රංග භූමිය සිසාරා
සතර අභිනයේ උපාය මාර්ග ඔස්සේ ජීවිත අර්ථ නිරූපණය කිරීම තමයි "රංගනය" කියලා කියන්නේ. එහෙම කියන්නේ මම නෙවේ. භරතමුනි පඩිවරයා. අද වෙන කොට රංගන ක්ෂේත්රය කියලා කියන්නේ අපේ රටේ හැම දවසක, පැය 24 පුරාවටම කතා බහට ලක්වෙන ක්ෂේත්රයක්. ඒ වගේම දවසින් දවස අලුත් වෙන ක්ෂේත්රයක්. අද වෙන කොට අපේ රටේ පදුරකට පයින් පාරක් ගැහුවත් නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් 10ක් 15ක් විතර විසික් වෙනවා. ඒ තරමටම අද අපේ රටේ නවක කලාකරුවන්ට විවිධ දේවල් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා. මේ අතරේ නමක් දිනා ගැනීමේ අරමුණින් මේ ක්ෂේත්රයට ආපු අයත් නැතුවා නෙවේ. ඒත් සැබෑ රංගන ශිල්පියාගේ වගකීම සහ යුතුකම විය යුත්තේ ලාභ අපේක්ෂාවෙන් තොරව, ප්‍රේක්ෂක පිරිසගේ සිත් සතුටු කිරීමයි.
අද අපේ "සොදුරු කතා බහ"ට එක් වෙන්නේ අපේ රටේ වේදිකා සහ ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන් නිහඩ මෙහෙවරක යෙදෙන නවක රංගන ශිල්පියෙක්. ඒ තමයි ෂෙහාන් කොඩිකාර. ෂෙහාන් කියන්නේ අපේ රටේ කලා කටයුතු වෙනුවෙන්, මහත් ඕනෑකමක් සහ සුවිශාල උත්සාහයක්, කැපවීමක් ඇතුව සක්‍රියව දායකත්වයක් ලබා දෙන රංගන ශිල්පියෙක්. ඉතින් ෂෙහාන් එක්ක කරපු මේ කතා බහෙන් අපි උත්සාහ කළේ ෂෙහාන් කොඩිකාර කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මුළු රටටම හදුන්වා දෙන්නයි. ඒ විතරක් නෙවේ. ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍යවල තිරය පිටුපස ඇති පරිසරය ගැනත් පාඨකයන්ට පුළුල් අත්දැකීමක් ලබා දීමත් මේ කතා බහේ තවත් අරමුණක් වුණා....

01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම?
** මහේශ් ෂෙහාන් කොඩිකාර
02. අද ඔබව හදුනන්නෙ?
** ෂෙහාන් කොඩිකාර කියලා. ෂෙහාන් කියලා කිව්වම තමයි ගොඩක් කට්ටිය දන්නේ.
03. උපන්න ගම් පළාත?
** කොළඹම තමයි. කොළඹම තමයි ඉපදුනේ. ඉන්නෙත් කොළඹ, පන්නිපිටියේ.
04. ඉගෙන ගත්ත පාසල?
** කොළඹ ඉසිපතන විද්‍යාලය.
05. උපන්දිනය ?
** පෙබරවාරි 07
06. උසස් පෙළට පිවිසෙන්නේ?
** උසස් පෙළ මම කරන්නේ කලා අංශයෙන්. ඒ වුණාට වාණිජ අංශයෙනුත් කරන්න පුලුවන්කම තිබ්බා. ඒ කාලයේ රැල්ලක් තිබුණා කලා අංශයෙන් කරනවට වඩා වාණිජ අංශයෙන් කළොත් හොද තැනක් තියෙනවා කියලා. ඒ නිසා ඒ දෙක අතර ලොකු පටලැවිල්ලක් තිබ්බා. අන්තිමට කලා අංශයටම වැටුනා. කලා අංශයෙන් කළා කියලා නාට්‍ය හැදෑරුවේ නෑ. මම කළේ දේශපාලන විද්‍යාව. ඉතින් පොඩි දුකකුත් තිබුණා වාණිජ අංශයෙන් යන්න තිබ්බා කියලා. ඒ වුණාට කලා අංශයෙන් ආපු එක ගැන සතුටුයි.

07. රංගන ක්ෂේත්රයට අඩිතාලම වැටුණේ කොහොමද? පාසලෙන් ලැබුනු දායකත්වය ගැන කිව්වොත්? ** මුලින්ම පාසල් අවධියේ, පාසලේ වේදිකා නාට්‍ය කළා. පාසලේ වේදිකා නාට්‍ය කරන කොට ඒවා පාසලේ ජනප්‍රිය වුණා. විවිධ චරිත ඔස්සේ විවිධාකාර නාට්‍ය මමම හැදුවා. හදලා ඒවා වේදිකාවල රගදක්වලා හොද තැනකට ආවා. පාසලේ මම ජනප්‍රියම චරිතයක් වුණා. මම සාමාන්‍ය පෙළ කරනකොට තමයි නාට්‍ය හා රංග කලාව හැදෑරුවේ. ඊට පස්සේ මගේ රගපෑම දැකලා සහ ඒ ලැබිච්ච සියලුම රංගන කුසලතා එක්ක, මුළු ඉස්කෝලෙන්ම තීරණය කළා උසස් පෙළ හදාරන අක්කලා අයියලාට රගපෑමේ තියෙන භාවාත්මක හැගීම් හොදටම මගේ මුහුණේ තිබ්බ නිසා, ඒ ඔස්සේ අයියලා අක්කලාට උගන්නන්න මට හැකියාවක් ලැබුණා කොළඹ හැම පාසලකටම වගේ. මහානාම, ඩී.එස්.සේනානායක, සෙන් |
පෝල්ස්, විශාඛා, රාජකීය මේ හැම පාසලකටම මට යන්න ලැබුණා. එහෙම ගිහින් රංගනය සම්බන්ධ වූ විවිධාකාර ප්‍රායෝගික දේවල් මට කියලා දෙන්න හැකියාවක් ලැබුණා, මට වැඩිය වැඩිමහල් අයට. ඉතින් ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක් පාසල් කාලයේදීම. ඊට පස්සේ පාසලෙන් වේදිකා නාට්‍ය පමණක් තමයි හැදෑරුවේ.
08. සම්බන්ධ වුණු පළවෙනි ටෙලි නාට්‍යය ගැන මතක් කරනවා නම්?
** මම ක්ෂේත්රයට ආවේ 2012දි. මගේ මවගේ යාලුවෙක් තමයි ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් වන දයානන්ද රටගෙදර මහත්මා. මගේ අම්මගෙ පාසල් කාලයේ හිටං ඉන්න මිතුරෙක්. ඉතින් ඔහු මාව දැකලා කතා කළා මෙහෙම වැඩක් කරමු කියලා. ඉතින් මටත් ආසාවක් තිබ්බා පාසල් කාලයේම වේදිකා නාට්‍ය රංගනයත් එක්ක, මේ වගේ දේකට සම්බන්ධ වෙන්න පුලුවන් නිසා. කිසිම අත්දැකීමක් තිබුණෙ නෑ. ඒ වුණාට මුලින්ම රටගෙදර මහත්මා මාව දර්ශන තලයකට කැදවලා, සියලුම දේවල් අවබෝධ කරලා දුන්නා. ඉන් පසුව ඔහුගේ ඊළග ටෙලි නාට්‍යයේ චරිතයකට කතා කළා. ඒ චරිතයට ගියාට පස්සෙ මම ඒකෙ රගපෑවා. එදා රෑම එයා බලලා අපේ අම්මට කතා කළා. ආධුනිකත්වයෙන් මිදිලා යම්කිසි අත්දැකීමක් තියෙන කෙනෙක් විදිහට හොදට රගපාලා තියෙනවා කියලත්, හරිම පුදුමයි කියලත් කිව්වා. ඒක නිසා එයා ගොඩක් සතුටු වුණා සහ අපේ දෙමාපියොත් ගොඩක් සතුටු වුණා. මටත් පෞද්ගලිකවම ගොඩක් සතුටු හිතුනා.

09. ඊට පස්සේ රංගනයෙන් දායක වුණු අනිත් ටෙලි නාට්‍යය මොනවද?
** මුලින්ම මම "සිත නිවන කතා" එකපිට දෙකක හිටියා. ඊට පස්සේ ඒ දෙකේ චරිත දෙක හදුනාගෙන, දයාරත්න රටගෙදර මහත්මයා එරංග ජීවන්ත සමග තවත් සිත නිවන කතාවකට යොමු කළා. ඒක විකාශය වුණායින් පස්සෙ හොද ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ අපි වාර්තාමය වැඩසටහනක් කළා දෙරණ නාලිකාවේ "විරු දරුවෝ" කියලා. ඒකෙත් ප්‍රධාන චරිතයක් කළා මංජුල මොරගහ සමග. ඊට පස්සේ අපි "මුල්" කියලා වාර්තාමය වැඩසටහනක් කළා. ඒකෙත් මුල් කොටස් කිහිපයේ රගපෑවා. ඒ වගේ ඒවට තමයි මුල් අවධියේදී සම්බන්ධ වුණේ. |
මම ඊට පස්සේ කළා ගාමිණී මල්වැන්න අධ්‍යක්ෂණය කළ "සංසාර චාරිකා" ටෙලි නාට්‍ය. ඒක දැන් රූගත කරලා අවසානයි. ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි. තව කළා "දූවිලි මල්" කියලා ටෙලි නාට්‍යයක්. ඒක ආර්.කේ.අලුත්වීදිය අධ්‍යක්ෂණය කරනවා. ඒකත් ඉදිරියේදී විකාශය වෙයි. ඊට අමතරව "දඩ කෙළි අරණ" කියලා ටෙලි නාට්‍යක් කළා. ඒකත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. තව අලුත්ම ටෙලි නාට්‍යක් කළා. තාම ඒකට නමක් දාලා නෑ. කොටස් 150ක විතර එකක්. ඒකත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ස්වාධීන රූපවාහිනියෙත් ටෙලි නාට්‍යක් පටන් ගන්න තියෙනවා. ඒකටත් නමක් තාම දාලා නෑ. ඒත් වැඩේ කරන්න ඉන්නේ. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙකක විතර වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
|
|
10. ඊට අමතරව ෂෙහාන් වේදිකා නාට්‍යවලටත් දායකත්වය ලබා දීලා තියෙනවා නේද?
** වේදිකා නාට්‍ය එකකට දායක වෙලා තියෙනවා. පාසලෙන් පස්සෙ මම රගපෑවේ ටෙනිසන් කුරේ මහත්මයාගේ "සිවම්මා ධනපාල" වේදිකා නාට්‍යයේ සාලිය කුමාරයාගේ චරිතය. ඒක දැනටත් වේදිකාගත වෙනවා. අපි දැනටත් වැඩ කරගෙන යනවා. වේදිකා නාට්‍යක් විදිහට පාසලෙන් පස්සේ මම කළේ ඒක විතරයි.
11. තව මොනවද කරලා තියෙන්නේ?
** ඊට අමතරව වෙළද දැන්වීම් කිහිපයකම වැඩ කරලා තියෙනවා. ඒ වගේම ගීතවල වීඩියෝ දර්ශන (Music Video) කිහිපයකත් පෙනී ඉදලා තියෙනවා.
12. National School Of Business Management ආයතනයේ ඉන්නකොටත් ලොකු ලොකු වැඩ ගොඩක් කළා කියලා ආරංචියි?
** මම NSBM එකේ ඉන්නකොටත් ලොකු ලොකු වැඩ කළා. මම රංගනයට අමතරව අධ්‍යාපනික වශයෙන් බහු මාධ්‍ය උපාධියක් හදාරමින් හිටියා. ඒ කාලයේ සම්පූර්ණයෙන්ම NSBM එකේ පරිසරය වෙනස් කළා. ඒකෙ ඉන්න ළමයි හිතපු නැති දෙයක් මම ඒකට ගෙනාවා. මම ගීත නිර්මාණය කරමින් සහ විවිධ රියැලිටි වැඩසටහන් වගේ දේවල් ඒකෙ ඇතුළට ඔබමින් විවිධ වූ දේවල් කරමින් අමුතුම ආරයකට NSBM එක යොමු කළා. ඒ සම්බන්ධව හොද ප්‍රතිචාර සහ හොද තැනකට මම සහ මාත් එක්ක පංතියේ හිටපු මිතුරු කැලට හොද තැනකට එන්න පුලුවන් වුණා. ගොඩක් ජනප්‍රිය වුණා.
|
|
13. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට..... මේ අංශ තුනෙන් ෂෙහාන් වැඩියෙන්ම කැමති අංශය මොකක්ද?
** එහෙම එකක් නෑ. මම මුලින්ම වේදිකාවට පය තිබ්බ නිසා මම හිතනවා, වේදිකාවෙන් කෙනෙක් ආවොත් වරදින්නේ නැහැ කියන මතයේ තමයි ගොඩක් අය ඉන්නේ. ඉතින් වේදිකා නාට්‍යයෙන් ලැබුණු ආභාශය මත ටෙලි නාට්‍ය ඔස්සේ චිත්‍රපටිවලට තුනටම එනවා කියන්නේ හොද වැඩකාරයෙක් වෙනවා කියන එක මම දන්නවා. ඉතින් ඒ අංශ තුනටම මම එක වගේ කැමතියි.
14. මේ වෙනතෙක් රගපාන්න ලැබුනු චරිත ගැන තෘප්තිමත්ද? වඩාත්ම ආස කරපු චරිතය මොකක්ද?
** මම කැමතිම චරිතය තමයි "ඇල්විස්" කියන චරිතය. "දඩ කෙළි අරණ" ටෙලි නාට්‍යයේ අමුතුම විසේකාර චරිතයක්. දෙමාපියන්ටත් වැඩිය හිතුවක්කාර විදිහට හිතන අමුතු චරිතයක්. මා ඔස්සේ හැරවුම් ලක්ෂ්‍යක් වෙනවා ටෙලි නාට්‍යයේ 15 වෙනි කොටසේ හෝ 16 වෙනි කොටසේ සිට. මා නිසා පවුල් අතර ප්‍රශ්න ඇති වෙන, මම නිසා වෙනස්වීම් ඇතිවෙන අමුතුම චරිතයක් රගපාන්න ලැබෙනවා. ඉතින් ඒකත් වාසනාවක්. ඒක තමයි මම වඩාත්ම ආස කරපු චරිතය.

15. කවුද ප්‍රියතම රංගන ශිල්පියා සහ රංගන ශිල්පිනිය?
** මගේ ප්‍රියතම රංගන ශිල්පියා ලෙස ජෝ අබේවික්‍රම මහතාව හදුන්වන්න කැමතියි. ප්‍රියතම රංගන ශිල්පිනිය රුක්මනීදේවි ලෙස හදුන්වන්න කැමතියි. මොකද ඒ වගේ අයව දැන් කාලේ හොයා ගන්න බෑ. ඒගොල්ලෝ ඒකයි අදටත් නොමැරී ජීවත් වෙන විදිහට, ඒ නම් අපේ මුවේ තියෙන්නේ.
16. ෂෙහාන් දකින විදිහට රංගන ශිල්පියෙක් තුළ තිබිය යුතු ගුණාංග මොනවද?
** නළුවෙක් විදිහට බැලුවොත්, මම හිතන්නේ හොද නළුවෙක් වෙන්න කලින් හොද මිනිහෙක් වෙන්න ඕන. හොද මිනිහෙක් වෙන කෙනාට හොද නළුවෙක් වෙන්න පුලුවන් අනිවාර්යෙන්ම. ඉතින් මම හිතනවා හොද මිනිහෙක් තුළ තියෙන සියලු ගුණාංග එකට කැටි කරගෙන, රංගන ශිල්පියෙක් වෙන්න එතකොට ගොඩක් ලේසියි. මොකද ඔය රංගනයේ තියෙන කුසලතා, ඉරියව්, හැඩතල එන්න කලින් අපි හොදයි නම්, අපි හිතන දේවල් අනුව අපිට ඒ රංගනය ගොඩක් සාර්ථක කර ගන්න පුලුවන්. අපිට ඕනම චරිතයකට නම්‍යශීලී වෙන්න පුලුවන්. මුල්ම දේ ඒක. ඉන් අනතුරුව අනිත් දේවල් කල්පනාකාරීව ඔලුවට අරගෙන තමන්ට තියෙන දේ හොදින් අවබෝධ කරගෙන, හොද පිටපතක් සහ හොද නිෂ්පාදනයක් මත, හොද කණ්ඩායමක් සමග හොද වැඩක් කළොත් හොද ශිල්පියෙක් වෙන්න පුලුවන් රටට.
17. රංගන දායකත්වය හරහා ෂෙහාන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද?
** විවිධාකාර හැඩතල සහ විවිධාකාර ඉරියව් අනුගමනය කරමින් අපට හැමදාම විවිධ චරිත තමයි ලැබෙන්නේ. හැමදාම එකම දේවල් ලැබෙන්නේ නෑ. ඉතින් මම හිතනවා විවිධාකාර චරිත ඔස්සේ, මේ චරිතය රගපාන්නේ ෂෙහාන් නෙවේ, ඒ හිටියේ මේ ටෙලි නාට්‍යයේ මේ චරිතය කියලා.... ඉතින් විවිධාකාර චරිත 5ක් නම් චරිත 5ට පස් විදිහකට රගපාලා ප්‍රේක්ෂකයාට දැනෙනවා නම් මේ ඉන්නේ ෂෙහාන් නෙවේ. මේ චරිතය කියලා, අන්න ඒ වගේ දෙයක් දෙන්න තියෙනවා නම් මම හිතන්නේ සාර්ථකයි. රංගනයෙන් අපි දෙන්න ඕන සමාජයට ඒ පිටපතේ තියෙන දේ ඒ විදිහටම හැමදේම එකට එකතු කරලා මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න පුලුවන් නම්, මිනිස්සුන්ට දැනුනා නම් මම හිතනවා රංගන දායකත්වය සාර්ථකයි කියලා.
18. ෂෙහාන් රගපාන්නේ සමාජයේ අවධානය දිනා ගැනීමේ උපක්‍රමයක් හැටියට සහ සමාජය අතර කැපී පෙනෙන "පොරක්" වෙන්න කියලා චෝදනාවක් එල්ල කළොත්?
** රගපාන්නේ සමාජයේ අවධානය දිනා ගැනීමට විතරක්ම නෙවේ. රගපාන්නේ නැතුව වෙන ඕනම දේවල් ගොඩක් කරලා සමාජයේ කැපී පේන්න පුලුවන්. රගපාන්නම ඕන නෑ ඒකට. සමාජය අතර කැපී පෙනෙන "පොරක්" වෙන්න ඕන නෑ. රංගනයේ තමන් කරන හොද නරක හැමදේම මත තමන් ජනප්‍රිය වෙන්න හෝ එළියට විසි වෙන්න පුලුවන්. ඉතින් රගපාන්නේ Hit වෙන්න නෙවේ. රගපාන්නේ ප්‍රේක්ෂකයා සතුටු කිරීමට. මම හිතන්නේ රගපෑම කියන්නේ වාසනාවක්. ඒ වගේම තමන් කරන රගපෑම හරියටම කළොත්, තමන් කරන චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කළොත් අනිවාර්යෙන්ම තමන් කැපී පෙනෙන එක සහ සමාජයේ අවධානයට යොමුවීම ඉබේම වෙන දෙයක්. ඒක කාටවත් නතර කරන්න බෑ. තමන් හරියට දෙයක් කළොත් හැමෝම හොද කියයි. තමන් වැරදියට දෙයක් කළොත් හැමෝම වැරදි කියයි. ඉතින් මම හිතන්නේ ඒක අදාළ වෙන්නේ ප්‍රේක්ෂකයාට. එයාලා තමයි තීරණය කරන්නේ.
19. බැරි වෙලාවත් රංගන ශිල්පියෙක් නොවුණා නම්, ෂෙහාන් අද කවුද?
** මම අවුරුදු 15දි 16දි තමයි රංගනයට පිවිසුනේ පාසලේදී. ඉතින් හිතුවේ නෑ මේ වගේ තැනකට එන්න ලැබෙයි සහ මේ වගේ ක්ෂේත්රයක යන්න ලැබෙයි කියලා. ඉතින් මම හිතනවා බොහෝ දුරට මම රංගන ශිල්පියෙක් නොවුණා නම් මම විදේශගත වී එහේ රැකියාවක් කිරීමට නියමිතව තිබුණා. නමුත් මේ ක්ෂේත්රයට පැමිණි පසුව මේ ගමන වෙනස් වුණා. මොකද උසස් පෙළ අවසන් කිරීමෙන් පසුව මම සදහටම විදේශගත වෙන්න තමයි හිටියේ. නමුත් එය වෙනස් වුණා රංගන දිවිය නිසා. |
20. කොහොමද මේ වෙනකොට ප්රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර?
** ප්‍රතිචාර නම් ගොඩක් හොදයි. කියන්න පුලුවන් දේවලුත් තියෙනවා. කියන්න බැරි දේවලුත් තියෙනවා. විවිධාකාර අයගෙන් විවිධාකාර ප්‍රතිචාර ලැබුණා. හැබැයි වාසනාවකට වගේ කවුරුත් බැන්නේ කළේ නෑ. ගොඩක් දුරට හොද තමයි කිව්වේ. ඒ නිසා හැමෝගෙම ආදරය දිනාගෙන මම දැනටත් මේ ගමන යනවා. ඒ නිසා ආශිර්වාදයක් වෙලා තියෙනවා. කාගෙන්වත් එහෙම නරකක් අහන්න ලැබුණේ නෑ තාම. ඉදිරියේදී අහන්න ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවටත් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වුණාට ඉතින් ප්‍රතිචාර නම් හොදයි. විවිධ අංශයන් වලින් විවිධ ප්‍රතිචාර. ගැහැණු පිරිමි දෙපාර්ශවයෙන්ම ප්‍රශ්නයක් නෑ. සමහර ඒවා වලින් වැඩිපුර ප්‍රතිචාරත් තියෙනවා. ඒ වගේ තමයි. ප්‍රතිචාර නම් ඉහළයි. බාල මහළු ඕනෑම කෙනෙක්ගෙන් හොද දේවල් ලැබෙනවා.
21. කවද්ද තමන්ගේම කියලා ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ? මංගල පිටපත මොන වගේ වෙයිද?
** හපෝ ! තව අවුරුදු 25ක් 30ක්වත් ඉන්න ඕන. මොකද විවිධාකාර චරිත නිරූපනය කරලා, විවිධ අංශ, විවිධ ස්ථාන, විවිධ අධ්‍යක්ෂකවරු සහ තිර පිටපත් මේ සියලුම දේවල් අධ්‍යනය කරලා, මේවායේ රගපාලා මේ හැම අත්දැකීමක්ම එකට අරගෙන කැටිකරගෙන කවදා හරි වැඩක් කරන්න ඕන. ඉතින් මම හිතන්නේ ඒ සියලුම අත්දැකීම් එකට එකතු කරලා කරන අධ්‍යක්ෂණය තමයි හරියටම හරියන්නේ. ඉතින් ඒක නිසා අධ්‍යක්ෂණයක් කරන්න මට ඉක්මනටම උවමනාවක් නෑ. හෙට අනිද්දට වගේ. එහෙම කරන එකක පැවැත්මකුත් නෑ. ඉතින් මට කවදා හරි දවසක එක චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න තියෙනවා නම් පිරිපුන් නිෂ්පාදනයක් විදිහට මම හිතනවා ඒක මට සතුටක් කියලා.
මංගල පිටපත ගැන කිව්වොත්, පිටපත් රචනය මම දැනටත් කරගෙන යනවා. මම ලියපු පිටපත් දෙක තුනක්ම පොහොය නාට්‍ය විදිහට නාලිකා කිහිපයක විකාශය කරලා තියෙනවා. ඉතින් පිටපත් රචනය සම්බන්ධව දැන් ඉදන්ම පොඩි අඩිතාලමක් දාගෙන යනවා. හොද පිටපතක් ලියන්න තමයි හැම තිස්සෙම බලන්නේ. ඒ නිසා කවදා හරි හොද දැවැන්ත දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා, හොද පිටපතකින්.
22. නිවේදන සහ ගායන කටයුතුවල යෙදෙන්න එහෙම කැමැත්තක් නැද්ද?
** ගායනය සම්බන්ධව නම් මම හිතනවා 5%ක් විතර පුලුවන් ඇති කියලා. නිවේදනය සම්බන්ධව නම් ලොකු උනන්දුවක් තියෙනවා. මේ සම්බන්ධව ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යක වැඩ කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. රගපෑම හා සමානව නිවේදනයටත් මම දක්ෂයි කියලා ගොඩක් අය කියලා තියෙනවා. මමත් දන්නවා. ඉතින් නිවේදන කටයුතු තවත් ඔපමට්ටම් කර ගන්න ඕන. නිවේදකයෙකු වීම මගේ එක සිහිනයක්. ඒ මගට යන්න මම ගොඩක් සතුටින් සහ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සදහා ඇරයුම්වුත් ලැබිලා තියෙනවා. ඉතින් නිවේදන කටයුතු ගොඩක් හොදින් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

23. රංගන ක්ෂේත්රයේදී අත්විදින්න සිද්ධ වුණු අමතක නොවන සිදුවීමක් දෙකක් මතක් කළොත්?
** සිදුවීම් නම් ගොඩක් තියෙනවා. අමතක නොවන සිදුවීමක් කිව්වොත් මට නාට්‍යක දුන්නා 4 Wheel ජීප් එකක් පදින්න. හෙන කැළේ. එහෙම එකක් නම් කලින් පැදලා තිබ්බේ නෑ. පොඩි අමුතු විදිහේ හද්ද පරණ එකක්. ඉතින් ඕක පොඩ්ඩක් ස්ටාර්ට් කරනවා, පොඩ්ඩක් ඉස්සරහට යනවා. නවතිනවා. ඔහොම හය හත් සැරයක් ගිහින් අන්තිමට ජීප් එකේ බැට්රි බැස්සා. අන්තිමට කට්ටිය ගෙනල්ලා තල්ලු කරලා, වැඩේ කොහොම හරි කර ගත්තා. ඒක තමයි ගොඩාක්ම අමතක නොවන සිදුවීමක් විදිහට තියෙන්නෙ.
අපි ගියා "දඩ කෙළි අරණ" රූගත කරන්න හම්බන්තොට ප්‍රදේශයට. එහේ විවිධාකාර වූ කෘමී සත්තු, සැර සත්තු කාලා හොදට ඉදිමුවගෙන ඉන්න බැරුව හිටියා. කෑම කා ගන්නත් බැරුව හිටියා. ඒ වගේ අමතක නොවන සිදුවීම්වුත් තියෙනවා. තව බොහෝමයක් තියෙනවා. ඔය දෙක තමයි මට දැනට මතක් වෙන්නේ.
24. රංගන ක්ෂේත්රයේදී මොන වගේ අභියෝග වලටද මුහුණ දීලා තියෙන්නේ? කොහොමද ඒ අභියෝග ජයග්‍රහණය කළේ?
** හැම දෙයක්ම අභියෝගයක්. හැම චරිතයක්ම අභියෝගයක්. හැම දවසක්ම අභියෝගයක් විදිහටයි ගන්නේ. ඉතින් ඒ හැම අභියෝගයක්ම මම ජයග්‍රහණය කරපු නිසා තමයි ක්ෂේත්රයේ මම මේතාක් දුරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට හැමදාම මේක අභියෝගයක්. අභියෝගයක් විදිහට භාර අරගෙන මේවාට මුහුණ දෙන්න තමයි සූදානමින් ඉන්නේ.
|
|
|
25. කොහොමද විවේකය ගත කරන්නේ?
** ගොඩක්ම පිටරට Tv Series තමයි බලන්නේ. Tv Series වලට ගොඩක් ආසයි. ඒවා එකතු කරගෙන අනිවාර්යෙන්ම බලනවා. ඒවා දිගටම බලන එක තමයි ගොඩක් දුරට කරන්නේ. චිත්‍රපට, ටෙලි නාට්‍ය, ශ්‍රී ලංකාවේ ඒවටත් එහෙම වෙනසක් නෑ. ඒවත් පොදුවේ බලනවා. ක්‍රිකට් ක්‍රීඩා කරන්න ගොඩක් ආසයි. විවිධ දේවල් හිතන්න ආසයි. අලුතෙන් පිටපත් ලියන්න, ගීත ලියන්න, අලුත් දේවල් හොයාගෙන යන්න ගොඩක් ආසයි විවේකය ගත කරන කාලයේදී.
26. රංගන ක්ෂේත්රයේ මෙතෙක් ආපු ගමන ගැන තෘප්තිමත්ද?
** මෙතෙක් ආපු ගමන ගැන ගොඩක් තෘප්තිමත්. ගොඩක් අමාරුවෙන් තමයි ආවේ. ඒත් මේ අවුරුදු දෙක හමාර ඇතුළත හොද තැනකට ඇවිල්ලා තියෙනවා. මේ ක්ෂේත්රය ගොඩක් කටුකයි. මේ කටුකකමෙන් මිදෙන්න බෑ. මේ කටුකභාවය කාගෙන ඉදිරියට ආපු එක ගැන තමයි සතුට. ඉස්සරහටත් ඒකම තමයි සතුට.
|
|
27. රංගන ක්ෂේත්රයට අලුතෙන් එන අයට මොකක්ද දෙන පණිවිඩය?
** රංගන ක්ෂේත්රයට එනවා නම් තමන් ඉස්සෙල්ලා තමන් ගැන දැනගෙන, තමන්ට ඉදිරියේ ඉන්න ලොකු කලාකරුවන් ගැන දැනගෙන එයාලට ගරු කරන්න ඕන. ගරු කරනවා කියන්නේ කකුල් දෙක අල්ලලා වදින්න කියනවා කියන එක නෙවේ. ඔවුන් සමග සුහද වෙලා, ඒගොල්ලොත් එක්ක එකට සතුටින් ඉන්න. එතකොට ඒගොල්ලන්ගෙ දේවලුත් ඔයාලට ගන්න පුලුවන්. ඒගොල්ලොත් හැමදාම හොදින් ඉන්නවා. කවුරුත් එහෙම ලොකූ දෙයක් නෑ. 98%ක්ම හොදයි. ඉතින් තමන්ට දෙන දේට සාධාරණයක් කරන්න බලන්න. හැමවෙලේම චරිතය හොයන්න. චරිතය ගැන අවබෝධ කරන්න. දන්නෙ නැත්නම් අධ්‍යක්ෂකවරයාගෙන් සහ අනිත් සියලු දෙනාගෙන්ම අහන්න. දැනගන්න. එහෙම කරලා හොද ගමනක් යන්න පුලුවන්. හැබැයි හොද කෙනෙක් වෙන්න ගොඩක් අමාරුයි. තමන් හරියට හොයලා බලලා, හරියට චරිතය හෝ තමන් කරන කාර්යය ඉටු කරන්න, තමන් ගොඩක් මහන්සි වෙන්න ඕන. මහන්සි වුණොත් තමන්ට ප්‍රතිඵල නෙලා ගන්න පුලුවන් අනිවාර්යෙන්ම.
28. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** ටෙලි නාට්‍ය දැනට 5ක පමණ රූගත කිරීම් කරගෙන යනවා. ඉදිරියේදිත් ටෙලි නාට්‍ය රංගනය, තිර පිටපත් රචනය සහ ගීත රචනය සිදු කරනවා. ඉදිරියේදී කවදා හරි දවසක අධ්‍යක්ෂණයක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. Music Videos අධ්‍යක්ෂණයත් කරනවා. මහා ලොකුවට නෙවේ. මම කරපු දේවල්, රගපෑමෙන් ලබා ගත්තු අත්දැකීම් එකට එකතු කරලා පොඩි පොඩි අත්හදා බැලීම් වශයෙන් කෙටි චිත්‍රපට, Music Videos හදන්නත් මම පෙළඹිලා තියෙනවා මගේ ආසාවක් හැටියට. ආධුනිකයන්ට අතහිත දෙන්නත්, එයාලට ගීත ලියලා දෙන්න සහ එයාලව ඒ දේවල් වලට යොමු කරන්නත් ගොඩක් ආසාවෙන් ඉන්නවා. දැනටමත් මම කිහිප දෙනෙක්ව ක්ෂේත්රයට දාලා තියෙනවා. එයාලට ඕන කිව්වම, එයාලට යන්න ඕන උපරිම විදිහට උදව් කරන්න ආසාවෙන් ඉන්නවා සහ උදව් කරලා තියෙනවා.
29. ස්තූතියි කරන්න ඕන පිරිසකුත් ඉන්නවා නේද?
** මුලින්ම මගේ පියාණන් රොහාන් කොඩිකාරට ස්තූතියිවන්ත වෙන්න ඕන. ඔහුත් මේ ක්ෂේත්රයේ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක් වෙනවා. ඉතින් ඔහුත් මා හා මේ ගමන යනවා වගේම, ඔහුගේ වැඩ කටයුතු වලටත් මාව ගන්නවා. ඔහු තුළින් හොද ගුණයක් සහ ජීවයක් ලැබිලා තියෙනවා මට. ඒ වගේම තරංග දිසානායක සහ රවීන්ද්‍ර විජේරත්න යන අයටත් ස්තූතියිවන්ත වෙන්න ඕන. මේ ගමන යන්න ගොඩාක් ලොකුවට උදව් කරනවා ඒගොල්ලෝ. ඒගොල්ලොන්ගෙන් ගොඩක් උපකාර ලැබෙනවා. ඒගොල්ලෝ පෙන්වා දෙන මාර්ගය ගොඩක් ආලෝකමත් වෙනවා කියලා මම දකිනවා ඉදිරියේදී. ඉතින් ඒ ගුරුවරුන් දෙදෙනාවත් ගොඩාක් ආදරයෙන් මතක් කරනවා.
ඊට අමතරව දයාරත්න රටගෙදර මහත්මා, මගේ පළවෙනි ටෙලි නාට්‍ය සදහා මාව ගත්තා. වේදිකා නාට්‍යයක පළවෙනි අධ්‍යක්ෂකවරයා වන ටෙනිසන් කුරේ මහත්මාත්, කලාකරුවෙක් වශයෙන් නිරෝශන් විජේසිංහ අයියවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා. මම මේ දවස්වල නාට්‍ය පුහුණු පුරුදු වෙනවා නම්, ඒ රවීන්ද්‍ර විජේරත්න අයියලා ගාව. ඒගොල්ලො තමයි ගොඩාක්ම මහන්සි වෙලා "මෙහෙමයි කරන්න ඕන. මෙහෙමයි කරන්න ඕන" කියලා ඒ දේවල් කියලා දීලා, අපිට රංග වින්‍යාස, ශ්වසන අභ්‍යාස... මේ හැම දෙයක්ම කියලා දෙන්නේ මේ තරංග අයියයි, රවීන්ද්‍ර විජේරත්න අයියයි. ඉතින් මම හිතනවා ඒගොල්ලෝ ඔස්සේ ඇවිල්ලා, ඒගොල්ලෝ ඔස්සේ ඒ උපකාර ලබාගෙන, කවදා හරි තැනකට ආවොත් අපි හොද තැනක ඉදීවි කියලා. ඉතින් ආදරයෙන් මතක් කරනවා ඒ දෙදෙනාවත්.
ඊට අමතරව දුමින්ද පෙරේරා, ඉන්දික ධර්මතිලක, බුද්ධි සංජය කියන අයියලාවත් ආදරයෙන් මතක් කරන්න කැමතියි. අද මේ ගමන යනවා නම් ඒ මේ අය හැමෝම නිසා. හැමදාම කොහේ ගියත් මේ අයව නම් අමතක වෙන්නේ නෑ.
එතකොට මගේ මව. ගොඩක් ආදරයෙන් මතක් කරනවා. ඉතින් ගොඩක් ස්තූතියි හැමෝටම. ඒ වගේම මට මේ වෙලාවේ නම් කියන්න අමතක වෙච්ච ගොඩාක් දෙනෙක් ඉන්නවා. නම් වශයෙන් මම ඔය ප්‍රධාන නම් ටික කිව්වට තව 100ක් විතර ඉන්නවා. ඉතින් ඒ හැමෝවම ගොඩාක් ආදරයෙන් මතක් කරනවා. මට ක්ෂේත්රයේ හම්බ වෙන නළු නිළියන් සියලු දෙනාටම ස්තූතියි. එයාලගේ උදව්වෙන් තමයි මේ ගමන යන්නෙ. ඒගොල්ලෝ හැමෝම මතක් කරනවා.
30. ෂෙහාන්ට ලියනවා නම්?
** [email protected]
ඉතින් ඔන්න ඔහොමයි අපි ෂෙහාන් එක්ක කරපු කතා බහ අවසන් වෙන්නෙ. ෂෙහාන් එක්ක කරපු මේ කතා බහ බොහොම රසවත් එකක් වුණා. ෂෙහාන්ගෙන් අහන්න තව ගොඩාක් ප්‍රශ්න තිබුණත් "සොදුරු කතා බහේ" ආකෘතියට අනුව අකමැත්තෙන් වුණත් මේ සංවාදය ප්‍රශ්න 30කට සීමා කරන්න සිද්ධ වුණා. ඉතින් අපිත් ෂෙහාන්ට මුළු හදවතින්ම සුභ පතනවා ඔහුගේ අනාගත වැඩ කටයුතු සහ සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.
ඉතින් ෂෙහාන්ට තවත් මේ වගේ හරවත් සහ ගුණවත් නිර්මාණ සමාජය හමුවේ දායාද කරන්න සහයෝගය ලබා දෙන්න කැමති නම් පහළින් තියෙන සමාජ වෙබ් අඩවිවල ශාඛාවන් එක්ක එකතු වෙන්න. ඒ හරහා ෂෙහාන් ඉස්සරහට කරන්න යන අලුත් දේවල් ගැන දැන ගන්නත්, ඒවාට උදව් කරන්නත් ඔයාලට පුලුවන් වේවි...!!!!!!!!!!!
ප.ලි -
මෙම ලිපියේ ඇතුළත් කර ඇති සියලුම ඡායාරූප, සම්මුඛ සාකච්ඡාවට භාජනය වූ තැනැත්තා විසින් ලබා දුන් ඒවා බව කරුණාවෙන් සළකන්න.