මේ ගැනත් හිතන්න
සයිබර් අවකාශයට මගේ පළවෙනි ලිපිය ලියවෙන්නෙ 2010 අවුරුද්දේ ඔක්තෝබර් 14 වෙනි බ්‍රහස්පතින්දා. එදා ඉදලා "දනාගේ පලා මල්ල"ටම සීමා නොවී මම අන්තර්ජාලයේ තියෙන වෙබ් පිටුවලට, සංගම්වලට, වෙබ් අඩවිවලට ලිපි 275කටත් වැඩියෙන් ලිව්වා. ඒ ලිපි අන්තර්ජාලයේ එක එක තැන්වල විසිරිලා පැතිරිලා තියෙනවා. ගොඩක් අය කියන දෙයක් තමයි "අපි මෙහෙම ලිපි ලියන්නේ, අපිට කරන්න වෙන වැඩක් නැති නිසා" කියන එක. ඒත් ඇත්තම කතාව ගත්තොත් අපිත් මිනිස්සු. අපිටත් වගකීම් තියෙනවා. අපිටත් යුතුකම් තියෙනවා. අපිටත් අහස උසට වැඩ රාජකාරි අනන්තවත් තියෙනවා.
http://danula.me/social-projects/
http://danula.me/social-projects/
එහෙනං ඇයි අපි මේ විදිහට ලිපි ලියන්නේ? සමහරක් අය ලිපි ලියන්නේ විනෝදාංශයක් විදිහටයි. ඒ කියන්නේ විවේකීව ඉන්න වෙලාවට. ඒත් මම නම් ගොඩක් වෙලාවට පාඩම් වැඩ කරන අස්සෙත් ලිපි ලියනවා. මම සයිබර් අවකාශයට ලිපි ලියන්නේ කාරණා කිහිපයක් නිසයි. මගේ අරමුණ තමයි සමාජයට දැනුම ලබා දීම. අද කරන්න තියෙන වැඩේ, අදම කරන එක මගේ පුරුද්දක්. මොකද මම කවදාවත් හෙටක් ගැන විශ්වාස කරන්නේ නෑ. හෙට වෙනකොට මම මැරෙන්නත් පුලුවන්. මම හෙට මැරුණොත්, මම ලබාගෙන තියෙන දැනුමත්, මාත් එක්කම නැතිවෙලා යනවා. ඒ නිසා මට ඕන මැරෙන්න කලින් මම ලබාගෙන තියෙන දැනුමෙන් සමාජය පොහොසත් කරන්නයි. නොදන්න අයට දැනගන්න ලිපි ලියනකොට, අපේ වුණත් දන්න දේවල් ගොඩක් ඔපමට්ටම් කර ගන්න පුලුවන්.
අනිත් කාරණාව තමයි මානසික තෘප්තිය ඇති කර ගැනීමට. මොකද සතියේ දවස් හතේම, මුළු දවසෙම Laptop Screen එක දිහා බලාගෙන Codes කෑලි එක්ක ඔට්ටු වෙනවා කියන්නේ හරිම අමාරු සහ කරුමක්කාර වැඩක්. එතකොට අපිට ලොකු පීඩනයක් සහ මානසික ආතතියක් එනවා. ඒක වළක්වා ගැනීමට මේ ලිපි ලියන වැඩේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද ලිපියක් ලියනකොට, හිත යම්තාක් දුරට සන්සුන් වෙනවා. ඒ වගේම හිත එක්තැන් වෙනවා. ලිපිය ඉවර කරලා, ලිපිය ප්‍රසිද්ධ කළාම ලිපියට ලැබෙන ප්‍රතිචාර කියවනකොට ඇති වෙන්නෙ නිරාමිස ප්‍රීතියක්. ඒ තමයි කාට හරි මොකක් හරි දැනුමක් ලබා දෙන්න පුලුවන් වුණා කියන ප්‍රීතිය. සමහරක් අදුරන්නෙ නැති අය මගේ දුරකථනවලට, Facebook එකට කතා කරලා / කොහේදි හරි හම්බවෙලා ඒවා ගැන කියනකොට ගොඩක් සන්තෝස හිතෙනවා. මොකද ඒවායෙන් කියවෙන්නෙ මගේ අරමුණේ තියෙන සාර්ථකත්වය ගැනයි.
අනිත් කාරණාව තමයි මානසික තෘප්තිය ඇති කර ගැනීමට. මොකද සතියේ දවස් හතේම, මුළු දවසෙම Laptop Screen එක දිහා බලාගෙන Codes කෑලි එක්ක ඔට්ටු වෙනවා කියන්නේ හරිම අමාරු සහ කරුමක්කාර වැඩක්. එතකොට අපිට ලොකු පීඩනයක් සහ මානසික ආතතියක් එනවා. ඒක වළක්වා ගැනීමට මේ ලිපි ලියන වැඩේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද ලිපියක් ලියනකොට, හිත යම්තාක් දුරට සන්සුන් වෙනවා. ඒ වගේම හිත එක්තැන් වෙනවා. ලිපිය ඉවර කරලා, ලිපිය ප්‍රසිද්ධ කළාම ලිපියට ලැබෙන ප්‍රතිචාර කියවනකොට ඇති වෙන්නෙ නිරාමිස ප්‍රීතියක්. ඒ තමයි කාට හරි මොකක් හරි දැනුමක් ලබා දෙන්න පුලුවන් වුණා කියන ප්‍රීතිය. සමහරක් අදුරන්නෙ නැති අය මගේ දුරකථනවලට, Facebook එකට කතා කරලා / කොහේදි හරි හම්බවෙලා ඒවා ගැන කියනකොට ගොඩක් සන්තෝස හිතෙනවා. මොකද ඒවායෙන් කියවෙන්නෙ මගේ අරමුණේ තියෙන සාර්ථකත්වය ගැනයි.
මේවා අයිති වෙන්නෙත් ජන මාධ්‍යවලටම තමයි. "ජන මාධ්‍ය ආචාර ධර්ම" කියන්නේ මේවා වෙනුවෙන්ම නිර්මාණය වුණු දෙයක්. මේවා පිළිපදින එක කොයි කාගෙත් යුතුකමක් වෙනවා. ජන මාධ්‍ය ආචාර ධර්ම ගැන කතා කරනකොට සත්‍යවාදී බව, නිදහස, හානිය අවම කිරීම සහ වගකිව යුතු බව කියන කරුණු හතර අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. මේ ජනමාධ්‍ය ආචාර ධර්ම ගැන ලස්සන විස්තරයක් මේ ලින්ක් එකේ තියෙනවා.
මට නම් හිතෙන්නෙ ලිපියක් ලියනවා කියන්නේ මේ ලෝකයේ තියෙන අමාරුම වැඩවලින් එකක් කියලයි. මොකද අපි බැරිවෙලාවත් වැරදි දෙයක් ලිව්වොත් ඒකෙන් වෙන්න තියෙන සමාජ හානිය ගොඩක් වැඩියි. මිනිස්සුන්ව පහසුවෙන්ම නොමග යැවීමේ හැකියාව ජනමාධ්‍යවලට තියෙනවා. ඒ නිසා තමයි ඡන්දයක් ළං වෙනකොට "ජඩමාධ්‍ය" කියන වචනය එළියට එන්නෙත්. ඒ නිසා මම ලිපියක් ලියන්න කලින්, ලිපියට ඇතුළත් කරන කරුණු කාරණා ගැන දවස් ගණනාවක්ම අධ්‍යනය කරනවා. ඒවායේ සත්‍යතාවය ගැන, ඒවා ගැන පල වෙලා තියෙන මතවාද ගැන, මූලාශ්‍ර ගැන ආදී වශයෙන්. හිතිච්ච ගමන්ම ලිපි ලියන්නේ නෑ. මේ විදිහට පුළුල් අධ්‍යනයක් කරලා දවස් ගණනාවක් ගියාට පස්සෙ තමයි ලිපියේ වැඩ පටන් ගන්නේ. ගොඩක් ලිපි ලියන්න සතියක් විතර යනවා. ඒවායේ කරුණු පෙළගස්සලා, පින්තූර, වීඩියෝ දාලා, පැහැදිලිව ලියලා, මමම ලිපිය පස්වතාවක් විතර කියවලා ව්‍යාකරණ දෝෂ හදාගන්නවා. ඊට පස්සෙ තමයි ලිපිය සයිබර් අවකාශයේ ප්‍රසිද්ධ කරන්නේ. නැතුව මේ වැඩේ දෙවියන් වහන්සේ ලෝකය මවපු වේගෙට කරන්න බෑ. මේ වැඩේට ඉවසීම සහ කැපවීම තියෙන්නත් ඕන.
ඉතින් සමහරක් දවස්වල නිදාගන්නෙවත් නැතුව, අතේ ඇගිලි රිදෙනකං, මැණික් කටුව රිදෙනකං, කරන්ට් එකත් පුච්චගෙන, සමහරක් වැඩ පාඩු කරගෙන ලියන ලිපි උස්සන කට්ටියකුත් ඉන්නවා. මේ සටහන ලියන්න හිතුනෙත් අන්න ඒ නිසයි. අපි සති ගණනාවක් මහන්සිවෙලා ලියන ලිපි, එයාලා විනාඩියක් ඇතුළත උස්සලා, එයාලා ලිව්ව ලිපියක් විදිහට, එයාලගෙ වෙබ් සහ බ්ලොග්වල දාගන්නවා. එයාලට කියන්න තියෙන්නෙ "එහෙම කරන්න එපා" කියලයි. අපේ මහන්සියටත් වටිනාකමක් දෙන්න. එතකොටයි අපිට තව තවත් මේ වගේ ලිපි ලියන්න හිතෙන්නෙ. ඒ වගේම ශක්තිය ධෛර්යය ලැබෙන්නෙ.
Copy කරන්නෙ නැතුව අපිට ගමනක් යන්න අමාරුයි. මේ ලෝකයේ අපි දකින හැම දෙයක්ම, පවතින යමක් ඔස්සේ නිර්මාණය වුණු ඒවා. හැබැයි ඒ ගෙඩිපිටින් Copy කරලා නෙවේ. යමක් Copy කළාට කමක් නෑ. හැබැයි ඒ ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව. ඊට පස්සේ ඒ Copy කරපු දේ, ඒ විදිහටම නැතුව, තමන්ට ගැලපෙන විදිහකට, තමන්ගේ ශෛලියට හරවගන්න ඕන. ඊටත් පස්සේ ඒ ඔස්සේ අලුත් දෙයක් කරන්න උත්සහ කරන්න ඕන. ඒ දේ තුළ තමන්ගෙ අදහස් තියෙන්න ඕන. එහෙමත් බැරි නම් අපි ලියපු ලිපි ඒ විදිහටම අරගෙන (වාණිජමය නොවන කටයුතු සඳහා), ඒ උපුටා ගත්ත තැනේ ලින්ක් එක පල කරන්න පුලුවන්. ඒකත් අපිට ලොකු හයියක්.
අනිත් කාරණාව තමයි ලිපි උපුටා ගන්නකොට, ලිපියේ අන්තර්ගතය මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්න එපා. ඒක හරියට ලිපිය ලියපු කෙනාගෙ අතක් පයක් කඩනවා වගේ වැඩක්. මගේ ලිපි මේ ක්‍රම අනුගමනය කරමින්, අන්තර්ජාලයේ එක එක සමාජ වෙබ් අඩවිවල සංසරණය වෙනවා මමම දැකලා තියෙනවා. ඒවා දකිනකොට හරි ආසයි. ඒ වගේම හරි සන්තෝසයි. එයාලා අපේ මහන්සියට වටිනාකමක් එකතු කරලා තියෙන නිසා.
ඒත් මේ සාරධර්ම අනුගමනය කරන්නෙ නැතුව, අපි සති ගණන් මහන්සිවෙලා ලියන ලිපි, එක තත්පරෙන් ගෙඩි පිටින් උස්සලා, තමන්ගෙ වගේ දාගෙන වැජඹෙන අයත් නැතුවා නෙවේ. ඔය පහළින් තියෙන්නේ ඒ වගේ එකක්.
අනිත් කාරණාව තමයි ලිපි උපුටා ගන්නකොට, ලිපියේ අන්තර්ගතය මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්න එපා. ඒක හරියට ලිපිය ලියපු කෙනාගෙ අතක් පයක් කඩනවා වගේ වැඩක්. මගේ ලිපි මේ ක්‍රම අනුගමනය කරමින්, අන්තර්ජාලයේ එක එක සමාජ වෙබ් අඩවිවල සංසරණය වෙනවා මමම දැකලා තියෙනවා. ඒවා දකිනකොට හරි ආසයි. ඒ වගේම හරි සන්තෝසයි. එයාලා අපේ මහන්සියට වටිනාකමක් එකතු කරලා තියෙන නිසා.
ඒත් මේ සාරධර්ම අනුගමනය කරන්නෙ නැතුව, අපි සති ගණන් මහන්සිවෙලා ලියන ලිපි, එක තත්පරෙන් ගෙඩි පිටින් උස්සලා, තමන්ගෙ වගේ දාගෙන වැජඹෙන අයත් නැතුවා නෙවේ. ඔය පහළින් තියෙන්නේ ඒ වගේ එකක්.
මම History Of Sl එකට ලියලා තියෙන ඔක්කොම ලිපි ටික මේකෙ ගෙඩිපිටින් උස්සලා තියෙනවා. ඒ හැම එකක්ම තමන්ගේ වගේ දාගෙන. මූලාශ්‍රය ගැනවත් සදහනක් දාලා නෑ. ඉතින් මේ වගේ සිද්ධීන් දැක්කම ඇත්තටම කලකිරෙනවා. මේ වෙබ් එකේ පල කරලා තියෙන හැම ලිපියක්ම, කොහෙන් හරි උස්සපු එකක්. ඒත් මේක නම් කරලා තියෙන්නේ "ඉතිහාසය මගේ ඇසින්" කියලා. ඒත් ඉතින් ඒකෙ තියෙන එක ලිපියකවත් හිමිකාරීත්වය, ඒ වෙබ් එකේ අයිතිකාර මහත්තයාට නෑ. අනිත් කාරණාව තමයි ඒ හොරකම් කිරීම කරලා තියෙන්නෙ, අඩුම තරමේ ඒ ලිපියේ තියෙන අන්තර්ගතය ගැනවත් කියවලා බලන්නේ නැතුව.
මම භාගෙට ලියලා, නවත්තලා දාලා තියෙන ලිපිත් ඒ විදිහටම දාලා. සමහරක් ලිපි ලියන එක පස්සට කල් දාලා, ඊට කලින් ඒ ලිපිවලට අදාල පින්තූර විතරක් දැම්මා. ඒ මහත්තයත්, ඒ ටික ඒ විදිහටම හොයන්නෙ බලන්නෙ නැතුව දාගෙන. සමහරක් ලිපිවල මම ඒ ලිපියට ලියන්න ඕන කරුණු ටික, කෙටි වචනවලින් පෙලගස්වලා තියෙනවා. එතකොට ඒ ලිපිය ලියනකොට කරුණු අමතක වෙන්නේ නෑ. අර මහත්තයා ඒ ටිකත් ඒ විදිහටම දාලා. History Of Sl එකේ වැඩ 2013 පෙබරවාරි ඉදන් නැවතිලා තියෙන්නෙ. ඒත් එක්කම මේ මහත්තයගෙ වෙබ් එකේ වැඩත් එදා ඉදලම නැවතිලා. මේ වැඩේ කරන්න එපා කියලා ඉල්ලලා මම ඒකෙ දාපු Commentsවුත් ඔක්කොම මකලා දාලා.
මේ එකක් විතරයි. තවත් මේ වගේ ඒවට ඕනෑ තරම් උදාහරණ දෙන්න පුලුවන්. ආනන්දයේ ඉතිහාස කතාව ගැන ලියපු ලිපිය නම් හිසේ කෙස් ගාණටත් වඩා Facebook එකේ තියෙන ආනන්ද විද්‍යාලයට සම්බන්ධ ගොඩාක් Pagesවලින් අරගෙන තිබුණා. ඒත් මම බය නැතුව වගකීමෙන් කියනවා, එහෙම උස්සපු අයගෙන් 99%ක්ම, ඒ ලිපිය උස්සලා තිබ්බෙ කිසිම අවබෝධයකින් නෙවේ. Likes, Comments, Shares, Ratings බලාපොරොත්තුවෙන්. එහෙම උස්සපු අයම, "මේක Share කරලා Support එකක් දෙන්න" කියලා, මටම එවපු අවස්ථාත් තිබුණා.
ඉස්සර මම මහා රාවණ රජතුමා ගැන ලිපි මාලාවක් ලිව්වා. මේ ලිපිවලින් ගොඩක් ලිපි අරගෙන තිබුණා, අපේ රටේ උණු කැවුම් වගේ විකිණෙන, මහා රාවණ රජතුමා ගැන ලියවුණු ගොඩක් ප්‍රසිද්ධ පොතකට. මම දාපු පින්තූරත් ඒ විදිහටම දාලා. මම කතා කරන භාෂාවෙන් ලියලා තියෙන විස්තර, මේ පොතේ ලියන භාෂාවෙන් ලියලා. සමහරක් ඒවා මගේම අදහස්. මගේම මත. ඒ වුණාට ඒ තොරතුරු අරගත්ත කිසිම මූලාශ්‍රයක් ගැන සදහන් කරලා නෑ.
මේක පින්තූරවලටත් බලපානවා. මේ නිසාම තමයි ගොඩක් අය තමන්ගෙ නමින් පින්තූරවලට Water Mark එකක් දාන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙම කරලත් Water Mark එක කපලා තමන්ගේ වගේ පල කරන අය ඉන්නවා. ඒ විතරක් නෙවේ, සමහරු Water Mark එක කපලා, ඒ වෙනුවට තමන්ගේ Water Marks ගහනවා. ඒ අයටත් කියන්න තියෙන්නේ උඩ ලියලා තියෙන ටිකම තමයි. ඡායාරූප ශිල්පියාගේ මහන්සියට වටිනාකමක් දෙන්න කියලා. මේ වෙනකොට මම පින්තූර 10 000ක් විතර අරගෙන තියෙනවා. පින්තූර අරගෙන, ඒවා සංස්කරණය කරලා, ප්‍රමාණ අඩු කරලා, අංක කරලා, සටහන් ලියලා, ඒ ඒ වෙබ්වලට දාන්න සමහර වෙලාවට සතියකටත් වඩා යන අවස්ථා තියෙනවා. සෑහෙන කට්ටක් කන්න වෙනවා. සමහරක් පින්තූර ගන්න ගිහින් ජීවිතේ පවා නැති වෙන්න ගිහිල්ලා තියෙනවා. පහළ බොත්තම එබුවොත් ඒ සිද්ධි ටික කියවන්න පුලුවන්.
2016 සැප්තැම්බර් මාසෙ දවසක තුම්මුල්ල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය පැත්තෙ ගියාම එක්තරා පොතක් දැක්කා. මේකෙ තියෙන විශේෂත්වය තමයි, මේකෙ කවරයට දාලා තියෙන්නෙ මම ගත්ත පින්තූරයක්. 2011 දෙහිවල නව පොලොන්නරු ගල් විහාරය බලන්න ගියාම, එතනදි ගත්තු සැතපෙන පිළිමයේ පින්තූරයක් තමයි ඔය තියෙන්නෙ. පින්තූරය ගුණාත්මක තත්වයට ගේන්න සෑහෙන කට්ටක් කන්න වුණා. ඒ වගේම මගේ පින්තූර එකතුවේ තියෙන පින්තූර අතරින් මම කැමතිම පින්තූරයක්. ඉතින් මේ හොරකම දැක්කම වෙනදා වගේ යක්ෂාවේශ වුණේ නම් නෑ. හැබැයි සතුටක් වගේම දුකකුත් ආවා. සතුටු හිතුනෙ හොද දේකට පින්තූරය ප්‍රයෝජනවත් වෙලා තියෙන නිසා. දුක හිතුනෙ, මේ පොතට Fit කරන්න Original නොවන පින්තූරයක් දාන්න ගිහින් පින්තූරය හොදටම බොද කරගෙන. පින්තූරයේ තිබ්බ ගුණාත්මක බව නැතිවෙලා ගිහින්. මොකෝ මේ වගේ වැඩකට Original පින්තූරය ඉල්ලුවා නම්, මම නොදී ඉන්න එකක්යෑ?
මම දන්න විදිහට නම් මේ පොත ලියපු නායක හාමුදුරුවො අපවත් වෙලා සෑහෙන කාලයක් වෙනවා. ඒත් ඉතින් මේ පොතේ නව මුද්‍රණය එළිදක්වපු අය, මේ වගේ දේවල් ගැනත් සෑහෙන්න හිතන්න ඕන. ගොඩගේ වගේ ලංකාවේ ප්‍රධාන පොත් ප්‍රකාශන සමාගමකින් මේ වගේ දෙයක් කළාම, ඒක වැරදි ආදර්ශයක් වෙනවා නේද? ඒ නිසා ආචාර ධර්ම කියන ඒවා කට වචනයට විතරක් සීමා නොවිය යුතුයි. මොකද මේවා නඩු වැටෙන වැඩ!
මේ ගැන එදාම මම මේ සමාගම දැනුවත් කළා. කොහොම හරි දවස් දෙක තුනකට පස්සෙ ගොඩගේ එකෙන් කණගාටුව පල කරලා පිළිතුරු ලිපියක් එවලා තිබ්බා. ඒ ගැන බොහොම සන්තෝසයි. ඒ වගේම වරද පිළිගැනීම සහ මේ වගේ වැරදි අනාගතයේ සිදු නොවීමට වග බලා ගැනීමට පොරොන්දුවීමත් ගොඩක් වටිනවා කියලා මතක් කරන්න කැමතියි. දැක්කෙ නෑ වගේ ඉන්නවට වඩා, පිළිතුරු ලිපියක් හරි එවන්න තරම් එයාලා එතනදී නිහතමානී වුණා.
මෙහෙම හොරකං කළා කියලා අපි නඩු දාන්නවත්, ඒවා හැක් කරන්නවත් යන්නේ නෑ. ඒත් අපේ රටේ වගේම මුළු මහත් ලෝකයේම බ්ලොග් ලියන අය අතරේ, දීර්ඝ කාලයක් තිස්සේ "සාරාධර්ම" කියලා දෙයක් තියෙනවා කියන එක, මේ ක්ෂේත්රයට අලුතෙන් එන අය දැන ගන්න ඕන. ඒ වගේම නිහතමානීත්වයත් ගොඩක් වැදගත්.
මෙහෙම හොරකං කළා කියලා අපි නඩු දාන්නවත්, ඒවා හැක් කරන්නවත් යන්නේ නෑ. ඒත් අපේ රටේ වගේම මුළු මහත් ලෝකයේම බ්ලොග් ලියන අය අතරේ, දීර්ඝ කාලයක් තිස්සේ "සාරාධර්ම" කියලා දෙයක් තියෙනවා කියන එක, මේ ක්ෂේත්රයට අලුතෙන් එන අය දැන ගන්න ඕන. ඒ වගේම නිහතමානීත්වයත් ගොඩක් වැදගත්.
දනාගේ පලා මල්ල by Danula Wickramaarachchi is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License. |
|