දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- ආදර්ශමත් කතාවක්
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ආනන්දයේ පෙරළිය
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- නත්තලේ විරාමය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ----- පාට මාරු කරන නැව්
  • ----- මහාමාරි වෛද්‍යවරු
  • ----- පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි?
  • ----- Titanic - Dunkirk සම්බන්ධය
  • ----- නත්තලේ ගීතය
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- ලොකු අයියා
  • ----- නවීගේ දහම් පාසල 01
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

පාරම්පරික රස වෙදකමේ අනුහස්

මේ ලිපිය "ප්‍රාණික් හීලිං" කියන ලිපියට සම්බන්ධයි. ඒ නිසා මුලින්ම ඒ ලිපිය කියවලා ඉන්න. නැත්නම් පොල්ලකින් ගැහුවා වගේ තියෙයි.

ඉතින් ඒ සිදු වෙච්ච බිහිසුණු සිද්ධියෙන් පස්සෙ බටහිර වෛද්‍යය ප්‍රතිකාර ක්‍රම සම්පූර්ණයෙන්ම නතර කළා. සිංහල ප්‍රතිකාර ක්‍රම පටන් ගන්න හොද වෙද මහත්තයෙක් / දොස්තර මහත්තයෙක් හොය හොයා ඉන්න කොට, 2012 අප්‍රේල් මාසයේ
විතර
මගේ මාමා කෙනෙක්ගෙන් "රස වෙදකම" කියලා ප්‍රතිකාර ක්‍රමයක් කරන දොස්තර මහත්තයෙක් ගැන අහන්න ලැබුණා.

මොකක්ද මේ රස වෙදකම කියලා කියන්නෙ...???? රස වෙදකමේ ඉතිහාස කතාව මීට අවුරුදු 8000කටත් වඩා පරණයි කියලා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද...???? රස වෙදකම කියන්නෙ මහා රාවණ රජතුමා විසින් සොයා ගත්ත වෙදකම් ක්‍රමයක්. අපේ සීයලගෙ, තාත්තලගෙ කාලවල් වල නම් මහා රාවණ රජතුමා මිත්‍යාවක් මිත්‍යාවක් කියලා කිය කියා හිටියට, මේ පොළෝ තලයේ රාවණ කියලා රජ කෙනෙක් ඇත්තටම ජීවත් වුණා කියලා ඔප්පු කරන්න පුලුවන් "ප්‍රබල" සාක්ෂි දේශීය සහ විදේශීය වශයෙන් හොයාගෙන තියෙනවා. රාවණ රජතුමාට "දසිස්" කියලත් කියනවා. දසිස් කියන්න හේතු වුණු කාරණා අතරින් එකක් තමයි, රාවණ රජතුමා ප්‍රගුණ කරපු සහ විශේෂ දක්ෂතාවයක් දක්වපු දේවල් 10ක් (දස විධ ඥාණ) තිබුණාය කියන එක. ඒ අතරින් එකක් තමයි "වෛද්‍යය ශාස්ත්‍රය" කියන්නෙ.
Picture
Photo Credits - www.seuslsla.blogspot.com


"රාවණ රජු මහා වෙදැදුරෙකු වන්නේ නාඩි හා ත්‍රිදෝෂ ඇසුරින් රෝග පරික්ෂාව, ශාක ප්‍රතිකාර වලින් රෝග සුව කිරීම, කල්තබා ගන්නා අර්ක පිළියෙල කිරීම, පත්‍යාපත්‍ය ආහාර පරිභෝජනය තුළින් නීරෝගී බව ලබා ගැනීම, වෛද්‍ය ආචාර ධර්ම, විශේෂ ළමා රෝග, මානසික රෝග ආදී වෛද්‍ය කර්මයන්හි පරිපූර්ණ විශේෂඥතාවයක් ඇතිව සිටීම නිසාය".

(රිවිර 2011 දෙසැම්බර් මස 11 වැනි ඉරිදා)
රස වෙදකම කියන්නෙ රත්තරං, රසදිය වගේ ලෝහ වර්ග සම්බන්ධ කරගෙන කරන වෙදකමක්. හිසේ සිට පාදය දක්වා තියෙන ඕනෑම රෝගයක් (භාහිර සහ අභ්‍යන්තරික) රස වෙදකමෙන් හොද කර ගන්න පුලුවන්. පොළොවේ විවිධ ස්ථර වලින් ගත්ත ලෝහ හිතකර රසායනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කරලා සැහැල්ලු, ශක්තිමත්, ශරීරයට ඔරොත්තු දෙන තත්වයකට පත් කිරීමක් මේ වෛද්‍යය ශාස්ත්‍රය හරහා සිදු වෙනවා. ඔයාලට රාවණ රජතුමාගේ රස වෙදකම් ශාස්ත්‍රය ගැන තවත් අධ්‍යනය කරන්න පුලුවන් වෙන්නත් එක්කලා, 2011 දෙසැම්බර් 11 වෙනිදා රිවිර පත්තරේ පල වෙච්ච ආචාර්යය සූරිය ගුණසේකරයන් ලියපු ලිපියක කොටසක්  දාන්න අදහස් කළා.
Picture
Picture
Picture
අද වෙනකොට ගොඩක් අය කියන්නෙ රස වෙදකමේ උත්පත්ති කතාව එන්නෙ ඉන්දියාවෙන් කියලා. ඒත් ඒක වැරදි මතයක්. අපේ රස වෙදකමට වුණෙත් "රාවණ හත්ථ"ට වුණ දේම තමයි. රාවණ හත්ථ කියලා කියන්නේ මහා රාවණ රජතුමා නිර්මාණය කරපු සංගීත භාණ්ඩයක්. රාම රාවණ යුද්ධයෙන් පස්සෙ හනුමාන්ගෙ හමුදාව මේ සංගීත භාණ්ඩය අපේ රටින් හොරකම් කරගෙන ඉන්දියාවට අරන් යනවා. ඉන්දියාවෙන් මේ සංගීත භාණ්ඩය යුරෝපය පැත්තටත් යනවා. අන්තිමේදි රාවණ හත්ථ දීර්ඝ කාලයක් ඉන්දියානුවන් හිමි කරගෙන සිටීමේ ප්‍රතිඵලයක් විදිහට, ඒ සංගීත භාණ්ඩයම වැඩි දියුණු කරලා ඉන්දියානුවන් "සිතාරය" නිර්මාණය කරනවා. යුරෝපීය ජාතිකයන් රාවණ හත්ථ දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට, රාවණ හත්ථම වැඩි දියුණු වෙලා, යුරෝපයෙන් "වයලීනය" නිර්මාණය වෙනවා.
Picture
Photo Credits - Unknown
රාම රාවණ යුද්ධයෙන් පස්සෙ, රාවණ රජතුමා සොයා ගත්ත මේ රස වෙදකම රාමාගෙ හමුදාව ඉන්දියාවට අරන් යනවා. විශේෂයෙන්ම මේ විෂය පිළිබදව සටහන් වුණු පුස්කොළපොත් ඔක්කොම ටික ඉන්දියාවට අරන් යනවා. කාලයක් ගියායින් පස්සෙ අපේ රටෙන් පාරම්පරික දේශීය රස වෙදකම, සදහටම තුරන් වෙලා යනවා. මේ සිදුවීම් මාලාව වෙලා හුග කාලයකට පස්සෙ තමයි, ඉන්දියාවෙන් ආයිත් අපේ රටට රස වෙදකම හෙවත් රස වෛද්‍යය ශාස්ත්‍රය එන්නෙ.
Picture
Photo Credits - www.medirasa.com
Picture
Photo Credits - www.medirasa.com
මේ රස වෙදකම කරන දොස්තර මහත්තයා ඉන්නෙ රත්මලානෙ. මොරටුවේ ඇරුණහම මේ දොස්තර මහත්තයා දවසින් වැඩි හරියක්ම ප්‍රතිකාර කරන්නෙ රත්මලානේ ගොලුමඩම හංදියේ, "ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය" ඉස්සරහා තියෙන "ශ්‍රී මංගල බෙහෙත් ශාලාවෙ" ඉදන්.

මේ දොස්තර මහත්තයගෙ නම තමයි "ලලිත් කුලරත්න". අපේ රටේ දේශීය වෛද්‍යය ශාස්ත්‍රයේ ලොකු පෙරළියක් කරපු, මේ පුංචි රට මුලු ලෝක සිතියමෙන්ම උඩට ඔසවා තබපු දොස්තර මහත්තයෙක්.
අපිත් ඉතින් හා හා පුරා කියලා 2012 මැයි මාසෙ මැද, "ඇපොයිමන්ට්" එකකුත් දාගෙන ලලිත් කුලරත්න මහත්තයව හම්බ වෙන්න ගියා. දොස්තර මහත්තයා ළගින් වාඩි වෙලා, 2008 සිට 2012 වෙනකන් අවුරුදු 4 ඇතුළත ඇති වුණු රෝග තත්ව ගැන කතන්දරය කියන්නම පැය භාගයක් විතර ගියා. වකුගඩු ගල්, ආතරයිටිස්, ආමාශයේ තුවාල මේ හැම දෙයක් ගැනම  A සිට Z දක්වාම විස්තර කරන්න වුණා. ඒ විතරක් නෙවේ මේ අවුරුදු 4 ඇතුළත ගත්තු හැම X - Ray සහ Scan වාර්තාවක්ම වගේම මාසෙකට දෙසැරයක් ගත්ත රුධිර වාර්තා හිටන් පෙන්නන්න වුණා. දොස්තර මහත්තයත් මේ සෑම සියලු වාර්තාවක්ම එකින් එක බැලුවා. ඊට පස්සෙ දොස්තර මහත්තයා එයාගෙ අදහස් ටික කියන්න ගත්තා.

"කවුද මෙච්චර විෂ බෙහෙත් දුන්නෙ..???? පිස්සෙක්නෙ මෙයා..???? විසි කරලා දාන්න මේ බෙහෙත්. මොනවද මේ වාර්තා..???? ඔව්වා තඹ සතේකට විශ්වාස කරන්න එපා. වකුගඩුවේ ගලක් තිබුණලු. කෝ Scan Report එකේ නෑනෙ...????? X - Ray වලට වඩා කොච්චර විශ්වාසද Scan වාර්තාව... ඒක සජීවීව පේන එකක්නෙ...???? නියපොත්තෙන් කඩන්න තියෙන දේ, පොරොවෙන් කපන්න වුණාම ඔහොම තමයි ඉතින්. මෙච්චර විෂ බෙහෙත් බීලා මෙච්චර දෙයක් වෙලා මෙහෙම හරි නැවතුනු එක ලොකු දෙයක්.... ඔව්වා විසික් කරලා දාන්න. මම දෙන්නම් බෙහෙත්. මේවා බොන්න ගත්තම හරි යයි."

නියපොත්තෙන් කඩන්න පුලුවන් දේවල්, පොරොවෙන් කපන්න වුණාම කුලරත්න මහත්තයට ටිකක් කේන්ති යනවා. ඒ එතුමාගෙ හැටි. මොකද එතුමාට මේ වගේ දේවල් ගැන ගොඩක් අත්දැකීම් තියෙන නිසා. රස වෙදකමෙන් ශරීරයේ තියෙන ඕනෑම රෝගයක්, හොද කරන්න පුලුවන් (බටහිර වෛද්‍ය විද්‍යාවේ සුව කළ නොහැකි යැයි සම්මත කර ගත් රෝග පවා)



Picture
HIV ඒඩ්ස්

Picture
දියවැඩියාව

Picture
අධ්‍යාතතිය
Picture
පිළිකා වර්ග
Picture
ලියුකේමියා
Picture
වකුගඩු ආබාධ
Picture
ස්නායු සහ කශේරුකා ආබාධ
Picture
සමේ රෝග
Picture
මුත්‍ර ආබාධ
Picture
හෘදය ආශ්‍රිත ආබාධ
Picture
බෙලහීනත්වය සහ ලිංගික ආසාදන


ලලිත් කුලරත්න මහත්තයා ගොඩක් වෙලාවට බොන්න දෙන්නෙ බෙහෙත් ගුලි. මෙව්වා හරි පොඩියි. ඒ නිසා ගිලින්නත් ලේසි. සමහරක් වෙලාවට අරිෂ්ඨ දෙන අවස්ථාත් නැත්තෙම නෑ.


ලලිත් කුලරත්න මහත්තයා මේ බෙහෙත් හදන්නෙ කැරට් 24 රත්තරං වලින්. කැරට් 24 රත්තරං කියන්නෙ අද තියෙන ඉහළම වටිනාකමක්. මේ වගේ අධික වියදමක් දරලා බෙහෙත් නිෂ්පාදනය කළත්, කුලරත්න මහත්තයා අය කරන්නෙ බොහෝම සාමාන්‍ය මුදලක්. සමහරක් දවස් වලට අපෙන් සල්ලි ගන්නෙත් නෑ. කුලරත්න මහත්තයා මේ උතුම් සත්කාරය කරන්නෙ සේවාවක් විදිහට. වෛද්‍ය ශාස්ත්‍රයෙන් සල්ලි ගැරීමේ චේතනාවක් එතුමාට නෑ. කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව තමයි මේ ප්‍රතිකාරය කරන්නෙ. ඉතින් ලලිත් කුලරත්න මහත්තයා කියන්නෙ මනුස්සකම දන්න උතුම් මනුස්සයෙක්. එතුමා මේ වෛද්‍යය ශාස්ත්‍රය කරන්නෙ බොහොම අප්‍රසිද්ධියේ. එතුමාගෙන් ප්‍රතිකාර අරගෙන රෝගී තත්වයන් හොද කර ගත්තු ප්‍රමාණයත් ලේසි පහසු ප්‍රමාණයක් නෙවේ. ඒ අතරින් බහුතරය බටහිර වෛද්‍යවරු විසින් "සුව කළ නොහැකි" යැයි සම්මත කර ගත් ලෙඩ තියෙන රෝගීන්.

ගොඩක් වෙලාවට කුලරත්න මහත්තයා ළගට එන්නෙ වෛද්‍යවරු 10ක් 15ක් ළගට ගිහිල්ලා, ලෙඩේ හොයා ගන්න බැරුව, ලෙඩේ සනීප කර ගන්න බැරුව නන්නත්තාර වෙලා ඉන්න අය. මමත් මේ වෙන කොට මේ කකුලෙ අමාරුව බටහිර වෛද්‍යවරු 12කට විතර පෙන්නලයි තිබ්බෙ.
ඉතින් ඔන්න "ආතරයිටිස්" හෙවත් මේ කකුලෙ අමාරුවට, ලලිත් කුලරත්න මහත්තයාගෙන් සති දෙක තුනක් දිගටම බෙහෙත් ගත්තා. ඒත් රෝගී තත්වයේ නම් කිසිම අඩුවක් පෙන්නුම් කළේ නෑ. "අඩුවක් නැතුව නම්
තියෙන්න බෑ. මම පරීක්ෂණයක් ලියලා දෙන්නම්. මේ මුත්‍ර පරීක්ෂණය එහා පැත්තෙ තියෙන ලැබ් එකෙන් කරගෙන එන්න. වාර්තාව විනාඩි 15න් වගේ ගන්න පුලුවන්. වාර්තාව ගත්තු හැටියෙම විගහට ගෙනල්ලා මට පෙන්නන්න" ලලිත් කුලරත්න මහත්තයා එක දවසක් එහෙම කිව්වා. මමත් ඉතින් ඒ විදිහටම කළා. විනාඩි 15න් හම්බුණු වාර්තාව, අනිත් අතට කුලරත්න මහත්තයට ගිහින් දුන්නා. "මේ වාර්තාවෙ තියෙන කරුණු ටික බැලුවහම..... ඔයාට කවදා හරි දවසක තදම තද කොන්දෙ අමාරුවක් හැදිලා

Picture
Photo Credits - www.medirasa.com
තියෙන්න ඕනි". වාර්තාව බලලා දොස්තර මහත්තයා එහෙම කියන කොට, මම ඒකට ප්‍රති උත්තර බැන්දා. "ඔව්. 2008 ඔක්තෝබර් වල වකුගඩු ළග ගල් ආවානෙ. එතකොට තද කොන්දෙ අමාරුවක් ආවා. 2008 අවුරුද්දෙම නොවැම්බර් මාසෙ තමයි කකුලෙ අමාරුව ආවෙ". එතකොට කුලරත්න මහත්තයා මෙහෙම කියනවා. "අර පළවෙනි දවසෙ මට ඒ පෙන්නපු වකුගඩුවල ගල් වලට සම්බන්ධ වාර්තා ඔක්කොම ටික ආයිත් ගන්න බලන්න." ඊට පස්සෙ කුලරත්න මහත්තයා ආයිත් හුග වෙලාවක් තිස්සෙ අර වාර්තා ටික පරීක්ෂා කරන්න ගත්තා. "හරිනෙ ඉතින්. මේ කාලකණ්ණිත් එක්කනෙ බැරි. කවුද මේක බලපු දොස්තර. *** ****** (වකුගඩු ගල් වලට ප්‍රසිද්ධ, කොළඹ දොස්තර මහත්තයෙක්) නේද මේක බලලා තියෙන්නෙ...???? තඹ සතේකට මුන්ව විශ්වාස කරන්න වටින්නෙ නෑ. මම එක තත්පරේකට මිනිහව විශ්වාස කළේ. දැන් නම් එහෙමවත් විශ්වාස කරන්නෙ නෑ. ඔයාගෙ අද ගත්තු වාර්තාවෙයි, එදා ගත්තු වාර්තාවෙයි අගයන් ඔක්කොම ටික එක සමානයි නෙහ්. මේ බලන්න.... මෙතන තියෙන ප්‍රතිශත ටිකමයි මෙතනත් තියෙන්නෙ. මේක තව ටිකකින් 20% වෙනවා. පැය දෙක තුනකින් 40% වෙනවා. ඔහොම ඔහොම ඔය අගය වැඩි වෙනවා. මේ අගයන් සහ ප්‍රතිශත වලින් පෙන්නන්නෙ ඇගේ තියෙන රතු රුධිර සෛල, තත්පරෙන් තත්පරේට වැඩි වෙනවා කියලා. ඒකෙන් තමයි ඔය කකුල් දෙක ඉදිමෙන්නෙ. ඒ කියන්නෙ අර 2008 ගල, දැන්  නැහැයි කියලා පරීක්ෂණ වාර්තාවල ලියලා තිබ්බට, ඒක තාම තියෙනවා. ඒ නිසා තමයි ඔය අමාරුව හැදෙන්නෙ. එදා මම ඒ බලපු වකුගඩු ගල්වල අවසාන වාර්තාවෙ තිබ්බෙ ගල් නෑ කියල. මේකනෙ ඒ වාර්තාව..???? ගල් නෑ කියලා අවසාන නිගමනය හැටියට යටින් Print කරලා තිබ්බට, උඩ තියෙන අගයන් සහ ප්‍රතිශත අනුව නම් එදත් මේ ගල තිබිලා තියෙනවා. ගල තියෙනවා කියලා උඩ අගයන් ටික දාලා තිබ්බට, යටින් "ගලක් නැහැ" කියලා දාලා තියෙන නිසා, මේක බලපු එකා කරලා තියෙන්නෙ උඩ වාර්තාව කියවන්නෙ නැතුව, යටම ලියලා තියෙන "ගලක් නැහැ" කියන එක විතරක් කියවලා, සීල් එකයි අත්සනයි ගහලා, වැඩේ Close කරලා. දැන් ආතරයිටිස් වලට නෙවේ. අද ඉදන් වකුගඩු ගල්වලට බෙහෙත් දෙන්නම්."

මේක අහපු ගමන් මාව නිකං කරකවලා අතෑරියා වගේ වුණා. සිංහල බෙහෙත් වලින් ඇගට ගුණයක් මිස අගුණයක් වෙන්නෙ නැති නිසා, දෙන ඕන ගුලියක් බීගෙන, මේ දොස්තර මහත්තයටම දිගටම පෙන්නන්න එදා මම තීරණය කළා..... ඒ  ගත්තු තීරණය හරියටම හරි. අද මම ඒකෙ ප්‍රතිඵල අත්විදිනවා. අද මගේ එක කකුලක් නිට්ටාවටම සුව වෙලා. අනිත් කකුලෙනුත් භාගයක් හොදටම හොදයි. ඒ භාගෙත් දැන් ඉස්සර වගේ හැමදාම රිදෙන්නෙ නෑ. සීතල දවස් වලට විතරයි දැන් රිදෙන්නෙත්. කිසිම බටහිර වෛද්‍යවරයෙකුට අංශු මාත්‍රයක්වත් හොද කරන්න බැරි වුණු, අවුරුදු 4ක් තිස්සේ තිබුණ මගේ කකුලෙ අමාරුවෙන්,  85%ක් හොද කරලා දෙන්න ලලිත් කුලරත්න මහත්තයට පුලුවන් වුණේ, අවුරුද්දකටත් වඩා
Picture
2012 පෙබරවාරි මාසයේ විතරක් ගත්තු පරීක්ෂණ වාර්තා වලින් කොටසක්... ඉතිරි කොටස සහ ඉතිරි මාස 48 වාර්තා ටිකත් මේකට එක්කහු වුණාම, මෙච්චර කාලයක් නිකරුනේ නාස්ති වුණු සල්ලි ප්‍රමාණය කොච්චරද කියලා හිතා ගන්න පුලුවන් නේද..?????
Picture
Photo Credits - www.medirasa.com
අඩු කාලයක් ඇතුළතයි. කුලරත්න මහත්තයාගෙ අදහස් සහ මත හරියට, මහාචාර්ය නලින් ද සිල්වාගෙ වගෙයි. තාත්විකයි. ගොඩක් වෙලාවට ලලිත් මහත්තයා කියන්න ඕන දේ කෙලින්ම කියලා දානවා.

"ඕනෑම ලෙඩක් ඉක්මනටම හොද කර ගන්න පුලුවන්. ඒත් අද ඉන්න ගොඩක් බටහිර වෛද්‍යවරු කරන්නෙ ලෙඩේ සුව වෙන්න බෙහෙත් දෙන්නෙ නැතුව, ලෙඩේ පාලනය වෙන්න බෙහෙත් දෙනවා. ඉතින් ටිකක් කල් ගියාම ආයිත් ලෙඩේ ඉස්මතු වෙනවා. ආයිත් ලෙඩා දොස්තර ළගට යනකොට, ආයිත් ලෙඩේ සනීප වෙන්න බෙහෙත් දෙන්නෙ නැතුව, පාලනය වෙන්න බෙහෙත් දෙනවා. ආයිත් ඒක උත්සන්න වුණාම ලෙඩා දුවනවා දොස්තරයා ළගට.. ලෙඩේ නිට්ටාවටම හොද වෙන්න බෙහෙත් දුන්නම ආයිත් ඒ මනුස්සයා යන්නෙ නෑනෙ...? ඉතින් ආයිත් ආයිත් ගෙන්න ගන්න කවදාවත් හොද වෙන්න බෙහෙත් දෙන්නෙ නෑ. අර මිනිස්සුත් ගොන්නු වගේ යනවා. දොස්තරයත් හොදට මනුස්සයගෙන් සල්ලි කඩා ගන්නවා".

"අපේ ආණ්ඩුවටත් තේරෙන්නෙ නෑනෙ. මේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලින්, සිංහල වෛද්‍ය ක්‍රම වලින් ලෙඩවල් නිට්ටාවටම හොද කරන්න පුලුවන්. කිසිම වියදමක් යන්නෙත් නෑ. අතුරු ආබාධත් නෑ. තියෙන අනිත් ලෙඩ ටිකත් ඕන නම් සනීප වෙයි. ඉංග්‍රීසි බෙහෙත් බිව්වම ඒකෙ අනිත් පැත්ත. මට විශ්ව විද්‍යාලෙ යන්න පුලුවන් වෙලත් ඔක්කොම මම දමලා ගහලා, පරම්පරාවෙන් එන වෙදකම කරන්න ගත්තෙ සමාජෙට සේවයක් කරන්න ඕන නිසා. ආණ්ඩුව මේ වගේ වෛද්‍ය ක්‍රම 
ප්‍රසිද්ධ කරන්න දෙන්නෙ නෑ. ඇයි ඉතින් රටේ බහුතරය බටහිර වෛද්‍යවරුනෙ. මේක ප්‍රසිද්ධ වෙච්ච හැටියෙම මිනිස්සු, ආයුර්වේද, සිංහල බෙහෙත් කරන්න එනකොට, රටේ බහුතරයක් වෙච්ච බටහිර වෛද්‍යවරුන්ට ලෙඩ්ඩු නැතුව රස්සාවල් නැති වෙලා යනවා. විරැකියාවක් ඇති වුණාම ආණ්ඩුවෙන්ම එපැයි ඒ අයට රස්සා දෙන්න. අනික බටහිර වෛද්‍යවරුන්ගෙන් විරෝධයක් එයි කියලා ආණ්ඩුවෙන් කැමති නෑ, මේ වගේ ප්‍රතිකාර ක්‍රම ප්‍රසිද්ධ වෙනවට."

"සමහරක් අය කියනවා ගල් හැදුනම වතුර ගොඩාක් බොන්න කියලා. එහෙම කරන්න ඕන නෑ. සාමාන්‍ය ප්‍රමාණෙට බිව්වම ඇති. හැබැයි අමුතුවෙන් කියලා වැඩි වැඩියෙන් බොන්න යන්න එපා. හොද නෑ එහෙම කරන්න. තව අක්කපාන කියලා ජාතියක් බොන්න දෙනවා. කටේ තියන්න එපා ඔව්වා. පලා වර්ග කන්න එපා, කකුලෙ අමාරුවට හොද නෑ. මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනෙ. ඒකයි වෙලා තියෙන්නෙ. දැන් එක මහත්තයෙක් ආවා පිළිකාවක් හැදිලා. මම බෙහෙත් දුන්නත්, ඒක දවසින් දවස වැඩි වෙන්න ගත්තා. පස්සෙ හොයලා බලන කොට මොකෙක්ද මන්දා බටහිර වෛද්‍යවරයෙක් කිව්වා කියලා
පොලොස් කාලා... පොලොස් වලින් ඇගේ තියෙන සෛල වඩවනවා. ඉතින් පිළිකා තියෙන මනුස්සයෙක් ඒක බිව්වම, ඇගේ තියෙන පිළිකා සෛලත් වැඩෙනවා... පිස්සුනෙ මේ අයට."

"අපිටත් හොද හොද මත තියෙනවා. අපේ අදහස් ඉදිරිපත් කරන්න අමාත්‍යාංශ වලින් ඉඩ දෙන්නෙ නෑ. ඔක්කොමලා බලන්නෙ අර උපාධියි. මේ උපාධියි. සහතිකයි. දැනුම ගැන මොකුත් බලන්නෙ නෑ. අද සහතික, උපාධි නැති මනුස්සයට තියෙන දැනුම සමහර සහතික, උපාධි ගත්තු මිනිස්සුන් ළගවත් නෑ."

"හරි නම් කෑම කන කොට වෙන වෙනම තමයි කන්න ඕන. අපේ අය කරන්නෙ බත් එකට වෑංජන ඔක්කොම ටික බෙදාගෙන කනවනෙ. එහෙම නෙවේ. කන්න ඕන එකින් එක. එක එක වෑංජනේ තියෙන්නෙ එක එක ගුණ. ඒ ගුණ, ඒ රස වෙන වෙනම තමයි ඇගට දැනෙන්න ඕන. මුලින්ම බත් ටික විතරක් කන්න. ඊට පස්සෙ පිගානට අල ටික විතරක් බෙදාගෙන කනවා. ඊට පස්සෙ පිගානට බෙදා ගන්නවා වම්බටු. ඒ ටික කනවා. ඊට පස්සෙ තව වෑංජනයක්... ඔන්න ඔහොමයි කන්න ඕන. එතකොටයි ගුණ යන්නෙ ඇගට. ජපන්නු එහෙම ඔය වගේ කන නිසා තමයි නීරෝගී වෙලා, දීර්ඝායුෂ ලබන්නෙ."

"අද කිව්වා කියලා හිතේ තියාගන්න. කණේ කර්ණිනිකාව, ආමාශයට සම්බන්ධයි. ඕක අද මම කිව්වට කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඕක තව අවුරුදු ගාණකට පස්සෙ බටහිර විද්‍යාඥයෙක් හොයා ගත්තු දවසට විශ්වාස කරයි. අපි ඉස්සර ඉදන්ම කිව්වා කැරට් 24 රත්තරං වලින් ජානයක් වුණත් වෙනස් කරන්න පුලුවන් කියලා. කවුරුත් විශ්වාස කළේ නෑ. අපි ඒක කියලා අවුරුදු ගාණකට පස්සෙ අද ඊයෙ ඇමරිකාවෙන් හොයා ගෙන තියෙන රත්තරංවලට ඇගේ තියෙන ජානයක් වුණත් වෙනස් කරන්න පුලුවන් කියලා."

"උපත් පාලනය කරන්න වගේම, අලුතින් උපතක් ඇති කරන්නත් බුලත් කොළේ යුෂ වලින් පුලුවන්."

"ගුණාත්මක පරිප්පුවලින් (මයිසූර් පරිප්පුවලින් නොව), පරිප්පු සුප් එකක් හදලා දිනපතාම පානය කරනවා නම්, මේ රටේ හෘදයාබාධ වළක්වාගන්න පුලුවන්."

"කුරුම්බා කියන්නෙ ඇගට බොහොම හොද පානයක්. මේවායෙනුත් හෘදයාබාධ වළක්වාගන්න පුලුවන්."


බෙහෙත් ගන්න කුලරත්න මහත්තයා ළගට ගියාම, කුලරත්න මහත්තයා කියන මේ වගේ දේවල් එකතු කරලා පිටු 1000ක පොතක් වුණත් ලියන්න පුලුවන්. අද ගොඩක් අයගෙ කට විතරයි. වැඩ නෑ. ඒත් කුලරත්න මහත්තයාගෙ කට වගේම, වැඩත් තියෙනවා. අපේ රටේ පළවෙනි වතාවට ඩෙංගු වලට ප්‍රතිකාර ක්‍රමයක් හොයා ගත්තෙ කුලරත්න මහත්තයා.
Picture
Photo Credits - www.medirasa.com

ඒ වගේම තමයි ලලිත් කුලරත්න මහත්තයා උපතින් ඇස් අන්ධ වුණු දෙන්නෙක්ට පෙනීම ලබා දෙන්නත් ළගදි දවසක සමත් වුණා. මේක වෛද්‍යය ඉතිහාසයේ උඩු යටිකුරු වුණු සිදු වීමක්. සාමාන්‍යයෙන් "උත්පත්තියෙන්ම ඇස් නොපෙනෙන අයට, පෙනීම ලබා දෙන්න බැහැය" කියලා සමාජගත වෙලා තිබුණු මතය අවලංගු කරලා දාන්න, කුලරත්න මහත්තයට හැකි වුණා. ඒ වගේම උපතින් ශ්‍රවණාබාධ සහිත අයවත් සම්පූර්ණයෙන්ම සුව කරන්නත් එතුමාට හැකියාව ලැබුණා.

Picture
Photo Credits - Unknown
Picture
Photo Credits - Unknown
ඒ වගේම සුව කළ නොහැකි යැයි සම්මත කර ගත්තු රෝගත් සුව කරලා දෙන්නත් ලලිත් කුලරත්න මහත්තයා සමත් වෙලා තියෙනවා. සමහරක් අය පිළිකා ඉවත් කිරීමේ ශල්‍ය කර්ම වලට කලින් කුලරත්න මහත්තයා දෙන බෙහෙත් බීලා තියෙනවා. පිළිකා ඉවත් කරන ශල්‍ය කර්මය තියෙන දවසෙ, ශල්‍ය කර්මයට කලින් ස්කෑන් වාර්තාව ගන්න කොට, පිළිකාවක් තියා පිළිකාවක් තිබ්බ තැනක්වත් වාර්තාවෙ සටහන් වෙලා නෑ.... මේ විදිහට අපේ රටට කුලරත්න මහත්තයා විශාල සේවාවක් කරනවා...!

Picture
Photo Credits - www.medirasa.com

මගේ කකුලෙ අමාරුව ගැන බටහිර වෛද්‍යවරුන්ගේ සටහන් (2008 සිට 2009 දක්වා)


පහතින් තියෙන්නෙ ලලිත් කුලරත්න මහත්තයාගෙ ප්‍රධාන වෙබ් අඩවිය. පහත රූපය Click කරලා හෝ www.medirasa.com ලෙස Type කරලා ඊට පිවිසෙන්න පුලුවන්. මේ වෙබ් අඩවිය ඔස්සේ රස වෛද්‍යය ශාස්ත්‍රය ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්න හැකි වෙනවා නොඅනුමානයි.

ඊට අමතරව පහත වෙබ් පිටු හරහාත් රස වෙදකම ගැන අවබෝධයක් ලබා ගන්න පුලුවන්. ඒ සදහා පහත ඇති එක් එක් රූපය Click කරන්න.

Main Website
picasa
Youtube
Sub Website
picasa
Patient's Voice
picasa
Facebook Page
picasa
Articles
picasa
Google+
picasa
Youtube 2

Picture
Photo Credits - www.medirasa.com

මේ සෑම සියලු කරුණක්ම අරගෙන බැලුවම අදෘෂ්‍යමාන දෙව්වරු වන්දනාමාන කරන සමාජයක, ලලිත් කුලරත්න මහත්තයාව "දෘෂ්‍යමාන දෙවි කෙනෙක්" කියලා හැදින්නුවත්, ඒකෙ ඇති වරදක් නෑ....!!!!!!!!



Get your own Flash MP3 Player

Powered by Create your own unique website with customizable templates.