Miyu Comics
සෞන්දර්ය කියන්නෙ සාමාන්‍යයෙන් මිනිසෙකුට නැතුවම බැරි දෙයක්. හැබැයි අද ඉන්න බොහෝ දෙනාට නැත්තෙත් මේ දේම තමයි. ඒ නිසාම තමයි කුඩා දරුවන්ගේ පෙර පාසල් සහ ප්‍රාථමික ළමා කාලවලදී සෞන්දර්යාත්මක දේවල් උගන්වන්නෙ. අනිත් අතට 5 වසරේ සිට ඉහළට යන තෙක් සහ සාමාන්‍ය පෙළ විෂය මාලාවෙත් අනිවාර්ය විෂයක් විදිහට සෞන්දර්ය විෂයක් ඇතුළත් කරලා තියෙන්නෙ. සෞන්දර්යාත්මක විෂයන් කියන කැටගරියේදී චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය සහ රංග කලාව වගේ අංශ ඉදිරියෙන්ම ඉන්නවා. මේ හැම අංශයකින්ම වෙන්නෙ සන්නිවේදන, සංවේදී හැගීම් සහ රසඥතාවල එකතුවකින් මොකක් හෝ භාව ප්රකාශනයක් බිහිවීමයි. එහෙමත් නැත්නම් නිරූපනය කිරීමයි. තවත් විදිහකින් කිව්වොත් සංස්කෘතිය සහ සොබාදහම ගැන සිදු කෙරෙන විවේචනාත්මක පිළිබිඹුවක්. මේ විදිහට සෞන්දර්ය කලාව ගැන එක එක කෝණවලින්, එක එක විදිහට නිර්වචන ඉදිරිපත් කරන්න පුලුවන්.
මේ කියන සෞන්දර්ය කලාව එක එක අය, එක එක විදිහට යොදා ගන්නවා. සමහරක් අය විනෝදයටත්, තවත් සමහරක් අය විවේචනයක් / මතයක් / අදහසක් ඉදිරිපත් කිරීමටත්, තවත් සමහරක් අය තනිකම පාලුව නැති කරන්නත් සෞන්දර්යාත්මක කටයුතුවල යෙදෙනවා. කලා ශිල්පීන් විවිධාකාරයි. ඒ වගේම සමාජයේ ජීවත්වෙන මිනිස්සුත් විවිධාකාරයි. ඒ නිසාම විවිධ කලා ශිල්පීන්, විවිධ නිර්මාණ එළිදක්වනකොට, විවිධ මට්ටම්වල විවිධ මිනිස්සු, තමන්ගේ රසඥතාවලට ගැළපෙන කලාවන් රසවිදිනවා. එක්කෙනෙක්ට ලස්සන නිර්මාණයක්, තව කෙනෙක්ට අප්‍රිය වෙන්න පුලුවන්. මේ නිසා චිත්‍ර කලාව ගත්තත්, සංගීත කලාව ගත්තත්, නාට්‍ය කලාව ගත්තත්, රංගන කලාව ගත්තත්, නර්තන කලාව ගත්තත්, ඒ හැම කලාවක් ඇතුළෙම විශාල විවිධත්වයක් දකින්න පුලුවන්. ඒ, කලාව කියන දෙයට දිගක්, පළලක්, නිශ්චිත සීමාවක් නැති නිසයි.
අද අපේ සොදුරු කතා බහ ලිපි මාලාවේ අමුත්තා වෙන්නෙ බොහොම තරුණ සහ අතිදක්ෂ කලා ශිල්පියෙක්. විශේෂණ පදයක් එකතු කළොත්, චිත්‍ර ශිල්පියෙක්. ඒ තමයි මියුරු එරන්ද. මියුරු තමයි Facebook එකේ ජනප්‍රිය පිටුවක් වෙන Miyu Comics පිටුවේ නිර්මාතෘ. මේ වෙනකොට විශාල පිරිසක් මියුරු වටා රැස්වෙලා ඉන්නවා වගේම, විශාල වශයෙන් මියුරුගේ නිර්මාණ, අන්තර්ජාලය පුරාවටම ප්‍රචාරය වෙමින් පවතිනවා.
මේ කියන සෞන්දර්ය කලාව එක එක අය, එක එක විදිහට යොදා ගන්නවා. සමහරක් අය විනෝදයටත්, තවත් සමහරක් අය විවේචනයක් / මතයක් / අදහසක් ඉදිරිපත් කිරීමටත්, තවත් සමහරක් අය තනිකම පාලුව නැති කරන්නත් සෞන්දර්යාත්මක කටයුතුවල යෙදෙනවා. කලා ශිල්පීන් විවිධාකාරයි. ඒ වගේම සමාජයේ ජීවත්වෙන මිනිස්සුත් විවිධාකාරයි. ඒ නිසාම විවිධ කලා ශිල්පීන්, විවිධ නිර්මාණ එළිදක්වනකොට, විවිධ මට්ටම්වල විවිධ මිනිස්සු, තමන්ගේ රසඥතාවලට ගැළපෙන කලාවන් රසවිදිනවා. එක්කෙනෙක්ට ලස්සන නිර්මාණයක්, තව කෙනෙක්ට අප්‍රිය වෙන්න පුලුවන්. මේ නිසා චිත්‍ර කලාව ගත්තත්, සංගීත කලාව ගත්තත්, නාට්‍ය කලාව ගත්තත්, රංගන කලාව ගත්තත්, නර්තන කලාව ගත්තත්, ඒ හැම කලාවක් ඇතුළෙම විශාල විවිධත්වයක් දකින්න පුලුවන්. ඒ, කලාව කියන දෙයට දිගක්, පළලක්, නිශ්චිත සීමාවක් නැති නිසයි.
අද අපේ සොදුරු කතා බහ ලිපි මාලාවේ අමුත්තා වෙන්නෙ බොහොම තරුණ සහ අතිදක්ෂ කලා ශිල්පියෙක්. විශේෂණ පදයක් එකතු කළොත්, චිත්‍ර ශිල්පියෙක්. ඒ තමයි මියුරු එරන්ද. මියුරු තමයි Facebook එකේ ජනප්‍රිය පිටුවක් වෙන Miyu Comics පිටුවේ නිර්මාතෘ. මේ වෙනකොට විශාල පිරිසක් මියුරු වටා රැස්වෙලා ඉන්නවා වගේම, විශාල වශයෙන් මියුරුගේ නිර්මාණ, අන්තර්ජාලය පුරාවටම ප්‍රචාරය වෙමින් පවතිනවා.
මියුරුගේ චිත්‍ර නිර්මාණ ජනප්‍රිය වෙන්නෙ, ඒ නිර්මාණවල තියෙන අකුරු, රේඛා, වර්ණ, කලාත්මකබව සහ ලස්සන නිසාම නෙවේ. සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැනලා, නිදහස් චින්තනය කියන දෙයින් උපරිම ප්‍රයෝජන අරගෙන, සමාජයට මොකක් හරි පණිවිඩයක් ලබා දෙන, මෙතෙක් කවුරුත්ම නොකරපු, අමුතු සහ වෙනස්ම විදිහේ නිර්මාණයක් කරන්න මියුරු නිතරම උත්සාහ කරන නිසයි. ඒ වගේම පින්සලට සහ දිය සායම්වලටම සීමා වෙන්නෙ නැතුව, පරිගණක තාක්ෂණය සහ නවීනතම තාක්ෂණයන් හරහා යමක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන නිසයි.
ඒ වගේම තවත් සුවිශේෂී කරුණක් තියෙනවා. මියුරු තමන්ගේ හැම චිත්රයක්ම නිර්මාණය කරන්නේ කාටූන් විදිහටයි. මියුරුගේ චිත්‍ර බලනකොට, අපිට නිතරම හිතෙන දෙයක් තමයි "කොහොමද මේ හාදයට, මේ වගේ අදහස් එන්නෙ?" කියන එක. ඉතින් අපි අද මියුරු එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මියුරුගේ චිත්‍ර නිර්මාණ නොහොත් Miyu Comics ගැනයි. මෙතනදී අපේ අරමුණ වෙන්නෙ, මේ චිත්‍ර නිර්මාණය කරනකොට තිරයේ පිටුපස කතාව ගැන අනාවරණය කර ගැනීමයි.
ඒ වගේම මේ වෙනකන්ම කවුරුත් වැඩිය නොදන්න දෙයක් ගැනත් හෙළි කරන්න ඕන. ලංකාවේ පරිගණක ක්‍රීඩා නිර්මාණයේ විශේෂ කඩඉමක් සහ විශාල සන්ධිස්තානයක් සනිටුහන් කරමින්, 2016 අවුරුද්දෙ අග, "කංඡායුධ" පරිගණක ක්‍රීඩාව එළිදැක්වුවා, ඔයාලට මතක ඇති. මේ පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියටත්, මියුරු සක්‍රීය දායකත්වයක් ලබා දුන්නා. අපි ඒ ගැනත් මියුරුගෙන්ම අහලා බලමු.....
ඒ වගේම තවත් සුවිශේෂී කරුණක් තියෙනවා. මියුරු තමන්ගේ හැම චිත්රයක්ම නිර්මාණය කරන්නේ කාටූන් විදිහටයි. මියුරුගේ චිත්‍ර බලනකොට, අපිට නිතරම හිතෙන දෙයක් තමයි "කොහොමද මේ හාදයට, මේ වගේ අදහස් එන්නෙ?" කියන එක. ඉතින් අපි අද මියුරු එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මියුරුගේ චිත්‍ර නිර්මාණ නොහොත් Miyu Comics ගැනයි. මෙතනදී අපේ අරමුණ වෙන්නෙ, මේ චිත්‍ර නිර්මාණය කරනකොට තිරයේ පිටුපස කතාව ගැන අනාවරණය කර ගැනීමයි.
ඒ වගේම මේ වෙනකන්ම කවුරුත් වැඩිය නොදන්න දෙයක් ගැනත් හෙළි කරන්න ඕන. ලංකාවේ පරිගණක ක්‍රීඩා නිර්මාණයේ විශේෂ කඩඉමක් සහ විශාල සන්ධිස්තානයක් සනිටුහන් කරමින්, 2016 අවුරුද්දෙ අග, "කංඡායුධ" පරිගණක ක්‍රීඩාව එළිදැක්වුවා, ඔයාලට මතක ඇති. මේ පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියටත්, මියුරු සක්‍රීය දායකත්වයක් ලබා දුන්නා. අපි ඒ ගැනත් මියුරුගෙන්ම අහලා බලමු.....
01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම?
** කන්ද මුල්ලේ වඩුගේ මියුරු එරන්ද.
02. අද ඔබව හදුනන්නෙ?
** Miyu Comics කියලා.
03. උපන්න ගම් පළාත?
** කොළඹ.
04. ඉගෙන ගත්ත පාසල?
** මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය.
05. උසස් පෙළට පිවිසෙන්නෙ?
** 2012 අවුරුද්දෙ, කලා අංශයෙන්.
06. දැන් මොනවද කරන්නෙ?
** MIYU Comics ආයතනය පවත්වාගෙන යනවා සහ Arimac ආයතනයේ කලා අධ්‍යක්ෂක ලෙස වැඩ කරනවා.
07. මොකක්ද දැන් මේ Miyu Comis කියන්නෙ?
** MIYU Comics කියන්නේ ඩිජිටල් ක්‍රමයට චිත්‍ර සහා ද්වීමාන සජීවිකරණය කරන තැනක්.
08. ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුනෙ?
** ලංකාවේ අයට මීට කලින් නොදැකපු දෙයක්, එයාලට අපේ ක්‍රමයෙන් දෙන්න ඕනා නිසා.
09. මියුරු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉන්න කාලයේ ජපන් භාෂාවත් ඉගෙන ගත්තා. චිත්‍ර කලාවත් ඉගෙන ගත්තා. Miyu Comics නාමය, මේ විෂයන් දෙකේ සංකලනයකින් ආරම්භ වුණා කිව්වොත්, ඒක නිවැරදි නේද? මුල් කාලයේ "මංගා කාටූන්" නේද වැඩිපුරම නිර්මාණය කළේ?
** පාසල් යන කාලෙදි කරපු චිත්රවලට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් දැන් කරන්නේ. මංගා ක්‍රමයට තමයි මම චිත්‍ර අඳින්න පටන් ගත්තේ. මංගා කියන්නේ ජපන් චිත්‍ර කතා ක්‍රමයකට. ජපන් බස උසස් පෙළට ඉගෙන ගත්ත එක, තරමක් දුරට දැන් කරන දෙයට අඩිතාලමක් දැම්ම කියල කියන්න පුලුවන්.
10. ඊට පස්සෙ කලියුග 1, කලියුග 2, කලියුග 3, Magic of the Three Charms, Necromancer 1, Necromancer 2, Final Gift, The Lantern, Deadly Heat, The Hunt වගේ කටූන් මාලා ගණනාවක්ම නිර්මාණය කළා නේද?
** ඔව්. මුලදි මගේ යාලුවෙක් වන ඒවන් ඩෑන් සමඟ එකතු වෙලා කලියුග 1, 2 සහ 3 කියන පොත් 3 කරා. ඊට අමතරව නොයෙකුත් පොත් කරා.
11. මුලදි මංගා කාටූන් සගරාවක්, එහෙමත් නැත්නම් වෙනත් කාටූන් කතා මාලාවක් විදිහට පල කළත්, දැන් දැන් මියුරු තනි පෝස්ටර් නිර්මාණවලට පෙළඹිලා ඉන්නවා. ඇයි ඒ?
** Deadly Heat කියලා මංගා කාටුන් සඟරාවකින් තමයි මේ හැම දෙයක්ම ආරම්භ කළේ. එය එතරම් සාර්ථක වුණේ නැහැ. මම බලාපොරොත්තු වන තරම් ලාංකිකයන් එය වැළඳ ගත්තේ නැහැ. අද මිනිස්සු ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ. අවාසනාවකට වගේ පොත් බලන අය සෑහෙන්න අඩුයි. මිනිස්සුන්ට දිග කතාවක තියෙන අදහසක්, තනි චිත්‍රයක් බලලා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන හිතනකොට තමයි පෝස්ටර් ක්‍රමයට චිත්‍ර අඳින්න පටන් ගත්තේ.
12. කාලෙන් කාලෙට අපේ සමාජයේ කතා බහ වුණු කූඹියෝ, ගජමෑන්, හිතුමතේ ජීවිතේ, ධර්මයුද්ධය, හාර කෝටිය, ඩිලාන් සම්පත් පොලිස් නිළධාරීවරයා, නදීක ගුරුගේ, තායි ළමුන් ගලවා ගැනීමේ මෙහෙයුම, මහාපාලි, නිධානය, අනූෂා කොඩිතුවක්කු, යාපනයේ දිවියා වගේ මාතෘකා ඉලක්ක කරලා නිර්මාණය කරපු නිර්මාණ ගොඩාක් ප්‍රසිද්ධියට පත්වුණා. කොහොමද ඒ අත්දැකීම?
** නොහිතපු විදිහට ඒ චිත්‍ර පැතිරෙන්න ගත්තා. ඇත්තටම ගොඩක් සතුටු හිතුනා මිනිස්සු ඒ චිත්‍ර අගය කරලා, ඒවා Share කරනවා දැකලා.
13. මියුරුගේ චිත්රවල තියෙන විශේෂත්වය තමයි, මියුරු සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහිල්ලා හිතන එක. මියුරු ගොඩක් පරණ ජන කතා, ජනස්‍රැති, ජනප්‍රවාද සහ ඉතිහාසයට සම්බන්ධ කතා සහ පුද්ගල චරිතවලට වර්තමාන සමාජ පරිසරය මුසු කරලා තිබුණා. හත්පණේ කිරිහාමි Roller Skate එකකින් යනවා, ගජමන් නෝනා ඩෙනිමක් ගහලා, රයිගමයයි ගම්පලයයි සමුරායි කඩු දෙකක් අරගෙන ඉන්නවා, අන්දරේ පාපන්දු ක්‍රීඩා කරනවා, කැකිල්ලෙ රජ්ජුරුවන්ට ඊතල වැදිලා, මහාසෝනා යානාවකින් යනවා, නවීන ගුවන් යානයකින් යන රාවණ, තොප්පි වෙළෙන්දා යතුරු පැදියකින් යනවා, පුහුල් හොරා නවීන පන්නයේ අවියක් අරගෙන යනවා, ගුත්තිල ඇදුරුතුමා සහ මූසිල 3010 ගිටාර වයනවා, ගස් කපන්නා රත්තරං පොරොවෙන් ගස් කපනවා වෙනුවට වෘකයො දඩයම් කරනවා, ගෝලයො පස් දෙනාගෙ සොහොන් කොත් ළග ඉන්න මහදැන මුත්තා, ඒ අස්සෙ දස මහා යෝධයො අතරට කාන්තාවක් එකතු කරලා......... සංස්කෘතිය, සභ්‍යත්වය, ශිෂ්ටාචාරය ගැන ගොඩක්ම සැළකිලිමත් වෙන ලංකාව වගේ රටක ඉදගෙන, මේ වගේ නිර්මාණ කරන්න බය හිතුනෙම නැද්ද? ඒ වගේ නිර්මාණවලට කවුරුත්ම මියුරුට බැනලා නැද්ද?
** අලුත් දේවල්වලට මිනිස්සු ගොඩක් කැමතියි. මම ඇඳපු පරණ චරිත ගොඩක් මිනිස්සුන්ට අමතක වෙලා තිබ්බ චරිත. මට ඕනා උනා මිනිස්සු අතරට නැවතත් ඒ චරිත ගෙන්නන්න. ඒත් නිකන්ම අඳින එකෙන් මිනිස්සුන්ට එහි අලුත් දෙයක් දකින්න ලැබෙන්නෙ නැහැ. එක චරිතයක් අරගෙන Fusion එකක් කරාම එය අලුත් දෙයක් වෙනවා. අන්දරේ චරිතය Basket Ball ගහන එකෙන් තමයි ඕක පටන් ගත්තෙ. නිකන්ම අන්දරේ ඇන්දා නම් මිනිස්සු එය, එතරම් නොතකන්න ඉඩ තිබුනා. කිසිම විටක මම ඒ චරිතයට හෝ එම චරිතය අදාල වෙන කතාව හෝ ආගම හෝ කිසිම දෙයකට හානි වන විදිහට ඇඳලා නැහැ. කවුරුත් වරදක් කියලා නැහැ අද වෙනකල් එයට. මිනිස්සු ආදරෙන් ඒ චිත්‍ර වැළඳගෙන තියෙනවා.
14. ඇත්තටම කොහොමද ඒ වගේ අලුත් අදහස් මියුරුට එන්නෙ?
** සංගීතයෙන්.
15. නිර්මාණයක් කරනකොට මොන වගේ දේවල් ගැනද මියුරු සැළකිලිමත් වෙන්නෙ? "මම කවදාවත් මේ වගේ නිර්මාණ නම් කරන්නෙ නෑ" කියලා, මියුරු මියුරුටම නීති දාගෙන ඉන්නවද?
** නැහැ එහෙම නීති දාගෙන නැහැ. කලාකාරයාට සීමා මායිම් නැහැ. නමුත් අපි දැනගන්න ඕනා හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියලා තෝරගන්න. මම දේශපාලන, ජාතිවාද, ආගම්වාද චිත්‍ර ඇඳීමට කැමැත්තක් දක්වන්නේ නැහැ.
16. එතකොට නිර්මාණවලට ඇතුළත් කරන සිංහල සහ ඉංග්‍රීසි අකුරු, වචන, වාක්‍ය ගැන සැළකිලිමත් වෙන්නෙ කොහොමද? නිර්මාණ රසය වගේම ගොඩක් නිර්මාණවලින්, මියුරු සමාජයට ලොකු පණිවිඩයකුත් දෙනවා.
** අපි සමාජ ජාලවල පිංතූර Upload කරනකොට Caption කියලා දෙයක් දානවා. ඒ Caption එක තුළින් නරඹන්නාගේ හිතට කාවදින, චිත්‍රය පිළිබඳ ගැඹුරින් හිතන්න පුළුවන් දෙයක් දෙන්න මම නිතරම උත්සහ කරනවා.
17. කවද්ද අපිට මියුරුගේම චිත්‍ර ප්‍රදර්ශනයක් දැක ගන්න පුලුවන් වෙන්නෙ? එහෙම නැත්නම් අඩුම තරමේ මියුරුගේම කාටූන් සගරාවක්?
** චිත්‍ර ප්‍රදර්ශනයක් ගැන නම් දැනට හිතලා නැහැ. එත් මේ වනවිට පොත් කිහිපයක වැඩ කරනවා. නොදුරු අනාගතයේ ඒවා ඔයාලට ගන්න පුලුවන් වෙයි.
18. මේ වගේ නිර්මාණ කරන්න මොන වගේ උපකරණද මියුරු භාවිතා කරන්නෙ? ඇත්තටම මොකක්ද මේ කලාව?
** මම මේ චිත්‍ර පරිගණකයේ Photoshop කියන මෘදුකාංගය යොදාගෙන තමයි අඳින්නේ. එයට වෙනම Graphic Tab කියන උපාංගය යොදා ගන්නවා. මේකට කියන්නේ Digital Painting කියලා. පරිගණකය හෝ කිසියම් ඉලෙක්ට්‍රොනික උපාංගයක් යොදාගෙන කරන චිත්‍ර කලාවක් මේක.
19. සාමාන්‍යයෙන් එක චිත්‍රයක් නිර්මාණය කරන්න, දළ වශයෙන් කොච්චර කාලයක් ගත වෙනවද?
** ඒක, එක එක චිත්‍රය අනුව තමයි. සමහරක් චිත්‍ර දවස් 6 - 7 වගේ. සමහරක් චිත්‍ර දවස් 2 - 3 වගේ ඇතුලත අඳිනවා.
20. මියුරුගේ සමහරක් චිත්‍ර කතාවල ඉන්නවා පොඩි ළමයෙක්. මූණ පුරාම රැවුල වවලා. දුඹුරු පාට තොප්පියක් දාගෙන. ඒ වගේම එයාටම හරියන පූස් පැටියෙක්....... කියන්න කැමතිද, කවුරු කවුරුද මේ චරිතවල ඉන්නෙ කියලා?
** මං හිතන්නේ ඔය කියන්නේ Potato Knight ගැන. ඒ ඉන්නේ මම සහා මගේ සුරතල් පූසා. දැන් එයා මිය ගිහින්. අපි හැමෝගෙම ඇතුලේ පොඩි ළමයෙක් ඉන්නවා. මා තුළ සිටි ඒ පොඩි ළමයාව එලියට දැම්මේ එම චිත්‍ර කතාවෙන් කිව්වොත් වැරදි නැහැ.
21. ඇත්තට මොකක්ද ඒ Potato Knight කියන්නෙ?
** Potato Knight චිත්‍ර කතාව මගේ මිත්‍ර කසුන් ජයමාන්න අතින් ද්විමාණ සජීවිකරණයට පරිවර්තනය කෙරුන පොඩි YouTube Series එකක්. එහි පළවෙනි කතාංග පෙළ මේ වන විට ඉවර වෙල තියෙනවා. එහි දෙවන කතාංග පෙළට පොඩි විරාමයක් දීලා, කසුන් සමඟ අපි අලුත් වැඩකට එකතු වෙලා ඉන්නේ.
|
|
22. මියුරුට වගේම දක්ෂතා තියෙන, මියුරුට වගේම හැකියාවන් තියෙන තවත් අය අපේ රටේ ඇති. ඒ වගේ අයට මියුරු දෙන පණිවිඩය මොකක්ද? ඒ වගේ අයට මියුරු උදව් කරන්න කැමතිද? එහෙනං ඒ කොහොමද? ඒ ගැනත් අපි කතා කරමු....
** අද ලංකාවේ කලා සමාජයේ අළුතෙන් එන කෙනෙක්ට ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඊර්ශ්‍යාව පිරිච්ච කට්ටියක් ඉන්නේ. කෙනෙක් උඩ එනවාට අනිකා අකැමතියි. නොදන්න දෙයක් කියලා දෙන අය අඩුයි. ආදුනික කලාකරුවාව මානසිකව වට්ටලා නැති කරලා දාන්න තමයි හදන්නේ. "Never Give Up" කියන මානසික මට්ටමෙන් ඉන්නව නම්, කවුරු කොහොම කිව්වත් උඩ යන එක නවත්තන්න අමාරුයි. අලුතෙන් චිත්‍ර අඳින අයට පුලුවන් මට ඊමේල් හෝ Facebook පේජයට එයාලගේ චිත්‍ර එවන්න. මම අඩුපාඩු තියෙනව නම් කියලා දෙනවා. "කෙනෙක් ඔබේ කලා කෘතියක් අනෙකුන් ඉදිරියේ විවේචනය කරනවා කියන්නේ ඔබට නොමිළේ ප්‍රසිද්ධියක් ලැබුනා හා සමානයි"
23. මියුරු ආස කරන චිත්‍ර ශිල්පියෙක් එහෙමත් ඇති නේද?
** "බොබ් රොස්" කියන ඇමෙරිකානු චිත්‍ර ශිල්පියාට මම ගොඩක් කැමතියි. ඔහු මේ වන විට ජීවතුන් අතර නැහැ. මම අඳින කලා ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයක් එතුමා ඇන්දේ. පරිසරයට ගොඩක් නැඹුරු වුණ චිත්‍ර එතුමා නිර්මාණය කළා. එතුමාගෙ චිත්‍ර ශිල්පයත් සමගම ඔහුගේ වදන්වල දාර්ශනික බවක් මම එතුමා තුළින් දැක්කා. ඔහු නිතරම කිව්වේ. "අපි අතින් අත් වැරදීම් වෙන්නේ නැත. සතුටුදායක, සුලු අනතුරුයි වෙන්නේ" කියලා.
24. ඇත්තම කියන්න. "Miyu Comics"වල අවසාන ඉලක්කය, සමාජයේ කැපී පෙනෙන පොරක්වීම" නේද?
** පොරක් නෙවෙයි. පොරවල් ටිකක් කිව්වොත් වැරදි නැහැ. MIYU Comicsහි දැනට කසුන් ජයමාන්න (ද්විමාණ සජීවිකරු), ඒවන් ඩෑන් (තිර රචක) සහා නදුන් අමරසිංහ (වීඩියෝ සංස්කාරක) ලෙස මගේ අතිජාත මිත්‍රයන් පෙළක් මාත් එක්ක වැඩ කරනවා. ඇත්තටම කැපී පෙනෙනවාට වඩා ලංකාවට අලුත් දෙයක්, කලාව අතින් දෙන්න තමයි අපි හැමෝගෙම අවසාන ඉලක්කය.
25. දැනට ලැබිලා තියෙන ප්‍රතිචාර ගැන කියනවා නම්?
** දැනට ලැබිලා තියෙන ප්‍රතිචාර ගැන ඇත්තටම කියන්න සතුටුයි. නොහිතපු විදිහට ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියෝ දක්වා අපේ නිර්මාණ රස විඳිනවා සහා ඒවාට ප්‍රතිචාර දක්වනව දකින්න ලැබුන එක ගැන සතුටුයි.
26. කංඡායුධ ගැනත් කියමු නේද? කොහොමද ඒ අත්දැකීම?
** කංචායුධ පරිගණක ක්‍රීඩාවේ මම කලා අධ්‍යක්ෂක සහ තත්ව සහතිකවරයෙකු ලෙස වැඩ කොටසක් කළා. පළවෙනි වතාවට ලංකාවේ ලොකු පරිගණක ක්‍රීඩවක කොටසක් වෙන්න ලැබුන එක ගැන ගොඩක් සතුටු වෙනවා.
27. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** ළමා කතා පොත් කීපයක මේ වනවිට අපි වැඩ කරනවා. ඊට අමතරව චිත්‍ර කතා පොත් කිහිපයක්ද, ඒ වගේම කෙටි චිත්‍රපටයක් නිකුත් කරන්න මේ වනවිට අපි වැඩ කරනවා. Video Game එකකට අදහසකුත් තියෙනවා. අපි බලමු ඉදිරියට.
28. අවසාන වශයෙන්, මොන වගේ දෙයක්ද මියුරුගෙ රසිකයින්ට කියන්න තියෙන්නෙ?
** ඔයාලා නැත්නම්, අද MIYU Comics එකක් නැහැ.
29. ස්තූති කරන්න ඕන පිරිසකුත් ඇති නේද?
** මගේ අම්මා, ඒ වගේම ගායක ලහිරු පෙරේරා අයියා, ක්‍රිශාන් ඩි සිල්වා අයියා, PRIME Media ආයතනයේ ලක්ශාන් එදිරිසිංහ අයියා, Arimac ආයතනයේ චමීර ජයසිංහ අයියත්, දුකට සැපට හිටපු මිතුරු මිතුරියොත්, කසුන්, ඒවන්, නඳුන් සහ අපේ රසික රසිකාවියන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.
30.කොහොමද ඔබව සම්බන්ධ කර ගන්න පුලුවන්?
** අපිව සම්බන්ධ කරගන්න පුලුවන් අපේ Facebook පේජය හරහා සහ අපගේ ඊමේල් එක හරහා ; facebook.com/miyucomics & [email protected]
27. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** ළමා කතා පොත් කීපයක මේ වනවිට අපි වැඩ කරනවා. ඊට අමතරව චිත්‍ර කතා පොත් කිහිපයක්ද, ඒ වගේම කෙටි චිත්‍රපටයක් නිකුත් කරන්න මේ වනවිට අපි වැඩ කරනවා. Video Game එකකට අදහසකුත් තියෙනවා. අපි බලමු ඉදිරියට.
28. අවසාන වශයෙන්, මොන වගේ දෙයක්ද මියුරුගෙ රසිකයින්ට කියන්න තියෙන්නෙ?
** ඔයාලා නැත්නම්, අද MIYU Comics එකක් නැහැ.
29. ස්තූති කරන්න ඕන පිරිසකුත් ඇති නේද?
** මගේ අම්මා, ඒ වගේම ගායක ලහිරු පෙරේරා අයියා, ක්‍රිශාන් ඩි සිල්වා අයියා, PRIME Media ආයතනයේ ලක්ශාන් එදිරිසිංහ අයියා, Arimac ආයතනයේ චමීර ජයසිංහ අයියත්, දුකට සැපට හිටපු මිතුරු මිතුරියොත්, කසුන්, ඒවන්, නඳුන් සහ අපේ රසික රසිකාවියන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.
30.කොහොමද ඔබව සම්බන්ධ කර ගන්න පුලුවන්?
** අපිව සම්බන්ධ කරගන්න පුලුවන් අපේ Facebook පේජය හරහා සහ අපගේ ඊමේල් එක හරහා ; facebook.com/miyucomics & [email protected]
ඔන්න ඔහොමයි මේ සාකච්ඡාව නිමාවට පත්වෙන්නෙ. මේ සාකච්ඡාව, ගොඩක් රසවත් සාකච්ඡාවක් වුණා. හැබැයි අපේ ආකෘතියට අනුව, ප්‍රශ්න 30කින් සෑහීමකට පත් වෙන්න සිද්ධ වුණා. ඉතින් අපි මියුරුටත්, මියුරුගේ අරමුණු, සිතුම් පැතුම්, උත්සාහයන්, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලත්, කලා සහ නිර්මාණ හැකියාවන් දිනෙන් දින දියුණුවටම පත් වෙන්න කියලත්, මේ වගේ අලුත් සහ වෙනස් විදිහේ නිර්මාණ කරන්න තව තවත් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වෙන්න කියලත් සුභ පතනවා.
ඒ වගේම අපි මේ ලිපිය කියවන හැම කෙනෙක්ටම විවෘත ආරාධනාවක් කරනවා, මියුරුගේ Facebook පිටුවට ගිහින් මේ අලුත්ම අත්දැකීම විදගන්න කියලත්, මේ නිර්මාණවලට සහයෝගය දක්වන්න කියලත්, මේ නිර්මාණ අනිත් අය අතරෙත් බෙදාහරින්න කියලත්.... Facebook පිටුවට අමතරව, ඔයාලට පුලුවන් පහළ තියෙන සමාජ ජාල ගිණුම් එක්ක සම්බන්ධ වෙන්නත්.... ඒ හරහා මියුරු ඉස්සරහට කරන්න යන අලුත් දේවල් ගැන දැන ගන්නත්, ඒවාට උදව් කරන්නත් ඔයාලට පුලුවන් වේවි.
ප.ලි -
ලංකාව වගේ පුංචි රටක, රාමුවෙන් පිට ඉදගෙන හිතන, නිදහස් චින්තනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න, මේ වගේ නිර්මාණශීලී සහ කලා හැකියාවක් තියෙන "තවත්" කෙනෙක්ව, දැක ගන්න ලැබුණු එක ගැන දැනෙන්නෙ ලොකු සතුටක්. ඒ වගේම අනිත් අතට ලොකු දුකක් තියෙනවා, මියුරු වගේ කෙනෙක්ට අපේ රටේ නිසි ඇගයීමක් සහ වටිනාකමක් ලැබෙයිද කියන එක ගැන. කෙනෙක්ට හිතෙන්න පුලුවන් "මියුරු ඇමරිකාව වගේ රටක හිටියා නම් අද හොද තැනකට එන්න තිබුණා" කියලා..... ඔව්. ඒ සිතුවිල්ලෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. ඉතින් මේ ලිපියෙ කියන්න තියෙන්නෙත්, මම E-Learning ව්‍යාපෘතියේ නිර්මාතෘ සංජය ඇල්විටිගල ගැන ලියපු කලින් ලිපිය අවසානයේ සටහන් කරපු විස්තරයම තමයි.........
මට මතක් වෙනවා, මගේ යාලුවෙක් දවසක් මට කියපු දෙයක්. එයා කිව්වෙ මේ වගේ කතාවක්. "අධෝරක්ත කිරණ හොයා ගත්ත, අගහරු ව්‍යාපෘතියේ වැඩ කරන, නාසා එකේ සරත් ගුණපාල ගැන අපි ආඩම්බර වෙනවා. මෑතකදී ලෝහමය හයිඩ්රිජන් ගැන අලුත් සොයා ගැනීමක් කළා, ඒත් ඇමරිකාවෙ ඉන්න, සිංහල විද්‍යාඥයෙක්. අපේ අය හරිම ආඩම්බරෙන් කියනවා 'සරත් ගුණපාල ලංකාවෙ කෙනෙක්' කියලා. 'අහවලා ලංකාවෙන් ගියපු කෙනෙක්' කියලා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න ඒ අයට හරි ගියේ ඇත්තටම ලංකාවෙ ඉදලද? නැත්නම් ඇමරිකාවට ගියපු නිසාද කියලා? ලංකාවෙ හිටියා නම් ඒ අයට විද්‍යාඥයො වෙන්නවත්, ලෝකයට අලුත් දෙයක් හොයලා දෙන්නවත් පුලුවන් වෙන්නෙ නෑ. මොකද ලංකාවෙ රජයෙන් ලක්ෂ ගණන්, බිලියන ගණන් ආධාර දෙන්නෙත් නෑ. අනිත් අතට උනන්දු කරවන්නෙත් නෑ. එයාලා ලංකාවෙම හිටියා නම් එයාලා එක්කො උපකාරක පංති පවත්වන අය. නැත්නම් විශ්වවිද්‍යාලවල හරි පාසල්වල හරි උගන්වන සාමාන්‍ය ගුරුවරු."
ඉතින් කොයි කවුරුත් කියනවා වගේ මේ දේශපාලුවො නිසා අපේ රටේ System එක හොදටම අවුල් ජාලාවක් වෙලයි තියෙන්නෙ. පිළිගැනීමක් නැති නිසා, කලකිරීම නිසා සහ උපකාරයක්, අනුග්‍රහයක් නැති නිසා, හඩක් නගන්න බැරි නිසා අපේ රටේ ගොඩක් උගත් මිනිස්සු, ගොඩක් බුද්ධිමත් මිනිස්සු, විවිධ අංශවලට දක්ෂතා සහ හැකියාවන් තියෙන අතිදක්ෂතම මිනිස්සු ලංකාව අතෑරලා යන කාලයක් මේක.
මේ වගේ වාතාවරණයක මියුරුලා වගේ අය අපේ රටේ ඉතුරුවෙලා ඉන්න එකත් ඇත්තටම වාසනාවක්. ජනගහණයට සාපේක්ෂව ගත්තොත්, මියුරුලා වගේ නිර්මාණශීලී හැකියාවන් තියෙන, හැමතිස්සෙම එක එක නව්‍යතා නිර්මාණය කරන්න සහ හදුන්වලා දෙන්න දගලන මිනිස්සු ගොඩක් අඩුයි. ඉතින් මියුරු වගේ අය ඇත්තටම අපේ රටේ ජාතික සම්පත්. මේ වගේ අය එක්ක සහයෝගයෙන් වැඩ කරන එක, මේ අයගේ වැඩවලට උදව් කරන එක සහ දිරිගන්වන එක අපි කාගෙත් යුතුකමක් සහ වගකීමක්.
මේ ලිපිය කියවන ඔබට හිතෙනවා නම් මියුරුගේ කලා නිර්මාණවලට සහ ඒ හැකියාවට නිසි වටිනාකමක් දෙන්න පුලුවන් කියලා, තමන්ගේ නිර්මාණයකට, නිෂ්පාදනයකට, ව්‍යාපෘතියකට මියුරුගෙන් සහයෝගය අරගෙන, අනිත් අතට මියුරුටත් උදව් කරන්න පුලුවන් කියලා......... කරන්න තියෙන්නෙ එකම එක දෙයයි. මියුරුගේ Facebook පිටුවට හෝ ඊමේල් ලිපිනයට පණිවිඩයක් එවලා, මියුරුව සම්බන්ධ කරගන්න.
අවසාන වශයෙන් තවත් පුංචිම පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මියුරුගේ නිර්මාණ අධ්‍යනය කළාම ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්, මේ නිර්මාණ මහා බ්‍රහ්මයා ලෝකය මවපු වේගයට කරපු නිර්මාණ නෙවේ කියලා. මේ වගේ නිර්මාණ කරන්න මියුරු කාලය අතින්, ශ්‍රමය සහ නින්ද අතින්, විදුලිය සහ අන්තර්ජාලය වගේ වියදම් අතින්, රැකියාව අතින්, ගමන් බිමන් සහ අනිත් පෞද්ගලික දේවල් අතින්....... විශාල කැප කිරීම් ගොඩාක් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් කරනවා. ඉතින් මේ විදිහට දවස් ගණන්, සති ගණන්, මාස ගණන් මහන්සිවෙලා කරන නිර්මාණ, එක තත්පරයක් ඇතුළත |
හොරකං කරලා, තමන්ගේ වගේ තැන් තැන්වල පල කරලා, Facebook එකෙ Like එක, Comment එක, Share එක හිගාකන පිරිසකුත් ඉන්නවා. එයාලට කියන්න තියෙන්නෙ "එහෙම කරන්න එපා" කියලයි. ඒ නිසා ඒ වගේ අවස්ථාවන්වලදී නිර්මාණකරුවාට නිසි ගෞරවය ලබා දෙන්න කටයුතු කරන්න. ඒ නිර්මාණ, මියුරුගේ ඇගිලි තුඩුවලින් නිර්මාණය කරපුවා කියලා සටහනක් තබන්න (Photo Credits). මියුරුගේ මහන්සියටත් වටිනාකමක් දෙන්න. එතකොටයි මියුරුට වුණත් තව තවත් මේ වගේ අලුත් නිර්මාණ කරන්න හිතෙන්නෙ. ඒ වගේම ශක්තිය ධෛර්යය ලැබෙන්නෙ.
ඒ වගේම කොයිම වෙලාවකවත් කිසිම නිර්මාණකරුවෙක්ගෙ කිසිම නිර්මාණයක්, ඒ නිර්මාණකරුවාගේ අවසරයකින් තොරව එහාට මෙහාට කරකවලා, කපලා කොටලා, දහසකුත් එකක් වද දීලා, සංස්කරණය කරන්න යන්න එපා. ඒක හරියට නිර්මාණකරුවාගේ අතක් පයක් කඩලා දානවා වගේ වැඩක්. ඒ නිසා ඒ වගේ සංස්කරණයක් කරන්න කලින්, වාණිජමය දෙයකට අරගන්න කලින්, නිර්මාණකරුවාගෙන් අවසරය ලබාගෙන ඉන්න ඕන.
තමන් මේ වගේ කැප කිරීම් සහ අධ්‍යන ගොඩක් කරලා කරපු නිර්මාණය, ඒ විදිහට විනාශ කරලා දාලා තියෙනවා දකිනකොට, නිර්මාණකරුවා වුණත් අධෛර්යමත් වෙන්න පුලුවන්. අලුත් සංකල්පයක් හරහා අලුත් නිර්මාණයක් කරන්න ආයිත් උත්සාහ නොගෙන ඉන්නත් පුලුවන්. මම දන්න අදුරන දක්ෂ රචකයො සහ ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙක්ම ඉන්නවා, නිර්මාණ මංකොල්ලය නිසා, තමන් කර කර හිටපු ඔක්කොම දේවල් අතෑරලා දාපු. මේ ඔක්කොටමත් වඩා සාරධර්ම කියන දේ සහ නිහතමානීකම කියන යහපත් ගුණාංග ගොඩක් වැදගත්..!!!!!