බෝම්බ බිය
මැයි මාසයේ 18 වෙනිදා කියන්නෙ ලංකාවට හරිම වැදගත් දවසක්. සාමාන්‍යයෙන් අපි කොයිකවුරුත් මැයි මාසයේ 18 වෙනිදා හදුන්වන්නෙ, අවුරුදු 30ක් පැවති ත්‍රස්තවාදය පරාජය කරලා, ලංකාවට සාමය උදා වුණු දවස කියලයි. ඒ තමයි විජයග්‍රහණයේ දවස. හැම මැයි මාසයකම 18 වෙනිදට ගොඩක් තැන්වල ජාතික කොඩිය එසවෙන්නෙ, රණවිරු සැමරුම් පවත්වන්නෙ, හංදියක් හංදියක් ගාණෙ කිරිබත් උයන්නෙ, ඒ ලබා ගත්ත සාමයේ සතුට සමරන්නයි.
"ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි" කියලා කියනවා වගේම, මේ ලෝකයේ මිනිසුන්ගේ අදහස් සහ සිතුවිලි එකිනෙකට වෙනස්. මේ නිසාම හැම මැයි මාසයකම 18 වෙනිදට, අවි ආයුධ හරහා නැතත් පෑන් තුඩු, මයික්‍රෆෝන, වීඩියෝ කැමරා, යතුරු පුවරු (Key Board) හරහා නම් අනිවාර්යෙන්ම යුද්ධයක් ඇවිලෙනවා. එහෙම පටන් ගන්න මේ වාර්ෂික යුද්ධය නම් මාසයක් යනකන්ම අපේ රටේ තියෙනවා. රූපවාහිනිය සහ Facebook, Youtube වගේ සමාජ මාධ්‍යවල ඉදන් හැමෝම දෙපැත්තකට බෙදිලා කෙළවරක් නැතුව බැන ගන්නවා, වාද කරනවා, මරා ගන්නවා..... එහෙම ඒවා දකිනකොට හිතෙනවා, සාමය උදා වුණා කියලා අපි සතුටු වෙන දවසෙත්, ඇත්තටම අපේ රටේ අය අතරෙ සාමයක් නෑ නේද කියලත්....

ඉතින් එතනින් නවතින්නෙ නැතුව තවත් කල්පනා කරනකොට හිතෙනවා, සාමය කියන දේ මෙහෙම හරි තියෙන එක කොච්චර හොද දෙයක්ද කියලා. යුද්ධය ජයග්‍රහණයේ සැබෑ වටිනාකම ගැන, "විජයග්‍රහණය" කියන වචනය, මානුෂීය මෙහෙයුම ගැන කියන්න නම් දේශපාලනික, ආර්ථික, ආගමික, සාමාජීය අංශ හරහා ඕනතරම් කරුණු තියෙනවා. ඒත් එහෙම ලිව්වා කියලා, ඒ ලියන දේවල්, පාට කණ්ණාඩි ගලවලා, "රැඩිකල්" කියන වචනයෙන් ටිකක් අයින්වෙලා, විචාරපූර්වකව කල්පනා කරලා බලන්නෙ කීයෙන් කී දෙනාද? ඒ වගේම ඒවා ගැන ලියන්න සහ ලියන ඕනෑතරම් උදවිය ඉන්නවා.
ඒ නිසා මට හිතුනා, අපේ රටේ මෙහෙමවත් සාමය තිබුණෙ නැති කාලයේ, ඒ කියන්නෙ ඔය කියන ප්රභාකරන් "මහත්මයා" ජීවතුන් අතර හිටපු කාලයේ මට අහන්න දකින්න ලැබුණු දේවල් ටිකක් ගැන කියන්න. යුද්ධ වාතාවරණය ඇත්තටම තිබ්බෙ උතුරු නැගෙනහිර පළාත්වල වුණාට, ලංකාව පුරාම ඉන්න මිනිස්සු මරාගෙන මැරෙන බෝම්බ නිසා හරියට මැරුණා. තුවාල වුණා. ආබාධිත වුණා. බය වුණා.

ත්‍රස්තවාදය ගැන මට තියෙන පරණම මතකය තමයි, හිටපු ජනාධිපතිතුමිය මරාගෙන මැරෙන බෝම්බයකට අහුවුණු දවස. හරියටම 1999 අවුරුද්ද. එතකොට මට අවුරුදු 6යි. ඉස්කෝලෙ 1 වසරෙ. ජනාධිපතිතුමිය ඉස්සරහා බෝම්බය පුපුරන දර්ශනය, ඊට පස්සෙ ඒ පරිශ්‍රය තුළ දර්ශන, ස්වාධීන රූපවාහිනියේ සහ ජාතික රූපවාහිනියේ රාත්‍රී ප්රවෘත්ති විකාශයේදී පෙන්නුවා. ඒ වෙලාවේදී ඒ පෙන්නපු රූප රාමුත් තාම මගේ මතකයේ තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ රැස්වීමකට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බයක පසු දර්ශන වගයකුත් පෙන්නුවා. හැමතැනම ලේ, පුටු මේස සීසීකඩ, වේදිකාව පුපුරලා, ත්‍රස්තවාදියාගේ කදෙන් වෙන් වුණු බෙල්ලේ රූප රාමු (සංස්කරණය නොකරපු )....... මේ ඔක්කොම දකිනකොට අවුරුදු 6ක් වගේ පුංචි වයසක හිටපු මගේ පපුව හොදටම ගැහුනා. ගොඩක් බය වුණා.......
ඊට පස්සෙ ඉතින් දකුණේ බෝම්බ පුපුරන ප්‍රමාණය එන්න එන්නම වැඩි වුණා. හැම දෙමළ මනුස්සයෙක්ම කොටියෙක් නොවුණත්, හැම දෙමළ මනුස්සයෙක් දිහාම සැකෙන් බලන සිරිතක් ඒ කාලේ අපි අතරෙ තිබුණා. ඒ අහිතක් නිසා නෙවේ. අපේම ආරක්ෂාවටයි. ඒ කාලෙ (1999, 2000) මම ගියා නුගේගොඩ පැත්තෙ චිත්‍ර පන්තියකට. හැම සෙනසුරාදා දවසකම උදේ 7.30ට විතර අම්මා මාව බස් එකේ එක්කන් යනවා. එක දවසක් අපිට හම්බුණේ සෙනග පිරුණු බස් එකක්. හැරෙන්නවත් ඉඩ නෑ. අපි හිටගෙන ගියේ. අපේ අම්මට එහා පැත්තෙ හිටගෙන හිටියා දෙමළ ගෑණු කෙනෙක්. ගොඩක් තරුණයි. උසයි. ටිකක් කෙට්ටුයි. නිල් පාට ඇදුමක් ඇදන් හිටියෙ. ඒ කාලයේ ගියා උතුරේ යුද්ධය ගැන කියවෙන හොද ටෙලිනාට්‍යයක්. හොද ප්‍රසිද්ධ නළු නිළියො ගොඩක් ඒකෙ රගපෑවා. නම මතක නෑ. මට ඉතින් ඒ කතාවෙ ඉන්න කොටි ගැණියෙක්ව තමයි මැවිලා පෙනුනෙ.
මට දාඩිය දැම්මා මතකයි. කටේ කෙළ හිදිලා, හොදටම බයවෙලා හිටියා මතකයි. අම්මා ගැන ගොඩාක්ම ආදරයක් ඇතිවුණු අවස්ථාවක් තමයි ඒක. දැන් පිපුරුවොත් මාත් එක්ක, අම්මත් මැරෙනවා නේද කියලා, මරණ බය කියන දේ ජීවිතයේ පළවෙනියටම දැනුණු මොහොත. අනිත් එක අපේ ළගම හිටපු නිසා, බෝම්බය පිපුරුවොත්, අම්මටයි මටයි බේරෙන්න වෙන්නෙ නෑ කියලා මට තේරුණා. මම ගොඩක් පුංචියි. මට මතකයි, මම අම්මට ඒක ගැන කියන්න සෑහෙන උත්සහයක් ගත්තා....... ඒත් මම උස නෑ. මට හයියෙන් කෑ ගහලා කියන්නත් බෑ. මම කළේ අම්මගේ ගවුමෙන් ඇදපු එක. සෙල්ලමට එහෙම කරනවා කියලා හිතපු නිසාද දන්නෙත් නෑ, අම්මා මාව සතේකට ගණන් ගත්තෙ නෑ.

" දැන් පුපුරයි. දැන් පුපුරයි " කියලා මම, මටම කියා ගත්තා. එතකොට තවත් බය වැඩි වුණා. ඒ නිසා මම, මිමුණුවා "දැන් බහින තැන එයි, දැන් බහින තැන එයි" කියලා..... ඒ බෝම්බෙ පුපුරන්න කලින් ඉක්මනටම බැහැගන්නයි. බහින තැන ආවා. අම්මයි මමයි බැස්සා..... ඊට පස්සෙ තමයි මගේ ඇගට ආයිත් ලේ ආවෙ. පුංචි කාලෙ, හය හතර නොතේරෙන වයස්වල හිටියත්, මම හැමදාම ප්රවෘත්ති බැලුවා. එදා මම ගොඩක් උනන්දුවෙන් බලන් හිටියා, බස් බෝම්බයක් ගැන එහෙම පෙන්නයිද කියලා. ඒත් එහෙම සිද්ධියක් වාර්තා කළේ නෑ............... ඒ තරමටම අපි දෙමළ මනුස්සයා ගැන සැකෙන් තමයි හිටියෙ.
පුංචි කාලෙ තාත්තා අවුරුදු ගාණක්ම හිටියෙ රට. ඉතින් ගෙදර උදව්වට කාලෙන් කාලෙට සිංහල සහ දෙමළ ගැහැණු අය නැවතිලා හිටියා. මහා පාන්දර 2.00ට, 3.00ට පොලීසියෙන්, හමුදාවෙන් ගෙවල් පරික්ෂා කරන්න ආවාම, මුලින්ම ඒ ඉන්න ගැහැණු කෙනාගෙන් අහන්නෙ "Tamil ද?" කියලයි.....
දැන් රණවිරු දිනය මැයි 18 වෙනිදට දැම්මට, ඒ කාලයේ අපේ රටේ සැමරුවේ ජාත්‍යාන්තර වශයෙන් පිළිගත්ත රණවිරු දිනයක්. මට මතකයි මම ඒ කාලයේ Pental Chalkවලින්, යුද්ධ ටැංකියකුයි, බිම දිගාවෙලා සහ හිටගෙන වෙඩි තියන ආමිකාරයො දෙන්නෙක් (දැන් බුදු බව පැතුවට, ඒ කාලෙ අපි වුණත් කිව්වෙ එහෙමයි) ඇදලා, ගෙදර ඉස්සරහා දොර ළග ඇලෙව්වා, ජාතික කොඩියක ස්ටිකරයකුත් එක්ක. මම දැනගෙන හිටියා ඒ චිත්‍රය පාරට පේන්නෙ නැති වග. කවුරුත් ඒ චිත්‍රය බලන්න එන්නෙ නැති වග. කවුරුත් ඒ චිත්‍රය ගැන දන්නෙ නැති වග. ඒත් ඒ චිත්රයෙන් රණවිරුවන්ට ගෞරවයක් වෙනවනෙ කියලා මම සතුටු වුණා.

2000 අවුරුද්දෙ 2 වසරෙ ඉන්නකොට, පන්තියෙ ළමයින්ට බෝම්බයක් පිපුරුවොත් ක්‍රියා කරන විදිහ කියලා දෙන්න කියලා, ප්‍රාථමික අංශයේ ප්රධානාචාර්යතුමිය, හැම පංතිභාර ගුරුවරයෙකුටම නියෝගයක් කරලා තිබුණා. මට තාමත් මතකයි අපේ පංතිභාර අයේෂා ඉලුක්කුඹුර මැඩම් ඒ දේ අපට කියලා දීපු විදිහ. "බෝම්බයක් තියෙනවා කියලා දැන ගත්තොත්, Speaker එකෙන් නලාවක් සද්ධ කරනවා. ඔයාලා මුලින්ම මේසෙ යටට යන්න ඕන. ගිහින් හොදට කණ් දෙක වහගෙන ඉන්න ඕන. පුලුවන් තරම් හයියෙන් දත්මිටි කන්න ඕන. නැත්නම් කණ් අඩි පුපුරනවා. මම දැන් අත්පුඩියක් ගහනවා. එතකොට ඔයාලා මම කියපු දේ කරන්න ඕන". මැඩම් අත්පුඩිය ගහනකොට, අපි මේසෙ යටට ගිහින්, දත් මිටි කාගෙන, කණ්දෙක වහගත්තා. "ආ දැන් කට්ටිය පුටුවල වාඩි වෙන්න. ඔන්න තව පාරක් කරනවා". ආයිත් මැඩම් අත්පුඩියක් ගැහුවා. අපි ඔක්කොම මේස යටට ගිහින් අර විදිහම කළා. මම ගොඩක්ම බය වුණේ බෝම්බෙ පිපුරුවම, කණ පැලෙන කතාවටයි. මට තාමත් මතකයි, පෙරහුරුවකදි වුණත්, මම හයියෙන් දත්මිටි කාගෙන, කණ් වහන් හිටපු විදිහ.
2002 අවුරුද්දෙදි සටන් විරාම ගිවිසුම අත්සන් කළා. ඒ දර්ශන ප්‍රවෘත්තිවලින් බැලුවා. සටන් විරාම ගිවිසුමෙන් ඇත්තටම වුණේ රට දෙකට බෙදීමක්. ඒ වගේම ඒ කාලයේදී කොටින් ගොඩක් ශක්තිමත් වුණා. ඒ පුංචි වයසට මට ඒවා තේරුණේ නෑ. මම හිතුවෙ යුද්ධය ඉවර වුණා කියලයි. මම එදා ගොඩාක් සතුටු වුණා. ඊට පස්සෙ කාලයක් යනකන් අපි කිසිම බයක් නැතුව කොළඹ පාරවල්වල යන්න එන්න ගත්තා.
2003 අවුරුද්දෙ අපි ගියා පාර්ලිමේන්තුවට අධ්‍යාපන චාරිකාවක්. ඒ කාලෙ අපි හිටියෙ 5 වසරෙ. එදා පාර්ලිමේන්තුවේ හෙලිකොප්ටර් බස්සන තැන හෙලිකොප්ටරයකින් බැස්සා චන්ද්‍රිකා ජනාධිපතිතුමිය. අපිට හරි සතුටුයි. ඒ කාලේ රූපවාහිනියෙන් හැමතිස්සෙම දකින චරිතයක්. අපි ඈත ඉදන් අත වැනුවා. එයත් අපිට ඈත ඉදන් හිනාවෙලා අත වැනුවා. ඊට පස්සෙ තව හෙලිකොප්ටරයකින් බැස්සා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. 2005 අවුරුද්දෙ අපේ ඉස්කෝලෙ චිත්‍ර කලා සංසදයෙන් සංවිධානය කළා "අනද රේඛා" කියලා චිත්‍ර ප්‍රදර්ශනයක්. ඒකෙ ආරාධිත අමුත්තා විදිහට ආවෙ අගමැතිතුමා. ඒ, මහින්ද රාජපක්ෂ මහත්තයා. 2005 ජනාධිපතිවරණයට ගොඩාක් කලින්. මට මතකයි, එතුමා මට අඩි කිහිපයක් ඉස්සරහින් හිටපු විදිහ. මහා පෞර්ෂයක් තිබුණා. ඉතින් 2003 ඉදලා 2005 වෙනකන්, ත්රස්තවාදීන්ගේ ඉලක්ක ලැයිස්තුවේ තිබුණු රටේ පළමු සහ දෙවන පුරවැසියො තුන්දෙනෙක්ව සජීවීව දැකගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා ළග හිටගෙන ඉන්න අවස්ථාවකුත් ලැබුණා. එදා ආරක්ෂකයො එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් තමයි, එයා එක්ක ආවෙත්.

2005 අවුරුද්දෙ අපේ ගෙදර උදව්වට හිටියා දෙමළ ගෑණු ළමයෙක්. එයා අපේ ගෙදරට ආපු එයාගේ යුතුකම ඉෂ්ඨ කරලා, එයා යාලුවෙලා ඉන්න පිරිමි ළමයා එක්ක ගමේ ගියා. මෙහෙන් පිටත් වුණේ හවස. ගම, නාවලපිටියෙ. මහා රෑ පොලීසියෙන් ඇමතුමක් ආවා. බැලින්නම් මේ දෙන්නව Checkpoint එකකදි අල්ලගෙන. අපේ අම්මගෙන් සෑහෙන වෙලාවක් ප්‍රශ්න කළා දුරකතනයෙන්. මට මතක විදිහට කවුරු හරි ලොක්කෙක්ගෙ, මොකක් හරි ඡන්ද රැස්වීමක් ළග. "මොකක් හරි සිද්ධියක් වුණොත්, ඒකෙ වගකීම භාර ගන්න ලෑස්තිවෙලා ඉන්න" ,ඒ කතා කරපු පොලීසියේ කෙනා එහෙම කියලා Phone එක තිබ්බා. ඒක හරි අසාධාරණ කතාවක්. ඒ කියන්නෙ බැරිවෙලාවත් බෝම්බයක් පත්තු වුණත්, එයා සම්බන්ධ නැතත්, ඒ බෝම්බෙ වගකීම එන්නෙ අපිට.... මට මතකයි එදා අපේ අම්මා කොච්චර අසරණ වුණාද කියලා. මහා රෑක, හතර වටේට නෑදෑයින්ට ඇමතුම් අරගත්තා. ඒක ඇවිල්ලා වෙනමම විදිහක බයක්.
2006 මාවිල් ආරු සිද්ධියෙන් පස්සෙ ප්රභාකරන් "මහත්මයාගෙ" 4 වන ඊළාම් යුද්ධය පටන් ගත්තා. එදා මෙදා තුර ඉතිහාසයේ, යුද්ධය දරුණුවටම යන්න පටන් ගත්තා. ඒ කාලෙ අපේ පාසල් වෑන් එක ගියේ පාර්ලිමේන්තු පාරෙ. පාර්ලිමේන්තු පාර හැමදාම දවල් වෙනකොට පට්ටෙට හිර වෙනවා. ඒ ඉතින් ආරක්ෂක හේතුන් මතයි. සමහරවෙලාවට යන එන වාහන ඔක්කොම යවන්නෙ, එකම මං තීරුවක. මට මතකයි කිලෝ මීටර ගණනාවක් යනකන්ම පාරෙ වම් පැත්තෙ සහ දකුණු පැත්තෙ ප්‍රසිද්ධ T56 තුවක්කු අරගත්ත හමුදාවෙ සහ පොලීසියේ අය ස්ථානගත කරලා හිටියා අඩියෙන් අඩියට. 99%ක්ම හිටියෙ හමුදාවයි පොලීසියයි තමයි. කලාතුරකින් නාවික හමුදාවෙ, නිල් පාට ලංකාවෙ ඇදුම ඇදගත්ත අය සහ ගුවන් හමුදාවෙ අය රදවලා හිටියා. ගොඩක් දෙනෙක් හිටියෙ වාහනවල දුම වැදි වැදි, දාඩිය දාගෙන, අව්වෙ කරවෙවී. පව් කියලා හිතෙනවා. 99%ක්ම හිටියෙ බොහොම තරුණ වයසෙ. මම ගියේ වම් පැත්තෙ ආසනේක.
ඒ කාලෙ අපේ රටේ Call of Duty ගැන දන්නෙවත් නෑ. Delta Force තමයි ප්‍රසිද්ධ වෙලා ආපු Gaming Series එක. ඉතින් ඒවා කරලා කරලා, හමුදාවෙ ඇදුම් පැළදුම්වලට, තුවක්කුවලට අපිට මාර ආසාවක් තිබුණා. අපි ඉතින් තරගෙට ගනිනවා ආරක්ෂක නිළධාරීන්ව. සමහර දවස්වල 50කට වඩා හිටියා. පාර මැද්දෙ සහ පාරෙ දකුණු පැත්තෙ අය එකතු කළාම 100 පනිනවා. අපි සම්පූර්ණ පාරෙම ගියේ නෑ. මගදි හැරුණා. එතකොට මුළු පාර පුරාම රදවලා හිටපු අය, ඊට වඩා ගොඩක් වැඩියි. අපේ අයගෙත් පුරුද්දක් තිබුණා, ඒ අයියලාට අතවනන. ඒ අයියලා එක්ක හිනාවෙන. ඒ අයත් අපිට අත වැනුවා. ඒ අයත් අපිට හිනා වුණා. උදේට ඉස්කෝලෙ යනකොට Checkpoint එකක් හම්බවෙනවා නාරාහේන්පිට පැත්තෙ. කොච්චර විශාලෙට School Service කියලා ගහලා තිබ්බත්, අනිවාර්යෙන්ම ඉස්සරහින් ඉන්න හමුදාවෙ කෙනා STOP Board එක අල්ලනවා. ඊට පස්සෙ ළගට ඇවිල්ලා හිනාවෙලා යන්න කියනවා. ඒ හරියෙ නිතරම යතුරුපැදිවලින් සහ ට්‍රක්වලින් සංචාරෙ යන හමුදාවෙ අය ඕනතරම් හම්බවෙනවා.

2007 අවුරුද්ද කියන්නෙ යුධ වාතාවරණය ගොඩක්ම දැනුනු අවුරුද්දක්....
ගෙදරින් පිට ගියාම ගුවන් යානයක්, එහෙමත් නැත්නම් හෙලිකොප්ටරයක් යනකොට ගොඩක් අය හරිම ආසාවෙන් සහ උනන්දුවකින් ඒ දිහා බලාගෙන ඉන්නවා දකිනවා. ඒත් ඉතින් ඒ තියෙන උනන්දුව, ආසාව සහ උද්යෝගය මට නම් මළාටවත් එන්නෙ නෑ. ඒ ඉතින් හැමදාම දකින කුකුළගේ කරමලේ වගේ, අනන්තවත් අපේ ගෙදර උඩින් ගුවන් යානා එහාට මෙහාට යන නිසයි. අපේ ගෙදරට ළගම ගුවන් තොටුපල තමයි රත්මලාන ගුවන් තොටුපල. මේ ගුවන් තොටුපලයි, අපේ ගෙදරයි අතර තියෙන්නෙ කිලෝ මීටර 6කට ආසන්න දුරක්. ඒ ඉතින් මහ පාරෙන් ගියොත්. අහසින් යනවා නම් මේ දුර කිලෝ මීටර 3ක් දක්වා අඩු වෙනවා. රත්මලාන ගුවන් තොටුපලේ, ගුවන්යානා ගමන් කරන රේඛාව වැටිලා තියෙන්නෙ අපේ ගෙදර හරහා. ඒ නිසා දවසකට අනන්තවත් ගුවන්යානා අපේ ගෙදර හරහා එහාට මෙහාට යනවා.
2007 අවුරුද්දෙ යුද්ධය ගැන තියෙන ගොඩක්ම අමතක නොවන සිද්ධිය තමයි, 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දවසෙ කොළඹට එල්ල කරපු ගුවන් ප්‍රහාරය. 1996න් පස්සෙ පළවෙනි වතාවට තමයි අපි අවසන් ලෝක කුසලාන තරග වටයකට තේරුණේ. ඒ ඕස්ට්‍රේලියාවත් එක්ක. එදා ඉතින් මුළු රටම ක්‍රිකට් තරගය බැලුවා. මුළු රටම කියලා කිව්වම හමුදා කදවුරුවල ඉන්න සෙබළුන්වත් අයිති වෙනවා කියලා මතක තියා ගන්න ඕන. ප්රභාකරන් "මහත්මයා" හරි ලස්සන සැලසුමක් හැදුවා, කොළඹට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්න. ප්රභාකරන් "මහත්මයා" කියලා කිව්වට ඉතින්, මේ ප්‍රහාරයේ මහා මොළකාරයා වුණේ චාල්ස් ඇන්තනී. ප්‍රහාරය එල්ල කරන්න තීරණය කළේ, ලෝක කුසලාන තරගය දවසෙ මහ රෑ. මොකද ඒ වෙනකොට මුළු රටේම අවධානය යොමු වෙලා තියෙන්නෙ ක්‍රිකට් තරගය දිහාවට මිසක්, ආරක්ෂක තත්වය දිහාවට නෙවේ.

මට මතක විදිහට එදා එල්.ටී.ටී.ඊ ගුවන් යානා දෙකක් කොළඹ දිස්ත්‍රික්කයට ඇතුල් වුණා. එකක් ආවේ මුතුරාජවෙල ගෑස් ගබඩා සංකිර්ණය ඉලක්ක කරගෙන. අනිත් එක ගියේ කොලොන්නාවේ තෙල් ගබඩාව පැත්තට. මුලින්ම බෝම්බ දැම්මේ කොලොන්නාව තෙල් ගබඩාවට. ඊට පස්සෙ මුතුරාජවෙල ගෑස් ගබඩා සංකීර්ණයට බෝම්බ දැම්මා. ඊට පස්සෙ මුළු කොළඹ නගරය පුරාවටම ඇහි පිය ගහන වේගයෙන් බෝම්බ බිය පැතිරෙන්න ගත්තා. ඒ ඉතින් රාජ්‍ය මට්ටමින්. ඒත් ඒ වෙනකොටත් රටේ සාමාන්‍ය ජනතාව දැනගෙන හිටියේ නෑ, මෙහෙම දෙයක් වෙලා කියලාවත්. එයාලා හිටියේ ක්‍රිකට් තරගය බලන ගමන්. ඊට පස්සෙ ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ තවත් බෝම්බ දායි කියලා සැක කෙරෙන, අවදානම් කලාපවල හයි කරලා තියෙන ගුවන්යානා නාශක අවි (Anti Aircraft Guns) ක්‍රියාත්මක කළා. මෙහෙම ක්‍රියාත්මක කරපු ස්ථානවලින් එකක් තමයි රත්මලාන ගුවන් තොටුපල. අනිත් ස්ථාන විදිහට යුද්ධ හමුදා කදවුරු, කටුනායක ගුවන් තොටුපල, ගුවන් හමුදා මූලස්ථානය, කොළඹ වරාය, කොලොන්නාව තෙල් ගබඩාව, සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය නම් කරන්න පුලුවන්.
රත්මලානෙ ගුවන් තොටුපලෙන් සහ ගුවන් හමුදා කදවුරෙන්, ගුවන් යානා නාශක අවි ක්‍රියාත්මක කරන්න පටන් ගත්තු මොහොත නම් අද වගේ මතකයි. මුළු අහස පුරාවටම පතොරම් පොකුරු පොකුරු විසික් වුණා. ඒවායේ රතු පාට එළියෙන් මුළු අහසම මහා දවල් වගේ ආලෝකමත් වුණා. ඒ වගේම අහස අතරින් පතර දුමාරයෙන් පිරුණා. අපේ ගෙදර අය වගේම, ගමේ ගොඩක් අය හිතුවෙ ක්‍රිකට් තරගය නිසා, කොහෙන් හරි මල්වෙඩි පත්තු කරනවා කියලා. ඒ වුණාට ඉතින් අපි කරපු පරිගණක ක්‍රීඩාවලින් ලබපු දැනුම් සම්භාරය අනුව, මම කිව්වා ඕක මල්වෙඩි පත්තු කෙරිල්ලක් නෙවේ, අහසට වෙඩි තැබිල්ලක් කියලා. ඒ වෙලාවෙ නම් ගෙදර අයත් මට හිනා වුණා. ඊට පස්සෙ ඉතින් රූපවාහිනියේ විශේෂ ප්රවෘත්ති යන්න ගත්තා. ගෙදරටත් දුරකතන ඇමතුම් ගලාගෙන ආවා. ඊට පස්සෙ තමයි ගෙදර අයට වැඩේ තේරුම් ගියේ.
මම ටික වෙලාවක් මිදුලට වෙලා අහසෙ පුපුරන පතොරම් දිහා, දුම් සහ ආලෝක කදම්බ දිහා බලාගෙන හිටියා. බලන් ඉන්න හරි ආසයි. අලුත්ම අත්දැකීමක්. හැබැයි ඒවායේ සද්ධවලට බය නොහිතුනාම නෙවේ. ගුවන්යානා නාශක අවිවලින් නිකුත් වෙන ශබ්දය ඇහුනේ, හරියට අපේ ගෙදර එහා පැත්තෙ ඉදන් වෙඩි තියනවා වගේ. ඒ තරමටම ළගින්. ඊට පස්සෙ ගෙදර අය බැන්නා, ඒවා මිදුලට විසික්වෙලා එයි, ඇතුළට එන්න කියලා. ඒ වෙලාවෙ නම් හිතුනෙ ප්රභාකරන් උතුරේ ඉදගෙන, අපේ ගෙදරටම යුද්ධය අරගෙන ඇවිල්ලා කියලයි. ඉතින් එදා අපේ පැත්තෙ යුද්ධයක වාතාවරණයක් තමයි නිර්මාණය වුණේ. එක අතකින් භයානක සිද්ධියක් වුණත්, ඒක හොද අත්දැකීමක් වුණා. කොළඹ ගුවන්යානා නාශක අවි ක්‍රියාත්මක කරපු අනිත් ස්ථානවලත්, මේ විදිහෙම පරිසරයක් ගොඩනැගිලා තිබ්බා. ජනමාධ්‍යවේදීන් වාර්තා කරලා තිබ්බ විදිහට නම් එදා කොළඹ අහස රතු පාට එළිවලිනුයි, පිපුරුම් ශබ්දවලිනුයි වැහිලා තිබුණලු. මේ විදිහට පිපුරුම් ශබ්දයි, රතු පාට එළියී හුග වෙලාවක් තිබුණා. ඊට පස්සෙ ඉතින් විදුලිය විසන්දි වුණා මුළු කොළඹම. සෑහෙන වෙලාවකට විදුලිය ආවෙ නෑ. විදුලිය ආවේ, එල්.ටී.ටී.ඊ ගුවන් යානා දෙක, ආයිත් උතුර පැත්තට පිටත් වුණා කියලා ආරංචි වුණාමයි.

ඒ කාලෙ හමුදාවට ඔත්තුවක් ලැබුණා ප්‍රබාකරන් "මහත්මයා" සිංහල බෞද්ධ ඉස්කෝලවලට ප්‍රහාරයක් සැලසුම් කරනවා කියලත්. එල්.ටී.ටී.ඊ ළමා සොල්දාදුවන්ව යොදාගෙන ඉස්කෝල ළමයි විදිහට අන්දවලා, ඒ ඒ ඉස්කෝලවලට එවන සැලසුමක්. ඉතින් අපේ ඉස්කෝලෙත්, ඒ කියන්නෙ කොළඹ ආනන්ද විද්‍යාලයත්, ඒකට අහුවුණා. මේ නිසා 2007 ඉදලා 2009 යුද්ධය ඉවරවෙලත්, ටික කාලයක් යනකන් අපේ ඉස්කෝලෙ ආරක්ෂාව තර කළා.
ගේට්ටුවෙන් ඇතුල්වෙන හැම ළමයෙක්වම සහ හැම ළමයෙක්ම අරන් එන බෑග් පූර්ණ පරික්ෂාවකට ලක් කළා. පැනලා යන්න කිසිම ඉඩක් තිබුණෙ නෑ. බෝම්බ වෙනුවට අහුවුණේ CD, DVD, Pendrive, ජංගම දුරකතන වගේ දේවල්...... ඒත් ඒක වෙනම කතාවක්. ඉතින් දිගට හරහට පරික්ෂා කරනවා හැමදාම. ගේට්ටුව ළග ඉදලා මීටර් ගාණක් ඈතට යනකන්ම හෙනම හෙන පෝලිම. ඒත් පරික්ෂා කිරීම් දිගටම ගියා. පස්සෙ මේකට දෙමාපියන්වත් සම්බන්ධ කළා. හැම පන්තියකම ළමයින්ගේ දෙමාපියන් දෙන්නෙක්ට ඉස්කෝලෙ ඉන්න වුණා, දවස පුරාම. එයාලට සිද්ධ වුණා ගේට්ටු ළග ඉදගෙන, යන එන අයව පරීක්ෂා කරන්න. අපේ නම් තාත්තා තමයි ආවෙ.
තාත්තා ආවා 2007 මැයිවල සහ 2008 අවුරුද්දක. තාත්තා එනකොට මට හරිම බයයි. ඉස්කෝලෙ පාඩම් වැඩ කරනකොටත්, දවස පුරාම තාත්තා ගැන තමයි කල්පනා කර කර හිටියෙ. ඇයි දෙයියනේ බෝම්බයක් එහෙම ගියොත්, තාත්තත් ඉවරයි නේද කියලා.......
ඉස්කෝලෙ හැම කොනකම අට්ටාලයක් හදලා, හමුදා නිළධාරියෙක්ව රදවලා තිබුණා. එහා පැත්තෙ තියෙන ආනන්ද මාවත සම්පූර්ණයෙන්ම වැහුවා. ඉස්කෝලෙ වටේටම පොලිස්, හමුදා සහ සිවිල් සේවා ආරක්ෂක බලකායේ අයව ස්ථානගත කරලා තිබුණා. ඒ වගේම මුර සංචාර එහෙම ගොඩාක් දකින්න පුලුවන්කම තිබුණා.

හැමදාම, හැම පන්තියකම ළමයි දෙන්නෙක්ට, ඉස්කෝලෙ 1.30ට ඇරුණහමත්, පන්තියේ නැවතිලා මේසයක් මේසයක් ගානෙ, අල්මාරියක් අල්මාරියක් ගානෙ, අස්සක් මුල්ලක් ගානෙම පරීක්ෂා කරන්න නියම වුණා. ඊට පස්සෙ සැක කටයුතු මොකුත් තිබ්බෙ නෑ කියලා, පහුවෙනිදා පොතක අත්සන් කරන්න ඕන. මටත් දෙපාරක්ම ඒ රාජකාරිය පැවරුණා. හැමතිස්සෙම අපිට පාසල් හැදුනුම්පත ළග තියාගන්න කියලා තමයි කිව්වෙ. අපේ පංතිභාර මොනිටරයත් ඒකෙන් හරියට චූන් වුණා. එයා උදෙන්ම පන්තියට එනවා. අවුරුදු ගාණක් එකට කාලා බීලා ඉදලත්, එයා පාසල් හැදුනුම්පත පරික්ෂා කරලා තමයි අපිව ඇතුළට ගත්තෙ.
ඒ කාලෙ නිතරම අපිට ආරක්ෂක පුහුණුව දුන්නා. නළා සද්දෙ එනකොට කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා. ඉතින් ඒ පුහුණුවේදි අපි මුළු ඉස්කෝලෙ වටේම දිව්වා, හරියට මැරතන් එකක් දුවනවා වගේ. ජගත් අල්විස් සර් තමයි, ඒ මෙහෙයුමේ ප්‍රධානියා. ඒක නම් හරිම විනෝදාත්මක අත්දැකීමක්. ඒ කාලෙ ප්‍රසිද්ධ වුණු "මුහුද දෙබෑ කරන ගීතය", හැමදාම උදේ 7.29ට අනිවාර්යෙන්ම විකාශය කළා. ඒක ඇහෙනකොට ගොඩක් අය ඒ ගීතය මුමුණනවා. ඒක ඇහෙනකොට කියාගන්න බැරි තරමේ හැගීමක්, ජවයක් ඇගට එනවා. මම හිතන්නෙ ඒ ගීතය තාමත්, 7.29ට විකාශය කරනවා.

බෝම්බ පටවගත්ත ලොරියක් වද්දලා, නාවික හමුදාවේ 92ක් එක තැන, එකම වෙලාවක මැරුණා. 150කට වඩා තුවාල වුණා. ඒත් 2007 අවුරුද්දෙ. එදා හවස මමයි අම්මයි ගියා විජේරාමෙ ආයුර්වේදෙට. අපේ වාරය එනකන් හිටියා. අම්මගෙ එහා පැත්තෙ හිටපු වයසක පිරිමි කෙනෙක් ඇස් දෙකේ කදුළු පුරවගෙන, ඒ සිද්ධිය ගැන අම්මට කියනවා. හරිම සංවේදී. මට හිතුනා "මෙයා දන්න කෙනෙකුත් එතන ඉන්න ඇති" කියලා. පස්සෙ එයා ගියාම, මම අම්මගෙන් ඇහුවා ඒ ගැන. එතකොට අම්මා කිව්වා, "එයාගෙ කවුරුවත් ඉදලා නෑ, එයා නිකං කිව්වෙ" කියලා...... එයා තමයි මම මගේ ජීවිතේ දැකපු..... ජීවිතේට ඇස් දෙකෙන් දැකපු නැති, අනුන්ගේ දරුවෙක් වෙනුවෙන් කදුළු හලපු එකම තාත්තා. ඒක ගොඩක් සංවේදී මොහොතක් වුණා.
ඊළගට නුගේගොඩ හංදියේ බෝම්බය........ ඒත් 2007 අවුරුද්දෙමයි. 9 වසරෙ අවසන් වාර විභාගය යන දවස්. නොවැම්බර් මාසයේ අන්තිම දවස් ටික.... මට මතක විදිහට බදාදා දවසක්. අපිට පහුවෙනිදා තිබ්බෙ ඉතිහාසය. මම ඉතිහාසය පාඩම් කර කර හිටියෙ. ඊට පස්සෙ දිගට හරහට ප්රවෘත්ති යන්න ගත්තා නුගේගොඩ හංදියේ බෝම්බයක් ගිහින් කියලා. මට දෙලොව රත් වුණා. එදා අපේ ගමේ පන්සලේ වෙරළුගස්තැන්නේ පඤ්ඤාණන්ද නායක හාමුදුරුවන්ගේ ආදාහනය දවස. අම්මයි, එහා ගෙදර ඇන්ටියි ආදාහන උත්සවයට ගිහින්, එන වෙලාව තමයි ඒ. මට ගොඩක් බය හිතුනා. "අම්මත් එතන හිටියද? නැද්ද? හිටියද? නැද්ද?" මම එ වෙලාවෙම අම්මට ඇමතුමක් ගත්තා. "ආහ් ඔව්. අපි මේ ත්‍රීවිල් එකකින් එන ගමන් ඉන්නෙ. ත්‍රීවිල් එකේ කෙනා කිව්වා අපිට. අපි වෙන පැත්තකින් එන්නෙ".......... ඊට පස්සෙ තමයි මම පියවි සිහියට ආවෙ. ඊට පස්සෙ ඒ කාලෙ අධ්‍යාපන ඇමති, සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා එ වෙලාවෙම නිවේදනයක් නිකුත් කළා, කොළඹ ඔක්කොම පාසල්වලට බ්‍රහස්පතින්දා, සිකුරාදා නිවාඩු දෙන්න කියලා. ඊට පස්සෙ පොත්ටික පැත්තකට දාලා ප්රවෘත්ති බැලුවා. මට මතකයි එක මනුස්සයෙක් පණ පිටින් ගිනි ගන්න, සංස්කරණය නොකරපු දර්ශනයක් පෙන්නුවා සෑහෙන වෙලාවක්. පපුව හෝස් ගාලා ගියා ඒවා දකිනකොට.

2007 වුණු අවසාන ඛේදනීය සිද්ධිය තමයි, දෙසැම්බර් නිවාඩුවේදී අපේ අංශයේ ඉගෙන ගත්ත ළමයෙක්, බස් බෝම්බයකින් ජීවිතක්ෂයට පත්වීම. යාලුවෙක් නොවුණත්, 1 වසරෙ ඉදන්ම හිටපු නිසා, අනන්තවත් එයාව ඕනතරම් දැකලා තියෙනවා. අපේ වයසෙ ළමයි අතරෙ හිටපු උසම ළමයින්ගෙන් කෙනෙක්. සුදුම සුදුයි. උසයි. කෙට්ටුයි. නම, පැතුම් ! නැන්දත් එක්ක ගමනක් ගිහින් එනකොට, බස් එකක පුපුරපු පාර්සල් බෝම්බයකින් තමයි නැතිවුණේ. ඒ කියන්නෙ සාමාන්‍ය පෙළ ලියන්න අවුරුද්දක් තියලා..... මට මතකයි 2008 පළවෙනි පාසල් වාරය පටන් ගන්නකොට, ඉස්කෝලෙ ගේට්ටු ඉස්සරහා එයාගෙ පින්තූරය තියෙන බැනර් එකක් එහෙම එල්ලලා, හෙන විශාල සුදු කොඩියක් දාලා තිබ්බා. උදෑසන ප්රවෘත්ති විකාශයෙදිත් විනාඩි දෙකක විතර නිශ්ශබ්දතාවයක් පැවැත්තුවා.
2008 අවුරුද්දෙ මැදකදි බොරලැස්ගමුවේ, බොරලැස්ගමුව හංදිය කිට්ටු කරලා මරාගෙන මැරෙන බෝම්බයක් පිපුරුවා. ඒක පිපුරුවේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයව ඉලක්ක කරලා. සිරිසේන මහත්තයත් මොළේ කල්පනා කරලා යනකොට ගියපු වාහනේ නෙවේ, එනකොට ඇවිත් තියෙන්නෙ. බෝම්බකාරයා පැනලා තිබ්බෙ, සිරිසේන මහත්තයා උදේ ගියපු වාහනේට. මට මතක විදිහට පාරෙ ගියපු මනුස්සයෙක් නැති වුණා..... මේ බෝම්බෙ පුපුරපු වෙලාවෙ, මම හිටියෙ ඉස්කෝලෙ. ගෙදර ආවම අම්මා කිව්වා, බෝම්බෙ සද්ධෙ ගෙදරට හොදට ඇහුණා කියලා.
2009 අවුරුද්ද ගැන මතක් කරනවා නම්, එක දවසක් උදේ මුළු 11 වසර ගොඩනැගිල්ලම හිස් කරලා, ළමයින්ව මීටර් ගාණක් ඈතට එක්කන් ගියා. ඊට පස්සෙ එක දිගටම නළා සද්ධයක් දාන්න ගත්තා. 11 වසර ගොඩනැගිල්ල තිබ්බෙ, පාර එහා පැත්තෙ. බැලින්නම් එතන කවුදෝ මිනිහෙක් වාහනය නවත්තලා ගිහින්. ඉතින් සැක කටයුතු වාහනයක් කියලා තමයි, ඒ වැඩේ කරලා තියෙන්නෙ.
කොළඹට එල්ල වුණු අන්තිම ත්‍රස්තවාදී ගුවන් ප්‍රහාරය එල්ල වුණෙත් 2009ම තමයි. මතක විදිහට 2009 මාර්තුවලට කලින්. ඒක 2007 වුණා වගේ නිකන් ගුවන් ප්‍රහාරයක් නෙවේ. මරාගෙන මැරෙන එකක්. එදත් රෑ මුළු කොළඹම විදුලිය විසන්දි කළා. 2007 වගේම එදත් රත්මලානෙන් අහසට වෙඩි තියයි කියලා හිතුවත්, එහෙම දෙයක් නම් වුණේ නෑ. මේ පාර ඉලක්කය වෙලා තිබ්බෙ කොළඹ අග නගරයයි. සෑහෙන වෙලාවක් අපි කළුවරේ හිටියා. කළුවරේ ඉන්නකොට අපිට ඇහෙනවා ගුවන් යානාවක සද්ධයක්. ළග ළගම ඇහෙනවා. ඊට පස්සෙ ඒක හෙන ඈතට යනවා වගේ ඇහෙනවා. ආයිත් ළග ළගම ඇහෙනවා. ආයිත් ඈතට යනවා වගේ ඇහෙනවා. පස්සෙ දැනගන්න ලැබුණා ඒ රත්මලානෙන් නග්ගපුවා දෙකක් කියලා. අවදානමක් තියෙන නිසා, රත්මලානෙ ආරක්ෂාවට සීමාව වටේ මුර සංචාරයේ දැම්මලු. සමහරවිට රත්මලානෙ තුවක්කු ක්‍රියාත්මක කළේ නැත්තෙත් මේක නිසා වෙන්න ඇති.

|
|
කොහොම හරි කොළඹට ආපු කොටින්ගේ යානා දෙකම එදා බිම දාන්න ගුවන් හමුදාවට පුළුවන් වුණා. එකක්, ගුවන් යානයකින්. අනිත් එක ගුවන් යානා නාශක අවියක උණ්ඩයකින්. මට මතක විදිහට එක සිවිල් වැසියෙක් මැරුණා. ඒත් කලබල වුණු නිසා ආපු පපුවෙ අමාරුවකින්. දෙවෙනි යානාවත් බිම දැම්මට පස්සෙ තමයි, එදා කොළඹට ආයිත් විදුලිය සපයන්න පටන් ගත්තෙ.
මට මතක විදිහට අප්‍රේල් වෙනකොට ප්රභාකරන් "මහත්මයාගේ" පාලන ප්‍රදේශය වර්ග අඩි 25 x 25 කොටුවකට සීමා වුණා. ඒ කාලෙ තමයි යුධ මුක්ත කලාපයක් හදලා, ගුවන් සහ බර අවි ප්‍රහාර නැවැත්තුවේ. හිරවෙලා හිටපු දෙමළ මිනිස්සු පුදුකුඩිරිප්පු හරහා එන්න ගත්තෙ. එහෙම ආපු අයට එල්.ටී.ටී.ඊ එකෙන් වෙඩි තියපු විදිහ, ඩ්‍රෝන යානාවලින් ගත්ත දර්ශන හරහා ප්‍රවෘත්තිවලට පෙන්නුවා. මැයි මාසෙ මුල් සතිය වෙනකොට, මට සතියක් විතර කළුබෝවිල ඉස්පිරිතාලෙ නවතින්න වුණා. අපේ වාට්ටුවෙ උඩ ගහලා තිබ්බා TV එකක්. ඉතින් ප්‍රවෘත්තිවලින් මිනිස්සු පැනලා එන රූප රාමු, හමුදාවෙ අය ඒ අයට සළකන විදිහ පෙන්නන රූප රාමු එහෙම පෙන්නකොට මිසීලා, රෝහල් සේවකයො වගේම ඇදන්වල ඉන්න අයත් නැගිටලා ටීවි එක ළගට එනවා. ඒ, තියෙන උද්යෝගය නිසයි. නැත්නම් වාට්ටුවෙ කොහේ හිටියත් TV එක හොදට පේනවා.
දෙමළ ළමයෙක් හිටියා මගේ ඇදට ඉස්සරහා ඇදේ. කටේ පැත්තක් ඇදයි. කට වටේට බෙහෙත් දාලා, Bandage දාලා. කතා කරගන්න බෑ. ගොළුවෙක් කතා කරනවා වගේ තමයි කතා කරන්නෙ. කටින් සද්ධ දානවා. හැබැයි වචන පිටවෙන්නෙ නෑ. එයාට බොන්න පුලුවන් වතුර විතරයි. ඒත් බටයකට දාලා දෙන්නෙ. කෑම වුණත් දෙන්නෙ, හරිම සරල කෑම. එයා මැරෙන්න හදනවා එක එක ජාතියේ කෑම බීම ඉල්ල ඉල්ල. මිසීලටත් කරගන්න දෙයක් නෑ. බැරිම තැන බනිනවා. එයත් පව්. මිසීලත් පව්. මොකක්ද හේතුව? පුදුකුඩිරිප්පුවල ඉදලා පැනලා එනකොට, එල්.ටී.ටී.ඊ එකෙන් තියපු මෝටාර් එහෙකට අහුවෙලා......

යුද්ධය දිනන්න ඔන්න මෙන්න තියෙනකොට රජයෙන් ඉල්ලීමක් කළා, හැම ගෙදරකින්ම ජාතික කොඩියක් දාන්න කියලා. අපේ ගෙදරිනුත් කොඩි දෙකක් දැම්මා. එක කොඩියක් හෙන විශාලයි. මේක හිටෙව්වෙ අපේ ගෙදර වහල උඩ. කොඩි කණුව අඩි 10ක් විතර උසයි. අපේ පැත්තෙ උඩින්ම වගේ තිබ්බෙ අපේ කොඩිය. මේක හිටවනකොටයි, මේක දිහා බලාගෙන ඉන්නකොටයි හරිම සතුටක් සහ අභිමානයක් දැනුනා. ඒ ගුවන් හමුදාවෙ හෙලිකොප්ටර්වල ගමන් කරන අයට, අපේ කොඩියත් පෙනේවි සහ එයාලත් ඒක දැකලා සතුටුවෙයි කියන සිතුවිල්ල නිසා.
2009 මැයි 18 වෙනකොට අපි හිටියෙ ඉස්කෝලෙ. මට මතකයි පාසල් වෑන් එකට ආපු හැටියෙම වෑන් අංකල් කිව්වා "යුද්ධෙ ඉවරයි" කියලා. එදා ගෙදර යනකන්ම වෑන් එකේ Radio එකෙන් අපි ප්රවෘත්ති අහ අහ ගියේ. ඒ වෙලාවෙ දැනුන සතුට නම් මෙච්චරයි කියන්න බෑ. ඇස්වලටත් කදුළු ඉණුවා. කාලකන්නි යුද්ධයක් ඉවරවෙලා....... ආයිත් බෝම්බ පත්තු වෙන්නෙ නෑ..... මරණ බය නෑ...... ඒ වෙලාවෙ ගුවන්විදුලියෙන් කිව්වා චාල්ස් ඇන්තනීව හම්බුනා. පොට්ටු අම්මාන් ඉවරයි. සුසෙයි ඉවරයි කියලා.....
2008 තොප්පිගල අල්ලගන්නකොට ස්වාධීන රූපවාහිනියේ පැය දෙක තුනක සාකච්ඡාවක් ගියා සුධර්මන් රදලියගොඩ සහ හමුදාපති ලුතිනන් කර්නල් සරත් ෆොන්සේකා මහත්තයා අතරේ. ඒ වෙලාවෙ සුධර්මන් ඇහුවා "බැරිවෙලාවත් ප්රභාකරන් මැරුණොත්, කවුද ඊළග නායකයා වෙන්නෙ? එයාගෙම පුතා, චාල්ස් ඇන්තනීද? නැත්නම් පොට්ටු අම්මාන්ද? ඒ වගේම සුසෙයි වගේ තවත් පිරිසක් ඉන්නවා?".... ඒ වෙලාවෙ ෆොන්සේකා මහත්තයා කිව්වා "නෑ. ඔය කවුරුත් ඉතුරුවෙන්නෙ නෑ. ප්රභාකරන් මැරෙනකොට, අනිවාර්යෙන් එයාගෙ වටේ ඉන්න අයත් ඔක්කොම මැරෙනවා" කියලා...... අවුරුදු එක හමාරකට විතර පස්සෙ, ඒ කියපු දේ නම් ටක්කෙටම හරි ගියා.... ඒ ප්‍රකාශයත් මතක් වුණා ඒ වෙලාවෙ.
ඔහොම තමයි යුද්ධ කාලය ගැන මගේ පෞද්ගලික මතකය. සාමය ලබාගන්න ලේසියි. හැබැයි පවත්වාගෙන යෑම තමයි අමාරු. ඉතින් මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, ආයිත් මෙහෙම කුරිරු යුද්ධයක් නම් ඇති වෙන්න එපා කියලා. ඉපදෙන්න හිටපු මව්කුසේ ඉන්න කිරිකැටියගෙ ඉදලා, මහළුම මහළු කෙනා වෙනකන් සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු දහස් ගණනක් මැරුණා. අවුරුදු 30ක් අපේ රට ආපස්සට ගියා. එහෙම එකේ තවත් යුද්ධයක් ආවොත් නම්, මේ පුංචි රට නැත්තටම නැති වෙනවා. ඒ වගේම තවත් දෙයක් මතක තියා ගන්න ඕන. එල්.ටී.ටී.ඊ එක පැරදුනේ යුධමය අතින් විතරයි. හැබැයි දේශපාලනික, සාමාජීය, ආර්ථික අංශ හරහා තවමත් ක්‍රියාත්මකයි. තනි කෝටුව කඩන්න ලේසියි. දර මිටිය කඩන්න අමාරුයි.

අවසාන වශයෙන්............... මගේ වටේ හිටපු අය කිහිප දෙනෙක්ට වුණු දේවල් ටිකකුත් කියලම ලිපිය ඉවර කරන්න හිතුණා. නැත්නම් ඒ තොරතුරු අපරාදෙ. මුලින්ම මතක් වෙන්නෙ අපේ ඉස්කෝලෙ ඒ කාලෙ අපේ උසස්පෙළ කලා අංශයේ ඉතිහාසය සර්වයි. ඒ තමයි නිමල් රණසිංහ සර්.
“වව්නියාව කියන්නෙ හරියට කොන්ස්තන්තිනෝපල් නගරය වගේ තැනක්. පෙරදිග සහ බටහිර ලෝකය කොන්ස්තන්තිනෝපල් වලින් වෙන් වුණා වගේම, ඒ කාලෙ උතුර සහ දකුණ වෙන් වුණේ වව්නියාවෙන්. වව්නියාවට එහායින් තිබ්බෙ එල්.ටී.ටී.ඊ එකේ බල ප්‍රදේශය. වව්නියාවෙන් මෙහාට තිබ්බෙ යුධ හමුදාවේ බල ප්‍රදේශය. මේ දෙක මැද්දෙ තමයි වව්නියාව තිබුණෙ. ඒ කාලෙ ගොඩක් වෙලාවට අපිට බෝම්බ පුපුරන, වෙඩි තියන සද්ධ ඇහෙනවා. මොකද Border එක නිසා. ඒ වුණාට අපේ පළාත්වල අයට නම් මේවා ගාණක්වත් නෑ. ඔව්වා අහන් ඉදලම පුරුදු වෙලා. ඒ නිසා අපේ පැත්තෙ අයට මෙෂින් තුවක්කුවකින් වෙඩි තියන සද්ධෙ ඇහුනෙත් හරියට නැලවිලි ගීයක් වගේ. අකුරු දන්නෙ නැති පොඩි එවුන් හිටන් ඒ ඒ සද්ධ හොදට දන්නවා. මොකක් හරි සද්ධයක් ආවොත්, උන්ට ටක්කෙටම කියන්න පුලුවන් ඒ පිපුරුවේ මෝටාර් එකක්ද, නැත්නම් බිම් බෝම්බයක්ද කියලා. ඒ වගේමයි වෙඩි සද්ධයක් ඇහුනොත්, ඕන නම් ඒ තුවක්කුවේ වර්ගයත් කියාවි.”
ඒ යුධමය වාතාවරණය ගැන තිබුණු අපේ නිමල් සර්ගෙ අත්දැකීම්වලින් ටිකක්. සර්ගෙ ගමේ හාමුදුරු නමක් හිටියලු. හාමුදුරුවො කෙනෙක් කිව්වට හොදට මස් මාළු වැළදුවලු. ඒ වගේම හැමතිස්සෙම බීගත්තු ගමන්මලු හිටියෙ. හාමුදුරුවන්ගේ ඉනේ හැම වෙලේම පිස්තෝලයක් තිබුණලු. යුද්ධෙ කාලෙ හාමුදුරුවොලු ගමේ අයගේ ආරක්ෂකයා වුණේ. කවදාවත් හරියට සැතපුනේ නෑලු. ගමේ අය නිදියද්දි, මේ හාමුදුරුවන්ලු ගම මුර කළේ. ගමට කොටි ගහන්න එනකොට, හාමුදුරුවො කරන්නේ පිස්තෝලෙන් තුන් පාරක් උඩට වෙඩි තියන එක. ඉතින් ගමේ මිනිස්සු දැන ගන්නවලු ඒ හාමුදුරුවන්ගේ පිස්තෝලෙ සද්ධෙ කියලා. ඉතින් ගමේ මිනිස්සු ඒ අනුව ආරක්ෂා වෙන්න පියවර ගත්තලු. යුද්ධෙ දිනන්න කලින් ඒ හාමුදුරුවො අපවත් වුණාලු. ඒත් නිමල් සර් කියපු විදිහට එතකොටත් ජීවත්වෙලා හිටියා නම්, යුද්ධෙ දිනපු එක ගැන ඉහළින්ම සන්තෝස වෙන අය අතරේ, ඒ හාමුදුරුවොත් අනිවාර්යෙන්ම ඉන්නවලු.
තව තියෙනවා........ ඒ ඔක්කොම මෙතන ලියන්න අමාරුයි. හැබැයි ඒ ඔක්කොම ඔයාලට කියවන්න පුලුවන්, "අපේ ඉතිහාසය සෑර්" කියන මෙන්න මේ ලිපිය හරහා.

ඒ වගේම අපේ ගමේ ළමයෙක් ක්‍රියාන්විතයේදී තුවාල වුණා. අපේ ගෙවල් එහා පැත්තෙ ඉන්නෙ. මට වඩා අවුරුද්දක් වැඩිමල්. ඒ කියන්නෙ තුවාල වෙනකොට වයස අවුරුදු 18යි. 2009 එල්.ටී.ටී.ඊ එකෙන් බේරිලා පැනලා එන මිනිස්සුන්ට උදව් කරනකොට, කකුලකට වෙඩි වැදිලා. සෑහෙන කාලයක් ඇවිදගන්න බැරුව තමයි හිටියෙ.
ඊළගට අපේ දමිත මාමා. දමිත බණ්ඩාර ජයසේකර..... තාත්තාගෙ පොඩි මාමාගෙ එකම පුතා. 1993 අවුරුද්දෙ යාල්දේවි මෙහෙයුමේදි ජීවිතය පුජා කළා, වයස අවුරුදු 21දි. ඒ මාමා ලියපු ලිපියක්, සෑහෙන කාලෙකට උඩදි මම ආයිත් පරිවර්තනය කරලා ලිව්වා.
ඊට පස්සෙ අපේ අම්මගෙ ලොකු අක්කා.... මම හය හතර නොතේරෙන කාලෙ ඉදලම හිටියේ කොලොන්නාව තෙල් සංස්ථාවෙ නිළ නිවාසයක. ඒ අපේ ලොකු තාත්තා එහේ වැඩ කරපු නිසා. නිල නිවාසයට එහා පැත්තෙන් තියෙන්නෙ තෙල් ටැංකි. මට මතක විදිහට තෙල් සංස්ථාවට එල්ල වුණු ප්‍රහාර තුනකින් බේරුනා. එකක් එල්.ටී.ටී.ඊ පාබල හමුදාවේ ප්‍රහාරයක්. අනිත් දෙක ගුවන් ප්‍රහාර. ගුවන් ප්‍රහාර සිද්ධියේදි ඒ ළගට බෝම්බයක් වැටුණා කියලත්, ඒ බෝම්බය පිපුරුවෙ නෑ කියලත් පස්සෙ ආරංචි වුණා. ඒ කාලෙ පූර්ව දැනුම් දීමක් කරලා, ලොකු අම්මලා බලන්න ගියත්, කිලෝ මීටර කිහිපයක් යනකන්ම, නිළධාරීන් 100ක් විතර, අතරින්පතර ඉදගෙන, අපේ වාහනේ එහෙම පරීක්ෂා කළා. ඒ තරම් තදම තද ආරක්ෂාවක් දාලා තිබ්බේ.
ඒ විතරද? ඇයි අපේ තාත්තා? ඒ කාලේ ජනාධිපති ප්‍රේමදාසගේ රජයේ හිටපු රන්ජන් විජේරත්න ඇමතිතුමා ගිහින් තියෙන්නෙ තාත්තලාගේ ගෙදර (කොහුවල මහ ගෙදර) ඉස්සරහින්ලු. තාත්තා හැමදාම පාර අයිනට වෙලා බයික් එක තියාගෙන ඉන්නවලු.... ඇමතිගෙ වාහන පේළිය එනකොට, පාරවල් වහනවලු. ඒ නිසා පාර හිස් වෙනවලු. පාර ඇරියම හිරවෙලා තිබ්බ වාහන ඔක්කොම ටික, ගාට ගාට යන්න ගන්නකොට හෙන වෙලාවක් යනවලු. ඉතින් තාත්තා කරන්නෙ පාර වහපු හැටියෙම, රන්ජන් ඇමතිතුමාගෙ වාහන පේළිය පහුවෙනවත් එක්කම, ඒ වාහන පිටිපස්සෙන්ම බයික් එකෙන් යන්න ගන්නවලු. හරියට ගිලන් රතයක් යනකොට, ඒක පිටිපස්සෙන් ත්‍රීවිල් පදවන අය යනවා වගේ.
1991 අවුරුද්දෙ දවසක් ඔහොම රැකගෙන ඉන්නකොට, පොඩි නැන්දා මොකකට හරි කතා කළාලු. ඒ නිසා ඒ වෙලාවෙ යාගන්න බැරි වුණාලු. රන්ජන් ඇමතිගෙ වාහන පේළිය මග ඇරුණලු. ටික වෙලාවකින් ලොකු පිපුරුම් සද්ධයක් ඇහුණලු. වෙලා තියෙන්නෙ මොකක්ද? දුරස්ථ පාලකයකින් මෙහෙයවපු එල්.ටී.ටී.ඊ කාර් බෝම්බයකින් ඇමතිතුමා ඝාතනය වෙලා. පොඩි නැන්දා එදා අහම්බෙන් හරි, තාත්තාව නැවැත්තුවේ නැත්නම්, තාත්තත් අද නෑ. එහෙනම් මේ ලිපිය ලියන දනුල කියලා කෙනෙකුත් අද නෑ !