තරසර ඇසතු රුක දෙස විදු ඇසින්
අවුරුදු දහස් ගාණකට කලින් ඉන්දියාවේ තරුණ, කඩවසම්, දේහධාරී කුමාරයෙක් හිටියා. හොද රූප සම්පත්තියක් වගේම හොද පෞර්ෂයකුත් තිබුණා. මේ කුමාරයාට ඉස්සර ශිල්ප ශාස්ත්‍රය ඉගැන්නුවේ 'දිසාපාමොක් ඇදුරුතුමා'. දවසක් කුමාරයට දිසාපාමොක් ඇදුරුතුමාව බලන්න යන්න ආසාවක් ඇති වුණා. ඒ නිසා කුමාරයා ඇදුරුතුමා බලන්න යන්න පිටත් වුණා. ඇදුරුතුමාගේ ගෙදර තිබුණෙ හුගාක් ඈත නිසා දවස් ගණනාවක් කුමාරයාට පයින් ඇවිදින්න වුණා. ගමනාන්තයට ළං වෙන කොට මේ කුමාරයා ගොඩාක් කෙට්ටු වෙලා. මුළු ශරීරයම කෘශ වෙනවා. කුමාරයා හොදටම දුර්වල වෙලා. කුමාරයාව දැකපු දිසාපාමොක් ඇදුරුතුමාට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. හොද පෙනුමට හිටපු කුමාරයාට වෙලා තියෙන දේ දැකලා දිසාපාමොක් ඇදුරුතුමාට ගොඩාක් පුදුම හිතුනා. ඊට පස්සෙ දිසාපාමොක් ඇදුරුතුමා කුමාරයාගෙන් ගමන එන අතර තුරදී වෙච්ච දේවල් ගැන එකක් නෑර ප්‍රශ්න කළා. ඒ කුමාරයාගේ
වෙනස් වීමට හේතුව හොයා ගන්න. මෙහෙම කරුණු අහගෙන අහගෙන යන කොට කුමාරයාගෙන් දැන ගන්න ලැබුණු එක කාරණාවක් ගැන ඇදුරුතුමා විශේෂ අවධානය යොමු කරනවා. කුමාරයා දවස් ගාණනාවක දුරක් ගෙවාගෙන එන කොට ගමන් මහන්සිය නිවා ගන්න, දීවා රාත්‍රියට නතර වෙලා තියෙන්නෙ විශාල සියඹලා ගස් ගොඩක් යට. අන්තිමේදී ඇදුරුතුමා තීරණය කරනවා කුමාරයාගේ ශරීරය කෘශ වෙලා තියෙන්නෙ මේ සියඹලා ගස් නිසා කියලා.
සියඹලා ගස් වලට ලොකු ආකර්ශන බලයක් තියෙනවා. ඒ ආකර්ශන බලය නිසා සියඹලා ගස් යට හුග වෙලාවක් ඉන්න කොට අපේ ඇගේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී ශක්ති පදාර්ථ ගසට උරා ගන්නවා. |
ඉස්සර ගම්බද පලාත්වල සැරට විදුලි කොටන වෙලාවල් වලට ගමේ කොනක, උස තැනක් බලලා ලොකු සියඹලා අත්තක් එල්ලනවා. ඒ නිසා ගමේ සමහරක් තැන් වලට වදින්න තියෙන අකුණු, ඒ ඒ තැන් වලට වදින්නෙ නැතුව ගිහින් අර සියඹලා අත්තට වැදිලා පොළොවට උරා ගන්නවා. හරියට අකුණු සන්නායකයක් වගේ. ඒ තරමට ආකර්ශන බලයක් සියඹලා ගසට තියෙනවා. හැබැයි මේ කියන්න යන්නෙ සියඹලා ගස් ගැන නම් නෙවේ. ඊටත් වඩා සිය දහස් ගුණයක ආකර්ශන ශක්තියක් සහ බලයක් තියෙන ගසක් ගැන. ඒ තමයි "ඇසතු ගස". හැමෝම දන්න විදිහට කිව්වොත් "බෝ ගස". බෝ ගස එහෙමත් නැත්නම බෝධි වෘක්ෂය කියලා කියන්නෙ බෞද්ධ අපිට ගොඩාක් විශේෂ වෘක්ෂයක්. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබන්නෙ ඇසතු ගසක් යට. ඒ වගේම විහාරස්ථානවල තියෙන ගොඩක් බෝ ගස්වල ශාසනයට ලැදි, සම්යධෘෂ්ඨික බූමාටු දෙවි දේවතාවුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලත් අපි අහලා තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ බෝ ගසේ තියෙන විද්‍යාත්මක පසුබිම ගැනයි.
අද වෙන කොට කරලා තියෙන පරීක්ෂණ අනුව ලෝකයේ වැඩිම ආකර්ශන බලයක් තියෙන ගස විදිහට හදුනාගෙන තියෙන්නෙ ඇසතු ගස. ඒ නිසා අකුණු ගහන වෙලාවක බෝ ගස් යට ඉන්න එක ගොඩාක් භයානකයි. අපි මව් කුසින් බිහි වුණු දවසේ ඉදලා සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහ පිහිටීම අනුව අදෘෂ්‍යමාන කිරණ වගයක් අපි ළගට ගලා ගෙන එනවා. ග්‍රහ ලෝකවල ගමන් මාර්ගය හෙවත් පිහිටීම වෙනස් වුණාම, ඒ ඒ පිහිටීම අනුව ,ඒ කිරණ වල ස්වභාවයත් වෙනස් වෙනවා. එහෙම වුණොත් සමහරක් වෙලාවට ඒ කිරණවල ස්වභාවයත් ටිකක් අහිතකර විදිහට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙනස් වෙන කොට අපි ඒකට "අපල" කියලා වචනයක් භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා.
ඒ වගේ වෙලාවකදි ගොඩක් බෞද්ධයෝ බෝධි පූජා සිද්ධ කරනවා. බෝධිය නාවනවා. බෝ ගස ළග ඉදගෙන පිරිත් කියනවා. කොඩි එල්ලනවා. බෝ මළුව අමදිනවා. භාවනා කරනවා. අධිෂ්ඨාන සහ ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අපි මේ හැම දෙයක්ම කරන්නේ බෝ ගස යට ඉදන්. එතකොට අපිව හොයා ගෙන එන අර අහිතකර කිරණ ඔක්කොම බෝධින් වහන්සේ විසින් අපේ ශරීරය ඇතුළට යන්න නොදී, බෝධිය ඇතුළට ඇද ගන්නවා. ඒ අර බෝධියේ ආකර්ශනීය බලය නිසා. ඒ හරහා අපේ ශරීරයට අහිතකර කිරණ වලට ඇතුල් වෙන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා. ඒකෙන් අපේ අපල උපද්‍රව ටික මග ඇරෙනවා. ගොඩක් දෛවඥයෝ අපල උපද්‍රව තියෙන අයට බෝධි පූජා කරන්න දින නියම කරන්නෙ අන්න ඒ නිසයි. කේන්දර සටහනට අනුව අපල තියෙන, එහෙමත් නැත්නම් අදෘෂ්‍යමාන අහිතකර කිරණ එන දිනයයි වේලාවයි බලලා, ඒ දිනයේ ඒ වෙලාවට බෝධි පූජාව සිද්ධ කරන්න කියලා කියනවා...!!!!!!!!!