පරපුරක අවසානය
මෙම ලිපියේ කතා නායකයා වනුයේ මාගේ මවගේ ආදරණීය පියාණන් නොහොත්, මාගේ සීයාය. ලෝකයේ සිටින හොදම සීයා කවුදැයි ඇසුවහොත්, එම පැනය සදහා මා විසින් සපයනු ලබන පිළිතුර නම් "ඒ මගේ සීයා" යනුවෙනි. නමුත් එම පැනය වෙනත් අයෙකුගෙන් ඇසුවහොත්, ඔහුගේ පිළිතුර වනුයේ, ඒ ඔහුගේ සීයා බවයි. අද සමාජයේ දෙමාපියන් සහ දූ දරුවන් අතරේ ඇතිවන ප්‍රශ්න සහ ගැටුම් සම්බන්ධව, විවිධ මාධ්‍යන් ඔස්සෙ අපට අසන්නට සහ දකින්නට ලැබෙයි. නමුත් සීයලා-ආත්තම්මලා සහ මුණුබුරු මිණිබිරියන් අතරේ ඇතිවන එවැනි ප්‍රශ්න සහ ගැටුම් සම්බන්ධව අසන්නට ලැබී නැත. ඔවුන් සැම විටම තමන්ගේ මුණුබුරු මිණිබිරියන්ට ආදරය කරයි. එබැවින් මේ ලෝකයේ සිටින සෑම සීයා කෙනෙකුම හොදය.
මෙම ලිපිය ලියන විටත් ඔහු මා ඉදිරිපස සිටියි. නමුත් වෙනදා මෙන් නොව, අත් නැති බැනියම සහ සරම් කෑල්ල වෙනුවට, ඔහු සැරසී සිටිනුයේ උත්සව සදහා භාවිතා කරනු ලබන ඉහළ පන්නයේ කමිසයක්, කලිසමක්, කෝට් බෑයක් සහ ටයි පටියක් සමගයි. අද සීයා බොහොම නිශ්ෂබ්දය. වෙනදා දක්නට ලැබෙන Break නැති කට අද නැත. ඒ ඔහුගේ සිත, ඔහුගේම කයින් වෙන්වී දින දෙකක් පසු වී ඇති නිසාය. සැබැවින්ම මා ඉදිරිපස ඇත්තේ ප්‍රාණය නිරුද්ධ වූ නිසල දේහයක් පමණි.

1927 වසරේ ගාල්ල බද්දේගම උපන් ඔහු, පවුලේ වැඩිමල් දරුවා විය. ඔහුට බාල සහෝදරවරු දෙදෙනෙක් සහ සහෝදරියක් සිටිති. 1933 වසරේ සිට ගාල්ල උනන්විටිය සිංහල බෞද්ධ පාසල, බද්දේගම රතනසාර බෞද්ධ විද්‍යාලය, බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, ශාන්ත අන්තෝනි ඉංග්‍රීසි විද්‍යාලය ආදී පාසල් ඔස්සෙ සිංහල සහ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා, ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය විශිෂ්ඨ ලෙස සමත්වීමට සමත් වූයේය. පසුව රජයේ ලිපිකරු සේවා විභාගය සදහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිට, දිවයිනේ දසවෙනි ස්ථානය හිමි කර ගත් අතර 1945 වසරේ ලිපිකාර සේවයට සම්බන්ධවී ක්‍රම ක්‍රමයෙන් ලිපිකරු සේවයේ අධි ශ්‍රේණිය වෙත ගමන් කළේය.
පසුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ගාල්ල කාර්මික විද්‍යාලයේ ලේඛකාධිකාරී තනතුරට පත් වූ අතර 1945 වසරේ ඇරඹි ඔහුගේ රාජ්‍ය සේවය, 1982 වසරේ අවසන් වූයේය. රාජ්‍ය සේවයේ නිරතව සිටි කාලය අතරතුර දිසාපතිවරු තිදෙනෙක්ගෙන් සහ මහාධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකුගෙන්ම විශිෂ්ඨ සේවා සම්මාන ලැබීමටත් ඔහු වාසනාවන්ත වූයේය. ඔහුගේ විශ්‍රාම දිවිය, ඉතාමත් අවිවේකී එකක් විය. බෝපේ - පෝද්දල ප්‍රාදේශීය සභා අනුබද්ධ මහජන පුස්තකාල පාඨක සමාජයේ සභාපති සහ විධායක කමිටුවේ සාමාජිකත්වය, ගාල්ල - අක්මීමණ රාජ්‍ය හා පළාත් පාලන විශ්‍රාමික සුභ සාධක සංසදයේ අනුශාසක ධූරය හොඹවමින් ලේඛන කටයුතු රැසක නිරත වී සිටියේය.

අවමංගල්‍ය අවස්ථාවන්හීදී, මෘත දේහය අසළින් සිටීමට මා තරම් ප්‍රිය කරන්නා වූ වෙනත් අයෙකු සිටීදැයි මා නොදනිමි. අනිත්‍ය, දුක්ඛ, අනාත්මයන් ගැන සහ රූපයේ ඇති නිසරු බව පිළිබදව අවබෝධ කර ගැනීම සදහා මළ සිරුරක් අධ්‍යනය කිරීම අභිබවන වෙනත් උචිත ක්‍රමයක් තිබේද? මා හට දවසින් වැඩි ප්‍රමාණයක් සීයාගේ දේහය ආසන්නයේ රැදී සිටීමට සිදුවිය. ඔහුගේ නිසල දේහය නෙත ගැටෙන සෑම අවස්ථාවකදීම, මාගේ මතකය ඈත අතීතයට දිව යයි.
කථනයේදී මා ප්‍රාදේශීය භාෂා දෙකක් භාවිතා කරන බව දන්නෝ දනිති. එනම් කොළඹ බස සහ දකුණේ බසය. ඇතැම් අවස්ථාවල "මොනවද" යනුවෙන්ද, ඇතැම් අවස්ථාවල "මොනවැයි" යනුවෙන්ද අසයි. ඇතැම් අවස්ථාවල "නැද්ද" යනුවෙන්ද, ඇතැම් අවස්ථාවල "නැතෙයි" යනුවෙන්ද අසයි. කථනයේදී කොළඹ බසත්, දකුණෙ බසත්, තෝසෙත් සමග ගන්නා කලවම් හොද්ද සේ කලවමේ නිරායාසයෙන්ම කියවේ. මා කුඩා කල මාගේ පියා, වසර ගණනාවක් විදෙස් ගත වී සිටියේය. එම කාලයේ සීයා අප නිවසේ නතර වූයේය. දකුණු ලක වූවත් දකුණේ වචන භාවිතය මව තුළ නැත. එබැවින් මෙම චර්යාව සීයාගෙන් හුරු වූවක් විය යුතුය. කුඩා කල අළුගුත්තේරු වැඩක් කළ විට, මවගේ දඩුවම්වලින් මා බේරාගනු ලැබුවේ සීයාය. සීයා උසය. මහතය. දේහධාරීය. රූපය මෙන්ම හඩද බොහෝ අභිමානවත්ය. ඉංග්‍රීසි කථනය ඉස්තරම්ය. දැනුමෙන්ද පොහොසත්ය. ඇවිදින පුස්තකාලයක් වැනිය. නිතරම ඉංග්‍රීසි පුවත්පත් සහ ඉංග්‍රීසි පුවත් නරඹයි. අම්මා, තාත්තා මෙන්ම සීයාද මට සුපිරි වීරයෙකු විය.

සීයා අප අතරින් සමුගනු ලැබුවේ පෙරේදා (2017.08.09) රාත්‍රී 11.30ත් - 12.00ත් අතරය. සීයාගේ මියයෑම කණ වැකුණු මොහොතේ මාගේ කටින් වචන පිට වූයේ නැත. කරමින් සිටි සියලු වැඩ පසෙකලා, මිනිත්තු කිහිපයක් ගෙවෙන තුරු, සිදුවූ විපත පිළිබදව කල්පනා කරමින් සිටියෙමි. සීයා අප අතරින් සමුගනු ලැබුවේ, කිසිවෙක් නොසිතූ මොහොතකය. සීයා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 90ක් විය. සීයාගේ ගියවර උපන් දිනයේදී, මහා සංඝරත්නය නිවසට වඩමවා, සාංඝික දානයක් පවත්වන ලදී. එම අවස්ථාවේදී සීයා බොහෝ සෙයින් සතුටට පත්විය. ඔහුගේ මීළග උපන් දිනය ලැබීමට තිබුණේ සති තුනකට ආසන්න කාලයකි. මෙවරද එලෙසින්ම සාංඝික දානයක් සංවිධානය කිරීමට සියල්ලෝම කථිකාකොට සිටියෙමු. සීයා අභාවප්‍රාප්ත වූයේ, එහි වැඩ කටයුතු සැලසුම් කරමින් සිටින අතරතුරය.
සීයාගේ අවසාන සමය වන විට ජීවිතය පිළිබදව තිබූ සියලු බලාපොරොත්තු අතහැර දැමුවේය. සීයා බලන්නට ගොස් සීයාට වදින විට, ඔහු වෙනදාටත් වඩා අපව තදින් බදා ගත්තේය. වෙනදාටත් වඩා අපව තදින් සිප ගත්තේය. කදුලින් තෙත් වුණු දෙනෙතින් යුතුව ඔහු ඒ සෑම අවස්ථාවකම පැවසුවේ "ආයිත් නම් මාව දකින්න හම්බවෙන එකක් නෑ" යනුවෙනි. එපමණක් නොව, ඔහු බොහෝ දෙනෙක්ට ජීවත්ව සිටියදීම සමුදී තිබුණේය. ඔහු විසින් පරිහරණය කරන ලද වටිනා පොත්පත් 20කට ආසන්න ප්‍රමාණයක්, මා හට තිළිණ කළේය. පොත් සියල්ලම පෙටිටියක අතුරා භාර දෙන අතරේ "මේවා ඉතින් දෙන්න ඕන ප්‍රයෝජනයක් තියෙන කෙනෙක්ට නෙහ්. මුණුබුරා ඉතින් ලිපි ලියන නිසා ප්‍රයෝජනවත් වෙයි" කියා කීවේය. මෙයත් ජීවිතය පිළිබදව ඇති බලාපොරොත්තු සහ ජීවිතයට සම්බන්ධ සියලු දෑ අතහැර, නිදහස්වීමට සූදානම්වීමක් ලෙස මා දැක්කෙමි.
The state of Israel by Galina Nikitina, Some sayings of The Buddha by F.L.Woodward, Lenin through the eyes of the world by K.M.Cook, On Religion by Karl Marx, Cheiro's Palmistry by Jagit Uppal, What The Buddha Taught by Walpola Rahula Thero, The new dictionary of Thoughts by Tryon Edwards, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්නට ඔබට හැක, මොහොමඩ් උවයිස්ගේ නබි නායක චරිතය, ශ්‍රී ලංකා බයිබල් සමාගම විසින් මුද්‍රණය කරන ලද ශුද්ධ බයිබලය, My boyhood days by Rabindranath Tagore, The inspiration of Sigalowada Sutta by Maussagolle Lankananda Thero, Friends & Foes in meditation by Ajahn Brahmavamso Thero, Stress management through Buddhist meditation by Olande Ananda Thero, මෙ.වි.ගුණසේකරගේ තෙරුවන් නමදිමු, මහින්ද අමුගොඩගේ චතුරාර්ය සත්‍ය ධර්මය යන පොත්පත් ඊට ඇතුළත් කර තිබිණි. එමෙන්ම සීයා විසින් පෙට්ටිය තුළට යම් සටහනක්ද දමා තිබිණි. එම සටහනේ, එම පොත්පත්වල ඇති විශේෂත්වයන් පිළිබදව ලියා තිබිණි. අවසානයට මෙසේද ලියා තිබිණි.
" විජේසිංහ සීයා විසින් ආදරණීය දනුල වික්‍රමාරච්චි මුණුබුරා වෙත ප්රදානය කරන ලදී. රතු පාටින් වට කර පෙන්වා ඇති පොත් ඉතා වටිනා ග්‍රන්ථවේ. වර්තමානයේ මුද්‍රණය කරන්නේ නැත. එබැවින් එම පොත් ඉතා ප්‍රවේශමෙන් තබා ගන්න "

සීයාගේ අවසාන සමයේ ඔහු තරමක් දුරට කායික ශක්තිය අතින් දුර්වලවිය. එයද මහළු වන විට දක්නට ලැබෙන ස්වභාවික සහ සාමාන්‍ය දෙයකි. ශරීරය දුර්වලවීමට බලපෑ එකම සාධකය වූයේ, හරියාකාරව ආහාර අනුභව නොකිරීම පමණි. මා කුඩා අවධියේ සිටම සෑම දිනකම රාත්‍රී කාලයට සීයා බෙහෙත් පෙති කිහිපයක් පානය කළේය. ඒ රුධිර පීඩනය වෙනුවෙන් භාවිතා කරන ඖෂධ බව පසුව දැන ගත්තෙමි. ඒද රෝගය සුව වූවත්, එම ඖෂධ දීර්ඝ කාලයක් ගත යුතු නිසාය. ඒ හැරුණුකොට ඈත අතීතයේ සිටම සීයාට කිසිදු ලෙඩ රෝගයක් තිබුණේ නැත. සීයා මත් පැන් පානය කිරීමේ සහ මස් මාංශ, තෙල් සහිත ආහාර අනුභවයේ අන්තෙටම ගිය අයෙකි. නමුත් ඔහු ඉතා නීරෝගීවිය. දීර්ඝ කාලයක් පුරාවටම සීයා විසින් සිදු කරන ලද ඉල්ලීම හේතුවෙන්, ඔහු අභාවප්‍රාප්ත වූ දින උදෑසන ඔහුව රෝහල්ගත කරන ලදී. සීයාට අවශ්‍යය වූයේ කිසිවෙකුට කරදරයක් නොවී සිටීමටය. ඊට සුදුසුම ස්ථානය, රෝහල බව ඔහු විශ්වාස කළේය. රෝහල්ගත කර සේලයින් ප්‍රතිකාර ලබාදීමෙන්ද, ආහාරපාන ලබාදීමෙන් පසුව, සීයා නැවත සිටි තත්වයටම පැමිණෙතැයි සියල්ලෝම විශ්වාස කළෝය. සැවොම සුභදායක ආරංචියක් බලාපොරොත්තු වූ අතර යහපත් බලාපොරොත්තු තැබුවෝය. නමුත් ඔහු එදිනම රාත්රියේදී අවසන් ගමන් ගියේය. ඒ, "ජීවිතය තණ අග රැඳුනු පිණි බිඳුවකි" යන්න සනාථ කරමිනි.
අප අවසන් වරට සීයාව දැක බලා ගනු ලැබුවේ, සීයාගේ මරණයට දින දෙකකට පෙරය (2017.08.06). සීයා ඇදේ වැතිරී සිටියේය. නිවස තුළට පිවිසෙන විටම ඔහු මහා හඩින් අප වෙත කතා කළේය. කාමරයේ අල්මාරියේ සවිකර ඇති කණ්ණාඩිය හරහා ඔහු නිවසට ඇතුළුවන අපව දැක්කෙමු. මා දුටු විගස "හලෝ දනුල මුණුබුරත් මාව බලන්න ඇවිල්ලනේ" කියා ප්‍රීතියෙන් සිනාසුණේය. සීයා කයින් දුර්වලය. ඔහුගේ මුහුණ පුරාම රැවුල වැවී ඇත. සරමද අපිළිවෙලය. මා ඔහු ළගට ගියවිට, මාගේ අත් දෙක අල්ලා, ඔහුගේ මුහුණේ තියමින්, මහා හඩින් හඩන්නට පටන් ගත්තේය. සීයාගේ කදුළුවලින් සහ කෙළවලින්, මාගේ අත් දෙකම තෙත්විය. "මොකද සීයේ?" යැයි අසමින් සීයාගේ ඔළුව අතගානවා හැරෙන්නට, මටද කිසිවක් සිතා ගැනීමට නොහැකිවිය. නැවතත් අපව දැක ගැනීමට අවස්ථාවක් නොලැබෙන බවට, ඔහු පෙර මෙන් සිතන්නට ඇත. නමුත් ඔහුගේ ඒ සිතුවිල්ල කිසිදා සත්‍යය වූයේ නැත. ඔහු සෑම දිනකම ජීවත්විය. නමුත් මෙවර එම සිතිවිල්ල සත්යයක්වේ යැයි අප සිතුවේ නැත. ඔහු මෙවර නිවැරදි විය.
"ඔහොම තමයි ඉතින් වයසට යනකොට. මගේ මල්ලිලා දෙන්නත් මට කලින්ම ගියානෙ. දැන් ඉතින් මගේ කාලෙත් හරි" සීයා නිතරම කීවේය. ආහාරපාන හරියාකාරව ශරීරයට නොවැටීමෙන් ඇති වුණු ශාරීරික දුර්වලතාව මිස ඔහුට වෙනත් අසනීපයක් නැත. මනස තවමත් ශක්තිමත්ය. තවමත් ඈත අතීතයේ තොරතුරු, නම් ගම්, වත ගොත, අවුරුදු, මාස, දින හොදහැටි මතකය. "ඔය තියෙන්නෙ ඇගට කෑම බීම වැටෙන්නෙ නැති එක. කන බොන ටික හරියට අරගත්තා නම් හිටපු තත්වෙට එන එක අමාරු දෙයක් නෙවේ". ඒ, මා සීයාට අවසන් වතාවට පැවසූ දෙයයි. "ඔව්. ඒක ඇත්ත තමයි" ඒ, සීයා මා හට අවසන් වතාවට පැවසූ දෙයයි. ඉන්පසු සීයාගේ කදුලින් පිරි මුහුණ දෙස නොබලා, මා නික්ම ගියෙමි.

ඊයේ දින උදෑසන (2017.08.10) අප ගාල්ල බලා පිටත් වුණෙමු. ගමන අතරතුර සීයා අපව ගාල්ල නගරය වටා රැගෙන ගිය කුඩා චාරිකාවද සිහිවිය. සීයාට පිං සිදු වන්නට ගාලු කොටු පවුර, ගාලු ඔරලෝසු කණුව, ගාලු පැරණි නගරය, ගාලු ක්‍රීඩාංගනය, ගාල්ල ජාතික කෞතුකාගාරය, රූමස්සල සාම විහාරය වැනි බොහෝ දෑ සියැසින් දැක ගත්තෙමි. එපමණක් නොව 90 දශකයේ අලුත් අවුරුදු දවසට පසු දින අප සැවොම සීයාද සමග මුහුදේ නාන්නට යෑමද සිහිපත්විය. නිවසේදී සරමක් සහ බැනියමක් භාවිතා කළද, ගමනක් යන විට ඔහු සාමාන්‍ය ඇදුමකින් සැරසී ගියේය. නමුත් හිස් ආවරණය (කැප් එකක් හෝ තොප්පියක්) සහ කුඩා උරහිසේ රදවන ගමන් මල්ල ඔහුගේ අනන්‍යතාවය විය. මා කුඩා කල ගාල්ලේ සිට ඔහු අප නිවසට පැමිණෙන විට, නිවසට අවශ්‍ය කරන භාණ්ඩ මෙන්ම, මටද කෑම බීම ගෙන ආවේය.
අප නිවසට යනවිටත් සීයාගේ දේහය නිවසට රැගෙනවිත් නොමැත. සීයාගේ දේහය උදෑසන 10.30 පමණ වනවිට සූදානම් කර තිබුණත්, සීයාගේ දේහය නිවසට රැගෙන ආවේ සවස 3.30 පසුවයි. ඒ රාහු කාලය මග හැරීම සදහාය. බලා සිටි සෑම මිනිත්තුවකම මාගේ සිතට පැමිණියේ එකම එක සිතුවිල්ලක් පමණි. ඒ, "සීයා මැරුණෙත් රාහු කාලය බලලද දන්නෙ නෑ" යන සිතුවිල්ලයි.
කෙසේ නමුත් 3.30න් පසුව සීයාගේ දේහය නිවසේ තැන්පත් කළේය. සියල්ලෝම නිවස තුළට ගියේය. උදව් උපකාර කිරීම සදහා පැමිණ සිටි හතර පස් දෙනෙක් හැරෙන්නට, සීයාට අයිතිවාසිකම් කියනා පිරිස අතරින් මා පමණක් මිදුලේ කණුවකට හේත්තු වී, නිවස දෙස බලා සිටියෙමි. මා සෑමවිටම අනිත්‍යය මෙනෙහි කිරීම සදහා උත්සාහ කරන්නෙමි. සීයාද වයසට යන විට, සීයා හරහාද මා අනිත්‍යය දුටුවෙමි. "සීයා දැන් හෙන වයසයි. ඒ මිනිස්සු වැඩිකල් ඉන්නෙ නෑ. ඒ නිසා ජීවත්වෙලා ඉන්න ටිකේ පුලුවන් තරම් ගිහින් බලලා එමු" යැයි, මා දෙමාපියන්ට නිතරම පැවසුවෙමි. එම නිසා මෙම දිනය කවදා හෝ එන බව මා හොදින් දැන සිටියෙමි. එවැනි සූදානමක් තිබුණත්, සීයාගේ දේහය එම අවස්ථාවේදී නැරඹීමට මා හට ශක්තියක් නොතිබුණි.

ස්වල්ප වේලාවකට පසුව මා අසළට පැමිණි, මාගේ ඥාති සහෝදරයෙක් "දනුල මල්ලි මොකද මෙතන? ඇතුළෙ අම්මලා හැමෝම ඉන්නවා. යමු ඇතුළට" යනුවෙන් පවසා, මාගේ වම් අතින් අල්ලාගෙන, නිවස තුළට රැගෙන ගියේය. නිවස තුළ දේහය අසල සියල්ලන්ම වටවී සිටින අයුරු දක්නට ලැබුණු අතර ඒ සියල්ලන්ම සීයාගේ ඥාතීන් නොව, ලේ ඥාතීන්ය. දේහය දෙස බලමින් එක් එක් උදවිය සුසුම් හෙළන, හඩන, හඩ නගන ශබ්ද ඇසෙයි. නිවස තුළට පැමිණියත්, සීයාගේ දේහය අසලට යෑමට තරම් සිතුවිල්ලක් එම අවස්ථාවේ තිබුණේ නැත. එබැවින් මා මිනිත්තුවක් පමණ රැදී සිට, නිවසින් පිටතට පැමිණියෙමි.
ස්වල්ප වේලාවකට පසුව දේහය තැන්පත් කර ඇති ආලින්දය හිස්විය. එම අවස්ථාවේදී මා දේහය අසලට ගියෙමි. සීයාගේ මුහුණ දෙස එක එල්ලේ බැලීමට තරම් ශක්තියක් තවමත් උදාවී නොමැත. එබැවින් පැරණි දේවාලයක ඇති දේව රූපයක් බලනා ලෙස, සීයාගේ යටි පතුලේ සිට ක්‍රම ක්‍රමයෙන්, ඉතාමත් මන්දගාමීව, සීයාගේ මුහුණ දෙස බැලුවෙමි. ඔව්. ඒ අපේ සීයාය. මගේ සීයාය. මගේම සීයාය. මමත්වයත් සමග දෙනෙත් රිදෙන්නට විය. ඒ, දෙනෙත් කදුළුවලින් තෙත් වී ඇති නිසාය. දෙනෙත් කදුළුවලින් පිරී ඉතිරී යෑමට ආසන්න නිසාය. නමුත් දෙනෙත් තුළ සිරවී ඇති කදුළු, දෙනෙත් තුළම රදවා තබා ගැනීමට මා සමත් වුණෙමි.
සීයා ජීවත්ව සිටි ආකාරයටම සිටින්නේය. ගියවර මෙන් නොව. මෙවර රැවුල හොදින් කපා ඇත. මුහුණට එළිය වැටී ඇත. ඇදුම ක්‍රමානුකූලය. ඉතාමත් පිළිවෙලය. පිළිවෙල, යන වචනය ලියන විට තවත් අමතර කරුණක් මාගේ සිහියට පැමිණෙයි. "සීයාගේ ජීවිතයෙන් අප ලබා ගත් ආදර්ශ බොහොය" යනුවෙන් පන්චශීලයේ සිව්වන ශික්ෂා පදය බිදීමට තරම් මා හට අසහනයක් නොමැත. නමුත් එක් දෙයක් කිව යුතුය. "පිළිවෙල" යන්න මා ඉගෙන ගන්නා ලද්දේ සීයාගෙනි. සීයා බොහෝ පිළිවෙලය. සීයාගේ කාමරයද එසේමය. මේසයද එසේමය. සියලුම ලිපි ද්‍රව්‍ය, සෑම භාණ්ඩයක්ම පිළිවෙලට ස්ථානගත කළේය. යම් දෙයක් ගත්තද, එම දෙය ගත් තැනම තැබුවේය. එම නිසා සීයාගේ කාමරය, මේසය ඉතාමත් ප්‍රියජනකය. හුරුබුහුටිය. එය බැලු බැල්මට කෞතුකාගාරයක් මෙනි. මමද මාගේ ලියන මේසය, කාමරය පිළියෙල කරන ලද්දේ, සීයාගේ කාමරය සහ ලියන මේසය ආදර්ශයෙනි.

සීයා මියගිය පුවත සැලවීමත් සමග ලංකාවේ සතර දිශාව නියෝජනය කරමින් විවිධ නිළවල, විවිධ මට්ටම්වල, විවිධ පිරිස් පැමිණෙන්නට වූ අතර අවසන් ගෞරවය දැක්වීම සදහා ඇදෙමින් පවතින එම මහා ජන ගංගාවේද අඩුවක් නොතිබුණි. සංග්‍රහ කටයුතු කරන සැවොම ඉතාමත් අවිවේකීය. සීයා, රාජ්‍ය සේවකයෙක් ලෙස වසර 40කට ආසන්න කාලයක් රට වටා සේවය කළේය. එබැවින් මුහුදේ ඇති වැලි කැට ප්‍රමාණයටත් වඩා, අහසේ ඇති තාරකා ප්‍රමාණයටත් වඩා, ගැණ නිම කළ නොහැකි පිරිසක් ඔහු හැදුනුවේය. ඒ අතරේ ප්‍රභූ, සාමාන්‍යය මෙන්ම පහළ පන්තියේ යැයි සම්මත කර ගන්නා ලද පිරිස්ද විය. ප්‍රසිද්ධ චරිතද විය. සීයාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සදහාද ප්‍රසිද්ධ ඇමතිවරු කිහිප දෙනෙක්ම පැමිණියෝය. පූජ්‍ය පක්ෂය මෙන්ම පූජක පක්ෂයද පැමිණියෝය. රාජ්‍ය සේවයේ නියුතු බොහෝ පිරිසක් පැමිණියෝය. ඒ සීයා මිළ මුදල්වලට වඩා මිනිසුන් ඉපැයූ නිසා විය යුතුය. ආත්තම්මා වෙනුවෙන් සීයාගේ දේහය අසල රැදී සිටීම මා හට පැවරුණු එකම රාජකාරිය විය. එම නිසා ඊයෙත්, අදත් දවස පුරා ආලින්දයේම සිටියෙමි. පැමිණෙන සෑම දෙනාම සීයාගේ ගුණ වර්ණනා කිරීමට අමතක නොකළෝය.
"අපේ ලොකු බාප්පොච්චි තමයි පොඩි කාලේ මට මුල්ම වතාවට අකුරු කියෙව්වෙ". ඒ මාගේ මාමාවරයෙකුගේ මතකය අවදි කිරීමකි. ඔහු ඈත අතීතයේ සිටම සෑම වසරකම අලුත් අවුරුදු දවසට, සීයාට බුලත් දීමට නොවරදවාම පැමිණියේය. එකල ඔහු ගේට්ටුවෙන් පිවිසෙන විට සීයාද මට පැවසුවේ "මිනිහා මට හරි ආදරෙයි. හැම අවුරුද්දකම නොවරදවාම එනවා. මම තමයි මිනිහට අකුරු කළේ" කියාය.
"ඔයාලගෙ සීයගෙ තිබ්බ හොදම ගුණයක් තමයි, අන්තිම කාලෙ මාස කිහිපය ඇරෙන්න, එයා කවදාවත් මොනම හේතුවක් නිසාවත්, කිසිම උත්සවයක්, අවස්ථාවක් අතපසු කළේ නෑ. හැම මගුලකටම, අවමගුලකටම, සාදයකටම, හමුවකටම, බණකටම, පිරිතකටම, දානයකටම ආවා. ඒ නිසා එයා හැම නෑදෑයෙක් ගැනම හොදට දන්නවා. ඒ වගේම පුතේ, හැම නෑදෑයෙක් ගැනම එයා හැම තිස්සෙම හොයලා බැලුවා. හැම ගෙදරකටම ගිහින්, යන්න බැරි නම් අඩුම තරමෙ ටෙලිෆෝන් එකෙන් හරි කතා කරලා සැප දුක් ඇහුවා. කාට හරි කරදරයක් වුණාම, ඒ අයට සීයා ගොඩාක් උදව් කරනවා. සීයා හරි කැමති පරණ නෑකම් අලුත් කරගන්න. ඒ වගේම පරණ රසකතා මතක් කරන්න. හැබැයි පුතේ සීයා ජීවත්වෙලා ඉන්නකොට, අද මේ එන සෙනග ආවා නම්, සීයා තරම් සතුටු වෙන කෙනෙක් තවත් නෑ." ඒ මාගේ පුංචිඅම්මා කෙනෙකුගේ අදහස්ය.

එම කියමන එක් අතක් නොව, අත් දෙකම ඔසවා වූවත් ස්ථීර කළ හැක. ඊට අමතර කරුණක්ද එකතු කළ යුතුයි.
ඒ සෑම ස්ථානයකටම සීයා නොවරදවාම කැමරාව රැගෙන ගියේය. තාක්ෂණය කෙතරම් දියුණු වූවත්, සීයා ඔහුගේ පැරණි රීල් දමන, පින්තූරු තිස් පහේ කැමරාවට ඇළුම් කළේය. එම නිසාම සෑම අයෙක්ගේම ඉපදුනු දවසේ සිට වර්තමාන කාලය වන තෙක්, සීයා විසින් ඡායාරූපගත කරන ලද අගනා ඡායාරූප එකතුවක්, සීයා සතුව තිබුණේය. සෑම උත්සවයකම, සෑම කටයුත්තකම ඡායාරූප ඔහු සතුවිය. ඒ එම ඡායාරූප මතු යම් කලෙක, නිසැකවම අපූරු සිහිවටන වන නිසාය. |
සීයාට යමක් පරිත්‍යාග කළහොත්, එසේත් නොමැති නම් යම් උදව් උපකාරයක් කළහොත්, ඔහුට එය හොදින් මතක තිබුණේය. සෑම විටෙකම ඔහු එය නිතර නිතර සිහිපත් කරමින්, ස්තූති කළේය. එයද සීයා සතු වූ උතුම් ගුණාංගයකි.
"මී සීයා කතා කරන්නෙ නෑ. නිකන් මෙහෙම අත් දෙක තියාගෙන ඉන්නවා. ඇයි සීයා කතා කරන්නෙ නැතුව, අත් දෙක තියන් ඉන්නෙ?". ඒ ඥාති සහෝදරයෙක්ගේ පුත්‍ර රත්නයකට පැමිණි පැනයක්. ඔහු තවමත් හය හතර නොතේරෙන කුඩා දරුවෙකි. ඊට පෙරලා උත්තරයක් ලැබිනි. "ඒ සීයා භාවනා කරනවනෙ පුතේ". එසේ පිළිවදන් සපයන ලද්දේ, කවරෙකුවත් නොව, මාගේ සීයාගේ ආදරණීය භාර්යාවයි. අපේ අත්තම්මයි. "ඉතින් ඇයි මේ වටේට ලයිට් දාලා? ඇයි පහන් පත්තු කරලා?". නැවතත් පොඩි එකාට ප්රශ්නයකි. නැවතත් සිනහවක්ද සමග ඊට ආත්තම්මා විසින් පිළිතුරු සපයන ලදී. "ඒ සීයාට භාවනා කරන්නනෙ පුතේ".

ආත්තම්මා දකින වාරයක් පාසා, ආත්තම්මා පිළිබදව අප්‍රමාණ දුකක් ඇතිවිය. ආත්තම්මා පව්ය. සීයා පිළිබදව වෙන කවරෙකුටවත් නොමැති අයිතියක් ඇය සතුය. ආත්තම්මා සීයාගේ දේහය අසල ඇති පුටුවක වාඩිවී සිටියාය. ඇය දේහය අසලින් ඉවත් වූයේ ආහාර අනුභවයට සහ රාත්‍රී නින්දට පමණි. අනෙකුත් සෑම වෙලාවකම, දේහය අසලම සිටියාය. ඇය රාත්‍රී නින්දට ගියේද අළුයම 1.30ට පමණය. නැවතත් පසුදා උදෑසනම අවදි වී දේහය අසලට පැමිණියාය. එම චර්යාව හරහා එම දෙපලගේ ආදරණීය බැදීමේ නිර්ව්‍යාජ බව සම්බන්ධව අපට සිතා ගත හැක. එය ජැක් සහ රෝස්ට, වීර් සහ සාරාට එහා ගිය බැදීමකි. සැබෑ ලෝකයේ, ඇස් ඉදිරිපිට පෙනෙන්නට තිබෙන බැදීමකි. ඒ පිළිබදව කිව යුතු කරුණු රැසක් තිබුණත්, මේ මොහොතේ ඒ සෑම සියලු කරුණක්ම පැවසීමට සූදානමක් නොමැත.
"අන්තිම කාලෙ සීයා නිතරම පුතා ගැන මතක් කළා. සීයාගේ පොත්පත් ඔක්කොම ටික පුතාට නෙහ් දුන්නෙ. ඒවත් හුග කාලයක් තිස්සෙ බලාගෙන හිටියා පුතාට දෙන්න. සීයා පුතාට ගොඩාක් ආදරෙයි. සීයාට ඔහොම වුණ එක හොදයි. නැත්නම් එක්තැන් වෙලා ඉන්න වෙනවා, තවත් දුක් විද විද. හොදට සිහිය තියෙන වෙලාවක තමයි නැති වුණේ. නැති වෙනකොට, වෙන දෙයක් ගැන මොනවත්ම හිතන්න වෙලාවක් තිබිලා නෑ. ඒ නිසා චුති සිත පිරිසිදුවට තියෙන්න ඇති. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. සීයා හොද තැනක ඇති" ආත්තම්මා මා වෙත පැමිණ කීවාය.
මරණය සැමට පොදුය. නමුත් වාසනාවන්ත මරණය සැමට පොදු නැත. වාසනාවන්ත මරණය යනු කිසිදු දුකකින් තොරව මියයෑමකි. එම න්‍යාය අනුව සීයාගේ මරණය වාසනාවන්ත වූ එකකි. ඒ කෙසේවූවත් සීයා ගත කළ ජීවිතය, වාසනාවන්ත ජීවිතයක් විය. සීයාට දරුවන් සතරකි. මුණුබුරු මිණිබිරියන් දහයකි. මී මුණුබුරන් දෙදෙනෙකි. මී මුණුබුරන් දෙදෙනෙක් දැකීමට තරම් ඔහු වාසනාවන්ත විය. ඔහුට ජීවිත කාලය පුරාවට ඔහුගේ දරුවන්ගෙත්, මුණුබුරන්ගෙත් ආදරය, ගෞරවය, රැකවරණය, සැළකිලි සහ උදව් උපකාර කිසිදු අඩුවක් නොමැතිව ලැබිණි.

"ආත්තම්මාට තාමත් තේරෙන්නෙ නෑ සීයා මැරිලා කියලා. ඇයි තාමත් මිනිය තියෙනවනෙ. ඉතින් ආත්තම්මාට දැනෙන්නෙ තාමත් සීයා ඉන්නවා කියලයි. හෙට ඉතින් පෙට්ටිය ඇතුළට දාලා, පුච්චලා, අළුවෙලා, දුම් දානකොට තමයි එයාට දැනෙන්නෙ, සීයා ඇත්තටම නෑ නේද, එයා තනි වුණා නේද කියලා. ඒ නිසා හෙට තමයි, සීයා නෑ කියලා එයාට ඇත්තටම දැනෙන්න පටන් ගන්නෙ". ඒ, ආත්තම්මාගේ මළණුවන්ගේ අදහස්ය. සැබවින්ම එය සත්‍යයක් යැයි මටද සිතේ. ඊයේ දින කදුළු වැගුරූ කිසිවෙක්, අද දින කදුළු වැගිරුවේ නැත. නමුත් ඔවුන් නිසැකවම හෙට දින සවස් භාගයේදී නැවත වරක් කදුළු වගුරවනු ඇත.
පෙර කීවා සේම, සීයා යනු ඇවිදින පුස්තකාලයකි. ඔහු නිතරම පොත්පත් සහ පුවත්පත් ඇසුරු කළේය. ලේඛනයේ යෙදීමට ප්‍රිය කළේය. නිතරම විදේශීය ප්රවෘත්ති නාලිකා නැරඹුවේය. රට වටා බොහෝ දනන් ඇසුරු කළේය. සීයාගේ අත්දැකීම් සමුදාය මහා සාගරයකට උපමා කළහොත්, එම අත්දැකීම්වලින් සීයා අපට පවසා තිබුණේ පිහිණුම් තටාකයක් වැනි කුඩා ප්‍රමාණයක් පමණි. එම ප්‍රමාණයෙන්ද අපගේ මතකයේ රැදුනේ බෝතල් මූඩියක ප්‍රමාණයක් පමණි.
පරපුරක දැනුම ගලා යනු ලබන්නෙ පරපුරින් පරපුරටය. එනම් දෙමාපියන්ගෙන් දරුවන්ටය. නමුත් අප පරපුරේ එය සීයාගෙන් මුණුබුරන් වෙත සිදුවිය. ඊට බලපෑ සාධක දෙකකි. ඉන් එක් සාධකයක්, ආත්තම්මාගේ මළණුවන් විසින් සිහිපත් කළේය. "සීයා හරි ආදරේ නෙහ් මුණුබුරු මිණිබිරියන්ට. එයා ඕනම දෙයක් කියන්නෙ ඒ අයට. ඔය පරණ කතා එහෙම. සීයා කැමති ඒ අයත් එක්ක ඔව්වා ගැන කතා කරන්න". අනිත් සාධකය නම් සීයාගේ සහ අපගේ පරපුර අතර පිහිටි පරපුරට, සීයාගේ දැනුම සහ අත්දැකීම් පිළිබදව දැන ගැනීමට, හාරා ඇවිස්සීමට කිසිදු උනන්දුවක් නොතිබීමයි. ඒ පිළිබදව සටහන් කිරීම සදහා පෑනේ තීන්ත නාස්ති කිරීම සාපරාදී ක්‍රියාවකි. පරපුරේ ඉතිහාස කතාව හොදහැටි දැන සිටියේ සීයාය. ඔහුගේ මරණයත් සමගම එම කතාවද මරණයට පත්විය. පරපුරේ සැබෑ ඉතිහාස කතාව පිළිබදව දන්නා පණ ඇතිවුන් කිසිවෙක් නොමැත. නමුත් පෙර වාසනාවකට ඔහු ඉන් කොටසක් හෝ අප වෙත (මුණුබුරු මිණිබිරියන්ට) කියා තිබුණේය.

සීයාගේ විජේසිංහ පරපුරෙහි ඉතිහාස කතාව සම්බන්ධයෙන් තොරතුරු ලැබෙනුයේ කරතොට ශ්‍රී ධර්මාරාම හිමියන්ගේ කාල වකවානුවේ සිටය. එබැවින් ඇතැමුන් විජේසිංහ පරපුර, "කරතොට නා හිමියන්ගේ ගිහි පරපුර" යනුවෙන් හැදින්වීමට පුරුදු වී සිටියි. කරතොට නා හිමියන් යනු කීර්ති ශ්‍රී රාජසිංහ සහ රාජාධි රාජසිංහ රජවරුන්ගේ ප්‍රශංසාවට බදුන් වූ උගත් හිමි නමකි. ධර්මරාජ අෂ්ඨකය, සපුඅෂ්ඨකය වැනි කෘති රචනා කරන අතරතුර උන්වහන්සේ පිරුවානා පොත් වහන්සේ පිටපත් කළෝය. අප රටේ බිහි වූ අති විශිෂ්ඨ කාව්‍යයක් වූ බාරස කාව්‍ය උන්වහන්සේගේ නිර්මාණයකි.
සබරගමු දිසාව ඇතුලු ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය, පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරයේ නායක පදවිය, පහතරට සංඝනායක පදවිය උන්වහන්සේ විසින් දරණ ලදී. ගාල්ලේ මේධංකර, කටුකුරුන්දේ ධම්මානන්ද, මිහිරිපැන්නේ ධම්මරතන, වලගෙදර ධම්මදස්සී, හෙට්ටිපොළ සුමංගල, බෙන්තර අත්ථදස්සි, කදුරුපොකුණේ සෝභිත, පුංචි කරතොට, අක්මීමන, කුඩා කදුරුපොකුණේ සුවණ්ණජෝති ආදී පැවිදි උතුමෝ සහ පත්තායමේ ලේකම්, ඇලපාත මුදලි, බරණ ගණිතයා, ගජමන් නෝනා, ජෝන් ඩොයිලි ආදී ගිහි උදවිය, උන්වහන්සේගේ ගෝල පරපුර විය. බොහෝවිට කරතොට ධර්මාරාම හාමුදුරුවන් පිළිබදව, හාමුදුරුවන්ගේ බහුශ්‍රැත භාවය පිළිබදව, රජතුමා විසින් හාමුදුරුවන් වෙත පූජා කළ ගම්වර පිළිබදව, සීයා අපත් සමග අභිමානයෙන් කතා කළේය. හාමුදුරුවන්ගේ ගිහි පරපුරට තිබෙන ඥාතීත්වය පිළිබදව ඔප්පු කළ හැකි සියලු ගණයේ ප්‍රබල සාක්ෂි සාධක ඔහු ළග ෆයිල් මිටි ගණන් තිබුණේය. දින 365ක් ගත වී වසරක් උදා වූවත්, ඒවායේ ධර්මාරාම පරපුර සම්බන්ධව තිබෙන ලිපි ලේඛන, පිටපත්, ඔප්පු තිරප්පු කියවා අවසන් කළ නොහැක.
ඊට අමතරව වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් සහ වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හිමියන්ද, විජේසිංහ පරපුරට නෑකම් කියනා බව බොහෝ දෙනෙක් නොදැන සිටීම කණගාටුවට කරුණකි. විජේසිංහ පරපුරේ ඉතිහාසය ආරම්භ වනුයේ දකුණේ සිට නොව, මහ නුවර සිට බවත්, ඔවුන් මහ නුවරින් දකුණටද, නැවතත් දකුණින් මහනුවරටද සංක්‍රමණය වුණු පිරිසක් බවත් මා වෙත තොරතුරු ලැබෙමින් තිබිණි. මේ වන විට කරතොට හිමියන්ගේ ගිහි පරපුර පරම්පරා 13ක් දක්වා වර්ධනය වී තිබේ. ඉන් අවසාන පරම්පරා 3හි ඉතිහාසය පිළිබදව මෙතෙක් ලේඛන ගත වී නොමැති බැවින්, එම පරම්පරා ත්‍රිත්වය සම්බන්ධව කරුණු ලේඛන ගත කිරීමට සීයාට විශාල ආසාවක් තිබුණේය. නමුත් එම කාර්යය ඔහුට සිදු කිරීමට ලැබුණේ නැත. ඒ කෙසේ වෙතත් සීයාගේ සියලුම අත්දැකීම් අන්තර්ගත කරමින්, ජීවිත කතාවක් ලියන ලෙසද, මා විසින් කිහිප වතාවක් මතක් කරන ලදී. අවසන් වරට (2017 අප්‍රේල්) ඒ සම්බන්ධයෙන් නැවතත් මතක් කළෙමි. එම අවස්ථාවේදී සුසුමක් හෙළමින්, සීයා පැවසුවේ "මටත් ලොකු ඕනකමක් තිබුණා. ඒත් ඒ කාලෙ වැඩත් එක්ක වෙලාවක් තිබුණෙ නෑ. දැන් නම් ඉතින් ඒකට පරක්කු වැඩියි" යනුවෙනි.
ඊට අමතරව පරපුරේ එක් එක් අය වෙනුවෙන් එක් එක් ෆයිල් කවරය බැගින් සීයා වෙන් කර තිබුණේය. ඒ ඒ ෆයිල් කවර තුළ ඒ ඒ අය සතු දේවල් ඇතුළත් කළේය. පුවත්පත්වල පල වූ ඡායාරූප, ඉපැරණි පින්තූර, සහතික වැනි දෑවල පිටපත් ඒවායේ තිබිණි.

මා කුඩා කල සීයා අප නිවසේ වසර ගණනාවක් සිටි බැවින් ඔහුව ළගින් ඇසුරු කළෙමි. නමුත් සීයා අප නිවසෙන් යෑමත් සමග එම ඇසුර කෙමෙන් කෙමෙන් දුරස්විය. නැවත වරක් එම ඇසුර වර්ධනය කර ගැනීමට හැකි වූයේ, කුතුහලය හේතුවෙන් පිස්සෙකු සේ ඉතිහාසය සෙවීමට උත්සාහ කළ හෙයිනි. එම නිසා සීයාද බොහෝ ඉතිහාස කතා කිව්වේය. ඇතැම් තොරතුරු තැපැල් මාර්ගයෙන් ලැබීමට සැලැස්වුයේය.
මා විසින් සීයාගේ අත්දැකීම් සහ දැනුම් සම්භාරය ආශ්රයෙන් අන්තර්ජාලය වෙත ලිපි කිහිපයක්ම ලියන ලදී. එම ලිපි උදෙසා යහපත් ප්‍රතිචාර ලැබුණි. එහෙයින් එම ලිපි සියල්ලද, ඔබ සැමගේ කියවීම සහ දැනුවත්වීම පිණිස මෙලෙසින් සදහන් කිරීමට අදහස් කළෙමි.
01. සීයාගේ රස කතා
02. කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
03. වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
04. වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර

සෑම වසරකම මාගේ උපන් දිනයට සීයා සුභ පැතුමක් එව්වේය. ගිය වසරේ (2016) සුභ පැතුම දුටු විගස, මා තුළ සීයා පිළිබද අධික ආදරයක් ඇතිවිය. වෙනත් වසරවල සීයා වෙළදසැලෙන් මිළදී ගත්, අලංකාර ලෙස මුද්‍රණය කරන ලද, සුභ පැතුම් කාඩ්පත් එව්වත්, ගියවර සුභ පැතුම වෙනස්ම ආකාරයක එකක්විය. එහි, කතුරකින් කැපූ කුඩා කාඩ්බෝඩ් කැබැල්ලක් වටා සුදු පැහැති කඩදාසියක් අලවා තිබිණි. කඩදාසිය වටා තද පැහැති රාමුවක් ඇද, රාමුව තුළ සුභ පැතුම ලියා තිබිණි. එම වසරේ, එම මාසයේ සීයා අසනීප වී සිටි බැවින්, ඔහුට වෙළදසැලක් වෙත යෑමට හැකියාවක් ලැබී නැත. එම නිසා ඔහු විසින්ම සරල ලෙස නිර්මාණය කර ගත් සුභ පැතුමක්, මා වෙත එව්වේය. ඒ කෙසේ වෙතත් සෑම උපන් දිනයකම ඔහුගේ කටහඩ මා හට නොවරදවාම අසන්නට ලැබුණි. ගෙදර අය හැරුණුකොට මුල්ම උපන් දින සුභ පැතුම ලැබුණේ සීයා වෙතිනි. ඔහු උදෑසනම දුරකතන ඇමතුමකින්, මා හට සුභ පතයි.
සීයා පිළිබදව ලිවීමට බොහෝ දේ ඇතත්, මේ මොහොත වන විට මමද වෙහෙසට පත්වී ඇත. මෙම ලිපිය ලිවීම ආරම්භ කරන ලද්දේ 2017 අගෝස්තු 11 වන දින රාත්‍රී 7.00ට පමණය. නමුත් මෙම මොහොත වන විට 2017 අගෝස්තු 12 වන දින ලබා ඇත. වේලාව උදෑසන 3.00ට ආසන්න වෙමින් පවතියි. මාගේද දෙනෙත් පියවෙමින් පවතියි. මාද, අත් උදව්වට පැමිණි තවත් තුන් දෙනෙකුද හැර, අන් සියලු දෙනා එක් එක් තැන්වල වෙහෙසකර නින්දක පසුවෙයි. මාද නිදා ගැනීමට තීරණය කළෙමි.
මෙම ලිපියේ ඇති විශේෂත්වයන් ත්‍රිත්වයකි. ප්‍රථම කරුණ නම් මෙය මා විසින් ලිඛිත භාෂාවෙන් ලියනු ලබන ප්‍රථම ලිපියයි. එම නිසා ව්‍යාකරණ සම්බන්ධව ඇති වැරදි උදෙසා සමාව අයදිමි. දෙවැන්න නම් සීයා ඉදිරියේ හිදිමින්, කුඩා පොත් පිංචක් මත, පෑනක් ආධාරයෙන් සජීවීව ලියනු ලබන ලිපියක්වීමයි. තුන්වැනි කරුණ නම්, එක්තරා ආකාරයකට මෙය පෞද්ගලික ලිපියකි. සීයාගේ දේහය නිවසට රැගෙන පැමිණි මොහොතේ සිට මේවන තුරුත් පණ්ඩිත් අමරදේවයන්ගේ "සන්නාලියනේ" ගීතය, මාගේ මනස තුළ නොනවත්වාම වාදනය වෙමින් පවතියි.

2012 අගෝස්තු 09 වන දින සීයාගේ ආධ්‍යාත්මය අප අතරින් සමුගත්තේය. අද දින (2018.08.12) සවස සීයාගේ භෞතික ශරීරයද අප අතරින් සමුගනු ඇත. සීයා නොමැති අඩුව, අප මියෙන තුරාවටම දැනෙනු නොඅනුමානය. අවසාන වශයෙන් ඔහුට නිවන් සුව ලැබේවා යන පට්ටපල් අමු බොරුව සටහන් කිරීමට අකමැත්තෙමි. සීයා නිවන් දකින්නේ නැත. එය මට විශ්වාසය. පැතුමකින් නිවන් දැකීමට හැකි නම්, මේ වන විට ලෝකයේ බෞද්ධයන් සිටිය නොහැක. ඒ සියල්ලෝම නිවන් දැක ඇත. උතුම් වූ නිර්වාණයට එළෙඹීම සදහා ප්‍රඤ්ඤාව අවශ්‍යය වන අතර ප්‍රඤ්ඤාව ලබා ගත හැක්කේ සමථ, විදර්ශනාව වැඩීමෙන්ම පමණි.
සීයා අධ්‍යාපනය ලැබුවේද, හැදී වැඩුනේද කතෝලික පරිසරයකය. එබැවින් ඔහු කුඩා කල සිටම කතෝලික වත් පිළිවෙත්වලට හුරු වූ බව මා අසා ඇත්තෙමි. නමුත් මා හට හය හතර නොතේරෙන වයසේදී ඔහු සැදැහැවත් බෞද්ධයෙක් ලෙස සිටියේය. අප නිවසේ සිටි කාලයේදී ඔහු දිනපතා රාත්‍රී 8.00ට මල්, පහන්, සුවද දුම් පූජා කර, මිනිත්තු කිහිපයක් යන තුරු බුද්ධ වන්දනාවේ යෙදුනේය. එකල ඔහුගේ කාමරයේද බුදු පිළිමයක් මෙන්ම, දේව රූප කිහිපයක්ද විය. බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගැනීමට ඔහු ප්‍රිය කළේය. නමුත් ඔහුගේ ජීවිතයේ අවසාන සමය වන විට ඔහු කතෝලික දහමට නෑඹුරු වන බවක් පෙන්නුම් කළේය. බයිබලය කියෙව්වේය. එය විශ්වාස කළේය. ඉන්පසුව ඔහු භෞතිකවාදියෙකු විය. කර්මය, පුනර්භවය, අමනුෂ්‍යයන්, අමනුෂ්‍ය ලෝක, පිං පව් පිළිබදව විශ්වාස නොකළේය. නමුත් බුදු දහමට ඉතාමත් ගරු කළේය. කතෝලික සහ ඉස්ලාම් දහමටද එසේමය. ඔහු ඒ සියල්ල කියවා ඒවායේන් ජීවිතයට ගත යුතු සියල්ල අත්පත් කර ගැනීමටත්, යහපත් ගුණ ධර්ම වැඩීමටත් උත්සාහ කළේය. නමුත් ඒවායේ අන්තර්ගත කර ඇති මැවුම්වාදය සහ මිනිස් ඇසට නොපෙනෙන දෑ බැහැර කළේය.
කෙසේ වෙතත් ඔහුගේ මීළග ආත්මය සැපවත්, සුවදායක ආත්මභාවයක් වන්නට කියාත්, හොද තැනක උත්පත්තිය ලබා, රට සහ ලෝකය වෙනුවෙන් යම් වැඩ කොටසක් කිරීමට හැකියාව ලැබෙන්න කියලත් පැතීමට කැමැත්තෙමි..!!!!!

ප.ලි (2018.01.16) -
සීයාගේ "පිළිවෙල" පෙන්වන උදාහරණ දෙකක්.
ප.ලි (2019.04.14) -
පුරාවිද්‍යා අංශය, ආගමික අංශය, පාරිසරික අංශය, සාමාජීය අංශය, පුස්තකාල අංශය, පාසල් අංශය, දහම් පාසල් අංශය, විශ්වවිද්‍යාල අංශය ආදී අංශ ගණනාවකින් සමන්විත මගේ කාමරයේ තියෙන පුංචි කෞතුකාගාරයට එකතු වෙන අලුත්ම කොටස......