අපි නොදන්න ඇමරිකා - 03
ඇමරිකාව ගැන කලින් වතාවෙ ලියපු ලිපි දෙකටම හිතුවටත් වඩා හොද ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය මේ ලිපි දෙකම අගයලා, Facebook ඔස්සේ පෞද්ගලික පණිවිඩ එවලා තිබ්බා. මේ අතරෙ තවත් අය "ඊළග ලිපියත් ඉක්මනටම ලියන්න" කියලා විටින් විට මතක් කළා. ඉතින් අපිටත් ලොකු සන්තෝසයක් ආවා. මොකද දූපත් මානසිකත්වයක් නැති, විවෘත මනසක් තියෙන පිරිසක් මේ ලිපි කියවලා තිබ්බ නිසා. මේ ලිපි මාලාව ලිවීමේ අදහස අපිට ඇවිල්ලා විශාල කාලයක් වුණත්, අපේ පළවෙනි ලිපිය එළිදක්වන්න ප්‍රමාද වුණෙත්, ඇමරිකාවේ ගුණ ගයලා, දායක සභාවෙන් අපිට චෝදනා, ගල්, මුල් එල්ලවෙයි කියලා හිතුන නිසා. ඒත් ඉතින් තිත්ත වුණත් මේක තමයි ඇත්ත.
ඇමරිකාව ගැන විස්තර කියන අපේ සගයා, ඇමරිකාවට අඩිය තියපු දවසෙ ඉදලා, එයාගෙ ඇස් දෙකට දැක්ක, එයාගෙ ජීවිතයට අත්දැකීමක් වුණු සෑම සියලු දෙයක්ම තමයි අපි මේ ලිපි දෙකේම ඇතුළත් කළේ. ඉතින් තුන්වෙනි ලිපියට අපි ටික කාලයක් අරගත්තා, අපේ සගයට අලුත් අත්දැකීම් ටිකක් එකතු කරගන්න ඕන නිසා. මොකද අත්දැකීම් කියන දේවල් හැමදාම, හැම තැනම ලැබෙන්නෙ නෑ. කාලයක් අවශ්‍යයි. මේ ටික කාලය ඇතුළත අපේ සගයට ඔන්න තවත් අත්දැකීම් ටිකක් ලැබිලා තිබුණා. ඉතින් දීර්ඝ නිහැඩියාවකින් පස්සෙ, මේ තමයි තුන්වෙනි ලිපිය එළිදක්වන්න හොදම වෙලාව.

අපි බලමු අපි නොදන්න ඇමරිකාව ගැන, මේ වතාවෙදි අපේ සගයා කිව්වෙ මොනවද කියලා. හැබැයි අපේ පළවෙනි ලිපිය සහ දෙවෙනි ලිපිය නොබලපු අය ඉන්නවා නම්, ඒ අයට මුල් ලිපි දෙක කියවලා ඉන්න වෙනවා. මොකද "අපි මේ වගේ ලිපි මාලාවක් ලියන්න කල්පනා කළේ ඇයි?" කියන එකට උත්තරය තියෙන්නෙ ඒ ලිපිවලයි.
25. අවදානමට පෙර සූදානම
" ඇමරිකාවෙ මිනිස්සු හැම දෙයක් ගැනම දැනුවත් වෙලයි ඉන්නෙ. ඒ වගේම හැම දෙයක් වෙනුවෙන්ම සූදානම් වෙලයි ඉන්නෙ. ඒ නිසා අනපේක්ෂිත අනතුරක් වුණොත්, එයාලට ඉක්මනට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන්. සුළි සුළං, නාය යෑම්, ගිනි කදු, ගං වතුර වගේ ස්වභාවික විපත්වලදි සූදානම් පිට තමයි ඉන්නෙ. දැන් උතුරු කොරියාව වගේ රටකින් රසායනික අවි ප්‍රහාරයක්, එහෙමත් නැත්නම් න්‍යෂ්ඨික බෝම්බයක් එල්ල වුණත්, ඒ හැමදේටම සූදානම් වෙලා තමයි ඉන්නෙ. 'ගහයිද? ගහන එකක් නැති වෙයිද?' කියලා හිත හිතා ඉන්නෙ නෑ. 'අනිවාර්යෙන්ම වෙන්න තියෙන නරකම දේ වෙයි' කියලා හිතලා, ඒ වෙනුවෙන් ලෑස්ති පිට ඉන්නෙ. මේ වගේ අනතුරු සහ ආපදා ගැන මෙයාලව දැනුවත් කරන්නෙ විශ්වවිද්‍යාලවලින්, පාසල්වලින්, රෝහල්වලින්, නගර සභාවලින්, පල්ලිවලින්, මාධ්‍යවලින්, නියෝජිත ආයතනවලින්.
ඇමරිකාවේ කාළගුණික දත්ත 80%ක් නිවැරදියි. ඒ, ඇමරිකාවේ චන්ද්‍රිකා තාක්ෂණය ගොඩක් දියුණු නිසා. ඉතින් හදිස්සියේ ඇති වුණොත් ඇරෙන්න, ලොකු ටෝර්නාඩෝ එකක් වගේ එනවා නම්, මෙයාලා මාස ගාණකට කලින් ඉදලම, අනතුරු ඇගවීම් නිකුත් කරනවා. එතකොට මිනිස්සු ඒ මාස කිහිපය ඇතුළත කෑම ගබඩා කරලා, බැටරි ලෑස්ති කරලා, ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ නිසා අත්දැකීම් නැති වුණත්, අර සූදානම නිසා, මෙයාලට බේරෙන්න පුලුවන්. ඒ නිසා ආපදා කළමණාකරණය කියලා එකක් විශේෂයෙන් අවශ්‍ය වෙන්නෙ නෑ. ලංකාවේ ගොඩක් අනතුරු සහ ආපදාවලින් වෙන විනාශයන් වළක්වන්න පුලුවන්, අපේ මිනිස්සුත් ගොඩක් දැනුවත් වෙලා තිබ්බා නම්. 2004 අවුරුද්දෙ සුනාමිය ආපු වෙලාවෙ කී දෙනෙක් මාළු ඇහිදින්න, මුහුද මැද්දට ගියාද? කලින් දැනුවත් කරලා තිබ්බා නම්, ඒ හැම ජීවිතයක්ම බේරගන්න තිබ්බා. ලංකාවේ අපරාදයක් වුණාම, මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසාම සාක්ෂි නැති වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා නේද?
අපි හිතමු කවුරු හරි කෙනෙක් වාහනයකට හැප්පිලා, කොන්ද කඩා ගත්තා. අපේ මිනිස්සු කරන්නෙ ඒ අයගෙ තියෙන මනුස්සකමට, හිත හොදකමට, ඒ කෙනාව ඉක්මනට උස්සලා, ත්‍රීවීල් එකක දාගෙන ඉස්පිරිතාලෙ ගෙනියනවා. හැබැයි ඇමරිකාවෙ මිනිස්සු එහෙම කරන්නෙ නෑ. එයාලා වෛද්‍යය කණ්ඩායමක් එනකන් බලාගෙන ඉන්නවා. මොකද ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු දැනුවත් නැති වුණාට, ඇමරිකාවෙ සාමාන්‍ය මිනිස්සු දැනුවත්. කොන්ද කැඩුනු මනුස්සයෙක්ව උස්සනවා නම්, ඒකට නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඉස්සුවෙ නැත්නම්, සමහරක්විට ඒ කෙනා මැරෙනකන්ම ඒ තත්වයෙන්ම ඉන්න පුලුවන්. මොකද එහෙම උස්සන්න නිවැරදි පුහුණුවක් ඕන. ඒ නිසා ඇමරිකාවෙ මිනිස්සුන්ට මොකක් හරි කරදරයක්, ආපදාවක්, අනතුරක් වුණාම, ඒ දේවල් තවත් සංකීර්ණ කරගන්න යන්නෙ නෑ. කොටින්ම කිව්වොත් හත්පොලේ ගාගන්නෙ නෑ. "

26. පෙරකදෝරු මහත්තුරු
" ඇමරිකාවේ උසාවිවල තියන නඩු, දවසෙන් දෙකෙන් ඉවර කරනවා. ලංකාවේ වගේ අවුරුදු ගණන් කල් දාන්නෙ නෑ. ඇමරිකාවේ හොද යාන්ත්‍රණයක් හදලා තියෙනවා මේ වෙනුවෙන්. නීතීඥයින්ගෙන් පිහිට පතන්න, අඩුම අඩු ආදායමක් ලබන, මොකක් හරි අසාධාරණයකට ලක්වෙලා ඉන්න දුප්පත් සහ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන්, ඇමරිකාවෙ ආණ්ඩුවෙන් ලොකු මෙහෙවරක් කරනවා. එයාලා කරන්නෙ ඒ වගේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් නොමිළේ නීතීඥවරු දෙනවා. එහෙම දෙන්නෙත් හොද දක්ෂම දක්ෂ අය. ඊට පස්සෙ නීතීඥවරයාගේ ගාස්තුව ආණ්ඩුවෙන් ගෙවනවා. ඉතින් දුප්පත් මිනිහෙක්ට වුණත් පුලුවන්, අසාධාරණයක් වුණා නම් Microsoft වගේ ලොකු ආයතනයක් එක්ක වුණත්, තරගෙට නඩු කියන්න.
ඇමරිකාවෙ ගොඩක් නීතීඥයො කැමති, සාමාන්‍ය මිනිස්සුන්ට නොමිළේ සේවාව සපයන්න. ඒක එයාගෙ ප්‍රතිරූපයට හොදයි. අනිත් අතට නොමිළේ සේවාව සපයලා, Microsoft වගේ ලොකු ආයතනයක් එක්ක නඩු කියලා, ඒ නඩුව දින්නොත්, එයාට ගොඩක් ප්රතිලාභ හම්බවෙනවා. සේවාදායකයින්ගේ ඉල්ලුම 500%කින් විතර ඉහළ යනවා. රට වටේ ප්‍රසිද්ධ වෙනවා. වෘත්තිය අතින් ගොඩක් ඉහළට යන්න පුලුවන්. රජයෙන් වුණත් තනතුරක් දෙන්න පුලුවන්.
මේ නිසා ඇමරිකාවෙ ගොඩක් මිනිස්සු, පොඩි පොඩි දේවල්වලටත් නඩු කියනවා. අද කාත් එක්ක හරි ප්‍රශ්නයක් ඇති කරගත්තොත්, පහුවෙනිදට උසාවියෙන් සිතාසියක් එනවා. ඒ, උසාවිවල තියෙන කාර්යක්ෂමතාවය, සාධාරණත්වය සහ දුප්පත් මිනිස්සුන්ට වුණත් ඒ අවස්ථාව දීලා තියෙන නිසා. පගාවට වැඩ කරන නීතීඥයො ඉන්නවා. හැබැයි සෑහෙන්න අඩුයි. මොකද නීති තදයි. එහෙම කරලා අහු වුණොත්, කෙලින්ම හිරේ දානවා. ඒ දාන්නෙත් සාමාන්‍ය හිරකාරයො එක්කමයි. අපේ වගේ ඉස්පිරිතාලවලට යවලා, සතියක් දෙකක් ගියාම, නිදහස් කරන්නෙ නෑ. "

27. මම ටැක්සිකාරයා
" ඇමරිකාවෙ ටැක්සි එළවන මිනිස්සු බොහොම හොදයි. මනුස්සකම තියෙන අයත් ගොඩක් ඉන්නවා. දවසක් මායි යාලුවෙකුයි ටැක්සියක ගියා. ගමන ඉවරවෙනකොට එයා ගත්තෙ එක්කෙනෙක්ගෙ ගාණ මිස, දෙන්නෙක්ගෙ ගාණ නෙවේ. තව සමහරු අපෙන් සල්ලි ගන්නෙම නෑ. මේ පැත්තෙ එක ටැක්සි සමාගමක් තියෙනවා. එයාලා හවස 4.00 ඉදලා පහුවදා පාන්දර 2.00 වෙනකන්, විශ්වවිද්‍යාලවල ළමයින්ට නොමිළේ ප්‍රවාහන සේවාව සපයනවා. මොකද අපි ඉන්නෙ විශ්වවිද්‍යාලයේ ළමයි වැඩියෙන් ඉන්න පළාතක. අනික අපි පිටරටකින් ආපු අය. ඒ මිනිස්සු දන්නවා, ළමයි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නෙ හරිම අමාරුවෙන් කියලා සහ ගොඩක් සල්ලි වැය වෙනවා කියලා. ඉතින් ඒ වගේ සහන දෙන හොද මිනිස්සු ඉන්නවා.
කතා බහත් බොහොම හොදයි. අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න කැමති නෑ. ඒකට ප්‍රධානතම හේතුව තමයි, අර මම කලින් කිව්වා වගේ උසාවිවල තියෙන කාර්යක්ෂමතාවය. ඒවා කරදර වෙන්න වෙන වැඩ. වාහනේ එළවන්නෙත් බොහොම පරිස්සමෙන්. මොකද මෙහේ ලකුණු දෙන ක්‍රමයක් තියෙනවා. රියදුරන්ගෙ අතින් වැරදි වෙන්න වෙන්න, එයාගෙ ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා. මේක ප්‍රාන්ත අනුව වෙනස් වෙනවා. මම ඉන්න South Dakotaවල නම් රතු එළියෙදි ගියොත්, ලකුණු 3ක් හම්බවෙනවා. අධික වේගයෙන් ගියොත්, ලකුණු 6ක් හම්බවෙනවා. බීලා ගියොත්, ලකුණු 10ක් හම්බවෙනවා. ඔන්න ඔය වගේ. 22 තමයි උපරිම ලකුණු ගාණ. ඒක පැන්නුවොත්, බලපත්‍රය අවලංගු කරනවා. ආයිත් ඒක ගන්න නම්, මාස ගාණක් බලාගෙන ඉන්න ඕන. ඒකත් කරදර වැඩක්. වේගයෙන් ගිහින් වාහනේ හප්පගෙන, ඇතුළෙ යන කෙනාට ජීවිතාන්තය තෙක්ම නැගිටින්න බැරුව, එක්තැන් වුණොත්, රියදුරාට සිද්ධ වෙනවා, ඒ කෙනා මැරෙනකන්ම එයාගෙ සෞඛ්‍යය සහ රෝහල් ගාස්තු ගෙවන්න. ඉතින් නීතියෙන්ම, මෙහේ රියදුරන්ගෙ විනය හදලා තියෙනවා. "

28. උඩින් එවන පීසා
" ඇමරිකාවේ ගොඩක් පීසා සමාගම්වලින් මේ දවස්වල ලොකු අත්හදා බැලීමක් කරනවා. මේක වර්ධනය වෙමින් තියෙන තාක්ෂණයක්. ඒ තමයි ඩ්‍රෝනවලින් පීසා බෙදන ක්‍රමයක්. මුලදි මේ ක්‍රමය සාර්ථක වුණේ නෑ. මොකද උඩින් කෑම ටික පහළට දානකොට, හුළග වැඩි වුණු ගමන්, ඒවා වෙන පැත්තකට වැටෙන්න පුලුවන්. පහළට දැම්මම ගෙදර ඉන්න බල්ලො, පූසොන්ට අහුවෙන්න පුලුවන්. හැබැයි තාක්ෂණයේ දියුණුවත් එක්ක, මොන හුළගක් ආවත්, පාර්සලය ඒ තැනටම වැටෙන විදිහේ ක්‍රමයක් හොයාගෙන තියෙනවා. සත්තුන්ගෙන් වෙන හානිය වළක්වන එකටත් විසදුමක් දැන් තියෙනවා. විසදුම තමයි, කෑම එක ඇනවුම් කරන කෙනාටම තීරණය කරන්න දෙනවා, කෑම එක දාන්න, බාධාවක් නැති මොකක් හරි තැනක්. මේ ක්‍රමය දැනටමත් සාර්ථකයි. ගොඩාක් සාර්ථක වුණොත්, ඇමරිකාවේ කෑම බෙදන මිනිස්සුන්ට (Food Delivery Drivers) රස්සාවල් නැති වෙනවා. මොකද මේක කාර්යක්ෂම සහ අඩු වියදමක් තියෙන ක්‍රමයක් නිසා. "
29. අපි වෙනුවෙන් අපි
" ඇමරිකාවෙ සුපිරි වෙළදසැල්වල බඩු තෝරනකොට, අපි වගේම තවත් බඩු ගන්න එන අය, අපිට ඒවා අරගන්න උදව් කරනවා. ඒක මෙහේ දකින්න සහ අත්විදින්න තියෙන සුලභ දෙයක්. දවසක් අපි හැදි වගයක් තෝර තෝර ඉන්නකොට, එක ගෑණු කෙනෙක් කිව්වා 'ඔව්වා ගන්න එපා. ඔව්වා ගොඩක් බාලයි. මම අරගත්තු ඒවා ඔක්කොම කැඩුණා. ඔයිට වඩා මේ ජාතියේ හැදි හොදයි. ගාණත් අඩුයි' කියලා. මේ එකක් විතරයි. ගොඩක් අය මේ විදිහට අනිත් අයට බඩු තෝරන්න උදව් කරනවා. ඒවා ගැන තියෙන අත්දැකීම්, වාසි අවාසි කියනවා. ඒ තරම් මිනිස්සු හිතවත්. මිතුරුයි. මොකද එයාලා හැමතිස්සෙම හිතනවා 'මම කලින් වැරදි දෙයක් තෝරගෙන අමාරුවෙ වැටුනා. ඒ නිසා වෙන කෙනෙක් නොදන්නකමට, ඒ දේම තෝරගෙන අමාරුවෙ වැටෙන්න දෙන්න හොද නෑ' කියලා.
මෙහේ ඇදුම් කඩවල Discount Cards හම්බවෙනවා. හැබැයි ඒ වට්ටම තියෙන්නෙ දවස් තුනකට විතරයි. අපි හිතමු කෙනෙක් ඇදුම් 50ක් ගන්නවා කියලා. එහෙනන් එයාට 80%ක වට්ටමක් තියෙන Discount එකක් හම්බවෙනවා. හැබැයි දවස් තුනයි වලංගු වෙන්නෙ. අද ඇදුම් 50ක් ගත්ත කෙනාට, දවස් තුනක් ඇතුළත තව ඇදුම් ගන්න ඕන වෙන්නෙ නෑ නෙහ්. ඉතින් එයාට Discount එකෙන් වැඩක් නෑ. එයා කරන්නෙ කඩෙන් එළියට යනකොට, දොර ළගදි හම්බවෙන, කඩයට ඇතුල් වෙන ඊළග එක්කෙනාට 'Hey you want this? Have fun' කියලා Discount Card එක දීලා යනවා. මොකද එයාලා හිතනවා 'තමන්ට ඒකෙන් වැඩක් නැති වුණත්, අනිත් අය හරි ඒකෙන් වැඩක් ගනීවි' කියලා. ඒ හම්බවෙන කෙනා කවුද කින්ද මන්ද කියලා දන්නෙත් නෑ. ආයිත් කවදා කොහේ කොතනක හම්බවෙයිද දන්නෙත් නෑ. ඒත් කිසිම ගාණක් නැතුව, ඔහේ ඒක දීලා යනවා. ඒක නම් මෙහේ නිතරම දකින්න තියෙන දෙයක්. එහෙම නැත්නම් ඒ Discount Card එක ඉස්සරහා මේසයකින් හරි තියලා යනවා, ඕන කෙනෙක්ට අරගන්න පුලුවන් වෙන විදිහට. "

30. මිනිස්සුන්ට මතකයි
" ඇමරිකාවෙ මිනිස්සු ඡන්දය දෙනකොට හරිම බුද්ධිමත් විදිහට, හොදට කල්පනා කරලා බලලා තමයි දෙන්නෙ. එයාලා හැමතිස්සෙම විචාර පූර්වකව කල්පනා කරනවා. ඒ ඒ අපේක්ෂකයාගේ අතීතය ගැන කල්පනා කරනවා. ලංකාවෙ අය නම් ගොඩක් වෙලාවට බොරු ඡන්ද පොරොන්දුවලට රැවටිලා දෙනවා. පොරොන්දු ඉටු කළේ නැතත්, ඒ මනුස්සයටම ඊළග ඡන්දෙත් කතිරෙ ගහනවා, අලුත් බොරු පොරොන්දු නිසා. තව සමහරු ටකරංවලට, බඩු මල්ලට රැවටිලා ඡන්දය දෙනවා. හැබැයි ඇමරිකාවෙ මිනිස්සු, ඒ අපේක්ෂකයගෙ අතීතය ගැන හිතනවා. ගියපාර පොරොන්දු ඉෂ්ඨ කරලා නැත්නම්, මේ පාර එයාට ඡන්දය දෙන්නෙ නෑ. ඉතින් ඡන්ද පොරොන්දු ඉටු නොකරන දේශපාලඥයන්ට, ඇමරිකාවෙ මිනිස්සුන්ගෙන් කිසිම සමාවක් ලැබෙන්නෙ නෑ.
2016 ජනාධිපතිවරණයේදි ගොඩක් මිනිස්සු හිලරිට ඡන්දෙ නොදුන්නෙ, බිල් ක්ලින්ටන් නිසා. බිල් ක්ලින්ටන් ජනාධිපති වෙලා ඉන්න කාලේ ඇමරිකාවේ ආර්ථිකය පහළට වැටුනා. ඉතින් මිනිස්සු බය වුණා, හිලරි ජනාධිපති වෙනවට. හිලරි ජනාධිපති වුණොත්, හිලරිගෙ මාර්ගයෙන් බිල් ක්ලින්ටන් ඇමරිකාවෙ පාලනයට ඇතුල් වෙන්න ඉඩ තිබුණා. "

31. Office එක ගෙදර වගේ
" ඇමරිකාවෙ Officeවල බල්ලො බළල්ලු වගේ මරව මරව වැඩ ගන්නෙ නෑ. සේවකයින්ට හොදට සළකනවා. Officeවල වෙනමම තැන් වෙන් කරලා තියෙනවා නිදාගන්න. ඕන තරම් කෝපි බොන්න පුලුවන්. සමහර ඒවායෙ නම් උදේ, දවල්, රෑ කෑම හිටන් දෙනවා. ඇතුළෙ සහ එළියෙ ටෙනිස්, බැඩ්මින්ටන් වගේ ක්‍රීඩා උපකරණ තියෙනවා. Video Games කරන්න පුලුවන්. කැරම් වගේ දේවල් සෙල්ලම් කරන්න පුලුවන්. ඒ තැන්වල එහෙම ඒවා දීලා තියෙන්නෙ, වැඩ කරන අය වෙනුවෙන්ම තමයි. මොකද ලොකු ව්‍යාපෘතිවල දිගට හරහට වැඩ කරනකොට, ලොකු මහන්සියක් සහ ආතතියක් එනවා. ඒ දේවල් මග අරින්න පුලුවන් ක්‍රම විදිහට තමයි, අර වගේ පහසුකම් දීලා තියෙන්නෙ. ඉතින් ඒ දේවල්වලින් පොඩි විවේකයක් අරගෙන, මහන්සිය සහ ආතතිය නැති කරලා, ඒ අයට ආයිත් වැඩ පටන් ගන්න පුලුවන්.
හැබැයි ඒ අය, ඒ ඒ දේවල්වලින් අයුතු ප්‍රයෝජන ගන්නෙ නෑ. ඔක්කොම වැඩ නවත්තලා දාලා, දවස පුරාම ඒවා කර කර ඉන්නෙ නෑ. මේ ක්‍රමය නිසා සේවකයො ගෙදරට වඩා, රස්සාව කරන තැනට කැමතියි. රස්සාව කරන තැනට ගොඩක් ආදරෙයි. හරිම සන්තෝසෙන් වැඩ කරන්නෙ. සමහරක් අය ඉන්නවා, එයාලා රස්සාව කරන තැන Current එකෙන් Laptop එක, Phone එකවත් Charge කරන්නෙ නෑ. එයාලා ඒ තරමටම ඒ තැන් ගැන හිතනවා. ආයතන ප්‍රධානීන් වුණත් ගොඩක් නම්‍යශීලී. ඒ අයගෙ අතින් වැරැද්දක් වුණොත්, සමාව ගන්න දෙපාරක් හිතන්නෙ නෑ. ඒ අය තමන්ට පුලුවන් විදිහට, තමන්ගෙ සේවකයින්ට වැටුප්, වරප්‍රසාද වැඩි කර කර දෙනවා. සමහරක් අයට මුළු ජීවිත කාලෙටම සෞඛ්‍ය රක්ෂණ ආවරණ දෙනවා.
වැඩ කරන තැන අඩුපාඩුවක් නිසා, සේවකයෙක් අනතුරකට පත් වුණොත්, එයා මැරෙනකන්ම රෝහල් සහ සෞඛ්‍යය වියදම්, ඒ ආයතනයෙන් දරන්න ඕන. නැත්නම් ගිවිස ගත්ත මාස ගණනක්, අවුරුදු ගණනක් යනකන්, එයාගෙ පවුලෙ අයට මුදලක් දෙන්න ඕන. මොකද එයා අනතුරට පත් වුණේ, ඒ ආයතනයේ අඩුපාඩුවක් නිසා. උදාහරණයක් විදිහට, කැඩුණු පඩිපෙළකින් වැටිලා වෙන්න පුලුවන්. "

32. රාජ්යාධීකාරීවරු
" ඇමරිකාවේ විශ්වවිද්‍යාල පාලනය කරන්නෙ Board of Regents කියලා මණ්ඩලයකින්. ලංකාවෙ නම් හරියට උසස් අධ්‍යාපනය අමාත්‍යාංශයට ටිකක් සමානයි. හැබැයි ලොකු වෙනසක් තියෙනවා. මේ මණ්ඩලයේ ඉන්නෙ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු, මහාචාර්යවරු, කථිකාචාර්යවරු, උපකුලපතිවරු, උපාධිකරුවෝ, ගුරුවරු වගේ අය. ඇමරිකාවේ හැම ප්‍රාන්තයකටම, මේ වගේ එක මණ්ඩලයක් තියෙනවා. ඒ ඒ මණ්ඩලවල අය, ඒ ඒ ප්‍රාන්තවල විශ්වවිද්‍යාලවලට අදාළව තීන්දු තීරණ ගන්නවා. ඒ ඒ ප්‍රාන්තවල පරිසරය සහ අවශ්‍යතා අනුව විෂය නිර්දේශ හදනවා. උදාහරණයක් විදිහට New York University එකේ ඉන්නෙ ගොඩක් විදේශීය ශිෂ්‍යයො. ඒ නිසා New Yorkවල Board of Regents එකෙන් එහේ ඉගෙන ගන්න හැම ශිෂ්‍යයෙක්ම උනන්දු කරනවා / දැනුවත් කරනවා චීන, හින්දි, ප්‍රංශ වගේ අමතර භාෂාවකුත් ඉගෙන ගන්න එක ප්‍රයෝජනවත් කියලා. South Dakota University එකේ විදේශීය ශිෂ්‍යයින් ගොඩක් අඩුයි. ඒ නිසා ඒ පැත්තෙ මණ්ඩලයෙන් තීරණය කරලා තියෙනවා, විදේශීය භාෂාවක් ඉගෙන ගන්න, ළමයින්ව උනන්දු කළ යුතු නෑ කියලා.
හැබැයි මේ මණ්ඩලවලින් ගන්න තීන්දු සහ තීරණ, රජයේ නීති රීතිවලට යටත් වෙනවා. ඒ අයට සමහරක් තැන්වලදි සීමාවන් තියෙනවා. එයාලට බෑ විභාගවල ගුණාත්මක තත්වය අඩු කරන්න. එයාලට බෑ විශ්වවිද්‍යාලවල උගන්වන විෂයවල් ගාණ අඩු කරන්න. ඊට අමතරව විශ්වවිද්‍යාලවල වියදම් සම්බන්ධවත් මෙයාලා තීරණ ගන්නවා. "

33. ප්‍රශ්නයක් නෑ !
" ලංකාවෙ නම් බොන අය මැද්දෙ, නොබොන කෙනෙක්ට ඉන්න අමාරුයි. බොන අය ටික එකතුවෙලා කොහොම හරි, නොබොන කෙනාට බලෙන් පොවන්නම තමයි බලන්නෙ. එහෙම නැත්නම්, එයාට අනවශ්‍ය විදිහට විහිළු කරනවා. මස් මාළු නොකන කෙනෙක් නම් ඒත් එහෙමයි. එක්කො බලෙන් කවන්න හදනවා. නැත්නම් කට්ටියම එකතුවෙලා එයාට විහිළු කරනවා. ඒත් ඇමරිකාවෙ නම් ඒ ප්රශ්නය නෑ.නොබොන කෙනාව බීමට පොළඹවන්නෙ නෑ. මුලින්ම අහනවා 'You wanna drink?' කියලා. ඒ කියන්නෙ 'ඔයාට බීම එකක් ඕනද?' කියලා. එපා කිව්වම කියනවා 'No problem. It's your belief' කියලා. ඒ කියන්නෙ 'අවුලක් නෑ. ඒක ඔයාගෙ විශ්වාසය' කියලා. ඇමරිකාවෙ මිනිස්සු හරියට, අනිත් ජාතීන්ගෙ සහ අනිත් මිනිස්සුන්ගෙ විශ්වාසවලට ගරු කරනවා. අනිත් අතට ඇමරිකාවෙ ඉන්න බහුතරයක් දෙනා, ආර්ය ජාතියකින් එන අය නෙවේ. හැමෝම වගේ කලවම් වුණු අය. එක්කො පළවෙනි පරම්පරාව ඉතාලියෙ. දෙවෙනි පරම්පරාව ග්‍රීසියේ. තුන්වෙනි පරම්පරාව ඇමරිකාවෙ. එහෙම නැත්නම් පළවෙනි පරම්පරාව චීනයෙ. දෙවෙනි පරම්පරාව ජර්මනියෙ. තුන්වෙනි පරම්පරාව ග්‍රීසියෙ. එහෙම නැත්නම් තාත්තා හංගේරියානු. අම්මා ඕස්ට්‍රේලියානු. ඔන්න ඔය වගේ.... මිශ්‍ර සංස්කෘතියක්. ඒ නිසා ඇමරිකාවෙ ඉන්න බහුතරයක් දෙනාට, අනිත් ජාතීන් සහ ඒ ඒ ජාතීන්වල සංස්කෘතීන් ගැන හොද දැනුමක් සහ අත්දැකීමක් තියෙනවා. ඒ නිසා එයාලා ඒ හැම ජාතියකටම, හැම සංස්කෘතියකටම සහ හැම විශ්වාසයකටම ගරු කරනවා. "
34. පංචිකාවතු නෑ !
" ඇමරිකාවෙ කවුරු හරි කඩයක් දැම්මොත්, ඊට අල්ලපු ඉඩමෙ තවත් කෙනෙක් කඩයක් දානවා නම්, එයා දාන්නෙ වෙනස්ම කඩයක්. උදාහරණයක් විදිහට අපි හිතමු කවුරු හරි කෙනෙක් සපත්තු කඩයක් දැම්මා කියලා. එහෙනං ඊට අල්ලපු ඉඩමෙ කඩයක් දාන කෙනා, ඒ කඩේ වෙළදාම් කරන්නෙ මේස් කුට්ටම්. තව කෙනෙක් එතන අලුත් කඩයක් දැම්මොත්, එයා වෙළදාම් කරන්නෙ සපත්තු පොලිෂ්. එතකොට ඊළගට එන කෙනා එතන ලේස් කඩයක් දානවා. ඔන්න ඔය විදිහෙ ක්‍රමයක් තමයි එහේ තියෙන්නෙ.
අපේ නම් ඒකෙ අනිත් පැත්ත. එක්කෙනෙක් කඩයක් දැම්මොත්, ඒ විදිහෙම කඩයක් තමයි අලුතෙන් එන කෙනා දාන්නෙත්. ඊළගට එන කෙනත් ඒකමයි කරන්නෙ. එක්කෙනෙක් පළතුරු කඩයක් දැම්මොත්, අනිත් පැත්තෙ කෙනත් පළතුරුම විකුණනවා. ඊට එහා පැත්තෙ ඉන්න කෙනත් පළතුරුමයි විකුණන්නෙ. අලුතෙන් කෙනෙක් ආවොත්, ඔන්න එයත් පළතුරු විකුණන්න ගන්නවා. ඒත් ඇමරිකාවෙ ක්‍රමය තමයි මම ඉස්සෙල්ලා කිව්වෙ. එතකොට සපත්තු ගන්න එන කෙනාට, කොහොමත් පොලිෂ් ඕන. මේස් ඕන. ඉතින් එයාට පුලුවන් වෙනවා, ඒ පැත්තෙ තියෙන ඔක්කොම කඩවල්වලින් ගණුදෙනු කරන්න. එයාට අවශ්‍ය ඔක්කොම දේවල්, එකම කඩ සාප්පු පේළියකින් අරගන්න පුලුවන්. ඒක කඩහිමියන්ට වගේම පාරිභෝගිකයින්ටත් වාසි. ඒ ඒ අය අතරේ සහයෝගය ගොඩනැගෙනවා.
එකම ජාතියෙ කඩ දාන අවස්ථාත් තියෙනවා. හැබැයි ඒත් වෙනස් කරලා තමයි දාන්නෙ. උදාහරණයක් විදිහට චීන හෝටලයක් තියෙන ඉඩමකට එහා පැත්තෙ, තවත් චීන හෝටලයක් දානවා. හෝටල් දෙකම චීන වුණාට, හෝටල් දෙකේ කෑම වට්ටෝරු වෙනස්. "

35. ජඩමාධ්‍යයට තිත
" ඇමරිකාවෙ, ජනමාධ්‍ය හදුන්වන්නෙ 'රජයේ හතරවෙනි කොටස' කියලයි. ඒ තරම් ලොකු තැනක් ඇමරිකාවෙ, ජනමාධ්‍යවලට දීලා තියෙනවා. ලංකාවේ ජනාධිපතිගෙ බලතල එක්ක බැලුවම, ඇමරිකාවේ ජනාධිපති කියන්නෙ හරිම දුර්වල කෙනෙක්. ඇමරිකාවේ ජනමාධ්‍ය, ජනාධිපතිව වුණත් විවේචනය කරන්න පැකිලෙන්නෙ නෑ. කියන්න තියෙන දේවල් කෙලින්ම කියනවා. අපේ නම් ජනාධිපති කියලා කියන්නෙ නෑනෙ. අපේ අය කියන්නෙ අතිගරු / His Excellency / Honorable කියලා. ඒත් ඇමරිකාවේ මාධ්‍යවේදීන්, ඇමරිකාවෙ ජනාධිපතිට කියන්නෙ Mr.President කියලා. අපේ කියනවා වගේ නමට ඉස්සරහින් දිග හෑලි දාන්නෙ නෑ. මොකද ඇමරිකාවෙ මාධ්‍යවේදීන්ට, ඇමරිකාවෙ ජනාධිපති කියන්නෙ, තවත් එකම එක රාජ්‍ය නිළධාරියෙක් විතරයි. ජනාධිපතිට බෑ ඒ විවේචනවලට ගහන්න. මාධ්‍යවේදියො අතුරුදහන් කරන්න. මාධ්‍යත් එක්ක හැප්පෙන්න. හොරෙන් කළත්, ජනාධිපතිකමෙන් අයින් වුණු කාලෙක අහු වුණොත්, හිරේ යන්න වෙනවා.
රජය මාධ්‍ය ගැන අවධානයෙන් ඉන්නෙ. නම්‍යශීලී. රජයේ විතරක් නෙවේ අනිත් දේවල්වලත් වැරදි දේවල් බය නැතුව හෙළි කරනවා. ඇමරිකාවෙ රජයෙන් යුධ අපරාධයක් කළොත්, ඒ ගැන අනිවාර්යෙන්ම ලෝකයට හෙළි කරනවා. මොකද ඇත්ත දෙයක් නිසා. ඒවා බලන / කියවන මිනිස්සු, ඒවාට පක්ෂව හරි විපක්ෂව හරි තම තමන්ගෙ මත පල කරනවා. විවේචන කරනවා. ඒත් වැදගත් විදිහට. නැතුව එහෙමයි කියලා ඒ මිනිස්සුන්ට ගල් ගහන්නවත්, මරණ තර්ජන කරන්නවත්, දේශද්‍රෝහී ලේබලය අලවන්නවත්, ගහන්නවත් යන්නෙ නෑ. රජයෙනුත් මාධ්‍ය සධාචාරය ඇති කරන්න නීති දාලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙහෙත් අනතුරුවලින් මිනිස්සු මැරුණම, ඒ මිනිස්සුන්ගෙ පින්තූර එක එක තැන්වල දාන්න කරන්න තහනම්. එහෙම දාලා අහුවුණොත්, අවුරුදු ගාණකට හිරේ දානවා.
බහුතරයක් මාධ්‍යවේදීන්ට, මාධ්‍යවේදියෙක් කියලා කියන්න පුලුවන් හොද උසස් මට්ටමේ පුහුණුවක් හරි උපාධියක් හරි තියෙනවා. ප්‍රතිශතයක් විදිහට ගත්තම, මාධ්‍ය හොද විදිහට පාවිච්චි කරන අය 60%ක් ඉන්නවා. මාධ්‍ය වල් බූරු විදිහට පාවිච්චි කරන අය 40%ක් ඉන්නවා. ඒ 40%ත් තව පිරිසක් ඉන්නවා ආණ්ඩුවට කඩේ යන. හැබැයි බහුතරයක් මාධ්‍ය හොද මට්ටමක තියෙනවා. රූපවාහිනී නාලිකා ගත්තම, ලොකු දැනුමක් ගන්න පුලුවන් නාලිකා ඕනතරම් තියෙනවා. එයාලා ටෙලිනාට්‍ය මාලා, වාර්තාමය වැඩසටහන් ගොඩක් රසවත් විදිහට නිෂ්පාදනය කරනවා. පත්තර ගත්තම හොදට වර්ගීකරණය කරලා තියෙනවා. වාර්තාමය අංශ තියෙනවා. ඒ වගේම මෙහේ සමහරක් පත්තර තියෙනවා වෘත්තිය අනුව වර්ග කරපු. ඒවා කියවන්න පුලුවන් සහ ඒවා ප්‍රයෝජනවත් වෙන්නෙ එක අංශයකට විතරයි. උදාහරණයක් විදිහට වෛද්‍යය විද්‍යාවට සම්බන්ධ තොරතුරු දාලා පත්තරයක් තියෙනවා. තව පත්තරයක් තියෙනවා, ඒකෙ තියෙන්නෙ ඉන්ජිනේරු අයට සම්බන්ධ දේවල් විතරයි. තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අයට වෙනම පත්තරයක් තියෙනවා. ඔන්න ඔය වගේ. "

36. සුපිරිසිදු වැසිකිළි
" වැසිකිළි හදලා තියෙන්නෙ ජාත්‍යාන්තර ප්‍රමිතියට අනුවයි. කිසිම ගදක් නෑ. ආලෝකය, වාතාශ්‍රය, පිරිසිදුකම.... මේ ඔක්කොම හොදට නඩත්තු වෙනවා. වැසිකිළිය පාවිච්චි කරන අය වුණත්, තම තමන්ගෙ වැඩේ කළායින් පස්සෙ, එතනින් එහාට කරන්න අවශ්‍ය කරන දේවල් කරලා තමයි යන්නෙ. වෙන කෙනෙක්ට කරන්න ඉඩ තියෙන්නෙවත්, වෙන කෙනෙක්ව අපහසුතාවයට පත් වෙන දේවල් කරලා යන්නවත් පෙළඹෙන්නෙ නෑ. ගොඩක් තැන්වල Tapsවලට Sensors හයි කරලා තියෙන්නෙ. ඉතින් අත අල්ලනකොට ඉඹේම වතුර එනවා. අත අහකට ගන්නකොට වතුර එන එක නවතිනවා. ලංකාවෙ වෙනවා වගේ Taps වහන්න අමතකවෙලා, වතුර අපතේ යෑමක් වෙන්නෙ නෑ. ඒ වගේම හැම වැසිකිළියක් වගේම පවිත්‍ර කරන්නෙ රොබෝලා ආධාර කරගෙනයි (Cleaning Robots). "
ඉතින් ඔන්න ඔහොමයි අපේ සගයත් එක්ක ඇමරිකාව ගැන කරපු තුන්වෙනි සාකච්ඡාව අවසන් වෙන්නෙ. ලිපිය කියවනකොට තේරෙන්න ඇති, ඇමරිකාවෙ මේ වෙනස ඇතිවෙන්න මුල් පුටුවල ඉන්න අය හිටං, ගොඩක් උනන්දුවෙන් සහ උවමනාවෙන් කටයුතු කරනවා කියලා. ලංකාවෙ නම් ඉතින් මේ වගෙ තත්වයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒ නිසා කරන්න තියෙන හොදම දේ තමයි, මුල් පුටුවල ඉන්න අය ගැන අමතක කරලා දාලා, අපි අපි හරි වැඩේට බහින එක. මේ දේවල් හය හතර නොතේරෙන පුංචි දරුවගෙ ඉදලම පටන් ගන්න ඕන දේවල්. පුංචි ළමයින්ට පුංචි කාලෙදිම ඉගෙන ගන්න ලැබෙන දේවල් සහ ඇතිවෙන හුරු පුරුදු, ඒ අය වැඩිවියට ආවමත් ඒ විදිහටම තියෙනවා. ලේසියෙන් අතෑරෙන්නෙ නෑ. ඒ නිසා පුංචි දරුවන්ගෙ ඉදන්ම මේ වැඩපිළිවෙල පටන් ගත්තා නම්, ඒ අය තරුණවියට එන කාලෙක, අපේ රටටත් හොද කාලයක් ලබයි. ඒ නිසා ඒ අයව ප්‍රධාන ඉලක්කය කරගෙන, ඒ අයට හොද පුරුදු සහ මනුස්සකම කියන දේවල් උගන්වන්න ඕන. ඒ හැර පවතින රටාව වෙනස් කරන්න වෙන විකල්පයක් නෑ. මොකද දැනට තරුණ වයසෙ, මැදි වයසෙ සහ මහළු වයසෙ ඉන්න අයව වුණත් හදන්න අමාරුයි. පුංචි කාලෙ ඉදන්ම පුරුදු වුණු නරක සහ අයහපත් හුරු පුරුදු, සිතුවිලි, සිතුම් පැතුම් වෙනස් කරන එක ලේසි පහසු වැඩක් නෙවේ. ඒක ඇවිල්ලා හරියට ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්.
ඉතින් මේ ලිපියෙනුත්, කලින් ලිපි වගේම අපි කතා කළේ ඇමරිකාවෙන් අපිට ගන්න පුලුවන් ආදර්ශ ගැනයි. ඇමරිකාවෙ අපිට පේන්න තියෙන හොද දේවල් ගැනයි. මොකද ඇමරිකාවෙ නරක දේවල් ඉස්මතු කළා කියලා, ඒකෙන් කාටවත් සෙතක් වෙන්නෙ නෑ. ඒකෙන් කාගෙවත් ජීවිතයට ගත යුත්තකුත් නෑ. මේ ලිපිය හරහාත් ජීවිතයට එකතු කරගන්න හරි, ලංකාව වෙනුවෙන් අධිෂ්ඨානයක් ඇති කරගන්න හරි මොකක් හරි කරුණක් ගන්න තියෙනවා නම්, ඒ දේ අරගත්තට පාඩු නෑ. ඒ වගේම ඇමරිකාව ගැන අපි නොදන්න තවත් හොද දේවල් ටිකක් එක්ක, හතරවෙනි ලිපියකින් මුණගැහෙන්න පුංචි බලාපොරොත්තුවක් තියාගන්න අතරෙම, පළවෙනි ලිපියේ දීර්ඝ පසුවදනක් ලියලා තියෙන නිසා, තවත් මේ ලිපියේ දිග නිකරුණේ වැඩි කරන්න අදහසක් නෑ කියලත් දැනුවත් කරන්න කැමතියි. ඇමරිකාවෙ ජනමාධ්‍යය ගැනත් සදහන් කරලා තිබ්බ නිසා, මගේ යාලුවෙක් ලියපු ලිපියකුත් පල කරගෙනම මේ ලිපිය අවසන් කරන්න හිතුනා. මේ කොටසේ පූර්ණ අයිතිය හිමිවෙන්නේ ඉෂාර ලක්මිණ පීරිස්ටයි. මේ උපුටා ගැනීම කළේ එයාගෙ Ishara Lakmina Blog කියන බ්ලොග් එකෙන්.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල කේබල් රූපවාහිනී සේවා සම්පාදන ආයතනයක සෞඛ්‍ය තේමාව කරගත් ජනතා හිතවාදී රූපවාහිනී නාළිකාවක් ආරම්භ කිරීමේ මූලික සාකච්ඡාවක් පසුගිය දිනෙක කොළඹ දී පැවැත්වුණි. මේ සාකච්ඡාව සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක්ද, සෞඛ්‍ය සේවා පරිපාලනයට සම්බන්ධ වෛද්‍යවරයෙක්ද, ජාතික තරුණ සේවා සභාවේ 'නිස්කො වීඩියෝ' පාඨමාලාව සාර්ථකව හැදෑරූ මා මිත්‍රයෝ කීපදෙනෙක් සමඟ මා ද සහභාගි වී සිටියේය. අපට උපදෙස් සපයන අරමුණෙන් යුතුව එක්තරා අභිමානය යැයි ඔවුන්ම කියා ගන්නා රූපවාහිනී නාළිකාවක ලොකු පුටු හොඹවන මහදැනමුත්තෝ දෙදෙනෙක්ද ඒ අවස්ථාවට සහභාගී වී සිටයහ. අදාළ රූපවාහිනී ආයතනය හිටපු මහබැංකු අධිපතිතුමන්ගේ බෑණාගේ මූල්‍ය කොටස්කාරීත්වයෙන් යුතු පෞද්ගලික රූපවාහිනී ආයතනයක් බවද දැන ගන්නට ලැබුණි. සාකච්ඡාව ආරම්භ වී සුළු මොහොතකින් පෞද්ගලික රූපවාහිනී නාළිකාවේ මහදැනමුත්තෝ දෙදෙනා පාරම්බාන්නට වූයේ මේ ආකාරයෙනි.
" ඔය තරුණ වයසට ඔය ළමයිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් වෙන්න ඕන... අපි නම් ඉස්සර අපෙ තරුණ කාලේ ගොඩාක් දේවල් කරා. ඒවා අහද්දිත් මේ ළමයිට පුදුම හිතෙයි. කොළඹ විහාරමහාදේවි පාර්ක් එකේ ඔක්කොම කපල් වීඩියෝ කරලා තියෙනවා. අපි ගස් උඩ ඉදන් කෙල්ලො / කොල්ලෝ ලවු කරනවා වීඩියෝ කරේ හොරෙන්, මහනුවර/කොළඹ තියෙන ඔක්කොම ගබ්සා මධ්‍යස්ථානවලට ගිහින් තියෙනවා, කොළඹ තියෙන ගණිකා මඩම් ඔක්කොම වීඩියෝ කරලා තියෙනවා. ඔන්න අපෙ තරුණ කාලේ වැඩ... දැන් වුණත් අපිට සල්ලි දෙනවානම් කරන්න බැරි වැඩක් නෑ. "
මම මගේ මිතුරන් සමඟ මුහුණට මුහුණ බලා ගත්තෙමි. වෛද්‍යවරුන් දෙදෙනාගේ මුහුණුවලින් පවා තරමක ලැජ්ජාශීලී ස්වභාවයක් පෙන්නුම් කෙරුණි. කවදත් අසාධාරණය සහ නිශ්ඵල/නීති විරෝධී දේවල් හමුවේ කට වාචාල අපෙගේ දතකට පුරා " ශිකේයියා මහත්තයෝ මෙව්වාද බන් උඹලා කරපු මීඩියා වැඩ ..." යනුවෙන් ඇසීමට දත කට සූදානම් වුවද එසේ ඇසීමෙන් වෛද්‍යවරුන් දෙදෙනා අපහසුතාවයට පත්වන නිසා බොහෝම අමාරුවෙන් අපි ඉවසා සිටියෙමු.
ජනමාධ්‍ය සම්බන්ධ නිසියාකාර අධ්‍යාපනයක් හෝ වෘත්තීය සුදුසුකමක් නොමැති අදාළ මහදැනමුත්තෝ දෙදෙනා උක්ත අභිමානනීය නාළිකාවේ ඔපාදූප ප්රවෘත්ති විකාශයේ ආරම්භකයින් බවටද අපට දැන ගන්නට ලැබුණි. ඔවුන් ඒ නාළිකාවේද අධුනිකයින් පුහුණු කරන්නේ මැරෙන්න පණ අදිමින් සිටින පුද්ගලයාගෙන් පවා වොයිස් කට් ගන්නට බවද පැවසේ. මෙවැනි මහදැනමුත්තෝ ජනමාධ්‍ය කරුවන් නොවේ. ඔවුන් ජඩමාධ්‍ය ත්රස්ථවාදීන්ය. ඔවුන්ගේ ජඩමාධ්‍ය කලාව සහ භාවිතය නිසා සමස්ථ ජනමාධ්‍ය වෘත්තීය ගෞරවයද පිරිහී ඇත. කලක් 'සේයා' මාකට් කරන මෙවැන්නන්, ඉන් පසුව 'විද්‍යා' මාකට් කර නොනැවතී තම අම්මා, සහෝදරිය පවා මාකට් කිරීමෙන් මුදල් ඉපයීමට හැකිය. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජනමාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය කාලීන බව මේ නිදසුනින්ම ප්රත්යක්ෂ වේ.