වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
කලින් ලිපියෙන් අපි සාකච්ඡා කළේ කරතොට ශ්‍රී ධර්මාරාම නායක හිමියන්ගේ ගිහි පරපුර ගැන. මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැලිවිට අසරණ සරණ සරණංකර ශ්‍රී සංඝරාජ මහා නායක හිමියන්ගේ දකුණේ ගිහි පරම්පරාව ගැන. දැන් ප්‍රශ්නයක් එන්න පුලුවන් සංඝරාජ හාමුදුරුවන්ගේ ගිහි පරම්පරාව කොහොමද පහතරටට (දකුණට) ව්‍යාප්ත වෙන්නේ කියලා. මොකද සංඝරාජ හාමුදුරුවෝ හිටියේ උඩරට.
කරතොට ශ්‍රී ධර්මාරාම හිමියන් කියන්නේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙක්. කලින් ලිපියේ කරතොට ශ්‍රී ධර්මාරාම හාමුදුරුවන්ගේ චරිත කතාව ගැන ලිව්වේ, ගොඩක් අය ඒ හාමුදුරුවන් ගැන දන්නේ නැති නිසයි. ඒත් සරණංකර සංඝරාජ හාමුදුරුවන් ගැන නම් කාටවත් අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නෑ. ඒ නිසා සංඝරාජ හාමුදුරුවන් ගැන මේ ලිපියේ ලියන්න අදහසක් නෑ.

වැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ පියාගේ සම්පූර්ණ නම තමයි "විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනවිරත්න ජයතිලක ඒකනායක අමරකෝන් වාසල මුදියාන්සේ රාලහාමිලාගේ කුලතුංග". එතුමා ජීවත් වුණේ ගලගෙදර වැලිවිට, මඩවල පහළ වලව්වේ. 18 වෙනි සියවසේදි උඩරට ආරම්භ වුණු යුද්ධ සහ කලකෝලහාල නිසා එතුමාගේ සහෝදරයන් තුන්දෙනෙක් උඩරට අතෑරලා දාලා යනවා. එක සහෝදරයෙක් කුරුණෑගලට යනවා. තව සහෝදරයෙක් දඹදෙණියට යනවා. අනිත් සහෝදරයා මාතරට යනවා. සීමන් කුලතුංග මුදලි නොහොත් මේ සහෝදරයා තමයි අපේ මාතෘකාවේ කතා නායකයා. වැලිවිට සරණංකර හිමියන්ගේ පියාගේ බාල සහෝදරයෙක් වෙන මෙතුමා නාඔටුන්න මඩවල වෙද වලව්වේ පදිංචි වෙනවා. පරණ පොත්වල තියෙන විදිහට නම් ඒ පැත්තට මඩවල කියලා කිව්වේ, සරණංකර හිමියන්ගේ උපන්ගම වුණු මහනුවර ගලගෙදර මඩවල ගම්මානය නිසාලු.
මේ කුලතුංග පරම්පරාවට, කරතොට ශ්‍රී ධර්මාරාම පරම්පරාව (විජේසිංහ) වගේම වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරම්පරාවත් (දිසානායක) නෑකම් කියනවා. වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හිමියන් කියන්නෙත්, කරතොට ශ්‍රී ධර්මාරාම හිමියන් වගේම පහතරට සංඝනායක පදවිය සහ ශ්‍රී පාදස්ථානයේ අධිපති ධූරය දරපු හිමි නමක්. වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හාමුදුරුවෝ තමයි ශ්‍රී පාදස්ථානයේ ප්‍රථම නායක පදවිය හොඹවනු ලැබුවේ. මෙතනදී දිසානායකලා සහ විජේසිංහලා අතරත් නෑකමක් ගොඩ නැගෙනවා. ඒ නිසා වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හිමියන්ගේ පරම්පරාව එක්කත් අපිට "සෘජු" සම්බන්ධතාවයක් තියෙනවා.

හිටපු පාර්ලිමේන්තු මහකොමසාරිස්වරයෙක් වුණු සෑම් විජේසිංහ මහතාගේ මව, දෝන සොපායා අභයසිරිවර්ධන සෙනරත් යාපා කුලතුංගයි. එතුමිය උපත ලබන්නේ මඩවල වෙද වලව්වේ. ඒ කියන්නේ ඇය නියෝජනය කරන්නේ වැලිවිට හිමියන්ගේ දකුණේ ඥාති පරපුරයි. සෑම් විජේසිංහයන්ගේ පුත්‍රයෙක් තමයි රජීව විජේසිංහ කියන්නේ. අපේ රටේ ව්‍යාපාරික, බැංකු සහ මූල්‍ය ක්ෂේත්රවල කීර්තියක් දිනාගෙන ඉන්න සුනිල් විජේසිංහ, ධාරා විජේතිලක, රෝෂණී විජේසිංහ වගේ අය සෑම් විජේසිංහයන්ගේ සහෝදරයාගේ දූ දරුවන් වෙනවා. සරත් විජේසිංහ කියන්නේ, සෑම් විජේසිංහයන්ගේ මෑණියන්ගේ ඥාති සහෝදරයෙක් (උපාලි විජේවර්ධනයන්ගේ මාමා).
සෑම් විජේසිංහ සහ අපේ සීයා අතර තියෙන ඥාති සම්බන්ධතාව ගැන කියනවා නම්, සෑම් විජේසිංහ කියන්නේ අපේ සීයාගේ ඥාති සහෝදරයෙක්. එහෙම ගත්තොත් ඉතින් අපිටත් වැලිවිට සරණංකර හාමුදුරුවන්ට වක්‍ර නෑකමක් තියෙනවා.
දිසානායක පරපුරෙන් මහණ වුණු වේහැල්ලේ ධම්මදින්න හිමියන්, කුලතුංග පරපුරේ වැලිවිට සරණංකර හිමියන්ගේ ඥාති සහෝදරයෙක් වෙනවා.
මේ ලිපිය ලියන්න අදහස දුන්නේ සීයා. ඒ පුෂ්ප එපිටකඩුව ලියපු 2015 ජූනි 14 වෙනි ඉරිදා ලංකාදීප පත්තරේ, රසවිත කියන අතිරේකයේ පල වුණු "වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ දකුණේ ඥාති පරපුර" කියන ලිපියේ පිටපතක් එවලා. මේ ලිපියේ තියෙන කරුණු කාරණා ටිකම තමයි, මගේ ලිපියටත් ඇතුළත් කළේ.
කරතොට ධර්මාරාම හිමියන්ගේ වගේම සරණංකර හාමුදුරුවන්ගෙත් දකුණේ ගිහි පරපුරේ ඥාතීත්වය අපිට ලැබෙන්නේ සීයාගේ මව් පාර්ශවය හරහා (සීයාගේ මවගෙත්, පියාගෙත් දෙන්නගෙම වාසගම 'විජේසිංහ'). කොහොමින් කොහොම හරි මෙතනදී කරතොට ශ්‍රී ධර්මාරාම, වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න, වැලිවිට සරණංකර කියන මහා සංඝ පීතෘන් වහන්සේලාගේ ගිහි පරම්පරාවන් ත්‍රිත්වයේම එකතුවක්, එහෙමත් නැත්නම් සංකලනයක් දැක ගන්න පුලුවන්.
මූලාශ්‍ර
01. ලංකාදීප - රසවිත (2015.06.14)
{වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ දකුණේ ඥාති පරපුර - පුෂ්ප එපිටකඩුව}
02. sangharajamuseum.toplk.com
{මල්වතු මහා විහාරයීය වැලිවිට සංඝරාජ කෞතුකාගාරය}
01. ලංකාදීප - රසවිත (2015.06.14)
{වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ දකුණේ ඥාති පරපුර - පුෂ්ප එපිටකඩුව}
02. sangharajamuseum.toplk.com
{මල්වතු මහා විහාරයීය වැලිවිට සංඝරාජ කෞතුකාගාරය}