චක්‍රායුධ කැළ
සංගීතය කියන්නෙ ලොකු කුඩා බාල මහළු සෑම කෙනෙක්ටම ප්‍රියවුණු කලාවක්. හැබැයි සංගීතයට ඇති ඒ ඒ ආසාවන් සහ රසස්වාදයන්, ඒ ඒ පුද්ගලයා අනුව වෙනස් වෙනවා. එක්කෙනෙක්ට ලස්සනයි කියලා හිතෙන ගීතයක්, තවත් කෙනෙක්ට ලස්සන නොවෙන්න පුලුවන්. ඒක තමයි සංගීතයේ තියෙන විවිධත්වය. වර්තමානය වෙනකොට අනිත් රටවල්වල වගේම, අපේ රටෙත් තරුණ පරපුර සංගීත කලාවට නැඹුරුවෙමින් ඉන්නවා. ඒ අයගෙනුත් විශාල පිරිසක්, කණ්ඩායම් විදිහට එකතුවෙලා සංගීත කලාවන් ගැන එක එක විදිහේ අධ්‍යනයන් කරන්නත්, ඒ අධ්‍යනයන් හරහා නව අත්හදා බැලීම් කරන්නත් උත්සාහ කරනවා. ඒ වගේම තමන්ගේම කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමේ අරමුණින්, සංගීත කලාවට අලුත් නිර්මාණ සහ නව්‍යතා හදුන්වා දෙන්නත් අමතක කරන්නෙ නෑ.
අද අපි හදුන්වා දෙන්න යන්නෙත් අන්න ඒ වගේ සංගීත කණ්ඩායමක් ගැනයි. වාදනයෙන් වගේම ගායනයෙනුත් විශාල දක්ෂතාවයක් තියෙන මේ කණ්ඩායමේ, මේ වෙනකොට සාමාජිකයින් නව දෙනෙක් ඉන්නවා. මේ කණ්ඩායමේ තියෙන ප්‍රධාන විශේෂත්වය තමයි, කණ්ඩායමේ ඉන්න හැම සාමාජිකයෙක්ම එකම පාසලකින් බිහි වුණු සහ බිහිවීමට නියමිත ආදි සිසුන්වීම. ඒ වගේම මේ හැමදෙනෙක්ම එකම වයස් සීමාවන්වල ඉන්න අය.
මේ තමයි "චක්‍රායුධ" කණ්ඩායම. මේ කණ්ඩායම නියෝජනය කරමින් අපේ කතාබහට අපි එක්කෙනෙක්ව තෝරගත්තා. ඒ තමයි අශාන් රවිදු යුගන්ත. අශාන් කියන්නෙ අපිට ආගන්තුක චරිතයක් නෙවේ. අපේ සොදුරු කතාබහ ලිපි මාලාවේ, මන්දාකිණියෙන් ඔබ්බට කියන දෙවන ලිපිය ලියවුණෙත් අශාන් එක්කම තමයි. හැබැයි අද අශාන් ඇවිල්ලා ඉන්නෙ තරු ගැනවත්, ග්‍රහලෝක ගැනවත් කතා කරන්න නෙවේ. තමන්ගෙ කණ්ඩායම ගැන කතා කරන්න. ඇත්තටම චක්‍රායුධ කියන්නෙ මොකක්ද? චක්‍රායුධ කියන්නෙත් අපේ රටේ අනිත් කණ්ඩායම් වගේම, තවත් සංගීත කණ්ඩායමක් විතරද? මොකක්ද මේ අයගෙ තියෙන විශේෂත්වය? මොකක්ද මේ අයගේ අරමුණ? ඉතින් අපි බලමු අපේ ප්‍රශ්නවලට අශාන් උත්තර දුන්නෙ කොහොමද කියලා...

01. කොහොමද ජීවිතේ?
** ජීවිතේ නම් ටිකක් කාර්යබහුලයි. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු නිසා. උපාධියේ අවසන් වසර ඉගෙනීම් කටයුතුවල යෙදෙමින් ඉන්නෙ.
02. මේ දවස්වල අලුත් වැඩකට ලෑස්ති වෙනවා කියලා ආරංචියක් ආවා.
** ඇත්තටම ලෑස්ති වෙලා නම් ඉවරයි. අපි චක්‍රායුධ Band එක මීට මාස කීපෙකට කලින් ආරම්භ කළා.
03. ඇයි එක පාරටම මේ වගේ අදහසක් ආවෙ?
** මේක එකපාරටම ආපු අදහසක් නම් නෙමෙයි. අවුරුදු ගාණකට ඉස්සර ඉඳන් තිබ්බ අදහසක්. කිහිපවරක්ම ඒක ක්‍රියාත්මක කරන්න ඕන කියල හිතුණත් එක එක දේවල් නිසා ඒක දිගින් දිගටම කල් ගියා. අරමුණ නම් ඉතින් අධ්‍යාපන කටයුතු වගේ දේවල් නිසා ඒකාකාරී වෙන එකෙන් මිදිලා විනෝදාංශයක යෙදීම, අපි කාලයක් සංගීතය ඉගෙන ගත්ත එකෙන්, ප්‍රසංගවලට සහභාගී වුණු අත්දැකීම්වලින් ප්‍රයෝජනයක් ගැනීම වගේම වෙනස්ම විදිහේ සංගීත නිර්මාණ අත්හදා බැලීම.

04. කොහොමද මේ වැඩේ වෙන්නෙ? ** චක්‍රායුධ තරමක් විශාල Band එකක්. දැනට සාමාජිකයන් නවදෙනෙක් ඉන්නවා. Pop, Rock ඇතුළු විවිධ ශෛලීන්වල ගීත ගායනා කළත් අපි අයිති වෙන ප්‍රධාන ශෛලිය තමයි Fusion Rock. මේක Fusion සංගීත ශෛලිය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින කාලයක්. Fusionවලදී වෙන්නේ දැනට සම්මත මට්ටමේ තියෙන වෙනත් සංගීත ශෛලීන් දෙකක් හෝ කිහිපයක් එකට එකතු කරලා වෙනස්ම ආරක සංගීත නිර්මාණයක් කිරීම. අපි Fusion Rock කියන සංගීත ශෛලිය යොදාගෙන බටහිර Rock සංගීතය සමග Classical වාද්‍ය භාණ්ඩ සහ ලංකාවේ බෙර |
වර්ග/ හක්ගෙඩි ආදිය මගින් වෙනස් විදිහේ සංගීත නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නිසාම සාමාන්‍ය සංගීත කණ්ඩායමක දකින්නට නොලැබෙන විදිහේ සාමාජිකයන් චක්‍රායුධ තුළ ඉන්නවා. සැක්සෆෝන් වාදකයෙක්, වයලීන් වාදකයෙක්, Percussion වාදකයෙක් (කොංගෝ, බොංගෝ, දර්බක් සිට තබ්ලා, ගැටබෙර, යක්බෙර දක්වා), පියානෝ වාදකයෙක් ආදී වශයෙන්.
05. මේ හරහා ඔයාලා සමාජයට දෙන්න බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ දෙයක්ද?
** වෙනස් දෙයක්. ප්‍රසිද්ධියට පත් වුණු / නොවුණු ගීත වෙනස්ම ආකාරයකින් Cover කරන්න අපි බලාපොරොත්තු වෙනවා දැනට.
06. කණ්ඩායමේ අයවත් හදුන්වලා දෙනවා නම්?
** Drums වාදකයා, කසුන් ඇල්විටිගල. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවෙක්.
** Saxophone වාදකයා, උදේශ් ඉඳුවන්. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙක්.
** Percussion වාදකයා, වින්දුල ආටිගල. NSBM ආයතනයේ ව්‍යාපාර කළමනාකරණ සිසුවෙක්.
** Lead Guitar වාදකයා, තාරක කරුණාරත්න. APIIT ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු සිසුවෙක්.
** Bass Guitar වාදකයා, හිමාෂ හරීන්ද. SLIIT ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු සිසුවෙක්.
** Rhythm Guitar වාදකයා, නිමන්ත උත්පල. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සිසුවෙක්.
** වයලීන් වාදකයා, හසංක ජයවීර. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති විද්‍යා සිසුවෙක්.
** පියානෝ වාදකයා, අශේන් රණවීර. 2018 වසරේ උසස්පෙළ විභාගයට මුහුණ දෙන පාසල් සිසුවෙක්.
** මම අශාන් රවිඳු යුගන්ත, චක්‍රායුධ ප්‍රධාන ගායකයා. APIIT ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු සිසුවෙක්.
විශේෂයෙන්ම කියන්න ඕන, ඉහත සඳහන් කළ නවදෙනාම කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්. (සහ එක වර්තමාන සිසුවෙක්.) අපේ කණ්ඩායමේ මිත්‍රත්වය හැදෙන්නේ පාසැලෙන්. මේ අතරින් මම, වින්දුල, හිමාෂ, හසංක, අශේන් වගේ අය පාසලෙන් පවත්වපු / පවත්වන ස්වතත් මියුරු රටා, Golden Eve, Theewraa, D.S. Aura වගේ සංගීත ප්‍රසංගවලට අවුරුදු ගණනක් තිස්සේ සහභාගී වුණු / වන අය. අනෙක් කිහිපදෙනා පාසල් මට්ටමේදී ප්‍රසිද්ධ වේදිකාවක වාදනය / ගායනය කිරීමක් සිදු කරලා නැති වුණත් පසුකාලීනව විශ්වවිද්‍යාල මට්ටමේදී සක්‍රීය වශයෙන් සංගීතයේ යෙදිලා සෑහෙන මට්ටමක ප්‍රසිද්ධියක් අත් කරගත්ත අය.

07. කොහොමද කණ්ඩායමේ සාමාජිකයන්ගේ මේ දවස්වල තියෙන උද්‍යෝගය? හිත්වල බලාපොරොත්තු ගොන්නක් ඇති නේද?
** විශාල උද්‍යෝගයක් නම් තියෙනවා අපි හැමෝටම. නමුත් අපිට තව සෑහෙන දුරක් යන්න තියෙනවා කියන එකත් අමතක කරන්න බෑ. අපි තවමත් ආරම්භක මට්ටමේ ඉන්න සංගීත කණ්ඩායමක්. තවම දවස් තුනක් පමණ වගේ තමයි අපි පුහුණුවීම්වල නිරත වෙලා තියෙන්නේ. තනි පුද්ගලයෙක් වශයෙන් කොයිතරම් දක්ෂ වාදකයෙක් / ගායකයෙක් වුණත් Band එකක් විදිහට තවත් කිහිපදෙනෙක් එක්ක ගායනය / වාදනය කරන එක ලේසි නෑ. ඊට කලින් අපි එක එක්කෙනාගේ ධාරිතාවයන් සහ ඉදිරිපත් කිරීමේ හැකියාවන් අඳුනාගත යුතුයි. ඒ නිසා අපි තවමත් Fusion Rock මට්ටමට ගිහිල්ලත් නෑ, ඊට කලින් කණ්ඩායමක් විදිහට මීට වඩා ඉහළ මට්ටමකට පැමිණිය යුතුයි. අපි අපේ අනිත් සංගීත ශෛලිය, Acoustic ශෛලියෙන් තමයි දැනට පුහුණුවීම් කටයුතු කරන්නෙත්.
08. කණ්ඩායමට නායකත්වය දෙන්න අශාන්ම ඉදිරිපත් වුණේ ඇයි?
** එහෙම විශේෂත්වයක් නෑ. චක්‍රායුධ ආරම්භ වුණේ මගේ අදහසක් මත. නිල වශයෙන් නායකත්වයක් පෙන්වන්න අවශ්‍ය වෙන වෙලාවකට නායකයා වශයෙන් මම පෙනී හිටියත්, ඒ ඇරෙන්න කණ්ඩායමට නායකත්වයක් අත්‍යවශ්‍යයි කියල මම හිතන්නෙ නෑ. ඒ වෙනුවට අවශ්‍ය වෙන්නේ පුහුණුවීම් මෙහෙයවන්නන්. ඒකට විශේෂයෙන්ම වින්දුලත්, ඒ ඇරෙන්න මම, උදේශ් අයියා, හසංක වගේ අයත් ඉන්නවා.
09. සංගීතය හරහා පාසලෙන් ඔයාලටත්, ඔයාලගෙන් පාසලටත් ලැබුණු දායකත්වයන් ගැන මතක් කරනවා නම්?
** අපෙන් පාසලට ලැබුණු දේවල්වලට වඩා දහස් ගුණයක දේවල් අපි හැමෝටම පාසලෙන් ලැබිල තියෙනවා මං හිතන විදිහට. අපෙන් වැඩි දෙනෙක් අද මෙතන ඉන්නේ අපේ පාසල නිසා. පාසලෙන් අපිට අවස්ථාව ලැබුණ නිසා. අපිට සංගීතය උගන්නපු ගුරුවරු අපේ දක්ෂතා අඳුනගෙන අපිට ප්‍රසංගවලට සහභාගී වෙන්න, තරඟවලට සහභාගී වෙන්න අවස්ථාව සලසල දුන්නෙ නැත්තම් අද කව්රුවත් අපි ගැන දන්නෙවත් නෑ. අපෙන් පාසලට ලැබුණු සුළු දේවල් ගැන කියනවා නම් ඉතින් අපි පාසල නියෝජනය කරමින් විවිධ රාජ්‍ය/ රාජ්‍ය නොවන සංගීත තරඟවලට සහභාගි වෙලා පාසලට ජයග්‍රහණ අත් කරලා දීල තියෙනවා. පාසලෙන් පවත්වපු සංගීත ප්‍රසංගවලට ගායනයෙන් / වාදනයෙන් වගේම සංවිධානයෙනුත් සක්‍රීය වශයෙන් දායක වෙලා තියෙනවා. උදාහරණ ගත්තොත් වින්දුල සහ මම D.S. Theewraa ප්‍රසංගයේ ආරම්භක සාමාජිකයන්. අපි ගායනය, වාදනය වගේම ආරම්භක සංවිධායක කමිටුවේ සාමාජිකයන් විදිහටත් D.S. Theewraa සමග කටයුතු කළා. මම 2012 වසරෙන් පසු අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තීව්‍රාවෙන් ඉවත් වුණත් වින්දුල තවමත් D.S. Theewraa පවුලේ සාමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. යශෝධ ගජනායක අයියගේ මූලිකත්වයෙන්, අපි හැමෝගෙම මහන්සියෙන් බිංදුවේ ඉඳලා පටන් ගත්ත Theewraa ප්‍රසංගය අද වෙනකොට ඇවිල්ල තියෙන දුර දැක්කම ඇත්තටම ආඩම්බරයි. ඒ වගේම හිමාෂත් 2012 Theewraa එකේ සාමාජිකයෙක්. හසංක D.S එකේම අනිත් සංගීත ප්‍රසංගය, D.S Auraහි Orchestra Leader වශයෙනුත්, අශේන් එහි පියානෝ වාදකයා ලෙසිනුත් කටයුතු කරනවා.
10. කවුද කණ්ඩායමට "චක්‍රායුධ" කියන නම තිබ්බෙ? ඇයි මේ වගේ නමක් තෝර ගත්තෙ?
** මම. නිතර දකින්න, අහන්න නොලැබෙන විදිහේ නමක් සහ අපේ ප්‍රධාන සංගීත ශෛලියට හොඳින් ගැළපෙන ගාම්භීර බවක් තියෙන නිසා ඒ නම හොඳයි කියල හිතුණා.
11. කණ්ඩායමේ ලාංඡනය ගැන කියනවා නම්?
** ලාංඡනයෙත් මූලික අදහස මගේ. මේක නිර්මාණය කෙරුණේ මගේ ඥාති සොහොයුරියක් වන හසිනි කවිෂ්ණා අතින්. පසුව මම විවිධ වෙනස්කම් ඒකට එකතු කළත්, ඒක ඉතාම අලංකාර විදිහට නිර්මාණය කිරීමේ සම්පූර්ණ ගෞරවය ඇයට හිමි විය යුතුයි. ලාංඡනය වර්ණ ගැන්වීම කළේ ඇයගේ යෙහෙළියක් වන නෙළුම් ඉඳුවරී නංගි විසින්. ඇයත් මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් වර්ණ ගැන්වීම සිදු කළා. කණ්ඩායමේ සියළුම දෙනා කැමති වුණ නිසා ඒක අපේ පළවෙනි ලාංඡනය විදිහට යොදාගන්න තීරණය කළා.
12. නිකමටවත් හිතුනෙ නැද්ද, සෑහෙන මුදලකුත් යට කරන්න වෙයි කියලා?
** නැහැ. විශාල මුදලක් යට කරන්න වෙනවා, අපි අපේම සංගීත නිර්මාණයක් එළි දක්වනවා නම්. දැන්මම එහෙම දෙයක් කරන්න අදහසක් නැහැ. ඒ ඇරෙන්න අපේ සියළුම දෙනා සතුව තමන්ට අදාළ සංගීත භාණ්ඩ තියෙනවා. ඒ නිසා දැනට අපිට මුදල් වැය වෙන්නේ පුහුණුවීම් කටයුතුවලට Studios වෙන් කරගැනීමේදී පමණයි.
13. ගීත තෝරා ගැනීමේදී මොන වගේ දේවල් ගැනද සැළකිලිමත් වෙන්නෙ?
** ඕනෑම භාෂාවක, ඕනෑම යුගයකට අයත් Pop, Rock, Indie, Classical, Blues වගේ ශෛලීන්වල ගීත ගායනා කරන්න බලපොරොත්තු වෙනවා. මේවා Acoustic ආකාරයෙන් හෝ Fusion ආකාරයෙන් ගායනා කෙරේවි. උදාහරණ ගත්තොත් අපි මේ වෙනකොට අපේ පුහුණුවීම් සඳහා යොදාගෙන තියෙනවා සනුක වික්‍රමසිංහගේ "සරාගයේ" ගීතය සහ සේනක බටගොඩගේ "සැනසෙන්නම් මා" ගීතය. යුගයන් දෙකක්, ශෛලීන් දෙකක්.
14. ඔයාලගෙම සංගීත නිර්මාණ එළිදක්වන්නත් සැලසුමක් තියෙනවද?
** දැනට නම් නැහැ. ඉදිරියේදී සමහරවිට එහෙම දෙයක් සිදු වේවි.
15. සේවාව සපයන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?
** විවාහ උත්සවවල, වෙනත් සාදවල වගේ සංගීතය සපයන්න නම් අදහසක් නෑ අපිට. ප්‍රධාන හේතුව කණ්ඩායමේ විශාලත්වය. කුඩා පරිමාණයේ සාදයකට නව දෙනෙක් එකතු වෙලා සංගීතය සපයන එක මුල්‍යමය වශයෙනුත් ලොකු පාඩුවක් වෙන්න පුළුවන් දෙපාර්ශවයටම. ඒ ඇරෙන්න ඉදිරියේදී විවිධ ආකාරයේ සංගීත ප්‍රසංග සහ තරඟවලට සහභාගී වෙන්න නම් සූදානමක් තියෙනවා.
16. අපේ රටේ මේ වෙනකොටත් තරුණයින් එකතු වෙලා හදාගත්ත කණ්ඩායම් සංගීත ඕන තරම් තියෙනවා. ඉස්සරහට තව තවත් බිහිවෙයි. මේවා අභියෝගයක් නෙවේද?
** නැහැ. එක එක අයගේ හැකියාවන්, අරමුණු, ශෛලීන්, ඉදිරිපත් කරන ආකාරය වගේ දේවල් එකිනෙකට වෙනස්.
17. ඒ අය අතරින්, ඔයාලගෙ තියෙන විශේෂත්වය මොකක්ද?
** විශේෂත්වය ගැන කතා කළොත්, අපේ කණ්ඩායම ඇතුළේ විශාල පරාසයක් තුළ පැතිරුණ දක්ෂතා තියෙනවා. සම්පූර්ණයෙන්ම පෙරදිග රාගධාරී සංගීතයේ නියැලුණු අයගේ ඉඳන් බටහිර Metal සංගීතයේ නියැලුණු අය දක්වා පිරිසක් චක්‍රායුධ තුළ ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන ගායනය ගැන. මම කණ්ඩායමේ ප්‍රධාන ගායකයා වුණත් මෙතන ඉන්න බොහෝ දෙනෙකුත් දක්ෂ ගායකයෝ. ගායනය අතිනුත් අපි අතරේ සෑහෙන්න ලොකු විවිධත්වයක් තියෙනවා. උදාහරණ ගත්තොත්, හසංක කියන්නේ අතිදක්ෂ ජන ගී, වන්නම්, රාග ගායකයෙක්. කසුන් බොහොම පහළ ස්වර පරාසයක ගීත ගායනා කරන්න පුළුවන් Bass ගායකයෙක්. වින්දුල කියන්නේ 70, 80, 90 දශකවල ගීත ගායන කරද්දී නැතුවම බැරි කෙනෙක් වගේම අතිදක්ෂ හාමනි ගායකයෙක්. ඔහුගේ සහයට ඉන්නවා උදේශ් අයියත්. හිමාෂත්. මම සාමාන්‍ය පිරිමි ගායකයෙක්ට වඩා ඉහළ ස්වර පරාසයක ගීත ගායනා කරන්න පුළුවන් High Tenor / Falsetto ගායකයෙක්. නිමන්ත Distortion සහිතව ගීත ගයන්න පුළුවන් දක්ෂ ගායකයෙක්. ඉතින් මේ වගේ විසිරුණු හැකියාවන් ගොඩක් එකට එකතු වෙලා තියෙන නිසා සහ අපි යන වෙනස් ගමන නිසා මං හිතනවා, අපි විශේෂයි.
18. තාක්ෂණය කියන්නෙ දවසින් දවස දියුණු වෙන දෙයක්. තාක්ෂණයෙන් බාධාවක් ඇති වෙන එකක් නෑ කියන විශ්වාසය තියෙනවද? උදාහරණයක් විදිහට සංගීත භාණ්ඩ දහස් ගණනක ශබ්ද අරගන්න පුලුවන්, සජීවී ඒවා විදිහට එකවර වාදනය කරන්න පුලුවන්, Apps ගණනාවක්ම අද කාලෙ ජංගම දුරකතනවල තියෙනවා.
** තාක්ෂණය කොයිතරම් දියුණු වුණත්, කොයිතරම් අළුත් ඉලෙක්ට්‍රොනික සංගීත උපකරණ, Apps වගේ දේවල් ආවත් සැබෑ සංගීත භාණ්ඩයකින් ගන්න ශබ්ද රසය ඒවායින් ගන්න බෑ. හොඳම උදාහරණය, පියානෝවක් වාදනය කරද්දී එකේ තියෙන හඬ, පෙඩ්ල්ස් මගින් කෙරෙන හඬ පාලනය, Depth එක වගේ දේවල් Organ එකකින්වත් වෙනත් පරිගණක මෘදුකාංගයකින්වත් ගන්න බෑ කොහෙත්ම. ඒ වගේම තාක්ෂණය ආධාරයෙන් සංගීත නිර්මාණය කරන්න පරිගණක / ඉලෙක්ට්‍රොනික දැනුමක් තියෙන ඕනෑම අයෙකුට පුළුවන්. නමුත් සැබෑ සංගීත භාණ්ඩ වාදනය කරන්න, සජීවීව ගායනා කරන්න විශාල දක්ෂතාවක් වගේම විශාල පුහුණුවකුත් අවශ්‍යයි. මමත් ඉලෙක්ට්‍රොනික සංගීතය රස විඳින කෙනෙක්. නමුත් සජීවී සංගීතය අභිභවා යන්න ඉලෙක්ට්‍රොනික සංගීතයට බැහැ.
19. නවක කණ්ඩායමක් විදිහට, ජනතාව අතරට යන්න, දැනට මොන වගේ ප්‍රචාරණ ක්‍රමද පාවිච්චි කරන්නෙ?
** දැනට නම් අපේ Facebook පිටුව හරහා තමයි Videos වගේ දේවල් පළ කෙරෙන්නේ. ළඟදීම අපේ Youtube චැනලය එළිදක්වනවා.
20. මොන වගේ අයවද දැනට ඉලක්ක කරලා තියෙන්නෙ?
** විශේෂ රසික පිරිසක් ඉලක්ක කරලා නැහැ අපි. අපි කරන්නේ සජීවී සංගීතය. කැමති ඕනෑම කෙනෙකුට රස විඳිය හැකියි.
21. මොකක්ද වැඩියෙන්ම ආස කරන, ගරු කරන සහ ආදර්ශ අරගන්න කැමතිම සංගීත කණ්ඩායම?
** එහෙම එකක් කියල කියන්න නම් අමාරුයි. ඉතාම සාර්ථක වගේම අපි නිතර සවන් දෙන සංගීත කණ්ඩායම් රාශියක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන, "ත්‍රෛලෝක" සංගීත කණ්ඩායම ගැන. මං හිතන්නෙ දැන් ඒ සංගීත කණ්ඩායම නෑ. මෑත කාලෙක ඔවුන්ගෙන් අලුත් නිර්මාණයක් එළි දැක්වුණේ නෑ. ලංකාවේ සංගීතය වෙනස්ම පැත්තකට ගෙනියන්න හදපු අතිදක්ෂ Fusion සංගීත කණ්ඩායමක්. නිකමට Youtube එකේ "මහසෙන් යාදින්න" (mahasen yadinna) කියල සෙවුමක් කරන්න. ඔවුන් කවුද කියල තේරුම් ගන්න පුළුවන් වේවි.
22. අද වෙනකොට අපේ රටේ "සංගීත කණ්‌ඩායම් මිස, කණ්‌ඩායම් සංගීතයක් නැහැ" කියලා මතයක් තියෙනවා. එකගද?
** තරමක් දුරට එකඟයි. ලංකාවේ වෙන ගොඩක් දේවල් කොහොමත් රැල්ලට ගහගෙන යන ඒවනෙ. එක්කෙනෙක් දෙයක් කළොත් තව අවුරුදු ගාණක් යනකන් හැමෝම කරන්නේ ඒක. මෙහෙම රැල්ලට යනකොට ඉතින් අනිවාර්යෙන්ම ගුණාත්මක බව කියන දේ නැත්තටම නැති වෙලා යනවා. නමුත් මේ අතරේ උඩුගං බලා යන අයත් නැතුවම නෙමෙයි. විශේෂයෙන්ම මේරියන්ස්, ඩැඩී, ඩොක්ටර් වගේ ජනප්‍රිය තලයේ තියෙන සංගීත කණ්ඩායම් වගේම දැනට ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීගෙන එන ARA බෑන්ඩ් එක, කුරුම්බා, Infinity වගේ සංගීත කණ්ඩායමුත් වෙනස්ම ගමනක් යන, දක්ෂතාවලින් පිරිච්ච අය විදිහට හඳුන්වන්න පුළුවන්.
23. අනාගතයේ මතු යම් දවසක, කණ්ඩායමට තවත් දක්ෂයො එකතු කරගන්න අදහසක් තියෙනවද? විශේෂයෙන්ම ගැහැණු කට හඩක් එහෙම?
** ගැහැණු කටහඬක් ගැන නම් එහෙම විශේෂයෙන් හිතල නැහැ. නමුත් ඉදිරියේදී මේ ඉන්න කණ්ඩායමට අමතරව, සමහරවිට තවත් සාමාජිකයෙක් එකතු වෙන්න ඉඩ තියෙනවා දැනට පැන නැගිල තියෙන පුංචි ගැටළුවක් මත. තවම අපි අන්තිම තීරණයකට ඇවිත් නැහැ.
24. කවදටද පළමු මෙහෙයුම දියත් කරන්න හිතාගෙන ඉන්නෙ?
** ළඟදීම. ඊළඟ මාස කිහිපය ඇතුළත.
25. අය කරන මිළ ගණන් ගැන එහෙම දැන්ම තීරණයක් අරගෙන නැද්ද?
** නැහැ. ඊට කලින් අපි Band එකක් විදිහට ස්ථාවර වෙලා ඉන්න ඕන.
26. ගීත ගායනයත් පුලුවන්. සංගීත කණ්ඩායමකුත් හදාගත්තා. දැන් ඉතින් පොරක් නෙවේද?
** නැහැ. ලිවීමත්, සංගීතයත් දෙකම විනෝදාංශ. මේක අපි ඒකාකාරී වීමෙන් මිදෙන්න ගත්ත පුංචි උත්සාහයක්. අපි ඉගෙනුම ලබමින් ඉන්න ක්ෂේත්‍රවල වුණත් "පොරක්" වෙන්න තව කල් තියෙනවා.
27. කවුරු හරි කෙනෙක් ප්‍රශ්න කළොත් "සංගීතය කරන්න, ඔයාලට තියෙන සුදුසුකම් මොනවද" කියලා?
** මං හිතන්නෙ නෑ කව්රුත් එහෙම අහයි කියල. ඒත් අහනවා නම්, චක්‍රායුධ තුළ ඉන්නවා විශාරද සංගීතවේදීන් දෙදෙනෙක්. වින්දුල, තබ්ලා සම්බන්ධයෙන් සහ හසංක, වයලීන් සම්බන්ධයෙන්. ඒ වගේම මමත්, උදේශ් අයියත්, කසුනුත් බටහිර සංගීතය යම් ඉහළ මට්ටමකට ඉගෙන ගත්ත අය. වින්දුලත්, මමත් අවුරුදු ගණනාවක් තිස්සේ පාසලෙන් පවත්වපු සංගීත ප්‍රසංගවලට සහභාගී වෙලා අත්දැකීම් තියෙන අය. විශේෂයෙන්ම වින්දුලට තියෙන අත්දැකීම් ප්‍රමාණය සෑහෙන්න විශාලයි. අපි දෙන්නත් ඇතුළුව හිමාෂ, හසංක සහ අශේන් නෙළුම් පොකුණ, BMICH, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය වගේ දැවැන්ත වේදිකාවල ගායනයන් / වාදනයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම නිමන්ත, තාරක, කසුන් සහ උදේශ් අයියා ඒ අයගේ විශ්ව විද්‍යාලවල සංගීත ප්‍රසංග රැසකට සහභාගී වෙලා අත්දැකීම් වගේම ඉතාම හොඳ ප්‍රතිචාරත් රැස් කරගත්ත අය. මේ හැමදේටම වඩා අපි හැම දෙනාම සංගීතය ගැන ලොකු කැමැත්තක් තියෙන, අලුත් විදිහේ දෙයක් කරන්න උනන්දුවක් තියෙන කණ්ඩායමක්. ඊට වඩා සුදුසුකම් අවශ්‍යයි කියල මං හිතන්නෙ නෑ,
28. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** ළඟදීම බලාගන්න පුළුවන් වේවි.
29. ස්තූති කරන්න ඕන පිරිසකුත් ඇති නේද?
** අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන අපේ දෙමාපියන්ට. මොකද අපි හැමදෙනාම ඉංජිනේරු, වෛද්‍ය, ව්‍යාපාර කළමනාකරණ, නීති වගේ ක්ෂේත්‍රවලින් ඉදිරියට යන අය. ඉතින් අපිට ඔවුන්ගේ සහය වගේම උපදෙසුත් අත්‍යවශ්‍යයි. අපිට සංගීතය උගන්වපු ගුරු භවතුන්ටත් විශේෂ ස්තූතියක් කළ යුතුමයි. අපිට උගන්වලා අපිව මේ තත්වයට ගෙනාවේ ඔවුන්. ඒ වගේම මම කලිනුත් කිව්වා වගේ අපේ පාසල, කොළඹ ඩී. එස්.සේනානායක විද්‍යාලයෙන් අපිට ලැබුණු දේවල් බොහොමයි. ඒ සියළුම දේට අපි පොදුවේ මුළු පාසලටම ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම දිරිමත් කිරීම්, අගය කිරීම් වගේ දේවල් වෙනුවෙන් අපිට ඉතාම සමීප යහළු යෙහෙළියන්ටත් ඉතාමත් ස්තූතිවන්ත විය යුතුයි.
30. කොහොමද ඔයාලව සම්බන්ධ කර ගන්නෙ?
** අපේ Facebook පිටුව තමයි සම්බන්ධ වෙන්න පහසුම ක්‍රමය. පුහුණුවීම්වල Videos පවා නිතර පළ වෙනවා Facebook පිටුවේ. ඒ වගේම [email protected] කියන Email ලිපිනය හරහාත් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්.
ඉතින් ඔන්න ඔහොමයි අපි අශාන් එක්ක, "චක්‍රායුධ" කණ්ඩායම ගැන කරපු සාකච්ඡාව අවසන් වෙන්නෙ. මේ ලිපියේ අපේ මූලිකම සහ එකම අරමුණ වුණේ "චක්‍රායුධ" කණ්ඩායම ගැන, සමාජයට හදුන්වාදීමක් කරන්න. මේ සාකච්ඡාවෙන් ඔයාලට "චක්‍රායුධ" කණ්ඩායම ගැන හොද අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මේ සාකච්ඡාව මෙතනින් නතර වෙන්නෙ නෑ. තවත් අවුරුදු කිහිපයකින් අපි මේ කණ්ඩායමත් එක්ක, මේ වගේම තවත් සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාලය වෙනකොට නම් අනිවාර්යෙන්ම චක්‍රායුධ කණ්ඩායම, හොද ස්වර්ණමය යුගයක ඉදීවි. ඉතින් අශාන් ඇතුළු සමස්ථ කණ්ඩායමටම මුළු හදවතින්ම සුභ පතනවා අනාගත වැඩ කටයුතු සහ සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඒ වගේම සංගීත නිර්මාණ හරහා අලුත් නව්‍යතා හදුන්වාදෙන්න පුලුවන් වෙන්න කියලත්.
අශාන් වගේම, අපිත් ආරාධනා කරනවා "චක්‍රායුධ" කණ්ඩායමේ Facebook පිටුවත් එක්ක එකතු වෙන්න කියලා. ඒ හරහා මේ අය ඉස්සරහට කරන්න යන අලුත් දේවල් ගැන දැන ගන්නත්, ඒවාට උදව් කරන්නත් ඔයාලට පුලුවන් වේවි...!!!!!!!!!!!
ප.ලි -
මෙම ලිපියේ ඇතුළත් කර ඇති සියලුම ඡායාරූප, සම්මුඛ සාකච්ඡාවට භාජනය වූ තැනැත්තා විසින් ලබා දුන් ඒවා බව කරුණාවෙන් සළකන්න.