අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
"ලංකාවෙ 'සමහරක් අය' දොස්තර කෙනෙක් වෙන්න හීන දකින්නෙ සල්ලි හම්බකරන්න. හැබැයි ඇමරිකාවෙ කෙනෙක් දොස්තර කෙනෙක් වෙන්නෙ, එයාට තියෙන ආසාව නිසා. ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල ඕනම විෂයක් ඉගෙන ගන්න පුලුවන්. අපි හිතමු ඉතිහාසයට ආසාවක් තියෙන, තාක්ෂණික උපාධියක් හදාරන කෙනෙක් ඉන්නවා කියලා. එහෙනන් එයාට පුලුවන් තාක්ෂණික උපාධිය කරන ගමන් ඉතිහාසයත් ඉගෙන ගන්න. මොකද ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල මතය තමයි 'ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ' කියන මතය. දක්ෂතාවය ගණිතය විෂයට තිබුණත්, එයාගෙ ආසාව තියෙන්නෙ සංගීතයට නම්, එයා අනිවාර්යෙන්ම සංගීතය තෝර ගන්නවා." එහෙම කිව්වෙ ඇමරිකාවෙ ජීවත්වෙන මගේ යාලුවෙක්. මේ කතාවෙන් අපිට තේරුම් ගන්න පුලුවන් දක්ෂතාවය සහ ආසාව කියන්නෙ දෙකක් කියලා. උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය, ධෛර්යය, ඒකග්‍රතාව, ඉවසීම, උනන්දුව..... ඔය කියන කිසිම දෙයක් තිබ්බට වැඩක් නෑ, "ආසාව" නැත්නම්. දැන් ප්‍රශ්නයක් එන්න පුලුවන් ඇයි දක්ෂතාවය සහ ආසාව ගැන ඇදලා ගත්තෙ කියලා.
අද අපේ සොදුරු කතා බහ ලිපි මාලාවට සම්බන්ධ වෙන්නෙත් අන්න ඒ වගේ දක්ෂතාවය සහ ආසාව පටලවා ගත්තෙ නැති කෙනෙක්. මේ තමයි සොදුරු කතා බහ ලිපි මාලාවේ යුවතියක් එක්ක කරන පළවෙනි ලිපිය. ඒකත් විශේෂත්වයක්. ඇය නමින් දිවානි ඈන් ජයතිලක. මේ වෙනකොට (2017.05.20) පශ්චාත් උපාධියක් සදහා මැලේසියාවේ අධ්‍යාපනය හදාරනවා. මේ ලිපියෙන් අපි ඉලක්ක කරන්නෙ ක්ෂණිකව ඇති වුණු අදහසක් නිසා හරිම ආසාවෙන් පටන් ගත්ත ස්වයං කර්මාන්තයක් ගැනයි. ඒ ඉවත දමන අපද්‍රව්‍යවලින්, ලස්සන ලස්සන ආභරණ නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක්. ඉවත දමන දේවල්වලින් ලෝකයේ ඕන තරම් නිර්මාණ බිහිවෙනවා. එහෙනම් ඒ නිර්මාණ සහ දිවානිගේ නිර්මාණ අතරේ තියෙන වෙනස මොකක්ද? ඒක දැන ගන්න නම් මේ ලිපිය කියවන්නම වෙනවා. ඉතින් අපි බලමු, අපි අහපු ප්‍රශ්නවලට දිවානි දුන්නෙ මොන වගේ උත්තරද කියලා....
අද අපේ සොදුරු කතා බහ ලිපි මාලාවට සම්බන්ධ වෙන්නෙත් අන්න ඒ වගේ දක්ෂතාවය සහ ආසාව පටලවා ගත්තෙ නැති කෙනෙක්. මේ තමයි සොදුරු කතා බහ ලිපි මාලාවේ යුවතියක් එක්ක කරන පළවෙනි ලිපිය. ඒකත් විශේෂත්වයක්. ඇය නමින් දිවානි ඈන් ජයතිලක. මේ වෙනකොට (2017.05.20) පශ්චාත් උපාධියක් සදහා මැලේසියාවේ අධ්‍යාපනය හදාරනවා. මේ ලිපියෙන් අපි ඉලක්ක කරන්නෙ ක්ෂණිකව ඇති වුණු අදහසක් නිසා හරිම ආසාවෙන් පටන් ගත්ත ස්වයං කර්මාන්තයක් ගැනයි. ඒ ඉවත දමන අපද්‍රව්‍යවලින්, ලස්සන ලස්සන ආභරණ නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක්. ඉවත දමන දේවල්වලින් ලෝකයේ ඕන තරම් නිර්මාණ බිහිවෙනවා. එහෙනම් ඒ නිර්මාණ සහ දිවානිගේ නිර්මාණ අතරේ තියෙන වෙනස මොකක්ද? ඒක දැන ගන්න නම් මේ ලිපිය කියවන්නම වෙනවා. ඉතින් අපි බලමු, අපි අහපු ප්‍රශ්නවලට දිවානි දුන්නෙ මොන වගේ උත්තරද කියලා....
01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම?
** දිවානි ඈන් ජයතිලක
02. අද ඔබව හදුනන්නෙ?
** දිවානි
03. උපන්න ගම් පළාත?
** කොලඹ
04. ඉගෙන ගත්ත පාසල?
** කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය
05. උසස් පෙළට පිවිසෙන්නෙ?
** London A/L 2013 ගණිත අංශයෙන්
06. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මොකද කළේ?
** මං පාසල් ගියේ සාමාන්‍ය පෙළ වෙනකන් විතරයි. සාමාන්‍ය පෙළ ඉවර වෙච්ච ගමන්ම වගේ London A/L කරන්න පටන් ගත්තා. උසස් පෙළ ඉවර වෙන්නත් කලින්, මං NSBM එකේ උපාධියක් කරන්න පටන් ගත්තා (BA in Creative Multimedia).
07. දැන් මොනවද කරන්නෙ?
** උපාධියේ ප්‍රථිපල නිසා මට ශිෂ්‍යත්වයක් ලැබුණා. දැන් මං මැලේසියාවේ අධ්‍යාපන කටයුතු කරනවා.
08. ළගකදි ඉදලා අලුත් වැඩක් පටන් ගත්තා නේද?
** ඔව්. මං ආභරණ හදනවා.
09. ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුනෙ?
** මට මගේ ඉගෙනීම් කටයුතුවලට යොදන වෙලාවට අමතරව තව ගොඩාක් වෙලාව ඉතුරු වෙනවා. මුලින්ම හිතුවා ඒ වැඩිපුර වෙලාවෙන් Part Time Job එකක් කරන්න ඕනේ කියලා. මං සම්මුඛ පරීක්ෂණයකටත් ගියා. ඒත් මට ඒ රස්සාව හම්බුනේ නෑ. කොහොමහරි ගිය මාසයේ ලංකාවේ මීතොටමුල්ලේ සිද්දවෙච්ච කුණු කන්ද නාය යැමේ සිදුවීමට පස්සේ මගේ ඔලුවට අදහසක් ආවා, ඉවත දමන අපද්‍රව්‍යවලින් ලස්සන කරාබු හදන්න. |
10. තාක්ෂණය සහ මාධ්‍ය ගැන ඉහළ පෙළේ උපාධියක් තියෙන, තව තවත් ඒ ගැන ඉහළ අධ්‍යාපනයක් ලබන කෙනෙක්, මේ වගේ දෙයක් කරන එක ලංකාවෙ අපිට නම් හරිම අමුත්තක්....
** මං හැදෑරුවේ කලා අංශයේ උපාධියක්. ඒ උපාධිය අතරතුර අපිට ව්‍යවසායකත්වය ගැන පාඩමක් තිබ්බා. මට ඒ පාඩම ගැන ලොකු උනන්දුවක් තිබ්බා. කොහොමත් මට මගේම දෙයක් පටන් ගන්න, ගොඩ කාලෙක ඉදන් ආසාව තිබ්බා. මේ දේවල් ඔක්කොම එක්ක මං New Essence නම යටතේ මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා.
11. මොකක්ද දිවානිගේ වෙළදපල ඉලක්කය?
** දැනට මං ආභරණ හදන්නේ අවුරුදු 15 - 45 අතර ගැහැණු අයට. මං මේක ලොකුවට සැලසුම් කරලා පටන් ගත්ත දෙයක් නෙමෙයි. එත් ඉස්සරහට මං මේක දියුණු කරන් යන්න බලාපොරොත්තු වෙනවා.
12. මේ වෙනකොට මොන වගේ ප්‍රභේදද හදුන්වලා දීලා තියෙන්නෙ?
Abstract Collection - පාට තුනකින් නිර්මාණය කරලා තියෙන්නේ. මුලික වර්ණ 3ක් තියෙනවා. දම්, රෝස, නිල්, කොළ. Turquoise Collection - මේ ජාතියේ කරාබු 3ක් තියෙනවා. එකක් සම්පුර්ණයෙන්ම Turquoise කියන නීල වර්ණයට හුරු කරාබුව. අනිත් දෙකේ එක කරබුවක පාට දෙකක් තියනවා. Turquoise සහ රෝස, රෝස සහ දම්. Shimmer Collection - මේ කරාබුවේ මැද ලා වර්ණයකිනුත්, වටේ රතරන් සහ රිදී වර්ණ රේඛාවකිනුත් නිර්මාණය කරලා තියෙන්නේ. |
13. අලුත් විදිහේ සැලසුම්, මෝස්තර සහ නිර්මාණවලට අදහස් අරගන්නෙ කොහොමද?
** මං අද කාලේ මොන වගේ මොස්තරද කට්ටිය අදින්නේ බලනවා. වෙන අය හදලා තියෙන මෝස්තර බලනවා. ඊට අමතරව මට මං කැමති කියලා හිතෙන නිර්මාණත් කරනවා.
14. මතකද මුලින්ම හදපු නිර්මාණය? එදා මොකද හිතුනේ?
** ඔව්. වැඩි කාලයක් නෑ මං මේවා හදන්න පටන්ගෙන. මං පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් ඉස්සෙල්ලම ඇහුවා ඒ අය හිතන දේ. හැමෝම වගේ "ලස්සනයි", "ඕවා විකුණන්න පුළුවන්නේ" වගේ දේවල් තමයි කිව්වෙ. ඉතින් මං වැඩි දෙයක් හිතන්නේ නැතුව, මේ ව්‍යාපාරය පටන්ගත්තා.
15. අලුත් නිෂ්පාදනයක් වෙළදපලට එළිදැක්වුවයින් පස්සෙ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අවිනිශ්චිතයි. ඒක සාර්ථක වෙන්නත් පුලුවන්. අනිත් අතට අසාර්ථක වෙන්නත් පුලුවන්. ඒක අවදානමක් කියලා හිතුනෙ නැද්ද? මොකද මේවා ඉවත දමන බෝතල්වලින් කපපු ප්ලාස්ටික් කෑලි. රත්තරං නෙවේ..
** සාර්ථක වෙයිද නැද්ද බලන්න ඕනෑම දෙයක් ඉස්සෙල්ලම පටන්ගෙන බලන්න ඕනේ. මං වැඩිය හිතන්නේ නැතුව පටන් ගත්තා. අනිත් එක දැන් කාලේ හරිම ලේසියි මේ වගේ දේවල් පටන්ගන්න. Ebay, Esty වගේ ඕන තරම් වෙබ් අඩවි තියෙනවා, Online තමන් හදන දේවල් විකුණන්න.
16. ලංකාවේ අපිට නම් මේක අලුත් දෙයක් වුණාට, විදේශ රටවල්වල නම් ඕන තරම් මේ වගේ නිර්මාණ සහ නිෂ්පාදන දකින්න තියෙනවා. ඉතින් ඒ නිෂ්පාදන සහ දිවානිගේ නිෂ්පාදන අතරේ තියෙන වෙනස මොකක්ද? ඒ නිෂ්පාදනවලින්, දිවානිගේ නිෂ්පාදන වෙනස් වෙන්නෙ කොහොමද? ඇයි පාරිභෝගිකයා දිවානිගෙ නිෂ්පාදන ගත යුත්තේ?
** මං හොයලා බැලුවා මං වගේම ප්ලාස්ටික් බෝතල්වලින් හදපු ආභරණ තියෙනවද කියලා. ඒත් මට හොයාගන්න බැරිවුණා. සමහර ඒවා තිබ්බා. ඒත් ඒවත් මං හදන විදිහට හදපුවා නෙමෙයි. මං මෝස්තර හදද්දී ඉස්සෙල්ලම හිතන්නේ "මට මේවා පලදින්න පුලුවන්ද?", "මං මේ වගේ දෙයක් කඩේකදි දැක්කොත් ගනීද?" කියලා. මං කොහොමත් උත්සහ කරන්නේ අනන්‍යතාවයක් තියෙන වෙනස් නිර්මාණ කරන්න.
17. මේ නිෂ්පාදන අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ ආදායමම, දිවානිගෙ සාක්කුවට යන්නෙ නෑ කියලා ආරංචියි. ඇත්තද ඒ කතාව?
** ඔව්. මං ඉස්සර ඉදන්ම ආසයි දුප්පත් ළමයින්ට උදව් කරන්න. ඒත් මට එකට සල්ලි තිබ්බේ නෑ. ඒත් කවදා හරි සල්ලි හම්බ කරන කාලෙක ඒ විදිහේ දේවල් කරනවා කියල හිතාගත්තා. දැන් මං මේකේ එක කරම්බුවකට ලැබෙන ආදායමෙන් 10%ක් වෙන් කරනවා දුප්පත් ළමයි වෙනුවෙන්.
18. "ඕක නිකන්ම නිකං කාලය කා දමන වැඩක්" කියලා, කෙනෙක් තර්ක කළොත්?
** මං ආසාවෙන් මේ දේ කරන්නේ. ඒක නිසා මට එහෙම දෙයක් හිතන කෙනෙක්ට කියන්න දෙයක් නෑ මං හිතන්නේ.
19. දැනට මේ නිර්මාණ සම්බන්ධව මොන වගේ අභියෝගද තියෙන්නෙ?
** අතින්ම හදන නිසා ටිකක් වෙලාව යනවා. හුගක් සියුම්ව කරන නිර්මාණයක් නිසා වැරදෙන්න බලනවා ගොඩක් වෙලාවට.
20. ලොකු වියදමකුත් යනවා ඇති නේද?
** ප්ලාස්ටික් බෝතල්වලට ඇරෙන්න, කරාබු හදන අනිත් බඩුවලටනං පොඩි වියදමක් යනවා තමයි.
21. කොහොමද දැනට ලැබෙන ප්‍රතිචාර?
** හැමෝම හොඳ තමයි කියන්නේ.
22. අපි හිතමු කවුරු හරි මේ නිෂ්පාදන මිළදී ගන්න කැමති කියලා. එහෙනන් එයා මොකක්ද අනුගමනය කරන්න ඕන පියවර?
** මං දැනට මේවා විකුණන්නේ Online, www.etsy.com කියන වෙබ් අඩවියේ. www.etsy.com/shop/NewEssence කියන Link එකට ගිහින් Paypal හරහා මේ කරාබු මිලදී ගන්න පුළුවන්.
23. අන්තර්ජාලය හරහා ඇණවුම් කළ වෙලාවෙ ඉදලා, මේ නිෂ්පාදනය අදාළ පාරිභෝගිකයාට ලැබෙන මොහොත වෙනකන් සිදුකෙරෙන ක්‍රියාවලිය මොන වගේද?
** www.etsy.com/shop/NewEssence කියන Link එකට ගිහින් Paypal හරහා මේ කරාබු ජෝඩුවක් මිළදී ගත්තාට පස්සේ, දවස් දෙකක කාලය ඇතුළත මං අදාළ කෙනාට කරාබුව Post කරනවා. උපරිම සති 2ක් 3ක් අතර ඒ කෙනාට කරාබු ජෝඩුව හම්බවෙනවා.
24. අද වෙනකොට අන්තර්ජාලය හරහා ගනුදෙණු කරනකොට, ගොඩක් පාරිභෝගිකයින් වංචාවලට ලක් වෙනවා. බොරුවලට අහුවෙනවා. රැවටෙනවා. ඉතින් දිවානිත් එහෙම නොකරයි කියලා සහතිකයක් දෙන්නෙ කොහොමද?
** මං ගනුදෙණු කරන්නේ Etsy හරහා නිසා, පාරිභෝගිකයා සහ මං අතර සිදුවෙන ගනුදෙණුව හරි සරලයි. සැක හිතෙන්න දෙයක් නෑ. පාරිභෝගිකයා මිළදී ගත්ත භාණ්ඩයට අකමැති හරි, ඒකෙ මොකක් හරි වැරද්දක් හරි තිබ්බොත් දවස් 14ක් ඇතුළත නැවත ඔහුට හෝ ඇයට එය Return කර සල්ලි ලබාගන්න පුළුවන්.
25. කරාබුවලට අමතරව ඉස්සරහට තවත් අලුත් දේවල් හදුන්වාදෙන්න අදහසක් එහෙම තියෙනවද?
** ඔව්. ඒත් ඒ ගැන ලොකුවට හිතලා නැති නිසා මං මොකුත් නොකියා ඉන්නන් දැනට.
26. කවුද දිවානිගේ ප්‍රියතම ව්‍යවසායකයා?
** අම්බෝ ගොඩක් ඉන්නවා. එක්කෙනෙක් කියලා කියන්න බැ. මං කැමතිම අය අතරේ ඉන්නවා Coco Chanel (Founder & namesake of the Chanel brand), Sophia Amoruso (Founder & owner of Nasty Gal), Otara Gunawardena (Founder of ODEL & CEO of Embark)
27. හේතුවකුත් ඇති නේද?
** හේතුව, මේ හැමෝම පොඩියට පටන්ගත්ත අය. ඒත් අදටත් ලෝකේ ලොකු නමක් දිනාගෙන ඉන්න අය.
28. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** අධ්‍යාපන කටයුතු කරන ගමන් ව්‍යාපාර කටයුතු ගැන ඉස්සරහට සැලසුම් කරගෙන යනවා.
29. ස්තූති කරන්න ඕන පිරිසකුත් ඇති නේද?
** අම්මායි තාත්තායි මුලින්ම. ඒ දෙන්නා තමයි ලොකුම හයිය මට. මගේ නංගි, මල්ලි ඒ දෙන්නවත් මතක් කරන්න ඕනේ. හොඳ නරක අවංකවම කියන්නේ ඒ දෙන්නා. ඊට පස්සේ මෙලන්. එයා මං කරන හැම වැඩකටම උදව් කරනවා. කවදාවත් මට දෙයක් බෑ කියලා හිතෙන්න ඉඩ දීලා නෑ. මගේ ජීවිතේ ගොඩක් දේවල් සාර්ථක වෙන්න එයා හේතුවක් වුණා කියලා කියන්න පුළුවන්.
30. දිවානිව සම්බන්ධ කර ගන්නවා නම්?
* විද්‍යුත් තැපෑල - [email protected]
* දුරකතන අංකය - +60 173 194 066
* Etsy Shop – www.esty.com/shop/NewEssence
* Facebook- www.facebook.com/newessencejewellery
* Instagram – @newessencejewellery
ඉතින් ඔන්න ඔහොමයි අපි දිවානිත් එක්ක කරපු කතා බහ අවසන් වෙන්නෙ. අපිත් දිවානිට මුළු හදවතින්ම සුභ පතනවා ඇයගේ මේ පුංචි ව්‍යාපාරය දියුණු වෙන්න කියලා. ඒ වගේම දිවානි සදහන් කරලා තියෙන සමාජ ජාල වෙබ් අඩවිවල ශාඛාවන් එක්ක එකතු වුණොත්, ඔයාලට පුලුවන්වෙයි ඉදිරියේදී දිවානි හදුන්වා දෙන නව නිර්මාණ ගැන විස්තර දැන ගන්නත්, ඒවාට සහයෝගය ලබා දෙන්නත්..!!!!!