දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- ආදර්ශමත් කතාවක්
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ආනන්දයේ පෙරළිය
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- නත්තලේ විරාමය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ----- පාට මාරු කරන නැව්
  • ----- මහාමාරි වෛද්‍යවරු
  • ----- පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි?
  • ----- Titanic - Dunkirk සම්බන්ධය
  • ----- නත්තලේ ගීතය
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- ලොකු අයියා
  • ----- නවීගේ දහම් පාසල 01
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

සංහිදියාවයි ලොවට කියන්නේ

ලෝකයේ තියෙන මාධ්‍යන් අතරින් අද වඩාත්ම ප්‍රබල මාධ්‍යය වෙලා තියෙන්නෙ අන්තර්ජාලයයි. තොරතුරු දැන ගන්න වගේම, විනෝදාශ්වාදය ලබා ගන්නත් බොහෝ දෙනෙක් අද පිවිසෙන්නෙ අන්තර්ජාලයටයි. සයිබර් අවකාශය ඒ තරමටම අද මිනිස්සුන්ට සමීප වෙලා.  මේ අතරේ අලුතෙන් සංගීත නිර්මාණ කරන නවකයින්, තම තමන්ගේ නිර්මාණ සමාජය අතරට ගෙනියන්නත් අන්තර්ජාලය කදිම තෝතැන්නක් කරගෙන තියෙනවා. ඒ මාධ්‍යක් වශයෙන් අන්තර්ජාලයේ තියෙන විවෘත බව නිසා. 

මේ වෙනකං කරලා තියෙන සමීක්ෂණ අනුව සංගීත නිර්මාණ කරලා අන්තර්ජාලයට මුදා හරින නවකයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් එළිදක්වන්නෙ ආදරය හෝ විරහව සම්බන්ධ සංගීත නිර්මාණ. ඒ වගේම කිසිම හරයක් හෝ අර්ථයක් නැති නිර්මාණත් ඒ අතර අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් දකින්න පුලුවන්. ඒ නිසා 
අද සංගීත ක්ෂේත්‍රයේ ලොකු ඒකාකාරී බවක් තියෙනවා. එදාට වඩා අද කාලෙ අසන්නාට හොද පණිවිඩයක් ලබා දෙන, ආදර්ශයක් ලබා දෙන, ලොකු කුඩා සෑම කෙනෙක්ටම එක සේ රස විදින්න පුලුවන්, මනසට වගේම කණටත් සෞම්‍ය බවක් ගෙන දෙන නිර්මාණවල බිහි වීම සාපේක්ෂ වශයෙන් අඩු වෙලා තියෙනවා.

කිසිම අර්ථයක් නැති ශබ්ද රසය විතරක් තියෙන රැප්, පොප්, හිපොප් ආදී බටහිර පන්නයේ ගීත වලට අද ගොඩක් අපේ රටේ තරුණ තරුණියෝ නෑඹුරු වෙලා තියෙනවා. වඩාත්ම භයානක තත්වය තමයි අපේ රටේ සුභාවිත සංගීතය තරුණ පරපුරින් ඈත් වෙලා යන එක. මේ අතරේ සුභාවිත සංගීතය රැක ගන්නත්, ඒ ඔස්සෙ අලුත් නිර්මාණ කරලා ඒවා සමාජයට සහ රටට දායාද කරන්නත් උත්සාහ කරන, උත්සාහ  
කරමින් ඉන්න තරුණයොත් නැතුවා නෙවේ. මේ කියන්න යන්නෙ අන්න ඒ වගේ පිරිසක් කරපු අලුත්ම අලුත් සංගීත නිර්මාණයක් ගැනයි. මේ සංගීත නිර්මාණය නම් කරලා තියෙන්නෙ "සංහිදියාව" කියලා.  
​

මේ නිර්මාණය කරන්න මූලිකත්වය අරගන්නෙ කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වුණු වතිල මනකමල් (21) සහෝදරයා. මේ ගීතය පුරාවටම අපිට  
Picture
දකින්න ලැබෙන්නෙ සිත නිවාලන කුඩා සාමනේරයන් වහන්සේ නමකගේ නිසල චරිතයක්. කුඩා වයසේ ශාසනයට ඇතුල් වෙලා, සංවරව වැඩ හිදිමින්, තනිවම ආගමික වත්පිළිවෙත්වල නිරත වෙන අයුරු මුළු ගීතය පුරාවටම අපිට දැක ගන්නත් පුලුවන්. මේ ගීතය ගායනය කරන්නෙත් වතිලම තමයි. පද රචනය වගේම සංගීත නිර්මාණයත් වතිලගෙ. වතිලට ගායනයෙන් සහය වෙන්නෙ මධූෂා නිර්මාණි. නිශ්චල සහ චංචල ඡායාරූප අරගෙන තියෙන්නෙ ලහිරු ගුරුසිංහ (21). පිටපත ලියලා තියෙන්නෙ හසන්ත සුනෙත් (21).  මේ තියෙන්නෙ ඒ හැමෝගෙම මහන්සියෙන් නිර්මාණය වුණු සංහිදියාව ගීතය......


තෘප්තිමත් මනසකට ලැබෙන සහනය "සංහිදියාව" ඔස්සේ හදුනා ගත්ත වතිල මේ ගීතයෙන් සමාජයට කියන්න හදන්නෙ මොකක්ද කියලා වගේම මේ ගීතය නිර්මාණය වුණේ කොහොමද කියලත් දැන් අපි බලමු. මේ අපි "සංහිදියාව" ගැන ඔහුත් සමඟ කළ කතාබහයි.....

01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම?          
**   හීරළු පතිරන්නැහෙලාගේ වතිල මනකමල්

02. 
අද ඔබව හදුනන්නෙ?
**   
වතිල මනකමල්


03. 
උපන්න ගම් පළාත?
**   මීරිගම

04. 
ඉගෙන ගත්ත පාසල?
**   කොළඹ නාලන්දා විද්‍යාලය 

05. උසස් පෙළට පිවිසෙන්නෙ?
**   කලා අංශයෙන් 

06. සංගීත ක්ෂේත්‍රයට අඩිතාලම වැටුනෙ කොහොමද? පාසලෙන් ලැබුනු දායකත්වය ගැන කිව්වොත්? 
**   
පොඩි කාලෙම මගේ සංගීත හැකියාව අඳුනගෙන මට අත දුන්නෙ මගේ චන්ද්‍රසේන ගුරුතුමා. ඔහු තමයි සංගීතය පිළිබද මගේ මුල් ගුරුවරයා. දෙවි කෙනෙක් වගේ ගුරුවරයෙක්. ගොඩාක් හොද ගතිගුණ තිබුණා. මම සාමාන්‍ය පෙළ කරන කාලයේදී එතුමා අපෙන් වෙන් වුණා. තාමත් මං යන්නෙ එතුමා අපිට පෙන්නපු අඩි පාරෙ.  සර්ගෙ මාර්ගයෙන් තමයි මට සුනිල් දයානන්ද කෝනාර සහ අංජන මේඝවර්න යන ගුරුවරුන් හමුවුනේ. සුනිල් සර් කරපු 'ගංගාවක් වෙන්නම්' සීඩී තැටියේ සිංදු දෙකක් කියන්න මට අවස්ථාව ලැබුනා. එතන ඉඳන් තමයි මගේ සංගීත ගමන ඇරඹුනේ. මේ හැම දේකටම පාසලෙනුත් හොඳ දායකත්වයක් ලැබුනා. දහස් වාරයක් ස්තූතිවන්ත වෙන්න ඕන ඒ හැම කෙනෙක්ටම.
Picture
වතිල මනකමල්
07. දැන් වතිල මොනවද කරන්නෙ?
**   දැන් නම් විශ්ව විද්‍යාල ප්‍රවේශය පිළිබඳ අපේක්ශාවෙන් ඉන්නෙ.


08. සංහිදියාව ගීත නිර්මාණය පැත්තට හැරෙමු. කාගෙද මේ සංකල්පය?
**   සංකල්පය මගේ. තෘප්තිමත් මනසකට ලැබෙන සහනය තමයි සංහිඳියාව වශයෙන් මා හඳුනගත්තෙ.

09. ගීතයෙන් සමාජයට දෙන්න හදන පණිවිඩය ගැන සදහන් කළොත්?
**  අපි මේ ජීවිතයේ ලබන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ සංහිඳියාව කියන හැඟීම. ඉතින් ඒ හැඟීම මොනවගේ සුන්දර දෙයක්ද කියනදේ තමයි මේ ගීතයෙන් කියන්න හැදුවේ. 

10. 
ගීතය ලියවුණු ආකාරය ගැනත් මතක් කලොත්?
**   
මෙහෙමයි. මටත් ඔය "සංහිදියාව" කියන වචනය ඇහුනා කොහෙන් හරි. ඉතින් මං අප්පච්චිත් එක්ක ඒ වචනය ගැන, වචනයේ අදහස ගැන කතා කළා. අන්තිමේදි මං මේ පද ටික ලියලා අප්ප්ච්චිගෙන් ඇහුවා මේකටද "සංහිදියාව" කියන්නෙ කියලා. ඉතින් ඒ පද ටික ලියන ගමන් පොඩි මෙලඩි එකක් හිතුනා. ඒකට කියලා බලපුවම ගැලපෙනවා කියල හිතුනා. ඔතනදි මං පද පෙළ ලියගෙන ගියේ ආගමික සැනසීමක් ගැන හිතාගෙන නෙවේ. සංහිදියාව කියන්නෙ මේ ආකරයේ දෙයක් කියන එක මනුස්සයට පෙන්නල දෙන්න. ඒ පෙන්නලා දුන්න දේ හසන්ත තවත් හොදට තේරුම් කළා කියන එක මට විශ්වසයි. මේ වීඩියෝ එකෙන් බෞද්ධ පරිසරයක් පෙන්නුවට මේකත් කියන්න කැමතියි. 
අපි මේ ලෝකෙ අදහන ආගම් තියෙනවා ඕනෙ තරම්. ඒ හැම ආගමක් අදහන කෙනෙකුටම මේ සංහිදියාව කියන හැගීම ඇති කරගන්න පුලුවන්. හොදින් ජීවත් වුනොත් සංහිදියාව තමන් හොයගෙන එනවා. ඒක මේ හැම මනුස්සයෙකුටම පොදු දෙයක්.

11. සංහිදියාව ගීත නිර්මාණය ඔයාට වැදගත් වෙන්නෙ කොහොමද?  
**  සංහිඳියාව මගේ පළවෙනි සංගීත වීඩියෝව. මගේ ජීවිතේ ලොකු පියවරක්. ඒ පියවර පිටිපස්සෙ ගොඩක් අය ඉන්නවා. ඒ අය නැතිනම් මේ වීඩියෝව කිරීම සිහිනයක්. 


12. වීඩියෝ එකට අවශ්‍ය කරන පසුබිම සැකසුනේ කොහොමද?
**  මෙහෙමයි. හසන්ත සුනෙත් සහ ලහිරු ගුරුසිංහ කියන්නෙ මගෙ හොඳම යාලුවෝ දෙන්නා. ඉතින් ඒ දෙන්නට මේ වැඩේ කරන්න ලොකු හැකියාවක් තිබුනා. හසන්ත පිටපත ලිව්වාම ඇත්තටම මට හිතාගන්න බැරි උනා. ඇත්තටම මේ ගීතයට ලොකු වටිනාකමක් දෙන්න ඒ පිටපතට පුළුවන් වුනා. ඒ දෙන්නටම කොච්චර ස්තුති කළත් මදි. 
Picture
13. කොහොමද කණ්ඩායම?
**  කණ්ඩායම හොදයි. ලොකු සහයෝගයක් දුන්නා. සහභාගී වුණ කිසිම කෙනෙකුට මේ පිළිබඳ අත්දැකීමක් තිබුනෙ නෑ. කොහොම වුණත් රූගත කිරීම් කරපු දවස් තුනම ගොඩක් විනෝදෙන් තමයි සියලු දෙනාම හිටියෙ. 

14. ලැබුණු සහයෝගය ගැන මතක් කලොත්?
**  සියලුම දෙනා උපරිම සහයෝගය ලබා දුන්නා. වීඩියෝවේ සාමනේර හිමි චරිතයට රඟපාපු මිනුද සත්නිම් අපේ අරමුනට යන්න ලොකු හයියක් වුණා. ඒ වගෙම රඟපෑමෙන් දායක වුණ මනුල මධුසංක, සකුරා දමයන්ති, නිලේශ්, ඉෂාරා, ඉසුරු, චානුක, නිමාෂා, පියුමාෂා, මොවිඳු යන පිරිසත් ලොකු සහයෝගයක් දුන්නා. අපේ සහාය කණ්ඩායමත් මේ වෙලාවෙ මතක් කළ යුතුයි. මංගල, සෙනරත්, මාලිංග, ආසිරි, ඉන්දික, මලිත්, රුක්වින්ද, චලනි, පබසරා, නිල්මා, නිල්මිනී, ශාලිකා යන සහෝදර සහෝදරියෝ හැමොම ගොඩක් සහයෝගෙන් වැඩ කරපු නිසයි අද මේ තත්වෙන් සංහිඳියාව වීඩියෝව ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ. 
සංහිඳියාව ගීතයේ ගායනයෙන් සහාය දුන්න මධූෂා නිර්මාණි අක්කාවත් ආදරෙන් මතක් කරන්න ඕන.

15. ගීතයේ සාමනේර චරිතය රග දක්වපු මිනුද සත්නිම් ගැන කතා කලොත්?
**  අපි මේ චරිතයට හුග දෙනෙක්ව හෙව්වා. අන්තිමටම හිතට අල්ලලා ගියේ මේ මල්ලිව. මෙයාව මුලින්ම අපේ නිර්මාණයට ගැලපෙනවා කියලා අපිට අදුන්නලා දුන්නෙ අප්පච්චි. මේ මල්ලි අපි කියන 
ඕනෙම දෙයක් කරන්න මොනම වෙලාවකවත් පැකිලුනෙ නෑ. ඉතින් හසන්තගෙ ඉලක්කයට යන්න ඒ මල්ලි හොද සහයෝගයක් දුන්නා කියලා හිතනවා.
Picture
ලහිරු ගුරුසිංහ

Picture
ආනන්ද පද්මසිරි
Picture
මධූෂා නිර්මාණි
16. රූගත කිරීම් කරන කොට සිද්ධ වුණු අමතක නොවන අත්දැකීම්, මිහිරි මතකයන් එහෙම තිබ්බද?
**  සංහිඳියාව පටිගත කරන අතරතුර වුණු හැම සිදුවීමක්ම හරිම රසවත්. අපේ දෙවෙනි දවසේ රූගත කිරීම් තිබුණෙ මාලිගාතැන්න පන්සලේ කඳු මුදුනෙ. උදේ රූගත කිරීම් අවසන් වුණාම ආයෙ රූගත කිරීම් තිබුණේ හවස සිතිජයත් සමග. ඉතින් ඒ අතරතුර කාලය කණ්ඩායම ගත කළේ සිතිජයත් සමඟ කෝපයෙන්.

17.  
ගීතය පටිගත කළේ කොහෙද?

**    පටිගත කළේ ආනන්ද පද්මසිරි අයියාගේ 'කුරවි' ශබ්දාගාරයෙදී. 

18. ගීතය නිර්මාණය කරනකොට, රූගත කරන කොට ආපු අභියෝග මොනවද? ඒවාට සාර්ථකව මුහුන දීපු ආකාරය ගැන මතක් කරනවා නම්?
**  අභියෝග නම් හැම වැඩකටම එනවා ඉතින්. ඒවට සාර්ථකව මුහුණ දුන්නා. එච්චරයි. කියන්න තියෙන්නෙ හැම කෙනෙක්ම දෙයක් කරනකොට ඒ කරන දේ හොඳ දෙයක් නම් ඒක කොයි විදිහකින් හරි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා හැම  
Picture
කෙනෙක්ම උත්සහයෙන් වැඩ කරන්න ඕනෙ.!    

19. ගීතයේ වැඩ අවසන් කරන්න කොච්චර කාලයක් ගියාද? 
**   මාස දෙකක් විතර ගියා සියල්ල අවසන් කරන්න. 

20. 
සෑහෙන වියදමකුත් යන්න ඇති?
**  හිතුවට වඩා වියදම් වුණත් ඒ වියදමයි වීඩියෝවෙ වටිනාකමයි ගත්තම වියදමක් නැති තරම්. ඒක වටිනවා. 

21. 
ගීතය කාටද මුලින්ම පෙන්නුවේ?
**   
අප්පච්චිට

22. 
ඉතින් අප්පච්චි මොකද කිව්වෙ?
**   තව පාරක් දාන්න කිව්වා.

23. 
තව පාරක් පෙන්නුවායින් පස්සෙ?
**   ආයිත් දාලා පෙන්නන්න කිව්වා.

24. 
ඊට පස්සෙ?
**   
ආයිත් ගීතය දාන්න කිව්වා.

25. 
කී පාරක් එහෙම කිව්වද? අන්තිමටම මොකද කිව්වෙ?
**   
තුන් පාරක් කිව්වා. අනාගතයේ ලොකු ගමනක් යන්න තියෙනවා කියලා අපි ඔක්කොටම ආශිර්වාද කළා.

26. 
ඒ වෙලාවෙ දැනුන
 හැගීම?
**   
සංහිදියාවක් දැනුනා.

27. සංගීත ක්ෂෙත්‍රයට අලුතෙන් එන අයට මොකක්ද දෙන පණිවිඩය?
**   කලාවට අලුතෙන්ම එන අයට කියන්න තියෙන්නෙ මේ ක්ෂේත්‍රය ටිකක් නෙවෙයි, ගොඩක් කටුකයි. ඒ තමන්ගෙ කියල දෙයක් තැනකට ගෙනියන්න ගොඩක් මහන්සි වෙන්න වෙන නිසා. එත් ඒදේ කරපු දවසට ලැබෙන සහනය, සතුට, කොටින්ම කිවොත් සංහිඳියාව වටිනාකමින් කියල නිමකරන්න බෑ. ඉතින් කිසිම දේකට පැකිලෙන්න එපා. හොඳ දෙයක් නම් කරන්නම ඕනේ. ඒ දේ සමාජයට දෙන්නම ඕනෙ. හංගන් ඉන්න එපා. සමාජයට හොඳ දෙයක් දෙන එකයි අපි හැමෝගෙම යුතුකම.!


28. මොනවද ඉදිරි බලාපොරොත්තු?
**  ඉදිරියේදී සංගීත ක්ෂේත්‍රය තුළ අර්ථාන්විත වෙනසක් ඇතිකරන්න අපේක්ෂාවෙන් ඉන්නෙ. විශ්ව විද්‍යාල අධාපනයෙන් පස්සේ චිත්‍රපට සංගීතයට යොමු වීමට බලාපොරොත්තුවක් තියෙනවා. 


29. ස්තූතියි කරන්න ඕන පිරිසකුත් ඉන්නවා නේද? 
** ස්තුති කරනවා නම්, නම් වශයෙන් කිය
ලා නිම කරන්න අමාරුයි. මේ මොහෙතේ මතක් කරන්න ඕනෙ අපේ පවුලෙ හැම කෙනෙක්ම මේකට ලොකු සහයක් දුන්නා. වචනෙකින් පවා සහයෝගය දුන්න හැම කෙනෙක්ටම මේ අවස්ථාවෙ ස්තූතිවන්ත වෙනවා.

30. වතිලට ලියනවා නම්?
**   wathila.manakamal@gmail.com 


Picture

වතිල කිව්වා වගේම වතිල සහ එයාගෙ කණ්ඩායමේ වැඩ සංහිදියාවෙන් නවතින්නෙ නෑ. මේ පළවෙනි වෙඩි මුරය පත්තු කළා විතරයි. මේ වගේ හොද අර්ථවත් නිර්මාණ හැකි අයුරින් නොනවත්වාම අඛන්ඩව සමාජයට දායාද කිරීම තමයි ඒ කාගෙත් බලාපොරොත්තුව. 
ඉතින් වතිල ඇතුළු කණ්ඩායමට තවත් මේ වගේ හරවත් සහ ගුණවත් නිර්මාණ සමාජය හමුවේ දායාද කරන්න සහයෝගය ලබා දෙන්න කැමති නම් පහළින් තියෙන සමාජ වෙබ් අඩවිවල ශාඛාවන් එක්ක එකතු වෙන්න. ඒ හරහා වතිලලා ඉස්සරහට කරන්න යන අලුත් දේවල් ගැන දැන ගන්නත්, ඒවාට උදව් කරන්නත් ඔයාලට පුලුවන් වේවි...!!!!!!!!!!! 

​
​​ප.ලි - 
මෙම ලිපියේ ඇතුළත් කර ඇති සියලුම ඡායාරූප, සම්මුඛ සාකච්ඡාවට භාජනය වූ තැනැත්තා විසින් ලබා දුන් ඒවා බව කරුණාවෙන් සළකන්න.

 


Blog

picasa
Youtube
Sound Cloud

picasa
FB Profile
picasa
FB Page

picasa
Linkedin
picasa
Google+

picasa
Pinrest
Twitter

picasa
Articles

සයිබර් පන්හිද >>>

Powered by Create your own unique website with customizable templates.