දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- ආදර්ශමත් කතාවක්
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ආනන්දයේ පෙරළිය
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- නත්තලේ විරාමය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ----- පාට මාරු කරන නැව්
  • ----- මහාමාරි වෛද්‍යවරු
  • ----- පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි?
  • ----- Titanic - Dunkirk සම්බන්ධය
  • ----- නත්තලේ ගීතය
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- ලොකු අයියා
  • ----- නවීගේ දහම් පාසල 01
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

 ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය  

"ලෝකයේ තියෙන මාධ්‍යන් අතරින් අද වඩාත්ම ප්‍රබල මාධ්‍යය වෙලා තියෙන්නෙ අන්තර්ජාලයයි. තොරතුරු දැන ගන්න වගේම, විනෝදාශ්වාදය ලබා ගන්නත් බොහෝ දෙනෙක් අද පිවිසෙන්නෙ අන්තර්ජාලයටයි. සයිබර් අවකාශය ඒ තරමටම අද මිනිස්සුන්ට සමීප වෙලා. මේ අතරේ අලුතෙන් සංගීත නිර්මාණ කරන නවකයින්, තම තමන්ගේ නිර්මාණ සමාජය අතරට ගෙනියන්නත් අන්තර්ජාලය කදිම තෝතැන්නක් කරගෙන තියෙනවා. ඒ මාධ්‍යක් වශයෙන් අන්තර්ජාලයේ තියෙන විවෘත බව නිසා." ඔන්න ඔහොමයි අපි කලින් ලිපියේ ආරම්භය අරගත්තෙ.​ අදත් අපේ සොදුරු කතා බහට සම්බන්ධ වෙන්නෙ වෙන කවුරුත් නෙවේ, ප්‍රමිත් ගනේආරච්චිම තමයි. මේ තමයි අපි ප්‍රමිත් එක්ක කරන දෙවෙනි කතා බහ. අපි පළවෙනි කතා බහෙන් ප්‍රමිත්ගේ පෞද්ගලික තොරතුරු, සංගීත ක්ෂේත්‍රයට පිවිසුනු ආකාරය, සංගීත නිර්මාණ, සංගීතය සම්බන්ධව තියෙන අදහස් වගේ දේවල් ගැන කතා බහ කළා. ඒ ලිපිය හරහා ප්‍රමිත් ගනේආරච්චි කියන්නේ කවුද? කියන ප්‍රශ්නයට අපි පිළිතුරු හෙව්වා. ඒ වගේම අනිත් අතට අපිට ප්‍රමිත්ගෙන් පිළිතුරුත් ලැබුණා. ඉතින් ප්‍රමිත් එක්ක කරපු පළවෙනි කතා බහ කියවපු නැති අයට, මුලින්ම ඒ කතා බහ රසවිදින්න කියලා ආරාධනාවක් කරන්න කැමතියි.

​දැන් ප්‍රශ්නයක් ඇති, ඇයි අපි ප්‍රමිත් එක්ක තවත් කතා බහකට ලෑස්ති වෙන්නෙ කියලා. ඒ ප්‍රශ්නයට උත්තරය තමයි, මේ ලිපිය ආරම්භයේම සදහන් කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ කලින් ලිපියේ ආරම්භක සටහන. මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ප්‍රමිත්ගේ අලුත්ම අලුත් සංගීත නිර්මාණය ගැනයි. අපේ පළවෙනි සාකච්ඡාවෙදි නම් මේ නිර්මාණය ගැන, ප්‍රමිත් පුංචි ඉගියකුත් අපිට දුන්නා. මේ සංගීත නිර්මාණය නම් කරලා තියෙන්නෙ "මතකය" කියලයි. "මතකය" කියන්නේ සෑහෙන කාලයක් තිස්සෙ ප්‍රමිත් සහ ප්‍රමිත්ගේ යාලුවන්ගේ හිත්වල තිබ්බ ලොකූ අහිංසක ආසාවක සහ බලාපොරොත්තුවක, අග්‍රගන්‍ය ප්‍රතිඵලයක්.
 ​මේ ගීතයේ ගායනයට අමතරව සංගීත නිර්මාණ කටයුතුත් සිද්ධ කරලා තියෙන්නෙ ප්‍රමිත්ම තමයි. චමල් අකලංක පොල්වත්තගේ පද රචනයෙනුත්, අනුජ ප්‍රියභානු සංගීත වීඩියෝව අධ්‍යක්ෂණය කිරීමෙනුත් සහයෝගය ලබා දීලා තියෙනවා.  

ඉතින් මොකක්ද ඇත්තටම "මතකය" කියන්නෙ? "මතකය" කියන්නෙත්
අනිත් ගීත වගේම, තවත් එකම එක ගීතයක් විතරක්ද? මොකක්ද මේ ගීතයේ තියෙන විශේෂත්වය? ඇයි මේ වගේ ගීතයක් නිර්මාණය වුණේ? මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ප්‍රමිත් ලෑස්තියි. හැබැයි ඒ ඔක්කොටම කලින්, අපි මුලින්ම ප්‍රමිත්ගේ මේ අලුත්ම අලුත් ගීතය රසවිදලා ඉමු...!!!!!

01. ඉතින් කොහොමද ජීවිතේ?
**  මේ දවස්වල නම් සෑහෙන්න හොදින් වගේම සතුටින් ඉන්නවා.
​
02. අපේ කලින් ලිපියට මොන වගේ ප්‍රතිචාරද ලැබුණෙ?
**  ඇත්තටම ගොඩක් අය ඒක කියවලා තිබුණා මට දැනුනු විදියට. සැහෙන්න හොද ප්‍රතිචාර හම්බුණා. දනුල කතා කරපු ගමන්ම ගොඩක් කැමැත්තෙන් මේ වෙනුවෙන් වෙලාවක් හදාගත්තා ඉතින් ඒ නිසා.


03. මොකක්ද දැන් මේ හැමෝම කතාවෙන, ප්‍රමිත්ගේ අලුත්ම අලුත් සංගීත නිර්මාණය?
**  ඔව්. අපි කාලයකට පස්සෙ අලුත් නිර්මාණයක් Release කරා ගිය සතියෙ. ඇත්තටම ගොඩක් දෙනෙක් මේ නිර්මාණය එනකන් බලන් හිටියා කියලා කිව්වත් ඒකෙ වැරැද්දක් නෑ. මොකද මේ වෙනකොට ගීතයට ලැබෙන ප්‍රතිචාර හිතුවටත් වඩා සෑහෙන්නම හොදයි. 

04. කොහොමද මේ වගේ නිර්මාණයක් කරන්න අදහසක් ආවෙ? කාගෙද සංකල්පය? අපි ටිකක් කතා කරමු.
**  මෙහෙමයි චන්ද්‍ර මණ්ඩලේ Cover එක ලක්ෂ 10කටත් වඩා බලලා තිබ්බ නිසා අපි තේරුම්ගත්තා මේ රටේ හොද සංගීතයක් රසවිදින්න පුළුවන් මිනිස්සු තාම ඉන්නවා කියලා. ඒකත් එක්ක අපිට හොද සංගීතමය රහක් තියෙන නිර්මාණයක් කරන්න තමයි ඕන වුණේ. ඒකත් එක්ක සෑහෙන්න රහට ලියන චමල් අකලංක පොල්වත්තගේ මල්ලි මට ටික කාලයකට කලින් ලියලා එවපු පද ටිකක් හරියටම ගැළපුණා සහ ඒ පද ටික අරන් බලනකොට මට සැහෙන්න රහ Melody එකක් ආවා ඔලුවට. ඉතින් ඒ නිසා අපි තීරණය කරා මේ වැඩේ කරන්න ඕන කියලා.

05. මේක ප්‍රමිත්ගේ පළවෙනි සංගීත නිර්මාණය නෙවේ. මීට කලිනුත් ප්‍රමිත් ගොඩක් සංගීත නිර්මාණ කරලා තියෙනවා. ඒ නිර්මාණ සහ මේ නිර්මාණය අතරේ තියෙන වෙනස මොකක්ද? ඒ නිර්මාණවලින්, මේ නිර්මාණය සුවිශේෂී වෙන්නෙ කොහොමද?
**  
ඒ වෙනස මොකක්ද කියලා මං කියනවට වඩා එක පාරක් ගීතය අහලම තේරුම් ගන්න එක හොදයි කියලයි මං හිතන්නෙ. 

06. වීඩියෝවට අවශ්‍ය කරන පසුබිම සැකසුනේ කොහොමද? රූප රචනය ගැනත් මතක් කරමු.
** සුපුරුදු විදියටම මේ ගීතයේ Video එක පිටිපස්සෙන් ඉන්නෙත් Woo Creations මගේ පුරුදු කණ්ඩායමම තමයි. Anuja Priyabhanu තමයි Video එක Direct කරේ. එතකොට Edit කරේ Tishan Wickramasinghe. ඒත් එක්කම Shane Perera, Vimukthi Dushantha, Suchithya, Menaka, Charith,
Praan ඇතුළු කණ්ඩායම මේ වැඩේ පිටිපස්සෙ ඉන්නවා පුරුදු විදියටම.

Picture

07. අද කාලේ පදුරකට පයින් ගැහුවත් ආදර ගීත සීය දෙසීය විසික් වෙන තරම්. හුගක් අය කියන දෙයක් තමයි "තරුණ පරපුරේ වැඩි හරියක් දෙනා කරන්නෙ ආදර ගීත. එහෙමත් නැත්නම් විරහ ගීත. අපිට නම් දැන් මේවා අහලම දැකලම එපා වෙලා" කියලා. ඒ අයගේ මතය තමයි, අපේ රටේ තරුණ පරපුරේ සංගීත නිර්මාණ හරිම ඒකාකාරී කියන එක. මේ තත්වය, ප්‍රමිත්ගේ නිර්මාණයට ලොකු අවදානමක් කියලා හිතුනෙ නැද්ද?
**  මං ඇත්තටම කැමති නෑ වෙන ගායකයෙක්වත් එයාලගෙ නිර්මාණයක්වත් පහළට දාල කතා කරන්න. ඒ නිසා මං ඒ ප්‍රශ්නයට මෙහෙම උත්තරයක් දෙන්නම්. "මතකය" කියන්නෙ පදුරකට පයින් ගැහුවොත් විසි වෙන තවත් එක "සින්දුවක්"ද නැද්ද කියන එක අපි මේ රටේ මිනිස්සුන්ට තීරණය කරන්න දෙමු.

08. සමහරු කියනවා වීඩියෝවෙ ඉන්නෙ ප්‍රමිත්ගෙ හිත ගිය කෙනා කියලත්. ඇත්තද?
** ඇත්තටම කිව්වොත් ඔය ප්‍රශ්නෙ මගෙන් ගොඩක් දෙනෙක් ඇහුවා (සිනහවෙමින්). කොටින්ම කිව්වොත් අම්මා අප්පච්චි පවා ඇහුවා. අම්මා මගෙන් ඇහුවේ "දෙන්නා ඉන්න විදියට නම් පේන්නෙ මගේ දුව වගේ" කියලා. ආයෙත් ප්‍රශ්නයට ආවොත් ඇත්තටම Video එකේ ඉන්නෙ Rukshana Dissanayake. මං Rukshana එක්ක වැඩ කරපු පළවෙනි පාර. හරිම නිහතමානී හොද හදවතක් තියෙන තරුණ කලාකාරිණියක්. හරි පහසු වුණා Rukshana එක්ක වැඩ කරන්න. ඒ වගේම Video එක බලනකොට මටම හිතුණ දෙයක් තමයි Rukshanaගෙන් මේ Video එකට සෑහෙන්න එළියක් ඇවිල්ලා තියෙනවා කියලා.

09. රූගත කිරීම් කරන කොට සිද්ධ වුණු අමතක නොවන අත්දැකීම්, මිහිරි මතකයන් එහෙම තිබ්බද?
**  අමතක නොවන අත්දැකීම් කියන්නෙ ඉතින් මෙහෙමයි. තිරයෙන් එළියෙ ආදරය කරාට කැමරාවක් ඉස්සරහ ආදරය කරනවා කියන එක මුලින්ම ටිකක් අමාරු වුණා.
හැබැයි පස්සෙ හරි ගියා ඒක. මං හිතන්නෙ කොහොම හරි අන්තිමට වැඩේ හොදට වෙලා තියෙනවා. මොකද ගොඩක් අය කිව්වා Video එකේ හරි ලස්සනට රගපාල තියෙනවා කියලා.

Picture

10. ගීතය නිර්මාණය කරනකොට, රූගත කරනකොට ආපු අභියෝග මොනවද? ඒවාට සාර්ථකව මුහුණ දීපු ආකාරය ගැන මතක් කරනවා නම්?
**  අභියෝගම තමයි ඉතින් ආවෙ. මොකද ලොකු Budget එකක් එක්ක නෙවෙයිනෙ වැඩේ කරේ. Lighting, Make Up මුකුත් නැතුව තමයි අපි Video එක කරේ. මුහුදේ මම සින්දුව කියන ටික Shoot කරේ Beach එකේ Restaurant එකක දාල තිබුණ Light එකකින්. ඒ වෙලාවෙ ඒ Light එක තිබ්බෙ නැත්තන් හරි අපි Shoot එක කරගෙන යන අතරෙ Restaurant එකේ අය ඒ Light එක Off කරන්න ඕන කිව්වනම්, එදා අපිට Shoot එක කරගන්න බැරි වෙනවා. මං මේ වෙලාවෙ White House Restaurant එකට ස්තුතිවන්ත වෙනවා ඒක ගැන. හැබැයි මං පුදුම විදියට සතුටු වෙනවා Woo Team එක ගැන. Light නැත්තන් පාරෙ Light එකකින් නෙවෙයි, ලාම්පුවක් අල්ලගෙන හරි වැඩේ කරලා ගොඩ දාල දෙනවා අපේ Team එක.

11. එතකොට ගීතය පටිගත කළේ කොහෙද?
**  ගීතය පටිගත කරේ AMOS Studio එකේ. මාධව හේවාවසම් අයියා තමයි Mixing and Mastering කරේ.

12. "සැබෑ ප්‍රේමවන්තයින් කිසිදා එක් නොවෙත්".... මොකක්ද මේ හරුපේ?
*  "සැබෑ ප්‍රේමවන්තයින් කිසිදා එක් නොවේ" කියලා කියන එක මතක විදියට ලූෂන් බුලත්සිංහල මහත්මයගෙ ප්‍රකාශයක්. මේ ගීතයේ කියවෙන්නෙත් එකතු නොවුණු, එහෙත් හදවතින් ආදරය කරන ආදරවන්තයෙකුගේ සහ ආදරවන්තියකගේ කතාවක්. අපිට හිතුණා ඒ ප්‍රකාශය ඇතුළේ මේ ගීතයට ළගින් යන කතාවක් තියෙනවා කියලා.

13. මේ ගීතය හරහා, ප්‍රමිත් අසන්නන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද?
**  අපේ ජීවිතේ අපි හැමෝටම ඉන්නවා කවදාවත්ම
ළං වෙන්න බැරි එක්කෙනෙක්. ඒ කෙනා ඉන්නෙ හදවතේ ගැඹුරුම තැනක. ආදරය කරපු, රණ්ඩු වුණ මතකයන් ගොඩාක් එතන තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ ගැඹුරුම තැන ඉන්න කෙනා ගැන මතකය ඉබේම අවදි වෙනවා මේ ගීතය අහද්දි. ඒ මතකය මතක් කරලා විදින්න පුළුවන් මේ ගීතය හරහා. ඒකත් එක්ක තව දෙයක් කරන්න උවමනා වුණා. ගොඩක් අලුත් කොල්ලො කෙල්ලො හිතනවා ජනප්‍රිය වෙන්න රැල්ලට යන දෙයක්ම කරන්න ඕන කියලා. මට ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න ඕන වුණා. අද වෙනකොට මේ ගීතය වේගයෙන් මිනිස්සු වැළදගනිමින් තියෙනවා. මං හිතන්නෙ අපි සාර්ථකයි. 
​
Picture
Picture

14. ගීතයේ වැඩ අවසන් කරන්න කොච්චර කාලයක් ගියාද?
** ඇත්තටම පොඩි කාලයක් ගියා Audio එකේ වැඩවලට නම්. මොකද මං විශ්වාස කරේ බලන්න සින්දුවක් හදනවට වඩා අහන්න සින්දුවක් හදන්න. 

15. සෑහෙන වියදමකුත් යන්න ඇති?
**  Audio එක වෙනුවෙන් තමයි ටිකක් වියදම් වුණේ. Video එකට නම් ගොඩාක් ලොකු වියදමක් කරේ නෑ. ඇත්තටම කරේ නෑ කියනවට වඩා, කරන්න පුළුවන් වුණේ නෑ කිව්වනම් වැඩියෙන් හරි මං හිතන්නෙ. 

16. මොකද ගීතය ආරම්භ වෙනකොටම බාහුං සහස්ස මභිනිම්?
**  මේ ගීතයේ මේ පෙම්වතා මුහුදු වෙරළට යන්නෙ තමන්ගෙ පෙම්වතිය වෙන කෙනෙක් කසාද බැදලා ගියපු දවසේ රෑ. එදා තමයි ඔහු තමන්ගෙ ආදර කතාව මතක් කරන්නෙ. අපි ඒ යොදපු ජයමංගල ගාථා කොටසින් තමන්ගෙ පෙම්වතිය කසාද බැදලා ගියා කියන එකේ තියෙන හිස් බව වගේ මොකක්ද කියලා වචනයෙන් පැහැදිලි
කරන්න බැරි හැගීමක් අපිට දැනුනා. ඒකයි අපි ඒක ඒ විදිහට දැම්මෙ.

17. සංගීත නිර්මාණයක් සාර්ථක වෙන්න නම් ගායනය, පද රචනය සහ සංගීතය කියන මේ තුනම ගැළපෙන්න ඕන. ඒත් සංගීත නිර්මාණයක් රසවිදිනකොට වැඩි පිරිසකගෙ අවදානය යොමු වෙන්නේ ගායනයට සහ සංගීතයට විතරයි. එහෙම නේද?  
**  මෙහෙමයි. මුලින්ම මනුස්සයෙක්ට ඇහෙන්න තනුව. ඒ නිසා ගොඩක් අය පද ගැන අමතකම කරලා තනුව විතරක් ගැන හිතනවා. අපි ඒක මෙතනදි ටිකක් වෙනස් කරලා සංගීතය වගේම හොද පද ටිකක් ඒකට මුහු කරා. ඒකෙන් ගීතයේ රහ තව වැඩි වුණා කියලා හිතෙනවා ලැබෙන ප්‍රතිචාර එක්ක බැලුවම. 

18. දැන් කාටද මේ ගීතය මුලින්ම පෙන්නුවේ?  
​**  Team එකේ අය ඇරුණම මුලින්ම බැලුවෙ අම්මා. එයාගෙන් හම්බුණ Comment එක එක්ක මං තේරුම් ගත්තා වැඩෙ සාර්ථකයි සහ මිනිස්සු මේක ආදරයෙන් වැළද ගනියි කියලා. 
​
Picture
Picture
 
19. අදහසක් නැද්ද ඉදිරියේදී යුග ගායනයක් එහෙම කරන්න? මම අදහස් කළේ "මතකය" වගේම, තමන්ගෙම කියලා නිර්මාණය වෙන ගීතයක?
**  එහෙම වැඩක් කරන්න පොඩි අදහසක් නැත්තෙ නෑ. පොඩි සූදානමක් තියෙනවා. මේ ගීතය තාම Release කරා විතරනෙ. අපි බලමු නේහ් ඉස්සරහට. 

20. තාමත් ප්‍රමිත්ගේ ගීතය අපිට අහන්න ලැබෙන්නෙ අන්තර්ජාලයෙන්. ඒත් අන්තර්ජාලය භාවිතා කරන්නෙ නැති පිරිසකුත් ඉන්නවා. ඒ අය වෙනුවෙන් ප්‍රමිත්ගේ ගීතය රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා හරහා ප්‍රචාරය කරන්න අදහසක් නැද්ද?
** ඇත්තටම ඕක හොද ප්‍රශ්නයක් දනුල. මට ඇත්තටම ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තියෙන්නෙ පොඩි දුකක් එක්ක. තාම මගේ ගීතය තියෙන්නෙ අන්තර්ජාලයේ විතරයි. මං මීට කලින් කරපු චන්ද්‍ර මණ්ඩලේ Cover එක නම් TV 1 චැනල් එකේ දාලා තිබුණා. මං මේ වෙලාවෙ ඒ ආයතනයට ස්තූතිවන්ත වෙනවා. අපි බලමු ඉතින් වෙනස් විදියේ හොද නිර්මාණයකට TV චැනල් එකක ඉඩක් තියෙනව නම් මේක TV එකේ යාවි. නැත්තන් ඉතින් යන එකක් නෑ. හැබැයි මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ ගීතය එක Channel එකකින් හරි විකාශනය වෙයි කියලා. 

21. මේ වෙනකොට හොද උසස් මට්ටමේ ධනාත්මක ප්‍රතිචාර ලැබෙනවා කියලයි ආරංචිය. ඇත්තටම මොකද හිතෙන්නෙ? 
**  මං මුලින් කිව්වා වගේ මේ දවස්වල නම් සෑහෙන්න ලොකු තෘප්තියකින් ඉන්නෙ සින්දුවට හම්බෙන ප්‍රතිචාර එක්ක. අවංකවම සතුටුයි, මහන්සියෙන් කරපු මේ නිර්මාණය මිනිස්සුන් ආදරයෙන් වැළදගන්න එක ගැන. අලුත් නිර්මාණ කරන්න ඒක ලොකු ශක්තියක් ඇත්තටම.

22. ඒකෙන් මේකෙන් චන්ද්‍ර මණ්ඩලේ සැතපුනු පුංචි සාවිව කැපිලා යයි නේද?  
**  මං හිතන්නෙ චන්ද්‍ර මණ්ඩලේ Cover එක කාලෙකට පස්සෙ මාව හොද තැනකට ගෙනවා. ගොඩාක් අය කියනවා තාමත් ඒක තමන්ගෙ Phoneවල දාගෙන රසවිදිනවා කියලා. මං හිතන්නෙ පුංචි සාවියේ කැපෙනවට වඩා වෙන්නැත්තෙ, ඒකත් එක්කම රසවිදින්න පුළුවන් අලුත් සින්දුවක් එයාලට ලැබුණු එක කියලයි හම්බෙන ප්‍රතිචාරවලින් පේන්නෙ.



23. රූප රචනයට කෙල්ලෙක් නැතුව "කෑල්ලක්" අරගත්තා නම්, මීට වඩා සිය දහස් ගුණයක පිරිසක් ඕක බලන්න තිබුණා. හා බොරුද?
** මෙහෙමයි ඉතින්. ඔය දනුල කිව්ව පන්නයේ ගෑණු ළමයෙක් අරගෙන කොටට අන්දලා එහෙ මෙහෙ කරලා ඇදුමකුත් ගලවන ඒ වගේ කෑලි ටිකක් දැම්මනම් සින්දුව Youtubeවල Trending එයි. හැබැයි මට Trending No 1 වෙන්න ඕන වුණේ නෑ. ඇත්තටම මං මේ ගීතයෙන් කතා කරේ මගේ ආදරය ගැන. මං ආදරේ කරේ කෙල්ලෙක්ට. මේ Video එකේ පෙන්නන විදියට මං බදාගෙන හිටියෙ, අත් අල්ලන් ඇවිදගෙන ගියෙ මේ පෙන්නන විදියේ කෙල්ලෙක් එක්ක. මේ Video එක බලද්දි මට මතක් වෙන්නෙ එයාව. කෙල්ලෙක්ගෙ ඇදුම් ගලවල, මං ඒ විදින ලස්සන හැගීම විනාස කරගන්න මට ඕන වුණේ නෑ. Rukshana ඉතාම සාධාරණයක් කරලා තියෙනවා මේ Video එකට. ඒ නිසා එක තප්පරයකටවත් මං හිතන්නෙ නෑ
මේ තේරීම වැරදියි කියලා. මං හිතන්නෙ මේ තේරීම හරියටම හරි.

24. අදවෙනකොට දවසකට විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා ගීත එළිදැක්වෙනවා. ඉතින් මාසයක් දෙකක් ගියායින් පස්සෙ අපේ අයටත් ප්‍රමිත්ගේ "මතකය" අමතක වෙලා යයි කියලා හිතෙන්නෙ නැද්ද?  
**  එකම විදියේ ශෛලියක, එකම විදියේ පද ටිකක් දාල කරපු සින්දුවලට ඔය කතාව අදාළයි. හැබැයි මීට අවුරුදු 20කට 30කට කලින් කරපු සින්දුත් අපි අද අහනවා නේද? මං හිතන්නෙ මතකය Song එකත් මිනිස්සුන්ට ලේසියෙන් අමතක වෙන එකක් නෑ. 

25. කවුරු හරි කෙනෙක් ප්‍රමිත්ගේ මේ සංගීත නිර්මාණය, ප්‍රති නිර්මාණය කරලා ගායනා කළොත්, ඒකට ප්‍රමිත් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? 
**  මං නම් හරිම කැමතියි මගේ සින්දුවට Cover Version හැදෙනවට. සින්දුව Release කරල වැඩි දවසක් නැති වුණාට, දැනටත් මේකට Covers කිහිපයක් හැදිලා අන්තර්ජාලයට එක්වෙලා තිබ්බා. මං හැම වෙලාවෙම කියන්නෙ මගේ ගීතයක් වෙන කෙනෙක්ගේ
 කටහඩින් ඇහෙන එක තමයි මං විදින සතුට. ඒක තමයි මගේ තෘප්තිය.

26. දැන්වත් "පොරක්" නෙමෙයිද? 
** නැහැ. එදා දීපු උත්තරේම තමයි අදත් දෙන්න තියෙන්නෙත්. කවදාවත් පොරක් වෙන්නත් ඕන නෑ. මිනිස්සු ආදරය කරන සුන්දර මනුස්සයෙක් වෙන්න විතරයි ඕන, මට එදත් අදත් හෙටත්.
​
Picture
Picture

27. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** මං දැනට මගේ නීති අධ්‍යාපන කටයුතු කරගෙන තමයි ඉන්නෙ. ඊට අමතරව තමයි සංගීත වැඩ කරන්නෙ. අධ්‍යාපන වැඩ ටික ඉක්මණටම ඉවර කරගන්න ඕන. ඒ වගේම මිනිස්සු ආදරය කරන අලුත් නිර්මාණ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා.

28. එළිමහන් වේදිකාවට පිය මනින්න එහෙම අදහසක් නැද්ද?
**  මං රැල්ලට යන ගීත හදන්නෙ නෑ. මගේ ගීත රසවිදින එක මනුස්සයෙක් හරි ඉන්න තැනක, මං සින්දුවක් කියන්න දෙපාරක් හිතන්නෙ නෑ. මොකද මිනිස්සු තමයි මට වටින්නෙ.

29. සංගීත නිර්මාණය සම්බන්ධව ස්තූති කරන්න ඕන පිරිස ගැන මතක් කළොත්? මම හිතන්නෙ කැමරාව පිටුපස හිටපු පිරිසත් සුළුපටු නෑ.
**   මං ඉස්සෙල්ලා කිව්වා වගේ Woo Creations එකේ Team එක තමයි මේ වැඩේ කරේ. ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. ඊට අමතරව ආනන්ද විද්‍යාලයෙ මාත් එක්ක එකට ඉගෙන ගත්ත මගේ ආදරණීය මිත්‍රයෙක් වෙච්ච Sahan Wickramaarachchiවයි පාසල් කාලෙ මිතුරියක් වුණ Isangiවත් මතක් කරනවා. ඒත් එක්කම Rukshana Dissanayake ගොඩක් ආදරෙන් මතක් කරනවා අවසාන වශයෙන්. 

30. ප්‍රමිත්ව සම්බන්ධ කර ගන්න පුලුවන් විදිහත් ආයිත් මතක් කරමුද?
**  මාව ලේසියෙන්ම Contact කරගන්න පුළුවන් තැන තමයි Facebook එක. Facebook එකට දාන හැම Message එකකට වගේම Reply කරන්න උත්සහා කරනවා පරක්කු වෙලා හරි. ඊට අමතරව
077 - 0 628 548 තමයි මගේ අංකය.
Phone එක නම් Answer වෙනවා අඩුයි හැබැයි ටිකක්. ඒ නිසා Facebook එකට Message එකක් දැම්මා නම් හොදයි ඉතින්.
​
Picture
Picture

ඉතින් ඔන්න ඔහොමයි අපි ප්‍රමිත් එක්ක "මතකය" ගැන කරපු කතා බහ අවසන් වෙන්නෙ. ප්‍රමිත් එක්ක කරපු මේ කතා බහත් බොහොම රසවත් එකක් වුණා. ඉතින් අපි තවත් පාරක් ප්‍රමිත්ට මුළු හදවතින්ම සුභ පතනවා ඔහුගේ අනාගත වැඩ කටයුතු සහ සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. 

​ප්‍රමිත්ට තවත් මේ වගේ හරවත් සහ ගුණවත් නිර්මාණ සමාජය හමුවේ දායාද කරන්න සහයෝගය ලබා දෙන්න කැමති නම් පහළින් තියෙන සමාජ වෙබ් අඩවිවල ශාඛාවන් එක්ක එකතු වෙන්න කියලත් මතක් කිරීමක් කරන්න කැමතියි. ඒ හරහා ප්‍රමිත් ඉස්සරහට කරන්න යන අලුත් දේවල් ගැන දැන ගන්නත්, ඒවාට උදව් කරන්නත් ඔයාලට පුලුවන් වෙයි....!!!!! 


සැ.යු - 
මෙම ලිපියේ ඇතුළත් කර ඇති සියලුම ඡායාරූප සහ වීඩියෝ දර්ශනවල පූර්ණ හිමිකාරීත්වය, ඒවායේ මුල් අයිතිකරුවන් සතුය. 
​

Picture
Facebook Profile
Picture
Instagram
Picture
Facebook Page
Picture
Blog
Picture
Youtube
Picture
Google+
Picture
Twitter
Picture
Sound Cloud

Powered by Create your own unique website with customizable templates.