අපි නොදන්න ඇමරිකා - 02
පහුගිය දවසක ඇමරිකාව ගැන අපිට නිතරම අහන්න හම්බවෙන්නෙ නැති කරුණු ඇතුළත් කරලා, ලියපු ලිපියට ගොඩාක් හොද ප්‍රතිචාර හම්බුනා. ඇත්තටම අපි බලාපොරොත්තු වුණේ නම් හොද ප්‍රතිචාරවලටත් වඩා චෝදනා සහ විවේචනයි. ඒත් නොහිතපු විදිහට මේ වගේ හොද ප්‍රතිචාර හම්බුනු එක ගැන අපි ගොඩක් සන්තෝස වෙනවා. අන්තවාදී නොවන මධ්යස්ථධාරී මත තියෙන පාඨකයින් ගොඩක් අපි එක්ක එකතු වුණා කියන සතුට අපිට තියෙනවා. සමහරක් අය පෞද්ගලිකව හම්බුනු වෙලාවට ඒ ගැන ඇගයීමක් කළා. තවත් සමහරු Facebook හරහා පණිවිඩ එවලා තිබ්බා. තවත් සමහරු Facebook හරහා විවෘත අදහස් සදහන් කරලා තිබ්බා. තවත් සමහරු ඒ ලිපිය Facebook හරහා බෙදාගෙනත් තිබුණා. සමහරු දෙවෙනි කොටසකුත් ලියන්න කියලා ඉල්ලීම් කළා.
මේ අතරෙම තවත් ඒ වගේම කරුණු ගොඩක් හිටිහැටියෙම එකතු වුණා. ඒ නිසාම ඒ කරුණු ගොඩත් දාලා, අපි නොදන්න ඇමරිකාව ගැන දෙවෙනි ලිපියකුත් ලියන්න හිතුවා. කලින් ලිපියට වගේම මේ ලිපියටත් තොරතුරු සැපයුවෙ මගේ යාලුවම තමයි. ඉතින් මුලින්ම ඒ මනුස්සයටත් විශේෂ ස්තූතියක් පිරිනමන්න ඕන. මොකද ඇමරිකාව ගැන ලංකාවෙ අපි හීනෙකින්වත් හිතන්නෙ නැති දේවල් තමයි, එයා අපිත් එක්ක බෙදා හදා ගත්තෙ. ඒකෙන් අපිත් මොකක් හරි දෙයක් ගැන ඉගෙන ගත්තා. දැනුමක් ලැබුවා. අපි නොදන්න ඇමරිකාව ගැන ලියපු පළවෙනි ලිපිය කියවපු නැති අයට, දෙවෙනි ලිපිය කියවන්න කලින්, මුලින්ම ඒ ලිපිය කියවලා එන්න කියලා ආරාධනාවක් කරන්න කැමතියි.

දෙවෙනි ලිපියෙන් අපි අවධානය යොමු කළා, පළවෙනි ලිපියේ අපේ අවධානය යොමු නොවුණු අංශ ගණනාවක් ගැනම. අපේ බ්ලොග් අතරේ තියෙන ඉහළ පෙළේ බ්ලොග් එකක, සුප්‍රසිද්ධ ඇඩ්මින් කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා "අපිට ඇමරිකාවේ ලාස්සන ගෑණු ළමයි ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද ?" කියලා. අපි කොහොමද හිතක් පපුවක් තියෙන මිනිස්සු විදිහට පාඨකයින්ගේ ඉල්ලීම් අහක දාන්නෙ? ඉතින් ඇමරිකාවේ ලාස්සන ගෑණු ළමයිනුත් ඇතුළුව අපි බලමු මේ ලිපියේ සදහන් වෙන අනිත් දේවල් මොනවද කියලා.
13. ශූර ගොවියා
" කවදාවත් දැකලා තියෙනවද අපේ රටේ 'මම ලොකු වුණාම ගොවියෙක් වෙනවා' කියලා කැමැත්තෙන් කියන ළමයි? හේතුව තමයි ලංකාවෙ සමාජයෙන්, ලංකාවේ ගොවිතැන් කරන අයට කිසිම පිළිගැනීමක් ලැබිලා නෑ. ගොවියෙක් කිව්වම ලංකාවෙ අපිට මතක් වෙන්නෙ බුලත් විට හපන, ගැමිකමට ජීවත්වෙන, බොහොම අහිංසක, කුඹුරක් ළගම ගෙදර හදා ගත්ත, අත්දැකීම් සහ පාරම්පරික ක්‍රම විතරක් පාවිච්චි කරන, පාරම්පරිකව ගොවිතැන් කරන, වැඩි දුර අධ්‍යාපනයක් නැති, තාක්ෂණයත් එක්ක සම්බන්ධයක් නැති, දුප්පත් කෙනෙක්වයි. ඒත් ඇමරිකාවෙ තත්වය මීට වඩා ගොඩක් වෙනස්. මෙහේ ඉන්න ගොවියො 95%කට විතර ජීව විද්‍යාව, රසායන විද්‍යාව, කෘෂි විද්‍යාව වගේ එක එක අංශ ගැන PHD හරි, Master හරි, අඩුම ගාණෙ Bachelor උපාධියක් හරි තියෙනවා. ලංකාවේ ගොවිතැන් කරන අය ඇග වෙහෙසනවා. හැබැයි ඇමරිකාවෙ ගොවිතැන් කරන අය ඇග වෙහෙසන්නෙ නෑ. එයාලා වෙහෙසන්නෙ මොළය.
මෙහේ තියෙන්නෙ පුංචි කුඹුරු නෙවේ. අක්කර 800ක්, 900ක් විතර ඈතට ඈතට යන විශාල කුඹුරු. අපේ රටේ නම් ඒ වගේ කුඹුරක වැඩ කරන්න සේවකයො ඕන දහස් ගාණක්. සෑහෙන කායික ශ්‍රමයක් වැය වෙනවා. කාලයක් වැය වෙනවා. මුදලක් වැය වෙනවා. හැබැයි ඇමරිකාවෙ ඒ වගේ කුඹුරක වැඩ කරන්න ඕන වෙන්නෙ හතර දෙනෙක් වගේ පොඩි ගණනක්. ඒත් ගොඩක් වෙලාවට එකම පවුලෙ අයම තමයි. අපේ ගොවියො ඇග පුරාම මඩ ගාගෙන ගොවිතැන් කරලා, මාස ගාණක් තිස්සෙ කරන ගොවිතැන, ඇමරිකාවෙ ගොවියො ඇගේ මඩ බිංදුවක්වත් ගාගන්නෙ නැතුව, පැයෙන් කරනවා.
උදාහරණයක් විදිහට ඇමරිකාවෙ ගොවියො වගා කටයුතු කරන්න පාවිච්චි කරනවා පුංචි ඩ්‍රෝන යානා. ඇමරිකාවේ කාළගුණ වාර්තාව ගත්තොත්, ඒ වාර්තාව හරියන්න තියෙන සම්භාවිතාව 80%ක් වෙනවා. ඉතින් එයාලා කරන්නෙ මුලින්ම කාළගුණ වාර්තාව බලනවා. එයාලා හුළගේ වේගය ගැන, හුළං හමන දිශාව ගැන හොදට අධ්‍යනය කරලා, ඩ්‍රෝන යානාවලට දානවා දිය කරපු පොහොර. ඊට පස්සෙ එව්වා දුරස්ථ පාලකයකින් උඩට යවලා, හුළං හමන දිශාව අනුව, පොහොර ටික ගොඩබිමට ඉස්සවනවා. පැළ හිටවන එකේ ඉදලා, අස්වැන්න නෙළනකංම තියෙන ක්‍රියාවලිය, මෙයාලා කරන්නෙ අන්න ඒ විදිහට තාක්ෂණය පාවිච්චි කරලා. ඒ නිසා හරිම ක්‍රමානුකූලයි. අස්වනු හානියත් අඩුයි. අනිත් අතට මෙයාලගෙ තියෙන ප්‍රධානම දේ තමයි 'ඇමරිකාවෙ පොළොවෙ වවන්න බෑ' කියලා නම් කරලා තියෙන දේවලුත්, මෙයාලා වවනවා. ඒ එක එක තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා. ඒ නිසා හිම වැටෙන කාලෙට වුණත්, මෙහේ කඩවල්වල ඇති තරම් එළවළු පළතුරු තියෙනවා. "

14. ආහාර සුරක්ෂිතතාව
" ඇමරිකාවෙ ආහාර සුරක්ෂිතතාවයට ප්‍රධාන තැනක් දෙනවා. ඇමරිකාවෙ කඩයක් වේවා, බේකරියක් වේවා, අවන්හලක් වේවා, හෝටලයක් වේවා...... මොකක් වුණත්, කෑමක් හදලා, ඒ කෑම එක තියා ගන්න අවසර දෙන්නෙ පැය 6ක් විතරයි. කෑම එක විකුණුනේ නැතත්, පැය 6 ඉවර වුණු ගමන්, කෑම එක අයින් කරන්න ඕන. අපේ රටේ වගේ විකිණෙනකන්ම එකම කෑම එක දවස් ගණන් තියාගන්නවත්, කලින් දවසෙ ඉතුරු වෙච්ච ඒවා පහුවෙනිදට හදන කෙටි කෑම අස්සට පුරවලා දාන්නවත්, එකම වඩේ එක පස් හය පාරක් බදින්නවත් ඇමරිකාවෙ අයට බෑ. ලොකූ පාඩුවක් වෙනවා. ඒත් මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන හිතලයි මේ දේ කරන්නෙ. ඉතින් ගොඩාක් කෑම අපතේ යන අවස්ථා තියෙනවා. මෙහේ එක විශ්වවිද්‍යාලයක විතරක් දවසකට විසික් කරනවා කිලෝ 13ක විතර කෑම. එහෙම විසික් කරන කෑමවලින්, කන්න බැරි මට්ටමේ තියෙන කෑම අරගෙන සත්ව ආහාර හදනවා. කන්න පුලුවන් මට්ටමේ තියෙන කෑම, ප්‍රතිචක්‍රීකරණය කරලා (ශීතකරණයේ දැමීම, තෙලේ බැදීම) එක මධ්‍යස්ථානයකට යවනවා. ඒ මධ්‍යස්ථානයෙන් එහාට එන මිනිස්සුන්ට ඒ කෑම, නොමිළේ දෙනවා. මේ වැඩේ කරන්නෙ සල්ලි අඩු අය සහ සල්ලි නැති අය වෙනුවෙන්. සල්ලි තියෙන අය කවදාවත් මේකට ඇවිල්ලා, නොමිළේ කෑම අරගන්නෙ නෑ. මොකද එයාලට තේරෙනවා, එයාලා ඒ වැඩේ කළොත්, සල්ලි අඩු හෝ සල්ලි නැති කෙනෙක්ට නොමිළේ කෑම එකක් ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා කියලා.
මෙහේ කෑම කඩවලට සතියකට පාරක් කඩාගෙන පනිනවා සෞඛ්‍ය පරීක්ෂකවරු. එයාලා හිටිගමන් එක පාරටම ඇවිල්ලා, කඩේ තියෙන ඔක්කොම දේවල් පරික්ෂා කරගෙන කරගෙන යනවා. මස් මාළු අසුරලා තියෙන ක්‍රමය බලනවා. උපකරණ පරීක්ෂා කරනවා. කේක් වර්ගවල, කුකුළු මස්වල සාම්පල අරගෙන පරීක්ෂා කරනවා. කෑමවල සත්තු ඉන්නවද කියලා බලනවා. වතුරවල ගුණාත්මක තත්වය බලනවා. පිහි රත් කරලද තියෙන්නෙ කියලා බලනවා. කෑම හදන්න අරගන්න තෙල් වර්ගය ගැන පරීක්ෂා කරනවා. එකම තෙල් ටිකෙන්ද කෑම හදන්නෙ කියලා බලනවා. තෙල් බැහැර කරන විදිහ පරීක්ෂා කරනවා. එළවලු හෝදන විදිහ බලනවා. පිගන්, කෝප්පවල උෂ්ණත්වය බලනවා. මේ හැම දෙයක්ම බලනවා. බැරි වෙලාවත් පරීක්ෂණය අසමත් වුණොත්, ඒ කෑම කඩේට දෙනවා අඩු ලකුණක්. මෙහේ නීතියක් තියෙනවා සෞඛ්‍ය පරීක්ෂකවරු දෙන ඒ ලකුණු, අනිවාර්යෙන්ම තමන්ගෙ කෑම කඩේ ඉස්සරහා ප්‍රදර්ශනය කරන්න ඕන කියලා. ඉතින් කෑම ගන්න එන මිනිස්සු දන්නවා, ඒ කඩේ මොන වගේ කඩයක්ද කියලා. අඩු ලකුණක් ප්‍රදර්ශනය කරන්න වුණොත්, ඒ කඩේට මිනිස්සු එන්නෙ නෑ. ඒ නිසා මෙහේ කෑමවල ගුණාත්මක තත්වය හරිම ඉහළයි. මෙහේ නීතිය තදයි. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. කාටවත් බෑ අල්ලස් දෙන්න. එහෙම වුණොත් බැංකු ගිණුම් හරහා ඉක්මනටම අල්ල ගන්නවා.
අනිත් එක ප්‍රසිද්ධ තැනක, මහා ගොඩකට කෑම හදනවා නම් ඒකට සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීම තියෙනවා. දවසක් අපේ විශ්වවිද්‍යාලයේ පොඩි සාදයක් තිබ්බා. ඒක පෞද්ගලික සාදයක්. හැබැයි විශ්වවිද්‍යාලය හරහා සෞඛ්‍ය පරීක්ෂකවරු ගෙන්වලා, එයාලා ලවා කෑම ටික පරීක්ෂා කරලා බලලා තමයි, ඒ සාදය තිබ්බෙ. බැරිවෙලාවත් එයාලා පරීක්ෂණය අසමත් කළා නම්, එදා ඒ සාදය නෑ. "

15. සැලෙන සිත
" ඇමරිකාවෙ ගොඩක් දෙනාගෙ මානසික තත්වය හොද මට්ටමක තියෙනවා. ඒකට ප්‍රධාන වෙන එක දෙයක් තමයි, කලින් ලිපියේ කිව්වා වගේම, මොන රස්සාව කළත්, හොදට ජීවත්වෙන්න පුලුවන් සහ සෑහීමකට පත් වෙන්න පුලුවන් වැටුපක් ලැබෙන එක. අනිත් ප්‍රධානතම දේ තමයි මනෝ උපදේශන සේවා අරගන්න පුරුදුවෙලා ඉන්න එක. මනෝ වෛද්‍යවරයෙක් ළගට යනවා කිව්වම, අපිට නම් හිතෙන්නෙ එයාට මානසික රෝගයක් තියෙනවා කියලා. නැත්නම් එයාට පිස්සු කියලා. හැබැයි මෙහේ අය මානසික රෝගයක් තිබුණෙ නැතත්, දවස් කිහිපයකට සැරයක් මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙන්න පුරුදු වෙලා ඉන්නවා.
ඉතින් තමන්ට තියෙන ප්‍රශ්න ගැන කියලා ඔළුව නිදහස් කරගන්නත්, ආතතියක් තියෙනවා නම් ඒක වළක්ව ගන්නත් එයාලට පුලුවන් වෙනවා. මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගියේ නැතත්, තමන් අදුරන කෙනෙක්ට හරි තමන්ගෙ තියෙන ප්‍රශ්න කියලා, ඔළුවෙ තියෙන බර නිදහස් කර ගන්නවා. සමහරු පල්ලියට ගිහින් පියතුමන්ලාට පාපොච්චාරණය කරනවා.
සියදිවි හානි කර ගන්න හිතුනොත්, එහෙම අයට උදව් කරන්න වෙනමම සේවාවක් තියෙනවා. එක දුරකතන අංකයක් තියෙනවා. ඒකට සල්ලි කැපෙන්නෙ නෑ. කාට හරි හිතුනොත් සියදිවි හානි කරගන්න, එයාට පුලුවන් ඒ අංකයට ඇමතුමක් ගන්න. එතකොට ඒ සේවාව ලබා දෙන කෙනා, අර මනුස්සයගෙ තියෙන සියදිවි හානි කරගැනීමේ සිතුවිල්ල නැති කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා. මොකද එයාලව හොදට පුහුණු කරලා තියෙනවා, මනෝ විද්‍යාව ගැන. මේක ලංකාවේ අයට නම් හිතෙන්නෙම නැති අංශයක්. "

16. හැදිච්චකම තාම තියෙනවා
" මම ඉන්නෙ ප්‍රධාන නගරයක, මහා පාරක් අයිනක. එක දවසක්වත් ඇහිලා තියෙනවද අපි කතා කරනකොට, මේ පැත්තෙන් වාහනෙක Horn සද්ධයක් ඇහෙනවා? අපේ ලංකාවෙ වගේ මෙහේ අය Horn එකෙන් වාහනේ එළවන්නෙ නෑ. අපේ රටේ නම් පාරක යන්නම බෑ නෙහ්. බස් එළවන අය Horn ගහනවා දිගට හරහට. ත්‍රීවීල් එලවන අය Horn ගහනවා. බයික් එළවන අය Horn ගහනවා. කිසිම ඉවසීමක් නෑ නෙහ්. ඒ වුණාට ඇමරිකාවෙ අය Horn පාවිච්චි කරන්නෙ නෑ. Horn එක ගහනවා නම් ගහන්නෙ, මොකක් හරි අනතුරක් වෙන්න ගියොත් විතරමයි.
ලංකාවෙ වගේ මෙහේ අඩියෙන් අඩියට පොලීසිය නෑ. ඒත් මිනිස්සු මාර්ග සංඥඥා හොදට පිළිපදිනවා. විනීතව වාහන එළවනවා. සුදු ඉරකින් (කහ ඉර) මිනිහෙක් පාර පනිනවා නම්, වාහනේ ඈත තියලම නවත්තනවා. ඊට පස්සෙ හැමෝම පාරෙන් එහා පැත්තට ගියාම තමයි, වාහනේ ඉස්සරහට අද්දන්නෙ. අපේ වගේ භාගෙට පාර පනිනකොටම, අද්දන්නෙ නෑ. සුදු ඉරකින් කවුරුත් පාර පැන්නෙ නැතත්, සුදු ඉර ගාවට එනකන්ම මෙහේ අය වාහනේ වේගය අඩූ කරගෙන තමයි එන්නෙ.
කොහේ ගියත් මෙයාලට ඉවසීම තියෙනවා. අපේ නම් ගොඩක් මිනිස්සුන්ට පෝලිමක ඉන්න බෑ නෙහ්. තල්ලු කරනවා. නැත්නම් පෝලිම් පනිනවා. අනික සමහරක් රජයේ ආයතනවල මිනිස්සු ටික හරියට පෝලිමේ තියා ගන්න, වෙනම මිනිස්සු දාලා ඉන්නවා. මෙහේ එහෙම නෑ. අමුතුවෙන් මිනිස්සු දාලත් නෑ. පෝලිම් පනින්නෙ නෑ. තල්ලු කරන්නෙ නෑ. හැමෝම තමන්ගෙ වාරය එනකන් ඉන්නවා. "

17. ඔබේ කැමැත්තක්
" සමහරක් එළවලු පළතුරු වගා කරන්නෙ ස්වභාවික විදිහටයි. අනිත් එළවලු පළතුරු වගා කරන්නෙ කෘමිනාශක ගහලා, කෘතිම විදිහට. ඒත් මෙහේ වෙළදසැල්වල ස්වභාවිකව වගා කරපු ඒවා සහ කෘමිනාශක ගහලා වගා කරපු ඒවා අසුරලා තියෙන්නෙ වෙන වෙනම. ඒවායේ ඉස්සරහම ගහලා තියෙනවා ඒවා හදලා තියෙන්නෙ 100%ක් ස්වභාවික විදිහටද, නැත්නම් කෘමිනාශක ගහලද කියලා. මේ නිසා මෙයාලා පාරිභෝගිකයන්ටම අවස්ථාවක් දීලා තියෙනවා, එයාලා කැමති දේවල් තෝර ගන්න.
අනිත් එක තමයි ලංකාවෙ වගේ මෙහේ වෙළදසැල්වලින් ගන්න එළවළු පළතුරු අමුතුවෙන්ම හෝදන්න ඕන නෑ. මොකද මෙයාල ඒ හැම දෙයක්ම නියමිත විදිහට හොදටම හෝදලා තමයි තියන්නෙ. ලංකාවෙ නම් මේකෙ අනිත් පැත්ත තමයි ගොඩක් වෙලාවට දකින්න තියෙන්නෙ. වැඩිය ඕන නෑ. කරපිංචා මිටියක් අරන් ඇවිත් හෝදලා බලන්න, වතුර කළු පාට වෙන්නෙ නැද්ද කියලා? ලංකාවෙ අපිට බිත්තර දෙන්නෙ පිදුරු කෑලියී, කුකුල් බෙටියි එක්ක. හැමෝම අතින් අල්ලලා අල්ලලා ඒවායෙ ගුණාත්මක තත්වය නැතිවෙලා. ඒත් ඇමරිකාවෙ බිත්තර එකින් එක අසුරන්නෙ නෑ. කාටවත් අරින්න බැරි විදිහට සීල් කරපු පෙට්ටිවල තමයි අසුරලා තියෙන්නෙ. ඒවත් නියමිත උෂ්ණත්ව යටතේ, ජීවානුහරණය කරලා තමයි අපිට දෙන්නෙ. "

18. අලුත් දේවල් හැදෙන්නෙ මේ නිසයි
" මෙහේ තවත් ප්‍රධාන තැනක් ලැබෙන දෙයක් තමයි බුද්ධිමය දේපල පනත. ලංකාවේ නිතරම අපිට ඇහෙන්න තියෙන දෙයක් තමයි 'දැන් හොද සාහිත්‍ය පොත්පත් දකින්න නෑ, හොද චිත්‍රපට සහ ටෙලිනාට්‍ය එන්නෙ නෑ, හොද සංගීත නිර්මාණ එන්නෙ නෑ' කියන එක. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට මම දකින්නෙ, ඒ හොද නිර්මාණය කරන්න එයාට වැය වුණු කාලය, මුදල් සහ ශ්රමයට වඩා වැඩි ආදායමක් (ලාභයක්) ඒ නිර්මාණකරුවට ලැබෙන්නෙ නැති එක. ඒ නිසා නිර්මාණකරුවා ධෛර්යමත් වෙන්නෙ නෑ, හොද නිර්මාණ කරන්න.
අපි හිතමු ලංකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් අවුරුදු පහක් තිස්සෙ පරීක්ෂණ කරලා, ලක්ෂ 10ක් විතර සල්ලි වියදම් කරලා, හොද පොතක් ලියලා, රුපියල් 10 000කට විතර විකිණෙන්න දැම්මා කියලා. එහෙනන් ලංකාවෙ ඒ පොත සල්ලි දීලා ගන්නෙ බොහොම ටික දෙනයි. ඊට පස්සෙ අනිත් අය ඒකෙන් පිටපත් ගගහා වටේ යවනවා. ඒ නිසා අනිත් අය ඒ පොත වැඩි ගාණක් දීලා, පොත් සාප්පුවලින් ගන්න පෙළඹෙන්නෙ නෑ. මොකද එයාලට නිකං පිටපත් ගන්න පුලුවන්. ගොඩක් උපකාරක පන්තිවල ගුරුවරුත් ඔය වැඩේ කරනවා. ඉතින් හැදෙන තරමක් අපේ රටේ දැන් හැදෙන්නෙ බාල නිර්මාණ. මොකද ඒවට ලොකු කාලයක්, මුදලක්, ශ්‍රමයක් වැය කරන්න අවශ්‍ය නෑ. අනිත් එක දැන් ලංකාවෙ වෙළදපොළ වටිනාකමත් ඒ වගේ බාල නිර්මාණවලට විවෘතවෙලා. හොදට සංගීතය ගැන දැනුම තියෙන කිහිප දෙනෙක් ලවා අර්ථවත් සිංදුවක් කරනවට වඩා, අර්ථයක් නැති රිද්මයජනක සිංදුවක් කරන එක ලේසියි. හොද අර්ථවත් මාතෘකාවක් සම්බන්ධව ටෙලිනාට්‍යයක් කරනවට වඩා, මොකක් හරි පවුලක ප්‍රශ්නයක් තේමා කරගෙන ටෙලිනාට්‍යයක් හදන එක ලේසියි.
හැබැයි ඇමරිකාවෙ නම් 100%ක්ම නිර්මාණ අයිතිය, මුල් නිර්මාණකරුවට දෙනවා. හොර පිටපත් නෑ. කොච්චර සල්ලි වියදම් කරලා නිර්මාණයක් කළත්, සුළු කාලයක් ඇතුළත වියදම් වුණු ගණන වගේ, දෙගුණයක් තුන්ගුණයක් ලාභ හොයන්න පුලුවන්. මොකද මොන ගාණකට විකුණුවත්, හොද දෙයක් නම්, මිනිස්සු ඕන තරමක් වියදම් කරලා, ඒක ගන්න සූදානම්. ඉතින් ලාභ ලැබෙනකොට නිර්මාණකරුවන් ලොකු ධෛර්යයක් ලබනවා. එයාලා උනන්දු වෙනවා ඊළග පාර, ඊටත් වඩා හොද නිර්මාණයක් කරන්න. ඒ නිසයි මෙහේ Games, Software, Films, Tv Series වගේ අලුත් නිර්මාණ බිහි වෙන්නෙ. විශ්වවිද්‍යාලවල වුණත් ලේඛකයගෙ පොත හොද පොතක් කියලා අදුර ගත්තොත්, ඒක විෂය නිර්දේශවලට අනූකූලයි කියලා අදුර ගත්තොත්, අනිවාර්යෙන්ම ළමයින්ට නිර්දේශ කරනවා. ඉතින් ඒ හැම ළමයෙක්ම ඒ පොත සල්ලි දීලා ගන්නවා.
ඇමරිකානු රජයෙන් මේ පනත, කොළ කෑල්ලකට සීමා කරලා නෑ. නීතිය ක්ෂණිකව සහ තදින්ම ක්‍රියාත්මක කරනවා. මෙහේ Torrent Websites පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම තහනම්. එහෙම එකකට ගිහින්, මොකක් හරි නිර්මාණයක් හොරෙන් දාගන්න හැදුවොත්, තත්පර 4න් ඒක අල්ලනවා. ඊට පස්සෙ පණිවිඩයක් එනවා 'වහාම ඒ වැඩේ නවත්තන්න' කියලා. ඒක ගණන් ගන්නෙ නැතුව පාවිච්චි කළොත්, ගෙදරට දඩ කොළයක් එවනවා රුපියල් ලක්ෂ 25ක විතර. ඒත් දිගටම කරන්න ගත්තොත් හිරේ දානවා. "

19. එන්න එන්න, අපෙනුත් ගන්න
" ඇමරිකාවෙ ව්‍යාපාර අතරේ, සමාගම් අතරේ ලොකූ තරගයක් තියෙනවා. ඒ තරගය නිසාම ඇමරිකාවේ පාරිභෝගික සේවාව 100%ක්ම හොදයි. අපේ රටේ නම් ලංකා විදුලි බල මණ්ඩලය වගේ ඒවා ලංකාවටම තියෙන්නෙ එකයි. ඒත් ඇමරිකාවෙ නම් ගොඩාක් තියෙනවා. ලංකාවෙ ඒකාධිකාරියක් පවත්වන්න පුලුවන් වුණත්, ඇමරිකාවෙ ගොඩක් තරගකාරයො ඉන්න නිසා එහෙම කරන්න බෑ. ඉතින් එයාලා පාරිභෝගිකයො ගැන ගොඩක් සැළකිලිමත් වෙනවා. පොඩි වැරැද්දක්වත් වෙන්නෙ නැති විදිහට තමයි සේවාව සපයන්නෙ. පොඩි වැරැද්දක් වුණත් ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා සමාව අරගෙන, ඒ වෙනුවට වට්ටමක් දෙනවා. එහෙමත් නැත්නම් සේවා ගාස්තු අඩු කරනවා. ඒ හැම දෙයක්ම කරන්නෙ තමන්ගෙ පාරිභෝගිකයන්ව, තමන්ගෙ ළගින්ම තියා ගන්න. ඒ වගේම තරගකරුවන්ගෙ පාරිභෝගිකයන්වත් කඩා ගන්න ගොඩක් උපක්‍රම පාවිච්චි කරනවා. අපි හිතමු එක ආයතනයකින් සේවා ගාස්තුව 40%කින් පහළ දැම්මා කියලා. එහෙනන් අනිත් අය බලනවා කොහොම හරි තමන්ගෙ සේවා ගාස්තුව 50%කින්වත් පහළට අරගන්න.
මෙහේ තියෙනවා Walmart කියලා සමාගමක්. එයාලට තියෙනවා මුළු ඇමරිකාව පුරාම සුපිරි වෙළදසැල් ජාලාවක්. ඉදිකට්ටෙ ඉදලා, හෙලිකොප්ටරේ එන්ජිම වෙනකන් ඕන දෙයක් මේකෙ තියෙනවා. එයාලා හදලා තියෙනවා App එකක්. පාරිභෝගිකයින්ට පුලුවන් එකෙන් බඩු අරගෙන, බඩු ගත්තම හම්බවෙන බිලේ පින්තූරයක් අරගෙන, ඒ App එකට දාන්න. ඒ App එකෙන් ඒ බිල Scan කරලා, තරගකාරයොන්ගෙ වෙළදසැල්වල සහ එකේ විකුණන බඩුවල මිළ ගණන් සංසන්දනය කරලා බලනවා. එහෙම බලලා, එයාලා වෙනම ලැයිස්තුවක් ගන්නවා, එයාලගෙ විකුණුම් මිළට වඩා අඩුවෙන් විකුණුම් මිළක් තියෙන, එයාලගෙ තරගකාරයොන්ගෙ භාණ්ඩවල. ඊට පස්සෙ එයාලා වැඩියෙන් අරගෙන තියෙන ගාණ, ඒ පාරිභෝගිකයා ඊළගට බඩු ගන්න එනකොට වට්ටමක් විදිහට දෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු Walmart එකේ පාන් ගෙඩියක් ඩොලර් 2.00යි කියලා. වෙන කඩයක පාන් ගෙඩියක් ඩොලර් 1.00යි නම්, Walmart එකෙන් ඒ පාරිභෝගිකයාගෙන් වැඩිපුර අරගත්ත ඩොලර් 1.00, ඒ පාරිභෝගිකයා ඊළග පාර බඩු ගන්න එනකොට වට්ටමක් විදිහට දෙනවා. ඔන්න ඔය වගේ උපක්‍රම තමයි පාරිභෝගිකයින්ව අද්ද ගන්න කරන්නෙ. ලංකාවෙ නම් හැමෝම කියන්නෙ 'අඩුවටම බඩු දෙන්නෙ අපේ විතරයි. අනිත් අයගෙ ගොඩක් ගණන්' කියලනෙ. හැබැයි ඇමරිකාවෙ Walmart වගේ ආයතන, මේ වැඩෙන් පාරිභෝගිකයන්ට ඒත්තු ගන්වනවා, 'අපිටත් වඩා අඩුවට බඩු දෙන තවත් තැන් තියෙන බව අපි පිළිගන්නවා' කියලා. ඒ හරහා එයාලා 'බොරු කියන්නෙ නෑ' කියලා, පාරිභෝගිකයින්ගේ විශ්වාසය අරගන්නවා. අනිත් අතට පාරිභෝගිකයන්ගෙන් ගසාගෙන කන්නෙත් නෑ.
අපේ රටේ නම් මොකක් හරි සමාගමක පාරිභෝගික සේවාවකට ඇමතුමක් ගත්තම, මුලින්ම ගන්නෙ එක්කෙනෙක්. ඊට පස්සෙ එයා ඒ ඇමතුම වෙන කෙනෙක්ට යවනවා. ඒ ගන්න කෙනා තව කෙනෙක්ට යවනවා. ඔහොම ඔහොම වටේ ගිහින් තමයි හරි කෙනාට යන්නෙ. සමහරක් වෙලාවට පැය ගාණක් අල්ලගෙන ඉන්න ඕන. සමහර වෙලාවට අහන දේට නෙවේ උත්තර හම්බවෙන්නෙ. එහෙන් දාලා ඉන්න අයටවත් හරියට උත්තරයක් දෙන්න දැනුමක් නෑ. හැබැයි ඇමරිකාවෙ නම් අපි මොකක් හරි සමාගමක පාරිභෝගික සේවාවට කතා කළොත්, අපේ ඇමතුම ගන්න කෙනාම තමයි දිගටම කතා කරගෙන යන්නෙ. එක එක්කෙනාට යවන්නෙ නෑ. මොකද එයාව හොදටම පුහුණු කරලා තියෙනවා, අහන හැම ප්‍රශ්නයකටම හොදට උත්තර දෙන්න. ඒ වගේම එයාගෙ ආයතනයෙන් සපයන සේවාව ගැන, ඒවා සම්බන්ධව එන ප්‍රශ්න සහ ඒවා හරිගස්සගන්න විදිහ ගැන, එයා සම්පූර්ණයෙන්ම දැනුවත් වෙලා ඉන්නෙ.
ඇමරිකාවේ ඒකාධිකාරී දේවල් අඩුයි. විකල්ප වැඩියි. ඉතින් තරගය වැඩියි. එක ව්‍යාපාරයකින් හරියට සේවාව සැපයුවෙ නැත්නම්, මිනිස්සු එව්වා ඒ වෙලාවෙම ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ ව්‍යාපාර බල්ලො බළල්ලු වගේ අතු ගෑවිලා යනවා. උදාහරණයක් විදිහට ලංකාවේ විදුලි බල මණ්ඩල තියෙන්නෙ එකයි. එයාලා හරියට සේවාව සැපයුවෙ නැතත්, අපිට විදුලීය ප්‍රතික්ෂේප කරන්න බෑ. එයාලගෙන්ම අරගන්න වෙනවා. හැබැයි ඇමරිකාවේ තියෙනවා එහෙම එව්වා 10ක් විතර. ඒ නිසා සේවාව ප්‍රශංසනීය විදිහට සැපයුවෙ නැත්නම්, ඇමරිකාවෙ මිනිස්සු වෙන එකකට මාරු වෙනවා. "

20. ලාස්සන ගෑණු ළමයි
" ඇමරිකාවෙ ගෑණු ළමයින්ගෙ ආඩම්බර නෑ. කතාව හරි කෙලින්. කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. ඇතුළෙ එකක්, එළියෙ එකක් නෑ. ඇමරිකාවෙ ගැහැණු පිරිමි භේද නෑ. ඒ අයට සීමා වෙන් කරලා නෑ. 'පිරිමි අයට කරන්න පුලුවන් හැම වැඩක්ම, ගැහැණු අයටත් කරන්න පුලුවන්' කියන අදහස තමයි ඇමරිකාවෙ තියෙන්නෙ. ඇමරිකාවෙ ආරක්ෂක අංශවලට එහෙම හරියට ගැහැණු අය බැදෙනවා.
ආදර සම්බන්ධතා හරිම ශක්තිමත්. ඒකට ප්‍රධානම හේතුවක් තමයි සම්බන්ධය පටන් ගන්නකොටම සමහරක් සමහරක් ප්‍රශ්න විවෘතව කතා බහ කරන එක. ඒ නිසා දික්කසාද වෙන්න තියෙන අවස්ථාව අඩුයි. හැබැයි විවාහ වෙලා කාලයක් යනකොට තේරුනොත්, දෙන්නට දෙන්නා ගැළපෙන්නෙ නෑ කියලා, ඒ වෙලාවෙම කතා බහ කරලා, කෙලින් තීරණයක් අරගන්නවා දික්කසාද වෙන්න.
කලින් කිව්වා වගේම ආදර සම්බන්ධතාව පටන් ගන්න කලින් ඕනම ප්‍රශ්නයක් විවෘතව අහනවා. ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්න වුණත්..... මොකද ලංකාවේ වගේ නෙවේ. මෙහේ ළමයි පුංචි කාලෙදිම, එයාලට ලිංගිකත්වය ගැන උගන්වනවා. ඉතින් ඒක එයාලට ලැජ්ජාවක්වත්, මැජික් එකක්වත් නෙවේ. හංගන්නෙත් නෑ. පුංචි ළමයෙක් ඇහුවොත්, 'කොහොමද මම ඉපදුනේ?' කියලා, 'රෝස කැළෙන් අරගෙන ආවා' කියන්නෙ නැතුව, ඒ දේ හරියටම කියලා දෙනවා. මෙහේ එළිමහන් උද්‍යානවල එහෙම සමලිංගික අය ඕන තරම් ඉන්නවා. එහෙමයි කියලා අනිත් අය එයාලට ගල් ගහන්නවත්, තහංචි දාන්නවත්, කොන් කරන්නවත්, දොස් කියන්නවත් යන්නෙ නෑ. මොකද ඒ, එයාලා තෝර ගත්තු මාර්ගය. එයාලත් මිනිස්සු. එයාලගෙත් ආසාවල් තියෙනවා. එයාලටත් නිදහසක් තියෙනවා.
ඇමරිකාවෙ සමහරක් ගැහැණු ළමයි පුංචි කාලෙදිම සටන් ක්‍රම පුරුදු වෙනවා. තව සමහරක් අය පිස්තෝල පාවිච්චියට නැඹුරු වෙනවා. එහෙම නැත්නම් කරන්ට් එකක් එන උපකරණ පාවිච්චි කරනවා. ඒත් නැත්නම් අර ගම්මිරිස් විදින එකක් හරි පාවිච්චි කරනවා. ඉතින් පාරෙ යනකොට හොරෙක් ආවත්, මෙයාලා ඔය කියන ඒවා බය නැතුව කෙලින්ම පාවිච්චියට ගන්නවා.
ඇමරිකාවෙ ගැහැණු ළමයි, එයාලට කැමති ඕනම ඇදුමක් අදිනවා. මොකද එයාලට නීති දාන්න අය නෑ. ඇග පේන්න ඇදුමක් ඇන්දත්, ඒකෙ පින්තූර අරගෙන සමාජ ජාලවල දාන්නයි, සායවල්වල දිග පළල ගැන විචාර දෙන්නයි, සදාචාරය ගැන දේශන පවත්වන්නයි මෙහේ අයට වෙලාවක් නෑ. මොකද ඇමරිකානුවන් කියන්නෙ හරිම අභිමානවත් ජාතියක්. මෙයාලගෙ සිතුවිල්ලක් තියෙනවා, 'ගැහැණු කෙනෙක් යට ඇදුමක් විතරක් ඇදගෙන හිටියත්, ඒකෙන් ඇමරිකානු සංස්කෘතිය බිදින්න බෑ. ඇමරිකානු සංස්කෘතිය ශක්තිමත්' කියලා. අපේ ඒකෙ අනිත් පැත්ත. එක ගැහැණු කෙනෙක් ඇග පේන්න ඇදුමක් ඇන්දොත් අපේ අය හිතනවා 'අපේ 2500 සංස්කෘතිය නැති වෙනවා' කියලා.
ඉතින් ගෑණු ළමයෙක් බිකිනියක් ඇදගෙන හිටියත් එයාගෙ පින්තූර අරන් දාන්නයි, ඇගේ ඇතිල්ලෙන්නයි, කෙළ හල හල ඉන්නයි මෙහේ අය පෙළඹෙන්නෙ නෑ. මොකද මෙහේ, ඒවා සාමාන්‍ය දේවල් නිසා. ලංකාවෙ පාවිච්චි වෙනවා වගේ 'ජැක් ගහනවා' කියන වචනය, මෙහේ ශබ්දකෝෂවල ඇතුළත් වෙලත් නෑ."

21. ආසාවටයි මුල් තැන
" ලංකාවෙ දෙමාපියො කරන වැරැද්දක් තමයි පුංචි කාලෙම ළමයින්ට කියනවා 'ඔයා ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙන්න ඕන. ඔයා ලොකු වුණාම අනිවාර්යෙන්ම ඉංජිනේරුවෙක් වෙන්න ඕන' කියලා. ඒ කියන්නෙ දෙමාපියන් කැමති දේ තමයි ළමයා අකමැති වුණත් අනිවාර්යෙන්ම කරන්න ඕන. ඇමරිකාවෙ නම් ළමයින්ට නිදහස තියෙනවා තමන් ආස කරන දේ කරන්න. ගෙවල්වලින් බලපෑමක්වත්, දෙමාපියන් අතරේ තරගයක්වත් නෑ.
මෙහේ ආකල්පවලට සහ ආසාවට තමයි මුල් තැන. ආකල්ප ගැන දෙන්න පුලුවන් හොදම උදාහරණය තමයි ඇමරිකාවෙ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙනකොට තියන විභාගය (MCAT). ඒකෙදි සම්මුඛ පරීක්ෂණයකුත් තියනවා. එතනදි ලකුණුවලට වඩා බලන්නෙ ආකල්පයි. කොච්චර ඉහළ ලකුණු තිබ්බත් වැඩක් තියෙනවද ඒ කෙනා අමානුෂික, රළු, කරුණාවක් නැති කෙනෙක් නම්? අපි හිතමු විභාගයකදි එක්කෙනෙක් ලකුණු 100%ක් ගන්නවා. තව කෙනෙක් ලකුණු 60%ක් ගන්නවා. 100% ගත්ත කෙනාට ඉහළ ලකුණු තියෙනවා. හැබැයි වෛද්‍යවරයෙක් වෙන්න සුදුසු ගුණාංග නෑ. 60% ගත්ත කෙනාට තියෙන්නෙ අඩු ලකුණු. හැබැයි වෛද්‍යවරයෙක් වෙන්න සුදුසු ගුණාංග තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම 60% ගත්ත කෙනා සමත්වෙලා, 100% ගත්ත කෙනාව අසමත් කරන්න පුලුවන්. මොකද මෙහේ අය හිතන්නෙ 'ආකල්ප කියන දේ හිතෙන්ම එන දෙයක්. දැනුම කියන දේ පස්සෙ වුණත් අරගන්න පුලුවන්' කියලා.
ලංකාවෙ කෙනෙක් දොස්තර කෙනෙක් වෙන්න හීන දකින්නෙ සිවිල් බලයක් ගොඩ නගා ගන්න, පිළිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වෙන්න, සල්ලි හම්බකරන්න වෙන්න පුලුවන්. හැබැයි ඇමරිකාවෙ කෙනෙක් දොස්තර කෙනෙක් වෙන්නෙ, එයාට තියෙන ආසාව නිසා. මෙහේ විශ්වවිද්‍යාලවල ඕනම විෂයක් ඉගෙන ගන්න පුලුවන්. අපි හිතමු ඉතිහාසයට ආසාවක් තියෙන, තාක්ෂණික උපාධියක් හදාරන කෙනෙක් ඉන්නවා කියලා. එහෙනන් එයාට පුලුවන් තාක්ෂණික උපාධිය කරන ගමන් ඉතිහාසයත් ඉගෙන ගන්න. මොකද ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල මතය තමයි 'ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ' කියන මතය. දක්ෂතාවය ගණිතය විෂයට තිබුණත්, එයාගෙ ආසාව තියෙන්නෙ සංගීතයට නම්, එයා අනිවාර්යෙන්ම සංගීතය තෝර ගන්නවා. "

22. ඔක්කොම එකයි
" ඇමරිකාවෙ හැමෝම සම්මත ක්‍රමයට අනුව තමයි වැඩ කරන්නෙ. අපි හිතමු ගෙදරක වයර් අදින වැඩක් කරනවා කියලා. ලංකාවෙ නම් විදුලි කාර්මිකයො දහ දෙනක් ගත්තොත්, දහ දෙනා දහ විදිහකට තමයි වැඩේ කරන්නෙ. මොකද එක එක තැන්වලින් එක එක විදිහට තමයි එයාලා ඉගෙනගෙන තියෙන්නෙ. ඒ අතරේ අත්දැකීමෙන් වැඩ කරන අයත් ඉන්නවා. ඒත් ඇමරිකාවෙ විදුලි කාර්මිකයො දහ දෙනෙක් ගත්තොත්, ඒ දහ දෙනා වැඩ කරන්නෙ එකම එක ක්රමයකටයි. ඒ තමයි සම්මත ක්‍රමය.
අපි හිතමු ගෙදරක වැඩ කර කර ඉදලා, එයා එක පාරටම යන්න ගියා කියලා. ඊට පස්සෙ වෙන විදුලි කාර්මිකයෙක් එනවා ඉතුරු වැඩ ටික කරන්න. ලංකාවෙ නම් එතනදි ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද පරණ කෙනා කරපු ක්‍රමයට නෙවේ, අලුතින් ආපු කෙනා වැඩ කරන්නෙ. එතකොට අලුතින් ආපු කෙනාට තේරෙන්නෙ නෑ, පරණ කෙනා කරලා තියෙන වැඩ. හැබැයි ඇමරිකාවෙ නම් අලුත් කෙනාට තේරෙනවා පරණ කෙනා කරපු වැඩ ටික. ඉතින් එයා නැවතිලා තියෙන තැන ඉදන් වැඩේ කරන්න පටන් ගන්නවා. මොකද එයා ඉගෙනගෙන තියෙන්නෙත්, පරණ කෙනා ඉගෙනගෙන තියෙන ටිකම තමයි.
අනිත් ප්‍රධානම දේ තමයි ලේඛනය. මෙහේ මොන දේ කළත්, එයාලා ඒක ලොග් පොතක ලියලා තියෙනවා. එතකොට කවදාවත් ඒ කරලා තියෙන දේවල් ගැන අමතක වෙන්නෙ නෑ. අලුතින් කෙනෙක් ආවත්, එයාට ඒ වැඩේ ඉතිහාසය ගැන හරිම ලේසියෙන්, අර පොතෙන් බලාගන්න පුලුවන්. "

23. දෙවෙනි ඉනිම
" මෙහේ ඕනම කෙනෙක්ට දෙවෙනි අවස්ථාවක් තියෙනවා. අපි හිතමු හෙදියක් ඉන්නවා කියලා. එයාට හිතෙනවා දොස්තර කෙනෙක් වෙන්න. එහෙනං එයාට පුලුවන් හෙදියක් විදිහට ඉන්න ගමන්, හොදට ඉගෙනගෙන, නියමිත අවුරුදු ගණන ඉවර වුණාට පස්සෙ දොස්තර කෙනෙක් වෙන්න. හෙදියන්ට විතරක් නෙවේ, සුළු සේවකයින්ට වුණත් ඒ අවස්ථාව තියෙනවා. මේ දෙවෙනි අවස්ථාව, තමන්ට හොදයි කියලා හිතෙන ඕනෑම කාලයක අරගන්න පුලුවන්.
ලංකාවෙ අයගෙ තියෙන වැරදි මතයක් තමයි 'ඇමරිකාවේ ඉගෙන ගන්න නම් අනිවාර්යෙන්ම සල්ලි ඕන' කියන මතය. ඒත් ඒක වැරදියි. දුප්පත් කෙනෙක් වුණත්, එයාට ඉගෙන ගන්න පුලුවන්. එයා ඔප්පු කළොත් එයා දක්ෂයෙක් කියලා, ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවලින් ලෑස්තියි එයාට ශිෂ්‍යත්ව දෙන්න. ඇමරිකාවෙ රජයෙන් ලෑස්තියි එයාට ආධාර දෙන්න. අඩු පොලියට අධ්‍යාපනික ණයක් දෙන්න. මෙහේ සල්ලි නැති අය, අවුරුදු 5ද, අවුරුදු 10ද කියලා නෑ, පුලුවන් තරම් කාලයක් රස්සාවක් කරලා, ඒකෙන් ඉගෙනගන්න ඕන කරන සල්ලි ටික හම්බ කර ගන්නවා. ඊට පස්සෙ ඉගෙන ගන්නවා. මොකද ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න වයස් සීමාවක් නෑ. ඕනිම වයසෙ කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන්. "

24. හත්පොලේ ගාගන්නෙ නෑ
" ළගදි දවසක අපේ පාරෙ Main Sewer Line එක (පාර යටින් නිර්මාණය කරලා තියෙන ප්‍රධාන කුණු කාණුව) සුද්ධ කළා. අපේ පාර ගොඩාක් දිගයි. එතනදි වුණේ මෙන්න මේ වගේ දෙයක්. කුණු කාණුව සුද්ධ කරන්න වාහන දෙකකින් මිනිස්සු දෙන්නෙක් ආවා. එක්කෙනෙක් පාරෙ එහා කෙළවරේ කාණුවේ විවරය ළගටත්, අනිත් කෙනා පාරෙ මෙහා කෙළවරේ කාණුවේ විවරය ළගටත් ගියා. එක්කෙනෙක් කාණුවට බැස්සුවා පුංචි රොබෝ කෙනෙක්. මෙයා කරන්නෙ බටයක් අරගෙන කාණුව දිගේ ගිහින් කාණුවේ අන්තිම කෙළවරේ තියෙන විවරයෙන් මතුවෙන එක. බටය අරගෙන යන ගමන්, කාණුවේ තියෙන ගද නැති කරන්න රසායනික කැට වගයක් ඉහිනවා. ඊට පස්සෙ දුම් ගහනවා. මේ අතරේ තවත් රොබෝ කෙනෙක්ව බස්සනවා. එයා කාණුව දිගේ යන ගමන්, අර බටය අකුලගෙන යනවා. ඊටත් පස්සෙ තවත් රොබෝ කෙනෙක් බස්සනවා. එයා කරන්නෙ කාණුවේ යන ගමන් කැඩිලා ගිහිල්ලා තියෙන තැන් ප්‍රතිසංස්කරණය කරනවා. මේ ඔක්කොම කරන්න මෙයාලට ගියේ පැය කිහිපයයි. තවත් විශේෂ දෙයක් කියන්න ඕන. මේ කොන්ත්‍රාත්තුව භාර ගත්ත සමාගමෙන්, අපේ පාරෙ තියෙන හැම ගෙදරකටම ලියුමක් එව්වා. ඒ ලියුමෙ තිබුණෙ ඒ සුද්ධ කිරීම කරගෙන යන කාලය අතරතුර ජීවන කටයුතුවලට බාධාවක් වුණා නම්, ඒකට කණගාටුව ප්‍රකාශ කිරීමක් සහ සමාව ඉල්ලීමක්.
එතකොට මුළු පාරටම තියෙන කුණු කාණුව සුද්ධ කරන්න ආවෙ දෙන්නයි. අපේ රටේ නම් කොහොමද? අඩුම ගාණෙ මිනිස්සු 50ක්වත් එනවා නේද? අධීක්ෂණයටත් වෙනමම කට්ටියක් එනවා. ඊට පස්සෙ මාර්ග බාධක දාලා, පාරෙ වාහනත් නවත්තගෙන, ලොකූ මාර්ග තද බධයක් ඇති කරගෙන, යසට තියෙන කාර්පට් පාර කඩනවා. දවස් ගාණක් තිස්සෙ වැඩ. එතකොට ලොකූ මුදලක් වැය වෙනවා, මෙයාලට සංග්‍රහ කටයුතු කරන්නත්. ඊට පස්සෙ ආයිත් පාර හදන්න ඕන තිබ්බ විදිහටම. මේ වැඩේට දවස් කිහිපයක්ම ගත වෙනවා.
මෙහේ අය හත්පොලේ ගාගන්නෙ නෑ. කරන්න තියෙන වැඩේ හොද සැලසුමක් අනුව, එක පාරින්ම කරනවා. හැමතිස්සෙම බලන්නෙ වෙනසක් නොකර, වැඩේ කරගන්න. බිත්තියක් ඇතුළෙ තියෙන දෙයක් බලන්න ඕන නම්, අපේ වගේ බිත්තිය කඩන්නෙ නෑ. බිත්තිය ඇතුළ විනිවිද බලාගන්න පුලුවන් උපකරණයකින්, පරීක්ෂා කරලා බලනවා. "

ඔන්න ඔහොමයි ඇමරිකාව ගැන අපි නොදන්න දේවල් ගැන ලියපු දෙවෙනි කොටස ඉවර වෙන්නෙ. මේ වගේම තවත් කරුණු ගොඩක් තව ඉස්සරහට එන්න තියෙනවා. ඒ නිසා තුන්වෙනි කොටසක් ගැනත් බලාපොරොත්තුවක් තියාගත්තට කමක් නෑ. පළවෙනි ලිපියෙ වගේම, මේ ලිපියෙත් ගන්න පුලුවන් ආදර්ශ තියෙනවා නම් අරගන්න පුලුවන්. ඒ වගේම පළවෙනි ලිපියේ ලොකු පසුවදනක් ලියපු නිසා, මේ ලිපියට පසුවදනක් ලියන්න අදහසක් නෑ. මොකද මේ ලිපියෙත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි.
සම්පත් ටික අමතක කළත් මිනිස්සුන්ගෙ ආකල්ප, අදහස් සහ සිතුවිලි අතින්වත් වෙනසක් කරන්න පුලුවන් නම්, අපි දැන් ඉන්න තත්වයේ හැටියට ඒකත් ගොඩාක් වටිනවා කියන එකයි මගේ අදහස.