අමතක වුණු පාඩම
ඒ කාලේ ඉරිදා දවස්වල දවල් 12.00ට විතර සිරසෙන් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපට විකාශය කළා. 2009 අවුරුද්දේ එක ඉරිදා දවසක මේල් ගිබ්සන් රගපාන The Patriot චිත්‍රපටය පෙන්නුවා. ඒ තමයි 17, 18 සියවස්වල යුද්ධ සම්බන්ධව නිර්මාණය වුණු චිත්‍රපට අතරින් මම බලපු පළවෙනි සහ හොදම චිත්‍රපටය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යත් එක්ක ඇමරිකානු වැසියන් කරපු යුද්ධය ගැන තමයි මේ කතාවේ තියෙන්නේ. කතාවේ ගොඩක්ම මුල් තැන දීලා තියෙන්නේ බ්‍රිතාන්‍යන්ට එරෙහිව යුද්ධයට දායකත්වය ලබා දුන්නු සිවිල් හමුදාවටයි. ඉතින් මේ කතාව බලනකොට ලොකු ආසාවක් ඇති වුණා ඒ යුගය ගැන. ඇදුම් පැළදුම් ගැන, අවි සහ ආයුධ ගැන, අවිවලින් නිකුත් වෙන ශබ්ද ගැන, ප්‍රවාහන සේවාවන් ගැන, පරිසරය ගැන, යුධ සැලසුම් ගැන, යුධ නීති රීති ගැන.... ඔය ආදී වශයෙන්.
ඉතින් එදා ඉදලා ඒ කාලේ ගැන පලවෙන ලිපි, වීඩියෝ, පින්තූර එහෙම ගොඩාක් ආසාවෙන් බැලුවා. ඔහොම ඉන්න අතරේ මට ඒ හා සමාන Game එකක් හම්බුනා. මේකෙ නම තමයි Empire Total War. 2000 ඉදලා SEGA එකෙන් Publish කරන්න ගත්තා TOTAL WAR GAME SERIES එකක්. මේ Series එක යුද්ධ සහ දේශපාලනික තත්වයන් අතින් ලෝක ඉතිහාසයේ ස්වර්ණමය සහ ප්‍රධානතම සංධිස්ථාන අල්ලලා නිර්මාණය කරන එකක්. Empire Total War එක සමන්විත වෙන්නේ 18 වෙනි සියවසේ වුණු යුධමය වාතාවරණය ගැනයි. 2009 අවුරුද්දේ නිර්මාණය වුණු හොදම පරිගණක ක්‍රීඩා අතරට එකතුවෙන මේ Game එක, 2009 අවුරුද්දේ නිර්මාණය වුණු හොදම Strategy Game එක විදිහටත් තේරී පත් වෙලා තියෙනවා.
මේවා නිර්මාණය කරලා තියෙන්නේ 100%ක්ම ඒ ඒ කාල වකවානු ගැන පුළුල් අධ්‍යනයක් කරලා. ඒ නිසා Graphic සහ Sound Quality ගොඩක් ඉස්තරම්. ඒ වගේම හරිම සජීවීයි. ගොඩක් ඒවායේ තියෙනවා වගේ සේනාංකවල ඉන්න මිනිස්සුන්ට එකම මූණු සහ පණදීම් කරලා නෑ. නිළතල අනුව එයාලගෙ ඇදුම් වෙනස් වෙනවා. එයාලගෙ අංග චලනයන් වෙනස්. උදාහරණයක් විදිහට සේනාංකයක් ගත්තොත්, ඒ සේනාංකයේ ඉන්න එක සෙබලෙක් වටපිට බල බලා ඉන්නකොට, තව සෙබලෙක් කහිනවා. තව සෙබලෙක් ඔළුව කහනවා. තව සෙබලෙක් තුවක්කුව වනනවා. තව සෙබලෙක් සූදානම් ශරීරයෙන් ඉන්නවා. ඔන්න ඔය විදිහයි. ඒ වගේම ඈත ඉදලා කොච්චර Zoom කළත්, රූප බොද වෙන්නෙත් නෑ. ඒ වගේම තුවක්කුකාරයින්ට තියෙන්නේ සීමා සහිත උණ්ඩ ප්‍රමාණයක්. අනිත් ඒවායේ වගේ සීම රහිත උණ්ඩ ප්‍රමාණ නෑ. ඒ විතරක් නෙවේ, ඒ වෙඩි බෙහෙත් ටික තුවක්කු කටට දාලා කොටන්න යන කාලය, ඇත්තට කොටන්න යන කාලයට ටිකක් සමානයි. හැම සේනාංකයකම අණදෙන නිළධාරියෙක්, කොඩිකරුවෙක්, බෙර වාදකයෙක් සහ නළා පිඹින්නෙක් අනිවාර්යෙන්ම ඉන්නවා. පහළින් තියෙන්නේ මේ Game එකේ Gameplay Video එකක්.
මේකෙ ඒ කාලෙ වෙනකොට ගොඩක්ම බලවත් වුණු රටවල් 12ක් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤ, ස්වීඩනය, ඔස්ට්‍රියාව, පර්සියාව, රුසියාව, පෝලන්තය, ඔටෝමන් අධිරාජ්‍ය සහ ඉන්දියාව තමයි ඒ රටවල්. රටවල් පොඩ්ඩක් තිබ්බට ජන වර්ග නම් දහස් ගණනක් ඉන්නවා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ රතු ඉන්දියානුවන්ව ගන්න පුලුවන්. ඉතින් මුලින්ම මේකෙ අපි කැමති රටක් තෝරගන්න ඕන. එතකොට ඒ රටට අදාල සිතියම දිග ඇරෙනවා. ඉතින් මම තෝර ගත්තේ ඉන්දියාව. මොකද ඉන්දියාවයි අපේ රටයි අතරේ ලොකු සමානතාවයක් තියෙනවා. ඉන්දියාවෙ වගේම ඒ කාලේ අපේ රටෙත් තුවක්කු නිෂ්පාදනය වුණා. ඉන්දියාවේ වගේම අපේ රටෙත් යුද්ධ වලට අලි ඇතුන්ව යොදා ගත්තා. ඉන්දියාවේ මිනිස්සුන්ගෙ සහ අපේ රටේ මිනිස්සුන්ගේ හැඩරුව එක සමානයි. ඒ වගේම ඇදුම් පැලදුම් එක සමානයි. ඉන්දියාව වගේම අපේ රටත් බටහිර රටවල් එක්ක යුද්ධ කළා. ඉතින් ඉන්දියාව තෝර ගත්තම, ඉන්දියාවේ සිතියම දිග ඇරුනා. අපි තමයි ඉන්දියාවේ මරාථා අධිරාජ්‍ය. අධිරාජ්යක් කිව්වට මේ අධිරාජ්‍ය හැදිලා තියෙන්නේ පොඩි පොඩි රාජ්‍යන් කිහිපයක් එකතු වෙලා.
මරාථා, අධිරාජ්යක් විදිහට නිර්මාණය වෙන්නේ ඒ කාලේ ඉන්දියාවේ හිටපු මෝගල් අධිරාජ්‍යයේ තිබුණු අක්‍රමවත් පාලන ප්‍රතිපත්ති නිසා. ශිවාජි රජතුමා තමයි මේ අධිරාජ්‍යයේ ආරම්භක පාලකයා විදිහට සැළකෙන්නේ. හින්දු අධිරාජ්යක් වුණු මේ අධිරාජ්‍ය හැමතිස්සෙම, මෝගල් කියන මුස්ලිම් අධිරාජ්‍යත් එක්ක යුද්ධ කළා. ආයුධ සහ පිරිස් බලයෙන් සන්නද්ධ වෙලා හිටපු නිසා මරාථාවන්ට පුලුවන් වෙනවා මෝගල්ලාව විනාශ කරලා දාන්න. මෝගල්ලාගෙන් බලය ලබා ගන්න මරාථා අධිරාජ්‍ය 1818, ඉන්දියාව බ්‍රිතාන්‍යට යටත් වෙනකන්ම දේශපාලනය හොඹවනවා. මේ අධිරාජ්‍යයේ බලය, සමස්ථ ඉන්දියාවෙන්ම 3/4ක ප්‍රදේශයකට පැතිරිලා ගිහින් තියෙනවා. සම්ප්‍රදායට, සංස්කෘතියට, ආගම දහමට ගරු කරපු පිරිසක් විදිහට මරාථාවන් ප්‍රසිද්ධියක් උසුලලා තියෙනවා.

මේකෙ ඉන්දියාවේ සිතියම ගත්තොත් පහළ තියෙන පින්තූරේ පෙන්නන විදිහට තමයි බලය බෙදිලා ගිහින් තියෙන්නේ. ලා කොළ පාටට තියෙන්නේ මරාථා අධිරාජ්‍යයේ බල ප්‍රදේශ. තැඹිලි පාටට තියෙන්නේ ලන්දේසීන් අල්ල ගත්ත ප්‍රදේශයක් (මන:කල්පිත). රෝස පාටට තියෙන්නෙ මයිසූර් රාජ්‍යයේ බල ප්‍රදේශය. අනිත් ඔක්කොම (තද කොළ) අල්ලගෙන ඉන්නෙ මෝගල් අධිරාජ්‍ය. මේ Game එකේ අරමුණ තමයි මුළු ලෝකයේ තියෙන ඔක්කොම රටවල් (රටවල් 15ක් විතර) යටත් කර ගන්න එක. ඒත් ඉතින් ලෝකෙම අල්ලගන්න කලින් තමන්ගෙ රටේ බලය අල්ලගෙන ඉන්න එපැයි. ඉතින් මේ යුද්ධයේ පළවෙනි පියවර තමයි සමස්ථ ඉන්දියාවේම මරාථා අධිරාජ්‍යයේ බලය පිහිටුවන එක. පහළ තියෙන වීඩියෝවෙන් පෙන්නන්නේ Game එකේදි දිග ඇරෙන ඉන්දියාවේ සිතියම. අපි මේකෙ කටයුතු කරන්නේ මරාථා අධිරාජ්‍යයේ පාලකයා විදිහටයි. මේ සිතියම දිග ඇරලා තමයි අපි දේශපාලනික තීන්දු සහ තීරණ ගන්නේ. අපි ගන්න හැම තීන්දුවක්ම, අධිරාජ්‍යයේ අනාගතයට ලොකු බලපෑමක් එක් කරනවා. අවස්ථාව අනුව හරි තීරණයක් ගත්තොත්, ඒක අධිරාජ්‍යයේ පැවැත්මට සහ ව්‍යාප්තියට හේතු වෙනවා. වැරදි තීරණයක් ගත්තොත්, ඒක අධිරාජ්‍යයේ පරිහානියට සහ විනාශයට හේතු වෙනවා. ඉතින් මෙතනදි අපි කටයුතු කරන්න ඕන ගොඩක් හිතලා බලලා.
අපිට පුලුවන් අසල්වැසි රාජ්‍යන් එක්ක සාම ගිවිසුම් අත්සන් කරන්න. එහෙම සාම ගිවිසුමකට කැමති කරවගන්න නම් ඒක කරන්න ඕන යම්කිසි පරිත්‍යාග කිරීමකින්. තමන්ගේ අධිරාජ්‍යයේ කොටසක් පවරන්න පුලුවන්. නැත්නම් වටිනා යමක් (රන්,රිදී,මුතු,මැණික්,භව බෝග) තෑගි කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් මිළ මුදල් දෙන්න පුලුවන්. ඒ අනුව තමයි සාම ගිවිසුම් අත්සන් කරන්නේ. එහෙම අත්සන් කළාම අපිට ඒ ඒ රාජ්‍යන්වලට පිවිසෙන්න වගේම, ඒ ඒ රාජ්‍යන් හරහා ගමන් කරන්නත් අවසර ලැබෙනවා. ඒත් හැම රාජ්‍යක්ම සාම ගිවිසුම්වලට එලඹෙන්න කැමති නෑ. මිත්‍ර රාජ්‍යකට යුධ ප්‍රකාශ කළොත්, ඒ මොහොතේ ඉදලා එයාලත් එක්ක තියෙන ආර්ථික, දේශපාලනික, සාමාජීය සබදතා ඔක්කොම අහෝසි වෙනවා. වෙළද ගිවිසුම් හරහාත්, සාම ගිවිසුම්වලට එලඹෙන්න පුලුවන්. එතනදි අපේ රාජ්‍යයේ ආර්ථිකයෙන් % ප්‍රමාණයක්, මාසිකව ඒ රාජ්‍යට දෙන්න ඕන. ඒ හොදින් ආරාධනා කළොත්. නැත්නම් තර්ජනාත්මකවත් මේක කරන්න පුලුවන්. හැබැයි එහෙම කළොත්, ඒක හුගක් වෙලාවට කෙලවර වෙන්නේ ලොකු යුද්ධයකින්.
හැම රාජ්‍යකම අනිවාර්ය අංග කිහිපයක් තියෙනවා. කෙත් වතු, හමුදා බලකොටු සහ ගොඩනැගිලි, විශ්වවිද්‍යාල, වරාය (වෙරළබඩ ප්‍රදේශයක් නම්), කදවුරු ආදී වශයෙන්. ඒවට මුදල් දාලා වැඩිදියුණු කරන්න ඕන. එතකොට තමයි ඒවායේ ප්රතිලාභ ලැබෙන්නේ. වරායක් වැඩිදියුණු කළොත් නාවික හමුදාවක් ගොඩනගන්න පුලුවන්. ඒ හරහා ඈත රටවල් එක්ක වුණත් වෙළද ගණුදෙනු කරන්න පුලුවන්. ආර්ථිකය හුවමාරු කරගන්න වගේම තාක්ෂණය හුවමාරු කරගන්නත් පුලුවන්. විශ්වවිද්‍යාල වැඩිදියුණු කළොත් අළුත් අවි ආයුධ නිර්මාණය කරන්න පුලුවන්. බලකොටු සහ ගොඩනැගිලි වැඩි දියුණු කළාම, සතුරු ආක්රමණවලට ඔරොත්තු දෙන විදිහට ඒවා ශක්තිමත් වෙනවා. කදවුරු වැඩිදියුණු කළොත්, ඒවායේ තාවකාලිකව හමුදා සේනාංක රදවලා තියන්න පුලුවන්. කෙත් වතු වැඩිදියුණු කළොත් ඒවායෙන් ආර්ථිකය (මුදල්) වර්ධනය වෙනවා. ඒ වගේම ජනතාවගෙන් බදු අය කරලත්, රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න පුලුවන්. කැමති නම් සාමාන්‍ය, මධ්‍යම පාන්තික සහ ධනපති කියන තුන් වර්ගයට වෙන වෙනම බදු ගහන්නත් පුලුවන්. ඒ වගේම අනිත් පැත්තට, එයාලට සහන සලසන්නත් පුලුවන්. භාණ්ඩ සහ නිෂ්පාදනවල මිළ ගණන් අඩු කරලා එහෙම. හමුදාව තමයි අධිරාජ්‍යයේ පැවැත්මට හේතුවෙන වැදගත්ම සාධකය. හමුදාවට අවශ්‍ය කරන සෙබළු බදවගන්නත් යම්කිසි වියදමක් දරන්න වෙනවා.

මෙතනදි අසල්වැසි සතුරු රාජ්‍යන්වලට හොර රහසේ ඔත්තුකරුවන්ව යවන්නත්, මිනීමරුවන් යවන්නත්, නිදහස් චින්තකයින් යවන්නත් (වෙනත් රාජ්‍යන්වල තියෙන දැනුම එක්රැස් කරන), ආගමික නායකයින් යවන්නත් (වෙනත් ජාතීන්ව හින්දු ආගමට පරිවර්තනය කරන), ඒජන්තවරු යවන්නත් පුලුවන්. මෙහෙයුම් සාර්ථක වුණොත් විතරයි එයාලා පණ පිටින් එන්නේ. රාජ්‍යයේ සංවර්ධන ක්‍රියාවලිය සිද්ධ වෙන්න යම්කිසි කාලයක් යනවා (එක වාරයක් = විනාඩි 20ක් වගේ).
හමුදා සේනාංක ගැන කතා කරනවා නම්, සේනාංක ගණනාවක් ඉන්නවා. ඒ සේනාංකවලට පාබල හමුදා, කාලතුවක්කු සේනාංක, ඇත් සේනාව, අසරු සේනාව, ඔටු සේනා අයිති වෙනවා. එයාලා ගැන කියන්න ගියොත් අවුරුද්දක් විතර යයි. ඒ ඒ සේනාංක ගැන දැන ගන්න කැමති අය මෙතනින් ගිහින්, ඉගෙනගෙන එන්න....
http://wiki.totalwar.com/w/Units_in_Empire:_Total_War

"1818 ඉදලම විටින් විට උත්සාහ කළා. ඒත් හරියටම ලබා ගත්තේ 1948දි" කියනවා වගේ, මාත් ඉතින් මේක සෙල්ලම් කරන්න 2009 ඉදලම විටින් විට උත්සාහ කළත්, මේක සෙල්ලම් කරන්න හරියටම අවස්ථාව හම්බුණේ 2014දි. ඒ වෙනකොට උසස් පෙළ ඉවර වෙලත් අවුරුදු දෙකක් ගිහින්. උසස් පෙළ කරන කාලයේදි අපි විෂයක් හැටියට ඉතිහාසය ඉගෙනගත්තා. ඉතිහාසය කියලා කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. ඒ මොකද කියනවා නම් ඉතිහාසයෙන් අපිට ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුලුවන්. ඒ පාඩම්වලින් ලබා ගන්න අත්දැකීම් හරහා අපිට වර්තමානය සහ අනාගතය සාර්ථකව ගොඩනගන්න අනිවාර්යෙන්ම හැකියාවක් ලැබෙනවා. අනිවාර්යෙන්ම හැකියාවක් ලැබෙනවා කියලා මම අදහස් කළේ, ඉතිහාසය නැවත නැවත සිදු වෙන නිසා. අපි මේ පහු කරන හැම තත්පරයක්ම ඉතිහාසයට අයිති වෙනවා. ඉතින් ඉතිහාසයෙන් අපිට ඉගෙනගන්න තියෙන පාඩම් නිසා රෑ වැටුණු වලේ දවල්ට වැටෙන්න තියෙන ඉඩ අවකාශය බොහෝ දුරට අඩුයි. ඉතින් මට හිතුනා අපි ඉතිහාසය ඉගෙන ගන්න කාලයේ අපේ නිමල් සර්, අපිට කියලා දීපු ඉතිහාස පාඩම් උපයෝගී කරගෙන, ඒ අනුව යමින් මුළු ඉන්දියාවේම බලය අත්පත් කර ගන්න.
ඉතිහාසයේ තියෙන විදිහට අශෝක අධිරාජයයි, තිස්ස රජ්ජුරුවොයි නොදුටු මිත්‍රයෝ. මේ දෙන්නා ලියුම් කඩදාසි එහාට මෙහාට යවලා මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තට මොකෝ කවදාවත් දැකලාවත්, කතා කරලවත් නෑ. ඉතින් දවසක් තිස්ස රජ්ජුරුවෝ තමන්ගෙ බෑණා කෙනෙක් වෙන "අරිට්ඨ" ඇමතියා ප්රමුඛ දූත පිරිසක් යවනවා, අශෝක අධිරාජ්‍යයාගේ මාළිගාවට. මේක ඇවිල්ලා රාජ්‍ය තාන්ත්‍රික සබදතාවක්. වංශ කතාවල තියෙන විදිහට නම් තිස්ස රජ්ජුරුවො මේ කණ්ඩායම ඉන්දියාවට පිටත් කළේ දේශපාලනික වශයෙන් රටවල් දෙක අතර තියෙන සම්බන්ධකම, මිත්‍රත්වය පුළුල් කර ගන්න. ඒත් අද ඉතිහාසය විශ්ලේෂණය කරන අය කියන්නෙ නම් මීට වඩා හාත්පසින්ම වෙනස් කතා වගයක්.
01. පහර දීමට පෙර යටත් වීම හෝ
02. තමන් බලවතෙක් යැයි හැගවීමට
අශෝක රජතුමා කියන්නෙ මෞර්ය අධිරාජ්‍යයේ තුන්වෙනි පාලකයා. අශෝකට කලින් හිටපු චන්ද්‍රගුප්ත, බිංදුසාර වගේ රජවරු ඉන්න කාලෙත් ඔය කාලිංගය තිබුණා. ඒත් ඉන්දියාවේ ලොකුම අධිරාජ්‍යය ගොඩ නගපු චන්ද්රගුප්තවත්, බිංදුසාරවත් කාලිංගය ආක්‍රමණය කරන්න ගියේ නෑ. මොකද කාලිංගය කියන්නෙ බොහොම සාමකාමී රාජ්‍යයක්. එයාලා තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවේ ජීවත් වුණා. ඒ නිසා මගධයට ඒ අයගෙන් අංශු මාත්‍රයක් තරම්වත් තර්ජනයක් තිබුණෙ නෑ. ඒත් අශෝක සිංහාසනයට පත් වුණු ගමන් මගධයට යටත් වෙලා නැති, මගධය යටත් කර ගෙන නැති ඔක්කොම රාජ්‍යන් ටිකට ගහන්න ගත්තා. ගහගෙන ගහගෙන ඇවිල්ලා අශෝක නතර වෙන්නෙ කාලිංගයෙන්. ඒ පාර අශෝක කාලිංගයත් ආක්‍රමණය කරනවා. ඒ තමන්ට තිබුණු බල ලෝභීත්වය නිසා. ලෝක ඉතිහාසයේ සිදු කෙරුණු දරුණුම සටන, එහෙමත් නැත්නම් දරුණුම යුද්ධය තමයි අශෝකගේ කාලිංග ආක්‍රමණය. ඒ නිසා තමයි චණ්ඩාශෝක කියලා කියන්න ගත්තෙත්. මගධයේ ආක්‍රමණයෙන් බේරෙන්න කාලිංගයේ සාමාන්‍ය මිනිස්සු හිටන් ආයුධ අතට ගන්නවා. මේ යුද්ධයෙන් ලක්ෂයකටත් වඩා ජීවිත ගාණක් විනාශ වුණා. තවත් ලක්ෂයක් තුවාල ලබන කොට, තවත් දහස් ගණනක් කනවැන්දුම් වුණා. දරුවන්ට දෙමාපියෝ අහිමි වුණා. අශෝක රජ්ජුරුවො හිටන් ලොකු කම්පනයකට පත් වෙනවා. මේ යුද්ධයෙන් විනාශ වෙලා ගිය දේපල සහ ජීවිතවල වටිනාකම තක්සේරු කරන්න තියා හිතන්නවත් බෑ. මුළු ලෝකයක්ම මේකෙන් හෙල්ලුනා.
උඩ තියෙන සිතියමේ පෙන්නලා තියෙන විදිහට අශෝක මුලු උතුරු ඉන්දියාවම යටත් කර ගන්නවා. මේ විදිහේ බල ලෝභීත්වයකින් පෙලෙන අශෝක ලංකාවටත් මේ විදිහට දරුණු ආක්‍රමණයක් එල්ල කරන්න බැරි කමක් නෑ. මොකද රටවල් දෙක අතර අවම දුරත් කිලෝ මීටර් 32යිනෙ. ඒ නිසා මුලු හමුදාවම අපේ රටට එවන්නත් පුලුවන්. ඒ නිසා ඉතිහාසඥයෝ කියන විදිහට අශෝක මෙහාට ගහන්න කලින්, අපේ රට මගධය එක්ක මිත්‍රයි, මගධයට පක්ෂපාති, මගධයට උදව් කරනවා කියලා පෙන්නන්න තමයි ඒ කණ්ඩායම යවන්නෙ. ඒ කියන්නෙ පහර දීමට පෙර යටත් වීමක්. අනිත් මතය ඇවිල්ලා තමනුත් බලවතෙක් කියලා පෙන්නන්න කියන එක. මොකද මුළු රටක් ලෝකයක්ම හොල්ලපු අශෝක වගේ බලවත් පාලකයෙක් එක්ක සම්බන්ධතා පවත්වන එකෙන්, තමනුත් ලොකු බලවතෙක් කියලා අපේ රටේ මිනිස්සුන්ටත් කියන්න පුලුවන්. බලවත් කෙනෙක් එක්ක ඉන්න කොට, සමාජයෙන් එන්න තියෙන තර්ජන ගර්ජන අඩුයි. ඒ වගේම තමන්ටත් නිකන්ම හොද පිළිගැනීමක් ලැබෙනවා.
Game එක අනුව නම් ලන්දේසීන් හරිම දුර්වලයි. එයාලා හරියට ඉන්දියාවට අඩිය තිබ්බා විතරයි වගේ තත්වයක ඉන්නේ. ඒ නිසා මුලින්ම කළේ ලන්දේසීන්ට ගහලා, එයාලගෙ බල ප්‍රදේශ අල්ල ගත්ත එකයි. දැන් අපිට අභියෝගයකට කියලා තියෙන්නේ රාජධානි දෙකයි. එකක් තමයි මෝගල්. අනික මයිසූර්. මයිසූර්ලා බලය අතින් අපි හා සමාන තත්වයකයි හිටියේ. මේ වෙනකොටත් මයිසූර්වරු සහ මෝගල්ලා අතරේ ලොකු යුද්ධයක් යනවා. මොන සාම ගිවිසුමක්වත් අත්සන් කරන්න මෝගල්ලා කැමති නෑ. ඒ නිසා මෙතනදි කළේ මයිසූර් රාජධානියත් එක්ක සාම ගිවිසුමක් අත්සන් කරපු එකයි. ඒත් එක්කම මයිසූර් රාජධානිය අපේ මිත්‍ර රාජධානියක් වෙනවා. මෙතනදි මම අපේක්ෂා කළේ පහර දීමට පෙර යටත් වීමක්. ඒ වගේම "නීතිමා ක්‍රමය" ක්‍රියාත්මක කරන්නත් මේක හොද අවස්ථාවක්. නීතිමා ක්‍රමය ගැන සදහන් වෙන්නේ මහා වංශයේ. නීතිමා ක්‍රමය කියන්නේ යුධ සැලසුමක්. වංසත්තප්පකාසිනියේ නීතිමා ක්‍රමය විස්තර කරලා තියෙන්නේ "තල්පතකින් තල්පතක් සිදින්නාසේ, සතුරාගෙන් සතුරා විනාශ කිරීම".

මේ යුධ උපක්‍රමය ගැන අහන්න ලැබෙන්නේ වළගම්බා රජතුමාගේ කාලයේදි. තමන්ට හිමි වෙන්න ඕන රජකම ලබා ගෙන, සිංහාසනයේ ඉද ගෙන හුස්ම ගන්නවත් වළගම්බා රජ්ජුරුවොන්ට හම්බුනේ නෑ. විශාල අභියෝග දෙකකට එක පාර මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් දෙමළ කුමාරවරු හත් දෙනෙක් විශාල ද්‍රවිඩ හමුදාවක් එක්ක, අපේ රට ආක්‍රමණය කරනවා (සත් ද්‍රවිඩ ආක්‍රමණය). තවත් පැත්තකින් "තීය" කියලා බ්‍රාහ්මණයෙක් රජ්ජුරුවොන්ට විරුද්ධව විශාල කැරැල්ලක් ගෙනි යනවා. මේ අභියෝග ඔක්කොටම එකපාර මුහුණ දෙන්නෙ කොහොමද කියලා හිත හිතා ඉන්න වළගම්බා රජ්ජුරුවන්ට, තීය බ්රාහ්මණයගෙන් පණිවිඩයක් එනවා. "අපි අද අගනුවර වටලලා තමුසෙව ඉවරයක් කරනවා. හෙට උදේ එළිය දකින්න තමුසේ ජීවත් වෙලා ඉන්නෙ නෑ. හෙට ඉදන් ඔය සිංහාසනයේ වාඩි වෙන්නෙ මම. අපෙන් බේරෙන්න පුලුවන් දෙයක් කරපං". මේ පණිවිඩය කියවන වළගම්බා රජ්ජුරුවන්ට ගණ දෙවි නුවණ පහළ වෙනවා. වළගම්බා රජ්ජුරුවො, තීය බ්රාහ්මණයට මෙහෙම පණිවිඩයක් යවනවා.
"අපි එක රටේ මිනිස්සු. මේ වෙලාවෙ ඉන්දියාවෙන් මෙහාට ලොකු ආක්‍රමණයක් එල්ල වෙලා. මේ අලකලංචිය අස්සෙ, එකම රටේ මිනිස්සු වෙච්ච අපි අපි ගහ මරා ගෙන හරියනවද..??? එහෙම නෙවේ. මේ වෙලාවෙ අපි එකතු වෙන්න ඕන. තමුසෙ ගිහින් ද්‍රවිඩයන්ට ගහලා උන්ගෙන් මේ රට බේරගත්තොත්, කිසිම ගේමක් නැතුව මේ රජකම මම නිකන්ම උඹට භාර දෙනවා". වළගම්බාගෙ උගුලට තීය අහු වෙනවා. මේ කියන්නෙ ඇත්තක් කියලා හිතපු තීය බමුණා, ලොකු හමුදාවක් අරන් ගිහින්, දෙමළ හමුදාව එක්ක විශාල යුද්ධයක් කරනවා. දෙපැත්තෙම දහස් ගණනක් මැරෙනවා. තුවාල වෙනවා. අන්තිම මොහොතෙ සටනට නායකත්වය දීපු තීය බ්‍රාහ්මණයත් මැරුම් කනවා. ඒත් එක්කම වළගම්බා රජතුමාට ආපු විශාල අභියෝග දෙකෙන්, එක අභියෝගයක් නිකංම විසදෙනවා.
ඉතින් මම හිතුවත් වගේම මයිසූර් අධිරාජ්‍යයේ පරිහාණිය ටිකෙන් ටික ආරම්භ වෙන්න ගත්තා. මයිසූර් මෝගල් යුද්ධයෙන්, මෝගල්ලටත් සුළුවෙන් හරි හානියක් වුණා. ටික කාලයක් ගියායින් පස්සේ මයිසූර් ගොඩක් දුර්වල වුණා. තවත් බලන් ඉන්න බැරි නිසා මයිසූර්ලා එක්ක තියෙන ගිවිසුම් ඔක්කොම අවලංගු කළා. ඊට පස්සෙ පොඩි ළමයෙකුගෙන් ටොෆියක් උදුරලා ගන්නවා වගේ, මයිසූර්වල බලය අපි අරගත්තා.

දුර්වල චරිතයක් විදිහට මහා වංශයේ හදුන්වලා තිබ්බට, ඇත්තටම කාවණ්තිස්සගේ අරමුණ වුණේ එළාරගෙ පාලනයෙන් අපේ රට මුදවා ගන්න එකයි. ඒ නිසා කාවණ්තිස්ස, එළාර පාලනයෙන් අපේ රට බේරගන්න ක්‍රියා මාර්ග ගොඩක් ගන්නවා. පළවෙනි එක සේනා සංවිධානය කිරීම. හැම පවුලකින්ම එක්කෙනෙක් හමුදාවට බැදෙන්න ඕන කියලා අණක් පනවනවා. හමුදා සාමාජිකයන්ට අවශ්‍යය නායකත්වය සහ පුහුණුව ලබා දෙනවා. මේ හමුදාවට දස මහා යෝධයන්ව එකතු කරනවා. ආයුධ නිෂ්පාදනය කරන්න, හැම ගමකම ආයුධ කම්හල් ස්ථාපිත කරනවා. බඩගින්නෙ යුද්ධ කරන්න බැරි නිසා යුද්ධ කාලවල රටවැසියන්ට සහ හමුදාවට ප්‍රයෝජනයට ගන්න ආහාර රැස් කරනවා. සද්ධාතිස්ස කුමාරයාව යවලා දිගාමඩුල්ලෙ කුඹුරු අස්වද්දනවා. රුහුණෙ ඉදලා අනුරාධපුරයට යන්න තියෙන ගමන් මාර්ගවල හමුදාවට ප්‍රයෝජනයට ගන්න ආහාර ගබඩා ඉදි කරනවා. යුද්ධයට ඕන කරන සැලසුම් නිර්මාණය කරනවා. දේශ සීමා ලකුණු කරලා එළාරගේ බල ව්‍යාප්තිය සීමා කරනවා.
ඒ වගේම එළාර අපේ රට පාලනය කරන කොට දකුණු ඉන්දියාව සහ උතුරු ඉන්දියාව අපේ රට දිහාවට ඇහැ ගහගෙන හිටියා. බැරිවෙලාවත් එළාර එක්ක යුද්ධ කරන කොට, එළාර ඉන්දියාවේ රාජ්‍යන් වලින් උදව් ඉල්ලුවොත්, අනිවාර්යෙන්ම එහෙන් හමුදාව එවනවා එළාරගේ උදව්වට. ඒක නිසා උතුරු සහ දකුණු ඉන්දීය අධිරාජ්‍යන්, එළාර ගැන හොයල බලන්න බැරි තරමට දුර්වල වෙනකන් කාවණ්තිස්ස බලා ගෙන හිටියා. දුටුගැමුණු එළාර එක්ක යුද්ධ කරන කොට, එළාරගෙ උදව්වට ඉන්දියාවෙන් හමුදාවක් එවපු බවක් සදහන් වෙනවා. මේක තමයි සැබෑ පාලකයෙක්ට තියෙන්න ඕනම කරන දේ. "දුර දිග සිතා බැලීමේ හැකියාව". බලන්න කාවණ්තිස්ස කොච්චර දුරට මේක ගැන හිතුවද කියලා. හොදට විචාරපූර්වකව කල්පනා කරලා තමයි පාලන කටයුතු කරලා තියෙන්නෙ. ඒත් එළාර එක්ක යුද්ධ නොකළට අපිට කාවණ්තිස්සගේ කාර්යය සාඵල්‍ය කොහොමටවත් අවතක්සේරු කරන්න බෑ.
දුටුගැමුණු රජ්ජුරුවන්ට තිබ්බෙ මේ ඔක්කොම ටික ක්‍රියාත්මක කරන්න විතරයි. කාවණ්තිස්ස රජ්ජුරුවො තමයි වයර් ඇදලා, පැනල් දාලා Plug එක හයි කරන්නෙ. දුටුගැමුණු රජ්ජුරුවන්ට එච්චරම මහන්සියක් ගන්න ඕන වුණේ නෑ. දුටුගැමුණුට තිබ්බෙ Switch එක දාන්න විතරයි. මොකද ඔක්කොම දේවල් කිසිම අඩු පාඩුවක් නැතුව කාවණ්තිස්ස රජ්ජුරුවො සංවිධානය කරලා තිබුණා.

මයිසූර් මෝගල් යුද්ධය යන කාලයේ මම කළේ අපිට තියෙන බල ප්‍රදේශවලින් උපරිම ප්‍රයෝජන ගත්තු එකයි. වරාය, බලකොටු, කදවුරු, විශ්වවිද්‍යාල එකී මෙකී නොකී අකී සියලුම භෞතික සම්පත් ටික අදියරයෙන් අදියරය දියුණු කළා. වෙළද ගණුදෙනු නිසා ගොඩාක් මුදල් ආවා. රාජ්‍ය භාණ්ඩාගාරය පිරෙන්න ගත්ත නිසා, ඒ මුදල්වලින් බලකොටු සහ කදවුරුවලට අවශ්‍ය කරන හමුදා සෙබළුන්ව බදව ගත්තා. දැන් තමයි මෝගල්ලා දිහාවට හැරෙන්න ඕන කාලය. මේ වෙනකොට මරාථා අධිරාජ්‍යට ප්‍රාන්ත 5ක බලය තිබුණා. ඒත් ඉතිරි ප්‍රාන්ත 14ම බලය තිබ්බේ මෝගල්ලාට. භූගෝලීය පිහිටීම අනුව මෝගල්ලාගෙ බලයෙන් වැඩි හරියක්ම තිබ්බේ ගිරි, වන, ජල දුර්ග සහිත ප්‍රදේශවල. ඒ නිසා මෙයාලට පිහිටීම අතින් ගොඩක් වාසි සහගතයි. මේ වෙලාවේ මට මතක් වුණේ මහා විජයබාහු රජතුමාගෙ සැලැස්ම. මහා විජයබාහු රජතුමාගේ කාලයේ රජරට අල්ලගෙන හිටියේ චෝලයින්. චෝලයින්ගෙන් අපේ රට මුදව ගන්න විජයබාහු රජතුමා දවස් ගණනක් තිස්සේ වෙහෙස මහන්සි වෙලා ලොකු හමුදාවක් හදනවා. ඊට පස්සෙ ලොකු සැලැස්මක් හදනවා. මේක චෝල පාලන ප්‍රදේශ ගැන ලොකු අධ්‍යනයක් කරලා, සූක්ෂමව නිර්මාණය කරපු සැලැස්මක්.
සැලැස්මට අනුව හමුදාව පොළොන්නරුවට යවන්නෙ එක පැත්තකින් නෙවේ. තුන් පැත්තකින්. එක හමුදා කණ්ඩායමක් මහානාගහුල ඉදලා, මාගම හරහා පොළොන්නරුවට යනවා. අනිත් කණ්ඩායම මහානාගහුල ඉදලා, වලවේ ගග තරණය කරලා මහියංගනය හරහා කෙළින්ම පොළොන්නරුවට ඇතුල් වෙනවා. අනිත් කණ්ඩායම පොළොන්නරුවට යන්නෙ අනුරාධපුරය හරහා. අනුරාධපුරයට ඇතුල් වෙනකොට ඒ කණ්ඩායම කොටස් දෙකකට බෙදෙනවා. එක කණ්ඩායමක් එතනින් හැරිලා මහාතිත්ථ වරාය තියෙන තැනට යනවා. එතන තමයි චෝළ හමුදාව ඉන්දියාව එක්ක සම්බන්ධය තියාගෙන ඉන්නෙ. ඒ කියන්නෙ ඉන්දියාවේ චෝළ අධිරාජ්‍යයෙන් එන ඔක්කොම සැපයුම් එන්නෙ එතනට. එතනින් තමයි එව්වා පොළොන්නරුවට ප්‍රවාහනය කරන්නෙ. ඒ කණ්ඩායම එතන ඉන්න චෝළ හමුදාවට නැත්තටම නැති වෙන්න ගහලා, එතන පාලන බලය අරගෙන, ඉන්දියාවෙන් එන නැව් ගැන අවධානයෙන් ඉන්නවා.
අනිත් කණ්ඩායම අනුරාධපුරය හරහා පොළොන්නරුවට ඇතුල් වෙනවා. මහානාගහුල ඉදලා, මහියංගනය හරහා කෙලින්ම යන හමුදාවත් එක්ක තමයි විජයබාහු කුමාරයා යන්නෙ. මෙහෙම ගිහිල්ලා, චෝළයින්ගේ ප්‍රධාන මූලස්ථානයට එක පාරටම ගහන්න ගන්නවා. මූලස්ථානය වට කරලා තියෙන නිසා චෝළයින් මූලස්ථානයේම හිර වෙනවා. මුලදි එළියට ඇවිල්ලා සටන් කළත්, සටනට යන හැමෝම මැරෙන නිසා, කරන්න දෙයක් නැතුව චෝළ හමුදාව බලකොටුවෙ ප්‍රධාන දොර වහනවා. සති 6ක් මේ විදිහට ලොකු චෝළ හමුදාවක්, බලකොටුවක් අස්සෙ හිර වෙලා ඉන්නවා. තියෙන කෑම බීම එහෙම ඔක්කොම ඉවරවෙලා, සොළීන් හොදටම හෙම්බත් වෙනවා. මේක ඉවෙන් වගේ විජයබාහු කුමාරයට දැනෙනවා. ඊට පස්සෙ කණ්ඩායම් තුන එක්කම, බලකොටුවෙ ගේට්ටුවත් කඩා ගෙන ඇතුල් වෙලා ඉන්න ඔක්කොම ටික ඝාතනය කරලා දානවා.

ඔන්න ඉතින් මරාථා අධිරාජ්‍යයෙන්, මෝගල්ලට එරෙහිව පළවෙනි වෙඩි මුර ටික පත්තු කළා. ඒ අනුව මෝගල්ලාගේ ප්‍රාන්ත 4ක් එක දිගටම අපි අල්ල ගත්තා. ඊට පස්සේ මහා විජයබාහු රජතුමාගේ වට කර පහර දීමේ සැලැස්ම ක්‍රියාත්මක කරලා මරාථා අධිරාජ්‍යයෙන්, මෝගල්ලට එරෙහිව එල්ල කරන ප්‍රහාර සිය දහස් ගුණයකින් වැඩි කළා. දැන් අපි ප්‍රාන්ත 9ක බලය ස්ථාපිත කරලා. මෝගල්ලාගේ බලය ප්‍රාන්ත 10කට සීමා වුණා. ඕනෑම දෙයක් අරගන්න එක ලේසි වැඩක්. ඒත් ඒ අරගත්තු දේ රැක ගන්න එක තමයි අමාරුම වැඩේ. ප්‍රාන්ත 9ක් අල්ල ගත්තට මොකද, මෝගල්ලාගේ ඉතිරි ප්‍රාන්ත 10 අල්ල ගන්න ගමන්ම, අල්ල ගත්ත ප්‍රාන්ත 9ත් අපි රැක ගන්න ඕන. මොකද අපි අල්ල ගත්ත පළාත්වලටත් මෝගල් අධිරාජ්‍යයේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ හමුදා සේනාංකවලින් ආක්‍රමණ එල්ල වුණා. සමහරක් වෙලාවල්වලදි අල්ල ගත්ත ප්‍රාන්ත එකක් දෙකක් විතර අපිට නැති වුණා. ඒත් ආයිත් ඒවායේ බලය ස්ථාපිත කරගන්න පුලුවන් වුණා.
අර න්‍යායම මේ විදිහටත් කියන්න පුලුවන්. ඕනම දෙයක් විනාශ කරන්න ලේසියි. ඒත් හදන්න අමාරුයි. මේ නිසාම මෝගල් බලකොටු අල්ලගන්නකොට, වෙන විනාශය පුලුවන් තරම් අඩු කරන්න උත්සාහ ගත්තා. මොකද බලකොටුව අල්ල ගත්තායින් පස්සේ, ඒ ප්‍රාන්තයේ ආරක්ෂාව වෙනුවෙන්, ඒ බලකොටුව අපිටම ආයිත් ගොඩ නගන්න වෙනවා. එහෙම වුණොත් ඒ වෙනුවෙනුත් ලොකු මුදලක් වැයවෙනවා. ඉතින් බලකොටුවලට එල්ල කරන කාලතුවක්කු ප්‍රහාර ඔක්කොම නතර කළා. ඒ නිසා මරාථා හමුදාව මෝගල් බලකොටුවලට ඇතුල් වුණේ ලණු ආධාර කරගෙන, බලකොටුවෙ තාප්පය නැගලා. අරෙහෙම කළොත් කැඩුණු බිදුණු දේවල් හද හදා ඉන්නවා මිසක්, අපිට අලුතෙන් යමක් හදන්න බැරි වෙනවා. මහා විජයබාහු රජතුමා බලයට පත් වුණායින් පස්සේ කළේ, චෝලයින් රජරට විනාශ කරලා තියෙන වැව් සහ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කර කර හිටපු එක. මේ නිසා එතුමාගේ පාලන කාලය තුළ, එතුමාට අලුතින් යමක් නිර්මාණය කරන්න අවස්ථාව හම්බුනේ නැති තරම්.
මෝගල්ලාගේ බලකොටු ගොඩක් විශාලයි. ඒවායේ ආරක්ෂාව හොදට සංවිධානය කරලා තිබ්බා. සාමාන්‍යයෙන් බලකොටුව ඇතුළේ තමයි හමුදා සේනාංක ඉන්නේ. අපිට කැමති ප්‍රමාණයක් බලකොටුවෙන් පිටතට අරන්, ප්‍රාන්තයට අයිති එක එක තැන්වල රදවලා තියන්න පුලුවන්. බලකොටුව ඇතුළෙන් තමයි හමුදාව නිර්මාණය වෙන්නෙ. ඉතින් ලොකූ බලකොටුවකට ප්‍රහාරයක් දියත් කළොත්, ඒකෙන් අවාසිය වෙන්නෙත් අපිටමයි. මොකද එක ප්‍රාන්තයක බලකොටුවක ඉදලා, අනිත් ප්‍රාන්තයේ බලකොටුවට සෑහෙන දුරක් තියෙනවා. ඒ නිසා මරාථා සේනාංකවලට සෑහෙන දුරක් ඇවිදගෙන යන්න ඕන. 1000ක හමුදාවක් පිටත් වුණොත්, ගමනාන්තය වෙනකොට ඉතුරු වෙන්නේ 100ක් 200ක් වගේ ප්‍රමාණයක්. මොකද මෝගල් බලකොටුවලින් පිටත රදවලා තියෙන මෝගල් සේනාංකවල ප්‍රහාරවලට මුහුණ දෙන්න වෙනවා. උඩරට ආක්‍රමණය කරන්න ගියපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හමුදාවල්වලට වුණෙත් ඔය වැඩේම තමයි. ඒ නිසා මෝගල්ලාගේ ලොකු බලකොටුවක් තිබුණොත්, අපේ ඉලක්කය වුණේ බලකොටුව වටේට රදවලා ඉන්න තාවකාලික මෝගල් හමුදා එක්ක සටන් කරලා, බලකොටුව වටේට තාවකාලිකව මරාථා සේනාංක ස්ථාපිත කරන්න.
[ පහළ තියෙන්නෙ මගේම වීඩියෝ එකක් ]

බලකොටු වටේ ඉන්න මෝගල් හමුදාවල් විනාශ වෙන්න විනාශ වෙන්න, බලකොටුවෙන් එළියට සේනාංක එවනවා. ඔහොම එවලා එවලා, බලකොටුව ඇතුළේ ඉන්න සේනාංක අඩු වෙලාවක් බලලා, බලකොටුව ඇල්ලීමේ ප්‍රහාරය දියත් කරනවා. බලකොටුවෙන් පිට ඉන්න මෝගල් සේනාංකවලට පහරදීමෙදි වැඩි වාසිය තියෙන්නෙ අපිට. මොකද මෝගල් සේනාංක එන්නේ අපි ඉන්න පැත්තට. ඒ නිසා යුධ සැලසුමක් නිර්මාණය කරන්න අපිට ඕන තරම් කාලය තියෙනවා. මේ වගේ සටන් ඇති වෙන්නේ කදුකර හෝ තැනිතලා භූමිවල. ඉතින් ඒ ඒ භූ විෂමතා අනුව අපි අපේ මරාථා සේනාංක ස්ථාපනය කරනවා. ගොඩක් වෙලාවට මෝගල් හමුදාව ළගට එනකන්ම නොනවත්වා කාල තුවක්කු ප්‍රහාර දියත් කරනවා. ඒ වගේම අසිපත්ධාරීන් හැමෝම පිටිපස්සට දාලා, ඉස්සරහින් අත් තුවක්කු සේනාංක පෙළ ගස්සනවා. ඒ නිසා ප්‍රතිවාදී හමුදා ළගට එනකොට නොනවත්වාම එයාලා වෙඩි තැබීම සිද්ධ කරනවා. සමහරක් ප්‍රදේශවල අතහැරලා දාපු ගොඩනැගිලි තියෙනවා. මේ ගොඩනැගිලි ඇතුළටත් සෙබළුන්ව යවන්න පුලුවන්. ගොඩනැගිලි ඇතුළේ ඉදන් වෙඩි තියනකොට, ගොඩක් වෙලාවට මෝගල් තුවක්කුකරුවන්ට ඉලක්කය ගන්න අමාරුයි.
මේ යුද්ධවලදි අණදෙන නිළධාරියාව ආරක්ෂා කරන්න ඕන. අණදෙන නිළධාරියා ඉන්නේ තවත් අශ්වාරෝහකයින් 20ක් විතර පිරිවරාගෙන. අණදෙන නිළධාරියා වෙනුවෙන්ම අශ්වාරෝහක සේනාංක 2ක් ඉන්නවා. අණදෙන නිළධාරියා මැරෙනවා කියන්නේ, අපේ සේනාංකවල තියෙන උද්යෝගය සහ ධෛර්යය 50%කින් පහළ බහිනවා. හුගක් වෙලාවට ඒක සටන් පරදින්නත් හේතුවක් වෙනවා. ඒ නිසා සටන පටන් ගන්නකොටම කරන්නේ, අණදෙන නිළධාරියා ඇතුළු අශ්වාරෝහක සේනාංක ටිකක් ඈතකට යවන එකයි. නායකයා හිටියොත් රට ආරක්ෂා වෙනවා. රට රැකෙනවා. නායකයා කොහේ හිටියත් නායකයාම තමයි. නායකයා ජීවතුන් අතර හිටියොත්, එයාට පුළුවන් අනාගතයේ කවදා හරි දවසක නැගී සිටින්න. නායකයා නැති වුණොත් මුළු රටම නැති වෙනවා. ඒ නිසා තමයි සතුරු ආක්රමණවලදි දුටුගැමුණු, සද්ධාතිස්ස, වළගම්බා, ධාතුසේන, මහා විජයබාහු, දෙවන පරාක්‍රමබාහු වගේ රජවරුන්ට මිනිස්සු ආරක්ෂාව ලබා දුන්නේ.
දැන් සටන ගොඩක් තීව්රයි. සටනට ලොකු වියදම්. අලුතින් හමුදා සාමාජිකයන් දහස් ගාණන් බදව ගන්න ඕන. බලකොටු ගොඩනගන්න ඕන. ඉතින් මේ ඔක්කොම කරන්න රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් මදි. ඒ නිසා කළේ අනිත් රටවල් එක්ක ගහගෙන හිටපු වෙළද ගිවිසුම් ඔක්කොම අවලංගු කරපු එකයි. ඒකෙන් අඩු ගාණෙ අපේ රාජ්‍යයේ සල්ලිවත් ඉතුරු වෙනවනේ. ඒත් මදි. ඊට පස්සේ ඉතින් රටවැසියන්ගෙන් බදු අය කරන්න ගත්තා. හමුදා සේනාංක ඉස්සරහට යන්න යන්න, අලුත් මෝගල් ප්‍රාන්ත අල්ලගන්න ගන්න, මිනිසුන්ගෙන් අය කරන බදු ප්‍රමාණය චුට්ට චුට්ට වැඩි කළා.

ඒත් මදි. අන්තිමේදි දුප්පත්ම මිනිහගෙ ඉදලා, අධිරාජ්‍යයේ ඉන්න මහා ධනපතියා වෙනකන්ම අය කරන බදුවල ප්‍රමාණය උපරිමම උපරිම කළා. ඒ කියන්නේ කලින් අය කළා වගේ දහ ගුණයක් විතර. ඒකෙන් වුණේ අතුරු සිදුරු නැතුව මහා භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා ගියපු එකයි. ඒකෙන් සේනාංකවලට සෙබළු දහස් ගණන් අරගත්තා. මේ අතරේ රටවැසියන්ගේ ආයාචනාත් එන්න ගත්තා. එයාලා කිව්වේ බදු මුදල් අඩු කරන්න කියලා. ඒත් මේ වෙලාවේ බදු අඩු කළොත්, අපිට යුද්ධය දිනන්න බැරුව යනවා. කලින් හදපු යුධ සැලසුම් සහ ඉගෙන ගත්ත ඉතිහාස පාඩම් අනුව අන්තිමේදි මෝගල්ලාගේ බලය ප්‍රාන්ත 2කට සීමා වෙනවා. අනිත් ඔක්කොම තිබුණේ මරාථාවන් යටතේ.
මේ වෙනකොට මරාථා අධිරාජ්‍යයටත් ගොඩාක් හානි සිද්ධ වෙලා. හමුදාව ඉතුරු වෙලා හිටියේ 20%ක් වගේ ගාණක්. කාලතුවක්කු එකක්වත් ඉතුරු වෙලා තිබුණෙ නෑ. හමුදාවට බදවගත්ත අශ්වාරෝහකයින්, ඇත්ගොව්වො ඔක්කොම යුද්ධෙදි මැරිලා. මේ වෙනකොටත් බදු ගෙවන රටවැසියන්ගේ ප්‍රමාණය එන්න එන්නම අඩු වුණා. ගොඩක් අය බදු ගෙවන එක ප්‍රතික්ෂේප කළා. මේ අඩුව පුරවන්න තාක්ෂණ සහ පර්යේෂණවලට, සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කටයුතුවලට වෙන් කරන මුදල් ඔක්කොම, හමුදා සෙබළුන්ව බදවා ගැනීමට වෙන් කළා. එහෙම කරලා ආයිත් හමුදාවක් ගොඩනගලා, මෝගල්ලා එක්ක යුද්ධ කරලා, එයාලව විනාශ කරලා, සමස්ථ ඉන්දියාවේම බලය අරගන්න පුලුවන් වුණා.

මෝගල්ලාව පරාජයට පත් කරලා හුස්ම ගන්නවත් හම්බුනේ නෑ, මෙන්න පංජාබ්වලින් අපිට ප්‍රහාරයක් එල්ල වුණා. සීක්ලා වෙනම එකතුවෙලා අපිට ගහලා, එක ප්‍රාන්තයක බලය අයිති කර ගත්තා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ, පොරොවෙන් ගහලා කඩන්න ඕන නෑනෙ. ඒ නිසා ඉතුරුවෙලා ඉන්න ඔක්කොම මරාථා සේනාංක දාලා, යුද්ධ කරලා, ආයිත් මුළු ඉන්දියාවේම බලය ස්ථාපිත කළා. මේ වෙනකොට 5%ක් වගේ හමුදා බලයක් තමයි අපිට ඉතුරු වෙලා තිබ්බේ.
සීක්ලාව පරාජය කරලා හුස්ම ගන්නවත් හම්බුනේ නෑ. රට පුරාම කැරලි කෝලහාල මතු වුණා. සාමාන්‍ය රටවැසියෝ මරාථා රජයට විරුද්ධව කැරලි ගැහුවා. අන්තිමේදි මේ කැරැල්ල, අරගලයක් දක්වාත්.... අරගලය, යුද්ධයක් දක්වාත් වර්ධනය වුණා. මේ නිසා මරාථාව යටතේ තිබ්බ ඔක්කොම ප්‍රාන්ත සහ බලකොටු, එකින් එක වැටෙන්න ගත්තා. මේ වෙනකොටත් මහා භාණ්ඩාගාරය හිස්. අලුතින් හමුදා සෙබළු අරගන්න සල්ලි නෑ. සංවර්ධන කටයුතු නතර කරපු නිසා, ආයෝජන එන්නෙත් නෑ. දැන් මරාථාව ඉන්නෙ අන්ත අසරණ තත්වයක. මේ නිසාම ඉතුරු වෙලා ඉන්න 5%ක හමුදාව යොදලා, කැරලිකරුවන්ට එරෙහිව සටනක් ආරම්භ කළා. කැරලිකරුවන්ගෙන් බොහොම සුළුතරයකට විතරයි තුවක්කු තිබුණෙ. අනිත් හැමෝටම තිබුණේ රේක්ක සහ මන්න. ඒත් අපේ හැමෝටම තුවක්කු තිබිලත්, අපේ මුළු මරාථා හමුදාවම ඝාතනය වෙනවා. ඒත් එක්කම මරාථා අධිරාජ්‍ය ඉන්දියාවෙන් අතු ගෑවෙනවා. ඒ කියන්නේ Game Over වෙනවා.

සෑහෙන කාලයක් ඉන්දියාවේ ප්‍රබල අධිරාජ්යක් විදිහට තිබ්බ මෝගල් අධිරාජ්‍ය පරාජය කරපු මරාථා අධිරාජ්‍ය, අන්තිමේදි අධිරාජ්‍යයේම සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රහාරයකට ලක්වෙලා විනාශ වෙනවා. ඉතිහාසයෙන් ඉගෙනගත්ත පාඩම් අනුව යුධ සැලසුම් හදලා, ඒ විදිහට දේශපාලනික තීන්දු තීරණ ගත්තට....අමතක වෙලා ගියපු එකම එක පාඩමක් නිසා, ලොකු විනාශයකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි ආර්ථිකය සහ යුද්ධය සමබරව අරගෙන නොගිය එක. ආර්ථිකයට වඩා යුද්ධය ලොකු වුණා. ඒ වගේම යුද්ධය යන අතරේ ආර්ථික කටයුතු නතර කළා.
මේකට හොදම උදාහරණය තමයි සීතාවක පරිහාණිය. සීතාවක රාජ්‍යය ආරම්භ කෙරුණු දවසෙ ඉදලම යුද්ධවලට මුල් තැන දීපු රාජ්‍යයක්. මේ නිසා සෙබළුන්ට, අලි ඇතුන්ට, අශ්වයන්ට, සෙබළුන්ගේ පවුල්වලට, සෞඛ්‍ය සහ ප්‍රථමාධාර පහසුකම්වලට, අවි ආයුධ නිෂ්පාදනයට, ආහාරපාන වලට හිතා ගන්නවත් බැරි වියදමක් දරන්න වුණා. මේ රාජධානියෙන් කරපු කොළඹ කොටුව වැටලීමේ මෙහෙයුමට මාස 22ක් ගත වුණා. ඒ සටනට විතරක් සාමාන්‍ය සෙබළුන් 50 000ක්, අත් තුවක්කුකරුවන් 10 000ක්, අලි ඇතුන් 2 200ක්, කාලතුවක්කුකරුවන් 4 000ක් සහභාගි වෙලා තියෙනවා. පෘතුගීසීන් රටක් එක්ක යුද්ධ කරලා ලබපු දරුණුම පරාජය සිද්ධ වුණු මුල්ලේරියා සටන, දියත් කළෙත් සීතාවක රාජධානියෙන්. අන්තිමට මහ නුවරටත් ආක්‍රමණයක් දියත් කරනවා. සීතාවක රාජධානියෙන් තමයි ඒ කාලේ තුවක්කු නිෂ්පාදනය පටන් ගත්තෙත්. අපේ රටෙන් හදපු තුවක්කු තරම් ඉස්තරම් තුවක්කු, පෘතුගීසීන් ළගවත්, ලෝකයේ කිසිම රටකවත් තිබුණෙ නෑ කියලා, සමකාලීන පෘතුගීසි සහ ප්‍රංශ සාහිත්‍ය මූලාශ්රවල සදහන් වෙලා තියෙනවා. යුද්ධෙ දිහාවටම හැරිලා හිටපු නිසා සීතාවක රාජධානියේ අනෙක් ක්ෂේත්‍ර බිද වැටුණා. ආර්ථිකය බිංදුවටම බැස්සා. හම්බවෙන සුළු ආදායමත්, යුද්ධෙට වියදම් කළා. සාමයට ආරක්ෂාවට තර්ජන එල්ල වුණා. දීර්ඝ කාලීන සටන් නිසා මිනිස්සු කළකිරුණා. යුද්ධවලට නායකත්වය සහ ප්‍රමුඛත්වය දීගෙන යුද්ධම කිරීම, සීතාවක පරිහාණියට තදින්ම බලපෑවා.
ඉතින් මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි, යුද්ධයක් තියෙනවා නම් යුද්ධය සහ ආර්ථිකය සමබරව අරගෙන යන්න ඕන කියන එක. මේක හරියට තරාදියක දෙපැත්තක් වගේ. යුද්ධය සහ ආර්ථිකය පටලවා ගත්තොත්, ඒ රටට වෙන්නෙත් මේ Game එකේ වුණු ටිකම තමයි.

|
|
ලිපිය ඉවර කරන්න කලින් පොඩි ශ්‍රව්‍ය දෘෂ්‍ය වීඩියෝ ටිකකුත් බෙදාගන්න හිතුවා. උඩින් තියෙන්නේ Empire Total War Game එකේ ඉන්දියාවේ මරාථා අධිරාජ්‍යයේ හමුදා මෙහෙයවනකොට පසුබිමින් ඇහෙන සංගීත කාණ්ඩ දෙකක්. 100% ඉන්දියානු විදිහට තමයි හදලා තියෙන්නේ.
මේ සියවස් සම්බන්ධයෙන් මම ගහපු හොදම Strategy Game එක Empire Total War වුණාට, මම ගහපු හොදම 3rd Person Game එක තමයි Assassin's Creed 3. ඒකෙ තියෙන්නේ බ්‍රිතාන්‍යන්ගෙන් ඇමරිකාව නිදහස් කරගන්න, සිවිල් ජනතාව සහ ඇමරිකානු හාමුදාව කරපු යුද්ධය ගැනයි. Assassin's Creed 4 (The Black Flag) එකත් ගොඩක් හොද Game එකක්. ඒකෙ තියෙන්නේ ඊටත් කලින් යුග ගැන. ඒකෙ ගොඩක්ම අවධානය යොමු කරලා තියෙන්නේ මුහුදු මංකොල්ලකාරයින් ගැනයි. ඒ කාලේ බ්‍රිතාන්‍ය හාමුදාව මේ තරම් දියුණුවක් ලබලා නෑ. ඒ වගේම ඒවායේ ඉන්නේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සෙබළු. Assassin's Creed 4 වලට වඩා Assassin's Creed 3 වලට හිතගියේ, Assassin's Creed 4 එකේ වැඩි හරියක් තියෙන්නේ මුහුදෙ කරන සටන්. ඒත් Assassin's Creed 3 එකේ වැඩි හරියක්ම ගොඩබිම සටන් තියෙනවා වගේම, ඒවායේ Empire Total War එකේ මුහුණුවරත් ගැබ් වෙලා තියෙනවා.