දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- ආදර්ශමත් කතාවක්
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ආනන්දයේ පෙරළිය
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- නත්තලේ විරාමය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ----- පාට මාරු කරන නැව්
  • ----- මහාමාරි වෛද්‍යවරු
  • ----- පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි?
  • ----- Titanic - Dunkirk සම්බන්ධය
  • ----- නත්තලේ ගීතය
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- ලොකු අයියා
  • ----- නවීගේ දහම් පාසල 01
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

ඉපැරණි වාස්තු විද්‍යාව

අපේ රටේ ඉතිහාසය අධ්‍යනය කරන්න උපයෝගී කර ගන්න මූලාශ්‍ර, අධ්‍යනයේ පහසුව සදහා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුලුවන්.
01. සාහිත්‍යය මූලාශ්‍ර
02. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර


සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන එක වාසියක් තමයි අන්තර්ගත කරුණු වලින් ඉතිහාසයේ විශාල අදුරු පැතිකඩක් ආලෝකමත් කර ගන්න පුලුවන් වෙන එක. ඒත් ඒ වාසියටත් වඩා ලොකු අවාසියක්, ඉතිහාසය අධ්‍යනය කරන්න සාහිත්‍ය මූලාශ්‍ර භාවිතා කරන කොට දකින්න ලැබෙනවා. ඒ තමයි කරුණු කාරණාවල තියෙන විශ්වසනීයත්වය ගැන ඇතිවෙන ප්‍රශ්න. සාමාන්‍යයෙන් පොතක් රචනා වෙන්නෙ, මොකක් හරි සිදුවීමක් මූලික කරගෙන. ඒත් ඒ සිදුවීම වෙච්ච හැටියෙම පොත රචනා වෙන්නෙ නෑ. ඒක රචනා වෙන්නෙ ඒ සිදුවීම වෙලා අවුරුදු ගණනාවකට පස්සෙ වෙන්න පුලුවන්. එතකොට ඒ පොත ලියන ලේඛකයා තමන්ට ඕන විදිහට කරුණු වෙනස් කරලා, ලියන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඒ සිද්ධිය ජනප්‍රවාද, ජනස්‍රැති, ජන කතා ඔස්සේ අහලා ලියන්නත් පුලුවන්. ජනප්‍රවාදයක් වුණත්, ජන කතාවක් වුණත් කල්ප කාලාන්තරයක් තිස්සේ කටින් කට එනකොට, ඒක වෙනස් වෙන්න පුලුවන්. හරියට අර ගමරාළ කපුටො හත් දෙනෙක් වමනෙ කළා කියන ජන කතාව වගේ. ඉතින් මේවයින් සැබෑ ඉතිහාසය ගොඩ නගන කොට අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන.

ඒ නිසා මේ මූලාශ්‍ර දෙවර්ගය අතරින් ගොඩක්ම විශ්වසනීයත්වයකින් යුක්ත වන්නෙ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයි. ලoකා ඉතිහාසය ගොඩ නගන කොට, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අපිට ගොඩක් වැදගත් වෙන්නෙ ඇස් පනා පිටම පේන්න තියෙන දෙයක් නිසා. අධ්‍යනයේ පහසුව සදහා මේ කියන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රත් ප්‍රධාන වශයෙන් කොටස් 3කට වර්ග කරන්න පුලුවන්.
01. සෙල්ලිපි
02. කාසි
03. නටබුන්

සාමාන්‍යයෙන් නටබුන් කියලා කියන්නෙ "ගොඩනැගිලි / ඉදි කිරීම් වලින් ඉතිරි වෙලා තියෙන (ශේෂ වී ඇති ) කොටස්" වලටයි. නගරයක, ගමක, ඓතිහාසික තොරතුරු අධ්‍යනය කරන්න වගේම අතීත මිනිසාගේ තාක්ෂණය, සෞන්දර්ය, කලාව, සoස්කෘතිය ගැන අධ්‍යනය කරන්නත් නටබුන් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, කෝට්ටෙ වගේ ප්‍රදේශවල තියෙන නටබුන් වලින් අපිට සැබෑ ඉතිහාසයක් ගොඩ නගා ගන්න පුලුවන්.
ඒ වගේම චිත්‍ර, කැටයම්, මුර්ති, ගෘහ නිර්මාණ, රසස්වාදය, ආගමික විශ්වාස සහ ඇදහිලි, ආභරණ, ඇදුම් පැළදුම්, අමු ද්‍රව්‍ය, පාෂාණ වර්ග, ශිල්පීය ඥානය මේ හැම දෙයක් ගැනම අපිට අධ්‍යනය කරන්න අවස්ථාව ලැබෙනවා. නටබුන් ගැන කතා කරන කොට අපිට සීගිරිය ගැන අමතක කරන්න බෑ. සීගිරි කුරුටු ගී වලින් හෙළයාගේ සාහිත්‍යය දැනුම ගැන අවබෝධ කර ගන්න පුලුවන්. ඒ වගේම බලකොටුවක් විදිහට ඉදි වුණු සීගිරිය ජල තටාක, මාළිගා, උද්‍යාන, චිත්‍ර, කැටයම්, මුර්ති, පවුරු මේ හැම දේකින්ම සමන්විත වෙනවා.  

ඒ වගේම අතීත මිනිසාගේ තාක්ෂණ ඥානය, ගෘහ විද්‍යා කලාව කොච්චර දුරකට දියුණු තත්වයක තිබුණද කියලා අපිට ලෝවමහාපාය, රුවන්වැලි සෑය, ජේතවනාරාමය, සමාධි සහ අවුකන බුදු පිළිම, වටදාගෙය, හැටදාගෙය, සදකඩ පහණ, කුට්ටම් පොකුණ තුළින් බලා ගන්න පුලුවන්. 

කලින් ලිපිය වගේම මේ ලිපිය වෙන් කරලා තියෙන්නෙත්, මගේ කාමරයේ පුංචි කෞතුකාගාරයේ තියෙන තවත් කෞතුක වස්තු ද්විත්වයක් ගැන විස්තර ටිකක් කියන්නයි. ඒ තමයි පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයට අයිති වෙන, ඒ කියන්නෙ ක්‍රි.ව 1153ත් 1186ත් අතර කාල සීමාවට අයිති පාෂාණ දෙකක්. 2004 පෙබරවාරි මාසයෙ පොළොන්නරුව බලන්න ගියපු චාරිකාවෙදි තමයි මේවා නිකමට වගේ අහුල ගත්තෙ. එතකොට මට වයස අවුරුදු 11යි. ඒ කියන්නෙ 6 වසරෙ ඉන්න කොට. ඒ නිසා දහස් වාරයක් විතර හිතලා තමයි මේ ලිපිය ලියන්නෙ. මොකද පුරාවස්තු ළග තබා ගැනීම බරපතල දඩුවම් ලැබිය හැකි වරදක්. ඒත් ඉතින් ලොකු පුටුවල ඉන්න ඔය ලොකු ලොක්කො, ඇස් පනා පිටම නිධන් හාරන එකේ, මේ වගේ අහක තියෙන ගල් කෑලි දෙකක් අහුල ගත්තා කියලා මොනවා වෙනවද හැබෑටම..?????  

Picture
පළවෙනි කෞතුක වස්තුව තමයි මහා පරාක්‍රමබාහු රජතුමාගේ මාළිගාවේ ගඩොල් කැටයකින් ගැලවිලා ගිය පුංචි ගඩොල් කෑල්ලක්. මහා පරාක්‍රමබාහු රජතුමාගේ රජ මාළිගාව කියන්නෙ පොළොන්නරු රාජධානි සමයේ, ලෞකික ගොඩනැගිලි ක්ෂේත්‍රයේ, එහෙමත් නැත්නම් වාස්තු විද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්ත නිර්මාණයක්. තට්ටු හතක් උසට අපේ උදවිය මේ මාළිගාව නිර්මාණය කරන්නෙ "සුද්දා වැද්දා කාලෙ" කියනවලුනෙ. ඒ කාලයේ මේ මාළිගාව සෑම අංගයක් අතින්ම සමන්විත වෙලා තියෙනවා. මාළිගාවේ සැලැස්ම අනුව පිවිසෙන ස්ථානයේ තිබිලා තියෙන්නෙ රැස්වීම් ශාලාවක්. ඒ වගේම රැස්වීම් ශාලාවට ටිකක් එහා පැත්තෙන් ප්‍රධාන වේදිකාව තිබිලා තියෙනවා. බිසෝවරු දෙදෙනාට වගේම සේවක සේවිකාවන්ට, ප්‍රභූ පිරිස්වලට වෙන් කෙරුණු නිදන කාමර, රාජකාරී කාමර මාළිගාව පුරාවටම තිබිලා තියෙනවා. මාළිගාවේ බිත්ති ගොඩක් ඝනකමට වෙන්න තමයි හදලා තියෙන්නෙ.
Picture
Picture
මාළිගාවේ මිනුම් ඒ කියන්නෙ දිග, පළල සහ උස 100%ක් හරියාකාරව අරගෙන තියෙනවා. මම කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉන්න කාලයේ උසස් පෙළ ඉතිහාසය උගන්නපු නිමල් සර් කිව්වෙ, "මේ මාළිගාවෙ මිනුම් ක්‍රමවල ගුණාත්මක තත්වය කොච්චරද කියනවා නම්, මාළිගාවෙ තාප්පෙ දිගේ Morris Minor Car එකකට වුණත් බය නැතුව යන්න පුලුවන්කම තිබුණා" කියලයි. කාලයක් තිස්සෙ අභිමානවත් විදිහට පුලතිසිපුරයේ වැජඹුනු මේ දැවැන්ත මාළිගාවේ ගරා වැටීම ආරම්භ වෙන්නෙ කාලිංග මාඝගේ ආක්‍රමණයත් එක්කයි. පොළොන්නරු රාජධානියේ අනිත් ගොඩනැගිලි වගේම, පරාක්‍රමබාහු රජ මාළිගාවත් මාඝ ගිනි තියනවා.  මේ මාළිගාව ළගට ගියොත්  ගින්නෙන් දැවිලා කළු වෙලා විනාශ වෙලා ගියපු, යපස් වුණු ගඩොල් කුට්ටි අද වුණත් දකින්න පුලුවන්.
Picture
Photo Credits - Shalika Nagahawatte
ඊළග කෞතුක වස්තුව තමයි මහා පරාක්‍රමබාහු රජතුමා විසින් බුද්ධ ප්‍රතිමා වන්දනාව සදහාම නිර්මාණය කරපු, ථූපාරාම පිළිම ගෙයී බුද්ධ ප්‍රතිමාවකින් ගැලවිලා ගියපු කිරිගරුඩ කෑල්ලක්. මේ කිරිගරුඩ ගල නම් හරිම රළුයි. ඝනකම අතිනුත් ගොඩක් ඉහළ තත්වයක තමයි තියෙන්නෙ. පොළොන්නරු යුගය කියන්නෙ ලක්දිව ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ සදහා වැඩි වශයෙන්ම යොදා ගෙන තියෙන්නෙ කළු ගල්. ථූපාරාම පිළිම ගෙය නිර්මාණය කරන්නත් වැඩි වශයෙන් යොදා ගෙන තියෙන්නෙ කළු ගල්. ඒ වගේම කළු ගලින් බුද්ධ ප්‍රතිමා නෙළීමට අමතරව විවිධ මාධ්‍යන් සොයා ගෙන ගිය හෙළ කලා ශිල්පියාට, ථූපාරාම පිළිම ගෙයි බුද්ධ ප්‍රතිමා සියල්ලක්ම කිරිගරුඩ වලින් නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබෙනවා.
Picture
අද වෙන කොට ථූපාරාම පිළිමගේ ඇතුළෙ බුද්ධ ප්‍රතිමා 6ක් සුරක්ෂිතව තියෙනවා. මේ පිළිමගේ උඩ කොටසේ කවුළු කිහිපයක් දකින්න පුලුවන්. ඉතිහාසඥයෝ වගේම පරණ සාහිත්‍යය මූලාශ්‍ර කියන විදිහට උදේ කාලයේ මේ කවුළු හරහා කිරිගරුඩ බුද්ධ ප්‍රතිමා වලට පතිත වෙන හිරු කිරණ නිසා, හැම බුද්ධ ප්‍රතිමාවක්ම දිළිසීමකට (බැබළීමකට) ලක් වුණාලු. ඒ වගේම ඒ හිරු කිරණ ප්‍රතිමාවෙන් ප්‍රතිමාවට පරාවර්තනය වෙලා, ඒ ඔස්සේ මුළු පිළිමගෙයම උදෑසන, දහවල සහ සන්ධ්‍යා කාල වලදී ආලෝකමත් වුණාලු. රාත්‍රී කාලයේදී පහන් ආලෝකය හරහා කිරිගරුඩ ප්‍රතිමා දිළිසීමකට ලක් වෙලා, පිළිමගෙය ආලෝකමත් වෙලා තියෙනවා. 
Picture
Picture
Picture
Picture
මේකෙන් කාරණා කිහිපයක් අපිට ඉස්මතු කර ගන්න පුලුවන්. එකක් තමයි හෙළයාගේ සිතීමේ හැකියාව. නිදහස් චින්තනය හරහා තමන්ගේ පරිකල්පන ශක්තිය දියුණු කර ගත්ත හෙළයාට, වාස්තු විද්‍යාව ගැන වගේම විවිධ ශක්ති ප්‍රභවයන්, ආලෝකකරණය, පාෂාණ සංයුතිය ගැන එහෙමත් විශාල දැනුමක් තිබිලා තියෙනවා. අනිත් කාරණාව තමයි ශත වර්ෂ 5කට අධික කාලයක් අත හැරලා දාලා තිබිලත්, අදටත් මේ  
Picture
කිරිගරුඩ බුද්ධ ප්‍රතිමා සුරක්ෂිතව තියෙනවා. මේකෙනුත් පැහැදිලි වෙන්නේ හෙළයාගේ සිප්ලකුවේ දියුණුවයි. ඒ විතරක් නෙවේ වසර දහස් ගණනක් ගිහිල්ලත්, අදත් කළුවර ස්ථානයකදි මේ කිරිගරුඩ ගලට ගින්දර ටිකක් ඇල්ලුවොත්, කිරිගරුඩ ගල අධික දිළිසීමකට ලක් වෙනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද...?????

Picture
Photo Credits - Shalika Nagahawatte
Picture
Picture
Photo Credits - Shalika Nagahawatte
Picture
Photo Credits - Shalika Nagahawatte
Picture
Picture
Picture
Photo Credits - Shalika Nagahawatte



Get your own Flash MP3 Player

Powered by Create your own unique website with customizable templates.