සංකල්පය සහ මම ගැන
අන්තර්ජාලය හෙවත් මේ සයිබර් අවකාශයට මගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නෙ 2007 අවුරුද්දෙ. 2010 ඉදන් මම අන්තර්ජාලයේ පොඩි පොඩි වෙබ් අඩවි නිර්මාණකරනයට පිවිසෙනවා. මේ කාලය අතර තුර වෙබ් අඩවි 12ක් විතර නිර්මාණය කළා. මෙහෙම කරගෙන යන කොට හුග දෙනෙක් මගෙන් අහපු කාරණාවක් තමයි "ඇයි ඔයා, ඔයා ගැන වෙබ් එකක් හදන්නෙ නැත්තෙ..???? " කියලා.
යෝජනාව හොද වුණත් කොතනින් කොහොම පටන් ගන්නද කියලා මටම හිතා ගන්න බැරි වුණා. ඉතින් මෙහෙම ඉන්න කොට තමයි, Facebook එකේ "ඉතිහාසයේ මිහිර" සංගමයෙ හසිත චාමිකර ගුණසිංහ අයියාව දැන අදුර ගන්නෙ. හසිත අයියා ඒ වෙන කොටත් "ආගිය කතා" කියලා තමන්ගෙම කියලා වෙබ් එකක් කර කරයි හිටියෙ. හසිත අයියා සතියකට සැරයක් "ආගිය කතා" වෙබ් අඩවියෙන් පල කරන ලිපි කියවන කොට, මගේම කියලා වෙබ් අඩවියක දළ සටහනක් මගේ හිතෙත් ඇදෙන්න ගත්තා. ඊට පස්සෙ හසිත අයියත් එක්ක එකතු වෙලා බ්ලොග් ලිවීම ගැන සෑහෙන කාලයක් සාකච්ඡා කරලා, "දනුලයාගෙ පලා මල්ල" කියලා මේ වෙබ් අඩවිය නිර්මාණය කරනවා. මේ වෙබ් අඩවියේ අන්තර්ගතය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදන්න පුලුවන්.
* මගේ ජීවිත කාලය තුළ මම ලබා ගත්තු අත්දැකීම්
* මගේ ජීවිත කාලය තුළ මට අහන්න ලැබුණු දේවල්
* මගේ ජීවිත කාලය තුළ මට දකින්න ලැබුණු දේවල්
* තත් කාලීන සිදුවීම් සම්බන්ධව මගේ අදහස් සහ මත
මේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරන්න, සමාජගත කරන්න ගොඩක්ම උදව් කළේ හසිත අයියා. ඕනෑම වෙලාවකදි මට උදව් කරන්න බලාගෙන හිටියා. මෙහෙම වෙබ් අඩවියේ ලිපි ලියාගෙන යනකොට, කොළඹ ආනන්ද විද්‍යාලයේ කලා අංශයේදි මුණ ගැහුන ප්රමුදිතගෙ (ප්‍රමුදිත ඉදුනල් පෙරේරා) අදහසකට අනුව, "දනාගෙ පලා මල්ල" කියලා වෙබ් අඩවියේ නම වෙනස් කෙරෙනවා. මේ වෙබ් අඩවිය නිර්මාණය කරපු දවසෙ ඉදන් අද වෙනකන්, මේකෙ දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් ගොඩක් දෙනෙක් උදව් කළා. ලිපිවල වැරදි තැන් නිවැරදි කරන්නත්, යෝජනා සහ අදහස් එකතු කරන්නත්, ප්‍රශංසා කරන්නත් ඒ අය කටයුතු කළා. ඒ අයට වගේම දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ මේ වෙබ් අඩවියට පිවිසිලා, එක ලිපියක් හරි කියවලා මාව දිරිමත් කරන්න කටයුතු කරපු සෑම සියලු අයෙක්ටම පොදුවේ ස්තූතියි කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.
දනුල රන්දික වික්‍රමආරච්චි (2013.03.20)