ජීවිත මතක පද 02
මේ ලිපිය කියවන්න කලින් මේකෙ පළවෙනි කොටස, ඒ කියන්නෙ ජිවිත මතක පද 01 ලිපිය අනිවාර්යෙන් කියවලා ඉන්න. ඒ ලිපියෙන් අපි සිහිපත් කළා මගේ හිතට කා වැදිලා තියෙන, මගේ ජීවිත අත්දැකීම්වලට සම්බන්ධ වෙන ගීත කිහිපයක්. ඒ කියන්නෙ අහසෙ ඉන්නවලු, සඳක් බැස ගියා අවර ගිරේ, ආනන්දේ අද ආනන්දයි, අනදතා පාන, සයුරේ තෙතී, දන්නෝ බුදුන්ගේ, කන්දේ ලන්දේ, මේ සේද මාවත දිගේ, තුන් හෙළ මංගල්ලෙ, ජියා දඩක් දඩක් ජායේ කියන ගීත. දැන් අපි බලමු ඉතුරු ගීත ටික.
11. සිහින නෙළුම් මල්
අජන්තා රණසිංහයන්ගේ පෑනෙන් සහ රොෂාන් ද සිල්වාගේ සංගීතයෙන් හැඩ වුණු මේ ගීතය ගායනා කරන්නෙ මරියසෙල් ගුණතිලක මහත්මියයි. මේ ගීතයෙත් මම කැමති දෙරණෙන් නිර්මාණය කරපු ගීතයටයි. මොකද ඒ ගීතයේ බටනලා සහ සැක්සෆෝන් හඩ, කණ්වලට ලොකූ මිහිරක් ගෙන දෙනවා. මේ ගීතය තමයි මම කැමතිම මව් ගුණ ගීතය. අනිත් මව් ගුණ ගීතවල තියෙන්නෙ දරුවන් විසින් මව්වරුන් ගැන අවධාරණය කරන දේවල්. "අම්මා මෙහෙමයි. අම්මා අරෙහෙමයි. අම්මා හරි කරුණාවන්තයි. අම්මාට බුදු බව ලැබෙන්න ඕන. අම්මා අපිට අකුරු කියලා දුන්නා". ආන්න ඒ වගේ. හැබැයි මේ ගීතයෙ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. අම්මා අවධාරණය කරනවා තමන්ගේ දරුවන් ගැන. මේ ගීතය පුරාවටම තියෙන්නෙ සැබෑ අම්මා කෙනෙකුගේ සිතුවිලි. දරුවා ගැන සහ දරුවාගේ අනාගතය ගැන දකින සිහින. ඒ වෙනුවෙන් මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරන හැටි. ඉතින් ඒකත් මව් ගුණයක්ම තමයි. ඒ නිසා මව් ගුණ ගී අතරින්, මම මේ ගීතයට ගොඩාක් කැමතියි. මරියසෙල් මහත්මියගේ ගායනයත් හදවතට ගොඩක් සංවේදියි. ගීතයේ ස්වභාවය අනුව මේ ගීතය ගායනා කරන්නෙත් ටිකක් හෙමින්. හරියට දරු නැලවිල්ලක් කියන ශෛලියටයි.
අපේ අම්මා ගෘහණියක්. රස්සාවක් කරන කෙනෙක්ට නම් විශ්‍රාම යන්න පුලුවන්. ඒත් ගෘහණියො කවදාවත් විශ්‍රාම යන්නෙ නෑ. ගෘහණියක්, බිරිදක් සහ අම්මා කෙනෙක් කියන මේ චරිත තුනම, දවසේ පැය 24ම, සතිය පුරාවටම රගපාන්න වෙලා. "ලෝකයේ ඉන්න හොදම අම්මා කවුද?" කියලා ඇහුවොත්, හැමෝම කියන්නේ ඒ "තමන්ගේ අම්මා" කියලයි. එතකොට හොදම අම්මෙක් නෙවේ, අම්මලා ගොඩාක් ඉන්නවා. ඒ නිසා ලෝකයේ ඉන්න හැම අම්මා කෙනෙක්ම හොදයි. ඒ හැමෝම හොදම අම්මලා. හැමෝම දරුවන්ට ආදරෙයි. අනාගතය ගැන හිතනවා. ඕනම ප්‍රශ්නයකදි ළගින්ම ඉන්නවා. කවදාවත් ළමයින්ට නපුරක් කරන්නෙ නෑ. එහෙනං ප්‍රශ්නයක් එන්න පුලුවන් "ඇයි සමහර අම්මලා තමන්ගෙ ළමයින්ව කුණු කූඩවලට විසික් කරන්නෙ?" කියලා. ඒ, අම්මලා නෙවේ.
ඉතින් අපේ අම්මත් ගෙදර වැඩපල කරනකොට මට මේ ගීතය මතක් වෙනවා. මේ හැම දෙයක්ම කරන්නෙ අපි වෙනුවෙන් නේද කියන එක. අම්මා දවසක් නිවාඩු දැම්මොත්, ගෙදර අවුල් ජාලාවක් වෙනවා. සමහර දවස්වලට අසනීප වුණත්, අම්මා එයාගෙ කැමැත්තෙන්ම වැඩ කරනවා. ඒ වගේම අම්මා කරන්නෙත්, අනිත් අයට කරන්න බැරි දේවල්. මේ වෙලාවෙ අම්මා ගැන මගේ හිතේ තදින්ම රැදිලා තියෙන සිද්ධීන් දෙකක් මතක් වෙනවා. දවසක් මට හොදටම උණ හැදිලා අසනීපෙන්, ඇගට පණ නැතුව හාන්සිවෙලා හිටියා. ඔහොම ඉන්නකොට එක පාරටම වමනෙට ආවා. ඉතින් මම අමාරුවෙන් වැසිකිළියට දිව්වා. බිම තියෙන ටැප් එක ළගට දුවන්න වුණේ නෑ, මූණ හොදන තැන තියෙන ටැප් එක (Wash Basin) හරියෙදිම වමනෙ ගියා. මම ඉතින් ඒ ටැප් එක තියෙන තැනට වමනේ දැම්මා. ඉතින් වමනෙවලින් මුළු Wash Basin එකම පිරුණා. දැන් යට තියෙන හිල්වලින් දියර ටික යන්නෙත් නෑ, හිල්වල කාපු කෑම හිරවෙලා. වමනෙ ටිකත් කැරකි කැරකි තියෙනවා. වමනේ ටික යවන්න නම් වමනෙ වතුර ඇතුළෙන් අත දාලා, අර හිල්වල තියෙන කෑම ටික එළියට අරන් දාන්න ඕන. ඊට පස්සෙ Wash Basin එක ටැප් වතුරෙන් හෝදලා පිරිසිදු කරන්න ඕන. ඉතින් ඒ වෙලාවෙ තිබ්බ තත්වයේ හැටියට මට එහෙම කරන්න තරම් පණක් නෑ. මම ඉතින් ටිකක් නිදාගෙන ඉදලා, නැගිටලා සුද්ධ කරනවා කියලා හිතාගෙන ඇදට ගියා. තද නින්දකට වැටුණා. ඇහැරුණට පස්සෙ පිරිසිදු කරන වැඩේ මතක් වෙලා වැසිකිළියට ගියා. මම යනකොටත් වමනේ දැම්මද කියලවත් හිතා ගන්න බැරි විදිහට, ටැප් එක ළග ඔක්කොම සුද්ධ කරලා, ලොකු සුවදකුත් ගහලා. ඒ තමයි අම්මාගේ ආදරය. කිසිම පිරියකින් තොරව වමනෙ ඇතුළට අත දාලා, හිල් ටික සුද්ධ කරලා.
තවත් කතාවක් කියන්නම්. ඒ කාලෙ අපේ ගමට කුණු ට්‍රැක්ටරේ ආවෙ සදුදා. ඉතින් අම්මා කරන්නෙ එදාට මුළු සතියෙම එකතු වෙන කුණු, මළුවල ගැට ගහලා එළියෙන් තියෙන එක. දවසක් මම කාමරයේ ඉන්නකොට අපේ අම්මා එළියෙ ඉදන් කුණු මළු ගැට ගහනවා. ලොකූ කුණු ගදක් ආවා කාමරේට. මම හිතන්නෙ ජීවිතයේ නහය ඇතුළට ආග්රාහණය වුණු දෙවනියට සැරම කුණු ගද. මට කාමරේ ඇතුළෙම වමනෙ ගියා (වතුර). ඊට පස්සෙ බුදු පහණ තියෙන තැනින් හදුන් කූරක් අරගෙන හොදට සුවද ඇල්ලුවා. ඊටත් පස්සෙ වතුර ටිකක් බීලා, වතුරෙන් මූණ හෝදලා, ටිකක් වෙලා ඇදේ හාන්සි වෙලා හිටියා. ආයිත් යථා තත්වයට ආවම, මම ලෑස්තිවෙලා වැඩට ගියා. ඒ වෙලාවෙ මොකුත් හිතුනෙ නැති වුණාට බස් එකේ යනකොට තමයි හිතුනෙ, අම්මා මොන තරම් දුකක් විදින්න ඇද්ද කියලා. මොකද මගේ කාමරය තියෙන්නෙ අපේ ඉඩමෙ කෙළවරක. අම්මා කුණු මළු ගැට ගහන්නෙ, ඉඩමෙ අනිත් කෙළවරේ. ඉතින් එහා කෙළවරේ හිටපු මට ඔහොම අමාරු වුණා නම්, කුණු මල්ල ගැට ගගහා හිටපු අම්මාට කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා ඒ වෙලාවෙ හිතුණා. අම්මා ගැන ලොකු ආදරයකුත් ඇති වුණා. ඉපදුණු දවසෙ ඉදලම, ඒ කියන්නෙ 1993 ඉදලම අම්මාගෙ ආදරය ගැන තියෙන අත්දැකීම්වලින් පොත් 100ක් 200ක්වත් ලියන්න පුලුවන්.

12. සුළග වෙසින් ඉගිල්ලිලා
නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ ගීතය, රචනා කරලා තියෙන්නෙ සුනිල් ආරියරත්නයන්. සංගීත නිර්මාපකයා ගැන නම් විස්තර හම්බුනේ නැතත්, ඒ රෝහණ වීරසිංහ මහත්මයා වෙන්න ඇති කියලා හිතේ කොණක පුංචි සැකයක් නැත්තෙමත් නෑ. මේ ගීතයෙන් වැස්ස වළාහක දෙවියන්ට අහිංසක ආරාධනාවක් කරනවා, වැස්ස වස්සවන්න කියලා. ඒ වුණාට 2004 අවුරුද්දෙ 6 වසරෙ සිංහල පොතේ නම් තිබුණේ, වැස්සක් වහින්න ඔන්න මෙන්න තියෙන වෙලාවක් ගැන සහ ඒ වෙලාවේ පරිසරයේ වෙන සිද්ධීන් ගැන කියවෙන ගීතයක් කියලයි. සංගීතය නම් හරිම ලස්සනයි. විශේෂයෙන්ම නොනවත්වාම වාදනය වෙන බෙර පදය. මේ ගීතයේ එක තැනක හරිම ලස්සන පදයක් තියෙනවා. ඒක තමයි මේ ගීතයේ තියෙන ලස්සනම පදය. ඒ තමයි "සසර සරන සියලු සතට සැපය සුවය ගෙන" කියන පදය. වචන රටාව නිසා අන්තිම වචනයට බලපෑමක් නොකළත්, අනිත් හැම වචනයටම දාලා තියෙන්නෙ "ස" අකුරෙන් පටන් ගන්න වචන. ඒකෙ තියෙන්නෙ අමුතුම ලස්සනක්.
අපි ඉන්න පළාත නගරයක් වෙන්න කලින්, ගමක් විදිහට තියෙන කාලේ මේ ගීතයේ තියෙන හැම දෙයක්ම අපිත් හොදට අත්වින්දා. කොක්කුන්ගේ හැසිරීම, මී හරක්ගේ හැසිරීම, කුඹුරුවල ගොයම් ගස් හෙළවෙන අපූරුව, අහස කළු කරලා වළාකුළු එහෙ මෙහේ වේගයෙන් යන හැටි, සැර සුළං හමන විදිහ වගේ දේවල්. අදට වුණත් ලොකූ වැස්සක් එනකොට මේ ගීතය මතක් වෙනවා. හැබැයි එහෙම මතක් වෙන්නෙ හේතු තුනක් සම්පූර්ණ වුණොත් විතරයි. එකක් තමයි වහින වැස්ස ලොකුම ලොකු සහ භයානක වැස්සක් වෙන්න ඕන. දෙවෙනි එක, ඒ වැස්ස වහින වෙලාවට මම ගෙදර ඉන්න ඕන. තුන්වෙනි එක තමයි, ඒ වැස්ස වහින්න ඕන ලොකුම ලොකු නියං කාලයක් නිමාවට පත් කරමින්. ඒ කියන්නෙ වැහි කාලය පටන් ගන්නකොට වහින පළවෙනි වැස්ස වෙන්නත් ඕන. මේ කරුණු තුන සම්පූර්ණ නම්, මට අනිවාර්යෙන්ම මේ ගීතය මතක් වෙනවා වෙනවාම තමයි.

සම්බන්ධිත ලිපි - අයාලේ ගිය සිතක සටහන්
13. My Best Friend
"ජේසන් ම්රාස්" කියන ඇමරිකානු සංගීතඥයා නිර්මාණය කරපු මේ ගීතයෙන් කියවෙන දේ, එක එක විදිහට අපිට කරකවලා ගන්න පුලුවන්. සමහරක් විට ආදරවන්තයෙක් තමන්ගේ ආදරවන්තිය ගැන කියනවා වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් ආදරවන්තියක් තමන්ගේ ආදරවන්තයා ගැන කියනවා වෙන්න පුලුවන්. ඒත් නැත්නම් ආදරණීය සැමියෙක් තමන්ගේ ආදරණීය බිරිද ගැන හෝ ආදරණීය බිරිදක් තමන්ගේ ආදරණීය සැමියා ගැන කියනවා වෙන්න පුලුවන්. ඒත් නැත්නම් අපිට පේන්න තියෙන විදිහට, යාලුවෙක් තමන්ගේ හොදම යාලුවා ගැන කියනවා වෙන්නත් පුලුවන්. මේ ගීතයේ තියෙන්නෙ ජීවිතයේ සැපේදී වගේම දුකේදිත් තමන්ව අතාරින්නෙ නැතුව, තමන් එක්ක හිටපු, තමන්ට උදව් කරපු සගයා / සහකරු / සහකාරියට ස්තූති කිරීමක්. මේ ගීතය මට මතක් වෙන්නෙ එක්කො ජාතික ව්‍යාපාර කළමණාකරණ ආයතනයේ (NSBM) ඉගෙන ගන්නකොට හම්බුණු යාලුවන්ව මතක් වෙනකොට සහ මගේ හොදම යාලුවෙක්ව (හොදම යාලුවා කිව්වත් කමක් නෑ) මතක් වෙනකොටයි.
ජාතික ව්‍යාපාර කළමණාකරණ ආයතනයේ පළවෙනි අවුරුද්දෙ (2013) වැඩි හරියක්ම අපිට තිබුණෙ කණ්ඩායම් වැඩ. ඒ වගේම Web, Multimedia උපාධි දෙකම කරන අයව, එකට දාලා තමයි ඉගැන්නුවෙ. ඉතින් අපි අතරෙ අන්‍යෝන්‍ය සුහදතාවයන් හරිම වේගයෙන් ගොඩ නැගුනා. හැමෝගෙම ආර්ථික, ආගමික, සාමාජීය, සංස්කෘතික පසුබිම් එක සමානයි. අනිත් අතට තිබුණු වැදගත්ම දේ තමයි හැමොටම තිබුණෙ එක වගේ අදහස් සහ සිතුවිලි. ඒ නිසා අපි ඔක්කොමලම හිටියෙ හරියට "එක නැට්ටෙ දෙහි" වගේ. මුලදි ඔක්කොමලා 15 දෙනෙක් විතර හිටියත්, අවසානය වෙනකොට ඉතුරු වුණේ 6 දෙනයි.හැමෝම එකිනෙකාගේ දුක සැප හොයලා බැලුවා. ඉගෙන ගත්ත කාලය ඇතුළත "මෙච්චරයි" කියලා කියන්න බැරි ගොඩක් සුන්දර අත්දැකීම් සහ මතක එකතු කර ගත්තා. ගොඩාක් විනෝද චාරිකා ගියා. එක එක ප්‍රදර්ශනවලට නැවතිලා, මහා පාන්දර 4.00 විතර වෙනකන් බැහැලා වැඩ කළා. දුප්පත් පාසල් නගා සිටුවීමේ ව්‍යාපෘති සංවිධානය කළා. රියලිටි වැඩසටහන් කිහිපයක්ම කළා. යන්න පුලුවන් හැම තැනකම රෝන්දෙ ගියා. එක එක විදිහේ කඩවල්වලින් කෑම කෑවා. ඔය වගේ ගොඩක් දේවල් කළා.
එතකොට හොදම යාලුවා ගැන කියනවා නම් අපේ මිත්‍රත්වය පටන් ගන්නෙ 2005 ඉදලා. ඒ කියන්නෙ කොළඹ ආනන්ද විද්‍යාලයේ 7 වසරෙ ඉන්නකොට. එදා ඉදලම අපි එකිනෙකාගේ දුක සැප හොයලා බලලා, දෙන්නට දෙන්නා උදව් කරගෙන, මිත්‍රත්වය ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒ කාලයේ කරදරයක් වුණාම කවදාවත් එයා මාව අතෑරලා ගියේ නෑ. දන්නෙ නැති ගොඩාක් දේවල් කියලා දුන්නා. පාඩම් වැඩවලට උදව් කළා. මං වෙනුවෙන් ගොඩාක් පරිත්‍යාග කිරීම් කළා. සමහරක් දේවල්වලට මං වෙනුවෙන් ඉදිරිපත් වුණා. කවදාවත් අංශු මාත්‍රයකවත් හිත රිදෙන දෙයක්, විහිළුවටවත් කියලා නෑ. හැමදාම වගේ අපි දුරකථනයෙන් ආගිය විස්තර කතා කළා, පැය තුන හතර යනකං. ඒ තරම් දේවල් අපිට කතා කරන්න තිබුණා. ඊට පස්සෙ ඉතින් එයා 2017දි රට ගියා. ඒ තමන්ගේ උපාධිය සම්පූර්ණ කරන්න සහ ස්ථීර පදිංචියට. එහේ ගියත් එයා සතියකට සැරයක් මට අනිවාර්යෙන් කතා කරනවා. කතා කරලා පැය තුනක් විතර එක දිගට එයාගෙ ආගිය තොරතුරු කියනවා. එක අතකින් සන්තෝසයි, තාමත් අපිව මතක් වෙන එකට. අනිත් අතට ගොඩක් දුකයි, අපේ රටේ නැති එකට. තාක්ෂණය අතින් එයා එක්ක සම්බන්ධ වෙන්න Facebook, Skype, Google Plus, E-Mails වගේ මොන දේවල් තිබ්බත් "Wright සහෝදරයො අපිව දුරස් කළා" කියලා මට නිතරම හිතෙනවා. ඉතින් මගේ හොදම යාලුවා සහ NSBM යාලුවෝ ගැන මතක් වෙනකොට, මට මේ ගීතයත් මතක් වෙනවා.

14. සන්නාලියනේ
පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන ගීත අතරින් මම කැමතිම ගීතය තමයි, එතුමාගේ මේ "සන්නාලියනේ" ගීතය. මේ ගීතය රචනා කරලා තියෙන්නේ මහගමසේකරයන්. තනුව සම්බන්ධව නම් වැඩි විස්තරයක් දන්නෙ නැති වුණාට, ගීතය අහනකොට බොහොම සරල සංගීත භාණ්ඩ කිහිපයකින්, බොහොම සරල විදිහට නිර්මාණය කරගෙන තියෙනවා කියලා කියන්න පුලුවන්. මේ ගීතයෙන් කියවෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්රිලක්ෂණය ගැනයි. එහෙමත් නැත්නම් ජීවිත චක්‍රය ගැනයි. තාම මැරිලා නෑ වගේ හිටියට, කවදාවත් නොමැරුණු මිනිස්සු වගේ හිටියට, බුදු හාමුදුරුවන් දේශනා කරලා තියෙන්නෙ අපි මේ ලෝකයේ තියෙන වැලි කැට ගාණටත් වඩා මේ සංසාරේ මනුස්ස ලෝකවල, අපාය ලෝකවල, දිව්‍ය ලෝකවල මැරි මැරී උපදින මිනිස්සු කියලයි. අපි හැමෝම මරණයට බයයි. ඒත් අපි කලිනුත් සෑහෙන වතාවක් මැරිලත් තියෙනවා. එහෙනං ඇයි අපි මරණයට බය වෙන්නෙ? ඒකට හේතු දෙකක් තියෙනවා. මේ ආත්මයේ වරදක් කළේ නැතත්, කලින් ආත්මවල වරදක් කරලා තිබ්බොත්, ඒ වරද අනුව ඊළග උත්පත්තිය කොහේ වෙයිද කියලා අපි දන්නෙ නෑ. දෙවෙනි එක අපිට මතක නෑ අපි කලින් වතාවල මැරුණු හැටි. ඒ අත්දැකීම අමතක නිසා "මැරෙන්නෙ කොහොමද? මැරුණායින් පස්සෙ මොකද වෙන්නෙ? ආත්මය ඇගෙන් ඇදිලා යනවද? කොහොමද ඊළග මව් කුසට ඇතුළ් වෙන්නෙ? අනිත් අයට අපිව පේන්නෙ නැද්ද? තවත් අපි වගේම ආත්ම මුණ ගැහෙයිද?" වගේ ප්‍රශ්න ගොඩාක් අපේ හිත්වලට එනවා. කොහොම වුණත් මරණය අපි උත්පත්තියෙන්ම ගෙනාපු දෙයක්. තුන් ලොවටම අග්‍ර වුණු බුදුවරුන්ටත්, මේ මරණය කියන දේට යටත් වෙන්න වුණා. එහෙව් එකේ මේ කෙලෙස් සහිත පෘතග්ජන අපි ගැන කවර කතාද? මිනිස්සුන්ට විතරක් නෙවේ. මේ දේ, පෘතුවියේ සහ පෘතුවියෙන් පිට ජීවත්වෙන සියලුම සත්තුන්ට පොදුයි. සියලුම ස්වභාවික සම්පත්වලට පොදුයි. ඒ වගේම සියලුම ස්වභාවික නොවන සම්පත්වලටත් පොදුයි.
මේ ගීතයෙන් හරි අපූරුවට පද පෙළගස්සලා තියෙනවා. ළදරු වයස, තරුණ වයස සහ මහළු වයස ගැන. එහෙමත් නැත්නම් ඉපදීම, ජීවත්වීම, මිය යෑම කියන උත්පත්ථි, තිථි, භංග කියන ඉගැන්වීම ගැන. ඒ කියන්නේ ආරම්භය, පැවැත්ම සහ විනාශය ගැන. මේ ගීතයේ අමරදේවයන්ගේ කටහඩ හරිම ලයාන්විතයි. ඒක අහන් ඉන්නකොට අපේ හිත සමාධිගත වෙනවා. හරියට භාවනාවක් වගේ. මේ ගීතයේ බිළිදෙක් ඉපදෙනකොට අපිට සන්තෝසයක් ඇති වෙනවා. එයාම වැඩිවියට පත්වෙලා දීගෙට යනකොටත් අපිට සන්තෝසයක් ඇති වෙනවා. එයා මහළු වයසට පත්වෙලා මිය යනකොට අපිට දුකක් ඇති වෙනවා. එතකොට මෙතන සතුටු අවස්ථා දෙකක් සහ දුක් අවස්ථා එකක් තියෙනවා. ඒත් මේ ගීතයේ ආරම්භයේ ඉදලම, අවසානය වෙනකන්ම එතුමාගේ ගායනය තියෙන්නෙ එකම ස්වරයෙන්. පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ. සතුටු අවස්ථාවලදී ගායන විලාශය සුඛාන්තය පැත්තට බර කරන්නවත්, දුක හිතෙන අවස්ථාවේදී ගායනය දුඛාන්තය පැත්තට බර කරන්නවත් යන්නෙ නෑ. එකම රටාවකටයි කියන්නෙ. ඒකත් විශේෂත්වයක්. මේ ගීතයෙන් අපිටත් හිතන්න යමක් දෙනවා. දහම් පණිවිඩයක් දෙනවා. ඒ නිසා බොහොම වටිනා ගීතයක්.
මේ ගීතය මගේ ජීවිතයේ මතක පදයක් විදිහට සටහන් වෙන්නෙ, අපේ සීයාගේ මරණයත් එක්කයි. මේ ගීතයේ නම් අපිට ඇහෙන්නෙ ස්ත්‍රියක් සම්බන්ධවයි. ඒත් මේ ගීතයේ සාරය ගත්තොත්, අපිට අර කලින් කිව්වා වගේම ඕනෑම කෙනෙකුට ආදේශ කර ගන්න පුලුවන්. සීයාගේ දේහය තැන්පත් කරපු වෙලාවෙ ඉදලා, දවස් දෙකකට පස්සෙ හවස් භාගයේ පාංශුකූලය දෙනකන්ම, මේ ගීතය මගේ මනසේ නොනවත්වාම වාදනය වුණා. එක දිගටම, දවස් තුනක්, නොනවත්වාම වාදනය වුණු නිසා, මේ ගීතය මගේ මතකයෙන් දැන් නම් ඈත් වෙන එකක් නෑ. ඉස්සර කාලෙ මළ ගෙවල්වල සතිපට්ඨානය කිව්වා. වෙස්සන්තර වගේ ජාතක කතා කිව්වා. ඒත් දැන් ඒවා නෑ. ඒත් අඩුම තරමෙ හැම මළ ගෙදරකම, මේ ගීතයත් දේහය ළගින් වාදනය වෙන්න දැම්මා නම්, මම හිතනවා නෑවිත් බැරිකමට, කෑමට සහ බීමට, බෝතලයට සහ බයිට් එකට මළගෙවල්වලට එන හුග දෙනෙක්ගේ ඔළුගෙඩිවලටත්, "කවදාවත් මැරෙන්නෙ නෑ" කියලා හිතන්න ඉන්න අයගේ සහ අනිත් සෑම සියලු කෙනෙක්ගෙම ඔළුවලටත් ජීවිතය ගැන හොද අදහසක් දෙන්න පුලුවන් කියලා. විශේෂයෙන්ම මේ දවස් තුනෙන් වැඩි කාලයක්, සීයාගේ දේහය ළගින් ඉන්න වුණා. ඉතින් සීයාගේ දේහය ළගට ගිහින්, සීයා දිහා බලාගෙන ඉන්නකොට නම්, මගේ මනසේ වාදනය වෙමින් තියෙන මේ ගීතයේ සද්ධයත් එන්න එන්නම වැඩි වුණා. ජීවිතයේ නිසරු බව ගැන අධ්‍යනය කරන්න හොදම ක්‍රමය තමයි මළ මිනියක් දිහා බලාගෙන ඉන්න එක. ඉතින් එතන අවස්ථා සම්බන්ධයක් තියෙනවා. ඒ අවස්ථාවේදී සීයාගේ ඒ නිසල දේහය ගැන මගේ ඇස් දෙකෙන් මට දීපු රූප දර්ශනයත්, මගේ මනසෙන් මට දීපු ඒ පසුබිම් වාදනයත් එකට එක ගැළපුනා.

සම්බන්ධිත ලිපි - පරපුරක අවසානය
15. දස බිම්බර මාර සෙනග
සෝමතිලක ජයමහ මහත්මයාගේ "දස බිම්බර මාර සෙනග" ගීතයේ ගායනයත්, සංගීතයත් නිසා, මේක අහන ඕනම කෙනෙක්ගෙ මනස ගොඩක් සමාධිගත වෙනවා. බොහොම හෙමිහිට යන ගීතයක්. සංගීතයේදී වාදනය වෙන ගැට බෙර සද්ධයත් කණට මී පැණි වගේ. ගීතය ඇහෙනකොට හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා.
2012 අවුරුද්දෙ අපේ ගමේ පන්සලේ පෙරහැර වෙනුවෙන් මම, මහා දවල් ඉදන් හවස 6.30 වෙනකන්, තාප්පෙ උඩ නැගගෙන බෞද්ධ කොඩියි, බල්බ් වැලුයි එල්ලුවා. පාරට නැමිලා තියෙන අඹ ගහේ අතු ටිකත් ඔක්කොම වගේ කපලා දැම්මා. අපේ ගමේ පාල මාමත්, නෙල්සන් මාමා එක්ක එකතු වෙලා බරටම වැඩ. පාරෙ අස්සක් මුල්ලක් නෑර අතුපතු ගානවා. මොකද පෙරහැර යන්නෙ අපේ පාරෙන්. පාල සහ නෙල්සන් මාමලා කියන්නෙ අපේ අල්ලපු ගෙවල් දෙකේ ඉන්න අසල්වාසීන්. පාල කියන්නෙ නෙල්සන්ගේ වැඩිමහල් සහෝදරයා. මෙහෙම පාර අතුපතු ගාන ගමන් පාල මාමා කිව්වෙ "අද අපේ බුදු හාමුදුරුවො මේ පාරෙ වඩිනවනෙ" කියලා. ඒ ප්‍රකාශය මගේ හිතට තදින්ම දැනුනා. ඉස්සර අපේ ගමේ ඉදලා ප්‍රදේශ 3ක් යනකන් පන්සලක් තිබිලා නෑ. ඒ නිසා අපේ ගමේ පන්සල ප්‍රදේශ 3කටම අයිති වුණා. ඉතින් ඒ කාලෙ ඉදන්ම අපේ ගමේ පන්සලේ ඕනෑම වැඩකදි ප්‍රදේශ තුනේම පිරිසකගෙ සහභාගීත්වය තියෙනවා. ඔය සමහරක් ගම්වල නැති වුණත් "ගමයි පන්සලයි" සංකල්පය හරි අපේ ගමේ ඉතිරි වෙලා තියෙනවා.
මාත් ඉතින් අර කියමන ගැන කල්පනා කළා. ඇත්ත තමයි. ධාතු කරඩුවේ තියෙන්නෙ සර්වඥ ධාතු. ඒවායෙන් සංඛේතවත් වෙන්නෙ ජීවමාන බුදු හාමුදුරුවන්ව. වෙනදට එක ගෙදරකට විතරක් වඩින (පිරිත් ගෙයක්, දානෙ ගෙයක්) බුදු හාමුදුරුවො, අද මුළු ගම පුරාවටම වඩින්නයි යන්නෙ. ඒ වෙලාවෙ බුදු හාමුදුරුවන් රතන සූත්‍රය කියන්න වැඩපු කතාවත් මතක් වුණා. මේ ගමනෙදිත් අපේ ගමටත් බුදු හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබෙයි කියලත් හිතුනා. අන්න ඒ වෙලාවෙ තමයි මේ ගීතය මට මතක් වුණේ. එදා ඉදලා ගමේ පන්සලේ මහා පෙරහැර තියෙන දවසට වුණත්, කඨින පෙරහැර තියෙන දවසට වුණත්, තාප්පෙ දිගේ කොඩි හිටවලා, බල්බ් වැල් දානකොට මගේ හිතේ මේ ගීතය නොනවත්වාම වාදනය වෙනවා. ඒකෙන් බුදු හාමුදුරුවන් ගැන තියෙන ශ්‍රද්ධාව තව තවත් වැඩි වෙනවා. ඒ දේ අදටත් එහෙම්මම තමයි. ඒ වෙලාවට "අපි මේ ආලෝක පූජාව, ආමිස පූජාව කරන්නෙ උන්වහන්සේ වෙනුවෙන් නේද?" කියලා හිතට ලොකු සතුටක් දැනෙනවා. හැබැයි මේ ගීතය මගේ මනසට රිංගලා තියෙන්නෙ වැරදීමකින් කියලත් දැන් හිතෙනවා. මේ ගීතයේ බුදු හාමුදුරුවන් වඩින්නෙ කොතනටද කියන තැන තියෙන්නෙ "හදවෙත බුදුන් වඩිනවා" කියලයි. ඒත් මට ඒ කාලෙ මතක "හදවෙත" කියලා නෙවේ. "අප වෙත" කියලයි. ඉතින් "හදවෙත බුදුන් වඩිනවා" කියන එක වෙනුවට, මගේ මනසෙ වාදනය වෙන්නෙ "අප වෙත බුදුන් වඩිනවා" කියලයි.

16. නන් සුරන් බැතියෙන් පිදූ
දේශාභිමානී ගීත ලැයිස්තුවක් හැදුවොත්, මගේ ලැයිස්තුවේ මුලටම එන්නෙ මෙන්න මේ ගීතයයි. මේ ගීතය හැඩවෙලා තියෙන්නෙ බණ්ඩාර ආතාවුද මහත්මයාගේ ගායනයත්, පිළිවෙලින් කුමාරදාස සපුතන්ත්‍රි සහ රෝහණ වීරසිංහ මහත්වරුන්ගේ, පද රචනය සහ සංගීතය නිසයි. ගීතයේදී බණ්ඩාර මහත්මයාට අත්වැල් කණ්ඩායමත් හොද සහයෝගයක් ලබා දෙනවා. ගීතයේ හැම පදයක්ම ඇදිලා යන්න ගායනා වෙන නිසාත්, සංගීතයට එකතු කරලා තියෙන තම්මැට්ටම් සහ දවුල් නිසාත්, මේ ගීතය ඇහෙනකොට අපේ රට ගැන පුදුමාකාර හැගීමක් හිතට එනවා. ඒක හරිම අභිමානවත්, දේශානුරාගී, තේජවන්ත සිතුවිල්ලක්. හැම පදයකම දේශානුරාගය ඇති කරන වචන ගණනාවක්ම යොදලත් තියෙනවා.
මේ ගීතය මගේ මතක පදයක් වෙන්නෙ, 2005 අවුරුද්දෙ මාර්තු 31 වෙනි බ්‍රහස්පතින්දා ඉදලා. එදා ආනන්දය උඩුයටිකුරු වුණු දවසක්. එවකට හිටපු විදුහල්පතිතුමාව, පළවෙනි වතාවට වැඩ තහනමකට ලක් වුණු දවස. සාමාන්‍යයෙන් ආනන්දයේ ගුවන්විදුලි සංගමයේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ උදෑසන 6.30ට විතර. උදෑසන 6.30 සිට උදෑසන 7.25ට පාසල් රැස්වීම ආරම්භ වෙනකංම පාසල පුරාවටම තියෙන ශබ්ද විකාශන යන්ත්‍ර හරහා දේශාභිමානී සහ ළමා ගීත විකාශය කෙරෙනවා. ඒත් එදා ඒ කිසිම දෙයක් නෑ. මුළු ඉස්කෝලෙම නිශ්ශබ්දයි. ප්‍රධාන ගේට්ටුව දෙපැත්තේ තියෙන තාප්පවල අතුරු සිදුරු නැතුව පෝස්ටර් අලවලා. ඒ පෝස්ටර්වල තිබ්බේ සටන් පාඨ. හරියට විප්ලවයකට ලෑස්ති වෙනවා වගේ. එදා එක Prefect අයියා කෙනෙක්වත් උදේ රැස්වීම වෙනුවෙන් අපිව පහළට එක්කරගෙන යන්න ආවේ නෑ. ඉදලා ඉදලා බැරිම තැන අපිම පහළට ගියා. ඒත් ඉතින් ඉස්කෝලෙ කිසිම සද්ධයක් බද්ධයක් නෑ. පන්සිල් සමාදන් වෙන්න පටන් ගන්නකොට වෙලාව 8.00 කිට්ටු කරලා ඇති. පන්සිල් දුන්නායින් පස්සෙ කිසිම හා හූවක් නෑ. අපිත් ඉතින් ඔහේ බලාගෙන හිටියා. ඒත් වෙනදා වගේ සිංහල සහ ඉංග්‍රීසි ප්රවෘත්ති විකාශනය තිබ්බෙත් නෑ. පන්සිල් සමාදන් වෙලා විනාඩි 15කට විතර පස්සේ එක පාරටම ජාතික ගීයයි, පාසල් ගීයයි විකාශනය කළා. ඊට පස්සෙ තමයි අපි පන්තිවලට ගියේ. පැයක් විතර ගියාට පස්සේ දේශාභිමානී ගීත විකාශය වෙන්න පටන් ගත්තා මහා සද්ධෙට.
මේ දේශාභිමානී ගීතවල සද්ධෙත් පරද්දවලා ලොකු සද්ධයක් මහපාර දිහාවෙන් ඇහුනා. ඒකෙන් මේකෙන් අපිට තේරුම් ගියා එළියේ ලොකූ උද්ඝෝෂණයක් යනවා කියලා. එතකොට අපි හිටියේ 7 වසරේ. අපි දැක්කා 8 සහ 9 වසරවල්වල ඉන්න අයියලා පොලු කෑලි, පෝස්ටර් කෑලි අරගෙන පහළට දුවගෙන දුවගෙන යනවා. ඔන්න දැන් 7 වසරේ අපිත් එළියට බහින්න තමයි ලෑස්තිය. ඒ කාලේ 7 වසරේ අංශ භාරව වැඩ කළේ සෙනවිරත්න කියලා මැඩම් කෙනෙක්. ඉතින් සෙනවිරත්න මැඩම් ඇවිල්ලා ඔක්කෝම 7 වසරේ පන්තිවල දොරවල් වහලා, එළියෙන් අගුල් දැම්මා. උද්ඝෝෂණය නිසා මුළු පස්මහලම හිස් වෙද්දි, 7 වසරේ ළමයි විතරක් ඉතුරු වුණා. එක පැත්තකින් දේශාභිමානී ගීත. තවත් පැත්තකින් මහා උද්ඝෝෂණ සද්ධ. ඒ අස්සේ ඉස්කෝලෙන් එළියෙයි, ඉස්කෝලෙ ඇතුළෙයි හැම තැනම රතික්ඤා, චීන පටස් එහෙමත් මහා සද්ධෙට පුපුරන්න ගත්තා. ඒත් එක්කම ආරංචියක් ආවා උද්ඝෝෂණේ ඉන්න අයට දිගට හරහට කදුළු ගෑස් ගහනවා කියලා. ආරංචිය ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ පිටිපස්සෙ ගේට්ටුවෙන්, පුලුවන් ඉක්මනට ගෙවල්වලට යන්න කියලා නියෝගයක් ආවා. ඉතින් අපි එදා පිටිපස්සේ ගේට්ටුවෙන් පිටවුණා. එතකොට වෙලාව උදේ 11.00ට විතර ඇති. එදාට පහුවෙනිදා (අප්‍රේල් 01) තමයි අපිට 1 වෙනි වාර නිවාඩුව හම්බ වෙන්න තිබ්බේ. ඒත් අපේ ඉස්කෝලෙ වාර නිවාඩුව මාර්තු 31ම ලැබුණා.
ඒකත් හොද අත්දැකීමක් වුණා. උද්ඝෝෂණයක සැබෑ ස්වරූපය ගැන, සැබෑ පරිසරය ගැන එදා හොද අත්දැකීමක් ලැබුණා. එදා ශබ්ද විකාශන යන්ත්‍රවලින් ඇහුනු දේශාභිමානී ගීත ගත්තොත්, ගීත දෙකක් මාරුවෙන් මාරුවට විකාශය වුණා. එකක් තමයි "තුන් හෙළේ කැළෑ තුළ සිංහ පැටව්" ගීතය. අනිත් එක තමයි මෙන්න මේ "නන් සුරන් බැතියෙන් පිදූ" ගීතය. පන්තියේ ජනේලයෙන් එළිය දිහා බලාගෙන ඉන්නකොට ඇස්වලින් පෙන්නන ඒ රූප රාමු ටික, මේ ගීතය විකාශය වෙනකොට 100%ක් හොදටම ගැළපුණා. ඉතින් මේ ගීතය ඇහෙනකොට මට මුලින්ම මතක් වෙන්නෙ ඒ කලබලකාරී තත්වයයි. ඒ කලබලකාරී තත්වය මතක් වෙනකොට, මට මුලින්ම මතක් වෙන්නෙ මේ ගීතයයි. කොහොමත් මේ සිද්ධිය මට හැම අවුරුද්දකම මාර්තු 31 වෙනිදට මතක් වෙනවා. එහෙම මතක් වෙනකොට, මේ ගීතයත් මනසේ වාදනය වෙනවා.

සම්බන්ධිත ලිපි - ආනන්දේ කළු ජූලිය
17. මේ බුදුන්ට පිදු රටයි
මේ ගීතයෙන් අපිට අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඩ ඇහුණට, ඇත්තටම මේ ගීතය ගායනා කරන්නේ ඩබ්ලිව්.ඩී.ආරියසිංහ මහත්මයා. එතුමාගේ ගායනය ගැන කියන්න නම් වචන මදි. ඒ තරමටම හිතට දැනෙනවා. සංගීතයත් එහෙමයි. මම කලින් සටහන්වලත් මතක් කළා වගේම, මේ ගීතයෙත් සංගීතය අහන් ඉන්න එක භාවනාවක් වගේ. බටනලා වාදනයටත් හිත ගොඩක් ඇදිලා යනවා. මේ ගීතයෙන් කියවෙන්නේ ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය සහ ඒ ශිෂ්ටාචාරයේ ඉතිහාසය ගැනයි. ඉන්දියාවෙන් පිට බුදුන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු රටක් ඇත්නම්, ඒ අපේ රට විතරයි. එක වතාවක් නෙවේ, උන්වහන්සේට මේ රට පස් වතාවක් පූජා වුණා. මේ ගීතයේ තියෙන හැම පදයකම, අපේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරය ගැන හරි අපූරුවට විස්තර වෙනවා. ඒ නිසා මේ ගීතයේ තියෙන හැම වචනයකටම මම කැමතියි. ඒ වගේම හැම වචනයක්ම හිතට දැනෙනවා.
මේ ගීතයේ පොදුවේ මුළු ලංකාව ගැන සදහන් කළාට, මේ ගීතය ඇහෙනකොට මට මතක් වෙන්නෙ අනුරාධපුරය විතරයි. මොකද මේ ගීතයේ තියෙන වචන ටික අරගත්තම, මේ ගීතය ගැන ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයකට නැති අයිතියක්, අනුරාධපුරයට තියෙනවා කියලා මට හිතෙනවා. මගේ විනෝදාංශය තමයි අපේ රටේ නූතන සහ ඉපැරණි බෞද්ධ පූජනීය සිද්ධස්ථාන අධ්‍යනය කරන එක. එක ස්ථානයකට ගියොත්, ඊළග පාරත් ඒ ස්ථානයටම යන්නෙ නෑ. ඒ වෙනුවට කලින් නොගියපු අලුත් ස්ථානයක් හොයාගෙන යනවා. අනුරාධපුරය කියන්නෙත් මම යන්න ආස කරන ප්‍රදේශයක්. දහ වතාවක් විතර අනුරාධපුරේ ගිහින් ඇති. මේ වෙනකොටත් අනුරාධපුරයේ නටබුන් ඇතුළුව පූජනීය ස්ථාන 90කටත් වැඩි ප්‍රමාණයක් මම බලලා තියෙනවා. ඒවත් මේ සාම්ප්‍රදායික අටමස්ථාන වන්දනා ගමන් නෙවේ. හෙන කැළෑවල් අස්සෙ, කටු පදුරු අස්සෙ, මඩ වලවල්, නියරවල්, දියකඩිති, ඇළ පාරවල් අස්සෙ රිංග රිංග ගියපුවා. කදු නැග නැග, පල්ලම් බැහැ බැහැ, කිසිම මිනිස් වාසයක් නැති පළාත්වල ගියපුවා. අක්කර ගණන් ඈතට විහිදුනු පරණ ඉදිකිරීම්වල නටබුන් දකින්න පුලුවන්. කැළෑවල්වලින් වැහිලා ගිහින්. ඉතින් මේ නටබුන් දකිනකොට, නටබුන් අස්සේ ඉදිරියට යනකොට මගේ ඔළුවේ මේ ගීතය වාදනය වෙනවා. මේ ගීතය වාදනය වෙනකොට, මේ නටබුන් බලලා, ඒවා ඒ කාලයේ මොන විදිහට තියෙන්න ඇත්ද කියලා, මගේ මනසේ චිත්‍රයක් ඇද ගන්න උත්සාහ කරනවා. ඊට අමතරව බසවක්කුලම වැවේ ඉවුරෙ ඉන්නකොට රුවන්වැලි මහා සෑයයි, ජේතවනාරාමයයි, මිරිසවැටියයි එකට පේනකොටත් මේ ගීතය මතක් වෙනවා.

සම්බන්ධිත ලිපි - ගවේෂණ ලිපි මාලාව
18. ලොවම ඝන අදුරුයි
මේ ගීතය සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන අප්‍රකට ගීතයක්. පද රචනය සහ සංගීතය පිළිවෙලින් අනුර මදනායක සහ එච්.එම්.ජයවර්ධන මහත්වරුන්ගෙන්. මෑතක් වෙනකන්ම අපේ සමාජයේ මතයක් ගොඩනැගිලා තිබුණා. හැමෝම කියන්නෙ "අද කාලේ Tv එකේ Channel එකක් දාන්න බෑ. පත්තරයක් අරන් බලන්න බෑ. Tv Channel එකක් දැම්මොත්, පත්තරයක් බැලුවොත් ඒකෙ තියෙන්නෙම එක්කො කපලා කොටලා මරපුවා ගැන. නැත්නම් හොරකම් ගැන. ඒත් නැත්නම් ස්ත්‍රී දූෂණ ගැන" කියලා. හැබැයි අද වෙනකොට නම් ඒ මාධ්‍ය ලැයිස්තුවට Facebook එකත් එකතු කරන්න ඕන. අපි Facebook එන්නෙ විනෝදයක් අරගන්න. නැත්නම් මොකක් හරි දැනුමක් ලබා ගන්න. ඒත් නැත්නම් අපේ හිත මිතුරන් එක්ක කතා බහ කරන්න. එහෙම කියලා Facebook එකට ආපු හැටියෙම අපි දකින්නෙ මොනවද? දකින දේවල්වලින් වැඩි හරියක්ම අයිති වෙන්නෙ ස්ත්‍රී දූෂණ, මිනී මැරුම්, හොරකම් ගැනයි. නැත්නම් කවුරු හරි අහිංසක මිනිහෙක්ගෙ මොකක් හරි අඩුපාඩුවක් වීඩියෝ කරලා, පින්තූර අරන්, Facebook එකේ දාලා, මිනිස්සුන්ව කුලප්පු කරලා, තම තමන්ගේ Pagesවලට Likes, Comments, Shares ගන්න ඒකම විකුණනවා. ඊට පස්සෙ වීරයො වගේ රගනවා. ඉතින් අන්තිමට ඇගේ තියෙන ලේ රත් කරගෙන, එහෙමත් නැත්නම් හරිම පිළිකුලෙන් තමයි අපි ආයෙත් යන්නෙ. මේවා දකිනකොට දවසම හරි නෑ.
මේක සිංහල බෞද්ධ රටක්ලු. ඒත් කෝ අපේ සිංහලකම? කෝ අපේ බෞද්ධකම? බුදු හාමුදුරුවන් බුදු වෙන්න සාරසංඛේය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු. ඊට පස්සෙ අවසාන ආත්මයේ සක්විති රජ කෙනෙක් වෙන්න වාසනාව තියෙනකොට ඒ ඔක්කොම අතෑරලා, අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. බඩයි පිටයි එකට ඇලිලා, උන්වහන්සේගෙම අසූචි මුත්‍ර උඩට, කලන්තෙ දාලා ඇද වැටුනා කියලා තමයි සදහන් වෙන්නෙ. ඊට පස්සෙ මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගිහින් බුද්ධත්වය ලබලා, එදා ඉදලා පිරිණිවන් පානකන්ම අවුරුදු 45ක් මිනිස්සු වෙනුවෙන් සහ අමනුස්සයො වෙනුවෙන් පිහිට වෙනවා. උන්වහන්සේගේ කාල සටහනින් උන්වහන්සේ සැතපිලා තියෙන්නෙ, පැය 2ක් වගේ සුළු කාලයක්ලු. ඒ උන්වහන්සේ අපි වෙනුවෙන් කරපු කැපවීමයි. උන්වහන්සේ අපේ රටට තුන්වතාවක් වැඩම කරලා, ස්ථාන 16ක සමවත් සුවයෙන් වැඩ ඉන්නවා. අවසාන බුද්ධ අධිෂ්ඨාන පහම ලංකාවට සම්බන්ධයිලු. ශ්‍රී මහා බෝධිය, ද්‍රෝණයක් පමණ ධාතුන්, වම් දළදාව, ග්‍රීවා ධාතු, දකුණු අකු ධාතුව, පටී ධාතු, පාත්‍ර ධාතු, නඛා ධාතු, කේශ ධාතු ආදී වශයෙන් ධාතුන් වහන්සේලා නම් එමටයි. අඩියක් අඩියක් ගාණෙ පාරවල්වල අලුතින් පන්සල් හැදෙනවා. පිළිම හැදෙනවා. ලෝකයේ දවසකට වැඩිම ධර්ම දේශනා ප්‍රමාණයක් සිද්ධ කරන රට විදිහට හදුන්වනවා. ථේරවාදී බුදු දහමේ මූලස්ථානයලු. අවුරුදු 2500ක අභිමානවත් සහ සාරවත් බෞද්ධ ශිෂ්ටාචාරයක් ගැන කියවනවා.
ඒත් මේ ඔක්කොම දේවල් තිබිලත්, කල්පනා කරලා බලන්න අපි අද කොතනද කියලා? බුදු හාමුදුරුවන් බැරිවෙලාවත් ආයිත් අපේ රටට අද කාලෙක ආවා නම්, අපේ රටෙන් බුදු දහම අරගෙන යන එක, අරගෙන යනවම තමයි. පෙර ආත්මෙක කරපු හොද වැඩ නිසා තමයි අපි මනස උසස්, මිනිස්සු විදිහට ඉපදිලා තියෙන්නෙ. ඊටත් වඩා සිංහල බෞද්ධයෙක් විදිහටම, ලංකාවේ ඉපදුනු එක වාසනාවක්. ඒක හරියට ලොතරැයියක් ඇදුනා වගේ. තාමත් ධර්මය තියෙන කාලයක්. ඉතින් ඇයි අපි මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්නෙ නැත්තෙ? ආමිසයට හුරු වුණාට, අපේ රටේ ප්‍රතිපත්ති පූජාවලට හුරුවෙලා ඉන්නෙ කීයෙන් කී දෙනාද? ආමිස පූජා කළාම අපිට හොද මනුස්ස ආත්මයක් ලබා ගන්න, දිව්‍ය ලෝකෙ යන්න පුලුවන් වෙයි. ඒත් තවත් සංසාරය දික් කර ගැනීමක්. සංසාරය කොට කරගන්න ඕන නම්, නිවන් අවබෝධ කරගන්න ඕන නම් අපිට ප්‍රතිපත්ති පූජා ඇරෙන්න, වෙන පිහිටක් නෑ. ඉතින් Facebook එකේ උඩට ගියත්, පහළට ගියත්, මැද හිටියත් අපිට දකින්න තියෙන දේවල්වලින් 90%කටත් වඩා තියෙන්නෙ ඒ වගේ නොමනා දේවල්. මේ දේවල් දකිනකොට තමයි, සුනිල් එදිරිසිංහයන්ගේ මේ ගීතය මතක් වෙන්නෙ. ලොවම ඝන අදුරුයි. හිරුත් පායයි. සදුත් පායයි. තරු කැටද බබළයි. එනමුදු ලොවම ඝන අදුරුයි..!!!!!

19. මහා වැස්සක පෙර නිමිති පෙනෙනවා
අමරදේවයන් ගායනා කරන තවත් සංවේදී ගීතයක් විදිහට "මහා වැස්සක පෙර නිමිති පෙනෙනවා" කියන ගීතය හදුන්වන්න පුලුවන්. සංගීතය සහ පද රචනය ගැන පුංචි පටලැවිල්ලක් වුණු නිසා ඒ ගැන සදහන් නොකර ඉන්නම්. මොන වයසේ හිටියත්, මහළු වයසට ආවම, ඒ කාටත් මේ ගීතය පොදුයි. මේ ගීතයේ ඉන්න මනුස්සයා පාරේ ඇවිදන් යනකොට දකිනවා පෙම්වතුන් යුවළක්. ඊට පස්සෙ එයාට, එයාගෙ අතීතය මතක් වෙනවා. එයාටත් ඒ වගේ සුන්දර කාලයක් තිබුණා නේද කියලා. ඒ ගැන තමයි මේ ගීතයේ තියෙන්නෙ. තනිකම, පාළුව, පහුකරගෙන ආපු කාලය වගේ දේවල් ගැන මේ ගීතයේ ගැබ් වෙනවා. මේ ගීතයට ලස්සන රූප රචනයකුත් තිබුණා. ඒක නම් අන්තර්ජාලයේ හොයාගන්න බෑ. ඒකෙ ඒ මහළු මනුස්සයට හිටියෙ ඩී.ආර්.නානායක්කාර මහත්මයා.
විජේරාම හන්දියේ උදේ වැඩට යන්න බස් එක එනකන් ඉන්නකොට, හැමදාම එතනින් සීයා කෙනෙක් යනවා. ඉරුණු කමිසයක් ඇදගෙන, ජරා වෙච්ච කොට කලිසමකුත් ගහගෙන තමයි යන්නෙ. කෙට්ටුයි. කොණ්ඩෙ සුදු වෙලා. තලෙලලුයි. ඒත් මුහුණෙ තියෙන්නෙ ප්‍රසන්න සහ අහිංසහක පෙනුමක්. එයාව දකිනකොට මේ ගීතය මතක් වෙනවා නිතරම. එයාව විතරක් නෙවේ, පාරෙ ගොඩක් වෙලාවට යන වයසක සීයලා, ආත්තම්මලා දකිනකොට, ඒ වගේ අය බස් එකට ගොඩවෙනකොට මේ ගීතය ටක් ගාලා මතකයට එනවා. ඒ අය අද ඔහොම හිටියට, ඒ අයටත් තරුණ කාලයක් තිබුණ නිසා, ඒ අයටත් අද කාලේ දේවල් දකිනකොට, ඒ අයගේ තරුණ කාලය මතක් වෙනවා ඇති. අනිත් අතට ඒ සීයලා තුළින් මම, මගේ මහළු කාලයත් දකින්න උත්සාහ කරනවා. මම වයසට ගියාමත් ඔහොමයි නේද කියලා. එතකොට අපි ඒ කාලෙට දකින එක එක දේවල් හරහා, අපිටත් අපේ අතීතය සිහියට එයි. අපිත් ඔහොම බැරි බැරි ගාතෙ වාරු නැතුව පාරවල්වල ඇවිදගෙන යයි. කවුරු හරි කෙනෙක් බස් එකේ ආසනයක් දුන්නෙ නැත්නම්, අපිත් වල පයයි ගොඩ පයයි තියාගෙන බස් එකේ හිටගෙන යයි. ගමන බිමන බොහොම හෙමින් කරයි. දැන් මොන විදිහට හිටියත්, අපි වුණත් සමහරක්විට ඒ කාලය වෙනකොට මේ ගීතයේ කියවෙනවා වගේ කාත් කවුරුවත් නැතුව අසරණ වෙලා ඉන්න වුණත් පුලුවන්. මොකද අනාගතයේ වෙන දේවල් දැන්ම කියන්න බෑ.

20. අදුරු කුටිය තුළ
ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහත්මයා අතින් ලියවුණු මේ ගීතය, ටී.එම්.ජයරත්න මහත්මයා ගායනා කරන ගීත අතරින් ඉහළ පෙළේ තියෙන, අති ජනප්‍රිය ගීතයක්. මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නෙ ප්‍රේමසිරි කේමදාස ශූරීන්. සංගීතය විතරක් අහන් ඉන්නකොට අපිට එතුමාව නිරායාසයෙන්ම මතක් වෙනවා. මොකද එතුමාගේ සංගීත නිර්මාණවල, එතුමාගේම අනන්‍යතාවයන් ඉස්මතු කරලා තියෙනවා. මේ ගීතයේ තියෙන්නෙ අපේ රටේ නිර්ධන පන්තියේ යැයි කියා ගන්න මිනිස්සු ගැනයි. දෙවියන්ට යාතිකා කළාට ඒ අයට ඒවා ඇහෙන්නෙ නෑ. මොකද ඒ අය ඉන්නෙ පොළොව කොටන, පාර හදන තැන්වල. එක්කො ගිනියම් අව්වේ. එහෙමත් නැත්නම් මහා වරුසාවෙ. එතකොට මේ ගීතයෙන් අපේම නිර්ධන යැයි කියා ගන්න අහිංසක කම්කරු මිනිස්සුන්ව, දෙවියන්ට සමාන කරලා තියෙනවා. මම නම් කියන්නෙ මේ ගීතය හැම මැයි දිනයකම දාන්න ඕන. මැයි දිනය කියලා ඒ අයට දිනයක් වෙන් කරලා තිබුණත්, අද අපේ රටේ මැයි දිනයක් නෑ. අද තියෙන්නෙ දේශපාලනික රැළි. මේ ඉන්න දෙව්වරු ටික මැයි දිනය දවසෙත් වැඩ. නැත්නම් එදාට ඉන්න වෙන්නෙ බඩගින්නෙ.
නමුත් ඔය ලොකු ලොකු පුටුවල ඉන්න ගොඩාක් මිනිස්සුන්ට වඩා මේ අයගෙන් අපේ රටට ලොකු සේවාවක් වෙනවා. ඒක මේ රටේ දියුණුවට වැදගත්. ඒත් ගොඩක් අයට මේ දේවල් පේන්නෙ නෑ. අපි අපිම උසස් සහ පහත් කියලා වෘත්තීන් නම් කරගෙන ඉන්නවා හරිම අසාධාරණ විදිහට. උසස් යැයි සම්මත කරගෙන ඉන්න වෘත්තීන්වලට තමයි දොස්තරවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු, නීතීඥයො, කථිකාචාර්යවරු, පරිපාලකයො වගේ අයව දාලා තියෙන්නෙ. පහත් යැයි සම්මත කරගෙන ඉන්න වෘත්තීන්වලට තමයි කරණවෑමියො, කොන්දොස්තරවරු, රියදුරෝ, පිරිසිදු කිරීම්වල ඉන්න අය, ගොවියො, කම්කරුවො වගේ අයව දාලා තියෙන්නෙ. මේ අයට අලුතින් ඉඩමක් අරගන්න, අලුත් ගෙයක් හදාගන්න, දරුවන්ට හොදට උගන්වන්න, ගෙදරට අලුත් ගෘහ උපකරණ ටිකක් ගන්න වගේ අනාගත සැලසුම් සහ බලාපොරොත්තු නෑ. මේ අය බලන්නෙ එදා වේල කාලා ජීවත් වෙන්න. ඉතින් බස් එකේ රියදුරු මහත්මයා වේවා, කොන්දොස්තර මහත්මයා වේවා, පාර සුද්ධ කරන මනුස්සයා වේවා, පාර අයිනෙ අඹ විකුණන මනුස්සයා වේවා, පාර අයිනෙ රෙදි විකුණන මනුස්සයා වේවා, කරණවෑමියා වේවා, ඉදිකිරීම් ස්ථානවල ඉන්න සේවකයන් වේවා...... මේ ඕනම කෙනෙක් දකිනකොට, මට මේ ගීතය මතකයට එනවා.

ඔන්න ඔහොම තමයි මගේ ජීවිත මතක පද සටහන් ඉවර වෙන්නෙ. තවත් ඉස්සරහට එන අත්දැකීම්වලට සම්බන්ධ ගීතත් දාලා, ඉදිරි කාලයක, ඉදිරි ලිපියකින් හමුවෙමු. ඔයාලගෙත් අදහස් උදහස් පහළින් සටහන් කරලා යන්න එහෙනං. ලිපිය කියෙව්වට බොහොම පිං.
මේ අදහසට සංකල්පය ආවෙ අපේ රටේ අතිදක්ෂ නිවේදකයෙක් වෙන ගැමුණු වන්නිනායකගේ "මතක පද" වැඩසටහනින් කියලත් මතක් කරන්න කැමතියි. අපේ රටේ එක එක ක්ෂේත්‍ර සහ අංශවල ඉන්න, ගොඩක් ප්‍රසිද්ධ අයව ගෙන්වලා, මේ අයගේ ජීවිතයත් එක්ක බැදුනු, එක එක අත්දැකීම් හරහා ජීවිතයට සම්බන්ධ වුණු ගීත 10ක් ගැන කෙරෙන සුන්දර කතාබහක් තමයි ඒ වැඩසටහනින් වෙන්නෙ. මේක මුලින්ම පටන් ගත්තෙ Ran One FM කියන ගුවන්විදුලි නාලිකාවෙන්. අවුරුදු කිහිපයකට පස්සෙ මේ වැඩසටහන සිත FM කියන ගුවන්විදුලි නාලිකාවෙන් විකාශය කරන්න පටන් ගත්තා. ඒ ගැමුණු වන්නිනායක Ran One FM නාලිකාවෙ ඉදලා, සිත FM නාලිකාවට සංක්රමණයවීමත් එක්කයි. මම නම් මොන වැඩේ තිබ්බත්, හැම සතියකම වගේ මේ වැඩසටහන අහන්න පුරුදුවෙලා ඉන්නවා. ඔයාලටත් පුලුවන් Youtube එකේ මතක පද, එහෙමත් නැත්නම් Mathaka Pada කියලා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් Search කරලා, පහුගිය වැඩසටහන් ටික ශ්‍රවණය කරන්න.