දියතලාවෙන් ලියමනක්
මේ 1991 දියතලාවේ කැඩෙට් නිළධාරියෙකුගෙන් අපේ තාත්තට හම්බුණු ලියමනක්. මේක එවන්නෙ අපේ දමිත මාමා. දමිත මාමා කියන්නෙ අපේ තාත්තගෙ ළගම ඥාති සහෝදරයෙක්. මාමා ගැන කියන්න තරම් ඒ හැටි මතකයක් මට නෑ.
දමිත මාමා අද ජීවතුන් අතර නෑ. දමිත මාමා නැති වෙනකොටත් මට වයස අවුරුදු 1ක්වත් නෑ. දමිත මාමා නැතිවුණේ 1993 "යාල්දේවි මෙහෙයුමට" සම්බන්ධ වෙලා ඉන්න කොට, පපුවට වැදුනු වෙඩි පහරකින්. ඒ වයස අවුරුදු 21දි... ඒ නිසා අපේ රට වෙනුවෙන් දිවි පුදපු ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවාට උපහාරයක් පිණිස, 1991දි අපේ තාත්තා අතට පත් වුණු ඒ ලියවිල්ල මගේ පලා මල්ලෙ දාන්න හිතුවා. මේ ලියමනෙන් "කැඩෙට් නිළධාරියෙකුගේ සැබෑ ජීවිතය" මොන වගේද කියලා හොදට අධ්‍යනය කරන්නත් පුලුවන්. |
C/53010,
I/O/CDT D.B.Jayasekara,
Intake 35,
Sri Lanka Military Academy,
Army Training Center,
Diyatalawa.
1991/06/01
ගීතා අක්කා, නිලන්ත අයියා, අරුණි අක්කා, රුවනි අක්කා, ප්‍රියන්ත අයියා, ධම්මික අයියා, උපාලි අයියා, අසෝක අයියා වෙත!
ඉතින් කොහොමද තොරතුරු. මම නම් සුපුරුදු ලෙස ඉන්නවා. ඔයගොල්ල එවපු වෙසක් කාඩ් එක හම්බවුනා. අරුණි අක්කා එවපු කාඩ් එකත් හම්බවුනා. බොහෝම ස්තූතියි. මට නම් වෙසක් කාර්ඩ් එකක් එවන්න බැරිවුනා. තරහා වෙන්න එපා. ඉතින් වෙසක් එක හොදට තියෙන්න ඇති නේද? වෙසක් දවසෙත් අපි හැතැම්ම 20 විතර ඇවිද්දා. මෙහෙත් තිබුණා වෙසක් කූඩු තරග එහෙම. කොළඹ ඒවත් එක්ක බලනකොට මේවා අමු විහිළු. අපිට වෙසක් එකට නිවාඩු දෙන කතාවක් මුලදි තිබුණා. පස්සේ නිවාඩු නෑ කිව්වා. හේතුව මොකක්ද දන්නවද? නරියා කන්දේ, වල් නරියව අලුතින් හදන්න තිබුණා. කොල්ලෝ බැන බැන ගිහින් හදලා ආවා. පස්සේ කිව්වා Camp එකේ ඉන්න හරක් ඔක්කොම අල්ලලා ගැට ගැහුවම යන්න දෙනවා කියලා. අනේ ඉතින් අපි මහ රෑ ගියා හරක් අල්ලන්න. අපි ලොකු කඹ අරගෙන ගියේ. එතකොට Camp එකේ හරක් ටික නෑ. පස්සේ Camp එකෙන් හොරෙන් එලියට ගියා ගෙවල් වල ඉන්න හරක් හරි බැදගෙන එනවා කියලා. ඒත් නෑ. ඒ අස්සේ අපේ කොල්ලෝ දෙන්නෙක්ව Captain කෙනෙක්ට අහු වෙලා, කඹයකුත් අරගෙන යනකොට. ඊට පස්සේ එකෙක්ගේ බෙල්ලට තොන්ඩුව දාලා ඌ හරකෙක් වගේ ඇවිදිනවා. අනිත් එකා ඌව අල්ලගෙන Camp එක වටේ යනවා. නියම වැඩේ. ඔන්න ඔය වගේ පිස්සු වැඩ තමයි අපිට වෙන්නේ. මේ දවස් වල ගම්ලත්ගේ මල්ලිලා මෙහේ නෑ. උන් jungle ගිහිල්ලා. හෙට තමයි එන්නේ. හෙට ඉදලා විනාසයි. උන් මේ මාසේ 15 pass out වෙනවා.
ඉතින් නිලන්තයා හෙට නේද බදින්නේ. ඌ බොහෝම ප්‍රීතියෙන් ඇති නේද? මේ දවස් වල ඔහේ බරට වැඩ ඇති නේද? අසෝක අයියත් දැන් ගෙදරම නැතුව ඇති නේද? ගිය සෙනසුරාදා අපිට Rugger Match එකක් නුවර තිබුණා. මම එදා Station එක ලග හිටියා. මෙන්න යකෝ අසෝක අයියා කාර් එකේ යනවා. මම කාර් එක අල්ලන්න පස්සෙන් දිව්වා. කොහෙද බැරිවුනානේ. එදා නුවර ඇවිද්දා. ජින් නැන්දලාගේ ගෙවල් පැත්තේ නම් යන්න බැරි වුනා. අපි මැච් එක දින්නා. බෙල්ලත් තුවාල වෙලා. හෙටත් තව මැච් එකක් තියෙනවා. ගීතා අක්කා, උපාලි අයියා එහෙම කොහොමද? අරුණි අක්කා, ධම්මික අයියා මොකද කරන්නේ. ධම්මික අයියා Run එකක් දානවා කියලා තිබුණා බඩ අඩුවෙන්න. මට හිතෙන්නේ දැන් හොදට මහන්සි වෙලා දුවන හින්දා අදුරගන්න බැරි තරමට කෙට්ටු වෙලා ඇති නේද? අර බයිසිකලේ පදින කාලෙත් හොදට කෙට්ටු වුනානේ.
අපිට මේ මාසේ පඩි දුන්නා. අපේ අතට මුලු පඩියම දෙනවා. ඉතින් අපි බෝම ප්‍රීතියි. මෙන්න යකෝ ටික වෙලාවකින් එක එකා එවාට සල්ලි කපා ගන්නවා. අන්තිමට අතේ ඉතුරු රු.100. ඒක දවස් 2න් ඉවරයි. අපේ Rooms වලට පහල පාරේ කඩයක් දාලා තියෙනවා. එකේ කිරි හට්ටි තියෙනවා. දැනුත් කිරි හට්ටියක්ම කෑවා. ඉතින් සල්ලි ඉවරයි. ඊට පස්සේ හිගන්නු වගේ ඉන්නවා. ඒ මදිවට හොල්මනුත් ඉන්නවා. පෙරේදා රෑ අපේ කොල්ලෙක් එනකොට සුදු ඇදගත්ත එකෙක් වහල එල්ලිලා ඉදලා උගේ බෙල්ලට පැනලා බෙල්ල මිරිකලා. මූ කෑගහලා. එතකොට ඌ දුවලා. අපි රෑ camp එක පුරාම බැලුවා. ඒත් මොකෙක්වත් නෑ. මේක මොකෙක් හරි කරන වැඩක්. Lady cadetsලා 6 දෙනෙක් එහෙම ඇවිල්ලා ඉන්නවනේ_ _ _ _ _මොකෙක් හරි එතෙන්ට පනින්න කරන වැඩක් වෙන්න ඕනි.
අපේ English Course එක තව මාසයකින් විතර ඉවරයි. ආපෝ ඒක නම් මාර පවක්. Class එකේ නින්ද ගියාම බිම නිදි කරලා තියනවා. නැත්නම් නාවනවා. නැත්නම් පන්තියේ එක තැන දුවවනවා. කොහොම හරි ජූලි වල නිවාඩුවක් තියෙයි. අපේ කොල්ලන්ව ආයිත් තට්ටේ ගැස්සුවා. ඒ හින්දා එකෙක්වත් ඇවිදින්න යන්නේ නෑ.
ඉතින් ඔයගොල්ලෝ අපේ ගෙවල් පැත්තේ එහෙම යනවා ඇති නේද? ගෙදර අලුත්වැඩියා කරාලු නේද? දැන් හොදයිද? නිලන්ත/ප්‍රියන්ත අයියේ මගේ බයිසිකලේ හොදට තියෙනවාද?
ආ: රුවනි අක්කේ, තව ටිකෙන් අමතක වෙනවා. අපේ අම්මා කපු කමක් කලා කියලා ආරංචියි. ඉතින් කොහොමද මනාලයා. කවදද බදින්නේ. අඩුගානේ ජූලි මාසේ වෙනකම් වත් ඉන්න.
එහෙනම් අදට ඔච්චර තමයි ලියන්න තියෙන්නේ. මම වෙලාවක් හම්බුන ගමන් ලියන්නම්. මටත් ලියන්න. නන්දසේන අයියා, සමරකෝන් අයියා, කණ්ණාඩි ධම්මික අයියා, ආදී සියලු දෙනාම මතක් කලා කියන්න. එහෙනම් ඔන්න නවතිනවා!
මීට, දමිත.