දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- ආදර්ශමත් කතාවක්
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ආනන්දයේ පෙරළිය
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- නත්තලේ විරාමය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ----- පාට මාරු කරන නැව්
  • ----- මහාමාරි වෛද්‍යවරු
  • ----- පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි?
  • ----- Titanic - Dunkirk සම්බන්ධය
  • ----- නත්තලේ ගීතය
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- ලොකු අයියා
  • ----- නවීගේ දහම් පාසල 01
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

කැමරන්ගේ කැලිෆෝනියන්
19 වන සියවසේ අග භාගයේදී එන්ගලන්තයේ Leyland Line කියන නැව් සමාගමෙන් නැවක් නිර්මාණය කරනවා. මේ නැව හදන්න කොන්ත්‍රාත්තුව දෙන්නෙ ස්කොට්ලන්තයට. ඒ කාලයේ ස්කොට්ලන්තයෙන් හදපු ලොකුම නැව විදිහට හදුන්වන මේ නෞකාවේ මංගල ගමන ආරම්භ කරලා තියෙන්නෙ 1901 අවුරුද්දෙදි. ​මේ නැව මීටර් 136ක් දිගයි. එක දුම් පයිප්පයයි. 55ක කාර්යය මණ්ඩලයකට මේකෙ ගමන් කරන්න පුලුවන්. මේ නැව නිර්මාණය කරලා තියෙන්නෙ භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන්. ඒ නිසා ගබඩා වෙනුවෙන් ගොඩක් ඉඩකඩ වෙන් කරලා තියෙන නිසා, මගීන් 47ක් වගේ සුළු පිරිසකට තමයි මේ නැවේ ගමන් කරන්න පුලුවන්. මේ නැවේ නම තමයි SS Californian.

මේ නැව ගැන හුග දෙනෙක් දන්නෙ නෑ. SS Californian කියන්නෙ ලෝක නාවික ඉතිහාසයේ ගොඩක්ම අපකීර්තියට පත් වුණු නෞකාව කිව්වොත් හරි. 1912 අවුරුද්දෙ අප්‍රේල් 15 වෙනිදා සිද්ධ වුණු සුප්‍රසිද්ධ Titanic අනතුරින් නැති වුණු ජීවිත 1500න් වැඩි ප්‍රමාණයකට, SS Californian නෞකාව සෘජුව වගකියන්න ඕන.  
​
Picture
Photo Credits - www.wallpapercave.com
මේ කාලය වෙනකොට SS Californian ​නැවට අණ දුන්නෙ "ස්ටැන්ලි ලෝර්ඩ්". ​1912 අවුරුද්දේ අප්‍රේල් 5 වෙනිදා මේ නැව එන්ගලන්තයෙ ඉදලා ඇමරිකාව බලා යමින් තමයි තිබුණෙ. ඒ ගමනෙදි කිසිම සාමාන්‍ය මගියෙක්ව මේ නැවේ ප්‍රවාහනය කළේ නෑ. අප්‍රේල් 14 වෙනිදා රෑ 10.20ට මේ නැවට ලොකූ අයිස් කදු ගොඩක් හම්බවෙන්න ගන්නවා. අයිස් කදු නිසා රාත්‍රී ගමන අවදානම් කියලා හිතන කැප්ටන්වරයා තීරණය කරනවා ගමන අතරමග නවත්තලා, උදේට ගමන පටන් ගන්න. පැය කිහිපයකට පස්සෙ Californian නැවේ කාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙක්ට ඈත ක්ෂිතිජය පැත්තෙන් දිලිසෙන එළියක් දකින්න හම්බවෙනවා. ඒ වෙලාවෙ මේ නැවේ කැප්ටන්වරයා වැඩ මුරය ඉවර කරලා නිදා ගන්න ගිහින්. Californian නැවේ කාර්යය ​මණ්ඩලය නම්, ක්ෂිතිජය පැත්තෙන් පොඩියට පේන්නෙ නැවක ආලෝකයක් කියලා මුලින්ම දැන ගන්නවා.

මේ ආලෝකය දැකපු Californian කාර්යය මණ්ඩලයේ කිහිප දෙනාගෙන් එක්කෙනෙක් තමයි Californian නැවේ තුන්වන නිළධාරී "චාර්ල්ස් ග්‍රෝව්ස්" කියලා කියන්නෙ. ටික වෙලාවකට පස්සෙ Californian නැවේ තුන්වන නිළධාරී "චාර්ල්ස් ග්‍රෝව්ස්" වැඩ මුරය ඉවර කරනවා. චාර්ල්ස්ගෙන් වැඩ මුරය භාර ගන්න Californian නැවේ දෙවන නිළධාරී "හර්බර්ට් ස්ටෝන්" නිළධාරියත් ක්ෂිතිජය පැත්තෙන් එන ආලෝකය දකිනවා. ​ඒත් මේ කිසිම කෙනෙක් හීනෙකින්වත් හිතුවෙ නෑ, කිලෝ මීටර් 10ක විතර දුරින් ඒ තියෙන්නෙ අයිස් කන්දක වැදිලා, භාගෙට ගිලෙමින් පවතින Titanic නෞකාව කියලා... 
​
Picture
Photo Credits - www.maritimequest.com
Titanic නැව ගිලෙන්න පටන් ගන්නකොටම වගේ Titanic නැවේ කැප්ටන්වරයා වුණු "ජෝන් ස්මිත්" වගේම, Titanic කාර්යය මණ්ඩලයේ අයත් ක්ෂිතිජයට ඈතින් දිලිසෙන ආලෝකයක් දකිනවා. ඒ වෙන මොකක්වත් නෙවේ. අයිස් කදු අවදානම නිසා ඈතින් නවත්තගෙන ඉන්න, SS Californian නැවයි. 

​ඉතින් මේ හැමෝටම මේ ඈතින් පේන නැව ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතිවෙනවා. මේ නැව තමන්ගේ උදව්වට එයි කියලා විශ්වාස කරනවා. ඊට පස්සෙ "ජෝන් ස්මිත්" කැප්ටන්වරයා Titanic කාර්යය මණ්ඩලයට නියෝගයක් දෙනවා විනාඩි පහෙන් පහට ඒ නැවට පේන විදිහට මල් වෙඩි (Distress Signals) පත්තු කරන්න කියලා. ඊට පස්සෙ පණිවිඩ කාමරයට ගිහින් Titanic නැවේ පිහිටීම් වාර්තා ටික ලියලා දීලා නියෝග කරනවා "හැම නැවකටම උදව්වට එන්න කියලා පණිවිඩ යවන්න" කියලා.​

​​
මේ වෙනකොට Californian නැවේ පණිවිඩ කාමරයේ යන්ත්‍ර ඔක්කොම ක්‍රියාවිරහිත කරලයි තිබිලා තියෙන්නෙ. පණිවිඩ කාමරයේ හැමෝම රාත්‍රී නින්දට ගිහින්. ඒ නිසා Californian නැවට මේ පණිවිඩය හම්බවුණේ නෑ. ඉතින් Titanic නැවේ පණිවිඩ කාමරයේ වැඩ කරපු අයට සම්බන්ධ කර ගන්න පුලුවන් වෙන එකම නෞකාව වුණේ Carpathia නැව විතරයි. Carpathia නැවෙන් Titanic නැවට පණිවිඩයක් එනවා, "උදව්වට උපරිම වේගයෙන් එනවා. හැබැයි එන්න පැය හතරක්වත් යයි" කියලා (ඒත් ඇත්තටම පැය පහකට ආසන්න කාලයක් ගිහින් තියෙනවා).

​ඒත් "ජෝන් ස්මිත්" ඇතුළු කාර්යය මණ්ඩලයේ අය හිතුවෙ ඈතින් නවත්තලා තියෙන නෞකාව තමන්ව බේර ගන්න
කොයි වෙලාවෙ හරි
 එයි කියලා. ඊට පස්සෙ "ජෝන් ස්මිත්" කැප්ටන්වරයාගේ අණින්, ඈතින් පේන නෞකාවට, විනාඩි කිහිපයෙන් කිහිපයට, "බේර ගන්න එන්න" කියලා කියවෙන සංඥඥා එළි දල්වන්න පටන් ගත්තා. ඈතින් අහසට නැගෙන මල්වෙඩිත්, ඈතින් නිකුත්වෙන සංඥඥා එළිත් Californian කාර්යය මණ්ඩලයට පැහැදිලිව පෙනුනත්, ඒ හැමෝම හිතුවේ ඒ ඈතින් අයිස් කදු තියෙන නිසා, ඒ අවදානම ගැන අහළ පහළ තියෙන නැව්වලට හගවන්න යවපු අනතුරු සංඥඥා කියලයි.​
​
Picture
Photo Credits - www.paullee.com
​2.20 වෙනකොට Californian නිළධාරී මණ්ඩලයට ඈතින් පේන නැවෙන් නිකුත්වෙන ආලෝකය එක පාරටම නැතිවෙලා යනවා පෙනුනා. ඊට පස්සෙ කිසිම මල් වෙඩිල්ලක්වත්, ආලෝක සංඥඥාවක්වත් දැක ගන්න ලැබුණෙ නෑ. මේ අය හිතුවා ඒ නැව එතනින් යන්න ඇති කියලා. ඒත් ඇත්තටම 2.20 වෙනකොට Titanic නැව සම්පූර්ණයෙන්ම මුහුදු බත් වෙනවා. 

ඒත් නොහිතපු වෙලාවක, මේ අයට පාන්දර 4.00 කිට්ටු කරලා, නැවට පිටිපස්ස පැත්තෙන් (දකුණු දිශාවෙන්) ආලෝක සංඥඥා දකින්න හම්බවෙනවා. මේවත් සැරෙන් සැරේ නිකුත් වෙනවා. තවත් පැය කිහිපයකට පස්සෙ මේ අයට දකින්න හම්බුනා ක්ෂිතිජය පැත්තෙන් නිකුත් වුණු ආලෝකය දිහාවට, ලොකු නැවක්, ගොඩක් වේගයෙන් මෙයාලව පහුකරගෙන යනවා. ඒ තමයි Titanic නැවේ සහායට යන Carpathia නැව. 


​පස්සෙ මෙයාලා Carpathia නැවට පණිවිඩ ඇරලා, Carpathia නැවේ නිළධාරීන්ව සම්බන්ධ කර ගන්නවා. ඊට පස්සෙ තමයි ඒ අය දැන ගන්නෙ, එයාලා මහා පාන්දර දැකලා තියෙන්නෙ ගිලෙමින් තිබුණු ලෝකයේ විශාලතම නෞකාව කියලා. ඊට පස්සෙ Californian කාර්යය මණ්ඩලය තීරණය කරනවා, Carpathia නැවට සහාය වෙන්න යන්න. ඒත් උදේ 8.30ට විතර Carpathia නැව ළගට යනකොට, Carpathia නැවෙන් අන්තිම Titanic මගියාත් නැවට අරගෙන ඉවරයි. 

ඊට පස්සෙ Carpathia නැවේ නියෝග මත Californian නැව, Titanic නැව ගිලුණු ප්‍රදේශයට යනවා. Carpathia නැව ඇමරිකාව බලා පිටත් වෙනවා. Titanic නැව ගිලුණු ස්ථානයට ගියත්, Californian කාර්යය මණ්ඩලයට දකින්න හම්බුණේ මුහුදේ පාවෙමින් තිබුණු හිස් ජීවිතාරක්ෂක බෝට්ටු කිහිපයක් සහ ලී කෑලි කිහිපයක් විතරයි.
​

මේ සිද්ධියෙන් පස්සෙ ඇමරිකාවෙ සෙනෙට් මණ්ඩලයෙන් සහ එන්ගලන්ත රජයෙන් SS Californian නැවට විරුද්ධව පරීක්ෂණ පටන් ගන්නවා. මේ පරීක්ෂණයේදී Californian නැවේ කැප්ටන්වරයා වුණු "ස්ටැන්ලි ලෝර්ඩ්" ප්‍රකාශ කළේ "තමන් අයිස් කදු සම්බන්ධව නෞකා ගණනාවකට අනතුරු හැගවීම් නිකුත් කළ බවත්, Titanic නෞකාවද ඊට ඇතුළත් වුණු බව"යි. ඒ වගේම Californian නෞකාවේ පණිවිඩ කාමරයේ වැඩ කරපු අයත්, Titanic නෞකාව අයිස් කන්දෙ හැප්පෙන්න විනාඩි 10කට කලින් අනතුරු හැගවීම් නිවේදනයක් නිකුත් කළ බවත්, ඒ නිවේදනයට "Shut up, shut up! I am busy (කට වහගන්න. කට වහගන්න. මම කාර්යබහුලයි)" කියලා උත්තරයක් ලැබුණු බවත් ප්‍රකාශ කළා.

Californian නැවේ කාර්යය මණ්ඩලයේ අය උසාවියට ඉදිරිපත් කරපු විස්තර සහ මාධ්‍යයට ඉදිරිපත් කරපු විස්තර අතරෙ වගේම, Carpathia නැවේ කාර්යය මණ්ඩලයේ අය උසාවියට ඉදිරිපත් කරපු විස්තර අතරෙත් පරස්පර විරෝධී තැන් ගණනාවක්ම තිබිලා තියෙනවා. ඒ වගේම Titanic නැවෙන් ආලෝක සංඥඥා නිකුත් වෙන්න කලින්, Californian කාර්යය මණ්ඩලය ආලෝක සංඥඥා නිකුත් කළා කියලත්, ඒවාට Titanic නැවෙන් උත්තර නොලැබුණු බවටත් ප්‍රකාශ කෙරුනා.

මේ නඩු දෙකෙන්ම Californian කාර්යය මණ්ඩලය වැරදිකරුවන් බවට පත් වුණා. ඒත් එදා රෑ Californian නැවේ පණිවිඩ යන්ත්‍ර ක්‍රියාවිරහිත කරන්නෙ නැතුව තිබ්බා නම්, Titanic මගීන් විශාල පිරිසකගේ ජීවිත බේරෙන්න තිබුණා. ඔන්න ඕකයි SS Californian නැවේ කතාව. මේ කතාව ගැන හුග දෙනෙක් දැනුවත් නෑ.

කොහොම හරි Titanic රසිකයින්ගේ වීරයා වුණු Carpathia නැවටත්, Titanic රසිකයින්ගේ දුෂ්ඨයා වුණු SS Californian නැවටත් අත්වුණේ අවාසනාවන්ත ඉරණමක්. මේ නෞකා දෙකම 1 වන ලෝක යුද්ධයේදී, ජර්මානු U-boat වර්ගයේ සබ්මැරීන් දෙකක
ගොදුරු බවට පත් වුණා. ​
​
Picture
Photo Credits - www.factinate.com
​මගේ දැනුමේ හැටියට මේ වෙනකොට Titanic නැව ගැන චිත්‍රපට 20කට වඩා නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් ගොඩක්ම ජනප්‍රිය චිත්‍රපටය තමයි, "ජේම්ස් කැමර්න්" අධ්‍යක්ෂණය කරපු "Titanic" චිත්‍රපටය. ඒත් ඇත්තටම SS Californian නැවේ කතාව ගැන අපි ඒකෙන් දැනුවත් වුණාද? නෑ නේද? අපිට දැනුවත් වෙන්න තිබ්බා. ඒත් "ජේම්ස් කැමරන්" විසින්ම ඒ දැනුම යටපත් කරලා දැම්මා කියන එකයි මගේ හැගීම.

මොකද මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ ජැක් සහ රෝස්ගේ ආදර කතාව මූලික කරගෙනයි. ඒ නිසා, Titanic ඛේදවාචකයේ කැපී පෙනෙන සිදුවීම් විශාල ප්‍රමාණයක් රූගත කළත්, ඒ හැම සිදුවීමක්ම වගේ චිත්‍රපටය සංස්කරණයේදී කපලා දාලා තියෙනවා. ​එහෙම කපලා දාපු සිදුවීම් අතරේ Californian නැවේ කතාවත් තියෙනවා. මේ තියෙන්නෙ චිත්‍රපටයෙන් කපලා දාපු Californian සම්බන්ධ දර්ශනයක්.

​
​මේ එකක් විතරයි. ඊට අමතරව Titanic ඛේදවාචකයේදී වුණු ඇත්ත සිද්ධි ගණනාවක්ම සංස්කරණයේදී ඉවත් කෙරෙනවා. පහළින් තියෙන්නෙ, චිත්‍රපටයට ඇතුළත් විය යුතුම තවත් ඒ වගේ කපා හැරපු දර්ශනයක්.

​හැබැයි හැමෝම පුදුම කරවමින් ඒ ගැන මාධ්‍යයට කරපු ප්‍රකාශයකදි "ජේම්ස් කැමරන්" කිව්වෙ "Californian නැවත්, ඒ චිත්‍රපටයේ දකින්න තියෙනවා. හැබැයි ඒක පේන්නෙ හොද ඇහැක් තියෙන කෙනෙක්ට විතරයි" කියලා. ඇත්තටම මේ කතාව ඇත්ත. ඒත් මේ නැව පියවි ඇහැට පේන්නෙ නෑ. ගොඩාක්ම Zoom කරලා, Slow Motion දැම්මොත් තමයි පේන්නෙ. ඒත් යාන්තමට. චිත්‍රපටයේ පැය 2යි විනාඩි 6යි තත්පර 55ක් ගියාම, "මෝලි බ්‍රවුන්" කියනවා "There's something you don't see everyday" ​කියලා. අන්න එතනදි යාන්තමට දර්ශනය වෙනවා, ක්ෂිතිජය පැත්තෙන් පුංචි තිතක් වගේ ආලෝකයක් නිකුත් වෙනවා. ඒ තමයි SS Californian නැවේ විදුලි ආලෝකය. 

Picture
Picture
මමත් ඇත්තටම මේ ගැන දැනගෙන හිටියෙ නෑ. මේ ගැන දැන ගත්තේ Youtube එකේ තිබ්බ වීඩියෝවකින්. ඒ නිසා ඒ වීඩියෝවත් මම පහළින් දැම්මා. මේකෙ ඒ දර්ශනය ගැන පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ වගේම ඔයාලගෙ ඇස් පේනීම දුර්වල නැත්නම්, HDවලින් බැලුවොත් ඔයාලටත් මේ වීඩියෝවෙ SS Californian නැවේ ආලෝකය දැකගන්න පුලුවන් වෙයි.

තවත් දෙයක් කියන්න ඕන. "ජේම්ස් කැමරන්ගේ" "Titanic" චිත්‍රපටය තාක්ෂණය අතින් උසස් නිර්මාණයක් වුණාට, ජැක් සහ රෝස්ගේ ආදර අන්දරය නිසා ගොඩාක් ඓතිහාසික සිදුවීම් කපලා දාලා තියෙනවා. ඒ නිසා මම ඔයාලට නිර්දේශ කරනවා පහළ තියෙන චිත්‍රපටයත් බලන්න කියලා. මේ තමයි 1958 අවුරුද්දෙ නිකුත් වුණු "Night to Remember" කියන චිත්‍රපටය. මේ චිත්‍රපටයේ නම් කිසිම ආදර අන්දරයක් නැතුව, හැම ඓතිහාසික සිදුවීමක්ම හොදට රූගත කරලා තියෙනවා. ඒ විතරක් නෙවේ, Titanic නැවට වගේම, Carpathia සහ SS Californian නැව්වල වුණු සිද්ධීන්ටත් හොදට ඉඩකඩ වෙන් කරලා තියෙනවා. අපිට ඇත්ත සිද්ධිය ගැන හොද අවබෝධයක් මේකෙන් අරගන්න පුලුවන්. ඔයා උසස් මට්ටමේ Titanic රසිකයෙක් නම්, මේ චිත්‍රපටයත් අනිවාර්යෙන්ම බැලිය යුතුමයි.

Copy කිරීම කලාවක් නම් ජේම්ස් කැමරන් එහි... :D

Powered by Create your own unique website with customizable templates.