ගවේෂණ අංක 02
09. මහ නුවර නාථ දේවාලය
මහ නුවර ශ්‍රී දළදා මාළිගාව කියන්නෙ ලෝකවාසී සියලුම බෞද්ධ සහ අබෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වුණු අති පූජනීය ස්ථානයක්. ඒකට හේතුව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. දළදා මාළිගාවට අයත් පූජා භූමිය තුළ මාළිගාව හැරුණු කොට අනිවාර්යෙන්ම දැක බලා ගත යුතු ස්ථාන ඕනෑ තරම් තියෙනවා. රාජා ඇතාගේ කෞතුකාගාරය, මාළිගාව කෞතුකාගාර ද්විත්වය, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, මගුල් මඩුව, රජ වාසල, සතර මහා දේවාලයන්, කැප්පෙටිපොල ස්මාරකය, උල්පැන්ගේ ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒත් මාළිගාව හැරුණු කොට මාළිගාව වටා තියෙන මේ වගේ අංගයන් බලන්න සහ වැද පුදා ගන්න යන ජනතාව බොහොම අඩුයි.
සතර මහා දේවාලයන් යටතේ තියෙන, මහ නුවර නාථ දේවාලය කියන්නෙ දළදා මාළිගාවට පිවිසෙන සෑම බෞද්ධයෙක්ම අනිවාර්යෙන්ම දැක බලා ගත යුතු ස්ථානයක්. නාථ දේවාලය කියන්නෙ සතර මහා දේවාල අතර තියෙන එකම බෞද්ධ දේවාලයයි. නාථ දේව සංකල්පය අපේ රටේ මුල් බැස ගන්නෙ මහ නුවර රාජධානි සමයෙදියි. නාථ දෙවිදුන්ගේ අංග ලක්ෂණ සහ ගති පැවතුම් ගැන අධ්‍යනය කරපු ඉතිහාසඥයන්, "නාථ දෙවිදුන් යනු මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට කියන තවත් නමක්" කියලා මතයක් එළි දැක්වූවා.

නාථ දේවාලය පිහිටලා තියෙන්නෙ දළදා මාළිගාවේ රජ වාසලට වම් පැත්තෙන්. නාථ දේවාලයත් දේවාල ගෘහය, බුද්ධ මන්දිරය, ස්ථූපය, බෝධිඝරය, අභිෂේක මණ්ඩපය, සංඝාරාමය, කුඩා ගම්භාර දේවාලය ආදී වශයෙන් කොටස් කිහිපයකට බෙදෙනවා. දේවාල ගෘහය, ගම්පල ඇම්බැක්කේ දේවාලයේ ආකෘතියට නිර්මාණය වෙලා තියෙනවා. දේවාල ගෘහයේ නාථ දෙවිදුන් උදෙසා කුඩා කුටියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කුටියට සම්බන්ධ කරලා තියෙන දිග වේදිකාව "දික්ගෙය" කියලා හදුන්වනවා. දික්ගෙය නිර්මාණය කරලා තියෙන්නෙ තේවා කටයුතු වෙනුවෙන්. ඒ නිසාම මේකට "තේවා මණ්ඩපය" කියලත් කියනවා. දික්ගේ තමයි කැටයම් කරපු ලී කණු හයි කරලා තියෙන්නෙ.
නාථ දේවාලයේ ඊළගට තියෙන වැදගත්ම අංගය තමයි බුද්ධ මන්දිරය. මේක පසු කාලීනව නිර්මාණය කරපු අංගයක්. මහ නුවර යුගයේ ආකෘතියකට අනුව නිර්මාණය කරලා තියෙන මේ මන්දිරයට ඇතුල් වෙන කොට ලස්සන සිතුවම් විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්.

උඩ කොටසේ දේව සහ බ්‍රහ්ම රූප සහිත මකර තොරණකුත්, ඊට පහළින් මකර තොරණ ඔසවාගෙන සිටින පුද්ගලයන් දෙදෙනෙකුත්, ඊටත් පහළින් දොරටු පාල රූප ද්විත්වයක් සහ මහීපාල රූප ද්විත්වයකුත් දකින්න පුලුවන්. ඉතිරි කොටස් සාම්ප්‍රදායික සිංහල සැරසිලි මෝස්තර වලින් සිතුවම් කරලා තියෙනවා.
මහ නුවර යුගයේ චිත්‍ර ශිල්පියා ආගමික අංශයට අමතරව දේශපාලනික, සාමාජීය, ආර්ථික, සංස්කෘතික අංශයන් පිළිඹිබු කරන නිර්මාණත් සිතුවම් කළා. ඒ නිසා මහ නුවර යුගයේ සිතුවම් අධ්‍යනය කරන කොට අපිට ලැබෙන ප්‍රධානතම වාසිය තමයි, එකම සිතුවමක් තුළින් එවකට පැවති සමස්ථ පරිසරයම අධ්‍යනය කරන්න හැකියාව ලැබීම. |
උදාහරණයක් විදිහට අපිට 1වන රූපයෙන් මහ නුවර රාජ්‍ය සමයේ ජීවත් වුණු ප්‍රභූ/වංශවත් පුද්ගලයන්ගේ ඇදුම් ආභරණ සහ රූපකායත්, 4 වන රූපයෙන් මහ නුවර රාජ්‍ය සමයේ ජීවත් වුණු පහළ පන්තියේ පුද්ගලයන්ගේ (උඩුකය නිරාවරණය කළ) ඇදුම් ආභරණ සහ රූපකායත් හොදින් අධ්‍යනය කරන්න පුලුවන්. බුද්ධ මන්දිරය ඇතුළේ ඉදි බුද්ධ ප්‍රතිමාවක් සහ හිටි බුද්ධ ප්රතිම ද්විත්වයක් දකින්න පුලුවන්. බිත්ති සතරේ සූවිසි විවරණය සහ කඩුපුල් මල් අතින් ගත් මහ රහතන් වහන්සේලාගේ රූප වලින් අලංකාර කරලා තියෙනවා. පිටත කොටසේ වගේම ඇතුළත කොටසෙත් හිඩැස් සාම්ප්‍රදායික සිංහල සැරසිලි මෝස්තර වලින් පුරවලා තියෙනවා දකින්න පුලුවන්. ඒ වගේම සිතුවම් කරලා තියෙන රූප අතරින් නාථ සහ උපුල්වන් දේව රූප කැපී පෙනෙනවා. ඒ රූප සාම්ප්‍රදායිකත්වයෙන් මිදුනු ඔබ්බට සිතුවම් කරපු රූප වීම ඊට ප්‍රධාන හේතුවයි.
10. මැණික් රජමහා විහාරය
හම්බන්තොට මැණික් රජමහා විහාරය කියන්නෙත් ලාංකීය සමාජය තුළ කතිකාවතකට භාජනය නොවුණු, තවත් අප්‍රසිද්ධ ඓතිහාසික බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක්. මැණික් රජමහා විහාරය අපිට හමුවෙන්නෙ තිස්සමහාරාම විහාරය දිහාවට යන කොටයි. අද වෙන කොට මේ විහාරයේ ඓතිහාසික වස්තූන් අතරින් ඉතිරි වෙලා තියෙන්නෙ පැරණි චෛත්‍යයක්, මුරගලක්, පද්මාසනයක් සහ ගල් කණු කිහිපයක් විතරයි. ඒ නිසා මේ විහාරය සහ චෛත්‍යය කුමක් අරඹයා, කවදා කවුරු කොහොම නිර්මාණය කළාද කියලා හොයා ගන්න අදටත් ඉතිහාසඥයන්ට හැකියාවක් ලැබිලා නෑ.
බ්‍රිතාන්‍යයේ ප්‍රකට ඉතිහාසඥයෙක් වන "හෙන්රි පාකර්" මහතා මේ ස්තූපය ගැන අප්‍රසිද්ධ මතයක් ඉදිරිපත් කරනවා. හෙන්රි පාකර්ට අනුව මේ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නෙ දුටුගැමුණු රජතුමා. ඒ මාගම රාජධානියේ ආරම්භක පාලකයා වන "මහානාග රජතුමාව" සිහි වීම සදහා. ඒත් මේ මතය නිර්මාණය කරන්න පාදක කර ගත්ත කිසිම මූලාශ්‍රයක් හෝ සදහනක් ගැන හෙන්රි පාකර් ඉදිරිපත් කිරීමක් කරලා නෑ.
ඒත් අපේ රටේ ඉතිහාසඥයන්ගේ පිළිගැනීම අනුව නම් මේ චෛත්‍යය, එදා මහානාග රජතුමා විසින් මාගම රාජධානියේ කරවපු දාගැබ් 10න් එකක්. වෙහෙර මුදුනේ රජතුමාගේ ඔටුන්නෙ තිබුණු මැණික් ගලක්, චූඩා මාණික්‍ය ලෙස තැන්පත් කිරීම සහ ධාතු ගර්භයේ මැණික් බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා, මේ ස්තූපය "මැණික් චෛත්‍යය" කියලා නම් කෙරුනා.
මැණික් රජමහා විහාරයේ ස්තූපයට අමතරව ඊළගට වැදගත්ම අංගය විදිහට ස්තූපයට දකුණු පසින් තියෙන පැරණි මුරගල හදුන්වන්න පුලුවන්. මේ මුරගල අර්ධ කැටයමකින් යුක්ත ප්‍රාථමික මට්ටමේ මුරගලක්. ඒ නිසා අනුරාධපුර යුගයේ මුල් කාලයේ නිර්මාණය වුණු එකක් විදිහට ඇස්තමේන්තු කරන්න පුලුවන්. මුරගලේ ප්‍රධාන රූපයට පහළින් වාමන රූප දෙකක් කැටයම් කරලා තිබීම විශේෂ ලක්ෂණයක්. මුරගලේ |
ඉහළ කොටසේ පිළිස්සීමක් වෙලා තියෙනවා. ඒ නිසා ඉහළ කොටස පැහැදිලි නෑ.
11. චූලාංගනී ස්තූපය
චූලාංගනී ස්තූපය පිහිටලා තියෙන්නෙ වැල්ලවායේ ඝන වනාන්තරයක් මැද්දෙ. චූලාංගනී ස්තූපය අපිට හමු වෙන්නෙ බුදුරුවගල ප්‍රතිමා තියෙන ප්‍රදේශයට ගමන් කරන කොටයි. දැනට පවතින මතය අනුව බුදුරුවගල විහාරය කියන්නෙ මහායාන නිකායට අයත් විහාරයක්. චූලාංගනී ස්තූපයත් මේ විහාරයේම කොටසක් විදිහටයි ඉස්සර තිබිලා තියෙන්නෙ. ඒ නිසාම මේ ස්තූපයට බුදුරුවගල චෛත්‍යය කියලත් කියනවා. ඒත් බුදුරුවගල ප්‍රතිමා සහ චූලාංගනී ස්තූපය අතර දුර කිලෝ මීටර 2 1/2කටත් වඩා වැඩියි. ඒකෙන් තක්සේරු වෙනවා බුදුරුවගල පූජා භූමිය ඉස්සර විශාල ප්‍රදේශයකට ව්‍යාප්ත වෙලා තිබුණා
චෛත්‍යයට එහායින් පරණ සදකඩ පහණ්, කොරවක්ගල්, මුරගල්, ගල් කණු ආදීයෙන් සමන්විත සුවිශාල ආරාම සංකීර්ණයක නටබුන් දකින්න පුලුවන්. මේ ප්‍රෞඪ සභ්‍යත්වයකට හිමිකම් කියන අතීත හෙළ ශිෂ්ටාචාරයක නටබුන්...!!!!!!
12. පාද ලාංඡන ස්තූපය
අනුරාධපුර ථූපාරාම චෛත්‍යය වන්දනාමාන කරන්න යන ගොඩක් බැතිමතුන්ගේ අවධානයට පාත්‍ර නොවෙන චෛත්‍යයක් තමයි "පාද ලාංඡන ස්තූපය" කියන්නෙ. මේ ස්තූපය පිහිටලා තියෙන්නෙ ථූපාරාමයට දකුණු පසින්, එම ස්ථානයේමයි. මේ චෛත්‍යය "ශිලා චෛත්‍යය" , "දීඝ ස්තූපය" වගේ නම් වලිනුත් හදුන්වනවා.
ජනප්රවාදයට අනුව ගෞතම බුදුන් වහන්සේ 3 වෙනි ලංකා ගමනේදී, උන්වහන්සේ අවසන් වරට වැඩම කරන්නෙ වර්තමානයේ ථූපාරාමය පිහිටි ස්ථානයටයි. නැවත උන්වහන්සේ ඉන්දියාව බලා සෘද්ධියෙන් වැඩම කරනවා. එහෙම වැඩම කරද්දි අවසන් වරට උන්වහන්සේගේ සිරි පතුල, ලංකා පොළොවේ ස්පර්ශ වුණු ස්ථානය මත තමයි මේ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ මොහොතේ සමනළ කන්දේ වගේම මෙතනත් උන්වහන්සේගේ සිරි පතුල සටහන් වුණා කියලා කියනවා.
චෛත්‍යය නිර්මාණය කරන්න අනුග්‍රහය දක්වලා තියෙන්නෙ සද්ධාතිස්ස රජතුමාගේ පුත්‍රයෙක් වෙච්ච ලජ්ජතිස්ස රජතුමා. මේ චෛත්‍යය වටේ පරණ මුරගල්, කොරවක්ගල්, සදකඩ පහණ් සහ මල් ආසන කිහිපයක්ම දැක ගන්න පුලුවන්. ථූපාරාම චෛත්‍යය වන්දනාමාන කරන සෑම අයෙක්ම අනිවාර්යෙන්ම දැක බලා ගත යුතු / වන්දනාමාන කළ යුතු ස්තූපයක් තමයි "පාද ලාංඡන චෛත්‍යය" කියන්නෙ.

13. සංඝමිත්තා ස්තූපය
පාද ලාංඡන චෛත්‍යය වගේම ථූපාරාමය වන්දනාමාන කරන්න එන ගොඩක් බැතිමතුන්ට මග ඇරෙන ස්ථානයක් තමයි "සංඝමිත්තා ස්තූපය" පිහිටි ප්‍රදේශය. ථූපාරාමයට බටහිරින් හතරැස් වේදිකාවක් උඩ, පැරණි මල් ආසන තුනක් සහ පඩිපෙළක් සහිතව ඉදි කරලා තියෙන මේ ස්තූපය උත්තිය රජතුමාගේ අනුග්‍රහය යටතේ නිර්මාණය වුණු චෛත්‍යයක්. දැනට කරලා තියෙන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් අනුව සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ පසු ශ්‍රී දේහය ආදාහනය කරලා තියෙන්නෙ මේ ස්ථානයේ. සංඝමිත්තා ස්තූපයේ නිධන් කරලා තියෙන්නේ තෙරණින් වහන්සේගේ ධාතු කොටස්.
14. යටාල රජමහා විහාරය
රෝහණය රාජධානියක් විදිහට ආරම්භ වෙන්නෙ "මහානාග" කුමාරයාගෙන්. මහානාග කුමාරයා කියලා කියන්නෙ, දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ සහෝදරයට. දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ අපේ රටේ රජකම් කරන කොට, අපේ රටේ යුව රජ වුණේ මහානාග කුමාරයා. දේවානම්පියතිස්සගේ බිසව වෙච්ච "අනුලා බිසව"ගේ හිතේ ලොකු සැකයක් තිබ්බා දේවානම්පියතිස්සගෙන් පස්සේ රටේ පාලනය තමන්ගෙ පුත්‍රයට නොදී, මහානාග කුමාරයා ගනී කියලා. මේ නිසා රජ බිසව ලොකු සැලැස්මක් හදනවා මහානාග කුමාරයව මරන්න. ඉතින් දවසක් මහානාග කුමාරයට සේවිකාවක් අතේ අඹ වට්ටියක් යවනවා. මේ අඹ වට්ටියේ අඹ ගොඩ උඩින්ම තිබ්බෙ දැක්කම කන්න ආස හිතෙන ලොකුම ලොකු අඹ ගෙඩියක්. ඉතින් මහානාග කුමාරයා මේක අතට ගන්න කොටම එතනට අනුලා බිසවගේ පුත් කුමාරයා එනවා. මොනවා වුණත් අයියගෙම පුතානෙ කියලා හිතාගෙන, පුත් කුමාරයව උකුළ උඩට අරන් අතට ගත්ත ලොකුම ලොකු අඹ ගෙඩිය දරුවට දෙනවා. ටිකක් වෙලා යනකොට තමයි මහානාග කුමාරයට තේරුණේ ඒ අඹ ගෙඩියට විෂ පොවලා කියලා. අනුලා බිසව මහානාග කුමාරයව මරන්න යවපු අඹ ගෙඩිය කාපු, අනුලා බිසවගෙම පුත්‍රයා එතනම මැරිලා වැටෙනවා. තව දුරටත් මාළිගාවෙ රැදිලා ඉන්න එක අවදානම් වැඩක් කියලා හිතපු මහානාග කුමාරයා, තමන්ගේ බිරිදත්, සේනාවත් අරගෙන රෝහණයට පැනලා යනවා.
මෙහෙම යනකොට මහානාග කුමාරයගෙ බිරිදට දරුවෙක් හම්බ වෙනවා. "යටාල" කියන ප්‍රදේශයේ උත්පත්තිය ලබපු නිසා "යටාල තිස්ස" කියලා නම තියනවා. යටාල තිස්සවත් අරගෙන රෝහණ දේශයට යන මහානාග කුමාරයා, "මාගම" අග නුවර කරගෙන රාජධානියක් ගොඩ නගනවා. දක්ෂ විදිහට මාගම ඉද ගෙන රෝහණ දේශය පාලනය කරන මහානාග කුමාරයා, යටාල තිස්ස කුමාරයාගේ උත්පත්තිය සිහිවෙන්න යටාල ප්‍රදේශයේ චෛත්‍යයක් හදනවා.

මැණික් විහාරය වගේම යටාල රජමහා විහාරයත් අපිට හමු වෙන්නෙ කතරගම-තිස්සමහාරාම පාරෙන් තිස්සමහාරාමය පැත්තට යන කොටයි. පිහිටලා තියෙන්නෙ මැණික් විහාරය සහ තිස්සමහාරාම විහාරය අතර මැදයි. මැණික් විහාරය වගේම යටාල විහාරයත්, තිස්සමහාරාමය වන්දනාමාන කරන්න යන බැතිමතුන්ගේ කුඩ අම්මාගේ සැළකිල්ලට භාජනය වෙන තැනක්. තිස්සමහාරාමය වන්දනාමාන කරන්න යන අයගෙන් යටාල විහාරය වන්දනාමාන කරන්න එන්නෙ බොහෝම සුළුතරයක්.
"යටාල වෙහෙර" කියලා අද හැදින්නුවට, එදා මේ චෛත්‍යයට කියලා තියෙන්නෙ "දළදා දාගැබ" කියලා. මේ චෛත්‍යය තමයි රෝහණය හෙවත් දකුණු පළාතේ නිර්මාණය වුණු පළවෙනි චෛත්‍යයි. ඒ වගේම ලංකාවේ පරණම චෛත්‍යයන් කිහිපයටත් (5-10) ඇතුල් වෙනවා. අපේ රටෙන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණු පළවෙනි මහරහතන් වහන්සේ (අරිට්ඨ හිමියන්) ප්‍රධාන කරගත් මහා සංඝරත්නයට අතපැන් වත්කරලා මේ චෛත්‍යය පූජා කළා කියලා ලළාට ධාතු වංශයේ සදහන් වෙනවා. පරසතුරු උවදුරු වලින් ආරක්ෂා කර ගන්න රජරට ඉදන් රුහුණට වැඩම කරවපු ධන්ත ධාතුන් වහන්සේ මේ චෛත්‍යයේ නිධන් කළා කියලා සෙල්ලිපිවල සදහන් වෙනවා.

මේ චෛත්‍යය වටේ ගොඩනැගිලි 10ක් විතර තිබිලා තියෙනවා. අදටත් ඒවයෙ අත්තිවාරම් සහ කණු දකින්න පුලුවන්. ඒ අතරින් එක ගොඩනැගිල්ලක් බුද්ධ මන්දිරයක් විදිහට හදුනාගෙන තියෙනවා. ඒ මන්දිරයේ තිබුණු හිටි පිළිම වහන්සේලා දෙනමක් අදටත් සුරක්ෂිතව තියෙනවා දකින්න පුලුවන්.
ඒ වගේම එක ගොඩනැගිල්ලක බෝධිසත්ව ප්‍රතිමාවක් දකින්න පුලුවන්. ඒ වගේම ඒ ගොඩනැගිල්ලට ඇතුල් වෙන කොට ප්‍රාථමික මට්ටමේ සදකඩ පහණක් සහ කොරවක්ගල් කිහිපයක් දැක ගන්නත් පුලුවන්. අනිත් ගොඩනැගිලි වලින් සමහරක් සංඝාරාම විදිහටත් තිබිලා තියෙනවා. මේ සෑම එකක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදීමයි කියලත් මතක තියා ගන්න |
ඕන. ඒ කියන්නෙ අනුරාධපුර යුගයේ මුල් කාලයේ. අපේ රටට ශ්‍රී සද්ධර්මය වැඩම කරපු කාලයේ. ක්‍රි.පූ 220දී නිර්මාණය වුණු මේ යටාල වෙහෙර ස්ථානගත කරලා තියෙන්නෙ සුවිශාල සලපතල මළුවක් ඇතුළතයි.
යටාල රජමහා විහාරය වටා නිර්මාණය කරලා තියෙන "ඇත් පවුර" පූජා භූමි පරිශ්‍රයට තවත් සුවිශේෂී භාවයක් එක් කරනවා. අපේ රටේ විහාරස්ථානයකින් හමු වෙන පැරණිතම ඇත් පවුර විදිහට, යටාල විහාරයේ ඇත් පවුර වාර්තා පොතට එකතු වෙනවා. ඒ වගේම උපන් දා සිට තුරුණු විය දක්වාම මාගම් පුරවරයේ ජීවත් වුණු දුටුගැමුණු රජතුමා, රුවන්වැලි මහා සෑය වටෙත් ඇත් පවුරක් නිර්මාණය කළේ, යටාල විහාරයේ ඇත් පවුර අධ්‍යනය කිරීමකින් වෙන්නත් බැරි කමක් නෑ.
15. සිවුරුගල (කැළණිය රජමහා විහාරය )
කැළණිය රජමහා විහාරය වන්දනාමාන කරන්න යන ගොඩක් දෙනෙක්ට බලන්න අමතක වෙන/ මග ඇරෙන තැනක් තමයි "සිවුරු ගල" කියන්නෙ. සිවුරු ගල තියෙන්නෙ රජමහා විහාරයේ දේවාල සංකීර්ණය පිටිපස්සට වෙන්න. අපි හැමෝම දන්න කාරණාවක් තමයි මණි අක්ඛික නා රජතුමාගේ ආරාධනයෙන්, බුදුන් වහන්සේ තුන් වෙනි වතාවටත් ලංකාවට වැඩම කරපු විත්තිය. බුදුන් වහන්සේ මුලින්ම වැඩම කරන්නෙ කැළණි පුරවරයටයි. එහෙම වැඩම කරපු මොහොතෙ උන්වහන්සේ කැළණි ගගෙන් ජලස්නානය කරනවා. ජලස්නානය කරන්න කලින් බුදු හාමුදුරුවො සිවුර ගලවලා තබපු ස්ථානය විදිහට සිවුරු ගල හදුනාගෙන තියෙනවා.
16. කිත්සිරිමෙවන් රජමහා විහාරය
අපේ රටේ ඉතිහාසය අධ්‍යනය කරන්න භාවිතා වෙන මූලාශ්‍ර යටතේ එන සාහිත්‍ය මූලාශ්‍ර වර්ගයක් වන වංශ කතා වලට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ රටට තුන්වතාවක් වැඩම කරපු බවත්, මණිඅක්ඛික නා රජතුමාගේ ආරාධනයෙන් අවසන් ලංකාගමනේදී කැළණි පුරවරයට වැඩම කරපු බවත් සඳහන් වෙනවා.
බුදුන් වහන්සේ කැළණි පුරවරයට වැඩම කිරීම කියන මාතෘකාව ගත්තොත්, අපි හැමෝටම මුලින්ම මතකයට නැගෙන්නේ කැළණිය රජමහා විහාරයයි. ඒත් කැළණිය රජමහා විහාරය ආසන්නයේ, ප්‍රධාන මාර්ගයේම දකින්න ලැබුණත් කිත්සිරිමෙවන් රජමහා විහාරය ගැන මතක් වෙන්නෙ සහ මේ විහාරස්ථානය ගැන දන්නෙ බොහොම සුළු පිරිසක් විතරයි.
මේ ස්ථානය කිත්සිරිමෙවන් රජමහා විහාරය කියලා නම් කළත්, අපේ පැරැණ්ණො මේ පන්සල හදුන්වන්නෙ එගොඩ කැළණි පන්සල කියලයි. ඒකට හේතුව වුණේ කැළණිය රජමහා විහාරය සහ කිත්සිරිමෙවන් රජමහා විහාරය හරහා ගලාගෙන යන කැළණි ගඟයි. ඒ නිසා කිත්සිරිමෙවන් රජමහා විහාරය තියෙන ඉසව්ව “එගොඩ කැළණිය” කියලත්, කැළණිය රජමහා විහාරය තියෙන ඉසව්ව “මෙගොඩ කැළණිය” කියලත් හදුන්වන්න ඒ අය පුරුදු වුණා. ඒ කාලයේ (මීට දශක කිහිපයකට උඩදිත්) අද වගේ ඉසව් දෙක යා කෙරෙන පාලම තිබුණෙ නැති නිසා, කැළණි ගඟ හරහා එගොඩ මෙගොඩ යෑම සිද්ධ වුණේ පාලම් පාරුවකින්. මේ හේතු නිසා තමයි අද සටහන කිත්සිරිමෙවන් රජමහා විහාරය වෙනුවෙන් වෙන් කරන්න අදහස් කළේ.
බුදුන් වහන්සේ කැළණි පුරවරයට වැඩම කිරීම කියන අවස්ථාවේදී සමහරක් ඉතිහාසඥයන් මත පල කරනවා, බුදුන් වහන්සේගේ වැඩම කිරීම, සුප්‍රසිද්ධ මැණික් පුටුව නිධන් කරපු, කැළණිය රජමහා විහාරස්ථ පූජා භූමියේ සිදු වෙන්න ඇති කියලා.
ඒ වගේම තවත් ඉතිහාසඥයන් පිරිසක් මතයක් පල කරනවා ඒ වැඩම කිරීම සිදුවෙන්න ඇත්තේ කිත්සිරිමෙවන් රජමහා විහාර පරිශ්‍රයට කියලා. මේ අතරේ තවත් ඉතිහාසඥයන් පිරිසක් මත පල කරනවා උන්වහන්සේගේ වැඩම කිරීම, මේ පරිශ්‍ර දෙකටම සිදු වෙන්න ඇති කියලත්.

සද්ධාය යාය මණිඅක්ඛික නාග රාජා
චේතිං ආකාසිවර අන්තරවාසකංයං
යස්මිං නිධාය මුණිණෝ තමනුස්ස රන්තෝ
වන්දාමි කිත්සිරි සව්හය ථූපරාජං
අපේ වංශ කතා වලට අනුව බුදුන් වහන්සේගේ අවසන් ලංකා ගමනයේදී උන්වහන්සේ කැළණි ගගෙන් ස්නානය කළ බව සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ භාවිතා කරපු ජලසාටිකාව, එහෙමත් නැත්නම් නානකඩය නිධන් කරලා, කිත්සිරිමෙවන් විහාරයේ චෛත්‍යය නිර්මාණය වුණා කියලා තමයි සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් වෙන්නෙ. ඒ කර්තව්‍යයට මූලිකත්වය අරගෙන තියෙන්නෙ මණිඅක්ඛික නා රජතුමාම තමයි.
මේ විස්තරය සත්‍යයක් නම්, ජීවමාන බුදුන් වහන්සේගේ කාලයේදී අපේ රටේ නිර්මාණය වුණා යැයි සැළකෙන මහියංගනය, නාගදීපය, කැළණිය, ගිරිහඩුසෑය වගේ ස්තූප ලැයිස්තුවට කිත්සිරිමෙවන් රජමහා විහාරයේ තිබෙන ස්තූපයත් එකතුවෙනවා. ඒ වගේම බුදුන් වහන්සේගේ ජලසාටිකාවක් (බුදුන් වහන්සේ විසින් පරිහරණය කරන ලද හෙවත් පාරිභෝගික ධාතුවක්) තැන්පත් කරලා නිර්මාණය කරපු ලෝකයේ පළවෙනි සහ එකම ස්තූපය විදිහට හඳුන්වන්නෙත් මේ ස්තූපයම තමයි.
ඒත් කිත්සිරිමෙවන් විහාරයේ චෛත්‍යය අද තියෙන තත්වයේ තියෙන්නෙ අපේ රටේ රාජ්‍ය පාලනයේ නිරත වුණු රජවරු සිය දහස් ගණනකගේ ස්පර්ශය ලබලා කියලත් මතක තියා ගන්න ඕන.
ඒ අතරින් ප්‍රධානතම රජතුමා විදිහට සැළකෙන්නෙ කිත්සිරිමෙවන් රජතුමයි (ක්‍රි.ව. 304 – 328). එතුමා මේ විහාරස්ථානය, විහාරස්ථානයක් ඇතුළු ආරාම සංකීර්ණයක් විදිහට ගොඩනගන්න විශාල මෙහෙවරක් කරපු නිසා පස්සෙ කාලෙක මේ විහාරස්ථානය එතුමාගේ නමින් නම් කෙරෙනවා.
ඒත් මේ විහාරස්ථානයේ නම ගැන තවත් අප්‍රසිද්ධ මතයක් තියෙනවා. ඒ, ගජබාහු රාජ්‍ය සමයේ කිත්සිරිමේඝ මාපාගේ අනුග්‍රහයෙන් මේ විහාරස්ථානය සංවර්ධන වුණු නිසා මේ විහාරස්ථානයට කිත්සිරිමේඝ මාපාගේ නම ලැබුණාය කියන මතයයි.
කෝට්ටේ රාජධානියට එල්ල වුණු පෘතුගීසී ආක්‍රමණයෙන් විනාශ වුණු බොහෝමයක් විහාරස්ථාන නැවත ගොඩනගන්න සහ ප්‍රතිසංස්කරණයට මුල් වුණු රජ කෙනෙකු විදිහට මහනුවර රාජධානියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ප්‍රසිද්ධියක් උසුලනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට කැළණිය රජමහා විහාරයත් ඇතුළත් වුණු නිසා කිත්සිරිමෙවන් රජමහා විහාරය ඇතුළත් වෙලා නොතිබුණාය කියලත් හිතන්න අමාරුයි.
පුරාවිද්‍යාත්මක සාධක ගැන අවධානය යොමු කරනවා නම් මේ පරිශ්‍රය තුළින් හිටි බුදු පිළිම සහ සෙල්ලිපි කිහිපයක්ම හොයාගෙන තියෙනවා. ඒවායෙන් සමහරක් අදත් මේ පරිශ්‍රයේ ප්‍රදර්ශනය කරලා තිබෙනවා. කැඩී ගිය හිටි බුද්ධ ප්‍රතිමාවක කොටසක්, පුවරු සහ ටැම් ලිපි කිහිපයක් ඒ අතර වෙනවා.
ඒවායේ ආගමික තොරතුරු මෙන්ම දේශපාලනික තොරතුරු ඇතුළත් කරලා තිබීමත් එක්තරා ආකාරයකට විශේෂත්වයක් ගන්නවා. ඒවායේ විහාරයේ ඉතිහාස කතාව, විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු, විහාරයට අයිති සාංඝික දේපල, විහාර දේපල විනාශ කරන්නන්ට සිදු වෙන දේවල් ආදීය සදහන් වෙලා තියෙනවා. ඒ අතරින් එක සෙල්ලිපියක් කිත්සිරිමෙවන් කැළණි විහාර ලිපිය කියලා නම් කරලා තියෙනවා.
මේ සෙල්ලිපිය ගම්පොල රාජධානි සමයේ 4 වෙනි බුවනෙකබාහු රාජ්‍ය පාලන සමයේ (ක්‍රි.ව 1341 – 1351) පිහිටවපු සෙල්ලිපියක් විදිහට හදුනාගෙන තියෙනවා. කිත්සිරිමෙවන් කැළණි විහාරය, කිත්සිරිමෙවන් රාජ්‍ය කාලයේදී නිර්මාණය කළ බවත්, නිශ්ශංක අළගක්කෝණාර පරම්පරාවෙන් පවත්වාගෙන ආ බවත්, එම පරම්පරාවේ 10 වෙනි අළගක්කෝණාර ඇමතිවරයාගේ මූලිකත්වයෙන් බුද්ධ වර්ෂ 1887දී (ක්‍රි.ව 1344), මේ විහාරයේ අංග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් මේ සෙල්ලිපිය පිහිටවපු බවත් සඳහන් වෙනවා.
ඒ ප්‍රතිසංස්කරණ කටයුතු වලට පිළිමගෙය අසල පිහිටි මණ්ඩපයක්, බෝධි ප්‍රාකාරය, පිදුරු සෙවිළි කළ නිවාස පහක් අයත් වෙනවා. ඒ වගේම කොත් 13ක් පැළඳ වූ සත් මහල් බෝධි කොටුවක් සහ බෝධිය නැවත ගොඩ නැගූ බවත් සඳහන් වෙනවා.
ඒ වගේම විහාරස්ථානය ගොඩ නගලා, මේ විහාරස්ථානය බලා කියා ගැනීමේ රාජකාරිය පැවරීම ගැනත් සඳහනක් තියෙනවා. සෙල්ලිපියේ තියෙන විදිහට අවුරුදු 5000ක් මේවා රැක ගැනීමේ අරමුණින් පොලොන්න ප්‍රදේශයේ කුඹුරු අමුණු 45ක් සහ ඒ යටතේ ගෙවල් වතුපිටි ගස් කොළන් ඇතුළු භූමියක් මේ විහාරස්ථානයට ප්රදානය වෙලා තියෙනවා. ඊටත් අමතරව රාත්‍රී බණ කීමෙන් රාජ ප්‍රසාදය දිනාගත් හිමිවරු කිහිප දෙනෙකුගේ සහාය සඳහා ඒ ප්‍රදේශයේ සේවක සේවිකාවන් පූජා කළ බවත් සඳහන් වෙනවා.
ඊට අමතරව විශේෂිත සඳහනකුත් තියෙනවා. ඒක එසේ මෙසේ සඳහනක් නෙවේ. අතිභයානක සහ භයංකාර සඳහනක්.

ඒ සඳහනට අනුව, ඉර හඳ පවතින තුරු මහා සංඝයා, රජු, යුව රජු සහ ඇමතිවරුනුත් මේ විහාරස්ථ සංවර්ධන කටයුතු පවත්වාගෙන යා යුතු බවත්, මේ වැඩ වලට බාධා කරන අය අටමහ නරකයට අයත් ලෝක තල 136ම ඉපදිලා, ඒ පව ගෙවන ගමන්, අනිත් සත්වයින්ගෙත් පව් ගෙවන්න සිද්ධ වෙන බවත් සඳහන් වෙනවා (මේ කුසලයට අවුලක් කළ කෙනෙක් ඇත් නම් එක්සිය සතිස් නරකයේත් සිතින් තැවෙමින් අන් සතුන්ගේ පවුත් ගත්තාහ).
ඒ විතරකුත් නෙවේ, මේ දේපල පුද්ගලික පරිහරණයට යොදා ගන්න අය බල්ලන් සහ කපුටන් වෙලා ඉපදෙනවා කියලත් සංඛේත වලින් දක්වලා තිබෙනවා.
මේ විහාර පරිශ්‍රයේ දකින්න පුලුවන් අනිත් දේවල් ගැන අවධානය යොමු කරනවා නම් කිත්සිරිමෙවන් විහාර චෛත්‍යයට පහළින් මලසුන් ගෙයක තැබූ සිරිපතුලක් දැක ගන්න පුලුවන් (හසිත ගුණසිංහ : ඊ අටුවාව බ්ලොග් අඩවිය – බුද්ධ ප්‍රතිමා නිර්මාණය නොකෙරුණු මුල්කාලීනව බුදුන් වහන්සේ සංකේතවත් කිරීමට සිරි පතුල, බෝධිය, වජ්රාසනය වැනි දෑ භාවිතා වුණු අතර මේ සිරි පතුලද එවැන්නකි).
ඊටත් අමතරව විහාරයේ අනික් ස්ථාන ගැන කතා කළොත්, බුදු මැදුරත් විශේෂයි. මේ බුදු මැදුරේ මහ නුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරන බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා තියෙනවා. බිත්ති සියල්ලක්ම මහ නුවර යුගයේ ලක්ෂණ අනුව මහ රහතන් වහන්සේලාගේ රූප, බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා, සිංහල සැරසිලි මෝස්තර මාතෘකා කරගෙන පුරවලා තියෙනවා දකින්න පුලුවන්.