පෘතුගීසී ආක්‍රමණය
මේ ලිපිය ලියන්න හිතුවේ "අපේ ගම" ලිපියේ දෙවෙනි කොටස විදිහට. ඒ නිසා මේ ලිපිය කියවන්න කලින් "අපේ ගම" ලිපිය අනිවාර්යෙන්ම කියවලා ඉන්න වෙයි. මේ ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 1500 ගණන් වල අපේ ගමට එල්ල වුණු පෘතුගීසී ආක්‍රමණය ගැනයි. අපේ රටට පෘතුගීසීන්ගේ ආගමනය සිද්ධ වෙන්නේ 1505 අවුරුද්දේ වුණත් පෘතුගීසීන් ආක්‍රමණශීලී ස්වරූපයක් පෙන්නුම් කරන්න පටන් ගන්නේ 1580න් පස්සේ වගේ.
6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ එතුමාගේ මුණුබුරු යාපා පටුනේ සපුමල් කුමාරයා, "ජයවීර පරාක්‍රම" නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. ජයවීර පරාක්‍රම රජතුමාගෙන් පස්සෙ රජ වුණු එතුමාගේ පුත්‍රයෙක් වුණු "7 වෙනි පණ්ඩිත පරාක්‍රමබාහු" රජතුමා ඝාතනය කරලා, අම්බුළුගල කුමාරයා "8 වෙනි වීර පරාක්‍රමබාහු" නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. 1505දී අපේ රටට පෘතුගීසීන්ගේ ආගමනය සිද්ධ වෙනකොට, අපේ රටේ රාජ්‍ය පාලකයා වුණේ 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමා. 1580 ගණන් වෙනකොට අපේ රටේ රජතුමා වුණේ ධර්මපාල රජතුමා.

මේ කාලය අපේ රටේ අවුල්සහගත කාල වකවානුවක්. කුඩා කාලයේම පෘතුගීසී අධ්‍යාපනය ලබලා, කිතු දහම වැළදගත්තු දොන් ජුවන් ධර්මපාල රජතුමා ක්‍රියා කළේ පෘතුගීසීන්ගේ රූකඩයක් විදිහටයි. පෘතුගීසීන්ගෙන් එල්ල වෙන තාඩන පීඩන ඉවසගන්න බැරුව කෝට්ටේ මහා සංඝරත්නය ප්‍රධාන කොට ගත් ජනතාව උඩරටට සංක්‍රමණය වෙනවා. තවත් පිරිසක් සීතාවක රාජධානියට පලා යනවා. මේ කාලයේ සීතාවක රාජධානිය ගොඩක් බලවත්. 1562දී අවුරුදු 12ක් තරම් කුඩා වයසේ හිටපු ටිකිරි බණ්ඩාර කුමාරයා (සීතාවක 1වෙනි රාජසිංහ රජතුමා) මෙහෙයවපු මුල්ලේරියා සටනෙන් තමයි රටක් එක්ක යුද්ධ කරලා පෘතුගීසී හමුදාවක් "දරුණුතම" සහ "අන්තම" පරාජයක් ලැබුවේ. මේ නිසා අපේ රටේ මිනිස්සු අතරේ විශ්වාසයක් ගොඩ නැගුනා සීතාවක 1 වෙනි රාජසිංහ රජතුමා සහ සීතාවක රාජධානිය ගැන. මේ කාලයේදී කෝට්ටේ රාජධානිය අවට ස්ථාපිත කරලා තියෙන පෘතුගීසී හමුදා කදවුරු වලට, සීතාවක රාජධානියෙන් විටින් විට ප්‍රහාර එල්ල කළා. ඒත් එක්කම ආරක්ෂාවට ඇති වෙමින් පවතින තර්ජන නිසා දොන් ජුවන් ධර්මපාල රජතුමා කෝට්ටේ රාජධානියෙන් බැහැරවෙලා, පෘතුගීසීන් යටතේ තිබුණු කොළඹ කොටුවට යනවා. ඊට පස්සේ පෘතුගීසී අත්අඩංගුවට පත් වෙන දොන් ජුවන් ධර්මපාල රජතුමා මිය යන තෙක්ම හිරකරුවෙක් විදිහට ජීවත් වෙනවා.
රාජසිංහ රජතුමාගේ මීළග සැලැස්ම වෙන්නෙ පෘතුගීසීන් යටතේ තියෙන කොළඹ කොටුවේ බලය සියතට ගන්න එක. ඉතින් 1587දි ආයිත් කෝට්ටේ රාජධානිය ආක්‍රමණය කරන්න සිය දහස් ගණනක සිංහල හමුදාවක් සීතවක රාජධානියෙන් පිටත් වෙනවා. පොත්පත්වල ඒ සිංහල හමුදාවෙ සාමාජිකයන්ගේ ඓක්යන් සටහන් වෙලා තියෙන්නෙ මෙහෙමයි.
* සාමාන්‍ය සෙබළුන් = 50 000
* අත් තුවක්කු කරුවන් = 10 000
* අලි ඇතුන් = 02 200
* කාල තුවක්කුකරුවන් = 04 000
කොළඹ කොටුව වැටලීමේ මෙහෙයුමට මාස 22ක් ගත වෙනවා. මාස 22කට පස්සෙ අපේ සිංහල හමුදාව පෘතුගීසීන්ගේ පාලනය යටතේ තිබුණ කොළඹ කොටුව අල්ල ගන්නවා. හැබැයි සිංහල හමුදාවට කොළඹ කොටුවේ බලය අත්පත් කරගෙන ඉන්න ලැබෙන්නේ බොහොම කෙටි කාලයක්.

කෝට්ටේ රාජධානි සමයෙන් හරි අඩක්ම ගත වුණේ විශාල යුද්ධයක් වෙනුවෙන්. මේ කාලයේ සීතාවක රාජධානියෙන් කෝට්ටෙට එල්ල වුණු ප්‍රහාර නිසා පෘතුගීසී සැපයුම් මාර්ග අවහිර වෙලා, ලොකු ආහාර හිගයකුත් ඇති වුණා. "බළල් මස් හිටං ගිනි ගණන් ගියා" කියන්නේ අන්න ඒකයි. පෘතුගීසීන්ව අපේ රටෙන් පන්නලා දාන්න සීතාවක රාජධානියෙන් කොච්චර ලොකු මෙහෙයුමක් දියත් කළාද කියනවා නම්, පස්සෙ කාලයක සීතාවක රාජධානියේ පරිහානියටත් මේ යුද්ධ මෙහෙයුම් බලපානවා. සීතාවක රාජ්‍යය ආරම්භ කෙරුණු දවසෙ ඉදලම පෘතුගීසීන්ට එරෙහිව යුද්ධවලට මුල් තැන දීපු රාජ්‍යයක්. මේ නිසා සෙබළුන්ට, අලි ඇතුන්ට, අශ්වයන්ට, සෙබළුන්ගේ පවුල්වලට, සෞඛ්‍ය සහ ප්‍රථමාධාර පහසුකම්වලට, අවි ආයුධ නිෂ්පාදනයට, ආහාරපාන වලට හිතා ගන්නවත් බැරි වියදමක් දරන්න වුණා. යුද්ධෙ දිහාවටම හැරිලා හිටපු නිසා අනෙක් ක්ෂේත්‍ර බිද වැටුණා. ආර්ථිකය බිංදුවටම බැස්සා. හම්බවෙන සුළු ආදායමත්, යුද්ධෙට වියදම් කළා. සාමයට ආරක්ෂාවට තර්ජන එල්ල වුණා. දීර්ඝ කාලීන සටන් නිසා මිනිස්සු කළකිරුණා. යුද්ධවලට නායකත්වය සහ ප්‍රමුඛත්වය දිගෙන යුද්ධම කිරීම, සීතාවක පරිහාණියට තදින්ම බලපෑවා.
මේ කාලයේ මුළු කෝට්ටේ පුරවරයම එකම යුද්ධ පිටියක්. සීතාවකින් එන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දෙන අතරේ පෘතුගීසී හමුදාවත් කෝට්ටේ පුරවරය විනාශ කරන්න, කොල්ල කන්න පටන් ගත්තා. භික්ෂූන් වහන්සේලා, ප්‍රභූන්, සාමාන්‍ය ජනතාව ඝාතනය කළා. කෙත්වතු, වෙහෙර විහාර, ගෙවල් දොරවල් සෑම සියලු දෙයක්ම ගිනි තියලා කෝට්ටේ පුරවරයම සමතලා කරනවා.
මේක පැරණි රජ දවස "බල රැස් ගම" කියලා හදුන්වපු අපේ ගමටත් සෘජුවම බලපානවා. පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය සහ ඒ අවට ගම්බිම් ගිනි තැබීම ගැන ඒ කාලයේ, අපේ රටට ආපු "ක්වේරෝස්" කියන පෘතුගීසී ජාතික පියතුමා විශාල සටහනක් තබනවා. ඒ සටහනට අනුව සමස්ථ කෝට්ටේ පුරවරයම පෘතුගීසීන් ගිනි තියනවා. ඒ ගින්න නිසා දවස් 7ක් මුළු කෝට්ටේ අහසම කළු දුමාරයකින් වැහිලා තිබුණලු. පෘතුගීසීන් කෝට්ටේ පුරවරයේ ඇති කරපු ගින්න නිවෙන්න දවස් 7කට වඩා ගියාලු. ඒ කියන්නේ කෝට්ටේ පුරවරය එදා දවස් 7ක් තිස්සේ, එකදිගට ගිනි අරගෙන තියෙනවා. ඒ වගේම මේ කාලය පුරාවටම නගරයේ හිටපු බල්ලෝ ඔක්කොම නොනවත්වාම උඩුබිරුවලු. මේ කරුණු පියතුමා ලියපු "ලංකා දිග් විජය සහ ධර්ම විජය" කියන පොතේ සටහන් වෙලා තියෙනවා.

පෘතුගීසීන් ඇති කරපු මහා ගින්න නිසා කෝට්ටේ පුරවරයෙන් 95%ක් විතර විනාශ වුණා. ඓතිහාසික කෝට්ටේ රාජධානියට අයත් වෙලා තිබුණු, එහෙම විනාශ වෙලා, ශේෂ වුණු නටබුන් සහ ස්ථාන තියෙන්නේ බොහොම සොච්චමයි. ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටලා තියෙන රම්‍ය දිවයිනක්. දිග සහ පළල අතින් අනිත් රටවල් වලට වඩා කුඩා වුණත් අනිත් රටවල් වලට වඩා වැඩි අමිල ස්වභාවික සහ මානව සම්පත් වලින් පිරී ඉතිරී පැවතුනු රටක්. මේ නිසා ඈත අතීතයේ ඉදලම අපේ රට විවිධ ආක්‍රමණ වලට ලක් වුණා. අපේ රටට එල්ල වුණු දැවැන්තම ආක්‍රමණය හැටියට ගැනෙන්නේ කාලිංග මාඝගේ ආක්රමණයයි. කාලිංග නුවර ඉදලා 24 000ක විතර හමුදාවක් එක්ක අපේ රටේ මහා තිත්ථ වරායට ගොඩ බහින මාඝ, දවස් කිහිපයක් තුළ අපේ රටේ බලය අත්පත් කර ගත්තා විතරක් නෙවේ, පොළොන්නරු රාජධානියම බිමට සමතලා කළා. පරණ පොත්වල ඒ සිදුවීම ලියවුණේ "යකුන් නැටූ යුධ පිටියක් සේ විය" කියලා.
ඊටත් ශත වර්ෂ ගණනාවකට කලින් අනුරාධපුර රාජධානියත් ආක්‍රමණ කිහිපයකටම ලක් වෙනවා. ඒ නිසා අනුරාධපුර නගරය දහ දොළොස් වතාවක් විතර බිමට සමතලා වෙනවා. එහෙම වුණත් අදටත් අපි ඒ පැතිවල සංචාරය කරන කොට "යමක් ඉතුරු වෙලා" තියෙනවා. ඒ මහා බුදු පිළිම, මහා දාගැබ් වලින් ඒ කාලේ ප්‍රෞඪත්වය, ශ්‍රී විභූතිය, තාක්ෂණය වගේ දේවල් ගැන අදහසක් ගන්න පුලුවන්. ඒත් කෝට්ටේ පුරවරයේ අපිට නම් කරන්න පුලුවන් තරමේ එක දැවැන්ත ඉදි කිරීමක්වත් දකින්න නෑ. දැනට ශේෂ වෙලා තියෙන නටබුන් වුණත් කුඩා පරිමාණයේ ඒවා.
සාහිත්‍ය මූලාශ්රවල තියෙනවා තුන්මහල් දළදා මාළිගාවක් ගැන. ඒ වගේම පස්මහල් රජ මාළිගාවක් ගැන. ඒ කියන්නේ කෝට්ටේ යුගයෙත් දැවැන්ත ඉදි කිරීම් තිබිලා තියෙනවා. ඒත් රජරට ශේෂ වෙලා තියෙන ඉදිකිරීම් වගේ, කෝට්ටේ ඉදිකිරීම් ශේෂ වෙන්නේ නැතුව විනාශ වෙලා ගියේ ඇයි? මේකට සෙනරත් පරණවිතාන ශූරීන් තර්කයක් ගොඩ නගනවා "කෝට්ටේ යුගය වෙනකොට පාෂාණ වලින් කරන ගෘහ නිර්මාණ අවම වෙලා, බොහෝමයක් ගෘහ නිර්මාණ කටයුතු දැව වලින් කළා" කියලා. ගඩොල් කැටයක්, කළු ගලක් ගින්නට අහු වුණා කියලා 100%ක් විනාශ වෙන්නෙ නෑ. ඒත් ලීයක් ගින්නකට අහු වුණාම මුළුමනින්ම විනාශ වෙනවා. මොනවත් ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා කෝට්ටේ යුගයේ ගෘහනිර්මාණ වලට ගඩොල් සහ ගල් වලට වඩා දැව යොදා ගන්න ඇති කියලා මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා.

ඒ වගේම පෘතුගීසී හමුදාව කෝට්ටේ වෙහෙර විහාර, රජ මාළිගා කඩලා දාලා ඒවා හදන්න පාවිච්චි කරලා තිබුණු ගඩොල්, කළු ගල් වගේ දේවල් පෘතුගීසීන්ගේ දේවස්ථාන සහ කාර්යාල හදන්න නගරයෙන් පිටට අරගෙන ගියාලු. ගඩොල් සහ පාෂාණමය නටබුන් නැති වෙන්න මේ හේතුවත් බලපාලා තියෙනවා. බොරලැස්ගමුව පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයේ ශෛලමය සෙල්ලිපිය 1900 මුල් ගණන්වල හොයා ගන්නේ, දෙහිවල මුහුදු වෙරළ ආසන්නයේ තිබිලා. අද වෙනකොට අපේ ගමේ ඉතුරු වෙලා තියෙන ඓතිහාසික ස්ථාන අතරින් පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයේ ගිනිගෙන දැවුණු ඉපැරණි ගල් කණු රාශියක්ම ශේෂ වෙලා තියෙනවා. මේ හැර බෙල්ලන්විල රජමහා විහාරය, පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන, පිල්ලෑවේ බෝධිය වගේ පූජා භූමිවල කිසිම ඉපැරණි ඉදි කිරීමක් ශේෂ වෙලා නෑ.
පෘතුගීසීන්ගේ මේ ක්‍රියා පිළිවෙත නිසා කෝට්ටේ පුරවරය ජන ශූන්‍ය කලාපයක් බවට පත් වෙලා, මහා ඝන වනාන්තරයකින් වැහිලා යනවා. මේ මහා ඝන වනාන්තරය ගැන බෙල්ලන්විල බෝධිය නැවත සොයා ගැනීමේ කතාවේ හොදට සදහන් කරලා තියෙනවා. බොරලැස්ගමුවේ අද වෙනකොට රජමහා විහාර 5ක් තිබුණට පැරණි රජ කාලයේ විශාල ප්‍රමාණයක් තියෙන්න ඇති. බොරලැස්ගමුවේ මායිමේ ඉදලා ටික ටික ඈතට යන්න යන්න අපිට කෝට්ටේ යුගයට අයත් ඓතිහාසික විහාරස්ථාන දකින්න ලැබෙනවා. මේවා අතරින් නාවින්න රජමහා විහාරයෙන් ඉපැරණි උළු වගයක් හොයාගෙන තියෙනවා. විජේරාම මංසන්ධියේ විජයාරාම රජමහා විහාරය වටේට පිළිස්සුනු ගල් කණුත්, කිරුලපන බලපොකුණ රජමහා විහාරයේ ඉපැරණි පොකුණ සහ උමං මාර්ගය පිහිට ගලත් දැක ගන්න හැකියාව තියෙනවා. කෝට්ටේ රජමහා විහාරයේ ඓතිහාසික සාධක බොහෝ දුරට ආරක්ෂා වෙලා තියෙනවා. කළුබෝවිල සත්බෝධි රජමහා විහාරයේ නම් ඓතිහාසික සාධක කිසිවක් නෑ.

බොරලැස්ගමුවෙන් පිටත ශේෂ වෙලා තියෙන කෝට්ටේ නටබුන් ගැන කතා කළොත් කෝට්ටේ කොටු බැම්ම, ඇතුළු දිය අගල, පිට දිය අගල, අලකේශ්වර සොහොන, වෙහෙරගල චෛත්‍යයන්, කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල භූමියේ ඇති ශේෂ වුණු උමගක කොටස් ගැන මතක් කරන්න පුලුවන්. මේවා ගැන අපේ "ගවේෂණ" ලිපි මාලාවේ වඩාත් විස්තර ඇතුව සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙත්, කෝට්ටේ යුගයට අයිති ඉපැරණි පුරාවස්තු ප්‍රදර්ශනයට තියලා තියෙනවා දකින්න පුලුවන්.
පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය