අපේ ඉතිහාසය සෑර්
සිගාලෝවාද සූත්‍රය කියන්නෙ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද, බෞද්ධ ජනතාව අතර ගොඩක් ප්‍රකට සූත්‍ර දේශනාවක්. සමාජය ප්‍රධාන වශයෙන් කොටස් 6කට බෙදලා, ඒ ඒ කොටස් වලින් සමාජයට විය යුතු යුතුකම් සහ වගකීම් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන පාර්ශවයන් අතරින් ගුරුවරයාට තියෙන්නෙත් සුවිශේෂී ස්ථානයක්. අනාගත දරු පරපුරේ සමෘද්ධිය රැදී පවතින්නේ ගුරුවරයා අතේ. ගුරු වෘත්තිය යනු රැකියාවක් නොව සමාජය සුමඟට යොමු කරන සේවාවක්.
ගුරුවරයා කියන්නෙ හරියට දීප්තිමත්ව දැල්වෙන පහනක් වගේ චරිතයක්. ඒ පහනින් දහස් ගණන් පහන් දැල්වෙනවා. ඒ වගේම ගුරුවරයා කියන්නෙ ගලායන දිය උල්පතක්. මොකද ගලා බසින ජලය ගොඩක් පිරිසිදුයි. ඒ නිසාම ගුරුවරයා කියන්නෙ නව දැනුම සොයා යන උල්පතක් මිස එක තැන පල්වෙන පල් වතුර වළක් නෙවේ.
ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ගැනයි. ඒ වෙන කවුරුත් නෙවේ. අපේ නිමල් සර් ගැන. නිමල් සර් කියන්නෙ අපි කොළඹ ආනන්ද විද්‍යාලයේ කලා අංශයෙන් 2012 උසස් පෙළ ලංකා සහ ඉන්දීය ඉතිහාසය හදාරන කොට, අපේ විෂය භාර ආචාර්යවරයා විදිහට කටයුතු කරපු සර්. අවුරුදු 13ක පාසල් කාලය තුළ මට මුණ ගැහුනු හොදම ගුරුවරයා. ඒ වගේම මගේ ජීවිත කාලය තුළ මම දැකපු සුන්දරතම මිනිසා. සර්ගෙන් අපිට ගන්න තිබුණු ආදර්ශ ප්‍රමාණය කියලා නිම කරන්න බෑ. මොකද නිමල් සර් කියලා කියන්නේ හද්දා පිටිසර ගමක හැදුණු, දහසකුත් එකක් කම්කටළු මැද ජීවිතය ජය ගත්ත, සුන්දර මනුස්සයෙක්. සර් අපිට ඉතිහාස පාඩම් වලට අමතරව, ජීවිතය ගැනත් ගොඩක් දේවල් කියලා දුන්නා.
නිමල් සර් අපිට හරිම කරුණාවන්තයි. කවදාවත් බැනලාවත්, ගහලාවත් නෑ. හැම වෙලේම ඉන්නෙ හිනා වෙච්ච ගමන්මයි. ඒ ප්‍රියමනාප හිනාව දකින්න අපිත් ආසාවෙන් තමයි නිතරම හිටියෙ. සර්ගෙත්, සර්ගෙ ගෝලයන් වුණු අපෙත් සම්බන්ධය ගුරු-සිසු සබදතාවයට එහා ගිය එකක් වුණා. සර් හැම තිස්සෙම හිටියේ අපේ යාලුවෙක් වගේ. සර් අපිට ඉතිහාසය ඉගැන්නුවේ සර්ටම ආවේණික වුණු ක්‍රමවේදයකට. සර් ඉතිහාසය උගන්නන කොට අහන් ඉන්න ආසයි. සර් අපිට ඉතිහාසය කියලා දුන්නෙ හරියට කතන්දරයක් කියලා දෙනවා වගේ. ඉතින් සර් කියන වචනයක් වචනයක් ගානේ අපේ හිත් වලත් චිත්ත රූප මැවුනා.

අපිත් අපේ හිත් වලින් අවුරුදු දහස් ගාණක් ඈත අතීතයට පිය මැන්නා. ඒ නිසා Period එකේදි අපිට කවදාවත් කාලය ගත වෙනවා තේරුනේ නෑ. කලා අංශයේ කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්, නිමල් සර් මුලින්ම එතන. සර් අපිට හරිම ආදරෙයි. ඒ නිසා ගොඩක් ගුරුවරු ළග දකින්න නැති දුර්ලභ ගණයේ ලක්ෂණ ගොඩක් නිමල් සර් ළග තිබ්බා.
නිමල් සර් හරියට පුස්තකාලයක් වගේ. විශාල දැනුම් සම්භාරයක් වගේම, කෙනෙකුට ලේසියෙන් හිමි වෙන්නෙ නැති අත්දැකීම් රාශියකින් සමන්විත කෙනෙක්. ඒ නිසා මේ ලිපිය වෙන් කළේ අපේ ආදරණීය නිමල් සර්ට උපහාරයක් විදිහටයි. ඒ වගේම ඉතිහාසය ඉගෙන ගන්න, ඉතිහාසයට ආදරය කරන අයට නිමල් සර් හෙළි කරපු ඉතිහාසය සම්බන්ධ රසවත් සහ අප්‍රසිද්ධ කතා ටිකක් කියන්න. |
නිමල් සර්ගෙ සම්පූර්ණ නම අක්කරයක් විතර දිගයි. සම්පූර්ණ නමට වචන 12ක් විතර තිබුණු නිසා කාටවත් ලේසියෙන් මතක හිටියෙ නෑ. සර් කියන විදිහට උඩුපිටිය ආරච්චිල කියන්නෙ සර්ගෙ මුත්තා කෙනෙක්. ඉතිහාසයට අනුව සිංහලයේ අවසාන රජතුමා (ශ්‍රී වික්රමරාජසිංහ) බ්‍රිතාන්‍යන්ට අහු වෙන කොට, රජතුමාට සාත්තු සප්පායම් කර කර ඉදලා තියෙන්නෙ මේ කියන උඩුපිටිය ආරච්චිල. අපි උසස් පෙළ පංතිවලට ආපු පළවෙනි දවසෙ තමයි, සර්ගෙ ජීවිත කතාව ගැන අපිට දැන ගන්න ලැබුනෙ.
" මම ඉපදුනේ වව්නියාවෙ ගොඩක් දුෂ්කර ගමක. අපේ ගමේ ගොඩක් තිබුණෙ දුප්පත් පවුල්. ඒ කාලෙ ගමේ තිබ්බ ගෙවල් අතරින් උළු සෙවිලි කරලා තිබ්බෙ ගමේ පන්සලේ අවාසගේයි, ඉස්කෝලෙ විදුහල්පතිතුමාගෙ ගෙදරයි, අපේ ගෙදරයි විතරයි. ඉතින් පොඩි කාලෙ ඉදලා A/L කරනකන්ම ගමේ ඉස්කෝලෙට තමයි මම ගියේ. දුප්පත්කම නිසා ගමේ ගොඩක් ළමයි ඉස්කෝලෙ යන එක අතරමග නැවැත්තුවා. A/L වෙන කොට අපේ පංතියේ ඉතුරු වුණේ ළමයි පස් දෙනයි. මම විතරයි කොල්ලෙක්ට හිටියෙ. අනිත් හතර දෙනාම ගෑණු ළමයි. ඒ දවස්වල මම සිංහල පිස්සෙක්. සිංහල ඉගෙන ගත්තෙ හරිම ආසාවෙන්. මොකද සිංහල භාෂාව කියන්නෙ ලෝකයේ තියෙන භාෂා අතරින් ලස්සනම ලස්සන භාෂාවක්. ඒ කාලෙ හරි හරියට නව කතා, කෙටි කතා පොත් කියෙව්වා.
පස්සෙ ඉතින් A/L ලිව්වා. ඊට පස්සෙ Results එනකං මාස 6ම කළේ ගම වටේ රවුම් ගගහා හිටපු එක. ගොඩක් වෙලාවට ගමේ වැවෙන් මාළු අල්ල අල්ල ඉන්න එක තමයි කළේ. ඉතින් චූටි චූටි මාළු, ලොකු මාළු එහෙම බිලී පිත්තට ඇදිලා ආවා, නිකං කාන්දමකට ඇදිලා එනවා වගේ. දවසක් කට්ට |
අව්වෙ මාළු අල්ල අල්ල ඉන්න කොට ඉස්කෝලෙ Principal Sirට අහු වුණා. සර් ඇහුවා 'මොකෝ කොල්ලො කරන්නෙ කියලා?'. මං කිව්වා 'ප්‍රතිඵල එනකං කරන්න වැඩක් නැති නිසා ඔහේ මාළු බානවා' කියලා. පස්සෙ ප්‍රතිඵල එනකං ඉස්කෝලෙ පහළ පංතිවලට උගන්නන්න එන්න කිව්වා. මොකද ගමේ ඉස්කෝලෙ නිසා ගුරුවරුන්ගෙත් ලොකු අඩුවක් තිබ්බා. පස්සෙ හා කියලා පහු වෙනිදම උදේ පාන්දර ආයිත් ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ ගිහින් වැඩ්ඩා වගේ පහළ පංතිවල අයට පාඩම් ඉගැන්නුවා. ඒත් ගොඩක්ම සිංහල තමයි ඉගැන්නුවේ. පහළ පංති කිව්වට ඒවායෙත් ගොඩක්ම හිටියෙ මට වඩා අවුරුදු දෙක තුන බාල අය. නංගිලාට තමයි ගොඩක්ම සිංහල ඉගැන්නුවෙත්.
කොහොමින් කොහොම හරි A/L Results ආවා. අනේ මම විතරයි කැම්පස් තේරිලා තියෙන්නෙ. අනිත් කෙල්ලො හතර දෙනාම Fail වෙලා. ඉතින් එයාලටත් වඩා ඒ ගැන මට මාර දුකයි. මාව තේරිලා තිබ්බෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. පස්සෙ ඉතින් ලොකු දුකක් තිබුණත්, වව්නියාවෙ ඉදලා ජයවර්ධනපුරට ආවා. පාරවල් දන්නෙ නැති නිසා පළවෙනි දවසෙ University එකත් පහු කරගෙන ගිහින් තිබුණා. ඊට පස්සෙ ඉතින් විශ්ව විද්‍යාලයේ සිංහල, ඉතිහාසය, පුරාවිද්‍යාව, ආර්ථික විද්‍යාව ගැන ගොඩක් ඉගෙන ගත්තා. ගොඩක් අධ්‍යාපන චාරිකා එහෙමත් ගියා. ඒ කාලෙ හරිම විනෝදයෙන් තමයි හිටියෙ. කැම්පස්

එකේ අන්තිම අවුරුද්දෙදි අපිට පොතක් ලියලා භාර දෙන්න තිබුණා. ඉතින් ඒ කාලෙ මම පොත ලිව්වෙ දොරමඩලාව ගැන. පණ්ඩුකාභය කුමාරයගෙ ගම. එහේ ගිහින් සුමාන ගාණක් නැවතිලා ඉදලා තමයි පොත ලිව්වෙ. ඉතින් දොරමඩලාවෙ හැම තැනම ඇවිද්දා Research එකට. ඔය කාලෙ තමයි මට මරදන්කඩවල යකඩයව හම්බුනේ. ඒ කාලෙ යකඩයා මාත් එක්ක ගොඩක් ෆිට් වුණා. එයා තමයි මගේ Research එකට ගොඩක් උදව් කළේ. ඉතින් එයත් එක්ක දොරමඩලාව වටේ ඇවිද්දා. දොරමඩලාව කිට්ටුව පොළව යටින් යන උමගකුත් යකඩයා මට ඒ දවස්වල පෙන්නුවා. ඒ කාලෙ ගොඩක්ම කළේ කැළෑවල් අස්සෙ රිංගන එක තමයි. මොකද
|
යකඩයගෙ පුරුද්දක් තිබ්බා හැම තිස්සෙම නිධන් හාරන. ඉතින් මාත් එයත් එක්ක ගියා නිකං බලන්න. දවසක් යකඩයා ලොකු නිධානයක් හාරන්න කියලා ගියා. ඉතින් මාත් ගියා එයත් එක්ක. ඉතින් මහා ඝන කැළෑවක් පීරගෙන ගිහින් අන්තිමට නතර වුණේ ලොකු ගලක් ඉස්සරහා. යකඩයා කියපු විදිහට ඒ ගල් ගෙඩිය යට ලොකු වලක් තියෙනවා. ඒ වලේ තමයි නිධානය තියෙන්නෙ. අර ගල උඩින් තියෙන නිසා කාටවත් ඇතුළෙ තියෙන දේවල් පේන්නෙ නෑලු. ඉතින් දෙන්නත් එක්ක මහන්සි වෙලා ගල තල්ලු කළා. ඉතින් කොහෙද, ගල යට තිබ්බ වලේ මොනවත් නෑ. හැබැයි වලේ මොනවා හරි තිබ්බ විදිහට සළකුණු තිබුණා. බැලින්නම් අපිට කලින් කට්ටියක් ඇවිත් ගල අහක් කරලා, එතන වල හාරලා, ආයිත් ඒ ගල තිබ්බ තැන ඒ විදිහටම තියලා ගිහින්. යකඩයා ඉතින් බැන බැන හිටියා.
ඔය වගේ ගොඩක් රසවත් දේවල් යකඩයා එක්ක ඉන්න කොට වුණා. පස්සෙ ඉතින් යකඩයා ගොඩක් ආගම දහමට එහෙම නැඹුරු වුණා. කොච්චරද කියනවා නම් උම්බලකඩ කෑල්ලක්වත් කටේ තිබ්බෙ නෑ. යකඩයට තිබ්බා ඉස්සර පොඩි හේනක්. හේන වගා කරලා, අස්වැන්න නෙලලා ඉවර කරායින් පස්සෙ, අනිත් අය කරනවා වගේ යකඩයා කවදාවත් හේන ගිනි තියන්න ගියේ නෑ. හේනෙ ඉන්න චූටි චූටි සත්තු

මැරෙයි කියලා. ඊට පස්සෙ ඉතින් කැම්පස් එකේ විභාග එහෙමත් පාස් කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගියා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෑහෙන්න කාලයක් ඉතින් වැඩ කළා. ව්‍යාපෘති භාර නිළධාරියෙක් විදිහටත් හිටියා. ගොඩක්ම හිටියෙ අභයගිරිය, මිරිසවැටිය, සීගිරිය වගේ ව්‍යාපෘතිවල. ඊට පස්සෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අයින් වෙලා, පෞද්ගලික ආයතනයක වැඩ කළා. ඒකත් පුරාවිද්‍යාවට සම්බන්ධ ආයතනයක්.
ඊට පස්සෙ තමයි මම ආනන්දෙට ආවෙ. ඒ ඉතිහාසය උගන්නන්න නම් නෙවේ. සිංහල උගන්නන්න. සිංහල උගන්නන ගමන් පොඩි පන්තිවලට බුද්ධාගම, ජීවන නිපුනතා එහෙමත් ඉගැන්නුවා. ඊට පස්සෙ තමයි A/L අයට ඉතිහාසය උගන්නන්න පටන් ගත්තෙ. " |
ඔන්න ඔහොමයි මුල්ම දවසෙ නිමල් සර්, සර්ගෙ ජීවිත කතාව අපිට කිව්වෙ. නිමල් සර් මට මුලින්ම හම්බුනේ 2006දි. ඒ අපි 8 වසරෙ ඉන්න කොට. 8 වසරෙ ඉන්න කොට මුල් මාස තුන හතරෙ සර් අපිට "ජීවන නිපුනතා විෂය" ඉගැන්නුවා. උසස් පෙළ පන්තිවල අපිත් එක්ක යාලුවෙක් වගේ හිටියත්, සර් පොඩි පන්තිවල ඉන්න ළමයි එක්ක හිටියෙ නම් ගානට මිම්මට. ඒ දවස්වල වැරැද්දක් කළොත් ඒකට උපරිම දඩුවම් දුන්නා. ඒ වගේම ඒ දවස්වල සර් හැම තිස්සෙම කිව්වෙ "වැරදි කිරීම මනුස්ස ගතියක්. සමාව දීම දේව ගතියක්. හැබැයි මම සමාව නම් දෙන්නෙ නෑ. මොකද මම දෙවි කෙනෙක් නෙවේ" කියලා. A/L පන්ති වලදි සර් අපිට කිව්වෙ "ඔය ලස්සන වටිනා කියන ඇස් දෙකක් හම්බ වෙලා තියෙන්නෙ Blue Films බල බල ඉන්න නෙවේ. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වගේ අපේ රටේ ලස්සන ලස්සන තැන් බලන්න" කියලා.
අපි උසස් පෙළ කරපු කාලෙත් හොදම කාලෙ වුණේ 2012 අවුරුද්දෙ මාර්තු මාසෙ. ඒ "අනද අභිමන්" අධ්‍යාපනික, සංස්කෘතික, වෙළද ප්‍රදර්ශනය තිබ්බ කාලෙ. මේක තමයි ලංකාවේ පාසලක් විසින් සංවිධානය කරපු විශාලම ප්‍රදර්ශනය. ඉතින් මේකට වැඩ කරන්නත් වුණා. මම සම්බන්ධ වුණේ ඉතිහාසය විෂයට. අපේ නිමල් සර්ගෙ සැලැස්ම වුණේ "ගමයි පන්සලයි වැවයි දාගැබයි" සංකල්පය ඉස්මතු වෙන විදිහේ නිර්මාණයක් කරන්න. මේ නිර්මාණය ගොඩක් අයගේ පැසසුමට ලක් වුණා. සර් ගමේ ඉන්න කොට ඇසින් දුටු දේවල් සහ අත්දැකීම් පාදක කර ගෙන තමයි, මේක නිර්මාණය වුණේ. මේ නිර්මාණයට මූලිකත්වය ගත්තෙත් අපේ නිමල් සර්ම තමයි. මොකද නිමල් සර් කියන්නෙ නිර්ව්‍යාජ ගැමියෙක්. ගමේ පරිසරය ගැන සර්ට තිබ්බෙ ඉහළ දැනුමක්.
දවසක් චෛත්‍යක ආකෘතියක් යකඩ කම්බි වලින් ගැට ගගහා ඉන්න කොට 6 වසරෙ මල්ලිලා ටිකක් ඇවිල්ලා අපි හදන්න තටමන චෛත්‍යය දිහා බලාගෙන හිටියා. ටික වෙලාවකට පස්සෙ එයාලා අපෙන් ප්‍රශ්න අහන්න ගත්තා. "අයියේ මේ මොකක්ද අයියේ...අනේ කියන්නකො... කියන්නකො....මොකක්ද ඔය හදන්නෙ...???? " ...... මේක නිමල් සර්ටත් ඇහුණා. නිමල් සර් හැරෙන තැපෑලෙන් ඒ අයට උත්තරයක් දුන්නා. "මේකද කොල්ලො..???? මේක ඇවිල්ලා Merry Go Round එකක්. " ඕක අහපු අපි ඔක්කොටම මාර හිනා. නිමල් සර් හැම තිස්සෙම හිටියෙ විහිළු කර කර. අපිට විතරක් නෙවේ සහෝදර මැඩම්ලට සර්ලටත් එහෙමම තමයි.

සර් ගොඩක් වෙලාවට සර්ගෙ ජීවිතයේ රසමුසු අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගත්තා. ඒ අතරිනුත් සර් වැඩියෙන්ම කතා කළේ සර්ගෙ ගම් පළාත ගැන. ඒ කියන්නෙ වව්නියාව ගැන. " වව්නියාව කියන්නෙ හරියට කොන්ස්තන්තිනෝපල් නගරය වගේ තැනක්. පෙරදිග සහ බටහිර ලෝකය කොන්ස්තන්තිනෝපල් වලින් වෙන් වුණා වගේම, ඒ කාලෙ උතුර සහ දකුණ වෙන් වුණේ වව්නියාවෙන්. වව්නියාවට එහායින් තිබ්බෙ එල්.ටී.ටී.ඊ එකේ බල ප්‍රදේශය. වව්නියාවෙන් මෙහාට තිබ්බෙ යුධ හමුදාවේ බල ප්‍රදේශය. මේ දෙක මැද්දෙ තමයි වව්නියාව තිබුණෙ. ඒ කාලෙ ගොඩක් වෙලාවට අපිට බෝම්බ පුපුරන, වෙඩි තියන සද්ධ ඇහෙනවා. මොකද Border එක නිසා.
ඒ වුණාට අපේ පළාත්වල අයට නම් මේවා ගාණක්වත් නෑ. ඔව්වා අහන් ඉදලම පුරුදු වෙලා. ඒ නිසා අපේ පැත්තෙ අයට මෙෂින් තුවක්කුවකින් වෙඩි තියන සද්ධෙ ඇහුනෙත් හරියට නැලවිලි ගීයක් වගේ. අකුරු දන්නෙ නැති පොඩි එවුන් හිටන් ඒ ඒ සද්ධ හොදට දන්නවා. මොකක් හරි සද්ධයක් ආවොත්, උන්ට ටක්කෙටම කියන්න පුලුවන් ඒ පිපුරුවේ මෝටාර් එකක්ද, නැත්නම් බිම් බෝම්බයක්ද කියලා. ඒ වගේමයි වෙඩි සද්ධයක් ඇහුනොත්, ඕන නම් ඒ තුවක්කුවේ වර්ගයත් කියාවි. ඒ දවස්වල අපේ උදව්වට, අපේ රටට ඉන්දියාවෙ පංජාබ් රෙජිමෙන්ට් එක ආවා. එයාලා අපේ හමුදාවෙ අයත් එක්ක වව්නියාවෙ ගම්මානවල නතර වෙලා තමයි හිටියෙ. අපේ ගමෙත් සීක්ලා හුග දෙනෙක් හිටියා.
එයාලා එන කොට ගොඩක් අය ගෙවල් ඇතුළට ගියා. ගෙදර දොරවල්, ජනේල වහ ගත්තා. මොකද කොහේ හරි ගෙදරකට ආවොත්, මුළු ඉඩමම විනාසයි. සීක් හමුදාවේ අයගෙ කිසිම පිළිවෙලක් නෑ. මූණු එහෙම දකින්නත් බයයි. අනික ලෝකයේ අනිත් හමුදාවල්වල අයත් එක්ක බැලුවොත් සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් වෙන කෙනෙක් නම් ගෙදරකට ඇතුල් වෙන කොට දොරෙන් තමයි ඇතුල් වෙන්නෙ. මෙයාලා එහෙම නෙවේ. ගෙදරකට ගියොත්, කෙලින්ම ගේ ඇතුළට එන්නෙ. දොර තියෙන්නෙ ගෙදර කෙලවරට වෙන්න නම්, වටෙන් යන්නෙ නෑ. ඉස්සරහා තියෙන බිත්තිය කඩාගෙන එන්නෙ. එව්වට ඕන කරන කියත්, මිටි, අලවංගු එහෙමත් එයාලගෙ කිට් එකේ එයාලා හැම තිස්සෙම එල්ලගෙන හිටියා.

අපේ ගමේ කඩවල්වල තිබ්බා පුංචි පුංචි Shampoo Packets. දවස් දෙක තුන යනකොට එව්වා ඉවර වෙන්න ගත්තා. පස්සෙ ආරංචියක් ආවා සීක් හමුදාවෙ අය Shampoo Packets බොනවා කියලා. පස්සෙ තමයි අපේ අයට කාරණාව තේරුණේ. ඒවායේ පිටිපස්සෙ ලියලා තියෙනවනෙ ඒකට දාලා තියෙන්නෙ මොනවද කියලා. උන් ඒකෙ Eggs කියලා ලියලා තියෙන එක දැකලා, හිතලා තියෙන්නෙ බිත්තර සාරු කියලා. සීක් හමුදාවෙ අය හරිම අප්‍රසන්නයි. ළගින් යන්න බෑ හෙන ගදයි. අපේ හමුදාවෙ අය හරිම පිරිසිදුයි. ඉතින් අපේ හමුදාවෙ අය කරන්නෙ උදේ නැගිට්ට ගමන්, තමන්ගෙ තුවක්කුව Clean කරනවා. හොදට නානවා. ඇදුම් හෝදනවා. ඉතින් ඔව්වා බලන් ඉන්න සීක්ස්ලට හරියට Magic වගේ. උන් අවුරුදු ගණන් ඉන්දියාවෙ Borders වල අව්වට වේලි වේලි, කර වෙවී හිටපු උන්. අවුරුදු ගාණකින් නාලා නෑ. මෙව්වා දැකලා උන් ඔක්කොම දවසක් අපේ ගමේ ගගෙන් නෑවා. ගගේ වතුර හරිම පිරිසිදුයි. අරුන් ඔක්කොම ඒකෙන් නාලා ගොඩට ඇවිල්ලා, පැයක් ගියේ නෑ, ගගේ වතුර ඔක්කොම ටික මඩම මඩ පාටට හැරුනා. ගගේ පතුල එහෙම් පිටින්ම වැහිලා ගියා. සති ගාණක් ගියා ගගේ වතුර ටික ආයිත් පිරිසිදු වෙන්න. ඒ සති ගාණ යනකන් ගමේ එකෙක්වත් මොනම හේතුවක් නිසාවත් ගගට බැස්සෙ
නෑ. ඔය වගේ දේවල් වුණා. ඉස්සර ටික කාලෙකට මම ග්‍රාම සේවක කෙනෙක් වෙලත් හිටියා. මටම කියලා තුවක්කුවකුත් හම්බුනා. ඉතින් ගම පුරාම ඇවිදලා ගමේ ප්‍රශ්න එහෙම හොයලා බැලුවා. ගමේ කසිප්පු පෙරන අයට නම් මාව පේන්න බෑ. මොකද ඒ වගේ වැඩ වලට මම තදින්ම විරුද්ධව තමයි වැඩ කළේ. දවසක් වතුර හිදුනු පොඩි ලිදක් ඇතුළෙ දෙන්නෙක් කසිප්පු පෙරනවා අහු වුණා. ලොකු කල්දේරමක කසිප්පු ටිකත් රත් වෙනවා. දැක්ක ගමන් කිව්වා 'වරෙන්
|
උඩට' කියලා. එකෙක්වත් උඩට ආවෙ නෑ. දෙතුන් වතාවක්ම කිව්වා. එත් නෑ. බැරිම තැන කසිප්පු කල්දේරමට වෙඩි තිබ්බා. ඒ බයට තමයි උන් දෙන්නා බඩ ගාගෙන ගොඩට ආවෙ. හැබැයි උන් දෙන්නටත් වඩා මම මාර බයවිල්ලක් බය වුණා. වෙඩි උණ්ඩෙට කසිප්පු කල්දේරම පිපුරුවා නම් වලේ හිටපු දෙන්නා අද ජීවතුන් අතර නෑ. මම අද හිරේ.
ඒ කාලෙ වව්නියාව පුරාවටම Taxi Cars තිබුණා. යුද්ධය පටන් ගන්න කලින්. ඒ කාලෙ ඒවා එලෙව්වෙ අහිංසක දෙමළ මිනිස්සු. ඉතින් අපි දවසක් යාලුවො එක්ක ගමනක් ගිහින් එන ගමන් ටැක්සියක තමයි ආවෙ. හුග දුරක් එන කොට තමයි මීටර් වුණේ, අපි කා ගාවවත් ටැක්සියට ගෙවන්න සල්ලි නෑ කියලා. පස්සෙ ගමේ පාර කිට්ටු කරලා, කට්ටම කට්ට කළුවර තැනක් බලලා වාහනේ නවත්ත ගත්තා. ඊට පස්සෙ අපි ඔක්කොම වාහනෙන් බැහැලා ඔළුව හැරුනු අතේ දිව්වා. ඒ මනුස්සයත් වාහනෙන් බැහැලා අපේ පස්සෙන් ආවා. ඒත් මග ඇරුණා, කළුවර නිසා. පස්සෙ ටික වෙලාවක් කැරකි කැරකි ඉදලා යන්න ගියා. ඊට පස්සෙ තමයි අපේ කට්ටිය ආයිත් එතනට එකතු වෙලා, ඉතුරු ටික පයින් ගියේ. ඒ වගේ වැඩත් පුංචි දවස්වල කළා.
තව දවසක් යාලුවෙකුත් එක්ක මළ ගෙදරක ගියා. මම ගියේ යාලුවගෙ තනියට. මැරුණෙ ගමේ හිටපු IRC කාරයෙක්. හෙන චන්ඩියෙක්. මගේ ජීවිත කාලයේ මම ගියපු හොදම මළ ගෙදර තමයි ඒ. යන කොට මිනිහගෙ ගෙදර වටේටම මේස තියලා. මේස වටේට පුටු තියලා. හොදට කන්න බොන්න දෙනවා. නැති දෙයක් නෑ. හැමදේම තිබුණා. අරක්කුද, විස්කිද, බ්‍රැන්ඩිද, සිගරට්, කුකුල් මස්, මාළු බැදපුවද, මුරුක්කුද...... හරියට මගුල් ගෙදරක් වගේ. මනමාලයයි, මනමාලී විතරයි අඩු. ඒ තරම් ජයට ගත්තු මරණයක් මම දැක්කමයි. ටික වෙලාවක් යන කොට පාංශුකූලෙට හාමුදුරුවො වැඩම කළා. අපිත් ඉතින් බලන් හිටියා හාමුදුරුවො මොනවා කියයිද කියලා. ඇයි ඉතින් ගුණ කතාවක් කරන්නවත් බෑනෙ මැරිච්ච මිනිහගෙ හැටියට. හාමුදුරුවො ඉතින් ආපු ගමන්ම පන්සිල් දුන්නා, මතක වස්ත්‍ර පූජාව කරලා, පැන් වැඩෙව්වා. මොකුත් කතා බහක් නෑ. අනිත් අතට ආයිත් එළියට බැහැලා පන්සලට ගියා. විනාඩි 10න් ආගමික වතාවත් ඉවර කළා.
80 ගණන්වල JVP එකේ බලපෑම අපේ ගමට තදින්ම තිබුණා. මොකද අපේ ගමෙත් හිටියා JVP එකේ ප්‍රබල සාමාජිකයෙක්. විජේවීරගෙත් ළගින්ම හිටපු කෙනෙක්. එයාගෙ වම් අත කොරයි. හෙන කෙට්ටුයි. පණ නෑ. එයාට තිබ්බා බයිසිකලයක්. එයා බයිසිකල් එකේ හැන්ඩල් එක ඇල්ලුවේ දකුණු අතින් විතරයි. අනිත් අත පිටිපස්සට තියාගෙන තමයි බයිසිකලේ පැද්දෙ. ඉතින් මිනිහා JVP එක ගැන මුළු ගමටම පොර ටෝක් දි දී හිටියෙ. ගමේම චණ්ඩියා වෙලා හිටියෙත්. ගමේ අයත් මෙයාට මොකුත් කළේ නෑ, JVP එකට තියෙන බයටම. ගමේ අයගෙන් මම විතරයි ඌට බය නැතුව හිටියෙ. ඒ නිසා ඌ මාත් එක්ක තරහින් හිටියෙ. දවසක් උදේ පාන්දර මම පාර අයිනට වෙලා ඉන්න කොට ඌ ආවා බයිසිකලෙත් පැදගෙන. මගේ ගාවින් නවත්තලා ටිකක් සද්ධෙට කිව්වා 'තව පැය විසි හතරයි' කියලා. ඒ කිව්වෙ තව පැය විසි හතරකින් රටේ බලය අල්ල ගන්නවා කියලා. එහෙම කියලා එයා බයිසිකලෙත් පැදගෙන ඉස්සරහට ගියා ගියාමයි, අද වෙනකන් මිනිහා ආගිය අතක් නෑ. මිනිහා ගැන කිසිම ආරංචියක්වත් නෑ. ඊට ටික වෙලාවකට පස්සෙ තමයි විජේවීර නිවේදනයක් දැම්මෙ 'සටන ඉවරයි. ආයුධ බිම තියන්න' කියලා. ගොඩක් අය කිව්වෙ මිනිහවත් ඉස්සරහා තිබ්බ හමුදාවෙ Check Point එකකින් අල්ල ගන්න ඇති කියලා.

තව දවසක් මට මතකයි ගමේ දෙන්නෙක් එක්ක දේවාලෙකට ගියා. ගොඩක් අය විශ්වාස කරනවා එතන ගොඩක් හාස්කම් තියෙන, බලසම්පන්න තැනක් කියලා. දේවාලයට දවසකට සෙනග දහස් ගාණක් ආවා. ඉතින් දේවාලයට කිලෝ මීටරයක් විතර දුර තිබ්බ ඉඩමක තමයි වාහනේ නැවැත්තුවෙත්. අනිත් දෙන්නට තමයි දේවාලෙට යන්න උවමනාව තිබ්බෙ. ඉතින් ඒ දෙන්නා දේවාලෙට ගියා. මමයි Driver උන්නැහෙයි වාහනේ හිටියා. හුග වෙලාවක් ගියායින් පස්සෙ Driver උන්නැහේ සිගරට් එකක් පත්තු කරගෙන ඒක උරන්න ගත්තා. ඔහොම ටික වෙලාවක් යන කොට ඈත ඉදන් සුදු ඇදගත්ත මිනිහෙක් දුවගෙන දුවගෙන අපේ ළගට ආවා. එයා දේවාලෙ උදව්වට ඉන්න කෙනෙක්. එයා ඇවිත් කිව්වා ' දෙවියන් වහන්සේ කිව්වා සිගරට් කොටේ නිමලා දාන්න, මේක ශුද්ධ භූමියක්' කියලා ආයිත් මිනිහා දේවාලෙ පැත්තට ගියා. අපි දෙන්නටම මාර ප්‍රශ්නයක්. පේන තෙක් මානෙක කවුරුවත් නෑ. දේවාලෙ තියෙන්නෙත් හෙන දුරක. මෙතන වෙච්ච වැඩේ එහාට පෙනුනෙ කොහොමද? කියලා.
ඔහොම ඉන්න කොට Driver මට කිව්වා 'මල්ලී, මට හිතෙනවා ඔය කියන මහ ලොකු දෙවියන් වහන්සේව Test කරලා බලන්න' කියලා. එහෙම කියලා වැඩි වෙලාවක් ගියේ නෑ. ආයිත් අර මනුස්සයා දුවගෙන ඇවිත් Driverට කිව්වා, 'අන්න දෙවියන් වහන්සේ ඔහේට අඩ ගැහුවා' කියලා. හෙන පොර ටෝක් දුන්නට, ඒක අහලා Driver හොදටම බය වුණා. පස්සෙ එයාගෙ තනියට යන්න මටත් එන්න කිව්වා. පස්සෙ මාත් ඉතින් ඔහේ ගියා. දේවාලෙට යන කොට කපුවා ඉන්නවා අර රතු පාට කිට් එකකුත්

ගහගෙන. කපුවා ඒ වෙලාවෙ හොදටම ආවේශ වෙලා හිටියෙ. දත් මිටිත් කනවා. 'ආහ්! වර තෝ එනකන් තමයි මං හිටියෙ. තෝ ආවෙ මාව ටෙස්ට් කොරන්න නේද? ඉතින් මාව ටෙස්ට් කොරාපිය' කියලා Driverට ටිකක් සැරෙන් බනින්න පටන් ගත්තා. අපි හැමෝටම පුදුමයි දෙවියන් වහන්සේ, එහෙමත් නැත්නම් කපුවා කොහොමද අක්කර ගණක් ඈත හිටපු අපි අතර වෙච්ච කතාව දැන ගත්තෙ කියලා. මොකද එතන හිටියෙත් අපි දෙන්නා විතරයිනෙ. ඔන්න ඉතින් දැන් මටත් බය හිතුනා. බැනලා ඉවර වෙලා කපුවා Driverට කිව්වා 'තොට ඕන වුණේ මාව ටෙස්ට් කරන්නනෙ. හා හොදයි. එහෙනං මොකක් හරි දෙයක් ගැන හිතන්න' කියලා. එහෙම කියලා තත්පරයක්වත් යන්න කලින් ආවේශ වෙලා ඉන්න කපුවා Driverට කිව්වා 'ඒක ගැන නම් හිතලා වැඩක් නෑ. ඌගෙ අළුවත් ඉතුරු වෙලා
|
නෑ' කියලා. පස්සෙ තමයි දැන ගත්තෙ Driver හිතලා තියෙන්නෙ එයාගෙ මල්ලි ගැන කියලා. එයාගෙ මල්ලිව JVP කලබල කාලෙ අල්ලගෙන ගියාලු. " ඔය වගේ පිටු 1000ක් විතර ලියන්න පුලුවන් ජීවන අත්දැකීම් ප්‍රමාණයක් සර් අපිත් එක්ක බෙදා ගත්තා. අපිත් එව්වා හරියට රස වින්දා.
සර් මේ ලෝකයේ ඉන්න පුද්ගලයන් අතරින් වැඩියෙන්ම ගරු කළේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට. හාමුදුරුවෝ ඉස්සර ගමේ ඉස්කෝලෙ උගන්නනකොට, හාමුදුරුවන්ට දහවල් දානය පිළියෙල කළේ ඉස්කෝලෙ ළමයින්ගේ අම්මලා. සර්ට අනුව ඒ හාමුදුරුවෝ බොහොම සිල්වන්ත ගුණවන්ත හාමුදුරු නමක්. දවසක් ගමේ මිනිහෙක් මේ හාමුදුරුවන්ට දඹර ඇගිල්ල දික් කර කර, හරිම කැත විදිහට බැනලා තියෙනවා. ටික කාලයක් ගියාම මේ මිනිහාගේ දඹර ඇගිල්ලේ තුවාලයක් ආවා. ඒක නිකං කුෂ්ඨයක් වගේ මුළු ඇග පුරාම පැතිරෙන්න ගත්තා. දොස්තරලටවත් ඒක හොද කරන්න බැරි වුණා. සෑහෙන කාලෙකට පස්සෙ නිමල් සර් මේ හාමුදුරුවන්ව බලන්න යනවා. මේ හාමුදුරුවන්ගෙ වත්තේ ලොකූ මිරිස් පැළ දෙකක් තිබ්බා. දෙකේම මිරිස් හාර පන්සීයක් විතර තිබ්බා. ඒ තරමටම ඒවා හෙන විශාලයි. මේ පැළ දෙකෙන් එකක් පරණයි. අනික අලුත්. දවසක් හාමුදුරුවෝ පරණ මිරිස් පැළය ළග වැඩ කර කර ඉන්නකොට, වැරදීමකින් ඒ පැළේ අත්තක් කැපුනලු. පස්සේ හාමුදුරුවන්ට ගොඩක් දුක හිතුනලු ඒ වෙච්ච දේ ගැන. පස්සේ හාමුදුරුවෝ ඒ අත්ත අරගෙන බිම හිටවලා, හැමදාම වතුර දාන ගමන් සත්‍ය ක්‍රියාවක් කළාලු. ටික කාලයක් ගියාම මේ මිරිස් අත්තෙන් මුල් දාලා, ඒක පොළවට හයි වෙලා, ලොකු වෙන්න ගත්තලු.
සර් තවත් හාමුදුරු නමක් ගැන දවසක් කිව්වා. ඒ හාමුදුරුවො හිටියෙත් සර්ගෙ ගමේ. හාමුදුරුවො කෙනෙක් කිව්වට හොදට මස් මාළු වැළදුවලු. ඒ වගේම හැමතිස්සෙම බීගත්තු ගමන්මලු හිටියෙ. හාමුදුරුවන්ගේ ඉනේ හැම වෙලේම පිස්තෝලයක් තිබුණලු. යුද්ධෙ කාලෙ හාමුදුරුවොලු ගමේ අයගේ ආරක්ෂකයා වුණේ. කවදාවත් හරියට සැතපුනේ නෑලු. ගමේ අය නිදියද්දි, මේ හාමුදුරුවන්ලු ගම මුර කළේ. ගමට කොටි ගහන්න එනකොට, හාමුදුරුවො කරන්නේ පිස්තෝලෙන් තුන් පාරක් උඩට වෙඩි තියන එක. ඉතින් ගමේ මිනිස්සු දැන ගන්නවලු ඒ හාමුදුරුවන්ගේ පිස්තෝලෙ සද්ධෙ කියලා. ඉතින් ගමේ මිනිස්සු ඒ අනුව ආරක්ෂා වෙන්න පියවර ගත්තලු. යුද්ධෙ දිනන්න කලින් ඒ හාමුදුරුවො අපවත් වුණාලු. ඒත් නිමල් සර් කියපු විදිහට එතකොටත් ජීවත්වෙලා හිටියා නම්, යුද්ධෙ දිනපු එක ගැන ඉහළින්ම සන්තෝස වෙන අය අතරේ, ඒ හාමුදුරුවොත් අනිවාර්යෙන්ම ඉන්නවලු.
හෙළයන් විදිහට අපිටම ආවේණික වුණු ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක් අපිට තිබුණා. ඒ නිසා ගම කේන්ද්‍ර කරගෙන අපිටම ආවේණික වුණු චාරිත වාරිත්‍ර, සිරිත් විරිත්, පුද පූජා ක්‍රම ගොඩ නැගුනා. සර්ගෙ ගම් පළාතෙ තිබුණු මුට්ටි නැමුම් මංගල්‍ය ගැන සර් ගොඩක් අපිත් එක්ක කතා කළා. ඒ විතරක් නෙවේ. සර් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලයේ වෙච්ච රසවත් සිදුවීම් එහෙමත් අපිත් එක්ක ගොඩක් බෙදා හදා ගත්තා. "අපි සීගිරියෙ කැණීම් කරන කාලයේ නැවතිලා හිටියෙත් සීගිරි ගල උඩම තමයි. හවස් වරුව වෙන කොට බලන්න එන අයව ඇතුළට ගන්නෙ නෑ. ඉතින් අපි කට්ටිය විතරක් සීගිරි ගල උඩ රෑ එළි වෙනකන් දවස ගත කළා. හරියට මහා කාශ්‍යප රජතුමා වගේ." ඒ සර් සීගිරි කැණීම් ව්‍යාපෘතිය ගැන මතකය අවධි කරපු හැටි.
" මම වැඩි කාලයක් හිටියෙ අනුරාධපුරයේ අභයගිරි, මිරිසවැටිය කැණීම් ව්‍යාපෘතිවල. රෑට කවදාවත් Quartersවල නිදා ගත්තෙ නෑ. අපි හැමෝම නිදා ගත්තෙ රුවන්වැලි මහා සෑයෙ සලපතල මළුවෙ. හරි සනීපයි මහා සෑය ළග ඉන්න කොට. මදුරුවොත් නෑ. සීතල හුළග නිසා යස අගේට නින්දත් යනවා. ඊට පස්සෙ ඉතින් උදේට මහා සෑය ළග තේවාව ගහන කොට, ආයිත් කොට්ට මෙට්ට පැදුරු ඔක්කොම ටික අකුලගෙන වැඩ කරන තැන් වලට යනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජීවිතේ ගත කරන කොට, ජීවිතය උපරිමයෙන් වින්දා. කොච්චර වින්දද කියනවා නම් ගවේෂණ ගොඩකට අපි සහභාගි වුණා. මගේ ඉස්සර පුරුද්දක් තිබ්බා සිගරට් බොන. ඉතින් මහා කැළෑවල් අස්සෙ නටබුන් හොයාගෙන යනකොට, සිගරට් බිබී තමයි ගියේ. ඉතින් මම කොච්චර තැන් ගොඩකට ගියාද කිව්වොත් සිගරට් බීලම මම ලෙඩ වුණා.
අපි බලංගොඩ පැත්තෙත් කැණීම් කළා. ඔයාලා හිතන්නෙ මුලින්ම හැදි ගෑරප්පු හොයා ගත්තෙ සුද්දො කියලනෙ. හැබැයි බලංගොඩදි කරපු කැණීම් වලින් අපිට බලංගොඩ මානවයින් පාවිච්චි කරපු හැදි ගෑරප්පු හම්බුණා. සත්තුන්ගෙ ඇටකටු එයාලට ඕන විදිහට නමලා තමයි හදාගෙන තිබ්බෙ. බෙල්ලො එහෙම හූරගෙන කාලා තියෙන්නෙ ඒවායෙන්. ඒ වගෙම ප්රාග් ඓතිහාසික මානවයින් ජීවත් වුණු ගල් ගුහා එහෙමත් ගොඩක් අපි හොයා ගත්තා. එව්වට ගල් ගුහා කියන්නත් බෑ. හරියට මාළිගා වගේ. ඒ තරමට

විශාලයි. ඒ කාලෙ බලංගොඩ මානව ඇටසැකිල්ලක් අරගෙනත් අපි පොඩි පරීක්ෂණයක් කළා. ඒකෙදි කළේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇටසැකිලි හතරක් අරගෙන, බලංගොඩ මානව ඇටසැකිල්ලත් එක්ක මැච් කරපු එක. ඒකෙදි බලංගොඩ මානව ඇටසැකිල්ල 100%ක් මැච් වුණේ සිංහල මනුස්සයගෙ ඇටසැකිල්ලත් එක්ක. ඒ නිසා මේකෙන් සිංහල මිනිස්සු අවුරුදු දහස් ගාණක් තිස්සෙ ලංකාවේ ජීවත් වෙනවා කියලා ඔප්පු වුණා. ඉතින් අපි මේක ඉහළට දැන්නුවා. හැබැයි ඉහළින් මේ මතය ප්‍රසිද්ධ කරන්න අපිට ඉඩ දුන්නෙ නෑ. මොකද මේකෙන් ජාතිවාදය ඇවිස්සෙන්න පුලුවන් කියලා. "
දවසක් සර් පොළොන්නරුවෙ නටබුන් බලන්න යන කොට Tour Guide කෙනෙක් සුද්දො රැළකට පරාක්‍රමබාහු රජතුමාගේ මාළිගාව ගැන දේශනයක් කරනවලු. සර්ට මේක ඇල්ලුවෙ නෑලු. ඉතින් සර් ගිහින් Guideට කිව්වලු ඔහොම නෙවේ මෙන්න මෙහෙම කියන්න කියලා. "යුරෝපයේ ඉන්න සුද්දො අදින්න ඇදුමක්වත් නැතුව ගල් ගුහා, ගස් බෙන අස්සෙ හෙළු ගොට්ටෙන් ඉන්න කොට, අපේ රටේ මිනිස්සු හිටපු රජ මාළිගා තමයි මේ" කියලා. මේක අහන් හිටපු මාර්ගෝපදේශකයත් එතන හිටපු සුද්දො ටිකට ඒක ඒ විදිහටම කියලා දැම්මලු. නිමල් සර්ගෙ සිරිතක් තමයි කියන්න ඕන දේ කෙලින්ම කියන එක. කවදාවත් වක්‍රව කියන්න යන්නෙ නෑ.
ඉතිහාසයේ අපේ අය කළ කී දේවල් ගැන කිය කියා ඉන්න විතරක් නිමල් සර් කැමති වුණේ නෑ. ඒ නිසා සර් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලයේ ව්‍යාපෘතියක් පටන් ගත්තලු ගඩොල්වලින් වෙනුවට, කළු ගල්වලින් චෛත්‍යයක් හදන්න. ඒත් ඒ ව්‍යාපෘතිය අසාර්ථක වුණාලු. හේතුව විදිහට සර් කිව්වෙ, මුළු ලංකාව පුරාම හෙව්වත්, මේ වැඩේ කරගන්න පුලුවන් විදිහේ දක්ෂ කැටයම් ශිල්පියෙක් හම්බුනේ නෑ කියලයි.

සිදුවීම වෙච්ච හැටියෙම පොත රචනා වෙන්නෙ නෑ. ඒක රචනා වෙන්නෙ ඒ සිදුවීම වෙලා අවුරුදු ගණනාවකට පස්සෙ වෙන්න පුලුවන්. එතකොට ඒ පොත ලියන ලේඛකයා තමන්ට ඕන විදිහට කරුණු වෙනස් කරලා ලියන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඒ සිද්ධිය ජනප්‍රවාද, ජනස්‍රැති, ජන කතා ඔස්සේ අහලා ලියන්නත් පුලුවන්. ජනප්‍රවාදයක් වුණත්, ජන කතාවක් වුණත් කල්ප කාලාන්තරයක් තිස්සේ කටින් කට එනකොට, ඒක වෙනස් වෙන්න පුලුවන්. හරියට ගමරාළ කපුටො හත් දෙනෙක් වමනෙ කළා වගේ. ඉතින් සර් නිතරම කිව්වෙ විචාරපූර්වකව කල්පනා කරන්න කියලා. තර්ක විතර්ක දාලා බලන්න කියලා. ඒ හරහා නිතරම අලුතින් සොයා ගැනීමක් කරන්න උත්සාහ කරන්න කියලා. එක පාරටම "බග්" ගාලා පොතෙන් ගන්නෙ නැතුව වෙනස් විදිහට හිතලා බලන්න කියලා.
" ඇයි මේක මෙහෙම වුණෙ..??? මේක මෙහෙම්මම වෙන්න ඕනද..??? මේක මෙහෙම වෙන්නෙ නැතුව මෙහෙම වෙන්න බැරිද..??? මේක මෙහෙම වෙන්නෙ නැතුව, මෙහෙම වුණා නම්, ඇයි අරක මෙහෙම නොවුණේ..??? බැරිවෙලාවත් මේක මෙහෙම වුණා නම් මොකක් වෙයිද..??? මේක මෙහෙම නොවුණා නම් මොකක් වෙයිද..??? " ඔන්න ඔය වගේ තර්ක විතර්ක දාලා, වෙනස්ම කෝණයකින් හිතන්න පුරුදු වෙන්න කියලා. ඉතින් අපිත් ඔහොම හිතන කොට, අපිටත් අලුතෙන් මත ඉදිරිපත් කරන්නත්, ඉතිහාසය ගැන නොදන්නා දේවල් දැන ගන්න වගේම, දන්න දේවල් ගැන තවත් වැඩියෙන් දැන ගන්නත් පුලුවන් වුණා. මෙහෙම හිතන කොට අපි පිළිගත්ත සමහරක් දේවල් බැහැර කරන්නත්, බැහැර කරපු සමහරක් දේවල් පිළිගන්නත් පුලුවන් වුණා. මහා වංශය ගැන හිසේ කෙස් ගාණටත් වඩා ප්‍රශ්න මතු වුණා.

කාවන්තිස්ස රජතුමා බියගුළු රජ කෙනෙක් නොව ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් කියලත්, අභයගිරි විහාර පූජාව පෞද්ගලික පූජාවක් නෙවේ කියලත්, වළගම්බා රජතුමා දේශපාලනික අංශය අතින් දුටුගැමුණු රජතුමාට වඩා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් කියලත්, වළගම්බා රජතුමා නිකාය භේදයක් ඇති කළේ නෑ කියලත්, 4 වන ධර්ම සංගායනාවට වළගම්බා රජතුමාගේ දායකත්වයක් ලැබුණු බවත්, මහා වංශයේ කතෘවරයා ග්‍රන්ථය රචනා කරන ලද්දේ මහා විහාරයට අනුග්‍රහය දක්වපු රජවරුන්ට පක්ෂපාතී වන විදිහට බවත්, ඇහැලේපොල සහ ශ්‍රී වික්රමරාජසිංහ රජතුමාගේ විරසකයෙන් සාර්ථක වුණු ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්රමණයේ සැබෑ වරදකරු ඇහැලේපොලගේ මස්සිනා බවත්, සෙනරත් පරණවිතානයන්ගේ සමහර මත නිවැරදි නොවන බවත්, සුගලා බිසව ශ්‍රේෂ්ඨ කාන්තාවක් බවත් අපිට තේරුම් ගියා. ඒ විතරක් නෙවේ අපිත් අලුතෙන් තව තවත් හිතන්න පටන් ගත්තා. එහෙම හිතන කොට ආපු අදහස් සහ මත තමයි දනාගෙ පලා මල්ලේ "මට හිතෙන හැටි", "අමතක වුණු පාඩම" ලිපිවලට ඇතුළත් කරලා තියෙන්නෙ. නිමල් සර් කියලා දීපු සමහරක් පාඩම්, "ගවේෂණ" ලිපි මාලාව ලියන්න ගොඩක් උදව් වුණා. ඒ වගේම නිතරම රට, ජාතිය, ආගම, භාෂාව කියන මේ උතුම් රත්නයන් හතර ගැන හිතන්න ඕන කියලත් ඒ වෙනුවෙන් වෙන්න තියෙන යුතුකම් සහ වගකීම් ටික ඉෂ්ඨ කරන්න කියලත්, ඒ වෙනුවෙන් කැප වෙන්න කියලත් සර් අපිට නිතරම මතක් කළා.
2012 උසස් පෙළ විභාගය ඉවර වෙලා මම History Of Sl නමින් වෙබ් අඩවියක් පටන් ගත්තා. ඒ අපි උසස් පෙළ ලංකා ඉතිහාසයට ඉගෙන ගත්තු විෂය නිර්දේශය අන්තර්ගත කරලා. ඒ වෙබ් අඩවියේ ඇතුළත් කරලා තියෙන්නෙත් අපි නිමල් සර්ගෙන් ඉගෙන ගත්තු ඉතිහාස පාඩම් ටිකමයි. ඒ විතරක් නෙවේ අපේ Buddhist Places In Sri Lanka ව්‍යාපෘතියටත් නිමල් සර් කියලා දීපු ගොඩක් දේවල් ප්‍රයෝජනවත් වුණා.
අද කාලයේ වාණිජ රැල්ලත් එක්ක ගුරුවරු ගුරුවරු සන්සන්දනය කරන කොට නිමල් සර්ලා වගේ ගුරුවරු ඉන්නෙ සාපේක්ෂ වශයෙන් අඩුවෙන්. සර් අපිට ගුරු මුෂ්ඨියකින් තොරව දායාද කරපු වටිනා දේවල් බොහොමයි. නිමල් සර් කියන්නෙ ඇත්තටම කෝටියකින්වත් හොයා ගන්න බැරි රත්තරං සර් කෙනෙක්. අදෘෂ්‍යමාන දෙව්වරුන්ට වන්දනාමාන කරන සමාජයක ඉන්න දෘෂ්‍යමාන දෙවි කෙනෙක්....!!!!!!!!!