ගවේෂණ අංක 06
41. වෙහෙරකන්දේ නටබුන්
නුගේගොඩත් රාජගිරියත් අතර දිවෙන මාර්ගයේ තියෙන බංගලා හංදිය ළග තියෙන බැද්දගාන පාරෙන් හැරිලා ටික දුරක් ගිහින් වමට හැරිලා, ආයිත් දකුණට හැරිලා කෙලින්ම යන කොට පාර කෙලවරට වෙන්න මේ ස්ථානය දකින්න පුලුවන්.
මේ ස්ථානයේ සෘජුකෝණාස්රාකාර වේදිකාවක් උඩ ඉදි කරපු විෂ්කම්භය අඩි 30ක් සහ 24ක් වෙන කුඩා ප්‍රමාණයේ ස්ථූප දෙකක් දකින්න පුලුවන්. ස්ථූප දෙකේම පේසා වළලු 3ක් තියෙනවා. වේදිකාවට උතුරින් සහ බටහිරින් කබොක් ගලින් හදපු පඩිපෙළවල් දෙකකුත්, වේදිකාව උඩින් පිළිම ගෙයක පාදමකුත් දකින්න පුලුවන්.
මේ ස්ථානය ගැන මත ගොඩක් ඉදිරිපත් වෙලා තියෙනවා. ගොඩක් දෙනෙක් කියන්නෙ මේ පුරාණ විහාරස්ථානයක නටබුන් කියලා. ඒත් සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහස අනුව නම් මේ තියෙන්නෙ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ සහ එතුමාගේ බිසවගේ (රන් මැණිකා) සොහොන් කොත්. ඊට අමතරව මේ ඉපැරණි කතරගම දේවාලයක නටබුන් කියලත් අප්‍රසිද්ධ මතයක් තියෙනවා.
42. අලකේශ්වර පුරාවිද්‍යා ස්ථානය
පිටකෝට්ටේ හන්දියේ ඉදලා රාජගිරිය පැත්තට යනකොට දකුණු පැත්තෙන් හම්බ වෙන 'අලකේශ්වර මාවතෙන්' හැරිලා ටික දුරක් යනකොට 'දේවාල පාර' කියලා පාරක් හම්බ වෙනවා. මේ පාර දිගේ ගියාම අපිට අලකේශ්වර මාළිගාව හම්බ වෙනවා.
යාපනය රාජධානියේ ආර්යචක්‍රවර්තීන් බලවත් වෙලා, සිංහල රාජධානියට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරපු නිසා සිංහල රාජධානිය යාපහුවෙ ඉදලා කුරුණෑගලටත්, කුරුණෑගල ඉදලා ගම්පලටත් විතැන් කරන්න සිද්ධ වුණා. කෝට්ටේ බලකොටුව සහ රාජධානිය, ගම්පල රාජධානිය පවතින කාල වකවානුවක තමයි නිර්මාණය වුණේ. මොකද යාපනයෙන් ආයිත් ප්‍රහාරයක් එල්ල වුණොත්, රජතුමාගේ ආරක්ෂාවට කෝට්ටේ බලකොටුව සහ මාළිගාව පාවිච්චි කරන්න පුලුවන් නිසා.

ගම්පල යුගයේ මුල් භාගයේ ඉදලම වංශවත් ප්‍රභූ පැලැන්ති දෙකක් ගැන සදහන් වෙනවා. එකක් තමයි සේනාධිලංකාර පරම්පරාව. අනිත් එක තමයි අලගක්කෝනාර පරම්පරාව. මේ දෙකම කාලෙන් කාලෙට, එකෙක් පරයා නැගී සිටිමින්, තමන්ට හිතවත් කෙනෙක්ව රාජ්‍යත්වයට පත් කර ගැනීමේ බල අරගලයක සහ සීතල යුද්ධයක නිරත වෙලා තියෙනවා. ඒ නිසා එක වෙලාවකට සේනාධිලංකාර පරපුරට උරුමකම් කියන, හිතවත් කෙනෙක් රජ වුණා. තවත් වෙලාවකට අලගක්කෝනාර පරපුරට උරුමකම් කියන, ඒ පරපුරට හිතවත් කෙනෙක් රජ වුණා.
අලගක්කෝනාර පරම්පරාවටම තමයි අලකේශ්වර පරම්පරාව කියලත් කියන්නෙ. අලකේශ්වර පරම්පරාව 13 වන සියවසේ ඉන්දියාවෙන් මෙහාට ආපු, ප්‍රබල සහ වංශවත් පරම්පරාවක් කියලා තමයි කියවෙන්නෙ. පස්සෙ බුදු දහම වැළදගෙන අපේ රටේ සමාජ පරිසරයට හැඩ ගැහිලා තියෙනවා. ඒ පරපුරෙන් අපේ රටට ආපු පළවෙනි සාමාජිකයා තමයි නිශ්ශංක අලගක්කෝනාර කියන්නෙ. නිශ්ශංක අලගක්කෝනාර තමයි කෝට්ටේ රාජධානිය නිර්මාණය කරන්න මූලිකත්වය අරගෙන තියෙන්නෙ. පස්සෙ කාලෙක නිශ්ශංක අලගක්කෝනාරගේ දැක්ම හරි යනවා. යාපනයෙන් ගම්පොල රාජධානියට දැවැන්ත ආක්‍රමණයක් එල්ල වෙනවා.

නිශ්ශංක අලගක්කොනාර ජීවත් වුණු මාළිගාව / නිවස තමයි මේ භූමියේ පිහිටලා තියෙන්නෙ. අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නෙ කබොක් ගල්වලින් හදපු, එකිනෙකට වෙනස්, හතරැස් හැඩයක් සහිත, ගොඩනැගිලි අත්තිවාරම් කොටස් දෙකක් විතරයි. මේ නිශ්ශංක අලගක්කෝනාරගේ සොහොන කියලත් මතයක් තියෙනවා. හැබැයි මේ භූමියෙන් හම්බ වුණු ඇඹරුම් ගල්, ජල පෙරණ (Water Filter) වගේ ගෘහ උපකරණ නිසා, ඒ මතය ප්‍රතික්ෂේප වෙලා යනවා.
43. කෝට්ටේ පිටදිය අගල
කෝට්ටේ රාජධානියේ පිටදිය අගලේ ශේෂ කොටස්, UNP පක්ෂ කාර්යාලය (සිරිකොත) ඉස්සරහින් දැක ගන්න පුලුවන්. කෝට්ටේ රාජධානියට ආරක්ෂාව සපයන්න නිර්මාණය කරලා තියෙන මේ පිට දිය අගල, එක එක ගැඹුරින් සහ පළලින් යුක්ත වෙනවා. මේක හදලා තියෙන්නෙ ඇතුළුදිය අගල ගමන් කරන දිශාවට සමාන්තරවයි.
44. පිටකෝට්ටේ ගල් අම්බලම
මේ ඓතිහාසික අම්බලම කෝට්ටේ රජමහා විහාරයට සහ නගරයට එන මගීන් වෙනුවෙන් නිර්මාණය කරපු එකක්. අඩි 15ක් දිග, අඩි 20ක් පළල මේ අම්බලමේ ගල් කණු 10ක් දකින්න පුලුවන්. එව්වා කැටයම් කරලා නෑ.
මේ කණු 10 උඩ තමයි අම්බලමේ වහලෙ ගහලා තියෙන්නෙ. වටේ තියෙන බිත්ති නම් පස්සෙ කාලෙක නිර්මාණය කරපුවා. පිටකෝට්ටේ හංදියට ගියොත් මේ ගල් අම්බලම දැක ගන්න පුලුවන්.
මේ කණු 10 උඩ තමයි අම්බලමේ වහලෙ ගහලා තියෙන්නෙ. වටේ තියෙන බිත්ති නම් පස්සෙ කාලෙක නිර්මාණය කරපුවා. පිටකෝට්ටේ හංදියට ගියොත් මේ ගල් අම්බලම දැක ගන්න පුලුවන්.
45. ජුබිලි කණුව ස්මාරකය
46. තිස්සමහාරාම රජමහා විහාරයේ ප්‍රතිමා
බුදුරජාණන් වහන්සේගේ ලළාට ධාතුන් නිධන් කරලා, කාවන්තිස්ස රජතුමා තිස්සමහාරාම චෛත්‍යය නිර්මාණය කරන්නෙ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදි විතර. බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමනේදී පාද ස්පර්ශය ලබපු මේ පුණ්‍ය භූමියට පිවිසෙන ජනතාවගේ අවධානය යොමු වෙන්නෙ තිස්සමහාරාම චෛත්‍යයට විතරයි. ඒත් සලපතල මළුව වටේට තියෙන නටබුන් සහ පුරාවස්තු ගැන වැඩි අවධානයක් යොමු වෙන්නෙ නෑ. මේ කියන්න යන්නෙ තිස්සමහාරාම චෛත්‍යය පිහිටලා තියෙන සලපතල මළුව වටේට තියෙන ප්‍රතිමා ත්‍රිත්වයක් ගැනයි. මේ ප්‍රතිමා අතරින් දෙකක් බුද්ධ ප්‍රතිමා වෙනවා. අනිත් ප්‍රතිමාව රජ කෙනෙකුගේ ප්‍රතිමාවක්.
තිස්සමහාරාම චෛත්‍යයට වයඹ දිශාවෙන් නිර්මාණය කරලා තියෙන හිටි බුද්ධ ප්‍රතිමාවේ දෙ-අත් කැඩිලා ගිහින් තිබුණත්, ප්‍රතිමාවෙන් නිරූපණය කරලා තිබ්බ මුද්‍රාව අභය මුද්‍රාව කියලා හදුනා ගන්න පුලුවන්. බුදුරජාණන් වහන්සේගේ වම් අතින් සිවුර දරා ගෙන සිටීමක් / ඔසවාගෙන සිටීමක් දකින්න පුලුවන්. අනුරාධපුර යුගයට අයිති මේ ශෛලමය ප්‍රතිමාව, රුවන්වැලි මහා සෑය ඉදිරිපිට තියෙන ශෛලමය බුද්ධ ප්‍රතිමා වලට ගොඩක් සමානයි. අභය මුද්‍රාවෙන් නිරූපනය වෙන, ප්රතාපවත් භාවයෙන් යුක්ත ප්‍රතිමා වලට වඩා, මේ ප්‍රතිමාවට ශාන්ත රසයක් (මහා කරුණාව) ආරෝපණය කරලා තියෙනවා දකින්න පුලුවන්.

සලපතල මළුවේ උතුරු දිශාවෙන් පිහිටලා තියෙන බුද්ධ ප්‍රතිමාව, වයඹ දිශාවෙන් පිහිටලා තියෙන හිටි බුද්ධ ප්‍රතිමාවට වඩා ගොඩක් වෙනස්. මේ ශෛලමය ප්රතිමාවත් අභය මුද්‍රාවෙන් යුක්ත ප්‍රතිමාවක්. බිදිලා ගිහින් තියෙන දකුණු හස්ථය වෙනුවට, වර්තමානයේ සිමෙන්තියෙන් නිර්මාණය කරලා තියෙන කෘතිම හස්ථය නිසා, ප්‍රතිමාවේ ඓතිහාසික වටිනාකම නැති වෙලා තියෙනවා. වයඹ දිශාවේ බුද්ධ ප්රතිමාවත් එක්ක සංසන්දනය කළාම, මේ ප්‍රතිමාවේ මුහුණත සහ කැටයම් කිරීමේ ලක්ෂණ ගොඩක් වෙනස්. ඒ නිසාම වෙනත් ශිල්පීන් පිරිසක් විසින් කැටයම් කරපු ප්‍රතිමාවක් කියලා හිතන්න පුලුවන්. ප්‍රතිමාවේ මුහුණතෙන් මහා කරුණාව ඉස්මතු කරලා තියෙනවා. කැඩී ගිහින් තියෙන දකුණු හස්ථය සහ ප්‍රතිමාවේ පිටුපස කොටස නිසාත්, වර්තමානයේ තාප්පයක් ආධාරයෙන් හිටවලා තියෙන නිසාත්, වෙනස්ම ආකාරයේ ප්‍රතිමා ලක්ෂණ නිසාත්, මේ ප්‍රතිමාව ඈත අතීතයේ තිස්සමහාරාම චෛත්‍යය පිහිටි ප්‍රදේශයට එපිටින් තැන්පත් කරලා තියෙන්න ඇති කියන එක තමයි මගේ පෞද්ගලික මතය.
උතුරු දිශාවෙන් පිහිටලා තියෙන බුද්ධ ප්‍රතිමාවට එහා පැත්තෙන් තවත් ප්‍රතිමාවක් දැක ගන්න පුලුවන්. හැබැයි ඒ බුද්ධ ප්‍රතිමාවක් නම් නෙවේ. මේ ප්‍රතිමාවේ බෝධිසත්ව ප්රතිමාවල ලක්ෂණ දකින්න නැති නිසා, රජ කෙනෙකුගේ ප්‍රතිමාවක් කියලා තමයි කියන්නෙ. මේ ශෛලමය ප්‍රතිමාව ගැන මත දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. එකක් තමයි මේක කාවණ්තිස්ස රජතුමාගේ ප්‍රතිමාවක් කියන එක (ප්‍රධාන සහ වැඩි දෙනා පිළිගන්නා මතය). අනිත් මතය තමයි මේක දුටුගැමුණු රජතුමාගේ ප්‍රතිමාවක් කියන මතය.
තිස්සමහාරාම විහාරයේ නිර්මාණය කළේ කාවණ්තිස්ස රජතුමා නිසා බොහෝ විට මේක කාවණ්තිස්ස රජතුමාගේ ප්‍රතිමාවක් වෙන්න පුලුවන්.
ඒත් ප්‍රතිමාවේ ලක්ෂණ දිහා බැලුවම, ප්‍රතිමාවෙන් නිරූපණය වෙන්නෙ රජ කෙනෙකුටත් වඩා රාජ කුමාරයෙක්ගෙ ලක්ෂණ. ඒ නිසයි මේ දුටුගැමුණු රජතුමාගේ ප්‍රතිමාවක් කියලා මතයක් නිර්මාණය වෙලා තියෙන්නෙ. මොකද දුටුගැමුණු රජතුමාත් විහාරයට අනුග්‍රහය දක්වලා තියෙන නිසා. |
47. කපරා මූලය
මේක තියෙන්නෙ අනුරාධපුරයේ අභයගිරි විහාර සංකීර්ණය මායිමට වෙන්න. ඒ කාලයේ අභයගිරි විහාර සංකීර්ණය කොටස් 4කට බෙදලා තිබිලා තියෙනවා. කපාරා මූලය කියන්නෙ ඒ අතරින් එක සීමාවක්. අනිත් සීමා 3 තමයි උත්තර මූලය, මහනෙත් මූලය සහ වහදු මූලය කියලා කියන්නෙ. කපරා මූලය ආශ්රිත ප්‍රදේශයේ විදේශීය භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කළා කියලා අප්‍රසිද්ධ මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා. නටබුන් වෙලා ගිය පරණ ගොඩනැගිලි කිහිපයක අත්තිවාරම් කොටස් මෙතනදී අපිට දැක ගන්න පුලුවන්.
48. රුවන්වැලි මහා සෑ මළුවේ ඇස නොගැටෙන දේවල්
රුවන්වැලි මහා සෑය පරිශ්‍රයට පිවිසෙන 99%ක් දෙනාගේම අවධානය යොමු වෙන්නෙ රුවන්වැලි මහා සෑ රජුන්ට විතරයි. ඒත් මහා සෑයේ සලපතල මළුව වටේට බලන්න තියෙන වටිනා කියනා දේවල් ගැන අවධානය යොමු වෙන්නෙ නෑ.
රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ බලන්න තියෙන දේවල් අතරින් වඩාත්ම වැදගත් තැනක් ගන්නේ, වර්තමානයේ රුවන්වැලි මහා සෑයේ බුද්ධ මන්දිරය ඉස්සරහා තියෙන පඤ්ච ප්‍රතිමා. මේ ප්‍රතිමා පහෙන් එක ප්‍රතිමාවක් බෝධිසත්ව පිළිමයක් විදිහට හදුනාගෙන තියෙනවා. අනිත් ප්‍රතිමා සතර බුද්ධ ප්‍රතිමා. මේ ප්‍රතිමා පහම හිටි ප්‍රතිමා. මේවා නිර්මාණය කරලා තියෙන්නෙ ඩොලමයිට් වලින්. මේවායේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 6 - 7 සියවස් දක්වා ඈතට විහිදෙනවා. ප්රතිමාවල උසෙහි සුළු සුළු වෙනස්කම් තිබුණත්, මේ හැම ප්‍රතිමාවක්ම අඩි 7ට වඩා උසයි. බුද්ධ ප්‍රතිමා හතරම නිර්මාණය කරලා තියෙන්නෙ අභය මුද්‍රාව විදහා දැක්වෙන විදිහටයි. ඒ කියන්නෙ දකුණු අත ඔසවලා, වම් අතින් චීවරය දරාගෙන ඉන්න ස්වරූපයට. බුද්ධ ප්‍රතිමා හතරෙම අංග ලක්ෂණ සමානයි. දෙකන්, බෙල්ල ළගටම නිර්මාණය කරලා තියෙනවා. චීවරය ඇගට ඇලිලා. ප්‍රතිමා හොයා ගන්න කොට, මේ ප්රතිමාවන් වල අත් පා ශීර්ෂ කැඩිලා තමයි තිබිලා තියෙන්නෙ. ඒ නිසා ඒවා සිමෙන්තියෙන් පිළිසකර කරලා තියෙනවා දකින්න පුලුවන්.

මේ බුද්ධ ප්‍රතිමා හතර කකුසද, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුවරුන්ගේ ප්‍රතිමා හතරක් කියලා තමයි දැනට පවතින මතය. මේ සෑම බුදුවරයෙක්ම ලංකාවට වැඩම කළ බවත්, උන්වහන්සේලා රුවන්වැලි මහා සෑය පිහිටලා තියෙන පරිශ්‍රයේ සමවත් සුවයෙන් වැඩ සිටි බවත්, උන්වහන්සේලාගේ පිරිණිවන් පෑමෙන් පසු මේ ස්ථානයේ උන්වහන්සේලාගේ ද්‍රෝණයක් පමණ ධාතුන් නිධන් කර මහා ස්ථූප නිර්මාණය වුණු බවත්, ධාතු පරිනිර්වාණය මේ පුණ්‍ය භූමියෙන් ආරම්භ වෙන බවත්, මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් අනාගතයේ ලංකාවට වැඩම කළ පසු මේ ස්ථානයට වැඩම කරන බවත්, උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුව උන්වහන්සේගේත් ද්‍රෝණයක් පමණ ධාතුන් නිධන් කර මහා සෑයක් මේ ස්ථානයේ නිර්මාණය වන බවත් අතීත පොත්පත්වල සදහන් වෙනවා.
රුවන්වැලි මහා සෑයේ බටහිර දිශාවේ සෑය ළගින්ම, රුවන්වැලි මහා සෑයේ කුඩා ශෛලමය ආකෘතියක් දකින්න පුලුවන්. මේ ආකෘතිය ක්‍රිස්තු පූර්ව යුගයේ නිර්මාණය වුණු එකක්. ආකෘතිය ගැන ප්‍රධාන වශයෙන් මත දෙකක් පල වෙලා තියෙනවා. ප්‍රධානතම සහ ප්‍රබලම මතය තමයි රුවන්වැලි මහා සෑය නිර්මාණය කරන්න සැලැස්මක් විදිහට, මේ චෛත්‍යය උපයෝගී කර ගත්තාය කියන මතය.
දෙවෙනි මතය තමයි ස්ථූප ස්නානය කරවීමේ චාරිත්‍රය සඳහා භාවිතා කළා කියන මතය. රුවන්වැලි මහා සෑයේ විශාලත්වය සහ උස ප්‍රමාණය නිසා, මහා සෑය නැහැවීම අමාරු කාර්යයක්. ඒ නිසා මහා සෑයේ කුඩා ආකෘතියක් නිර්මාණය කරලා ඒක නැහැව්වලු. කුඩා ආකෘතිය නැහැවීමෙන්, රුවන්වැලි මහා සෑය නැහැවීම සංඛේතවත් වුණාලු. ඒ වගේම මේක පිරිත් මණ්ඩපයක කොටසක් කියලත්, මේ ආකෘතියේ නිර්මාතෘවරයා නිශ්ශංකමල්ල රජතුමා කියලත්, මේ ආකෘතියේ නිර්මාතෘවරයා භාතිකාභය රජතුමා කියලත් තවත් මත කිහිපයක්ම තියෙනවා.

ඊට අමතරව රුවන්වැලි මහා සෑයට නැගෙනහිරින් පිහිටවලා තියෙන පුවරු ලිපියත්, දකුණින් නිර්මාණය කරලා තියෙන භාතිකාභය රජතුමාගේ ශෛලමය ප්රතිමාවත්, පූජා භූමියට ඇතුළු වන ස්ථානයට වම් පසින් පිහිටලා තියෙන ඉපැරණි මුරගලත් අනිවාර්යෙන්ම බැලිය යුතු අංගයන් විදිහට හදුන්වන්න පුලුවන්.
රුවන්වැලි මහා සෑය වටේ තියෙන වාහල්කඩ හතරේ නිර්මාතෘවරයා ගැන මත කිහිපයක් පවතිනවා. කොහොම වුණත් මේවා ක්‍රි.ව 1 - 2 සියවස් වලට අයිති නිර්මාණ කියලා තමයි දැනට නිර්ණය කරලා තියෙන්නෙ. මේවා අතරින් අද ඉතිරි වෙලා තියෙන්නෙ එක වාහල්කඩක් විතරයි. අනිත් ඒවා මෑත කාලයේ නිර්මාණය කරපුවා. ඉතිරි වෙලා තියෙන මුල් වාහල්කඩේ ඇත්, අස්, ත්‍රිකෝණ, පලාපෙති, ලීස්තර, බොරදම්, මකර හිස්, එක එක වර්ගයේ ලියවැල් සහ සංඛේත දකින්න පුලුවන්. පැරණි රජ දවස වාහල්කඩ හතරේම චිත්‍ර ඇදලා තිබුණාය කියලා දැන් හොයාගෙන තියෙනවා. ඊටත් අමතරව මහා සෑයට උතුරු දිශාවෙන් සලපතල මළුවට පිටතින් මුල් යුගයේ ඇත් පවුර දැක ගන්නත් අවස්ථාව තියෙනවා.