ගවේෂණ අංක 08
57. කළුදිය පොකුණ
මිහින්තලේ පියගැට පෙළට ඇතුළුවෙන ස්ථානය පහු කරගෙන ටික දුරක් ඉදිරියටම ගියාම, පාරේ වම් පැත්තට වෙන්න ගල් පඩිපෙලක් හමු වෙනවා. මේ පඩිපෙල දිගේ උඩට නැග්ගම තමයි කළුදිය පොකුණ ආරාම සංකීර්ණයට පිවිසෙන්න පුලුවන් වෙන්නෙ. මේ ආරාම සංකීර්ණය 4 වන කාශ්‍යප රජතුමා විසින් ධර්මරුචික නිකායික භික්ෂූන් වහන්සේලාට පූජා කරපු "හදසුණ්හ විහාරය" කියලා අනුමාන කරනවා. ආරාමයේ විශාල පොකුණ වටේ තියෙන ගල් පර්වත සහ ගස්වැල්වල ඡායාව වැටිලා, පොකුණේ ජලය අදුරු පැහැයට හැරිලා තියෙන නිසා තමයි මේකට "කළුදිය පොකුණ" කියලා කියන්නෙ. පොකුණේ දිග අඩි 200ක් වෙනවා. පළල අඩි 70යි.
ආරාම සංකීර්ණය පුරාවටම නටබුන් දැක ගන්න පුලුවන්. ඒ අතර ගල් තලාවක් මත නිර්මාණය කළ පුරාණ චෛත්‍යයක් සහ ශිලා ලිපියක් ඇතුළත්. මේ ශිලා ලිපියේ යුව සහ බෝධි කියලා පුද්ගලයන් දෙදෙනෙක් විසින් විහාරයට කරලා තියෙන පරිත්‍යාගයන් ගැන සදහන් වෙනවා. ගණන් බලලා තියෙන විදිහට මේ සෙල්ලිපිය ක්‍රි.ව 7 - 8 සියවස්වල නිර්මාණය කරපු එකක්.
ඊට අමතරව පුරාණ ගොඩනැගිලි ගණනාවකම අත්තිවාරම් කොටස් ගණනාවක් දැක ගන්න පුලුවන්. සමහරක් ඒවායේ පහළ කොටස් විද්‍යාමානව තියෙනවා. ගල් කණු, කැටයම් නොකරපු සදකඩ පහණ් සහ මුරගල්, ප්‍රාථමික මට්ටමේ කැටයම් වලින් යුක්ත කොරවක්ගල්, වතුර පීලි, පියගැට පෙළවල්, ගලින් නිමවූ වාහල්කඩවල්, කුඩා පාරවල් මේ හැම තැනකම අන්තර්ගතයි. ඊට අමතරව ආරාමයේ කෙලවර ගල් ලෙනක් දැක ගන්න පුලුවන්. ගල් ලෙනට ඇතුල් වෙන ස්ථානයේ ගලින් නිමවූ බිත්තියක්, ජනේල කිහිපයක් සහ මධ්‍යම ප්‍රමාණයේ වාහල්කඩක් දැක ගන්න පුලුවන්.
ඊට අමතරව පුරාණ ගොඩනැගිලි ගණනාවකම අත්තිවාරම් කොටස් ගණනාවක් දැක ගන්න පුලුවන්. සමහරක් ඒවායේ පහළ කොටස් විද්‍යාමානව තියෙනවා. ගල් කණු, කැටයම් නොකරපු සදකඩ පහණ් සහ මුරගල්, ප්‍රාථමික මට්ටමේ කැටයම් වලින් යුක්ත කොරවක්ගල්, වතුර පීලි, පියගැට පෙළවල්, ගලින් නිමවූ වාහල්කඩවල්, කුඩා පාරවල් මේ හැම තැනකම අන්තර්ගතයි. ඊට අමතරව ආරාමයේ කෙලවර ගල් ලෙනක් දැක ගන්න පුලුවන්. ගල් ලෙනට ඇතුල් වෙන ස්ථානයේ ගලින් නිමවූ බිත්තියක්, ජනේල කිහිපයක් සහ මධ්‍යම ප්‍රමාණයේ වාහල්කඩක් දැක ගන්න පුලුවන්.
58. නුගේගොඩ සුභද්‍රාරාමය
නුගේගොඩ සහ දෙල්කද හංදිය අතරේ තියෙන ගම්සභා හංදියෙන් හැරිලා, සුභද්‍රාරාම මාවත දිගේ ටික දුරක් ගියාම මේ පන්සල හමුවෙනවා. හුගදෙනෙක් සුභද්‍රාරාමය කියන්නේ, රජමහා විහාරයක් කියලා දන්නේ නෑ. මොකද මේ විහාරය පුරාවටම තියෙන්නේ නූතන ඉදිකිරීම්. ජනප්‍රවාදවලට අනුව සුභද්‍රාරාම විහාරය නිර්මාණය වෙන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ "සුභද්‍රා" කියන බිසවගේ නමින්. ඉපැරණි සුභද්‍රාරාම විහාරය, පෘතුගීසී ආක්‍රමණයට අහුවෙලා විනාශයට පත් වෙනවා. 18 වෙනි සියවසේ ලියවුණු "නම් පොත" කියන ග්‍රන්ථයෙත් සුභද්‍රාරාමයේ නම සදහන් වෙනවා. කොහොම වුණත් අද මේ විහාරයේ දකින්න තියෙන්නේ නූතන ඉදිකිරීම් වුණත්, මේ භූමියේ ඉතිහාසය කෝට්ටේ රජ දවස දක්වාම දිව යනවා කියලා මතක තියාගන්න එක වැදගත්.
59. ථූපාරාම රෝහල
ථූපාරාම චෛත්‍යයට බටහිරට වෙන්න නිර්මාණය කරලා තියෙන ගොඩනැගිලි සංකීර්ණය, ථූපාරාම විහාරයේ රෝහල විදිහට හදුනාගෙන තියෙනවා. රෝහලේ තිබුණු සමහරක් බෙහෙත් ඔරු, ගල් මංජුසා, වැසිකිළි සහ කැසිකිළි පද්ධති අදටත් දැක ගැනීමේ අවස්ථාව තියෙනවා.
ඒ වගේම පුරාවිද්‍යා කැණීම් වලින් ලෝහමය පිහි තල වගේ දේවලුත් හොයාගෙන තියෙනවා. අනුරාධපුර කිරිබත් වෙහෙරෙන් හොයා ගත්ත ටැම් ලිපියක, මේ රෝහලේ පාලනය සහ රෝහලේ ආදායම් ගැන සඳහන් වෙනවා.
60. ඩෝසන් කුළුණ
මේ ස්මාරකය තියෙන්නේ කඩුගන්නාවේ. කොළඹ - නුවර පාර ඉදිකිරීමේ ප්‍රධාන කටයුත්ත, බ්‍රිතාන්‍ය රාජකීය හමුදා ඉංජිනේරු බලකායේ කපිතාන් කෙනෙක් වුණු විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන්ට පැවරුණා. කොළඹ - නුවර පාර කපාගෙන යනකොට ලොකූ තුඹසක් හම්බවෙනවා. අපේ රටේ තියෙන ජන විශ්වාස නිසා මිනිස්සු තුඹස කඩන්න බය වුණා. අන්තිමේදි ඩෝසන්, උදැල්ලක් අරගෙන තුඹස කඩලා දාලා, ඒක ඇතුළේ හිටපු නයාව එලවනවා. ටික කාලයක් ගියායින් පස්සේ ඩෝසන් මැරෙනවා. එහෙම මැරෙන්නේ නයෙක් ගහලා. මිනිස්සු විශ්වාස කරන විදිහට ඩෝසන්ට දෂ්ඨ කරන්නේ, ඩෝසන් කඩලා දාපු තුඹසේ හිටපු නයා. ඩෝසන්ගේ විශිෂ්ඨ සේවාව අගයන්න තමයි මේ කුළුණ හදන්නේ. ඒ බ්‍රිතාන්‍ය රජයේ මූලිකත්වයෙන්, 1832 අවුරුද්දෙදි. මේ ස්මාරකය, ප්රදීපාගාරයක ආකෘතියකට අනුව නිර්මාණය වූවක්.
61. මාතර වෑවුරුකන්නල විහාරය
වෑවුරුකන්නල විහාරය කිව්වම හුග දෙනෙක්ට මතක් වෙන්නේ අලංකාර බුදු මැදුරක්. එහෙමත් නැත්නම් අඩි 170ක් උස වර්ණවත් සමාධි බුද්ධ ප්‍රතිමාවක්. ඒත් නැත්නම් ලී වලින් හදපු විශාල ලී ඔරලෝසුවක්. ඒත් වෑවුරුකන්නල විහාරය කියන්නෙත් රජමහා විහාරයක්. ඒ බව හුග දෙනෙක් දන්නේ නෑ. මේ විහාරය නිර්මාණය වෙන්නේ රාජාධිරාජසිංහ රජ්ජුරුවන්ගේ කාලයේ. ඒ කියන්නේ 1782ත් 1798ත් අතර. මේ විහාරය නිර්මාණය කරන්න මූලිකත්වය ගන්නේ රාජාධිරාජසිංහ රජතුමාගේ පුත්‍රයෙක්.
ඉතිහාස කතාව අනුව රාජාධිරාජසිංහ රජතුමාගේ පුත්‍රයෙක් පැවිදි දිවියට ඇතුළත් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ වැවක ඉවුරේ කොනක, පොඩි ශාලාවක් නිර්මාණය කරනවා. ඒක හැදින්නුවේ වැව් ඉවුරු කොන් හල කියලා. මේක තමයි ටික ටික විකාශනය වෙලා ඇවිත්, "වැවුරුකන්නල" කියලා හැදිලා තියෙන්නේ. ඒ වගේම දේවාලයක්, බෝධීන් වහන්සේ නමක් සහ කුඩා විහාරයක් සමගින් මේ භූමිය විහාරස්ථානයක් විදිහට නිර්මාණය වුණු මුල් කාලයේ, මේ විහාරස්ථානයේ හාමුදුරු නමක් හිටියේ නෑ කියලත් සදහන් වෙනවා.
62. රැස්වෙහෙර
මේ පුණ්‍ය භූමිය පිහිටලා තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. මේ ස්ථානයට "රැස්වෙහෙර" වගේම "සැස්සේරුව" කියලත් කියනවා. ජනප්රවාදයේ තියෙන විදිහට අනුරාධපුරයේ මහමෙව්නා උයනේ රෝපණය කරපු විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස්ඵලරූපී බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් මේ ස්ථානයේ රෝපණය කරනවා. ඒ වෙලාවෙදි බෝධී ශාඛාවෙන් රැස් විහිදෙන්න අරගෙන තියෙනවා. ඒ නිසා තමයි මෙතනට "රැස්වෙහෙර" කියලා කියන්නේ. මේ ස්ථානයේ විශාල හිටි බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඒ ප්‍රතිමාව රැහැපු නිසා ඒ කාලයේ මේ ස්ථානයේ "රැස්සේ රුව" කියලා හදුන්වලා තියෙනවා. පස්සෙ කාලෙක ඒක "සැස්සේරුව" බවට පරිවර්තනය වෙනවා. වළගම්බා රජතුමාත් ඉස්සර මේ ප්රදේශයෙත් සැගවිලා ඉදලා තියෙනවා. ඒ වගේම රජතුමා මේ විහාරයේ සත් පිළිම මන්දිරයක් නිර්මාණය කරන්නත් පියවර ගන්නවා.
මහ නුවර රාජධානි සමයේ මේ විහාරය, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණය වෙනවා. ඒත් එක්කම මේ පිළිම ගෙයටත් මහ නුවර යුගයේ ආභාශය එනවා. මේ පිළිම මන්දිරය නිර්මාණය කරලා තියෙන්නෙ ගල් ලෙනක් ඇතුළේ. ගල් ලෙනට පිවිසෙන ස්ථානයේ මහනුවර යුගයේ නිර්මාණය වුණු මකර තොරණක් සහිත ලස්සන ආලින්දයක් දැක ගන්න පුලුවන්. පිළිමගෙය ඇතුළේ මීටර් 12ක් දිග සැතපෙන පිළිමයක් ප්‍රධාන කොටගත් හිදි පිළිම සහ දේව ප්‍රතිමා සමූහයක්, කුඩා චෛත්‍යයක් දැක ගන්න පුලුවන්. ඒ වගේම මහ නුවර යුගයේ බිතුසිතුවම් සහ මකර තොරණ් එහෙමත් දැක ගන්න පුලුවන්.
සත් පිළිමගෙය පිහිටලා තියෙන්නේ ලොකු කන්දක් උඩ. ඒ නිසා ලොකු පඩිපෙළක් නැගගෙන ගොඩක් දුර යන්න ඕන.
සත් පිළිමගෙය ඉස්සරහා, බෝධීන් වහන්සේව රෝපණය කරලා තියෙනවා. ස්ථර කිහිපයක් හිටින විදිහට, බෝධීන් වහන්සේව වට කරලා ගල්වලින් බෝධිඝරයක් බැදලා තියෙනවා. මේ පූජා භූමියේ මහරහතන් වහන්සේලා වැඩ ඉදලා තියෙනවා. පුරාවිද්‍යාඥයන්ට අනුව නම් මේ පූජා භූමියේ ලෙන් 99ක් තිබිලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 2 වෙනි සහ 1 වෙනි සියවස්වලට අයිති සෙල්ලිපි 24ක් හොයාගෙන තියෙනවා.
රැස්වෙහෙර පූජා භූමියේ ඉපැරණි හිටි බුද්ධ ප්‍රතිමාවකුත් තියෙනවා. ඒක බලන්න නම් මේ ඉසව්වත් පහුකරගෙන, තව ටික දුරක් කන්ද නගින්න ඕන. එතකොට තමයි බුද්ධ ප්‍රතිමාව හම්බ වෙන්නේ. රැස්වෙහෙර ප්‍රතිමාව කියන්නේ අපේ රටේ තියෙන හිටි පිළිමවලින් උසම පිළිමයක්. සමහරක් අය කියනවා අවුකන සහ රැස්වෙහෙර කියන්නේ ගුරු ගෝල ප්‍රතිමා කියලා. ගුරුවරයා අවුකන පිළිමය නෙලනකොට, ගෝලයා ඒක බලාගෙන රැස්වෙහෙර පිළිමය නෙළුවා කියලා. මොකද මෙතන ඉදන් අවුකනට කිලෝ මීටර් 10යි. ඒත් ඒක මතයක් විතරයි.
කාල නිර්ණය අනුව අවුකන ප්‍රතිමාව නිර්මාණය වෙන්නේ ධාතුසේන රජතුමාගෙ කාලයේ. ඒත් රැස්වෙහෙර ප්‍රතිමාව නිර්මාණය වුණාය කියන්නේ මහසෙන් රජතුමාගේ කාලයේ. මොකද මහසෙන් රජතුමාත් "රහෙර" කියලා පර්වතයක විශාල පිළිමයක් (මහාසේන පඨිමා) කෙරෙව්වා කියලා සදහන් වෙනවා. ඉතිහාසඥ මතය අනුව මේ ප්‍රතිමාව මහායානික ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රතිමාවක්. අභය මුද්‍රාව සහිත මේ ප්‍රතිමාවේ උස අඩි 40කට ආසන්නයි. චීවරය සිරුරට ඇලිලා. අද සිරස්පතක් නැති වුණාට, ඒ කාලයේ සිරස්පතක් තිබිලා තියෙනවා. ප්‍රතිමාව ගලෙන් වෙන් කරලා නෑ.
කාල නිර්ණය අනුව අවුකන ප්‍රතිමාව නිර්මාණය වෙන්නේ ධාතුසේන රජතුමාගෙ කාලයේ. ඒත් රැස්වෙහෙර ප්‍රතිමාව නිර්මාණය වුණාය කියන්නේ මහසෙන් රජතුමාගේ කාලයේ. මොකද මහසෙන් රජතුමාත් "රහෙර" කියලා පර්වතයක විශාල පිළිමයක් (මහාසේන පඨිමා) කෙරෙව්වා කියලා සදහන් වෙනවා. ඉතිහාසඥ මතය අනුව මේ ප්‍රතිමාව මහායානික ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රතිමාවක්. අභය මුද්‍රාව සහිත මේ ප්‍රතිමාවේ උස අඩි 40කට ආසන්නයි. චීවරය සිරුරට ඇලිලා. අද සිරස්පතක් නැති වුණාට, ඒ කාලයේ සිරස්පතක් තිබිලා තියෙනවා. ප්‍රතිමාව ගලෙන් වෙන් කරලා නෑ.
ඈත අතීතයේ බුදු පිළිමය, ප්‍රතිමා ගෘහයක් ඇතුළේ තිබුණාය කියලා බුදු පිළිමය ඉස්සරහා තියෙන අත්තිවාරම් කොටස්වලින් තහවුරු වෙනවා. මහා පරිමාණයේ ප්‍රතිමාවක් වුණත් ගොඩක් අංග ලක්ෂණ ප්‍රාථමිකයි. ඒ නිසා ගොඩක් ඉතිහාසඥයන් සැක කරනවා මේ ප්‍රතිමාවේ නිර්මාණ කටයුතු අවසන් වෙන්න කලින්, මහසෙන් රජතුමා මිය ගියාය කියලා. ඒ නිසා ප්‍රතිමාවෙත් නිර්මාණ කටයුතු අතරමග නතර වුණාලු. මේ පූජා භූමිය පිහිටලා තියෙන්නේ අලි ඇතුන් හිටං ගැවසෙන, ගංගා ඇළ දොළ ගිරි වන ජල දුර්ගවලින් සමන්විත, මහා ඝන වනාන්තරයක් මැද්දේ. කිලෝ මීටර් 7ක් විතර යනකන් යන්න ඕන ඉතාමත් පටු කැළෑ පාරක් දිගේ.
63. අළුත්ගම කන්දේ විහාරය
අපේ අය "කන්දේ විහාරය" කිව්වට, හරියටම අරගෙන බැලුවොත් මේකට කියන්න ඕන "කන්දේ විහාර රජමහා විහාරය" කියලා. හුග දෙනෙක් මේ විහාරය රජමහා විහාරයක් කියලා දන්නේ නෑ. ඒ වගේම මේ විහාරයේ ඓතිහාසික පසුබිම දන්නෙත් නෑ. මේ විහාරය නිර්මාණය වෙන්නේ 1734 අවුරුද්දේ. ඒ ගලපාත රජමහා විහාරයේ ශාඛාවක් විදිහට. ඉපැරණි වාර්තා අනුව විහාරයේ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නේ 1787 අවුරුද්දේ. මහ නුවර යුගයේ හිටපු නායක්කාර වංශික රජවරු මේ විහාරයට ගොඩක් අනුග්‍රහය දක්වලා තියෙනවා. විහාරයේ බුද්ධ මන්දිරය, ලන්දේසි ගෘහනිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය වූවක්. ආරුක්කු සහ සිමෙන්ති බදාමයෙන් කරලා තියෙන් දොරවල්වලින් යුක්ත මෙහි කඟවේනා සහ සිංහයා සහිත ලාංඡනයක් දකින්න පුලුවන්. ඒ දෙන්නා මැද්දේ කුඩා දාගැබක් මූර්තිමත් කරලා තියෙනවා. ඇතුළේ බුදු මැදුර වගේම, පොඩි උපුල්වන් දේවාලයකුත් තියෙනවා. බුද්ධ මන්දිරයේ මහ නුවර යුගයේ චිත්‍ර සහ පිළිම තියෙනවා. ප්‍රධාන බුදු පිළිම සතර කකුසද, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුවරුන්ගේ ප්‍රතිමා. එක ප්‍රතිමාවක් සැතපෙන ඉරියව්වෙන් වැඩ ඉන්න අතරේ, අනිත් ප්‍රතිමා සමාධි ඉරියව්වෙන් වැඩ ඉන්නවා. මේ ප්‍රතිමා සතර ඉදිරියෙන් මෛත්‍රී බෝසතුන්ගේ ප්‍රතිමාවක් දැක ගන්න පුලුවන්.
මෑත කාලයේ නිර්මාණය වුණු 107 රියන් අළුත්ගම කන්දේ විහාර සමාධි පිළිමය, ලංකාවේ තියෙන විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමාවක්. මේ පිළිමය යටත් විහාර මන්දිරයක් හදලා තියෙනවා. ඒ තමයි කන්දේ විහාරයේ දෙවෙනි විහාර මන්දිරය.
ඊට අමතරව මේ භූමියේ කෞතුකාගාරයකුත් ස්ථාපිත කරලා තියෙනවා. මේ භූමියෙන් හොයා ගත්ත ඉපැරණි ලෝකඩ පිළිම, ඉපැරණි චිත්‍ර, ඇත් දළ කැටයම්, දේවාල රථය ආදී ඉපැරණි කෞතුක භාණ්ඩ රාශියක් මේකෙ අන්තර්ගතයි.
64. බුදුරුවගල ප්‍රතිමා
මේ පූජා භූමිය පිහිටලා තියෙන්නෙ වැල්ලවායේ ඝන වනාන්තරයක් මැද්දෙ. දැනට පවතින මතය අනුව බුදුරුවගල විහාරය කියන්නෙ මහායාන නිකායට අයත් විහාරයක්. අපි "ගවේෂණ අංක 02" ලිපියේ සාකච්ඡා කරපු චූලාංගනී ස්තූපයත් මේ විහාරයේම කොටසක් විදිහටයි ඉස්සර තිබිලා තියෙන්නෙ. ඒ නිසාම මේ ස්තූපයට බුදුරුවගල චෛත්‍යය කියලත් කියනවා. නමුත් මේ චෛත්‍යය සහ බුදුරුවගල විහාරය අතර දුර කිලෝ මීටර 2 1/2කටත් වඩා වැඩියි. ඒකෙන් තක්සේරු වෙනවා බුදුරුවගල පූජා භූමිය ඉස්සර විශාල ප්‍රදේශයකට ව්‍යාප්ත වෙලා තිබුණා කියලා.
තිස්ස - වැල්ලවාය පාරේ 48 වෙනි සැතපුම් කණුවෙන් වමට හැරිලා හුග දුරක් ගියාම මේ ස්ථානය හමුවෙනවා. මේ ස්ථානයේ මහා ගල් පර්වතයක් දැක ගන්න පුලුවන්. පර්වතය මැද විශාල හිටි බුද්ධ ප්‍රතිමාවකුත්, ඒ දෙපස දේව ප්‍රතිමා හයකුත් කැටයම් කරලා තියෙනවා. මහායාන විහාරයක් නිසා බුද්ධ ප්‍රතිමාව අමිතාභය බුදුන්ගේ හෝ මෛත්‍රී බුදුන්ගේ හෝ දීපංකර බුදුන්ගේ ප්‍රතිමාවක් කියලා ඉතිහාසඥයන් සැක පහළ කරනවා. දේව ප්‍රතිමා හය, මහායානික බෝධිසත්ව ප්‍රතිමා කියලා හදුනාගෙන තියෙනවා.
තිස්ස - වැල්ලවාය පාරේ 48 වෙනි සැතපුම් කණුවෙන් වමට හැරිලා හුග දුරක් ගියාම මේ ස්ථානය හමුවෙනවා. මේ ස්ථානයේ මහා ගල් පර්වතයක් දැක ගන්න පුලුවන්. පර්වතය මැද විශාල හිටි බුද්ධ ප්‍රතිමාවකුත්, ඒ දෙපස දේව ප්‍රතිමා හයකුත් කැටයම් කරලා තියෙනවා. මහායාන විහාරයක් නිසා බුද්ධ ප්‍රතිමාව අමිතාභය බුදුන්ගේ හෝ මෛත්‍රී බුදුන්ගේ හෝ දීපංකර බුදුන්ගේ ප්‍රතිමාවක් කියලා ඉතිහාසඥයන් සැක පහළ කරනවා. දේව ප්‍රතිමා හය, මහායානික බෝධිසත්ව ප්‍රතිමා කියලා හදුනාගෙන තියෙනවා.
බුදුරුවගල බුද්ධ ප්‍රතිමාවේ උස අඩි 43යි. ඒ කියන්නේ අවුකන බුද්ධ ප්රතිමාවටත් වඩා අඩි 3ක් උසයි. මේ ප්‍රතිමා අර්ධ වශයෙන් තමයි නෙළලා තියෙන්නේ. ඒ ප්‍රතිමා මත ගාපු සායම් අදටත් දකින්න පුලුවන්. බුද්ධ ප්‍රතිමාව හරිම ප්රතාපවත්. ඒත් නෙළලා තියෙන්නේ හතරැස් ස්වරූපයට. වැඩ ඉන්නේ නෙළුම් ආසනයක් මත. ක්‍රිස්තු වර්ෂ 7 හෝ 8 වෙනි සියවස්වල නිර්මාණය වුණු මේ ප්‍රතිමා, ඈත අතීතයේ තිබිලා තියෙන්නේ ප්‍රතිමා ගෘහයක් ඇතුළේ. ඒ බව තහවුරු වෙනවා මේ ප්‍රතිමා අවට තියෙන අත්තිවාරම් කොටස්වලින්. බුද්ධ ප්‍රතිමාවේ පාද සහ වැඩ සිටින ආසනය, වෙනම එකතු කරපු දේවල්.
බුද්ධ ප්‍රතිමාවට වම් පැත්තෙන් කැටයම් කරලා තියෙන්නේ සුධන කුමාර, අවලෝකිතේශ්වර, තාරාදේවි ප්‍රතිමා. බුද්ධ ප්‍රතිමාවට දකුණු පැත්තෙන් කැටයම් කරලා තියෙන්නේ මංජු ශ්‍රී, මෛත්‍රී, වජ්‍රපානී ප්‍රතිමා. ඒ අනුව බුද්ධ ප්‍රතිමාව මෛත්‍රී බුදුන්ගේ ප්‍රතිමාවක් කියන මතය ටිකක් බැහැරවෙලා තියෙනවා. මේ ප්‍රතිමා 6ත් හිටි ප්‍රතිමා. අවලෝකිතේශ්වර ප්‍රතිමාවේ ගාපු සායම් අදටත් ශේෂවෙලා තියෙන එක වාසනාවට කරුණක්. බුදුරුවගලින් හමුවුණු ලෝකඩ බෝධිසත්ව ප්‍රතිමාවක්, කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ඒ ප්‍රතිමාව 100%ක් මහායානික ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රතිමාවක්. බුදුරුවගල ප්‍රතිමා හත ගැනත්, ඓතිහාසික විහාර භූමිය ගැනත් හොද විස්තරයක් තියෙනවා, මහාචාර්ය මාලිංග අමරසිංහයන් ලියපු "ඓතිහාසික බුදුරුවගල" කියන පොතේ.