ඉරණම් විපාක පතන
බුදු දහමේ මූලික ඉගැන්වීම් යටතේ එන ප්‍රධානම ඉගැන්වීමක් තමයි "කර්මය" කියන්නෙ. බුදු දහමට අනුව කර්මය කියලා කියන්නේ සිතාමතා සිදු කරන ඕනෑම ක්‍රියාවක්. හොද ක්‍රියාවක් නම් ඒක කුසල කර්මයක්. නරක ක්‍රියාවක් නම් ඒක අකුසල කර්මයක්. මේ ක්‍රියාවන් වලින් තමයි ඊළග ආත්මෙට අදින ටිකට් එක තීරණය වෙන්නෙ. ඒ කියන්නෙ පිං සහ පව්. ලෝකයේ සිදුවන සෑම ක්‍රියාවක්ම කර්මය අනුව සිද්ධ වෙන්නෙත් නෑ. කර්මය අනුව සිද්ධ වෙන්නෙ 20% වගේ ප්‍රමාණයක්. කර්මය ප්‍රධාන වශයෙන් කොටස් 4යි. ඒවා තමයි දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය, අපරාපරියවේදනීය, අහෝසි කර්ම කියන්නේ. දිට්ඨධම්මවේදනීය කර්ම කියන්නෙ මේ ආත්මයේ පල දෙන කර්ම වලට. උපපජ්ජවේදනීය කර්ම කියන්නේ දෙවෙනි ආත්මභාවයේදී පල දෙන කර්ම වලට. අපරාපරියවේදනීය කර්ම කියලා කියන්නේ මේ ආත්මය සහ ඊළග ආත්මය හැරුනු කොට අනිත් ඕනෑම ආත්මයකදී පල දෙන්න පුලුවන් කර්ම. මේ ආත්මයේදී සිද්ධ කර ගත්ත බලවත් කුසල කර්මයක් හේතුවෙන්, පල දෙන්න ඉදලත් පල නොදී යන අකුසල කර්මවලට
අහෝසි කර්ම කියලා කියනවා. වාසනා ගුණය එහෙමත් නැත්නම් වාසනාව කියලා කියන්නෙත් මේ කියන කර්මවල ශක්තියටම තමයි.
මේ අතින් ගත්තම මේ ලිපිය ලියන මමත්, මේ ලිපිය කියවන ඔයාලත් ගොඩක් වාසනාවන්තයි. ඒ මනුස්ස ආත්මභාවයක් ලබා ගන්න පුලුවන් වුණු එක ගැන. ඒ වගේම බුදුවරුන්ගේ පවා පාද ස්පර්ශයට ලක් වුණු ලංකාව වගේ සුන්දර මාතෘ භූමියක, මහා භද්‍ර |
කල්පයක් තුළ, ගෞතම බුද්ධ ශාසනය තුළ උපත ලබන්නත් අපි ගොඩක් පිං කරලා තියෙනවා. ඒ වගේම බෞද්ධයෙක් වීමත්, සිංහලයෙක් වීමත් එක්තරා ආකාරයක වාසනාවක් කියලා තමයි මට හිතෙන්නෙ. මේ කියන්න යන්නෙ මේ දක්වා ආපු මගේ ජීවිත කාලය තුළ කර්මය නිසා හෝ වාසවනාව නිසා හෝ එහෙමත් නැත්නම් වෙන මොකක් හරි දෙයක් නිසා හරි ආරක්ෂා වුණු සිදුවීම් කිහිපයක් ගැන. මගේ උත්පත්ති කතාවෙන්ම ආරම්භය ගන්නම්කො එහෙනං.
01. මාසෙකටත් කලින්
මගේ උත්පත්ති කතාව ඒ තරම් සුන්දර කතාවක් නෙවේ කියලා තමයි මං ඉපදෙනකොට වටේ පිටේ හිටපු අය කියන්නෙ. මම ඉපදෙන්න හිටියේ 1993 අවුරුද්දේ මාර්තු මාසේ 11 වෙනිදා. ඒත් මං ඉපදුනේ පෙබරවාරි 11 වෙනිදා. හරියටම මාසෙකට කලින්. ඒ කාලයේ අපේ අම්මට හිටිහැටියේ අධි රුධිර පීඩනය ඇවිත් සිහි නැති වුණාලු. ඒ නිසා අම්මගෙත් මගෙත් අපි දෙන්නගෙම ජීවිත අවධානම් මට්ටමකලු තිබුණේ. ඉතින් මාස 9කින්ලු මාව එළියට ගත්තෙ. ඒ ස්වභාවිකව නෙවේලු. සීස(ර්) කරලලු. එතකොටත් අම්මගෙ අසනීප තත්වය හොදටම වැඩි වෙලාලු. අම්මට සිහිය තිබිලා නෑ. මම ඉපදිලා දවස් දෙකක් යනකන්ම අම්මට සිහිය ආවේ නෑලු. අම්මව Machine එකකට සම්බන්ධ කරලලු තිබුණෙ. ඊට පස්සෙ අම්මගෙ ජීවිතේ ගැන තිබ්බ බලාපොරොත්තු අතෑරලා Machine එක ගලවලා දාන්න තීරණය කළාලු. ඒක ගලවන්න විනාඩි කිහිපයක් තියෙද්දි වාසනාවට අම්මට සිහිය ආවලු. අම්මට සිහිය ආවයින් පස්සෙලු අම්මා දැන ගත්තේ මම ඉපදිලා කියලා. සාමාන්‍යයෙන් මම උපන්දිනේ දවසට Party දාන්න කැමති එක්කෙනෙක් නෙවේ. ඒත් අදටත් සමහර අය ඒ සිද්ධිය මතක් කරලා කියනවා ඒ බේරුණු බේරිල්ලට Party එකක් දාන්නම වටිනවා කියලා..!!!!!
02. අකුණු අනතුරු
අකුණු අනතුරු ! මේ ගැන කියනවා නම් අකුණු දෙකකින් නූලෙන් බේරිලා තියෙනවා. දවසක් හොදටම අකුණු ගගහා වහින වෙලාවක ලැප්ටොප් එක කර කර හිටියා. මෙහෙම කරලා අම්මගෙන් බේරෙන්න බැරිකමට මොඩම් එකට ගහලා තියෙන ටෙලිෆෝන් වයර් එක ගලවලා එළියට ගියා. ටෙලිෆෝන් වයර් එක ගලවලා විනාඩියක් විතර යන්න ඇති. ඒක දිගේ අකුණක් ආවා. ටෙලිෆෝන් වයර් එක අල්ලගෙන ඉන්නකොට එහෙම ආවා නම් මම එතනම අළු. ඒ වගේම දවසක් අකුණු ගහන වෙලාවක එළියෙ අඹ ගහ ළග ඉන්නකොට අඹ ගහේ අත්තකටත් අකුණක් වැදුනා. ඒ වෙලාවෙ නම් මට ලොකු කම්පනයක් වගෙත් ආවා. මොකද අඹ ගහයි මගෙයි අතර තිබුණේ මීටර් කිහිපයක දුරක්.
03. දළ රළ පෙළ
2004 අවුරුද්දේ දෙසැම්බර් 26 කියලා කියන්නේ, ඒ කාලෙ හය හතර තේරෙන වයසේ හිටපු හැම කෙනෙක්ටම අමතක නොවෙන දවසක්. අපේ අම්මගෙ ගම ගාල්ලේ. අපි පුරුද්දක් විදිහට දෙසැම්බර් නිවාඩුවට ගාල්ලෙ ගියා. ඒ කාලේ අද වගේ අධිවේගී මාර්ග තිබුණෙ නෑ. අපි ගියේ පරණ ගාලු පාරෙන්. පරණ ගාලු පාරෙන් ගාල්ල පැත්තට යන එකේ රගේ දන්නේ, ඒකෙන් ගිහිල්ලා තියෙන අය විතරයි. ගමනට පැය 4 හමාරක් විතර යනවා. 2004 දෙසැම්බර් 26 වෙනිදට අපි ගාල්ලේ යන්න තමයි හිටියේ. ඒත් වාසනාවට මොකක් හරි හේතුවක් නිසා ඊට කලින් සතියෙම ගාල්ලෙ ගියා. දෙසැම්බර් 26 ගාල්ලෙ ගියා නම් අපිත් අනිවාර්යෙන් සුනාමියට අහුවෙනවා.
04. කැබ් එක පාර මැද
මේ සිද්ධිය වුණේ 2004 අවුරුද්දේ ජනවාරි 31 වෙනි සෙනසුරාදා. එදා අපේ ඉස්කෝලෙ "සාරධර්ම සුරකිමු" කියලා පා ගමනක් සංවිධානය කරලා තිබුණා. ඉතින් ඒකට මමත් මගේ හොදම යාලුවත් එක්ක සහභාගි වුණා. එතකොට අපි 6 වසරෙ. මේක ඉවර වුණායින් පස්සෙ අපි දෙන්නා, අපේ තාත්තත් එක්ක ගෙදර ගියා. ගෙදර යන ගමන් තාත්තා බැංකුවකට ගොඩ වුණා. ඒ කාලෙ අපිට තිබ්බෙ කැබ් එකක්. මේක නැවැත්තුවේ හරියටම බැංකුව ඉස්සරහා. බැංකුව ඉස්සරහා තියෙන්නෙ හෙනම හෙන විශාල පල්ලමක්. වාහනේ හෑන්ඩ් බ්රේක් වැඩ කරන්නෙ නෑ. ඉතින් තාත්තා ගියර් එකෙන් වැඩ දාලා තමයි වාහනේ පල්ලමේ නවත්තලා බැංකුවට ගියේ. ටික වෙලාවක් ගියායින් පස්සෙ කම්මැලිකම යන්නත් එක්ක යාලුවා ඉස්සරහට පැත්තට කර කර ගියර් එකෙන් සෙල්ලම් දාන්න පටන් ගත්තා. එයාට ඒ වෙනකොටත් වාහන එලවන්න පුලුවන්. ඔහොම ඉන්න ගමන් මිනිහා එක පාරටම ගියර් එක පස්සට ඇද්දා.
ඒත් එක්කම වාහනේ එක පාරටම වේගෙන් පල්ලමෙන් පල්ලෙහට යන්න ගත්තා. පල්ලෙහා තියෙන්නේ මහා පාර. වේගෙන් වාහන එහා මෙහා යනවා. යාලුවා හිටියේ පිටිපස්සෙ. එයාට මොනවත්ම කර ගන්න බෑ. මම හිටියේ ඉස්සරහා. මම දන්න එකම දේ තමයි හෝන් එක ගහන එක. මම ඉතින් ඒක නවත්තන්නෙ නැතුව ඔබාගෙනම හිටියා. කාගෙ හරි වාසනාවකට වාහනේ ගිහින් නතර වුණේ පාරේ එක තීරුවක් මැද. ඒත් එක්කම ඒ මං තීරුවේ ආපු වාහන ටික අපේ වාහනේට මීටර් කිහිපයක් තියලා ගාණට මිම්මට නතර කර ගත්තා. නැත්නම් ඉතින් බඩු බනිස් ! ඊට පස්සෙ පොලීසියෙන් ඇවිල්ලා වාහනේ වෙන තැනකට ගෙනිහින් දැම්මා (යාලුවගෙ නම කියන්නෙ නෑ. අදුරන කෙනෙක් එහෙම දැක්කොත් හරි නෑනේ)

05. අභයගිරි සංඝාරාම පොකුණ
2014 අවුරුද්දෙ පළවෙනි සතියෙ ජීවිතෙ හතර වෙනි වතාවටත් අහම්බෙන් වගේ අනුරාධපුරයේ සංචාරය කරන්න අවස්ථාවක් හම්බුනා. ඒ සංචාරයේදිත් අපි ගොඩක්ම අවධානය යොමු කළේ අභයගිරි විහාර සංකීර්ණය වටේ තියෙන, වැඩි ජනතා අවධානයක් දිනා නොගත්ත, අප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් අධ්‍යනය කරන්න. ඒ ගමනෙදි දවල් 2.30ට විතර ගිනි මද්දහනෙ දෙවන සමාධි බුද්ධ ප්‍රතිමාව පිටිපස්සෙ තියෙන අභයගිරි ආවාස ගෘහය බලන්න ගියා. අභයගිරි ආවාස ගෘහය බලන්න ගියේ මම විතරයි. ඒ වෙලාවෙ හොදටම දවල් වෙලා. පළාතම පාළුවට ගිහින්. පේන තෙක් මානෙක මිනිස් පුළුටක් ආසාවකටවත් දකින්න නෑ. චීන ජාතික පාහියන් හිමියන්ගේ වාර්තා අනුව අභයගිරියේ දේශීය සහ විදේශීය භික්ෂූන් 5000ක් නේවාසිකව හිදිමින් අධ්‍යාපනය ලැබුවා. මේ සංඝාරාමය තුළත් භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩ වාසය කළාට කිසිම සැකයක් නෑ. මොකද සංඝාරාමයේ මායිම අක්කර ගණනාවක් ඈතට දිව යනවා. සංඝාරාමයට ඇතුල් වෙන දොරටුවෙ ඉදලා, කෙලවරටම යන්න විනාඩි 15ක විතර කාලයක් ගත වුණා. ඒ තරමටම මේ ස්ථානය විශාලයි.
ඉඩම පුරාවටම දහස් ගණන් සදකඩ පහණ්, මුරගල්, කොරවක්ගල්, ගල් කණු, ගොඩනැගිලි පාදම් වගේ නටබුන් විසිරිලා තියෙනවා. ගොඩක් නටබුන් තවමත් මහා ඝන කැළෑවෙන් වැහිලා. එදා හොදටම දවල් වෙලා, දාඩියත් සට සට ගාලා වැක්කෙරෙන්න ගත්තා. අව් කාෂ්ටකෙත් උහුලන්න බෑ. දවල්ට කාලත් නෑ. ඒ නිසා හොදටම බඩගිනියි. තානායමට යන්නත් හොදටම පරක්කු වෙලා තිබ්බෙ. කාලය සම්බන්ධව ප්‍රශ්නයක් මතු වෙලා තියෙන නිසා, හැම තැනක්ම ඡායාරූපගත කරන ගමන්ම වේගෙන් ඇවිදගෙන ඇවිදගෙන ආරාමයේ මායිමටම ගියා. වේගෙන් ඇවිදගෙන ඇවිදගෙන ගිහින් මම නතර වුණේ ලොකූ පොකුණක ගැට්ටක් ඉස්සරහින්. ඇත්තටම පොකුණ ඉස්සරහට යනකන්ම, එතන පොකුණක් තියෙනවා කියලා පෙනුනෙ නෑ. මොකද පොකුණ හදලා තියෙන්නෙ උස් භූමියට සාපේක්ෂව පහළට වෙන්න. මම ගියපු වේගය තව ටිකක් වැඩි වුණා නම්, මේ ලිපිය ලියන මම අද ජීවතුන් අතර නෑ. ඒ තරමට ඝන කැළෑවකින් වට වුණු, විශාල සහ ගැඹුරු පොකුණක්. අක්කර ගණනාවක් යනකන් ජන ශූන්‍ය කලාපයක්. අනිත් කාරණය තමයි මට පීනන්නත් බෑ. වැටුණත් ගොඩට එන්නත් බෑ. කවුරුත් දන්නෙත් නෑ.

06. අලි දම්වැල
2011 අවුරුද්දෙ ජීවිතයේ දෙවෙනි වතාවටත් මහ නුවර දළදා පෙරහැර බලන්න යන්න වාසනාව ලැබුණා. පෙරහැර නිසා මාළිගාව වටේටම අලි ඇත්තු ගැට ගහලා හිටියා. වන්දනාමාන කටයුතු ඉවර කරලා, අපි මාළිගාව වත්ත වටේ ඉන්න ඇත් පංතිය බලන්න කාලය වෙන් කළා. ගොඩක් අලි ඇත්තු ළග අලි බාසුන්නැහේලා හිටියෙ නැතත්, අලි ඇත්තු ළගට ගිහින් පින්තූර ගත්තෙ, දම්වැල් වලින් ගැට ගහලා තියෙන නිසා, ආරක්ෂාව ගැන බය වෙන්න ඕන නෑ කියන විශ්වාසය මත. ඒත් ගෙදර ගිහින් අර ගත්ත පින්තූර කම්පියුටරේට දාලා බැලුවායින් පස්සෙ තමයි ඒකෙ භයානකකම තේරුනෙ. ගොඩක් අලි ඉඩමෙ එක කෙලවරක හිටියට, ඒ අලීන්ව ගැට ගහලා තියෙන දම්වැලේ කෙලවර තියෙන්නෙ, ඉඩමෙ අනිත් මායිමේ. ඒ කියන්නෙ එයාලට ඕන නම් අපි ළගට එන්න වුණත් හැකියාව තිබිලා තියෙනවා.
07. වැටිලි පෙරලිලි
මේ දක්වා ආපු ජීවිත කාලය තුළ මම දෙපාරක් බස් එකෙන් වැටුනා. එකපාරක් බස් එක යද්දි කලබලේට බහින්න ගිහින්. අනිත් පාර බස් එකෙන් බහිනකොට බස් එක අද්දලා. මේ දෙපාරම හයියෙන් බිම ඇදන් වැටුනත් සුළු තුවාල සහ හීරීම් විතරයි තිබුනෙ. බැරිවෙලාවත් ඔළුව එහෙම වැදුනා නම් මම එතනම ඉවරයි.
08. B Positive
කලින් සදහන් කරපු මගේ කකුල්වල රෝගී තත්වය අවුරුදු 4ක් තිස්සෙම මම පෙන්නුවේ බටහිර වෛද්‍යවරයෙකුට. මේ වෛද්‍යවරයා මට දුන්නෙ උග්‍ර වේදනා නාශක. මගේ වයසට සහ බරට ඒ බෙහෙත් පෙති ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ වගේ වේදනා නාශක පෙති වරුවකට 3 ගාණෙ, 9ක් දවසකට බොන්න නියම වුණා. සතියකට බෙහෙත් පෙති 63යි. මාසෙකට පෙති 252යි. අවුරුද්දකට 3024යි. අවුරුදු 4කට 12 096යි. මේ විදිහට ලෙඩේ විගහට සනීප කර ගන්න කියලා, අවුරුදු 4ක් තිස්සෙ බීපු වේදනා නාශක පෙති නිසා, 2012 පෙබරවාරි මුල සතියෙ මගේ ආමාශය හොදටම තුවාල වුණා. අන්තිමේදී බහිශ්රාවියත් එක්ක ශරීරයෙන් ලේ ගිහිල්ලා ගිහිල්ලා, එක පාරටම දෙවතාවක් ලේ වමනෙ ගියා. ඇගේ ලේ අඩු වුණා. ඒ නිසා ඇග හොදටම දුර්වල වුණා. පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. හිට ගත්තොත්, තත්පර 5ක් ඇතුළත කරකැවිල්ලක් හැදෙන්න ගත්තා. තත්පර 5කට වඩා හිටගෙන හිටපු හැම අවස්ථාවකදිම කලන්තෙ දාගෙන වැටුණා. අන්තිමේදි උගුර හරහා ආමාශයට බටයකුත් යැව්වා. හුස්ම ගන්න අමාරු වෙලා ඔක්සිජන් දුන්නා. ඊට පස්සෙ ඔලුවෙ කැක්කුම්, හතිය, කැස්ස, මහන්සිය වගේ අතුරු රෝගාබාධ තත්ව ඇති වෙන්න ගත්තා. ඇගේ ලොකු ලේ හිගයක්. ඒ නිසා ඉක්මනට මට ලේ ඕන වුණා. නැත්නම් සොරිම තමයි. ඕන කරන ලේ ටික හම්බුණේ අන්තිමම අන්තිම මොහොතේ. ඊට පස්සේ X-Ray, Scan, ECG වගේම ලේ පරීක්ෂණ ගොඩකුත් කරලා ලේ පයින්ට් 2කුයි, සේලයින් පැකට 8කුයි දුන්නා. ඒ තමයි මම මගේ ජීවිතයේ දැනට අත් විදපු බිහිසුණුම සිදු වීම. ඒ වෙලාවෙ මට කොච්චර අසාධ්‍ය වුණාද කිව්වොත්, සතියකට පස්සෙ ඉස්පිරිතාලෙන් ගෙදර ආපු ගමන් මම මගේ "අන්තිම කැමති පත්‍රයත්" ලිව්වා. ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු සහ ආසාවල් හිටං ඒ වෙලාවේ අතෑරියා.
09. උඩමාදුර ගමන
මේ සිදුවීම වුණේ 2014 මාර්තු 27 වෙනිදා. නුගේගොඩ NSBM එකට සම්බන්ධ වෙලා 2014 මාර්තු 18 වෙනිදට අවුරුද්දකුත් වුණ නිසා ඒක සමරන්න අපේ පංතියේ අය හරි අපූරු වැඩක් කළා. ඒ තමයි දහසක් වූ අගහිගකම් වලින් පෙලෙන දුෂ්කර පාසලකට පුලුවන් ශක්ති ප්‍රමාණය අනුව ආධාර සහ පරිත්‍යාග ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. පළවෙනි අධියරය වෙනුවෙන් නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ ඉදලා කිලෝ මීටර් 30කට එහායින් තියෙන උඩමාදුර ගල්කඩවල ප්‍රාථමික විද්‍යාලය තෝරා ගැනුණා. පැය 9ක වෙහෙසකාරී ගමනකින් පසුව උඩමාදුර ප්‍රාථමික විද්‍යාලයට ගිහින් ආධාර, උපකරණ සහ පරිත්‍යාග එහෙම බෙදලා දීලා, කොළඹ යන්න පිටත් වුණේ දවල් 2.30ට විතර. අපි ආපු පාර තාවකාලිකව වහලා නිසා අපිට යන්න වුණේ ලදු කැළෑවක් සහිත පුංචිම පුංචි පාරකින්. වැස්ස නිසා පොළොව ඔක්කොම මඩ වෙලා. වාහනේ හරවන්නත් හරිම අමාරු වුණා. ආයිත් ආපස්සට යන්නත් බැරි තරමට පාර පටුයි. විදුහල්පතිතුමයි ගමේ මාමා කෙනෙකුයි අපේ පස්සෙන් ආවා, අපේ තනියට. වැස්ස නිසා වාහනේ 10 වතාවක් විතර තැන් කිහිපයකම එරුණා. කදු ගැට්ටෙන් එහාට වාහනේ පෙරලෙන්න ගිය අවස්ථාත් එමටයි. අනන්තයි අප්‍රමාණයි. මේ නිසා පැය දෙකක්ම ගත වුණේ එක වෙලාවකට එරිලා තියෙන සහ එක වෙලාවකට නවත්තන්නෙ නැතුව ඉබේම පල්ලෙහට එන වාහනේ ලදු කැළෑවෙන් එළියට ගැනීමේ ක්‍රියාන්විතයට. දහයියා ගෙනල්ලා, ලී කෑලි හිර කරලා, ගල් දාලා, වාහනේ තල්ලු කරලා, හරවලා, උස්සලා තමයි අපේ අය ගමේ අයත් එක්ක එකතු වෙලා ඒ අභියෝගය ජය ගත්තෙ. ඒක හොද අත්දැකීමක් වුණත් ජීවිතයේ අත් විදපු භයානකම සිදුවීම් අතරට මේ සිදුවීමත් එකතු වෙනවා. අදටත් ඒ සිදුවීම ගැන මතක් කරන්න මම එච්චරම කැමති නෑ.
ඊට පස්සෙ අපි විදුහල්පතිතුමයි, අපේ උදව්වට ආපු ගමේ අය ටිකයි එක්ක කන්ද පල්ලෙහට ගෑටුවා මඩ ටික හෝද ගන්න. අපි මඩ හෝද ගත්තු ගගේ උඩහට වෙන්න තමයි "ගොළු ඔළුව" තියෙන්නෙ. ඉතින් ඒකත් බලන්න යන තැනට විදුහල්පතිතුමා අපිව උනන්දු කළා. විනාඩි 15ක විතර දුරක් ගෙවා ගෙන ගල් වැටි, කටු පදුරු, කූඩැල්ලො, වලවල්, දිය ඇලි, දිය පාරවල් අස්සෙන් කන්ද බැහැලා, විශාල ගංගාව තරණය කරලා, ගගේ උඩහට අපි ගියා. කන්ද බැස්සායින් පස්සෙ හිතුනා ආයිත් කන්ද නගින්නම ඕනද කියලත්. මොකද ඒ තරම් දුරක් අපි පහළට පහළට බැහැගෙන බැහැගෙන ඇවිල්ලා. ගංගාව තරණය කරන්න, ගල් වැටි උඩින් සමබරව යන්න අපේ කට්ටිය වගේම, විදුහල්පතිතුමා ඇතුළුව අපිත් එක්ක ආපු ගමේ මාමලා දෙන්නත් ගොඩක් උදව් කළා. ගංගාවෙත් මධ්‍යම ප්‍රමාණයේ අතු කොටස් හතක් විතර අපි ගොඩක් අමාරුවෙන් තරණය කළා. වැස්ස නිසා වතුර හරිම සීතලයි. ඒ වගේම වතුර ගලාගෙන යන වේගෙත් ගොඩක් සැරයි. ගැඹුරුයි. ගල් උඩ වගේම කන්දත් ලිස්සනවා. අවස්ථා දෙකකදී ලිස්සලා වැටුණා විතරක් නෙවේ මගේ කැමරාවත් හොදටම තෙමුණා. එයින් එක අවස්ථාවකදී මාව ගග පල්ලෙහට ගහගෙන යන්නත් ගියා. අපිත් එක්ක ආපු මාමා ඒ වෙලාවේ මගේ අත ඇල්ලුවේ නැත්නම් මට වෙන දේ මටවත් හිතා ගන්න බෑ.

10. කහ ඉර උඩම
දවස් කිහිපයක්ම (04) වාහනවලට හැප්පෙන්නත් ගිහින් තියෙනවා. ඒ වෙන කොහෙවත් නෙවේ. කහ ඉර උඩම. එහෙම වෙන්නෙ, හය හතර නොදන්න බයික් පදින අයයි, ත්‍රීවීල් එලවන අයයි, කහ ඉරේදිත් Overtake කරන්න දගලනකොට.
මගේ ජීවිත කාලය තුළ මේ වගේ ගොඩක් භයානක සිදුවීම් ගණනාවක් අත්විදින්න ලැබුණා. සමහරක් ඒවා මතකත් නෑ. කොහොමින් කොහොම හරි මේ වගේ සිදුවීම් සමුදායක් මැද්දෙ හරි කිසිම අනතුරක් නොවී ජීවිතේ මේ දක්වා පවත්වාගෙන එන්න පුලුවන් වුණු එක ගැන නම් දැනෙන්නේ අප්‍රමාණ සතුටක්..!!!!!!