ගවේෂණ අංක 04
25. අභයගිරි අභිෂේක මණ්ඩපය
අභයගිරි චෛත්‍යය වන්දනා කරන්න යන හුගාක් දෙනෙක්ට මග ඇරෙන ස්ථානයක් තමයි අභිෂේක මණ්ඩපය. අභිෂේක මණ්ඩපය පිහිටලා තියෙන්නෙ ස්තූපයට ඇතුළු වෙන ස්ථානයට වම් පැත්තෙන් සහ ස්තූපයේ පොකුණට ඉස්සරහින්. අභයගිරියේ පසු කාලීනව ඇති වුණු මහායානික බලපෑම නිසා විහාර පරිශ්‍රයට මහායානික සංස්කෘතියත් එකතු වෙනවා. මහායානිකයන්ගේ ආගමික චාරිත්‍ර අතර ප්‍රතිමා අභිෂේකය විශේෂයි. ඒ අනුව අභයගිරි විහාරයේ බුද්ධ ප්‍රතිමා සහ බෝධිසත්ව ප්‍රතිමා අභිෂේක කරලා තියෙන්නෙ මේ ස්ථානයෙයි. මේ කටයුත්ත සිද්ධ කරලා තියෙන්නෙ මණ්ඩපයට ඉස්සරහින් තියෙන පොකුණෙන් ලබා ගත්තු සුවද පැන් වලින්. පැන් බදුන් සහ ප්‍රතිමා තැන්පත් කරපු කුඩා කුඩා වේදිකා වගේම, අභිෂේක ජලය රදවා ගත්තු කාණුද අදටත් අපිට දැක බලා ගන්න පුලුවන්.
26. අභයගිරි ප්‍රතිමා ගෘහය
අනුරාධපුරයේ රත්න ප්‍රාසාදයට වම් පැත්තෙන් පිහිටලා තියෙන මේ ගොඩනැගිල්ල අභයගිරි විහාරයේ තිබුණු පිළිම ගෙවල් වලින් එකක් විදිහට හදුනාගෙන තියෙනවා. ගොඩනැගිල්ලේ අත්තිවාරම් කොටස් දිහා හොදින් බැලුවොත්, ගොඩනැගිල්ල කොටස් කිහිපයකට වෙන් කරලා තිබුණාය කියලා දැක ගන්න පුලුවන්. ගොඩනැගිල්ලෙ කෙලවරින් ප්‍රාථමික මට්ටමේ සදකඩ පහණකින් සහ පඩි පෙළකින් සමන්විත වජ්රාසනයක් දකින්න පුලුවන්. පුරාවිද්‍යාඥයන් හදුනා ගෙන තියෙන විදිහට ඉපැරණි අවධියේ ඉදලා පසු අවධිය වෙනකං අවධි 4ක ලක්ෂණ, මේ ගොඩනැගිලි වලින් දකින්න පුලුවන්. ඒ වගේම මුල් ගොඩනැගිල්ලේ ලක්ෂණ වෙනස් කරන්නෙ නැතුව භාවිතා කරලා තියෙනවා කියලා, කැණීම් වලින් හොයා ගත්තු කණු වලවල් වලින් ඔප්පු වෙනවා.
27. අභයගිරි සංඝාරාමය
අභයගිරි විහාරයට අයත් ඉපැරණි සංඝාරාමය පිහිටලා තියෙන්නෙ අභයගිරි බෝධිඝර අංක 1 හෙවත් දෙවෙනි සමාධි බුද්ධ ප්‍රතිමාවට පිටුපසින්. ඉපැරණි ප්‍රෞඩ ශිෂ්ටාචාරයක වත ගොත හෙළි කරන මේ සංඝාරාමය, අනුරපුරයට එන හැම කෙනෙක්ම අනිවාර්යෙන් දැක බලා ගන්න ඕන. චීන ජාතික පාහියන් හිමියන්ගේ වාර්තා අනුව අභයගිරියේ දේශීය සහ විදේශීය භික්ෂූන් 5000ක් නේවාසිකව හිදිමින් අධ්‍යාපනය ලැබුවා. මේ සංඝාරාමය තුළත් භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩ වාසය කළාට කිසිම සැකයක් නෑ. මේ භූමියට ඇතුල් වෙන්න තියෙන්නෙ සාමාන්‍ය ප්‍රමාණයේ ගල් වියනක් යටින්. ගල් වියනින් පිවිසුනාම දකින්න තියෙන්නෙ අක්කර ගණනාවක භූමි ප්‍රදේශයක විසිරී පැතිරී තියෙන නටබුන්.
ශේෂ වෙලා තියෙන අත්තිවාරම් සහිත ගොඩනැගිලි අතරින් තරමක් විශාල ගොඩනැගිල්ලක් අපිට දකින්න පුලුවන්. ගොඩනැගිල්ලේ ප්‍රමාණය සහ අංග අනුව මේ ප්‍රධාන සංඝාරාමය වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මේ ගොඩනැගිල්ලට පිවිසෙන කොටම සුවිශාල සදකඩ පහණක් දකින්න ලැබෙනවා. නෙළුම් මල සහිත කොටස විතරක් කැටයම් කරලා තියෙන මේ සුවිශාල සදකඩ පහණ දෙපැත්තෙ, රත්නප්රාසාදයේ මුරගලට සමාන, සියුම්ව කැටයම් කරපු මුරගල් දෙකකුත්, ඊට පිටුපසින් කැටයම් දාපු කොරවක්ගල් ද්විත්වයකුත් දකින්න පුලුවන්. බහිරව රූප කැටයම් කරපු පඩි පෙළ නැග්ගම, සංඝාරාමයේ කාමර කොටස්වල අත්තිවාරම් සහ කණු දකින්න පුලුවන්. මේ ගොඩනැගිල්ල කෙලවර වෙන්නෙ කුඩා ප්‍රමාණයේ ගල් වියනකින්. ගල් වියනින් ඇතුල් වුණාම විශාල පොකුණක් දකින්න පුලුවන්.
අභයගිරිය කියන්නෙ අනුරපුර යුගයේ තිබුණු සැප පහසුකම අතින් වැඩිම ආරාම සංකීර්ණයයි. මහා විහාරය සහ අභයගිරි විහාරය අතර සීතල මත ගැටුම් ඇති වෙන්නත්, මහා වංශයෙන් අභයගිරි විහාරය සහ විහාරයට අනුග්‍රහය දක්වපු රජවරු ගැන වැඩි විස්තර නොලියවෙන්නත් මේක වැඩි වශයෙන් බලපෑවා. මහා විහාරික භික්ෂූන් අභයගිරි විහාරය ගැන ඊරිසියාවෙන් පෙලුනෙ මෙන්න මේ වගේ අංග ලක්ෂණ නිසයි. පොකුණේ දකුණු කෙලවරේ පඩි පෙළක් දකින්න පුලුවන්. පොකුණෙන් එහා පැත්තෙත් මේ වගේම ආවාස ගෙවල්වල නටබුන් විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්.

ඊට අමතරව අනිත් සියල්ලත් කුඩා කුඩා සංඝාරාම විදිහට තිබුණු ගොඩනැගිලි. ගොඩනැගිලි ප්‍රමාණය ගණන් කරන්නත් බැරි තරම්. ප්‍රාථමික මට්ටමේ කැටයම් නොකළ කුඩා සදකඩ පහණ්, ගල් කණු, නෙළුම් මල් විශාල ප්‍රමාණයක් ඒවා තුළ අන්තර්ගතයි.
28. නාවින්න රජමහා විහාරය
නාවින්න හංදියෙන් දකුණට හැරිලා, රජමහා විහාර මාවත දිගේ ඉස්සරහට ගියාම නාවින්න රජමහා විහාරයට පිවිසෙන්න පුලුවන්. විහාරාධිපති හාමුදුරුවො කියපු විදිහට නාවින්න රජමහා විහාරය නිර්මාණය කරන්නෙත්, 1418දි රාජ්‍යත්වයට පත් වුණු 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. 1505න් පස්සෙ කෝට්ටේ රාජ්‍යයට අයිති අනිත් රජමහා විහාර වගේම නාවින්න රජමහා විහාරයත් පෘතුගීසී ආක්‍රමණයට අහු වෙනවා. පෘතුගීසී ආක්රමණත් එක්ක මිනිස්සු කෝට්ටෙ රාජ්‍ය අතෑරලා දාලා උඩරටට සංක්‍රමණය වෙනවා. ඒත් එක්කම නාවින්න රජමහා විහාරය ජන ශූන්‍ය කලාපයක් බවට පත් වෙලා, මහා ඝන කැළෑවකින් වැහිලා යනවා.
අද වෙන කොට රජමහා විහාරයේ පැරණි සහ මුල් ඉදි කිරීම් කිසිවක් දකින්න නෑ. හැබැයි කෝට්ටේ රාජ්‍ය සමයට අයිති ඉපැරණි උළු වගයක් නම් හොයා ගෙන තියෙනවා. රජමහා විහාරයේ රෝපණය කරලා තියෙන බෝධින් වහන්සේ, කෝට්ටේ යුගයේ රෝපණය කරපු මුල් බෝධින් වහන්සේ කියලා තමයි කාගෙත් අදහස.
සංවර්ධන ක්‍රියාවලිය නිසා අද රජමහා විහාරය කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. පාරේ දකුණු පැත්තේ චෛත්‍යයත්, වම් පැත්තේ බෝධීන් වහන්සේ සහ නව බුද්ධ මන්දිරයත් දකින්න පුලුවන්. අද වෙන කොට විහාරය පුරාවටම මෑත කාලයේ නිර්මාණය වුණු ඉදි කිරීම් දකින්න තිබුණත්, මේ ඉදි කිරීම් සියල්ලක්ම තියෙන්නෙ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් 1418 බුද්ධ ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කරපු ඉපැරණි ඉඩමක කියලා මතක තියා ගන්න ඕන.

29. උඩමාදුර ඓතිහාසික බෝධි වෘක්ෂය
මේ බෝධිය පිහිටලා තියෙන්නෙ නුවර එළියේ වලපනේ ප්‍රදේශයේ, ගල්කඩවල උඩමාදුර ප්‍රාථමික විද්‍යාලය පිහිටලා තියෙන ඉඩමේ. ඒ කියන්නෙ වලපනේ ඉදලත් කිලෝ මීටර් 30කටත් එහා. ප්‍රදේශවාසීන්ට අනුව මේ බෝධිය "අවම වශයෙන්" අවුරුදු 200කට වඩා පැරණියි. ඒ අය දන්න කියන කාලෙ ඉදලම, සීයලා මුත්තලාගේ කාලවල හිටං මේ බෝධිය මේ ප්‍රමාණයෙන්ම මෙතන තිබිලා තියෙනවා. ඒ නිසාම මේ බෝධිය සිංහල රජ කාලයේ රෝපණය කරපු, මෙතෙක් හරියාකාරව කිසිවෙකුගේ ගවේෂණයට ලක් නොවුණු අප්‍රසිද්ධ බෝධියක්.
බොහෝ අය කියනවා මේක අනුරාධපුර කාලයේ රෝපණය වුණු එකක් කියලා. මොකද දුටුගැමුණු, වළගම්බා, විජයබාහු ආදී රජවරු දීර්ඝ කාලයක් රැදී සිටිමින් සේනාව සංවිධානය කරලා තියෙන්නෙ මේ ප්‍රදේශයේ නිසා. ඒ විතරක් නෙවේ දුටුගැමුණු රජතුමාගේ හමුදාවේ හිටපු ඵුස්සදේව, ථේරපුත්තාභය වගේ යෝධයන් ගැනත් මේ ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රවාද තියෙනවා. මහ නුවර යුගයේ "රන්දෙනිගල සටන" පැවතුනෙත් මේ ප්‍රදේශවල.
පාසල් භූමියේ ඉඩමේ වගා කටයුතු සදහා පොළොව හාරන කොට ඉපැරණි යුගයට අයත් අත්තිවාරම් කොටස්, මැටි වළං වගේ පුරාවස්තු කිහිපයකුත් මේ වෙන කොට අහම්බෙන් හොයා ගෙන තියෙනවා. බෝධිය අධ්‍යනය කරන්න යනවා නම් හවස 4.00න් පස්සෙ කාලය ඒ තරම්ම සුදුසු නෑ. රන්දෙනිගල අභය භූමිය පිහිටලා තියෙන්නෙ මේ ඉසව්වට එහා පැත්තෙන් නිසා හවස 5.00 වෙන කොට බෝධිය පිහිටලා තියෙන ස්ථානයට වල් අලි එනවා.

මේ ඓතිහාසික බෝධි වෘක්ෂය ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්
ගුරුකුලයට අරුණල්ලක් ලිපිය කියවන්න.
ගුරුකුලයට අරුණල්ලක් ලිපිය කියවන්න.
30. උඩමාදුර ගොළු ඔළුව
මේ අරුම පුදුම ස්ථානය පිහිටලා තියෙන්නෙත් නුවර එළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්රදේශයේමයි. ගල්කඩවල උඩමාදුර ප්‍රාථමික විද්‍යාලය පහු කරලා ඉස්සරහට යන කොට වම් පැත්තට තියෙන පටු සහ වංගු සහිත ටිකක් දුෂ්කර පාරෙන් හැරිලා, ටික දුරක් කෙලින් යන කොට වම් අත පැත්තෙන් ගංගාවක් හම්බ වෙනවා. විනාඩි 15ක විතර දුරක් ගෙවා ගෙන ගල් වැටි, කටු පදුරු, කූඩැල්ලො, වලවල්, දිය ඇලි, දිය පාරවල් අස්සෙන් කන්ද බැහැලා, විශාල ගංගාව තරණය කරලා, ගගේ උඩහට යන්න ඕන. "ගොළු ඔළුව"ට යන ගමන හරිම දුෂ්කරයි. ඒ වගේම භයානකයි. ඒ නිසා කවුරුත් ලේසියෙන් සතා සර්පයා ගැවසෙන මේ මහා ඝන වනාන්තරය ඇතුළට යන්නෙ නෑ. අධික සීතලකින් සහ ගුප්ත බවකින් යුතු මේ කලාපය පිහිටලා තියෙන්නෙ ජනාවාසයෙන් ගොඩක් ඇතුළට වෙන්න. ඒ නිසා කාටවත් මේ ප්‍රදේශය පේන්නෙ නෑ.
ගග තරණය කරගෙන උඩහට යන කොට කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ දිය ඇල්ල ආරම්භ වෙන ලොකු ගල් තලාව නගින්න ඕන. මෙහෙම නගින කොට අඩි දහස් ගාණක් ගැඹුරු වලවල් සමූහයක් හමු වෙනවා. ඒවා ස්වභාවිකව ඇති වුණු ඒවාද, නැත්නම් හෙළයා විසින් නිර්මාණය කරපු ඒවාද කියලා කියන්න නම් හරියටම පුලුවන්කමක් නෑ. සමහරක් වලවල් ඇතුළේ ගංගාවේ වතුර පිරිලා තියෙනවා. ඒ වගේම ඈත ගල් තලාවලත් සමහරක් කොටස් කෘතිම විදිහට ඔපමට්ටම් කරපු ගතියක් දකින්නත් පුලුවන්. මෙහෙම හුග දුරක් ගෙවාගෙන යන කොට තමයි දකුණු අත පැත්තෙන් "ගොළු ඔළුව" හමු වෙන්නෙ. මොකක්ද හැබෑටම මේ ගොළු ඔළුව කියන්නෙ..???? මේ තියෙන්නෙ "ගොළු ඔළුව"...!!!!!! දැකලා නැත්නම් දැන් බලා ගන්නකො එහෙනං.
ගල උඩ ඉදලා වේගෙන් එන වතුර පාර, ගලා ගෙන එන්නෙ ස්වභාවිකව ඔපමට්ටම් වුණු ගලේ විශාල කාණුවක් දිගේ. එහෙම ඇවිත් පහළට වැටෙන වතුර මේ විදිහට දිය සුළියක් ආකාරයට කැරකි කැරකි තියෙනවා. කවුරු හරි කෙනෙක් බැරි වෙලාවත් එතනට වැටුණොත්, ආයිත් ගොඩ ඒමක් නෑ. ඒ තරමටම මෙතන භයානකයි. ඒ වගේම ගැඹුරුයි. විශාල ගල් වලින් වට වෙලා තියෙන නිසා මෙතනින් එහාට වතුර යනවා අඩුයි. වතුර වලින් 5%ක් වගේ සුළු ප්‍රතිශතයක් පහළට යන කොට, ඉතිරි 95% මෙතනින් එහාට යන්නෙ නැතුව අතුරුදහන් වෙනවා. ඒ නිසා ඒ වතුර ප්‍රමාණය භූගත ජල මාර්ගයක් හරහා ගිහින්, ගගේ කොතනකින් හරි මතු වෙනවා ඇති කියලා තමයි ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නෙ.
උඩ ඉදලා "ඔළුවක" / "මොළයක" හැඩේට ස්වභාවික කාණුව දිගේ පහළට එන වතුර වැටිලා හැදෙන සුළිය ළගත් අමුතුම හැඩයේ කුහරයක් තියෙනවා. මේ කුහරය ගල් තලාවට හොදින් විවෘත වෙලා තියෙන නිසා කුහරය යටට රිංගන්නත් පුලුවන්. ප්‍රදේශවාසීන් කියන විදිහට මේ ගල යට විශාල නිධානයක සිතියමක් කොටලා තියෙනවලු. ඒත් ඒ සිතියම හරහා නිධානය පස්සෙ ගියපු කාටවත් හරි ගියේ නෑලු. හැමෝටම වස් වැදිලා එක එක කරදර සතුරු උපද්‍රව වලට මුහුණ දෙන්න වුණාලු.

අවුරුදු 6000කට කලින් අපේ රටේ රාජ්‍ය පාලනය කරපු මහා රාවණ අධිරාජ්‍යයාට සම්බන්ධ තොරතුරුත් නුවර එළියෙන් හමු වෙලා තියෙනවා. සමහරක් විට මේ ඉසව්වත් රාවණ රජ්ජුරුවන්ගේ කතා පුවතට සම්බන්ධ වෙන්න බැරි කමක් නෑ.
ප.ලි -
ගංගාව තරණය කරන කොට මගේ කැමරාවට වුණු අකරතැබ්බයක් නිසා, මට අර ගන්න පුලුවන් වුණේ ඡායාරූප තුනක් විතරයි. මෙහි පල කරලා තියෙන පළවෙනි පින්තූර තුන හැරුණු කොට, මේ ලිපිය සාර්ථකව පල කරන්න අනිත් පින්තූර ඔක්කොම ලබා දෙන්න තරම් තරිදු කැලුම් ඩයස් නානායක්කාර සහ සුචින්ත ඉදුකැල් සොහොයුරන් දෙදෙනා කාරූණික වුණා. ඒ නිසා මේ මොහොතේ ඒ දෙන්නවත් ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරනවා.
31. අභයගිරි බෝධිඝර අංක 02
මේ වෙන කොට අනුරාධපුරයේ අභයගිරි විහාරයට අයිති වෙලා තිබුණු බෝධිඝර තුනක් ප්‍රධාන වශයෙන් හදුනාගෙන තියෙනවා. අභයගිරියේ බෝධිඝර අංක 1 සහ බෝධිඝර අංක 3 ගැන අපි පහු ගිය ලිපියෙන් ගොඩක් පුළුල් විදිහට සාකච්ඡා කළා. මොකද ඒවා අනුරපුර නටබුන් බලන්න එන ගොඩක් අයගෙ නෙත ගැටෙන්නෙ නැති, ගොඩාක් අප්‍රසිද්ධ ස්ථාන නිසා. ඒත් මෙතනදි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අභයගිරි බෝධිඝර අංක 2 නම්, අනුරාධපුරය බලන්න එන හැම කෙනෙක්ම අනිවාර්යෙන් පිවිසෙන ස්ථානයක්. අභයගිරි බෝධිඝර අංක 2 විදිහට හදුනාගෙන තියෙන මේ ස්ථානයේ තමයි සුප්‍රසිද්ධ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ (සමාධි පිළිම අංක 1) වැඩ ඉන්නෙ. හැබැයි මේ කතා කරන්න යන්නෙ සුප්‍රසිද්ධ සමාධි බුද්ධ ප්‍රතිමාව ගැන නම් නෙවේ. සමාධි බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් පිහිටලා තියෙන බුදු පිළිමය ගැන. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ සමාධි බුද්ධ ප්‍රතිමාවේ ඉදිරිපස විතරක් නරඹන්න. ප්‍රතිමාව වටේ කැරකිලා ප්‍රතිමාව අධ්‍යනය කරන්න ගොඩක් අය පෙළඹිලා නෑ. ඒ නිසා සමාධි පිළිමයට පිටුපසින් තියෙන මේ ප්‍රතිමාව ලේසියෙන් කාටවත් පේන්නෙ නෑ. මොකද මේ ප්‍රතිමාවේ උඩ කොටස නැති නිසා, සමාධි පිළිමයට වඩා උසින් අඩු මට්ටමක තමයි තියෙන්නෙ.
දැනට හදුනාගෙන තියෙන විදිහට මේ බෝධිඝරය වටේ ප්‍රතිමා තුනක් තිබිලා තියෙනවා. බෝධිඝරය හොයා ගන්න කොටත් ප්‍රතිමා තුනෙන් දෙකක්ම විනාශ වෙලා. සුප්‍රසිද්ධ සමාධි බුද්ධ ප්‍රතිමාව සහ අනිත් පිළිම දෙකම වජ්රාසන වලින් බිමට වැටිලා, කොටස් වලට කැඩිලා තිබුණලු. සමාධි පිළිමයත්, පිටුපස තියෙන ප්රතිමාවත් හැරුණු කොට තවත් කුඩා ප්‍රමාණයේ මුල් කොටස නැති ප්‍රතිමාවක්, බෝධිඝරයේ නැගෙනහිරි පැත්තෙන් දැක ගන්නත් පුලුවන්.
සමාධි ප්‍රතිමාවට පිටුපසින් තියෙන ප්රතිමාවත් සමාධි ඉරියව්වෙන් වැඩ ඉන්න ප්‍රතිමාවක්. කැටයම් කරලා තියෙන්නෙ කළු ගලින්. ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ හෝ ඊටත් වඩා ඉපැරණි ප්‍රතිමාවක් කියලා තමයි දැනට හදුනාගෙන තියෙන්නෙ. ප්‍රතිමාවේ ලක්ෂණ පරික්ෂා කරලා බැලුවම, සම්පූර්ණ ප්‍රතිමාව සුප්‍රසිද්ධ සමාධි ප්රතිමාවටත් වඩා විශාල ප්‍රතිමාවක් කියලා පේනවා. ප්‍රතිමාව තැන්පත් කරලා තියෙන වජ්රාසනයෙත් සැළකිය යුතු කොටසක් අද දකින්න නෑ. ඒ නිසා මේ ප්‍රතිමාව අඩමානෙට තමයි තැන්පත් කරලා තියෙන්නෙ.
32. පිල්ලෑවේ බෝධිය
මේ බෝධිය බොරලැස්ගමුවේ පිල්ලෑව කියන ප්‍රදේශයේ රෝපණය කරලා තියෙන නිසා පළාතේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ "පිල්ලෑවෙ බෝධිය" කියලා. ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට මේ බෝධිය ඓතිහාසික බෝධියක්. ප්‍රදේශවාසීන් අනුමාන කරන විදිහට නම් මේ බෝධියත් රෝපණය කරලා තියෙන්නෙ කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේදී. ඒ කියන්නෙ අවුරුදු 600කට කලින්. සමහරක් මූලාශ්රවල තියෙනවා සමසතළිස් බෝධීන් වහන්සේලාගෙන් දෙනමක් බොරලැස්ගමුවේ රෝපණය කළා කියලා. ඉන් එක් නමක් තමයි බෙල්ලන්විල බෝධිය. අනිත් බෝධීන් වහන්සේ මේ වෙනකං නිශ්චිත වශයෙන් හදුනා ගෙන නෑ. ඒ නිසා සමහරක් ඉතිහාසඥයන් මත පල කරනවා අනිත් බෝධිය තමයි පිල්ලෑවේ බෝධිය කියලා.
පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙනේ තියෙන සෙල්ලිපි වලට අනුව පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයට 1450 වෙන කොට අක්කර 378ක භූමි භාගයක් හිමි වෙලා තියෙනවා. බෙල්ලන්විල රජමහා විහාරය පාලනය වුණෙත් පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයෙන්. ඒ පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයේ ශාඛාවක් විදිහට. ඒ නිසා පිල්ලෑවේ බෝධිය ආශ්රිත පූජා භූමියත් බොහෝ දුරට පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය යටතේ තියෙන්න ඇති කියන එක තමයි මගේ පෞද්ගලික මතය. මොකද බෙල්ලන්විල රජමහා විහාරය, පිල්ලෑවේ බෝධිය, පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන සුනෙත්රාදෙවි රජමහා විහාරය කියන සිද්ධස්ථාන හතරම අයිති වෙන්නෙ බොරලැස්ගමුවට. ඈත අතීතයේ ඉදලම පිල්ලෑවේ බෝධිය පිහිටලා තියෙන භූමියේ හාස්කම් තියෙනවා කියලා විශ්වාසයක් ප්‍රදේශවාසී ජනතාවගේ හිත් තුළ තියෙනවා.
මේ පිල්ලෑවේ බෝධිය කේන්ද්‍ර කරගෙන තමයි වර්තමානයේ පළාතේ සුප්‍රසිද්ධ "පිල්ලෑවේ පන්සල" නිර්මාණය වෙන්නෙ. අද වෙන කොට නම් මේ ඓතිහාසික භූමිය නැත්තටම නැති කරලා දාලා. බෝධිය වටේටම දේවාල. පන්සල් ඉඩමෙන් දේවාල වලට 99.9%ක ඉඩ කඩක් වෙන් කරලා. ඒවායෙත් වැඩි හරියක් කැප කරලා තියෙන්නෙ හින්දු ලබ්ධික, මිත්‍යා දෘෂ්ටික සහ මිත්‍යා දෙවි දේවතාවුන් වහන්සේලා වෙනුවෙන්. දේවාල වලින් වගේම, විහාරස්ථානයේ පාලන අධිකාරියෙනුත්, පූජා භූමියට එන බැතිමතුන්ගෙන් විශාල මුදල් ගැරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. මුළු පන්සලම වාණිජ පරමාර්ථයෙන් ලාභ උපයන තැනක් වෙලා. ඒ නිසා ගමේ කවුරුත් මේ විහාරයට වැඩිය යන්නෙ එන්නෙ නෑ. ගොඩක් වෙලාවට දුර බැහැර පළාත් වලින් බෙල්ලන්විල රජමහා විහාරය වන්දනාමාන කරන්න එන අය තමයි පිල්ලෑවෙ පන්සල බලන්න යන්නෙ. මේ විගඩම් නිසා අවුරුදු 600ක් ඉපැරණි මේ පූජා භූමියේ තියෙන ඓතිහාසිකත්වය නැත්තටම නැති වෙලා.