රත්තරං ඔරලෝසුව
පරණ ඉංග්‍රීසි කියමනක් තියෙනවනෙ The Old Is Gold කියලා. ඕනම දෙයක් පරණ වෙන්න වෙන්න ඒකෙ තියෙන වටිනාකම තවත් ඉහළ යනවා. පොඩි කාලෙ ඉදන්ම පොඩි පොඩි කෞතුක භාණ්ඩ එකතු කරන එක මගේ පුරුද්දක් වුණා. පොඩි කාලෙ ඉදන්ම ඒ වගේ ලට්ට ලොට්ට එකතු කරලා, එකතු කරලා දැන් මගේ කාමරෙත් හරියට කොළඹ ජාතික කෞතුකාගාරය වගේ වෙලා. ඒ අතරිනුත් එක්තරා ආකාරයක සුවිශේෂ භාණ්ඩයක් තියෙනවා. ඒක ඔරලෝසුවක්. එසේ මෙසේ ඔරලෝසුවක් නෙවේ. රත්තරං ඔරලෝසුවක්. රෝම ඉලක්කම් සහිත මේ ඔරලෝසුව දැන් පරම්පරා 5ක් විතර පරණයි. පෙනුමෙන් නම්
එක්දහස් අටසිය ගණන්වල අග භාගයේ විතර හදපු එකක්. මේකෙ මුල් හිමිකාරීත්වය තිබිලා තියෙන්නෙ අපේ සීයාගෙත් සීයාට. සීයාගෙත් සියාගෙන් පස්සෙ ඕකෙ හිමිකාරීත්වය අපේ සීයාගෙ තාත්තාටත් (මුත්තට), මුත්තගෙන් පස්සෙ සීයටත්, සීයගෙන් පස්සෙ තාත්තටත් පාරම්පරිකව අයිති වෙලා තියෙනවා.
අද මේ ඔරලෝසුව තියෙන්නෙ මගේ භාරයේ. අද කාලෙ අනුව නම් ඒ ඔරලෝසුවට මිළක් තක්සේරු කරන්න තියා හිතන්නවත් බෑ. |
ඔරලෝසුවේ පිටවැස්ම විවෘත කළාම, ඔරලෝසුව කොටස් හතරකට බෙදන්න පුලුවන්. ඔරලෝසුවේ පිට වැස්ම දෙපැත්තෙ එකිනෙකට අසමාන සියුම් කැටයම් දෙකක් දකින්න පුලුවන්.
පිටවැස්මවල් දෙක ඇරුණහම ඉතිරි කොටස් දෙක වෙන් කරලා තියෙන්නෙ ඔරලෝසුවේ මුහුණතටයි, ඔරලෝසුවේ පිටුපසටයි. ඔරලෝසුවේ මුහුණතේ තියෙන්නෙ රෝම ඉලක්කම්. පැය කටුවයි, තත්පර කටුවයි ස්ථාන ගත කරලා තියෙන්නෙ ලස්සන මල් මෝස්තරයක් උඩ.
ඔරලෝසුවේ පිටුපස කොටසෙ පියන විවෘත කළාම, ඔරලෝසුව ක්‍රියා කරන්න අවශ්‍ය කරන දැති රෝද වගේ ක්ෂුද්‍ර යන්ත්‍ර කොටස් දකින්න පුලුවන්. එතන හොදින් නිරීක්ෂණය කරලා බැලුවම ඉංග්‍රීසි වැල් අකුරින් ලියපු අපැහැදිලි වාක්‍යක් දැක ගන්නත් පුලුවන්.
පරම්පරා හතරක් පහක් තිස්සෙ පාරම්පරිකව, ඇවිල්ලත් ඒ ඔරලෝසුවේ කිසිම සීරීමක්වත් වෙලා නෑ. බැලූ බැල්මට පේන්නෙ අද ඊයෙ හදලා වගෙයි. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සෙ අතින් අත ඇවිල්ලත් ඔරලෝසුව මේ වගේ හොද තත්වෙක තියෙනවා කියන්නෙ නම් පුදුමයට පත් වෙන්න ඕන කාරණාවක්...!!!!!!!!!!
පහළ ඉන්නෙ මේ ඔරලෝසුවේ නියම අයිතිකාරයයි. ඒ කියන්නෙ මගේ මුත්තා....