ආරක්ෂා කළා. ඒ වෙන මොකකින්වත් නෙවේ. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ජීවත්වෙලා. සමථ විදර්ශනා වඩලා. ඉතින් හැම තිස්සෙම අපි කළින් සදහන් කරපු, අර බුදු හාමුදුරුවන් දේශනා කරපු දේ සිහියේ තබා ගන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.


තමන්ගෙ පිහිට තමාමයි ! 

​
අවසාන වශයෙන් කියන්න නම් යමක් ඉතුරු වෙලා නෑ. ඒත් පෙන්නන්න යමක් තියෙනවා..!!!!!!​
Picture
2016.09.11

​ප.ලි (2017.12.30) - 


Get your own Flash MP3 Player

Powered by Create your own unique website with customizable templates.