පිපුණු මලේ රුව
ලූෂන් බුලත්සිංහලයන්ගේ සුරතින් රචනා වූ, ඩන්ස්ටන් ද සිල්වා ශූරීන්ගේ සංගීතය මුසුවූ, නන්දා මාලනියගේ සුමියුරු ගායනයෙන් අලංකාරවත් වූත් "පිපුණු මලේ රුව එ මල දනී දෝ" ගීතයෙන්, දරිද්රත්වය උරුම වූ ගැමි මවකගේ මනසේ තම දියණිය පිළිබදව නැගෙන්නා වූ සිතුවිලි සමුදායක් කියා පායි. සැබවින්ම එය එක් තනි මවකගේ සිතුවිලි සමුදායක් හෝ ජීවන චරිතයක් නොව, අප රටේ සිටින්නා වූ සියලුම එවැනිම දුප්පත් මව්වරුන්ගේ නියෝජනයකි.
අද වන් කාල වකවානුවක මෙවැනි අර්ථවත් ගීත රචනා නොවීම ඉතාමත් කණගාටුවට කරුණක් වන අතර මෙවැනි පරිසරයන් සහ සමාජ රටාවන්ද අප රට තුළ තියෙන බව ඒත්තු ගැන්වීමට මෙවැනි ගීත කදිම නිදසුන් වේ. ඒ හරහා මමත්වයෙන් බැහැර වූ සමාජ පරපුරක් නිර්මාණය කළ හැකිය.
පිපුණු මල ඉතාමත් අලංකාරය. එහෙත් එහි සුන්දරත්වය දකිනුයේ ඒ මල නරඹන උදවිය මිස මල නොවේ. තමන්ගේ දියණියව මලකට උපමා කිරීමෙන්, ඒ දියණිය ඉතාමත් රූමත් තරුණියක් ලෙස අසන්නාට සිතේ.
අතට කරට පැලඳීම යනු නව යෞවනයට පා තබන ඕනෑම යුවතියකගේ සිහිනයකි. නමුත් මෙම දියණියට එය සදාකාලික වූ සිහිනයක් පමණි. නැති බැරිකම මේ සෑම අරමුණකටම හරස් වේ. මෙම ගීතයේ නැති බැරිකම මුතු මාල හතකට උපමා කර තිබේ. මුතු මාලයන් සතේ උත්පත්ති කතාව එන්නේ පත්තිනි ඇදහිල්ලෙනි. එම නිසා දියණියගේත් මවගේත් නැති බැරිකම උපමා කිරීමට ලූෂන් බුලත්සිංහලයන්, මුතු මාල සතට උපමා කරන්නට ඇත්තේ පත්තිනි දෙවගනද කාන්තාවක් නිසා විය හැක.
කැඩපතෙන් තම දියණිය ඇයගේ මුහුණ දෙස බලන විට ඇයට ඇයගේ කන්පෙති වල ඇති අඩුව පෙනෙනවා නොඅනුමානය. වෙනත් තරුණියන්ගේ මෙන් ඇයගේ කණ්වල කරාබු ජෝඩු නැත. ඒ හරහා අති විශාල දුකකුත්, ඒ හරහා ඔවුන් පත්ව ඇති තත්වය පිළිබදව මහත් වූ කලකිරීමකුත් ඇති වේ. එම තත්වය ඇති නොවීමට නම් කළ යුතු එකම දෑ, කැඩපත බිද දැමීමයි.
එහෙත් විදුලිය නොමැති නිවසේ ඇති කුප්පි ලාම්පු එළිය ඊට බාධාවක් විය. කටුමැටි බිත්තියට වැටෙනා සෙවනැල්ල දෙස බලමින් ඇයගේ දියණිය හිස පීරයි. කුප්පි ලාම්පු එළිය, කටුමැටි බිත්තිය වැනි වචන හරහා බුලත්සිංහලයන් මෙම චරිත වටා ඇති දුප්පත්කම වඩාත් තීව්ර කර තිබේ.
රාත්රී කාලයට එසේ වූවත්, උදෑසන කාලයට ලාම්පුව පත්තු කරන්නේ නැත. මේ නිසා උදෑසන කාලයට මේ මවගේ එකම දියණිය තමන්ගේ හැඩරුව දකින්නේ ළිදේ ඇති නිසසල ජලයෙනි. එම නිසා දියණියගේ පාලු කණට සහ පාලු කරට ඇයගේ ඇස නොගැටෙන්නට, මව විසින් දරණ ලද සියලු උත්සාහයන් ගගට ඉණි කැපුවාක් මෙන් විය. මේ නිසා මවගේ සිතේ නිතරම හොල්මන් කරනුයේ "නොතළන් හිත මා ආදර දියණියනේ" යන්නයි. දියණියට කරාබු ජෝඩු සහ මාල මිළදී ගැනීමට මවට වත්කමක් නොමැත. එම නිසා ඇය නිතරම කනස්සල්ලෙන් පසු වේ. ඒ ඊට ඇය වගකිව යුතු බව ඇයටම සිතෙන නිසාය.
මේ ගීතය තුළින් සමාජයට දෙන පණිවිඩ රාශියකි. ඒවාද ඉතාමත් ප්රබල පණිවිඩ වේ. අද සමාජයේ බොහෝ පොහොසත් දියණියන් "මගේ මගේ" යනුවෙන් බොහෝ දේවල් ගොඩ ගසා ගනිති. විවිධ අවස්ථාවන් වලට විවිධ ඇදුම් පැළදුම් පලදිති. මහා ධනස්කන්ධයක් වැය කර ගොඩ ගසා ගත්තත් ඒවා භාවිතා කරන්නේද ඉද හිටය. නමුත් මැයගේ දියණියට "මගේ" යනුවෙන් කියන්නටවත් කිසිදු දෙයක් නොමැත. විද්යාවෙන් සහ තාක්ෂණයෙන් ලෝකය කෙතරම් දියුණු වූවත්, අප ජීවත්වන සමාජය තුළම මෙවැනි චරිතද සිටිනා බව අප තරයේ මතක තබා ගත යුතුය. ඔවුන්ට පිහිට වීම අපි කාගේත් යුතුකමයි......!!!!!!