අපේ දහම් පාසල
ඒ, 2005 වසරේ ජනවාරි මස 17 වෙනිදාය. එවකට අප කොළඹ ආනන්ද විද්‍යාලයේ 6 ශ්‍රේණියෙන් සමුගෙන 7 ශ්‍රේණියට පැමිණි කෝඩුකාරයන් වූයෙමු. එදින උදෑසන කාල පරිච්ඡේදයක අපගේ පන්ති කාමරයට, "බුද්ධාගම" විෂය යොදා තිබිණි. ආනන්ද විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා තිබෙන බුද්ධාගම සහ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයන් සදහා ඉගැන්වීම් කටයුතු සිදු කරනුයේ ස්වාමීන් වහන්සේලා විසිනි.
ආනන්ද විද්‍යාලයේ එවකට සිටි පැවිදි ආචාර්ය මණ්ඩලයේ හිමිවරුන් අතරින්, ආනන්ද විද්‍යාලයේ ලොකු කුඩා කාගෙත්, ගිහි ආචාර්ය මණ්ඩලයේ සැමගෙත් නොමද ගෞරවයට පාත්‍ර වුණු හිමි නමක් ලෙස හගුරන්කෙත චන්ද්‍රරතන හිමියන් ඉතා ප්රකටය. ඒ උන්වහන්සේ තුළ තිබෙන කරුණාවන්ත බව, ආදරණීය බව, සුහදශීලී සහ මිත්‍රශීලී බව, ඉවසීම, තැන්පත් බව සහ සංයමය, සාධාරණත්වය වැනි උතුම් ගුණාංග නිසාය.
උන්වහන්සේ එවකට 7 ශ්‍රේණියේ බුද්ධාගම විෂය සදහා ඉගැන්වීම් කටයුතුවල නිරතවිය. එබැවින් 7 ශ්‍රේණියට පිවිසි අප, අපගේ ප්‍රථම බුද්ධාගම කාල පරිච්ඡේදයේ ඉතාම නොඉවසිල්ලෙන් බලා සිටියේ, පංති කාමරයේ දොර තුළින් දුඹුරු පැහැති චීවරයක් මතු වන තුරුය (එවකට උන්වහන්සේ පරිශීලනය කරන ලද්දේ දුඹුරු පැහැති සිවුරුය). නමුත් සිදු වූයේ කවුරුත් නොසිතූ දෙයකි. දුඹුරු පැහැති චීවරය වෙනුවට මතු වූයේ කහ පැහැති චීවරයකි. එකල අප විද්‍යාලයේ කහ පැහැති චීවර පරිහරණය කරන ලද්දේ එක් හිමි නමක් පමණි. ඒ, බෙල්ලන්විල රජමහා විහාරවාසී (එවකට) පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියන්ය.
"අනේ දෙයියනේ..... මොකක්ද මේ අපිට වුණේ?" යැයි අප අපටම කියා ගත් අතර, උන්වහන්සේ අප පන්ති කාමරයට වැඩම කරනවාත් සමගම අපට මතක් වූයේ එකම එක දෙයකි. ඒ "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා" යන්නයි. උන්වහන්සේ විසින් එවකට විද්‍යාලයේ සහකාර විදුහල්පති, විනය මණ්ඩලයේ සභාපති, ශිෂ්‍ය නායක සංගමයේ සභාපති, බෞද්ධ සංගමයේ අනුශාසක ආදී වශයෙන් තනතුරු විශාල ප්‍රමාණයක් හොඹවන ලදී. අප සැවොම බියෙන් තැති ගත්තෙමු. උන්වහන්සේට තිබෙන්නෙ මහා පෞර්ෂත්වයකි. උන්වහන්සේ උස, මහත දේහධාරී හිමි නමකි. උන්වහන්සේගේ බැල්ම, උන්වහන්සේගේ මුහුණ සහ ඉරියව්, කතා විලාශය, යම් යම් ක්‍රියා කලාපයන් නිසා අප පාසලේ සිටින ශිෂ්‍යයන් මෙන්ම ගුරුවරුන් පවා බියට පත්විය. ශිෂ්‍යයන් අතින් වන සුළු වරදකට වූවද, ආනන්ද හිමියන්ගෙන් ලැබුණේ මරණ දඩුවම් ලැබ බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට දිය යුතු දඩුවම්ය. උන්වහන්සේගේ දඩුවම් කිරීම් කිසිසේත්ම අවුරුදු 12ක් පමණ වූ කුඩා අපට ඔරොත්තු දුන්නේද නැත.
එදින පන්ති කාමරය තුළ ළමුන් 50ක් පමණ සිටියෝය. ආනන්ද හිමියන්ද අනිත් ගුරුවරුන් මෙන්ම එක් එක් ශිෂ්‍යයා ළගට යමින් ඒ ඒ ශිෂ්‍යයන්ගේ ජීවන තොරතුරු විමසුවෝය. උන්වහන්සේ ඇසුවේ ප්‍රශ්න ත්‍රිත්වයක් පමණි. එනම් "නම මොකක්ද? කොහෙද ගම? දහම් පාසල් යනවද?" යන ප්‍රශ්න පමණි.

තුන්වන ප්රශ්නය අසනවාත් සමගම මා ඇතුළුව, දහම් පාසල් නොයන ළමුන් සියලු දෙනාම අධික භීතියට පත්විය. "දහම් පාසල් යනවද?" යන පැනයට "නැහැ" යන පිළිතුර දෙනු ලැබූ ළමුන් සියලු දෙනාටම, උන්වහන්සේ තර්ජනාත්මක ලෙස බැන වැදුනෝය. කෙමෙන් කෙමෙන් මාගේ වාරයද එලඹිනි. "මොකක්ද නම?" උන්වහන්සේ ඇසුවෝය. දනුල රන්දික වික්‍රමආරච්චි..... "කොහෙද ගම?"..... බොරලැස්ගමුවේ. "බොරලැස්ගමුවේ කොහෙද?"...... රත්තණපිටියෙ. "රත්තණපිටියෙ කොහෙද?"...... ජී.එච්.පෙරේරා මාවතේ. මේ වන විටත් මට දෙයියො බුදුන් සිහිවෙමින් තිබිණි. අනිත් ළමුන්ගෙන් මෙන් නොව, උන්වහන්සේ මාගේ පදිංචි ස්ථානය ගැන හාරමින් ප්‍රශ්න කරන ලද්දේ, කට උත්තරයක් ලබා ගැනීමට පැමිණි පොලිස් නිළධාරීවරයෙකු මෙන්ය. ඉන්පසුව වඩාත් භීතියට පත්වන ප්රශ්නය ඇසුවෝය. "දහම් පාසල් යනවද?"...... කිසිවක් කර කියා ගත නොහැකි මම, "නැහැ" යන්න හැගවීමට, හිස දෙපසට වැනුවෙමි. එම මොහොතේම උන්වහන්සේගේ ඇස් ලොකු විය. නළල රැළි ගැසිනි. "ඇයි ජී.එච්.පෙරේරා මාවතේ තියෙන්නෙ පරමධර්මවර්ධනාරාමයක්? ඇයි ඒකට යන්නෙ නැත්තේ? ආහ්? වහාම ඒකට යන්න ඕන. මම විශේෂයෙන්ම හොයලා බලනවා. තේරුණාද?" යනුවෙන් උන්වහන්සේ මට බැණ වැදුනු අතර පන්ති කාමරයේ ළමුන් 50ක් පමණ මා දෙස බලා සිටියෝය.
ඉන්පසුව ආනන්ද හිමියන් පන්ති කාමරයේ කළු ලෑල්ල ළග සිටගනිමින් "ඔය දහම් පාසල් යන්නෙ නැහැ කියපු අය මේ සතියෙ ඉදලා අනිවාර්යෙන්ම දහම් පාසල් යන්න ඕන. මම හොයලා බලනවා" යනුවෙන් නැවත වරක් තර්ජනය කළෝය. උන්වහන්සේ එසේ කියන ලද්දේ දහම් පාසල් නොයන ළමුන්ව, තම තමන්ගේ ගම්වල තිබෙන දහම් පාසල් වෙත යැවීමට උත්තේජනයක් ලබාදීම පිණිස බොරුවටය. එය බොරුවට කරන ලද තර්ජනයක් වූවද එය මට තව දුරටත් තර්ජනයක්ම විය.

1929 වර්ෂයේ නිර්මාණය වූ බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය සහ බෙල්ලන්විල රජමහා විහාරය අතරේ පවතිනුයේ ඉතාමත් සමීප සම්බන්ධතාවයකි. එම නිසා ඈත අතීතයේ සිටම බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිදු කරන පිංකම්, උත්සව, වැඩසටහන් සදහා පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයෙන්ද, පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ සිදු කරන පිංකම්, උත්සව, වැඩසටහන් සදහා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයෙන්ද සහයෝගය සහ සහභාගීත්වය හුවමාරුවේ.
එපමණක් නොව බෙල්ලන්විල සති පිරිත් පිංකම වෙනුවෙන් පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයෙන්, වාර්ෂිකව දහවල් දානය ලබා දෙයි. බෙල්ලන්විල දේව දූත පෙරහැරෙහි ගමන් මගෙහි, එකම තාවකාලික නැවතුම් ස්ථානය වන්නේද පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයයි. එවකට අපගේ ගමේ විහාරස්ථානයේ ඇතැම් ව්‍යාපෘති, වැඩසටහන් සහ පිංකම් සදහා අවවාද අනුශාසනා ලබාදීම මෙන්ම ඒවා අධීක්ෂණය කිරීමද බෙල්ලන්විල රජමහා විහාරයෙන් සිදු කරනු ලැබීය. පර්මධර්මවර්ධනාරාම විහාරස්ථානයෙ සෑම පිංකමක් සදහාම අපවත් වී වදාළ අතිගෞරවාර්හ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක හිමියන් සමග ආනන්ද හිමියන්ද වැඩම කළ අතර උන්වහන්සේ සහ පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය අතරේ පැවති සමීප සබදතාව හේතුවෙන්, එවකට මා සතු වූ එකම විවේකී දිනය වූ විවේකී ඉරිදා දවස කැප කරමින්, ඉතාමත් අකමැත්තෙන් දහම් පාසල් යෑමට සිදුවිය. ඒ, "දහම් පාසල් යනවාද?" යන පැනයත් සමග හට ගත් අවදානම් තත්වය, බෙල්ලන්විල රජමහා විහාරස්ථානය සහ රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය එකම ගමෙහි, එක ළග පිහිටි විහාරස්ථාන ද්විත්වයක් වීම සහ විහාරස්ථාන ද්විත්වය අතරේ පවතින දැඩි සම්බන්ධතාවය නිසාය.

ආනන්ද හිමියන්ගේ තර්ජනයෙන් පසුව පැමිණි ප්‍රථම ඉරිදා දිනය උදාවිය. ඒ, 2005 ජනවාරි මස 23 වන දින ය. පෙර ඉරිදා දිනයන්හී පශ්චාත් භාගයට ඉර එළිය වැටෙන තෙක් නිදා ගැනීමට අවස්ථාව තිබුණත්, එදින සිට ඒ අවස්ථාව අහිමිවිය. ඊට පෙර දින රාත්‍රියේ ඥාති සහෝදරයෙකුගේ විවාහ මංගල උත්සවයේ දෙවෙනි ගමන යෙදී තිබුණු අතර ලොකු කුඩා ඥාති හිත මිත්‍රාදීන් විශාල ප්‍රමාණයක් උත්සවය සදහා සහභාගී විය. එහෙත් රාත්‍රී 12.00ටත් පෙර සියල්ලන්ටම සමුදී අකමැත්තෙන් මා හට නිවස බලා යලි පැමිණීමට සිදුවිය. ඒ, පසුදින දහම් පාසල් යෑම සදහා උදෑසනම අවදිවීමට තිබූ බැවිණි. 2005 ජනවාරි මස 23 වන දින උදෑසන 5.45ට පමණ අවදිවී, නිදිමතෙහි සිටිමින්, දත් මැද, මුහුණ සෝදා, උදෑසන ආහාරය ගෙන, දහම් පාසල් යෑම සදහා ජාතික ඇදුම ඇන්දෙමි. තාත්තා විසින් සරම ගැට ගසා, බද පටිය දමන ලදී. සුදු ලේන්සුවක් ගෙන, හය හත් පොළකට නමා, කමිසයේ උඩු සාක්කුව තුළට දාගත්තෙමි. ජාතික ඇදුම ඉතාමත් අපහසුය. සම්පූර්ණ ශරීරයම ආවරණය වී ඇති නිසා, ඉතාමත් ඉක්මනින් දහඩිය දමයි. අත් සෝදන විට නිතරම කමිසයේ අත කොටස ඉස්සීමට සිදුවෙයි. කමිසයේ බොත්තම් තදවීම නිසා බෙල්ලේ උගුර ආශ්රිත ප්‍රදේශය හිරවීමකට ලක් වෙයි. සරම හේතුවෙන් ඇවිදීම අපහසු වන අතර දෙනෝදාහක් මැද කඩන් වැටීමේ අවදානමක්ද ඇත. මේ ප්‍රශ්න මධ්‍යයේ සිට කුඩා බෑගයත් රැගෙන, තාත්තා සමග පන්සලෙහි ධර්ම ශාලාව වෙත ගියෙමි.
4 ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය දක්වා ඇති සියලුම පන්ති පවත්වන්නේ, ගමේ පන්සලෙහි ධර්ම ශාලාව තුළය. ධර්ම ශාලාවේ වහල රදවා තිබෙන කණුවෙන් කණුවට, පන්ති බෙදා වෙන් කර ඇත. 1 ශ්‍රේණියේ සිට 3 වන ශ්‍රේණිය දක්වා තිබෙන පන්ති, විහාරස්ථානයේ ආවාසගෙය අසල ඇති කුඩා ශාලාවේ පවත්වයි.

මා හට එය ඉතාමත් නැවුම් සහ නව අත්දැකීමක් විය. කොළඹ ආනන්ද විද්‍යාලය යනු පිරිමි ළමුන් පමණක් සිටින පාසලකි. නමුත් දහම් පාසලෙහි පිරිමි ළමුන් මෙන්ම ගැහැණු ළමුන්ද සිටින අතර ඔවුන් හරි එකතුය. අතරමැද්දෙන් දහම් පාසල වෙත ඇතුළත්වීමට සිටින මා හට මෙය තරමක් නුහුරුය. ගමේ එක් එක් සාමාජීය සහ ආර්ථික පරිසරයන්වල සිටින විවිධාකාර ළමුන්, එකට එක්ව, එකට ඉදිමින්, එකම වහලක් යට අධ්‍යාපනය ලබයි.
"අලුතින් ඇතුළත් වෙන්නද ආවේ?" ධර්ම ශාලාවේ පිවිසුම ආසන්නයේ සිටි අප දෙදෙනා දැක, දහම් පාසල් ගුරුවරයෙක් අපගෙන් විමසුවේය. "ඔව් ඔව්" යනුවෙන් තාත්තා හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන්නේය. "ආහ්. පොඩ්ඩක් ඉන්න. ප්‍රධානාචාර්ය හාමුදුරුවො තව ටිකකින් එයි. එතකොට උන්වහන්සේව හම්බ වෙන්න. මම කියන්නම්කො හාමුදුරුවන්ට" යැයි ගුරුතුමා පිළිතුරු දුන්නේය. ධර්ම ශාලාව තුළ සිටි ළමුන් සියලු දෙනාම, 7.30 වන විට පේළි සෑදී, උදෑසන රැස්වීම සදහා බෝධි මළුව වෙත ගිය අතර තාත්තත් මමත් ධර්ම ශාලාවේ දොරටුව අසල රැදී සිටියෙමු.
විශාල වේලාවකට පසුව ධර්ම ශාලාව වෙත හිමි නමක් පැමිණියේය. ඒ ඥාණරතන හිමියන්ය. උන්වහන්සේ දේහධාරීය. නමුත් මිටිය. සුදුය. බොහොම තරුණය. තැඹිලි පැහැති සිවුරක් හැද සිටි උන්වහන්සේ තුළ තිබුණේ ඉතාමත් ප්‍රියමනාප බවකි. ලස්සන සිනහවකි. ඒ මොහොතෙහිම පෙර කී ගුරුවරයා විසින් අප ගැන උන්වහන්සේව දැනුවත් කරන ලදී. "දහම් පාසලට ඇතුළත් වෙන්නද ආවේ? එහෙනං මුලින්ම රැස්වීමට ගිහින් එන්න. ඊට පස්සෙ අපි කතා කරමු." ඉන්පසුව මම කෙමෙන් කෙමෙන් බෝ මළුව දෙසට ගමන් කළේය. මද දුරක් ගොස් මම යළිත් පසුපස බැලුවෙමි. මා ඒ දෙසට ගමන් කරන්න පසුබට වී ඇතැයි දැනගත් උන්වහන්සේ "යන්න පුතා. එතනට යන්න" යැයි සිනහ මුසු මුහුණින් මා වෙත කීවේය. නැවතත් මා කෙමෙන් කෙමෙන් බෝ මළුව දෙසට ගියෙමි. ඒ වන විටත් උදෑසන රැස්වීම ආරම්භ වී පන්සිල් සමාදන්ව, ගාථා සඤ්ජායනා කර, සිසුන්ගේ කතාද සිදු කර අවසන්ය.

ඒ මොහොතේ තිබුණේ ගුරුවරයෙකුගේ කතාවයි. එවකට තිබුණේ බොහොම කුඩා බෝ මළුවකි. බෝ මළුවේ පිවිසුම් ස්ථානයේ සිට බෝ මළුවේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව හෙවත් බෝධි ප්රාකාරයේ ඉදිරිපස වෙත කුඩා තීරුවකි (පාරකි). එය පිරිමි සහ ගැහැණු ළමුන් සිටි පෝලීම් අතර පැවති දේශ සීමාව විය. මා දේශ සීමාව පැන, පිරිමි ළමුන් සිටි කොටසෙහි (වම් පස), එක් පෝළිමක පිටුපස සිට ගත්තෙමි. ඇතැම් ළමුන් මා දෙස හැරි හැරී බලන අයුරු දැක මා බියට පත් වුණෙමි. මා බිම බලා ගත්තෙමි. ඒත් සමගම ගුරුවරයාගේ කතාව අවසන් වී දහම් පාසල් ගීතය සහ ජාතික ගීතය ගායනා කෙරිනි. දහම් පාසල් ගීතය පිළිබදව නොදන්නා බැවින් මා ගොළුවත රැක්කෙමි. නමුත් ජාතික ගීතය ගායනා කළෙමි. ඉන්පසුව අප එකා පසුපස ධර්ම ශාලාව වෙත පැමිණියෙමු. ඊටත් පසුව මම තාත්තා සමග ධර්ම ශාලාවේ වේදිකාව උඩ, තිබෙන කුඩා දහම් පාසල් කාර්යාලය වෙත ගියෙමි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුඩා කාර්යාලයකි. එහි රැදී සිටිය හැක්කේද සීමිත පිරිසකට පමණි. අප කාර්යාලයට පිවිසෙන විට, ඥාණරතන හිමියන්, කාර්යාලයේ කුඩා ජනේල දෙක විවෘත කරමින් සිටියේය.
“Form එකක් තියෙනවා. ඒක පුරවලා ඉන්න ඕන. මේක පුරවන්නකො” යැයි කියමින් උන්වහන්සේ අප වෙත ඇතුළත්වීම සදහා වූ ඉල්ලුම් පත්‍රයක් ලබාදීමට තැත් කළේය. “Form එකක් නම් හම්බුනා” යැයි කියමින් තාත්තා ඉල්ලුම් පත්‍රයක් උන්වහන්සේ වෙත ලබා දුන්නේය. “ආහ් කොහෙන්ද හම්බුණෙ?” යනුවෙන් උන්වහන්සේ ඇසුවේය. “ඉස්සරහා ගෙදරින් අරන් ඇවිත් තිබුණා. අර අල්විස් කියලා ඉන්නෙ. නාන ළිද ඉස්සරහා.” යනුවෙන් තාත්තා පිළිතුරු දුන්නේය. “ආහ් ප්‍රියංගා අක්කා නේද?” යැයි කියමින් උන්වහන්සේ, මාගේ ඉල්ලුම් පත්‍රය කියවූයේය.
එවකට අප නිවසට ඉදිරිපස සිටියේ ප්‍රියංගා නැන්දාය (ඉංග්‍රීසි ක්‍රමයට අනුව "Aunty" ය). “අල්විස්” යන නම අප ගමෙහි ප්රකටව පවතිනුයේ ඔවුන් පරම්පරා කිහිපයක සිටම අප ගමෙහි වාසය කළ නිසාය. අප නිවසේ සිට ඉදිරියටත්, ආපස්සට යන තුරුම අල්විස් පරපුරෙන් පැවතීගෙන එන අක්කලා, අයියලා, නංගිලා, මල්ලිලා, අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා, බාප්පලා, පුංචිලා, ලොකු අම්මලා, ලොකු තාත්තලා එකී මෙකී නොකී අකී, අකී නොකී මෙකී එකී බොහෝ පිරිසක් වාසය කරන අතර ඉන් බොහෝමයක් අපගේද හිතවත් අසල්වාසීන්ය. ප්‍රියංගා නැන්දාගේ වැඩිමහළු දියණිය (මහීෂා ජයකොඩි), මට වඩා වසර තුනක් බාල වන අතර ඇය දහම් පාසලෙන් ඉල්ලුම් පත්‍රයක් ගෙනවිත්, පෙර දවසක අපට ලබා දුන්නාය. එවකට ඇයත්, ඇයගේ සහෝදරයා සහ සහෝදරියත් දහම් පාසලේ ඉගෙනුම ලැබූ අතර, 2008 වසරේදී පමණ එම පවුලේ සියලුම සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවෝය.
ඉල්ලුම් පත්‍රය කියවා බැලූ ඥාණරතන හිමියන්, 6 ශ්‍රේණියේ අච්චු පොතක් මා වෙත ලබා දුන්නේය. ඒත් සමගම බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථ, සිරි සුජාතා දහම් පාසලට ඇතුළත් වූ 10350 වෙනි ශිෂ්‍යයා ලෙස මාගේ නමද ලේඛනගත විය. "දහම් පාසලේ යන්නෙ එක අවුරුද්දක් අඩුවෙන්. ඉස්කෝලෙ 7 වසරෙ නම්, ඒ කියන්නෙ දහම් පාසලේ 6 වසරෙ කියන එකයි. අනිත් දවසෙ උදේට මල් වට්ටියක් එහෙම හදාගෙන එන්න. දහම් පාසල ඇරෙන්නෙ 12.00ට. මහත්තයා එහෙනං යන්න." යනුවෙන් කී ඥාණරතන හිමියන් වේදිකාව උඩ සිට මා හට, මා යා යුතු 6 ශ්‍රේණියේ පන්තිය පෙන්නුවේය. "අද පන්තිය භාර සර් ඇවිත් නෑ. ඒ නිසා ඒ වෙනුවට පන්තිය කරන්න, මම එන්නම් තව ටිකකින්" කියමින් උන්වහන්සේ නැවතත් කාර්යාලයට ගියේය. තාත්තාද ගෙදර යෑම සදහා ධර්ම ශාලාවේ ප්‍රධාන දොර වෙත ගමන් කළ අතර මා 6 ශ්‍රේණියේ පන්තිය වෙත ගියෙමි.
එම පන්තියේ ළමුන් 8 දෙනෙකු විය. ගැහැණු ළමුන් 3කි. 5 දෙනෙකු පිරිමි ළමුන්ය. මාත් සමග ළමුන් 9 දෙනෙකු විය. මේස තුනක් සහිත මෙම පන්තියේ ඉදිරිපස මේසයේ ගැහැණු ළමුන් තිදෙනා අසුන්ගෙන සිටි අතර ඊට පසුපස මේසයේද, අනිත් පස මේසයේද පිරිමි ළමුන් දෙදෙනා බැගින් සිටියෝය. දහම් පාසලේ පුටු හිමිව තිබුණේ 1, 2 සහ 3 ශ්‍රේණි සදහා පමණි. අනෙකුත් ශ්‍රේණිවල සිසුන් භාවිතා කරන ලද්දේ බංකුය. මා පන්තියේ පිටුපස බංකුවේ අසුන් ගැනීමට තීරණය කළෙමි. පිටුපස බංකුවේ සිටි ළමුන් දෙදෙනා බංකුවේ අන්ත දෙකෙහි සිටි බැවින්, මා බංකුවේ හරි මැද වාඩි වූයෙමි. පසුව මගේ සිතට කුඩා කණගාටුවක්ද දැණුනි. ඒ, දීර්ඝ කාලයක සිට එකම බංකුවේ සිටි මිතුරන් දෙදෙනෙකුගේ මැදින් අසුන්ගෙන, ඔවුන් දෙදෙනාව වෙන් කිරීම නිසාය. අලුත් අච්චුපොත බලමින්, මා ඥාණරතන හිමියන් පන්තියට වැඩම කරන තුරු බලා සිටියෙමි. මද වෙලාවකට පසුව උන්වහන්සේ පන්තියට වැඩම කළේය.

ඥාණරතන හිමියන් යනු බොහොම ප්‍රියමනාප හිමි නමකි. උන්වහන්සේ කුඩා දරුවන්ට බොහොම ආදරය කළ බැවින්, කුඩා දරුවන්ද උන්වහන්සේට පෙරළා ආදරය කළෝය. ප්‍රාථමික පන්තිවල සිටින කුඩා ගැහැණු සහ පිරිමි දරුවන්, උන්වහන්සේගේ අතේ එල්ලී සිටීමට ප්‍රිය කළෝය. උන්වහන්සේගේ මිටි සහ මහත ශරීරය නිසාත්, උන්වහන්සේගේ ශරීරයේ හැඩය නිසාත්, කුඩා ළමුන් උන්වහන්සේට කීවේ "බෝල හාමුදුරුවෝ" යනුවෙනි. "අද ඔන්න ඔයාලට අලුත් යාලුවෙක් ඇවිත් ඉන්නවා" කියමින් පන්තියට පැමිණි ඥාණරතන හිමියන්, මාගේ ජීවන තොරතුරු අසමින්, පන්තියේ අනිත් ළමුන්ට මා හදුන්වා දුන්නේය. "හරි එහෙනං පෙරලගන්නකො ඔයාලගෙ පොත්" කියමින් ඥාණරතන හාමුදුරුවන් පාඩම ආරම්භ කළ අතර එය ගමේ පන්සලේ දහම් පාසල හෙවත් සිරි සුජාතා දහම් පාසලෙහි මාගේ ප්‍රථම පාඩම විය.
"අද අපි කතා කරන්නෙ සැලෙන සිත ගැනයි. සිත තියෙන්නෙ කොහෙද? ඔයාලා දැකලා තියෙනවද සිත? සිත මොන වගේද කියලා ඔයාලා දන්නවද?" යනුවෙන් උන්වහන්සේ අපගෙන් ප්‍රශ්න ඇසූ අතර පන්තියේ සිටි අනෙකුත් ළමුන් නා නා ප්‍රකාර පිළිතුරු ලබා දුන්නෝය. ඇතමුන් සිත තිබෙන්නෙ මොළයේ කියාත්, ඇතමුන් සිත තියෙන්නෙ හදවතේ කියාත්, ඇතමුන් සිත වැලන්ටයින් කාඩ්වල තිබෙන හදවතේ රූපය බදුයි කියාත් පිළිතුරු දුන්නෝය. ඉන්පසුව උන්වහන්සේ බෞද්ධ දර්ශනයේ ප්‍රකට ගාථාවක් වන "දූරංගමන් ඒකචරං" ගාථාවත්, එහි සිංහල අර්ථයත් කියා දෙමින්, පන්තියේ කළු ලෑල්ලෙහි ගාථාවක් ලියමින්, අපටද එය අපගේ පොත්වල සටහන් කරන ලෙස නියෝග කළේය. ඒ, මෙම ගාථාවයි.
වාරිජෝව ථලේ ඛිත්තෝ...
ඕකමෝකත උබ්භතෝ...
පරිප්ඵන්දතිදං චිත්තං...
මාරධෙය්යං පහාතවේ...
මෙහි අර්ථය නම් "සැලෙන සිත දියෙන් ගොඩ දැමූ මාළුවෙකු වැනිය" යන්නයි. "මාළුවා වතුරෙන් ගොඩ ගත්තම ඌ මොකද කරන්නෙ? සට සට ගාලා දගලනවා. එහාට මෙහාට යනවා. ආන්න ඒ වගේමයි සැලෙන සිතත්. හිත කලබල වුණාම, හිතත් ඒ මේ අත දුවනවා. දගලනවා. නොසන්සුන් වෙනවා. දැන් ඔයාලා මේ ගාථාව කට පාඩම් කරන්න. මම තව ටිකකින් ඇවිත් මේක ඔයාලගෙන් කට පාඩම් ගන්නවා" යනුවෙන් පවසමින්, ඥාණරතන හිමියන් නැවතත් කාර්යාලය වෙත වැඩම කළේය. ඉන්පසුව අප එම ගාථාව කට පාඩම් කරමින් සිටියෙමු. නමුත් ඉන්පසුව උන්වහන්සේ එදිනවත්, කවර දිනකවත් අපගේ පන්තියට යළිත් වැඩම කළේ නැත. නමුත් උන්වහන්සේ ඉගැන්වූ ගාථාව සහ අර්ථය තවමත් මාගේ මතකයේ පවතියි.

පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ දහම් පාසලෙහි ආදර්ශ පාඨය "අත්තදීපා විහරථ" (තමාට තමා පහනක් වන්න) වූ අතර ආරම්භක වර්ෂය පිළිබදව මත දෙකක් පවතියි. ඇතමුන් එය 1942 වර්ෂයේ ආරම්භ කළ බවත්, ඇතමුන් එය 1945 වර්ෂයේ ආරම්භ කළ බවත් විශ්වාස කරති. වර්තමානයේ බොහෝ පිරිසක් එය 1945 වර්ෂයේ ආරම්භ කළ බවට විශ්වාස කළද, අපවත් වී වදාළ අතිගෞරවාර්හ පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤාණන්ද හිමියන් විසින් 2007 වර්ෂයේ රචිත සටහනක, දහම් පාසලෙහි ආරම්භක වර්ෂය ලෙස 1942 වර්ෂය සටහන් කර තිබූ බැවින්, මමද එය පිළිගනිමි (ඇතැම්විට 1942 වර්ෂයේ තාවකාලිකව ස්ථාපනය කරන ලද දහම් පාසල "නිළ" වශයෙන් අරඹන ලද්දේ 1945 වර්ෂයේදී විය හැක). එම සටහන මතු පරිදිවේ.
"රත්තණපිටිය ගම කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයට අයත්වන අතර එකල පොඩි ජනගහණයක් සිටි පුංචි ප්රදේශයකි. 1983 වර්ෂය වන තුරුම උතුරු බොරලැස්ගමුව නමින් හැදින්විය. 1929 වර්ෂයේදී ඇරඹි මෙම විහාරස්ථානයේ ආදි කතෘවරයාණන් වූයේ දන්කන්දේ උපතිස්ස ස්වාමීන් වහන්සේය. මාගේ ගුරුදේවෝත්තම අතිගරු වෙරළුගස්තැන්නේ ශ්‍රී පේමානන්ද ස්වාමීන් වහන්සේ එවකට ළාබාල වයස් ප්‍රමාණයේය. දන්කන්දේ ගුරු හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පසු 1942 ශ්‍රී පේමානන්ද මාහිමි පන්සලකට අවශ්‍ය විහාරාංග ඉදි කළා වගේම, තම දායක පිරිසගේ දරුවනට දහම් මග කියා දීමට "සිරි සුජාතා" නමින් දහම් පාසලක්ද ආරම්භ කර වූහ. සිසුන් 14කින් දහම් පාසල ආරම්භ වී ඇත. එකල, මෙකල මෙන් නොව ආගමික අධ්‍යාපනය ඉතා දුර්වල විය. විහාරස්ථානයක චිර පැවැත්ම සදහා මෙය මහෝපකාරී විය. වර්ෂයෙන් වර්ෂය දහම් පාසල දියුණු වූ අතර අවට ගම්වලින්ද දරුවන් ඇතුළත් වීම වැඩි විය. මෙසේ දියුණු වූ දහම් පාසල හා රාත්‍රී ඉංග්‍රීසි පාසලද සමගාමී විය. මෙම පාසල සදහා ගිහි පැවිදි හොද ගුරු මණ්ඩලයක්ද සිටි බව ඉපැරණියෝ දනිති. 1953 රටේ දේශපාලන කැළඹීම නිසා මෙම අධ්‍යාපනය අතරමග ඇන සිටියේ ය. යළි 1958දී දහම් පාසල ආරම්භ විය. දහම් පාසල පියවරෙන් පියවර දියුණු විය. හරවත් රුකක් මෙන්ද රසවත් පළතුරු ගසක් මෙන්ද විය.
කාලයාගේ ඇවෑමෙන් ඇද වැටීමද යළි නැගිටීමද ධර්මතාවයයි. විහාරස්ථානයේ වැඩ සිටින හිමිවරුන්ගේද, සෙත් පතන්නන්ගේද බලවත් කැපවීම එදා පටන්ම සිරිතකි. මා දන්නා තරමින් ගුරු මණ්ඩලයේ ගිහි පිරිස අතර අමතක නොවන නම් රාශියකි. ඒ අතර ඩෙරික් ෆොන්සේකා, රාජා කන්නන්ගර, ඩී.බී.ලීලාවතී යන මහත්ම මහත්මීන් කිහිපදෙනෙකි. විහාරස්ථානයත්, ගමත්, දායක පිරිසත් ආරක්ෂා කරමින් ඉතා සුහදව දහම් පාසල දියුණු කළ පෝෂණය කළ ප්‍රධානාචාර්යවරුන් අතර ගරු කහවත්තේ ආනන්ද හිමි, ගරු කැටකාලේ උපරතන හිමි සදා මතකයේ සිටිති. ගමේ පන්සලේ දහම් පාසලෙන් අධ්‍යාපනය ලබන දරුවන් ගමට ආදරය කළ යුතු පන්සලට සංඝ රත්නයට ආදරය ගෞරවය කළයුතු තම සමීප ඥාතීන් හිතවතුන් සමග ආචාරශීලීව ජීවත්විය යුතුවා මෙන්ම විශ්වාසයටද පත්විය යුතුයි. මනාව දහම් දැනුමින් තම ජීවිතය සරුසාරවත් කළ යුතුයි. බුද්ධිය, ප්‍රඥාව වගේම මනස සංසුන් බවද දහම් පාසල තුළින් ලබා ගැනීම අදට අත්‍යාවශ්‍යයම පුහුණුවකි. හොද ගුරුවරුන් යටතේ දහම් අධ්‍යාපනය ලබන දරුවෝ සමාජයේ ගරු ලබති. ඔවුහු ගෙදරට, ගමට, ප්‍රදේශයට සාමය ගෙනෙන දූතයෝය. අප දහම් පාසලෙන්ද, රත්තොට සීලවංස පොඩි හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන එන ආචාර්ය මණ්ඩලයෙන්ද, දහම් පාසල් සංවර්ධන සමිතියේ අනුග්‍රහයෙන්ද ඉතා හොද කීකරු විනීත ගුණ නැණැති පිරිපුන් දරුවන් පිරිසක් බිහිවේවායි යන්න මගේ පැතුමයි."
ඉන්පසු කාල පරිච්ඡේදයන්වල විවිධ ගිහි පැවිදි ගුරුවරු පැමිණ අපට යම් යම් විෂයන් ඉගැන්වූවෝය. දහම් පාසලෙහි කණිෂ්ඨ අංශයේ සිට ජ්‍යේෂ්ඨ අංශය දක්වා විෂයන් 6ක් ඇත. එනම් බුද්ධ ධර්මය, බුද්ධ චරිතය, පාලි භාෂාව, අභිධර්මය, බෞද්ධ සංස්කෘතිය සහ ශාසන ඉතිහාසය යන විෂයන් 6යි. මෙම විෂයන් 6, පොත් 4කට කැටි කර තිබේ. එක් එක් විෂයන්හී රස නීරස බව තීරණය වූයේ, ඒ ඒ විෂය උගන්වන ලද ගුරුවරයා තුළ පැවති ඉගැන්වීමේ හැකියාව, ළමා මනස හදුනා ගැනීම සහ ළමුන් සමග කටයුතු කිරීමේ හැකියාව මතයි. කාල පරිච්ඡේදය අවසන් වී නව කාල පරිච්ඡේදයක් ආරම්භ වන විට, ඒ බව කුඩා සීනුවක් නාද කර සන්නිවේදනය කරනු ලැබිණි. සීනුව භාරව තිබුණේ දහම් පාසලේ අවසාන ශ්‍රේණියටයි.

දහම් පාසලෙහි විවේක කාලය, මිනිත්තු 30කි. මෙම කාලය තුළ පන්සල් වත්ත තුළ ළමුන් ඔබ මොබ යමින් අල්ලන සෙල්ලම් කළෝය. ඇතමුන් ආගිය තොරතුරු කතා කළෝය. ඇතමුන් ගස් උඩට නැග පළතුරු කඩා රස වින්දෝය. ධර්ම ශාලාව තුළ කුඩා ළමුන් "ගස් මාරුව" සෙල්ලම් කළ අතර ධර්ම ශාලාවේ තිබෙන විශාල කණු, මේ සදහා ඉවහල්විය. ධර්ම ශාලවේ කොණක හෝ මුළුතැන්ගෙයෙහි, එක් පිරිසක් විසින් දරුවන්ට කෙටි ආහාර පාන සංග්‍රහයක් සිදු කරන අතර ඒවා ලබා ගැනීමට ළමුන් පෝලිමට යා යුතුය. එම සංග්‍රහයන් සිදු කරන්නේද දහම් පාසලෙහි ඉගෙනුම ලබන දරුවෙකුගේ ගෙදරිනි. එක් එක් ඉරිදාවන්වල, එක් එක් දායකත්වයන් භාරගෙන තිබූ බැවින්, එක් එක් ඉරිදාවන්වල ලැබුණු සංග්රහයේද විවිධත්වයක් තිබුණි. කෙටි ආහාර සදහා බොහෝ විට කේක්, බනිස්, බිස්කට් (මැලිබන් සහ මන්චි චොකලට්, මැලිබන් ක්‍රීම්ක්‍රැකර්, ටිකිරි මාරි, මන්චි නයිස්, මැලිබන් වේෆර්ස්), කෙසෙල්, තලගුලි, හැලප වැනි දෑ ලැබුණු අතර පානය කිරීම සදහා සිසිල් පැන් හෝ තේ ලැබිණි.
අද වන විට මෙම සංග්‍රහ කටයුතු, ධර්ම ශාලාවට අනුබද්ධිත නව මුළුතැන්ගේ සිදු කරන අතර එවකට පැවති පැරණි මුළුතැන් ගෙයෙහි විශාල ඉඩක් තිබුණේ නැත. එය ඉතාමත් අදුරුය. පෞරාණිකය. අප රටේ ඉපැරණි මුළුතැන් ගෙයක දැකිය හැකි සියලුම දේශීය උපකරණ, ඒ තුළ අන්තර්ගත විය. විවේක කාලය අවසන් වන විට, ධර්ම ශාලාවේ වේදිකාව වෙත රැස්වන ළමුන්, එදින සංග්‍රහය සිදු කරන ලද පිරිසට පින් පෙත් අනුමෝදන් කර නැවතත් තමන්ගේ පන්ති බලා යයි. එවකට ධර්ම ශාලාවේ වේදිකාව උඩ බිත්තියේ වෙරළුගස්තැන්නේ පේමානන්ද හිමියන්ගේ රාමු කරන ලද ඡායාරූපයක් විය. ඒ උන්වහන්සේගේ මූලිකත්වයෙන් දහම් පාසල ආරම්භ වූ නිසාය.
එදින දහම් පාසල අවසන්වීමට මත්තෙන් ඥාණරතන හිමියන්, දහම් පාසලෙහි සියලුම කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන් වෙත යම් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. "ලබන සතියෙ දුරුතු පෝය එනවා. ඔයාලා හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම සිල් ගන්න ඕන. ආයිත් 2005 දුරුතු පෝයක් එන්නෙ නෑ. ආයිත් එන්නෙ 2006 දුරුතු පෝයක්. ඔයාලගෙ ජීවිතේටම එකම එක 2005 දුරුතු පෝයයි එන්නෙ. ඒ නිසා හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම සිල් ගන්න ඕන". දහම් පාසල 12.00ට පමණ අවසන් කරන විට, සියලුම ළමුන් තම තමන්ගේ බංකු, මේසය උඩට දැමීම සිදු කළ යුතුය. ඒ, ධර්ම ශාලාවේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කිරීමේ පහසුව තකාය. ඉන්පසුව ධර්ම ශාලාවේ සියලුම ජනේල සහ පරිවාර දොරටු වසා දැමිය යුතුය. ඉන්පසුව, ධර්ම ශාලාවේ ආරම්භයේ සිට අවසානය දක්වා පේළි දෙකකට සංවිධානය වන ළමුන් ඡත්තමානවක ගාථාව ගායනා කරන අතර ඉන් අනතුරුව ගුරුවරයෙකු විසින් විශේෂ නිවේදන කිහිපයක් සිදු කරනු ලැබිණි. ඉන් පසුව, ධර්ම ශාලාව තුළ රැස්වී සිටින සියලුම ගුරුවරුන්ට පසග පිහිටුවා වදින ළමුන්, තනි හෝ කණ්ඩායම් වශයෙන් ගෙවල් දොරවල් බලා නික්ම යයි.
ප්‍රථම දහම් පාසල් දිනය නිමා කරමින් මමද ධර්ම ශාලාවෙන් පිටතට පැමිණියෙමි. ඇවිදීමට අපහසුවක් දැණුනු බැවින් මා පහළ බැලුවෙමි. සරමෙහි එක් නැමුමක් බිම ඇතිල්ලෙමින් තිබිණි. සරම අසමබර වී ඇති අතර සරම ගැලවීමට ඉතා ආසන්නය. බොහෝ පිරිසක් අවට පරිසරයේ රැස්ව සිටින බැවින්, මා ඉතාමත් සෙමින්, ඉබ්බෙකු විලසින් ගෙදර යෑම ඇරඹුවෙමි. පන්සල පිහිටා තිබෙන්නෙ අප නිවසේ සිට, නිවාස 6කට එහා වූවත්, පන්සලේ සිට අප නිවසට ඒම සදහා එදින මා හට මිනිත්තු 10ක් පමණ ගත වූ අතර නිවස ආසන්නයේදී තාත්තාද මුණ ගැසුනෙමි. මාගේ ප්‍රමාදය හේතුවෙන් ඔහුද පන්සල වෙත පිටත් වූ බව පැවසුවේය. ඒ, මාගේ දහම් පාසල් ජීවිතයේ පළමු දිනයයි.

ඊළග සතියේ ඉරිදා දවස කෙමෙන් කෙමෙන් උදාවිය. එදිනද උදෑසන අවදි වී දහම් පාසල් යෑමට සූදානම් වූයෙමි. අම්මා විසින් උදෑසනම මිදුලට බැස වතුසුද්ද සහ ඉද්ද මල්වලින් සමන්විත හුරුබුහුටි මල් වට්ටියක් පිළියෙල කර තිබුණාය. මා එයද, පොත් බෑගයද රැගෙන දහම් පාසල් ගියෙමි. උදෑසනම අනිත් ළමුන් සමග පන්ති කාමරය තිබෙන කොටසේ බිම පිරිසිදු කර, පොහෝ දින හේතුවෙන් ඉවත් කර තිබූ මේස, බංකු, ගුරු මේසය සහ ගුරු පුටුව රැගෙන ආවෙමි. ඉන් පසුව උදෑසන රැස්වීමට යෑමට සූදානම් වුණෙමි. ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවක් පැමිණ, මාගේ නමද "මල් රැගෙන ඒමේ" පොතට ඇතුළත් කර, සළකුණු කළාය. ඉන්පසුව ධර්ම ශාලාවේ සිට බෝ මළුව වෙත පේළි සතරක් පිටත්විය. එක් පේළියක මල් රැගෙන පැමිණි පිරිමි ළමුන්ය. එක් පේළියක මල් රැගෙන පැමිණි ගැහැණු ළමුන්ය. අනෙකුත් පේළි ද්විත්වය සමන්විත වූයේ මල් රැගෙන නොපැමිණි පිරිමි සහ ගැහැණු ළමුන්ගෙනි. ඉන්පසුව මල් රැගෙන පැමිණි ළමුන් විසින් මල් රැගෙන නොපැමිණි ළමුන් වෙත මල් අත් ගැස්සූ අතර ඉන්පසු කණ්ඩායම් තුනකට බෙදී, එක් කොටසක් චෛත්‍යය වෙතද, තව කොටසක් බෝධිය වෙතද, ඉතිරි කොටස බුද්ධ මන්දිරය වෙතද ගොස් තම තමන් රැගෙන ආ මල්, පූජා කළෝය.
ඉන්පසුව නැවතත් බෝ මළුව තුළට රැස්වූ ගුරුවරුන් සහ ශිෂ්‍යයන්ව පංචශීලයේ පිහිටවීමත්, ගාථා සජ්ජායනා කිරීමත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදු කළේය. ඉන් අනතුරුව පැවතියේ ධම්මපදයේ ගාථාව සහ දහම් කතාව ඉදිරිපත් කිරීමයි. සෑම දිනකම උදෑසන රැස්වීමේදී ශිෂ්‍යයෙකු විසින් ධම්මපදයේ ගාථාවකුත්, තවත් ශිෂ්‍යයෙකු විසින් දහම් කතාවකුත් ඉදිරිපත් කළ යුතු අතර මෙය නාම ලේඛනයේ පිළිවෙලට සිදුවේ. ධම්මපදයේ ගාථාව ඉදිරිපත් කරන ශිෂ්‍යයා ගාථාව සහ එහි අර්ථය ඉදිරිපත් කළ යුතුය. දහම් කතාව ඉදිරිපත් කරන ශිෂ්‍යයා බෞද්ධ සාහිත්‍යයේ එන කතාවක් සහ එයින් අපට ගත හැකි ආදර්ශ විස්තර කළ යුතුය. ඉන් අනතුරුව ගුරුවරයෙකු විසින් එම ළමුන් දෙදෙනාගේ කතාවන් අගය කරමින් සහ සියලුම ළමුන් වෙත කෙටි දේශනයක් සිදු කරයි. එමෙන්ම විශේෂ නිවේදනද සිදු කරයි. මේ සියල්ලක්ම අවසන් වූ පසු ජාතික ගීයත්, දහම් පාසල් ගීයත් ගායනා කර පන්ති බලා ගමන් කරයි.
මා ඇතුළත් වූ 6 ශ්‍රේණියේ මිතුරන් පිළිබදව කෙටි හැදින්වීමක් කරන්නේ නම්, මාගේ දෙපසින් සිටියේ දේවින්ද සූරියබණ්ඩාර සහ ශෙහාන් යෝමාල් යන අයයි. දේවින්දගේ සහෝදරියත් (නවෝදා), ශෙහාන්ගේ සහෝදරයා (ජයමාල්) අපට වඩා ජ්‍යෙෂ්ඨ පන්තිවල සිටියෝය. ශෙහාන්ගේ සහෝදරිය, එවකට දහම් පාසලෙහි ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබමින් සිටියාය. එවකට මාගේ හොදම මිතුරා වූයේ ශෙහාන්ය. දහම් පාසල් පරිසරය වෙත හැඩගැසීමට මෙන්ම, පාඩම් කටයුතු සදහා ඔහුගෙන් මා හට ලැබුණු සහාය වචනයෙන් විස්තර කළ නොහැක. අනිත් පස මේසයෙහි වූයේ නිපුන සහ අකලංක ය. නිපුන යනු ගමේ ප්‍රකට දේශීය වෛද්‍යවරයෙකු වූ අල්විස් වෙද මහතාගේ එක් මුණුබුරෙකි. නිපුනගේ මව, අල්විස් වෙද නෝනා (තේජා) යනුවෙන් ගමෙහි ප්රකටය. අකලංකට වැඩිමහළු සහෝදරියන් දෙදෙනෙක් සිටි අතර ඒ දෙදෙනාගෙන් බාල සහෝදරිය (නදීකා), දහම් පාසලෙහි ජ්‍යේෂ්ඨතම පන්තියේ සිටියාය. වැඩිමහළු සහෝදරිය, එවකට දහම් පාසලෙන් සමුගෙන තිබුණාය. ඇය, ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ "හපන් පැදුර" වැඩසටහනෙහි ළමා ගායිකාවක් විය. ඇය නමින් ඉනෝකා විජයංගනීය. ගැහැණු ළමුන්ගෙන් එක් අයෙක් මල්ලිකා යාපා ය. එක් අයෙක් දිලිණි ප්‍රබෝධා ය. දිලිණිගේ සහෝදරයාද (සදරු) එවකට දහම් පාසලෙහි ප්‍රාථමික අංශයේ සිටියේය. අනිත් යුවතියගේ නම දැනටමත් අමතකය. මන්ද යත් මා දහම් පාසලට පැමිණි මුල් මාසය තුළම, ඇය දහම් පාසලෙන් ඉවත් වූ නිසාවෙනි.

දහම් පාසලට පැමිණි දෙවෙනි දින, පන්ති භාර ගුරුවරයා පැමිණ සිටියේය. උපැස් යුවලක් පැලදි කළු, උස, කෙට්ටු, තරුණ ගුරුවරයෙකි. ඔහුගේ නම ගයාන් වන අතර "ගයාන් සර්" යනුවෙන් ප්රකටවිය. එදින උදෑසනම විශාල නඩුවකි. ඒ, ළමුන් විසින් පෙර සතියක දෙන ලද පැවරුම් නොකිරීම නිසාය. ඔහු සැමටම බැන වැදුනු අතර "මහත්තයා අලුතෙන්ද ආවේ? මෙයාලා ගිය සතියෙ කිව්වෙ නැද්ද, මම ගෙදර වැඩ දුන්නා කියලා? අඩුගානෙ මේ අයගෙන් ඇහුවෙවත් නැද්ද?" යනුවෙන් මටද බැන වැදුනේය. පෙර දිනක යෙදුනු දුරුතු පුන් පොහෝ දින සිල් සමාදන්වීමේ වැඩසටහනට සහභාගී වූයේ නැති බැවින් ඥාණරතන හිමියන්ගෙන්ද දොස් ඇසීමට සිදුවේයැයි මා බියෙන් සිටියෙමි. නමුත් එදින උන්වහන්සේ සිල් සමාදන්වීමේ වැඩසටහන පිළිබදව කිසිදු ප්‍රකාශයක් කළේ නැත.
එම සතියට පසු සතියේ ජාතික නිදහස් දිනය යෙදී තිබිණි. එදිනට විශේෂ බෝධි පූජාමය පිංකමක් සංවිධානය කර ඇති බවත්, ඒ සදහා අනිවාර්යෙන්ම සහභාගී වන ලෙසත්, ඥාණරතන හිමියන්ගෙන්, සියලුම සිසුන්ට යලිත් නියෝගයක් ලැබිණි. දුරුතු පොහෝ දින වැඩසටහනටද සහභාගීවීමට නොහැකි වූ නිසාවෙන් මමද එදින සවස පන්සල වෙත ගියෙමි. ඉන්පසුව අනෙකුත් ළමුන් හා එක්ව බෝ මළුව පිරිසිදු කර, මල් පූජා කර, සුවද දුම් සහ පහන් දැල්වුයෙමි. දහම් පාසලෙහි වැඩසටහන් සදහා ජ්‍යේෂ්ඨ සහෝදර සහෝදරියන්ගෙන් ප්‍රශංසනීය සහයෝගයක් ලැබුණු අතර ඔවුන් කුඩා ළමුන්ව ඉතාමත් අපූරු ලෙස මෙහෙයවූවෝය. ඥාණරතන හිමියන් විසින් එදින දහම් පාසල් ශිෂ්‍ය ප්‍රගති වාර්තාවේ, මෙම අවස්ථාවට පැමිණි වගට සළකුණු කළ අතර එය දැක මගේ ඉහේ මලක් පිපුණි. එකල දහම් පාසලෙහි ළමුන්ව සීල, සමාධි, ප්‍රඤ්ඤා යනුවෙන් නිවාස තුනකට බෙදා තිබිණි. මා ඇතුළත් වූයේ ප්‍රඤ්ඤා නිවාසයටයි. එකල මල් ගෙන ඒම්, දහම් පාසලෙහි සහ පන්සලෙහි වැඩ කටයුතු සදහා සහභාගීවීම්, සිල් සමාදන්වීම් ආදී දෑ සදහා, අදාළ ශිෂ්‍යයා අයත්වන නිවාසයටද ලකුණු දීමේ වැඩපිළිවෙලක් විය.
එදින බෝධි පූජා වැඩසටහන අවසන් වන විට රාත්‍රී 8.00 පමණ විය. මහීෂා සහ මා රැගෙන යෑමට ප්‍රියංගා නැන්දා සහ මහින්ද (ජයකොඩි) මාමාත් පැමිණ සිටියෝය. ඉන්පසුව අප නිවෙස් බලා යෑමට පිටත් වුණෙමු. ආවාසය ඉදිරිපස මෙතෙක් කල් නොදුටු හිමි නමක් සිටියේය. අප උන්වහන්සේට වැද නමස්කාර කළෙමු. ප්‍රියංගා අක්කා, උන්වහන්සේ සමග සුහද පිළිසදරක නිරත වූවාය. ඒ සිටියේ පන්සලෙහි පොඩි හාමුදුරුවන් බව පසුව දැන ගත්තෙමි. ඉන්පසුව රත්තොට සීලවංස පොඩි හාමුදුරුවන්ද, දහම් පාසලෙහි ඉගැන්වීම් කටයුතු සදහා සහභාගී වූ අතර උන්වහන්සේ භාරව සිටියේ අභිධර්මය විෂයයි. 2005 වසරේ මාර්තු මස පමණ විට දහම් පාසල වෙනුවෙන් නව ගීතයක් නිර්මාණයවිය. ඥාණරතන හිමියන් සහ පොඩි හාමුදුරුවන් ධර්ම ශාලාවේ වේදිකාව අසලට අපව රැස්කර, රේඩියෝ යන්ත්‍රයකට කැසට් පටයක් දමා, එය ප්‍රචාරය කර පෙන්වන ලදී. "මේකෙ අර්ථය එහෙම ඔයාලට තේරෙනවද?" යනුවෙන් පොඩි හාමුදුරුවන් අපගෙන් විමසූ අතර අප "ඔව්" යන්න හගවමින් හිස සැලුවෙමු. නමුත් අප එම ගීතය අසන ලද ප්‍රථම සහ අවසන් වතාව එයවේ. ඉන්පසුව එම ගීතය කිසිදිනෙක භාවිතා වූයේ නැත.

සෑම මසකටම යෙදෙන සිල් සමාදන්වීමේ වැඩසටහන සදහා දිගින් දිගටම සහභාගී වන ලෙස දහම් පාසල් සිසුන්ට, ඥාණරතන හිමියන් දිගින් දිගටම දන්වා සිටියේය. දහම් පාසලට සම්බන්ධ වූවාට පසුව කිසිදු මසක සිල් සමාදන් නොවූ හෙයින් 2005 වසරේ වෙසක් පොහෝ දින සිල් සමාදන්වීමට තීරණය කළෙමි. මමද උදෑසනම අවදි වී හිරු එළිය වැටීමට ප්‍රථම විහාරස්ථානයේ ධර්ම ශාලාව වෙත ගියෙමි. වැඩිහිටි උපාසක උපාසිකාවන් විශාල පිරිසක්, ඒ වන විටත් පැමිණ, ශාලාවේ සියලුම බිත්ති සහ කණු අත්පත් කරගෙන සිටි අතර දහම් පාසල නියෝජනය කරමින් පැමිණ සිටි මා ඇතුළු සුළුතරයක් වූ ළමුන් හට, ශාලාව මධ්‍යයෙහි වාඩිවන්නට සිදුවිය. එය මාගේ ප්‍රථම සීල සමාදාන අත්දැකීම හෙයින් ඉතාමත් නැවුම් බවක් ඇතිවිය. "ආහ් අද සිල් ගන්න ආවා නේද?" කියමින් සිනහමුසු මුහුණෙන් ඥාණරතන හිමියන් මා දෙස බලමින් කියා සිටියේය.
ඉන්පසුව මා විසින් 2005 වසරේ ජූනි මස සිට 2009 වසරේ දෙසැම්බර් මස 31 තෙක් පැවති කාල පරාසය තුළ, 10 වතාවක් පමණ සිල් සමාදන් වන ලදී. පොහෝ ගණන අනුව එය ඉතාමත් සුළු සංඛ්‍යාවක් වූවත්, එක් වතාවක් හෝ සිල් සමාදන් නොවී සිටිනවාට වඩා, 10 වතාවක් හෝ සිල් සමාදන්වීම ඉතා අගනේයැයි මා හට හැගේ. මා සිල් සමාදන්වීමට මැලි බවක් දැක්වීමට ප්‍රධානතම හේතුව වූයේ, ළමුන්ගේ සහභාගීත්වයේ අඩුවක් තිබෙන නිසාය. බොහෝ විට දහම් පාසල් ළමුන්ගේ සහභාගීත්වය 10කට වඩා අඩු සංඛ්‍යාවකට සීමාවිය. ඒ කෙසේ වෙතත්, එම කාල පරාසය තුළ එළඹි සෑම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකම, මා සිල් සමාදන් වූයෙමි.

සෑම පුන් පොහෝ දිනකම සීල සමාදාන වැඩසටහනෙහි අටසිල්, දසසිල් සමාදන් කරවා, බුද්ධ පූජාමය කටයුතු සිදු කරනු ලබන්නේ එවකට වැඩ සිටි අතිගෞරවාර්හ පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන් වහන්සේය. ඉන්පසුව උදෑසන හීල් දානය භාරගත් දායක පිරිස විසින් අප වෙත පැමිණ හීල් දානය බෙදන අතර හීල් දානය සදහා පාන්, ආප්ප, ඉදි ආප්ප වැනි දෑ තිබිණි. ඉන්පසුව "ප්ලේන්ටී" පානයන් අප වෙත ලබා දෙයි. පළමු සහ දෙවන වැඩසටහන් වෙන්වන්නේ ධර්ම දේශනා වෙනුවෙනි. තුන්වන වැඩසටහන, භාවනා වැඩසටහනකි. භාවනා වැඩසටහන සදහා සෑම මසකම වැඩම කරනුයේ එකම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ පැයක් ගතවන තුරුම උපාසක උපාසිකාවන්ව භාවනාවෙහි යෙදවූ අතර සෑම මසකම උන්වහන්සේ අපට උගන්වන ලද්දේ පිළිකුල් භාවනාව පමණි. පැයක් පුරාවට අත්දෙක එකට එකතු කර, දෙනෙත් වසා, උන්වහන්සේ දෙතිස් අංගයන් පිළිබදව කියනා දෑ සම්බන්ධව මෙනෙහි කිරීමට සිදුවෙයි. උන්වහන්සේද පිරිසත් සමගම දෙනෙත් පියා ගනිමින් භාවනාවෙහි යෙදුනු බැවින්, සෑම දහම් පාසල් සිසුවෙක්ම දෙනෙත් හැර, වට පිට බලමින් සිටීමට පුරුදුව සිටියෝය.
දහවල් 11.00ට පමණ දහවල් බුද්ධ පූජාව තැන්පත් කර නැවතත් අති පූජ්‍ය පඤ්ඤානන්ද නා හිමියන් විසින් පූජාව සිදු කරයි. උදෑසන මෙන්ම දහවල දානයද අප අසලටම රැගෙන එනු ලබයි. ඉන්පසුව නැවතත් වැඩසටහන් පවත්වනු ලබයි. ඒ අතර කුලගන සමිතියේ රැස්වීමද පවත්වයි. එම වේලාවේදී අප බෝ මළුව තුළ වාඩිවී සිටීමට පුරුදු වූයෙමු. ධර්ම දේශනා සඳහා වැඩම කරනා ධර්ම දේශකයන් වහන්සේලාගේ පා දෝවනය කිරීමේ සහ පා පිසදැමීමේ රාජකාරියද ඇතැම් අවස්ථාවන්හීදී අප ඉටු කළෙමු. ගමෙහි එක් එක් සාමාජීය පරිසරයන්හි සිටින පිරිස් එකට එක්ව, හිදගෙන, සිල් සමාදන්වීම ඉතාමත් අපූරු දෙයකි. ගමෙහි වැඩිහිටියන්ව දැන හදුනා ගැනීමටද, සිල් සමාදන්වීමේ වැඩසටහන අපූරු තෝතැන්නකි. නමුත් ළමා වියේ සිටි අපට සිත, කය සහ වචන සංවරව තබාගෙන සිටීම ඉතාමත් අසීරු කරුණක් විය. සිල් සමාදන්වීමේ වැඩසටහන සදහා සහභාගීවන දහම් පාසල් ළමුන් වෙත, අන් අයට නොමැති විශේෂ වරප්‍රසාදයක් හිමිවිය. එනම් නිළ වශයෙන් සිල් පවාරණය සිදු කරන වේලාවට, පැය තුනකට පෙර, සිල් පවාරණය කර නිවෙස් බලා යෑමට අවසර තිබීමයි. එවැනි දිනයන්හීදී අප සිල් පවාරණය කරන ලද්දේ විහාරස්ථානයේ ඉපැරණි දේවාල මන්දිරය ඇතුළත සිට, පැරණි බෝ මළුව තුළ සිට හෝ චෛත්‍යයේ පැරණි සලපතල මළුවේ සිටයි.

පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් අතර තිබෙනුයේ කිලෝ මීටර 1කට ආසන්න දුරකි. එබැවින් අප රටේ ඈත ප්‍රදේශ ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබීමට වැඩම කරනු ලබන භික්ෂූන් වහන්සේලා උදෙසා, ඈත අතීතයේ සිටම අප විහාරස්ථානයෙන් නවාතැන් පහසුකම් සපයයි. එම නිසා කලින් කලට අලුත් අලුත් තරුණ භික්ෂූන් වහන්සේලා අප විහාරස්ථානයෙහි නේවාසිකව වැඩ සිටින අතර ඉරිදා දහම් පාසලෙහි ඉගැන්වීම් කටයුතු සදහාද උන්වහන්සේලා සහභාගී වෙයි. මා දහම් පාසල වෙත ඇතුළත් වූ කාලයෙහි, ඥාණරතන හිමියන් සහ සීලවංස හිමියන් හැරුණුකොට, තවත් ස්වාමීන් වහන්සේලා තුන් නමක් ඉගැන්වීම් කටයුතු සදහා දායකවූවෝය. අද වන විට මාගේ මතකයේ තිබෙන්නෙ එක් නමක් පමණි. ඒ, සෝභිත හිමියන්ය. සෝභිත හිමියන් අප හට ඉගැන්වූයේ නැති නමුත් අනිත් හිමිවරු දෙනම අප හට පාලි භාෂාව සහ අභිධර්මය ඉගැන්වූවෝය. එබැවින් උන්වහන්සේලාගේ නම් අමතකවීම පිළිබදව ඇත්තේ කණගාටුවකි.
එකල පාලි භාෂාව අපට නව අත්දැකීමක් විය. අප ඉතා ආසාවෙන් පාලි ඉගෙන ගත්තෙමු. කුඩා කුඩා සරල වචන ඉගෙන ගත්තෙමු. එම වචන ඔස්සේ කුඩා කුඩා සරල වාක්‍ය තැනුවෙමු. බුදුන් වන්දනා කරන විට, ත්‍රිවිධ චෛත්‍යය වන්දනා කරන විට, පිරිත් කියන විට භාවිතා කරනු ලබන බොහෝ ගාථාවන්හී පාලි වචනවල නිවැරදි අරුත් අපට මෙම කාල පරිච්ඡේදය හරහා දැන ගැනීමට ලැබිණි. එබැවින් නිවැරදි අරුත් දැන ගනිමින් ගාථා කියන්නට අපට හැකිවිය. අකුරු, නීතිරීති සහ ලේඛනය මෙන්ම වචන උච්චාරණයද අප ඉගෙන ගත්තෙමු. එකල අප වෙත පාලි භාෂාව ඉගැන්වූ හිමියන්, අපගෙන් සෑම දිනකම පාලි කට පාඩම් ගත්තේය. සිරිත් පරිදි උන්වහන්සේ සෑම දිනකම පාලි භාෂාව කට පාඩම් ගැනීම සදහා ප්‍රථමයෙන්ම කැදවන්නේ මාවය.

එබැවින් සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.00 සිට 8.00 දක්වා පාලි විෂය සදහා වූ පැවරුම් වැඩ සම්පූර්ණ කර, පෙර සතියේ කට පාඩම් කිරීම සදහා දුන් වචන සහ වාක්‍ය සියල්ලක්ම කට පාඩම් කර, 8.30ට පමණ, වේලපහ නින්දට යෑම මාගේ පුරුද්දක්විය.
තවත් බොහෝ තරුණ හිමිවරු එකල අප වෙත ඉගැන්වූ අතර උන්වහන්සේලාගේ රූපකාය මතකයේ තිබුණද, නාමයන් අමතකවී ගොස් හමාරය. ඊට ප්‍රධාන වශයෙන්ම බලපානු ලැබුවේ ඇතැම් හිමිවරු මාසයක් දෙකක් වැනි ඉතා කෙටි කලක් ඉගැන්වීම කටයුතු සදහා සහභාගීවීමයි. දහම් පාසලෙහි ආචාර්ය මණ්ඩලයේ ඉතා දීර්ඝ කාලයක් සිටි හිමි නමක් ලෙස කුඹුකන්දන සරණ හිමියන්ව හැදින්විය හැක. උන්වහන්සේ ඉතා ප්‍රියමනාප, ඉතා හොද හිමි නමකි. නමුත් උන්වහන්සේ අපගේ පන්තියට සහභාගී වූයේ වරක් හෝ දෙවරක් පමණි.

පැපිලියාන සුනෙත්‍රාදේවි මහා පිරිවෙනෙහි පරිවේනාධිපති, අතිගෞරවාර්හ පූජ්‍ය මැදගොඩ සුමනතිස්ස නායක හිමියන්ගේ අපවත්වීම, මෙම කාලය තුළ සිදුවිය. උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සදහා, සිරි සුජාතා දහම් පාසල නියෝජනය කරමින්, අප සියලු දෙනාම පැපිලියාන පිරිවෙන වෙත ගියෙමු. පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයෙන් පිටත් වූ අප, ජී.එච්.පෙරේරා මාවතෙන්, 120 මහා මාර්ගයට පැමිණ, පැපිලියාන දෙසට පැමිණි බස් රථයකට නැග්ගෙමු. ගයාන් සර් ඇතුළු අනෙකුත් ගුරුවරුන් සමග අප බස් රථයෙන් පිරිවෙනට ගොස්, නා හිමියන්ගේ දේහය තැන්පත් කර ඇති ශාලාවට ගොස් වන්දනා කළෙමු.
අපගේ පන්තිභාර ගුරුවරයා වූවත්, ගයාන් සර් අප පන්තිය වෙත පැමිණියේ ඉතාමත් කලාතුරකිනි. ඒ, සෑම දිනකම කුමක් හෝ කරුණක් හේතුවෙන් අප වෙත බැන වදින්නේය. ගයාන් සර් හට ඕනෑම තර්කයක්, එසැණින් කඩා බිද දමා සුණු විසුණු කිරීමේ හැකියාවක් තිබෙනා බැවින්, අප කිසි දිනකවත් ඔහු සමග තර්ක විතර්ක කර ගැනීමට ඉදිරිපත් වූයේ නැත. ගයාන් සර්, දිනක් අපව එවකට පැවති පැරණි බෝ මළුව වෙත කැටුව පැමිණියේය. ඒ වන විටත් අපට සිදුවීමට යන විපත්තිය පිළිබදව අප දැන සිටියේ නැත. එදින පන්තියේ සියලුම ළමුන් පැමිණ සිටියෝය. ගයාන් සර්ගේ එකම අරමුණ වූයේ අපගේ සාමාන්‍ය දැනීම සහ දහම් දැනුම පරීක්ෂා කර බැලීමවිය. ඔහු අපගෙන් විවිධ ප්‍රශ්න ඇසුවේය. සර්ගේ ප්‍රශ්න සදහා අප ලබා දුන් පිළිතුරු අසා, ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ "ලංකාවේ අපේ ලංකාවේ" ගීතය මතක් වූවා නොඅනුමානය.
"දැන් මොනවද බෞද්ධ කොඩියේ පාටවල්?" යනුවෙන් ඔහු ඇසූ ප්‍රශ්නයට, එක් අයෙක් පිළිතුරු සැපයුවේ "නීල, ඔදාත, ලෝහිත, මාංජෂ්ට, පීත" යනුවෙනි. ඒ බෞද්ධ කොඩියේ වර්ණයන්හී එක් වර්ණයක් අමතක කර, ඉතුරු වර්ණයන්හී අනුපිළිවෙල වරද්දමිනි. "ලොකු උන්නැහේ, පෙන්නනවා බලන්න චෛත්‍යයේ ධාතු ගර්භය තියෙන්නෙ කොහෙද කියලා". නැවතත් ගයාන් සර්ගෙන් විධානයකි. එක් ළමයෙක් චෛත්‍යයේ හතරැස් කොටුව වෙත ඇගිල්ල දික් කළේය. "ආහ් මහත්තයා කියනවා බලන්න අම්මට වදින ගාථාව". එක් අයෙක් දෑත නළලට ගෙන මවට වදින ගාථාව කීවේය. "දස මාසේ උරේ කත්වා... පොසේ සිඋද්දි කාරණං... අයු දීඝං වස්සසතං... පීතු පාදං නමා මහන්...." සර්ගෙ ප්‍රශ්න සදහා මාත් ඇතුළුව සියලු දෙනාම, මෙලෙස ඉතාමත් හාස්‍යජනක පිළිතුරු ලබා දුන්නෝය. එය ඉතාමත් විනෝදකාමී දිනයක් වූවද, කාල පරිච්ඡේදය අවසානයේදී අප ගයාන් සර්ගෙන් හොද හැටි අහගත්තෙමු. එදායින් පසු ගයාන් සර් අපගේ දහම් පාසලෙහි ඉගැන්වීම් කටයුතු සදහා කිසිදිනෙක දහම් පාසල් පැමිණියේද නැත. ගයාන් සර්ගේ සමුගැනීම අප දුටුවේ ඉඩෝරයකට ඇද හැලෙන සිසිල් පැන් පොදක් මෙනි.
සුළු කලක් යන්නට මත්තෙන් ඥාණරතන හිමියන්ද, විහාරස්ථානයෙන් වැඩම කළේය. එය ක්ෂණයෙන් සිදු වූ සිද්ධියකි. ඉන්පසුව දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය ධූරයේ වැඩකටයුතු භාරවූයේ රත්තොට සීලවංස පොඩි හාමුදුරුවන්ටය. දහම් පාසල සතියෙන් සතිය අගාධයට යමින් තිබිණි. ඊට ප්‍රධානතම හේතුව නම් ගුරු හිගය සහ ළමුන්ගේ පැමිණීමේ දුර්වලතාවයි. ගුරුවරුන් 10කට අඩු සංඛ්‍යාවක් සිටීමත්, ළමුන් දහම් පාසල වෙත ඔවුන් කැමති සහ හිතෙනා දිනයන්හී පමණක් පැමිණීමත් හේතුවෙන් දහම් පාසල තරමක් දුර්වලවිය. ඈත අතීතයේ රත්තණපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් නොතිබුණු බැවින්, අප විහාරස්ථානය නිර්මාණය කරන ලද්දේ, රත්තණපිටිය ආශ්රිත ප්‍රදේශවල විසූ ජනතාවගේ ශ්රමයෙනි. එම නිසා එකල අපගේ විහාරස්ථානය බොරලැස්ගමුව, රත්තණපිටිය, එගොඩවත්ත, දෙල්කද ආදී ප්‍රදේශවල සිටි බෞද්ධ බැතිමතුන්ගේ පොදු විහාරස්ථානය විය. පසුකලෙක මෙම ප්‍රදේශයන්හී විහාරස්ථාන ගණනාවක් නිර්මාණය වූවද, අදද අප විහාරස්ථානයේ සෑම කටයුත්තකදීම බොරලැස්ගමුව, රත්තණපිටිය, එගොඩවත්ත, දෙල්කද ආදී ප්‍රදේශ නියෝජනය කරමින් බෞද්ධ බැතිමතුන් සහ දායකයන් පැමිණෙයි. එවකට දහම් පාසලේද එම ප්‍රදේශ සියල්ලක්ම නියෝජනය කරමින් ළමුන් පැමිණියෝය. නමුත් එවකට දහම් පාසලෙහි ළමුන් සිටියේ 100කට අඩු පිරිසකි.

සීලවංස හිමියන් දහම් පාසල නැවත පුබුදුවාලීම සදහා බර කරට ගත්තේය. උන්වහන්සේ ප්‍රධානාචාර්ය ධූරය දරණ ලද කාල වකවානුව තුළ දහම් පාසලෙහි භෞතික අංශයෙහි විශාල සංවර්ධනයක් ඇතිවිය. එවකට කුඩා ප්‍රමාණයේ තනි Card Board කැබැල්ලකට සීමා වී තිබූ ප්‍රගති සටහන් පත, උන්වහන්සේ විසින් පිළිගත් ක්‍රමවේදයකට අනුව සියලුම තොරතුරු ආවරණය වන පරිදි, ප්‍රගති සටහන් පොතක් ලෙස පරිවර්තනය කරන ලදී. දහම් පාසලෙහි නිල ලාංඡනයද වෙනස් වූ අතර දහම් පාසල් සිසුන් වෙනුවෙන් පුස්තකාලයක් ආරම්භ කළේය.
කාලය කෙමෙන් කෙමෙන් ගතවිය. මමද කෙමෙන් කෙමෙන් දහම් පාසල් පරිසරයට හුරුවිය. පන්තියේ මිතුරන් සමග බෙහෙවින් කුළුපග වුණෙමි. ඊට අමතරව අපට ඉහළින් සිටි සහ පහළ සිටි පන්ති දෙකෙහි අය සමගද මිතුරු විය. ඒ හැර අනෙකුත් පන්තිවල ළමුන් සමග මිතුරුවීමට එතරම් උනන්දුවක් මා තුළ වූයේ නැත. එහෙත් ඔවුන් සමග සිනහසී වචනයක් දෙකක් හෝ කතා කළෙමි. මා දහම් පාසල තුළ නිහඩ සහ තැන්පත් චරිතයක්විය. බොහෝවිට පන්තිය තුළම සිටීමට උත්සාහ කළෙමි. පන්සලෙහි තිබූ පළතුරු ගස්වලට නැග පළතුරු කැඩීම, දහම් පාසල අවසන්වීමට පෙර හොරෙන් නිවස බලා යෑම, ගැහැණු ළමුන්ට උසුළු විසුළු කිරීම සහ උගුල්වලට හසු කිරීම, කොල්ලන් සමග රණ්ඩුවීම සහ ගහ ගැනීම, කාල පරිච්ඡේදවලදී සැගවී සිටීම, ගෙදර වැඩ සහ පැවරුම් නොකිරීම වැනි "වීර ක්‍රියා" කැටගරියට අයත් දේවල් මා සිදු කළේ නැත. එසේ සිදු කළෙහි නම්, මෙම ලිපිය තවත් දීර්ඝවීමට ඉඩ තිබිණි. මුල් කාලය තුළ ජ්‍යේෂ්ඨ පන්තිවල සිටි ශිෂ්‍යාවන්ගේ ආදරය මා වෙත දිගින් දිගටම ලැබිණි. ඔවුන් මා අසලට පැමිණ මාගේ ආගිය තොරතුරු කතා බහ කිරීමට ප්‍රිය කළාය. ඒ, මා අද මෙන් නොව, එවකට ඉතාමත් හුරුබුහුටිව සිටි නිසායැයි සිතේ.

එම කාලය තුළ අප පන්තියේ වැඩිම වාර ගණනක් ඉගැන්වීම් කටයුතුවල නියැලුනේ ලීලාවතී සෙනවිරත්න ගුරු මහත්මියයි. ලීලාවතී මිස් යනු දහම් පාසලෙහි සිටි පැරණිතම ගුරුවරියයි. අප දහම් පාසල ඔස්සේ හය හතර ඉගෙනගත් ඇය, 1955 වසරේදී දහම් පාසල් ආචාර්ය මණ්ඩලය වෙත එකතු වූවාය. ඇය 1955 වසරේ සිට වසර 54ක හෝ වසර 55ක කාලයක්, අඛන්ඩව දහම් පාසලෙහි ආචාර්යවරියක් ලෙස සේවය කළාය. ලීලාවතී මිස්ගේ සේවා කාලය තුළ අප විහාරස්ථානයේ විහාරාධිපති හිමිවරුන් තුන් නමක් වැඩ සිට ඇත. එබැවින් එය ලෝක වාර්තාවක් දැයි සොයා බැලීම ඉතා වටිනා බව සදහන් කළ යුතුය. මෙම දීර්ඝ කාලය තුළ එකතු කර ගත් විශාල අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් ඇය සතු වූවාය.
ලීලාවතී මිස් අප වෙත උගන්වන ලද්දේ අභිධර්මය, ශාසන ඉතිහාසය සහ බුද්ධ චරිතය වැනි විෂයන්ය. අප දහම් පාසලෙහි ඉගෙන ගන්නා කාලයේදී, ධර්මාචාර්ය විභාගය සමත් වූ එකම ගුරුවරයා (ගිහි) වූයේ ලීලාවතී මිස් බව, ළමුන් පිළිගත් කරුණකි. ලීලාවතී මිස් ඇතැම් අවස්ථාවන්හීදී ළමුන්ට ඇති ආදරය හේතුවෙන්, අනවශ්‍ය ලෙස විහිළු තහළු කළාය. එය, බොහෝ දෙනෙකුට හිරිහැරයක් විය. ඇතැම් අවස්ථාවන්හීදී අනෙකුත් ගුරුවරුන්ගේ කාල පරිච්ඡේදයන්වලදී පවා ඇය අපට ඉගැන්වීම් කටයුතු කළාය. නමුත් එම කිසිම ගුරුවරයෙකු, ඒ සම්බන්ධව ඇයට කිසිවක් කීවේ නැත. පැවිදි ගුරුවරුන් පවා "ආහ් කමක් නෑ. ලීලාවතී මිස් මගේ කාල පරිච්ඡේදයත් අරගන්නකො" යනුවෙන් කීවෝය. ඒ, ලීලාවතී මිස්ට තිබූ ගෞරවය නිසාය.
විෂයභාර ගුරුවරයෙකු පන්තියට පැමිණ නොමැති අවස්ථාවන්හීදී, ලීලාවතී මිස් අප පන්තිය අසලින් ගමන් කරන විට, අප සැවොම අතන මෙතන දමා ඇති පාඩම් පොත් දිග හැර, අප ඉතා බරපතල ලෙස පාඩම් කරමින් සිටිනා බවත්, ඊට බාධා නොකරන ලෙසත් හැගවීම සදහා ඉතා ව්‍යාජ රංගනයක යෙදුනෙමු. ලීලාවතී මිස් ඇතැම් අවස්ථාවල අපට උගන්වන ලද්දේ, පැරණි බෝ මළුව තුළ සිටිමිනි. බෝධීන් වහන්සේගේ අතු රිකිලි අතරින් හමා එන නැවුම් සුළග සහ එහි ගැබ් වූ සිසිලස හේතුවෙන්, අප එවැනි අවස්ථා සදහා ප්‍රිය කළෙමු. ලීලාවතී මිස් අපට උගන්වන ලද පාඩම් අතරින් කාම ලෝක පිළිබදව සිදුකළ පාඩම, මාගේ මතකයේ තදින්ම රැදී තිබේ. ඒ වන තෙක් දිව්‍ය ලෝකය සහ අපාය යනු ලෝකයන් 2ක් පමණක් ලෙස පිළිගත් අප, ලීලාවතී මිස්ගේ පාඩම ඔස්සේ, දිව්‍යලෝක 6ක් සහ අපාය 4ක් (ප්‍රධාන වශයෙන්) ඇති බව දැන ගත්තෙමු. අප ජ්‍යේෂ්ඨ පන්තියට පිවිසෙන කාල වකවානුවේදී, ලීලාවතී මිස් එකවරම තදබල ලෙස රෝගීවිය. එම අයහපත් සෞඛ්‍යය තත්වය හේතුවෙන්, 2008 වසරේ අග භාගයේ හෝ 2009 වසරේ මුල් භාගයේදී, ඇය සිය ගුරු ජීවිතයට සමු දුන්නාය. ඇය අපට සැබැවින්ම මිත්තණියක් බදුය.
ලීලාවතී මිස් පිළිබඳ සටහන අවසන් කිරීමට මත්තෙන් තවත් දෙයක් පැවසිය යුතුය. අප 8, 9 ශ්‍රේණි වල සිටින විට අපගේ පාසල් ඉතිහාසය විෂය නිර්දේශයේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිසව ගැනද අපට සංක්ෂිප්තව ඉගෙනීමට සිදුවිනි. පාසල් ගුරුතුමිය ඉතිහාස කතාව විස්තර කරනවිට ඒ කතාව සිතින් මවා ගැනීම මාගේ සිරිත විය. ඒ සෑම අවස්ථාවකදීම බිසවගේ රූපයට මා සිතින් මවාගත්තේ ලීලාවතී ගුරුතුමියයි. ඊට හේතුව වූයේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිසවගේ නමත් ලීලාවතී වීමය.

එවකට වැඩ සිටි අතිගෞරවාර්හ පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවන්, තමන්ගේ ගුරු හිමියන්ව අනුකරණය කරමින් ජාතික සහ ආගමික සේවාවන්හී නිරත වූවෝය. උන්වහන්සේ ගම පුරා වැඩම කිරීමට පුරුදු වී සිටි අතර විහාරස්ථානයේ වැඩ සිටින අවස්ථාවන්හීදී ආවාසය ඉදිරිපස හාන්සි පුටුවකට වී සිටියේ, පන්සලට ඇතුළු වන සහ පන්සලෙන් පිටවන දායක දායිකාවන් සමග කතාබහ කිරීමට ප්‍රිය කළ නිසාවෙනි. උන්වහන්සේ කුඩා ළමුන්ට බෙහෙවින් ආදරය කළෝය. කුඩා ළමුන්ගේ අත් අල්ලමින්, ඔවුන්ව තමන් වහන්සේගේ තුරුලට අරගනිමින් කතා බහ කළ අතර අනෙකුත් වැඩිහිටි ළමුන් සමගද කතා බහ කිරීමට උන්වහන්සේ අමතක කළේ නැත. පඤ්ඤානන්ද නායක හිමියන්ව දුටුවිට එතනින් පැන යෑමටත්, සිටිනා ස්ථානවලින් දිව ගොස් සැගවී සිටීමටත් අප පුරුදු වී සිටියෙමු. මන්ද යත් උන්වහන්සේ අපව දුටුවිට උන්වහන්සේ නිසැකවම කතා කරනු ඇත. ඉන්පසුව අපගේ අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරි කිත්තාගේ තොරතුරු පවා උන්වහන්සේ විමසනු ඇත. එසේ වුවහොත්, අපට දවසක් යන තුරුම පන්සලෙහි රැදී සිටිමින්, උන්වහන්සේ අසන දීර්ඝ ප්‍රශ්නාවලියට පිළිතුරුදීමට සිදුවනු ඇත.
එවකට උන්වහන්සේට සෑම පුන් පොහෝ දිනයකම පාහේ එකම අටසිල් සහ දසසිල් ගාථාවන්, තුන්වරක් කීමට සිදුවිය. ඒ, සිල් සමාදන්වීමට පැමිණෙන පිරිස්, උදෑසන 6.00න් පසුව පැමිණෙන නිසාය. "දැන් වෙලාව කීයද බලන්න. 1.00ත් පහුවෙලා. අර බලන්න චෛත්‍යය දිහා. අටවිසි බුදුවරු තාමත් දානය වළදනවා" යනුවෙන් උන්වහන්සේ දිනක් ශබ්ද විකාශන යන්ත්‍රය හරහාම බැන වැදුනෝය. උන්වහන්සේ කිසි දිනෙක ප්‍රාර්ථනාවන් සිදු කරනවිට "අප විසින් රැස් කර ගත්තා වූ සියලුම පිං" යනුවෙන් ප්‍රකාශ කළේ නැත. සෑම විටම "අප විසින් රැස් කර ගත්තා වූ සියලුම පිං කුසල්" යනුවෙන් ප්‍රාර්ථනා කළෝය. අප රටේ අනෙකුත් විහාරස්ථානවල මෙන්ම අප විහාරස්ථානයේ දහම් පාසලෙහිද වෙසක් පොහෝ දිනට පෙර යෙදෙන ඉරිදා දින හෝ වෙසක් පොහෝ දින හෝ වෙසක් කූඩුවක් විහාරස්ථානයට රැගෙන පැමිණිය යුතුය. එම වෙසක් කූඩුව පන්සලෙහි එල්ලනු ලබයි. නමුත් බොහෝ ළමුන් මෙම ක්‍රියාව මග හැරියෝය. නමුත් පඤ්ඤානන්ද හිමියන් කිසි දිනෙක ළමුන්ට කිසිවක් කීවේ නැත. "ඕක නෙවේ නෙහ් වෙන්න ඕන. ළමයින්ට උණ බට, සව් කොළ, ඔය ඕන කරන කතුරු, ගම්, පාප්ප වගේ දේවල් මෙහාට ගේන්න කියලා, අන්තිම ඉරිදා දවසම වෙන් කරලා, එදාට දහම් පාසලේ ඉදගෙන ළමයි ලව්වා වෙසක් කූඩු හදන එකයි කරන්න ඕන. ඉස්සර කාලෙ නම් එහෙමයි. මේ දැන් ඉන්න පොඩි හාමුදුරුවරුන්ට ඔව්වා තේරෙන්නෙ නෑ. අරෙහෙම කළාම දහම් පාසල ඇතුළෙම වෙසක් කූඩුව හැදෙනවා. ළමයිවුත් එකමුතු වෙනවා. ඒ අයට ඒක අත්දැකීමක් වෙනවා. එහෙමයි වෙන්න ඕන. අරෙහෙම කිව්වට වැඩක් වෙන්නෙ නෑ”.... ඒ උන්වහන්සේගේ අදහසයි.
එමෙන්ම දහම් පාසලෙහි සහ පන්සලෙහි සෑම මුද්‍රණ කටයුත්තකදීම, ධර්ම චක්‍ර ලාංඡනය පිළිබදව විශේෂයෙන් සොයා බැලූ අතර අශෝක චක්‍රය විකෘති කර නාවික සුක්කානමක් යෙදීම පිළිබදව උන්වහන්සේ තදින්ම විරුද්ධ වූවෝය. උන්වහන්සේ පිළිබදව මෙවැනි බොහෝ දෑ මතකයේ පවතියි. උන්වහන්සේ ගත කරනු ලැබුවේ ඉතාමත් සරල අල්පේච්ඡ ජීවිතයකි. පසුකලෙක මුහුණු පොත හරහා දැන හදුනා ගත්, පූගල්ල පුෂ්පාරාම විහාරස්ථානයේ දුටුවැවේ ලංකානන්ද හිමියන්, පඤ්ඤානන්ද නා හිමියන් පිළිබදව මා වෙත කියා සිටියේ මෙවැන්නකි.
" වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් යුතුව කටයුතු කරන ලදී. සිය ගුරු දේවයන් වහන්සේ වන වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් සිදුකරගෙන ආ කටයුතු ඊටත් වඩා හොඳ මට්ටමෙන් සිදු කරමින් විහාරස්ථ දායක සමිතිය, කුලඟන සමිතිය, දහම් පාසල, ස්වෙච්ඡා සමිති සමාගම්, ගම, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය, නාගරුක්ඛාරාමය ඇතුළුව ඉතාම මිත්රශීලීව අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ කටයුතු කරමින් හිත් දිනාගෙන කටයුතු කළ සේක. ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේගෙන් මම උගත් ධර්ම පාඨයක් මෙසේ ලියා තැබීමට අදහස් කරමි. ' අලමේව දානානි දාතුං අලං පුඤ්ඤානි කාතුං '.... නිතර නිතර දන් දිය යුතුය. නිතර නිතර පින් කළ යුතු ය…. නිතර නිතර දන් දීම, නිතර නිතර පින්කම් කිරීම සසර සැපවත් වීමට හේතුවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක....
මේ ධර්ම පාඨය අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ධර්ම දේශනාවල නිරතුරුව සටහන් කළ දෙයකි. අපේ ලොකු හාමුදුරුවෝ තමන්ට ලැබෙන සියල්ලම දන්දීමට නොපැකිළව කටයුතු කළහ. පුවත්පත බලා එහි යම් කෙනෙකුන්හට යම් කරදරයක්, දුකක් ඇති වෙලා තිබේ කියා සටහන්වෙලා තිබේ නම්, අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවෝ විහාරස්ථානයේ තමන් සතුව තිබෙන සියල්ලම රැගෙන එම ස්ථානයට ගොස් පරිත්‍යාග සිදු කළ බව අප අත්දැකීමෙන් දන්නා කාරණයකි. ඒ කාලයේ මගේ මතකයට නැගෙන මතකයක් මෙහිලා සටහන් කිරීම යුතුකමකි. 'පන්සල පොඩ්ඩක් බලාගන්න. අවශ්‍ය දෙයක් තියෙනව නම් ඉටුකර දෙන්න. මම අසරණ කෙනකුට පිහිට වන්නට යනවා. ඔබ වහන්සේට පුළුවන් ආකාරයෙන් මේ කටයුතු ටික ඉටු කරන්න' යැයි අපට අවවාද අනුශාසනා කරන වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රටේ කොයි දිසාවකද යම් අසරණ කෙනෙක් පිළිබඳව පුවතක් තමන් දුටුවේ.... ඒ කෙනාට පිහිටවීමට තමන්ට දානයට, පිරිතට, ධර්ම දේශනාවට ලැබුණ, තව දායකයන් ලබා දුන්න, ඕනෑම දෙයක් තිබේ නම්, ඒ වටිනාකම පිළිබඳව නොසලකා, ඒ දානය දීම සඳහා එය පරිත්‍යාග කිරීමට තමන් සතු සියල්ලම රැගෙන වැඩම කළ ආකාරය අප සිහිපත් කරන්නේ ඉතාම කෘතවේදීවය. වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ තුළ තිබුණ එම ගුණය අපටද යම් කලක් යනවිට ඇතිවීම නොවැළැක්විය හැකි විය.
ඉතාම සරල ජීවිතයක් ගත කළ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේ සැතපී වදාරන්නේ කොහොඹ ලෑලි සහිත ඇඳකය. මෙට්ටයක් නොමැත. කොහොඹ ලෑල්ලක් සහිත ඇඳේ සිවුරු රෙද්දක් අතුරා එහි සැතපීම පුරුද්දක් ලෙස සිදු කරන ලදී. වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේ වැනි උත්තම වූ මහා සංඝ රත්නයක් ඇසුරු කිරීමට ලැබීම අප ජීවිතයේ ලද භාග්‍යයකි. වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සිරිතක් වූයේ රාත්‍රී 8.30, ඉන්පසුව රාත්‍රී 10.00 දක්වා පමණ බෝධීන් වහන්සේ වටේට, චෛත්‍යරාජාණන් වහන්සේ වටේට සක්මන් කරමින් පිරිත් සජ්ඣායනා කිරීමයි."

එවකට දහම් පාසලෙහි වැඩ කටයුතු සහ දහම් පාසලෙහි අභිවෘද්ධිය සදහා විශාල ශ්‍රමයක්, කැප කිරීමක් සහ සේවාවක් සැපයූ ජ්යේෂ්ඨතමයන් ලෙස ශෂික ජයසංඛ, සම්පත් දේශප්‍රිය, නවෝදා සුභාෂිණී, පියුමි මධුෂාණි, ජයමාල් මධුරංග, නවිදු වීරකෝන්, සමීර සම්පත්, මිහිරි චේතනා වැන්නවුන් නම් කළ හැක. ඔවුන් කට වචනයට පමණක් සීමා නොවී, එකල කණිෂ්ඨයන් වූ අපට, බොහෝ දෑ ක්‍රියාවෙන් කර පෙන්වීය. දහම් පාසලෙහි බොහෝ සාමූහික වැඩ කටයුතු සදහා අපව මෙහෙය වූ අතර අවවාද අනුශාසනා ලබා දීම, නිසි මග පෙන්වීම, උදව් උපකාර කිරීම ආදීය නිතර සිදු කළෝය. ඒ අතරින්ද නවිදු වීරකෝන්, සමීර සම්පත් සහ සම්පත් දේශප්‍රිය යන්නවුන් ඉදිරියෙන් සිටියෝය. නවිදු අයියා ලොකු කුඩා සෑම ළමයෙක් සමගම සිනහා සී කතාබහ කළ අතර බොහෝ ළමුන්ට තිබෙන ආදරය හේතුවෙන් "පුතා" යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පුරුදු වී සිටියේය.
මා දහම් පාසලේ සිටි කාල වකවානුව තුළ සිසුන්ගේ අඩුම පැමිණීම වාර්තා වූයේ 2006 වර්ෂයේ ජනවාරි 01 වෙනිදාය. එය වර්ෂයේ පළමු දවස වූ බැවින් සිසුන් පැමිණ සිටියේ 12ක් හෝ 15ක් පමණි. නමුත් එදින දහවල් 12.00 පමණ වන තුරුම දහම් පාසල ක්‍රියාත්මකවිය. එදින මා දහම් පාසලට පැමිණෙන විටත්, ධර්ම ශාලාවේ දොරටු විවෘත නොකර නොතිබූ හෙයින් මා තුළද යම් සැකයක් ඇතිවිය. ඒ වන විට පැමිණ සිටියේද මා පමණි. ධර්ම ශාලාවේ දොරටු විවෘත කිරීමට පැමිණි රත්තොට සීලවංස පොඩි හාමුදුරුවන්, මා පමණක් සිටිනවා දැක විමතියට පත්විය. "අද ඔයා විතරක් ඉදීවිද දන්නෙ නැහැ" යනුවෙන් සිනහසෙමින් දොරටු විවෘත කළේය. ඒ උන්වහන්සේ, මාත් සමග කතාබහ කළ ප්‍රථම අවස්ථාවයි. බොරලැස්ගමුව පිල්ලෑව විහාරස්ථානයේ බෝම්බයක් පිපිරීම, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයවීම වැනි සිද්ධීන් අප දහම් පාසලෙහි වැඩ කටයුතුවල යෙදී සිටින විට ලැබුණු ආරංචිය. ඒ සියලුම තොරතුරු අප වෙත ගලා ආවේ, ගුරුවරුන්ගේ දෙනෙත්වලට වැලි ගසමින්, දහම් පාසල තුළට ජංගම දුරකතන රැගෙන එන අපේම සහෝදර සිසුන්ගෙනි. එවකට අන්තර්ජාලය අප රටෙහි ප්‍රචලිත නොවූ යුගයක් විය. එබැවින් ඔවුන් ජංගම දුරකතන වෙතින් ගීත ශ්‍රවණය කිරීම පමණක් සිදු කළෝය.
පෙර කීවා සේම නාම ලේඛනයේ අනුපිළිවෙල අනුව මටද අවස්ථා ගණනාවකදීම උදෑසන රැස්වීම සදහා ධම්මපදයේ ගාථාව සහ දහම් කතාව ඉදිරිපත් කිරීමට සිදුවිය. එකල සෑම සිසුවෙක්ම දහම් කතාවට වඩා ධම්ම පදයේ ගාථාව ඉදිරිපත් කිරීමට කැමැත්තක් දක්වන ලදී. ධම්ම පදයේ ගාථාව මිනිත්තු 5ක් ඇතුළත ඉදිරිපත් කර අවසන් කිරීමට හැකි නමුත් දහම් කතාව ඉදිරිපත් කිරීම සදහා මිනිත්තු 10ත් 15ත් අතර කාලයක් ගතවීම ඊට හේතුවයි. වසර පහක කාලය තුළ මා විසින් එක් දහම් කතාවක් සිදු කළ අතර එහි මාතෘකාව පිළිබදව මතකයෙන් ගිලිහී ඇත. ධම්ම පදයේ ගාථාව අවස්ථා ගණනාවකදීම ඉදිරිපත් කිරීමට සිදුවිය. එවකට බුද්ධාගම විෂය සදහා වූ පාසල් විෂය නිර්දේශයේ තිබූ අසාරේ සාර මතිනෝ, යථාසංකාර ධානස්මිං, නහී වේරේන වේරානී වැනි ගාථා පාඨ සහ එහි සිංහල අර්ථයන් ඉදිරිපත් කළෙමි. දිනක් නිවසින් පිටවී පන්සල වෙත යන අතරතුරදී මා හට උදරයේ ආබාධයක් ඇතිවිය. මද දුරක් ගොස් "ආයිත් ගෙදර යනවද? නැත්නම් පන්සලට යනවාද?" යැයි කල්පනා කළ මා, නැවතත් පන්සල වෙත යෑමට තීරණය කළෙමි. ඒ, එදින උදෑසන ධම්මපදයේ ගාථාව ඉදිරිපත් කිරීමේ කටයුත්ත මා වෙත පැවරී තිබූ බැවිනි. මා එදින දහම් පාසල වෙත නොගියේ නම් මා එම වගකීම පැහැර හැරියා මෙන් වන අතර ඒ සදහා වෙනත් සිසුවෙකුට (අසරණයෙකුට) ඉදිරිපත්වීමට සිදුවෙයි.
සෑම මසකම අවසානයේදී පවත්වන "සභාව" සදහාද කතා දෙකක් පමණ ඉදිරිපත් කළෙමි. ඉන් එක් කතාවක්, ජාතක කතාවක් විය. රටෙහි රජතුමා, නිතරම කිපෙනා සුළු තම මවකට, සැවොලෙකුගේ නාදයක් පෙන්වමින් කියා දුන් පාඩමක් පිළිබදව සහ එයින් අපට ගත හැකි ආදර්ශයන්, එම කතාවෙහි අන්තර්ගතය විය. අනෙක් කතාව සිදු කරන ලද්දේ අනුරාධපුර අභයගිරි ආරාම සංකීර්ණය පිළිබදවය. එය ඉතාමත් දීර්ඝ කතාවක් වූවා මතකය. අතීතයේ සිටම මා සබකෝලයට බර වූවත්, දහම් පාසලෙහි රැස්වීමක කතාවක් භාර වූ පසු, කිසි දිනෙක එය ප්‍රතික්ෂේප කළේවත්, විශාල පිරිසක් ඉදිරියේ සිටගෙන, මිනිත්තු ගණනාවක් යනතුරු කතාවක් පැවැත්වීමට බිය වූයේවත් නැත. ඒ, මා දින කිහිපයකට පෙර සිටම ඒ සදහා හොදින් සූදානම් වූ බැවිනි. එම නිසා කිසිදු ආකාරයක මා තුළ පැකිලීමක් තිබුණේ නැත.

සෑම මාසයකම අවසාන ඉරිදා දින පවත්වනු ලබන දහම් පාසල් සභාව, ඉතා කුඩා සභාවක් වූවත්, එයින් අපට සමිතියක මුහුණුවර පිළිබදව ඉගෙනීමට බොහෝ දේ තිබිණි. පංචශීල සමාදානය, සමිතියක සිටින නිළධාරී මඩුල්ල, ඔවුන්ගේ කාර්යභාරය සහ ඔවුන් පත්වන ආකාරය, සභාව වෙත යමක් යෝජනා කිරීම සහ එය ස්ථීර කිරීම, වැරදි පෙන්වාදීම, සමිතියක් රැස්වන සහ විසිර යන ආකාරය, පෙර සමිතියේ වාර්තාව ඉදිරිපත් කිරීම, සභාපති සහ ලේකම්වරයාගේ කතාව, අදහස් ප්රකාශනයක් සිදු කිරීමට පෙර සභාවෙන් අවසර ගන්නා අයුරු වැනි බොහෝ දෑ පිළිබදව අප ඉගෙන ගත්තෙමු. දහම් කතා, දැනුම මිනුම තරග, අර්ථාන්විත කවි සහ ගීත ආදීය මෙහිදී ඉදිරිපත් වූ අතර අවසානයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී, කැමති අංගයක් ඉදිරිපත් කිරීමටද සිසුන්ට අවස්ථාව ලබා දෙන ලදී. මෙය සිසුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට ඉතාමත් හොද අවස්ථාවකි. ඉන් අනතුරුව එක් ගුරුවරයෙක් සිසුන්ගේ ඉදිරිපත් කිරීම් අගය කර කතාවක් පවත්වනු ලබයි. සභාවෙහි අසුන් ගන්නා විට, පිරිමි ළමුන් දකුණු පස ඇති බංකුවලත්, ගැහැණු ළමුන් වම් පස ඇති බංකුවලත් අසුන් ගත යුතුය. දකුණු පස සිට වම් පස වෙත කඩදාසි රොකට්, කොල ගුලි, බිස්කට් කෑලිද ඉදහිට යැවුනු අතර අහිංසක ඇද කිරීම්, විහිළු තහළුද හුවමාරු විය. ළමුන්ගේ විනය ආරක්ෂා කිරීමට ශිෂ්‍ය නායක නායිකාවන් කැපවීමෙන් කටයුතු කළෝය. විසේකාර පිරිමි ළමුන්ව නැගිට්ටවා, වම් පස ඇති ගැහැණු ළමුන්ගේ පේළියට දැමීමට ඔවුන් දෙවරක් සිතුවේ නැත. සභාව ඉතා රසවත් වූවත්, එහි ඇති එකම නීරස ක්‍රියාව වූයේ ස්වේච්ඡාවෙන් බංකුවෙන් නැගිට "මම එය ස්ථීර කරමි" යනුවෙන් ප්‍රකාශ කිරීමට සිදුවීමය. එමෙන්ම වර්ෂයේ පළමු මාසයේ මහා සභාව පවත්වන විට, නව නිළධාරී මඩුල්ල තෝරන අවස්ථාවන්හීදී සෑම ළමයෙකුම පාහේ බිම බලා සිටීමට, අහස පොළොව ගැට ගැසීම සදහා කල්පනා කිරීමට, ධර්ම ශාලාවේ වහලෙහි වූ පරාල දෙස බලා සිටීමට, ඉදිරිපස සිටින ළමයාගේ ශරීරයට ආවරණය වී සිටීමට උත්සාහ දැරුවෝය. ඇතැම් අවස්ථාවලදී විවිධ කථිකාචාර්යවරු, දේශකවරු ගෙන්වා අප හට සෞඛ්‍යය, ළමා මනස වැනි මාතෘකා යටතේ දේශනද පැවැත්විනි.
දහම් පාසලෙහි සෑම වසරකම විභාග තුනක් තිබිණි. ඉන් එක් විභාගයක්, ශාසනාරක්ෂක බල මණ්ඩලය (කැස්බෑව කලාපය) විසින් පවත්වනු ලබන තරග විභාගයකි. ඒ සදහා අපගේ දහම් පාසලෙහි සෑම ශ්‍රේණියකින්ම එක් අයෙකු හෝ දෙදෙනෙකුව සහභාගී කරවන අතර එම විභාගය දහම් දැනුම, කථික, පද්‍ය ගායනා යන ආදී අංගයන්ගෙන් සමන්විතය. මමද අවස්ථා දෙකකදී අප දහම් පාසල නියෝජනය කරමින් දහම් දැනුම තරග සදහා සහභාගී වූයෙමි. එදින සුළුතරයක් වූ ළමුන් පිරිසක් තරග විභාග සදහා සහභාගීවීමට අදාළ විභාග ස්ථාන සදහා පිටත්වන අතර ඉතිරි බහුතරය සදහා නිවාඩු ලබාදෙයි. නිවාඩුව ලබා ගැනීමට තිබූ ආසාව හේතුවෙන් අපද තරග විභාග සදහා අපගේ නම් ලබාදීමට මැලිකමක් දැක්වූයෙමු. දෙවන විභාගය නම්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාගයයි. ඒ සදහා අපට වෙනත් ස්ථානයකට හෝ විභාග ශාලාවකට යෑමට සිදු විය. අප බොහෝ අවස්ථාවලදී මෙම විභාගය ලියන ලද්දේ පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරස්ථානයේ සිටය. දහම් පාසල් වාර අවසාන විභාගය යනු අනෙක් විභාගයයි. එය සෑම වසරකම දෙසැම්බර් මාසය තුළ විහාරස්ථ ධර්ම ශාලාවේදී පවත්වයි. විභාග ප්‍රශ්න පත්‍ර සදහා පිළිතුරු ලිවීම සදහා අපට පැය 2ක් ලැබිණි. විභාගය අවසන්වී අප සැවොම නිවෙස් බලා පිටත් වූයේ ඉතාමත් සතුටිනි. ඊට හේතුන් දෙකක් විය. එක් හේතුවක් නම් එදිනට දහම් පාසල, පැය 3කට පමණ පෙර අවසන්වීමය. අනෙක් හේතුව නම් ජනවාරි මස තෙක් ලබා දෙන සති 3ක නිවාඩුවය.

දහම් පාසල් සිසුන්ව දිරි ගැන්වීම සදහා වසර කිහිපයකට වරක් ත්‍යාග ප්රදානෝත්සවද සංවිධානය විය. ත්‍යාග ප්‍රදානෝත්සව පැවැත්වූයේ සවස් කාලයේදීය. උදෑසන සහ දහවල කාලය තුළ අප ධර්ම ශාලාව සැරසීමේ කාර්යයන්හී නිරත වූයෙමු. දහම් පාසලෙහි විශිෂ්ඨ සහ සම්මාන ත්‍යාග ලැබීමට සමත් නොවුනු සෑම සිසුවෙකු හටම පොදු ත්‍යාග ලබා දෙන ලදී. එබැවින් එදිනට කිසිදු සිසුවෙකු හිස් අතින් නිවෙස් වෙත ගියේ නැත. වාර විභාග සදහා ලබා ගත් වැඩිම ලකුණු සදහා මෙන්ම වැඩිම සිල් සමාදන්වීම, වැඩිම පැමිණීම, වැඩිම මල් රැගෙන ඒම වැනි අංශ සදහාද ත්‍යාග ලබාදීමට පියවර ගැණිනි. වැඩිම මල් රැගෙන ඒම සදහා මටද ත්‍යාග ලැබිණි.
එමෙන්ම වාර විභාග සදහා ලබා ගත් වැඩිම ලකුණු සදහාද කිහිප විටක්ම සහතික පත්‍ර ලබා ගැනීමට සමත් වුණෙමි. එක් අවස්ථාවකදී සහතික පත්‍රය ලබා ගත්තේ අතිගෞරවාර්හ පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමියන් වෙතිනි. එම කාලය තුළ අපවත් වී වදාළ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය සහ බෙල්ලන ශ්‍රී ඥාණවිමල නායක හිමිවරුන් සමග සිදු කළ සාකච්ඡා ඇතුලත් ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ගේ කෘති යුගලක් මා කියවමින් සිටියෙමි. එබැවින් එදින මා අතිශයින් සන්තෝසයට පත්වුණෙමි.

මා දහම් පාසලෙහි සිටි කාල වකවානුව තුළ දෙවතාවක් ජූනි මසට යෙදුනු පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයන් මූලික කරමින් සැදැහැ ගී ප්‍රසංග පැවැත්විනි. පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයන්හීදී අප රටේ බොහෝ දහම් පාසල්වල බැති ගී / භක්ති ගීත ප්‍රසංග සංවිධානය වූවද, අප දහම් පාසලෙන් සංවිධානය කරනු ලබන්නෙ සැදැහැ ගී ප්රසංගයන්ය. මෙම වචනය අපගේ සිත් තුළ රදවා තැබීම සදහා සීලවංස හාමුදුරුවන් විශාල උත්සහයක නිරත වූ බව මතක් කළ යුතුය.
බුදුන් වහන්සේ කෙරෙහි අපට කිසිදු අවස්ථාවකදී භක්තියක් ඇතිවන්නේ නැත. අපට බුදුන් වහන්සේ කෙරෙහි ඇතිවන්නේ ශ්‍රද්ධාවකි. භක්තියක් ඇතිවන්නේ බුදුන් වහන්සේ කෙරෙහි නොව, දෙවියන් කෙරෙහිය. ශ්‍රද්ධාව සහ භක්තිය අතර විශාල වෙනසක් තිබේ. ශ්‍රද්ධාව යනු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් පිළිබදව "අවබෝධයෙන්" ඇතිවන පැහැදීමටය. නිර්වාණය ලබා ගැනීම පිණිස ප්‍රඤ්ඤාව කරා මේ යන ගමන ආරම්භ කිරීම සදහා ශ්‍රද්ධාව ඉවහල්වේ. භක්තිය යනු තමාට නිසියාකාරව විස්තර කර ගත නොහැකි, අදෘෂ්‍යමාන දේවල් කෙරෙහි ඇතිවන බියටය. දෙවි කෙනෙකු හට භාරයක් වන අයෙක්, එම භාරය නිසියාකාරයෙන්ම ඔප්පු කිරීමට පෙළඹෙන්නේය. දේව පූජාව තබන තැනැත්තා, සෑම දිනකම දේව පූජාව තබන්නේය. දේවාලයකට හෝ කෝවිලකට යෑමට පෙර ස්නානය කර පිරිසිදු වන අතර හිත, කය, වචන සංවර කර තැබීමට උත්සාහ දරන්නේය. එසේ නොකළහොත් දෙවියන්ගේ උදහසට ලක්ව, දේව ශාපයකට හසුවිය හැකි බව එම පුද්ගලයන්ගේ අදහසය. එබැවින් ඔවුන් එවැනි වත්පිළිවෙත් කරනු ලබන්නේ දෙව්වරුන් උදෙසා තිබෙනා බියටය. එවැනි දෑ පිළිබදව තිබෙනා පැහැදිලි අවබෝධය නිසා නොවේ.
නමුත් ශ්‍රද්ධාවන්තයින් හට එසේ බියවීම සදහා කිසිදු හේතුවක් නොමැත. බුද්ධ පූජාව තැබීමට අතපසු වූ විට, බෞද්ධ පූජා භූමියකට පිවිසෙන විට පිරිසිදු වී යෑමට නොහැකි වූ විට, බෞද්ධ ආගමික ස්ථානයකදී නරක වචනයක් කියූ විට අප බිය වන්නේ නැත. බුදුන් වහන්සේ කිසිදු අයෙකුට කරදරයක්, හිරිහැරයක්, නපුරක් කළ අයෙකු නොවේ. උන්වහන්සේ තමන්ගේ ගිහි කල පුත්‍රයා වූ රාහුල හිමියන්ටත්, තමන් වහන්සේව ඝාතනය කිරීමට තැත් කළ දේවදත්ත හිමියන්ටත් එක හා සමාන වූ මහා කරුණාවක් දැක්වූ සේක. එබැවින් සැබෑ බෞද්ධයා තෙරුවන් සරණ යනු ලබන්නේ, තෙරුවන් කෙරෙහි ඇති ගෞරවය සහ "අවබෝධය" හේතුවෙන්ය. තෙරුවන් කෙරෙහි ඇති බියක් හේතුවෙන් නොවේ. එම නිසා සීලවංස හිමියන්ගේ මතය වූයේ මෙය භක්ති ගීත නොව, සැදැහැ ගීත යනුවෙන් නිවැරදි විය යුතු බවයි.
2005 වසරේ ජූනි මස පවත්වනු ලැබූ ප්‍රසංගය ධර්ම ශාලාවේ කුඩා වේදිකාව මත තිබිණි. 2008 වසරේ ජූනි මස පවත්වන ලැබූ ප්‍රසංගය, විහාරස්ථානයට ඇතුළු වන ස්ථානයට මුහුණලා, චෛත්‍යයේ සලපතල මළුව හරහා නිර්මාණය කළ උස් වේදිකා මණ්ඩපයක පැවැත්වීය. මෙම ප්‍රසංග සදහා දහම් පාසල් සිසුන් මෙන්ම, දහම් පාසල් ගුරුවරුන්ද සහභාගී වන ලදී. එකල මෙම ප්‍රසංග සදහා අපට ගීත පුරුදු පුහුණු කරන ලද්දේ, ගායනයට උපන් හපන්කම් ඇති අකලංකගේ සහෝදරියන් දෙදෙනා විසිනි. ඒ වන විටත් අකලංකගේ එක් සහෝදරියක් වූ නදීකා, දහම් පාසලෙහි ගුරු මණ්ඩලයට එක්වී සිටියාය. මැයි සහ ජූනි මාසයේ සෑම ඉරිදා දිනයකම දහවල් වරුවේ සිට සවස් වරුව වන තුරුත්, අනෙකුත් දිනයන්හී සවස 6.00 සිට රාත්‍රී 10.00ට ආසන්න වන තුරුත් අප ධර්ම ශාලාව වෙත් එක්රැස් වී ගීත පුරුදු පුහුණු වුණෙමු. අද බොහෝ විට අදාළ ගීත, ප්රසංගයේදී කොළ බලා ගායනා කළද, එකල එසේ කොළ බලමින් ගායනා කළේ නැත. අප සෑම ගීතයකම අකුරක් නෑර කට පාඩම් කළෙමු. එම නිසාම පුහුණුවීම අතර තුර ගීතයක් වැරදුනහොත්, නැවත මුල සිට පුහුණුවීමට සිදු වුණෙමු.

2007 වසරේ අපගේ පන්තිභාර ගුරුවරයා වූයේ ඕලුගම ඉන්දරතන හිමියන්ය. උන්වහන්සේගේ පැවති විශේෂත්වය වූයේ සමස්ථ 2007 වසරටම, අප පන්තිය වෙත පැමිණ ඉගැන්වීම් කටයුත්තක නිරත වූයේ එකම එක දිනකදී පමණක්වීමයි. එදින උන්වහන්සේ අපට වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් පිළිබදව කියා දුන්නේය. අන් සෑම මොහොතකම උන්වහන්සේ උගන්වනු ලැබුවේ පහළ ශ්‍රේණී සදහාය. එවකට අප පන්තියේ ඉගැන්වීම් කටයුතුවල නිරත වූ තවත් ගුරුවරයෙකි, සුනන්ද හිමිදිරි සර්.
හිමිදිරි සර් යනු ඉතාමත් බහුශ්‍රැත, විශාල දහම් දැනුමක් තිබූ ගුරුවරයෙකි. නමුත් එතුමාගේ කාල පරිච්ඡේදය අපට ඉතාමත් වෙහෙසකර සහ නිදිමතවිය. ඒ, එතුමාගේ ඉගැන්වීම් ක්‍රමවේදය නිසාය. එතුමා, එතුමාගේ ඉගැන්වීමේ රටාව වෙනස් කර ගත්තේ නම් හෝ එතුමා තරුණ වයසේ පසුවූයේ නම් තත්වය මීට වඩා යහපත්වීමට බෙහෙවින් ඉඩකඩ තිබුණා යැයි සිතමි.

දහම් පාසල් ගුරු මණ්ඩලයෙහි ක්‍රියාකාරී ආචාර්යවරිණියක් ලෙස කටයුතු කළ පත්මා තේනුවර ගුරුමහත්මියත් අපගේ සිත් තුළ තැන්පත්වී තිබෙන තවත් චරිතයකි. ඇයගේ මුවෙහි නිතරම වූයේ "පුතා" හෝ "දුව" යන වචනයි. සෑම ළමයෙකුටම එක හා සමානව ආදරය කරමින්, දහම් පාසලෙහි සිදු කරනු ලබන සෑම කටයුත්තක් සදහාම අවවාද ලබා දෙමින්, ඒ සියල්ලක්ම මෙහෙයවීම ඇයගේ පුරුද්දක් වූවාය. අන් සෑම ගුරුවරයෙකුම දහම් පාසල වෙත පැමිණීමට පෙර, ඇය උදෑසනම දහම් පාසලට පැමිණියාය.
ඉන්පසුව එදිනට දහම් පාසල පැවැත්වීම සදහා වූ පරිසරය සහ වටපිටාව ළමුන් ලවා ඇති කළාය. ඇය ඉගැන්වූයේ ප්‍රාථමික අංශයට පමණි. මා දහම් පාසලෙහි සිටි වසර 5ක කාලය තුළ ඇය එක් දිනක් පමණක් අපගේ පන්තියට ඉගැන්වූවාය. එදින ඇය බුදුරජාණන් වහන්සේගේ වම් දළදාව ඇතුළු අනෙකුත් ධාතුන් වහන්සේලා පිළිබදව අපට කියා දුන්නාය.

දිනක් ප්‍රාථමික අංශයේ සිටි කුඩා සිසුවෙකුගේ උපන් දිනයක් යෙදී තිබිණි. එදින ඔහු දහම් පාසලෙහි ළමුන්ට කේක් ගෙනැවිත් තිබුණේය. අප පේළි සැදී ඔහු වෙත ගොස්, ඔහු හට සුභ පතමින්, ඔහුගේ කුඩා දෑත්වලින් කේක් ලබා ගත්තෙමු. “Happy Birthday”....... “Happy Birthday මල්ලා”….. “Wish you a very Happy Birthday”....... ඉදිරි පෙළෙහි සිටින ළමුන්, ඔහුට සුභ පතන ආකාරය ඇයට ඇසුණාය. "ළමයිනේ ඇයි ඔයාලට බැරි සිංහලෙන් සුභපතන්න. බලන්න අපට කොයිතරම් ලස්සන වචන තියෙනවාද? අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන වෙලාවට ඉංග්‍රීසියෙන් කතා කරමු. දහම් පාසලේ අපි ඉගෙන ගන්නෙ සිංහල. අපි ඉගෙන ගන්නෙ අපේකම. ඉතින් ඉංග්‍රීසියෙන් සුභපතන එකද අපේකම? සිංහලෙන් සුභපතන්න. සුභ උපන් දිනයක් වේවා කියලා කට පුරා කියන්න" යැයි ඇය අපට අවවාද කළාය. මේ වන විට කේක් ලබා ගැනීමේ පේළියෙහි මීළගට එළැඹී තිබූයේ මාගේ වාරයයි. මා ඔහුට "සුභ උපන් දිනයක් වේවා" යැයි සුභ පැතුවෙමි. ඉන්පසු අනෙක් පිරිසද එලෙසම සුභ පැතුවෝය. තේනුවර මිස් කීවේ සත්‍යයකි. එදා සිට අද වන තුරුත් මා කිසිවෙකුට Happy Birthday කියා නැත. සුභ උපන් දිනයක් වේවා යනුවෙන් සිංහලෙන් සුභපතන්නෙමි. අප සෑම විටම සිංහලෙන් කතා බහ කිරීම සහ සිංහල බස අපගේ මව් බස වීම යන කරුණු හේතුවෙන්, සිංහලෙන් සුභපැතීම වඩාත් ආදරණීය යැයි මමද, එදා සිට විශ්වාස කරමි. එමෙන්ම ඒ තුළ වඩාත් ලෙන්ගතු බවක් සහ සමීප බවක්ද ඇත.
තේනුවර මිස් බොහෝ කාලයක් දහම් පාසලෙහි දැන්වීම් පුවරුව භාරව ක්‍රියා කළාය. සෑම මසකටම වරක් එම පුවරුව අලුත් කිරීම ඇයට පැවරුණු වගකීමක් වූ අතර සෑමවිටම ඇය දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ඔවුන්ගෙන් ලබා ගත් චිත්‍ර, කවි, ගීත, රචනා වැනි දෑ එහි ප්‍රදර්ශනය කළාය. දිනක් එතුමිය අප පන්තියටද පැමිණ "ඊළග සතියෙ එනකොට බිත්ති පුවත්පතට දාන්න මොකක් හරි අරගෙන එන්න" යනුවෙන් පැවසුවාය. නමුත් ඊට පසු සතිය වන විට සමස්ථ පන්තියෙන්ම නිර්මාණයක් රැගෙන ඇවිත් තිබූයේ මා පමණි. ඇය ඊට බෙහෙවින් සතුටු වූවාය. මා නිර්මාණය සදහා යොදාගත්තේ "යථාසංකාර ධානස්මිං" යන ගාථාවෙහි සරල සිංහල අරුතෙහි, එක් අනුවාදයකි. "නෙළුම් මල මඩ වතුරේ හට ගන්නා නමුත්, එය කිසිදිනෙක මඩෙහි ගෑවෙන්නේ නැත. මඩින් වෙන්ව, මඩෙහි නොගැවී තිබේ. එලෙසින්ම නරකවලින් පිරුණු සමාජයෙහි, හොද ළමයාද සිටිය යුත්තේ නරකින් ඈත්වීය" යනුවෙන් ලියා, මඩෙහි හටගෙන තිබෙනා නෙළුම් මලක් චිත්‍රයට නැගුවෙමි. එය අප ආනන්ද විද්‍යාලයෙහි 6 ශ්‍රේණියේ සිටිනා විට අකුරැටියේ විමලවංශ හිමියන්ගෙන් ඉගෙන ගත් ප්‍රථම පාඩමද විය.

දහම් පාසලෙහි ගුරු මණ්ඩලයේ සිටි තවත් ආදිතමයෙක් ලෙස ජයවර්ධන සර්ව හැදින්විය හැක. මා දහම් පාසලට ඇතුළත්වීමට පැමිණි මුල් දිනයේදී, අප වෙත පැමිණ, අපත් සමග කතා කළ, පෙර කී ගුරුවරයා ඔහුය. ජයවර්ධන සර්ට සියලුම ළමුන් ආදරය කළ අතර එතුමාද සියලුම ළමුන්ට පෙරලා ආදරය කළේය. අප කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ පන්තිවල අධ්‍යාපනය ලබන විට එතුමා අපට බෞද්ධ සංස්කෘතිය සහ ශාසන ඉතිහාසය වැනි විෂයන් ඉගැන්වූයේය.
පාඩම පවත්වන විට, අදාළ පාඩමේ පේළිය බැගින් ශබ්ද නගා කියවමින්, එම මොහොතේම එහි අරුත පැහැදිලි කර දීම එතුමාගේ සිරිත වූ අතර එතුමාගේ ඉගැන්වීම් ක්‍රමවේදය කිසිම දිනෙක අපට එපා වී නොමැත. එබැවින් අප සෑම දිනකම ජයවර්ධන සර්ගේ පැමිණීම අපේක්ෂා කළෙමු.

එවකට දහම් පාසලෙහි වැඩිම ශබ්දයකින් ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරයා වූයේද ජයවර්ධන සර්ය. ජයවර්ධන සර් පාඩම ශබ්ද නගා කියවන විට, දහම් පාසල් ගොඩනැගිල්ලේ එහා කෙලවර සිට මෙහා කෙලවරටම, එතුමාගේ පාඩම ඇසෙයි. එතුමාගේ හඩ රැව් දෙයි. එබැවින් එම මොහොතේ වෙනත් විෂයක් හදාරමින් සිටියද, අපද සිටියේ එම මොහොතේ වෙනත් පන්තියක උගන්වමින් සිටිනා ජයවර්ධන සර් උගන්වනු ලබන පාඩම තුළය.
ඇතැම්විට එම මොහොතේ අප පන්තියේ වෙනත් ආචාර්යවරයෙකුගෙන් ඉගෙන ගනිමින් සිටින පාඩමට වඩා, එම මොහොතේ වෙනත් පන්තියකට, ජයවර්ධන සර් කියා දෙමින් සිටින පාඩම ඉතා රසවත්ය. එපමණක් නොව, අප පන්තිය වෙත ගුරුවරයෙකු නොපැමිණි අවස්ථාවන්හීදී, මා බොහෝවිට ජයවර්ධන සර් වෙනත් පන්තියක උගන්වන පාඩමක් වෙත අවධානය යොමු කරමින් සිටියෙමි.

2007 වසරෙහි මුල් භාගය තුළ අපට අභිධර්මය විෂය උගන්වන ලද්දේ රත්තොට සීලවංස පොඩි හාමුදුරුවන් විසිනි. උන්වහන්සේ අප වෙත ඉගැන්වූ ප්‍රථම පාඩම වූයේ සම්මුති සහ පරමාර්ථ දේශනාවන් පිළිබදවයි. සම්මුති දේශනා ක්‍රම යටතේ උන්වහන්සේ "ඡායාව අනපායිනී" සහ "චක්කංව වහතෝ පදං" ආදීය විස්තර කළ අතර පරමාර්ථ දේශනා ක්‍රම යටතේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන ආදීය පිළිබදව කියා දුන්නේය. ඒ යටතේ සදෙව් ලොව, මනු ලොව, අපාය, කුසල් සහ අකුසල් සිත් පිළිබදවද කියා දුන්නේය. උන්වහන්සේට ඉතාමත් හොද ඉගැන්වීමේ හැකියාවක් තිබුණේය. නමුත් උන්වහන්සේ තුළ වූ උස් හඩ සහ මහා හඩින් කතා කිරීමේ සිරිත හේතුවෙන්, විටෙක අප සිත් තුළ චකිතයක්ද ඇතිවිය.
එමෙන්ම කණිෂ්ඨ සහ ප්‍රාථමික පන්තිවල සිටි සිසුන්ට නොමැති වටිනා දුර්ලභ අවස්ථාවක්, ජ්‍යේෂ්ඨ පන්තිවල සිටි අපට ලැබී තිබිණි. සීලවංස හිමියන් යනු දහම් පාසලෙහි ප්රධානාචාර්යවර්යා නොහොත් ඉහළින්ම සිටි තනතුරය. එමෙන්ම සීලවංස හිමියන් යනු විහාරස්ථානයේ පොඩි නමය. එනම් විහාරස්ථානයේ ඉතාමත් සුවිශේෂී චරිතයකි. එමෙන්ම විහාරස්ථානයෙහි මීළග භාරකරුය. එබැවින් උන්වහන්සේ සමග සුහදත්වයක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත්ය. එබැවින් උන්වහන්සේ අපගේ විෂයභාර ගුරුවරයෙකු ලෙස පන්තියට සම්බන්ධවීම, ඉහත කී අරමුණ ඉටු කර ගැනීමට අපට මහගු අවස්ථාවක්විය.

දිනක් උන්වහන්සේ අපගේ සටහන් පොත් පරීක්ෂා කළ අතර අප සියලුම දෙනා සටහන් පොත්වල දිනය සටහන් කර ඇති ආකාරය දැක විශ්මයට පත්වූයේය. "ඈහ්? මෙහෙමද පොත්වල දින දාන්නෙ? පොත්වල දිනය දාන්නේ මේ මහත තීරුව මැද්දෙ නෙවේ ළමයි. පොතේ වම් පැත්තෙ තියෙන තීරුවේ. මේ පොත කෙළවරේ ඉරක් යන්නෙ? ආන්න ඒකට වම් පැත්තෙන්" යනුවෙන් අවවාද කළේය.
එදා සිට අප පොත්වල නිවැරදි අයුරින් දිනය සටහන් කිරීමට පෙළඹුනෙමු.

2007 වසරේදී අප විහාරස්ථානය වෙත සිදුවූ බද්දේගම වංශාලංකාර හිමියන්ගේ ආගමනය, අප දහම් පාසලට වෙස්වලාගත් ආශිර්වාදයක් විය. බද්දේගම වංශාලංකාර හිමියන් යනු ඉතාමත් ක්‍රියාශීලී තරුණ භික්ෂුවකි. එමෙන්ම බුදු දහමට අමතරව අප රටෙහි සභ්‍යත්වය සහ සංස්කෘතිය පිළිබදව හසල දැනුමක් ඇති ජීවමාන පුස්තකාලයකි. කෙටි කලක් යන්නට පෙර උන්වහන්සේ අප දහම් පාසලෙහි මෙන්ම ගමේද සුප්‍රසිද්ධ චරිතයක් විය. ගමෙහි සිටි වැඩිමහළු උදවිය සියලු දෙනාම උන්වහන්සේගේ දෙමාපියන්විය. උන්වහන්සේ ඒ සෑම අයෙක් වෙතම ආමන්ත්‍රණය කරන ලද්දේ "අම්මා", "තාත්තා" කියාය. අප විහාරස්ථානයේ සෑම පිංකම් කටයුත්තක් වෙනුවෙන්ම උන්වහන්සේ මානසික සහ කායික ශ්‍රමය ලබා දුන්නේ ඉතාමත් ඕනෑකමිනි.
වංශාලංකාර හිමියන්හට ඉතාමත් ප්‍රියමනාප සිනහවක් තිබිණි. උන්වහන්සේ ඕනෑම අයෙක් සමග සිනහමුසු මුහුණින් කතා බහ කළේය. උන්වහන්සේ සිනහවන ආකාරය, සුළගේ යෑම වැළැක්වීම සදහා චීවරය අතින් අල්ලා සකසා ගන්නා ආකාරය, මුහුණෙහි ඇති ඉරියව්, අංගචලන, උන්වහන්සේ යමක් දෙස බලන ආකාරය, ගැඹුරු කරුණක් හෝ මතකයෙන් ගිලිහුණු කරුණක් පිළිබදව සිතන හෝ ආවර්ජනය කිරීමට උත්සාහ දරණ ආකාරය වැනි බොහෝමයක් දෑ උන්වහන්සේටම ආවේණිකය. උන්වහන්සේ බද්දේගම ප්‍රදේශයේ වූවද, අප සමග කතා බහ කරනා විට දකුණේ සහ කොළඹ භාෂාවන් දෙවර්ගයම භාවිතා කළේය. විටෙක "ඔය අය" යනුවෙන්ද, තවත් විටෙක "ඔය ඈයෝ" යනුවෙන්ද කිව්වේය. විටෙක "යනවද? යනුවෙන්ද, තවත් විටෙක "යනවැයි?" යනුවෙන්ද ඇසුවේය. උන්වහන්සේ හොදට ඉතා හොද වූවා සේම නරකට ඉතා නරකවිය. එකල ජ්‍යේෂ්ඨ පන්තිවල සිටි අපත් සමග උන්වහන්සේ ඉතාමත් මිත්රශීලීව කටයුතු කළ අතර අපට කිසිදිනෙක තරවටු කර නැත. නමුත් උන්වහන්සේ ප්‍රාථමික සහ කණිෂ්ඨ පන්තිවල සිටි සිසුන්ට තදින් සැරවැර කළේය. එකල ප්‍රාථමික පන්තිවල සිටි සිසුන්හට, අදද අප වංශාලංකාර හිමියන් පිළිබදව මතක් කරනා විට, ඔවුන් "බුදු අම්මෝ" යනුවෙන් කියති.
එවකට මාගේ ප්‍රියතම ගුරුවරයා සහ ප්‍රියතම කාල පරිච්ඡේදය වූයේ වංශාලංකාර හිමියන් සහ උන්වහන්සේගේ අභිධර්මය කාල පරිච්ඡේදයයි. වංශාලංකාර හිමියන්ගේ පැමිණීමත් සමගම සීලවංස හිමියන් උන්වහන්සේගේ අභිධර්මය විෂය සහ කාල පරිච්ඡේදය, වංශාලංකාර හිමියන්ට භාර කළේය. වංශාලංකාර හිමියන් සිනහමුසු මුහුණින් අපට අභිධර්මය කියා දුන්නේ ඉතාමත් රසවත් ලෙසයි. ඒ සදහා උන්වහන්සේ විෂය නිර්දේශයෙන් පරිභාහිර, අමතර කරුණුද උපයෝගී කර ගත්තේය. ඒ ඔස්සේ අපට සෑමවිටම චිත්තරූප මැවුණු අතර සෑම දිනකම උන්වහන්සේගේ පැමිණීම අපේක්ෂා කළෙමු. උන්වහන්සේගේ ඉගැන්වීම් රටාවෙහි සහ එම පාඩම්වල තිබූ රසවත්බව පිළිබද වචනයෙන් විස්තර කළ නොහැක. ඇතැම් අවස්ථාවන්හීදී උන්වහන්සේ අපට පාලි විෂයද ඉගැන්වූයේය. දහම් දැනුමට අමතරව උන්වහන්සේ අපට බොහෝ දේ කියා දුන්නේය. ඒ අතරෙහි ඉතිහාසය, ගැමි බස් වහර, ජන කවි, රජ කතා, හින්දු දේව කතා, ජනප්‍රවාද සහ ජනශ්රැති වැනි දේශීය කරුණු බොහෝවිය. ඒ අතරින් මාගේ මතකයේ තිබෙනා කරුණු කිහිපයක් සටහන් කිරීම අගනේයැයි සිතමි.

උන්වහන්සේ දිනක් අප සමග අපේ පැරණි ජන කවි පිළිබදව සාකච්ඡාවක නිරත වූයේය. එකල අප රටෙහි රැප් සංගීතය ජනප්‍රියවන්නට ආරම්භ වූ කාල වකවානුව වූ අතර අප රටෙහි බොහෝ තරුණ තරුණියන්, රැප් සංගීතය වෙත නැඹුරු වූයේ ඉතාමත් වේගයෙනි. "ඔය අය හිතන්නෙ රැප් සංගීතය අපිට ආවේ බටහිරින් කියලද? අද ගොඩක් වැඩිහිටි අය එහෙම රැප් සංගීතයට දිගට හරහට බනිනවා. හැබැයි එහෙම බැන්නට, ඕක අපට අමුතු දෙයක් නෙවේ. මොකද අපේ රටෙත් මේ රැප් කියන සංකල්පය ඈත කාලයේ ඉදලම තිබිලා තියෙනවා. රැප් එකෙන් වෙන්නෙ මොකක්ද? ගොඩාක් දිගට තියෙන වාක්‍ය ගොඩක්, බොහොම කෙටියෙන්, ගොඩක් වේගයෙන්, එක හුස්මට කියලා දාන එක නෙහ්. අපේ රටේ පැරණි ජන සංගීතයේ, ජන කවියෙත් ඕක තිබුණා" යැයි කියූ උන්වහන්සේ අප රටේ පැරණි ජන කවියක් ගායනා කළේය. එය ඉතාමත් හෙමින්, ලයාන්විතව ගායනා කළ උන්වහන්සේ, එකවරම සිංහල වචන මාලාවක්, ඉතා වේගයෙන් කියාගෙන ගියේය. ඉන්පසුව නැවතත් ඉතාමත් අපූරුවට කවියෙහි ඉතිරි පදයන් ගායනා කළේය. මද වේලාවකට පසුව නැවතත් උන්වහන්සේ තවත් සිංහල වාක්‍ය ගණනාවක්, ඉතාමත් වේගයෙන් කියාගෙන ගියේය. ඉන්පසුව නැවතත් ලයාන්විතව ගායනයේ යෙදුනේය. කවිය අවසානයේදී උන්වහන්සේ ඒ පිළිබදව අපට කියා දුන්නේය. "ආන්න දැක්කද. ඕක තමයි අපේ රැප් එක. කවිය බොහොම හෙමිහිට යනවා. හැබැයි කවිය ගායනා කරන රටාවට හරියට ගලපලා කියන්න බැරි, දිගට තියෙන පද සහ වාක්‍ය ටක් ටක් ගාලා, ඉක්මනට ඉක්මනට කියලා දානවා. ඊට පස්සෙ ආයිත් කවිය සුපුරුදු විදිහටම ගායනා වෙනවා. ආයිත් අර වගේ පද පේළියක් ආවම, ඒකත් ඒ විදිහටම එක හුස්මට කියනවා. දැන් අද අපේ අය සිංහල රැප් කියලා කියන්නෙ කුණුහරුප නෙහ්. රැප් කරනවා කියලා පාවිච්චි කරන්නෙ කිසිම තේරුමක් නැති, හිස් සහ අමුතු වචන. හැබැයි අපේ පැරණි ජන කවියාගෙ රැප් එකේදි, ජන කවියා රැප් කරපු පද පේළිවලත් අපට ගන්නට යමක් තිබුණා. ඒවායෙ ලොකු අර්ථයක් තිබුණා. ඉංග්‍රීසි රැප්වලත් ඔය තේරුම් තිබුණා. හැබැයි පස්සෙ කාලෙක ඒවායෙත් හිස් වචන, නරක වචන පාවිච්චි වෙන්න ගත්තා. අපේ දැන් ඉන්න අය අරගත්තෙ, අන්න ඒ රැප් එකයි".
දිනක් අප දහම් පාසලෙහි නවක ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙකුට නිළ ලාංඡන පැලදවීමේ උත්සවයක් පැවැත්විනි. ඊට පසු සතියේ ඉරිදා උදෑසන රැස්වීමෙහි දේශනය සිදු කරන ලද්දේ වංශාලංකාර හිමියන් විසිනි. උන්වහන්සේ දේශනය සිදු කරන ලද්දේ මෙලෙසිනි. "ඔන්න ඉස්සර කාලෙක හිටියා පුංචි කුමාරයෙක්. මෙයා පාරෙ යන්නෙ සෙල්ලම් කර කර. මඩ වලවල් උඩින් පැන පැන යනවා. මඩ වලවල්වලට 'චහ්' ගාලා පනිනවා. කිසිම හික්මීමක් නෑ. පස්සෙ කාලෙක තරුණ වයසට ආවම, මේ කුමාරයට රජකම ලැබුණා. දැන් කුමාරයා පාරෙ යන්නෙ හරිම හෙමින්. මඩ වලවල් තිබ්බොත්, ඒවා වටෙන් යනවා. හරිම හික්මීමෙන් යන්නෙ. මේක බලන් හිටපු කෙනෙක් රජතුමාගෙන් අහනවා 'ඔබ රජකම ලබන්න කලින් පාරෙ සෙල්ලම් කර කර ගියේ. මඩ වලවල් උඩින් පැන්නා. මඩ වලවල්වලට පැනලා මඩ ගාගත්තා. ඇයි දැන් එහෙම නැත්තෙ?' කියලා. එතකොට රජතුමා කියනවා 'ඒ මම රජ වෙන්න කලින්. දැන් මම රජවෙලා. ඒ නිසා මේ තනතුරේ ගෞරවය මම ආරක්ෂා කරන්න ඕන. නැත්නම් ඒක මේ තනතුරටත් හොද නෑ' කියලා. ආන්න ඒ වගේ තමයි ඔය ශිෂ්‍ය නායකයොත්. දැන් ඔයාලා කලින් හිටපු විදිහේ අය නෙවේ. ඊට වඩා ගොඩක් පරිණතයි. ඔයාලට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා ඔයාලත් ඔයාලගෙ තනතුරේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන."
තවත් දිනක් උන්වහන්සේ මෙලෙස කතාවක් කීවේය. "ඔය ඉස්සර කාලෙ යුද්ධවලට, බඩ වැඩි අයව එහෙම වැඩියෙන් අර ගත්තලු. යුද්ධවලදී ප්‍රතිවාදී පාර්ශවයේ ඉන්න අය ඊතල විදිනකොට, බඩ වැඩි අයවලු සේනාවෙ ඉස්සරහින්ම දැම්මෙ. ඒ අයට ඊතල වැදුනට, ඇග පසාරු කරගෙන ගිහින්, ඒ අය මැරුණෙ නෑලු. ඒ, ඒ අයගෙ තිබ්බ මහත නිසාලු. ඔයාගෙ නම දනුල නෙහ්. මට ඉතින් දනුල කියනකොට නිකං මතක් වුණේ. ධනු කියන්නෙ දුන්නට කියන නමක් නිසා......”
එමෙන්ම උන්වහන්සේ අපට විහිළු තහළුද කළේය. දිනක් උන්වහන්සේ මගෙන් "මේ, ඔයාගෙ කාර් එක පැට්රෝල්ද?" යනුවෙන් ඇසුවේය. මා තිගැස්සුනෙමි. "අපේ වාහනේ ගැන හාමුදුරුවො දන්නෙ කොහොමද? ගේට්ටුවෙ හිල් හිල් තියෙන නිසා, ගෙවල් ළගින් යනකොට දකින්න ඇති" යැයි මා සිතුවෙමි. නමුත් උන්වහන්සේ අදහස් කර තිබුණේ ගෙදර ඇති කාරය පිළිබදව නොව, කාරයක් වැනි හැඩයකට නිර්මාණය කර ඇති මාගේ පැන්සල් පෙට්ටියයි.
"බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. ඒවා කොටස් දෙකක් තියෙනවා. ඒ රූපාවචර සහ අරූපාවචර කියන කොටස් දෙක. රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට කයක් තිබ්බට, අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට කයක් නෑ. ඒ අයට රූපයක් නෑ. හැබැයි ඒ අයට සිතක් තියෙනවා. සිතෙන් තමයි ඒ අය සන්නිවේදනය කරන්නෙ. එහෙ ඉපදෙන්නෙ, ත්රිලක්ෂණය ගොඩාක් මෙනෙහි කරලා භාවනා කරපු අය. 'රූපය වැඩක් නෑ. කය නිසරුයි' කියලා හිතපු අය. මම ඔය අයට කතාවක් කියන්නම්. ඔන්න එක හාමුදුරු නමක් හිටියා. මේ හාමුදුරුවො භාවනා කරමින්, ත්රිලක්ෂණය මෙනෙහි කරමින්මයි හිටියෙ. රූපයේ නිසරු බව ගැන ගොඩක් මෙනෙහි කළා. දවසක් මේ හාමුදුරුවො ගමනක් වඩිනකොට, දැක්කම ඇහැ යන ලස්සන ගෑණු කෙනෙක් මේ හාමුදුරුවන්ව පහු කරගෙන ගියා. එයා ගියේ එයාගේ සැමියා එක්ක රණ්ඩුවෙලා. ටික වෙලාවකට පස්සෙ මහත්තයා එනවා, මෙයාව හොයාගෙන. හාමුදුරුවොන්ව දැකලා ඇහුවා 'මේ හරියෙන් ලස්සන ගෑණු ළමයෙක් ගියාද?' කියලා. ඒක අහලා හාමුදුරුවො කිව්වා 'අනේ ගෑණු කෙනෙක් නම් දැක්කෙ නෑ. හැබැයි මාව පහුකරගෙන අර පැත්තට ඇටසැකිල්ලක් නම් දිව්වා' කියලා. ඒ කියන්නෙ, ඒ තරමටම හාමුදුරුවො ත්රිලක්ෂණය මෙනෙහි කරලා, මේ රූපයේ නිසරු බව දැකලා...." ඒ දිනක් වංශාලංකාර හිමියන්, අභිධර්මය විෂය උගන්වන විට අපට කියූ කතාවකි.
"ලෝකයේ භාෂාව ගත්තම, අපි කතා කරන භාෂාවල් වෙනස්. හැබැයි ආරම්භයේදී මේ භාෂාව බිහි වුණේ ලෝකයේ එක ස්ථානයක ඉදලා. එතන ඉදලා තමයි භාෂාව ව්‍යාප්ත වෙන්න වෙන්න, භාෂාවේ වෙනස්කම් ඇති වෙන්න ගත්තෙ. සමහරක් අය විශ්වාස කරනවා, වර්තමානයේ අප අතරේ භාවිතා වෙන සහ ව්‍යාප්තවෙලා තියෙන භාෂාව නිර්මාණය වුණේ ඉන්දියාවෙන් කියලත්. දැන් බලන්න ඉංග්‍රීසියෙන් "ෆාදර්" කියනවා. ජර්මනිය වගේ රටවල්වල කියන්නෙ "වාටර්" කියලා. ග්‍රීසියේ නම් "පතර්". ඉන්දියාව ගත්තොත්, සංස්කෘතයේ "පිතාර්" කියනවා. පාලියේ "පිතා" කියනවා. ලංකාවෙ නම් කෙලින්ම "පියා" කියනවා. එකම වචනය සහ අදහස.... හැබැයි සුළු සුළු වෙනස්කම්. රට රටවල දේශගුණයත්, භාෂාවේ වෙනස්කම්වලට බලපෑවා. සීත රටවල ඉන්න අයගෙ වචන කෙටියි. එයාලා එහේ තියෙන සීතල වැඩිකමට, වචන ඉක්මනින්ම උච්චාරණය කරන්න සහ කියලා දාන්න පුරුදු වුණා. මොකද සීතලේ කතා කරන්න අමාරු නිසා. අපේ වගේ රටවල ඉන්න අයගේ වචන ඇදලා කියන්න පුලුවන්."............... ඒ දිනක් උන්වහන්සේ අපට පාලි විෂය කියාදෙනකොට, භාෂාවේ ව්‍යාප්තිය පිළිබදව කියා දුන් කතාවකි.

2007 වසරෙහි නොවැම්බර් මස 24 වන දින, පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ තුන්වන විහාරාධිපති ධූරය දැරූ අතිගෞරවාර්හ පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හිමියන්ගේ අපවත්වීම සිදුවිය. ඒ 2007 වසරෙහි නොවැම්බර් මසට යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින උදෑසනය. උන්වහන්සේ අපවත් වන විට 60 වන වියෙහි පසු වූ බවත්, උන්වහන්සේගේ හදිසි අපවත්වීම සිදු වූයේ ක්ෂණයෙන් හට ගත් අධි රුධිර පීඩනයකින් බවත් පසුව දැන ගන්නට ලැබිණි. උන්වහන්සේ පරමධර්මවර්ධනාරාම විහාරස්ථ දහම් පාසලෙහි අනුශාසක ධූරය, 1963 වසරේ සිටම හෙඹවූ බව ඉතිහාසය පවසයි. එදින උදෑසන විහාරස්ථානයේ ගන්ඨාව නොනවත්වාම නාදවිය. සීල සමාදාන වැඩසටහනද අවලංගු කෙරිනි. මුළු ගමම තැඹිලි සහ කහ පැහැති ධජ පතාකවලින් සැරසිනි. එදින සවස උන්වහන්සේගේ දේහය විහාරස්ථානය වෙත රැගෙන එන අවස්ථාවට මමත්, අම්මාත්, යාබද නිවසේ සිටි මහීෂා සහ ප්‍රියංගා නැන්දාත් සහභාගි විය. මමත්, මහීෂාත් දහම් පාසල් නිළ ඇදුමින් සැරසී ගියෙමු. අප යන විටත් විහාරස්ථානය සහ ඒ අවට ප්‍රදේශය ගම්වැසියන්ගෙන් පිරී ඉතිරී තිබිණි.
මද වේලාවකට පසුව උන්වහන්සේගේ දේහය විහාරස්ථානය වෙත රැගෙන එනු ලැබිණි. ගමෙහි ඇති සියලුම ත්‍රීරෝද රථගාල්වල ඇති ත්‍රීරෝද රථ, තැඹිලි පැහැති කොඩිවලින් සරසා, කුඩා රිය පෙරහැරක්, උන්වහන්සේගේ දේහය රැගත් රථය ඉදිරිපසින් පැමිණි බව මතකය. දේහය රැගත් රථයෙහි ඉදිරිපස අසුනෙහි සීලවංස පොඩි හාමුදුරුවන්ද, පසුපස අසුනෙහි තවත් හිමිවරු තුන් නමක්ද විය. මැලවුණු මුහුණින් සිටි සීලවංස හිමියන් රථයෙන් බැස, ගමේ දායක පිරිසත් සමග, පඤ්ඤානන්ද නායක හිමියන්ගේ දේහය ආවාසය තුළට වැඩම කළේය. ඒත් සමගම ගම් වැසියන් ආවාසය තුළට පේළි සැදී ගොස් පඤ්ඤානන්ද නා හිමියන්ට වැද නමස්කාර කළෝය. අපද ආවාසය තුළට ගොස් උන්වහන්සේට වැද නමස්කාර කළෙමු. අප ආවාසයෙන් පිටතට පැමිණෙන විට සුදු පැහැති වෑන් රථයක්, විහාරස්ථානයට පැමිණි අතර එහි සිට හිමිවරු කිහිප නමක්ම බැස ගත්තෝය. ඒ අතර අප දහම් පාසලෙහි හිටපු ප්‍රධානාචාර්යවරයාණන් වහන්සේ නමක් වන, ඥාණරතන හිමියන්ද විය. අප උන්වහන්සේව දුටුවේ වසර දෙකකට පමණ පසුවය.

ඉන්පසුව දින සතරක් යන තුරු ගම තුළ ශෝක කාලයක් නිර්මාණය විය. නොවැම්බර් මස 27 වන දින, තුන්වන වාර විභාගය සදහා පාඩම් කිරීම සදහා මා නිවසෙහි නතර වුණෙමි. එදින දහවල මා විහාරස්ථානයට ගියෙමි. ඒ වන විට පඤ්ඤානන්ද නා හිමියන්ගේ දේහය, විහාරස්ථානයේ ධර්ම ශාලාව තුළ තැන්පත් කර තිබූ අතර එදින බොහෝ වේලාවක් ධර්ම ශාලාව තුළ මා සිටියෙමි. නොවැම්බර් 28 වන දින පඤ්ඤානන්ද නා හිමියන්ගේ ආදාහන කටයුතු සිදුවිය. උන්වහන්සේගේ ආදාහන උත්සවය සදහා ගිහි පැවිදි ජන ගංගාවක් ගැලූ බවත්, එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා පවා ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබූ බවත් දැන ගැනීමට ලැබුණෙමි. නමුත් පඤ්ඤානන්ද නා හිමියන්ගේ අපවත්වීම සහ ආදාහන උත්සවයේ උණුසුම තිබුණේ එදින සවස 4.00 හෝ 5.00 පමණ වන තෙක් පමණි. එදින සවස 6.00ට පමණ නුගේගොඩ මංසන්ධියෙහි බෝම්බයක් පිපුරුණු අතර (Nolimit බෝම්බය), දින දෙකක් පමණ යන තුරු රටෙහි ආරක්ෂාව තර කෙරිණි.
ආදාහන උත්සවයෙන් පසුව පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයට විශාල ගැටළුවකට මුහුණදීමට සිදුවිය. ඒ, නව විහාරාධිපති හිමි නමක් පත් කර ගැනීමේ ගැටළුවයි. මන්ද යත් ගමෙහි සහ ගමෙහි පන්සලේ ඉදිරි අනාගතය තීරණය වන්නේ, මීළගට පත්වන විහාරාධිපති හිමියන්ගේ චරිත ස්වභාවය අනුවයි.

මෙම ගැටළුව විසදීම සදහා අවසානයේ අතිගෞරවාර්හ පූජ්‍ය බෙල්ලන්විල නායක හිමියන් මැදිහත්විය. අතිගෞරවාර්හ පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤාණන්ද නායක හිමියන් සහ අතිගෞරවාර්හ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් යනු සමකාලීන හිමිවරුය. විමලරතන හිමියන්, පඤ්ඤාණන්ද හිමියන්ට වඩා වසර 4ක් වැඩිමල්ය. එම මිත්‍රත්වයත්, විහාරස්ථාන ද්විත්වය අතර පැවති සම්බන්ධය ශක්තිමත්වන්නට විශේෂයෙන්ම බලපෑ බව සෑම අයෙකුම දන්නා කරුණකි. නව විහාරාධිපති හිමි නමක් පත්කර ගැනීම වෙනුවෙන්, විහාරස්ථ ධර්ම ශාලාවේදී රැස්වීම් වට කිහිපයක් පවත්වන ලදී. එම සෑම රැස්වීමකම මූලාසනය දරණ ලද්දේ විමලරතනාභිධාන නා හිමියන්ය. අප විහාරස්ථානයේ විහාරාධිපතිධූරය ලබා ගැනීම සදහා පෙර කී හිමි නමක්ද බොහෝ කැමැත්තෙන් සිටි බවත්, ඒ වෙනුවෙන් උන්වහන්සේ ක්‍රියා කළ බවත්, උන්වහන්සේ සීලවංස හිමියන්ව නොරිස්සූ බවත්, එම නිසාම ගම්වැසියන් තුළ උන්වහන්සේ පිළිබදව පැවති ගෞරවය සහ පැහැදීම හීන වූ බවත්, එම රැස්වීම් සදහා සහභාගී වූවන් පසුකලෙක මා වෙත පවසා ඇත. නමුත් එවකට වයස අවුරුදු 27ක තරුණ හිමි නමක් වූ රත්තොට සීලවංස හිමියන් පිළිබදව, අතිගෞරවාර්හ පූජ්‍ය විමලරතනාභිධාන හිමියන් විශ්වාසය තැබුවෝය. ඒත් සමගම පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයෙහි සිව්වන විහාරාධිපති ධූරය සදහා සීලවංස පොඩි හාමුදුරුවන් පත්විය.
සීලවංස හිමියන් නව විහාරාධිපති ධූරයේ වැඩ භාර ගැනීමත් සමගම, දහම් පාසලෙහි තනතුරුවලද වෙනසක් සිදුවිය. ප්‍රධානාචාර්ය ධූරයේ සිටි සීලවංස හිමියන්, අනුශාසක ධූරයට පත් වූ අතර දහම් පාසලෙහි නව ප්රධානාචාර්යවරයා ලෙස තේරී පත්වූයේ බද්දේගම වංශාලංකාර හිමියන්ය. පඤ්ඤානන්ද නායක හිමියන්ගේ අවධියේ සිටම අප විහාරස්ථානයේ කුඩා ළමුන් තිදෙනෙකු පැවිද්ද අපේක්ෂාවෙන් නතර වී සිටියෝය. කෙටි කලක් යෑමට පෙර ඉන් එක් ළමයෙකු අප විහාරස්ථානය ඔස්සෙ පැවිදි දිවියට එළඹූ අතර ඒ, අප හිතවත් සීලරතන පොඩි හාමුදුරුවන්ය. ඉතාම කෙටි කලක් තුළ පඤ්ඤානන්ද නායක හිමියන්ගේ අපවත්වීමත්, සීලවංස හිමියන් විහාරාධිපති ධූරයට පත්වීමත්, වංශාලංකාර හිමියන් දහම් පාසල් ප්‍රධානාචාර්ය ධූරයට පත්වීමත්, සීලරතන හිමියන් පැවිදි දිවියට එළඹීමත් සිදුවිය. නමුත් සැළකිය යුතු කලක් යන තුරුම අප, රත්තොට සීලවංස ලොකු හාමුදුරුවන්ව, ආමන්ත්‍රණය කරනු ලැබුවේ පොඩි හාමුදුරුවන් කියාය (හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ගලබොඩ ඥාණීස්සර හිමියන් හට "පොඩි හාමුදුරුවන්" යනුවෙන් ආමන්ත්‍රණය කරන පරිද්දෙන්).

ඒත් සමගම අතිගෞරවාර්හ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හිමියන්ට උපහාර පිණිස වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අදහසකට අනුව, "සිරි පඤ්ඤානන්ද දහම් පාසල" ලෙස දහම් පාසල නම් කරන ලදී. ඒත් සමගම දහම් පාසලේ ආදර්ශ පාඨය "ධම්මං චරේ සුචරිතං" (ධර්මයේ හැසිරෙන්නා දුෂ්චරිතයේ නොහැසිරෙයි) ලෙස වෙනස් විය. එපමණක් නොව, දහම් පාසල වෙත නව නිළ ලාංඡනයක්ද හදුන්වා දෙන ලදී.
මා දහම් පාසලෙහි සිටි වසර 5ක කාලය තුළ, දහම් පාසලෙහි ස්වර්ණතම යුගය ඇති වූයේ, වංශාලංකාර හිමියන් දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය ධූරයේ වැඩ භාර ගැනීමත් සමගය. උන්වහන්සේ ඉතාමත් උනන්දුවෙන් සහ කැපවීමෙන් දහම් පාසල දියුණු කළේය. උන්වහන්සේගේ පාලන කාලය තුළ අපගේ දහම් පාසල විශාල ප්‍රගතියක් සහ කැපී පෙනෙන දියුණුවක් ලැබූ බවත්, සිසු සිසුවියන්ගේ ආකල්පමය සහ සිතුවිලි අතින් විශාල වර්ධනයක් සහ වෙනසක් සිදු වුණු බවත්, එවකට සිටි දහම් පාසල් ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් සාක්ෂි දරනු ඇත.

ඒ වන විට ළමුන් පුරුදුව සිටියේ දහම් පාසල ආරම්භ වන වේලාවට, එනම් උදෑසන 7.30ට දහම් පාසල වෙත පැමිණීමටය. නමුත් වංශාලංකාර හිමියන්, සෑම සිසුවෙකුම උදෑසන 7.00ට පෙර දහම් පාසලට පැමිණිය යුතු බවටත්, ඉන්පසුව පන්සල් භූමියෙහි පිරිසිදු කිරීම්වල නිරතවිය යුතු බවටත් නීතියක් ගෙනාවේය. උදෑසන මල් පූජාව වෙනුවෙන් මල් රැගෙන ඒම අනිවාර්ය විය. දහම් පාසල් පැමිණීමද අනිවාර්ය විය. එක් දිනක් හෝ දහම් පාසල් පැමිණීමට නොහැකි වුවහොත්, නැවත දහම් පාසල් යන විට වංශාලංකාර හිමියන් වෙත කට උත්තර බැදීමට සූදානම් වී යා යුතුය. එවකට දහවල් 12.00ට අවසන් වූ දහම් පාසල, උන්වහන්සේගේ පාලන කාලය තුළ අවසන් වූයේ දහවල් 12.30ටය. උදෑසන රැස්වීම, දහම් පාසල් සභාව, ත්‍යාග ප්රධානෝත්සව, වෙනත් උත්සව සහ දහම් පාසල කේන්ද්‍ර කර ගත් පන්සලෙහි පිංකම් සියල්ලක්ම නිසියාකාරව, ඉතාමත් පිළිවෙලට මෙම කාල පරිච්ඡේදය තුළ සිදුවිය. එවකට උන්වහන්සේ විසින් සෑම දිනකම, උදෑසන රැස්වීම අවසන් වන විට, සෑම සිසුවෙකුගෙන්ම ලෝ වැඩ සගරාවේ කවි පන්තිය බැගින් කට පාඩම් ගත්තේය. උන්වහන්සේට කවි කට පාඩම් දී අවසන් වන තුරු, බෝ මළුවෙන් පිටවීම සපුරා තහනම්ය. "හාමුදුරුවනේ, මම කලින් දවසේ ආවේ නෑ. ඒ නිසා මම කලින් දවසෙ දීපු කවිය දන්නෙ නෑ" යන්න උන්වහන්සේ හට නිදහසට කරුණක් නොවිනි. උන්වහන්සේගේ පිළිතුර වූයේ "ආවෙ නැති නිසානෙ කවිය දන්නෙ නැත්තෙ? එහෙනං හැමදාම දහම් පාසල් එන්න ඕන. එතකොට කවිය දැන ගන්න පුලුවන්" යන්නයි. එය, සෑම දිනකම දහම් පාසල වෙත සිසුන් ගෙන්වා ගැනීම සදහා උන්වහන්සේ විසින් යෙදූ සැලසුමකි.
එමෙන්ම උදෑසන රැස්වීම පවත්වන විට ගාථා ශබ්ද නගා කියවීමටත්, ගාථා නිවැරදිව සහ පැහැදිලිව උච්චාරණය කිරීමටත් අපව පෙළඹවූයේ උන්වහන්සේය. දිනක් උන්වහන්සේ අපට නිසියාකාරව බුද්ධ වන්දනයේ යෙදෙන අයුරු කියා දුන්නේය. "පන්සිල් ගන්නකොට, බුදුන් වදිනකොට ඔයාලා ඔයාලගෙ අත් දෙක නළලෙ තියාගෙන වදින්න ඕන. එහෙම වදිනකොට අත්දෙක තියාගන්න ඕන හරියට නෙළුම් මලක පොහොට්ටුවක් වගේ. අපි වදින්නෙ එසේ මෙසේ කෙනෙකුට නෙවේ. බුදු හාමුදුරුවන්ට. ඒ නිසා වදින එක හරියට වදින්න. බුදු හාමුදුරුවන්ට දෙන්න ඕන නිසි ගෞරවය, ඒ විදිහටම දෙන්න" යැයි උන්වහන්සේ පැවසුවේය. එදා සිට අද වන තුරුත් මා පන්සිල් සමාදන් වන්නේද, බුදුන් වදින්නේද, ත්‍රිවිධ රත්නය සහ ත්‍රිවිධ චෛත්‍යය වන්දනා කරන්නේද, අත් දෙක නළලේ තබා, අතැගිලි නෙළුම් මලක පොහොට්ටුවක් මෙන් සාදාගෙනය.
මා වසර 13ක කාලයක් අධ්‍යාපනය ලැබුවේ අප රටේ තිබෙනා පැරණිතම සහ විශාලතම බෞද්ධ පාසලකිනි. නමුත් අප පාසලද, අප රටෙහි අනෙකුත් පාසල් මෙන්ම වර්තමානයේ පවතින තරගකාරී අධ්‍යාපන රටාව පසුපස හඹා යමින් සිටියි. පාසලෙන් නිසියාකාරව බුදුන් වදිනා ක්‍රමවේදය අපට කියා දුන්නේ නැත. එය මා ඉගෙන ගත්තේ දහම් පාසලෙනි. වංශාලංකාර හිමියන්ගෙනි. උදෑසන රැස්වීම අවසන් කිරීම සදහා ජාතික ගීය සහ දහම් පාසල් ගීය ගායනා කරන විට උන්වහන්සේ, සෑම ළමයෙකු අසළටම පැමිණ, ඔහු හෝ ඇය, එය ශබ්ද නගා නිවැරදිව ගායනා කරනවාද නැද්ද යන්න පරීක්ෂා කළේය. උන්වහන්සේ අප අසලට පැමිණෙන විට අපගේ අත් පා සහ ඔළුව වෙව්ලයි. වචන පැටලෙයි. ඒ, උන්වහන්සේ "දැන් බනීවි. දැන් බනීවි. ඔන්න දැන් කෑ ගහයි" යනුවෙන් අපගේ සිත් තුළ තිබූ චකිතය නිසාය.
"ඔයාලට ඉස්කෝලෙන් ඕන තරම් විෂයන් ඉගෙන ගන්න පුලුවන්. හැබැයි යහගුණ, සාරධර්ම, හොද දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙන්නෙ දහම් පාසලෙන් විතරයි. මොකද දහම් පාසල කියන්නේ ඒ කටයුත්ත වෙනුවෙන්ම නිර්මාණය වුණු ආයතනයක්. දහම් පාසලේ ඉන්න සර්ලා මිස්ලා, කිසිම වැටුපක් අරගන්නෙ නැතුව, ස්වේච්ඡාවෙන්, හැමදාම දහම් පාසල් එන්නෙ ඔයාලා වෙනුවෙන්මයි. නැතුව ඒ අයට වෙනම කැසිල්ලක් නෑ. ඒ අයටත් ඕන තරම් ඉරිදට ගෙවල්වල කරන්න වැඩ තියෙනවා. ඒ නිසා ඒ අයගෙ මහන්සියට, කැපවීමට ඔයාලා ගෞරවයක් දෙන්න. දහම් පාසලෙන් සල්ලි අරගන්නෙ නෑනෙ. ඔයාලට සල්ලි වියදම් කරගෙන උපකාරක පන්තිවලට, ඉස්කෝලෙට යන්න පුලුවන් නම්, ඇයි දහම් පාසල් එන්න බැරි?".... ඒ, දහම් පාසලෙහි ළමුන්ගේ පැමිණීමේ අඩුවක් වූ විට උන්වහන්සේගේ මුවින් පිටවෙන වචන ය.

පිලියන්දල තුම්බෝවිල සද්ධර්මාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති පූජ්‍ය තුම්බෝවිල ධම්මරතන හිමියන් සහ පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති ධූරය සදහා අභිනවයෙන් තේරී පත් වූ රත්තොට සීලවංස නායක හිමියන් සිටිනා ඡායාරූපයකි. අප දහම් පාසලෙහි බොහෝ උත්සව අවස්ථාවන් සදහා තුම්බෝවිල ධම්මරතන හිමියන් සහභාගී වූ අතර බොහෝ කලක් අප විහාරස්ථානයෙහි වැඩසිටි ලිදවැවේ සංඝරතන හිමියන්ද 4 වන ආසනයෙහි සිටිනවා දැකිය හැක (2008)
දිනක් අප දහම් පාසල් පැමිණෙන විට වංශාලංකාර හිමියන් සිටියේ නැත. එය අපට විශාල ප්‍රහේලිකාවක් විය. ස්වල්ප වේලාවක් යන්නට මත්තෙන් ඊට පිළිතුරුද අපට ලැබිණි. "එහ්..... ආන්න වංශාලංකාර හාමුදුරුවො පන්සලෙන් ගිහින්. කවියකුත් ලියලා දාලා" යනුවෙන් දහම් පාසල් සිසුන් අතරේ ආරංචියක් ප්‍රචාරණය විය. කවර දිනකවත් පැත්ත පලාතකටවත් නොයන දැන්වීම් පුවරුව දෙසට සෑම ළමයෙකුම පාහේ දිව ගියෝය. ඔවුන් පොර කමින්, තෙරපෙමින් වංශාලංකාර හිමියන්ගේ කවිය බැලුවෝය. මමද කවිය කියවූයෙමි. එහි පේළි 16ක් හෝ 20ක් තිබිණි. වංශාලංකාර හිමියන් අප දහම් පාසලෙහි අපත් සමග ගත කළ කාලය සහ උන්වහන්සේ එයින් ලැබූ තෘප්තිය පිළිබදව එහි විස්තර කර තිබූ අතර අවසන් පද පේළි කිහිපයේ දහම් පාසලට සමුදීම පිළිබදව උන්වහන්සේගේ සිත තුළ ඇති වේදනාව විස්තර කර තිබිණි. එමෙන්ම අපට ජය ප්‍රාර්ථනා කර තිබිණි. ඊට පහළින් උන්වහන්සේගේ නම සහිත දීර්ඝ අත්සන, වැල් අකුරින් සටහන් කර තිබිණි. එය අපට අදහා ගත නොහැක්කක් විය. ඒ, පසුගිය සතියේත් අප සමග ඉතාමත් හොදින් වැඩ කටයුතු කළ උන්වහන්සේ, ක්ෂණයෙන් විහාරස්ථානයෙන් වැඩම කළේ ඇයිදැයි අප නොදැන සිටීම නිසයි. මේ අතරතුර උන්වහන්සේ විහාරස්ථානයෙන් වැඩම කරන ලද්දේ සීලවංස හිමියන් සමග ඇති කර ගත් මත ගැටුමක් නිසාය යනුවෙන් රාවයක් පැතිරෙන්නට විය. එහි සත්‍ය අසත්‍යතාව පිළිබදව අදටත් අප නොදනිමු.
වංශාලංකාර හිමියන් අප විහාරස්ථානයෙන් වැඩම කරනවාත් සමගම, දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය ධූරය සදහා පත්වූයේ ගන්සරපොල චන්දරතන හිමියන්ය. චන්දරතන හිමියන්ද ඉතාමත් ක්‍රියාශීලී ලෙස විහාරස්ථානයේ පිංකම් කටයුතු සදහා මෙන්ම දහම් පාසලෙහි ඉගැන්වීම් කටයුතු සදහාද සහභාගී වූයේය. දහම් පාසලෙහි ළමුන් සහ ගුරුවරුන් සමග ඉතාමත් මිත්‍රශීලී ලෙස කටයුතු කළ උන්වහන්සේද, විහාරස්ථානයේ ඈත අතීතයේ සිටම වැඩ සිටි හිමි නමකි. ඇතැම් අවස්ථාවන්හීදී උන්වහන්සේද ඉගැන්වීම් කටයුතු සදහා අප පන්තියට පැමිණියේය. එවන් අවස්ථාවන්හීදී උන්වහන්සේ අපට පාලි භාෂාව කියා දුන්නේය.

උන්වහන්සේ ඇතැම් අවස්ථාවල උන්වහන්සේගේ ගම (මාතලේ) වෙත වැඩම කළ අතර එවැනි කාල වකවානුවලදී දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය ධූරය හොඹවමින්, දහම් පාසලෙහි වැඩ බැලීම සිදු කරන ලද්දේ ලිදවැවේ සංඝරතන හිමියන් විසිනි. ලිදවැවේ සංඝරතන හිමියන් යනු 2005, 2006 කාලයේ සිටම අප විහාරස්ථානයෙහි වැඩ සිටි හිමි නමකි. උන්වහන්සේ අප වෙත අභිධර්මය විෂය ඉගැන්වූයේය. උන්වහන්සේටද දහම් පාසලෙහි සිටි ගුරුවරුන් සහ ළමුන් ඉතාමත් කැමැත්තක් දැක්වූවෝය. ඒ උන්වහන්සේගේ තිබූ සුහදශීලී බව නිසාය.
දිනක් උන්වහන්සේ අපට කරණීයමෙත්ත සූත්‍රයේ සදහන් වන විවිධ වර්ගයේ සත්ව කොට්ඨාශ පිළිබදව පැහැදිලි කරමින් සිටියේය. “දිග ජීවීන්, මහත ජීවීන්, පුංචි ජීවීන්, ලොකු ජීවීන්, සියුම් ජීවීන්, එළිය දකින්න ඉන්න ජීවීන්" ලෙස විස්තර කර ඒ සෑම සත්වයෙක් හෝ ජීවියෙක් හටම උදාහරණ කිහිපයක් සටහන් කරන ලෙස කීවේය. අප උදාහරණ සටහන් කරනා අතරේ උන්වහන්සේ "දඩෝං" ගා විශාල ශබ්දයක් එන ලෙස ගුරු මේසයට ගැසුවේය. ධර්ම ශාලාවේ තිබූ සෑම පන්තියකම සිටි අය, අපගේ පන්තිය දෙස බලා සිටියෝය. එම ශබ්දය නිසා පන්තියේ සිටි අප සියලුම දෙනා තැති ගත්තෙමු. "ආන්න දැක්කද....... එහෙනං දැන් තැති ගන්නා සුළු සත්වයන් යටතේ උදාහරණවලට ලියා ගන්න, සිරි සුජාතා දහම් පාසලේ 8 ශ්‍රේණියේ ළමයි කියලා" යනුවෙන් උන්වහන්සේ කීවේය. එවැනි අහිංසක විහිළු කිරීමට උන්වහන්සේ රුචිකත්වයක් දැක්වූයේය.
උන්වහන්සේ බෝධි පූජා කවි සහ ගාථා කියනා ආකාරය අසා සිටීමට ප්‍රිය උපදවන සුළුය. උන්වහන්සේගේ එම අගනා හැකියාව විස්තර කිරීමට හෝ ඇගයීමට අපට වචන නැත. ඒවා එතරම්ම මිහිරිය. මනස තැන්පත් කිරීමට සහ පංචේන්ද්‍රියන් සංවර කර ගැනීමට සමත්වේ. කිසිවෙක් නොසිතූ මොහොතක උන්වහන්සේ 2015 හෝ 2016 වර්ෂයේදී පැවිදි ජීවිතයට සමු දුන්නේය. එය බුද්ධ ශාසනයට කෙසේ වූවද, අප විහාරස්ථානයට සහ දහම් පාසලට නම් මහත් වූ පාඩුවකි. ඒ, විවිධ උපාධි, පාඨමාලා හරහා උන්වහන්සේ විශාල දැනුම් සම්භාරයක් එක් රැස්කොට සිටි බැවිනි. බුද්ධ ශාසනයෙහි දොරටු සෑම විටම විවෘතය. ඕනෑම අයෙකු හට පැවිදි දිවියට ඇතුළත්වීමට මෙන්ම, ඕනෑම අයෙකු හට පැවිදි දිවියෙන් පිටවීමටද අවසර සහ අයිතිය ඇත. උන්වහන්සේ පිළිබදව අදද මා හට ඇත්තේ විශාල දුකකි. නමුත් එය උන්වහන්සේගේ කැමැත්තය.

මෙම කාලය තුළ උදෑසන රැස්වීම පවත්වන ලද්දේ චෛත්‍යය ඉදිරිපස වූ ප්රදේශයේය. එවකට තිබූයේ අටවිසි බුදුවරුන්ගේ ප්‍රතිමා සහිත ගල් අතුරණ ලද සලපතල මළුවක් සහිත වූ චෛත්‍යය පරිශ්‍රයයි. එතෙක් අප තනිව හඩ නගා ගායනා කරන ලද දහම් පාසල් ගීතය සහ ජාතික ගීතය, එම කාලය තුළ කැසට් පටයක් සහ රේඩියෝවක් අනුසාරයෙන්, ශබ්ද විකාශන යන්ත්‍ර හරහා වාදනයවිය. මාස කිහිපයකට පසුව නැවතත් උදෑසන රැස්වීම, පැරණි බෝ මළුව වෙතම රැගෙන යන ලදී.
අප ජ්‍යෙෂ්ඨතම පන්තියේ සිටිනා විට දහම් පාසලෙහි සීනුව භාර වූයේ අපටය. කාල පරිච්ඡේදයක් අවසන් වී, නව කාල පරිච්ඡේදයක් ආරම්භ වන විට මෙම සීනුව නාද කර, අනෙකුත් අයට ඒ බව දැනුම්දීම අපගේ වගකීමවිය. මමද අවස්ථා ගණනාවකදී සීනුව නාද කර ඇත. මා දහම් පාසලෙහි ගත කළ වසර 5ක කාලය තුළ වැඩිම කාල පරාසයක් සීනුව නාද වූයේ මාගේ අතිනි. මා එක් වරකට සීනුව තත්පර 10ක කාලයක් නාද කළ අතර සීනුවේ කුඩා ටකයේ "ටිලිං" හඩ 16 වතාවක් ධර්ම ශාලාව පුරාවට රැව් දුන්නේය. අනෙකුත් ළමුන් සීනුව නාද කරන විට "ටිලිං" හඩ මතුවූයේ 4 වතාවක් පමණි. එනම් තත්පර 4කි. එයද අමුතුම ආකාරයක "ආතල්" එකකි. අද වන විට එම සීනුව විශ්‍රාම ගොස් ඇත. අද ඇත්තේ ශබ්ද විකාශන යන්ත්‍ර හරහා නාද වන එන්ගලන්තයේ ලන්ඩන් නුවර බිග්බෙන් ඔරලෝසුවෙහි හඩකි. නමුත් එය, සීනුවෙහි නාදය තරම් සජීවී නොවන බව මාගේ හැගීමයි.

කාලය මෙලෙසින් ගෙවී යන විට අප පන්තියේ සිටි සිසුන් සංඛ්‍යාවේද වෙනස්කම් ඇතිවිය.
සිසුන් සංඛ්‍යාව තවත් දෙදෙනෙකුගෙන් ඉහළ ගියද කාලයක් යනවිට එක්කෙනා දෙන්නා දහම් පාසලෙන් ඉවත්වන්නට විය. ප්‍රථමයෙන්ම නිපුනත්, දෙවනුව ශෙහානුත් ඉවත් විය. පසුකලෙක අප පන්තියට ඇතුළත් වූ තවත් ගැහැණු ළමයෙකුද, දිලිනි සහ මල්ලිකාද ඉවත් විය. පසු කලෙක අප පන්තියට ඇතුළත් වූ ඉමහංස, දේවින්දගේ හොදම මිතුරා වූ අතර මාගේ හොදම මිතුරා වූ ශෙහාන් සහ අකලංකගේ හොදම මිතුරා වූ නිපුන නොමැති නිසා, අකලංකත් මමත් එකට එක්ව පාඩම් වැඩ කටයුතු කළෙමු. |
තත්වය මෙසේ තිබියදී දිනක් අප දහම් පාසල් යනවිට ඉතාමත් හුරුපුරුදු මුහුණක් දක්නට ලැබිණි. ඒ, බද්දේගම වංශාලංකාර හිමියන්ය. දීර්ඝ කලකට පසුව උන්වහන්සේ නැවතත් අප විහාරස්ථානය වෙත වැඩම කර තිබූ අතර නැවතත් දහම් පාසලෙහි ඉගැන්වීම් කටයුතු සදහා සුපුරුදු ලෙසම දායක වූයේය.
උන්වහන්සේගේ වැඩමවීම සිදු වුණු දින, වඩාත්ම සතුටු වූ අය සිටියේ නම්, මමද එම ලැයිස්තුවේ පෙරමුණෙහි පසුවූවා විය යුතුය. උන්වහන්සේ අප ගමට, විහාරස්ථානයට මෙන්ම, දහම් පාසලටද අමිල වූ වටිනා සම්පතක්වීම ඊට හේතුව විය.

උන්වහන්සේ විහාරස්ථානය හැරදා වැඩියේ ඇයිදැයි යන්න, ඒ වන තුරුත් අපට තිබූ ගැටළුවක් වූ නමුදු, උන්වහන්සේ නැවත විහාරස්ථානය වෙත වැඩම කළ විට, උන්වහන්සේගෙන් එය අසා දැන ගැනීම සදහා අපට කිසිදු උවමනාවක් තිබුණේ නැත. වංශාලංකාර හිමියන් නැවතත් විහාරස්ථානයට වැඩම කර ඇත. අපට ඒ ඇති ය. වංශාලංකාර හිමියන් විහාරස්ථානයේ නොසිටි කාල වකවානුව තුළ නැවතත් දහම් පාසලෙහි යම්කිසි පිරිහීමක් තිබිණි.
උන්වහන්සේ හදුන්වා දුන් නව නීති රීති රාමුව සහ ඇතැම් ක්‍රමවේද ක්‍රියාත්මක නොවූ බැවින් සිසුන්ට එක්වරම අසීමිත වූ නිදහසක් ලැබුණෝය. ඔවුන් එය භාවිතා කරන ලද්දේ ඉතාමත් වැරදි අයුරිනි. එහි ප්‍රතිඵලයක් වූයේ සිසුන්ගේ පැමිණීමේ දුර්වලකම, නැවතත් හට ගැනීමයි. උන්වහන්සේගේ ආගමනයත් සමගම නැවතත් දහම් පාසලේ පිබිදීමක් ඇති වූ බව නොරහසකි. දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය ධූරය නැවතත් උන්වහන්සේට භාර විය.

පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය වෙත හෙරලියාවල රතනතිස්ස හිමියන්ගේ වැඩම කිරීම සිදුවන්නේ 2009 වර්ෂයේ මුල් භාගයේ හෝ මැද භාගයේදීය. රතනතිස්ස හිමියන් යනු මාගේ ජීවිතයේ මුණ ගැසුණු පැවිදි ගුරුවරු අතරින් වඩාත්ම හිත ගිය, වඩාත්ම සුන්දරතම සහ වඩාත්ම ගරු කරන හිමිවරු දෙනමගෙන්, එක් හිමි නමකි. අනෙක් හිමි නම වන්නේ පෙර කී බද්දේගම වංශාලංකාර හිමියන්ය. රතනතිස්ස හිමියන්, අපට උගන්වන ලද්දේ අභිධර්මය සහ පාලි භාෂාවයි. උන්වහන්සේ අප විහාරස්ථානයට වැඩම කරන විට මා සිටියේ ජ්‍යෙෂ්ඨතම පන්තියේය. මේ වන විට අප පන්තියේ ඉතුරු වී සිටියේ අකලංකත්, මාත් පමණි. ඒ වන විට දේවින්ද සහ ඉමහංස දහම් පාසල් ගමනට සමුදී තිබුණේය.
රතනතිස්ස හිමියන්ගේ පාලි භාෂා විෂය යොදා තිබුණේ, පළවන කාල පරිච්ඡේදයේය. උදෑසන රැස්වීම අවසන්වන්නේ උදෑසන 8.00ටය. රතනතිස්ස හිමියන් උදෑසන 8.00 වන විට අප පන්ති කාමරයේය. බොහෝමයක් දිනයන්හී වංශාලංකාර හිමියන්ගේ කවි කට පාඩම් ගැනීමේ වැඩපිළිවල හේතුවෙන් උදෑසන 8.20 පමණ වනතුරුත් අපට බෝ මළුවේ රැදී සිටීමට සිදුවිය. එවැනි අවස්ථාවන්වන්හීදී රතනතිස්ස හිමියන්, වෙනත් ළමුන් අතේ "වහාම පන්තියට එන්න" කියා අප වෙත පණිවිඩ එව්වේය. එම අවස්ථාවන්හීදී අපද අසරණවිය. ඒ, වංශාලංකාර හිමියන්හට කවි කට පාඩම්දීම පිළිබදව, රතනතිස්ස හිමියන්හට පැහැදිලි කරදීමට සිදුවීම නිසා නොව, "වංශාලංකාර හිමියන් වෙත කවි කට පාඩම් දීමට රැදෙමින්, රතනතිස්ස හිමියන්ගේ කාල පරිච්ඡේදය මග හරිනවාද? නැතහොත් රතනතිස්ස හිමියන්ගේ කාල පරිච්ඡේදයට ගොස්, වංශාලංකාර හිමියන් වෙත කවි කට පාඩම්දීම මග හරිනවාද?" යන්න ක්ෂණයෙන් තෝරා බේරා ගැනීමට අපහසුවන නිසාය.
රතනතිස්ස හිමියන් යනු ඉතාමත් කඩිසර හිමි නමකි. දැනුමෙන් සහ උගත්කමෙන් ස්වයංපෝෂිත වූ උන්වහන්සේ තුළ චතුර කථිකයෙක්ද විය. පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයට වැඩම කර, දහම් පාසලෙහි ජ්‍යේෂ්ඨ පන්තිවල අධ්‍යාපනය ලැබූ සිසුන් සහ උන්වහන්සේ අතරේ කෙටි කලක් යෑමට මත්තෙන් විශාල බන්ධනයක් ඇතිවිය. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ, උන්වහන්සේට තිබෙන තරුණ පිරිස් සමග වැඩ කටයුතු කිරීමේ හැකියාව සහ තරුණ සිත් ක්ෂණයෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව නිසා යැයි සිතමි.
දහම් පාසල් අවසාන විභාගය සදහා මුහුණ දීමට සිදුවන ශ්‍රේණියේ සිටි බැවින් ඒ වන විට අපගේ විෂය නිර්දේශය සදහා වූ පොත් 4හි පිටු ගණනෙහි මුළු එකතුව පිටු 817කි. ඉන් අභිධර්මය සහ පාලි භාෂාව සදහා වූ පිටු ගණන 109කි. රතනතිස්ස හිමියන් අභිධර්මය විෂය මෙන්ම පාලි විෂයද ඉතාමත් දක්ෂ ලෙස අපට ඉගැන්වූයේය. පාලි භාෂාවට වඩා උන්වහන්සේගෙන් අභිධර්මය විෂය ඉගෙනීමට අප ප්‍රිය කළෙමු. පාලි භාෂාව බෙහෙවින්ම නීරස විය. ඊට හේතු වූයේ අපගේ විෂය නිර්දේශයයි. ඒ වන විටත් සරල වචන සහ වචන දෙක තුනකින් සමන්විත සරල වාක්‍ය ඛාණ්ඩ පමණක් ගොඩ නැගීමට පුරුදු වී සිටි අපට, එකවරම ඉතාමත් සංකීර්ණ වාක්‍ය නිර්මාණය කිරීමට සිදුවිය. අවසන් විභාගය සදහා ඉතාමත් කෙටි කලක් තිබීමත්, ඒ වන විටත් පාලි විෂය නිර්දේශයේ තව බොහෝ පාඩම් ප්‍රමාණයක් ආවරණය කිරීමට තිබීමත්, සරල වචන සහ වාක්‍ය නිර්මාණයෙන් මිදී එකවර ඉතා සංකීර්ණ වාක්‍ය නිර්මාණය කිරීමට සිදුවීමත් හේතුවෙන් අප ඉතාමත් අසරණ වූයෙමු.

දිනක් රතනතිස්ස හිමියන් මා වෙත පාලි භාෂාව පිළිබද පත්‍රිකා කිහිපයක් ලබාදී, එයින් පිටපත් දෙකක් ගෙන (මට සහ අකලංකට), මුල් පිටපතද සමග මීළග සතියේ ගෙන එන ලෙස කීවේය. පත්‍රිකාවෙන් පිටපත් දෙකක් ලබා ගත්තද, යම් අසනීප තත්වයක් හේතුවෙන්, මීළග සතියේ දහම් පාසල් යෑමට නොහැකි වූ බැවින් අකලංකගේ පත්‍රිකාව සහ උන්වහන්සේගේ මුල් පිටපත අම්මාගේ අතින් දහම් පාසල වෙත යැව්වෙමි. එදා සිට අපේ අම්මාද උන්වහන්සේව දැන හදුනාගත් අතර උන්වහන්සේගේ නම නිතරම අමතක වන හෙයින් "Photo Copy හාමුදුරුවෝ" යනුවෙන් හැදින්වීමට පුරුදු වී සිටියාය. අදද අපේ අම්මා උන්වහන්සේව හදුන්වන්නේ "Photo Copy හාමුදුරුවෝ" කියාය. "Photo Copy හාමුදුරුවෝ අද මාත් එක්ක හිනා වුණා, අන්න අද Photo Copy හාමුදුරුවෝ ඔයා ගැන ඇහුවා, Photo Copy හාමුදුරුවෝ දැන් පැපිලියාන පිරිවෙනේලු උගන්නන්නෙ, Photo Copy හාමුදුරුවෝ කවද්ද ලංකාවට එන්නෙ?, Photo Copy හාමුදුරුවෝ අද කඨින පෙරහැරේ ගියා" ආදී වශයෙන් අම්මා නිතරම උන්වහන්සේ පිළිබදව පවසයි සහ අසයි.
කෙසේ වෙතත් උන්වහන්සේ එදා අප වෙත ලබා දුන් පාලි භාෂාව පිළිබද වූ සටහන් පත්‍රිකාව, අදද මා සතුව සුරක්ෂිතව තිබේ. පිටු 40කින් යුක්ත එම පත්‍රිකාවේ ධම්ම පදය, මිත්තානි සංස සූත්‍රය, කද පිරිත, දුට්ඨගාමිණී අභය රජුගේ කතාව සහ බුදු ගුණ යන ආදීය ඇතුළත් විය. එහි සෑම පිටුවකම රතනතිස්ස හිමියන්ගේ අත් අකුරු තිබේ. එම පත්‍රිකාවේ උන්වහන්සේ ප්‍රථමයෙන් අප වෙත කියා දුන්නේ දුට්ඨගාමිණී අභයරාජ වත්ථු හෙවත් දුට්ඨගාමිණී අභය රජුගේ කතාවයි. එහි පිටු 18ක් වූ අතර උන්වහන්සේ අප වෙත කියා දුන් අවසාන පාඩමද එයවේ. එහි දුටුගැමුණු රජුගේ කතා පුවත පාලි සහ සිංහල බසින් වූ අතර රතනතිස්ස හිමියන් සෑම සතියකම අපගෙන් පාලි ඡේද ගණනාවක්, කොටස් වශයෙන් කට පාඩම් ගත්තේය.

ඒ වන විටත් අපට පාලි භාෂාව නීරසව වී තිබූ බැවින්, පෙර කීවා සේම අප පාලි විෂය ඉගෙන ගනු ලැබුවේ ඉතාමත් අකමැත්තෙනි. නමුත් උන්වහන්සේ එම පාලි කොටස්හී තිබූ අර්ථයන් සිංහලෙන් පැහැදිලි කර දෙන මොහොතට අප ඇලුම් කළෙමු. මන්ද යත් පුරාවෘත සහ ජනප්රවාදවලින් ගහණ වී තිබෙන දුටුගැමුණු රජුගේ කතා පුවත ඉතා රසවත් බැවින්, උන්වහන්සේගේ පැහැදිලි කර දීම අතර තුර, අපගේ සිත් තුළ එම රසබර කතාව චිත්‍රපටයක් සේ දර්ශනයවීමයි.
රතනතිස්ස හිමියන් ඉතාමත් කෙටි කලක් තුළ දහම් පාසලෙහි පමණක් නොව, ගම් වැසියන් සමගද මිත්‍රත්වය සහ සුහදශීලීත්වය ගොඩ නගා ගැනීමට සමත් වූයේය. උන්වහන්සේ පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ වැඩ සිටි සෑම වර්ෂයකම, ගම වටා වීදි සංචාරය කරනු ලැබූ කඨින පෙරහැරෙහි, කඨින චීවරය ඉදිරිපසින් ගමන් ගත්තේය. උන්වහන්සේ අප විහාරස්ථානයෙන් පිටතට වැඩම කර සිටි අවස්ථාවන්හීදී වූවද, උන්වහන්සේ කෙසේ හෝ කඨින පිංකම් මාලාවට සහ කඨින පෙරහැරට සහභාගී වූයේ ඉතාමත් උනන්දුවෙන් සහ ඕනෑකමිනි. රතනතිස්ස හිමියන්ගේ භික්ෂු ජීවිතයේ ඇතුළත් වන්නේ වචන සතරක් පමණි. එනම් රට, ජාතිය, ආගම සහ භාෂාව පමණි. එම වචන සතරෙන් තොර ජීවිතයක් උන්වහන්සේට නොමැත. උන්වහන්සේ මේ රත්න සතර වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළේය.

ඡායාරූපයෙහි මධ්‍යයෙහි හෙරලියාවල රතනතිස්ස හිමියන් සිටියි. උන්වහන්සේට පිටුපසින් කුඹුකන්දන සරණ හිමියන් සිටිනා අතර අවසානයට සිටිනුයේ සීලරතන පොඩි හාමුදුරුවන්ය. ඉදිරිපසින් සිටිනුයේ එවකට කොහුවල විජයමංගලාරාමාධිපතිව වැඩ විසූ අතිගෞරවාර්හ පූජ්‍ය දියපත්තුගම සුමන නා හිමියන්ය. උන්වහන්සේට පිටුපසින් ලිදවැවේ සංඝරතන හිමියන් සිටින අතර සංඝරතන හිමියන්ට පිටුපසින් සිටිනුයේ ගතරේ සුමනරතන හිමියන්ය. උන්වහන්සේ කොහුවල විජයමංගලාරාම විහාරස්ථානයෙහි වත්මන් විහාරාධිපති ධූරය හොඹවයි (2010)
දිනක් උන්වහන්සේ සමග පිළිසදරක නිරතව සිටි අවස්ථාවක, මා උසස් පෙළ සදහා කලා අංශය වෙත පිවිසීමට අදහස් කරන බවත්, පුරාවිද්‍යාව ඔස්සේ ඉදිරියට යෑමට ආසා කරන බවත් පැවසුවෙමි. ඒ මොහොතේ උන්වහන්සේ අතිශයින් සතුටු වූ අතර උන්වහන්සේ මිනිත්තු 30කට ආසන්න කාලයක්, එම තීරණය අගයමින්, ලංකාවේ දේශපාලනික සහ සාමාජීය ඉතිහාසය ගැන වටිනා කතාවක් කළේය. "ඉතිහාසය කන්නද?" යැයි අසා පාසල් පෙළ පොත්වලින් ඉතිහාසය විෂය මාලාව ඉවත් කිරීමෙන් අප ජාතියට සිදු වූ විපාක, ඉතිහාසයෙන් අපට ගත හැකි පාඩම්, ඒ හරහා යහපත් අනාගතයක් නිර්මාණය කළ යුතු ආකාරය, අප රටේ පුරාවිද්‍යා ක්ෂේත්රයේ වර්තමාන තත්වය, පක්ෂ දේශපාලනය හරහා සිංහලයා තුළ අසමගිය ගොඩ නැගී ඇති අයුරු, සිංහලයාට ඇති අභියෝග ආදී බොහෝ දෑ, එදා උන්වහන්සේ මා හට පැවසුවේය. එබැවින් උන්වහන්සේ පිළිබදව විශාල ආදරයක් සහ පැහැදීමක් ඇතිවිය.
උන්වහන්සේ තුළ අප වෙත අධ්‍යාපනය ලබා දීම සදහා තිබුණේ, අධ්‍යාපනය ලබමින් සිටි අපටද නොමැති වූ උනන්දුවකි. කැක්කුමකි. උන්වහන්සේ විෂය නිර්දේශය ආවරණය කිරීම සදහා ඉතාමත් වෙහෙසී කටයුතු කළේය. අවසාන කාලයේදී, වෙහෙස මහන්සිව අප වෙනුවෙන්ම පැරණි දහම් පාසල් විභාග ප්‍රශ්න පත්‍ර සොයා, පුනරීක්ෂණ පන්ති පවා පැවැත්වූයේය.

ජයවර්ධන සර් හැරුණුකොට, එවකට දහම් පාසලෙහි ලොකු කුඩා සියලුම ළමුන්ගේ නිර්ව්‍යාජ ආදරයක් ලැබුණු එකම ගුරුපියාණන් වූයේ රාජා කන්නන්ගර ගුරුපියාණන්ය. එතුමා විශාල කාලයක් අප දහම් පාසලෙහි සේවය කළ උගත් වියත් පැරණි ගුරුවරයෙකි. පසු කලෙක තාවකාලිකව දහම් පාසලෙන් සමුගත් එතුමා, නැවතත් අප දහම් පාසල වෙත පැමිණෙන්නේ, 2009 වර්ෂයේදී පමණය. රාජා සර්ට අප පන්තියේ කිසිදු කාල පරිච්ඡේදයක් හෝ විෂයක් තිබුණේ නැත. එබැවින් අපගේ විෂයභාර ගුරුවරයෙකු පැමිණ නොමැති අවස්ථාවන්හීදී, එතුමා අපගේ පන්තියට පැමිණියේය. රාජා සර්, අප දහම් පාසලෙහි සියලුම ළමුන්ට දැක්වූයේ අපරිමිත කරුණාවක් සහ ආදරයකි. ඒ, දහම් පාසලෙහි සිටින සියලුම ළමුන්, තමන්ගේම මුණුබුරු මිණිබිරියන් සේ සළකමිනි.
එතුමාට ඉතාමත් ප්‍රියමනාප සිනහවක් තිබූ අතර එතුමා ඉගැන්වීම් කටයුතුවල නිරත වූයේද, අපගෙන් ප්‍රශ්න ඇසුවේද, අපත් සමග කතා කළේද, එම සිනහවෙහි කිසිදු අඩුවක් නොමැතිවයි. රාජා සර්ව දකින අවස්ථාවන්හීදී, මට නිරන්තරයෙන්ම මතක් වූයේ හිටපු කථානායක වී.ජ.මූ ලොකුබණ්ඩාර මහතයි. එතුමා මෙන්ම, රාජා සර්ද කතා කළේ කිසිදු කලබලයක් නොමැතිව, ඉතාමත් ශාන්තවයි. රාජා සර් දිනක් මා වෙත (එදින පැමිණ සිටියේ මා පමණී) මරණය සිදුවන ආකාරය සහ චුති සිත පිළිබදව ඉතාමත් ලස්සන පාඩමක් ඉගැන්වූයේය. ඇතැම් අවස්ථාවල එතුමා අපට බුද්ධ චරිතය පිළිබදවද කියා දුන්නේය.

අප ජ්‍යේෂ්ඨ පන්තිවලට පිවිසි පසුව අපට වැඩිම වාර ගණනක් උගන්වන ලද ගුරුවරයා වූයේ සන්ධ්‍යා නානායක්කාර නොහොත් සන්ධ්‍යා මිස්ය. සන්ධ්‍යා මිස් අපට බොහෝවිට උගන්වන ලද්දේ අභිධර්මය විෂය වන අතර ඇයට අප සැවොම ආදරය කළෙමු. ඇය පාසල් ගුරුවරියක් වූ බැවින් ළමා මනස හොදින් අවබෝධ කොට සිටීමත්, දක්ෂ ලෙස ඉගැන්වීම් කටයුතුවල නියැලීමේ හැකියාවත් ඊට හේතුවිය. සන්ධ්‍යා මිස් බොහෝවිට අපට උගන්වන ලද්දේ, විහාරස්ථානයේ අවට පරිසරයේ සිටිමින්ය.
විටෙක ඉපැරණි බෝ මළුව ඉදිරිපසද, විටෙක ඉපැරණි බෝ මළුව පසුපසද, තවත් විටෙක චෛත්‍යයේ ඉපැරණි සලපතල මළුවේද, ඇතැම් අවස්ථාවන්හීදී දොළොස් මහේ පහන අසල සිටද, පෙළක් විට බුද්ධ මන්දිරය තුළ සිටද ඉගැන්වීම් කටයුතු කළාය. අද වන විට විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් බොහෝමයක් ගහ කොළ අපට අහිමි වූවද, එවකට විහාරස්ථානයේ බිම් අගලක් නෑරම ගසක් හෝ පැළයක් විය. එබැවින් සන්ධ්‍යා මිස් සමග විහාර භූමියේ සිට කරනා පාඩම් කටයුතු, අපට කිසිසේත්ම ඒකාකාරී නොවිනි. ගහකොළ සහ පරිසරය රසවිදිමින්, කුරුල්ලන් සහ ලේනුන් වැනි සතුන්ගේ හඩවල් අසමින් අප ඉතාමත් සැහැල්ලුවෙන් පාඩම් කටයුතුවල නියැලුනෙමු.

සන්ධ්‍යා මිස්ගේ අත් අකුරු ඉතාමත් ලස්සනය. මුතු ඇට වන්ය. එබැවින් දහම් පාසලෙහි සෑම ලේඛන කටයුත්තක්ම සිදුවූයේ ඇයගේ සහභාගීත්වයෙනි. දහම් පාසල් සහතික පත්‍රවල වැඩකටයුතු සදහා ඇය අත්‍යාවශ්‍ය සම්පතක් විය. එපමණක්ද නොව සන්ධ්‍යා මිස්ට ඉතාමත් අගනා නිවේදන හැකියාවක් තිබේ. ඇය සිංහල භාෂාව සම්බන්ධ ගුරුවරියක්වීම, එම දක්ෂතාවයට සෘජුව බලපාන්නට ඇතැයි සිතමි. එකල සිට වර්තමානය වන තෙක්ම, අප දහම් පාසලෙහි උත්සව අවස්ථාවන්හීදී, නිවේදන කටයුතු සදහා ඇය සක්‍රීය දායකත්වයක් සපයනු ලබයි.
මේ මොහොතේ මා හට සන්ධ්‍යා මිස් එක්තරා දිනක උගන්වන ලද පාඩමක් මතක් වේ. එදින ඇය අපට ත්‍රිවිධ රත්නයේ ගුණයන් පිළිබදව කියා දුන්නාය. එම අවස්ථාවේදී ඇය මෙවැනි අදහසක් ඉදිරිපත් කළාය. "අරහං කියලා කියන්නෙ රහසින්වත් පව් නොකළ නිසයි. දැන් අද කාලයේ ගොඩක් අය මේ වචනය වැරදි විදිහට පාවිච්චි කරනවා. 'මට නම් අරයව අරහං' කියලා කියනවා ඇහිලා නැද්ද? කාව හරි නොරිස්සනකොට කියනවා 'මට අරූව අරහං' කියලා. ඒත් ඒ වචනය, ඒ වගේ දේවල්වලට පාවිච්චි කරන්න හොද නෑ. මොකද මේවා බුදු හාමුදුරුවන්ව හදුන්වන්න පාවිච්චි කරන වචන. ලෝකෝත්තර කියන්නෙත් තව උදාහරණයක්. තව සමහරු කියනවා ඇහිලා නැද්ද 'ඌ නම් මහා ලෝකෝත්තරයෙක්' කියලා? ලෝකෝත්තර කියන්නෙ ලෝකයෙන් එතෙර වූ කියන අදහසට. ඒ කියන්නෙ ඇස, කන, නාසය, දිව, කය සහ මනස පිනවීම පිළිබඳව තණ්හාව රහිත වූ කියන අදහසටයි. ඒ නිසා කවදාවත් මේ වගේ වචන, අර වගේ දේවල්වලට පාවිච්චි කරන්න හොද නෑ. පව් පිරෙනවා."

එකල අප දහම් පාසලෙහි තවත් ගුරුවරියක් සිටියාය. ඇය නමින් මහේෂා නන්දසේනය. ඇයට තිබුයේ ඉතාමත් සංවර සහ ලයාන්විත කට හඩකි. මහේෂා මිස් දහම් පාසලෙහි ප්‍රාථමික අංශය සහ කණිෂ්ඨ පන්ති සදහා ඉගැන්වීම් කටයුතු සිදු කළ අතර ජ්‍යේෂ්ඨ පන්තිවල ඉගැන්වීම් කටයුතු සදහා ඇතැම් අවස්ථාවලදී පමණක් සහභාගී වූවාය. අප පන්තියට ඇතුළත් වූ පෙර කී ඉමහංස නදීශාන්, මහේෂා මිස්ගේ සහෝදරයෙක් හෝ ඥාති සහෝදරයෙක් විය.
ඇය දහම් පාසල සම්බන්ධ සෑම කටයුත්තක් වෙනුවෙන්ම පෙනී සිටියාය. උදෑසන රැස්වීම සදහා ළමුන් සූදානම් කිරීම, උදෑසන රැස්වීම සදහා මල් ගෙන ඒම භාරව ක්‍රියා කිරීම, දහම් පාසලෙහි උත්සව සදහා පරිසරය සකස් කිරීම සහ සිසුන්ට වගකීම් පැවරීම වැනි දෑ, එතුමිය විසින් නිසියාකාරව සිදු කරන ලදී. මහේෂා මිස්ට, සංවිධාන කටයුතු හොදින් සිදු කිරීමේ හැකියාවක් තිබිණි. නමුත් එකල ජ්‍යේෂ්ඨතම පන්තියේ සිටි අප සහ අනෙකුත් ජ්‍යේෂ්ඨ පන්තිවල සිටි සිසුන් ඇයව මග හැරීමට උත්සාහ කළෝය. ඇය විසින් ළමුන්ට වගකීම් පවරන ලද්දේ අදාල සිසුවාගේ කැමැත්ත ඇසීමෙන් තොරවය. වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම්, ඉතාමත් බලහත්කාරකමෙනි. එබැවින් අදාල සිසුවාට, අදාල රාජකාරිය කිරීමට සිදුවූයේ අකමැත්තෙනි. එසේත් නොමැති නම් වෙනත් කටයුතු රාශියක් මධ්‍යයේය. එම නිසා ඇය යම් කාර්යයක් පැවරීමට සිතනා විගස, අප එම ස්ථානවලින් ඉවත් වූයෙමු.
දිනක් ඇය විසින් මල් ගෙන ඒමේ සිසුන්ගේ නාමාවලිය ලකුණු කිරීමෙහි රාජකාරිය මා වෙත පැවරුවාය. එකල මා සිටියේ ජ්‍යේෂ්ඨතම පන්තියේ බැවින් මා දහම් පාසල වෙත පැමිණියේ, දහම් පාසල ආරම්භ කිරීමට ආසන්න මොහොතේය. නමුත් මෙම රාජකාරි කටයුත්ත හේතුවෙන්, දහම් පාසල ආරම්භ කිරීමට මිනිත්තු 45කට පමණ පෙර, මා හට දහම් පාසලට පැමිණීමට සිදු වූ අතර විශාල කාලයක්, එක් ස්ථානයක සිටගෙන සිටිමින්, නාම ලේඛනයන්හී පිටු ඒ මේ අත පෙරලමින්, ශ්‍රේණි 11ක පමණ සිටි සිසුන්ගේ නම් පීරමින්, නම් ලකුණු කිරීමට සිදුවිය.

මීට අමතරව ජයපුෂ්පා මිස් සහ ප්‍රසාදිනී මිස්වත් ආදරයෙන් මතක් කළ යුතුයි. ජයපුෂ්පා මිස් සහ ප්‍රසාදිනී මිස් අපගේ පන්තියට කිසිදිනෙක උගන්වා නැති බැවින් මෙම දෙපල පිළිබදව පැවසීමට වැඩි යමක් නොමැත. එනමුත් දහම් පාසලේ සිටි ලොකු කුඩා සෑම සිසුවෙකුගේම කොන්දේසි විරහිත ආදරයක් සහ සෙනෙහසක්, ප්‍රසාදිනී මිස්ට හිමිවිය. ඒ, ප්‍රසාදිනී මිස්ගේ තිබූ කරුණාවන්ත බව සහ ඉක්මනින් කුඩා ළමුන් සමග මිත්රශීලීවීමේ හැකියාව නිසාය.
අප දහම් පාසල් අවසාන ශ්‍රේණියේ සිටින විට ගුණසේන සර්ද අපට ඉදහිට පාඩමක් දෙකක් කියා දුන්නේය. ප්රාග් බෞද්ධ යුගය පිළිබදව තිබූ පාඩම, ගුණසේන සර් විසින් ආවරණය කරන ලදී. ගුණසේන සර් අපට පාඩම ඉගැන්වූයේ සිනහමුසු මුහුණෙන්ය.
මනෝජි පරණවිතාන නොහොත් මනෝජි මිස්, එවකට කණිෂ්ඨ සහ පහළ ශ්‍රේණි සදහා ඉගැන්වූ අතර මා දහම් පාසලෙහි සිටි වසර 5ක කාලය තුළ, එක් දිනක් අපගේ පන්තියටද පැමිණ, "සාරධර්ම" පිළිබද වූ පාඩමක් ඉගැන්වූවාය. තරුණ වයසේ සිටියද, ඇය එම පාඩම උගන්වන ලද්දේ ඇයගේ අත්දැකීම් අනුසාරයෙණි. ඒවා අති මහත්ය. අවසානයේදී අපට එම සමස්ථ පාඩම ආවරණය වන පරිදි වචන 100කට නොඅඩු රචනයක් ලිවීමට සිදුවිය. අප සියලු දෙනාම, එම වේලාවේ පැවති කම්මැලි බව හේතුවෙන්, වචන ගණන් කරමින්ම රචනාව ලියා, 100 වෙනි වචනයෙන් නැවැත්වූයෙමු. නමුත් අපට නැවත වරක් එම රචනාව ලිවීමට සිදුවිය.
එපමණක් නොව, අප දහම් පාසලෙහි සිටි අවසාන මාස කිහිපය වන විට තවත් වැඩිහිටි ගුරුවරු කිහිප දෙනෙකුම දහම් පාසල වෙත එකතු වූවෝය. ඔවුන්ගේ නම් මතක නැති නමුත්, රූපකායන් පමණක් මනසෙහි තැන්පත් වී තිබේ.

මෙලෙස කාලය ගෙවී යමින් 2009 වසරේ අවසානයද ළගා විය. දහම් පාසල් අවසාන ශ්‍රේණියෙහි ඉතිරිව සිටි මාගෙත්, අකලංකගෙත් එකම බලාපොරොත්තුව වූයේ, තවත් නොබෝ දිනකින් යෙදෙන දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය සදහා මුහුණදීමයි. නමුත් දින, සති, මාස ගතවූවද දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය සම්බන්ධව අපට කිසිදු දැනුම්දීමක් ලැබුණේ නැත. 2010 වසරේ ජනවාරි මසද පසුවිය. එහෙත් කිසිදු හෝඩුවාවක් නොමැත. පෙබරවාරි මසද උදාවිය. දිනක් අප දහම් පාසල නිමවී නිවෙස් බලා යන්නට සූදානම් වන විට නදීකා මිස් අප වෙත දිව ආවාය. "මෙන්න දහම් පාසල් අවසානෙ ලියන්න ඔයාලගෙ Admissions ටික ඇවිල්ලා. සෑහෙන කාලෙකට කලින් ඇවිත් තියෙන්නෙ. Office එකේ මේසෙ ලාච්චුව ඇතුළෙ තිබිලයි හම්බුනේ. ඒකත් මම නිකමට අස් කරද්දි දැක්කෙ" යනුවෙන් ඇය කීවාය. වඩාත් භයානකම දෙය වූයේ, ඒ වන විටත් දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය පැවැත්වීමට වූයේ දින 6ක් පමණි. 7 වන දිනයෙත්, 8 වන දිනයෙත් අවසාන ශ්‍රේණි විභාගය පැවැත්වීමට රජය විසින් කටයුතු යොදා තිබිණි. වඩාත් බරපතලතම අභියෝගය වූයේ දින 5ක් තුළ පිටු 817ක් වූ විෂය නිර්දේශයක්, නැවත පාඩම් කරන්නේ කෙසේද යන්නයි. අකලංකගෙත්, මාගෙත් දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය සදහා වූ ඇතුළත්වීමේ පත්‍රිකා, එලෙස හොර රහසේ සැගවූයේ කවුරුන්ද සහ එම කුමන්ත්‍රණය පිටුපස සිටි අනෙකුත් හවුල්කරුවන් කවුරුන්ද යන්න අදටත් අභිරහසකි. නමුත් එම අවස්ථාවේදී අප දෙදෙනා, මෙම කුමන්ත්‍රණය පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට උනන්දු වූයේ නැත. ඒ, කාලය හරස්වී ඇති නිසාය.
දහම් පාසල නිමා වී මිනිත්තු 30ක් යන තුරුත් මමත්, අකලංකත්, නදීකා මිස් සහ වංශාලංකාර හිමියන්, ධර්ම ශාලාව ඉදිරිපිට සිට මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමු. එහෙත් අපට නිශ්චිත තීරණයකට එළඹීමට නොහැකි විය. ඒ, නිසියාකාරව පාඩම් නොකර, විභාගය ලියා, යම්හෙයකින් විභාගය අසමත් වූවොත්, අප විහාරස්ථානය සහ දහම් පාසලෙහි කීර්ති නාමයට හානියක්වීමට ඉඩ ඇති නිසාය. මන්ද යත් මෙවර විභාගයට පෙනී සිටින්නේ අප දෙදෙනා පමණක් වන නිසාය. එම නිසා මෙම වසරේ පෙනී සිටිනවාද? නැතහොත් සිසුන් 10කට අධික පිරිසක් සිටින, පහළ ශ්‍රේණියේ සිසුන් සමග ලබන වසරේ පෙනී සිටිනවාද යන්න අපට පැන නැගුණු ගැටළුවකි.
මිනිත්තු 30කට පසුව වංශාලංකාර හිමියන් පැවසුවේ "මෙහෙමයි. මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා. ඔය ඈයෝ මෙහේ හිටියා කියලා, ඔය ඈයොන්ට දානෙ එහෙම හම්බවෙන්නෙ නෑ" යනුවෙනි. එම මොහොතේ දහවල 1.00 වී තිබිණි. එම උපහාසය වෙනුවෙන් අප සැවොම සිනාසුනෙමු. නමුත් අකලංකත්, මමත් හිතින් හැඩුවෙමු. ඉන්පසුව අප සියල්ලෝම නිවෙස් බලා පිටත් වුණෙමු. අප දෙදෙනා කිහිප විටක්ම දුරකතන සංවාදවල නිරත වූයෙමු. අකලංකගෙත්, මගෙත් මතය වූයේ "ඕන මගුලක් වුණු දෙන්" ලෙස සිතා, විභාගයට මුහුණ දී, එම වගකීම සහ බර, එතනින් නිමාවට පත් කරමු යන්නයි. එහෙත් අපට තවත් අභියෝගයක් වෙත මුහුණදීමට සිදුවිය. එනම් ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සදහා නැවත විහාරස්ථානය වෙත යෑමට සිදුවීමත්, විහාරස්ථානයේ සීලවංස ලොකු හාමුදුරුවන් රැදී සිටීමත්ය. උන්වහන්සේ අපගේ මෙම තීරණයට බොහෝ විට විරුද්ධවේ යැයි, ඒ වන විටත් අප උපකල්පනය කර සිටියෙමු. කෙසේ හෝ අප දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය සදහා මුහුණදීමට පාඩම් කිරීම ආරම්භ කළෙමු. දින 5ක් තුළ පිටු 817ක් පමණ ආවරණය කිරීම ඉතා අසීරුය. වෙහෙසකරය. 2009 වසරේ අවසානයෙහි අප සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටියෙමු. එබැවින් 2010 වසරේ ජූනි මස පමණ තෙක් අපට පාසල් නිවාඩු දී තිබීම, සහනයට කරුණක් විය.
"මේ. මම අද ගිහින් වංශාලංකාර හාමුදුරුවන්ගෙන් Admission කොළේ අරන් ආවා. අද, වෙලාවට ලොකු හාමුදුරුවො පන්සලේ හිටියේ නෑ. ඔයත් අරන් එන්න" ඒ, ක්ෂණයෙන් පැමිණි අකලංකගේ ඇමතුමකි. මමද තාත්තා සමග, ඊට පසුදින විහාරස්ථානය වෙත ගියෙමි. ඒ වන විට විභාගය සදහා ඉතිරිව තිබූයේ දින 3ක් පමණි. නමුත් එදින ලොකු හාමුදුරුවන් විහාරස්ථානයේ සිටි අතර අප පැමිණි කාරණය කී විට උන්වහන්සේ කීවේ "මම හිතුවෙ නම් මෙයාලව ලබන අවුරුද්දෙම විභාගයට යවන්න. ඉන්නෙත් ළමයි දෙන්නයි. එතකොට මෙයාලා ගන්න ප්‍රතිපලය, දහම් පාසලේ නමටත් බලපානවා. ඒ නිසා ලියන එක හරියටම ලියන්නත් වෙනවා. අනික මෙයාලා ගියාම, දහම් පාසලෙ ලොකු අයත් අඩුවෙනවා. දැන් පාඩම් කරලද තියෙන්නෙ? යන්න ඕනම නම් යන්න දෙන්නම්. මේක පෙරහුරුවක් කියලා හිතන්න. හැබැයි මේක ලියලත් දහම් පාසල් එන්න ඕන. හොදද? ඊළග අවුරුද්දෙ විභාගෙට, හරියට ලියන්න" කියාය. ඉන්පසුව උන්වහන්සේ වංශාලංකාර හිමියන්ව කැදවා, උන්වහන්සේගෙන් ප්‍රවේශපත්‍රය රැගෙන, අත්සන් කරවා, මා වෙත ලබා දුන්නේය. ප්‍රවේශපත්‍රය ලබා දුන් පසුව නැවත නැවතත් ලොකු හාමුදුරුවන් මා වෙත පැවසුවේ "මේක ලියලා, ඊළග සතියෙ ඉදලා අනිවාර්යෙන්ම ආයිත් දහම් පාසල් එන්න ඕන" යනුවෙනි. එම එකගතාවට මමද එකග වුණෙමි. මා විභාග ප්‍රවේශපත්‍රයද රැගෙන විහාරස්ථානයේ ගේට්ටුවෙන් පිටතට පැමිණියේ රටක් රාජ්‍යක් අත්පත් කර ගත් පරිද්දෙනි. එකගතාවය එසේ වූ නමුදු ඒ මා දහම් පාසල් නිළ ඇදුම අදින අවසාන අවස්ථාව බව උන්වහන්සේ දැන සිටියේ නැත. ඒ වන විටත්, අකලංක සහ මා අපගේ අවසාන තීරණය ගෙන අවසන්ය.
ඉන්පසුව අප නැවතත් පාඩම් කිරීමේ කටයුතුවල නිරත වූ අතර දින 3කට පසුව දෙදිනක් පුරාවට විභාගය ලිව්වෙමු. විභාගය අවසන් වූ පසුව, පෙර සැලසුම් කර ගත් පරිදි අප දහම් පාසලෙන් සමුගත්තෙමු. නැතහොත් මෙය "චුවින්ගම්" එකක් සේ, තව තවත් ඇදෙමින් ඉදිරියට යනු ඇත. එම සමුගැනීම සිදුවූයේ නිළ වශයෙන්ද, නැතහොත් නිළ නොවන වශයෙන්ද යන්න තෝරා බේරා ගැනීමට මා අදටද අපොහොසත්ය. ඉන්පසුව මාස ගණනාවක් යන තුරු අප වැස්සකටවත් විහාරස්ථානය වෙත ගොඩ වූයේ නැත. පෙර කී කුමන්ත්‍රණය හේතුවෙන් ඒ වන විට සිත තුළ යම් කලකිරීමක්ද තිබිණි.

2005 වසරේ සිට 2010 වසර තෙක් මා ඉරිදා උදෑසන අවදි වී දහම් පාසල් පැමිණියේ "මේ මොන කරුමයක්දෝ?" කියමිනි. ඒ අප රටෙහි තරගකාරී අධ්‍යාපනික රටාවෙහි ප්‍රතිඵලයන්ය. කුඩා වයසේ සිටම සෑම දිනකම පාහේ උපකාරක පන්ති සදහා සහභාගී වූ මා හට, එවකට ඉතිරිව තිබූ එකම විවේකී දිනය වූයේ ඉරිදා දිනය වන අතර දහම් පාසල් ගමන හේතුවෙන් එදිනද අහිමි වූ විට, කිසිදු දිනක මා විවේකීව සිට නැත.
එවකට දහම් පාසලෙහි අඩුම පැමිණීම තිබූ ශිෂ්‍යයන් අතරේ මමද සිටින්නට ඇතැයි මා සිතමි. උදෑසන අවදි වී දහම් පාසල් නොයෑමට එවකට මා හට නොයෙකුත් නිදහසට කරණු තිබිණි. පාසලේ ගෙදර වැඩ, බඩේ අමාරු, කකුලෙ අමාරු, ඔළුව කැක්කුම්, අධික වර්ෂාව වැනි හේතූන්ද ඒ අතරවිය. එම හේතූන්වලින් බොහෝමයක් ගල් පැලෙන බොරුය. උදෑසන අවදිවනවාත් සමගම හටගත් බඩේ කැක්කුම් වැනි රෝගයන්, දහවල් 12.30 පමණ වන විට සුවවේ.

එහෙත් සිටිනා තුරු අගයක් නොදැනුනු නමුදු දහම් පාසලෙහි සැබෑ වටිනාකම දැනෙන්නේ, දහම් පාසලෙන් සමුගත් පසුවය. බොහෝවිට ඒ දහම් පාසල ලාභ නොලැබීමේ අරමුණින් නොමිළයේ පවත්වනු ලබන අධ්‍යාපන මධ්‍යස්ථානයක් නිසා විය හැක. අපට දහම් පාසල හරහා නොමිළයේ ලැබුණේ අධ්‍යාපනය පමණක්ම නොවේ. යහපත් ගුණාංග, සාරධර්ම, හොද පුරුදු, සිරිත් විරිත්, යුතුකම් සහ වගකීම් වැනි බොහෝමයක් දෑ අපට නොමිළයේ කියා දුනි. අප නොමිළයේ ඉගෙන ගත්තෙමු. මිළදී ගනු ලබන දෑ, එහි වටිනාකම අනුව අපට දැනුනද, නොමිළයේ ලැබෙන දෑ පිළිබදව අගයක් දැනෙනවා ඉතාමත් අඩුය. එදා එසේ නොදැනුන නමුත් එහි ඇති සැබෑ අගය සහ වටිනාකම දැනෙන්නේ අදය. මෙවැනි ලිපියක් ලිවීමද එහි තවත් එක් ප්රතිඵලයකි.
මෙයයි මාගේ දහම් පාසල් කතාව....... 2005 වසරේ සිට 2010 වසර දක්වා මා දුටු අපගේ දහම් පාසලෙහි ඉතිහාස කතාව සහ මාගේ අත්දැකීම් මෙලෙස සටහන් කිරීමට ලැබීම පිළිබදව ඉතාමත් සන්තෝස වෙමි. මෙම අදහස මා හට පහළ වූයේ, පෙර දිනක අපගේ ආයතනය හරහා සේවාදායකයෙකුහට නිර්මාණය කරන ලද වෙබ් අඩවියකිනි. එම වෙබ් අඩවිය, මාතර තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. එම වෙබ් අඩවිය තුළ ආදි ශිෂ්‍යයන් විසින් රචිත මෙවැනිම ලිපි 50ක් පමණ අන්තර්ගත කෙරිණි. මෙම ලිපිය ලිවීම සදහා සංකල්පය පහළ වූයේ, එම ලිපි කියවනවිටදීය. මා ලිඛිත බසින් රචනා කරන ලද දෙවන ලිපිය මෙය වන අතර ව්‍යාකරණ සම්බන්ධව ඇති වූ ගැටළු විසදීම සදහා බෙල්ලන්විල රජමහා විහාරවාසී උඩුගම්පොල හේමරතන (ඌරැපැලැව්වේ හේමාරාම) හිමියන් නොමද සහයක් ලබා දුන්නේය. ඒ හැරුණුකොට මාගේ අත්දැකීම් රහිත බව සහ අඩු දැනුම හේතුවෙන් මෙම ලිපියෙහි තවත් බොහෝ ව්‍යරණ දෝෂ තිබිය හැක. එම දෝෂයන්ද මා වෙත පෙන්වා දෙන ලෙස මෙම ලිපිය කියවන ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
මීට ප්‍රධානතම හේතුව වූයේ, මතු යම් දිනක, යම් වැඩ කටයුත්තක් වෙනුවෙන් මෙම ලිපිය, මුද්‍රණය කිරීමට සිදුවෙතැයි යන සිතුවිල්ලයි. මෙය එක්තරා ආකාරයකින් සීමාසහිත ලිපියක්ද වේ. ඒ, මෙහි ඇතුළත්ව තිබෙන්නෙ බොරලැස්ගමුව, පරමධර්මවර්ධනාරාමය සහ එහි දහම් පාසල සම්බන්ධ තොරතුරු බැවිනි. එබැවින් මෙම ලිපිය සැබැවින්ම වටිනුයේ බොරලැස්ගමුව ග්රාමවාසීන් සහ පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය සමග සම්බන්ධ හෝ දන්නා හදුනන පිරිස් සදහා පමණී. එනමුත් මෙම ලිපිය හරහා ඔබද, ඔබගේ ගමේ පන්සලෙහි දහම් පාසලෙහි අතීතය වෙත සිතින් පිය මනින්නට ඇතැයි සිතමි.

පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ දහම් පාසල පිළිබදව කතා කරනා විට, නොදන්නා අයගේ දැන ගැනීම පිණිස දහම් පාසල් ආදි ශිෂ්‍ය සංගමය පිළිබදවද නොකියා බැරිය. බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථ දහම් පාසල් ආදි ශිෂ්‍ය සංගමය යනු පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ දහම් පාසලෙහි (සිරි සුජාතා දහම් පාසල සහ සිරි පඤ්ඤානන්ද දහම් පාසල) ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ එකමුතුවෙන් ස්ථාපනය කරන ලද සංගමයකි. මෙම සංගමය ස්ථාපනය කිරීම පිළිබදව සැලසුම් කිරීමේ වැඩ කටයුතු පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අදහසකට අනුව 2017 වර්ෂයේ මැද භාගයේ සිටම සිදු කෙරුනු අතර ඒ සදහා සිරි පඤ්ඤානන්ද දහම් පාසලෙහි ආචාර්ය මණ්ඩලයේ සිටින සුනිල් කුරුප්පුආරච්චි මහතා යෝධ ශක්තියක් විය.
විශාල කාලයක් අප දහම් පාසලෙහි ආචාර්යවරයෙකුව සිටි සුනිල් කුරුප්පුආරච්චි මහතා, පසු කලෙක මහරගම වජිරඥාණ ධර්මායතනයේ ආචාර්යවරයෙකු ලෙස පත්වීමක් ලබන ලදී. රත්තොට සීලවංස හිමියන්ගේ ආරාධනයෙන් නැවතත් වසර ගණනාවකට පසුව අප දහම් පාසල වෙත සම්බන්ධ වන එතුමා, මේ වන විට අප දහම් පාසලෙහි ස්වර්ණතම යුගයක් ඇති කරමින් සිටියි.

ඉන් වසරකට පමණ පසුව එළඹි 2018 සැප්තැම්බර් මස 16 වන ඉරු දින, සවස 4.00ට පමණ, විහාරස්ථ ධර්ම ශාලවේදී, දහම් පාසල් ආදි ශිෂ්‍ය සංගමය ස්ථාපනය කර පළමුවැනි රැස්වීම පවත්වන ලදී. පළමු රැස්වීම සදහා 1950 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා වූ කාල පරාසයන් නියෝජනය කරමින්, දහම් පාසල් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18 දෙනෙකු සහභාගී විය. මෙම සංගමයේ එකම අරමුණ වන්නේ විහාරස්ථ දහම් පාසලෙහි අභිවෘද්ධිය පිණිස ක්‍රියා කිරීමයි. මෙම සංගමයෙහි මාසික රැස්වීම, සෑම මසකම අවසාන ඉරිදා දින, සවස 3.00ට, විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වෙන අතර විහාරාධිපති රත්තොට සීලවංස හිමියන්, එහි ප්‍රධාන අනුශාසක ධූරය හොඹවයි.
මෙම ලිපිය කියවන ඔබත් පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ ආදි ශිෂ්‍යයෙකු නම්, හැකි ඉක්මනින් අප ආදි ශිෂ්‍ය සංගමය වෙත එකතුවන්නට කියාත්, ඔබගේ සමකාලීන මිතුරන්ද දැනුවත් කරන ලෙසත් ආරාධනා කිරීමට කැමැත්තෙමි. මන්ද යත් තවමත් සාමාජිකයින්ගේ සහභාගීත්වය ඉතාමත් දුර්වල මට්ටමක පවතින නිසාය. සීලවංස නායක හිමියන් සහ සුනිල් මහතා සමග මමද මාස 10කට ආසන්න කාලයක් පුරාවට, මේ සදහා වූ ප්‍රචාරණ කටයුතුවල නියැලුනෙමි. නමුත් එහි ප්‍රතිඵල කිසිවක් මේ වන තෙක් නොමැත. මා දහම් පාසලෙහි ගත කරන ලද්දේ වසර 5ක් වැනි කෙටි කලක් පමණි. නමුත් දහම් පාසලෙහි 1 ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වාම අධ්‍යාපනය ලැබූ පිරිස් බොහෝය. එබැවින් මා හට වඩා දහම් පාසල පිළිබදව අයිතියක්, ඒ අය හට ඇති බවද මතක් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නෙමි.

අවසාන වශයෙන් තවත් සටහන් කළ යුතු එක් දෙයක් ඇත. එනම්, අතපත්තුකන්දේ ආනන්ද හිමියන් වෙත ස්තූතිය පල කිරීමයි. පෙර කීවා සේම, මා දහම් පාසල වෙත යෑමට පෙළඹුනේ, 2005 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විට, අතපත්තුකන්දේ ආනන්ද හිමියන් විසින් කරන ලද තර්ජනය නිසාය. එසේ නොවන්නට, මා මේ වන තුරුත් ගම, ගමේ පන්සල සහ දහම් පාසල සමග කිසිදු සම්බන්ධයක් ඇති කරගෙන නැත. උගත් ගිහි පැවිදි ගුරුවරු පිරිසක්, ගමේ යහළුවන්, ගමේ බහුශ්‍රැත වැඩිහිටි පිරිස් දැන හදුනාගැනීමටද අවස්ථාවක් ලැබෙන්නේ නැත. එමෙන්ම මෙවැනි දීර්ඝ ලිපියක් රචනා වන්නේද නැත.
කොළඹ ආනන්ද විද්‍යාලයේ 2012 වර්ෂයේ උසස්පෙළ විභාගය සදහා පෙනි සිටීමට, 2010 වර්ෂයේ කලා අංශයට ඇතුළත් වන විට අපගේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය භාර ආචාර්යවරයා වූයේද උන්වහන්සේමය. එහිදී මා ඇතුළුව උන්වහන්සේගෙන් බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හැදෑරු ශිෂ්‍යයන් ගණන සතරක් වන අතර 2012 වසරේදී උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් විශ්‍රාම ගන්නා විට, උන්වහන්සේගෙන් ඉගෙනුම ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලීය අවසාන ශිෂ්‍ය පරපුර වන්නේද අපයි. ආනන්ද හිමියන් තුළ පැවති ඒ කර්කෂ බව හේතුවෙන්, අප උන්වහන්සේ සමග සීතල යුද්ධයන් පවා ඇති කර ගත් අවස්ථා එමටය. වරක් අප උන්වහන්සේව ආනන්ද විද්‍යාලයීය කලා අංශයෙන් ඉවත් කිරීමට කැරැල්ලක් ඇරඹීමටද සූදානම් වූයෙමු. අප දීර්ඝ කාලයක් උන්වහන්සේට විරෝධය පෑම සදහා පන්ති වර්ජනයක් ක්‍රියාත්මක කළෙමු. නමුත් මා දහම් පාසල් යෑමට පෙළඹවීම සහ ඒ ඔස්සේ මාගේ ජීවිතයට ලැබුණු ආලෝකය, සාරධර්ම, සතුට, තෘප්තිය, මානසික සුවය සහ දායාදයන් හේතුවෙන් උන්වහන්සේට කොතෙකුත් ස්තූතිවන්ත වූවත් මදිය.
උන්වහන්සේගේ බැන වැදීමෙන් ඇරඹි ගම, ගමේ පන්සල සහ දහම් පාසල සමග තිබෙන සම්බන්ධය තව තවත් ශක්තිමත් කරමින්, ගමෙහි වෙසෙන නව මිතුරන් හදුනාගනිමින්, විහාරස්ථානයේ ඉතාමත් සක්‍රීය මට්ටමේ පවතින කේවල ව්‍යාපෘති 8ක් සිදු කරමින්, කණ්ඩායම් ව්‍යාපෘති දෙකකට සහාය වෙමින්, විහාරස්ථානයේ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කරමින්, ගත වන සෑම මොහොතකම දහම් පාසල් කාලය තුළ මුණ ගැහුණු සුන්දර ගුරුවරුන් සහ මිතුරන් ස්මරණය කරමින් තවමත් මා බොරලැස්ගමුව, රත්තණපිටිය ජී.එච්.පෙරේරා මාවතෙහි පිං ළිද අසල නිවසේ සිටිමි.

ප.ලි (2020.01.26) :
බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ දහම් පාසලේ (සිරි සුජාතා සහ සිරි පඤ්ඤානන්ද දහම් පාසල) සේවය කරන ලද ජ්‍යේෂ්ඨ ගුරු මහත්මියක් වූ පත්මා තේනුවර මහත්මිය, 2020 ජනවාරි මස 26 වන ඉරු දින සිය දහම් පාසල් ගුරු ජීවිතයෙන් විශ්‍රාම ගනු ලැබුවා. 1983 වර්ෂයේ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නා හිමියන්ගේ කාලයේ අප දහම් පාසලේ සේවය සඳහා එක් වූ ඇය, වසර 37ක් පුරාවට දුවා දරුවන්ගේ දහම් දැනුම සහ යහපත් ආකල්ප වර්ධනය වෙනුවෙන් කටයුතු කළාය. ගුරු මව්නි, ඔබට වාසනාවන්ත වූ විශ්‍රාම දිවියක් වේවා. සුඛී දීඝායුඛෝ භව !